Photo: Google Images.
ත්‍රිකෝණය
ත්‍රිකෝණය 2
ඈත කඳුවැටියේ ඉහළට අව් රැල්ලක් පායා තිබෙනු දිලිනි දුටුවාය. ඇය මේ දැන් දිය නාගෙන ආ ගමන්ය. කෙස් වැටියේ තෙත වියලෙන්නට තුවායක්ද ගැට ගසාගත් දිලිනි සේදු ඇඳුම් රෙදි වැලේ වනන්නට වුවාය. විටින්විට ඇගේ සිතට නැගෙන්නේ අද උදේ අම්මා කියපු කතාවය. ගුරුවරයෙක් ලෙස මෙතෙක් කල් ගෞරවය මුසු බියකින් සැලකු රංජිත් මහත්තයාට බිරිඳ වීම කරන්නට හැකි දෙයක්ද? කොහොම වුණත් රංජිත් මහත්තයාගෙත් වරදක් නැත. අම්මලා තාත්තලා දරුවන්ට වැරද්දක් වෙන්නට ඉඩ තියන්නේ නැත. ඔන්න ඔහේ එන දේකට මුණ දෙනවා යැයි දිලිනි කල්පනා කළාය.
"ඈ ළමයො!" දිලිනි කල්පනා ලෝකයෙන් මිදුණේ මවගේ කටහඬිනි.
"අර උදේ මම කියපු දේ ගැන කල්පනා කලාද?"
"අනේ මංදා අම්මෙ, මට මොකුත් හිතාගන්න බැරුව ඉන්නෙ!"
"මොනව හිතන්නද ළමයෝ, රංජිත් මහත්තය නරක මනුස්සයෙක් නොවෙයි නෙ, යමක් කමක් හම්බ කරගෙන තියෙනවා, ඉන්න තැන තියෙනවා,ගෙදර වෙන කවුරුවකුත් නෑ,සතුටින් ඉන්න වෙන මොනවද ගෑනියෙකුට ඕනෑ කරන්නෙ?"
දිලිනි මුවින් නොබැන නිහඬවම සිටියාය.
"එහෙනං අපි ඒ වැඩේ තීන්දු කරගන්නව හොඳද?" අම්මා කීවේ කතාව නවතමිනි.
*
" දැන් ඔය කට්ටිය කොයි පළාතෙද? ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඇසුවේ සිය බිරිඳගෙනි. තද ගති පැවතුම් ඇති ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා සිය දූ දරුවන්ද පාලනය කළේ පාසලේ ළමයින්ව පාලනය කරනවා මෙනි. රංජිත් පැත්තකට වී හිටගෙන සිටි අතර කතා කළේ ඉස්කෝලෙ මහත්තයගේ බිරිඳය.
"කුලියාපිටිය පැත්තෙ කට්ටියක්, තාත්ත ඉස්කෝලෙ ප්‍රින්සිපල්, දුවල දෙන්න විතරයි, ලොකු ළමය තමයි මෙයාට කතාකරල තියෙන්නෙ, අපේ අයමයි!" ඇය විස්තරය දිගින් දිගටම කියාගෙන ගියාය.
"එහෙනං ඉතිං ඒ පැත්තෙ ගම් බිම් බලන්න දවසක් යොදාගමුකො, වචනයක් කියන්න වෙන්නෙ ඒ අය කවුද කියල හොයල බැලුවට පස්සෙනෙ!"
"එහෙනං ළමයො ඒ ගොල්ලන්ටත් කියල කුලියාපිටි යන්න දිනයක් දාගත්ත නං!"
