Sunday, February 16, 2014

116.මහතුන්ගේ ආපසු පැමිණීම.





අපේ හිතවත් මිත්‍රයෙක් වුනු මහතුන්ගෙ මරණෙ මට දැනගන්නට ලැබුනෙ ලංකාවට ගිය වෙලාවෙදියි...ඔහුගෙ සියදිවි නසා ගැනීම මගේ හිතේ දැඩි කම්පනයක් සේම විමතියක්ද ඇතිකරන්නට සමත්වුනා...මිත්‍රයා නැතිවුණු ශෝකය මා නිහඬවම විඳ දරා ගත්තෙ ඉඩ ලැබුණු මොහොතක විස්තරය සොයා ගන්නම් කියල හිතේ තියාගෙනයි...

රාජලගේ ගෙදරට පහළ පොඩි ගේක ජීවත්වුණු මහතුන් දරු දෙන්නෙකුගෙ පියෙක්,හරක් ඇතිකිරීමත් ගොයිතැන් බත් කිරීමත් ගස් කපන්නට අත් උදව් දීමත් මහතුන්ගෙ ජීවනෝපාය වුනා..රාජයි මමයි වෙල් වැඩ කරද්දි මහතුන් නොවැරදීම උදව්වට එනව විතරක් නෙවෙයි වැඩේ ඉවරවෙන කල්ම මහන්සිවෙලා වැඩ කරනවා, ගොවිතැන් කරද්දීත් මහතුන් අපට නොයෙක් උපදෙස් දෙනව...

මේ සැරේ කොහොමද ගොයං වැඩකරන්න ඉන්නෙ...

වැඩටික කුලියට දෙන්න තමයි හිතා ඉන්නෙ...

ඕනැ නෑ අපි කයියට කපමු...

එහෙම කියපුවම ඒ වැඩේ ඒ කියපු ආකාරයටම සිද්ද වෙනව,රාජ හරක් හදනව කිව්වට රාජගෙ  හරක් ඔක්කොම හැදුවෙ බලාගත්තෙ මහතුන්ගෙ හරක් එක්කමයි...මත්පැන් සහ  දුම්බීමෙන් වැළකිලා හිටපු මහතුන් හැම තිස්සෙම බුලත්විට නං හැපුවා,පන්සලේ හාමුදුරුවන්ගෙ හොඳම දායකයෙක්, අපේ ගෙදර පිරිත වෙලාවෙ රෑ එළිවෙනතුරු නිදිමරාගෙන පිරිත් මණ්ඩපේ ළඟ ඉඳගෙන හාමුදුරුවරුන්ගෙ අහත් පහත්   බොහොම කැපවීමෙන් කළා...

ඉතිං මේ වගේ චරිතයක් එක පාරටම සාහසික වෙනකොට  පවුලට කොටල මරන්න හදල තමනුත් බෙල්ලෙ වැල දාගන්න තරං හිත දරුණු වෙනකොට හොඳට හිටපු මනුස්සයට මොකද මේ වුනේ කියල ප්‍රශ්නාර්ථයක් අපේ හිත් වල ඇති වෙන එක සාධාරණයි...

රාජව තනිකරගෙන මහතුන්ගෙ මරණෙ විස්තර දැනගන්න තුරු මට ඉවසිල්ලක් නැතිවුනා,රාජව තනියම අල්ලගන්න එකයි වැඩියෙම අමාරු...ඔන්න ඔය කරුණු කාරනා සම්පුර්ණ වෙච්ච එක්තරා හැන්දෑවක රාජව මීවිතක් එක්ක අපේ ගෙයි ඉස්තෝප්පුවෙ තනිකරගන්න මට පුළුවන්කම ලැබුනා...

මොකද රාජා මහතුන්ට උනේ...

රාජ කටේ තිබ්බ බුලත් හපේ එළියට විසිකරල මිදුලෙ පයිප්පෙන් කටත් හෝදගෙන ඇවිත් වීදුරුව අතට ගත්තා...

මහතුන් පවුලට පොරොවෙන් කොටල බෙල්ලෙ වැල දාගත්ත...

ඔය ටික නං මාත් දන්නවනේ රාජා,මම අහන්නෙ මහතුන් එහෙම කරගත්තෙ මොකද කියලයි...

අනේ මන්ද ගෙදර ගෑනිත් කියනවනෙ කිසිම හේතුවක් දන්නෙ නෑ කියල...

ඒ වුනාට ඔහොම දෙයක් කරන්න නං ලොකුම හේතුවක් තියෙන්න ඕනැනේ...

හැබැයි පවුල ගැන අවිස්වාසයක් ඊරිසියාවක් නං තිබුණා...

රාජ කොහොමද දන්නෙ...

මොකෝ මම නොදන්නෙ මම අල්ලපු ගෙදර මිනිහ වෙච්චිකොට,සමහර දවස්වලට මහතුන් ගස් අස්සෙ අකුල් අස්සෙ ඉඳන් ගේ දිහා බලං ඉන්නව මම දැකල තියනව ,එතකොට පවුල වැඩට යනකොට ඒ බස් එක පස්සෙන් බයිසිකලේ පැදන් යනව...

ඉතිං ඇත්තටම එහෙම අවිස්වාස කරන්න හේතුවක් තිබුනද...

මේ වෙනකොට රාජා වීදුරු දෙක තුනක් ඉවරකරල හොඳ ගාණට පදං වෙලා හිටියෙ...

ඔය මහතුන්ගෙ පවුලගෙ නංගි කෙනෙක් දීගෙ අත ඇරිලා ගෙදර ඇවිත් දැන් ගාමන්ට් එකක වැඩට යනව ඒ නංගි ටිකක් සබ්ජෙක්ට් එකට බරයි,මහතුන්ගෙ පවුලත් නංගි එක්ක වැඩට  යනවා ඉතිං මහතුන්ට සැකයි...තවත් එක කාරණයක් තියෙනව ...

ඒ මොකක්ද...

මහතුන්ට ලබ්බ...

ඒකත් එහෙමද...

මෙච්චර උපාසකයෙක් වගේ හිටපු මහතුන් ඔය වගේ දෙයක් කරගන්න නං මීට වඩා පැහැදිලි හේතු තියෙන්න ඕනෑ කියල මට නිකමට වගේ හිතුණා සමහරවිට අපි නොදන්න මහතුන් විතරක් දන්න රහසක් තියෙන්න පුළුවන් වුනත් දැන් ඒ රහස මහතුන් එක්කම වල පල්ලට ගිහිං...මේ රහස එලිකරගන්න  එක තවත් විශාල ප්‍රශ්නයක්...

මහතුන් මැරිල වලලලත් ඉවරයි ඔයා ඔය මරණෙ අග මුල හෙව්වය කියල දැන් ඇති පලේ මොකක්ද,දැන් දවස් ගානක ඉඳල ඔයාට වෙන වැඩක් නෑ මහතුන් මැරිච්ච කතාව ඇරෙන්න...

බිරිඳ කියනව...

යන්න ඉස්සෙල්ල මට මේ ප්‍රශ්නෙ විසඳගන්න ඕනා...

කොල්ලො කට්ටිය අපේ ගෙදර නිදිමරන දවස්වල  දවසක් මහ රෑ එකට දෙකට විතර අපේ ගේ  ඉස්සරහ මඩුවෙ ඉඳන් පරණ කතා කිය කිය ඉන්නව...කැවුම් කොකිස් කෙසෙල්ගෙඩි එක්ක ගෙදරින් අපට කෝපි ගෙනත් දුන්නා...
ඒකයැ දන්නවද වැඩක් මහතුන් ආපහු එනවලු නෙ...

