Tuesday, March 12, 2013

38.පයිය යනු කුණුහරුපයක්ද



අද මම බ්ලොග් අවකාශයේ අපූරු සිද්දියක් දැක්කා...ඒ තමයි බ්ලොග් ලියන හිතවතුන්ගේ සුහදත්වය හා සහජීවනය මේ යැයි මොනොවට කියාපාමින් අපේ දේශකයා මා සහ මගේ බ්ලොගය ගැන ලිපියක් පළකිරීම.

දේශකයාට පෙර පිළිවෙලින් අටම්පහුර හා මාතලන් ද මා ගැන ඔවුන්ගේ බ්ලොග් වලින් හඳුන්වාදී තිබුණා.
මගේ බ්ලොගය ගැන දේශකය ලියල තිබ්බෙ මා ගැන නොසෑහෙන වර්ණනාවකුත් කරමින්.

සුළු නිවැරදි කිරීමක් කළයුතුයි...මා කිව්වෙ ලිවීමේදී නිතරම නිවැරදි අක්ෂර වින්‍යාසය හා ව්‍යාකරණ හැකිතරම් දුරට ආරක්ෂා කරගෙන ලියන්න උත්සාහ කරන වගයි.

 ඉතින් වැඩියක්ම මේ සටහන මා ලියන්න පෙළඹුණේ අපේ දේශකයට සෑහෙන ප්‍රශ්නයක් වී ඇති වචනයක් ගැන වැඩිදුර විස්තර සොයන්නටයි.

ඒ මොකක්ද කිව්වොත් හැලපයා කියන නම ඒ ආකාරයෙන්ම වැඩිහිටියෙකුට භාවිතා කරන එක සුදුසු මදි නිසා ගෞරවාර්ථයෙන් වහරන්නට යෑමේදී සිදුවන අකරතැබ්බයක්.

හැලප+ අයියා=හැලපයියා නේ...එතකොට මෙතැන පයියා කියන වචනය කුණුහරුපයක් වගේ නිසා හැලපීයා කියා වෙනස් කළාලු.

මට එකවරටම මතක්වුණේ පයියා හෝ පයිය කියන වචනය කුණුහරුපයක්ද කියායි.

මා දන්නා තරමින් එය එසේ නොවේ....

පුරුෂයෙකුගේ ලිංගේන්ද්‍රිය හඳුන්වන්නට අද පයිය කියන පදය බහුලව යෙදෙනවා තමයි...

නමුත් පයිය කියන්නේ පුරුෂ ලිංගයද?

පයිය කියන වචනයේ නිවැරදි නිරුක්තිය සොයාගන්නට මගේ ළඟ ශබ්ද කෝෂයක් නැහැ.....ශබ්ද කෝෂයක් ඇති කතන්දරයන්වත් මේ වචනයේ නිරුක්තිය සොයා සපයනව නම් මා බොහොම කැමතියි.

මා හිතන්නේ පයිය කියන වචනය දෙමළ භාෂාවෙන් සිංහලයට පැමිණි වචනයක්...

දෙමළ භාෂාවෙන් උරය හෝ මල්ල පයිය යනුවෙන් හඳුන්වනවා.

තව අපේ පැරැන්නො බුලත් මල්ලට බුලත් පයිය කියා හැඳින්වූවා....

මඩිස්සලයට හෝ කොක්කනයට කූරපයිය යනුවෙන් හැඳින්වූවාත් මට මතකයි...

අපි මදුරාසියේ ජීවත්වුණු කාලයේ අප පදිංචිව සිටි නිවෙසට සැමදිනම උදෑසන පානය සඳහා එළකිරි පැකැට්ටුවක් ගෙනැවිත් මල්ලකට දමා යන්නේ මහළු කාන්තාවක්...

කිරි පැකැට්ටුව දැමීම සඳහා දොරේ පිට පැත්තෙන් උරයක් එල්ලා තිබුණා...දිගින් දිගටම පාවිච්චි කිරීම නිසාවෙන් මේ උරය ඉරී අබලන්ව ඇතිබව අප දැනහිටියේ නෑ.

දිනක් උදේ පාන්දර සුපුරුදු ලෙස පැමිණි කිරි ගෙන එන කාන්තාව කිරි පැකැට්ටුව උරයට නොදමා ගෙයි සීනුව නාදකළා.

දොර ඇරගෙන එළියට ආ බිරිඳට ඇය කියා සිටියේ....

අම්මා පුදිය පයිය තාංග මා....
(නෝනා අලුත් උරයක් දෙනවාද )යනුවෙන්..

බිරිඳ දන්නාදෙමළක් නැතිනිසා ඇය මගෙ ළඟට ආවා...

බලන්නකො අනේ අර මනුස්සය වයසෙ හැටියටද කියන කුණුහරුප උදේ පාන්දර....

විස්තරේ අහපු මට හොඳටම හිනාගියත් අලුත් උරයක් දොරේ එල්ලලා අර කාන්තාවටත් කතා කරල වැඩේ ඉවර කළා...

ඉතිං පයිය කියන්නෙ සිංහල භාෂාවෙන් පහිය කියන එකටයි කියලයි මගෙනම් විශ්වාසය.

උරය හෝ මල්ල කියන එක කුණුහරුපයක් නොවෙයිනෙ....

ඔන්න මම අර ඩැනීගෙ කතාවෙදි කිව්ව වගේ ඌට නම් තිබ්බ මල්ලක් විතර ලොකු බාවක්.....

ඉතින් ඔය විදියට පූර්වාපර සන්ධි ගලපල බැලුවාම මට හැලපයියා කියන එක ගැන මගේ කිසිම අමනාපයක් නැති බවයි මට කියන්න තියෙන්නෙ....ඒ නිසා හැලපයියා කියන නම ඒ විදියටම තිබුණුදෙන්.

අනික හැලපීය කියනකොටම මට මතක් වෙන්නෙ පැලපීය....

පැලපීය වගේ ලොකු ඒවනං පයියට යටිනුත් මම දැකල තියෙනව....

පැලපී මතක් කරන කොටත් ආසයි බං...කාපු කාලයක් මතක නෑනෙ....අපි පොඩි කාලෙ කොච්චරනං කෑවද.

 ඉතිං මම මේ කියපු දේවල් ගැන ඔයගොල්ලන්ට තමන්ගේම මතයන් තියෙන්න පුළුවනි....ඒ වගේම මේ වචන ගැන මීටවඩා ගොඩක් දුරට හදාරපු අයත් ඉන්න පුළුවනි.
 
මේ වචනය ගැන සංවාදයක් ඇතිවෙනවා නම් මා ඉතාම කැමතියි.