අම්මාගේ කතාවට කිසිත් නොකියූ රංජිත් නිහඬවම සිය කාමරයට වැදුණේය. දවසම ගෙවීගියේ වස කම්මැලිකමකිනි. ටවුම පැත්තෙ ගියානං ඇඟ රත්කරගන්නට තිබුණා නොවේදැයි ඔහුට කල්පනා විය. ඒත් තනියම ටවුමට යන්නට කම්මැලිය. වෙනදාට තමා මුණ ගැසෙන්නට එන අනුර මහත්තයාද අද ආවේ නැත. ඔහු හිටියා නම් දෙන්නත් එක්ක බාගයක් බෝතලයක් ඉවරකරන්නට තිබුණි. සැබෑ විනෝදකාමියකු වූ අනුර මහත්තයා එක්ක බොන්න පටන් ගත්විට කාලය ගතවෙනවා නොදැනේ. තමන්ට ලැබී ඇති විවාහ යෝජනාව ගැනද අනුර මහත්තයාට කියන්නට මෙය හොඳ අවස්ථාවක් නොවේදැයි සිතු රංජිත් කලිසමක් කමිසයක් හැඳගෙන අනුර මහත්තයා මුණ ගැහෙන්නට යන්නට එළියට බැස්සේය.
"මේ හැන්දෑවෙ කොහෙ යන්නද ළමයෝ!" අම්මා ඇසුවේ රංජිත් ගෙදරින් එළියට බසිද්දීය.
"මං පොඩ්ඩක් එහා ගොඩට ගිහිං එන්නම්!" යි කියූ රංජිත් පාරට බැස්සේය.
"කොහෙ ගියත් කමක් නෑ රෑ වෙන්න කලින් ගෙදර වරෙන්, ඉඳල ඉඳල ගෙදර එනවා කොයි මොහොතකවත් ගෙදර නෑ, ගමනෙමයි! කියාගෙන අම්මා ගෙට ගියාය.
"ආ රංජිත්, කාලෙකට පස්සෙ, එන්න, එන්න. මාත් මේ කම්මැලිකමේ හිටියෙ!" අනුර මහත්තයා එසේ කියමින් ගෙට ගොඩවන රංජිත් පිළිගත්තේය.
"ආ රංජිත්, කාලෙකට පස්සෙ, එන්න, එන්න. මාත් මේ කම්මැලිකමේ හිටියෙ!" අනුර මහත්තයා එසේ කියමින් ගෙට ගොඩවන රංජිත් පිළිගත්තේය.
*
දෙකක් වැදුණු පසු රංජිත්ට මතක් වුණේම බිසෝවය. නොසිතු මොහොතක හදිසියේ හමුවූ ඇය පහුගිය දවස්වලදී තමන්ට කෙතරම් සමීප වුයේදැයි ඔහුට මතක්විය. බිසෝ මතක් වනවිට රංජිත්ගේ ගත සිත දෙකම උණුසුම් වෙයි. මේ ඊයෙ පෙරේදා දවසක යහන්ගතවී අවසානයේ දෙදෙනා ඇඳ උඩම හුළං වදිමින් නිවී සැනසිල්ලේ කතා කතා බහේ යෙදී සිටියේ උපන් ඇඳුමෙනි.
"හෙට අනිද්දා වෙද්දී නං අපිව ඕනෑ නැතිවෙයි මහත්තේලට!" බිසෝ කීවේ එකවරමය.
"ඒ කිව්වෙ?" රංජිත් ඇසුවේ කතාවේ අගක් මුලක් නොතේරුණ නිසාය.
"හෙට අනිද්ද ලස්සන පොඩි කෙල්ලෙක් කසාද බැඳ ගත්තම අපිව මතක් වෙන එකකුත් නෑ, ඇයි මහත්තයට ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ලොකු දුව කතා කරල තියෙනව නේද?" බිසෝ කීවේ බිඳුණු හඬින්ය.
තමන්ට ගෙන ආ විවාහ යෝජනාව ගැන මේ ඉක්මනට බිසෝ දැනගත්තේ කෙලෙසදැයි රංජිත් මවිතයට පත්විය. එහි අමුත්තකුත් නැත්තේ මෙවැනි කුඩා ගම්වල ආරංචිවලට තටු ලැබී එක දවසෙන් ගම පුරාම ඉගිල යෑම සාමාන්‍ය දෙයක් වීම නිසාය.
