අපේ ගං පළාත්වල සත්තු හැදිල්ලක් කියල වැඩිපුරම කෙරුනෙ හරක් හැදිල්ලයි කුකුල් කොටුයි,එළුවො කීප දෙනෙකුත් තැන තැන නොහිටිය නෙවෙයි හැබැයි ඌරු කොටු නං අපේ ගම පැත්ත පළාතෙ තිබ්බෙ නෑ. මොකද ඌරො ඇතිකිරිල්ල හරක් හැදිල්ල වගේ නම්බුකාර රස්සාවක් හැටියට අපේ ගංවල අය සැලකුවේ නැති නිසාවෙන් එහෙම වුනා මිසක අපේ ගමට එහා ගමේ නං ඌරු කොටුවක් තිබුණා,ඒකෙ අයිතිකාරයට අපේ තාත්තල කිව්වෙ ඌරු පීතර කියලයි,මනුස්සය පස්සෙ කාලෙක මැරුණත් පවුලෙ අයට ඒ නම දිගටම භාවිතයෙ තිබුණා...
ඌරො හැදිල්ල පිළිකුල් කළාට අපේ ගංවල මිනිස්සු ඌරුමස් නං පිළිකුල් කලේ නෑ,අලුත් අවුරුදු කාලෙට ජා ඇල කඳාන පැත්තෙන් ඌරෙක් මරාගෙන ඇවිත් සැන්ටින් මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ ඉඩං කෑල්ලෙ තියාගෙන හුළුගාල හමගහල මස් ටික ගොඩවල් ගහල විකුණන්න තිබ්බදාට ගමේ හැම කුස්සියකම ඌරුමස් ඇතිලියක් ඉදුනා...
අපේ ගං පළාත්වල ඌරො හැදුවෙ නැතුවට රාගම කඳාන ජාඇල මීගමුව හලාවත වගේ කතෝලික ලයින් එකේ නං ඌරුකොටු වකාරෙට තිබුන විතරක් නොවෙයි ඌරු පාලනය පිළිකුල් සහගත දෙයක් හැටියට ඒ අය සැලකුවෙත් නෑ,හලාවත ගොඩ්ප්‍රි මතකනෙ,ඔන්න ඔය ගොඩ්ප්‍රිලයි ගේ පිටිපස්සෙත් ඌරු කොටුවක් තිබුණා. මම එහෙ ගිය වෙලාවට නිතරම දැකල පුරුදු දෙයක් නොවන නිසා ඔය කොටුවෙ ඉන්න ඌරො දිහාත් උන් කනබොන දිහාත් පැයගානක් බලාගෙන ඉන්න පුරුදුවෙලා හිටියා,දවසක්දා මම යද්දි කොටුවට අලුතින් ඌරු පැටව් රංචුවක්ම එකතුවෙලා හිටියා උන් ඒ වෙනකොටත් තරමකට වැඩුනු පැටව්,ඔන්න එදා මම මගෙ ජීවිතේ පළවෙනි වතාවට(සමහර විට අවසාන වතාවත් වෙන්න පුළුවනි)ඌරු පැටව් කප්පාදු කරන හැටි දැක බලාගත්තා...
ළමයො මේ ඌරු පැටව් ටික කප්පාදු කරගන්නත් කාලෙ හරි නොවැ, ගිහිං ඇන්ටනිව අඬගහගෙන වරෙංකො...
ගොඩ්ප්‍රිලගේ අම්ම නංගිට එහෙම කීවම ගොඩ්ප්‍රිලගෙ නංගි ගිහිං ඇන්ටනිව එක්කං ආවා,ඇන්ටනි ගොඩ්ප්‍රිලට වඩා ටිකක් වයස තරුණයෙක්, ඔහු එද්දි අලුත් බ්ලේඩ් එකක් නූල අමුනපු ඉඳිකටුවක් සහ කොහොඹ තෙල් කුප්පියක් අරගෙන ආවා...
ඇන්ටනි වැඩි වෙලා ගතකලේ නෑ ඌරු කොටුවට පැනල වැඩේ පටන් ගත්තා.කවදාවත් දැකපු නැති දෙයක් නිසා මාත් ඒ ළඟටම වෙලා කට ඇරගෙන බලං හිටියා,ගොඩ්ප්‍රි අරං දෙන ඌරු පැටියගේ ඇට කුට්ටම තදින් අල්ලගන්න ඇන්ටනි බ්ලේඩ් එකෙන් ඇට කුට්ටමේ හම උඩ ඉරක් වගේ කැපුමක් දාල මිරිකලා කොස් ඇටේ සිබිඩ්ඩෙන් එළියට පන්නනව වගේ ඇට කුට්ටම එළියට අරං වීසිකරනකොට වටේ බලාගෙන ඉන්න කපුටො ටික උඩදීම කුට්ටම අල්ලගෙන ගිලල දානවා...
ඌරුපැටියගෙ කපපු තැනට ඉඳිකටුවෙන් මැහුම් දෙකතුනක් දාල ලිපේ අළු ටිකක් එතන ගාල පැටියට කොහොඹ තෙල් ටිකක් පොවල බිම තිබ්බම ඌරු පැටව් කෑ ගගහ කොටුව පුරා දුවනව වේදනාවට වෙන්න ඇති,ඇන්ටනිගෙ සරල සහ රළු ශල්‍යකර්මය එතනින් ඉවරයි,ඌරු පැටව් ඔක්කොම ටික කප්පාදු කරන්න ඕනැනං විනාඩි පහළොවක් යන්න ඇති ,හැලි අරක්කු වීදුරුවකුත් බීල ගොඩ්ප්‍රිලගේ අම්ම දුන්න කීයක්දත් ඉනේ ගහගත්ත ඇන්ටනි යන්න ගියා...
දැක්කද වැඩේ, තාත්ත ඉන්න කාලෙ අපේ ඌරු පැටව් විතරක් නෙවෙයි අහළ පහළ පැටවුනුත් කප්පාදු කලේ අපේ තාත්තා...
ගොඩ්ප්‍රි මාත් එක්ක කිව්වා...
ඉතිං තාත්ත ගොඩ්ප්‍රිලට කප්පාදු කරන්න කියල දුන්නෙ නැද්ද...
නෑනෙ, ඊටමත් ඉගෙනගන්න අපේ උනන්දුවක් තිබුනෙත් නෑ...
ඒ වෙනකොට ගොඩ්ප්‍රිලගෙ තාත්ත සමාදානයෙ සැතපිලා අවුරුදු දහයක් විතර ඇතිලු,ඔන්න සමාදානයෙ සැතපෙනව කියද්දි මට කතාවක් මතක් වුනා අමතක වෙන්න ඉස්සෙල්ල එකත් කියල ඉන්නං...
හදිස්සියෙම මැරුණු ජෝකිං මුදලාලි ගමේ හිටපු ලොකුම පෝසතෙක් ඉඩකඩම් වතුපිටි කඩ සාප්පු ආදිය යමරෙට තිබුනත් ඔහුගෙ පවුල් ජීවිතේ නං සතුටුදායක එකක් වුනේ නෑ,එහෙම වුනේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වදක බාරියාවක් වුනු ජෝකිං මුදලාලිගෙ පවුල ජෝකිං මුදලාලිට දෙන්න තියෙන දස වද ඔක්කොම දෙමින් කන් කරච්චලයක් වෙමින් ජෝකිං මුදලාලිගෙ මුළු පවුල් ජීවිතේම කටුක කටෝර අන්ත නීරස එකක් කරපු නිසයි,ජෝකිං මුදලාලි ඔච්චර ඉක්මනට මැරෙන්න හේතුවත් පවුල දීපු දස වද නිසාවෙන් කියලයි කරුණු කාරණා දන්න ඇත්තො කිව්වෙ...
බලාපොරොත්තු වුනේ නැති විදියට හදිස්සියෙම තමන්ට හිමිවුන මහා ධනස්කන්ධය ගැන සතුටින් ඉපිළිලා හිටපු ජෝකිං මුදලාලිගෙ පවුල ජෝකිං මුදලාලිගෙ අවමංගල්‍ය කටයුතු මහ ඉහළින් සිද්දකරල කනත්තෙ සොහොන් කොතකුත් බැන්දෙව්වා,සොහොන් කොතේ ලියල තිබුනෙ සත්ගුණවත් ජෝකිං මුදලාලි සමාදානයේ සැතපේවා කියලයි...
මුදලාලිගෙ පවුල ඔන්න ඔය විදියට සතුටින් ඉද්දි දවසක්දා දවාලෙ ටවුමෙ ඩයස් පෙරකදෝරුවගේ කාරෙක මුදලාලිගෙ වත්තට හැරෙව්වා,ජෝකිං මුදලාලිගෙ ව්‍යාපාර ආදියේ නීතිමය කටයුතු ඔක්කොම කරපු ඩයස් පෙරකදෝරුවව ජෝකිං මුදලාලිගෙ පවුල ඉස්තෝප්පුවට ගිහිං පිළිගත්තා...
හාමිනේ දන්නවනෙ මුදලාලිගෙ අන්තිම කැමැත්ත මගෙ ළඟ ලියල තිබ්බ වග...
එහෙනං,මොකෝ මං නොදන්නෙ දේපොළ ටික මට පවරල යන්නද මහත්තය ආවෙ...
