අපූරු සමීක්‍ෂණයක් කිරීමේ අවස්ථාව මට පසුගියදා අහම්බෙන් ලැබුණි. මා සාමාන්‍යයෙන් ලංකාවේ සති අන්ත දිනවල බ්ලොග් ලිපි ප්‍රකාශයට පත් නොකරමි. ඒ මක්නිසාද කිවහොත් සති අන්ත දිනවල පාඨක පැමිණීම බෙහෙවින් අඩු අගයක් ගන්නා බව අත්දැකීමෙන් දන්නා නිසාය. එහෙත් සඳුදා දින ප්‍රසිද්ධ කරන්නට සිටි ලිපියක් ඉරිදා දිනයේ ප්‍රසිද්ධ කරන්නට මට සිත්වූයේ එදින මා තව අවුරුද්දකින් වියපත්වූ දිනය නිසාය. ලිපිය පළකලද සිතා සිටි පරිදිම පාඨක පැමිණීම ඉතා දුර්වල වුයේ සති අන්ත නිවාඩුව නිසා වෙන්නට ඇත.
පැමිණීම සම්බන්ධව තවදුරටත් පරීක්ෂා කර බලද්දී විදේශගත පාඨකයන්ගේ පැමිණීමේ කිසි අඩුවක් නොපෙනෙන බව හා පැමිණීම පැහැදිලිවම පහත වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ පාඨකයන්ගේ බවද නිරීක්ෂණය කළෙමි. මේ අනුව මට පෙනීගිය කරුණ වුයේ සිංහල බ්ලොග් කලාව රඳා පවතින්නේ ශ්‍රී ලංකා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල කාරුණික අනුග්‍රහය මත බවයි.මෙය මීට පෙරද අපේ බ්ලොග්කරුවන් තුඩ තුඩ කතාවූ කරුණක් වුවද එම කරුණ සැබෑයැයි තහවුරු කරගන්නට මට අහම්බෙන් ලැබුණු මේ අවස්ථාව ඉතා ප්‍රයෝජනවත් විය. නිවාඩු දින පළකල ලිපියේ මා තව අවුරුද්දකින් වයස්ගතවූ බව නොලීවේ එය ලිවීම අනවශ්‍ය යැයි මා සිතූ බැවිනි. තම උපන් දවස තමා විසින්ම කියාපෑම තරමක ලැජ්ජාවක් ලෙස මට සිතේ.
කොහොමටත් මම උපන් දවස සමරන්නෙක් හෝ ඒ වෙනුවෙන් උත්සව පවත්වන්නෙක් නොවෙමි. මගේ උපන් දවස ද සාමාන්‍ය දිනයක් මෙන් විශේෂත්වයකින් තොරව ගෙවීයයි.එසේ වුවද බිරිඳ නම් මීට වෙනස් ආකාරයකින් කල්පනා කර එදින උදෑසන අවදිවී මට කන්නට කිරිබතක් ලුණුමිරිසක් පිළියෙළ කළාය. වැඩට යනවිට ගෙනයන්නට පෙරදින සකස්කර තිබූ කජු අලුවා පාර්සලයක්ද මා අත තැබුවාය. ඒ කන්නට දෙයක් නොමැති වුවොත් කාර්යාලයේ අය මා කන්නට සැරසෙන බව ඇය දන්නා නිසාය. ලංකාවේ සිටියානම් ඇගෙන් මට වටිනා තෑග්ගක්ද ලැබේ. එහෙත් ඇය විප්‍රවාසයේ ගතකරන මේ දිනවල යැපෙන්නේ මගෙන් බැවින් තෑගී ගැනීමට මිළ මුදල් ඇය අත නොමැත. එදිනට දින කීපයකට පෙර ඇයගේ උපන් දවස යෙදුනත් ඇයට දීමට තෑග්ගක් මා ගෙන නොතිබිණි. ඒ වෙන කිසිවක් නිසා නොවැ ගෑණුන්ට තෑගි තේරීම පණයන වැඩක් නිසාය. එදා සවස් අතේ ගෙදරට බඩු ගන්නට කඩේ යද්දී ඒ ළඟ තිබු රෙදි සාප්පුවකටද ගොඩවීමු. එහි බොහෝ වේලාවක් ගතකළ බිරිඳ ඇඳුම් කීපයක් තෝරාගත්තාය.එය ඇගේ උපන් දවසට මගෙන් අහම්බෙන් ලැබුණු තෑග්ගකැයි මා ඇයට කීවෙමි.