කොකිසක් කන ගමන් රාජ කියපු කතාවට මාව උඩගියා...

මොකක්ද මොකක්ද රාජ ඒ කතාවෙ තේරුම...

නෑ දෙතුන් දෙනෙක් මහතුන්ව රෑ දැකල තියෙනව...

මම රාජ ලඟින්ම ගිහිං වාඩිවුනා...මගෙ උනන්දුව උපරිමේටම නැගල...

කවුද රාජ ඒ කොහෙදිද දැකල තියෙන්නෙ...

අපේ ගෙවල් පහළ ඉන්න ගෑනු කෙනෙක් රෑ කඩේ ඉඳල එන ගමන් දැකල තියෙනව...

කොහෙදිද...

රාජගෙ මූණ භීතියෙන් විකෘති වුණා...

අපේ ගෙවල් ඉස්සරහ තියෙන වතුසුද්ද ගහේ මල් කඩ කඩා හිටියලු,හැමදාම හවසට මහතුන් බුදු පාන තියන්න ඔය ගහෙන් මල් කඩනවනෙ...ගෑණි බයවෙලා නෑ ගෙදර ගිහිං පිරිත් කියල තියෙනව...

වෙන කවුද...

අර බෙලි ගෙදර ගල් චුට්ටා, ඌත් දැක්කලුනෙ මහතුන් හරක් දක්කන් එනව... දැන් අපේ පවුල වැරදිලාවත් රෑ පානෙ තනියම එළියට අඩියක් තියන්නෙ නෑ...

එතනින් පටන් ගත්ත හොල්මන් ගැන කතාව විටෙක විහිලුකරමිනුත් විටෙක ශාස්ත්‍රීයවත් පාන්දර ජාමෙ වෙනතුරු ඇදිල ගියත් මගේ ඔලුවෙ හොල්මන් කලේම මහතුන් ආපහු එන කතාවයි...දැන් මගෙ ඔලුවට තවත් බරක් පැටවිලා, මහතුන් මළේ මොකද කියල විතරක් නෙවෙයි මහතුන් ආයෙ එනව කියන කතාව ඇත්තද කියලත් හොයල බලන්න ඕනැනෙ ...

දවසක හවස තුනට විතර රාජා ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල ඇති කියල හිතුන වෙලාවක මම රාජට කතාකළා...

ගෙදර ඉන්නවද බලන්න කතාකළේ...

ඇයි උවමනාවක්ද...

ඔව් පොඩ්ඩක් හම්බවෙන්න ඕනෑ...

හරි ,මම දැන් එන්නං...

නෑ නෑ රාජ එන්න ඕනෑ නෑ මම එන්නං...

කැමරාවත් සාක්කුවෙ දාගෙන මම කෙළින්ම රාජලගේ ගෙදරට යනකොට රාජ ගේ ඉස්සරහ ගහේ කජු අහුලනවා...

මේ ගිරව් එක්ක බේරන්න බෑනෙ ඔක්කොම කජු ටික විනාස කරල දානව මම මේ ඔයාට දෙන්න කජු ටිකක් අහුලගන්න ආවෙ...

රාජ මේ මට  මහතුන්ගෙ පවුලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන් වෙයිද...

පුළුවන් වෙයි අපි යමු බලන්න...

අපි දෙන්න මහතුන්ලගෙ  ගෙදරට යනකොට මහතුන්ගෙ පවුල ගෙදර හිටියා...ඇය කිව්ව දිග කතාව සාරාංශ කරල කිව්වොත් මෙහෙමයි...

මැරෙනතුරුම මහතුන් සහ බිරිඳ අතරෙ අඬ දබර තිබිල නැහැ,අහවල් කාරණයකට මහතුන් ඇයව මරන්න හැදුවද කියන එක ඇයට අදත් ප්‍රහේලිකාවක්...එක වැදගත් ප්‍රශ්නයක් හිතාමතාම මා ඇයගෙන් ඇහුවේ නෑ ඒ නම් ඔවුන් දෙපොළගේ ලිංගික සම්බන්ධකම් කොයි ආකාරයකට පවත්වාගෙන ගියාද කියන ප්‍රශ්නය,මේ කාරණය විසඳා ගැනීමේදී මේ ප්‍රශ්නය ඉතා වැදගත් බව මා හොඳින් දැන සිටියා,නමුත් ඇයව හොඳින් දන්නා අඳුනන මට ඇයගේ මූණ බලාගෙන ඒ ප්‍රශ්නය ඇසීම හරිම අපහසු කටයුත්තක්...ඇය මට කියූ විස්තරය අනුව මහතුන්ට මානසික ආබාධයක් තිබු බව ඉතා පැහැදිලියි...

කලින් දවසෙ රෑත් පන්සල් ගිහිං ආවෙ මට කිව්ව අද නං හරිම අමාරුයි කියල...

මහතුන්ට තිබු ආවේශවීම  නම් මානසික ආබාධය උත්සන්න වී තිබිල  තියෙන්නෙ...මීට කලිනුත් විටින් විට මහතුන් මේ අසනීපයෙන් පෙළෙමින් හිටි බව ඇය කිව්වා...

මම සැරයක් ඔය ඔළුවෙ අමාරුවලට බේත් කරන දොස්තර මහත්තයෙක් හම්බවෙන්න යන්න කොලේකුත් අරං ආව කැමතිවුනේ නෑ කොළේ විසි කරල දාල නිකං හිටිය...

ඉතිං ඔය සිද්දිය වුනේ කොහොමද...

එදත් වෙනද වගේම නිදාගෙන ඉඳල පාන්දර ඇහැරුණා,අද උයන්නෙ නැද්ද කියල අහපුවම අද ඉරිදනෙ උයන්නෙ මොකටද කියල මම කිව්ව...ආපහු මට එහෙම්මම නින්ද ගියා එක පාරටම මට ඇහැරෙනකොට නිකටෙන් වතුර ගලනවා වගේ තේරුණා එතකොටම තව පාරවල් ගණනක් වැදුණා මට එහෙම්මම සිහිය නැතිවෙලා...

මහතුන් එල්ල කළ පළමුවෙනි පොරෝ පහර ඇයගේ යටිහනුව කපාගෙන ගිහිං තිබුණා තවත් පාරවල්  හතක් බෙල්ලට කොටල තිබුනත් ඒ එක පාරක් වත් බෙල්ලට වැදිල තිබුනෙ නැත්තෙ ඇය එදා මැරෙන්න නියම වෙලා නොහිටපු නිසා වෙන්න ඇති, අතට වැදිච්ච දරුණු පහරට ස්නායු කැපිල තවම සමහර ඇඟිලි නවන්න බැහැ...

කෙටුවෙ මහතුන් ගස් කපන්න ගෙනියන පොරොවෙන්ද...

ඔව් ගස්වල අතු එහෙම කපන අත් පොරවෙන්,ඔය පොරොව ලෙව්ව වගේ රැවුල කපන්න ගානට මුවත් තියාගෙන නෙ හිටියෙ...

සද්දෙට දුවගෙන ආපු අපි මෙයාව ත්‍රීවීල් එකකදාල ඉස්පිරිතාලෙට පිටත්කළා,ත්‍රීවීල් එකට පොඩි මහින්දලගෙ කඩේ පහු කරන්න බැරිවෙන්න ඇති...