නෑ නෑ මුදලාලි එයාගෙ අන්තිම කැමැත්තෙන් ඔක්කොම දේපොළ ටික අනාථ නිවාසෙට පවරල තියෙනව,අයිතිය බාරදෙන්න මම අනාථ නිවාසෙ කට්ටියව ලබන සුමානෙ එක්කං එනව, හාමිනේට එතකල් ගෙදර ඉන්න පුළුවනි...
එතකොට මට...
හාමිනේට නං තඹ සතේක දේපොළක් ලියල නෑ,එහෙනං හාමිනේ මම ගිහිල්ල එන්නං...
පෙරකදෝරුව යන්න ගියායින් පස්සෙ කේන්තියෙන් මල පැනල හිටපු ජෝකිං මුදලාලිගෙ පවුල සොහොන් කොතේ අකුරු කොටපු මනුස්සයට එන්න කියල පණිවිඩයක් යැව්වා...
මට සොහොන් කොතේ කොටපු එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනෑ ඒකයි ඔහෙට එන්න කිව්වෙ...
වෙනස් කරගන්න ඕනැ කරන්නෙ මොකද්ද හාමිනේ...
සමාදානයේ සැතපේවා කියන කෑල්ලට ඉස්සරහින් මං එනතුරු කියල කොටනවා...
අකුරු කොටන මනුස්සය අවශ්‍ය වෙනස්කම කරල ඉවරවුනාම ජෝකිං මුදලාලිගෙ පවුල තමන්ගෙ ඇඳුම් කැඩුම් ටිකත් බෑග් එකකට දාගෙන ගෙයින් එළියට බැහැල යන්න ගියා...
ඔන්න ඔහොමයි,සම්ප්‍රපලාප කිව්ව මදැයි ඊළඟට කියන්න තියෙන්නෙ නං අපි සියළු දෙනාගෙම හදවත් විතරක් නොවෙයි මුළු සරුවාංගෙම ප්‍රීති ප්‍රමෝදයෙන් කිළිපොලා යන ආරංචියකුයි,ඒ මොකද්ද කිව්වොත් අපේ ජාතියේ පිනට මෑතකදි දෙව්ලොව සිට මෙලොවට පහළවෙලා ඇති බොදු බල සේනාව ඔවුන්ගේ තේමා ගීතය නිකුත්කරල තියෙන බවයි,දැන් අපි සියලුදෙනාම මේ ගීතය හඬනගා ගායනා කරමු.ඔක්කොමල්ල වැඳගන්න,ඔහොම නෙවෙයි යකුනේ දොහොත් මුදුන් දී වැඳගනියව් මට කියල බෙල්ල කඩවගන්නෙ නැතුව,හා හරි...
බොනවද දහම් පැන්- නැත්නං පොවන්නද
මොනවද අඩෝ පන්සිල්- කණ පලන්නද
වෙනවද නිදුක් -නැත්නං දුක් නිවන්නද
යනවද නිවන් නැත්නං තෝ යවන්නද
සාදු කියන්න පිංවතුනි....
(ගීතය උපුටා ගැනීම ලංකා නිව්ස්වෙබ් වෙබ් අඩවියෙනි)
අවසාන කවියක්ද එක සිංදුවක්ද මන්දා කොම උනත් නියමයි,
ReplyDeleteඅපේ ගමේ හිටියා වල් ඌරෝ මරණ මනුස්සයෙක් ,මනුස්සයාට දඩයමේ යනකොට බදලා තිබුන තුවක්කුවක් පත්තු වෙලා කකුල නැති උනා ,තවම බෙහෙත් කරනවාලු .....
අර සාමදානයෙන් මං එන තුරු සැතපෙවා නෝනා දැන් ගියාද දන් නෑ මුදාලාලිව හම්බ වෙන්න හක්
This comment has been removed by the author.
Deleteඅටම් ;)))
Deleteනෝනා ගියොත් හෙම මුදලාලිට බෙල්ලෙවැල දාගන්නයි වෙන්නෙ සහෝ.
Deleteජෝකිං මුදලාලි ලා ලංකාවේ හැම තැනම හිටියා එහෙනං.. පැටව් කප්පාදු කරන සීන් කෝන් එක ඇත්තටම දැනං හිටියේ නැහැ බං.. ගොඩ්ප්‍රියා මෙච්චර කාලයක් මතක තියාගෙන ආපහු ඇදල ගත්ත එකත් ලොකු දෙයක් නේ.. හැබෑට බොලයි පැත්තේ වයිල්ඩ් බෝර් නැත්ද??
ReplyDeleteඑකෙක් ඉදල රට ගියා
Deleteඒ ඇන්ටනි බං.. දැං නම වෙනස් කරලා.. හැලපද කොහේද අළුත් නම.. හැක්
Deleteවයිල්ඩ් බෝර් අපේ හරියෙ තාම නෑ බං ඒත් අපි ඉන්න දිහා ඉඳල කිලෝමීටර් දහයක් පහළොවක් දුරින් නං බඩු ඕනෑ පදං.දවසක්දා අපේ නෑදෑයෙක් වෙන අයිය කෙනෙක් මටත් කතාකළා,මස්සිනා වරෙන් යන්න ඌරු දඩයමේ කියල.
Delete@ අටං +++++++++++++++
Deleteඋඹේ වගේම අපෙත් හොද වේලාවට හැලපයියේ උඹ නොගියේ නැතිනම් අපි මේ කතා කොයින් කියලා අහන්නද..?
Deleteමනෝජයෝ යකෝ ඌ කතාකළේ මාව දඩයම් කරන්න නෙවෙයි බං.උඹ බොරුවට බයවෙන්න එපා.
Deleteවල් ඌරෙක් මස් කරනවා මං දැක්කා හැලපයියේ.. හපොයි !!!!
Delete@ අටම්; හැලපේ ගැන නෙවෙයි නේද කිවුවේ...?? :D
Deleteකනගාටු වෙන්ඩ වෙයි කවදහරි
ReplyDeleteරාගම පැත්තේ ඌරෝ ඉන්නවා කිව්වටද?
Deleteනැ අර යටින්ම තියන එකට
Deleteකවදාහරි නෙවෙයි බං අපිට දැම්මම කනගාටුවෙන්න වෙලා තියෙන්නෙ ලාංකිකයන් වීම ගැන,උඹල ඔහෙ ඉඳන් ගොන්පාට් වලට අප්පුඩි ගැහුවට ජාත්‍යන්තරයට උත්තර දෙන්නෙ නෑනෙ.
Deleteයටින්ම තියෙන එක හපාගෙන මැරෙන එක මේ විළිලැජ්ජාවට වඩා හොඳා.
හැලපෙත් , අරූත්, රවීත් තද බල විරොදයක් දක්වනවා මම දැක්කා මේ බො.බ.සේ වට. මමත් පිලිගන්නවා එතැන ප්‍රශ්නයක් තියනවා කියන එක. නමුත් තවත් පැති කීපයක් තියන විත්තියත් අපි හිතන්න ඕන. ජාත්‍යන්තරය කියන්නේ නිකං බෙංගාල බොක්ක වගේ.
Deleteමේ ගැන අපි අපි කතාකරන එකේ තේරුමක් නෑ නිශාන්ත,බො බ සේ පාවිච්චි වෙනව කියන එක දැනගත්ත නං ඇති.
Deleteමතකද ටික කාලෙකට ඉස්සර ආණ්ඩුවෙ මන්ත්‍රී ඈමතිවරු පාර්ලිමෙන්තුවෙදි හෙල උරුමය හාමුදුරු ගොල්ලගෙ කප්පාදු කරන්න හෑදුව?
Deleteකොහොමද නානසාර හිටියනම් එතන?
ඒක නෙමේ බො බ සේ ට තියෙන්නෙ මෑන්ව WWF ට එන්ටර් කරල බලන්න
@Pra,
Deleteපොරව WWF යැව්වනං හොඳයි තමා,ඌරු තඩියෙක් වගේ ඇඟකඳ තියනවනෙ මොළේ නැතුවට,ටොප් එකට රෙස්ලින් අල්ලයි.
This comment has been removed by the author.
ReplyDeleteදාන දාන කමෙන්ට් එක වෙන තැන්වලට වැටෙනවා , හැලපයගේ වෙලාව හොදයි , මගේ වෙලාව අන්තිම නරකයි
Deleteනෑනෑ පෙරේදා ඉදන් ඔය ලෙඩේ තියෙනවා. හිටපු ගමන් කමෙන්ට් එක Reply එකක් විදිහට වෙන කොහෙවත් වැටෙනවා. නැත්නම් Reply එක කමෙන්ට් එකක් විදිහට යනවා. පෙරේදා දේශකයගෙ බ්ලොගේ මට උනා. ඊයෙ මගෙ එකෙත් උනා. අනේ මන්දා. ඕක වෙන්නෙ හිටපු ගමන් :(
Deleteදැන් මේකත් පබ්ලිෂ් කොරාම කොහෙට යයිද දන්නෑ ඕන්. :) :)
ප්‍රියා
Deleteපෙරේදා බීපුවා තාම වැඩද?
