Saturday, March 22, 2014

121.අකරතැබ්බය 2.

 
 අකරතැබ්බය 2 කියල මේ කතාවට නම දැම්මෙ කලිනුත් මට මේ වගේ දෙයක් වෙලා අකරතැබ්බයක්  කියල කතාවක් ලියපු නිසයි,ඒ පබ්ලිෂ් කරපු කතාවක් ඩිලීට් වුනු වැඩක්,ඒක නං කට්ටිය එකතුවෙලා කමෙන්ටුත් එක්කම ආපහු හොයල දුන්නා...

අද පබ්ලිෂ් කරන්න හිතාගෙන ලියපු කතාව ඊයෙ රෑ මම නොසිතූ ආකාරයට වාෂ්ප වුණා.දවස් දෙකක් තිස්සෙ බඩවැලක් වගේ දිගට ලියපු කතාවෙ අඩුපාඩු දවසක්ම හැදුවා,අඩු තැන් දික් කළා වැඩි තැන් කපා දැම්මා, අකුරු ඉස්පිලි ඇලපිලි වචනෙන් වචනෙට කියව කියව හදල අවසාන කරල ඊයෙ රෑ පින්තුර ටිකකුත් දැම්මා...

පින්තුර හොයාගන්න සී ඩී විස්සකට වඩා බැලුවා,අන්තිමේ ඔක්කොම ඉවර කරද්දි රෑ එකොළහමාර විතර වුණා,එවෙලෙ මාත් එක්ක කතා කරමින් හිටපු අටං ටත් මම හෙට අලුත් කතාවක් දානව කියල කිව්වා ඕං ...

ඔක්කොම අවසාන වෙලා බැලුවම මම කතාව හරියට ඉවර කරල තිබ්බෙ නෑ නේද කියල අවසානය හැදුව වෙලාවෙ තමයි කොපි පේස්ට් එකක් කරන්න රයිට් ක්ලික් කරද්දී එක තප්පරයකින් හතරෙන් පංගුවක් ඇතුළත මගේ ඔක්කොම මහන්සිය වතුරේ ගියෙ...

කතාවෙ මාතෘකාව විතරක් ඉතුරු වෙද්දි මුළු කතාවම නැතිවෙලා තිබ්බා,මොකද කරන්නෙ නහින්නයැ ඒ වෙලාවෙ ඉඳල අද මේ වෙනකං හිතේ තිබුණු දුකටයි කේන්තියටයි බ්ලොගර් පැත්ත පළාත බලන්න හිතුනෙ නෑ,ඒක මගේ නොලැබීම වෙන්න ඇති කියල හිත හදාගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද...

ආපහු ඒ කතාව ලිව්වත් ඒ විදියටම මගෙ අතින් ලියවෙන එකක් නෑ,බොහෝ විට ඒ අත්දැකීම කෑලි වශයෙන් වෙන වෙන කතාවලට එකතු වෙන්නත් ඉඩ තියෙනවා,මුල් ආකාරයට කොහොමත් ආපහු ලියවෙන්න විදියක් නැති එක ඉතාම ස්වාභාවිකයි නෙ  අර කවුද කියල තියෙනව වගේ...

කෙනෙකුට එක ගඟක්
දැකිය නොහැකිය දෙවරක්

ඇරිස්ටෝටල් වෙන්න ඇති බොහෝ විට මට හරියටම මතක නෑ වැරදි නං මාව නිවැරදි කරන්න,ඇරිස්ටෝටල් කියපු එක බුදුරජාණන් වහන්සේ තව දුරටත් දියුණු කරල ඉදිරියට ගෙනිහින්...

දකින්නට දෙවරක්
එසේ ජීවත් නොවේ කිසිවෙක්

යනුවෙන් වදාරලා තියෙනව,මෙතනදී ඇරිස්ටෝටල් ජීවත් වුනු කාලෙ සහ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලෙ ගැටෙනවා,එහෙම කොහොමද වෙන්නෙ කියල මාත් එක්ක රණ්ඩු අල්ලන්න හදන්න අවශ්‍ය නෑ,ඒ දෙපොළ කියපු ඔය කතා දෙක එකකට එකක් කිසිසේත්ම සහ සම්බන්ධ වෙලා තිබුනෙ නෑ,කතාවෙ තිබුණු අර්ථාන්විත භාවය නිසා එකලඟ යොදාගත්ත මිසක්...

අපි ඇත්තටම අරගෙන බැලුවොත් මේ කියන කතාව මොන තරම් සත්‍යයක්ද කියන එක මට නිකමට හිතුණා,අපි කොළඹ යනකොට හැමදාම උදේ හවස කැළණි ගඟ උඩින් යනව,කැළණි ගඟ කැළණි ගඟ කිව්වට ගඟ කියන්නෙ මොකක්ද වතුරද,එහෙම නැත්නං ඉවුරුද ,අපි හවස දකින්නෙ උදේ දැකපු ගඟමද,එතකොට උදේ දැකපු වතුර හවස තියෙනවද, හවස ඒ වතුර නැත්නං ඒ ගඟම වෙන්නෙ කොහොමද ,නැත්නං ඒ වතුර අපට ආපහු දකින්න පුලුවනිද,ඒ වතුර ආපහු ඒ ගඟටම එකතුවෙනවද, එහෙම නං ඒ කොයි කාලෙද,කවද හරි මේ දේවල් අපි කල්පනා කරල තියෙනවද...

ගඟක් පමණක් නෙවෙයි ඕනෑම වතුරකට මේ උපමාව යොදාගන්නට පුළුවනි,අපි එක දියපහරකින් හැමදාම නානවය කියල කිව්වට අපට ඇත්තෙන්ම එහෙම කියන්න පුලුවනිද, අපිට නං  පොඩි කාලෙ ලොකු ගංගාවල් ඇල දොළ තිබ්බෙ නෑ,වතුරෙ සෙල්ලං කලේ අපේ වත්ත පහලින් ගලාගෙන ගිය ඇල පාරෙ දැන් සාත්තුවක් නැතුව අත ඇරිල ජරාවාස වෙලා තිබුනට ඒ කාලෙ ඔය ඇල ලස්සනම ලස්සන දිය පාරක්, උඩ ඉඳල පහළටම තියෙන වෙල්යායේ ගොවියො ටික තමන්ගෙ ඇල කොටස මහ වතුරකට කඩාඬු නොකැඩෙන්න සුද්ද කරල උසට නියර බැඳගෙන ලස්සනට තියාගෙන හිටියා,ඇල ඉවුරු දෙපැත්තෙ වල් හබරළ,කෙටල,අරත්ත ආදී විවිධ ජලජ පඳුරුත් එක්ක හරි හරියට කොහිලත් හැදිල තිබුණා,ඇලේ උඩ ඉඳන් පහලට ටික දුරක් ගියාම මාළුවක් උයන්න කොහිල දළු කඩාගන්න පුළුවනි,එතකොට කොරවක්කො කොක්කු දියබරි ගෙම්බෝ ආදී එක එක එක ජාතියෙ සත්තු ඇල අයිනෙ පිරිල හිටිය,නලහඳයො පෙතියො මඩකනයි කාවයියො ආන්දූ ලූල්ලු හුංගො එහෙම පිරිල හිටිය, අපි එතකොට ඇලේ වතුර අඩු කාලෙට මාළු වලවල් ඉහිනව එක එක තැනක ලොකු වැටියක් බැඳල ඊට උඩහින් ඇල ඉහගෙන ඉහගෙන ගිහිං මාළු අල්ලගන්නවා,හුංගො ඇල ඉවුරෙ දෙපැත්තෙ බටදැල්ල ගොල්ල යට රොත්ත පිටිං වැතිරිලා ඉන්නව බටදැල්ල ගොල්ල උස්සපුවම හරියට සාඩින් ටින් එකක මාළු පැක් කළා වාගෙ, හැබැයි නියම විදියට ඔලුවෙන් අල්ලගත්තෙ නැත්නං විදින්නෙ අල්ලපු එකාට හුජ්ජ පතක් විසිවෙන්න  ...

ගුණපාල ඇල දිගේ කැලෑ ගොල්ල පීරගෙන ඇවිත් පත කොහිල දළු මිටියකුත් අරං නියරට ගොඩවෙනව මම මේ ළඟදිත් දැක්ක, ඔය යකා නං කොහිල දළු මිටිය කාටහරි විකුණල කසිප්පු ගහනව මිසක ජීවිතේට ඕක ගිහිං ගෙදරට කන්න දෙන එකක්යැ...

දැනට අවුරුදු ගානකට කලින් කොහොමහරි ඒ මම දෙසතියෙ හිටපු කාලෙ, අපි කතරගම ෆීල්ඩ් ට්‍රිප් එකක් ගිහිං ආපහු එනවා,එන පාර අයිනෙ ලී තට්ටුවල එක එක ජාති විකුණන්න තියල තියෙනව ඊට අමතරව පොඩි ළමයිනුත් අඹ දිවුල් වගේ දේවල් පාරට දික්කරගෙන ඉන්නවනෙ,ඒ වගේ පොඩි කොල්ලො ටිකක් පාරෙ මුරුංග මිටි විකුණමින් හිටපු තැනක් පහුකරගෙන අපි එනකොට පාර අයිනෙ බිම දාපු මුරුංග මිටියක් ළඟ පොඩි කොල්ලෙක් අඬා අඬා ඉන්නව දැකල වාහනේ නතරකරල අඬන්නෙ මොකද කියල ඇහැව්වා...

අරුන් ටික මට පාරට එන්න දෙන්නෙ නෑ ඈ ඈ ඈ ...

පොඩි එකා අඬමින්ම එහෙම කිව්වා,බලපුවම මුරුංග විකුණන අනික් කොල්ලො ටික මේ පොඩි එකාට පාරට ඇවිත් උගෙ මුරුංග ටික විකුණගන්න දෙන්නෙ නෑ එලෝල දාලා...

මුරුංග ටිකට කීයක් ඕනැද...

රුපියල් විස්සක් දෙන්න...

කොල්ලට රුපියල් විස්ස දීල මුරුංග ටිකත් දාගෙන මම ගෙදර ආවා,එදා සැරේ මුරුංග වාරෙ හරිම සරුයි මම ගෙනාපු අපූරු මුරුංග මිටිය කිලෝ පහක් හයක් බරයි හොඳ මහත මස් මුරුංග මෝරලත් නෑ,ගෙදරත් කාල අපේ අම්ම අහළ පහළ ගෙවල්වලටත් මුරුංග බෙදුවා,ඒ දවස හරියටම කිව්වොත් කොබ්බෑකඩුව සහ විජය විමලරත්න සෙනෙවියො දෙන්න බ්ලාස්ට් වෙලා මැරුණු දවස, අපි එද්දි රේඩියෝ එකෙන් ප්‍රවෘත්තිය කිව්වෙ හරියටම එදා රෑ ක්‍රිකට් මැච් එකකුත් තිබුණා ලංකා කණ්ඩායම ලෝක කණ්ඩායමත් එක්ක, ඒ දවස්වල ක්‍රිකට් තරුවක් වෙලා හිටපු බ්‍රයන් ලාරා ඉස්සෙල්ලම ලංකාවට ආවෙ ඒ මැච් එකටයි ...

ඉස්සර ආයෙම මනුස්සයෙක් ඇල දිගේ ඇවිදගෙන ඇවිත් දඩ වල් හබරළ කොළ මිටියක් කඩාගෙන යනව,ඒ මාකට් එකේ මාළු ඔතන්නයි මස් කඩේ මස් ඔතන්නයි විකුණන්න,ඒ කාලෙ මස් මාළු  හබරළ කොළවල  ඔතල ඊට පස්සෙ කඩදාසියක දවටල දෙන්නෙ දැන් වගේ පොලිතින් බෑග්වල නෙවෙයි,මොන තරං පරිසර හිතකාමීද බලන්න,කඩදාසිවල ඔතල බඩු දෙන එක දැන් නැත්තටම නැතිවෙලා ගිහිං වුනත් මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ල ඒ අත්දැකීම මට ආයෙම ලැබුණා,ඒ ලංකාවෙ නං නෙවෙයි කේරළේ තිරුවානන්දපුරම් ටවුමෙ පාර අයිනෙ මිදි ගොඩක් තියාගෙන හිටපු මනුස්සයෙක්ගෙන් මිදි ගත්තම මිදි ටික කඩදාසි කොලේක ඔතල රබර් බෑන්ඩ් එකකුත්  දාල දුන්න..

ලංකාවෙ කඩවල බඩු කඩදාසි කොළේ ඔතල ගෝනි ලණුවකින් බැන්ද කාලෙ සිල්ලර කඩවල ගෝනි ලණු ගුලිය ඉහට උඩින් ආධාරකයක එල්ලල ලණු පොට පහලට වැටෙන්න ඇරල තිබුණා,කඩේ විශාලත්වය අනුව ලණු ගුලි එකක් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උඩ රඳවල තිබුණා,සීනි රාත්තලයි මිරිස් කාලයි අල බාගයයි ආදී වශයෙන් පාරිභෝගිකයා ඉල්ලන බඩු ටික කඩදාසි ගොට්ටක ඔතල ගෝනි ලනුවෙන් ගැටගහල ලනුව බුරුල් කරල කඩලා ගැටේ දාන හැටි බලන්න ලස්සනයි,ඊට පස්සෙ ගත්ත බඩු ටික සිමෙන්ති කවරෙකට දාල දෙනව,දැන්නං සිමෙන්ති කවර දකින්නවත් නෑ ඒ කාලෙ හිස් සිමෙන්ති බෑග්වලින් කවර හදන එකත් හොඳ ව්‍යාපාරයක් වෙලා තිබුනනෙ,සිමෙන්ති කොට්ටයක් කඩනකොට බොහොම සීරුවෙන්  කවරෙ තුවාල වෙන්නෙ නැතිව නූල් ලෙහෙලා කවරෙ අයින් කරගන්නෙ හිස් සිමෙන්ති කවරෙ විකුණන්න පුළුවන් නිසයි,දැන්නං සිමෙන්ති කොට්ටෙ වැලි ගොඩ උඩම තියල චහ් ගාල සවල් පාරක් දීල කවරෙ විසිකරලා දානවනේ...