මෙන්නෝ මහතුන් ලිඳට පැන්නෝ...

අපි හිතුවෙ මහතුන් ලිඳට පැනල කියලයි මේ කලබල අස්සෙම මහතුන් ලිඳේ කඹේ බෙල්ලට දාගෙන පැනල තියෙන්නෙ...

රාජා විස්තරේ ඉතුරු හරිය සම්පුර්ණ කළා...

බලන්නකො ඔය කලබලෙත්  ගාණට ගැටේ එහෙම බුරුලෙන් ගහගෙන පැනල තියෙන හැටි...

 ඒ ලිඳ ගෙයි කුස්සිය පැත්තෙ තිබුණු බැඳල නැති පොඩි ලිඳක්,මහතුන්ගෙ මරණෙන් පස්සෙ ලිඳ වහල දාල...මහතුන්ගෙ පවුලගෙන් ඊට වඩා අහන්න දෙයක් තිබුනෙ නැති නිසා අපි දෙන්න ආපහු ආව...

රාජ දැන් අර මහතුන්ව දැක්කයි කියපු ගෑනු කෙනා හම්බවෙන්න යමු,විස්තරේ කියයි නේද ඇහුවට අප්සෙට් එකක් නෑනෙ...

යමු,තවම ගෙදර ඇති, ඔය මනුස්සය ගෙදර කෑම ජාති හදල රෑ කඩේට ගෙනියනවා කඩේට කෑම දීල මහ රෑ ගෙදර එන්නෙ, අර කුස්සියෙ ඉඳිආප්ප තම්බනව පේන්නෙ ගෑනි ගෙදර ඉන්නව...

අපි දෙන්න ගිහිං ඒ කාන්තාව හම්බවෙලා විස්තරේ ඇහුව...

රෑ එකොළහට එකොළහමාරට විතර ඇති වෙලාව මම පුතත් එක්ක කඩේ ඉඳල ත්‍රී වීල් එකේ ඇවිත් රාජලයි ගේ ඉස්සරහින් බැහැගත්ත...

පුතේ ඔයා යන්න මම මේ ටික වත්තෙන් පැනල යන්නං...

පුතාව පිටත් කරල මම ඒ ටික පයින් ඇවිදගෙන එනකොට මහතුන් අයිය එතන වතුසුද්ද ගහේ මල් කඩනව...


මොකක්ද ඇඳන් හිටියෙ ...

සුදු සරමකුයි කමිසෙකුයි...

මහතුන් කවදත් සුදු සරං කමිස ඇන්දෙ...

මම කල්පනා කළා යකෝ මහතුන් අයිය ගිය සතියෙ බෙල්ලෙ වැල දාගෙන මළානේ, දැන් මෙතන මොනව කරනවද කියල...

බය හිතුනද...


නෑ බයක් හිතුනෙ නෑ...

ඉතිං ඒ වෙලාවෙ මොකද කලේ...

රෑට කන්න අරං ආපු තෝසෙ පාර්සලේ මගෙ අතේ තිබුන,ඒකත් විසිකරල මම හොඳ කුණුහබ්බ දෙකක් හයියෙන් කිව්වා...එතකොට මහතුන් අයිය යන්න ගියා...

කොහොමද ගියෙ සාමාන්‍ය විදියට ඇවිදගෙන ගියාද...

නෑ පාවෙලා වගේ ලිඳ තිබ්බ පැත්තට ගියා,මම ගෙදර ඇවිත් බුදුන්ට පාන තියල පිරිත් කිව්ව, ඊට පස්සෙ නං අම්මෝ රෑට ඒ පැත්ත පළාතෙන් ගියෙ නෑ...

ඊළඟට මට අවශ්‍ය කළේ මහතුන්ව දැකපු අනික් මනුස්සය  හම්බවෙන්න...

රාජ කවුද ඔය මහතුන්ව දැකපු අනික් මිනිහ...

අර එහා පැත්තෙ ගල් චුට්ට කියල එකෙක් දවස තිස්සෙම බීගෙන ඉන්නෙ, මගෙ නෑනෙ ඌත් එක්ක පයුරු පාසානයක්...

රාජගෙ අකමැත්ත නිසා මට ගල් චුට්ටව හම්බවෙන්න විදියක් නැතුව ගියා,ගල් චුට්ට දැකල තියෙන්නෙ රාජගෙ මඤ්ඤොක්ක කෑල්ල අයිනෙන් මහතුන් හරක් දක්කගෙන එනකොටලු...
දැන් ඉතිං හොයාගන්න තියෙන කාරණා හොයාගෙන අවසානයි,තවත් එක දෙයක් කරන්නට ඉතිරි වෙලා තිබුණා...ඒ පුළුවන්කමක් තියෙනව නං මහතුන්ව බලාගන්න එකයි...

රාජ අපට බැරිද මහතුන් එනවද කියල බලාගන්න,හැබැයි මේක බොහොම රහසින් වෙන්න ඕනැ මහතුන්ගෙ පවුල දැනගත්තොත් එහෙම හොඳ නෑනෙ...

එහෙම නං ඔය අපේ ගේ ඉස්සරහ අකුලෙ ඉඳගෙන බලාගෙන ඉන්න ඕනෑ,එනව නං රෑ වෙලා එන්න...

රෑ වෙලා ගියාට මොකද මට තනියම කැලෙන් ඉඳගෙන ඉන්න ටිකක් බය වගේ හිතුණා, මහතුන් යාලුව තමයි ඒ වුනාට බැරිවෙලාවත් ඉස්සරහ මල් කඩන්න එන්නෙ නැතුව පිටිපස්සෙන් හරක් දක්කගෙන ආවොත් එහෙම,එතකොට මොකද කරන්නෙ...ඔය වාගෙ කල්පනා වෙනකොට මගෙ කකුල් දෙකත් එක්ක වෙව්ලන්න ගත්ත...

රාජා මම කියන්නද අපි දෙන්නම ගිහිං දෙපැත්ත බලාගෙන ඉම්මු...

ඒක හරියන වැඩක් නෙවෙයි, රංචු පිටිං ගියාට හොල්මං පේන්නෙ නෑ ...

එහෙම කිව්වට රාජත් මා එක්ක ආවා,ඒ මදිවට රාජ හොඳටම බීල හිටියෙ කතා කරනකොට ගන්ටාරෙ ගහනව වගේ සද්දෙ ඉතිං හොල්මං එයියැ, අපි ගිහිං එළිවෙන ජාමෙ වෙනතුරු ඉඳගෙන හිටියත් මහතුන්ගෙ ලකුණක් වත් දැක්කෙ නෑ,හොඳ සීරුවට මදුරුවො කවා ගත්ත විතරයි...වටින්ගොඩින් එලිය වැටීගෙන එද්දී රාජලගෙ  කුස්සියට ගිහිං කෝපිත් හදාගෙන බීල මම ගෙදර ගියා...

ඔන්න මම හොයාගත්ත කතාව ලිව්ව,මේ කතාව විශ්වාස කරනවද නොකරනවද කියන එක ගැන තීරණය ඔබ සතුයි,හැබැයි මම කතාකරපු එක්කෙනෙක් වත් බොරු කිව්වෙ නැති බව මට හොඳටම විශ්වාසයි.


114 comments:

  1. හොල්මන් තියෙනවද නැද්ද කියන එකට වඩා වෙනත් කතාවක් මේකෙන් මම දකිනවා. ඒ, දිවි නහගන්ට මානසික වැටීමක් හරි ආබාධයක් හරි අනිවාර්යෙන් තියෙන්ට ඕනි කියන එක.

