අගෝස්තු පාසල් නිවාඩුවේ එක් සති අන්තයක කුලියාපිටියේ දිලිනිලාගේ ගෙදර යන්නට දින නියම විය. ගමන යන්නට සුදානම් වුණේ රංජිත්, අම්මා, තාත්තා හැරෙන්නට රංජිත්ගේ අක්කාත්,ලොකු මස්සිනා හෙවත් අක්කාගේ මහත්තයාත්ය. අක්කලාගේ වාහනයෙන් ගමන යන්නට තීරණය කර තිබුණු අතර ගමන යන පිරිස ඔත්තේ ගණනක් වීම නිසා රංජිත්ගේ අම්මා කෙඳිරි ගාන්නට වුයේ මනමාලියන් බලන්නට යන පිරිස ඉරට්ටේ ගණනක් විය යුතු බව කියමිනි. ඒ නිසාම ගමනට එකතු වෙන්නට කිසිම සුදානමකින් නොසිටි රංජිත්ගේ පොඩි නංගිවත් ගමනට එක්කර ගන්නට අන්තිමේදී තීරණය විය.
නියමිත දින උදෑසන කුලියාපිටියේ දිලිනිලාගේ නිවසට පැමිණි ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ප්‍රමුඛ මනමාල පාර්ශ්වයේ පිරිස ජයතිස්ස මහත්තයා ප්‍රමුඛ මනාලියගේ පාර්ශ්වයේ ඇත්තන් විසින් ආදරයෙන් පිළිගන්නට යෙදුණු අතර කල් වෙලා නොඉක්මවා, පිළියෙළ කර තිබු තේ මේසයට කැඳවාගෙන යන ලදී. දහවල් කෑම මේසය සුදානම් වන තුරු ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාටත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාටත් කතාකරන්නට පැරණි කතා බොහෝ විය. දිලිනි,නයනිත් එක්ක රංජිත්ගේ නංගිව අඬගහගෙන ගියේ වත්ත පහළින් ගලා ගිය ඔය පෙන්වන්නටයි. රංජිත්ගේ අම්මාටත්, දිලිනිගේ අම්මාටත් කදේ වැටෙන්නට ඉඩදී රංජිත්, මස්සිනා සහ දිලිනිගේ මස්සිනා වූ කමල් සමග වත්තේ ඇවිදිමින් සිටියේය.
"රංජිත් අයිය එනකොට බෝතලයක් හමාරක් වාහනේ දාගෙන ආවෙ නැද්ද?" කමල් විහිළු කරන්නට විය.
"අරක්කු කොහෙ ගන්නද බං? අම්මයි තාත්තයි ඉද්දි, උඹේ ළඟ මොනාහරි තියෙනව නං ෂේප් එකේ ගහල දාමු!" රංජිත් පිළිතුරු දුන්නේය.
"ඒ ගැන නං මොනව හරි කරගන්න පුළුවනි, එත් මේ වැඩෙයි දවසයි එක්ක වැරදිලාවත් ලොකු අයට අපි බිව්ව කියල ආරංචි වුනොත් හරි නෑ, ඒ හින්ද අදට වැඩේ අල්ලල දාමු." කමල් දැනමුත්තෙකු ලෙස කියා සිටියේය.
තේ මේසය අවසන්වී කෑම මේසය සුදානම් වන තුරු තිබෙන පැය කීපය සාමාන්‍යයෙන් ගතවෙන්නේ මනමාලිගේ පැත්තේ ගම් බිම්වල දිග පළල වගේම බල පුළුවන්කාරකම් ද දැනගන්නටයි. ගමේ ගෑණු ටිකක් ඇවිත් කුස්සිය බාර අරගෙන කෑම සුදානම් කරන නිසා දිලිනිගේ අම්මාට ඒ ගැන කරදරයක් තිබුණේ නැත. ඒ නිසා ඇයට රංජිත්ගේ අම්මාත් එක්ක ඕනෑ තරම් කතා කරන්නට කාලය තිබුණි. රංජිත්ගේ අම්මාට තදින්ම උවමනාව තිබුණේ දීග යන දිලිනිට ගෙදරින් ලැබෙන දේවල් ගැන දැනගන්නට වුණත් ඒ ගැන කටක් හොල්ලන්නට එපාය කියා ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා මෙන්ම රංජිත්ද කළින්ම ඇයට අවවාද කර සිටි බැවින් දෑවැදි ගැන කතා නොකලත් ලැබෙන්නේ මොනවාදැයි වටින් ගොඩින් හෝ හෙළිකරගන්නට ඇය උත්සාහ දරුවාය.