ඒ කාලෙ අපේ ගෙවල්වලට ඔය එක එක බඩු ගන්න එන වෙළෙන්දෙක් සිමෙන්ති කවරත් සල්ලිවලට ගත්ත,අපේ පැත්තට කනා වෙළෙන්දා කියල මනුස්සයෙක් කදකුත් කරේ තියාගෙන ඇවිත් බෝතල් පත්තර ඇලුමිනියම් යකඩ එතකොට කෝපි පුවක් ගොරකා ආදී නොයෙකුත් දේ සල්ලිවලට ගත්තා,ඇහැක් පේන්නෙ නැතුව මදිවට වෙළෙන්දගේ කකුලෙත් පොඩි අමාරුවක් ඇදයක් වගේ තියෙන නිසා ඇවිදින්නෙත් හරහට පරණ හම්  සෙරෙප්පු දෙකේ අඩියට පින්න කොළ තියල කකුලට ලණුවලින් ගැටගහල නැමීගෙන කදත් කරේ තියාගෙන හරහට ඇවිදිමින් ගෙවල් ගානෙ යනව, පස්සෙ කාලෙක අපේ අවුරුදු උත්සවේ විකට ඇඳුම් තරඟෙට කනා වෙළෙන්දගේ පාට් එක කරපු ජයතුංග තෑගිත් දිනුවා...

පොඩි අපිත් ඔය මනුස්සයට විකුණන්න ගස්වල තියෙන කෝපි ගොරකා පුවක් එහෙම කඩල ලෑස්ති කරගෙන ඉන්නව, අපේ වත්ත පහළ ඇල අයිනෙ ගොරකා ගස් දෙකක් තිබුණා, මැර බැහිච්ච පරණම  ගහ අපේ අත ඇරල දාපු ගල් ලිඳ ළඟ උණපඳුර අයිනෙ තිබුනෙ, ගහටම හේත්තු වෙච්ච උණ ගස් තිබුන නිසා උණ ගහේ නැගගෙන ගිහිං ගොරකා ගහේ ඇලට උඩින් විහිදිලා ගිය විශාල අත්තට ගොඩවෙන්න පුළුවනි,ගෙදර ඉන්න වෙලාවට මගෙ වැඩේ ඔය ගොරක අත්ත උඩට නැගල බලාගෙන ඉන්න එකයි,මොනාහරි කන්න දෙයක් හම්බ වුනත් කන්නෙත්  ඔය අත්ත උඩට නැගලයි...

දවසක්දා දවාලෙ මම ඔය අත්ත උඩ ඉඳගෙන වතුර පිරිල තිබ්බ වෙල දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉද්දි පෝටය නියර දිගේ අපේ ගෙදර එන්න ඈත එනව මම දැක්කා,කලින් දවසෙ රාත්තිරියෙ වැහැපු මහ වැස්සට ඇලයි වෙලයි වතුරෙන් පිරිල තිබුණා,බොර පාට අලුත් වතුර ඇල දිගේ ගලාගෙන ආව,ඇල දිහා බලාගෙන හෙමිහිට නියර දිගේ ආපු පෝටය එකපාරටම වේගෙන් අපේ ගේ ඇතුළට  දුවගෙන ගිහිං දිග මන්නෙකුත් අතේ තියාගෙන එළියට ඇවිත් එක පිම්මෙන්ම ඇල පැත්තට දිව්වා,ටිකකින් දඟලන ආඳෙක්ව  එල්ලගෙන ආපහු ආවා, මම අත්ත උඩ ඉඳන් ඔක්කොම බලාගෙන හිටියෙ,අලුත් වතුරට මාළු උඩ එනවා පෝටය කොටපු ආඳා අඩි දෙකක් විතර දිගයි,කැපුවට මොකද පෝටය ආඳව හම ගහගන්න දන්නෙ නෑ,අල්ලන්නත් බෑ ලෙස්සනව පස්සෙ සිරිල් මාමට කියල හම ගස්සෝගත්තා...

ආඳා මාළු කන්න මුස්ලිම් උදවිය බොහොම මනාපයි කියනවනෙ,ඒ ගොල්ල ආඳා මාළු කන්නෙ ඉරටෙන්ලු ඒ කියන්නෙ ඇඟිලිවල ගෑවෙන ටිකත් අහක යයි කියල,මම මෙහෙම කතාවකුත් අහළ තියෙනව ඇත්තද බොරුද නං කියන්න දන්නෙ නෑ...මුස්ලිම් අය ආඳා අරං පිටි ගොඩක් උඩ දාල තැවරුණ පිටි ටික සූරල ගන්නවලු,අර ආයෙම පිටිගොඩට දානවලු ඔය විදියට ආඳාගෙ සෙවල ඔක්කොම ඉවරවෙනතුරු පිටිවලට අරං ඒ පිටිවලින් රොටී හදල ආඳ මාළුත් එක්ක කනවලු...

ඒ මිනිස්සුන්ට දැන් හරක් මස් ටිකක්වත් කන්න නැති එකේ එහෙමවත් හදාගෙන කාපුවාවෙ කියල තමා කියන්න තියෙන්නෙ බලු සේනායි වානර බලේකුයි උන්ව මරාගෙන කන්න හදනවනෙ,ඉතිං යන්නෙ කොහෙද මල්ලෙ පොල් වාගෙ පටන් ගත්තෙ කොහෙන්ද ඉවර වුනේ කොහෙන්ද,හිතේ අමාරුවට ලියන්න ගත්ත එක ලියවෙන අතේ ලියවුනා රහද නැද්ද දන්නෙත් නෑ...අදට මේ මදැයි පස්සෙ හොඳ පරණ කතාවක් ලියල දාන්නංකො.

148 comments:

  1. හැලපගේ පොස්ට් එකක් කියෙව්වම,ඒකේ තියෙන ජාති,අයිස්ක්‍රිමුයි,මාලු හොදියි,අසමෝදගමුයි,ලසඤ්ඤායි,ඤානකතායි එකට කනවා වගේ. :)

    මැර බහිනවා කියන්නේ මොකක්ද නම් දන්නැහැ.

    /කොපි පේස්ට් එකක් කරන්න රයිට් ක්ලික් කරද්දී එක තප්පරයකින් හතරෙන් පංගුවක් ඇතුළත මගේ ඔක්කොම මහන්සිය වතුරේ ගියෙ.../ මේකට නම් සතුටුයි.මම හිතුවේ මට විතරක් වෙන කරුමයක් කියලයි.

    / කතාවෙ අඩුපාඩු දවසක්ම හැදුවා,අඩු තැන් දික් කළා වැඩි තැන් කපා දැම්මා, අකුරු ඉස්පිලි ඇලපිලි වචනෙන් වචනෙට කියව කියව හදල අවසාන කරල ඊයෙ රෑ පින්තුර ටිකකුත් දැම්මා...

    පින්තුර හොයාගන්න සී ඩී විස්සකට වඩා බැලුවා,අන්තිමේ ඔක්කොම ඉවර කරද්දි රෑ එකොළහමාර විතර වුණා,/
    මේක ඇහුනම මට කලන්තෙත් හැදුණා.මේ දෙසතියේ හිටපු එකේ ආදීනවද?
    පත්තරවල අතින් පිටු හදන කාලේ ,මට නම් ඒ දිහා බලන එකත් මහන්සියි.ඔය ප්රූෆ් බැලිල්ල,පිටු හැදිල්ල වගේම,අර චුටි ඉලෙක්ට්‍රික් සර්කිට් වල වැඩ පිරිමි කරද්දි මට පුදුමයි පිරිමි කොහොම ඉවසගන ඔය සියුම් වැඩ කරනවද කියලා.

    සෝදුපත් කියවන්නන්ට,යතුරු /ලඝු ලියන්නන්ට/ පිටු සැලසුම් ශිල්පීන් ඇතුලු බොහෝ අයට රස්සා නැතිවෙනවා මේ හැලප වගේ අය නිසා.

    ReplyDelete
    Replies
    1. මුල ඉඳන්ම පටන්ගම්මු පිනි,ඔයා මැර බහිනව දන්නෙ නෑ වගේ මමත් ලසඤ්ඤ කියන්නෙ මොනාද දන්නෙ නෑ,මැර බහිනව කියන්නෙ කාලයක් එකතැන පරණවෙවී මුල් ඇදල දිරා දිරා තියෙනවටයි.
      මේ වගේ වුනු පලවෙනි වතාව මේ.
      දෙසතියෙන් මම ගොඩක් දේ ඉගෙනගත්ත කිව්වොත් නිවැරදියි.අපට ඉවසගෙන සියුම් වැඩ කරන්නට බැරිවුණාට ඒ වගේ රස්සාවල් කරන පිරිමින්ට ඔය ඉවසිල්ල තියෙනවා.බ්ලොගේදි අපිම යතුරු ලඝු ලියල පිටුවත් අපිම හදාගන්නට එපැයි.

      Delete
    2. ලසඥ්ඥ කියන්නෙ මේවා
      http://en.wikipedia.org/wiki/Lasagne

      පෝස්ට් එක වෙනම ලියලා පස්සෙ කට් ඇන්ඩ් පේස්ට් කරා නම් හරි නේද? ගොඩක් නෝට්පෑඩ් ඇප්ස් වල දැන් යුනිකෝඩ් සේව් කරන්න පුලුවනි. එහෙම නැතිනම් ගූග්ල් ඩොක් එකක සේව් කරා නම් හදිසියකින් මොකක් හරි වුනත් රිවිෂන් හිස්ට්‍රි කියලා ලිපියෙ පරන වර්ෂන් ආයෙ ගන්න පුලුවන්.

      නැතිවුනු ලිපිය කෙසේ වෙතත් මේ ගම ගැන ලියන ලිපි මට නම් සිරාවට අල්ලල යනවා.

      Delete
    3. ඉස්සර නං පෝස්ට් එක යුනිකෝඩ් ගහල ගෙනැත් ඇලෙව්ව තමයි පස්සෙ බ්ලොගර් එකේම ගහන්න ගත්තෙ.කෑමටත් විස්තරයටත් උපදෙස්වලටත් බොහොමත්ම ස්තූතියි ප්‍රොපයිල් ඇනෝ.

      Delete
    4. මේ කෑම ජාතිය නං කාලත් තියෙනව,අපි කිව්වෙ ලසානියා කියලයි.

      Delete
    5. මමනං ඔය ලසඤ්ඤ ගැන ඇහැව්වෙ අර සිරසෙ යන ගාෆීල්ඩ් කියන කාටුන් එකෙන්.

      Delete
    6. සන්න...ට කියන්න මට ඔය කාටුන් එකේ ඇහුනේම රසඤ්ඤා කියන වචනේ.විතරනේ.
      එක එක අයට එක එක විදියට.
      අපි ගොඩයෝනේ අපි දන්න ලසඤ්ඤා..

      පස්සේ රෙසිපි හෙමත් හම්බුනා.
      මහින්ද මාමි හැමදාම චීස් ගණන් වැඩිකරනවානේ.
      ඉතින් කොහෙද චිස් දාපු ලසඤ්ඤා කන්නේ අපි වගේ දුප්පත් අය


      Delete
    7. මේ කියන්නේ ලසානියා. ලසානියා නොයෙකුත් විදිහට හදන්න පුළුවන්. රිසිපීස් සෑහෙන්න තියෙනවා. ලසානියා ශීට්ස් පවා නොයෙකුත් ෆ්ලේවර්ස් වලින් හදනවා ඉස්සර හෝටල්වල. දැන් නම් රෙඩිමේඩ් ශීට්ස් එනවා.

      Delete
    8. ඒ වුනාට අරූ ඉරිදා දවසට පරණ ඈයෝ ගෙදර හදන ලසාඥියා කනවා තරම් ජීවිතේ වෙන රසක් කොහෙද?
      ඔය ශීට් එක මාත් ඉඳලා හදිසියට කඩෙන් ගන්නවා. මේ ළඟදි අම්ම පෆ්ස් වගයකුත් හැදුවා ඒවයින් අර ලංකාවේ වගේ.

      Delete
    9. රංගි හරියටම ලියලා තියෙනවා නම...ලසාඥියා කියලා. ඇත්තටම ඉතාලියේ වැඩිහිටි උදවිය මේවා සම්ප්‍රදායානුකූලව හදනවා ඇති. ඉරිදාට ගෙදර කට්ටිය එකතුවුනාම ඔහේ ලසාඥියා වගේම එංගලන්තයේ රෝස්ට් ඩිනර්, රෝස්ට් ලන්ච් සම්ප්‍රදායකයි.

      Delete
  2. හපොයි මේකේ කියලා වෙනසක් නෑ. පට්ටම රහයි. අර ගෝනී ළණුයි, සිමෙති බෑගුයි මාව පොඩි කාළෙට අරගෙන ගියා. ඉස්සර අපේ ගෙදරට බඩු ගෙන්නේ පිටකොටුවේ හෝල්සේල් කඩවලින්. මේ කඩ බහුතරය අයිති දෙමළ මිනිස්සුන්ට. අපි හැමදාම බඩු ගන්න කඩයක් තිබුනා. ගෙවල් දොරවල් වල නොගියට ඥාතී වගේ. තාත්තට කියන්නේ මහත්තයා. මම පොඩි මහත්තයා. මල්ලිත් පොඩි මහත්තයා. අපි අදුනන්නේ මුදලාලි, වේලු, මුත්තු, ඔහොම කස්ටිය. මම කසාද බැඳලා බඩු ගේන්න ගියපු කාලේත් මුත්තු ජීවත් උනා, පස්සේ ඇක්සිඩන්ට් එකකින් මලා. මුදලාලි නම් තාමත් ඉන්නවා කිරි ටික වගේ. එකම දේ දැන් ඒ පැත්තේ යැවෙන්න නෑ. අපේ නෝනා ගෙදර යන ගම ඔක්කෝම අරගෙන එනවා..

    ReplyDelete
    Replies
    1. සින්න දොරේ..

      මට පේන්න බැරිම ජාතිය...

      :/

      Delete
    2. අපේ ටවුමෙ දෙමළ කඩ ටික ජාතිආලෙට නැතිවුනානෙ,නැත්නං අපි පොඩි කාලෙ දෙමව්පියො ගනුදෙනු කලේ ඒ මිනිස්සු එක්කයි.රාවුතර් කඩේ හිටපු කට්ටිය මදුරෙයි වල අම්මාන් කෝවිලට යන පාරෙ කඩයක් දාගෙන ඉන්නව මට හම්බවුනා,මගේ පෝස්ට් එකකත් ඒ ගැන ලිව්වා.

      Delete
    3. @මල්මි,
      මොකෝ මල්මි ඒ අය ගැන තියෙන අප්‍රසාදය.

      Delete
    4. පල් හොරු ..!