නෑ නෑ ප්‍රියා අටමා බුද්ධාලම්බන ප්‍රීතියෙන් කරකෝල අතෑරලා වගේ ඉන්න නිසා කමෙන්ට් කොහෙට දානවද කොහෙ යනවද මොකුත් දන්නෙ නෑ,අර සමහර මිනිස්සු සල්ලි දීල කන්න බොන්න දීල බස්වල පටෝගෙන ඇවිත් මැයි පෙළපාලියෙ යවන්නෙ,උනුත් ඔහේ යනව මිසක කාගෙ මැයි පෙළපාලියෙ යනවද දන්නෙ නෑනෙ,අන්න ඒ වගේ.
Deleteඅමතක කරන්ඩ එපා . උඹට කොල්ලෙක් ඉන්නව , මට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නව
Deleteඅටං,උඹට මොනා හරි කියන්න තියනව නං කෙලින්ම කියපං, ඔය මම කියල තියෙන්නෙ ඒ වගේ.එහෙම නැතුව කණගාටුවෙන කතායි ළමයි ඉන්න කතායි මොනවද මේ.මම මගේ අදහස කියල තියෙනව උඹ උඹේ අදහස කියපං අපි දෙන්නගෙම අදහස් සමාන විය යුතු නැහැනෙ.අනික උඹ මොනා කිව්වත් මම තරහවෙන්නෙ නෑ.
Deleteමම උඹත් එක්ක පැයක් විතර ඔය ගැන කතා කරල තියනව මයේ හිතේ ,
Deleteඔය කාරනාවට පක්ෂ වෙනවද විපක්ෂ වෙනවද කියන එක තීරනය වෙන්නේ , අපිට එයින් ලැබෙන පුද්ගලික වාසා සහ අවාසි මත
ඔය බො බ සේ ගෑනද කියන්නෙ?
Deleteමට නම් උන්ගෙන් කිසිම වාසියක් හෝ අවාසියක් පුද්ගලිකව නෑත. උන් ගේ කතාව සහ හෑසිරීම ගෑන හිරිකිතයක් දෑනෙනවා පමණි.
ඇත්තටම කප්පාදු කරන සීන් එක මාර වේදනාකාරී ඇති...
ReplyDeleteබල්ලො එහෙම කප්පාදු කලාම දවස් දෙක තුනක් යනකං නැගිටින්නෙම නෑනෙ..
ඒ වුණාට ඌරො නං මහ එපා කරපු උං..
අපේමංඤොක්ක ගස් සෙට් එකකටම එක පාරක් ගේම දීල තිබ්බ
වල් ඌරො නං මහ එපාකරපු උන් කියන්නෙ අලයක් කොළයක් තියාගන්න බෑ හාරල කනවනෙ.
Deleteවැඩේ දන්න කෙනෙක් කළාම අමාරුවක් නෑ.ඔය වැඩේට දක්ෂයො ගම්වල ඉන්නව. ටග් ගාල කප්පදු කරනව.දවස් දෙක තුන නැගිටින්න බැරිව ඉන්නෙ නෑ.බලු පැටවු එවෙලෙ කෑ ගැහුවට ටික වෙලාවකින් සෙල්ලම.එහෙම දෙයක් වුනාද කියල උන්ට මතකත් නෑ
Delete//'''සමාදානයේ සැතපේවා කියන කෑල්ලට ඉස්සරහින් මං එනතුරු කියල කොටනවා''''// බද පැලෙනකන් තදින් සිනා , හාමිනේට පුදුම පරිකල්පන ශක්තියක් තියෙන්න එපැයි මෙහෙම දෙයක් කියන්න ..
ReplyDeleteයන්තං අදනම් නිදහසේ කොමෙන්ට් එක කොටා ගත්තා අර පඩත්තල පත්තරයා මේ පැත්තට ඇවිත් නැති නිසා , ඇවිත් හිටියනම් එහෙම මම කනෙන් අල්ලලා විසි කරන්න හිතාගෙන ආවේ
අප්පටසිරි ඉවාන්, පත්තරයා එක්ක මලම පැනල වගේ.
Deleteබොලාගෙ අපේ නිකං බාව උනාට හාමිනේගෙ ප්‍රතිභාව තමයි,හැබෑටම කෝ බං පත්තරයා ඕකා නැතුවත් පාලුයි.
Deleteඉවාන් අයියෙ මං ආවා .. :D
Deleteහරකුන්ට ඔය කරන වැඩේ නං දැකල තියනව. ඒක ඊටත් අමානුෂිකයි.
ReplyDeleteඉතින් හරිනේ බන් , හරක් මාන්ෂික නෙමේනේ , මූෂික නේ බන්
Deleteහරකගෙ කප්පාදුව මම අහල තිබ්බට දැකල නං නෑ,ඉතාම කෘර විදියට කප්පාදු කරනවලු නේද අශ්වයන්ටත් එහෙමලු,චිංගීස් අයිත්මාතව්ගෙ සමුගනිමි ගුල්සාරි කතාවෙ අස්සයෝ කප්පාදු කරන විදිය ලියල තිබුණා.
Deleteකප්පාදුවට ඉංග්‍රිසියෙන් කියන්නේ මොකක්ද හැලපයියේ?
Deletecastrate /emasculate
Deleteසත්තුන්ට වුණත් තිරිසන් විදිහට සලකන එක වැරදි යි.
Deleteතැන්ක්ස් ප්‍රා මම වචනෙ හොයන් එද්දී ප්‍රා ලියල.
Deleteදෙන්නටම තැන්කියු
Deleteහරකුන්ට කරන විදිය අමානුෂික වෙන්නෙ මේකයි.ගම්වල හරකුන්ට ඕක කරන්නෙ ප්‍රාථමික විදියට.සමහර විට වැඩුන එවුන්ට.
Deleteඋදේ පාන්දර මිස්ටර් සූකර මතක් කරලා දිව පිස්සු වැට්ටුවා. කිළෝ එකක් ගේන්න ඕන දවාලට. පට්ටිය හංදියේ ඌරූ මස් කඩේ බුවා මගේ බොක්ක. වත්මන් දේශපාළණ පරිසරය ගැනත් විදග්ත සාඛඡ්චාවක් එහෙම දාලා තමා එන්නේ. පොර යූ ඇන් පී කාරයා. මම වෙනස් වෙලා කියලා මිනිහගේ හිත එච්චර හරි නෑ. දැක්කොත් නම් ඕන එකෙක් බය වෙනවා. ඒත් එළ බුවා. මට මතකයි ඔය කළුපාට ඌරෝයි. පැචස් පැචස් තිබුන ඌරොයි ඉන්නවා වාද්දුව පැත්තේ. කෝච්චියේ ගාළු යනකොට පේනවා. කෝච්චිය යන කොට අමු නිර්වසතර කොළු පැටව් කෙලි පැටික්කොයෝ එක්ක ඔය ඌරෝ පැටව් ටිකත් කෝච්චිය එක්ක සමාන්තරව දුවනවා. අර කොල්ලෝ කුරුට්ටෝ නම් දැන් ලොකු ඇති.. ඌරූ පැටව් ටික උන්ගේ බඩේ ඇති නේ..
ReplyDeleteපලයන් බන් බොරු කියන්නේ නැතිව වාද්දුවේ ඌරෝ හිටියට නිර්වස්ත්‍ර පොඩි උන් පාරවල් දිගේ දිව්වේ නැහැ.ඌරෝ ඉන්නේ ඒ ලඟ ඉන්න බහුකරය ක්‍රිස්තියානි ධීවරයෝ හින්දා. දැක්කා වගේ හිතළු කියවන්න එපා .1988 ඉඳන්ම ඔය පාරේ කෝච්චියේ යනවා.
Deleteඅපි කතා කරන්නේ ඊට එහා අතීතයක් ඇනෝ.. ඔයා තාත්තගෙ ඇටෙත් නෑ ඒ කාළේ..
Deleteඋඹ මචං දැන් කැලණියේ නෑ කිව්වා නේද,මට මතක එහෙමයි.කොරසෙ ඌරු මස් කඩේ මගෙත් යාලුවෙක් හිටිය ඌ ගැනත් පෝස්ට් එකක් ලියන්න හිතාගෙනයි ඉන්නෙ.
Deleteපට්ටිය හන්දියේ ඌරු මස් කඩේ ඩයල් එක මාත් දැකලා තියෙනවා. කොන්ඩේ ක්‍රේල්,මරුස් රැවුලක් තියෙන ඩයල් එකනේ.
Deleteමට නං පොරත් නිකං ඌරේක් වගේ ඔන් පෙන්නේ.
//හමගහල// ??
ReplyDeleteඑදිරි බොහොම දවසකින්,කොහෙද ගිහිං හිටියෙ.
Deleteඌරො හමගහන්නෙ නෑ නේද පෙරන් ගාල මස් කරනව.මට අර කතාවට හමගහනවා කියල කියවුනා.
ඔව් හැලප අයියෙ .. හම පොඩ්ඩක් හුලු අත්තක් අරං පුච්චල හම තියෙද්දිම කපල ලේ ටිකක් ගානව හමේ..නේද !!!
Deleteඔව් බං ඔය කියල තියෙන්නෙ කරන විදිය නියමෙටම.
Deleteඅපෝ ,පව් ඒවා දැනදැනත් රහකරන හැටි ඌරු මස් :(
Deleteඑතකොට බයිට් එකක් නැතුව තිත්තට තිත්තෙ අරව බොනකොට අපි පව් නැද්ද ඈ ???
Deleteතලගොයි රහ නැහැ නේද?
