Tuesday, January 6, 2015

ජනවාරි නිවාඩුව.





අලුත් අවුරුද්දෙ ඉස්සෙල්ලම පෝස්ට් එක ලියන්න පටන්ගත්තෙ ලංකාවට පිටත්වෙන්නට ඔන්න මෙන්න කියල තියෙද්දියි.මොකද කිව්වොත් මේ මාසෙට ආයෙ පෝස්ට් ලියවෙන එකක් නෑ සහ බ්ලොග් බැලිල්ලත්  කමෙන්ට් කිරීමත් මාසෙ අන්තිම වෙනකං කල්යාවි.ඒ කියන්නෙ බ්ලොග්  කෙරුවාවට මාසෙක පමණ නිවාඩුවක් ලැබෙනවා.ඒත් එක්කම මම  බ්ලොග් රාජකාරියට කොපමණ ඇබ්බැහි වෙලාද කියා මටම නිරීක්ෂණය කරගන්නත් හැකිවේවි.

පහුගිය වතාවෙ මම ලංකාවට ආවෙ ගිය ජනවාරියෙ,කොහොම උනත් ගතවුණු අවුරුද්ද සිදුවීම් වලින් ගහන අවුරුද්දක් වුණා කීවොත් නිවැරදියි.ඉතිං දැනටමත් මාසෙන් සතියක් ගතවෙලා, ඔය විදියට මේ අවුරුද්දත් ඉක්මනටම ගෙවී යාවි.කොහොම උනත් ලංකාවට ගිහිං ආපහු ආපු විගසම නැවත හමුවෙමු.