Monday, May 6, 2013

58.මෝනාලිසා සහ පොන්ඩිචෙරි




මෝනාලිසා එක්ක සති කීපයක් එහෙ මෙහෙ ගියා මිසක් තාම බැරිවුණානෙ මෝනාලිසා බලන්න යන්න ...ඔය ගැන අපේ හිතවතුන් හොඳ හොඳ දේවල් ලියල තිබුණා...ඒ කතාවලින් මම ගොඩාක් සතුටු වුනා...වෙලාවකට හිතෙනව මෝනාලිසා ඉවර නොකර මේ විදියටම ඇදං යන්න...කොච්චර වුණත් කතාවක් පටන්ගත්තහම අවසානයක් තියෙන්න ඕනැනෙ තව කතාවකින් හෝ දෙකකින් අපට මෝනාලිසා බලන්න යන්න පුලුවන්.

අපි ගමන පටන්ගත්තෙ මිඩි ස්ටේෂන් එකෙන්නෙ ඔය ස්ටේෂන් එක හොරුන්ගෙන් පිරිල...මේ අහක බලන ටිකට බෑග් එක උස්සගෙන යනව ඔයදේවල් කරන්නෙ බෙල්ජියමට ඇවිත් රස්සාවල් නැතිව රස්තියාදු ගහන විජාතිකයො...ඇල්ජීරියන් කාරයො වගේ අය.

තප්පර ගාණක පමාවෙන් තමන්ගෙ සේසතම අහිමි කර ගත්තු මගියො මම ඔය ස්ටේෂන් එකේදි ඕනැතරම් දැකල තියෙනව...ඔය මිනිස්සු ඉස්සෙල්ලම මගියව නෝට් කරනව ස්ටේෂන් එකට පුරුදු කාරයෙක්ද පලවෙනිවතාවට ආපු එකෙක්ද ආදී වශයෙන්...කෝඩුකාරයෙක්නං පස්සෙන් යනව...බෑග් එක බිම තියල සාක්කුවෙ තියෙන ලේන්සුව ගන්න ටිකට බෑග් එකට ගහනව ගහපු එකා අල්ල ගත්තට වැඩක් නෑ ඒ තප්පරේට තව හතර පස් දෙනෙකුගෙ අතට බෑග් එක ගිහිල්ල ඉවරයි...මගෙ පස්සෙන් නං ඔවුන් කවදාවත් ඇවිත් නෑ මට ඔය ස්ටේෂන් එක ගෙදර වගේ පුරුදුයිනෙ හැම සතියකම ගිහිං.

 මම ඔය කතාව බිරිඳටයි පුතාටයි කිව්වා...

කොයි වෙලාවකවත් බෑග් එක බිම තියල අඩියක්වත් එහෙට මෙහෙට යන්න එපා...හෑන්ඩ් බෑග් එක ඇරල බලන්නත් එපා.

එහෙම උපදෙස් දීල මම ඉන්ෆොමේෂන් කවුන්ටරේට ටිකකට ගියා...මම ආපහු එනකොට අපේ දෙන්න හිටපු හැටි දන්නවද...

බෑග් එක බිම තියල පුතා ඒක උඩ ඉඳගෙන...

බිරිඳ හෑන්ඩ් බෑග් එක තදින් තුරුලු කරගෙන...

බෑග් ගෙනියනව නං ඒ දෙන්නත් එක්කමයි ගෙනියන්න වෙන්නෙ...

බ්‍රසල්ස් ඉඳල පැරිස්වලට දුර කි.මී. 261.29 ඔන්න අකම් මගෙන් අහල තිබුණනෙ.ඔය දුර තාලිස් දුම්රිය පැය එකහමාරකින් විතර ගෙවල දානව...

මල්ලි...නිමල් ඔයාලව එක්ක එන්න නෝඩ්වලට ඇවිත් ඉඳී...