Deleteපෝක්...... පෝක්..... ගාගෙන අපේ ළොකු තාත්තා ඉස්සර එන්නේ, දංකොටුවේ පළතුරු ඉස්පෙසල් බොතලයයි. කඳාන පැත්තෙන් ඌරූ මස් රාත්තල් හයකුයි හතකුයි. මීගමු කළපුවෙන් පන පිටින් කකුළුවොයි අරගෙන. අපිට ඉතින් දෙවියන් වහන්සේ ආවා වගේ තමයි. ඒ කාලේ ඕවා රජ කෑම.
Deleteඅනෙ අම්මෝ අර කප්පාදු සීන් එක කියවත්දි නම් ඇඟම හිරි වැටුනා. පව් ඒ සත්තු මොන තරම් නම් වේදනාවක් විඳිනවා ඇත්ද?
ReplyDeleteඅවසන් කැමැත්තෙ කතාවනම් පට්ට. ගෑණු නම් ඔහොම්යි.
අර තේමා ගීතෙට අපිත් සාධු කිවුවා ඕන්. සාධූ සාධූ සාආආආආධූ
//ඇඟම හිරි වැටුනා//
Deleteමගේ නම් අදාළ තැන විතරයි හිරිවැටුණේ. තාම හිරිවැටි
ලද කොහෙද.
කප්පාදු කතාව එච්චර හිතට ගන්න එපා ප්‍රියා,ඌරු පැටවුනුත් දවස දෙක යද්දී වැඩේ අමතක කරල දානව.
Deleteතේමා ගීතෙ ටොප් නේද,එහෙනං සාදු හරිද.
@ඇළපාත,
Deleteඅදාළ තැන විතරක් හිරිවැටුන නං එච්චර ගාණක් නෑ ගජමන් නෝන හිරි ඇරල ගනී.
උෟරෝ කිව්වම මට මතක් වෙන්නෙ අපේ ගමේ හිටිය උෟරන්ට වෙඩි තියන මනුස්සයෙක් නම උෟරු කළු මහත්තයා. මේ මනුස්සයගෙ ඉලක්කය නං ඉතිං වරදින්නෙ නෑම තමයි. හැබැයි එකම එක දවසක් පොරට ඉලක්කෙ වැරදුනා තමන් තියපු වෙඩිල්ල වැදුනේ උෟරු නාම්බට නෙවෙයි. තමන්ගෙම පුතාට. අවුරුද්දක් විතර මහන්සිවෙලා යන්තං කොල්ලව ගොඩදාගත්ත. හැබැයි ඊට පස්සෙ පොර උෟරන්ට වෙඩි තිබ්බෙ නෑ.. උෟරන්ට මල තිබ්බා..දවසක් මේ මනුස්සයා වන භූටෑවේ කරක් ගහන කොට උෟරෙකුට බැදපු තවක්කුවක් පත්තු වෙලා මාස ගානක් දුක් විදල අවසන් ගමන් ගියා..
ReplyDeleteභූම දානේ වෙලාවේ ගමේ පංසලේ ලොකු හාන්දුරුවො කිව්වා මේ කළු මහත්තයා ගමට විශාල සේවයක් කල අයෙක් කියලා.. හැබැයි ගමේ මිනිස්සුනං කටු කුටු ගෑවේ දිඨ්ඨ ධම්ම වේදනීය කර්මද මොකක්ද කියල...
පැටවු කප්පාදු කරන එකනං අදමයි අැහුවේ ඔ්ං...
ජය වේවා!!!
ඔහේ ඇල්පිටියෙද?
Deleteඅනේ නැත කන්නංගර
Deleteමේකා මාතර කන්නයියේ... කැබෝ..
Deleteලොකු හාමුදුරුවො කියල තියෙන්නෙත් බොරු නෙවෙයිනෙ විදානෙ,ඔවුන් බෝ වෙලා දුප්පත් මිනිස්සුන්ගෙ බව බෝග පාලු කරනව,මරණ එක තමා එකම බේත,අනික ගමේ මිනිස්සුන්ට මස් ලැබෙනව සමහරවිට දවල් දානෙටත් ලැබෙනව ඇතිනෙ.
Deleteදේශක,ඈ යකෝ මෙතන ඉන්න හැම එකාගෙම වැල ගිය මුල ගිය තැන් තෝ දන්නවද එහෙනං.
Deleteවිදානේ , ඔය ඌරු කලු මහත්තය හිටියෙ බෙලිඅත්ත ගැටමාන්න සයිඩ් එකේද ??
Deleteඑහෙම නැත්තං මොරවක / නෙලුව/ ලයින් එකේද ??
Deleteකට ඇරිය තැන් වලදි අපි ඒවා අල්ලගන්නවා. ඊට පස්සේ ඉතිං “මෙමරයිස්“ තමා.. හැක්
Deleteඌරන් කප්පාදු කරන කතාව මං දැනන් උන්නේ නෑ හැලප අයියේ.. එහි බලාපොරොත්තුව ශක්තිමත් වැඩුණු සතෙක් ලබාගැන්මද?
ReplyDeleteනලින් ඔන්න උදාර විස්තර සහිතව පහලින් ලියල තියෙනවා.
Deleteපැටවූ කප්පාදු කරන එකනම් මමත් අද තමයි ඇහුවේ.
ReplyDeleteජය ශ්‍රී....!
විස්තරේ කියා දෙන්න ලැබීම ගැන සතුටුයි,
Deleteඔබටත් ජය !
*“හුළු ගානවා “ කියන්නේ මොකක්ද?
ReplyDelete*අපේ ටවුමේ හිටියා පින් ඌරෙක්.රෝස පාටයි.වෙලාවට වැඩ.හෝටල්වල අය හා වෙනත් අය..මාලුපාන්,බනිස් එහෙම කන්න දෙන්න පුරුදු කරන් හිටියා.මාලුපාන් ගිලින්නේ ගංගරු හබරල කොළ ගිලිනවා වගේ,එක කටයි.එයා නැවතිලා හිටියේ,වී මෝලේ දහයියා ගොඩේ.දහම්පාසල් ඇරිලා එතනට ගියාම (අපිත් මාලු පාන් අරන් දෙනවා)පස්සෙන් එනවා ගෙදරටම,එතකොට නාවනවා.හරිම ආසයි නාවනවට.
පස්සේ පස්සේ ගිහින් එක්ක නාවත්(දහම් පාසල් නොගියත්) හරියටම ඉරිදා 11ට ගේ ඉස්සරහට එන්න පුරුදු වුණා.නෑවුවෙ නැතත් හරි පිරිසිදුයි.ළමයි දෙන්නෙක්ව පිටේ තියන් යන්නේ කිසි අමාරුවක් නැතිව.
මේ ලෝකේ ඉන්න හුරතල්ම සතා ඌරා.ආයෙත් කවදහරි ඌරෙක් හුරතලේට ඇතිකරන එක සිහිනයක්.
*මේ කප්පාදු කිරීම කරන්නේ ඇයි?
අළු ගානවා...
Deleteගඟරා කියන මාළුවා හබරල කොළ කන්නේ නැහැ, උ ගෙමබෝ නම් ගිලිනවා ඔය උපහැරටණ විදිහටම. හබරල කොළ කන්නේ වාලයි නැත්නම් යෝධ ගුරාමි.
Deleteකප්පාදු කළාම උගේ ලිංගික පරිණතිවය නැවතිලා අසාමාන්‍ය ලෙ විශාලව වැඩෙනවා. අනික ලිංගික අවශ්‍ය තාවයන් නැති නිසා පිරිමි සතුන් අතර ගැටුම් අඩු වෙනවා. අාහාර උපරිමයෙන් පරිවර්තනය වන්වා මාංශ විදිහට. සතුන් මස් කිරීමේදී අඩුවේනම අපතේ යාමක් සිදුවන්නේ ඌරන් මස් කර්මාන්තයේදී. දිරවිම ඉතා පහසුයි.
Deleteස්තුතියි තුන්දෙනාටම.
Deleteඅපි ඇලේ, උණ පදුරු එහෙම තියෙන කලුවර හරියට හබරල කොළ දැම්මම,එකපාර ඇවිත් ගිලිනවා.මොක්කුද දන්නැහැ.හරියටම..අපි කීවේ ගංගරු කියලායි.දැකලා නැහැ.
ඌරගෙ මවිල් පුච්චන එකට කියන්නෙ හුළුගානවා කියලයි.දැන් බලපුවම මල්මිත් ඌරු ලෝලියක් නොවැ.කප්පාදුව ගැන විස්තරේ තියෙනව නොවැ.
Deleteදේශක,තෝ පණ්ඩිතය වගේ ඇවිත් බොරු කියන්න එපා බොල.හුළුගානවා කියන්නෙ ගිනිතියපු හුළුඅත්තක් අරගෙන ඌරගෙ මවිල් පුච්චන එකට නෙව්යිද යකෝ.
Deleteඋදාර,කප්පාදු කිරීමේ අර්ථය විස්තර සහිතව කියල දුන්නට ස්තූතියි.ඇත්තටම මම කියන්න ගියානං දන්නෙ ඌරා පුෂ්ටිමත් වෙන එක විතරයි.
Deleteවල් ඌරා මස් කරද්දි තැං දෙක තුනක මයිල් පොකුරක් දෙකක් ඉතිරි කරනවා හැලපයියේ.. ඒ ගං ඌරො නෙවෙයි කියල පෙන්නන්න.. වල් ඌරගේ මයිල් ගස් තුන තුන පොකුරට තියෙන්නෙ. ගංඌරා එහෙම නෑ
Deleteඔව් පත්තරේ,ගං ඌරාගෙ එකතැන එක මයිලයි වල් ඌරාගෙ එක තැනින් මවිල් පොකුරයි.
