අද ටිකක් සැහැල්ලු කතාවක් ලියන්න මට හිතුණා පහුගිය දවස්වල බර බර එව්ව ලියල ඔලුවත් ටිකක් බර ගතියයි,ඉතිං පහුගිය කාලෙ ලංකාවෙදි මම දැකපු දෙයක් අද ලියන්නං...මහ ලොකු දෙයක් නෙවෙයි මේ කොණ්ඩ කුරුල්ලො යුවළක් ගෙයක් හදපු කතාවක්,මේ ගොල්ලන්ට මොන තරං මොළේ කල්පනා කරන්න පුලුවනිද කියල කිව්වොත් ගේ හදන්න තෝරගත්තෙ අපේ ගෙදර සාලේ උඩ එල්ලී තියෙන ලාම්පුව...හේතුව මොකක්ද දන්නවද එතන කූඩුව හදල බිත්තර දාපුවම බිත්තර ගිලින්න ගැරඬි එන්නෙ නෑ වෙන සිව්පා සත්තුන්ගෙන් කරදරයකුත් නෑ තමන්ගෙ පාඩුවෙ බිත්තර රැකල පැටව් පරිස්සං කරගන්නත් පුළුවනි අපා දෙපා සිව්පා කිසිම සතෙක්ගෙන් හානියක් නොවී...
මේ ගොල්ල අපේ ගෙදර කූඩු හදපු පළවෙනි වතාව මේක නොවෙයි,මීට කලින් කීප වතාවක්ම කූඩු හදල බිත්තර රැකල පැටව් ලොකු කරගෙන එක්කරන් ගියා...හැබැයි මේ අය ගෙයි කූඩු හදන එක ගැන අපේ ගෙදර කාගෙවත් කිසිම මනාපයක් නෑ,මොකද කිව්වොත් පළවෙනි කාරණේ බිත්තරෙන් පැටව් එලියට ඇවිත් තටු එහෙම ඉඳෙන කොට පැටවුන්ගේ ඇඟේ චූටි මැක්කො ජාතියක් වහනව ඒ මැක්කො බිම වැටිල ගෙයි හැමතැනමත් පැතිරෙනව...ආයෙම මහ කුරුල්ලන්ගේ බෙටියි ගේන රොඩු බොඩුයි ජරාව ඔක්කොම සාලේ පුරා,ඒ නිසා ඔය ලයිට් එකට රෙදි හිර කරල සිලි බෑග්වලින් වහල තියල තිබුණා...ඔය ටික අයින් කරපු ගමන්ම කුරුළු ජෝඩුව ඇවිත් ගේ හදන්න ගත්තනෙ,අම්මගෙ මරණෙ දවස් නිසා ඒ අයට විරුද්ධකම් පාන්න කවුරුවත් ඉදිරිපත් වුනෙත් නෑ ජෝඩුව බොහොම නිදහසේ ඒ කාලෙන් ප්‍රයෝජන අරගෙන හොඳට ගේ හදාගත්ත...කැලේ කූඩු හදනවට වඩා බොහොම ආරක්ෂිතයි විශ්වාසදායකයි කුරුළු ජෝඩුවගෙ අදහසත් නරක නෑ...
ගහක කොළක අකුළක කොහෙ බිත්තර දැම්මත් ගැරඬි නැගල බිත්තර ගිලිනව මම අනන්තවත් දැකල තියෙනව ඔය මායක්කලගේ වත්තෙ එහෙම,අපේ මහගෙදර වත්තට අල්ලපු වත්තනේ,පොඩි කාලෙ චූටියල අපි සෙල්ලං කරනකොට නං වත්තෙ තිබ්බෙ පොල්ගස් විතරයි දැන්නං වත්ත ගණ කැලෑවකට හැරීගෙන එන්නෙ,මම ඒකට හරිම ආසයි ඒ නිසා වත්තෙ පින්තූර ටිකක් මම අරං ආව ,මායක්කත් අවුරුදු කීපෙකට කලින් හදිසියෙ මැරිල ගියානෙ...ගෙදර ඉන්නෙ මායක්කලගේ අම්ම විතරයි අපි කියන්නෙ දඩගමුවේ නැන්ද කියල ,නැන්දගෙත් ඔලුව හොඳටම හොඳ නෑ පිස්සු කියවන්නෙ හොඳටම වයසයිනෙ...