අපි පිටත් වෙන්න කලින් චානි අක්ක කිව්ව...නිමල් කිව්වෙ චානි අක්කලගෙ ඔෆිස් එකේ වැඩ කරන තරුණයෙක්...

gare du nord කියන්නෙ පැරිස්වල තියෙන ප්‍රධාන දුම්රිය ස්ථානය...අපි බහිනකොට උදේ දහය හමාරට විතර ඇති...නිමල් හිනාවේගන ප්ලැට්පෝම් එකේ හිටිය.

 පැරිසියෙ තියෙනව ඉතාම කාර්යක්ෂම උමං දුම්රිය සේවාවක්...නිමල් එක්ක උමං දුම්රිය දෙකකට විතර මාරුවෙච්චි අපි අන්තිමේදි චානි අක්කලගෙ ගෙදරට ළඟාවුණා..
රැවුල නැතුව මේකා අඳුනන්නත් අමාරුයි...

චානි අක්ක අපිව පිළිගත්ත...මගෙ රැවුළට සමුදුන්නෙ බ්‍රසල්ස් වලදි...

කොහොමද මගෙ චූටි පැටියෝ...ඔයා දැන් උස ගිහින්නෙ...

චානි අක්ක අපිත් එක්ක චෙන්නායි වල ඉන්න දවස්වල පුතා චූටි බට්ට...

චෙන්නයි ඉද්දි සැරයක් අපි ට්‍රිප් එකක් ගියා පොන්ඩිචෙරි වලට...බස් 
එකක් කුලියට අරගෙන ඒ දවස්වල චානි අක්කගෙ මහත්තයත් චෙන්නායි ඇවිත් හිටිය...අපි කට්ටිය පහළොවක් විතර ගියා...අසෝකන් තමයි ගයිඩ් හෙවත් මග පෙන්වන්නා.

 උදෙන්ම ගමන පිටත්වෙලා උදේ දහයමාර එකොළහ විතර වෙද්දි බස් එක ඉද්ද ගැහුව වගේ කෙලින්ම තියෙන පාරක වේගයෙන් යමින් තිබුණා...මගෙ ළඟ තිබුණු සී ටී ප්‍රනාන්දුගෙ සිංදු කැසට් එක ඩ්‍රයිවර්ට දුන්නා දාපන් කියල...ඉර අව්ව හොඳටම තදයි පාර දෙපැත්තෙම තියෙන තල්ගස්වල මල්වලට මුට්ටි එල්ලලා...මේක දැකපු අපි කට්ටියටම රා තිබහ වුණා.

අසෝකන් රා ටිකකුත් බීලම ගියානම් මරු...

අසෝකන් ඩ්‍රයිවර් ළඟට ගිහින් මොන මොනවද කිව්වා...

ටිකක් දුර ගිහින් පාරෙන් වම් පැත්තට තිබුණු පාරක් දිගේ පහළට ආපු ඩ්‍රයිවර් යාර දෙසීයක් විතර ඉස්සරහට ගිහින් සුදුම සුදු වැලි තලාවක බස් එක නැවැත්තුව.

  එතන තිබුණා තල් අතු හෙවිල්ලපු මඩු දෙක තුනක්...එක මඩුවක තල් රා බූලි පිටින් පෙණ දදා තිබුණා...ගෑණු කීප දෙනෙක් තව මඩුවක වඩේ ඔම්ලට් එහෙම ඉල්ලන අයට බැදල දෙනව.

එතන හිටපු මිනිස්සුන්ට හරි සතුටුයි ...අපි කට්ටිය ගොඩක් ආවනෙ...ගෑණු ටික බයිට්වලට වහ වැටුණා...අපි රා අරගෙන බුරි උල් වෙනකන් බිව්වා.

ගත්ත රා බීගන්න බැරුව ඉතුරුවෙලා මෙගා බෝතලයකින් එකක් පුරෝල අරගෙන ආව පස්සෙ ඒක අපේ ගෙදර තිබිල විනාකිරි වෙලා අපි තල් විනාකිරි වලින් අච්චාරුත් හැදුවා.