Delete@මල්මි,ඇනෝ
Deleteඔය දෙන්න කියන ගඟරා කියන මාළුවා මට ආගන්තුකයි,විස්තරයක් කරන්න බැරිද.
චැහ්. උළු ගානවා කියන්න ගියේ වැරදලි නෙව
Deleteගඟරා කියන මාළුවා ලූලා වගේ 3 පමණ විශාලත්වයට වැඩෙනවා. ලංකාවට ආවේණික මාළුවෙක් කියලයි සලකන්නේ. තෙත් කලාපයේ කළුතර,ගාල්ල,රත්නපුර ස්වභාවික දොළ පහර වල වාසය කරනවා.මාංශ භක්ෂකයි. විශේෂ නාමය Opheocepahalus marulis. පැහැය අඳුරු - තද කළු. නමුත හරි ලස්සනයි. ලූලා වගරු බිම් වග දැකිය හැකි වුවත් මුන් මා නම දැක් ඇත්තේ අළුත් වතුර, බොහෝවිට ගලා යන ජලය ඇති ස්වභාවික දොළ පහරවල් වල රත්‍රි කාලයේදියි.
Deleteගුගල් සර්ච් කරහමනං ලංකාවට ආවේනික නැති බවක් නේද පෙනෙනේනේ
Deleteඔව්. Opheocepahalus marulis කිව්වහාම එහෙම තමයි. නමුත් Opheocepahalus ara කියලත් විශේස නාමයක් තියෙනවා.http://www.fishwise.co.za/Default.aspx?TabID=110&SpecieConfigId=197657 ඕකට ගිහින් බලන්න. ආරා කියන්නේ ඉහත විශේෂයේ උප විශේෂයක් කයලා තමයි සලකන්නේ Opheocepahalus marulis ara
Deleteසත්තුන්ට ඔය කරන හිංසනය නම් හරි පව්...
ReplyDeleteජෝකිං මුදලාලිට හාමිනේ පරලොවදි හම්බවුනොත් ආපහු මැරෙන්න තමයි වෙන්නේ හි.. හි..
මොනා කරන්නද තුශානි කප්පාදු නොකර උන්ට කන්න දීල හදල වැඩක් නෑනෙ.
Deleteඒක හිංසනයක් නොවෙයි තුෂානි.ඌරු පැටවුන්ට බලු සුරතලුන්ට දෙන සුළු දඩුවමක් .ගනන් ගන්න දෙයක් නෑ.දෙවෙනි එකා කප්පදු කරන කොට මුලින් කප්පදු කරපු එකාට මතකත් නෑ.
Deleteඌරු පැටව් පව් අප්පා...:(
ReplyDeleteඅර අන්තිම කැමැත්ත ලීව හැටි නම් අපූරුයි. ඔහොම තමා කරන්ට ඔනේ 'වදක' භාර්යාවන්ට නේද හැලපයෝ...ඔන්න අපිට නම් එහෙම වෙන්නේ නෑලු. :D
මම එහෙමනම් ඔයාට ලියනවා ඌරු කොටුව ... :P
Deleteඌරු පැටවුන්ට නං පව් තමා.වදක බාරියාවන්ට ඔහොම කරලත් මදි,ඔව් ඔව් බොහෝම සැළකිල්ලෙන් ඉන්න.
Delete@ පවුලූශා,
Deleteඌරු කොටුව ලියලා දුන්නට කමක් නෑ. හැබැයි ඌරු පැටව් බලාගන්ට වෙන්නේ ඔයාට හොඳේ.:D:D
අවුලක් නෑ ,ඔයාව බලාගන්න තරම් අමාරුවෙන එකක් නෑ :D
Deleteමාත් හලාවත පැත්තෙ ගිය වෙලාවට ඔය උෟරු කොටු දැකල තියෙනව. ඒත් අර කප්පාදු කතාවනං අදයි ඇහුවෙ.
ReplyDeleteජොකිංගෙ පවුල ගෙයින් එළියට බැස්ස ගමංම සමාදානයේ සැතපුනාද දන්නෑ.
නිවං කොහොම වෙතත් එකෙක්නං පත්තුකරගෙනම ගියා. තව ඒ වගේ හරක් ඉන්නවද දන්නෑ.
බලපුවම ඔය කප්පාදු කරන කතාව ගොඩ දෙනෙක් දන්නෙ නෑ ප්‍රසන්න.නමුත් ඌරු පාලනයේ කප්පාදුව වැදගත්ම අංගයක්.
Deleteඅනික් සැට් එකත් ගිණි දෙයියා වැන්දොත් නං ලොකුම දෙයක් බං.
හුඟක් දෙනෙක් කප්පාදුව අහල නෑ කියල කියන එකනම් පිළිගන්න අමාරුයි මිස්ටර් හැලපස්. මොකද බල්ලො කප්පදු කරන එක හැම ගමකම තිබෙන එකක්.එතනදි තුවාලෙ මහන්නෙ නැහැ.අලු ටිකක් දාන එක විතරයි කරන්නෙ.මේක මහ ලොකු දෙයක් නොවෙයි.සත්තුන්ට එච්චර ගානක් නෑ.විනාඩියෙන් දෙකෙන් වැඩේ ඉවරයි.කප්පදු කෙරුවට පස්සෙ වටයක් දෙකක් දුවනව උඩුබැල්ලෙන් පෙරලෙනව එච්චරයි.විනාඩි පහෙන් ඔක්කොම ඉවරයි. බලු ගහනය පාලනය කරන්න මේක තරම් කියාපු ක්‍රමයක් තවත් නෑ.කුළු අරන් ගෙවල් ගානෙ එන රොඩී කින්නර මිනිස්සු තමයි මේක කරන්නෙ
Deleteවීර කාන්තා,
Deleteපැහැදිලි කිරීමට බොහොම ස්තූතියි.
පිරිමි අය විතරද ඔය කප්පාදු කරන වැඩේ කරන්නෙ. ඔය වැඩේ කරන ගෑනු අය නැද්ද? එහෙම ඇහුවෙ ගොඩ්ෆ්‍රිලගෙ තාත්තගෙන් ඕක ගොඩ්ෆ්‍රිලගෙ අම්ම ඉගෙන ගත්තෙ නැත්තෙ ඇයි කියල හිතුන හින්ද
ReplyDeleteඇනෝ ඔය මම ලියපු කතාව මම සෑහෙන කාලෙකට ඉස්සෙල්ල දැකපු එකක්,ඒ කාලෙ ඔය වැඩේ සිද්දවුනේ පිරිමි අතිනුයි.නමුත් දැන් කාන්තාවො නොකරන වැඩක් නැති නිසා ඒ වැඩෙත් කරනවද දන්නෙ නෑ.
Deleteඔය වැඩේ කරන ගෑනු ඉන්නව ඇනෝ.හලාවත බස් ස්ටෑන්ඩ් එක ලඟම තියෙන ලැයිමෙ ඉන්නව ඕක කරන ගෑණු.දැන් නම් මන්ද.ඉස්සර හිටිය.ජා ඇලත් මම දන්න ගෑනු කෙනෙක් හිටිය.
Deleteවීර කාන්තා,
Deleteබොහොම ස්තූතියි,මේ මම ඇත්තටම නොදැන සිටි දෙයක්.
ඇයි අප්පා,ඔව්ව ඔහොම තමා.
ReplyDeleteසත්ව හිංසනය දරුණුයි සත්ව ඝාතනයට වඩා!
ReplyDeleteඇත්ත කකා එකඟයි,නමුත් මේ දේ අද පවා සිදුවෙනවා.
Deleteඌරු පැටවු කප්පාදු කරන එක ගැන අහන්න ලැබුනම දුකත් හිතෙනවා. පවු ඉතින් !
ReplyDeleteඔව් මධු දුකයි තමා නමුත් මොකද කරන්නෙ,ඌරො හදන්නෙ මසට පමණයි නොවැ.
Deleteඔන්න ඉතින් අදත් අලුත් කතාවක් අහගත්තා , " කප්පාදුව ".අනේ මන්දා මේ ධර්මද්වීපය ගැන කතා කරල වැඩක් නැහැ.
ReplyDeleteජෝකිං මුදලාලිගෙ පවුල නම් නියමයි :)
ඕක ද්වීපයේ වැරද්දක් නෙවෙයි සොන්යා, ජීවත් වෙන මිනිසුන්ගේ වැරද්දක්.
Deleteඅලුත් කතාවක් වුනාට මේ දේ අපේ රටට අලුත් දෙයක් නං නොවෙයි සොන්යා සහ සුදීක,මේ වැඩේ කාලයක් තිස්සෙ පැවතගෙන එන එකක් සහ දැනටත් කරමින් පවතින දෙයක්.ඒ නිසා කම්පාවීමේ තේරුමක් නැහැ.
Deleteමුදලාලිගේ නම් ජෝකින් නේ. ඒ නිසා ජෝක් එකක් තමයි කරලා තියෙන්නේ. හප්පෝ අර කප්පාදු කෙරිල්ල කියවලා ඇඟ හිරිවැටුනා.
