අද අපේ දවස නිසා අලුතින් පෝස්ට් එකක් ලියනවමයි කියල හිතාගත්තා,නමුත් හදිසියට පෝස්ට් එකක් ලියාගන්න බෑ, අනික ඔන්න දැන් මම එකක් ලියනව කියල හිතාගෙන ඉඳගත්තට ලියන්න බෑ එන්නෙ නෑ, ඉස්සෙල්ලම හිතේ කතාව ලියවෙලා මෝරලා එහෙම එලියට එන්න ඕන ඊට පස්සෙ අඩුපාඩු හදල නිවැරදි කිරීම් කරල පළකරන්නට පුළුවනි.
අපට ලියන්න ඕනැවෙලාවට ලියවෙන්නෙ නෑ කියන කියුම ඉස්සර මමත් විශ්වාස කලේ නෑ,මම හිතං හිටියෙ ලියන්න හිතුනම ලියන්න පුළුවන් කියලයි,ඔයිට සමාන කතාවක් මීට සෑහෙන කාලෙකට ඉස්සෙල්ල මට අහන්න ලැබුණත් මම ගණන්ගත්තෙ නෑ,ඒ කතාව මෙහෙමයි...
කාලය මීට අවුරුදු විසි ගණනකට පෙර මම දෙසතියෙ බෙදාහැරීම බාරව කටයුතු කරන සමය,ඒ අවුරුද්දෙ රාජ්‍ය සාහිත්‍ය උත්සවය හංවැල්ලෙ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන්නට නියමිතව තිබු අතර දෙසතිය සඳහාද ප්‍රදර්ශන කුටියක් සංස්කෘතික අමාත්‍යාංශයෙන් වෙන්කර තිබුණා,ඉතිං ඔය කුටිය බාරගන්න මට හංවැල්ලෙ යන්න තිබ්බෙ සෙනසුරාද දවසකයි,ඒ කාලෙ අපේ දෙසතිය බෙදාහැරීම් අංශෙ තිබුනෙ මැලේ වීදියෙ ඉස්සර අධ්‍යාපන අමාත්‍යංශෙ තිබුනු පරණ බිල්ඩින් එකකයි.
මම ගමන යොදාගත්තේ මෙහෙමයි, මැලේ වීදියෙන් පිටත් වෙලා හංවැල්ලෙ පහත්ගම හිටපු මගේ සහායකය වන රාජපක්ෂලගෙ ගෙදර ගිහිං උදේ කෑම කාල රාජවත් දාගෙන ඉස්කෝලෙට ගිහිං ඒ කටයුතු ඉවර කරල ආපහු එන ගමනෙදි ඒ ලඟපාත පදිංචිවෙලා හිටපු අපේ ඔෆිස් එකට අලුතින් ආපු කෙල්ලක් වන රම්‍යගෙ ආරාධනාව අනුව එහෙන් දවල් ආහාරය අරගන රාජවත් ගෙදරින් දාල කොළඹ එන්නයි...
ඔන්න නියමිත සෙනසුරාද උදේ මම මහව කෝච්චියෙ කොළඹ එද්දි ගනේමුල්ලෙන් කුමාර ගොඩවුනා...
කොහෙද බං අද යන්නෙ...
අද මෙන්න මේ රාජකාරියකට හංවැල්ලෙ යන්න තියෙනව බං,ගිහිං එන්න යනවා...
අපි දෙන්න කතා කරමින් කොළඹට ආවත් කුමාර සුපුරුදු විදියට දෙමටගොඩින් බැස්සෙ නෑ, මාත් එක්කම කොටුවට ආවා,කොටුවෙදි කුමාර වෙන අතකට යයි කියල හිතුවට මු මාත් එක්කම එනව...
මොකෝ උඹ අද වැඩට යන්නෙ නැද්ද...
වැඩට යන්න කම්මැලියි බං, අනික ගියත් වැඩක් කරන එකක්යැ ඊට හොඳයි උඹත් එක්ක හංවැල්ලෙ යනව...