දවල්ට මග නවත්තල කාල එහෙම පොන්ඩිචෙරි යද්දි හවස්වුණා...ඒක පරණ ප්‍රංශ කොළණියක් හැම තැනම ප්‍රංශ ඌරුව...දැනුත් ප්‍රංශ කොන්සියුලේට් එක තියෙන්නෙ පොන්ඩිචෙරිවල.

පොන්ඩිචෙරිවල බලන්න කියලත් එච්චර දෙයක් නෑ...ඔරොබින්දාශ්‍රමයයි මූදු වෙරළයි ටවුමයි විතරයි...ගෑණු ටික ෂොපිං ගියා...

ඒ දවස්වල පුතා ඉස්කෝලෙ යන්නෙ නෑ...ඉස්කෝලෙට දාන්න ලෑස්ති කරලයි තිබුණෙ...

පුතාට ඉස්කෝලෙ අරං යන්න ගල්ලෑල්ලක් මෙහෙන් අරං ගියොත් හොඳයි...

බිරිඳ මාකට් යන ගමන් කියනව...

කොල්ල මොර දිදී අඬනව ගල්ලෑල්ලක් ගන්න එපා කියල...උගෙ හිතේ ගල්ලෑල්ලක් ගත්තෙ නැත්නම් ඉස්කෝලෙ නොගිහින් ඉන්න පුලුවන් කියල...එච්චර ආසයි ඉස්කෝලෙ යන්න ඒ දවස්වලත්...අපරාදෙ කියන්න බෑ දැනුත් එහෙමමයි.

නෑ නෑ ගල්ලෑලි ගන්නෙ නෑ...ඔයා අඬන්නෙ නැතුව ඉන්න...

හොරෙන් වගේ ගල්ලෑල්ලකුත් ගත්ත...

නවාතැන්ගත්ත හෝටලේ අපි පිරිමි ටික එක කාමරේක හිටියෙ...රෑ නවයට විතර අසෝකන් කියනව...

මේ ළඟ හෝටලේක කැබරේ ඩාන්ස් තියෙනව යමුද බලන්න...

කැබරේ කියන්නෙ අර නටන ගමන් ඇඳුම් ගලව ගලව විසිකරන එකද බං...

ඔව් ඔව් අන්තිමට ඇඳුම් මොකුත්ම නෑ...ලිමිටඩ් ගාණයි ගන්නෙ යනව නං ඉක්මනට යමු...


ඔය වාගෙ සුචරිතවත් වැඩවලට යන්න අපි පොඩ්ඩක්වත් අදිමදි කරන්නෙ නෑනෙ...පට පට ගාල ලෑස්ති වුණා...

 ෂෝට් කට් වලින් අසෝකන් අපිව හෝටලේ ළඟට එක්ක ගියා...හෝටලේ ඇතුළට ගිය අසෝකන් ආපහු ආවෙ කටත් ඇද කරගෙන...

වැඩක් නෑ...කට්ටිය ඇතුළට අරං ඉවරලු...තිස්පස්දෙනයිලු ගන්නෙ...

මොනව කරන්නද...රෙස්ටොරන්ට් එකකින් චිලී චිකන් එක්ක පරෝට කාපු අපි ආපහු හෝටලේට ආව.

නිදාගන්න ලෑස්තිවෙලා අසෝකන් ඇඳුම් මාරුකරනව...ගලෝනව ගලෝනව ඉවරයක් නෑ...

මොනවද බං ඔච්චර ගලවන්නෙ ගෑණියෙක් වාගෙ...

නෑ මම ජොක්කු දෙන්නෙක් ඇඳන් ගියා...

මහ හූවකින් පටන්ගත්ත අපේ හිනාවට වහලෙ උළුත් හෙල්ලෙන්න ඇති.

පහුවදා අපි ආපහු චෙන්නායි ආවා...

ආපහු එන ගමනෙ දවල්ට කන්න අපි මහාබලිපූරම්වල තියෙන අපේ හිතවතෙක් වුණු බෝස්ගෙ අයිඩියල් බීච් හෝටලේට ගියා...බෝස් අපි එනතුරු හෝටලේ බලාගෙන හිටියා...
 