    අපි නොදන්න, නොදකින් දේවල් මේ ලෝකේ ගොඩක් තියෙනවා. ඒ හන්දා ඔය මළගිය කෙනා දැක්කා කියන අයගේ කතා ඇත්ත හරි බොරු හරි කියලා තීරණය කරන්ට අපිට අයිතියක් නෑ. මට හිතෙන්නේ එහෙමයි.

    ReplyDelete
    Replies
    1. 'නොදකින්' නෙමේ 'නොදකින'... :)

      Delete
    2. හැලප ගවේශනයක් නෙද මේ.

      Delete
    3. වෙන්න පුළුවනි පොඩ්ඩි,මමත් කතාව විතරක් ලිව්වෙ ඒකයි.

      Delete
  2. විස්වාස කරන්න අමාරුම තමා.. කැපිලි ටික දැක්කම ඒක කරපු විදිය හිතාගන්න බෑ. බේතක් අරන් දෙන එක හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. කාටද බං බෙහෙත්.....??? මැරිච්ච මහතුවට ද........ :) ?

      Delete
    2. දේසා කියන එක මටත් තේරෙන්නේ නැ

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මං කිව්වේ ඒම වැඩ කරන උන්ට...

      Delete
    5. විස්තර ඇතිව කියපන්කො කියන සෙද්දක් .....

      Delete
    6. තව කැපිලි තිබ්බ බං බෙල්ල දෙපැත්තෙ එහෙම මම පිංතූර දැම්මෙ නෑ.

      Delete
  3. මම පෞද්ගලිකව ඔය හොල්මන් විශ්වාස කරන්නෙ නෑ ,එත් එහෙම දේවල් නෑ කියන්නෙත් නෑ ,හොල්මන් කතාවලට එහා ගිය මේ මිනිස්සුන් ගේ කතාව නම් හිතා ගන්න පුළුවන් ..

    අපේ පැත්තේ හිටියා කාලයක් මොහිනි කෙනෙක් පත්තර වල පවා විස්තරේ ගියා ,අන්තිමේ අල්ලගෙන බලනකොට කොල්ලෙක් ,මේ යකා තමන් අම්මා ගේ සාරි මෙකප් දාගෙන තමා වැඩේ කරලා තියෙන්නෙ ,දරුවා කනවා කියලා කෙක්ලු කලා තියෙන්නෙ ,පොලොසියෙන් අල්ලාගෙන හොදට සාස්තු කරලා තිබුණා ,පස්සෙ මොහිනි නෑ ,

    ReplyDelete
    Replies
    1. අර තුවාල වෙලා තියෙන රූප ටික දැක්කාම හිතා ගන්න පුළුවන් කතාව

      Delete
    2. පණපිටින් ඉන්න අයගෙ කතා හොල්මන් කතාවලට වැඩිය භයානකයි.

      Delete
  4. Halapa Investigation Files.

    විශ්වාස කිරිල්ල, නොකිරිල්ල අදාල නෑ. අපිට ඕනේ කතාවක්නේ.

    ReplyDelete
    Replies
    1. //විශ්වාස කිරිල්ල, නොකිරිල්ල අදාල නෑ. අපිට ඕනේ කතාවක්නේ.//
      හරියට හරි ඩුඩ් අයියා.

      Delete
    2. "විශ්වාස කිරිල්ල, නොකිරිල්ල අදාල නෑ." එතකොට කුරුල්ල?

      Delete
    3. ඔව් ඔව් ඔන්න කතාව ලිව්වා

      Delete
  5. මහතුං හංගගෙන හිටියට මිනිහට මොකක් හරි තදබල මානසික අසහනයක් තියෙන්න ඇති. හදිස්සියෙ ඒක උත්සන්න වෙච්ච හින්ද වෙන්න ඇති ඔය වගේ වැඩක් කරන්න ඇත්තෙ.

    හොල්මං ගැනනං මාත් විස්වාස කරන්නෙ නෑ. සමහරවිට ඔය දැකපු දෙන්නම ඒ ගැන හිතපු හින්ද දැක්ක දෙයක් වෙන්න පුලුවං. රාජ මහතුංගෙ හොල්මන දැකල නැද්ද?

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ එහෙම තමයි ප්‍රසන්න,රාජ නං මහතුන්ව දැකල නෑ.

      Delete
  6. මොන මගුලත් වෙන්නෙත් කරගන්නෙත් හිංගල උංමයි... මහ ලොකුවට පංසලේ හොදම දායකයයි අරකය් මේකයි නම්බුනාම ඔක්කම තියේ.. අපේ උංට මක්ක වෙලාද මංද...
    දිවි නවගන්නව කියන්නෙ පර පණ නැසීමටත් වඩා බරපතල පවක් කියලයි බුදු හාමුදුරුවො කියල තියෙන්නෙත් ඒත් අපේ උං ඒකමයි කරන්නෙ... අනේ මංද... සිංහල ජාතියට මක්ක වෙලාද කියල... මොකෝ අනික් ආලං වල උං කවද හරි දිවි නහගන්නව කියල ප්‍රවෘත්ති වලට වත් කියනවද නෑනෙ

    ReplyDelete
    Replies
    1. උනුත් මැරෙනව ඇති මහේෂ් ප්‍රචාරය නොවුනට.

      Delete
  7. මට නම් හිතෙන්නෙම ඔතන මානසික ආබාධයට එහා ගිය කතාවක් තියෙනවා කියලා. මට හිතෙන්නෑ ඒ මනුස්සයා ජීවතුන් අතර හිටියත් ඔය ප්‍රශ්ණ වලට උත්තරයක් ලැබෙයි කියලා. කොහොම උනත් අර අහන්න බැරි උන ප්‍රශ්ණෙටඋත්තරේ හොයා ගත්තනම් ගැටළුවෙන් භාගයක්ම විසදෙන්නත් ඉඩ තිබුනා.

    හැලප අයියත් ෂර්ලොක් හෝම්ස්ගෙ නෑයෙක්ද?? :-)

    ReplyDelete
    Replies
    1. ඔය හොම්මන් වලට කුණුහබ්බ කිවුවම යන බව මාත්අහලා තියෙනවා. වැඩේ කියන්නෙ හදීසියකට හොම්මනකට කියන්නවත් අපි කුණුහබ්බ දන්නැති එකනෙ. හි… :-D

      Delete
    2. මෙන්න කුණු හම්බ දන්නෙ නැති පොඩි එකෙක් ඉන්නවා ,,හදිස්සියට කියන්න කවුරු හරි කුනු හබ්බ ටිකක් කියලා දෙන්ඩෝ ...නැත්නම් කියයි හොල්මන් දැකලා බය වෙලා මුන් එකෙක් වත් මට කුණු හබ්බයක් කියලා දුන්නෙ නෑනේ ,කියලා

      Delete
    3. කියලා දියලා දෙයියනේ කියලා දියල්ලා. :-D ;-)

      Delete
    4. කොහොමත් මහතුන් ගැන හෙලිනොවුණු කතා තියේ කියල මම පිළිගන්නවා,ප්‍රියා මම ෂර්ලොක් හෝම්ස් රසිකයෙක් පමණයි,දවසක් ඔහු හමුවෙන්නටත් ගියා.
      ප්‍රියාට කුණුහබ්බ ටියුෂන් ගන්න ලොක්කයිය ලඟට යන්න ලෑස්ති කරලා දෙන්නද.