      Delete
  3. 2 කියලා තිබුන හින්දා අතෑරලා දාන්නත් හදලා, නිකමට වගේ හොට දාලා බැලුවේ. ඒක නැති වුනාට මේ තියෙන්නේ අපුරූ කතා ගොන්නක්..අපරාදේ හැලපෙ අයියට තිබ්බේ ඩිං ගාලා අන්ඩූ කරන්න. එහෙම වුනානම් වැඩේ ගොඩ දාගන්න තිබුනා. මටත් ඔහොම දෙතුන් පාරක් වෙලා අන්ඩූ එකෙන් ගොඩ දා ගත්තා. මම නම් කොහොමත් ලියන එකේ කොපියක් ගෙඩිය පිටින් නෝට්පෑඩ් එකකට දාලා තියා ගන්නවා පබ්ලිශ් කරනකම්..

    අර කඩදාසි වලින් ඔතලා ගැටගහන ගෝනි නූල අතින් අනිත් පැත්තට අබරලා කඩන හැටි බලන්න ලස්සනයි. මම පොඩි කාලේ කඩේ ගියාම ඕක හෙන මැජික් එකක් මට. පස්සේ තමා තේරුනේ මහලොකු දෙයක් නෙමේ කියලා. ඒත් ඒක කරන විදිහ අපූරුයි. අපේ පොලේනම් තාමා කරවල එහෙම දෙනවා කඩදාසි වල ඔතලා. හුඟක් උන් එළවලු එහෙමත් ලේසියට පොලිතින් මලුවල දාලා දෙනවා, අපි ඒවා ගන්නේ නෑ. අපි ගෙනියන ලොකු මල්ලටම කෙලින්ම දාගන්නවා. නැත්නම් පොලිතින් වලින් අපිව වැහිලා යනවා. දැන් ඉස්සර වගේ වතු වල ඉඩත් නෑනෙ පුච්චන්නවත්.

    අරක මතක විදිහට ආයේ ලියමු.

    ReplyDelete
    Replies
    1. මම ගහන්නෙ බ්ලොගර් පිටේමයි,මැකිලා ගිය වෙලාවෙ අන්ඩු බටන් එක ක්‍රියාත්මක තත්වයේ තිබ්බෙ නෑ.
      අපේ පොළෙත් තාම කරවල කඩදහි කොළවල ඔතනවා,නැතිවුණු කතාවෙ මම පොළ ගැනත් ලියල පින්තුරත් දාල තිබුණා,සෙන්නා කියන නිසා ආයෙම ලියන්න කැමැත්තක් ඇතිවෙනව හිත හරිගියාම ලියන්නං.

      Delete
  4. අනේ මන්ද අපේ හැලපයියටත් වෙන දේවල්. මමනම් වර්ඩ් වල කොටලා තමයි බ්ලොගර් වලට දාන්නේ. එක අතකට එහෙම උන එකත් හොඳයි. මේ නහින දෙහින කාලෙ අනිත්‍යයවත් මෙනෙහි කොරගන්න. :P

    ReplyDelete
    Replies
    1. අම්මප අකම් දැකපු කල් කොහෙද නොදකින්න ගිහිං හිටියෙ.
      මමත් ඉස්සර වර්ඩ් ගහල ගෙනත් බ්ලොගර් එකේ ඇලෙව්වා දැන් නං කෙලින්ම බ්ලොගර් එකේ ගහනව.
      මේ දවස්වල දේශපාලනේට ඇවිත් ඉන්න නළු නිලියෝ දැක්කම හැමදාම අනිත්‍යය මෙනෙහි වෙනව,අමුතුවෙන් මෙනෙහි කරන්න දෙයක් නෑ.

      Delete
    2. දේශපාලනේටම එන්න ඕනි නෑ හැලපයියේ, කොහොමත් දැන් ඉන්න හත්තිලව් ටික දැක්කම අනිත්‍යය, ඒ කියන්නේ දුක දුක ඇතිවීමේ මග නොහොත් නිළිය, නිළිය බිහිවීමට හේතුව... ඔක්කොම මතක් වෙනවා.

      මම නොපෙනී ඉන්න හේතුවනම් තැන් කීපයකම කිව්වා. අන්තර්ජාල පහසුකම් පිළිඹඳ අවුලක්. . මේ දවස් ටිකේ යාලුවෙක්ගෙ ඩොන්ගලයක් මගේ කරන් ඉන්නවා. මොක උණත් කාවවත් අමතක කරලා නෑ. ෆෝන් එකෙන් බ්ලොග් බලනවා. හැබැයි ඒකේ කමෙන්ට් කරන්න තරම් පහසුකමක් නම් නෑ. ඔයාගෙයි දේශකයගෙයි ටෙම්ප්ලේට් වල අවුලක් නිසා කාලෙකින් බලන්න බැරි උනා. ඒක ඉක්මනට හදාගත්තොත් අපිට ලොකු සහනයක්.

      Delete
  5. මටත් වෙලා තියෙනව ඔය විනම්බෑසිය. එහෙම උන පෝස්ට් ආපහු ලියන්නෙත් නෑ මොකද මටනම් ලියන්න මූඩ් එකක් එන්නෙම නෑ ඉන් පස්සෙ. හැලප්ස්ගෙ නම් කතාව ඩිලීට් උනා කියල නෑ ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. මටත් ඕකමයි වෙන්නෙ බස්සි,කේන්තියට ලියන මූඩ් එක එන්නෙම නෑ.බොහොම ස්තූතියි.

      Delete
  6. මචං, මේ හුඟ දෙනෙක් කියන කතාවක් තමයි ලියපු පෝස්ට් එක අතුරුදහන් වුනා කියන එක. මට තේරුම් ගන්න බැරි මේක වෙන්නේ කොහොමද කියලයි. මේ ටික පොඩ්ඩක් අහපල්ලා.

    උඹලා කෙලින්ම කතාව බ්ලොගර් එකේම ටයිප් කරනවද? මම නම් කරන්නේ නෝට් පෑඩ් එකක. නෝට් පෑඩ් එකේ වර්ඩ් වල වගේ ෆෝර්මැටිං කේස් එකක් නෑ. නමුත් සේව් කරනකොට යුනිකෝඩ් වලින් සේව් කරන්න ඕනෙ මුලින්ම. ඊට පස්සේ මේක අලවන්න ගිහින් ප්‍රශ්ණයක් ආවත් කමක් නෑනේ. බඩු තියෙනවනේ නෝට් පෑඩ් එකේ.

    ඊ ලඟට, බ්ලොගර් එකේම ටයිප් කලත් බං ඒක auto save වෙනවා නේද විනාඩි කීපයකට සැරයක්? එහෙම නොවුනත් වැරදීමකින්ඩිලීට් වුනත් ඇයි බොලව් අන්ඩූ බටන් එකක් තියෙන්නේ.

    නෝට් පෑඩ් එකකින් හරි වර්ඩ් එකෙන් හරි බ්ලොගර්ට අලවනවා නම් අතුරුදහන් වෙන්න සරල හේතුවක් තියෙනවා. ඒ තමයි නෝට් පෑඩ් එකේ රයිට් ක්ලික් කරලා කොපි ක්ලික් කරලා, ඊට පස්සෙ බ්ලොගර් කම්පෝස් පේජ් එකට ගිහින් රයිට් ක්ලික් කරලා අමතක වෙලා පේස්ට් ඔබන්නේ නැතුව ආයෙම කොපි ඔබන එක. අනික කොපි පේස්ට් නැතුව කට් පේස්ට් කරලා නාගන්න එක.

    අනික උඹ පින්තූර අප්ලෝඩ් කලානම් ඒවා එතන තියෙනවා ආයෙම අප්ලෝඩ් කරන්නේ ඕනේ නෑ. එතනට ගිහිල්ල ඉන්සර්ට් කරන්න විතරයි තියෙන්නේ.

    උඹට මොකක්ද වුනේ කියාපං බලන්න.

    ReplyDelete
    Replies
    1. කලින් වර්ඩ් ගහල ගෙනත් බ්ලොගර් එකේ අලෙව්වට දැන් ගහන්නෙ කෙලින්ම බ්ලොගර් එකෙමයි.ඔටෝ සේව් වෙනවනං තමා එක තැනකට අඩු වචනයක් දාන්න රයිට් ක්ලික් කළා නමුත් ඒ වචනය රයිට් එකේ තිබ්බේ නෑ කියල දැක්ක එතැනදී නොදැනුවත්වම රයිට් ක්ලික් වුනා මේ වෙලාවෙ මොකක් උනාද දන්නෙ නෑ.
      අන්ඩු බටන් එක ක්‍රියාත්මක තත්වයේ නොවිණි.පින්තුරවල නං අප්සැට් එකක් නැත සියල්ලම ඩෙස්ක් ටොප් එකේ ඇත.
      ස්තූතියි මචං

      Delete
    2. මීට පස්සේ නෝට් පෑඩ් එකක ගහපං මචං. Undo වැඩ නොකරන වෙලාවට Ctrl+Z ඔබලා බලාපං.

      Delete
  7. රස එලෙසමයි......... මම මේක කියවන්න එනකොට කව්රුත් කොමෙන්ට් දාලා නෑ ..... යකඩෝ කියවලා ඉවරවෙනකොට පොස්ට් එකටත් වඩා දිග කොමෙන්ට් 6ක් ඒ නිසා ලියවිල්ලේ රස ගැනනම් අපේ ආච්චිඅම්මා හදන හැලප වගේම තියෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාළේ,කට්ටිය දිගම දිග කමෙන්ට්ස් නං දාල තියෙන්නෙ ඒ අයටත් රස ඇතිනෙ.

      Delete
  8. ඇත්තටම අපිට එකම ගඟක් දෙවරක් බලන්න බෑ නේන්නම්. එකම ජලාශෙදෙපාරක් නෑවොත් නම් දෙවනි නෑවොත් නම් දෙවනි පාර නාන්න වෙන්නෙ කුණු වතුරෙ තමා.

    ඔය ගෝනි ලණු වල ගැටගහන කඩයක් අවුරුදු දෙකකට විතර කලින් කිරිබත්ගොඩ කඩේකනම් දැක්කා. ඒත් දැන්නම් කොහොමද දන්නෑ. ඒත් මතක විදිහට කරවල තමා එතුවෙ.

    අර පෝස්ට් එකක් පබ්ලිෂ් කරත්දි එන තාක්ෂණික ලෙඩ දුක් නම් කියලා වැඩක් නෑ හැලප අයියෙ.

    ReplyDelete
    Replies
    1. අපෙත් කරෝල කඩේ තාම කඩදහි කොළවල ඔතනවද කොහෙද.
      මට තාක්ෂණික දෝෂ එනවනං ටිකක් අඩුයි,ඒ වුනාට එන එක හරි ටිකක් දරුණුයි.

      Delete
  9. //කඩාඬු නොකැඩෙන්න
    මොකක්ද හලපයියේ මේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. මහ වැස්සකට ඇල පිරිල පිටාර ගලද්දී නියරෙ තියෙන දුර්වල තැන්වලින් කඩාගෙන යනව,එතකොට ඇලේ ගහගෙන එන කුණුරොඩු වැලි ඔක්කොම ගොයං යටකරගෙන වෙලට පිරෙනවා.අන්න ඒකට කියන්නෙ කඩාඬුවක් කැඩුන කියලයි.කේ ජයතිලකයන්ගේ චරිත තුනක් කතාව පටන්ගන්නෙ මෙන්න මේ වගේ තැනකින් පුළුවන් නං පොත හොයාගෙන කියවන්න.

      Delete
    2. @හැලප
      කඩාඩුව කියන්නෙ ඇලයි කුඹුරයි සම්බන්ධ වෙන තැනක් නෙද ? කඩාඩුව කැඩුනොත් ඇළේ වතුර ඔක්කොම කුඹුරට ගලනවා ,ඔකට කියන නම මං හිතන්නෙ ප්‍රදේශයේන් ප්‍රදේශයට වෙනස්

      Delete
    3. සහෝදර,
      ඇලයි කුඹුරයි සම්බන්ධ වෙන්නෙ වක්කඩෙන් සහෝ,මතක නැද්ද මහගම සේකරයන් ලියු අමරදේවගේ සිංදුව
      වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා
      වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුළෙන් විදුලිය කෙටුවා
      කිව්වට වස් නැත නිල නිල පාටින් කටරොලු මල් වැට වටකෙරුවා
      තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා

      Delete
    4. මහ වැස්සකට පස්සෙ ඇළ දිගේ එන වතුර පාර වැඩි වුනාම බොහෝ විට වක්කඩවල් කැඩෙනවා.. ඒ මොකද ඒ තැන් තමා නියරේ තියෙන දුර්වලම තැන්.. මේ තැන් තමා කඩාඬුව කියලා හැඳින්වෙන්නේ..

      කාටද මතක ඒ කාලෙ අට වසරේ සිංහල පොතේ තිබුනා පාඩමක්.. ඒකෙ තියෙන්නෙ ඔය වගේ වැස්සෙන් පස්සෙ කොල්ලො කට්ටිය එකතුවෙලා කඩාඬුවෙ බැහැලා නටනවා, පීනනවා.. එතකොට එතනට එන ඒබරං ආතා (ද කොහෙද?) කොල්ලන්ට බැනලා පන්නගන්නවා "ඇයි කොල්ලනේ උඹලා ඔතන ඔහොම නටපුවාම කඩාඬුව තවත් ලොකු වෙලා කුඹුර විනාස වෙනවා නේද?" කියලා..

      Delete
    5. බුරා,

      අඩේ සිරිමල් හිටිය නේද ඒ කතාවෙ?..

      මට මෙහෙම මතකයි..හූ..හූ..හූ..අන්න එහෙම හූවකිං කතාව පටන් ගන්නෙ.

      " ඒයි අන්න ඊයෙ රෑ වැස්සට ඇළ කැඩිල කඬාඩුවක් හැදිල. වතුර පාර නියමයි ..යමල්ල නාන්ට.. "

      එහෙම කියල තමයි කොල්ලො කට්ටිය නාන්ට යන්නෙ. සිරිමලා ( ඒ වගේ මතක ) ඉස්සෙල්ල වතුරට පැනල බලනව.

      " ඒයි ජාති වරෙල්ල, අඩියෙ වැල්ල. හැබැයි පරිස්සමෙන්, හැඩපාර ටිකක් සැරයි.."

      කොල්ලො ඊට පස්සෙ එකා පස්සෙ එකා වතුරට පනිනව. සමගරු උඩ පිණුං ගහනව, සමහරු බඩ පිණුං..ඔය අස්සෙ එකෙක් ඉන්නව ඌට මොන පිණුමක්වත් බෑ. නම අපි කියමු රණේ කියල..