පසුගිය ලිපියෙන් මා අපේ ලොකු අම්මලාගේ ගෙදර ගතකළ සමය ගැන ලියන්නට පටන් ගත්තෙමි. ඒ කාලය තුල කතාද අතුරු කතාද බොහෝය. ලියන විට එකිනෙක මතක්වේ. මතක්වන ආකාරයට ලියැවේ. එගොඩහ මහප්පා උදේට ගහගන්නා අමුඩය ගලවන්නේ රාත්‍රී නින්දට යාමේදීය. මහප්පා උදේම තේ එකක් බී විටක් හප හපා කුඹුරු පැත්තේ රවුමක් යයි. ආපසු එන්නෙ උදේ හීලටය. ඔහුට අයිති කුඹුරුද අඳයට කළ කුඹුරුද වශයෙන් බොහෝ කුඹුරු ඔහු විසින් අස්සද්දන ලදී. ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ වී විකිණීමයි. එබැවින් සියළුම කුඹුරු කලට වේලාවට වැඩ කිරීම අත්‍යාවශ්‍ය විය. එමතුද නොවැ එකළ ඔවුන් අවුරුද්දකට කන්න තුනක් වැඩ කළෝය. ඒ කාලයේ අපේ ගම්වල ගොවියන් වැඩ කළේ එක් කන්නයකි. පැසීමට හය මසක් ගතවෙන මාවී වපුරා අස්වනු කපාගත් පසුව ඉතිරි කාලයේ කුඹුරු හරකුන්ට ඇරුණි. එහෙයින් ගොවියන්ට විවේකය බොහෝ විය. කුඹුරු වැඩ නොමැති කාලයට අපේ ගමේ ගොවියෝ හරක් මේච්චල් කරති. සැන්ටින් මුදලාලිගේ කඩේට එකතුවී කයිය ගසති. එක්කෝ කඩේ පිටුපස වෙද මහත්තයගෙ ඉඩම් කෑල්ලේ බුරු ගසති. හැන්දෑවට කසිප්පු බී මහ හයියෙන් කෑ ගසා ගනිති.
ඒත් බෝතලේ යායේ ගොවියන්ට හෝ මී හරකුන්ට එහෙම විවේකයක් නොමැත. අද අස්වනු කපා ගෙට ගත්තද හෙට සිට නැවත බින් නැගුම හාන්නට පටන් ගත යුතුය. නැත්නම් කන්න තුනක් කරගන්නට කාලය මදිවේ. ගොවීන්ට විවේකයක් ලැබෙන්නේ වෙල් වපුරන්නට තරම් වතුර ඇළවල්වල නොමැති නියඟයකදීය. මහප්පා චන්දරේ අයියා සමග පස්සෙන් වැටී මමද කුඹුරට යන්නට පටන් ගත්තෙමි. මහප්පලාගේ ගෙට අල්ලපු වත්ත බෝතලේ කනිෂ්ඨ විද්‍යාලයයි. පල්ලම බැහැගෙන ඉස්කෝල වත්ත පසුකළ ගමන්ම පොදු ලිඳය. එතනින් පහළට පේන තෙක් මානයේ වෙල්යායයි. අපි මී හරක් දක්කාගෙන නගුල් වියගස් කරතබාගෙන කුඹුරට යන්නෙමු. මී හරක් බාන වියගහේ බැඳීමට, අමුතු බාන සකස් කර නගුල ඈඳීමට උදව් දෙමින් ටික ටික කුඹුරු වැඩ ඉගෙන ගන්නට වුයෙමි. එහෙත් තවම හීයකදී තනිවම හරක් බාන දක්කාගෙන යන්නට නොලැබුණි. කුඹුරු වැඩ කරනවා යැයි කියමින් හීයකදී කුඹුරට පැන ඇඟේ මඩ තවරා ගැනීමත් ගොයම් කපන කාලයට ඉපනැල්ල කපා නලා හදාගෙන පිඹීමත් හැරෙන්නට ගමේදී මා කළ කුඹුරු වැඩක් නොමැති වුවත් බෝතලේ යායේදී ප්‍රායෝගිකවම කුඹුරු වැඩට බසින්නට සිදුවිය.