ReplyDeleteඅර සින්දුව නම් මල් හතයි ඈ.
ජෝක් එකක් උනාට නෝනට කෙලවුනා නේද.කප්පාදු කිරිල්ල විචාරක තුමා දැකල නැද්ද.
Delete//සමාදානයේ සැතපේවා කියන කෑල්ලට ඉස්සරහින් මං එනතුරු කියල කොටනවා...//
ReplyDeleteහැම මිනිහට ම සාමදානයේ සැතපෙන්න වෙන්නේ ගෙදර උන්දෑ එනකන් විතරක් තමයි නේද???????????
ඔව්නෙ ගෙදර උන්දැ සීන් එකට බහිනතුරු තමා හැම සෙල්ලමම.
Deleteසාදු සාදු සාාාාාාාාාාාාාදු!!!!
ReplyDeleteහරි හරි සුවපත් වේවා.
Deleteමමත් ඔය කප්පාදුව ගැන අදමයි ඇහුවේ.ජෝකින්ගේ පවුලත් මරු ගැනියෙක් තමයි එහනම්.
ReplyDeleteඅර තේමා ගීතය මොකා ලීවත් පට්ට ඈ හැලපයියේ.
තේමා ගීතය සුපිරියි නේද මනෝජ්,මම හිතන්නෙ ඔය ගීතෙ ලියන්න ඇත්තෙ බ්ලොග් ලොව අලුත්ම කවියා වෙන පත්තර මල්ලි වෙන්න ඇති.
Deleteපිරිමි ඌරු පැටව් කප්පාදු නොකර උන්ව හදලත් තේරුමක් නෑ කන්න දෙනවා විතරයි,නොකරපු උන්ට කියන්නේ ඇට ඌරෝ කියලා පොඩියට පොඩියේ...
ReplyDeleteමූදු කරේ ඌරෝ පැටව් සල්ලි වලට ගන්න ගිහාම මුලින්ම යන්නේ මහ ඊරි ලගට,ඌ හොදට ඉන්නවා නම් තමා ඌරු පැටව් ගන්නේ...හැලප අයියා අහල තියනවද ඕක...ඕක කකුල් දෙකේ කස්ටියටත් අදාලදෝ කියලා හිතෙනවා...
චීන ඌරෝ කියන ජාතිය අහලා තියනවද මහා විශාලයි,ඌරෝ ගන්න එන ලොරියෙන් එකයි..
කප්පාදු කිරිල්ල ගැන ගොඩක් කතාවුනානෙ ඩිලාන් ඒ ගැන අපි දෙන්නම දන්නා නිසා වෙන දෙයක් කියමු.
Delete//මූදු කරේ ඌරෝ පැටව් සල්ලි වලට ගන්න ගිහාම මුලින්ම යන්නේ මහ ඊරි ලගට,ඌ හොදට ඉන්නවා නම් තමා ඌරු පැටව් ගන්නේ...හැලප අයියා අහල තියනවද ඕක...ඕක කකුල් දෙකේ කස්ටියටත් අදාලදෝ කියලා හිතෙනවා...//
පැහැදිලිවම අදාළයි කෙල්ලක් බලන්න ගියාම ඉස්සෙල්ලම කෙල්ලගෙ අම්ම දිහා බලන්න කියල කතාවක් තියෙනවලු,මොකද කෙල්ල වියපත් වෙද්දී ඉන්න ආකාරය අම්මගෙන් පිළිබිඹු වෙනවලු.මමත් එහෙම බැලුවා වැඩේ ඇත්ත.ඩිලාන් ඕනෑනං අත්හදා බලන්න.
අම්මෝ මෙයත් මාර උපුටා ගැනීමනේ කරන්නේ
ReplyDeleteඋපුටා ගැනීම සුපිරියි නේද රාළේ.
Deleteඅර කප්පාදු කිරිල්ල ගැන ඔහොම විස්තරයක් ඇහුවමයි. පිස්සු හැදෙනව නේ?
ReplyDeleteඒක නෙවෙයි. ඌරෝ ඔච්චර ගඳ වෙන්නේ කොහොමද බං? මම එක දවසක් ඌරෝ පටවගෙන යන ට්‍රක් එකක් ලඟ ට්‍රැෆික් එකේ නැවතිලා හිටියා. යකෝ විස්වාස කරන්න බැරි ගඳක් ඒක. කන දේවල් වලින්ම කියන්නත් බෑනේ. මඩ නාන එක මී හරකුත් කරනවනේ. ඒත් ඔහොම නෑනේ.
ඌරු කොටුවලත් ඔය ගඳ තියෙනව මචං,මං හිතන්නෙ උන්ගෙ ජීවන සුවඳ වෙන්න ඇති.මඩ ගඳ නෑනෙ කිව්වත් වගේ මී හරක් ළඟ කිසිම ගඳක් නෑ නොවැ.
Deleteකප්පාදු කිරිල්ල කරන එක ඌට අමාරුවක් නැතුව ඇති. ඔය කිසිම හේතුවක් නැතුව මෙච්චර සබන් සබන් වතුරු තියෙන කාලෙ මුස්ලිම් උනුත් කොණ කපල දවස් දෙක තුනක් විඳවන්නෙ.. ඌරන් ඕක්කොගෙන්ම කප්පාදු කරලා එකෙක්ගේ නොතිබුනොත් ඌට පට්ට තැනක් ලැබෙයි. නැත්තං ඌ කොන්වේවි. මට හිතෙන්නෙ ඌ කොන් වේවි කියලා.
ReplyDeleteඅපිට මහත්වෙන්න ඕ ක්‍රමය වගේ එකක් පාවිච්චි කරන්න බැයිද දන් නැහැ...නිකං කුට්ටමම එකතු කරලා ක්ලිප් එකක් හරි රබර් බෑන්ඩ් එකක් හරි දමලා පාලනය කරගත්ත නම් අපිත් මහත් වේවි චීන ඌරන් වගේ..
ඇට දෙක උලුඅස්සට තියලා දඩස්ගාල දොර වහපන් මචෝ
Deleteමුලින්ම ඔබව මගේ බ්ලොගේට ආදරයෙන් පිළිගන්නවා.
Deleteඌරො ඔක්කොගෙම කපාදු නොකර හොඳ එකෙක් පට්ටි ඌරා හැටියට ඉතුරු කරගන්නවා පැටව් බො කිරීමේ කාර්යය සඳහා.ඌ කෝන් වෙන්නෙ නෑ රජෙක් වගේ ඉන්නවා.
නෝ රබර් බෑන්ඩ් නෝ ක්ලිප් ඒවා හරියන්නෙ නෑ අයින් කරලම දාන්න ඕනෑ,එතකොට හොඳට මහත් වෙනවා.
හරක්ව කප්පදු කරන්න, පොලු දෙකක් දාලා ඇට තලන කතාවක් අහලා තිබුනා.. එහෙමමද කියලා ශුවර් නෑ...
ReplyDeleteඅර කතාවනම් මරු ඈහ්...
බල්ලන්න්ට නං එහෙම කරනවා අහලා තියනවා .. කර අඹනවා කියන්නෙ ඒකට නේද සෙන්නො ???
Deleteපොලු දෙකක් දාලා ඇට තලන්නෙ හරක් සහ අස්සයන්ගෙයි.ඒ කතාව හරි.
Deleteපත්තරේ,
Deleteකර අඹනව කියන්නෙත් කප්පාදුව කියන්නෙත් දෙකම එක වැඩේ නේද.
අපො අර උරො කප්පදුවනම හරි දරුනු වැඩක් නේ.හරකට ඔක කරනව කියල අහල තිබුනට උරොන්ට කරනව කියල ඇහුවමයි.
ReplyDeleteනානසාරගෙ ගීතය නම් මරු
කියනකොට දරුණු වගේ පෙනුනට ඔය වැඩේ එච්චර ගනිච්චියක් නෑ බං.
Deleteසීදුව පැත්තේ මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඉස්සර එහෙ යද්දී දැකල තියෙනව කළු පාට ඌරො ඉන්නවා ගෙවල් මිදුල් වල .මෙහෙ ලොරි වල පටවන් යනවා මහා තඩි රෝස පාට උන්..තව ඉතින් මෝටර් බයික් එකේ පස්සේ බැඳගෙන යනවා .ඌරා පිටින්ම බාබකිව් කරනවා සමහර රෙස්ටුරන්ට් ඉස්සරහ . ඒ පොඩි සයිස් උන්.
ReplyDeleteකප්පාදුව නම අදමයි ඇහුවේ. මුලික ඌරු අයිතිවාසිකම් උල්ලංඝනය ..
බින්දි ඔයා කියන්නේ porchetta roast ගැන නේද. ඒක බාබකිව්ම නෙමෙයි. ඌරා කනවා නම් කන්න හොඳම ක්‍රමයක්. ගෑවිච්ච ගෑවිච්ච තැන කන්න පුළුවන්.
Deleteනම නම් දන්නේ නැහැ රංගි ඌරව කුරක ගහල ගිනි අඟුරු බේසමක් එකක් වගේ උද කරකවනවා. පැය ගණනක් මන් හිතන්නේ . මට ටිකක් බලන්න අමාරුයි. රෝස්ට් වෙලා වගේ තමා .