 රූම් එකක් ලෑස්තිකරල තියෙනව ගිහින් රෙස්ට් කරන්න...නානව නං පූල් එකේ නාගන්න...මූදට නාන්න යන්න එපා මේ දවස්වල මූද සැරයි...

හෝටලේ වැඩකරන තරුණියක් බබලත්තු ටික උඩට එක්කරගෙන ගියා...අපි පූල් එකට බැස්ස...දෙතුන් සැරයක් වතුරට පැනල ගොඩ ආපුවාම කාල්ස්බර්ග් බෝතල් පුරවපු අයිස් බාජනයක් අරං ආපු වේටර් කෙනෙක් ඒ ටික පූල් එක අයිනෙන් තිබ්බා...බයිට් එකට රෝස් කරපු ඉස්සො සුදු සෝස් එක්ක...

චානි අක්කත් ඇවිත් කට කපලම මග් එකක් ගැහුව...අනිත් ගෑණුන්ටත් දාල දෙනව...

බොන්න අනේ...

අම්මටත් ඉතිං බොන්න තියෙනවනං...

චානි අක්කගෙ පුතා කියනව...

උඹ කටවහගෙන ඉඳිං...

චානි අක්ක කොල්ලට සැරවුණා...

කාන්තාවො ටික පොඩි අයත් එක්ක රැල්ල පාගන්න වෙරළට ගියා...පුතා රැල්ලක් එනකොට ගොඩට දුවගෙන එනව බයේ...

චානි අක්ක මොකද කරන්නෙ කොල්ලව හිරකරල අල්ලගෙන හිටිය රැල්ල එනතුරු...මේකා කෑ ගහනව...

චානියෝ...මාව අතඇරපං යකෝ...
 
චානි අක්කගෙ මහත්තයටත් හිනා...
 
ඔයා යන්න... ඔයා යන්න...
 
චානි අක්ක බයේ මූ මහත්තයටත් බනී කියල...
 
නාල  ගොඩට ආපු අපට බෝස් කකුළුවො,පළහපු ඉස්සො එක්ක සුපිරි කෑම වේලක් ලෑස්ති කරල තිබුණා...
 



මරු ගමන ඈ...ටොප් කෑම බීම...
 
මල්ලි...ඔය බෑග් එහෙම මෙහෙ තියල නිමල් එක්ක ගිහින් අයිපෙල් ටවර් එක පැත්තෙ රවුමක් ගහල එන්න...මම කෑම ලෑස්ති කරල තියන්නං... 

හෙට යන්න බැරියැ  ලූව්ර

චානි අක්ක කිව්වා.

70 comments:

  1. දැන් නම් මොනාලිසාගෙ චිත්තරේ පේන හැම සැරේම පේන්නෙ හැලප අයියගේ මූනයි රැවුලයි ...

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත වෙනි අන්කල්... හි හි...

      Delete
    2. හි හි...
      හි හි...
      හි හි...
      හි හි...

      Delete
    3. ඒ කියන්නෙ වෙනීට මෝනාලිසා අජීරණේ...බලමුකො බලමුකො ඉක්මනට සනීප කරගන්න

      Delete
    4. @හිරූ
      ඔන්න හිරූ ඔයාගෙ ආදර ඇනෝ පස්සෙන්ම ඇවිත් අමතක වෙන දේවල් මතක් කරල දෙන්න.

      Delete
  2. අදත් ගියේ නැ නේ

    ReplyDelete
    Replies
    1. වස්තියක්වත් කරගන්න වෙයි වගේ. :D

      Delete
    2. තව මාසෙකටවත් යන්නෑ...