මායක්කට පිස්සු හැදුනෙ නං තරුණ කාලෙමයි ගුණරත්න මාම මැරිච්ච දවස්වල මට හොඳට මතකයි අපි පොඩි කොල්ලො...ගුණරත්න මාම පපුවෙ අමාරුවක් හැදිල හදිසියෙම මලේ හැත්තෑ ගණන්වල දවසක මහ රාත්තිරියක...ඔය වෙලාවෙ ගෙදර ළමයි නැන්ද එහෙම පොළොවෙ හැපී හැපී ඇඬුවට මායක්ක අඬන්නෙ නැතුව එතෙන්දි වෙන්න තියෙන කටයුතු හොයල බලල කළා...භූමදාන දවස වෙනතුරුම නිදි මැරුවා ඔක්කොම දේවල් බොහොම සාවධානව කරල දුන්න, හරියට මැරිල තියෙන්නෙ තමන්නෙ තාත්ත නෙවෙයි වෙන කෙනෙක් වගේ...
මායක්කට පිස්සු හැදුනෙ නං තරුණ කාලෙමයි ගුණරත්න මාම මැරිච්ච දවස්වල මට හොඳට මතකයි අපි පොඩි කොල්ලො...ගුණරත්න මාම පපුවෙ අමාරුවක් හැදිල හදිසියෙම මලේ හැත්තෑ ගණන්වල දවසක මහ රාත්තිරියක...ඔය වෙලාවෙ ගෙදර ළමයි නැන්ද එහෙම පොළොවෙ හැපී හැපී ඇඬුවට මායක්ක අඬන්නෙ නැතුව එතෙන්දි වෙන්න තියෙන කටයුතු හොයල බලල කළා...භූමදාන දවස වෙනතුරුම නිදි මැරුවා ඔක්කොම දේවල් බොහොම සාවධානව කරල දුන්න, හරියට මැරිල තියෙන්නෙ තමන්නෙ තාත්ත නෙවෙයි වෙන කෙනෙක් වගේ...
බෝම්බෙ පිපුරුවෙ හත්දවසෙ දානෙටත් පස්සෙ,මරණෙ වෙලාවෙ දවස් ගාණක් නිදිමරල දානෙටත් මහන්සිවෙලා හිටපු මට ඒ වෙනකොට හිටගෙන නින්ද යන ගානයි,මම ඒ වෙලාවෙ මායක්කලගේ ඉස්තෝප්පුවෙ පොඩි ඩෙස් එකක ඉඳගෙන බිත්තියට හේත්තු වෙලා නිදි කිරා වැටෙමින් හිටියෙ ,එක පාරටම ගේ ඇතුලෙ මහා කලබැගෑනියක හඬ ඇහිල මාව ගැස්සිල ඇහැරුණා...සද්දෙ මොකක්ද බලන්න ගේ ඇතුලට යන්න හදද්දි උක්කුං මහත්තය මාව තල්ලු කරගෙන වගේ එළියට එක්කං ගියා...පස්සෙ ගේ පිටිපස්ස පැත්තෙන් ඇවිත් ජනේලෙකින් එබිකන් කරලා බැලුව...
මායක්ක පුටුවක් ඉඳගෙන ඇස් ගෙඩි දෙකත් උඩ ඉන්දවගෙන ඔලුව කරකෝ කරකෝ කියෝනව...ගෑනු මායක්කව වටකරගෙන බලාගෙන ඉන්නව මැජික් එකක් දැක්ක වගේ...
ලොකු නංගීගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට...