"බිසෝට කවුද කිව්වේ?" රංජිත් ඇසීය.
"කවුරු කිව්වහම මොකද මහත්තය,කතාව ඇත්තනෙ!"
"තාම කතා කරල විතරයි බිසෝ, තීරණයක් නෑ!" රංජිත් කීවේය.
බිසෝගේ වත එළිය විය. ඇය රංජිත්ට තුරුළුවුනේ දැඩි ආදරයකිනි. බිසෝගේ නග්න සුමට සිරුරේ මෘදු ස්පර්ශය රංජිත් මුසපත් කරවන සුළු විය. ඇයගේ අතොරක් නැති සිපගැනීම් හමුවේ සිය කය නැවතත් අවදි වනු රංජිත්ට දැනුණි. මහත් ආයාසයකින් රංජිත් සිය මුව බිසෝගේ මුවින් මුදවාගත්තේ බිසෝව සිය සිරුරට යටකරගනිමිනි.
"මහත්තය!" ඇය කතාකළේ තදින් හුස්ම ගනිමිනි.
"ම්, ඇයි!"
"මහත්තය මගේ, මගෙමයි, මහත්තයව වෙන කෙනෙකුට අයිති වෙනව මට බලාගෙන ඉන්න බෑ, ඒත් මට කරන්න දේකුත් නෑ!" ඇය වැරෙන් රංජිත්ගේ උරහිස සැපුවාය.
"ඌයි"
"ඇයි රිදුනද?"
"රිදෙන් නැද්ද කොටි දෙන වගේ හපද්දී ?"
"ඒ ආදරේට අනේ, මට දුකයි මහත්තයව මට නැති වෙයි කියලා!"
"තාම නැති වුණේ නැහැනෙ, අපි දැන් ඔය කතාව නවත්තමු!" රංජිත් කීවේ හැති හලමිනි.
රංජිත්ගේ ආදරය පෑම හමුවේ රිදුම් දෙන සිරුරින් වුවද බිසෝ ගෙදර ගියේ හිත සැහැල්ලුවෙනි.
*
"මොකෝ රංජිත් තනියම හිනාවෙන්නෙ? ඉස්කෝලෙ කෙල්ලෙක් වත් මතක් වුණාද?" අනුර මහත්තයා ඇසුවේ සිනාසෙමිනි.
"ඒ වගේ එකක් තමා, හැබැයි ඉස්කෝලෙ කෙල්ලෙක් නෙවෙයි."
"ආ,එහෙනං ෂුවර් එකටම ගමේ කෑල්ලක්!" අනුර මහත්තයා කීවේ බැදපු කුකුල් අඬුවක් සපමිනි.
"ඒකම තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ!" රංජිත් වීදුරුවට තවත් එකක් වක්කර ගත්තේය.
"කියමුකො බලන්න අපිටත් දැනගන්න එක්ක!"
බිසෝ සමග ඇතිවූ සම්බන්ධයත් ඒ සමගම දිලිනි ගැන ඇගේ පියා ගෙන ආ යෝජනාවත් ගැන කතාව රංජිත් අනුර මහත්තයා සමග කීවේය.
"ඉතිං, මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ, කෙල්ල හොඳනම් බැඳගන්න!"
"එතකොට බිසෝ?" රංජිත් එක්වනම අසා සිටියේය.
"හා,හා, මට තේරෙනවා, එතකොට කෙල්ලව බඳින්නත් ඕනෑ ගමේ ගෑණි අමතක කරන්නත් බෑ, එහෙම නේද?"
රංජිත් නිහඬවම අසා සිටියේය.
"රංජිත්, ඔයා බැන්දම ඒ ගෑණු කෙනා වෙන කවුරු හරි හොයාගනී, තව මිනිහෙක් ඕනෑම නං? රංජිත්ට ඒ කෙනාම ඕනෑ නං ඉඳහිට ඇයි හොඳයියක් පවත්තන්නත් බැරුවයැ." අනුර මහත්තයා කීවේ හක හක ගා සිනාසෙමිනි.