164 comments:

  1. හිස් පයිය කියන්නේ තොප්පියට

    ReplyDelete
    Replies
    1. ඕකනේ මම කිව්වෙ,මොන තරම් අපූරු දේවල්ද අපට දැනගන්න ලැබෙන්නෙ........ස්තූතියි කලාමැදිරියො

      Delete
    2. hutt.. kyanneth kunuharupayak newe..mokada paiy.. opposite ekane

      Delete
  2. අරුන් සැට් එක එන්න කලින් ආව. නැත්තං උන්ගෙ කමෙන්ට් බලන්න වෙනව බං.

    පයියාගල කියල ගමකුත් තියෙන්නෙ
    එතකොට පොයිය - බොරුව නේද?

    අනේ මන්ද බං මේකත් ඉතිං නාම පදයක් නොවැ..

    ReplyDelete
    Replies
    1. //පයියාගල කියල ගමකුත් තියෙන්නෙ// මටත් මතක් වුනේ ඒක.

      Delete
    2. පයියාගල = පයාගල

      ඇයි පයියාගල විශේෂ කියලා හොද බ්‍රෑන්ඩ් එකකුත් තියෙනවා :)

      Delete
    3. එතන රේල්වේ ස්ටේෂන් එකේ තඩි බෝඩ එක ගහලත් තියෙන්නෙ " පයියාගල දුම්රිය ස්ථානය " කියලනෙ

      Delete
    4. කලුතර ට ආසන්නයේම තියෙන්නෙ..පයියාගල.

      Delete
    5. පයියාගල පෝස්ට් ඔෆිස් එකට ආපු අලුත් ගෑණු ළමයා "පයිය" කපලා "ලුණු" දැම්මාලුනේ :D

      Delete
    6. පොයිය බොරුව-පොයි සොල්ල වේන්ඩාම්(බොරු කියන්න එපා)
      දන්නවද සෑම් පයියාගල ප්‍රා ලේ ලුණුගලට මාරු කරල වෙච්චි වැඩේ

      Delete
    7. අන්න අපි අහලා නැති කතාවක්. කියන්න වටිනවනෙ දැනගන්නත් එක්ක..

      Delete
    8. ඔන්න පයියාගල ප්‍රා ලේ ලුණුගලට මාරු කරල ගිහින් වැඩ බාරගත්තලු.ගිය හදිස්සියට සීල් නෑනෙ ගෙනිහින් තිබ්බ සීල් එක ගැහුවට ඒකෙ තියෙන්නෙ පයියාගල කියලනෙ.
      මෙයා ඒකෙ පයියා කෑල්ල කපල ලුණු කියල ලියල පහලින් ලිව්වලු...
      සැ.යු: ඉහත පයියා කපා ලුණු දමා ඇති බව කරුණාවෙන් සලකන්න....කියල

      Delete
    9. ඇයි ඊට යටින් ලාව්වයි කියන්නෙ, ‘පයිය කපා ලුණු දමා ඇත. ගල නොකැපූ බව කරුණාවෙන් සළකන්න‘ කියලා.

      Delete
    10. *ලාව්ව නෙවෙයි ලිව්වා. වැරදුණෙමි.

      Delete
    11. හැලප අයියෛ් ඉතින් ඔය අහවල් එක කපලා ලුණු දාල තියෙන්නේ කවුද එතකොට

      Delete
  3. පයිය කියලා මල්ලටත් කියනවා තමයි.... :)

    ReplyDelete
    Replies
    1. අනිකටත් කියනවා තමයි

      Delete
    2. අහවල් එක අදුර ගන්නේ කොහොමද එතකොට හරියට

      Delete
  4. මං දාන්න එකෙක් හිටිය නුගදීප කියල. ඌට කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම කියන්නේ නුගදීපයියා කියල. තව, ඈපා... ඒකත් අයියා වුනාම එහෙමනේ. :)

    ReplyDelete
    Replies
    1. *මං දන්නා.

      අද වරදින එකේ ඉවරයක් නෑ.

      Delete
    2. යාපයියා,ඈපයියා ඔයවාගෙ තව තියෙන නම්

      Delete
  5. ඔන්න හැලපයියේ උඹ මේ ඕන්නැති -යියවල් ලියලා , එක එකා -යියවල් කෙලින් කරගන ආවොතින් ඔන්න අපි එහෙම නැ

    ReplyDelete
    Replies
    1. නෑ යකෝ කරේ දමාගෙන එන්නෙ.

      Delete
    2. ගෑණු ටිකනෙ බං මේ සිරාවටම පයර් වෙලා ඉන්නෙ

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කරුප්පයිය,සුප්පයිය කියල නම් පවා තියෙනව නේද?.

    ReplyDelete
    Replies
    1. නැතුව කෙන්ජි,මදුරාසියෙ අපේ කන්තෝරුවෙත් හිටිය කරුපයියා

      Delete
  8. //සිංහල භාෂාවෙන් පහිය කියන එකට//

    මාත් මේක හිතලා තියෙනවා.. හැබැයි එහෙම නම් නියමාකාරයෙන් පහිය වෙන්නේ ඔය වචනේ දැන් පාවිච්චි කරන කොටස නෙවෙයි ‌නේ.. ඊට යටින් තියෙන කොටස... හි හි

    ReplyDelete
    Replies
    1. හරියටම හරිනෙ....ඔය කියන්නෙ අත්දැකීමෙන්ම

      Delete
  9. ඈපා, යාපා, මාපා, රූපා වගේ නම් තියෙන අක්කල අයියල දෙගොල්ලන්ටම කතා කරන්න ගියාම එකම ආනිසංසෙ... මාත් ඔය හැලපයියා කියපු තේරුම් ගැන තමයි අහල තියෙන්නෙ... කලාමැදිරියා කියපු එක නම් ඇහුවෙ අද...

    ReplyDelete
    Replies
    1. ඈපා කොහෙද කියල හොයනකොට අහන්න වෙන්නේ ඈප + කෝ? ඒ කියන්නේ "ඈපකෝ" එතකොට හැලපය්ය මේකටත් නිවැරදි විග්‍රහයක් නැද්ද?