තාත්තගෙ මරණෙන් වැදුණු දරුණු පහරේ වේගය අඬා දොඩා අඩුකරගන්නට තිබුණත් ඇයට අඬන්නට බැරිවුනා,එකදිගට නිදිමරල වෙච්චි තෙහෙට්ටුවත් ඒ උඩට ගෙදරට හූනියං කරල තියෙනව කියන කතාවත් ඇයගේ ඔලුවට දරාගන්නට බැරිවුනා...මේ සියල්ලම එකතුවෙලා එළියට ආවෙ ඇය උමතු බවට පත් කරවමින්,මොන තරං බේත් හේත් ගුරුකං යන්තර මන්තර තොවිල් පවිල් කළත් පිස්සුව නිට්ටාවටම සනීප කරන්න බැරිවුණා...එදා ඉඳල මැරෙනකල්ම වරින්වර හොඳ වෙවී ආපහු අසනීප වෙවී හිටිය,මායක්කගේ පිස්සුව ගෙදර ඔක්කොටොම හූනියමක් වුනා ඒ නිසා ගෙදර කිසිම දරුවෙකුට හරි විදියකට මගුලක් කාල දීග යන්නවත් ගෑනියෙක් ගේන්නවත් ලැබුනෙ නෑ,ඒ කටයුතු ඔක්කොම සිද්දකළේ රටට ලෝකෙට හොරෙන් වගේ...පිස්සුවත් එක්ක ජීවිත කාලෙම ගතකරන්නට මායක්කට සිද්ද වුනා...
ඔන්න දවසක් මම උදෙන්ම වැඩට යනවා ඒ දවස්වල අපි ගෙදරින් පිටත්වෙලා මායක්කලගේ වත්තෙන් ගිහිං වෙලනියරට බැහැල කනත්තෙන් පාරට ගොඩවෙලා ටවුමට යන්නෙ...මම එදා මොකක්හරි වැදගත් වැඩකට ගිය දවසක්,හොඳට ඇඳගෙන කරගෙන ගෙදරින් පිටත්වෙලා මායක්කලගේ වත්තෙ අඩිපාරෙන් යනකොට මෙන්න මායක්ක මගෙ ඇඟට කඩාපැන්න...
උඹල දැනගන්න ඕනෑ උඹලගේ හරක් බලාගන්න අපේ ගස් කොළන් පළිද...
මම උඩ ගියා මොකද්ද මේ කඩා පාත්වෙච්ච්ච මරාලෙ කියල,අපිට හරක් හිටියෙත් නෑ...ඒත් මම වචනයක්වත් නොකිය මගෙ ගමන යන්න ගියා,හවස ගෙදර ආපුවම ඔය උදේ කතාව ඒ ගෙවල් ළඟ කෙනෙක් එක්ක කියල මායක්ක සවුත්තුවට හිනාවෙලා තිබුණ...
අරූට මම උදේ කිව්ව රෙදි ගැලවෙන්න...
මට යකා ආවේස වුණා කෙළින්ම ගෙට ගිහිං කැත්ත අරං ඇවිත් අම්ම එපා කියල අඬා අඬා පස්සෙන් එද්දී ගිහිං මායක්කලගේ කෙහෙල් පඳුරම පෙති ගහල දැම්ම,මට හිනාවෙලා තිබුනෙ නැත්නං මම ඒක එතනින් අමතක කරලා දානව හැබැයි කරපු වැඩේ ගැන පස්සෙ මට දුකත් හිතුණා...
ඊට පස්සෙ නං මායක්ක කවදාවත් මට මොකුත් කියන්න ආවේ නෑ බොහොම සුහදව කතාකළා පිස්සු නැති වෙලාවට...
පස්සෙ කාලෙකදී මායක්කයි නැන්දයි ගෙදර තනිවෙද්දී උක්කුං මහත්තය ඒ දෙන්නව බලාගන්න ගෑනියක් ගෙනත් නැවැත්තුව...කොට මහත පරුවතයක් වගේ ඇඟ,අපි එයාට කිව්වෙ බබා ඇතින්න කියල.බබා ඇතින්න ඇවිත් මායක්කලගේ ජීවිතේ එහෙමපිටින්ම අනික් පැත්ත පෙරලුව,ඒක වෙනම කිවයුතු කතාවක්...