කුමාරගෙ ඔය වගේ අප්‍රබ්‍රංස වැඩ මටත් අපේ ඔෆිස් එකේ අයටත් හොඳට පුරුදුයි,සතියෙ දවස්වලත් දවල්ට කුමාර අපේ ඔෆිස් එකට ඇවිත් කට්ටියත් එක්ක කයිය ගගහ ඉන්න එක කාටත් සුපුරුදු දෙයක්,මාව හම්බවෙන්න ඇවිත්ම කුමාර අපේ ඔෆිස් එකේ ගොඩ දෙනෙක්ව අඳුනනවා ...
ඔෆිස් එකට ගියාම රියදුරු ආසිරිත් ඔහු පදවන L 300 වෑන් එකත් අපේ ගමනට වෙන්කර ඇතිබව දැනගෙන වැඩිපුර කාලය ගතනොකර පිටත්වෙමු කියල ඇවිත් වාහනේ ඉඳගත්ත විතරයි ප්‍රවාහන නිලධාරී පීරිස් දුවගෙන ඇවිත් මමත් එනව හංවැල්ලෙ යන්න කියල වාහනේට ගොඩවුනා, ඒ පස්සෙන්ම අපේ සී සී හේරත් දුවගෙන එනවා...
උඹල ඔක්කොම ගියාම මම කොහොමද තනියම මේකෙ ඉන්නෙ...
හේරතුත් නැගගත්තා, ඔන්න දැන් මම තනියම යන්න ආපු ගමනට කුමාර,පීරීස් සහ හේරත් එකතුවුනා ආසිරියි පහයි, දැන් වාහනේ කෙලින්ම හංවැල්ලෙ රාජලයි ගෙදර බලා ධාවනය වෙනව,කට්ටිය දාගත්තට මොකද මට ටිකක් බයයි,රාජ මම විතරක් එනව කියල හිතාගෙන කෑම ලෑස්ති කරල තියෙනකොට තව හතරදෙනෙක් වැඩිපුර උස්සං ගියාම මොනව හිතයිද, දැනුම් දෙන්න විදියකුත් නෑ කමක් නෑ එහෙම උනොත් කඩෙන් හරි කන්න අරං දෙන්න බැරුවයැ,මම ඔන්න ඔහොම හිතමින් හිටියා...
දවසක්දා ඔහොම වැඩක් මටත් උනානෙ,කළුතර ඉන්න සරත් අයිය දවසක් මළගෙදරකටද කොහෙද ගමේ ඇවිත් ඉද්දි මම රෑ කෑමට අපේ ගෙදර එන්න කියල කිව්වා...
මල්ලි මට ඔය බත්, තෙල් බැදුම් ජාති එහෙම ඕනැ නෑ සුලුවෙන් පාන් කෑල්ලක් ලෑස්ති කළොත් හොඳටම ඇති...
කියපු විදියටම මම එදා රෑට පාන් එක්ක මිරිසට උයපු මාළු හොදි ,පරිප්පු හොද්ද සහ තක්කලි සලාදයක් සූදානම් කළා...
සරත් අයිය රෑ අටට විතර අපේ ගෙදර කෑමට ආවෙ පවුලෙ නෑදෑයො තව හයදෙනෙක් එක්කයි,මට කටඋත්තරත් නෑ බිරිඳ මට හොඳටම දොස් කියනව...
ඔයා කලින් කියන්න එපායැ දැන් මොකද කරන්නෙ...
මම දන්නවෑ මම හිතුවෙ සරත් අයිය විතරක් ඒවි කියලනෙ...
කොහොමත් බෝතල් සාදෙ ඉවරවෙලා කට්ටිය කෑම මේසෙට යද්දි පැයක් විතර ගතවුනා, ඒ කාලෙ ඇතුළත ටක් ටක් ගාල නූඩ්ල්ස් ටිකක් සුදානම් කරගන්න පුළුවන් වෙච්චි නිසා එදා යන්තං හංදුරුකම බේරගත්තා...