      Delete
    2. ඈපා මැරුණු වෙලාවේ නංගිලා මල්ලිලා ඇඩුවලු ඈපයියේ කියලා. වයිෆ් ඇඩුවලු ඈප කෝ කියලා :D

      Delete
    3. ඒක තමයි මියුරු මේව ගැන එළිපිට කතාකරන එකේ තියෙන වටිනාකම
      මොන තරම් අපි නොදන්න දේවල් දැනගන්න ලැබෙනවද

      Delete
    4. @ඇනෝ,හසිත
      ඒ සම්බන්ධයෙන් තවත් පෝස්ට් එකකින් විග්‍රහ කරමු

      Delete
    5. අපි සුදිපට සුදිපයියා කියන්නේ එහෙනම් 🤗

      Delete
  10. හිරුවගෙ කතාවට එකඟ වෙන්න බෑ. ඕක ඔය සෙට් එකටම කියන වචනයක්. ඒක නෙව අපේ සමහර අය ඕකට පොට්ටනිය කියන්නෙ. ඒ කිව්වෙ රෙදි කෑල්ලකින් සෙට් එකම වැහුවාම.
    ඔය තේරුම හොදටම දන්න පොරවල් තමා බස්වල ඔය අල මලු ගෑණු පිරිමි බේදයක් නැතුව කරේ තියන්නෙ

    ReplyDelete
    Replies
    1. ඈ අකලංක... එහෙනං ඕක කෙලින් කරං යනවා කියලා කියන්න බෑ නේ.. එක කොටසයි නොවැ කෙලින් වෙන්නේ.. හි හි

      Delete
    2. නංගි නිකන් තැන් තැන් වල පයි කෙලින් කරන්න යන්නෙ නැතුව ටිකක් වැදගත් විදිහට ඉන්න බලන්නකො. අපේ මහත්තයටමනෙ හරි නැත්තෙ....

      Delete
    3. ඇයි හිරූ ඔයගොල්ල තැඹිලි වලු කුරුම්බ වලු එහෙම කරතියාන යන්නෙ.
      අද හිරූ කතාකරනව හොඳ සීරුවට....එහෙම එළිපිට කතාකරන කාන්තාවන්ට මම බොහොම කැමතියි

      Delete
    4. නැතුව අයියේ බොරුවට ලොකු එක දාගනඉන්නවට වඩා අවංකව හිතනදේ කියන එක කොච්චර වටිනවද

      Delete
  11. දිලීපයියා, ප්‍රදීපයියා එතකොට ඉනෝකක්කා මරු නම් නේ. එතකොට අපිට ඕලෙවල් වෙනකං ෆයි කියලා උගන්නන මේ සිම්බල් එක. " ∏ " මේකේ හරිනම පයි. ඒලෙවල් වලින් එහාට තමයි හරිනම එලියට එන්නේ.

    එක භාෂාවක දෙයක් තව භාෂාවකට කුණුහරුපයක් වෙන එක ලොකුවටම හිතන්න ඕනි නෑ. වෙනි අයියා කියලා තිබුණේ ජර්මන් වලින් (?) ආආ කියන්නේ කක්කා කරනවට කියලා. එතකොට බලුකිස්ථානේ ගැන අහලා තියෙනවනේ. තව ඔය වගේ වචන කොච්චර ඇද්ද?

    ReplyDelete
    Replies
    1. "පැලපී" කියන්නේ මොනාටද හැලපයියේ?

      Delete
    2. පැලපී කියන්නේ පොල් පැලවෙනකොට ඇතුලේ හැදෙන මදය කොටස... අපි කියන්නේ පැලපිහි කියලා.... මාර රසයි ඉතිං... ඒ වගේම ගුණයි, දිරවන්නත් ලේසියි කියලා මං අහලා තියෙනවා.. ගුණ වෙන්නේ නම් පොල් පැලේ, පැල වෙන්න අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ටික ඔක්කොම එතන තියෙනවානේ....

      Delete
    3. නුවර පාරේ යනවනම් බැලුම්මහර හරියේ මග දිගට විකුන්න ඉන්නවා බෑග් වල දාලා. ගාන නම් හරියට දන්නේ නැහැ. පොඩි මල්ලක් රුපියල් 20ක් විතර ඇති මන් හිතන්නේ

      Delete
    4. රුපියල් විස්සට කන්න කියයි උඹේ පැලපි එක.

      Delete
    5. අප්පටසිරි එච්චර ගනන්ද පැලපී, මන් දන්නේ නැහැ ගාන මන් හිතුවේ 20ක් විතර ඇති කියලා මොකද ඕක නිකන් වගේනේ ගන්නවා ඇත්තේ :-D

      Delete
    6. බැලුම්මහර උරයක් රුපියල් 100ක් බං. තියෙන්නෙත් 5ක් 6ක්. මම ඉතින් හැමදාම යනකොට කන එකනේ ;)

      Delete
    7. අපොයි පැලපීයට ගිය කලක්, සිරාවටම මන් හිතාගෙන හිටියේ 20ක් විතර ඇති කියලා :-)

      Delete
    8. ඔය පැලපිහි [අපි කියන්නෙ එහෙම]එකතුකරගෙන එන්නෙලොකු පොල්වතුවලින්.සමහර වතුවල පොල් තෙල් ගන්න වියලි පොල් ලෙලි ගහල බිදලා වේලෙන්න දානවා කොප්පරා කරන්න.එහෙම බිදින ගොඩක් පරණ පොල් ගෙඩියෙ ඇතුලෙ එක එක ප්‍රමාණයට හැදිල තියෙනව.හැම ගෙඩියෙමත් නැහැ.

      Delete
    9. @මාතලන්

      බත්තරමුල්ල- කොස්වත්ත පාර්ලිමේන්තු පාරේ විකුනනවා මල්ලක් රුපියල් 50යි.ඒකෙ තියෙන්නෙත් දහයයි.

      Delete
    10. දැන් හම්බවෙයි ඕවා.....? පොල්ගෙඩියක් 60යි රුපියල්ම.

      Delete
    11. ඇයි යුරෝපියන් කෑමකුත් තියෙන්නෙ පයි කියලා
      ඕක මේ අපේ සුචරිතවාදියො මෙනු එකක දාල තිබුණා පී කියල

      Delete
    12. කොප්පරා වලට පොල් ගොඩගහල ටික දවසක් තියෙනකොට සමහර පොල් පැළවෙනවා....ලෙලි ගහල බිඳිනකොට තමයි පැළපීය හම්බවෙන්නෙ......නියම නම පැළපී වුණාට අපි කියන්නෙ පැළපිහි කියල
      ඉස්සර නම් පොල් බිඳින අය ඕව නිකං දීල දැම්ම කොල්ලොන්ට....දැන් නම් එකතුකරලා විකුණනව මගෙ හිතේ.....