ඇගේ කුතුහලය වැඩි වෙලාවක් නොතිබුණේ කතා කරමින් ඉන්න ගමන්ම දිලිනිට ගෙදරින් ලැබෙන දේපළ ගැන දිලිනිගේ අම්මා ඇයට කිවූ නිසාය.
"ඉන්න ගේයි වත්තයි පොඩි දුවගෙ නමට ලියන්න හිතාගෙන ඉන්නෙ, කොහොමත් වයස යද්දී අපිව බලාගන්න ඉන්නෙ ඒ ළමයිනෙ. ලොකු දුවට කුඹුරු අක්කර දෙකකුයි පරගස්වැව පොල් ඉඩමයි ලියනවා. ඔය තියෙන හැම දෙයක්ම ඔය දෙන්නටනේ!" දිලිනිගේ අම්මා කීවාය. දිලිනි සතුව ඇති කණ කර ආභරණ වලට අමතරව ඇයට ගෙදරකට අවශ්‍ය සියළුම දේවල්ද ලැබෙන බව දිලිනිගේ අම්මා කීවේ රංජිත්ගේ මවගේ සිත සතුටින් පුරවාලමිනි. කුලියාපිටියේ කටයුත්ත බොහොම හොඳ බව ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ මෙන්ම ගෙදර අනික් අයගෙත් ඒකමතික තීරණය විය. ඔවුන් කුලියාපිටියේ සිට ආපසු ගෙදර ආවේ බොහෝ සතුටිනි.
********
නිවාඩුවේ ඉතිරි දවස් කීපයද ගෙදර ගතකළ රංජිත් පාසල් ආරම්භයට දිනකට පෙර ආපසු ගල්ගමුවට ගියේය. සුපුරුදු ගුරු නිවාසයට ආපසු පැමිණි රංජිත් බලන්නට බිසෝ එදා හවස ආවේ රෑ කෑමත් රැගෙනය. කලකට පසු ආ රංජිත්ට කියන්නට බොහෝ දේවල් බිසෝ ලඟ තිබුණත් කලකින් නොලද බිසෝ ගේ රස පහසට ලොබ බැඳී රංජිත් බිසෝ තරයේ වැළඳගෙන ඇඳට රැගෙන ගියේ බිසෝට කතාකරන්නටවත් ඉඩ නොතබමිනි.
"තව කී කාලෙකටද?" බිසෝ කීවේ රංජිත්ගේ මුව සිය මුහුණින් ඉවත් කරමිනි.
"ඇයි?"
"ඇයි කියන්නෙ? නිවාඩු කාලෙ ඔක්කොම කටයුතු කතා බහ කරගත්තලු නේද?"
"ආ, ඔව් ඔව් අම්මල තාත්තල කිව්වෙ මේවා කල් දදා ඉඳල බැහැයි කියලා, නැතුව මම හදිස්සි කළේ නෑ!"
"කොච්චර ලෝබ හිතුණත් මහත්තයව මට අයිතිකර ගන්න බෑ කියල මම දන්නවා, ඒත් මහත්තය වෙන කෙනෙකුට අයිති වෙනවා බලාගෙන ඉන්නත් මට බෑ!"
"ඕව ඔහොම තමයි බිසෝ, අපි කොච්චර කැමති වුනත් ආදරය කරන දේවල් අත් අරින්න වෙලාවකුත් එනවා, ඒකට සතුටින් මුහුණ දෙන්න හිත හදාගන්න වෙනවා."
"ජීවිතේ පළවෙනි වතාවට මම මහත්තයටයි ආදරේ කළේ!"
"එතකොට විල්සන්?"
"විල්සන්ට ආදරේ කරන්න මට වෙලාවක් තිබුනෙ නැහැ, අම්මල තාත්තල කියපු නිසා එයත් එක්ක ගියා මිසක. එදා ඉඳන් ජීවිතේ ගැට ගහගන්න දැඟලුවා මිසක ආදරේ වගේ සොඳුරු දේවලට හිතේ වෙලාවක් තිබ්බෙ නැහැ. එත් මගෙ මිනිහ හැටියට විල්සන්ට මම ආදරෙයි. මහත්තයටත් ඒ වගේම ආදරෙයි!"