ඒ වුනාට ඒක කියන්න ගියොත් මගෙ හොඳම යාළුවො දෙන්නෙක් මගෙත් එක්ක අමනාප වෙන්නත් පුළුවනි හැබැයි උන් දෙන්න නං බ්ලොග් තියා අන්තර්ජාලෙ කියන්නෙ කන දෙයක්ද බොන දෙයක්ද කියලවත් දන්නෙ නං නෑ...උන් දෙන්න කරපු වැඩ නං අම්මප මතක් වෙනකොටත් හිනා යනව,ලියන්න ගියොත් මේකට 18+ දාලත් මදි මට වෝනින් එකක් එන්නත් පුළුවනි,දැනටමත් වෝනින් දෙකතුනක් ඇවිල්ලත් තියෙන එකේ දැම්මම ඔව්ව ලියන්න හොඳ නෑ පස්සෙ හිමිහිට ලියමුකො...
ඒ වුනාට ඒක කියන්න ගියොත් මගෙ හොඳම යාළුවො දෙන්නෙක් මගෙත් එක්ක අමනාප වෙන්නත් පුළුවනි හැබැයි උන් දෙන්න නං බ්ලොග් තියා අන්තර්ජාලෙ කියන්නෙ කන දෙයක්ද බොන දෙයක්ද කියලවත් දන්නෙ නං නෑ...උන් දෙන්න කරපු වැඩ නං අම්මප මතක් වෙනකොටත් හිනා යනව,ලියන්න ගියොත් මේකට 18+ දාලත් මදි මට වෝනින් එකක් එන්නත් පුළුවනි,දැනටමත් වෝනින් දෙකතුනක් ඇවිල්ලත් තියෙන එකේ දැම්මම ඔව්ව ලියන්න හොඳ නෑ පස්සෙ හිමිහිට ලියමුකො...
මම ලියාගෙන ආවේ කොන්ඩ කුරුළු ජෝඩුව ගෙවල් හදල බිත්තර දාපු හැටිනෙ,ඔන්න මායක්කගේ කතාව කියල ඉවරවෙද්දි බිත්තර බිඳලා චූටි පැටව් දෙන්නෙකුත් ඇවිල්ල...කෑ ගහනව මොකුත් නෑ මහ හයියෙන් රෑහියෝ වගේ,අම්මගෙයි තාත්තගෙයි වැඩේ එක එක කෑම පණුවො පොඩි පොඩි කුරුමිණි පැටව් එහෙම ගෙනත් පැටවුන්ට කවනව ගෙට එනව යනව ගෙදර අපිව ගණන් ගන්නෙත් නෑ,කණ ගාවින් කිස් ගාල පියාඹගෙන යන්නෙ බොහොම හදිස්සියෙන්...
සැරයක් කිරිල්ලි පැටවුන්ට කවන පින්තූරයක් ගන්න මම පුටුවක් උඩට නැග්ග,මොකද බිම ඉඳල පින්තූරෙ ගන්නවට වඩා සමාන්තර උසකට ගිහිං ගත්තොත් ලස්සනයිනේ...අප්පට උඩු මෙන්න කිරිල්ලි මහ හඬ දීල කෑගහන්න ගත්ත කවන එක නවත්තල ඇවිත් පඩියක් උඩ වහල මගේ දිහා බලං හිටියනෙ, කිරිල්ලි හිතන්න ඇති මම පුටුවට නැග්ගෙ පැටවුන්ව අරගන්න කියල,දැන් මට බයයි කිරිල්ලි ඇවිත් මගෙ ඔලුවට කෙටුවොත් එහෙම...කිරිල්ලි දිහා බලාගෙන අරගත්ත පින්තූරෙත් සවුත්තු වුණා,බලපුවම ඔය ඩිස්කවරි,නැට් ජියෝ වයිල්ඩ් එකට එහෙම පිංතූර ගන්න අයට තෑගී දෙන්න වටිනව ඒ අය මොන තරං අමාරුවකින්,ඉවසිල්ලකින් ඔය වැඩේ කරනවද කියල හිතුවම, අපි ගෙදර පුටුවට වෙලා කකුල් දෙකත් උඩ තියාගෙන බලන සුව පහසුව ඒ අය පිංතූර ගන්නකොට නෑනෙ...