      Delete
    5. ආයෙත් අහලා. සෙට් කරලා දෙන්නකො. හොල්මනක් හම්බ උනාම ප්‍රයෝජනවත්නෙ.:-D

      Delete
  8. මෙහෙමයි.. හොල්මන් පේන එකනම් මිනිස්සුන්ට ඇති වෙන්නේ ගමේ එක පාර විශ්වාස කරන්න බැරි තරම් කරදරයක් උනාම දිගටම ඒ ගැන හිතනවා. මනස දුර්වල වෙලා ඉන්න වෙලාවක යටි හිතේ තියන අර අදහස එක පාරට අපිට දුෂ්ටි මායාවක් වගේ පේනවා. ඒ වගේ දෙයක් මෙතනදීත් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. නාඩියගේ මතයත් බැහැර කරන්නට බෑ.

      Delete
  9. කිසිම කෙනෙක් බොරු කිව්වේ නැතත්,නොකියපු දේවල් තියෙනවා වගේ...විශේෂයෙන් මහතුන්ගේ බිරිඳ...

    ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරණය
    හැලපයා මහතා - අලවත්ත විශේෂ වාර්තාකරු.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නොකියූ දේ තිබෙන්නට පුළුවනි,ලබාදී ඇති නව තනතුරට ස්තූතියි.

      Delete
  10. මමත් සොහොනක් ළඟ හෙන කට්ටක් කෑවා හොල්මනක් බලාගන්න. කොහෙද එකෙක් ආවේ නෑ...
    උන් හෙන නරකයි අප්පා.

    ReplyDelete
    Replies
    1. කොහෙද ගහක අත්තක වහල බලං ඉන්න ඇති,හොල්මං පේන්න නං කකුල් බිම ගෑවිල තියෙන්න ඕනෑ.

      Delete
  11. කෝණ්ගොඩ වික්‍රමපාල වගේ නේ වැඩ!

    ReplyDelete
    Replies
    1. ආ ...මහත්තය දැහැනින් ...මිදුනද....???

      Delete
    2. මොනාද කියන්නෙ අපි එහෙමයි.කකා කළා වගේ මටත් බ්ලොගට ඇබ්බැහි වෙලාද කියල බලාගන්න ඕනෑ.

      Delete
  12. වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකරමි එය ගැරහීම

    ReplyDelete
    Replies
    1. විමලරත්න කුමාරගම නේද,කවි පන්තියෙ නම නං මට මතක නෑ.

      Delete
    2. අයියනායක.මේක ඇවිල්ල අපේ කාලේ. හැබැයි ලියල තියෙන්නෙ ඔයාලගෙ කාලෙ

      Delete
    3. කවි පන්තිය - අයියනායක

      සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
      කෙම්මුර දවස් වල පානින් සැරසීම
      වන අතු කඩා ගස් දෙබලක දැවටීම
      මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම

      Delete
    4. කවියට ස්තූතියි නෙම්සිස්

      Delete
  13. බලපල්ලාකෝ හැලපයියට මහතුවා හම්බ වුනා නම් තවත් රස කතා ටිකක් අහගන්න තිබුනානේ...?
    අද නම් හැලපයියා වටේ ගිහින් නැහැ.ඒ ගැන මගේ බලවත් සංවේගය හොදේ...:D

    ReplyDelete
    Replies
    1. වෙලාවට මහතුව හම්බවෙලා නෑ නේද,වටේ ගියා නං කතාව එකෙන් ඉවර කරන්න බැරිවෙනව ඒකට බයේ තමයි වටේ නොගියේ.

      Delete
  14. අම්මෝ මේවා මාර වැඩ තමා... !

    ReplyDelete
    Replies
    1. මාර වැඩ නේන්නං, කරලම බලන්න ඕනෑ ඒකෙ අමාරුව.

      Delete
  15. මහ රෑ ජාමේ ගමන් බිමන් එමට යමි. හොල්මනක් දැකගන්නට ආසාවෙන් සිටියද එයට තාම අවස්ථාවක් නොලද්දෙමි. ඇතැම්හු පවසන්නේ සමහර ඝනහිමි අයට හොල්මන් නොපෙනෙන බවයි.

    ReplyDelete
    Replies
    1. කන බොන මනුස්සයට් හොල්මනුත් සලකනවා නලින් අයියා : D

      Delete
    2. මහා රෑ ජාමේ අමුවෙන් යන දුර්ලභ අවස්ථාවෙක හොල්මනක් දකීවියයි පතමි.

      Delete
  16. අපිත් ඉස්සර හොල්මන් දකින්න කියල හිතාගෙන මහ රෑ ඕව තියන තැන් වලින් එහාට මෙහාට ගියා.. කනත්තෙ තියාගෙන රෑට අනන්ත මධුවිත සප්පායං වෙලා තියනවා.හරි නිදහස් බං රෑට කනත්ත ඒකයි අපි තෝරගත්තේ..බයිට් මස් ජාතිත් තියං එලිවෙනකං ..ඒත් කවදාවත් දැකලා නං නෑ..
    එහෙමයි කියලා එකපාර බැහැර කරන්නත් බෑ අපිට හැමදේම !!!

    ReplyDelete
    Replies
    1. බොලා ඉන්නකොට ආයෙ හොල්මන් මොටද,තොපිල දැක්කම පන කඩාගෙන උන් දුවනවා ඇති.

      Delete
  17. දුක හිතෙන කතාවක්... අන්තිමට හොල්මන ඇවිත් සිද්ද වුනේ මොකක්ද කියලා කියයි කියල මම හිතුවේ.
    ඒක නෙවෙයි හැලප තුමා, අර උඩින්ම තියන චායාරුපය දිහා බලන් ඉන්නකොට, වෙල ඉස්මත්තෙන් හමාගෙන එන හුළඟ ඇඟට දැනෙනවා වගේ...

    ReplyDelete
    Replies
    1. හොල්මන එනතුරු බලං හිටියට ආවෙ නෑනෙ මානවී,ඒ පින්තුරෙ එහෙම ගතියක් තියෙනව තමයි මමත් බලං හිටියා.

      Delete
  18. ඔබත් මමත් අපෙන් බහුතරයකුත් අයිති සාම්ප්‍රදායික ගැමි සමාජයට. ඒ සමාජය විසින් අපතුල ආරෝපණය කරන යම් යම් ඇදහිලි, විශ්වාස, අභිචාර විධි ආදිය, කොතරම් පරිනත වයසට පැමිණියත්, යම් තරමකින් අපේ උප විඥ්ඥානයේ තැන්පත්ව තිබෙනවා. ගම වල පමණක් නොවේ, සමහර අයට නාගරික පරිසරයෙදීත්, හොල්මන් අවතාර පෙනෙන්නේ ඒ නිසයි.

    ඔබ දන්නවද හමුදාවේත් එවැනි සිදුවීම් තියනවා. මම, පාසල් ශිෂ භටයකු ලෙස, මුලින්ම දියතලාව කඳවුරේ පුහුණුවට ගියේ 1966 දී. ඒ කාලේ, ඒ කඳවුරේ, රෑට, හිස කඳින් වෙන්වූ සුදු ජාතික හමුදා නිලධාරියෙක්, සුදු අශ්වයකු පිටේ බෙල්ලෙන් ලේ පෙරෙමින් යන බවට කතාවක් තිබුණා. මමනම් දැකලා නැහැ තනියම රෑ කඳවුරේ එහා මෙහා යද්දීත්.

