Sunday, March 2, 2014

118.මගේ පොත් ගොඩ,මාගරට් මිචෙල් සහ ගෝන් විත් ද වින්ඩ්



අපේ ජීවිතේ අපි කරන්න හුරුවෙලා ඉන්න නොයෙක් පුරුදු තියෙනවනෙ,දැන් මගේ ගැන ගත්තොත් මම මතක ඇති කාලෙක ඉඳලම පොත් කියවන්න පුරුදු වෙලා ඉන්නෙ...පුරුද්දක් කියනවටත් වඩා පොත් කියවීම මට ඇබ්බැහියක් එහෙම නැත්නං ලෙඩක් තරමටම තදට වැළඳිලා තිබුණා...මේ ව්‍යාධිය හොඳකරගන්න මටත් උවමනාවක් තිබ්බේ නෑ ලෙඩෙත් එක්කම ජීවත් වුණා, නමුත් දැන් දැන් මේ ලෙඩේ හොඳ වෙන්න එනවද කියල ඉතාම මෑතකදී ඉඳන් මට බරපතල සැකයක් පහළවෙලා තියෙනව කිව්වොත් නිවැරදියි...


මම එහෙම කියන්නෙ ලංකාවට ගියාම ගන්න පොත් සහ විටින් විට යාලුවන්ට කියල ගෙන්න ගන්න පොත් මෙහෙට ඇවිත් සතියක් දෙකක් ගතවෙනකොට ඔක්කොම ටික කියවල ඉවර කලත් මේ සැරේ ගිහිං එද්දී ගෙනාපු පොත් තවම ඒ ආකාරයෙන්ම ගොඩගහල තියෙන නිසායි...පින්තුරෙ ගන්න නිසා මම පොත් ගොඩ එක උඩ එක තිබ්බා...

අකුරු කියවන්න පුලුවන් වෙච්ච කාලෙ ඉඳලම අතට අහුවුණු හැම දේම කියවපු මට මෙදා සැරේ ගත්ත  පොත් ටික කියවගන්න ඇති නොහැකියාවට බලපාන ආසන්නතම හේතුව හැටියට මට හිතෙන්නෙ මෙන්න මේ බ්ලොග් වලට ඇබ්බැහිවීමයි...

එදිනෙදා බ්ලොග් ටික කියවන්නයි කමෙන්ට් ලියන්නයි මගේ බ්ලොග් එක ලියන්නයි කාලය වැයවුනාම පොතක් පතක් කියවන්න තියා නාගන්නවත් වෙලාවක් නැතුව යනව,ඒකට නං ප්‍රශ්නයක් නෑ බ්ලොගේදි ඇතිවෙන්න නානවනෙ...

                                 
මෙදා පාර මම පොත් විස්සක් සල්ලිවලට ගත්තා ඊට අමතරව නලින්ගෙන් පොත් දෙකකුයි අටං ගෙන් පොත් දෙකකුයි තෑගී ලැබුණා,ලංකාවෙ ඉද්දි ඔය පොත් ගොඩෙන් කීපයක් කියෙව්වා, මෙහෙට ආවට පස්සෙ  මට තවම කියවන්න ලැබුනෙ පොත් දෙකයි,ඒත් පොඩි පොත් දෙකක්...එකක් ටී ජී ඩබ් සිල්වා මහතාගෙ මහ රෑ හමුවූ ස්ත්‍රිය, 1966 දි මේ පොත චිත්‍රපටයකටත් නැගුනා,චිත්‍රපටයේ ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න,සන්ධ්‍යා කුමාරි, පියදාස ගුණසේකර ප්‍රධාන චරිත රඟපා තිබෙනවා මම චිත්‍රපටයත් කතාවත් දෙකම බලල නැති නිසා කුතුහලයටම කියෙව්වා එහෙම නැත්නං ඒ පොත බැලෙන්නෙත් නෑ,අනිත් පොත වැවදෙනියෙ ඇල් ඩී මැන්දිස් මහතාගේ හිච්චි බබා, ඒකත් බොහොම පොඩි පොතක් ....

ආ තව කතාවක් කියන්න අමතක උනා,මම බොහොම බලාපොරොත්තු තියාගෙන ගත්ත පොත් දෙකක් කියවල මගේ හිත එහෙම පිටින්ම සවුත්තු වුනා පොත් දෙක අනෝමා ජනාදරීගේ පුනරෝකතන සහ පුනරාගමන,මේ පොත් දෙකත් අනෝමා කලින් ලියපු පුනරුක්ති පොත වගේ බොහොම විප්ලවීය පොත් දෙකක්  වෙන්න ඇති කියල හිතාගෙන ගත්ත ගමන් පොත් දෙක කියෙව්වා...මොන පිස්සුද ඒ පාඨකයාගේ සල්ලි කඩාගන්න ගහපු පොත් දෙකක් මම අන්තයටම කලකිරුණා,ගන්න මෙලෝ දෙයක් නෑ පරිච්ඡේද පිටිං ලෙනින්ගෙ කතා ගෙඩි පිටිං ඔබල,ලෙනින්ගෙ දේශනා කියවන්න අපි අනෝමගේ පොත් ගන්න ඕනෑ නෑනෙ,ලෙනින්ගෙ  තෝරාගත් කෘති කියවනවනෙ,ජීවිත කතාව කියල ලියල තිබ්බට ගන්න සසරක් නෑ වැඩකට ඇති තැනකට තියෙන්නෙ හඳයා එයාට ලෝඩ් එකක් බාපු කතාව විතරයි,ඒ පොත් දෙක මම මෙහෙ ගෙනාවෙත් නෑ ගෙදර දාල ආවා...

එහෙම කියනකොට මට තව දෙයක් මතක්වුණා,ඔය ලෝක ප්‍රසිද්ධ වෙච්ච සම්මානනීය පොත් සමහර  වෙලාවට මට කියවන්න බෑ,මේ ගැන හෙන්රිත් කොහෙ හරි ලියල තිබ්බ මට මතකයි...ගත්තට කියවගන්න බැරිවෙච්ච පොත් ටිකක් මෙන්න මෙහෙමයි...

ජෝජ් ඕවල්ගේ 1984
අරුන්දතී රෝයිගෙ Gods of small things
මයිකල් ඔන්ඩච්චිගෙ English patient
 එතකොට මිහායිල් ෂෝලහොව් ගෙ Quite flows the Don

ෂෝලහොව්ගෙ පොත් කොච්චර ලස්සනද පෙරලූ නැවුම් පස එහෙම,ඒ පොත කියවපු වාර ගානවත් මට මතක නැති තරමයි ඔහුගෙ අනික් පොත් තලු මරමින් කියපු මට මේ පොත කියවගන්න බැරිවුණා...වැඩේ කියන්නෙ බිරිඳ ඒ පොත කියෙව්වනෙ,ඔන්න ඔය වගේ තවත් මට නම මතක නැති කෘති කීපයක්ම කියවන්න බැරිකමට  පැත්තකට දාල තියෙනව...මේ ගැන කල්පනා කලාම කෘතියෙ විශාලත්වයත් ලියා ඇති ආකාරයත් මේ නොහැකියාවට අදාළ නොවන බවත් කිවයුතුයි...මොකද ඒ කතුවරයන්ගෙම ඊට වඩා විශාල පොත් කිසිම අමාරුවක් නැතිව එක දිගට කියවල ඉවරකරන්නට පුළුවනි...සමහර වෙලාවට පරිවර්තකයන් හොඳ පොත් විනාශ කර දමන අවස්ථාවන් ද විරල නෑ...ඒ වගේම තමන් පරිවර්තනය කරන පොතට අවශ්‍ය පමණටත් වඩා සාධාරණය ඉටු කරන පරිවර්තකයන්ද  සිටින බව කිව යුතුයි,අටං මට දීපු අරණකට පෙම් බැඳ කියන පොත එවැනි පරිවර්තනයක්...එය බෙංගාලි ලේඛක විභූතිභුෂණ බන්ද්‍යෝපාධ්‍යාය ලියු ආරණ්‍යක් පොතේ සිංහල පරිවර්තනයයි ,පරිවර්තනය කර ඇත්තේ චින්තා ලක්ෂ්මි සිංහආරච්චි මහත්මියයි,ඇය වෙනත් පරිවර්තකයන් මෙන් ඉංග්‍රීසි කෘතියෙන්  නොව කෙලින්ම වංග භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරන පරිවර්තිකාවක් වීම ඇයගේ පරිවර්තන කෘති වල සාර්ථකත්වයට එක හේතුවක්...අරණකට පෙම් බැඳ ඇතුළු බෙංගාලි කෘති දහයක්  විශිෂ්ට ලෙස සිංහලට පරිවර්තනය කළ ඇය මීට අවුරුදු කීපයකට පෙර මියගියා...සිංහල පරිවර්තන සාහිත්‍යයට ඇය විසින් ලබාදුන් අමිල දායකත්වය ගැන ප්‍රමාණවත් අගැයීමක් සිදුවී ඇතිද යන්න ගැන මට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි... 

එහෙම බැලුවොත් මාගරට් මිචෙල්ගේ Gone with the wind(1936) මොන තරං විශාල පොතක්ද,නමුත් රස කරමින් කියවගෙන යන්න පුළුවන් නේද...ඒ පොත මීට අවුරුදු කීපයකට කලින් සුළගේ ගිය දිවිය නමින් ජයන්ති සමරසේකර අතින් සිංහලට පෙරළුණා,මම දැක්කෙ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී, පොත කොටස් හතරයි එක කොටසක පිටු හත්සීයක් හෝ අටසීයක් මට මතක හැටියට,ප්‍රදර්ශනයෙන් මම පළවෙනි කොටස ගත්තා ඊට පස්සෙ සතියෙ මම ඉතුරු කොටස් තුන ගන්නට මරදානෙ සූරිය ප්‍රකාශකයන්ගෙ  පොත් සාප්පුවට ගියා,ගිහිං ඉතිරි කොටස් තුනත් අරගෙන තවත් අලුතෙන් නිකුත්වුන පොත් කීපයකුත් අරං පොත් රාක්ක දිහා බල බලා ඉද්දි පොත් සාප්පුවට ඇවිත් හිටපු එක් වැදගත් පෙනුමැති තලතුනා මහත්මයෙක් මගෙ දිහා බලාගෙන ඉන්නව මම දැක්කා,මං හිතන්නෙ විදුහල්පතිවරයෙක් ඔහු මගෙත් එක්ක හිනාවුනා මාත් හිනාවුනාට පස්සෙ ඔහු මගෙ  ලඟට ඇවිත් කතාකළා...

මහත්තය පොත් ගෙනියන්නෙ ඉස්කෝලෙකටද...