බෝතලේ වෙල්යායත් අපේ ගමේ වෙල් යායත් අතර තිබූ කැපී පෙනෙන වෙනස්කම් වුයේ ගමේ වෙල්යාය කළු මඩ සහිත බොහෝ එරෙන සුළු එකක් වුවද බෝතලේ වෙල්යාය කහ පැහැති මඩ සහිත නොඑරෙන එකක් හෙවත් ගොවියන් කියන පරිදි ගොඩ කුඹුරු වර්ගයේ යායක් වීමය.අපේ කුඹුරු බොහෝ දුරට දණක් හෝ ඉණක් එරෙන කුඹුරු වුවද බෝතලේ යායේ කුඹුරුවල සාමාන්‍ය පරිදි ඇවිදගෙන යන්නට හැකි විය.අපේ ගමේ කුඹුරුවල බොහෝ කූඩැල්ලන් වූ අතර දිය කූඩැල්ලන් පොල්ලෙලි කූඩැල්ලන් හා මීහරක් කූඩැල්ලන් යනුවෙන් වර්ග කීපයක් විය. කුඹුරකට බැස ටික වේලාවකින් කූඩැල්ලන් තුන් හතර දෙනෙක් කකුලේ එල්ලීම සාමාන්‍ය දෙයක් විය. පොල්ලෙලි හෝ මීහරක් කූඩැල්ලන් එල්ලුනු කළ උන් ලේ විශාල ප්‍රමාණයක් උරාබී බට්ටක් මෙන් මහත්ව එල්ලී සිටිනු හෝ ලේ බී අවසන්ව බිමට වැටෙනු දැකිය හැක. කකුලේ කූඩැල්ලන් එල්ලී සිටීම අපි එතරම් ගනිච්චියකට නොගත්තත් කුඹුරුවල කූඩැල්ලන් නොසිටි බෝතලේ ගොවියන් කූඩැල්ලන්ට පණ බයය.කූඩැල්ලෙක් දැක්ක දුටු විට කුඹුර පළාතකවත් නොඉඳ දිවයන්නේ භයානක රකුසකු දැක්කාක් මෙනි. මෙය මට මහත් විනෝදයක් විය. කූඩැල්ලෙක් එල්ලුන විට කන හුණු ටිකක් හෝ සබන් ස්වල්පයක් තැබුවිට කූඩැල්ලා ගැලවී වැටේ. දුම්කොළ ඉස්මද හොඳය. එසේ ගැලවී වැටෙන කූඩැල්ලන්ට එකළ අපි නොදැනුවත්කමට දස වද දුන්නෙමු.

හීයක් හෑමේ දී පෙරමුණේ ගමන් කරන්නේ හීයෙහි කෙළ පැමිණි දක්ෂයාය. කුඹුර හෑමේ සාර්ථකත්වය ඔහු මත රඳා පවතී. මී ගොන් බාන දක්කාගෙන පෙරමුණේ ගමන් කරන හී කරුවා හී විට තනි කෙලින් ඇඳිය යුතුය.එය කරන්නේ ඉදිරි නියරේ ඇති යම් ඉලක්කයක් දෙස බලාගෙනය. හාන්නට ඉන්නා හරක් බාන් ප්‍රමාණය අනුව වරකට හාන ප්‍රමාණය සලකුණු කර ගත යුතුය. නගුල උවමනාවට වඩා තදකළහොත් ඇවුලුම වැඩිවී ගොන් බානට නගුල ඇදගන්නට බැරිව යයි.ප්‍රමාණවත් පරිදි තද නොකළහොත් නගුල පස උඩින් දුවයි.ඒ නිසා නිසි ප්‍රමාණයට ඇවුලුම සකස් කර ගත යුතුය. හරියට සී සා නැති කුඹුරකට බසින මහප්පා වැනි පළපුරුදු ගොවියෝ "හාලයැ පහුරු ගාලනේ"යනුවෙන් උපහාස මුඛයෙන් කියති. චන්දරේ අයියා කඩේ අයියා වැනි සී සෑමේ දක්ෂයෝ බොහෝ විට ඉදිරියේ ගමන් කරති.