      Delete
    13. ඔය තියෙන්නේ විග්‍රහ කිරීම් එක්කම. අපි ඕවට කියන්නේ පොල් මද කියලා. ඒකයි මේ සීන් එක.
      ඇඹිලිපිටියට එහා (දුරින් නෑ වෙන) ආත්තම්මෙකුගේ ගෙදර ගිය මට කිව්වා පුළුවන්නම් "පොල් ගෙඩියක් ඔයාගෙන එන්න කියලා" උච්චාරණයට කට කොනකින් හිනා වෙවී වත්තේ ඇවිදලා පොල් ගෙඩියක් හොයාගෙන ආවා. පස්සේ බලනකොට "ඔයනවා" කියන්නේ "ලෙලි ගහනවා" කියන එක නෙව. :D

      (ඔය සීන් එක වෙනකොට මං නවය වසරේ)

      Delete
    14. පැලපී.. අපි නම් කියන්නේ පොල්පී කියලා

      Delete
    15. එහෙනම් AKM අඹ බයන්න දන්නවා උනාට පොල් ඔයන්න දන්නේ නැහැ වගෙයි :D

      Delete
  12. හිරු සහ අකලංක දෙන්නගෙම කතාව හරි වගේ.....

    ReplyDelete
  13. ජාතක පොතෙත් ඕක යොදල තියෙන්නෙ මල්ල හඳුන්වන්නයි..ආඬි හතම එක වනමේ කොක්කනං පයි වෙන වෙනමේ කියල ප්‍රස්තා පිරුලකුත් තියෙනවා.. අර මල්ල වගෙ කොටස හින්දා වචනෙ අවයවේට පාවිච්චි කරන්න ඇති.. ඒකත් කුණුහබ්බයක් නෙවෙයිනෙ..

    ReplyDelete
    Replies
    1. මගෙත් විග්‍රහය ඒකමයි සරත්

      Delete
  14. Life of Pi බැලුවද .

    මේකනේ වැඩේ . යම් වචනයක් භාවිතා වෙන අවස්තාව ..ස්වරය ..අරමුණ අනුව එහි සුදුසු නුසුදුසු බව තීරණය වෙනව. භාෂාවක් එක තැනක තියෙන්නේ නැහැ . පරිනාමයට ලක්වෙනවා . කලකදී හොඳ අතට සමාජ සම්මත වෙච්ච වචනයක් කාලයත් එක්ක නුසුදුසු බවට පත් වෙනවා .

    ඔය වචනය එහෙම එකක් . හොඳ නරක පාවිච්චි කරන කෙනා , අවස්තාව සහ අරමුණ මත හොඳ හෝ නරක වෙන්න පුළුවන් .

    දැන් බලන්න ආච්චිගේ රෙද්ද . '' පුතේ ඔය එළියේ වනල තියෙන ආච්චිගේ රෙද්ද ගෙට ගන්න . වහින්නයි එන්නේ ''

    සහ

    ''යනවා ඕයි යන්න තමුසේ දන්නා ආච්චිගේ රෙද්ද '' බලන්නකෝ වෙනස ..

    ප . ලි .

    මම සාමාන්‍යයෙන් මෙවැනි දරුණු ප්‍රකාශ නොකරන බවත් සරල උදාහරණයක් ලෙස මේ අවස්ථාවේ යෙදු බවත් දිව්රා ප්‍රකාශ කරමි

    ReplyDelete
    Replies
    1. මෙයා දිවුරලත් එක්ක.. හි හි...

      මාත් හිතන්නේ චවනයක සභ්‍ය බව අසභ්‍ය බව වැඩිපුරම තීරණය වෙන්නේ වාක්‍යයක් තුළ යොදා ගන්න විදියට කියලා... ඒත් සමහර වචන නම් ඉතිං අනේ මන්දා.. සභ්‍ය බව කෙසේ වෙතත් පාවිච්චිය නුසුදුසු වෙලාවලුත් තියෙනවානේ...

      Delete
    2. @බින්දි,

      මට මතක් උනේ 'meat pie '...:D

      Delete
    3. ඉතාම අහිංසක වචන පවා යොදාගනු ලබන අවස්ථාව හෝ ස්වරය අනුව දරුණු වෙන අවස්ථාවන් තියෙනවනෙ බින්දි

      Delete
  15. හරි හරි ඔයා කැමති නං ඉතිං වෙන එකක් මොකටෙයි.. මම රාජ්ට පයියේ මුලාරම්භය ගැන අදහසක් කිව්වා ඒක පස්සේ හොයල දාන්නං. ආයේ කොටන්න කම්මැලියා අයියා...

    ReplyDelete
    Replies
    1. පයිය කියන එක වැරදි යෙදුමක් විදියට භාවිතා කලාට පයිය යනු යම් කිසි මඩිස්සලයක් බව හැගවීමට පුරාතනයේ සිට භාවිත වූ වචනයක්. බුලත් පයිය කියන්නෙත් ඒ වගේ, මොකද ඒ කාලේ සාක්කු වල දාගෙන නෙමෙයි නේ අරං ගියේ. එතකොට එක්කෝ අමුඩ පටියේ හෝ හම් පටියක හෝ මේ බුලත් දාපු පයිය එල්ලගෙන යන්නේ, දන්නව නේ පුරුෂ ලිංගයට ආසන්නයෙන්ම තමා. ඉතිං මේ පයිය කියන වචනය එතැන සිට පුරුෂ ලිංගය දක්වා සංක්‍රමණය වූ ග්‍රාම්‍ය වචනයක් බව මා අසා තිබෙනවා. (වැරදි නම් නිවරැදි කිරීමට සම්පූර්ණ අයිතිය ඇත)
      http://raj1st.blogspot.com/2012/11/blog-post_8.html

      Delete
    2. ඔබ කියන කතාවම තමා දේශකයො අඩු වැඩි වශයෙන් මෙතන කතාවෙන්නෙ

      Delete
  16. හැලපයියාගේ පයිය කියවා අප්‍රමාණ සතුටක් වින්දෙමි. එය දුටුවානම් බවලත්හු කෙතරම් සතුටක් විදිත් දැයි සිතෙම්හ.

    ReplyDelete
    Replies
    1. දුටුවානම් බවලත් හු පස්වනක් ප්‍රීතියෙන් පිනායතැයි සිතමි

      Delete
  17. ඔය පහිය කියන එක තමයි මම හිතන්නෙත්.

    ඇයි අර හුදු හෙලයෙක්ගෙන් එක නෝනා කෙනෙක් අහලා තැපැල් පෙට්ටිය කොහෙද තියෙන්නෙ කියලා.

    "තෙල පෙනෙන්නේ පහි නාලියයි. වහා ගොස් තගේ පහිය එහි බහාලව," කියලා අත දික් කරලා පෙන්නලා ඈත තියෙන ලියුම් පෙට්ටිය.