ඒ වුනාට එදා මට වුන වැඩේ නං මෙදා රාජට වුනේ නෑ,ඉඳිආප්ප,කහ පොල් මැල්ලුම, මාළු හොදි, රෝස් පාන්, වන්ඩු,පුවාලු කෙහෙල්ගෙඩි ආදියෙන් සමන්විත ප්‍රනීත කෑම මේසෙ දහ දෙනෙකුට උනත් ඇතිවෙන්න සුදානම් කරල තිබ්බා...
දෙසතියෙ වැඩ කරපු කාලෙ අපි කට්ටිය කොහෙ ගියත් අන්තිමට වාහනේට ගොඩවෙන කෙනාගෙ ගෙදර කෑම සුදානම් කරන එක ලියපු නැති ගිවිසුමක් වගේ ස්ථිර වෙලා තිබුණා,ගොඩක් වෙලාවට ඔය වැඩේ පැවරුනේ මටයි,ඒ කාලෙ මම බැඳලත් නැති කොල්ල , මමත් කොහොම හරි අම්මට කියල කෑම ටික ලෑස්ති කරවල තියනව,කොල්ලො වැඩිපුරම ආස වුනේ අපේ අම්ම හදන කහ පොල් මැල්ලුමත් එක්ක ඉඳිආප්ප කන්නයි...
බුත්තල ගම් උදාව තිබුණු වෙලාවෙ ගම් උදාව ගැන දෙසතිය කවරයේ කතාවක් කරන්න අවශ්‍ය විස්තර හොයාගන්නයි,අපේ දෙපාර්තමේන්තුවට වෙන්කරල තිබුණු බිල්ඩිම බාරගන්නයි ආදී වැඩ දෙකතුනකට අපි කීපදෙනෙක් බුත්තල යද්දිත් උදේට කෑමට ඉඳිආප්ප අම්මට කියල හදාගෙන එන්න කියල ඔක්කොමල කිව්වා,එදා නං මම ඉඳිආප්ප ප්ලාස්ටික් බාල්දියක් පොල් මැල්ලුමත් එක්ක අරං ගියා ...
යන අය පටවගන්න මග නැවති නැවති උදේ කෑමත් කාල බුත්තලට යනකොට හොඳටම දවල් වුනා,කඩේකින් දවල් කෑමත් අරං අපේ ගොඩනැගිල්ලට ගිහිං නාල කාල ඇඳුම් මාරුකරගෙන එහෙම අපි නිවාස ඇමති හම්බවෙන්න ගියා,අපට හවස හතරට වෙලාව දීල තිබුනට අපි නිවාස අමාත්‍යංශයට යද්දි නිවාස ඇමති සිරිසේන කුරේ හිටියෙ නෑ, ඒ ගමන අපි ආපහු ඇවිත් අපේ තැනට වෙලා ඉද්දි,
යන අය පටවගන්න මග නැවති නැවති උදේ කෑමත් කාල බුත්තලට යනකොට හොඳටම දවල් වුනා,කඩේකින් දවල් කෑමත් අරං අපේ ගොඩනැගිල්ලට ගිහිං නාල කාල ඇඳුම් මාරුකරගෙන එහෙම අපි නිවාස ඇමති හම්බවෙන්න ගියා,අපට හවස හතරට වෙලාව දීල තිබුනට අපි නිවාස අමාත්‍යංශයට යද්දි නිවාස ඇමති සිරිසේන කුරේ හිටියෙ නෑ, ඒ ගමන අපි ආපහු ඇවිත් අපේ තැනට වෙලා ඉද්දි,
''ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පැමිණි කණ්ඩායමට වහාම නිවාස අමාත්‍යංශයට පැමිණෙන ලෙස ගරු නිවාස ඇමතිතුමා ඉල්ලා සිටී''
කියල ඉස්පීකරෙන් කිව්ව නිසා අපිත් වහ වහා නිවාස අමාත්‍යංශයට ගියා,අම්මෝ ඇමතිවරය හම්බෙන එක බොහොම අමාරුයි අවසේස කෙනෙකුට එහෙම පැත්ත පළාතක යන්න දෙන්නෙ නෑ,අපිව නං බොහොම ආදරයෙන් පිළිඅරගෙන වාඩිවෙන්න කියල බොන්න සිසිල් බීමත් දීල, උදේම කොළඹින් පිටත්වෙච්ච ගමන් නේද,දවල්ට කෑම කාලද කියල එහෙම අහල දෙසතියෙ ලියන කණ්ඩායමත් එක්ක ඉන්ටවිව් එකත් කළා,ඔක්කොම වැඩ ඉවර කරල ආපහු එන්න වෑන් එකට නගිද්දී කරුවලත් වැටිල,මග දිගට පිස්සු නටාගෙන ගෙදර එද්දී පහුවදාට එළිවුනා...