    එමෙන්ම, පසුගිය යුද සමයේ, මා සේවය කල විවිධ ප්‍රදේශ වලදී ලැබුණු අත්දැකීමක් තමයි, සමහර සොල්දාදුවන් සමහර බංකර් වල රාත්‍රී රාජකාරියට මැලි බවක් තිබීම. ඒ බංකර් යුධ කාලේදී සතුරු ප්‍රහාරයන්ට ලක්ව, එහි සිටි සොල්දාදුවන් මියගොස් තිබෙනවා. ඒ බංකර් සම්බන්ධ නොයෙක් හොල්මන් කතා තිබෙනවා. මමනම් දැකලා නැහැ. සමහර සොල්දාදුවන් බියවී ප්‍රතිකාර ලබාදෙන්නට සිදුවූ අවස්ථා තිබෙනවා. ඉතින්, ඒ සොල්දාදුවනුත් අපි වගේම ගැමි පරිසරයේ ඉපදී, ඒ සමාජයේ හැදී වැදුණු අය.

    ReplyDelete
    Replies
    1. ඔය කිසිම දෙයක් ගත යුත්තක් නැහැය කියල බැහැර කරන්නට විදියක් නෑ විචාරක තුමා,කඳවුරු වල හොල්මන් ඇති බව මමත් කියවල තියෙනව,කොහොමත් ගැමි සමාජයේ ඔවැනි මත මුල් බැහැල තියෙන නිසා ගමෙන් එන අය තුල බිය ඇතිවීම සාමාන්‍යයි නේද.

      Delete
  19. මාත් රෑ පානෙ ඇවිදල තියනව ඕන පදම්. හරි හමන් හොල්මනක් දැකල නම් නෑ. ඒත් අදහා ගන්න බැරි කතා නම් අහල තියනව හොල්මන් ගැන. මං ලියාපු හොල්මන් කතාවක් තමයි අදටත් මගෙ බොලොග්ගෙ වැඩියෙන්ම බලල තියෙන්නෙ.. (ඒ අස්සෙ මං ඇඩ් එකකුත් දා ගත්ත :D) බරපතලව විග්‍රහ කරන්න දන්නෙ නැති වුනත්, ඇතැම් ප්‍රේත වගෙ කොට්ඨාශ ඉතා කලාතුරකින් කෙනෙකුට පේන්න පුලුවන් කියල නම් මං අහල තියනව.
    කොහොමත් ඔය ගැන මගෙ අදහස මධ්‍යස්ථයි.

    ReplyDelete
    Replies
    1. "හරි හමන් හොල්මනක් දැකල නම් නෑ"
      ලගදී ගීතා කුමාරසින්හ ව දෑක්කෙ නෑද්ද?

      Delete
    2. හෙහ් හෙහ්... :D

      Delete
    3. මමත් ඔය කතා විශ්වාස නොකලත් සම්පුර්ණයෙන්ම බැහැර කරන්නෙ නෑ චන්දන.

      Delete
  20. හොල්මන් කියන දේවල් ඕනකමින් බලාඉදල දැකගන්න පුලුවන් දේවල් නෙමේනෙ මාමෙ, අනික ඕව ගොඩක් වෙලාවට හිතේ මැවෙන දේවල් :)

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ බෑනෝ,හොල්මන කියන වචනෙ අර්ථයත් සෙලවෙන මනස කියන එක නේද.

      Delete
    2. දුවෙක් ඉන්නවැයි මාමෙ බෑනො කව්වෙ? :D

      Delete
    3. මාම වුනා නං බෑන වෙන්න දුවෙක් ඉන්න ඕනෑ නෑ,දුවෙක් නැති එකමයි කාරිය.

      Delete
  21. මට නම් මචන් ඔවැනි සිද්දි අහද්දී කියවද්දී පුදුම සංවේගයක් ඇතිවන්නේ..
    උඹ ලගින් ඇසුරු කල නිසා විස්තර දැනගන්න ගත්ත උත්සාහය නම් එල...
    කතාව කියෙව්වම අපි කවුරුත් නොදන්නා සැගවුන දෙයක් නම් තියෙනව ...
    සමහර විට ගෑනු මනුස්සය එක්ක ලග පාතක අපි ඔබ විශ්වාස නොකරන හිතවතකු එක්ක ලිංගික සබදතාවයක් අනිවා තිබෙන්න ඇති..
    ඔබ ඔය ගැන තවත් විමසිල්ලෙන් ඉන්නවා නම් තව ටික කලකින් ඔබ ලගින් ආශ්‍රය නොකරන අයගෙනුත් විමසා බැලුවොත් .......???? හරි උත්තරයක් ලැබෙයි.....

    ReplyDelete
    Replies
    1. බොහෝ දේ සැඟවී තිබෙන්නට පුළුවනි,ඒත් කවද හෝ සත්‍යය හෙළිවේවි කියල මම විශ්වාස කරනවා මචං,ඔය ගැන මම මීට වඩා හොයන්නට යන්නෙ නං නෑ.

      Delete
  22. මෙහෙමයි හොල්මන් විස්වාස කරන අයට පේනවා, නැති අයට පෙන්නේ නෑ. මමත් කවදාවත් දැකලා නෑ.

    මහතුන් සියදිවි නසාගත්තේ මානසික ආබාධය නිසා කියලා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මගෙත් අදහස එහෙමයි තිසර.

      Delete
  23. අනේ මන්ද... මේ දේවල් ගැන මටත් තියෙන්නෙ ප්‍රශ්නයක්.

    ReplyDelete
    Replies
    1. එහෙමද දිලිනි,විසඳන්න බැරි ප්‍රශ්නයක් නෙවෙයි නේද.

      Delete
  24. මම නම් හොල්මනක් තාම දැකලා නෑ. ඒත් ඇත්ත කියලා හිතෙනවා. අපේ ආගම් අණුව බැළුවත් විද්‍යානුකූලව බැලුවත් එහෙම වෙන්න පුලුවන් සාධක වැඩියි....
    හැම මිනිහෙක්ගෙම ඇතුලේ කුඩා ළමයෙක් සහා යක්ෂයෙක් ඉන්නවා. ඒ අය එලියට එන වෙලාව දෙයියෝ තමයි දන්නේ.
    හොඳ විස්තරයක් මචං!
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. විස්තරයට ස්තූතියි චන්දන.

      Delete
  25. හොල්මං පැත්තක තිබියේවා.. මට මේක කියහංකෝ අයියේ...

    උඹ හිතාමතාම රාජා මහතුන්ගේ මරණයට මොන විදියක හරි සම්බන්ධයක් තියෙනවා කියලා හිතෙන විදියට මේක ලිව්වද.. නැත්තං මට හිතෙන හැටිද..?

    ReplyDelete
    Replies
    1. මම ලියපු දෙයින් එවැනි අදහසක් ගම්‍ය වෙනවද?මම ලියද්දි නං එහෙම දෙයක් වැරදිලාවත් හිතේ තිබුනෙ නෑ,මහතුන්ගෙත් මගෙත් හොඳම යාලුවෙක් නිසාත් මහතුන්ගෙ අසල්වැසියෙක් නිසාත් තමයි මම මේ වැඩේට රාජව සම්බන්ධ කරගත්තෙ.

      Delete
  26. බොලේ හැලප මාමා දැන් රහස් පරීක්ෂක වැඩ වලටත් අත ගහලා...ඔය වගේ විසදන්න බාර ගත්ත තව කේස් තියෙනවද ? හොල්මන් නම් සමහරුන්ට පේන්නෙ නෑ කියනවා නෙ...

