අපි ලබන සතියෙ ලංකාවට යන නිසා මේ දවස්වල ටික ටික සූදානම් වෙනවා...ලංකාවට ගිහින් වැඩි දවසක් ඉන්න ලැබෙන්නෙත් නෑ නිවාඩුව බොහොම කෙටියි...ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඔය දවස් ටික ගෙවිල යයි...කොහොමත් මමනං නිවාඩුවෙදි කරගන්න කියල වැඩ කටයුතු සැළසුම් කරගෙන නෑ...බිරිඳට නම් ඇයගෙ කන්තෝරුවෙන් රාජකාරි කීපයක් කරගන්න තියෙනවලු...විශේෂයෙන්ම යන්නෙ ඒ නිසයි...කලින්ම යන්න තිබ්බ නම් හොඳයි ඒත් පුතාගෙ විභාගෙ ඉවරවෙනතුරු ඉන්න වෙච්චි නිසයි පරක්කු වුණේ...සමර් නිසා මේ කාලෙ ඔක්කොම වාගෙ නිවාඩුවට ගං රටවල්වලට යනව...ටිකට් එහෙම හරි ගණං.
මගෙ බලාපොරොත්තුවක් කියල දේකට තියෙන්නෙ බ්ලොග් ලෝකෙන් හඳුනාගත්ත යාළුවො මුණ ගැසෙන එක තමා...දැනටමත් දෙතුන් දෙනෙක් පොරොන්දුවෙලා තියෙනව මුණගැහෙමු කියල...මම නං යාළුවො ඔක්කොම හරි මුණගැහෙන්න ආසයි...අඩුතරමින් කතා කරන්නවත් මොබයිල් නම්බර් එකවත් මේල් කළොත් මම කතා කරන්නං helapakade@gmail.com
ටික දවසකට බ්ලොග් ලෝකය ඇසුරු කරන්නත් බැරිවේවි ලංකාවෙ ජංජාල පහසුකම් මොන ආකාරයකට තියෙනවද කියල දන්නෙත් නැහැනෙ...ඒ නිසා හැලප කන්න මම ආපහු එනතුරු ඉන්න වෙනවා...
කිව්වහම තමයි මතක් වුණේ හැලප කන්නත් ආසාවක් තියෙනව හීනියට වගේ...මෙහෙ ඔක්කොම ජාති තිබුණත් කැන්ද කොළ නැති නිසා හදන්න බෑනෙ...මම කැමති පදමට පැණි දාලා හදාපු හැලප කෙසෙල්ගෙඩිත් එක්ක කන්න...මතකද අර මඩොල් දූව පොතේ තිබුණෙ ධර්මදාස ඉස්කෝලෙ මහත්තයගෙ ගෙදර තේ මේසෙ.
ඔය වාගෙ අපි බෙල්ජියමෙ හිටපු සන්දියෙ ලංකාවට ගිය යාළුවෙක් අතේ හැලප ටිකක් ගෙන්න ගත්ත ආසාවට කන්න...හැලප එවන්න කියපුවාම ගෙදරිනුත් මොකද කළේ ගමේ ඉන්න කෑම හදන කාන්තාවක් වන ලලිතට කියල හදවල එවල තිබුණා...හැලප පාර්සලේ දැක්ක ගමන්ම බොහොම සතුටින් එකක් දිග ඇරල කන්න ගත්තා...මොන...කෑල්ලක් කෑව විතරයි මට කලන්තෙ හැදෙන සයිස් තිබ්බ පැණිරස...මක්කොරලවත් කන්න බෑ...මට කන්න බෙල්ජියමට යවන්නයි කියපුවාම ලලිතා වැඩි හොඳට සීනියි පැණියි කෙළලා නැතිවෙන්නම...අන්තිමේ එච්චර අමාරුවෙන් ගෙන්න ගත්තට ආසාවට එක හැලපයක් කන්න නැතිවුණානෙ...
අන්තිමේදි ඔක්කොම හැලප ටික ඔපිස් එකට ගෙනිහින් තිබ්බා...ඒ ගොල්ල කෑවද නැද්ද කියල නං මම දන්නෙ නෑ...
ආයෙම සැරයක් අපට ලංකාවට යන්න වුණා 2007 ජනවාරි මාසෙ...ඒ වෙනකොට හිටියෙ පුතයි මමයි විතරයි බිරිඳගෙ නිවාඩු ඉවරවෙලා ඇය 2006 නොවැම්බර් මාසෙ ලංකාවට ගිය නිසා...මගෙත් කාලසීමාව ඉවරයි ඒ වෙනකොට නමුත් මා වෙනුවට කෙනෙක් ඒ වෙනතුරු එවල තිබුණෙ නැති නිසා මට දිගටම ඉන්න වුණා...