ආයෙනං කොන්ඩ කුරුළු ජෝඩුවට අපේ ලාම්පුවෙ ගෙවල් හදන්න දෙන එකක් නෑ ගෙදර කට්ටිය බලාගෙන ඉන්නෙ පැටව් දෙන්න ඉගිල්ලෝගන යනකං කූඩු හදන තැනට රෙදි කඩමලුවත් ඔබල දාන්න...
සමහර කුරුල්ලෝ තැනකට පුරුදු උණාම ආයේ නවත්තන්න බෑ. අපේ ගෙදර පිටිපස්සේ බිත්තියේ පලංචි කුස්තුර වලට මේ වගේ පුරුදු උණා කට්ටියක්. එකදිගට අවුරුදු ගානක්.
ReplyDeleteඒක තමයි යක්ෂයෝ,පුරුදු වුනාම දිගටම එනව ඒකනෙ මේ ගොල්ලත් දැන් එක දිගට හත් අට සැරයක්ම බිත්තර දාන්න අපේ ගෙදරට ආවෙ.
Deleteකුරුල්ලෝ උඹලා ගැන පුදුම විශ්වාසයක්නේ බං ගොඩ නගාගෙන ඉන්නේ. ඒ අස්සෙන් උඹ අතීතයෙත් රවුමක් ගහලා ආවානේ? ඔය දුක තද කරගෙන ඉන්න එක අන්තිම භයානකයි. ගිණිකන්දක් වගේ කොයි මොහොතේ පූරයිද දන්නේ නෑ.
ReplyDeleteඅපි උන්ට කරදර කරන්නෙ නෑ කියල කුරුල්ලො දන්නව හෙන්රි,දුක තද කරන් ඉන්නව කියන්නෙ හරියට බෝම්බයක් උඩ ඉන්නව වගේනෙ කොයි වෙලේ පුපුරාවිද දන්නේ නෑ.
Deleteගේ ඇතුලට ඇවිත් කුරුලු කූඩුවක් හදපු කුරුල්ලෝ ගැන ඇහුවමයි. කරදර උණාට, කුරුලු පැටව් හරි ලස්සණයිනේ.:)
ReplyDeleteපොඩ්ඩි පොඩ්ඩි පොඩ්ඩි..මම කාලෙකට කලින් ලිව්ව කතාවක් තිබුනා..ඉන්ඩ බලන්ඩ ඔයා ඒකට කමෙන්ට් කරලද කියලා..:-)
Deleteවෙනී...වෙනී...වෙනී...ඔයා ඒක බැලුවද? :D
Deleteහනේ හනේ හනේ.. මොකෑ මොකෑ මොකෑ මේ එකෝ එකෝ එකෝ වගෙ වෙන්නෙ නේ නෙ :D
Deleteමෙන්න මුන් දෙන්නා කොමල කරනවා චන්දන මලයෝ...
Deleteකුරුළු පැටව් නං ලස්සන තමයි පොඩ්ඩියෙ,ඒත් උන්ගෙ ඇඟේ වහන මැක්කො තමා සවුත්තු.
Deleteපොඩ්ඩිගෙ වෙලාව හොඳා..ඒ පෝස්ට් එකට කිසිම කමෙන්ටුවක් දාලා නෑහ්..දමලා තිබ්බා නම් කීව බොරුව අතේ මාට්ටු !
Deleteපොඩ්ඩි බොරු කියන්නේ නෑනේ...දැක්කද? :D
Deleteඒ වගේ කුරුල්ලොත් ගෙවල් ඇතුලේ කුඩු හදනවා එහෙනම්...
ReplyDeleteනෝනා මහත්තයද වෝනින් කොලේ.....ඩිස්කවරි අය සතුන්ට නොතේරෙන්න කැමරා අටවල තියෙනවා නේද..