"අනේ මංදා, ඕවා දිගදුර ගියාම නෙ පවුල් ආරවුල් හිට ඇතිවෙන්නෙ, ඒවට කොහොම මුණ දෙන්නද කියල මට නං හිතාගන්නවත් බෑ." රංජිත් කීවේය.
"මේ බලන්න රංජිත්, මේ ලංකාවෙ ඔය ප්‍රශ්නෙ ඇතිවුණු පළවෙනි එක්කෙනා ඔයා නෙවෙයිනෙ, මිනිස්සු ඕනෑ තරම් ඕවගේ ප්‍රශ්නවලට මුණ දෙනවා, දැන් බලන්න මිනිස්සු ප්‍රසිද්ධියෙම ගෑණු දෙතුන් දෙනා තියාගෙන ඉන්නෙ, සමහර ලොකු ලොක්කන්ට දවසට එකා ගානෙ ගෑණු ඉන්නවා, ඇයි අහල නැද්ද දෙමළෙන් දෙවැනි ගෑණිට ඒ කියන්නෙ අනියම් බිරිඳට කියන්නෙ සින්න වීඩ, දෙමළ භාෂාවෙ වීඩ හරි වීඩු හරි කියන්නෙ ගෙදර, පළවෙනි ගෑණි පෙරිය වීඩ ඒ කියන්නෙ ලොකු ගෙදර, දෙවැනි ගෑණි සින්න වීඩ ඒ කියන්නෙ පොඩි ගෙදර, කොච්චර නිර්මාණාත්මකද බලන්න. ලස්සන දෙමළ සිංදුවකුත් තියෙන්නෙ "චින්න වීඩ චිත්තිරා පෙරිය වීඩ කත්තිරා කියල."
අනුර මහත්තයා දෙමළ ගීතයක කොටසක් ගැයුවේ හිඳ සිටි පුටුවේ ඇන්දට අතින් තට්ටු කරමිනි.
"ඇයි චින්න චින ආසෙයි කියලත් එකක් තියෙන්නෙ!" රංජිත් පැවසුවේය.
"අන්න හරි, ටික ටික ආසයි, මරු සිංදුනෙ අප්පා!" වෙරිමත සමග අනුර මහත්තයා තුළ සිටින කලාකරුවා අවදිවෙයි.
"ඇයි චින්න චින ආසෙයි කියලත් එකක් තියෙන්නෙ!" රංජිත් පැවසුවේය.
"අන්න හරි, ටික ටික ආසයි, මරු සිංදුනෙ අප්පා!" වෙරිමත සමග අනුර මහත්තයා තුළ සිටින කලාකරුවා අවදිවෙයි.
"රංජිත් ඕමාර් ඛයියාම්ගෙ රුබය්යාට් කියවල තියෙනවද?" අනුර මහත්තයා එක්වරම ඇසුවේය.
"නම අහල තිබුණට ඛයියාම් ලියපුවා කියවල නෑ!"
"ෂැක්, ජීවිතෙන් බාගයක්ම අපතේ, ඒවනෙ කියවන්න ඕනෑ, ඕමාර් ඛයියාම් මීට අවුරුදු දාහකට විතර කලින් පර්සියාවෙ,ඒ කියන්නෙ ඉරානයේ හිටපු ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, ඒ ඔක්කොමටත් වඩා කවියෙක්, ලෝකේ කොච්චර නම් කවියෝ ඇතිවෙලා නැතිවෙලා ගිහින් තියෙනවද? නමුත් ඛයියාම් එයාගෙ නිදහස් කවි ආර නිසා අදටත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. එයාගෙ ප්‍රතිමා කීයක් ලෝකයේ ඉදිවෙලා තියෙනවද? ඛයියාම් අමුතු දෙයක් කිව්වෙ නැහැ. ඛයියාම් රුබය්යාට් පොතේ කිව්වේ ජීවිතය කියන්නෙ මීවිතත්, සංගීතයත්, ගැහැණියත්ය ඒ නිසා අපි ජීවත්වෙන මේ පොඩි කාලෙ ජීවිතය විඳින්නය කියලයි. මොන තරම් සොඳුරු සිතුවිල්ලක්ද? ඛයියාම්ගෙ කවියක් සිංදුවක් කරලා අමරදේවත් කිව්වේ, මම හිතන්නෙ ඒ සිංදුව ලිව්වෙ සේකර."
ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි
සුරංගනාවියනේ ඒ ඒ
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවනැල්ලේ
අද අප ජීවිත සුමිහිරි වේනම්
මළ ඊයේ ගැන ඇයි ලතැවෙන්නේ
අද අප ජීවිත සුමිහිරි වේනම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිවයුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරා විත පුරවාලා
ඔබ මා තුරුළේ .....
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවනැල්ලේ
අද අප ජීවිත සුමිහිරි වේනම්
මළ ඊයේ ගැන ඇයි ලතැවෙන්නේ
අද අප ජීවිත සුමිහිරි වේනම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිවයුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරා විත පුරවාලා
ඔබ මා තුරුළේ .....
අනුර මහත්තයා වෙරිමතින් ගයන්නේ දෑස පියාගත්වනමය.
"දැක්කද? මොන තරම් අලංකාර සිතුවිල්ලක්ද? මේ වගේ කවි ලියන්න පුළුවන් ඛයියාම්, ඒ වගේම කවිය ගීතයක් කළ සේකර වගේ සුන්දර මනුස්සයින්ටම තමයි!" ගීතය අවසන් කළ අනුර මහත්තයා කීවේ වීදුරුවට තවත් එකක් පුරවාගනිමිනි.
"මහගම සේකර කියන්නෙත් අප්‍රමාණ මිනිහෙක් රංජිත්, ගීත රචකයෙක්, කවියෙක්, නවකතා කෙටිකතා රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්, චිත්‍ර ශිල්පියෙක් මේ ඔක්කොම හැකියාවන් එක වගේ තිබුණු කලාකාරයෙක්. මේ හැම හැකියාවක්ම එකට තිබුණු සේකර වගේ කෙනෙක් ආයෙ බිහිවෙන්නෙ නෑ රංජිත්." අනුර මහත්තයා කීවේ තවත් කතාවකට මුල පුරමිනි.
"අපේ රටේ මිනිස්සු සේකරට සලකපු හැටි ගැන මම කතාවක් කියන්නම් රංජිත්."
"සේකර රදාවානෙ ඉපදිලා හැදිල වැඩිල රදාවානෙ ඉස්කෝලෙට ගියාට පස්සෙන් පහු රස්සාව හම්බවෙලා කසාද බැන්දට එහෙම පස්සෙ හිටියෙ ගම්පහ ගෙයක් කුලියට අරගෙන. සේකරටයි එයාගෙ නෝන මහත්තයටයි වැඩට යන්න එන්න එතකොට ළමයින්ට ඉස්කෝලෙ යන්න එහෙම හැම දේටම පහසු නිසා ගම්පහ පදිංචි වුණාට පස්සෙ සේකර රදාවානට ආවෙ ගියෙ කලාතුරකින් ගමේ විශේෂ අවස්ථාවක් වුන වෙලාවට විතරයි. ඒක සේකරම කවියකින් කියල තියෙනවා."