අපි නියමිත කාලෙම ඒවි කියන බලාපොරොත්තුවෙන් නංගිගෙ ලොකු පුතා එයාගෙ මගුල් ගේ ජනවාරිවල ලෑස්ති කරල මල් කුමාරයෙක් හැටියට පුතාවත් තෝරගෙන තිබුණු නිසා අපට යන්නම වුණා...
යනකොට අපි ගියෙ බ්‍රසල්ස්-අබුඩාබි-කොළඹ...නමුත් එනකොට ඒ මාර්ගය ලැබුණෙ නෑ එනකොට ලැබුණෙ කොළඹ-අබුඩාබි-ෆ්‍රැන්ක්ෆර්ට්-බ්‍රසල්ස්...ට්‍රාන්සිට් දෙකයි...
මඟුල් ගේ ඉවර වෙලා මනමාලි ගෙදරට කැන්දගෙනත් ඇවිත් මනමාලි බාරදීල ඒ පාර්ශවයෙ කට්ටිය යන්න ගියා...මේ වෙනකොට හවස හය හත විතර වෙලා තිබුණා...අපි දෙන්නා පහුවදා පාන්දර පිටත් වෙන්නත් ඕනැ...
රෑ කෑමක් ලෑස්ති කරල නැතිවුණත් මනමාලයගෙ යාලුවො මහගොඩක් හෝටලේ ඉඳල ගෙදරටත් ඇවිත් හිටපු නිසා ඒ අයට එහෙම කෑම සූදානම් කරන්න වුණා...
රෑ කෑම කුස්සියෙ සූදානම් වෙන අතරෙ යාළුවො ටික එළියෙ පුටු තියාගෙන රවුමට වාඩිවෙලා ඉන්නව...ඒ අයට බොන්න ජාතිත් ගෙදර කොල්ලො දෙන්න ගෙනැත් තියනවා ස්ටූල් වල...අරක්කු බොන අයට ඒව...බියර් බොන අයට බියර්...
සවුදිය පිරීම්...සාද කතා...සතුටු සිනා...කාලෙකට පස්සෙ එකතු වෙච්ච යාළුවන්ගෙ ආගිය කතා...නිකමට හිතාගන්නකො කොහොමද කියල...එකම සතුටු සාගරයයි...නොදැනිම වෙලාව රෑ මැදියමටත් කිට්ටු වෙද්දි ගෙදරින් පොඩි පණිවිඩයක් ලැබුණා...
පාන්දරම පිටත්වෙන්න තියෙන නිසා පැයක් දෙකක්වත් නිදාගන්න බලන්න...
කතාව ඇත්ත වුණාට එතන තිබුණු තත්වය අනුව යාළුවන්ගෙන් සමුගන්න එක හරිම අමාරු වැඩක්...පාන්දර යනවයි කියපුවම ඒ අය කාරණේ තේරුම් ගත්තත් සමුගැනීම ඉතාම සංවේදී මොහොතක් වුණා...ඒ වෙලාවෙ මට නොහිතුනු දෙයක් නෑ...ඒත් මොනව කරන්නද...
උදේ පාන්දර පිටත්වුනාට අබුඩාබි වලට එනකොට දවල්වුණා...අබුඩාබිවල ට්‍රාන්සිට් එකට යද්දි මම දැක්ක ෆ්‍රැන්ක්ෆර්ට් යන්න තියෙන ගේට් එක ඇරල සෙනග ඇතුල් කරනව...
පුතේ අපි දැන් උඩට ගිහිල්ල කාල එන්න ගියොත් පරක්කු වෙයි ප්ලයිට් එකේදිම කමු...
පුතත් එක්කගෙන ගේට් එකට ගිහිල්ල බෝඩිං කාඩ් එක දීල වාඩිවෙලා හිටියා...
ප්ලයිට් එකට තව පැය බාගයක් විතර තිබුණා...ඒකෙන් කෑම කනකොට තව පැයක්වත් යයිනෙ...අතේ තිබ්බ බෑග් එකේ හැලප පාර්සලයක් තිබුණා...
පුතේ...ඔයාට හැලප දෙන්නද...
ඕනැ නෑ තාත්තෙ...තාම බඩගිනි නෑ...
බඩගිනි නෑ කිව්වට එයා හිටියෙ බඩගින්නෙ කියල මට තේරුණා...ටිකකින් එයාම කිව්වා...
තාත්තෙ...එහෙනං හැලප දෙන්න...
ඒ ගමන හැලප කන්න දීල වතුරත් දීල ෂේප් කරගෙන හිටියා ප්ලයිට් එකට නගිනතුරු...
දැන් ප්ලේන් එක බිම දිගේ යනව යනව ඉවරයක් නෑ උඩට නග්ගන්නෙත් නෑ...පැය කාලකට වැඩියෙ රවුං ගියා බිම දිගේ...අන්තිමේදි කැප්ටන් නිවේදනයක් කළා...