      ඕං බලහල්ලා ඊගාව කොටසෙදි අයිපල් ටවර් එක වටේ පදුරු තලන හැටි... :))

      Delete
    3. මට කියන්න දෙයක් නෑනෙ

      Delete
  3. මොන මෝනාලිසා ද මේවනෙ කතා. උදේ කෑම එක ඉස්පොල්ලෙ නොයා බේරුනේ බොහොම අමාරුවෙන්. මීට පස්සෙ හැලප අයියගේ කතා කියවන්නෙ නැහැ කෑම කන ගමන්. ඒක නෙමේ අසෝකන් මරු ඩයල් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. අසෝකන් නං කියල වැඩක් නෑ වෙදන මල්ලියෙ අපට දෙන සොමිය

      Delete
  4. අපොයි තව කොටස් පහක දුර වත් ඇදපං හැලපයියේ මොනාලිසා පෙන්නන්න. යුරෝපෙත් ඉස්ටේසං හොරු ඉන්නව එහෙනං.

    ReplyDelete
    Replies
    1. අපොයි රාජ් යුරෝපෙනෙ සුරිරි හොරු ඉන්නෙ...බලමුකො තව කොච්චර ඇදගන්න පුලුවන්වෙයිද කියල

      Delete
  5. ඇත්තටම ගොඩක් ගෑණු අයට ෂොපිං යන්න තියෙනවානං එච්චරයි නේ... හැලපිත් ඒ ජාතියෙමද කොහෙද... ඒ ගමන අස්සෙත් ගල්ලෑල්ලක් මතක් වෙලා තියෙන්නේ.... කොල්ලා අඬන එක අහන්න දෙයක්යැ.... ඒ විනෝද ගමන අස්සෙත් අම්මට ඉස්කෝලෙ මතක් උනාම.... හි හි.... ( මට මතක් උනේ අපේ නැන්දලා ටික.. අනේ අර පොඩි එවුන් ටිකට ටොකු ඇන ඇන හෝම්වර්ක් කරවන හැටි..... )

    ReplyDelete
    Replies
    1. අනේ අම්මප ගෑණුන්ට විනෝද ගමන් අස්සෙත් මතක් වෙන දේවල් නේද හිරූ

      Delete
  6. අපි පොඩි කාළේ කලපු කකුළුවෝ අරගෙන එන්නේ මිත්‍රපාල අයියා, මිත්‍රපාල අයියා කිව්වට අපේ තාත්තගෙ වයස. තාත්තගේ අක්කගේ දුවගේ මහත්තයා. පොර ටුවර් ගයිඩ්, ඒ කාළේ බොහොම ටික දෙනයි නේ උන්නේ. පොරගෙ ෆීචර්සුත් තනිකර සුද්දෙක්ගේ වගේ. පන් මල්ලක දාගෙන තමයි අරගෙන එන්නේ. එච්චර ළොකු කකුළුවෝ මම අදටත් දැකලා නෑ. පන පිටින් මල්ලක දාගෙන තමයි ගේන්නේ. අම්මගෙනුයි ආච්ච්ගෙනුයි කුණු බැනුම්. පොර එළියේ මුට්ටියක් දාගෙන ගේම දෙනවා. පොර නම්බර් වන් කුක්. අනේ අර කුණු බැනුම් බැන්නට. අම්මයි ආච්චියි දෙන්නම මැරිච්ච කකුළුවන්ට නම් වැඩේ දෙනවා. කකුළුවන්ගෙ මෙළෝ රහක් නෑ මුරුංගා කොළ නැත්නම්. ඉස්සර මට මතකයි, මාළු මාකට් එකේ කකුළුවෝ විකුණන තැන මුරුංගා කොල විකුණන අම්මා කෙනෙකුත් උන්නා.

    ReplyDelete
    Replies
    1. මාතලන්ගෙ මුරුංග කොළ රෙසිපියට කටට කෙල උනනව...ලොකු සයිස් ගල් කකුළුවො කාපු හැටි මතක් වුණා

      Delete
  7. ජොක්කු දෙන්නෙක් ඇදං ගියපු අසොකන් ආරක්ෂාකාරි පියවරක් අනුගමනය කරල තියෙන්නේ.. හැක්.. බොලාට ඉතිං කරදරයක් නැතිව ඇති... ඒකනේ එකෙක් ඇදං ගියේ..