Deleteරෝස පාට මහා තඩි උන් චීන ඌරො බින්දී,උන්ගෙ මහත කියන්නෙ ඇවිද ගන්නවත් බෑ.කප්පාදු කිරිල්ලට මුලික ඌරු අයිතිවාසිකම් උල්ලංඝනය කියන්න පුලුවනිද,අනේ මන්දා.
Deleteරංගි,ඔය ඌරව කුරක ගහල ගිණි අඟුරු ගොඩක් උඩින් කරකවල රෝස්ට් කරන හැටි මමත් දැකල තියෙනවා,එතකොට ඒක බාබකියු නෙවෙයිද.
Deleteplease check above link. Porchetta
Deletewill reply later
ඕක ජාතික ගීය නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteජාතික ගීය වුනදාට අපි ඉවරයි කැන්ඩියන්.
Deleteකප්පාදු කරන එක ගැන ඉගෙන ගත්තේ අද තමයි, හ්ම්ම්ම් මම ඌරු මස් කන්නේ නැහැ.
ReplyDeleteකප්පාදු කරන හැටි බලං හිටියනං තමා වඩා හොඳ එමා.
Deleteඔවු බලන් හිටියනම් ඔහොම කියන්නෙ නැහැ.ඇත්තටම ඒ වගෙ දේවලුත් දැක බලා ගෙන අත්දැකීම් විදියට තියෙන්න ඕන
Deleteහැලප අයියේ .. වල් ඌරට මද්ද ගහන්න ගන්නේ මහ ට්‍රැක්ටර් ( මැසි ෆර්ගියුසන් වගේ ) ට්‍රැක්ටර් වල ඇක්ස්ලේටර් කේබල් එක.. මද්ද ගහන ක්රමයක් තියනවා ඌරන්ට වෙනම..ඒක හැමෝටම බෑ අමුතු ගැටයක්. ඒක ගහලා ඌරු කපොල්ලක හොඳ හයිය ගහක් බලලා ඒකෙ මුලට තියලා මදු වැල් ඔතනවා කේබල් එකේ..රිදී පාටට තිබුනොත් රිංගන් නැහැ. සමහර වෙලාවට දෙපොටත් දානවා. වල් ඌර කියන්නෙ ලෝක කපටියා..අඳින තුවක්කුවට රතිඥ්ඥ කුඩුයි බයිසිකල් බෝලයි දාල කැප් එකට දාන්නෙ ගිණිකූරු ඔලු කුඩු කරලා..
ReplyDeleteහරියටම මැනලා අඩි එකහමාරක් උඩිං තමා කඳ බදින්නේ..වැදුනා කියන්නෙ ආර් පී ජී එකක් ගැහුව වගේ තමා. අම්මෝ !!!
මං ගාව වීඩියෝ එකක් තියෙනවා කොටන තුවක්කුවක් ලෝඩ් කරන.
Deleteඅර හේනක නයිටක් ගහන්න ගිය ට්‍රිප් එකේද සුදීක අයියේ.. ?? නඩු වැටෙයිද දන් නෑ මේව කියල :D
Deleteඑහෙම බැන්ද කඳක් මනුස්සයෙකුට එහෙම වැදුනොත් කෙලිම්ම දනිස්සට නේද වදින්නෙ පත්තරේ.අම්මෝ දනිස්ස කුඩු නේද බං.
Deleteඅදයි ඉස්සෙල්ලාම ආවෙ.... පට්ට...... සුපිරි..... දැන් ඉතින් දිගටම මේ පැත්තෙ එනව ඕන්.....
ReplyDeleteඔබව ආදරයෙන් පිලිගන්නවා.බොහොම ස්තූතියි.
Deleteහම්මච්චියේ අර කප්පාදු කිරිල්ල අහල ඇඟත් එක්ක හිරිවැටුන.
ReplyDeleteනානසාර නම් අනේ මන්ද. කතා කරල වැඩක් නෑ ඔය ගැන. නිකම් කා කොටා ගන්න එක විතරයි වෙන්නෙ අන්තිමේදි වෙන්නෙ.
අපෝ ඔය සුළු වැඩේට ඇඟ හිරිවට්ට ගන්න ඕනැද බස්සියේ.
Deleteඔව් අනේ ඔය යකා ගැන කතා නොකර ඉම්මු ලේ පිච්චෙනව අපරාදෙ.
මං මාස කීපෙකට කලින් දැක්කා ට්වි එකේ වාර්තා වැඩසටහනක බැටළු පැටවුන්ගේ කරනවා එහෙම.. ඔය විදියට තලෙකින් පලලා,, කටෙන් තමයි එවුවා දෙක එලියට ඇදලා දාන්නේ, ඒ වගේම ඒ ගන්න ඒවා කාක්කන්ට විසිකරන්නේ නැහැ ටිකක් හෝදලා අරන් රස කෑමක් හදලා රෑට කනවා .. :( අප්පිරියාවෙන් බැලුවා,
ReplyDeleteමට ඔය ඕමා කියන ක්‍රමේ තේරුණා මදි,කටෙන් කොහොමද ඇට කුට්ටම එළියට ගන්නෙ එතකොට තලේකින් පලන්නේ ඇයි.
Deleteදැක්කම අප්පිරිය වුනාට කාල බැලුවොත් නං රස ඇති.
එක තැනකින් පලලා අත්දෙකෙන් මිරිකලා ගොරක මද වගේ එද්දී ඒවා දත් වලින් ඇදලා ගන්නවා . ශුක්‍ර වාහිනී දෙක අඩි බාගයක් වගේ දිගට නුල් වගේ එනවා එයා හිනාවෙවී තමයි ඒක කලේ,
Deleteකප්පාදු කරන හැටි මන් පුංචී සන්දියේ දැකලා තියෙනවා හම්මේ ඒ විලාපේ .....කියලා වැඩක් නෑ හැලප මාමේ.... පව් සත්තු
ReplyDeleteශානු පැටවුන්ව කප්පාදු කරන හැටි දැකල ඇති කියල මට නිකමට හිතුන මේ කතාව ලියද්දි.මොනා කරන්නද මසට හදන සත්තුනෙ.
Deleteමේක හුඟක් දෙනෙකුට මැජික් එකක් වෙලා තියෙන්න එක මට නම් පුදුමයි.හැම ගෙදරකම වගෙ බල්ලො හදනව. ඔය වැඩේ නොකළොත් උන් දඩාවතේ යනව.බල්ලෙක් හදනවනම් කප්පදු කරන්නම ඕන.කප්පදු කරන්නෙ නැතිව ගස් දෙකක බැදලා තිබ්බත් ලෙහෙපු හැටියෙ දඩාවතේ යනවා.
ReplyDeleteඕක මහ අමානුෂික දෙයක් නොවෙයි.ඒ වගේම මහ සංකීර්ණ එකකුත් නොවෙයි.පොඩි කාලෙදිම කරපුවම ඒ ගොල්ලන්ටත් ලේසියි අපටත් ලේසියි.බ්ලේඩ් තලයකින් කරන්න පුළුවන් එකක්.හිරි වට්ටල සිහිනැතිකරල කරන සර්ජරි එකක් නොවෙයි.ඒව ප්‍රායෝගික නැහැ.
කැම්පස් එකේ කෘෂි විද්‍යා උපාධියට ඕක ප්‍රැක්ටිකල් කරන්නෙත් ඔය විදියටම තමයි.සත්තුන්ට ඒක අමිහිරි අත්දැකීමක් තමයි.නමුත් කෲර එකක් නොවෙයි.
පොඩි බලු පැටවු තැන් තැන් වල ගිහින් දාන එකනම් මානුෂිකයි.පාරෙ යන බල්ලො මොන තරම් දුක් විදිනවද
පොඩි කාලෙම ඕක කරපුවම අමාරුවක් නෑ.ඊට පස්සෙ අල්ලපු වත්තටවත් යන්නෙ නෑ.ලස්සනට මහතට හැදෙනව.
This comment has been removed by the author.
Deleteබ්ලේඩ් තලයකින් භගමනිය කපාගන බලන්න
Deleteඅමිහිරි අත්දැකීමක් තමයි.නමුත් කෲර එකක් නොවෙයි
ඔබේ පැහැදිලි කිරීම හරිම රසවත් අපට කියන්න දෙයක් ඉතුරුකරල නෑ බොහොම ස්තූතියි.
Deleteඇනෝ,
Deleteඇත්තටම මට මතක්වුනේ ඩෙසර්ට් ෆ්ලවර් කියන පොත,එය කාන්තාරයේ කුසුම නමින් සිංහලට පරිවර්තනය වෙලා තියෙනව.ඒ කතාව ඔය ගැනයි හරිම අමානුෂිකයි.
හැලපේ කියන්නේ වාරිස්ගේ කතාව ගැන නේද ඔය. මටත් මතකයි ඒකෙ ගෑනු ළමයි සුන්නත් කිරීමක් ගැන තිබුනා.. කරලා ඉනෙන් පාල්ලෙහා දවස් ගානක් පොලව යට වලලලා තියන සීන් එකක්..
Deleteහම්මේ ඒක බ්ලේඩ් තලයක් නෙමෙ කැඩුන බ්ලේඩ් තල කෑල්ලක්ලු නේ. පොතේ ඒ හරිය යද්දිනම් බඩේ කැක්කුම හැදෙනව. :O
Deleteසෙන්නා,බස්සි
Deleteඔව් ඒ වාරිස් ගෙ ජීවිත කතාවයි.මළකඩ කාපු බ්ලේඩ් කෑල්ලකින් ඇයගෙ සුන්නත් කිරීම කරනවා.