      " රණේට කිසිදු පිණුමක් නොහැක. ඈත සිට දිව එන ඔහු නිකම්ම දෑත් උස්සා වතුරට පනියි. ඇස් රතුවී ඇඟිලි අග්ගිස් රැලිවැටෙන තෙක් අපි වතුරේ එහා මෙහා දඟලමු."

      ඔන්න ඔය ටික නම් මල්ලි මට හොඳටම මතකයි. කොල්ලො දඟලල ඉවර වෙනකොට කවුද ආතෙකුත් එනව තමයි. ඔය කොටස මොන පොතෙං ගත්ත එකක්ද කියල උඹට මතකද? ජිනපාලගෙ කතන්දරේ පොතෙන් ගත්ත කෑල්ලක් කියල මට යන්තමට වගෙ මතකයක් තියනව. :)

      Delete
    6. යේෂ්! ඒක තමා කතාව. බුවා සිරිමල් ද සේන ද.??

      හූ... හූ... හූ...

      සේනගේ හූවයි ඒ ඇහෙන්නේ..


      ඕන්න ඔහොම තමා කතාව පට්ටාං ගන්නෙ.. මුං ටික කඩාඬුවෙන් එලෝලා දාපුවම ගිහිං කැලෑ වදිනවා.. එතනත් නටලා නටලා ආයෙමත් ගඟේ ගිහිල්ලත් නානවා.. තව පෙරහැරක් යන සීන් එකකුත් තිබුනද මන්දා, අලියා වෙනුවට පිංගොනාව සරසලා අරන්..

      මේකෙ මුල් පොත මොකක්ද කියලානං මට මතක නෑ බං අයියෙ.. හොයාගන්ට බලඤ්ඤා..

      Delete
    7. @ හැලප
      මං දන්න තරමින් වක්කඩ කියන්නෙ උඩ ලියද්දෙ ඉදලා ඊට පහල ලියදි වලට වතුර කපලා යවන එකක් ,එක තියෙන්නෙ නියරේ, කඩාසුව කියන්නෙ වෙන එකක් එක එන්නෙ ඇලක් එක්ක සම්බන්ධ වෙලා ,වක්කඩ කියන එක ඕනම කුඹුරක තියෙනවා පිට ඇළෙන් යවන්න බැරි කුඹුරෙ නියරවල් ඇතුලේ තියෙන වතුර පාලනය කරන්න ...

      Delete
    8. සහෝදර,
      එතකොට ඇළෙන් වෙලට වතුර ගන්න තැනට කියන්නෙ මොකක්ද,ඒත් වක්කඩ නේද.

      Delete
    9. කුඹුරක වී වැපිරීමෙන් දිනකට පසුව දිනක්‌ හැර දිනක "වතුර බැඳීම" සිදු කරයි. කුඹුරක නියර සැකසීමේදී ඉහළ සිට පහළට ක්‍රමානුකූලව වතුර ගලා ඒමට හැකි ආකාරයට සකස්‌ කරනු ලැබේ. වපුරන මොහොතේ තනන "ඉස්‌නං වක්‌කඩ" වතුර හොඳින් බැස යැමට සකස්‌ කරන "දිය වක්‌කඩ" හා ලියෑදිවල පිරුණු වැඩි වතුර පිටාර ගලා යැමට ඇති "පා වක්‌කඩ" යන වක්‌කඩවලින් කුඹුර පුරා ජල පරිවහනය මනාව සිදු කෙරේ. "ඉස්‌නං කැටය" හෙවත් "වප් කැටය" යොදා ජලය ඇතිවූ විට වක්‌කඩ වසා දමනු ලැබේ.

      උප්පිඩි එකතුකොට ලණුවකින් බැඳ කමතට

      "වක්කඩ කැඩුවා වගේ" කියලා ජනවහරේ කියන්නෙ "නොනවත්වා" කියන අරුතින් නේද? වක්කඩ කැඩුවා කියන්නෙ ඇළෙන් කුඹුරට නොනවත්වා වතුර ගලනවා, ඒක නවත්තන්ට වක්කඩ වහන්ට ඕන..

      Delete
    10. තැන්ක්ස් බුරා

      Delete
    11. //සහෝදර,
      එතකොට ඇළෙන් වෙලට වතුර ගන්න තැනට කියන්නෙ මොකක්ද,ඒත් වක්කඩ නේද.//

      ඒකට කියන්නේ " අමුණ " මහත්තයෝ..

      අතීතයට මාව රැගෙන ගියාට ..... හදපිරි ස්තුතිය ඔබ වෙත...!

      Delete
    12. අමුණක් බඳින්නෙ විශාල දිය පාරක් (ගඟක්, ඔයක්, දොළක්) හරස් කරලා.. ඒ අමුණෙන් තමා කුඩා ඇළ පාරවලට වතුර හරවන්නෙ.. අමුණෙන් කෙලින්ම කුඹුරුවලට වතුර දෙන්නෙ නැහැ..

      Delete
    13. අප්පට සිරි ගජ, නිකම්ම "නිකං" කඩාඬුවක් ගිය දුර?

      හැමෝටම ස්තූතියි මේ සොඳුරු මතකය අවදි කලාට. මෙන්න මගෙන් තම්බි ආඳා මාළු කාපු හැටි.

      ( තම්බි , නැත්නම් දෙමලෙන් මල්ලි යන්න අපහාසයක් නොව, අතීතයේ මුස්ලිම් වෙළදුන් ඇමතූ සාමානය ගැමිවහරකි)

      දවසක්, ගමකට වෙළදාමෙ ආව මුස්ලිම් වෙළෙන්දෙකුට ගම ගෙදරකින් දවල් බතට ආඳා මාළු කන්න ලැබුනා. කවදාවත් කලින් ආඳා මාළු කාල නැති මුස්ලිම් වෙළෙන්දා, මේකට රහ වැටිලා, ගම මහගෙගෙන් ඇහැව්වා මේ මොනවද කියලා.

      ගම මගගෙ දන්න විදිහෙන් ආඳා ගැන කිව්වත්, කවදාවත් ආ‍ඳෙක් නොදැකපු වෙලෙන්දට මේක තේරුනේ නෑ. වෙලෙන්දා ඇහැව්වාම ආඳා මොන වගේද කියලා, ගම මහගෙ කිව්වා නයා වගෙයි කියලා.

      "ආ නයියා, පාම්බු , ඒම කියන්ට එපැයි" වෙළෙන්දා කිව්වා.ගම ගෙදරි සමු අරන් හැන්දෑ ජාමෙ යන් වෙළෙන්ද දැක්කා හුඹහකට රිංගන්න හදන නයි තඩියෙක්. පැන්න ගමන් , අල්ල ගත්තා වලිගෙන්, ඇදලා ගත්තා, අද දෙන්නම් ජම්බු කියලා හිතලා. නයා පෙනේ කරන් පිම්බ පාරට , බයවෙලා විසීවෙච්ච වෙළෙන්දා මෙහෙම කිව්වා:

      " යේක, ෂිංගල මුනියට උයල කන්නයි, බෙදල කන්නයි ඔඳයි. යපිලය තමා පුෂ්,පුෂ්"

      Delete
  10. කතාව කොහොම කිව්වත් අතීතය සහ ජීවිත අත්දැකීම් නිසා රසයේ අඩුවක් නැහැ. එක දෙයක් කියලා නැහැනේ. මම තමයි ඒ කාලේ කඩේ යන්නේ ගෙදරට බඩුගෙන්න. යන්නෙත් එන්නෙත් පයින්. මුළු දුර හැතැම්ම 3 ක් විතර. බඩු මල්ල කරේ තියාගෙන කැඳ නගින්න ඕනේ. ණයට ගේන්නේ මාසේ අන්තිමට ගෙවන්න. හත් අට දෙනෙකුගෙන් යුත් අපේ පවුලේ මාසික වියදම (කඩෙන් ගන්න බඩු වලට පමණක්) රු 400 ට වැඩියි. අපේ අම්මා තාත්තා දෙන්නම ගුරුවරු වුනත් බොහොම අමාරුවෙන් ඒ වියදම් දැරුවේ. කඩදාසිවල ඔතපු දේවල් ගෙනල්ල කෑවට අපිට කිසිම ලෙඩක් හැදුනේ නැහැ. නමුත් දැන් එහෙම බැහැලු. නීති තදයි ලු. අනේ අනේ නන්නානේ.

    ගඟේ කතාව කිව්වම පරණ ලස්සන ගීතයක් මතක් වුණා. රූපා ඉන්දුමතීගේ 'එක ගඟක ඉවුරු දෙක කවදා කොතන මුණ ගැසේදෝ'
    http://youtu.be/EVBz1jvwf8Y

    ඔය blog misfire වීම සහ blog premature ejaculation එක :D මටත් කීප වතාවක් වෙලා තියනවා. තදවෙනවා කියන්නේ කොම්පියුටරේ උස්සලා පොළොවේ ගහන්න හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරට බඩු ගෙනාපු හැටි මම බ්ලොග් පෝස්ට් එකකත් ලිව්ව මතකයි.තම්බපු වී බුසල් දෙකක් දාපු ගෝනියක් කරගහගෙන මම පොඩි කොල්ල කාලෙ ගෙදරට හැතැප්ම දෙකක් දුර වී මෝලට යනවා. ඒකත් දවසක් ලිව්වා.ගීතයට බොහොම ස්තූතියි විචාරක තුමා.

      Delete
  11. හැමොම කියන්න වගෙ මටත් මතක් වුනෙ අන්ඩු බට්න් එක තිබුනෙ නැද්ද කියල.
    මමයි අයියයි පොඩිකාලෙ පුවක් කඩල විකුනල බිම බොනව.පැන්ට තමයි බොන්නෙ .හෙන ලොකු බිමක් නෙ එකාලෙ.හැබැයි ගස් යන්නනම් හිටියෙ මම විතරයි.අයිය ගස් උසනිසා නගින්නෙ නැ.
    එ කාලෙ නියමයි අප්පා

    ReplyDelete
    Replies
    1. අන්ඩු බටන් එක ක්‍රියාත්මක තත්වයේ තියෙන බව පෙන්වුයේ නෑනෙ දමිත්.
      ඒ කාලෙ පැන්ටා එකක් බොන්න තියෙනවනං ලොකුම දෙයක් තමා...

      Delete
  12. ඔය මුලහරියේ ටික ,එහෙම නීරස කථා කියන්න පුළුවන් මගේ පාපාචිට විතරයි!
    අනේ මන්දා ඔක්කොම අප්පච්චිලා එකයි බලන් ගියාම.

    මුරුංගා හරි ළාභයි නේද?
    හබරල,කොහිල පදුරු තලද්දි කසන්නේ හෙම නැතිද?
    අර ආදා කරාබු දාලාද හිටයේ?
    ගොරකා යකාගේ බැල්ම වැටුණු බව පෝටයා දන්නැතිද?
    දවල්ට ඉන්නේ ගොරකා යකායි,මහසෝනායි විතරයි නේද යක්කුන්ගෙන්?

    ReplyDelete
    Replies
    1. එහෙනං මුල හරිය නීරසයි නේද මල්මි,
      ඔව් ඔව් ඒ මුරුංග ටික බොහොම ලාබයි වාරෙ හින්ද වෙන්න ඇති.කොහිල කොහොම වෙතත් හබරළ නං ගෑවුණු තැන කසනවා,අපි තලද්දී ඒපඳුරු ජාති දෙක තලන්නෙ නැතිවෙන්න වග බලාගන්නවා.
      මං දකිද්දී නං කරාබු තිබ්බෙ නෑ පෝටය මං දකින්න කලින් කරාබු දෙක ගලෝල සාක්කුවෙ දාගත්තද දන්නෙ නෑ, අනික ඒ ගොල්ල දාගෙන ඉන්නව කියන්නෙ කඩුක්කන් නේද.
      ගොරක යකා ගහ උඩ කියල පෝටය දන්නෙ නෑ දන්නවනං ඕකා පැත්ත පළාතෙ එන්නෙ නෑ එච්චර බයයි,එච්චර බයයි.ඔව් දවල්ට සැරිසරන්නේ ඒ දෙන්න විතරලු අලුත් අය දැන් ඇවිල්ලද කියල මම දන්නෙ නෑ ලංකාවට ගිය කාලෙක හෝදිසි කරලා මල්මිට නොවැරදීම කියන්නං.

      Delete
  13. කම්පියුටර් තාක්ෂණය ගැන නම් අනේ මන්දා , කතා දෙකක් නැහැ මාව අමාරුවෙ වැටෙන වාර අනන්තයි, අප්‍රමාණයි.ඒ උනාට ලස්සන කතාවක් දෙවනි පාරටත් ලියවිල තියෙන්න ඒ නිසා කණගාටු වෙන්න එපා.
    පින්නකොල කකුලට තියල ලනුවලින් ගැට ගහපු කතාව දැක්කම මට මතක්වුනේ , අපේ ගෙදර හිටිය ටිකක් වයස දෙමළ ගෑණු කෙනෙක් වැඩට. ඒ මනුස්සය සෙරෙප්පු දෙකක් දාගන්න කිව්වට අහන්නෙම නැහැ. අපේ අම්මට ඉතින් හරිම කේන්තියි , ඒ මොකද මිදුල අතුගාල කුස්සියට එන්නෙ මඩ නාගෙන. මම දවසක් රබර් සෙරෙප්පු දෙකක් දීල කිව්ව මේක දාන්නෙ නැත්නම් මිදුලට බහින්න තහනම් කියල . පස්සෙ මම ගේ ඇතුලෙ ඉඳල බලනකොට මට පේනව සෙරෙප්පු දෙක දාගෙන හරි සද්දෙන් ඇවිදිනව.මම එතනට දුවල ගිහින් බලකොටයි දැක්කෙ ලණු කෑලි දෙකකින් සෙරෙප්පු දෙක කකුලට තියල බැඳගෙන. මට ඒක දැක්කම නම් හරි දුක හිතුනා.

    ReplyDelete
    Replies
    1. මුලින්ම සොන්යාට ස්තූතියි.
      අර ගෑනු මනුස්සය ගැන නං හරියට දුක හිතෙනව සෙරෙප්පු දාල පුරුදුම නැතුව ඇතිනෙ.

      Delete
  14. සිමෙන්ති බෑග් ගැන කිව්වාම මතක් උනේ..ඉස්සර කඩෙට ගිහින් බඩු දාගෙන් එන්නෙ වේවැල් කූඩ වල..රවුම් ඒවා..බෝට්ටු ෂේප් ඒවා... දැන් පේන්ටවත් නෑ ඒවා.