මෙතැනදී මට තවත් කතාවක් මතක්වේ. මහප්පා සතුව එක් විශේෂිත මීමෙක් විය. විශේෂිත උනේ ඌ කුළු මීමෙකු බැවිනි. වෙනත් මී හරකුන් අළු පැහැති මවිල් වලින් ගහණ සතුන් වුවද මූ තද කළු පැහැති ඇඟේ ඈතින් තැන තැන මවිල් ඇති බොහෝ රෞද්‍ර සතෙකු විය. නුපුරුදු කෙනෙක් ලඟට ගියොත් පිඹගෙන අනින්නට එයි. ඌ ආන්බාන් කළ හැකි වුයේ මහප්පාට පමණි. අනික් සියළුම සතුන්ට වඩා මහප්පා කුළු හරකාට ආදරේය. දවස පුරාවටම ගේ ළඟ පොල් ගහක දිගේලි කර සිටින කුළු හරකාට මහප්පා උදේම කෙසෙල් කඳක් පෙතිගසා කන්නට දෙයි. හවසට ලොකු තණකොළ ගෝනියක් නියරෙන් කපාගෙනැවිත් කන්නට දමයි. ඒ අතරතුර කොස්කටු කෙහෙල් ලෙලි ආදී රසවත් කෑමද දෙයි. මේ සියල්ලම කා දමා බඩ පුරවාගන්නා කුළු හරකා නිවී හැනහිල්ලේ වමාරා කමින් එතැන ලැග දවස ගෙවයි.
ලඟට දෙන කෑම කමින් කිසිම ව්‍යායාමයක් නොමැතිව එකතැන ලැග සිටීම හේතුවෙන් කුළු හරකා කෙමෙන් කෙමෙන් තර වන්නට විය.දවසක් මහප්පා කුඹුර හාන්නට මේ උස මහත තෙල් පාට වැටී ඇති කුළු හරකා රැගෙන ගියේ ආඩම්බරයෙනි. කුඹුරට ගිය අපි හරක් බාන් වියගහේ ගැටගසා නගුල් ඈඳා හීය පටන් ගතිමු. හීය පටන්ගෙන රවුමක් දෙකක් යද්දී කුළු මීමාගේ ගමන් වේගය බාලවිය. ඌට ඒ ටිකට හැති වැටිලාය.මහප්පා ආදරයෙන් කතාකර බැලුවේය. කෝටුවෙන් දෙකක් තැලුවේය. වෙනසක් නැත. පැටියා කාලයේ සිටම කඩේ අයියා ආදරයෙන් හදාගත් හුරුබුහුටි මී වැස්සියද මේ හීයට බැඳ සිටියාය. වෙලේ නියරේ හැම තැනම ඇවිද නිල් තණ උලාකා පස්ස උඩ දමමින් සෙල්ලම් කරන මේ ලස්සන මී වැස්සිය කකුලේ රෝද සවිකර ඇතුවාක් මෙන් කුලුමීමාද පහුකරගෙන නගුලත් ඇදගෙන වේගයෙන් යන විට මහප්පාගේ කේන්තිය ඉහවහ ගොස් කෝටුව කැඩෙනකල්ම කුළු මීමාට තැලුවේය. බැරිතැන ඒ අහිංසක සතා දෙදන නමා වෙලේ ලැග්ගේය. ඒ හරක් බාන අපි හීයෙන් ඉවත් කළෙමු. ඇවිදගන්නට බැරිවුන වැරැද්ද මීමාගේ නොව මහප්පාගේය. බඩපිරෙන්නට කෑවත් දවසට අඩි දහයක් ඇවිදින්නට නැති සතා එක පාරටම නගුලත් ඇදගෙන කුඹුරේ ඇවිදින්නේ කෙසේද? තමන් කළ වරද තේරුම්ගත් මහප්පා මීමාගේ කෑම වේල සංශෝධනය කර ප්‍රමාණවත් ව්‍යායාම ලබාදී නොබෝ දිනකින් කුළු මීමා ආපසු වැඩගන්නට හැකි තත්වයට පැමිණියේය.