නෑ මට කියවන්න...

ඔහු මම ගත්ත පොත් ටික අරං බැලුවා...

මේ විශාල පොත මොකක්ද...

ගෝන් විත් ද වින්ඩ් පොතේ සිංහල පරිවර්තනය,මේ වගේ කොටස් හතරක් තියෙනව ...

පොතෙන් කියවෙන්නෙ මොකක් ගැනද ...

ඇමෙරිකානු සිවිල් යුද්ධය පසුබිම් කරගෙන ලියැවුනු කතාවක්,යම් තරමකට ආදර කතාවක් කියන්නත් පුළුවනි...

මහත්තය මේ පොත ගත්තෙ ඇයි...

ඇමෙරිකන් සිවිල් යුද්දෙ ගැන මම මොකුත් දැනගෙන හිටියෙ නෑ,මගේ දැනුමෙ ඒ අඩු කොටස සම්පුර්ණ කරගන්න මේ පොත ගත්තා...

ඔහු බොහොම බැරෑරුම්ව හිස වනල මට සමුදුන්නා...

ඇත්ත වශයෙන්ම ඇමෙරිකාවෙ සිවිල් යුද්දයක් තිබ්බ කියල සහ ඒබ්‍රහම් ලින්කන් සහ ජෙනරාල් ලී ඒ යුද්දෙට සම්බන්ධයි කියන දේ ඇරෙන්න යුද්දෙ ගැන වෙන කිසිම දෙයක් මම දැනගෙන හිටියෙ නෑ...වහල් සේවය තහනම් කරන්නට ඒබ්‍රහම් ලින්කන් අස්සන් කළ පනතට එරෙහිව ප්‍රාන්ත ගණනාවක් එකතුවී ලින්කන්ට විරුද්ධව යුද වැදුණු බවත් 1861 දි ඇරඹුණු  සිවිල් යුද්ධය එක්සත් ප්‍රාන්ත හමුදාවන්ට දුක්ඛිත පරාජයක් උරුමකරදෙමින් 1865 දි අවසන් වූ බවත් එක්සත් ජනපද හමුදාව අවතක්සේරු කරමින් ඔවුන් සමග යුද වැදුණු එක්සත් ප්‍රාන්තවලට සහ එහි ජීවත්වූ ජනතාවට යුද්ධය නිසා ගෙවන්නට සිදුවූ වන්දිය ඉතා බරපතල බවත් මා පසුව දැනගත්තා...

මේ පොත ලියැවුනු අකාරයද ඉතා රසවත් කතාවක්...රිය අනතුරකට ලක්ව එක්තැන්ව ඇඳට වැටී කම්මැලිකමින් සිටි මාගරට් මිචෙල්ට කියවන්නට පොත් සොයා දීම ඇගේ සැමියාට ප්‍රශ්නයක් වුණේ ඇය දවසකට එක පොත බැගින් කියවන්නට පටන් ගැනීම නිසායි...ඇයට කියවන්නට තරම් දිග පොත් සොයා දීම තමාට බරපතල ප්‍රශ්නයක් බවත් කියවන්නට අවශ්‍ය නම් දිග පොතක් ඇයටම ලියාගන්නා ලෙසත් ඇගේ සැමියා දිනක් කියාසිටියා...මේ කතාව විහිළුවකට බාර නොගත් මාගරට් මිචෙල් කෙසේ හෝ පොතක් ලියන්නට අධිෂ්ඨාන කරගත්තා,මේ ගැනම කල්පනා කරමින් සිටි ඇයගේ මනසේ ටිකෙන් ටික මේ කතාව ලියලන්නට වුනා...සිවිල් යුද්ධය පසුබිමේ  ටාරා වතුයායත්,ට්වෙල්ව් ඕක්ස් නිවෙස,ස්කාලට් ඔහාරා,ඈෂ්ලි,මෙලනි හැමිල්ටන්, රෙට් බට්ලර්, මැමී ආදී චරිත ඇයගේ සිතේ කතාව රඟදක්වන්නට වන් විට ඇය සිතේ ගොඩ ගැසුණු කතාව එළියට දමන්නට වුණා...


1936 දී ගෝන් විත් ද වින්ඩ් පොත මුද්‍රණයෙන් නිකුත් වූ විට ආදායම් වාර්තා තබමින් විකිණෙන්නට වූ අතර මාගරට් මිචෙල් 1937 දි පුලිට්සර් සම්මානයෙන් පුදනු ලැබුවා...2008 දි කරන ලද සමීක්ෂණයකට  අනුව මේ පොතේ පිටපත් මිලියන 30ක් ලොව පුරා විකිණී ඇති අතර ඇමෙරිකානු පාඨකයන් අතර බයිබලයට දෙවැනිව ජනප්‍රිය වී ඇති පොත ලෙසත්  සොයාගනු ලැබුවා...1939 දි චිත්‍රපටයට නැගු,විවියන් ලී ස්කාලට් ඔහාරා ලෙසත් ක්ලාක් ගේබල්  රෙට් බට්ලර් ලෙසත් රඟපෑ ගෝන් විත් ද වින්ඩ්  චිත්‍රපටය 1940 දී හොඳම චිත්‍රපටය ඇතුළු ඇකඩමි සම්මාන 10 දිනා ගන්නට සමත්වුනා...

ස්කාලට් ඔහාරා ගේ චරිතය සඳහා තරුණියන් 1400ක් සම්මුඛ පරීක්ෂණයට ලක්කර අවසානයේ විවියන් ලී එම චරිතයට තෝරාගනු ලැබුවා,රෙට් බට්ලර්ගේ චරිතය සඳහා ක්ලාක් ගේබල්වම අවශ්‍ය බව නිෂ්පාදකයා කියා සිටි බැවින් ක්ලාක් ගේබල්ගෙන් දින ලබාගැනීමට අවුරුදු දෙකක් බලාසිටීමට චිත්‍රපට කණ්ඩායමට සිදුවී තිබෙනවා...
මම කියාගෙන ආපු පොත් කියවිල්ල ගැන කතාවට ආපහු ආවොත් ඉතිං ඔය පොත් කියවිල්ලෙදී මම ඉස්සෙල්ලම කියවපු පොත හැටියට මට මතක තියෙන්නෙ ඩබ් ඒ සිල්වා මහතාගෙ විජයබා කොල්ලයයි,ඒ  මම තුනේ පංතියේ ඉන්න කාලෙ, එදා ඉඳන් කියවීම මගේ ජීවිතෙත් එක්ක තදින්ම බැඳුනු දෙයක් වුනා...කොටින්ම කෑම කන්නෙත් මොනවා හරි කියවමින්, ගෙදරට කරෝල ඔතාගෙන එන කොළ කෑල්ල පවා අහක දාන්නේ නැතුව කියෙව්වා...

අපේ ලොකු අම්මෙක් ඒ කියන්නෙ සිරිල් මාමගේ අක්ක බැඳල හිටිය මහප්පට පුස්තකාලයක්ම තිබුණා, ඔහු උගතෙක් බහුශ්‍රැතයෙක්, ප්‍රාචීන පඬිවරයෙක් ඒ දෙන්නට දරුවෝ දෙන්නයි හාමිනේ අක්කයි,මහත්තය අයියයි, ඒ දවස්වල දෙන්නම රස්සාවල් කරනවා මහත්තයිය කච්චේරියෙ, හාමිනේඅක්ක ඉස්පිරිතාලෙ... සිරිතක් විදියට ඒ ගොල්ලො අපේ ඉස්කෝලෙ ශිෂ්‍යයො  දෙන්නෙකුට හැමදාම  ඉස්සරහ කාමරේ නවාතැන් දුන්නා,බෝඩිමක් හැටියට නොවෙයි දන්න කරන අයගෙ දරුවො හරි කවුරු හරි නෑදෑයෙක් යාළුවෙක් නිර්දේශ කරන කෙනෙක්  හරි තමයි නවත්තගත්තේ...

මහප්පගෙ  ලයිබ්‍රරිය පාලු කරන්න මම ගිය දවස්වල ඔය කියන ඉස්සරහ කාමරේ නැවතිල හිටියෙ ඉලංගසිංහයි රණසිංහයි කියල කොල්ලො දෙන්නෙක් ඉලංගය අනුරාධපුරේ සිවලාකුලමෙ, ඉගෙනගත්තෙ අපේ ඉස්කෝලෙ සාමාන්‍ය පෙළ පංතියෙ, රණය ඇහැලියගොඩ පැත්තෙ, අපිත් එක්ක හතේ පංතියෙ  හිටියා...
හවසට මම ඔය කාමරේට වෙලා පොත් කියවද්දි මහත්තයියයි ඉලංගයයි රණයව බයිට් කරනව,මහප්පත් මේ දෙන්නගෙ වැඩ දන්නෙ නෑ වගේ කට කොණකින් හිනාවෙවී ඉස්තෝප්පුවේ පත්තරේ බලනව...

දවසක්දා රණසිංහ පහුවදාට ඉස්කෝලෙ ගෙනියන්න දියසායම් වලින් චිත්‍රපොතේ පෙරහැරක් ඇඳල වේලෙන්න එළියෙ බිත්ති කණ්ඩියේ තියල තිබුන වෙලාවෙ අර දෙන්න පොත උස්සගෙන ගිහිං නැට්ටුවන්ගෙ  බෙරකාරයන්ගෙ  විතරක් නෙවෙයි අලින්ගෙත් පොලු ඇඳල කළුම කළුපාටට, ඔලු රෝසම රෝස පාටයි මැද පොඩි තිතක්, ඊට පස්සෙ ආපහු ගෙනත් වේලෙන්න තියල පිටිපස්සෙන් ගෙට ගිහිං ආපහු ගේ  මැදින් ඇවිත් රණයටත් ඇහෙන්න මහප්පට කතාකළා...

රණසිංහ අද ලස්සන චිත්‍රයක් ඇඳල තියෙන්නෙ...

කෝ රණසිංහ ගේනවකො  බලන්න...

රණය එන්න කලින් අරුන් දෙන්න ඉස්සරවෙලා පොත ගෙනත් මහප්පට පෙන්නනව...

ඈ රණසිංහ මේ මොනවද මේ තියෙන්නෙ...

රණයට දැන් කඳුළු විසිවෙන්න ආසන්නයි,මහත්තයියයි ඉලංගයයි පිටිපස්සෙ ඉඳන් හිනාවෙනවා...

ඉලංගය ඒ ලෙවෙල් ඉවරවෙලා ගෙදර ගියාට පස්සෙ උපාලි කියල නොම්බර එකේ ආනාදියෙක් කාමරේට ආවා...ඌ බොරු කියනව කියන්නෙ බොරු හිලක්,මුචලින්ද කියල දැම්මනං ඌට නියමෙට ගැලපෙනවා...