    ReplyDelete
    Replies
    1. මම ඉස්කෝලේ යන කාලේ කඩේ ගියේ ඒ ජාතියේ එකක් අරගෙන. 1980 ගණන්වල ගත්ත එකක් මේ මෑතක් වෙනතුරු තිබුණා. ඒවා පරණ වෙනකොට ලැකර් ගාලා අලුත් පෙනුමක් ගැනීම. වේවැල් කැඩුණු තැන් කම්බි වලින් ගැටගැහීම එක්තරා කලාවක්.

      Delete
    2. එහෙම කිව්වම මටත් වේවැල් කූඩ ගැන මතක්වුනා කැන්ඩියන්,අපේ අම්මත් ඔය වගේ විවිධ හැඩ තියෙන වේවැල් කූඩ කීපයක්ම පාවිච්චි කළා මට මතකයි.ඇත්තට ඒ කූඩ කොයි කාලෙ නැතිවෙලා ගියාද මතක නෑ.

      Delete
  15. මම හිතන්නෙ මචෝ උඹල අදහන ලෝඩ් බුද්දා දෙසපු දහමට අනුව වෙච්චි දෙයක් වෙන්ඩ ඇති ඔය වෙලා ඇත්තෙ ...
    බොලාල වගේ අක්ෂර වින්නාස ඇතුළු කෙල කෝටියක් ගැන කතා කොරන සීනියර් පොරවලට ඔහොම වෙද්දී ,,... 28 ටේ මේ කොල්ලට මාරු හිනා බං ...
    මම නම් ලියන මගුලක් ලියල එල පින්තුරයක් දාන්න කියල තාක්ෂණ නිලධරුට යැව්වම ඔටෝ පබ්ලිෂ්...

    ReplyDelete
    Replies
    1. උඹ මොකද මචං උඹ වැඩකාරයනෙ,ඒක නෙවෙයි උඹ අදහන්නෙ කෝඩ් බුද්දා නෙවෙයිද හැබෑට.

      Delete
  16. ආහ්.. මුරුංගා... බලාගෙන මුරුංග කාපුවම නැට්ට ඉස්සෙනව. මේක කිවුවම මතක් උනේ කමලහසන් ඉන්න ‍ෆිලිම් එකක් තිබ්බ මුන්ඩනෛ මුඩිචු කියල. ඒකෙ මුරුංග ගහේ පස්පංගුවම මූට කන්න දෙනව නැට්ට ඉස්සෙන්න. එල ‍ෆිලිම් එක මම හිතන්නෙ හැලපය්ය බලල ඇති. කඩුවෙල පොලේ මැදට වෙන්න කුලු බඩු බක්කියක් තියෙනව. මයෙහිතේ තාමත් පත්තර ගොට්ට ගහල ගෝනි නූලෙන් ගැට ගහල බඩු දෙන්නෙ.

    ගොරක මද වල රහ කොහොමද... මදේ කාල ලෙල්ල වේලනව. ඉස්සර ජාති දෙකක් තිබ්බ රතුම රතුපාට මදේ කහ පාට මදෙයි. රතුපාට එක පට්ට රහයි. ඒත් ලෙල්ලට නං කහ පාට එකේ හොඳ ඇඹුල. ඉස්සර හුංගෙක් ඇන්නම එතන්ට චූ කරනව විස යන්න කියල. හැලපය්යත් මතක් කොරන ඒව....හෙහ්...හෙහ්....

    ReplyDelete
    Replies
    1. එහෙමත් එකක්ද මම දැනන් හිටියෙ නෑ ඔය කතාව.එක්ස් පෝටර් දන්නවද මෙහෙ මුරුංග හරි සරුවට හැදෙනව ලපටි මුරුංග කිරට උයල කද්දි හරිම රසයි නේද.
      ගහෙන් වැටුණු ගමන් ගොරක ගෙඩිය අහුලගන කාපු රස දැනුත් මතක් වෙනව.
      හුංගන්ගේ විස යන්න චූ කරන එක තමා එකම බේත.

      Delete
  17. ඉස්සර ගොඩනැගිලි වැඩ බිම් වල මුරකරු බොහොම ප්‍රවේශමට නුල් ගලවල සිමෙන්ති ගසල අට්ටි ගහල තියල විකුනනව සතියකට වරක්...උන්දැගෙ දවසෙ කෑම & කසිය වියදම හොයා ගන්නව සතියටම සෑහෙන්න...
    මුල් කාලෙ කොල්ලො සෙට් එක දුර යද්දී ලෑලි පොල් අතු තට්ටුවල ට එච්චර බැල්මක් තිබුනෙ නැහැ.
    පසු කාලීනව නම් පොඩි අයගෙ අදින්න බැරි කුඩාවූ ඇදුම්,පාවහන්,පාවිච්චි කල සෙල්ලම් බඩු ආදී නොයෙකුත් දෑ නෑද පවුල් සහ මිත්‍ර පවුල් වලින් එකතු කර බෙදුව.
    ඔය පැතිවල පොඩි එව්වො පාසල් නොයා පාර අයිනේ ලෑල්ලේ මොනව හරි විකුණන්න දාල ගෙදර පොඩි උන්ව එතන තියල ....අම්ම දුර යන ලොරි රියදුරන්ගෙ වතුර මාරු කොරනව ...මොකද තමන්ගෙ මිනිහ කොළඹ බංගලාවල් හදන්න ගොහිල්ල ඒ පැත්තෙ ඇබට් එක්ක එයා ජංජි අල්ලොන නිසා.
    අම්මගෙ දුර දක්නා නුවන නිසා එළවලු තට්ටුවෙනුයි... අම්මගෙ පෙට්ටියෙනුයි හොද ආදායමක් ලබනව.
    සමුර්දිය ඕන නැහැ එයාලට ජිවත් වෙන්න..

    ReplyDelete
    Replies
    1. උඹගෙ සිරා වචන සැට් එකට මම හරිම ආසයි බං,
      ඔය ලොරි හැම එකම වගේ කතරගම හරියෙදිම බොයිල් කරනවා ඇති නේද.ඒ අම්මණ්ඩි ලට සමුර්දිය මොකටද මචං කට පුරෝල සමුර්දිය ගෙදරටම ගෙනත් දෙද්දී.

      Delete
  18. අනේ ගඟක් ගලපු දිග. අපිත් ඉතින් ඒක යන අතට නැමි, නැමී ඒකත් එක්ක ඉස්සරහටම ගියා.

    අර කීවත් වගේ හැලපයගේ කතා කියවන කොට එන්නේ මිශ්‍ර රසවල් ගොඩක්. ලුණු, මිරිස්, පැණි, ඔය හැමදේම එකතුවෙලා හරිම රසයි.

    දැන් ඔන්න මට කියන්ට ගිය මුකුත් මතක නෑ...ආයේ මුල ඉඳන් එන්ට වෙනවා...එකම ගඟේ දෙපාරක් නාන්ට බෑ කියලා කතාවක් තියෙනවා. ඒ වතුර පාර නොනැවතී ගලන හන්දයි. දැන් ආයේ පාරක් කියවනකොට අලුත් මොනා හරි එතන ඇති කියලා හිතෙනවා...ගිහින් එන්නම්කෝ...:)

    ReplyDelete
    Replies
    1. බාධක ගල් බොරළු තිබුණත් අතරමග
      යායුතු තැනට යායුතුමයි ගලන ගඟ
      කියල තියෙනව නේද පොඩ්ඩියෙ.යමක් කියවන හැම වතාවක් ගානෙම අලුත් දෙයක් පෙනෙනව නං ඒ ලිවීම සාර්ථකයි.ලෝක පුජිත ලේඛකයන්ගෙ පොත්වල මේ ගුණය මම දැකල තියෙනවා.
      අගය කිරීමට බොහොම ස්තූතියි.

      Delete
  19. හැලප අයියෙ ඔන් ලයින් ම ලියන්න, බ්ලොගර් වල හරි ජී මේල් වල හරි.

    //ගඟක් පමණක් නෙවෙයි ඕනෑම වතුරකට // එතනින් පටන් ගන්න කොටස කියෙව්වම මතක් වුනේ කවුදෝ ලියාපු කවි පොතක්. ඒකෙ එක පදයක් මතකයි. ඒ "කබරයි තවම ඇල ඉවුරට එති රැයට"

    ලිපියෙ රසේ නම් කිසි අඩුවක් නෑ.

    ReplyDelete
    Replies
    1. කබරයි තවම ඇළ ඉවුරට එති රැයට..!!
      කබරයි -ඒ වචනේ හරි ලස්සනයි.

      Delete
    2. එහෙම තමයි චන්දන මට බයිට් වල කිසිම ප්‍රශ්නයක් නැති නිසා නිතරම ඔන්ලයින් ලියන්නෙ.
      ඇත්තටම මට ඔය ඇල දිගේ එන කබරයි ගැන ලියන්න අමතක උනානෙ හැබෑටම,ඒ කාලෙ ඇල දිගේ නැට්ට කපපු කබරයෙක් ආවා මස් කඩේ කබරයා කියල අපේ පුතා එහෙම පොඩි දවස්වල කිව්වෙ.ඌ කොච්චර විසාලද කිව්වොත් පොඩි ලමෙක්ව උනත් ගිලින්න පුළුවනි.
      මතකය අවදි කිරීම ගැන ස්තූතියි චන්දන

      Delete
  20. මටත් පේන්නෙ චන්දන කියල තියෙනව වගේ හැලපෙ බ්ලොගර් වල ලියන්නෙ ඕෆ් ලයින් ඉඳගෙන වෙන්න ඇති. එතකොටනං ඉතිං බ්ලොගර් කාරයට කාවවත් බේරගන්න ඉඩක් හම්බවෙන්නෙ නෑ.

    පෝස්ට් එක නැති උනාට මොකද ඔය තියෙන්නෙ රස කතා ගොඩක්. ඔය ගෝනි නූල් වලින් ඔතන එක තාම සම්පූර්ණයෙන් නැතිවෙලා නෑ. අපේ කඩේ තාමත් ඔතන්නෙ කඩදාසි ගොට්ටෙ ගෝනි නූලෙන් තමයි. නමුත් පුරුදු නැති කෙනෙකුට ගොට්ට ගහල නූලෙන් බැඳල අතිංම නූල කඩල ගැටගහන්න බෑ ගොට්ට ඇතුලෙ තියෙන ටික හලාගන්නෙ නැතුව.
    දැං හැමෝම ලේසියට ග්‍රොසරි බෑග් වල දාල දුන්නට ඒකෙන් වෙන පරිසර හානිය ගැන හිතන්නෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ ප්‍රසන්න මට ඕෆ්ලයින් ඉඳන් ලියන්න කිසිම උවමනාවක් නෑ,මට බයිට්වල ප්‍රශ්නයක් මතුවෙන්නෙ නෑනෙ.
      ගෝනි නූල් පත්තර කඩදාසි සිමෙන්ති බෑග් යුගය ශීග්‍රයෙන් නිමාවෙමින් පවතිනවනේ.දැන් බලන්න ගෝනියක් හොයාගන්න තියෙනවද තියෙන්නෙම පොලිසැක් බෑග්නෙ.ඉස්සර අපි බිත්තර වී පැළ කලේ ගෝනියක දාල රැයක් ලිඳේ බස්සල තියලයි.දැන් එහෙම කරන්න ගෝනි හොයන්න නෑ,වී ටික හබරළ කොළ උඩ තියල බර තියනව.

      Delete
    2. දැං බඩු ඔතන ගෝනි නූල් පන්දු විදියට එනව. මම හිතන්නෙ රටිං ගෙන්නන එකක්.

      Delete
  21. / ආඳා මාළු කන්න මුස්ලිම් උදවිය බොහොම මනාපයි කියනවනෙ,ඒ ගොල්ල ආඳා මාළු කන්නෙ ඉරටෙන්ලු ඒ කියන්නෙ ඇඟිලිවල ගෑවෙන ටිකත් අහක යයි කියල, /

    ආඳා මාලු ඉරටෙන් කන කතාව ඇවිල්ල තියෙන්නෙ මම දන්න විදිහටනම් මෙහෙමයි. ඕක යෙදෙන්නෙ මොකක් හරි එච්චර හොඳ නැහැ කියල මිනිස්සු අතර පිළිගැනෙන වැඩක් හීන් නූලෙන් ජාම් බේරගෙන කරනව කියන අදහසෙං කියලයි මම හිතන්නෙ. ඒක කියන්නෙ මෙහෙමනෙ " ආඳා මාළු කතත් ඉරට්ටෙන් කන්න ඕනලු " එතකොට මචං කිව්වැකිනෙ ප්‍රශ්නයක් අවොත් අනේ මම නං ආඳ මාලු අතින්වත් අල්ලල නෑ කියල

    / මම මෙහෙම කතාවකුත් අහළ තියෙනව ඇත්තද බොරුද නං කියන්න දන්නෙ නෑ...මුස්ලිම් අය ආඳා අරං පිටි ගොඩක් උඩ දාල තැවරුණ පිටි ටික සූරල සන්නවලු,අර ආයෙම පිටිගොඩට දානවලු ඔය විදියට ආඳාගෙ සෙවල ඔක්කොම ඉවරවෙනතුරු පිටිවලට අරං ඒ පිටිවලින් රොටී හදල ආඳ මාළුත් එක්ක කනවලු…/

    මමත් ඔය කතාව අහල තියනව. ඒත් ඇත්තද බොරුද කියල කවදාවත් දැනගන්ට බැරිඋනා. මම ඔය කැලේ මැද්දෑවෙ හිටපු කාලෙ අපේ කෑම්ප් එක කිට්ටුවම තිබ්බ පාරම්පරික මුස්ලිම් ගම්මානයක්. එහෙ කොල්ලො හිටිය අපේ චෙක් රෝලෙ. හඳ බාගෙට තියන දාට එවුං යනව ආඳෝ හැත් ගහන්ට ඒ කිට්ටුව තිබ්බ වැවකට. යං මහත්තය කිව්වම මාත් ඔහෙ යනව ඔලුවට සුම්බරයක් එහෙම ඔතාගෙන. ඒත් ඔය ආඳගෙ සෙවල වලින් රොටි හදන කේස් එක එවුං දන්නෙත් නෑ.