ඔව් කෙන්ජි අපි හිතන්නෙ නෑ උන් ගෙවල් ඇතුලෙ කූඩු හදයි කියල නේද,වෝනින් කලේ ගුගල් එකෙන් මචං,කුණුහරුප ලියනවා කියල.නෝනා මහත්තය එක්ක නං බෙර ගන්න බැරියැ.
Deleteඔයාට වොර්නින් කරන ගූගල් එකට kenji ලියන කුණුහරප පේන්නේ නැතුවාද දන්නේ නැහැ , නැත්තම් ඒ ගොල්ලොත් ආසද දන්නේ නැහැ ඒ කුණුහරප කියවන්න
Deleteඑක අතකට පුදුම හිතෙනවා නේද සතා සර්පයාගෙන් ආරක්ෂා වෙන්න, කුරුල්ලෝ මිනිස් සතාගේ ලඟට එන එක. වෙන එකෙක්නම් ඔය පැටවූ දෙන්නා සුප් හදලා බොයි. අපි ළඟ කොහොමටත් සත්ව කරුණාව තියනවා. බැන බැන හරි, දිනපතාම ගේ හෝදලා හරි, උන්ට ඉන්න දෙන්නේ ඒ නිසා නේද? අහලා ඇතිනේ ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්තයාගේ කාරෙකේ මීයෝ පැටවූ ගහපුවම, එතුමා කාරෙක පාවිච්චි නොකර හිටිය හැටි ඒ පැටවූ ලොකු වෙනතුරු.
ReplyDeleteමට බොහොම දුකක් ඇතිවුනා අර මායක්කාගේ කතාව අහලා. ඔයවගේම මානසික විකෘතියෙන් පෙලෙන, එහෙත් සම්පූර්ණ උමතු භාවයට පත්වුණේ නැති 'මායක්කලා' අපේ සමාජයේ කොපමණ ඇද්ද? පෙරදිග අපේ තියන දැඩි පවුල් සබඳතා නිසා, අපි කොයිතරම් පරිත්‍යාග කරනවද? 21 වැනි සියවසේ හිටියත්, පරිගණක තාක්ෂණයෙන් මනමාලයෝ/මනමාලියෝ හෙව්වත්, පොඩි අඩුපාඩුවක් තියන සාමාජිකයකු ඉන්න පවුලකින්, එවැනි කිසිදු අඩුපාඩුවක් නැති කොල්ලෙක්/කෙල්ලෙක් බැඳගන්න පසුබට වෙන සමාජයක් තමයි තවමත් අපිට තියෙන්නේ.
ඔව් විචාරක තුමා අකමැත්තෙන් වුනත් උන්ට පැටව් ලොකු කරගෙන යන්න ඉඩදෙන්න වෙනවනේ,ඊ ඩබ් අදිකාරම් මහත්තයගෙ කතාව මමත් අහල තියෙනව.
Deleteඅපේ අය ඔය වැනි දේ ගැන හරියට හොයනවනේ විවාහ මගුල් වලදී ඇත්තටම මෙතන පවුලේ උරුමයෙන් එන මානසික ආබාධයක් නැතුවත් ඒ අයට හරිම අසාධාරණයක් වුණා,අර මාතලන් කියනව වගේ අපි සීග්‍ර වේගයෙන් ලැම්බෝගිනියෙන් ගල් යුගයට යමින් ඉන්නෙ.
ගේ කුරුළු පැටවුටම කුලියට දීලා ඔයාලා වෙන කොහේට හරි යන්න එපෑ. හි… හි… :-D
ReplyDelete18+ කියලා කතා මගහැරීම පිලිබදවනම් බලවත් විරෝධය.
18+ කියලා කතා මගහැරීම පිලිබදවනම් බලවත් විරෝධය. #2
Delete//18+ කියලා කතා මගහැරීම පිලිබදවනම් බලවත් විරෝධය//මමත් එකතු වෙනවා මේ විරෝධතා ව්‍යාපාරයට..
Deleteබෑ බෑ හැලපට ඒවා ලියන්න බෑ එව්වා බලධාරිනිය කපා හරිනවා සසිදුවෝ....