ඔය වගේ වැඩ හැමදාම මොනවහරි තියෙනව...හාමිනේ අක්ක ගෙදරින් කටයුත්තක් කරල දෙන්න ඉස්සරවෙලා ඉස්පිරිතාලෙම වැඩකරපු කෙනෙක් එක්ක යාළුවෙලා ගෙදරට හොරෙන් කසාද බැන්දා,ඒකට ගෙදරින් විශාල ප්‍රශ්නයක් මතුවුනා මොකද හාමිනේ අක්කගේ මහත්තය කුලෙන් අඩුයි කියල...ඒත් ඉතිං බැන්දයින් පස්සෙ මොනව කරන්නද,මහත්තයිය නං ජයට මගුල් කාල කසාද බැන්ද...මහත්තයියට ගෙනාවෙ උඩුගම්පොලින් දයානන්ද ගුණවර්ධනයන්ගේ නංගි මිහිරා ගුණවර්ධන,දයානන්ද ගුණවර්ධනයන් ගැන කියනවනං මේ වගේ පෝස්ට් හතරක් විතර ලියන්න වෙන නිසා ඒ කතා පසුවට ...

ලොකු අම්මලගෙ මහ ගෙදර ඒ කියන්නෙ අල්ලපු ගෙදර හිටියෙ ලොකු අම්මගෙ මල්ලි සිරිල් මාමා,ඒගොල්ලයි ලොකු අම්මලයි අමනාපයි, හේතුව මුළු දවසෙම බීගෙන ඉන්න සිරිල් මාමගෙ කුණුහරුප වරුසාව ඉවසගන්න බැරිකමයි,මේ අමනාපෙ කොච්චර දිගදුර ගියාද කිව්වොත් ලොකු අම්මල මුළු පවුල පිටිංම අක්කර තුන හතරක ඉඩමයි අලුත හදාගත්ත ගේයි බොහොම අඩු මුදලකට විකුණල දාල නුවර පාරෙ අලුත්ගමින් ඉඩම් අරගෙන පදිංචියට ගියා...

 දරුවො  දෙන්නෙකුත් ලැබුනට පස්සෙ හාමිනේ අක්කගෙ විවාහය කඩාකප්පල් වුනා,පස්සෙ කාලෙකදි ඇය ආපහු විවාහවුනා, හාමිනේ අක්ක ඉතා මෑතකදි මෙලොව හැරගියා  කියල මෙදා සැරේ ලංකාවට ගිය වෙලේ මට ආරංචි වුණා...

ලොකු අම්මල ගෙවල් ඇරල ගියාට පස්සෙ උපාලි අපේ මහ ගේ  පිටිපස්සෙ තියෙන අට්ටලගෙ මහ ගෙදරට නවතින්න ආවා...ඒ ගේ පිටිපස්සෙ දනියෙල් ලගෙ ගෙදරත් ඒ කාලෙ බෝඩින් කාරයො  ටිකක් නැවතිල හිටියා ඔක්කොමල රෙදි මෝලේ වැඩකරන්න  හලාවතින් ආපු කට්ටිය,අර මම කලින් පෝස්ට් එකක ලියපු ෂර්ලි ගොඩ්ප්‍රි හෙවත් ගාමිනිත් ඒ අයගෙන් කෙනෙක්...ගාමිණී සහ මම හලාවත ගිහිං කරපු දේවල් ආයෙම ලියන්නං.

137 comments:

  1. //එදිනෙදා බ්ලොග් ටික කියවන්නයි කමෙන්ට් ලියන්නයි මගේ බ්ලොග් එක ලියන්නයි කාලය වැයවුනාම පොතක් පතක් කියවන්න තියා නාගන්නවත් වෙලාවක් නැතුව යනව//

    ඕකනං ඇත්ත හැලපයියේ සමහරක් වෙලාවකට වැඩකට යන්ඩත් කම්මැලි හිතෙනවා

    ReplyDelete
    Replies
    1. ඉතිං මේක ලියන් නැතුව පොත් කියෝ කියෝ හිටියත් බොලා කෙඳිරි ගාන්න ගන්නවනෙ.

      Delete
    2. හැලපේ......වැඩ ගොඩ ගැහිලා කට උත්තර නැතිවෙන්න. මම හෙට අනිද්දා ඇවිත් කියවන්නම්.

      Delete
    3. හරි මචං ගාණක් නෑ හිමීට කියෝපන්

      Delete
  2. බ්ලොග් කියවන්න වගේම පොත් කියවන්නත් මමත් හුඟක් ආසයි.. අනිත් දේවලුත් එක්ක ඒකට වෙලාව වෙන් කරගන්න එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ..

    Gone With the Wind පොත මම කියවලා නෑ.. හොයාගෙන කියවන්න උත්සාහයක් ගන්න ඕනේ...

    ReplyDelete
    Replies
    1. පොත හොයන් කියවන්න තුශානි ෆිල්ම් එකත් බලන්න ජාලෙ තියෙනව.

      Delete
  3. අටම්ගෙ පොත් කියවද්දි පොඩි සොට් එකක් දාල හිටියනම් වටිනවා.. නැත්තං තේරෙන්නෙ නැති වෙයි..

    මගෙ පොත් කියවීම අඩුම වෙලා බ්ලොග් නිසා. පවුල පොත් පෙට්ටි තුනක් උස්සන් ආව බොලව්. ඒකෙ තියෙනවා තඩි පොත්, පුංචි ඉංගිරිසි අකුරු තියෙන ඒව. මට විකාරයි. ඒව පිලිවෙලක් කරල සිංහල ඒවගෙන් මුලින්ම පටන් ගන්නෝනි..

    ReplyDelete
    Replies
    1. අන්න බලපං මොළේ ඇති ගෑනු ළමයෙක්,බොගෙ මොට්ට මොළේ පාදන්න පොත් පෙට්ටි තුනක්ම උහාන ඇවිත්.ගුටිකන්නෙ නැතුව දැම්මම කියවන්න පටන් ගනිං.

      Delete
    2. සෑමගෙ වදෙන් බේරෙන්න තමයි පොත් ගෙනත් තියෙන්නෙ :D

      Delete
  4. අැත්තටම මේකට ඇබ්බැහි උනාට පස්සෙනං පොත් තියා මොකවත් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නෑ තමයි.
    ඉතිං රණය පහුවදා අර චිත්‍රෙ එහෙමම ඉස්කෝලෙ අරගෙන ගියාද?
    ඔය English patient කියන එකෙත් චිත්‍රපටියක් තියෙනව මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ ඇබ්බැහිය නං එච්චර හොඳ ඇබ්බැහියක් නෙවෙයි ප්‍රසා,වෙන වැඩ ඔක්කොම අමතක වෙනව නේද.
      රණයයි මමයි එකතු වෙලා අර චිත්‍රෙ වීසි කරලා වෙන එකක් ඇන්දා.

      Delete
    2. අරුන් දෙන්න ඇඳපු එකේ විරුද්ධ චිත්‍රේද ඇන්දේ..???

      Delete
    3. @අයාල්
      අයාල්ටත් මතක්වෙන එව්ව හැබෑටම

      Delete
  5. තාමත් මම ටොයිලට් එකට යද්දිත් පොතක් අරගෙන යන්නේ! :D දැන් නැවතිලා ඉන්නේ පොත් කාමරේක! ඇයි අපි දැන් ලංකාව වටේටම පොත් බෙදනවනේ ඉතිං පොත් හම්බවෙනවා යමරෙට!

    ReplyDelete
  6. මමත් දන්නා කියන කාලේ ඉඳල පොත් වලට ඇබ්බැහිවුන කෙනෙක්. කියවන්න පුළුවන් (තේරෙන භාෂා වලින් ලියවූ) හැම පොතක්ම මම කියවනවා. පොතක අගය දන්නේ එයට ආදරය කරන උදවියම තමයි හැලපයියේ

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරළේ මහත්තයො,මට නං පොත් තියෙනවනං කන්න ඕනත් නෑ.

      Delete
  7. ලෙඩේ තද වීම නිසා රාක්ක වල ඉඩ නෑතිවී ඈත. ගත්ත පොත් කියවනවා වෙනුවට තවත් පොත් පුස්තකාලවලින් අරගෙන ගත්ත පොත් විශ්‍රාම ගියපසු යයි හිතා ඉන්න ගමන්ම තවත් පොතක් ලාබෙට දක්කොත් ගන්නව. පොත් පිලිබදව කියවීමට අමතරව තියාගෑනීමේ සතුට (pleasure in possessing) සහ එකතුකිරීමත් (collecting) ඈති නිසා අසාද්ය තත්වයෙ ඉන්නෙ.
    ඈමරිකන් සිවිල් යුද්දය ගෑන වෙනත් ආකාරයේ පොතුත් තියනව. සෑහෑල්ලු කියවීම සදහා J.T. Edson (cattle industry සහ gun fighting එක්ක)
    තව ජාතියක් තමයි alternative ඉතිහාසය පොත්. සිවිල් යුද්දය දකුණ දිනුවේනම් කොහොමවෙයි ද කියල (what if? විදිහට)

    ReplyDelete
    Replies
    1. මගෙත් රාක්ක ඔක්කොම පිරිලා ගිහිං,මින් ඉදිරියට ගන්න පොත් තියාගන්න තැනක් හොයන්න වෙනවා.

      Delete
    2. සාරියක් ගේන්න කියලා දෙන සල්ලි වලින් කියතක් සහ පරණ පොත් අරන් එන මනුස්සයෙක් ගැන කෙටි කතාවක් තිබුන...කතාවේ නම හරියකට මතක නෑ....ඒ මනුස්සයටත් ඔය වගේම ලෙඩක් තියෙන්නේ...ලාබ පොතක් අහු උනොත් අතාරින්නෙ නෑ....

      Delete
    3. @අයාල්,
      ඒක ජී බී සේනානායකයන් ගෙ කෙටි කතාවක් මට මතක තියෙන විදියට.

      Delete
    4. රාක්ක පිරී ඉතිරී ගිහින් කියාපු එක දැකල නැවතුනා පොඩි කතාවක් කියන්න. මටත් ආව ඔය ප්‍රශ්නෙ. ඒත් ඒකට අපේ තාත්ත අපූරු විසඳුමක් දුන්නා. අපේ පන්සලෙන් කරනව ලමා නිවාසයක්. ඒකෙ පොඩි පුස්තකාලයක් තියෙනව. ඉතින් දැන් අපි කරන්නෙ කියවලා ඉවරවෙන, ඒ ලමයින්ගෙ වයසට ගැලපේය කියලා හිතෙන පොත් ඒ පුස්තකාලෙට දෙනව. උපන්දිනේ දවසට එහෙ ගියාම ඒ ළමයි පුස්තකාලෙට වැදිලා අර පොත් කියෝනව දැක්කම පුදුම සතුටක් දැනෙනව. පොත් ආසාවෙන් එක්කහු කරද්දි ඒවයින් එහෙම වෙන්වෙන එක දුකයි. ඒත් ඒක ලොකු පිනක්. ඔය කියාපු ඉඩකඩ ප්‍රශ්නෙටත් විසඳුමක්.