"එක සැරේ දෙන්නෙක්ට එක වගේ ආදරේ කරන්න පුළුවනිද බිසෝ?"
"ඇයි බැරි? ඒත් ඒ දෙවිදියක ආදරයක්!"
"ම්ම්, බිසෝ කියන එකෙත් හිතන්න දෙයක් තියෙනවා!"
"තව ටික දවසකින් මහත්තයව මට නැතිවෙනව කියල හිතෙනකොට දුකකුයි කේන්තියකුයි එනවා, ඌයි හැපුව නේද? මහත්තය නිවාඩුවට ගිහිං ටික දවසක් යනතුරු මගෙ ඇඟේ රතු පැල්ලම් මැකුණේ නෑ. එතකොට මට මහත්තයව මතක් වුණා. හොඳ වෙලාවට එළියට පේන තැන්වල පැල්ලම් නැතිවුණේ."
"මම බැන්දයින් පස්සෙ බිසෝට මගෙ ගැන වෛරයකුත් ඇති වෙයි නේද?"
"කොහොම වේවිද කියන්න බෑ, වැඩි ආදරේ එකක්ම වෛරෙකුත් එනවා මම හිතන්නෙ!"
"අඩු තරමින් වෛරක්කාරයෝ නොවී ඉන්නවත් බලමු!"
"මොකෝ හැති හලන්නෙ?ගෙදර ගිහිං කම්මැලිකමට නිකම්ම හිටිය නේද?"
"ගෙදරදි මොනවා කරන්නද? කුඹුරු කොටන්න කියලයැ?"
"ඔව් ඉතිං තිබ්බ කුඹුරු කෑල්ලත් මෙහෙ කොට!" බිසෝ අතින් කට වසාගෙන සිනාසෙයි.
"බිසෝ හරි හරි දේවල් දන්නව නොවැ!"
"ඇයි බොරුද? මම කිව්වෙ මහත්තයගෙ බදු කුඹුර ගැන!"
"මෙදා යලේ මොනවා කරන්නද මන්දා, වතුරත් නැතුව?"
"අම්මෝ මහත්තය,හොඳටම කරුවල වැටිලා! මම යන්න ඕනෑ, විල්සන් ගෙදර ඇවිත්ද මන්දා?" බිසෝ කීවේ ඇඳුම් ටික ලංකර ගනිමිනි.
********
"රංජිත් මහත්තය අපේ ගෙවල් පැත්තෙ එන්නෙ එහෙම නැද්දැ"යි ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා ඇසු විට නිවාඩුවට ගෙදර ගිහිං ආවාට පසු ඒ පැත්තෙවත් ගියේ නැති බව රංජිත්ට මතක්විය.
"එන්නං එන්නං, කොහෙද පහුගිය ටිකේම එක එක වැඩ යෙදුනනෙ!" රංජිත් පිළිතුරු දුන්නේ හැකි ඉක්මනින් ඒ පැත්තේ යන්නට හිතාගෙනය. ඊට පසුවදා දහවල් ඉස්කෝලෙ ඇරී නාගෙන කෑම ගැනීමෙන් පසුව රංජිත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලගේ ගෙදර ගියේ දිලිනිට තෑග්ගක්ද රැගෙනය.
"අම්මෝ, රංජිත් මහත්තයව දැකපු කල්!" පියවතී හාමිනේ රන්ජිත්ව පිළිගත්තේ සිනාසෙමිනි.
"එච්චර කලක් ගියැයි? සුමාන දෙකක් ඇති ඕනනං!කෝ අපේ ඉස්කෝලෙ මහත්තය එහෙම නැද්ද?"
"එයා කඩේට ගිහිං එන්න ගියා, බඩු ගේන්න ගියාට මොකද කඩේ ළඟ ඉන්න අයත් එක්ක කයියක් ගහල එහෙමනෙ එන්නෙ.වෙලාව යනවා එයාට තේරෙන්නෙ නෑ! ඉන්නකො මම දුවට කතා කරන්න!" ඇය ගෙතුළට ගියේ රංජිත්ට බොන්නට යමක් ගෙන එන්නටය.