උදේ දහය පමණ වන විට ලොකු අම්මා ඇඹුලද රැගෙන වෙලට පැමිණෙයි. ඇඹුල බොහෝවිට කිරිබත් හෝ ඉඹුල් කිරිබත් සහ හකුරු සහිත කහට තේය. අහල පහළ තනිවම කුඹුරේ වැඩකරන ගොවියෙක් සිටීනම් ඔහුටත් කතාකර ඇඹුල බුදින්නෙමු. බින් නැගුම හා දෙහියෙන් පසුව පෝරුව අල්ලා කැට පොඩිකර වතුර බැඳගත් පසු වපුරන්නට කාලයයි.

වපුරන්නට හොඳ වියක් මඩබාවිට තිබෙන බවත් මඩබාවිට ගොස් බිත්තර වී වලට පණිවිඩය කියා එන්නට යැයි දවසක මහප්පා චන්දරේ අයියාට කීවේය.මඩබාවිට යනු මහප්පාගේ අක්කා දී ඇති ගෙදරය.එනම් චන්දරේ අයියලාගේ නැන්දාගේ ගෙදරය.බයිසිකලයක නැග විනාඩි පහළොවකින් මඩබාවිටට යාගතහැක. මඩබාවිට ගමනට චන්දරේ අයියා මටද කතාකළවිට මමද කැමති උනෙමි. උදේ ගිහිං ආපසු එතැයි මා සිතා සිටියද අයියාගේ අදහස ඊට වෙනස් විය.ඔහුට අවශ්‍ය වුනේ හවස ගොස් රාත්‍රිය නැන්දලාගේ ගෙදර නැවතී සිට පසුවදා උදේ ආපසු එන්නටය. පණිවිඩය කියන ගමන්ම නෑගම් යන්නටත් චන්දරේ අයියා කල්පනා කර ඇත.එහෙත් මගේ තත්ත්වය ඊට වෙනස් විය.කවදාවත් ගොස් නොමැති නාඳුනන ගෙදරක රාත්‍රිය නවතින්නට මම අදිමදි කළෙමි. ඒත් මගේ අකමැත්ත කතාවෙන් ජයගත් චන්දරේ අයියා පසුවදා හවස මාද කැටුව මඩබාවිට බලා පිටත්විය. ගිය පණිවිඩය කතා කරගන්නට ගත උනේ සුළු වේලාවකි.නැන්දාගේ පුතා මඩබාවිට අයියාද එකල දීගයක යන්නට සූදානමින් සිටි අක්කාද චන්දරේ අයියාත් මාත් සමග කදේ වැටී කතා කරමින් සිටියෝය.ඒ ගෙදරට කවදාවත් ගොස් නැතත් ඥාතියෙකු වූ මාව චන්දරේ අයියා විසින් නැන්දාට සහ ගෙදර අයට හඳුන්වා දෙනලදී.කතා කළා යැයි කතාවට කීවාට මම කළේ අනික් අය කතා කරන දේ අහගෙන සිටීමය.කොහොමටත් මම කතාකාරයෙක් නොවෙමි. එහෙත් කතා කරන අයගේ කතා සාවධානව අසා සිටින්නෙක්මි
එසේ කීවිට මේ මෑතකදී සිදුවුන දෙයක් මතක්වේ.දැනට අවුරුද්දකට දෙකකට ඉහත සලාලා බලා ගිය චාරිකාවකදී අපේ කණ්ඩායමේ සගයෙක් විසින් සලාලාවල සිටින ඔහුගේ ශ්‍රී ලාංකික යහළුවෙකුට කතා කළේය. යහළුවා අපේ හෝටලයට පැමිණ මුලින්ම අප දෙදෙනා සලාලාවල රවුමක් රැගෙන ගොස් ඊළඟට ඔහුගේ ගෙදරට කැටුව ගියේය. මේ යහළුවා සලාලාවල රජයේ ගොවිපළක කෘෂි විද්‍යාඥයෙකි.