      Delete
    5. දැන් කාලෙ පොත් කියවන දරුවෝ ඉන්නව කියල දැනගත්ත එකත් සතුටක්.එහෙම තැනක් තියේනං ලෝබකම් අතෑරලා පොත් ටිකක් දෙන්න බැරුවය.අපේ ගමේ පුස්තකාලයක් පටන් ගත්ත ටික කාලෙකට ඉස්සරවෙලා කියවන්න අය නැතුව වැහිලා ගියා.
      මට ඔබේ මේල් ඇඩ්රස් එක දෙනවද.

      Delete
  8. අරනකට පෙම්බන්ද පොත මම කියවපු ලස්සන පොතක්
    Ebook link http://blog.sinhalaelibrary.com/aranakata-pem-beda-sinhala-novel-by-chitha-lakshmi-sinhaarachchi/

    kasun

    ReplyDelete
    Replies
    1. ඊට අමතරව එතුමිය තව ලස්සන පොත් ගණනාවක් පරිවර්තනය කළා කසුන්.

      Delete
  9. හෙහ්, හෙහ් පොත් ගැන කතා කරමු මල්ලි එළිවෙනකල්...මටත් ඔය ගැන කියනව නම් ලිව්වැකි සටහන් විස්සක් තිහක්.

    පොඩිම කාලෙ කියවපු කුඩ හොරා, නයි මුගටි හටන වගෙ ළමා කතා ඇරුනම පොතක් කියල මම මුලින්ම කියෙව්වෙ ආර් . එල්. ස්පිට්ල් මහත්තයගෙ Vanished Trails පරිවර්තනය මැකීගිය දඩමං. පරිවර්තක ඒ.පී. ගුණරත්න මහත්මය.අම්මගෙ ඒ දවස්වල පුරුද්දක් තිබ්බ හැම මාසෙම පඩි ගත්තම මට පොතක් ගෙනත් දෙන එක. පස්සෙදි මාවත් එක්ක ගියා පොත් තෝරන්ට. මගෙ ලමාකාලෙ බොහොමත්ම සුන්දරම අත්දැකීමක් මචං ඒක. පොත්වල නැවුම් සුවඳ පපුව පුරා විඳින එකම මට හරිම චමත්කාරජනක අත්දැකීමක්. මගෙ පොත් කියවීමේ පුරුද්ද ඇතිකලාට අම්මටයි අප්පච්චිටයි පිංදෙන්න ඕන.

    මේ අද උනත් නුවර විජිත යාපා හරි සරසවිය ළඟින් මට අහක බලාගෙන යන්න බෑ.

    " මේ මම ටිකක් ඇතුලට ගිහිල්ල එන්නං, එතකල් ඔයා අර ඩිසයින් ක්ලබ් එකට යන්නකො. සල්ලි තියනවද? "

    " ඔයා ආයම පොත් ගන්නවද? අර ගෙදර කියවන්ට වෙලාවක් නැතුව ගොඩ ගහල පොත් තිහකට වැඩිය තියනවයි කියල ඔයාම නේද ඊයෙද පෙරේදද කොහෙද කිව්වෙ? "

    " හරි, හරි, ගන්ට නෙවෙයි අනේ, නිකං බලන්ට අලුත් පොත් මොනවද ඇවිල්ල තියෙන්නෙ කියල. "

    " අනේ මෙහ්..මම දන්නවනෙ නිකං බලන විදිහ.."ඈ හිනාවෙනව.

    / අකුරු කියවන්න පුලුවන් වෙච්ච කාලෙ ඉඳලම අතට අහුවුණු හැම දේම කියවපු මට මෙදා සැරේ ගත්ත  පොත් ටික කියවගන්න ඇති නොහැකියාවට බලපාන ආසන්නතම හේතුව හැටියට මට හිතෙන්නෙ මෙන්න මේ බ්ලොග් වලට ඇබ්බැහිවීමයි…/

    මම නම් තවම පොත් කියවිල්ල අතඇරල නෑ බං, බ්ලොග් වැඩේ අතෑරල දාල හරි පොතක් කියනව මම. දවසට පැයක්වත් අඩුගානෙ පොතක් කියෙව්වෙ නැත්තං හිතටත් මහ ආලපාලු වෙච්ච ගතියක් දැනෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එක එක කඩදාසි වල වෙනස් සුවද තියනවනෙ. ගොඩක් වෙලාවට අලුත් පොතක සුවදින් පොඩිකාලෙ කියවපු පොතක් මතක් වෙනව. පොතේ තිබු ඔක්කොම මතක නෑති වුනත් සුවද සහ නම මතකයට එනව.

      බ්ලොග් කරුවන් තරහ වෙන්න එපා මට නම් බ්ලොග් (සහ TV, පත්තර) යනු පොත් වලට සමාන කල හෑකි දෙයක් නොවේ. පොත් නොකියවා ජීවත්ව සිටීමට අපහසුය.
      කවුරුහරි පොත් ගෑනම බ්ලොග් එකක් ලියන්නකො.
      එක්කො එපා, එතකොට මට පොත් කියවන්න තියන කාලය අඩුවෙයි :-)

      Delete
    2. හෙහ් හෙහ් (© Ravi 2012).. දැන් Pra Jayට තේරෙනවා නේද ඇයි මම බ්ලොග් එකක් ලියන්නෙ නැත්තෙ කියලා.. :-D

      Delete
    3. ඔය පුරුද්ද ආයෙම ඇතිකර ගන්න වෙනවා රවී,පොත් දැක්කොත් ඉතිං වෙන මොකුත් ඕනෑ නෑනෙ අපේ ගෙදර ආපුදා ඉඳන්ම පොත් ගන්නත් එකතු කරන්නත් අපේ නිසි බලධාරිණිය මට සම්පුර්ණ සහයෝගය දුන්නා.

      Delete
    4. ඔව්, ඒත් ඔන්න ඔහේ මාසෙට පෝස්ට් එකක් විතර ලියල දාන්න Buratheno (Buratino නෙමේද?) පොත් ගෑන අදහස් හුවමාරු කරගන්න විතරක්වත්

      Delete
    5. නියම විදියට නම් Burattino වෙන්ට ඕන.. ඒත් ඉතිං මයි නේම්-මයි කාර්-මයි පැට්‍රෝල් කියලා චුට්ටක් වෙනස් කලා.. ;-)

      පොත් ගැන අදහස් හුවමාරු කරගන්ට වෙනම බ්ලොග් එකක් පට්ටාං ගන්නෙ මොකටද? මේ තියෙන්නෙ අනුන්ගෙ බ්ලොග් ඕසෙට.. අපි ඕන්න ඔහෙ අයිනක් අල්ලං කමෙන්ට් කර කර ඉම්මු.. :-D

      Delete
  10. පොත් කියවන එක ඇබ්බැහි වැඩක් නම් තමා ,එත් පොත් වල මිල නම් වැඩි.එත් ගෙදර නම් ලොකු පොත් එකතුවක් තියෙනවා .මේ ජංජාලේ නිසා විවිධ වරග යේ පොත් කියවන එක නම් අඩු වෙලා
    ටී ජී ඩබ් සිල්වා ///මම නම් වැඩි ය කැමති නෑ ,පුදුම අමාරුයි කියවන්න ,නිදහස් වෙලාවක ඇරෙන්න කියවන්න බෑ මේයා ගේ කෙටි කතාවක් වත් මට නම්

    ReplyDelete
    Replies
    1. මිල වැඩි උනත් කියවන්න ඕනෑ කියල හිතුනම කීයකට හරි ගන්නම වෙනවනෙ සහෝ,ජංජාලේ තමයි හැමෝටම පොත් කියවන්න තියෙන එකම අවහිරේ.

      Delete
  11. සිංහ ආරච්චි මහත්මිය මිය ගියා කියලා මං දැනගත්තෙ මේකෙන් හැලප... මටත් ඔය සමහර ප්‍රසිද්ධ පොත් තියෙනවා කියවලා ඉවර කරන්න කම්මැලි හිතෙන...
    අනේ පව් අර රණසිංහගෙ චිත්‍රෙ... පොර ඒක ආයෙම ඇන්දද...? පව් අප්පා.... :D

    ReplyDelete
    Replies
    1. මම ඉහතිනුත් කිව්වේ එක තමයි මියුරු,එතුමිය බොහොම අහිංසක විදියට ජීවත්වෙලා නිහඬවම මියගියා.
      රණයගේ චිත්‍රෙ අපි ආපහු ඇන්දා,නැත්නං අරුන් කරල තිබ්බ දේ හැටියට ඉස්කෝලෙ ගෙනියන්න පුලුවනෑ.

      Delete
  12. මගෙ නම් පොත් කියවිල්ලට කෙලවුනේ ෆිල්ම් බලන්න ගත්තට පස්සෙ. දැන් පොත් කියවන්නත් කම්මැලියි වගේ

    ReplyDelete
    Replies
    1. පොත් කියවිල්ල නං අතඇර ගන්න එපා,ෆිල්ම් බලනව වගේ නෙවෙයි.

      Delete
  13. මගෙ පොත් කියවිල්ලත් දැන් අඩු වෙලා. කලින් නම් හැලප අයියා කලා වගෙ මොනව හරි ඔතාගෙන එන පත්තර කෑල්ල පවා කියෙව්වා. අමාරුවෙන් හරි ආයෙ පොතක් පතක් බලන්න පටන් ගන්න ඕනෙ. අර පින්තූරෙ තියන්නෙ හැලප අයියා ලඟ තියන පොත් ද ? යට ඉඳල දහ වෙනියට තියන ලොකු පොත මොකක් ද ?

    අර චිත්‍රෙ... රෝස පාට ඔළුගෙඩි ! :D :D

    ReplyDelete
    Replies
    1. අමාරුවෙන් හරි ආපහු පොත් බලන්න පටන්ගන්න චන්දන.පින්තුරෙ තියෙන්නෙ මෙදා සැරේ ලංකාවෙන් ගෙනාපු පොත් ටික පමණයි.යට ඉඳල දහවෙනියට තියෙන්නෙ ෆ්‍රෙඩ්රික් ෆෝසයිත් ලියු ICON නමැති පොතේ පරිවර්තනයයි,එය මොස්කව් පෙරළිය නමින් ආනන්ද සෙල්ලහේවා පරිවර්තනය කර තිබෙනවා.