කෑමට ආරාධනා කිරීම ගැන කියද්දි මට තව කතාවක් මතක්වෙනව අමතකවෙන නිසා ඒකත් කියලම ඉන්නං...
ඒ අපි චෙන්නායි වල හිටපු කාලෙ, දවසක්දා කේමදාස මාස්ටර් වකුගඩු අමාරුවට බේත් ගන්න චෙන්නායි ඇවිත් ඉද්දි මාව මුණගැහුනා,ඒ දවස්වල අර්ජුන ලංකාවට ගිහිං හිටපු නිසා මාස්ටර් නැවතිල හිටියෙ මහාබෝධියෙ, මාස්ටර්ට අවශ්‍ය වැඩ ටික කරල දීල එහෙම අපි ටික වෙලාවක් සතුටු සාමීචියෙ යෙදෙමින් ඉද්දි මම මාස්ටර්ට පහුවදා රෑ කෑමට ආරාධනා කළාම මාස්ටරුත් ආරාධනාව පිළිගත්තා...
මාස්ටර් සමුගෙන ගිහිං ටික වෙලාවකින් ඒ සංදියෙ මහාබෝධියෙ කළමනාකරු වෙලා හිටපු ජයතුංග මහත්තය මට කතාකළා...
හෙට රෑ කේමදාස මාස්ටරුත් එක්ක මම එනවා,හැබැයි මාස්ටර් සැර බීම ජාති බොන්නෙ නෑ ලෙඩේට හොඳ නෑනෙ, එතකොට වැඩිපුර මිරිස් සැරට හදපු හොදි මාළුපිණි කන්නෙත් නෑ...
හරි හරි එහෙමනං මම බියර් දෙන්නංකො ඒකත් සැර නං නොබීම හිටපුදෙන්,එතකොට මාස්ටර්ට වෙනම සැර නැති හොදි මාළුපිණි හදවන්නං එහෙම හොඳනෙ...
ඔය කතාව මම බිරිඳට කියපුවම ඇය පොඩ්ඩක්වත් මිරිස් සැර නැති කිරිහොදිත්,සුදට වැටකොළු වැංජනයකුත් මාස්ටර්ට විශේෂයෙන් පිළියෙළ කළා,පැණිරසත් අගුණ නිසා අනිත් අයට කන්න වටලප්පන් හදද්දි මාස්ටර්ට බාගෙට ඉදුණු කෙසෙල්ගෙඩිත් ගස්ලබුත් ගෙනත් තිබ්බා...
ඔන්න පහුවදා රෑ මාස්ටර් ජයතුංග මහත්තයත් එක්ක අපේ ගෙදර ආව,ඊට අමතරව බන්දූ,ටෙරන්ස් නාගේෂ්වරන්, අසෝකන් ආදී කණ්ඩායමත් සුපුරුදු විදියට ඇවිත් හිටියා...
සතුටුසාමීචියෙ යෙදෙන ගමන් බෝතල් පාටියත් පටන් ගත්තා,මාස්ටර්ට තියල තිබුණු බියර් දිහා ඔහු බැලුවෙවත් නෑ, බ්ලැක් ලේබල් ග්ලාස් එකක් කටකපල වක්කරගත්ත
මාස්ටර් බ්ලැක්ලේබල් දෙකතුනක් දාගෙන කෑමට ගිහිං හොඳට මිරිස් සැරට හදල තිබ්බ චිකනුයි රතුම රතු පොල් සම්බෝලයි එක්ක ඉඳිආප්ප කෑවා,විශේෂයෙන් හදල තිබ්බ කිරිහොදි,වැටකොළු හොදි එහෙම ඇල්ලුවෙවත් නෑ...