ගෙදරට අපව රැගෙන ගියවිට ඔහුගේ බිරිඳ නිවසේ සෑදු කැවිලිද තේද අපට පිළිගැන්වූවාය. ඇය අපට පිළිගැන්වූ කැවිලි ඉතා රසවත් ඒවා විය. අපි කැවිලි කමින් තේ බොමින් කතාබහ කළෙමු. කෘෂිකර්මය මගේද සිත්ගත් විෂයයක් බැවින් ගොවිපොළේ වවන බෝග වර්ග ගැන හා පටක රෝපණය ගැනද මා ඔහුගෙන් විමසීමි. ඔහු මා පැත්තකට කරගෙන බෝගවල ප්‍රභේද හා පටක රෝපණය ගැන පාරිභාෂික වචන බහුල දීර්ඝ විස්තරයක් කළ අතර සමහර තැන් කොහෙත්ම නොතේරුණත් ඔහු විසින් කරන්නට යෙදුණු පැය බාගයක පමණ විස්තරයට වචනයකින්වත් බාධාවක් නොකළ මා ඔහුගේ කතාව සාවධානව අසා සිටියෙමි. ඉන්පසුව අපව හෝටලයට ඇරලවූ ඔහු මා එතන දමා මගේ සගයා සමග පල්ලියට ගියේ හවස යාඥාවට සහභාගී වීමටය. ආපසු අප දෙදෙනා මුණ ගැසුනේ රාත්‍රී කෑම මේසයේදීය.

අප කෑම ගනිද්දී මගේ මිතුරා කෘෂිකර්මය ගැන මගේ ඇති දැනීම සම්බන්ධයෙන් විමසා සිටියේය. ගම්වල කෙරෙන සාම්ප්‍රදායික කෘෂිකර්මය හැරෙන්නට විද්‍යාත්මක කෘෂිකර්මය ගැන මගේ දැනීමක් නොමැති බවත් පොත්පත් සඟරා වලින් ඉඳහිට යම් යම් දේ කියවන්නට ලැබෙන බවත් මා ඔහුට පැවසුවෙමි. එවිට මඳක් කල්පනා කරමින් සිටි ඔහු මට කීවේ මා කෘෂිකර්මය පිලිබඳ ප්‍රාමාණික විද්වතෙක් සහ ඉතාහොඳ පිළිසඳර කතාකරන්නෙක් යැයි මිතුරා පල්ලියට යන ගමනේදී ඔහුට කියූ බවයි.
මේ මෑතකදී මා බෝතලේ ගොස් ආපසු එන ගමන අප එකල කුඹුරු වැඩ කළ වෙල්යාය බලන්නට ගියෙමි.වෙල්යාය මැදින් වැටී ඇති ගුරු පාරේ ගිය මා වෙල මැද නැවතී කුඹුරු යාය දෙස බොහෝ වේලා බලා සිටියෙමි. හැලපිටද හැලපැට්ටාටද පරණ කතා කියා දුන්නෙමි.වෙල්යාය පෙරදා මෙන්ම තරුණ වුවද යාය මැද තිබු වැස්සට අව්වට අපි ගිය අම්බලම බොහෝසේ අබලන් වී කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබුණි. මහප්පාද චන්දරේ අයියාද සදහටම අප හැර ගොස් බොහෝ කල්ය. අසනීපයෙන් සිටින කඩේ අයියා හිටියත් නැති ගානය. මට මහත් පාළුවක් දැනෙන්නට විය. හැලපැට්ටා පිංතුර වගයක් ගන්නවාද දැක්කෙමි. දෑස් තෙත්වී වෙල්යායේ දර්ශනය බොඳ වන්නට විය. මම වෙල්යායෙන් නික්මුනෙමි෴