    ReplyDelete
    Replies
    1. අපිට ඉතින් ඕක ඇතත් එකයි නැතත් එකයිනෙ දේශකයො

      Delete
  8. අදනං මොනාලිසාට තල් රාත් පොවල. කකුලුවොත් කවල. තව කන බොල ජාති තියෙනවනෙ. හෙමීට කකා බිබී යං.
    හැලපෙ නං එක ජොකෙක්වත් ඇඳගෙන ගියේ නෑලු නැටුං බලන්න යනකොට.

    ReplyDelete
    Replies
    1. ඔය දේස දීපන්කරේ රට ඉඳීවත් නෑලුනෙ ප්‍රසන්න අයියේ. නාකි උනාම අතපය උනත් වලංගු නැති වෙන බව සොබාව ධර්මේ අයියා කියලා තියෙනවානේ. ඉතිං අපි අනුකම්පා කරමු. :(

      Delete
    2. පව් පව් විහිලු කරන්ඩ එපා වයසක මනුස්සයා

      Delete
    3. ඔව් ප්‍රසන්න ඇන්ද කියලත් වැඩක් තියෙන එකක්යැ

      Delete
    4. @අකම්
      රටඉඳි කාපුවම මොකද වෙන්නෙ අකමො

      Delete
    5. @අටම්
      ඔව් ඔව් හැරමිටියකුත් කපල දීපන්කො

      Delete
    6. මෙන්න අටමො ඒ ගමන මෙයා බබෙක් වෙන්න හදනවා. හරහට අරන් නලෝමුද?

      Delete
  9. ඉක්මන් වැඩියි,ඉක්මන් වැඩියි හැලපයියේ අර උඩින් රාජ් කියලා තියෙනවා වාගේ තව කොටස් 5,6 මේක ඇදන් යන්න ඕනේ....
    අනික යුරෝපාවල කොච්චර දේවල් තියෙනවාද බලා කියා ගන්න........

    ReplyDelete
    Replies
    1. මනෝජ් තමයි හැමදාම ඔය විදියට කියන්නෙ, ඔබ ගොඩක් කැමතියිනෙ මේ යන ගමනට

      Delete
  10. මේක මොනාලිසාට වඩා හැලප සරණිය වගේ නමක් දැම්ම නං හොඳයි. හැමදාම එක එක කෑම. අද කකුළුවො!! ලංකාවේ කකුළුවො සිංගප්පුරුවේ හරි ප්‍රසිද්දයි නේද? අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නගෙ කකුළුවො කඩේ වෙබ් සයිට් එකෙත් සිංගප්පුරුවට ස්තුති කරලා තියෙන්නෙ. කකුළුවො කන එක ටිකක් වාත වැඩක් නිසා තමයි අවුල. මහන්සියෙ හැටියට බඩ පිරෙන්නෙ නෑනෙ ! :)

    ReplyDelete
    Replies
    1. හැලප සරණියත් හොඳ නම...ඇත්ත තමයි කකුළුවො පොතු අරින්න දෙන ගේමෙ හැටියට වැඩේ පාඩුයි

      Delete
  11. ඇත්තටම ලොකු අයියේ මේ ක්‍රමේ හොඳයි වගේ.හන්දියේ කඩ මන්ඩිරයේදී කතාවකට මුල පිරුවාමත් මේ වගේනේ.මේ විදිහට යමු...

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත සහන්

      Delete
    2. කතාවක් පටන් අරන් වටේ ගිහිල්ල කතා පොකුරක ඉස්ම අපේ ඔළුවට දාන්න පටන් ගත්තෙ මුලින්ම අපේ රවිය කියල මම හිතන්නෙ.[මම දන්නා විදියට කිව්වෙ."මම චුටි බබා"නෙ.වැරදි නම් කවුරු හෝ නිවැරදි කරන්න]
      ඒකට දෙවෙනි නොවී හැලප දෙන ගේමත් සුළුපටු නොවේ.