    උඹට වෙච්චි අකරතැබ්බෙ ගැන කියනවනං මචං මට නම් කවදාවත් ඔහොම එකක් වෙන එකක් නෑ. මම බොහොම පරංගිය කෝට්ටෙ ගිය මෙතඩ් එහෙකින් තමයි ලියන්නෙ. හෙහ්, හෙහ්,

    ඉස්සෙල්ලම යුනිකෝඩ් වලින් ටයිප් කරල කොපි ඇන්ඩ් පේස්ට් කරනව එක්සෙල් එකකට. ඒකෙ මම මෙතෙක් ලියපු ඔක්කොම තියනව අඩුවක් නැතුව. ඊට පස්සෙ අන්තිමට වර්ඩ් එකකට ආයෙම ට්‍රාන්ස්ෆර් කරල ඒකෙන් තමයි බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකට පේස්ට් කරන්නෙ...ඔලුව නරක් වෙනව නේද? ඒත් මචං ඒ මට පුරුදු වෙලා තියන විදිහ. අපි ඉතිං පරණ උදවියනෙ. උඹල වගෙ මේ ඊයෙ පෙරෙයිද එවුං නෙවෙයි නෙව..:)

    ReplyDelete
    Replies
    1. ඉරටෙන් කන කතාව අපි පාවිච්චි කරන්නෙ වෙන අර්ථයකින්. පට්ට කුණු ලෝබ මිනිස්සු හඳුන්වන්නෙ "ඕකා ඉට්ටෙන් කන එකෙක්" කියල. ඒක තවත් දියුණු වුනාම කියන්නෙ "ඌ ඉට්ටෙත් උල් කරල කන එකෙක්" කියලයි :D

      Delete
    2. ඉරට්ටෙන් කනවා මචං,ඒ කතාව පස්සෙ කාලෙක උපහැරනෙකට අරං තියෙන්නෙ.
      අර සෙන්න කිව්ව වගේ මොන උලව්වකටද බං එක්සෙල් එකේ දාගන්නෙ,කියවන උන්ව ගණන් හදාගන්නද හරියට ඔලුව වටේ ඇත දාල නහය අල්ලනවා වගේ රවුමේ යන්නෙ මොනවටද බ්ලොගර් එකේ හරි යුනිකෝඩ් එකේ හරි ගහනව මිසක.
      මට දැනුයි තේරුනේ උඹ පෝස්ට් ලියන්න මෙච්චර කල් ගන්නෙ ඇයි කියල.පරණ ඉස්කෝලෙ කියල ඔහොම හොල්මං වැඩ කරන සිරිතකුත් තියනවය බං

      Delete
    3. Shit a brick and (beep) me with it!
      Excel?
      What the fffffffffffffff(beeeeeeeeeeeeeeeeeeeeeeep)!!!!!!!

      Delete
    4. සෙන්නා,

      ඉතිං මොකෝ ****** ????...... එක්සෙල් තමා. ..ඉතිං මොකෝ උඹ කියන්නෙ?..... :) :)

      අඩෝ මම මුලිම්ම කම්පියුටරේ ඉගෙන ගත්තෙ එක්සෙල්. ඒ අපේ රස්සාවට අත්‍යාවශ්‍ය නිසා. ඉතිං මට අදටත් මුල මතකයි. හයිද? අපි එහෙමයි..අන්න ඒක දැනගං...හෙහ්,හෙහ්,

      Delete
    5. Helapa,

      / අර සෙන්න කිව්ව වගේ මොන උලව්වකටද බං එක්සෙල් එකේ දාගන්නෙ, /

      තොට දෙපාරක්ම කෙල වෙච්ච කෙලවිල්ල මට නොවෙන්ඩයි මම එහෙම කරන්නෙ...වෙන උලව්වකට නෙවෙයි..:) :)

      නෑ මචං පරණ ලියාපු පෝස්ට් සහ කමෙන්ට්ස් එක ෆයිල් එහෙක තියනකොට වෙරි ඊසි ෆෝ රෙෆරන්ස් පර්පසස්. එහෙම නැතුව බෑ. තොපි වගෙ එවුං ආස්සරේ කරනකොට...හිටපු ගමං මඤ්ඤමක් කෙලියම පල යන්ට *****, තෝ අහවල් දවසෙ මෙහෙම කිව්වයි කියල සාධක සහිතව උපුටා දක්වන්ට තියෙන්ට ඕමනයි. :) :)

      Delete
    6. Henry,

      I too love her , I mean Deborah…. :) :)

      " A baby? a motherf**king rolly-poly, chubby cheeked s**t machine? Are you kidding me?"

      Delete
    7. @රවියා,

      // ඉස්සෙල්ලම යුනිකෝඩ් වලින් ටයිප් කරල කොපි ඇන්ඩ් පේස්ට් කරනව එක්සෙල් එකකට. ඒකෙ මම මෙතෙක් ලියපු ඔක්කොම තියනව අඩුවක් නැතුව. ඊට පස්සෙ අන්තිමට වර්ඩ් එකකට ආයෙම ට්‍රාන්ස්ෆර් කරල ඒකෙන් තමයි බ්ලොගර් ඩෑෂ් බෝඩ් එකට පේස්ට් කරන්නෙ //

      උඹ බත් කන්නෙත් එහෙමද බං.!? මුලින්ම හැළි-වළං වලින් බෙදාගන්නවා මැටි කෝප්පෙකට (මඩක්කුවකට).. ඊට පස්සෙ මැටි කෝප්පෙ තියෙන ටික පරිස්සමින් හලනවා නෑඹිලියකට.. නෑඹිලියෙන් අන්තිමට දාගන්නවා පිඟානකට..

      ඇයි බොල යුනිකෝඩ්වලින් එකපාරම නෝට්පෑඩ් එකේ ටයිප් කරලා ඒක සේව් කරලා තියාගන්කො.. උඹට රෙෆරන්ස් ඕනම නං එක්සෙල් ෆයිල් එකක, ටයිට්ල් එකයි දිනයයි දාලා ලැයිස්තුවක් හදාගනිං.. :-D

      Delete
    8. තරහ ගන්න කාරි නෑ බං රවී අයියේ. හරි උඹ කියන එක මට වැටහුනා. ක්‍රමේ හරි හැබැයි පොඩි පරහක් තියනවා. ඕක හරියටම කරන්න ඕනා මෙහෙමයි..

      ඉස්සෙල්ලම යුනිකෝඩ් වලින් ටයිප් කරලා කොපි පේස්ට් කරනවා එක්සෙල් එකකට.
      ඊට පස්සේ ඒක ඉම්පෝට් කරනවා ඇක්සස් ඩේටා බේස් එකකට.
      ඒකෙන් රිපෝට් එකක් හැටියට PDF එකක් ජෙනරේට් කරලා ඒකේ ප්‍රින්ට් අවුට් එකක් ගන්නවා.
      ඊට පස්සේ ඒක බලාගෙන ආයේ ටයිප් කරනවා වර්ඩ් එකක
      ඊට පස්සේ ඒක කොපි පේස්ට් කරනවා පේන්ට් එකට.
      ආන්න එතනින් JPG ෆයිල් එකකට සේව් කරලා ඒක පික්චර් එකක් හැටියට අප්ලෝඩ් කරනවා බ්ලොග් පෝස්ට් එකට..

      කොහොමද.. එලකිරි නේද... ආයේ මොනා මැකුනත් ඇක්සස් එකයි ප්‍රින්ට් අවුට් එකයි ඉතුරුයි..

      හදිස්සියක් නෑ බිල හීමිට ගෙවහන් ඉන්වොඉස් එක ආපුවම.. හෙහ් හෙහ්... :D

      Delete
    9. සෙන්නා,

      පිස්සුද බං? අහවල් තරහක්ද? හෙහ්,හෙහ්......

      / කොහොමද.. එලකිරි නේද... ආයේ මොනා මැකුනත් ඇක්සස් එකයි ප්‍රින්ට් අවුට් එකයි ඉතුරුයි.. /

      වැඩේ නං පංකාදු පහයි පොඩිනම් ඒත්...කියල ලොකු හාන්දුරුවො කීව්වැහෙ කොලුවො උඹේ උපදෙස් නම් මල් හතයි ඒත් සුට්ටි අඩුපාඩුවක් තියේ. ප්‍රින්ට් අවුට් එක හදිස්සියෙ තෙමුණා??? කෙලිය නේද? අන්න ඒ නිසා මල්ලි ප්‍රින්ට් අවුට් එක ලැමිනේට් කරල ෆ්‍රේම් කරල බිත්තියෙ එල්ලන්ට ඕන. එතකොටයි වැඩේ සර්ව සම්පූර්ණ...හෙහ්,හෙහ්

      Delete
    10. සෙන්නා,
      රවියට ඉන්ටනෙට් ඇන්ඩ් බයිට්වල කිසිම ප්‍රශ්නයක් නෑ සෙන්න පැය 24ම ඔන්ලයින් හිටියත් එකම ගණන,ඒ කියන්නෙ ෆික්ස් රේට් එකක්.

      Delete
    11. බූරා,

      / ඇයි බොල යුනිකෝඩ්වලින් එකපාරම නෝට්පෑඩ් එකේ ටයිප් කරලා ඒක සේව් කරලා තියාගන්කො.. /

      ඒක හරියන්නෙ නෑ බං..මම ඔය සීයට අනු නමයක් ලියන්නෙ අඩු ගානෙ සකෘදාගාමී තත්වයටවත් පත්වෙලයි. එතකොට වැරදිලාවත් ඇඟිල්ලක් එහෙ මෙහෙ උනාම නෝට් පෑඩ් එකේ තියන සබ්බ සකලමනාවම බහ් ගාල අන්තර්දාන වෙනව. මට එහෙම වෙලා තියනව. ඒ නිසා බං පුරුදු විදිහට යුනිකෝඩ් ටු එක්සෙල් ටු වර්ඩ් ටු ඩෑෂ් බෝර්ඩ් ක්‍රමේම හොඳා. අපි ඉතිං තව කී දොහද බං? ඒ සුට්ටට ආය අලුත් කෙරේම ඕනැන්නෙ නෑ...:)

      Delete
    12. @RAVI: She says it when she gets to know that Dexter is going to be a father after all. Did you watch the whole series? I did. All the seasons.

      Delete
    13. @ සෙන්නා &රවී......අඩෝ මට පිස්සු හැදුනා මේක කියවලා. මම හිතුවා මේක හරි සීරියස් කියන්නේ කියලා. නොදකින්.....

      //ලැමිනේට් කරනවා//......පිස්සු ජම්ප්වෙන කතාව බන්

      Delete
  22. කොම්පීටරෙන් වැඩ කරද්දී බැක්අප් එකක් තියාගන්න කියල හැමදාම දැනුමුතුකම් හම්බුනත් නොකරන වැඩෙත් ඕක, හැමදාම මොකක් හරි නැති කරගෙන පිස්සු වැටිලා හොයනවා,
    මොනව උනත් අර කඩේ මුදලාලි ගොට්ටට සීනි 500 කිරල උඩ තියෙන නුලෙන් ගැටගහන එක නං මාරයි තමයි... කට ඇරගෙන බලන්

    ReplyDelete
    Replies
    1. බැක්අප් තියාගන්න කොච්චර හිතං හිටියත් අමතකවෙනවනේ,ඒ කාලෙ මුදලාලිව අපට පෙනුනෙ වීරයෙක් වගේ නේද.

      Delete
  23. මටත් මතක් වුනේ 1994 වගේ කාලේ

    ReplyDelete
    Replies
    1. ඒ ඉතාම මෑත කාලෙනෙ කෝරළේ මහත්තයො.

      Delete
    2. මෑත කාලේ?????? ඔව් හැලපයියට..

      අවාසනාවට මට මතක ඒ කාලේ තමයි පරණයි කියන්න

      Delete
  24. කතා කිහිපයක් එකට ඈඳලා ලිව්වත් රසයේනම් අඩුවක් නැහැ.ගොට්ටට කිරලා ගෝනි නූලෙන් ගැටගහන සංස්කෘතිය සමහර ගම් වල තවම තියනවා.//කෙනෙතුට එක ගඟක්
    දැකිය නොහැකිය දෙවරක්//.....ගඟක කතාවක් ගිය දුරක්.............

    ReplyDelete
    Replies
    1. එක කතාවක් පටන් ගත්තම එකෙන් තව කතාවකට මග විවර වෙනව ඒකයි.ඔබ වනකතා කියන පොත කියවල නැතුව ඇති.

      Delete
  25. කොහොමද මේ ලියපු දේවල් වාෂ්ප වෙන්නේ? අනික මේක දෙපාරක් වෙන්නේ කොහොමද?

    මං නං කතන්දර ලියන්නේ මුලින්ම මයික්‍රෝසොෆ්ට් වර්ඩ්වල. ඒක ඔටෝ සේව් වෙනවානේ.

    මට පේන හැටියට හැලපේ කෙලින්ම බ්ලොගර් එඩිටර් එකේ ලියනවා වගේ? මොනවා වුනත් විනාඩි දෙකෙන් දෙකට සේව් කළ නම් විනාශය අවම කරගන්න පුළුවනි?

    ReplyDelete
    Replies
    1. ඔව් කකා මම කෙලින්ම බ්ලොගර් එකේ ගහන්නෙ.ඔටෝ සේව් වෙනවනං තමා නමුත් එදා මගේ අතින් මොකක් හරි නොවිය යුත්තක් සිද්දවුනා.
      කලින් සැරේ දාපු පෝස්ට් එකක් ඩිලීට් වුනේ.

      Delete
  26. එහෙම වෙන්නෙ කොහොම ද? Draft යටතෙ තියෙන්න ඕනෙ නේ??

    ReplyDelete
    Replies
    1. draft එක තමයි දිලිනි ඩිලීට් වුනේ.

      Delete
  27. මුල් කතාව නැති වුන එක ගැන ගොඩක් අය උපදෙස් දීලා තියනවා නේ, කොහොමහරි, ඒක රිකවර් කරගන්න බැරි නම්, ආයේ කොටස් වශයෙන් හරි ලියන්න හැලප තුමා.
    පොස්ට් එක නැති උන එක ගැන තරහෙන්, සංසාරේ එපා වෙලා ලිවුවට, මේ පොස්ට් එකත් අපූරුයි. අර මුරුංගා විකුනපු ළමයා ගැන මට හරිම දුක හිතුන.
    කඩෙන් ගන්න දේවල් පත්තර කොලේකින් ඔතල, ගෝනි නූලකින් බැඳලා දෙන කඩවල් මම පුංචි කාලෙත් තිබුණ. ඔය කියුව වගේම, ඒක ඔතන හැටි බලන් ඉන්න මමත් හරිම ආසයි. ඇත්තටම ඒ දේවල් කොයි තරම් නම් පරිසර හිතකාමී ද.