    අර හැලපී කිව්වා වගේ මේ නෝනාත්,"නෙද්දකිං වනචරයා. මම හිතුවා නැෂනල් එකක් ගහගෙන ඉන්න ඉහ නිකට පැහිච්ච පුද්ගලයා හන්දා වැදගත් මිනිහෙක් කියලා. අවලමා!" කියලා බැන බැන ගියා කියලයි කියන්න.

    මේක හැලපේ දන්න බව මම දන්නවා. මේ හුදී ජනයාගේ ලාම්පු කනගා‍ටුව පිණිසයි.

    ReplyDelete
    Replies
    1. මචං ඩූඩ් උඹට උත්තර ලියන්න කලින් මම කියවල තිබුණු ඔයවගේ කතාවක් තිබ්බ පොතක් ඩී ඇෆ් කාරියකරවනයන්ගෙ හැම තැනම හෙව්ව ලැබුණෙ නෑනෙ.ඒ කතාවෙත් තිබ්බෙ ඔය වගේ හෙළයෙක් ඔහුට හමුවෙලා කතා කරපු හැටි.
      මනුස්සය ගියාම කාරියකරවනයන්ගෙ බිරිඳ ඇහුවලු.... කව්ද අනේ ඒ...මොනවද එයා කිව්වෙ.... කියල

      Delete
    2. "තෙල පෙනෙන පහිණ හලේ [පහිනාලිය නෙවෙයි, පහිණය යනු ලිපියයි] තගෙ පහිණය බහා ලව" කියලයි කිව්වේ. නියැදි පහිණ පොළ කියා අහුබුදුවන් නම් කළේ ඒජන්සි පෝස්ට් ඔෆීස් එකයි. හෙළුව බුදින්න එපා.

      Delete
  18. අපොයි _යිය ගිය දුරක්.

    මාත් හිතන්නෙ ඕකෙ භයානක කම ඕකත් එක්ක යෙදෙන අනිත් වචන සෙට් එක අනුව තමයි තීරණය වෙන්නෙ. ඒ අතිං බැලුවහම හැලප එක්ක ඕක යෙදුන කියල අවුලක් වෙන එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ත්‍රිභාෂා ඔය වචනය තනියම හරිම අහිං සකයි.
      භයානක වෙන්නෙ තවත් වචනයක් මුණගැහුණාමයි

      Delete
  19. හැලපයෝ,
    ඔයා දනවද දෙව් රුවන් අල්විස්? අපේ උසස් පෙළ පංතිභාර සර්. ඒවගේම මගේ රසායන විද්‍යා ගුරුතුමා. මෙතුමාගේ පියා හොද හෙළයෙක්. දිනක් බස් රියක යනකොට එතුමාගේ පර්ස් එක නැති වෙලා එතුමා කොන්දොස්තර මහතාගෙන් අහනවලු මෙහෙම,
    "එම්බා බස් පරුව මාගේ සම්පයිය කිම්බක දුටත්ද කියලා" ඒ කියන්නෙ කොන්දොස්තර මහතාණනි, මාගේ පර්ස් එක කොතනක හරි දැක්කද? කියලා.

    ReplyDelete
    Replies
    1. අහිංසක කොන්දොස්තර හොල්මන් වෙලා යන්න ඇති

      Delete
  20. අර ග්‍රීසියේ උන් තමා හැලපයියේ ඕක කුනුහරුපයක් කරලා තියෙන්නේ . . අර ලස්සන උපාංගේ බලහන්කෝ සුරුට්ටු කොටයක් වගේ කැතට කැතේ අඹලා තියෙන හැටි. :D

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දුකා....අච්චර ලස්සනට තියෙන ඩේවිඩ්ගෙ ශරීරයට ඔය උපාංගය තියෙන්න එපායැ නිකං වාත්තු කල ඇම්බුන් ගෙඩියක් වගේ.
      මයිකල් ආන්ජලෝටත් කොච්චර කලාව දැනගෙන හිටියත් ගණං මිනුම් බැරුව ඇතිනේද

      Delete
    2. කියල වැඩක් නෑ අයියේ හික් හික් හික්

      Delete
    3. මයිකල් ආන්ජලෝට තියෙන්ට ඇත්තේ ඔහොම

      Delete
  21. බුලත් පයිය නම් පොත් වල නිතරම දකින්න ලැබෙනවා

    ReplyDelete
    Replies
    1. වයසක අයට නම් ඔය වචනය හුරුයි

      Delete


  22. එකෙම්ම සාමාන්‍ය වහරේදී පයිය කියන්නේ
    කුණුහරපයක්..ඒක කුණුහරපයක් නෙවේ කියල
    තෙරෙඋම් කරන්න නම්

    "බුලත් පයිය" වගේ එකක් අරන් උදහරනෙට දීර්ග විස්තරයක්
    කරන්න ඕනේ.

    ඊට වඩා හොඳයි භාවිතා නොකිරීම .



    .පයිය බ්ලොග් අවකාශය තුලදී භාවිතා කිරීම

    දැන් ඉතින් මේකේ වෙන ඒවා හැටියට මොන පයියක් ලිව්වත්
    කමක් නැහැ වගේ වෙලා තියෙන්නේ..ගූ කප්පරක් කාපු බල්ලට පඩ
    ගඳත් ගඳක්ද වගේ...

    ඒත් ද්වේශයෙන් භාවිතය නම් නුසුදුසුය ...


    ඔන්න මගේ පයිය ගැන මෙව්වා එක ..:D

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං තම තමන්ගෙ මතය අනුවයි.
      තමන්ගෙ මට්ටම් තම්මට්ටම් කිව්වලුනෙ

      Delete
  23. මම අහලා තියෙන්නේ බුලත්පයිය විතරයි.

    අනිත් එක අනිත් පයිය :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කොයි පයියටද රජෝ වඩා කැමති
      බුලත් පයියටද රජ පයියටද

      Delete
  24. ඊයා හැලපයියා මේක කුණුහබ්බ බ්ලොග් එකක් කරලා. අපේ නෝනට එහා ගෙදර පොර "ඉන්ද පකම්, අන්ද පකම්" කියලා මල ගිනි විජ්ජුම්බරයක් උනා. ඌ හිංගල දෙමළ කලවමේ කතා කරන්නේ. පැලපි නම් අර "ම" කිව්වා වගේ බැලුම් මහර හැමදාම වගේ තියෙනවා. කොප්පරා එකේ කොලිටිය එන්නේ පැලපි එකේ ප්‍රමාණෙට කියලා මම අහලා තියෙනවා. ඇත්තද බොරුද දන්නෙ නෑ. ප්‍රශ්ණේ තියෙන්නෙ හරිම අමාරුයිනේ කන්න.