      Delete
  14. අතට අහු වෙන ඕනෑම දෙයක් කියවීමේ පුරුද්ද මටත් තියේ.අර ලොකු පොත කියවන්න මටත් හිතයි.කොහොමද එකේ මිල හැලපයියේ.?

    අනේ අරු ගේ චිත්‍රෙ...;D

    ReplyDelete
    Replies
    1. කියවන්න මනෝජ්,මොස්කව් පෙරළිය, සුරිය ප්‍රකාශකයෝ,මිල රු.690/-ඔවුන්ගෙන් මිලදී ගන්නවනං 20% ක වට්ටමක් ලැබෙනවා.

      Delete
  15. හුඟක් වෙලාවට කතුවරයෙක්ගේ මුල්ම පොත තමා හොඳයි කියලා හිතන්නේ. 'මාග්රට් මිචෙල්' ලියලා තියෙන්නේ Gone with the Wind විතරමයි නේද?

    Gods of small things & English patient පොත් දෙකත් බැලුවා...සමහර වෙලාවට මට හිතාගන්ට බෑ පොතක් ලියන්ට අදහස්, ලියන අයට කොහොම පහල වෙනවද කියලා.

    මගේ වැඩේ තමයි පොත් යන යන තැනින් එකතු කරන එක. ඒවා බැලුවට පස්සේ නම් අමතක වෙලා ආයෙම ගත්තු වෙලාවලුත් තියෙනවා... :D

    අර අන්තිම ටික පොත් ගැන නෙමේ නේද හැලපයෝ?

    ReplyDelete
    Replies
    1. මාගරට් මිචෙල් ගෙ වෙන පොත් ගැන නං මට හෝදිසියක් නෑ පොඩ්ඩි,ඇය ජීවත්ව සිටියදී පළවුණු පොත කියා සඳහන් වෙනවා.කතාවක් හිතේ තිබ්බ පමණින් පොත් ලියන්න බෑ ඒකටත් ප්‍රතිභාවක් තියෙන්නෙ ඕනෑ.එක පොත දෙතුන් සැරේ ගන්න එක නං මට හැම තිස්සෙම වෙනවා.
      අන්තිම ටික මම දාපු පොතක් පොඩ්ඩියෙ.

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. Quite Flows the Don කියන්නෙ මම ආසාවෙන්ම කියෝපු පොතක්, ෂෝලහව්ගෙ පොත්වලින් මම කැමැතිම ඒකට.. Gone with the Wind ෆිල්ම් එක බැලුවට පොත නම් කියෙවුවෙ නෑ (තවම)..

    ReplyDelete
    Replies
    1. බුරා ගෝන් විත් ඩ වින්ඩ් කියවල නෑ කියන්නෙ ලෝක පුදුමයක්.ආයෙම සැරයක් ෂෝලහොව් ගෙ පොත කියවන්න ට්‍රයි එකක් දෙන්නංකො.

      Delete
    2. ඔය කියන්නේ දොන් නදිය නිසලව ගලා බසී නේද ..හැලප කියෙව්වේ සිංහලෙන්ද . ඉංග්‍රීසියෙන්ද ,..ඉංග්‍රීසියෙන් නම් රුසියන් පොත් කියවන එක හරිම බෝරිං . මට මෑතක හමු වුනා ඔය අපි ආදරයෙන් කියෝපු රුසියන් කතා කීපයක් ඉංග්‍රීසියෙන් . ම්හු අල්ලන්න හිතෙන්නේ නැහැ .

      Delete
    3. මම කියෙව්වෙ සිංහලෙන් බිඳී,රුසියන් පොත් ඉංග්‍රීසියෙන් කියවද්දී පිටස්තර ගතියක් දැනෙන නිසා මා බොහෝ විට කියවන්නෙ පරිවර්තනයි.

      Delete
    4. රුසියන් පොත් බොහොම ස්වල්පයක් ඇරෙන්ට අනිත් ඔක්කෝම වගේ කියෙවුවෙ සිංහල පරිවර්තන තමා.. Quite Flows the Don (දොන් නදිය නිසලව ගලා බසී), Doctor Zhivago හා අයිත්මාතොව්ගෙ Cranes Fly Early (වේලාසන කොක්කු ඇවිත්) කියන පොත් තුනේ මට මුලින් ලැබුනෙ ඉංග්‍රීසි පරිවර්තන.. හැබැයි ඒ තුනම මම රස වින්දා.. පස්සෙන් පහු කාලෙක මේ පොත් තුනේම සිංහල පරිවර්තන මට ලැබුනත් ඒවා ආයෙමත් කියවන්ට හිතක් ආවෙ නෑ.. ඒ නිසා සංසන්දනය කරන්ට බෑ ඉංග්‍රීසි පරිවර්තනයයි සිංහල පරිවර්තනයයි අතර වෙනස කො‍හොමද කියලා..

      හැලපේ, සිංහල පොත හරියන්නෙ නැත්තම් ඉංග්‍රීසි පොත හොයාගෙන කියවන්ට බලන්ට..

      Delete
  18. උඹේ රසවත් සටහන කියවනකොට මටත් බොලේ දැන් වෙලා තියෙන්නේ ඕකමනේ කියලා හිතුනා.
    මමත් උඹවගේම පොත් පත්තර පිස්සෙක්. පොතක් පටන් ගත්තම ඉවර කරලා මිසක් නැඟිට්ටේ නෑ. ඒත් මෑතකදී ගෙන්වා ගත් පොත් රාශියක් උඹ වගේම තවම අල්ලලාවත් නෑ. වෙඩ්ඩාගේ මගේ ආදරණීය යක්ෂණී, සෙංකොට්ටං, අත අත නෑර, කාල සර්ප, රතු ඉද්ද ඒ පොත් කීපයක් පමණයි.
    කිව්වත් වගේ බ්ලොග් සහ මුහුණු පොතේ තමයි වැඩිය වෙලාව ගතවෙන්නේ. හැබැයි අයියේ අපි කොහොම හරි ලියන ගමන් කියවමු. ඒ පුරැද්ද නම් නැතිකරගන්න හොඳ නෑ. උඹට ජයම වේවා!!

    ReplyDelete
    Replies
    1. වෙඩ්ඩ ගෙ පොත මට මෙදා සැරේ මිස් වුනා මචං,දැන් කරන්න දෙයක් නෑ බ්ලොගේට ගතකරන වෙලාව අඩුකරලා පොත් කියවන්නයි තියෙන්නෙ.

      Delete
  19. බ්ලොග් එකේ නම් හැලප නානව කවදාවත් දැකල නෑ...

    චින්තා ලක්ෂ්මි මැඩම් මගෙ හිතේ අපේ කාලයේ පහල වුනු දක්ෂම පරිවර්තිකාව. එයාගෙ වටින කම ක්‍රිටික් ලට තේරුනේ ඒ මනුස්සය මළා ට පස්සෙ. පව්.

    හැලප, ෂෝලහොව් මමත් ආසම රුසියන් කතුවරයෙක්. එහෙම උනත් ඔහු ශ්‍රේෂ්ඨ ගානට දාන්න මගෙ හිත නැමෙන්නෙ නෑ ඔහුගේ පොත් ගොඩක් ම සෝවියට් ප්‍රචාරකවාදී නිසා. සමහර විට ඉතින් ආණ්ඩුවකට හිතා මතා කඩේ යාමක් නෙවෙයි, ඒ මිනිස්සුන්ගෙ අයිඩියල්ස් ඉෂ්ට වුනා කියල පස්සෙ ආපු අහිංසක චිත්තප්‍රීතිය වෙන්න ඇති, ඒ කාලෙ සේකර ලත් ඔය සේකරලත් 'මහවලි මහවැලි' වගෙ සිංදු ලිව්වෙ ආන්ඩුවකට කඩේ යන්න හිතන් වෙන්න බැහැ නෙ.

    ඇල් ඩී මැන්දිස් මහත්තයගෙ නම දැක්කම ආවෙ නෑයෙක් දැක්ක වගේ සතුටක්, මම හිතන්නෙ නෑ එයාගෙ පොත ගොඩක් දෙනෙක් කියවලවත් ඇති කියල. හිච්චි බබා නම් මට මතක නෑ, එයා ගෙ පොත් දෙකක් මම කියවල තියනව එකක වත් නම මතක නෑ. දෙකේම එකම චරිත ටිකක් හිටිය කියල මතකයි, පොරෝලිස් සීය එහෙම. පොරෝලිස් සීය දීපු දන්සැලක ප්‍රචාරෙට ලියපු කවියක් තිබුනා

    පරෝ පකාරෙට බුහු ගමට ඉපදුනු
    පොරෝ ලිස් මැති ගෙ දන්සැල මෙයයි දනු
    වරෝ පින්වතුනි මේ දන්සැලට එනු
    නිරෝ ගිව ඉන්න නම් මෙතැන කනු බොනු

    මම ඕක කියවන කොට මගෙ හිතේ 1983 වගෙ වෙන්න ඇති. පෙරේද රෑට කාපුව මට දැන් මතක නෑ :-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රොපයිල් ඇනෝ,
      ඇත්තටම මා ඉහත කියා ඇත්තේත් එයයි,අති දක්ෂ පරිවර්තිකාවක් වු ඇයගේ වටිනාකම අපේ පණ්ඩිතයන් තේරුම් ගත්තෙ නෑ.
      ෂෝලහොව් චින්ගීස් අයිත්මානොව් තරම්ම සෝවියට් පාලනය විවේචනයට ලක් නොකලත් සමහර තැන්වල ඔහු ඒ ගැන ලියා තිබෙනවා නේද.
      ඇල් ඩී මැන්දිස් මහතාගෙ කෘති සියල්ලක්ම වගේ සුරිය ප්‍රකාශකයෝ නැවත පළකර තිබෙනවා,ඔතන පොරෝලිස් සීය නෙවෙයි පොරෝලිස් මාම ඔය කතාව තියෙන්නෙ පනංගල අයියා පොතේ මට මතක හැටියට පොත් මගේ ළඟ තියෙනව දැන් පොත් ගොඩ අදින්න කම්මැලියි.