මාත් මේක බලල මට මතක තිබුන ඌරු කතාවක් මගෙ බ්ලොග් එකේ දැම්ම. මේ ලින්ක් එකෙන් බලන්නකෝ
ReplyDeletehttp://premalathaa.blogspot.com/2014/05/blog-post.html
ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,කතාවට ස්තූතියි.
Deleteසතෙක්ගේ ඇගේ නමක් කොටන එකත් අමානුෂිකයි කියලා කියද්දී මේවා කොහොම කෙරෙනවද මන්දා..
ReplyDeleteහංවඩු ගහන එක අමානුෂික වුනාට ඇටදෙක කපලදාන එක එහෙම නැතුව ඇති දිනේෂ්.ඇත්තටම දිනේෂ් මේ වැඩේ දැකල නැද්ද.
Deleteමේකෙ අමානුෂික බවක් තියෙන්නෙ වචන වල. වැඩේ අමානුෂික නැහැ.පැටවුන්ට ගානක්වත් නෑ.ඕක කරද්දි කෑගහනව තමයි.ඌරෙක් නිකම් ඇල්ලුවත් කෑගහනවනෙ.
Deleteවීර කාන්තා, ඔයා හොඳ සිහියෙන්ද ? කාට හරි කියලා කප්පෝගෙන බලන්න ගානක් නැද්ද කියලා...
Deleteඊට හොඳ නැද්ද මිස් ඌරන්ට උපත් පාලන කොපු පාවිච්චි කරන්ඩ ඉගැන්නුවනං.. ??
Deleteපත්තරේ ++++++++++
Deleteඅනේ මන්දා මේවා කරලා මනුස්ස ජාතිය යෙහෙන් වැජඹෙන්නද දන්නෑ කල්පනාව ? මොනවා වුනත් රටේ කෙරෙන දෙයක් දැන ගත්තා. අපිට නම් මේවා බලන්න නොවේවා කියන එක තමයි ප්‍රාර්ථනාව.
ReplyDeleteඕව කරන කට්ටියගෙ අවසාන කලෙ දිහා බැලුවම යන තැන හිතාගතෑකි ..
Deleteඑතකොට මහමුහුදේ පිහින පිහින ඉන්න මාළු ගොඩ ගෙනාවම කන එවුන්ට මොනවාද වෙන්නේ?
Deleteමේවා කාලයක ඉඳල කෙරෙන වැඩ සුදීක,ලංකාවෙ ඌරු පාලනය තියෙනතුරු කප්පාදුවත් තියේවි.
Deleteසුදීක කන සොසේජස් ගන්නේ ගසවලින් කඩලාද?
Deleteඅය්යෝ අර කප්පාදුව මහම මහ පව්කාර වැඩක්නෙ... ඌරු මස් කියන්නෙ අපේ ගෙදරට ගෙනාවෙම නැති දෙයක්... ඉස්සර මූදුකරේ කෝච්චියෙ යනකොට ඌරො හදන ගෙවල්වල ඉන්න ඌරො කර කර ඉන්න වැඩ දැක්කම කවදාවත් කන්න හිතුනෙ නෑ...
ReplyDeleteපව්කාර වැඩක් නං වෙන්න ඇති මියුරු නමුත් කප්පාදුව කෙරෙනවනේ.ඌරු මස් කනව නං උන් කන බොන දේ කරන වැඩ නොබලා ඉන්න එක වඩා සුදුසුයි.
Deleteමං ඔන්න ඔය කන බොන දේ තමයි දැක්කෙ හැලප.... ඊට පස්සෙ අසවල් ඌරො කියල තමයි කිව්වෙ.... වචනෙ කියන්න කැමති නෑ, කන අය ඉන්න හින්දා....
Deleteහැලපේකියලා තියෙන කප්පාදුව ගැන නම් මම කලින් අහලා නෑ.. අම්මා ගෙන් තමයි අහගත්තෙ මේක කියෙවුවට පස්සේ..
ReplyDeleteඅර භාර්යාතොමෝ ගෙයින් එලියට බහින්න ඇත්තේ ස්වාමියාව අල්ලගන්න වෙන්න ඇති නේද..??
අනේ අපොයි අපේ රටට ගිය කලක් නේද හැලපේ...??
අම්මට කරදර කරන්නෙ නැතුව මගෙන් ඇහුවනං ඉවරයිනෙ,අනේ මන්ද ඔයත්.
Deleteඅනේ අපොයි කියල තමා කියන්න වෙන්නෙ ඔහොම වැඩ කරද්දි.
අනේ ඉතිං ඔයා ලියන ඒවායේ තියෙන නොතේරෙන ඒවා ඇහුවට ඔයා කියලා දෙන එකක්යැ...
Deleteහැමදාම පස්සෙ කියලා දෙන්නම් කියනවා මිසක.. ඒවා ඉතිං කියලා දෙන දවසක් නෑ.. :(
Sanda,
Delete/ අම්මා ගෙන් තමයි අහගත්තෙ මේක කියෙවුවට පස්සේ../
සිකේ බොලේ හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක..ඔහොම එව්ව අහනවද බං අම්මලගෙන්..අම්ම හිතන්ට ඇති එකත් එකටම " සීවරං දෙයියනේ මේ යෝදි අර දේස දීපංකරේ ගිහිල්ල ඌරංගෙ කර අඹන එකද කොහෙද කරන්නෙ මට පේන්නෙ " කියල ….හෙහ්,හෙහ්,
මට මතක් උනේ අර සිංදුව....
ReplyDelete" කර අඹන්න බැහැ මට ඔබෙ මුහුණ මතක් වෙනවා...."
එහෙම සින්දුවකුත් තියෙනවද
Deleteඈ ඈ මොකද්ද රවී සිංදුව ආයෙ කියපං බලන්න,පුලුවන්නං ලින්ක් එකක් හොයල දාපංකෝ මචං අපටත් අහන්න.
Deleteසාදු සාදු.. අර කප්පාදු කල එකා කරන වැඩේ තමයි බොරු බල සේනා ආගමට කරන්නෙත්..
ReplyDeleteසහතික ඇත්ත සරත් මටත් ඇහුනෙ එච්චරයි,බොරු බල නෙවෙයි බොරු බලු සේනා.
Deleteමේක කියවල සමහරු ඒක මෙහෙමයි අරහෙමයි කියල චිත්ත රූප මවා ගන්න නිසයි භයානක දෙයක් වගෙ පේන්නෙ.ඔය වැඩේ කරන්න දන්න අය ලංකාවෙ හැම ගමකම ඉන්නව. අපේ පැත්තෙ නම් ඕක මහ අමුතු දෙයක් නොවෙයි.මම එල්.ඩී.අයි කෙනෙක් විදියට දන්නව ඕක කොච්චර සාමාන්‍ය දෙයක්ද කියන එක.කවුරුවත් ඒක එච්චර ගනන් ගන්නෙ නැහැ.කප්පාදු කරන අය ගම් වල දැන් අඩුයි .ඒකයි පාරෙ යන්න බැරි තරම් බල්ලො බෝ වෙන්නෙ. ඌරු පාලනය වගෙ කර්මාන්තයක් නම් කප්පාදුව නැතිව හිතන්නවත් බෑ.ඌරො විතරක් නොවෙයි සත්ව පාලනයයි කප්පාදුවයි කියන්නෙ ගහට පොත්ත වගෙ.මේ වගෙ ආකල්ප ලංකාවෙ සත්ව පාලනය දියුණු කරන්න බාධාවක්.
ReplyDeleteඔය කපන ක්‍රමය පෘතුගීසින් ලංකාවට දීපු දෙයක්. සිංහල ක්‍රමයට ඕක කරපු හැටි රොබට් නොක්ස්ගෙ එදා හෙලදිව පොතේ ලියල තියෙනව.
ReplyDeleteඑදා හෙළදිව ආයෙ කියවල බලන්නංකො
Deleteඅපේ ඉස්සරහා ගෙදර කැමිලස් ලොක්කා ලගත් උෟරො හිටියා අපි පොඩි කාලෙ...ඒ උනාට පල්ලියෙ මංගල්ලය ආව දවසට ඌරො කෑ ගහන හඩ නම් අපිට ඇහිලම නෑ...මිනිහා මරන්න වෙන එකෙක්ට බාර කරන්න ඇති....ඌරා මරන්නෙ උගෙ ඇගම තලලා කියන්නෙ ඇත්තද පොලු වලින් ගහලා...පවු නේද හැල පයියෙ...ඒ උනාට මස් නම් රහයි නේද බං....
ReplyDeleteපොලුවලින් ගහල තලල ඉදිමුනාට පස්සෙ මරනව කියල කතාවට කිව්වට මම නං දැකල නෑ සිරෝ.මස් ටික නං හොඳට ලුණු ඇඹුල් පදමට දාල උයල හරි තෙල් දාල හරි ගත්තනං ගෑවිච්චි තැන කන්න පුළුවන්.හැබැයි වැඩේ කියන්නෙ අපේ ගෙදරට ඔය මස් ගේන්නෙ නැති එකයි.අපි කරන්නෙ නංගිලයි ගෙදර යද්දි හදන්න ඕනෑ දේවල් කලින්ම කියල යන එක එතකොට අපි යද්දි බඩු රෙඩි.
Delete