      Delete
    3. ආර්ට්නම් ආර්ට්. බයෝනම් බයෝ. ඕකනේ ඉස්කෝලෙත් එපා වෙන්නේ.....

      Delete
    4. ඇයි ඔබා අයියා? මම හිතන්නේ පඳුරු තැලීමේ පුරෝගාමියා ඔබා අයියා කියලයි.

      Delete
    5. Kenji @ Japan,

      අසෝකන් ජොක්කු දෙකක් ඇඳගෙන ගියේ, කෙන්ජියත් ට්‍රිප් එක ගිහිල්ලද දන්නෙ නැහැ.
      හැලපයියේ කියන්නකෝ කෙන්ජියත් ගියාද?
      මොනවා උනත් නියම සිද්ධි සංදර්භය.අපූරු කතාවැල.

      ජය වේවා..!!

      Delete
    6. මම මුලදිම කිව්වෙ සහන්,තව ටික දුරයි යන්න වෙන්නෙ...ඔහොමත් නැතුව බෑනෙ

      Delete
    7. @හෙන් රි
      මම ඔබා කියවල නෑ මචං

      Delete
    8. @කෙන්ජි
      ඔන්න බං ඇනෝටත් උත්තර දීපං

      Delete
  12. මේ කතාව 1,2,3... විදිහට කොටස් වලට කැඩුවොත් නරකද හැලප අයියේ.....

    ReplyDelete
    Replies
    1. බලමුකො මොරබ්බා ඒකත් හොඳ අදහස

      Delete
  13. හික් හික් අදත් ගිහින් නෑ එහෙනං... මහා බාලි පුරම් ගිහින් එනකොට මට මතකයි මාත් ගියා ගෝල්ඩන් බීච් කියලා තැනකට මාරයි අනිවා හැලපයියා නම් ගිහින් ඇති එතැනටත්. MGM වගේ මතක..

    ReplyDelete
    Replies
    1. ගියා ගියා නලීන් මොකද නැතුව

      Delete
  14. අර පොන්ඩිචෙරි කැබරේ එක බලන්ට ගියා තිබ්බානම් කියලා හිතුනා.
    හැලපයා නම් ට්‍රිප් එකක් ගෙනියට වටිනවා, කෑමත් උයන්ට පුලුවන් එකේ හී හී....

    යමුද අපි ආයෙත් පැරිස්? :D

    ReplyDelete
    Replies
    1. කෝකි වැඩේට නේද පොඩ්ඩියෙ,හ්ම්ම් යමුකො යමුකො

      Delete
  15. වහලෙ උළු හෙල්ලෙන්න හූ කියන ලෙඩේ මෙන්න මෙයාලටත් බෝ වෙලා!

    අපි නම් හූ කියනවා ටවුමම හෙල්ලෙන්න. සමහර වෙලාවට සයිට් එකේ වගේ නම් කම්බි ඇද වෙනවා. පාරේ රැලි වැටෙනවා ^_^

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔන්න රජාගෙත් කට ඇරුණු දවස,ඔහොමනෙ ඉන්න ඕනැ අර කෑලි දෙක දාල මාරුවෙන්නෙ නැතුව

      Delete
  16. මොනාලීසා සීසන් එකම හරියට කියවන්න බැරි වුනා.ඊළඟ සීසන් එකේ ඉඳන් දිගටම කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ආයෙ සීසන් නෑ ඉක්මනට කියවපන් තව එකයි දෙකයි

      Delete
  17. හදිස්සියක් නෑ හිමින් යන්....

    අපි තලමු..තලමු..තලමු පඳුරු වටේ තුටින ගීත ගයාලා..ලල ලාල ...ලා..

    ReplyDelete
    Replies
    1. හිමින් යමු හස රැල් ඔය බලමුකෝ මතක්වෙන ලස්සන ගීත එහෙම

      Delete
  18. ඔහොමයං හැලපේ............අන්තිමට මොකක් ගැනද බං කියන්න ආවෙ කියල අපෙන් එහෙම අහනවා නොවෙයි ඕං..!