    ReplyDelete
    Replies
    1. දැනට මොකුත් කේස් අතේ නෑ,ලංකාවට ගියොත් නං මොනව හරි ලැබෙයි.

      Delete
  27. Replies
    1. බොගේ හොල්මං කතාව බැලුවා,ඈ බං ඊට පස්සෙ රාළ හොල්මන යන්න ගියාද.

      Delete
  28. මාත් කාලෙක ඉදන් හොල්මන්,භුතයෝ හොයනවා.....තාම මුණ ගැහිලා නෑ හැබැයි ඊට ආසන්න සිද්ධි වෙලා තියනවා.......... අනේ ඒ ගැණු කෙනා ජීවත් වෙන්නේ පුරුවේ වාසනාවකට ....... මහතුන්ට පිං දෙමු හොද ආත්මයකට යන්න..... නිවන් සුව පතමි.......ඒ වගේම හැලප මාමගේ ගවේෂනය නියමයි

    ReplyDelete
    Replies
    1. ඒ ගෑනු කෙනා එදා මැරෙන්න නියමවෙලා ඉඳල නැහැ,ඒ තමයි දෛවය.
      දෛවයට පිටුපාද මිනිසා කෙසේ කියල සිංදුවකුත් තියෙන්නෙ අහළ තියෙනව නේද.

      Delete
  29. කතාවල යම් යම් අඩුපාඩු ඇති ඔයාට දැන ගන්න ලැබුනේ නැති,මට හිතෙන්නෙ එහෙමයි

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි,මේ විස්තරය සර්ව සම්පුර්ණයි කියල මම හිතන්නෙ නෑ.

      Delete
  30. හැලප අයියත් මාර ඩිටෙක්ටිව් වැඩක් නේ කරලා තියෙන්නේ.. හොල්මං ගැනනම් ඉතින් මගෙත් වැඩි විශ්වාසයක් නම් නැහැ හැබැයි..

    ReplyDelete
    Replies
    1. යාළුවා නිසා ඩිටෙක්ට්ටිව් වැඩෙත් කරන්න වුනා දිනේෂ්,මගෙත් විශ්වාසයක් නං නෑ තමා ආවොත් බලන්නයි හිතං හිටියෙ.

      Delete
  31. හැලප අයියා ෂර්ලොක් හෝම්ස් වගේනේ...හොල්මන් ගැන නම් කියන්න දන්නේ නෑ.දැකලා බය වෙලා නැති නිසා....

    ReplyDelete
    Replies
    1. ෂර්ලොක් හොම්ස්ල නැති ලෝකෙ අපිත් ලෝකල් හොම්ස්ල තමයි.

      Delete
  32. ගොඩක් හැලප වල රස බැලුවත් අද තමයි අදහස් දක්වන්න පුළුවන් වුනේ ..(මට බ්ලොග් එකක් නොතිබුන නිසා ) ගොඩක් අසාවෙන් බලන බ්ලොග් එකක් .. සමහර වෙලාවට ඇවිත් බලල යනවා අලුත් බ්ලොග් පොස්ට් එකක් දාලද කියල... පුලුවන්නම් සතියකට පොස්ට් 2-3 වත් දාන්නකෝ...කාරුණික ඉල්ලීමක් ..
    අනේ මන්ද මට හිතෙන්නෙත් මාරයා ට හිතුන දේ මයි... '' රජා අසල් වැසියන්ට ප්‍රේම කරන්න ගිහින් වගේ '' ..

    ReplyDelete
    Replies
    1. රාජා අසල්වැසියාට ප්‍රේම කල අදහස මම හිතින් බැහැර කළා.
      ඉල්ලීම ගැන කියන්න තියෙන්නෙ සතියකට පෝස්ට් දෙකක් වත් ලියන්නට උපරිම උත්සාහය ගන්නවා කියන ඒකයි,ප්‍රශ්නය තියෙන්නෙ රාජකාරි බහුල කමයි.බ්ලොගය රසවිඳීම ගැන ස්තූතියි.

      Delete
  33. මාරයිනේ..? මීට කලින් මහතුන් ආවේශ උන වෙලාවල් වලත් ප්‍රචන්ඩ විදියට හැසිරිලා තියෙනවද කියලා හැලපේ ඇහුවේ නැද්ද../

    අනික ගල් චුට්ටෙව හම්බුවෙන්න බැරිඋන එක මාර අපරාදේ... අඩුමගානේ අර ගෑනු කෙනා මහතුන්ව දැක්කබව ගල් චුට්ටෙටත් ආරංචි වෙලා තිබුණද කියලවත් දැනගන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. නැහැ බීටල් ඔහු එහෙම ආවේශ වුනු වෙලාවලදිත් ප්‍රචණ්ඩ ආකාරයට හැසිරිලා නොමැති බවයි බිරිඳ කිව්වේ.
      ඇත්තටම තනියම හරි ගිහිං ගල් චුට්ටව හම්බවෙන්න තිබ්බනං හොඳයි කියල දැන් තමා තේරෙන්නෙ.

      Delete
  34. \\අර බෙලි ගෙදර ගල් චුට්ටා, ඌත් දැක්කලුනෙ මහතුන් හරක් දක්කන් එනව...\\
    එතකොට හැලප අයියේ, මේ දක්කන් ආපු හරක් ටික. උනුත් මැරිලා හොල්මන් වුන හරක්ද? ඇත්ත හරක්ද?

    ReplyDelete
    Replies
    1. ආ නෑ නෑ ඇත්ත හරක් නෙවෙයි,ඔක්කොම කලදී මැරිච්ච උන්.

      Delete
  35. මම නම් මගේ ඇහින් දකින කල් හොල්මන් විස්වාස කරන නෑ. මම හිතන්නේ ඔය මහතුන්ගේ බිරිද නොකී කතා ඇති තව කියලයි.

    ReplyDelete
    Replies
    1. මහතුන්ගෙ බිරිඳ නොකී කතා තියෙන්න පුළුවනි,ගෙදර කාරණා ඔක්කොම පිට කෙනෙකුට කියන්නෙ කවුද.

      Delete
  36. හොඳ උත්සාහයක් හැලපේ... යාළුවාට වුණේ මොකක්ද කියලා දැනගන්නයි, අපිට කියවන්න කතන්දරයකට කරුණු හොයාගන්නයි...
    මොනවා වුණත් දුක හිතෙන කතන්දරයක්...
    මම නම් හොල්මන් ගැන අවිශ්වාස කරන්නේ නෑ... ඇ මම දැකලා තියෙන නිසා නෙවෙයි.. ඒත් මේ ලෝකෙ හැමදෙයක්ම අපි දැක්කේ නෑ කියලා අවිශ්වාස කරන්න බැරි නිසා....

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නං එහෙම තමයි,අපි නොදකින හැමදේම අවිශ්වාස කරන්න බැහැනෙ.ස්තූතියි සඳා.

      Delete
  37. හොඳ වෙලාවට උඹ "අර පොරෝ පාරේ" පොටෝ එහෙම අල්ලන්න නොගියේ.. එහෙම ගියානම් මහතුවා ඊළඟට කොටන්නේ උඹට..

    ෂර්ලොක් හෝම්ස් උඹලයි කවුරු හරිද....? නෑ මං මේ නිකමට ඇහුවේ..