කාලෙකින් ෂෝක් ඉඳිආප්ප ටිකක් කෑවා...
කියල කෑමෙ රස පාරට්ටු කරපු මාස්ටර් වටලප්පන් කෝප්පෙකුකිනුත් සප්පායම් වුනා,කෑම ඉවරවෙලා කට්ටිය යන්න ගියාට පස්සෙ බිරිඳ මට වදේ ගැහුවා...
සැර දේවල් කන්නෙ නෑ කියපු කෙනා ඔය අගේට සැර නැති ජාති කෑවෙ,කියල හදෝගත්ත වැටකොළු, කිරිහොදි ටික ඔයාවත් කන්න...
ඊට පස්සෙ කීප වතාවක්ම මාස්ටර් චෙන්නායි වලට වෛද්‍ය ප්‍රතිකාර ගන්න ආවම මට මුණගැහුනා,ඒ වුනාට කෑම ගැන බණ නං ආයෙම කිව්වෙ නෑ,එතකොටත් මාස්ටර්ගේ වකුගඩු දෙක හොඳටම නරක්වෙලා කියල මාස්ටර්ම මාත් එක්ක කිව්වා,ඒ දවස්වල මාස්ටර් නතරවෙලා හිටියෙ අර්ජුනගෙ ගෙදර...
මහාබෝධියෙ වෙසක් උත්සවේට අර්ජුනල අපි බැහැලම වැඩකලා,එතකොට මහාබෝධියෙ පාලනය වෙනස්වෙලා ජයතුංග මහත්තයල හිටපු හාමුදුරුවරු එහෙම ආපහු ගිහිං අලුත්ම හාමුදුරුවරු සැට් එකක් පත්වෙලා ආව කාලෙ,ධම්මාලෝක පොඩි හාමුදුරුවන්ට වෙසක් උත්සවය සරුවටම කරන්න අවශ්‍යතාව තිබුණා...
වෙන අවුරුදුවල වෙසක් එකට රැස්වීමක් තියල එන අය පැය ගණන් දෙමළෙන් කතා පවත්තනව අහගෙන ඉඳල තිත්ත වුනාම ඔය මුරුක්කු ටිකකුයි වඩේයි කන්න දීල බොන්න අඹ ජුස් පැකට් එකක් දීල වෙසක් උත්සවේ ඉවර කරනව වගේ නැතුව මේ වෙසක් උත්සවය බොහොම උත්කර්ෂවත් විදියට කරන්නට කට්ටිය උනන්දුවෙන් වැඩ කළා
කෙනට් ලේන් එක දිගේ මහාබෝධියට පෙරහැරක් එන්නයි,උත්සව සභාව ඉහළින්ම පවත්වන්නයි,වෙසක් කූඩු හදල පන්සල මිදුලෙ එල්ලන්නයි ආදී වශයෙන් වැඩ රාශියක් කරන්නට තිබුන නිසා අපි බොහොම කාර්යබහුල වෙලා හිටියෙ,එතකොට මහාබෝධියේ ඉඳල ලංකාවට සජීවී රේඩියෝ ප්‍රචාරයක් දෙන්න ලක්හඬේ නිවේදකයෙකුත් ඇවිදින් හිටියා...
දවස් ගාණක් මහන්සිවෙලා කරපු වෙසක් උත්සවේ ඉතාම සාර්ථක ආකාරයට නිමාවට පත්වුනා,පෙරහැර ලස්සනට වීදි සංචාරය කළා ,උත්සවයෙදි වෙනද පැය ගාණක් එපාවෙනකන් දෙමළෙන් කියවන ඩොක්ට සිද්ධාර්ථන්ටත් එදා කතාකරන්න දුන්නෙ විනාඩි පහයි,ඔක්කොම වැඩ කටයුතු ඉවරවෙලා ආරාධිතයන්ට තේ පැන් සංග්‍රහය ලෑස්ති කරල තිබුණු උඩ තට්ටුවට ආරාධිතයො යද්දී අපි කණ්ඩායමක් වෙන පැත්තකට ගියෙ කලින් ලෑස්ති කරලා තිබ්බ වෙන සංග්‍රහයක් හොරෙන්ම භුක්ති විදින්නයි...