    ඔන්න රූබී එකේ සෝ එකක් බලන ගමන් අයියා කෙනෙක් ඉස්සරහා සීට් එක උඩ කකුල තියලා, ඉස්සරහ සීට් එකේ එකාගේ කරේ, අපේ අයියගේ කකුල වැදිලා. ඌ පස්ස හැරිලා කෙන්තියෙන් ඇහුවලු "යාර" කියලා, "යාර, යාර නෙමෙයි xxxxxx අඩි, ඉඳා කාලා වරෙන් කියලා, අලි ගුටි කෙලියක් ගිහින්, හෙන අමාරුවෙන්ලු ශේප් කර ගත්තේ.. ("යාර" කියන්නේ "කව්ද" කියන එක..)

    ReplyDelete
    Replies
    1. ඉන්ද පකම් අන්ද පකම් කියන්නෙ මේ පැත්ත අර පැත්ත කියන එකයි.
      අනේ අර අහිංසක ගෑණිව මරාගෙන කන්න හැදුවද

      Delete
  25. අපේ ආච්චි බුලත් මල්ලට කොක්කන පයිය කියලා කියන්නේ දෙනෝදාහක් මැද්දෙමයි.

    ReplyDelete
    Replies
    1. ආච්චිලට ඕවයි ගාණක් තියේයැ ඇනෝ

      Delete
  26. හැක් මං කිලිනොච්චියෙදි මොකක්ද එකකට කොට්ටයක් ගැන කතා කරනකොට ටැමිල් ලේඩි ඩොක්ට කෙනෙක් අමුතු විදිහට බලාන ගියා. පස්සෙනෙ දැනගත්තෙ ඒක මේකෙ අනික් පැත්ත කියල.

    කතාව ඇත්ත, කූරුපයිය, කොක්කනපයිය වගේ වචන දැනටත් ගැමි භාෂාවෙ භාවිතයෙ තියනව. තව අහල තියනවනෙ ගෝපයියො කියල. කුනුහබ්බයක් නෙමෙයි. මැක්කො වගේ සත්තු ජාතියක් හදුන්වන නමක්. මිනිස්සුන්ගෙ ඇගට උනත් බෝවෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඒකනං නං හරි කොට්ට ඉල්ලන්න නාකයි...

      Delete
    2. උතුරෙ ගිහිං කොට්ට නැතිව බුදියගනිල්ලකො

      Delete
  27. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
  28. අපේ ගෙදර ඉස්සර බුලත් පයියක් තිබුන.

    ReplyDelete
    Replies
    1. වෙන්ටැති, ඒකනේ බොලාට වි පොකුරු ගණන් තියෙන්නේ.. හැක්...

      Delete
  29. කොල්ලෙක් ඔය කතාව කිව්වොත් කුනුහරුපයක්..ඒත් සීයේක් කිව්වොත් මේ කියනවා වගේ කුණු හරුපයක් නෙමෙයි.

    මට නම් වැඩිපුරම ඔය වචනේ ඇහිලා තියෙන්නෙත් කියලා තියෙන්නෙත් කුනුහරුපයක් විදිහට.

    ReplyDelete
  30. හිතේ කහටක් නැතුව එහෙනම් හැලපයියා කියලා අමතන්න පුළුවන්..
    එච්චරයි..
    පයියාගල පයාගල වෙලා නේද ඔහොම මීගොඩ පැත්තෙත් ගැහැණුවල කියලා ගමක් තියෙනවා..
    හැලපයියාගෙ පයිය ගැන ප්‍රශ්ණ කීපයක් තියේ..ආයි මොකටද හම්බ උනදාකටම අහන්නම්කො :-D

    ReplyDelete
    Replies
    1. හරි හරි වෙනී ඕනැ පයියක් අහන්න

      Delete
  31. හරි දැන් ''පයිය'' කුනුහරුපයක් නෙවි නේ. එතකොට අනිත් එක ?

    ReplyDelete
    Replies
    1. මොකක්ද සුජියො ඒ අනිත් එක ඒකත් කිව්වනම් නේද හොඳ

      Delete
    2. ඔය කියනව ඇත්තෙ කට පුන්චේ ගැන වෙන්න ඇති :).

      Delete
    3. කට පුංචි ගැනත් මේවගේම සංවාදයක් කරමුද කෙන්ජි

      Delete
  32. Honda Kaleena Maththrukawak. Ohoma yan !!

    ReplyDelete
  33. ගමක් තියෙනවා නේද කූරපයියාව කියලා?

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න තරූ මොන තරම් නොදන්න දේවල් අපි දැනගන්නවද මේවගේ සංවාද නිසා

      Delete
  34. මම හිතන්නේ "මල්ල" කියන අරුත් දෙන දමිළ "පයිය" කියන වචනෙ පුරුෂ ලිංගයට දාලා තියෙන්නේ තේරුමක් ඇතුව කියලා. මොකද අපි මල්ලෙන් කරන්නෙ මොනවා හරි දෙයක් රැස් කරන එකනේ. ඉතිං පුරුෂ ලිංගයේත් "ශුක්‍රානු" රස්කරගෙනනේ ඉන්නෙ. ඒ නිසා වෙන්න ඇති පුරුෂ ලිංගයට "මල්ල" කියන අරුත් දෙන "පයිය" කියන වචනෙ යෙදෙන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇනෝ ඒ අදහස හරියටම හරි. යමක් රැස් කර ගන්නා තැන කියන අර්ථයෙන් තමයි එහෙම කියන්නේ. ඇත්තටම පයිය කියන්නෙ අමු හිංගල වචනයක්. මේකෙ සංස්කෘත වචනෙ කෝෂ කියන එක. දැන් ඔබ හරි. වෘෂණ කෝෂ

      Delete
    2. දෙමල කියන එකත් අපිට හිතන්න පුළුවන් හැබැයි ගැමි වහරේදී වැඩිපුරම පැරණි සිංහළයේ භාවිතා වන්නේ පයිය. අර පයියාගල කියන්නෙ ඒ හැඩයේ ගලක් තියන ප්‍රදේශය කියන අර්ථයෙන්. ඉන්දියානු දෙමලෙ මේ වචනෙ කොහොම ද දන්නෙ නැහැ භාවිතා වෙන්නෙ.

      Delete
    3. පහිය තමා පසුව පයිය ඔනේ උරුව පහසුව තකා...