Delete18+ කියලා කතා මගහැරීම පිලිබදවනම් බලවත් විරෝධය. #4
Deleteමග ඇරීමක් නෙවෙයි ළමයිනේ,බලධාරිනිය එක්කත් බේර ගන්න බැරුවයැ ඊට හපන් වැඩක්නෙ වෙලා තියෙන්නෙ,මම කුණුහරුප ලියනව කියල ගුගල් එකෙන් සති දෙකක ලිමිටඩ් ඇක්සස් එකක් දාල.ඉතිං කාටද කියන්නෙ ආයෙම ලිව්වොත් අයින් කරනවලු.
Deleteහෑ එහෙම කොහොමද වෙන්නේ හැලපෙ අයියේ එහෙනං මේ වෙනකොට අපේ කෙන්ජයියගේ එක බ්ලොක් වෙලාම තියෙන්න ඕනනේ. කවුරු හරි රිපොර්ට් කරලද දන්නේ නෑ
Deleteමටත් මතකයි එක වතාවක් හැලපයියාගේ බ්ලොග් එකට ඔහොම කේස් එකක් අවා නේද මොකක්ද පින්තුරයක් එහෙම දාලත්..
Delete//මම කුණුහරුප ලියනව කියල ගුගල් එකෙන් සති දෙකක ලිමිටඩ් ඇක්සස් එකක් දාල.ඉතිං කාටද කියන්නෙ ආයෙම ලිව්වොත් අයින් කරනවලු//
Deleteහැලපෙ කරන්නෙ වැල සයිට් එකක් නොවන බව සිංහල දන්න ඕන පුත්තලං බුරුවෙකුට තේරෙනව. පුරස්නෙ, ගුගල්ට සිංහල නොතේරෙන එකයි. මට හිතෙන්නෙ එයාල ගාව අපේ ජනප්‍රිය කුනුහබ්බ වචන සෙට් එකක් ඇති. බොහෝ විට කී වර්ඩ් සර්ච් කරනව ඇති. අර ලොක්කයියගෙ දෙබස් සැට් එක දැම්මාම, කෙලින්ම බඩු බනිස් :)
කවුරු හරි රිපොර්ට් කරල කියල මම නං හිතෙන්නෙ නෑ. මේ කතාවල තියෙන්නෙ කුණු රසය නොවන බව අපි හැමෝම දන්නවා.මේකට අපි මොනව හරි විකල්පයක් බලමුද, හැලපෙ. මොකද මේ නිසා අපට නැතිවෙන්නෙ හොඳම කතා ටික :).
මට යෝජණා කරන්න තියෙන ටික මම පහල දාන්නම්. අනිත් අයත් දායක වෙනව නං හොඳයි.
1. අවුලක් වෙයි යැයි සිතෙන වචනයේ අකුරු මාරු කර දැමීම
2. ආදේශක වචනයක් යෙදීම.
උදා: පූසිගෙ පුතා
කිරි බෙල්ලා
කුනුහබ්බ යැයි සමාජ සම්මත වචන වුවද එය කුනු හරුපයක් වන්නේ යොදාගන්නා පරමාර්ථය අනුවයි. මෙන්න උදාහරණ:
OSHO
ගොඩක් ස්තූතියි ටොමියෝ මම එහෙමවත් කරල බලන්නං මොකද ගුගල් එක්ක කතාකරන්න විදියකුත් නෑනෙ.
Deleteකොන්ඩ කුරුලු කූඩුවෙන් පටන් ගත්ත කතාව මාර වටයක්නෙ ගියේ :D
ReplyDeleteඑහෙම තමයි,රවුමක් ගිහිං ආපහු එනකොටනෙ සොමිය තියෙන්නෙ.
Deleteකමක් නෑ බං ඔන්න ඔහේ ඉන්න දීපං මේ පාර විතරක්. කුරුල්ලො ගැරඬි ගැන කිව්වම මටත් මතක් උනා පෝස්ටුවක් දාන්න කතන්දරයක්
ReplyDeleteඔව් බං මේ පාර නං ඉඳීවි ඒ වුනාට ආයෙම කූඩු හදන්න බැරිවෙන්න මොනවා හරි කරයි.කුරුල්ලන්ට ඉස්සෙල්ල අර ගාමිණීගේ සෙනෙවිගේ වගේ තව කතා ටිකක් තියෙනව නං ලියපං.