තවත් මොහොතකින් දිලිනි එළියට ආවේ ලැජ්ජාව මුසු සිනාවක් මුවග රඳවාගෙනය. රංජිත් සහ අම්මා අතර කෙරුණු කතාබහ ඇය ගෙයි සිට අසා සිටියාය.
"මොකෝ දිලිනි මේ මුණත් රතුකරගෙන? කුස්සියෙද හිටියේ?" රංජිත් ඇසුවේ විහිළුවටය.
දිලිනි සිනාසුනා මිසක උත්තරයක් දෙන්නට ගියේ නැත. ඇය රංජිත්ද අඬගහගෙන මිදුලේ මල් ගස යටට ගියාය.
"දැන් ඔයා මොකද කරන්නෙ ප්‍රතිපල එනතුරු?" රංජිත් ඇසුවේය.
"ගෙදර නිකං ඉන්නත් කම්මැලි නිසා ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා මේ දවස්වල!"
"ඒකෙත් වරදක් නෑ, හැමදාම ක්ලාස්ද?"
"නෑ, සතියට දවස් තුනයි. සර් ඇයි හැමදාම එන්නෙ නැත්තෙ?"
"මොකද මට සර් කියන්නෙ? මේ ඉස්කෝලෙ නෙවෙයිනෙ?"
"නම කියල කතාකරල මට පුරුදු නෑ, ඒ දවස්වල අපි සර්ට හරි බයයි, ඇයි බනිනවනෙ! මටත් කොච්චර බැනල ඇද්ද?"
"එහෙම තමයි, නැතුව කොල්ලො කෙල්ලො ආම්බාන් කරන්න පුළුවනැයි?"
"සර් එන බව කලින් දන්නව නම් රෑට කෑම ලෑස්ති කරන්න තිබුණ කියල අම්ම කිව්වා!"
"අයියෝ, මොකට කරදර වෙනවද?මට කෑම තියෙනවනෙ."
"සර් කෑම කන්නෙ විල්සන් ලගෙ ගෙදරින්ලු නේද?"
"ඔව් මම ආපු දවසෙ ඉඳල කෑවෙ එහෙං."
"කෑම රසට තියෙනවද?"
"වරදක් නෑ, මහ ලොකු ජාති නැතත් කන්න පුළුවන් විදියට තියෙනවා."
"ඉතිං දැන් මොකටද එහෙන් කන්නෙ? අපේ ගෙදර ඇවිත් කෑම කාල යන්න පුළුවන්නෙ?"
"මොකට කරදර වෙනවද? මම ඔය වෙනද විදියටම කන්නං!"
"ඒක නෙවෙයි සර් වැඩක් දන්නවද?"
"ම්හ්හ්."
"අපේ වැඩේ ඉක්මන් කරන්න ඕනයි කියල තාත්ත පෙරේද අම්මට කියනව මම අහගෙන හිටිය!"
"ඉතිං දිලිනි එහෙම කැමතිද?"
"මගෙ කැමැත්ත අකමැත්ත ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑනෙ, කාරණා කටයුතු ඔක්කොම සම්පූර්ණ නං තවත් කල්දාන්නෙ ඇයි කියලයි තාත්ත කිව්වෙ. ඇත්තනෙ ඉතිං, අද කෙරුණත් හෙට කෙරුණත් එකට ජීවත්වෙන්න යන්නෙ අපි දෙන්නනෙ.මට නම් කවද කෙරුණත් එකයි!"
"ජයතිස්ස මහත්තය මට කියයි එහෙනං,මම කියන්නම්කො මගෙත් විරුද්ධයක් නෑ කියල."
දිලිනිගේ මුව එළිය විය. ඇය රංජිත්ගේ අතින් අල්ලාගෙන ඇඟේ වෙලුනේ ආදරයෙනි. දිලිනිගේ මුදු පහස හමුවේ සිය ගත උණුසුම් වනු රංජිත්ට දැනුණි. යෞවනියෙකුගේ පහස කෙතරම් සිත් ඇදගන්නා සුළු දැයි රංජිත්ට සිතුණි. ඔහු දිලිනිව අල්ලා තුරුළු කරගත්තේය. සතර වටින් අඳුර ගලද්දී දිලිනි වැලක් මෙන් රංජිත්ගේ ගතේ වෙලුනේ ආදරයෙනි. රංජිත් දිලිනිව සිප ගත්තේ ප්‍රථම වතාවටය. ආදරයෙන් මුසපත්වූ දිලිනි රංජිත්ට නොමඳව ප්‍රතිචාර දක්වන්නට වුවාය.