      Delete
  20. මම නම් හරි බයයි මේ ලෙඩේ හදාගන්න... මොකද ඕක හැදුනොත් හොඳ කරගන්න අමාරුයි කියලා දන්න නිසා.. ඒ නිසා ටිකක් විතර කියවන්නේ..
    ඕන්න ඔයා කියලා තියෙන Gone With The Wind කියන ෆිල්ම් එක මම බලන්න ගන්නවා....
    පව් අනේ අර රණේට කළ වැඩේ...
    කෝ ඉතිං යස අගේට පොත් ගැන ලියාගෙන ඇවිත් වටේ ගියා නේද හැලපේ..?? (පුරුද්ද පුරුද්ද ඔය.. කෑ ගහලා වැඩක් නැතෝ.... :D .)

    ReplyDelete
    Replies
    1. බය නැතුව ලෙඩේ හදාගන්න සඳා කියවන්න පොත් ඕනෑම ප්‍රමාණයක් මම දෙන්නං.ෆිල්ම් එක බලල ලස්සනද කියන්නකෝ.

      Delete
  21. කාල කළමනාකරණය ඔන්න ඔහොම වචනයක් ඉහියෙනවද කියලත් අමතක වෙන තරමට වැඩ ....ඉතින් කොහොමද පොත් කියවන්නේ බ්ලොග් ලියන්නේ

    ReplyDelete
    Replies
    1. රාලෙ අවාරෙට අඹ වැටෙනව වගේ බ්ලොග ලියන්නෙ ඒක තමයි එහෙනං.

      Delete
  22. මගෙත් විනෝදාංශෙ පොත් කියවීම. ඒත් බ්ලොග් නිසා දැන්නම් පොත් තියා පත්තරේ වත් කියව ගන්න වෙලාවක් නෑ.

    ඒත් එක අතකට දැන් ඉතිං ebook වගේම පත්තරත් ජාලෙ වැහි වැහැලා නිසා අපේ කි‍යවිම එක අතකින් වැඩි වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ලියන්න කලින් එකතු කරපු ebook සෑහැන්න ගානක් මා ගාවත් තියෙනවා.

      Delete
    2. මට නං ඊ පොත් කියවන්න බෑ ප්‍රියා,පොතක් අතට අරං කොළවල සුවඳ විඳිමින් කියවීම වගේ සතුටක් ජාලෙ පොත් කියවීමෙන් ලබන්නට බෑ.මෙහෙම කියනකොට ප්‍රියාට පුදුම හිතෙයි ඒ වුනාට එහෙම තමයි අපි කොහොමත් පරණ ඉස්කෝලෙ අයනේ ප්‍රියා.

      Delete
    3. //පොතක් අතට අරං කොළවල සුවඳ විඳිමින් කියවීම වගේ සතුටක් ජාලෙ පොත් කියවීමෙන් ලබන්නට බෑ.//

      මේක දැක්කම මට මතක් වුනේ කෙටි කතාවක්. අනාගතය ලෝකයේ ලමයින් දෙන්නෙකුට ඔවුන්ගේ සීයාගෙ පැරණි නිවසේ තිබිල හමු වෙනව දිරා යමින් තියන පොතක්. ඒ ඔවුන් පොතක් සැබෑවට දකින පලමු වතාව. ඔවුන් ඉගෙන ගන්නෙ පරිගණක මගින්. ඉතින් ඒ දෙන්නට සිනහ පහල වෙනව පොතේ එක පිටුවක් ඉවර වෙලා ආයෙත් අනෙක් පිටුව පෙරල පෙරල කියවන්න වෙන එකට. (කතාවෙ නම මතක නෑ)

      ඇත්තටම එහෙම දවසකුත් එයි කවද හරි..

      Delete
    4. චන්දන කියපු අයිසැක් ඇසිමෝව්ගේ කතාව මටත් මතකයි..විදුසර පත්තරේ පරිවර්තනයක් විදිහටයි කියෙව්වේ..අන්තර්ජාලේ පීරලා බැලුවේ ඇසිමෝව්ගේ කතාව හොයාගන්න පුළුවන් වුනා..
      The Fun They Had

      ඇත්තටම කියනවා නම් මම ටැබ්ලට් එකෙන් පොත්කියවන්න කැමතියි..රෑට වුනත් අනිත් අයට කරදරයක් නැති වෙන්න පොත් කියවතෑකි..

      Delete
    5. අන්න හරි රූ. ඒක තමයි කතාව.

      Delete
  23. මමනම් තවමත් බ්ලොග් කියවීමට වඩා කරන්නේ පොත් කියවීම. හැලපෙ හිතන්නැද්ද මෙහෙම. අපි පොතක් කියවලා හිතේ මවාගන්න කතාව විනාසවෙනවා ඒක චිත්‍රපටියකට හරි ටෙලි නාට්‍යයකට හරි ගත්තම. මම කියන්නේ බොහෝවිට ලංකාවේ ඒවා. පිටරට ඒවා අපිට ඒ වගේ නොදැනෙන්නේ ඒ සංස්කෘතියේ පතුලටම අපි බැහැලා නැති නිසයි. ගෝන් විත් ද වින්ඩ් අපොස උසස් පෙළ සිසුවකුව සිටියදී කියෙව්වා මතකයි.

    ReplyDelete
    Replies
    1. මෑත කාලයේදී ඔහොම විනාස කරපු වටිනා පොතක් තමයි "සවයංජාත"

      Delete
    2. සමාවෙන්න.... "ස්වයංජාත".....කලින් කමෙන්ට් එක සමයං වෙලා

      Delete
    3. ඇත්තටම විචාරක තුමා එක්ක මම සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා,අපේ හිත තුළ මවාගෙන තිබුන ලස්සන රූප සියල්ලම පොත්වලින් හදපු චිත්‍රපටයෙන් හරි ටෙලියෙන් හරි විනාශ කර දමනවා.ඒ වගේ තැන් එකක් දෙකක් නෙවෙයි බොහොමයක් මට මතකයි.

      Delete
    4. මට ඕක උනේ මඩොල් දූව බලල. පොත කියවනකොට කොච්චර චිත්ත රූප මවගෙන කියවන්න පුලුවංද. චිත්‍රපටිය ටිකක් හරි හොඳයි කියමුකො ටෙලි නාට්ටෙ දැක්කනං වික්‍රමසිංහ මහත්තයත් සාරියකින් බෙල්ලෙ වැල දාගන්නව.

      Delete
    5. ඒත් අඹ යාළුවෝ නාට්‍ය පොත වගේම ලස්සනයි නේද?

      Delete
    6. සම්පූර්ණ ඇත්ත විචාරක මහතානෙණි, මට ෆිල්ම් එක බලලා හිතේ මවා ගත්ත කතාව විනාශ කරගත්ත හොදම එක තමයි, ෆෝර්සයිත්ගෙ "The day of Jackal". ෆිල්ම් එක ගන්න දෙයක් නැහැ.

      Delete
    7. මම ඩේ ඔෆ් ද ජැකොල් කතාව කියෙව්වට ෆිල්ම් එක බලල නෑ,නොබලපු එක හොඳයි එහෙනං.

      Delete
  24. හිප් හිප් හුරේ හුරේ ,හිප් හිප් හුරේ හුරේ .....
    මට හරිම සන්තෝසයි අනෝමා ජනාදරීගේ පුනරුක්ති පොත කියල්වලා පුනරෝකතන සහ පුනරාගමන,කියන පොත් දෙකත් අරගෙන මම වගේම ඇනගත්ත තවත් කෙනෙක් සිටීම පිළිබඳව , මං හිතන් හිටියේ මම විතරයි හරක වුනේ කියලා , අම්මප මටත් පැන්නා හැලපයියේ මලක් ඔය වැඩේටනම් .

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද ඉවාන් මලේ මට ඇතිවෙච්චි බලාපොරොත්තු කඩවීම මොන විදියකටවත් විස්තර කරන්න අමාරුයි.එකක් කේන්තිය අනික ලැජ්ජාව.ආයෙ නං එයා ලියන පොත් ගන්නෙ නෑ.

      Delete
  25. මං කියවපු හොදම පොත 1984... තාක්ෂණය මිනිසට බලපෑම් කරන්නෙ කොමද කියලයිබ ඒකෙ තියෙන්නෙ ඇත්තටම නූතනය වෙනකොට ඒ පොතේ තියන හුගක් දේ ඇත්ත වේගන යනව...
    දන්නවද ඔන්ඩවච් ලංකාවෙ ඉපදුන ලංකාවෙ පුරවැසියෙක් කියල...

    මං කාට හරි කියවන්න නිර්දේශ කරන ට්‍රාන්ස්ලේෂන් 2ක් තියේ හැලප මේව කියවලත් ඇති....
    1. ඔස්ත්‍ර‍ෙවෙස්කිගෙ වානේ පන්නරය ලැබූ හැටි....
    2. බරිස් පලේවොයි ගෙ සැබෑ මිනිසෙකුගෙ කතාවක්

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මහේෂ් මට තාම ඔය පොත කියව ගන්න බැරිවුනානෙ,ඔන්ඩච්චි ලංකාවෙ පුරවැසියෙක් බව දන්නව.අනික් පොත් දෙක නං මට කට පාඩම් වෙන තරමට කියවල තියෙනව.

      Delete
    2. කියවන්න කියවන්න ආස හාතෙන එපා නොවෙන පොත් දෙකක් නේ... මාත් මාර කැමතී

      ඇවිත් යන්න අපේ පැත්තෙත් පුලුවං නං...
      මහත්වරුනි.... මා නෙළු මල මට සිඹින්න දෙන්න.....

      Delete
  26. පොත් කියෝනවට අමතරව පොත් එකතු කිරීමේ පිස්සුවකුත් තියෙන එක තමයි ලෙඩේ....

    ReplyDelete
    Replies
    1. පළවෙනි වැඩේ මුදල් නැතුව වුනත් කරන්න පුළුවනි,දෙවෙනි එක ගොඩක් මුදල් වැය වෙන පිස්සුවක් අයාල්.

      Delete
  27. Gone with the wind පොත කියවලා බලන්න තරම් කුතුහලයක් ඇති උනා....ලංකාවෙන් ගෙන්න ගන්න ඕනා....පොත් කියවන්න ගත්තම මට නම් කන්න බොන්න පවා අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. එකනම් පට්ටපල් බොරුවක් ...උඹට කොහෙද කන්න අමතක වෙන්නේ ...

      Delete
    2. ලංකාවෙන් ගෙන්න ගන්න අවශ්‍ය වන එකක් නෑ ශානු ඔහෙත් ඇති.

      Delete
    3. @ ගෙඹිලුශා"...අනේ දුප්

      @හැලප මාමා ...මෙහෙ භාෂාවෙන් ඇති, එත් සිංහලෙන් හරි ඉංග්‍රිසියෙන් හරි කියවනව වගේ නෑනේ....ඒකයි ලංකාවෙන් ගෙන්න ගන්න හිතුවේ...
      පොත ගැන දුන්නු හෝඩුවාවට ස්තූති කරන්න බැරි උනා ස්තූති ඔබතුමාට

      Delete
  28. Gone With The Wind නොදැන හිටපු යටි විස්තර ටික නම් එල මචන් ..
    ඇත්තටම දැනගෙන හිටියෙ නැහැ ඔපමණ විස්තරයක්.