තාක්ෂණික දෝෂයක් නිසා යානය ගුවන්ගත කළ නොහැක...දැන් ගුවන් යානය ආපසු පර්යන්තයට ගෙනගොස් තාක්ෂණික දෝෂය නිවැරදි කරගත් වහාම නැවත පියාසර කරනු ඇත...එතෙක් යානයෙන් බැස ඉවසිල්ලෙන් සිටින්න.
කෙළපංකො...මදෑ නැගල කන්න හිටියා...
එහෙම නිවේදනයක් කළාට ගමන නැවතුනේ නෑ...තව රවුං කීපයක් ගිහින් වේගෙ වැඩිකරල එකපාරටම උඩට නැග්ගුවා...වැරැද්ද නිකම්ම හරියන්න ඇති...
අබුඩාබි ඉඳල ෆ්‍රැන්ක්ෆර්ට් වලට පැය නමයක්ද කොහෙද ආවා...එතකොටත් පරක්කුයි...ඒ අතිවිශාල සංකීර්ණ එයාපෝට් එකේ අපට යන්න නියමිත ටර්මිනල් එකට ඇතුළෙ යන මොනොරේල් එකක ගිහිල්ල ගේට් එකට යනකොට බ්‍රසල්ස් ප්ලයිට් එක ගිහිල්ලා...ආපහු ලුප්තාන්සා කවුන්ටරය හොයන් ගිහින් ඊළඟ ප්ලයිට් එකට බෝඩිං කාඩ් එකේ සීල් ගස්සගෙන ආයෙම ආවා...
අතේ ගෙනාපු බෑග් එක ස්කෑනර් එකට දාද්දි ඒකෙ තිබ්බ හැලප පාර්සලය මොකක්ද කියල එතන හිටපු ගෑණු කෙනාට බලන්න ඕනැවුණා...ඒ ගමන මම බෑග් එක ඇරල හැලපයක් අරගෙන කාල පෙන්නුව ස්වීට් ස්වීට් කියල...කිව්ව දේ ජර්මන් කාන්තාවට නොතේරුණත් කෑමක් නිසා අරං යන්න කිව්වා...
එදා බ්‍රසල්ස් වලට එද්දි රෑ දෙකත් පහුවුණා...
මේ තව හැලප කතාවක්...
ආච්චියෙකුයි මිණිපිරියෙකුයි හිටියලු මේ දෙන්න ජීවත් වුනේ කෑම ජාති හදල දීල ලැබෙන ආදායමෙන්...අර අපේ ගමේ ලලිතා වගේ...
ආච්චි වයසයි බර වැඩ එහෙම අමාරුයි...මිණිපිරී නං නව යොවුන් වයසෙ තෙල් ඉහිරෙන කෙල්ල...ගිණි කිරිල්ලි වගේ...
දවසක්දා ආච්චිට හැලප සියගාණක් හදල දෙන්න ලොකු ඕඩරයක් ඇවිත්...වැඩේ කරගත්තොත් හොඳ ලාබයක් තියෙනව...ඒත් ඉතිං ආච්චි වචනයක් කියල නෑ වයසයිනෙ කරගන්න බැරිවෙයි කියල කල්පනා කරමින් ඉන්නකොට මිණිපිරී අහනවා...
මොනවද ආච්චියෙ කල්පනා කරන්නෙ...
නෑ කෙල්ලෙ...මේ කෑම ටික හදාගන්න බැරිකමනෙ...නැත්නං කීයක්වත් හොයාගන්න තිබුණනෙ...
අයියෝ ආච්චියෙ...ඕකත් වැඩක්ද...ආච්චි බය නැතුව ඕඩර් එක ගන්නකො...මම හදල දෙන්නං...
ඒ ගමන ආච්චි අර ලොකු හැලප ඕඩරේ බාරගත්තා...
හැලප තම්බන දවසෙ ආච්චි කුරහන් පිටි,හාල් පිටි එහෙම කළවම් කරල පැණිත් දාල හැලප මිශ්‍රණය හදල මිණිපිරීට දුන්නා...
මිණිපිරිත් වත්ත පහළට ගිහින් කැන්ද කොළ තොගේකුත් කඩාගෙන ඇවිත් හැලප බාජනය ළඟට ගත්තා...
මිශ්‍රණය ගුලියක් අරගෙන ගවුම උස්සල ගුලිය කලවා දෙක අතරෙ තියල චිස් ගාල තද කරනවා...පැතලි වුණාම කැන්ද කොළෙන් තියල කොළේ නමනව...
දැන් මිණිපිරී පට පට ගාල කකුල් දෙකේ මැසිමෙන් හැලප ටික වඩනව...කලවෙ පිටි ඇලෙනවට එහෙම පොල්තෙලුත් චුට්ට චුට්ට ගානවා...
මිණිපිරී හදන හදන හැලප ටික ආච්චි තම්බනවා...
වැඩි වෙලා යන්න කලින් දෙන්නා හැලප ඕඩරේ හදල ඉවර කළා.