      Delete
  35. මාත් කීප සැරයක්ම හැලපයියා කියන්න බැරිකමමට විසන්දි කරලා ලිව්වා හැලප අයියා කියලා...
    ආයේනං එහෙම කරන්නෑ...

    ReplyDelete
    Replies
    1. කොහොම ලිව්වාම මොකද දෙකම එකයිනෙ තරියො

      Delete
    2. හී හී

      Delete

  36. නම් ගැන නම් කියල වැඩක් නැහැ, මම දන්න ලස්සන මුස්ලිම් ගෑණු ළමයෙක් ඉන්නවා නම "රෙමිනා" :)

    ReplyDelete
    Replies
    1. @සෝන්යා;
      සහොදරිය,මම දන්නා පිලිපින් ගෑල්ළමයෙක් ඉන්නව "රෙවිල"කියල :).

      Delete
    2. මම දන්න එකෙක් ඉන්නවා “චූ ගියා“ ^_^

      (විහිළුවට ඈ)

      Delete
    3. සෝන්යා, ආදරයෙන් පිළිගන්නව ඔබව මගේ දුප්පත් බ්ලොගයට

      Delete
  37. කතා දෙකක්

    මේ ළගදි කොළඹ විශ්ව විද්‍යාලේ ඉගෙන ගන්න මල්ලි කෙනෙක් කිව්වා මම 'ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරන්නේ පයි ගැන' කියල. මේක කිව්වේ මල ගෙදරකදි හම්බ වුනාහම. වට පිටේ හිටපු වැඩිහිටි ඇත්තෝ මූනට මූන බලාගත්තා හොද වෙලාවට මම උසස් පෙළ ගණිතය කරල තිබ්බේ.

    අද උදේ එළවලු ටිකක් ගන්න ළගපාත් කඩේට ගිහින් එනකොට මගේ පයිය කඩාගෙන වැටුනා. අනේ එතනින් ගිය නංගි කෙනෙක් ඒකෙ තිබ්බ කොල මිටිය ඇහිදලා දුන්නා. මේක දැක්ක අපේ හාමිනේ කිව්වේ ආයෙත් එහෙම හිල් වෙච්ච පයියවල් එහෙම කඩේ ගෙනියන්න එපා කියල...මම හ්ම්...කිව්වා.

    ReplyDelete
    Replies
    1. නංගි කිව්වෙ නැද්ද පේට්‍රියට්,අයියෙ ඔන්න අයියගෙ පයිය හිල්වෙලා කියල

      Delete
  38. දන්නා පයියක් කතා කරන්න ගිහිල්ල මෙච්චර දුර ගිහිල්ල,ඒක නිසා කවුරුත් වැඩිය නොදන්නා "කට පුංචි"ගැන කතා කරමුද?:).නැත්නම් මේක ගැනම කතා කරලා ගෑලමයිල නරක් වෙනව හැලප...:) !

    ReplyDelete
    Replies
    1. කවුරුත් වැඩිය නොදන්නා නෙවෙයි කෙන්ජි කට පුංචි විශේෂඥයොත් හෙව්වොත් හම්බවෙයි.
      දැන් කවුද මේ සංවාදය පටන් ගන්න වඩාත් සුදුසු කෙනා.

      Delete
  39. ඔබ හැර වෙන කෙනෙක් සිටීද එම්බා හැලප සහෝදරය ? :):):):).

    ReplyDelete
  40. අපේ සිරා මලය ගැන සම්බන්දකම් තියෙන අය මෙය දැක්කොත් කියන්න මම මලයට බුදු සරණයි!සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියල පැතූ බව.නේද හැලප සිරාගේ කොමන්ට් එකක් නැති උනාම?

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ කෙන්ජි...මම සිරා යන්න ඉස්සෙල්ලත් සුබ පැතුවා.අලුත් විස්තරනම් මොකුත් දන්නෙ නෑ...පව් කොල්ල කොහොමද දන්නෙ නෑ

      Delete
  41. මේකට ගිහින් තියෙන හැර බර කතිකාව! හෙහ් හෙහ්! :D

    ReplyDelete
  42. දේශක යා ගේ ලිපියේ මං යෝජනා කෙරුවේ නම් හැලපයියා නොකියා හැලපකාරයා කියලා කියන්න කියලයි.

    http://deshakaya.blogspot.com/2013/03/blog-post_12.html?showComment=1363079254126#c4081746223145527698

    ReplyDelete
  43. දැන් මොකක්ද ඉතිං නිගමය?
    1. පයිය යන්න මල්ල යන්න හැඳින්වීමට භාවිතා කළ හැකිය.
    2. වෙනත් දේ සඳහා භාවිතා කළ නොහැකිය?

    ReplyDelete
  44. /* පයිය කියන වචනයේ නිවැරදි නිරුක්තිය සොයාගන්නට මගේ ළඟ ශබ්ද කෝෂයක් නැහැ.....ශබ්ද කෝෂයක් ඇති කතන්දරයන්වත් මේ වචනයේ නිරුක්තිය සොයා සපයනව නම් මා බොහොම කැමතියි. */

    පයිය = පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, (අසැබි) පුරිස ලිඟුව
    (796 පිටුව, සරසවි සිංහල-සිංහල ශබ්දකෝෂය)

    අර නිශාන් ලියන මඩිස්සලේ බ්ලොග් එකට දැන් ඉතිං මොනවා නොකියන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. යා යා... හරි පයියේ නිශාන් වගේ හෙහ්...

      Delete
    2. \\\
      අර නිශාන් ලියන මඩිස්සලේ බ්ලොග් එකට දැන් ඉතිං මොනවා නොකියන්න බැරිද?///


      ඔබ මේ පවසන්නේ කිමෙක්ද මිතුර ?
      ඔහුට මින් පසු අප වෙනත් නමකින්
      ආමන්ත්‍රණය කල යුතු බවද ? :P

      Delete
  45. පයියේ කතාව පැල පී දක්වා ඇදී ගියානම් පහිය කියන වචනය පයිය වෙන එක අරුමයක් නෙවෙයි.
    මං හිතන්නේ 'පයිය' යන වචනය අතීතයේදී මල්ලක් හෝ උරයක් හැඳින්වීමට පාවිච්චි කරල තියනවා. පයියාගල හැදුනෙත් ඒ තේරුම ආශ්‍රයෙන් වෙන්න ඇති. කොහොම වුනත්, දැනට පයිය යන්න සාමාන්‍යයෙන් ග්‍රාම්‍ය වචනයක් ලෙසයි සැළකෙන්නේ. මේක තදබල කුනුහරපයක් නෙවෙයි.
    කොහොම වුනත්, යොදාගන්නා ආකාරය අනුව "අත, ඇඟිල්ල, ගහනවා" වගේ වචන වුනත් කුනුහරප වෙනවා. මේව ගැන එච්චරම "වොරි" වෙන්න අවශ්‍ය නෑ කියලයි මගේ නම් අදහස.