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට මමත් දැනගෙන හිටිය මචං,මේක ලියද්දි ගොඩක් හොයන්න වුනා ඒ නිසා මමත් දැනගත්තා.

      Delete
  29. ඉස්සර මාත් සෑහෙන්න පොත් කියෙවුවා.. හුඟක් ඒවා හැබැයි රහස් පරීක්ෂක ඒවා.. දැන් ඉතින් මෙවට ඇබ්බැහි උනාට පස්සේ පොතක් බලපු කාලයක් මතක නෑ.. මාස කීපයකට කලින් අහම්බෙන් වගේ " රාගිනි " කියෙවුවා ඒකත් අවුරුදු 2 වගේ පස්සේ.

    ReplyDelete
    Replies
    1. මමත් කියවන්න ඇබ්බැහි වුනේ රහස් පරීක්ෂක කතා කියවලයි.රාගිනීත් බොහොම හොඳ පරිවර්තනයක් දිනේෂ්.

      Delete
  30. Gone with තේ wind පොත කියවල නැහැ . ෆිල්ම් එක භාගයයි බැලුවේ. කලබල වෙලාවක . කොහොම හරි මග හැරුණ. දැන් නම් ආස හිතුන බලන්න . මගෙත් පොත් කියවීමේ ඉතිහාසය ඔය වගේ . කීපවරක් බස් එකේ හෝල්ට් දෙකතුනක් පහුවෙලා තියෙනව පොත් කියෝ කියෝ ගිහින්.
    මට නම් බ්ලොග් නිසා පොත් මග හැරුනා කියන්න අමාරුයි. සිංහල පොත් වැඩිය හමු නොවීම තමයි හේතුව. අනික ළමා පොතනේ වැඩිය හම්බ වෙන්නේ දැන් . නොකියවනව කියන්නත් බැහැ .ඒ කුඩා පොත් නම් හැමදාම වගේ කියවෙන නිසා. මම තවම කැමති මුද්‍රිත මාධ්‍යයට .

    ReplyDelete
    Replies
    1. ඒකෙ ඊ බුක් එක තියෙනව බින්දි මෙතන... කියවන්න ආස අයට බාගෙන බලතැහැකි... මං ගත්තෙ එතැනින්...
      http://gutenberg.net.au/ebooks02/0200161p.pdf

      Delete
    2. මටත් මුද්‍රිත මාධ්‍යය තරං ඊ මාධ්‍යය හරියන්නෙ නෑ බින්දී,සිංහල පොත් සොයා ගැනීමේ ප්‍රශ්නය මටත් තිබුනට යම් යම් ක්‍රම වලින් පොත් ටිකක් හොයාගන්නවා,මම කියවන ජාතියෙ අලුත් පොතක් පිටවුනාම නොබලා ඉන්න හරිම අමාරුයි.

      Delete
    3. @බින්දි,

      Gone with "තේ" wind පොත කවුද ලියලා තියෙන්නෙ..!? ;-)

      Delete
    4. සික් ..මේ බුරා නම් ...:D ..හතලිස් ඇඳිරිය අනේ ..


      මියුරු ..අපේ කෙල්ලන්ගේ ඉස්කෝලේ පුස්තකාලේ අනිවා ඇති ඔය පොත..

      Delete
    5. අය්යෝ බුරතිනෝ ඒක කියවල නෑද්ද? ඒක co-author කලේ වතු ජනසතු කලාට පස්සෙ කෙන්යාවට ගිය සුපිරින්ටෙන්ඩන්ට් කෙනෙක් සහ තේ බිව්වහම බ්‍රේකින් වින්ඩ් ප්‍රශ්නයක් තිබුන ටී ටේස්ටර් කෙනෙක්

      Delete
    6. අද වෙන වැඩකට ගිය වෙලාවේ අහම්බෙන් පොත් සාප්පුවක පොත දැකල ඔන්නොහෙ ගත්තා. මහ විසාලයිනේ . අපේ ලොක්කි දැක්ක ගමන් කිවේ ..මේ සිවිල් වෝ කාලේ පොතක්නෙ කියල .මෙයා කියවයි වගේ මට කලින්.

      Delete
    7. අපූරුයි බින්දී,කියවල මටත් ගුණ පණ කියන්නකො.

      Delete
  31. මහ රෑ හමුවූ ස්ත්‍රිය පොතත් සෑහෙන ලස්සනයි.. මම ඒක කියවලා තියෙනවා.
    වැවදෙනියෙ ඇල් ඩී මැන්දිස් මහත්මයාගේ හිච්චි බබා පොත නම් කියවලා නෑ. උපාධිය පොත කියවලා තියෙනවා. ඒක ගොඩක් ලස්සන පොතක් !

    ReplyDelete
    Replies
    1. උපාධිය පොතත් හොඳයි මධු,නමුත් එතුමන් ඊටත් වඩා ලස්සන පොත් ලියා තිබෙනවා.

      Delete
  32. බලාගෙන යනකොට හැලපෙ අයියත් පොත් ගුල්ලෙක්නෙ..

    ReplyDelete
    Replies
    1. මට බය තියෙන්නෙ මේ බ්ලොග් කෙරුවාව නිසා පොත් ගුලු ගතිය නැතුව යයිද කියලයි උමේෂ්.

      Delete
  33. මටත් ඔය පුරුද්ද සෑහෙන්න තිබුනා..දැන් නම් මෙහේ පොත් හොයාගන්න නැති නිසා ටිකක් මග ඇරිලා..මේ පාර ගිහින් ගන්න පොත් ලිස්ට් එකකුත් හදාගෙනයි ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. මමත් යද්දී පත්තරවලින් බලල එහෙම මම කියෝන ජාතියෙ පොත් තියෙනවනං ලිස්ට් එකක් හදාගෙන යන්නෙ ගිහිං ගන්න.

      Delete
  34. මේ කතා තුනේම මම කියෙව්වේ Original English Version එක.

    ජෝජ් ඕවල්ගේ 1984 මේක මම කියවලා තියෙනවා. මේක සැබෑ නොවී අතීතයට එක්වුනු අනාගතය දැක්මක්. හොඳ වෙලාවට සැබෑ නොවුනේ. මොකද Big brother is watching you තමයි කතාව.

    අරුන්දතී රෝයිගෙ Gods of small things: මේක මරුම පොතක්. ඉන්දියානු ගෑණියෙක් ලිව්වා කියලා හිතාගනන්ත් අමාරුයි. පස්සේ එයාලගේ ලංකා විරෝධී දැක්ම නිසාදෝ මම එච්චර ප්‍රිය කලේ නෑ. කුහකත්වයක් මම දැක්කා. මම වැරදි වෙන්නත් පුලුවන්.

    මයිකල් ඔන්ඩච්චිගෙ English patient: මූවී එකත් බැලුවා. Fantastic!
    Michale Ondaatje ලංකාවේ ඉපදුන බර්ගර් කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. උඹ නියමයි මචං,දැන් නං මටත් කොහොමහරි ඔය පොත් ටික කියවන්න හිතෙනව.අරුන්දතී රෝයි කේරළ ලේඛිකාවක් නෙ.

      Delete
    2. මමත් God of Small things පොත කියෙව්වේ ගොඩක් අසාවෙන්..අන්තිමට පිටුව කියවලා හිත කීරී ගැහිලා යනවා වගේ හැඟීමක් එක්ක පොත වහලා දාන්න පුළුවන් විදිහේ කතාවක්..

      මයිකල් ඔන්ඩච්චිගේ පොත් නම් නිවී සැනසිල්ලේ කියවන්න පුළුවන් නම් ගොඩක් රසවිඳින්න පුළුවන් වේවි..ඒත් ඔහොම කියවන්න කොහෙද සැනසිල්ලක්!!

      හැලප කියලා තියනවා වගේ ගොඩක් ලොකු කියලා පිළිගැනෙන සමහරලේඛකයන්ගේ පොත් කියවන්න හරිම අමාරුයි..ලියෝ ටෝල්ස්ටොයි පොත් මට නම් ඒ වගේ..
      අර පොටෝ එකේ දාලා තියන පොත් ගොඩ ඉක්මනට කියවලා අපිත් එක්ක රස බෙදාගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..

      Delete
    3. පැමිණීම ගැන බොහොම ස්තූතියි රූ,පොත් ටික කියවල ඔයගොල්ලන්ටත් කියන්නංකො.

      Delete
  35. චිතා ලක්ශ්මි කියන්නෙ නම් හැලපයියෙ සුපිරි ලෙඛිඛාවක් ආයෙ දෙකක් නැ

    ReplyDelete
    Replies
    1. ඔව් දමිත් මම ඔබත් එක්ක සම්පුර්ණයෙන්ම එකඟයි,නමුත් ඇයට හිමි තැන ලැබුනෙ නෑ.

      Delete
  36. අපුරු සටහනක් හැලපේ . මම ඉස්සෙල්ලාම නවකතාවක් කියෙව්වේ දෙකේ පන්තියේ ඉද්දි. ඒ තමයි ටී බී ඉලන්ගරත්නගේ විලම්බීත පොත . මෑතකදීම කියවාපු පොත තමයි අරුන්දතී රෝයිගේ god of small things හෙන්රියා කිව්වා වගේ ඉන්දියාවේ, විශේෂයෙන් කේරල ප්‍රාන්තයේ ගැහැණියක් ලිව්වාද කියලා හිතන්නත් බෑ . කොහොම හරි කියවන්න මටනම් මාර ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තිලකෙ,මම ආයෙමත් ඒ පොත් කියවන්න බලන්නං

      Delete
  37. ඇත්ත තමා, අපිත් හෝ ගාලා කියවනවා. පොත් නෙමෙයි බ්ලොග් :)
    පොත් ගැන දාපු විස්තරේ නම් මරු

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං බ්ලොග් කියවිල්ල නිසා පොත් කියවිල්ල අපෝ වෙලා ගිහිං ගොඩ දෙනෙකුට.

      Delete
  38. චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියගේ පරිවර්තන වලට මමත් බොහොම මනාපයි..
    අර චිත්‍රය නම් අපරාදේ :)

    ReplyDelete
    Replies
    1. එතුමිය ඉතා ඉහළ මට්ටමේ පරිවර්තනයන් ගණනාවක් කර තිබෙනවා මානවී.චිත්‍රෙ අපි ආපහු ඇන්දා.