    ReplyDelete
    Replies
    1. කොහොමත් කතාව නැවත ලියැවෙයි මානවී,මුරුංගා විකුනපු ළමය මගේ හිතේ මෙච්චර කල් හිටියා ඒ තදින් හිතට වැදුණු නිසා නේද.
      කඩදාසි ගොටු හදල බඩු ඔතල දෙන මුදලාලි එදා පොඩි අපට වීරයෙක් වුනා නේද.

      Delete
  28. මම මේක කියවන්න ආයෙත් ආවා.
    ආයේ ආයේ එන්න බැරි නිසා කපලා අරන් යනවා.

    මට දිවුලගේ මාල ගිරවියේ සින්දුව මතක් වෙනවා.
    ඇයි නරි බෑනා නාට්ටිය.
    “ඔය ගම ඔච්චරම ලස්සනද?“
    ඉස්සර ඔය ලස්සන කියලා තමා හැලපිව රවට්ටන් එන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. කතාව ඔපමණ රස විඳීම ගැන ගොඩක් සතුටුයි.නමුත් ආයෙ ආයෙ කොච්චර ආවත් කිසි වරදක් නෑ එන්න එන්න මම සතුටුයි.
      අපේ ගම මට නං හරිම ලස්සනයි මල්මි,මං එක රටක ඉද්දි යාලුවෙකුට ලියපු ලියුමක තිබ්බ දෙයක් මට මෙවෙලේ මතක් වෙනව.
      "මාළිගාවල සැප පහසු ආසනවල ඉඳගෙන හිටියත් උපන් ගමේ පොල්ගහක් යට ඉඳගෙන ඉන්නව තරං සැපක් නෑ"
      හැලපිගේ ගමත් පුදුම ලස්සන ගමක් මල්මි,වටේ කඳුත් එක්ක පිස්සු හැදෙනවා,හැලපිලගේ වත්ත පහළ තියෙන කළුගල් තලාව උඩ තියෙන විශාල ගහ මුල ඉඳගෙන එතනින් සිලි සිලි හඬ නගාගෙන ගලන දොළ පාරට කකුල් දෙක දාගෙන ඉන්න මම හරිම ආසයි.

      Delete
  29. ආඳා මාලුවව අල්ලන්න/මරන්න අමාරුයි නේද බං..ගොඩත් පුරුදු මාලුවෙක්නෙ.එක පාරක් කාල තියෙනව ඉස්සරම. ඌට ගල් වලින් තලල ..කීප සැරයක්..දැක්කම අපිලයි.

    ReplyDelete
    Replies
    1. අල්ලන්න අමාරුයි,හරියට සර්පයෙක් වාගෙනෙ හැබැයි මාළුව රසයි වීයො.

      Delete
  30. මමනම් හැලපේ හිතට එන එන එක ඉස්සෙල්ලාම ගූග්ල් ඩොක් එකක ලියලා දානවා. එතකොට මුළුමනින්ම නැති වෙන්ට තියෙන ඉඩ අඩුයි. අනික මම බාගෙට ලියපු එකක් සේව් උන් නැත්නම් මම හිතන්නේ ඒ ලියවිච්ච විදිහ හරි නෑ කියලා. කොහොම උනත් දවසක් මහන්සි වෙලා ෆොටෝ හොයලා උඹ වෙච්ච මහන්සිය වතුරේ ගියා කියලා මම හිතන් නෑ . ඒ සියුම් වේදනාවත් එක්ක උඹ ඔය ලියලා තියෙන්නේ එළටම .
    තව එකක් මතක් උනා ඉස්සර සිමෙන්ති කොට්ටෙක කවර පහක් තියෙනවා. ඇතුලෙම එකයි පිටම එකයි අත ඇරලා තමයි අර කඩේ බෑග් හදන්න ගන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං මොනා කරන්නද කියල හිත හදාගත්ත.ස්තූතියි තිලකෙ,දැන් නං සිමෙන්ති කවරයක් දැකපු කාලයක් මතක නෑ.

      Delete
  31. kathawe nam aduwak nathiwa rasai halape aiye.....halape aiya ithin kohoma liwwath rasa thami.ela

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තාරක,මම ඔයාලගෙ පැත්තෙ ගිය කතාවත් ලියන්නයි ඉන්නෙ.

      Delete
  32. ආදා මාලුවලට තම්බි කැමැති නිසා වෙන්න ඇති නයෙක්ව අල්ලන්නත් ගිහින් ශිංහල මුනියට බදින්නයි උයන්නයි හොඳා අපිට තමා මේ පූෂ් පූෂ් කියලා කිව්වෙත් :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එහෙම කතාවකුත් තියෙනව නොවැ තුසිත.

      Delete
  33. බ්ලොගර් වල කෙලින්ම උනාම ඔය මගුල වෙනවා බං. මටත් කීප වතාවක් උනා. ඊට පස්සේ මම කරන්නේ සේව් කරල හෙඩිම දාල මගදි ක්ලෝස් කරල ආයි එන එක තමා. එහෙම බැරි නං මම විටින් විට රයිට් ක්ලික් කරල කොපි කරල තියාගන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔටෝ සේව් වෙනව බං,ඒත් මෙතැනදී මොකක් හරි අමුතු යමක් සිද්ද වුනා.ආයෙම එහෙමවත් කරලා බලන්න ඕනෑ.

      Delete
  34. අර අදා මාළු කතාව කියෙව්වාම මට මතක් වුණෙ මං පොර හිදුණු වැව් වල මාළු අල්ලන්න ගිය එකක් අදා මාළුවෙක්ට පිහියෙන් කොටලා අල්ලා ගත්තා ,කොරලි එහෙම ගහලා තමා ඒ සැරේ අල්ලා ගත්තෙ ...හැබැයි දැන් සැහෙන කාලයක් මස් මාළු කන්නෙ නෑ ,

    හැලපේ රැට ගිහින් ඉස්සො අල්ලලා තියෙනවා ද ගඟ වල් වල ?උන් ඇස් රතු පාටට පෙනවා ,එදා ඉදන් අයේ ඔය වගේ වැඩ කරේ නෑ මං පොර නම්

    ReplyDelete
    Replies
    1. වැව් වල මතක හැටියට තියෙන්නෙ මැදවච්චියෙ වැවක මාළු අල්ලපු හැටි.පානදුරා ගඟේ ඉස්සෝ අල්ලන්නත් ගිහිල්ල තියෙනව හැබැයි අපිට ඇතිවෙන්න ඉස්සෝ අල්ලගන්න ලැබුනෙ නෑ,පස්සෙ ඉස්සෝ අල්ලන මාලුකාරයන්ගෙන් සල්ලි දීල ඉස්සො ගත්ත.

      Delete
  35. ඔය ගෝනි නූල් කියන්නේ සනෙල් ලණු නේද? සනෙල් ලණු ඉස්සර කඩෙන් බඩු ගේද්දි ඕනෙ තරම්. මේ ඊයෙ පෙරේද අපේ දෝනිගේ මොන්ටිසෝරි එකේ අත්වැඩ වලට සනෙල් ලණූ මීටර 5ක් ගේන්න කියලා තිබ්බා. කඩ ගානක ඇවිදලා හොයා ගත්තේ..

    ReplyDelete
    Replies
    1. සනෙල් ලණු කියන වචනෙ ඇහුවමයි,දැන් ඔය ලණු පාවිච්චියක් නැහැනෙ.ඕනෑ කරනවෙලාවට ගෝනියක් ලෙහෙල හොයාගන්න වෙනවා.

      Delete
  36. ඇත්තටම ඒ අතීතය කොච්චර සුන්දර ද? අන්තර්ජාලයේ තියෙනවා ඉස්සර ලංකාවේ ඡායාරූප. ඔය කොළඹ පැත්තෙ පිංතූර දැක්කම හදහගන්නත් බෑ. ගොන් කරත්ත, රික්ෂො කාරයෝ. අපි ඉස්කෝලෙ යන කාලෙත් මට මතකයි බම්බලපිටිය පැත්තේ රික්ෂොකාරයෙක් හිටියා. එතකොට රෙදි හැට්ට අඳින ගෑනු, පොඩි පාරවල් සිංහල උළු වහලවල් ඇති පැරණි පන්නෙ ගෙවල්. ආපහු ඒ කාලෙට යන්නට ඇත්නම් කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් සමහර වෙලාවට අතීතයේ පිංතූර අතර අතරමං වෙනවා,ඒ වෙලාවට හරිම ආසයි නැවත නොඑන අතීතයක් නේද කියල නිතරම හිතෙනවා.

      Delete
  37. හැලපයියා,එක ගියදෙන් මේ තියෙන්න සුපිරි එකක්.හැබැයි මමත් ලියන්නේ අර චන්දන කියලා තියෙනවා වගේ ඔන්ලයින් ඉදගෙන.මේ දක්වා අවුලක් වෙලා නැහැ.ඔටෝ සේව් වෙනවත් එක්කනේ.කමක් නැහැ වැරදි,වැරදි තමයි හදා ගන්න වෙන්නේ.අර අතීතය නම් ඇත්තෙන්ම සුන්දරයි.එත් අපිටත් ඒ අතීතය වැඩිය අත්දකින්න ලබුනෙ නැහැ.ඒ තරම් ඉක්මනින් තමයි හැමදේම වෙනස් වෙලා තියෙන්නේ.දැන් හැමතැනම තියෙන්නේ කෘතීම දේ.

    ReplyDelete
    Replies
    1. මමත් ලියන්නේ ඔන්ලයින් නං තමා කමක් නෑ කිව්වත් වගේ මීට පස්සෙ පරිස්සං උනාම හරිනෙ.
      දැන් තියෙන්නෙ නං ස්වාභාවිකත්වයෙන් දුරස් වුනු කෘත්‍රිම පොලිතින් ලෝකයක් මනෝජ්.

      Delete
  38. මාත් පුංචි කාලෙ වහින වෙලාවට ජනේලෙන් එලිය දිහා බලාගෙන ඔය වතුර ගැන හිතලා තියෙනවා... වතුර බිංදු දෙකක් එකම තැනකට වැටෙන්නෙ ඒවා එකම තැනකින් බිමට වැටෙන ඒවද, එහෙම නැත්නම් හුළඟට එහෙම උනාද, මේ ගලන වැහි වතුර ගලාගෙන ගිහින් කොහාට වැටේවිද වගේ අනම් මනම්... මට වැස්ස දිහා බලාගෙන සෑහෙන කාලයක් හිටියැකි ඔහොම බහුබූත හිත හිතා...
    මඩ කනයි කියල කියන්නෙ මඩකරි කියන ජාතියටමද (මඩේ නටල ආපු සමහර වෙලාවට අම්මලත් අපිට කිව්ව මඩ කරි වගේ කියලා...)
    ඒ කාලෙ මාළු දැම්මා නේද පොල් කොළ ගොතලා හදපු කූඩ වලත්...
    අපිත් පුංචි කාලෙ ගෙදරට ගේන පත්තර එකතු කරලා රාත්තල් ගානට කඩවලට විකුණලා තියෙනවා ඔය ගොටු හදන වැඩේට... ඒ ගොටු බඳින හැටි ඒ දවස්වල මාත් බලන් හිටියා කට ඇරගෙන... කොච්චර බැලුවත් තේරුනේ නෑ හරියටම ගැටේ ගහන විදිය...

    ReplyDelete
    Replies
    1. තෙමෙන්නෙ නැති තැනකට වෙලා වැස්ස දිහාව බලං ඉන්න එක හරිම ආස්වාදජනක දෙයක් මියුරු.
      මඩකරී කියන්නෙත් මඩකනයින්ටම තමයි.
      මාළු දැම්මෙ පොල් කොළ පිරිවැහි වල,මාළු කිව්වට ඇත්තටම ජාඩි.මෝරපු පොල්කොළ පිරිවැස්සෙ ජාඩි අහුරනකොට ගොක් කොළ පිරිවැස්සෙ මුදවපු මීකිරි දැම්මා.
      ඔය පිරිවැහි දෙක මාරුවෙලා සිද්ද වෙච්ච අකරතැබ්බයක් මාටින් වික්‍රමසිංහයන්ගෙ උපන්දා සිට පොතේ තියෙනව.මම හිතන්නෙ මියුරු ඒ පොත් කියවල ඇති.

      Delete
  39. හපොයි.... හොඳටම හිත රිදිලා තියෙන පාටයි.. නැත්නම් හැලපේ ඔහොම ඔළුව කරක කරක හිතන දේවල් ගැන ලියන්නේ නෑ කියලා මට හොඳටම විශ්වාසයි.. :)
    මටත් නම් අර ගෝනි ලණු ( සනෙල් නූල්) වලින් බඩු ඔතන එක මැජික් වගේ තමා තවම.. :)
    හිතේ අමාරුවෙන් ලිවුවට ලස්සන ලියවිල්ලක් මේක.. :)

    ReplyDelete
    Replies
    1. හිත රිදුනා කියන්නෙ හොඳටම හිත රිදුණා,වෙලාවකට බ්ලොගර් එක දිහාවෙ එන්නවත් හිතුනෙ නෑ,මෑතකදි ඊට වැඩිය හිත රිදුනෙ එකම එක අවස්ථාවකදීයි.
      වර්ණනාවට බොහොම ස්තූතියි.

      Delete
  40. අයියෝ හැලපයියෙ..... ඔයාට නං බේතක් ගන්නම වෙනව දැං... මේ දෙවනි පාර... හි හි...

    මාත් අහන්න ගියෙ ඔටෝ සේව් වෙනව නේද කියල... නෙට් ස්ලෝ උනාම මගෙ නං පින්තූර අප්ලෝඩ් කරල එහෙම ඉවර වෙලා පබ්ලිෂ් කරලා, පබ්ලිෂ් කරපු එක ඇරෙන්න තව 20-30ක් ඩිලීට් කරන්න වෙනව.. වෙනස් කරන අකුරෙන් අකුර ඔටෝ සේව් වෙනව වෙන වෙනම...

    ඔයාට දෙන්න තියෙන බේත ඉතිං නෝට් පෑඩ් එක පාවිච්චි කරන්න කියන එක... මෙච්චර කාලෙකටම මම කවදාවත් බ්ලොගේම ටයිප් කරලා නෑ... බ්ලොගේට මොනා හරි උනත් මම ලියපු ටික වෙනම නෝට් පෑඩ් වල සේව් කරල තියනවා අඩුම ගානෙ මාසයක්වත්...

    ReplyDelete
    Replies
    1. ඒක තමයි හිරු,බේතක් ගන්නම වෙනව.
      මීට පස්සෙ නෝට් පෑඩ් එකේවත් ගහල බලමුකො.