    ReplyDelete
    Replies
    1. නෑ බං මං ඔය පොරෝ පාරවල් හොයන්න ගිය එකක් නෑ.
      උඹට කියන්න මචං මම දවසක් ෂර්ලොක් හෝම්ස් බලන්න ගියානෙ බේකර් ස්ට්‍රීට් එකට,ඉස්ටාප් එක ඔක්කොමත් හිටිය හෝම්ස් හිටියෙ නෑනෙ.

      Delete
  38. හොල්මන් ගැන නම් විස්වාසයක් නැ.
    මහතුන් ට ලොකු මානසික අවුලක් තිබිල ඇති.පවු ඔයවගෙ චරිත් ඔපන් කතා කරන්නෙ නැ නෙ.ඔන්න දෙකක් දානවනම් කියයි ඔක්කොම.

    ReplyDelete
    Replies
    1. දෙකක් දැම්ම නං හිත විරේක කරගන්න පුළුවන් වෙනවා,එතකොට ඔය ප්‍රශ්න හිතේ පැසවන්නේ නෑ ඕපන් කතා කරන්න පුළුවන් වෙනව.ඒකනෙ දමිත් තියෙන වටිනාකම.

      Delete
  39. ඔය ගැන පොලිස් පරීක්ෂණයක් කරනවා ඇතිනේ. ගමෙන් විස්තර දැන ගන්න පුළුවන් පසුව. ඒ වගේමයි ගමේ මල ගෙවල් වල රෑට - රෑට ගියානම් කාඩ්-කැරම් සෙල්ලම් කරන තැන් වලින් එනවා ඕවට උත්තර. අර අක්කා ඉන්නේ ශෝකයෙන්ද ? එහෙම නැතිනම් මොකක් හරි අන්තර්ජාලයක් ඇති. ඒ වගේම තව ටික දවසකින් නිවසට යන - එන අය නිරීක්ෂණය කලොත් තේරුම් ගන්න හැකියි. මම හොල්මන් දැක නැති වුණත්, බැංකොක් වල අපි හිටපු හොටෙල් එකේ යාලුවෙක්ගෙ පින්තූරයක් ගත්තා. ඒකෙ පසෙකින් මහා විශාල කයක් වැදුනා. නමුත් හිස නෑ. කරුමෙට මේකා ඒ ෆොටෝව ඩිලීට් කළා. නැතිනම් හොඳ පොස්ට් එකක් දාන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි සුදීක,මැරුණු දිනේ ඉඳල ලඟින් නිරීක්ෂණය කලානං බොහෝ දේ දැනගන්නට තිබුණා,නමුත් මා යද්දී ගොඩාක් දේවල් සිදුවෙලා අවසානයි.
      අපරාදෙ අර පින්තූරෙ ඩිලීට් කලේ.

      Delete
  40. විශ්වාස කොරන්න අමාරු වුනත් හැලපෙ අයියෙ ඔය වගේ කතා වල අත්තක් නැතුවමත් නෙවෙයි..ගම්බද ප්‍රදේශවල මේ වගේ දේවල් බහුලව දකින්න තියෙනව.අපිත් බයයි ඇත්තටම ඔය වගේ දේවල් වලට.පිරිත් කියනකොට ආටානාටිය කියන වෙලාවටත් ඒ ඉඩමෙ මායිමෙන් එලියට යන්න එපා කියනවනෙ..

    ReplyDelete
  41. ගම් පළාත්වල හැදුනු අපේ හිත්වලට මෙවැනි විශ්වාස කා වැදිල තියෙනව නෙ උමේෂ්.කොහොමත් ඔවැනි දේකදී හිත ගැස්සෙනවා.

    ReplyDelete
  42. මේක අහන්න මමත් ආපසු පැමිණියෙමි. හැලපයියා අද අතුරු කතා නැතුව කෙලින්ම ඇදලා ඇරලා. ඔය කතා විශ්වාස කරන්නද නොකරන්නද කියලා මට තේරෙන්නේ නෑ. එත් සමහර වෙලාවට බයක් නොදනේනවාමත් නෙවෙයි

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඉවාන්,කොහෙද මල්ලි ගිහිං හිටියෙ,නැත්තෙ මොකද කියල මම ඒත් කලපනා කළා.

      Delete
  43. මචන් තදබල අවිශ්වාසය සහ සැකය පුදුම විනාශයක්. මහතුන්ගේ ගෑණිගේ ජීවිතේ බේරුනු එක ලොකු දෙයක් බන්. ඔය අඩිපුඩි නොගහා..පන්සල්වලයි..අනිකුත් සමාජසේවාවලයි ගැවසීම හොඳ දෙයක්. නමුත් ඒ වගේ සමහර අය තුල අසාමාන්‍ය ගතිගුන තියෙනවා බන්. හැම දෙයක්ම ප්‍රමාණෙට වැඩිය හිතනවා ..හරි විමසිල්ලෙන් ඉන්නේ..

    උඹ මහ රෑ මහතුන් බලන්න ගිහින් උඹේ නෝනා මහතුන් ගෙන් බැනුම් ඇහුවේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. නෝනා මහතුන් ගෙන් අහගත්ත ටික මම ලිව්වෙ නෑ මචං ලැජ්ජයි,රෑ තිස්සෙ අකුල්වල රිංගන්න යනවට කැමති මොන ගෑනිද බං.

      Delete
  44. හම්මූ මමනම් හොල්මන් වලට බයයි.හැබැයි හොල්මන් දැක්කයි කියන අයනම් මුණගැහැලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මමත් හොල්මං දැකල නැතත් දැකපු අය නං අනන්තවත් මුණ ගැහිල තියෙනව.

      Delete
  45. අපිට නොපෙනෙන දේවල් තියෙන්නට පුලුවන්. හැමදෙයක්ම විද්‍යාවෙන් විස්තර කරන්නත් බැහැනෙ. මම පුද්ගලිකව හොල්මන් විස්වාස කරන්නෙ නැහ නමුත් තියන්න පුලුවන් එහෙම දේවල්. මම කර්මයනම් විස්වාස කරනව.

    ReplyDelete
    Replies
    1. නොපෙනෙන නිසාම නැතැයි කියන්නටත් බැහැනෙ,ඔබ කිව්වා වගේ හැම දේම විද්‍යාවෙන් අර්ථකථනය කරන්නත් බෑ.කර්මය විශ්වාස කළ යුතුයි.

      Delete
  46. මම නම් හොල්මන් දැකලා නැහැ. හැබැයි අපේ අම්මයි තාත්තයි දවසක මේ වගේ සිද්ධියකට මුහුණදීලා තිබුණා. අපි බයවෙයි කියලා නිසා වෙන්න ඇති පොඩි කාලේ කිව්වෙ නෑ. අදටත් ඇහුවට කථාව මග අරිනවා කියන්නේ නෑ. හැබැයි දෙන්නම යමක් දැකලා තියෙනවා.
    මහතුවගේ ලෙඩේ තිබුණ කෙනෙක් අපේ ගමෙත් හිටියා. මේක තදබල විදිහට හැදුනාම හරිම අමාරැයි කියලා තමයි මෑන් කිව්වෙ. කවුරැවත් තමුන් ලඟටවත් එනවට ඒ වෙලාවට කැමති නෑ. මිනිහත් මේ වගේම තමන්ගේ නෝනව සැක කලා. රණ්ඩු කලා.

    ReplyDelete
  47. එත් ඇත්තටම මේවා විශ්වාස කරන්න හිත කැමති නැ

    ReplyDelete

ඔබේ අදහස්