      Delete
  39. මාත් පොත් කියවන එක නවත්තල සෑහෙන්න කල් බං හැලපේ.. දුක .තමා

    ReplyDelete
    Replies
    1. මොකද බං පොතුත් එක්ක මොකක්හරි තරහක් තියෙනවයි.

      Delete
  40. ලස්සන පොත් ටිකක් , මාත් ඉස්සර හරියට පොත් කියවනවා , දැන්නම් වෙලාව හොයා ගන්න ටිකක් අමාරුයි .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සොන්යා,ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.ඉස්සර පොත් කියවන්නත් දැන් වෙලාව නැතිවෙන්නත් හේතුව එක්කෝ ඔබ රැකියාවක් කිරීම හෝ කාර්යබහුල ගෘහිනියක් වීමයි කියල මට හිතෙනවා.

      Delete
  41. ඔය බ්ලොග් වල එල්ලිලාම හිටපු කාලයක් මටත් තිබ්බා හැබැ දැන්නම් එක සැහෙන්න අඩුවෙලාද කොහේද කොහොම වෙතත් බ්ලොග් ලියපු හුඟක් එවුන්ට තිබ්බ පොදු සාධකයක් තමයි අම්බ පොත් කාවෝ කියන එක ඇත්ත අපි ලමා කාලේ වගේ මෙලෝ සිහියක් නැතුවේ පොත් කියවන්න ඉස්පාසුවක් දැන් නැතත් මාත් කොහොම හරි පොතක් කියවනවා වෙලාව හොයාගෙන වෙලාවකට ගෙදර උන්දැත් බනිනවා හික්ස් ලඟදිම කියොලා ඉවරකලේ ජයන්ත චන්ද්‍රසිරි ලිව්ව දුටුගැමුනු පොත පොර එක සිනමාවට නගන්නනේව හදන්නේ පොඩි ගතියක් තියෙනව එකේ මොකද එහේම කිව්වේ බොහේ දෙනා දුටුගැමුනු ගැන පොත් ලියල තියෙන හින්දයි

    ReplyDelete
    Replies
    1. ඔය දුටුගැමුණු කතාව ජයන්ත චන්ද්‍රසිරි මීට අවුරුදු කීපයකට කලින් ෆිල්ම් එකක් කරන්න ගියා අනුරාධපුරේ මුහුරත් උළෙලත් තිබ්බා,නමුත් දඩ ජැක් එකක් වැදිල වැඩේ නැවතුනා කතාව පොතක් හැටියට පිටකළේ ඒ ගමන තමා.
      මෙදා සැරේ ෆිල්ම් එක කරන්න යන්නෙ දෙවෙනි වතාවට.

      Delete
    2. මාත් ඔය ජැක් සිද්දිය කොහේ හරි කියෙව්වා 'නූතන එළාර දුටුගැමුණුට කෙලී' කියල... එහෙනම් වැඩේ ඇත්ත... ඒත් පොර රඟනවා අළුත් එකේත්... කමල් හැලිලා... අපරාදෙ... මොකද කියල දන්නවද හැලප...?

      Delete
    3. මට දවසක් ඔය කතාව කිව්වෙ ධර්මසේන හේමපාල,පොර නැතුව කිසිම රජ කතාවක් කරන්න දෙන්නෙ නෑ මියුරු,කොහොමද පවර් එක.
      අලුත් එකේ වැඩ කෑල්ල ගැන නං මොකුත් දන්නෙ නෑ කැමරාව රුවන් කියල ඇරෙන්න.මෙහෙ ඉඳන් ෆීල්ඩ් එකේ කිසිම ටච් එකක් නෑනෙ.

      Delete
    4. අප්පට සිරි... එහෙමත් එකක්ද... අර කිව්වත් වගේ කොහොමද පවර් එක...

      Delete
  42. මහා පදරංග ජාතකේද මොකක්ද එක වගේ මහා පොත් නම් මට අරහන් වගේම මේ පෝස්ට් එකත් දැක්ක කමන් එපා උනා.. මොකෝ මම කියවන්න ඉස්සෙල්ලා කොච්ච්‍ර දිගද කියලා බලන නිසා.. ඒත් ඉතින් හැලපයගේ නිසා කියෙව්වා..

    කියවීමෙන් මිනිසා සම්පූර්ණ වේ කියනවා නේ.. ඒත් ඉතින් අර අනෝමාගේ පොත වගේ ඒවා කියවනවට වඩා හොඳයි. කුඩු පැකට් එකක් ගහලා හිරේ යන එක.. අම්මපා ඒවත් පොත්ද හැබෑට... මම නම් දැන් පොත් ගන්නෙම නෑ.. ඒත් හැලපේ පොත් වලට කැමතියි කිය්ලා දැන ගත්ත නිසා.. ඊළඟ සැරේ පොතක් ගෙනත් දෙන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. පොත් දිග උනාට මගෙ කතාව දිග නෑනෙ මචං,අම්මප අනෝමගේ පොත් දෙක කියෝනවට වඩා හිරේ යන එක හොඳයි කියල හිතෙනවා.
      පොත් ඕනෑ නෑ මාතෙ නිකං ඇවිත් යන්න වරෙන්.

      Delete
  43. අන්තර්ජාගෙ හින්දා පොත් කියවන වෙලාව අඩු වෙන එකනම් ඇත්තම ඇත්ත.ඒත් බ්ලොග් උනත් අපි කරන්නෙ කියනව එකනෙ.පොත්වල ඉන්න චරිත වගේම නැති චරිතත් කොච්චර අපිට හම්බවෙනවද මේකේ

    ReplyDelete
    Replies
    1. ඔව් බ්ලොග් එකක් කරන්න උනත් කියැවීම පුරුදු වෙන්න ඕනෑ තමා,පොත්වල තියෙනවට වඩා අපුරු චරිත මට බ්ලොග් ලෝකෙදි මුණ ගැහිල තියෙනව සෂා.

      Delete
  44. Gods of small things සහ English patient කියෙව්වා මම නම්. පොතක් කියවන්න කාලයක් නැහැ බන්. පිස්සු හැදෙනවා තමයි බ්ලොග්ස් එක්ක ජීවිතේ.

    දයානන්ද ගුණවර්ධනයන් ගැන නම් ලියපන්. කියවන්න ආසයි. ජනාදරිගේ පොත් දෙක ගැනනම් කියවපු බොහෝ අයගේ මනාපයක් නැහැ. මුල්තැන මාකටින් වලට දීලා කියලා තමයි දන්න අය කියන්නේ.

    කියවන්න ලැබුනොත් කාලිඩ් හොසෙයිනිගේ Thousand splendid suns කියවපන්.

    ReplyDelete
    Replies
    1. දයානන්ද ගුණවර්ධනයන් ගැන ලියන්නට හිතිලා තිබ්බෙ ගොඩක් දවස් ඉඳන්,මේ දවස්වල හදාරමින් ඉන්නවා පැහැදිලිවම ලියන්නං මචං.

      Delete
  45. පොතක් කියවපු කාලයක් මතක නෑ ඇත්තමයි. මේ අදිවේගී සමාජ ක්‍රමය තුල ඒ ප්‍රවාහයටම අහුවෙලා අපිත් ඉදිරියට තල්ලු වෙද්දි කොහෙන්ද වෙලාවක්...ගුණදාස ලියනගේ ශූරීන් ලියපු උඩුගුවනේ බැදි හාද කියන පොත වෙලාවක කියවලා බලන්න. මම කාලයකට කලින් ඉතාම ආශාවෙන් කියවපු පොතක්.

    ReplyDelete
    Replies
    1. මම ගුණදාස ලියනගේ මහතාගෙ හැම පොතක්ම වගේ කියෝල තියෙනව නමුත් ඔය කියන පොත කියවන්න ලැබුනෙ නෑ වගේ මතකයි.

      Delete
  46. මට මතක හැටියට සල්ලී දීලා ගත්ත පොතකින්, කියවලා ඉවරකරන්න හිත දුන්නේ නැති එකම පොත "English Patient". කොපමන සම්භාව‍ය් උනත් එකතැන පල්වෙන පොතක් කියවන්න හිතෙන්නෙ නැහැනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක තමා මටත් වුණේ,කියවගන්න බැරිනං සම්භාව්‍ය කියල මැරෙන්නයැ.

      Delete
  47. පොත් කියවන්න නං වෙන්නෙ නෑ. මගේ පොඩි එකා එක්ක පත්තරයක් වත් බලන්න අමාරුයි බං. නමුත් බ්ලොග් නිසත් පොත් කියවීම නැවතුනා. පැන්ෂන් යනකල් ජීවත් උනොත් කියවන්න හිතාගෙන ඉන්නව :-)

    ReplyDelete
    Replies
    1. මට නං කෙලින්ම බ්ලොග් නිසා තමයි,පුතාගෙන් පොඩි දවස්වලත් පොත් කියවන එකට කරදරයක් තිබ්බේ නෑ පස්සෙනෙ බ්ලොගට ඇබ්බැහි උනේ.

      Delete
  48. කෝ හම්බුණු පොත්වල නම් තියෙන පැත්ත පේන්නේ නැති වෙන්නනේ ෆොටෝ එක අරගෙන තියෙන්නේ. ඒ පැත්ත පේන්න දැම්මා නම් හොඳයිනේ :)

    ReplyDelete
    Replies
    1. පැත්තක් බලන්න කල්පනාවක් තිබ්බෙ නෑ හසිත අහුවුණු අහුවුණු විදියට තිබ්බා.ඒ වෙලාවෙ ඒ ගැන හිතුවෙ නෑ.

      Delete
  49. පොත් ගැන කතා කරද්දී නම් හැලපෙයි මායි එක වගේ. අවාසනවාට මටත් දැන් පොතක් කියවන්න වෙලාවක් ඇත්තෙම නැ. ගෙදර තිබ්බ පොත් වලින් සැහෙන ප්‍රමානයක් වෙයන් විසින් කියවලා ඉවර කරලා කියලා දැනගත්තේ ගිය නිවාඩුවට ගෙදර ගියාම. දැනුත් නෙට් එකේ තියන ඊ පොත් ගොඩක් ඩවුන්ලෝඩ් කරන් තියාගෙන ඉන්නවා. එත් කියවන්න හිතක් නැ. කඩදාසියක තියන දෙයක් වගේ ලෙන්ගතු හැගීමක් ඊ පොතකින් ලැබෙන්නේ නැ. ගෙදර ගියත් පොඩි එකත් එක්ක කොහේ පොතක් කියවන්නද ? අනික ගෙදර උන්දැට කියවන්න ගොඩක් දේවලුත් තියනවා නොවැ.

    ReplyDelete

ඔබේ අදහස්