කලාතුරකින් දිනෙක මා ගෙදරට යන කලට
අපේ ගමේ ඉස්කෝලය පෙනෙයි මට
සිංහල උළු සෙවිළි කළ ඒ වහල යට
සඟවා තිබෙයි මගෙ ජීවිතයෙහි සතුට
"ඒ වුණාට සේකර මැරුණට පස්සෙ ආදාහනය කළේ රදාවානෙ තුංමං හන්දියෙ. ආදාහනය කරලා සේකරගෙ අළු කලෙත් තියල සොහොනකුත් තුං මං හන්දියෙම හැදුවා. සොහොන හදල ගතවුණේ දවස් දෙක තුනයි ඒ පැත්තෙ අය සොහොනත් කඩල අළු කලෙත් බිඳල දාල තිබුණා. ඒ වැඩේට හේතුව හොයද්දි එලි වුණේ මෙහෙම කතාවක්. රදාවාන ගැන ලියල ජනප්‍රිය වුණාට ගමේ හිටියෙවත් නැති, ඔච්චර නමක් තියෙන ලොකු ලොකු සම්බන්ධතා තියෙන මිනිහෙක් වුණාට ආණ්ඩුවට කියල ගමේ පාරකට තාර ටිකක් දාල දුන්නෙ නැති, ගමට පාලමක් බෝක්කුවක් හදල දුන්නෙ නැති මිනිහෙකුගෙ සොහොනක් විතරක් තුංමං හන්දියට මොකටද කියලයි සොහොන කඩල දාල තියෙන්නෙ."
"ඔන්න බලන්න රංජිත්, රදාවාන, තුංමං හන්දිය, ගමේ ඉස්කෝලෙ අමරණීය කරපු මනුස්සයට ගමේ මිනිස්සු සලකපු හැටි? ඒ මනුස්සයගෙ වටිනාකම තාර ටිකකට පාලමකට බෝක්කුවකට සීමා කළා. ඔය භෞතික දේවල් කාලෙකදී කැඩිල බිඳිල නැතිවෙලා යනවා. ඒ වුණාට සේකර ලියපුවා හැමදාම පවතිනවා. ඔය ටික තේරුම් ගන්න බැරි මිනිස්සුනෙ ඉන්නෙ රංජිත්!"
"තව ජොලි කතාවක් තියෙනව රංජිත් ඒකත් අහන්නකො!"
"ඔය හැත්තෑවෙ මැතිනිගේ ආණ්ඩුවෙ සංස්කෘතික ඇමති වුණේ ඇස්. ඇස් කුලතිලක.හිටපු නඩුකාරයෙක්,හැබැයි සුන්දර මිනිහෙක්. ඇමතිකම ගත්තට පස්සෙ මිනිහ කෙළින්ම කිව්වා මම දන්න ඇති සංස්කෘතියක් නෑ ඇමතිකම දුන්න නිසා ගත්ත කියල. ඉතිං ඔය සේකරල එහෙම කලාකාරයො එකතු වෙලා පිහිටුවා ගත්ත කලා සංගමේකින් ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා ඒ ගොල්ලන්ට තියෙන ප්‍රශ්න, අවශ්‍යතා එහෙම ඇමතිට කියන්න. ඉල්ලපු ගමන්ම සාකච්ඡාව ලැබුණා. ඉතිං නියමිත දවසෙ කලාකාරයො ටික අමාත්‍යංශයට ගියා සාකච්ඡාවට. ඇමතිත් එයාගෙ ලේකම් එච්. එස්. ප්‍රේමවර්ධන එක්ක නියමිත වෙලාවටම සාකච්ඡාවට ආවා. දැන් සාකච්ඡාව යනවා, සේකර නැගිටලා ඒ ගොල්ලන්ගෙ අවශ්‍යතා,ප්‍රශ්න එහෙම ඇමතිට පැහැදිලි කරනවා. ඇමැතිත් නිකටෙ අත තියාගෙන බොහොම වුවමනාවෙන් අහගෙන ඉන්නව වුණාට එයාගෙ ඇහැ තිබුනෙ ජනේලෙන් එළියෙ තිබුණු ගස්ලබු ගහක. සේකර බොහොම උද්වේගයෙන් කතාකරන අතරෙ එක පාරටම ඇමති ගස්ලබු ගහ පෙන්නල ලේකම්ගෙන් අහනව,
"ප්‍රේමවර්ධන, අර ලංසි පැපොල් ගහක්ද?" කියල.
"සේකරට යක්ෂය ආරූඪ වුණා, ඇයි අප්පා, මෙච්චර වෙලා කියවපු දේවල් එකක්වත් මේ මනුස්සය අහගෙන ඉඳල නෑනෙ."