    ReplyDelete
    Replies
    1. පයිය යන වචනය කුනුහරුපයක් වන්නේ යොදාගන්නා අවස්ථාව අනුවයි කියන දේ බැහැර කරන්නට බෑ.

      Delete
  46. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  47. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  48. මට මතකයි ටික කාලෙකට කලින් මට්ටක්කුලියේ රෝයල් ජයසීලි හෝල් එකට ආවා දෙමළ ෆිල්ම් එකක් පයියා කියලා. දෙමළින් පයියා කියන්නේ කොල්ලා කියන එක වෙන්න ඕනේ මතක හැටියට...

    http://upload.wikimedia.org/wikipedia/en/thumb/d/d8/Paiyaa_poster.jpg/220px-Paiyaa_poster.jpg

    ReplyDelete
    Replies
    1. ඔව් සඳුන් දෙමලෙන් පයියා පයියන් කියා කියන්නෙ කොල්ලා කියන එකටයි.

      Delete
  49. අද බැලුවෙ ඕං. නියමයි. හැලපයියෙ එකවර බලන්න වෙලාවක් නැති නිසා ටික ටික බලන්නම්

    ReplyDelete
  50. නියමයි හැලපයියේ,,අදයි ආවේ

    ReplyDelete
  51. හැලපයියව අතන මෙතන දැකල තිබ්බට අද තමා බලන්න ආවේ..

    ඔය පයි කියලා තියෙන ග්‍රීක් අකුර කිසිම ගුරුවරයෙක් පයි කියලා හරියට කියන්නේ නෑ නෙව.කොල්ලෝ හිනා වෙයි බයටයි ටිකක් පොස් වෙන්නයි කියන්නේ ෆයි කියලා.
    ඕකට පයි කියලා කිව්වේ අපේ රසායන විද්‍යා ගුරුතුමී විතරයි, හැබැයි කවුරුත් හිනා වෙලා නෑ.

    පයි කියන්නේ කුණු හර්පයක්ද? අනේ මන්ද,ඒක නම් දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. යෙදෙන අවස්ථාව අනුව ඕනෑම හොඳ වචනයක් කුණුහරුපයක් වෙන්නට හැකියි.

      Delete
  52. වට් ද ෆ...... මට ඉස්සර පයාගල හරියෙන් යන්න බැහැ හිනහ යනවා. අපේ ලොකු අයියා තමයි මට බැනල තේරුම් කරලා දුන්නේ

    ReplyDelete
    Replies
    1. පයාගල ස්ටේෂන් එකෙත් ගහල තියෙන්නෙ පයියාගල කියලනෙ කෝරළේ මහත්තයෝ.

      Delete
  53. මට නම් ඔය මොනවත් කුණුහරප නොවෙයි.ශරීරාංග හදුන්වන නම් කුණු හරප වෙන්නෙ කොහොමද?ඒ වගේම අත්‍යාවශ්‍ය ශාරීරික ක්‍රියාවක් කුණුහරපයක් වෙන්නේ කොහොමද? ඒක වැඩිහිටියන්ට සාපේක්ෂව කොහොමවත් කුණුහරපයක් වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම කුණුහරප වෙන්නෙ යෙදෙන අවස්ථාව අනුව නොවැ.

      Delete
  54. පයි කතාව මරුය /මල් 7යි අපේ භාෂාව ගැන තව දුරටත් හොයා බලා භාෂාව පිලිබඳ පොස්ටුවක් ලියන්න හිතෙනවා..පයිය=පැස

    ReplyDelete
    Replies
    1. පොස්ටුවක් ලියනව නං හරිම හොඳයි.

      Delete
  55. මම දන්නා තරමින්... පයිය කියන්නේ එල්ලෙන කියන තේරුම... පයියාගල වෙන්නෙත් එහෙමයි... පිරිමින්ගේ එල්ල්ලෙනවනේ ඉතින් කොහොමත්

    ReplyDelete
    Replies
    1. ඔය වචනය තේරුම් කීපයකින්ම යෙදෙනවා නොවැ ඇනෝ.

      Delete
  56. වට් ඇන් ඇමේසින් පයි දිස් හැලපේ???

    ReplyDelete
  57. හෙලුවෙන් වනන්නා ලොවෙහි පකට වෙයි. කියල කතාවක් තියෙන්නෙ..

    ReplyDelete
  58. පයිය කියන්නෙ පැස කියන එක​. ඒ කියන්නෙ වටින දෙයක් ඔතලා තියන කුඩා පොට්ටනිය කියන එක.

    ReplyDelete
  59. හැලපයියා කියද්දි මතක්වුනෙ අපෙ ගමේ ඉන්නවා පුශ්ප කියලා මනුස්සයෙක් අපිට වඩා අවුරුදු දහයක් විතර වැඩිමල් ඉතින් අපි කතා කරම්නෙ පුශ්පයියා කියලා මනුස්සයා කසාද තුනක් කරගත්තා ඒත් තාම ලමයෙක් නෑ පුශ්පයියා කියලා ආමන්ත්‍රණය කිරිම සාධාරණයි නෙද ඉතින් (ප්රශ්නාර්තයක්)

    ReplyDelete
  60. ඕලෙවල් වලට අපි උම්මග්ග ජාතකය කරද්දී මේ වචනේ මුල්වරට පොතකින් හම්බුනේ...කොල්ලෝ හිනාවෙන්න පටන් ගත්තා.....සර්රුත් මං හිතන්නේ ඒක දැනගනමද කොහෙද...එදා පාඩම කියවන්න දුන්නෙත් ෆන් කොල්ලෙකුට........එකෙත් යොදාගෙන තිබ්බේ පැස යන අර්ථය දෙන්න......

    ReplyDelete
  61. යකෝ ගොං පයියො! තෝ කැමතිද කොහේ හරි ඉන්න මං වගේ රිලා මොටෙක් තොට එහෙම කියනවට? බොරු අර්ත දැක්වීම් කරන්න කලින් තෝ තොගේම සරම උස්සලා බලපිය තොට පයියක් තියෙද කියලා.

    ReplyDelete
  62. අපෙත් උන්නා දොම්පෙ අයියා කියලා එකෙක් දැන් දොම්පෙ අයියා දොම්පයියා වෙලානේ හැලපයියේ

    ReplyDelete

ඔබේ අදහස්