උඩට නැගල බිරිඳ ඇතුළු කාන්තාවො ළමයි එහෙම දකුණු පැත්තට යද්දී අපි වම් පැත්තට යනව එක්කෙනෙකුට වසංගන්න බැරිවුනා,ඒ සංඝානන්ද හාමුදුරුවෝ,සංඝානන්ද හාමුදුරුවොත් මෑතකදි මහාබෝධියට ආපු තරුණ හාමුදුරු නමක්,මේ හාමුදුරුවො බොහොම මිහිරි හඬින් බෝධි පූජා කවි ආදිය කියනව අහං ඉන්න ලස්සනයි, හාමුදුරුවන්ව ලංකාවෙ ඉඳල ගෙන්න ගත්තෙත් ඔය හැකියාව හින්දම වෙන්න ඇති ...
මහත්තයල සෙට් වෙන්න වගේ...
අපි කට්ටිය හයියෙන් හයියෙන් කාමරේ පැත්තට යද්දී සංඝානන්ද හාමුදුරුවො ඇහුවා...
ඔව් හාමුදුරුවනේ එනවද...
කියල කටගන්න හම්බවුනේ නෑ මෙන්න පොරත් අපි පස්සෙන් එන්න ගත්තා...
ඊට පස්සෙ සිදුවුණු සිදුවීම් ගොන්න හරිම රසවත් සහ සදා මතකයේ රැඳෙන සුළුයි,නමුත් ඔය කතා කියන්න ගිහිං සුචරිතවාදීන්ගෙන් සහ මූලධර්මවාදීන්ගෙන් එක එක ජරා කතා අහගන්න මම කිසිසේත්ම කැමති නැති නිසා ඒ කතාව මෙතැනින් නවත්වන්නට සිද්ද වෙන බව කියන්නට කැමතියි...
ඉතිං හංවැල්ලෙ යන්න ගිහිං මගින් හැරිල බුත්තල හරහා චෙන්නායි යන්න වුන නිසා රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙ කතාව කියන්න බැරිවුනා,දැන් ලිව්වොත් කතාව දිග වැඩිවෙනව ඒ නිසා සාහිත්‍ය උත්සවයෙ කතාව ආයෙම ලියන්න වෙනවා.
මහත්තයල සෙට් වෙන්න වගේ...
අපි කට්ටිය හයියෙන් හයියෙන් කාමරේ පැත්තට යද්දී සංඝානන්ද හාමුදුරුවො ඇහුවා...
ඔව් හාමුදුරුවනේ එනවද...
කියල කටගන්න හම්බවුනේ නෑ මෙන්න පොරත් අපි පස්සෙන් එන්න ගත්තා...
ඊට පස්සෙ සිදුවුණු සිදුවීම් ගොන්න හරිම රසවත් සහ සදා මතකයේ රැඳෙන සුළුයි,නමුත් ඔය කතා කියන්න ගිහිං සුචරිතවාදීන්ගෙන් සහ මූලධර්මවාදීන්ගෙන් එක එක ජරා කතා අහගන්න මම කිසිසේත්ම කැමති නැති නිසා ඒ කතාව මෙතැනින් නවත්වන්නට සිද්ද වෙන බව කියන්නට කැමතියි...
ඉතිං හංවැල්ලෙ යන්න ගිහිං මගින් හැරිල බුත්තල හරහා චෙන්නායි යන්න වුන නිසා රාජ්‍ය සාහිත්‍ය උත්සවයෙ කතාව කියන්න බැරිවුනා,දැන් ලිව්වොත් කතාව දිග වැඩිවෙනව ඒ නිසා සාහිත්‍ය උත්සවයෙ කතාව ආයෙම ලියන්න වෙනවා.