"මේ ඇමතියට කතා කරපු ටික බීරෙකුට කිව්වනං මීට වඩා හොඳයි, මෙන්න මෙහෙ වරෙල්ලා යන්න කියල සේකර අර කලාකාරයො ටිකත් ඇදගෙන එළියට බැහැල ආවලු!"
සංගීතය, චිත්‍රපටි, කවි හෝ ගීත ගැන කතාව පටන් ගත්තොත් අනුර මහත්තයාට වෙලාව ගතවෙනවා නොතේරේ. ඔහුගේ ගීත ගායනය නැවතුනේ අනුර මහත්තයාගේ නෝනා ඇවිත් කතාකළ නිසාය.

"දැන් සිංදු කිව්ව මදැයි, දෙන්නත් එක්ක කෑම කන්න එන්න!"
"මට නම් ගෙදර කෑම තියෙනවා, අම්ම කිව්ව මම එද්දී කෑමට ගෙදර එන්න කියලා!" රංජිත් කීවේය.
"රංජිත්ට ගෙදර කෑම තියෙනව කියල මම නොදන්නවැයි? අපේ ගෙදරින් කෑම කාල ගියාට අම්ම මොකුත් කියන එකක් නෑ, අනික රංජිත් ගියාම කී කාලෙකට පස්සෙද ආයෙ හම්බවෙන්නෙ? යමු යමු, කන්න ඉස්සෙල්ල තව චූටි එකක් දාගම්මු නේද?" අනුර මහත්තයා රංජිත්ව කෑම මේසයට කැඳවාගෙන ගියේය.
රංජිත් එදා මහ රෑ ගෙදර ගියේ අනුර මහත්තයලගේ ගෙදරින් කෑම ගැනීමෙන් අනතුරුවය.
"ආපහු ගිහිල්ල මොකද වුණේ කියල විස්තරේ මටත් දන්වල එවන්න!" කියමින් අනුර මහත්තයා රංජිත්ට සමුදුන්නේය. රංජිත් අනුර මහත්තයලගේ ගෙදරින් පිටව ගියේ බොහෝ සැහැල්ලුව ගිය සිතිනි෴
අප්පට සිරි...
ReplyDeleteමෙන්න දාලා...
කියවලා එන්නම්...
මුල්ම සිද්ධිය තමයි ප්‍රධාන කතාවෙන් පිට ගිහින්, තවත් වෙනම මාතෘකාවක් යටතේ ලියන්ට පුලුවන් දේවල් ගොඩාක් මේකට ඇතුල් කරලා තියෙන එක...
Delete( ඒවා කතාවට අදාලද, කතාවක් විදිහට තියෙන්ට ඕනේ නිසා දැම්මාද දන්නේ නෑ... )
මේ කතාවේ තව කොටසක් තියෙනවාද???
මම අද දෙමල සිංදුවක් ඇහුවා ඒකට ඔයාත් ආසා වෙයි...
මල්ලි දෙමල කොල්ලෙක්ද වතුකරයේ?
Deleteඒ දෙන්න කතාකරපු දේවල්නේ දැම්මේ. ගණන් ගන්න එපා.
Deleteදෙවෙනි ඔබගේ පොත් පත් ගන ලියන බ්ලොගයේ පලවූ ජැක් ෂෙප ගේ ෂේන් පෝස්ටුවට ගැනත් එහි ඔබ; කොමෙන්ටුවකට දී තිබූ පිළිතුරක් ගැනත් මා http://thattayagekolama.blogspot.com/2019/06/142-4.html පෝස්ටුවේ සඳහනක් කර ඇත!
ReplyDeleteමහත්තයා ඔරු පදිනවයි කියලා කොල්ලෝ පදින්න යනවලු නේද? තට්ටයෝ කොහොමත් සමලිංගනේ. සාදුලත් එහෙමනි. ඇයි අපේ කකා.
Deleteදුටුවෙමි.ස්තුතියි.