    (රහසින්)........උඹ ජොක්කු කීයක් ඇඳන් ගියාද අයියෙ........!!!

    ReplyDelete
    Replies
    1. අහන්න දෙයක් නෑ දැනටම පැටලිලාද මන්දා

      Delete
  19. අදනම් සුභ නිමිත්තක්. මොනාලිසාගෙන්ම කතාව ඉවරයකුත් කරලා.


    .....//බෑග් ගෙනියනව නං ඒ දෙන්නත් එක්කමයි ගෙනියන්න වෙන්නෙ...// නිධන් වලට අරක් ගත්තු බහිරවයෝ එහෙම කලින් දැකලා නැද්ද හැලපයියේ.......

    රා බිව්වා වගේ නෙවෙයි පැය කාලෙන් කාලට බස් එක නවත්ත නවත්ත ගස් වල මුල් බුරුල් කරන්න ඇති නේද කට්ටිය. :P

    පව් අප්පා අසෝකන් එදා ඉඳන් බයිට් එකනේ. දැන්වත් ඕක නවත්තන්න බැරිද? දැන් බලන්න බැරි වෙලාවත් කැබරේ ඩාන්ස් එක බලන්න ගියානම් ඔය හූව තියන්න වෙන්නේ අසොකන්ටද? නෑනේ... යන්නේ නාන්නනම් අමුඩේ ගහන්නැතුව බෑනේ....

    ReplyDelete
    Replies
    1. අසෝකනය බයිට් කලේ නෑ අකම් අපට නිකම්ම හිනාගියා ඌ ඒක කිව්වම

      Delete
  20. ජොක්කු දෙන්නගේ කතාව තමයි කතාව! එතකොට තනි ජොක්කුඇන්ද වුන් ඇඳන් ගියේ ලෙදර් ඒවාද?

    ReplyDelete
    Replies
    1. දන්නෑ මචං මම දැක්කෙ නෑනෙ

      Delete
  21. ඇත්ත කියන්න අපි අපිනෙ...හැලප අයියත් ජොක්කු දෙන්නෙක් දාලා නේද ගියෙ ?

    ReplyDelete
    Replies
    1. ෂ්ෂ් කොලුවො කට වහගෙන යමං බං

      Delete
  22. මේකත් අර සමහර වෙසක් නාට්‍ය වගේ, නාට්‍යය කවදාවත් පෙන්නන්නෙ නෑ. ඒත් වෙසක් පොළේ බලන්න වෙනත් දේවල් එමටයි....

    ReplyDelete
    Replies
    1. කම්මැලි නෑනෙ සුමිත්

      Delete
  23. කතා අස්සේ කතා.. මරු මරු.. :)

    ReplyDelete
    Replies
    1. කතා වැඩි නෑනෙ චන්දන

      Delete
  24. මාතලන්ගේ පොස්ට්ටුවේ දාපු ලින්කුව දිගේ මෙහාට ආවේ. රස කෑම ගොඩයි. හැමදාම එන්න හිතයි. :D

    ReplyDelete
    Replies
    1. කතුවරී ආදරයෙන් පිළිගන්නව මගේ බ්ලොගයට...හැමදාම එන්න කතුවරී නොවැ

      Delete
  25. පහුගිය කාලයේ වැඩිය කියෙව්වේ නැති නිසා මට මොනා මිස් වෙලා . මුල ඉඳන් කියවන ගමන්

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ගොඩක් දවසකින් බින්දිව දකින්න ලැබුණෙ නැත්තෙ

      Delete
  26. මාත් පොඩි දවස් වල රැල්ල පාගන්න මාර බයයි. මාත් ඔය වගේ මාර ලතෝනි දෙනවා කියල ගෙදර අය කියනවා.... ඒකට දැන් නම් මං ආසම තැනක් තමයි මුහුද....

    ReplyDelete
    Replies
    1. දැන්නම් පියාඹලත් යන්න පුලුවනිනෙ

      Delete

ඔබේ අදහස්