      Delete
  41. අපේ මහ ගෙදර මෑතක් වෙනතුරු ඔය වට්ටක්කා බාගේ ශේප් එකේ වේවැල් කූඩයක් තිබුනා. ඒක කුස්සිය මුල්ලේ එල්ලලා තිබුනා කඩෙන් අරන් එන හිස් සිලි සිලි බෑග් දාන්න. බලපන් උඩ යටිකුරු වෙලා තියෙන හැටි. මට ඕක දැක්කාම අපිට වෙලා තියෙන වින්නැහිය ඔළුවට එනවා.
    හබරල කොල කපන් යන්න හතේ කණුවේ හරක් මසේ කඩෙන්, හන්දියේ මාළු ලෑල්ලෙන් කොල්ලෝ එනවා අපේ ගෙවල් පල්ලෙහාට. හණ නූල් බෝලේ,පත්තර මිටිය හොඳට මතකයි.ලොකු කඩවල්වල පත්තර ගොටු හදන්න දානේ අළුත් ගෝලයින්ව.
    උඹට වෙච්ච අකරතැබ්බය මට වුනානම් ගොඩ එන්න වෙන්නේ තව සුමානෙකට පස්සේ තමයි :D

    ReplyDelete
    Replies
    1. හිස් වේවැල් කූඩ කැඩුනම කුස්සියෙ එල්ලලා තියෙන්නෙ හිස් බෑග් කඩදහි කොළ වගේ දේවල් දාල තියන්න.අම්මල ඔව්ව ඔක්කොම විසි කරන්නෙ නැතුව එකතු කරනව.අම්ම අපිත් එක්ක ඉන්දියාවේ හිටිය දවස්වල බොන්න ගේන අමුල් කිරි හිස් පැකට් ඔක්කොම එකතු කරල තියල තිබුන මොන එකකටද මන්ද,අම්ම ගියාම මම ඒ ටික විසි කරලා දැම්ම,ඔය වගේ බොන්න ගේන ෆ්රුට් ජුස් ලස්සන හිස් බෝතල් එකතු කරලා තිබ්බා වැඩක් නෑනෙ මම එව්වත් විසිකරල දැම්ම.දැන් නං දුක හිතෙනව මචං.

      Delete
    2. ඔයා විසිකරලානේ ඔක්කොම බලාගෙන යනකොට

      Delete
    3. මචං....අපේ අම්මාවත්, වයිෆ්ගේ අම්මාවත් මම ගෙවල් අස්කරන්න එනවාට හරි අකැමැතියි ඔය විසිකිරිල්ලට බයේ. හැබැයි බන් හදිසියකට හොයාගන්න බැරුව ඔය පොඩි දෙයක් ඕනවුනාම ...අන්න අතන ඇති කියලා කියනවා. එතකොට තමයි අහගන්න පුළුවන් විසිකරන එකේ රඟේ.

      Delete
    4. ඉවාන්,
      මොනව කරන්නද මල්ලි ඔය හිස් එව්ව ගෙයි පුරෝගෙන.

      Delete
  42. මගේ බ්ලොග් රෝලේ අවුලක් වගේ හලපෙගේ පොස්ට් එකයි බසිගේ එකයි දෙකම අප්ඩේට් වෙලා නෑ, අර අලකොල කතාවේදී මට මතක් වුන ඉස්සර හරක් මස් කඩේ හරක් මස් ඔතල දෙන්නේ අලකොලේ නේද ,මට යන්තම් වගේ මතකයි පොඩි කාලේ .
    ඔය හරක් මස් රසටම් හදන්නේ මුස්ලිම් මිනිස්සු තමයි ,

    ReplyDelete
    Replies
    1. මස් විතරක් නෙවෙයි මාලුකාරය මාළු දෙන්නෙත් අලකොලේ ඔතලනෙ.
      ඉවාන් අරව පානය කරන්නෙ නැති නිසා මස් කන්නෙත් නෑ කියලයි මම හිතුවේ,කනව නං ඔය ආපු වෙලාවක රසට හදල දෙන්න බැරුවයැ.

      Delete
    2. සැක හොඳ වෙලාවට මේ කොමෙන්ටුව දැම්මේ ,තව ටිකෙන් මස් කෑල්ලක් කන එකටත් කෙලවෙනවා . මම කනවා හපෙන්වනම් ඕන දෙයක්, බොන එක විතරයි නැත්තේ

      Delete
  43. "කෙනෙකුට එක ගඟක්
    දැකිය නොහැකිය දෙවරක්"

    මේක කිව්වේ හෙරක්ලීටස්. ඇරිස්ටෝටල් නොවෙයි.

    ReplyDelete
  44. ස්තූතියි නිලුක,පහුගිය දවස්වල මම බැලුව හිටියෙ නැති නිසා,රටින් පිටවත් ගියාද.

    ReplyDelete
  45. ඔය හදිසියේ පබ්ලිෂ් වෙන සීන් එකට පොඩි බේතක් දෙන්නම්..මේක මම මැලේ රාළ උන්නැහේටත් දුන්නා...වරුවෙන් නිට්ටාවට සුව වෙනවා..

    මුලින්ම ලිපිය ලියන්න පටන් ගත්ත ගමන් ඉදිරි දිනයක් දාලා schedule කර ගන්න. ඊට පස්සෙ වැරදිලා පබ්ලිෂ් වුනත් අපි ඉදිරි දිනයක් දීලා තියෙන නිසා හානියක් නෑ....ලිපිය ලියලා සියලු කටයුතු අහවර උනාම schedule කියන එකෙන් Auto කියන එකට මාරු වෙලා පබ්ලිෂ් බොත්තම ඔබනු...සියලු රෝග නිවාරණයි...

    ReplyDelete
    Replies
    1. එක මරු උපදෙස මටත් මිස්ෆයර් වෙනවා හිටපු ගමන්

      Delete
    2. උපදෙස්වලට ගොඩක් ස්තූතියි සිරෝ.

      Delete
  46. //ඔක්කොම අවසාන වෙලා බැලුවම මම කතාව හරියට ඉවර කරල තිබ්බෙ නෑ නේද කියල අවසානය හැදුව වෙලාවෙ තමයි කොපි පේස්ට් එකක් කරන්න රයිට් ක්ලික් කරද්දී එක තප්පරයකින් හතරෙන් පංගුවක් ඇතුළත මගේ ඔක්කොම මහන්සිය වතුරේ ගියෙ...//

    මේකට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බෑ. ඇත්තටම මට නං ඇඬෙන තුරු හිනා ගියා :)

    නෝට් පෑඩ් වගේ සිම්පල් ඇප්ස් වල නැති, ඔටෝ සේව් පහසුකමක්, Ms Word වල තියනවා. මතක විදිහට මේක ක්‍රියාත්මක වෙන්න නං, අපි කොටන ඩොකියුමන්ට් එකට නමක් දාලා ඉස්සෙල්ලාම එක වරක් හරි සේව කරලා තියෙන්නෙ ඕනෙ. මං එහෙම කිව්වෙ හැලපෙ මෙහෙම කිව්ව නිසා:

    //අන්ඩු බටන් එක ක්‍රියාත්මක තත්වයේ තියෙන බව පෙන්වුයේ නෑනෙ දමිත්.//

    ඊලඟ සැරේ ඉස්සෙල්ලාම එකවරක් හරි, "save to draft" ඔබලම පටන්ගන්න

    ReplyDelete
    Replies
    1. අපි ඉතිං ඔයගොල්ල වගේ අයි ටී විශේෂඥයො නෙවිනෙ බස්සෝ, අපි පරණ ඉස්කෝලෙ අය.අපිට ඔය වගේ මෝඩ වැරද්දක් වුනාම දන්න අයට හිනා යන එක පුදුමයක් නොවෙයි.
      උපදෙස්වලට ගොඩක් ස්තූතියි.ආයෙම වරදින්නෙ නැතිවෙන්න කරන්න බලන්නංකො.

      Delete
    2. අනේ නෑ, හිනාගියේ නොදන්නව කියල හිතල නෙමෙයි, ඒක ලියල තියෙන විදිහට :)
      .දැණුම කියන එක සාපේක්ෂයි නෙව, හැලපෙ. ගුරුන්ටත් අකුරු වරදින, වලිග පිටින් අලි මැරෙනෙ රටේ ඕක මොකකද?

      Delete
  47. කොටින්ම කියනවනම් හොද හෝටලේකින් කෑම වේලක් කෑව වගේ..කතා ගොඩක් කියල තියෙනව.ඔක්කොම අස්සෙන් පේන අතීත කතා වස්තු ටිකට තමයි මමනම් කැමති හැලප අයියේ..ඒ කතා ටික වෙන වෙනම පෝස්ට් වලින් දැම්මත් අවුලක් නැහැ මොකද ඒ තරමටම ටේස්ට් අෆ්ෆා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමේෂ්,කෑම රස වුනාට රජ වීදියෙ කුක් අන්කල්ල උයන කෑම තරම්ම රස නැතුව ඇති නේද.

      Delete
  48. කොච්චර කිව්වත් තමන් ලියන්න පුරුදුවෙලා ඉන්න ක්‍රමේ වෙනස් කරන එක ලේසි නෑ මම හිතන්නේ...

    මම පුරුදුවෙලා ඉන්නේ මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලියන්න... මයික්‍රොසොෆ්ට් වර්ඩ් වල වැඩ කරනවා වගේ හැගීමක් තමයි එන්නේ...ලියලා ඉවරවෙලා එතනින්ම පබ්ලිශ් කරන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. අමතක වුනා... හම් සෙරෙප්පු වල අඩියට පින්න කොල තියන කතාව තේරුණේ නෑ... මම හිතාගෙන හිටිය විදිය තමයි කඬාඩුව කියන්නේ ඇලෙන් වෙලට වතුර ගන්න තැන... වක්කඩ කියන්නේ වෙලේ උඩ ලියැද්දෙන් යට ලියැද්දට වතුර ගන්න තැන... කඬාඩුව කඩාගෙන ගියාම ලොකු හානියක් වෙනවා... ඒක හදන්නත් ලේසි නෑ... මහ නියර කඩාගෙන තමයි කඬාඩුව යන්නේ...ඒත් වක්කඩ කඩාගෙන ගියාට ලොකු හානියක් වෙන්නේ නෑ... මේ මම හිතාගෙන හිටිය විදිය...

      Delete
    2. සොෆ්ට්වෙයාර් එකට ස්තූතියි බීටලේ,හම් සේරෙප්පුවල අඩියට කොළ තියන්නෙ මොකද කියල මමත් දන්නෙ නෑ,සමහරවිට කකුලට පහසුවක් දැනෙන්න වෙන්නත් පුළුවනි එහෙම නැත්නං සෙරෙප්පු අඩිය අබලන් හින්දත් වෙන්න පුළුවනි.දැන් වගේ කාලෙක නං අහන්න තිබ්බ ඒ කාලෙ අපිට ඔව්ව් එච්චර තේරුමක් නෑනෙ,ඒ නිසා හිනාවෙලා නිකං හිටිය.ඒ විදියට බලනකොට බ්ලොගක් ලියනව කියල ඒ කාලෙ දන්නව නං මොන තරං කතා එකතු කර ගන්න තිබුණද.
      වක්කඩ සහ කඩාඩුව ගැන ඔබ හිතාගෙන ඉන්න විදිය හරියටම හරි.

      Delete
  49. ආඳා මාළුවා කියන්නේ මොකටද හැලපේ?
    ඔය සිමෙන්ති බෑග් තියෙනවා නේද? මේ වෙනකොට ඕවා ප්‍රොටෙක්ටඩ්. මම බඩු ගන්න කඩවල (සුපර් මාකට් වල නෙමෙයි) දෙන්නේ ඔය හා සමාන බෑග්. එකම වෙනස සිමෙන්ති බෑග් නෙමෙයි. පරිසරයට හාණිදායක නොවන සිමෙන්ති බෑග් වගේම කොළයකින් හදලා තියෙන එක. එළවළු හෙම දාලා කාලයක් නරක් වෙන්නෙ නැතිව තියාගන්න පුළුවන්. මම සැලඩ් තියාගන්නේම එහෙම. පාන් නම් කොහෙත් දාලා දෙන්නේ ඒ බෑග් වලමයි. ඇයි ස්ලයිස් කරලා දෙන හැම් වගේ දේවල්.
    ඉස්සර මම පොඩි කාලේ උන හැදුනම කෑවේ හුලං විස්කෝතු කියලා දෙයක්. දැන් මම හිතන්නේ ඒවා නෑ. මෙන්න ඊයේ සුපර් මාකට් එකේ ඒවා තියෙනවා. ගත්තා පැකට් දෙකක්ම අද දවල්ට සැලඩ් කෑවෙත් ඒවා එක්ක. අම්මෝ රස. ( මේ අතීතකාමයත් එක්ක එන අමුතු රසයක් වෙන්නත් ඕනේ.)

    ReplyDelete
    Replies
    1. ආඳා කියන්නෙ නයෙක් වගේ දිග මිරිදිය මාලුවෙක් රංගි,කෑමට බොහොම රසයි ගුණයි වාජීකරණ ගුනයකුත් තියෙනවලු.
      පොඩි කාලෙ අපිටත් උණ ගත්තම දෙන්නෙ හුළං විස්කෝතු එව්ව හරි රසයි,දැනුත් සමහර කඩවල හුළං විස්කෝතු පැකට් තියෙනව.හැබැයි ඒ කාලෙ සැන්ටින් මුදලාලිගෙ කඩේ අර කට පුංචි බඩ ලොකු බෝතලේ තිබුණු හුළං විස්කෝතු වගේ රස නෑ.

      Delete
  50. හැම දාම කියෙව්වත් මේ පලමුවෙනු කමෙන්ටුව මම හිතන්නේ.

    එකම නදිය කියා හිතාගෙන බලන අපිත් එකම මනුස්සයා නෙමෙයි නේද.

    අර සෙන්පතියෝ දෙන්නා මතක් කල නිසා හිතුනා, අපි කරන්න හදන්නෙත් හැත්තෑ ගනන් වල තිබ්බ තුවාලෙට, අසූ ගනන් වල හදපු බේත් අද දාන්න හදන එකද කියලා

    ReplyDelete
    Replies
    1. ජේපීව මගේ බ්ලොගේට ආදරයෙන් පිළිගන්නවා.
      හැබෑටම එකත් ඇත්ත බලපුවම අද ඉන්න මනුස්සය නොවෙයිනෙ හෙට.
      අසූ ගණන්වල හදපු බේත දාන්නත් අඩි මදි කරනව නොවැ ඉතිං තුවාල කොහොම සනීප වෙන්නද.

      Delete

ඔබේ අදහස්