"අපි ගෙට යමු! අම්මලත් බලාගෙන ඇති." දිලිනි සිය කොණ්ඩය අතින් සකසා ගත්තාය.
දෙදෙනා ගේ පැත්තට පිය මැන්නේ දෑත් පටලවාගනිමිනි. ගෙට එන යුවල දෙස පියවතී හාමිනේ බලාසිටියේ දැඩි ආදරයකිනි෴
එතකොට ඊළඟ කොටහ 2021 දිද හැලපතුමනි?
ReplyDeleteබලමු ලොකු මල්ලි. තව වැඩි කාලයක් නෑනෙ.
Deleteලොකු මල්ලිගෙ අනාවැකිය හරි ඕං හැක්
Deleteහැලපයිය කොහේ ද අතුරුදහන්වෙලා හිටියෙ?
ReplyDeleteපොඩි පොඩි තාක්ෂණික අවුල් වගයක් තිබුන මල්ලි. ඒකයි ලියන්න ප්‍රමාද වුණේ.
Deleteදැකපුකල්
ReplyDeleteඔව් නේද? සෑහෙන කාලයක් ලියන්න බැරි උනානෙ.
Deleteඉතින් ඊට පස්සේ?
ReplyDeleteඊළඟ කොටසින්.
Deleteමේ ක්‍රමය අර රවි වීරසිංහ මහතා ගෙන් ඉගෙන ගන්න ඇති. එයාගෙත් එක කතාවක කෑලි දාන්නේ මාස තුනක් විතර පහු වෙලා.
ReplyDeleteමේ ක්‍රමෙත් වරදක්ම නෑ නේද?
Deleteithiriya 2050 deee .. pin sidda wewi noliya hitapan ban
ReplyDeleteඔච්චර කේන්ති ගන්න එපා බං.
Deleteරහයි හැලපේ.කොම්පීතරේට පණ ඇවිල්ලා වගේ.ලියමු ලියමු!
ReplyDeleteස්තුතියි සිරිබිරිස්. ඉඩ තියෙන වෙලාවක ලියනවා මයි.
Deleteමයේ අම්මේ... රහ!
ReplyDeleteස්තුතියි නාඩියෝ.
Deleteඉස්කුරුප්පුට මෙහෙම එකක් තියෙනවා කියලා මතක් වෙලා
ReplyDeleteඅමතක වෙලා නං තිබ්බෙ නෑ. පොඩි පොඩි අවුල් ටිකක් තිබුණා මිසක.
Deleteදිලිනියි රංජියි ඒ දවස් වලම බැන්දා නම් මේ වෙද්දී ළමයෙක් එහෙමත් හදලා.
ReplyDeleteඅපොයි ඔව්. තාම බැරි උනා බන්දන්න.
Deleteහැලපැනෝ තාම නෑ
ReplyDeleteඑහෙමද ප්‍රා?
Delete/යෞවනියෙකුගේ පහස කෙතරම් සිත් ඇදගන්නා සුළු දැයි රංජිත්ට සිතුණි./
ReplyDeleteබිසෝගෙ පහසට වඩා ඒක වෙනස් ඇද්ද?
බිසෝ ගෑනියෙක්නෙ බං. ඒකයි වෙනස.
Deleteනි අ (පාලන) අලුත් වාහනයක් අරන් පැදලා බලනවාකෝ
Deleteඅජ
ධීජදෙ
හෑ....!
Deleteහරිම අගෙයි
ReplyDeleteස්තුතියි කලන.
Deleteලස්සන ලියැවිල්ලක්
ReplyDeleteස්තුතියි!!
Deleteනියමයි. ටික වෙලාවකට වෙනම ලෝකෙකට ගිහින් ආව වගේ...
ReplyDeleteකලකට පස්සේ වෙලකට බැස්සේ...
ReplyDeleteහරිම අගෙයි...
මමත් වාඩියට ගොඩ වුනා හුඟ කාලෙකට පස්සෙ. ඒ පැත්තෙත් ඇවිදින් යන්න එන්න.
ආආ හැලපයියේ
ReplyDeleteසමකෝණී ත්‍රිකෝණයකි උබත් මාත් ඇයත් අතර..
ReplyDelete