Deleteරහයි, හොඳයි!
ReplyDeleteX 2
Deleteරහ ලොලිපොප් එකක් දෙන්නද? ලොලිපොප් එකක් ?
Deleteස්තුතියි.
Deleteයකෝ!!! මේව්වාගේ අවස්තා සම්බන්ධේ හොයන්න ගිහාමනේ එපා වෙන්නේ! මල් හතයි ඈ යන විදිහ..
ReplyDeleteමල්ලි රෑ වෙලා එන්නකෝ, අවස්තා සම්බන්දෙ කියලා දෙන්න.
Deleteඅවස්ථා සම්බන්ධෙ ඕන නෑ. රස වින්ද නම් ඇති.
Deleteකතාවේ මුල් ටික නං කියෙව්වා. මරු. අන්තිමට තියෙන සාහිත්‍ය කෑලි ටික දිගවැඩියි වගේ හිතුනා මේ කතාවට. ඒ නිසා ඒ ටික උඩින් පල්ලෙන් කියෙව්වේ.
ReplyDeleteසාහිත්‍ය කෑලි ටිකත් කියෙව්වා නං තමා හොඳ.
Deleteමටනම් හිතට ඇල්ලුවේ සාහිත්‍ය කෑලි ටික. ඉදිරියට කීමට තිබෙන කථාව රසවත් ලෙස ගොනු කර ගැනීමට ඒ 'සාහිත්‍ය කෑලි' අගේට සම්බන්ධ කර ගත හැකි වේවි.
ReplyDeleteඇයි දයා මල්ලි සෙක්ස් කෑලි වලට ආසා නැද්ද? නෂ්ඨකාමෙන් වත් පෙලෙනවද දයා?
Deleteඔව් ඒ කෑලි ඉදිරියට සම්බන්ධ වේවි.
Deleteරහයි හැලපේ!
ReplyDeleteචින්න වීඩ මරු සින්දුවක්නේ
https://www.youtube.com/watch?v=_sCjyLUnzeI
ස්තුතියි.
Deleteහැලපෙ ආසා නැද්ද බිසෝගේ පහස විඳින්න?
ReplyDeleteආසා වුණාට ලැබුණේ නෑනේ.
Deleteඅනික් කොටස දාන්න මාස පහක් හයක් යයි වගේ.
ReplyDeleteබලමු මනෝජ්.
Deleteමේ කතාව මට හොදට අල්ලලා ගියා. 3 කොටස එනකන් බලාගෙන හිටියේ. ඉතිරි කොටස් ඉක්මනටම කියවන්න පුලුවන්වෙයි කියලා හිතනවා. ස්තූතියි.
ReplyDeleteඉතිරි කොටස් ලැබෙන හැටියට ලියන්නම්.
Deleteමුල මතක නෑ
ReplyDeleteඋඹ වගේ මුල මතක නැති උන්ට තමා ලින්ක් දෙකක් දාල තියෙන්නෙ මතක් කර ගන්න.
Deleteහරිම රහයි හැලපයියෙ....
ReplyDeleteගුරු සේවයේ රසකතා
ඒ අස්සෙ ඇනෝත් පට්ට ආතල් එකක් දීල තියෙන්නෙ
මගේ යාලු ඇනෝවෙක් පට්ට ආතල් දීල මළා.
Deleteඇනෝ හැමදාම ආතල් දෙනවනෙ මනෝජ්.
Deleteඈ බොල එතකොට මං මේ පෝස්ට් එක කියෝල නැද්ද හිටං.
ReplyDeleteඒකෙන් කමක් නෑ දැන් ඊගාව පෝස්ට් එක දාන්න කාලෙ හරි.
අලුත් එකක් ලියාගෙන ඔහේ කමෙන්ට් කරනකල් බලං හිටියා. හෙට අනිද්දට දාන්නං.
Deleteආපහු මේ ත්‍රිකෝණය බලන්න කොයිතරම් කල් බලා ඉන්න වෙයිද ?
ReplyDelete