Deleteහැබැයි සැළළිහිණියෙක් ඇවිත් කූඩු තනන්න ගත්තොත් නං ඔයැයි ඔහොම කියන එකක් නෑ මං හිතන්නෙ...
ReplyDeleteඈ මහේෂ් සැළලිහිනියොත් ඔය වගේ කූඩු තනනවද හැබෑටම.
Deleteමායාක්කා කියල නම දැම්මේ කව්ද දන්නෑ නේද?? හැක්..
ReplyDeleteමායා කියන්නෙ ගෙදරට කියන නම බං,නියම නම වෙන මොකක්ද එකක්.
Deleteඅපේ ගෙවල් වල අපි ගේ කුරුල්ලන්ට මුට්ටි හයි කරලා කූඩු හදලා දීලා තිබ්බා. අදටත් මම දැනට ඉන්න ගෙදර ඉස්සරහ දොර ඇරලා තිබ්බොත් කොන්ඩ ජෝඩුවක් බිත්ති පහන් වල ෆ්‍රේම් එක අස්සෙමයි. කවර ගලවලා දැම්ම නිසා හැමදාම ඇවිත් බලලා යනවා..
ReplyDeleteඔය ජාතියෙ අය එන්නෙම ගෙවල්වලට මම හිතන්නෙ ආරක්ෂාව හොඳ හින්ද වෙන්න ඇති.
Deleteඅර යක්ෂය කියල තියෙනව වගේ ඔය කුරුළු ජෝඩුවක් තැනකට පුරුදු උනොත් පැටව් දාන කාලෙට දිගටම එතෙන්ට එනව. කැලෑවල් වල හැංගිලා අර වගේ ෆොටෝ ගත්තට ඕපන් ඒරියාස් වල ඒ වැඩේ කරන එක සෑහෙන්න අමාරුයි.
ReplyDeleteමායක්කට උන වැඩේනං හරිම කණගාටුදායකයි. දුකක් තියෙන වෙලාවට ඒක පිට කරන්නෙ නැතුව ඉන්න එක භයානකයි.
ඔව් දැන් අපේ ගෙදරට ඒකනෙ වෙලා තියෙන්නෙ,පොඩ්ඩක් ඉඩ ලැබුණු ගමන් ඇවිත් කූඩු හදනව,ඔය පිංතූර ගැනිල්ල සෑහෙන පළල් විෂයයක් ප්‍රසන්න,හරිම අමාරුයි.
Deleteඔය ඕනම දුකක් දරාගෙන අඬන්නෙ දොඩන්නෙ නැතුව ඉන්න එක බොහොම අගය කලයුතු ගුණාංගයක් විදිහට අපි හිතුවට හැලප ඒ වැඩේ එච්චර ..එච්චර නෙවෙයි කොහොමවත්ම හොඳ නෑ. ඕනම මෙෂින් එහෙක තියනව මචං ප්‍රෙෂර් රිලීසිං වෑල්ව් එකක්. පීඩන නියමන කපාටය...එහෙම නැතිඋනොත් දවසක එන්ජින් එක කලාස්. මිනිස්සුන්ටත් එහෙමම තමයි. කෑගහල අඬල දොඩල ප්‍රෙෂර් එක රිලීස් උනේ නැත්තං මචං එන්ජිම පුපුරලම තමයි නවතින්නෙ...
ReplyDeleteඅපි කෑගල්ලෙ ඉද්දි අම්ම එක්ක වැඩ කරපු නැන්ද කෙනෙක්ගෙ ගෙදර ඉස්සරහ හුඩ් එක යට වැහිලිහිණි කූඩුවක් හදල තිබ්බ. ඒකෙ උං හිටිය අවුරුදු ගාණක්ම. මැටි බෝල වලින් කූඩුව හදල තිබ්බෙ.
රවී ඔය වැහිලිහිණි කූඩු හොරෙන් පිටරට යවනව නේද හරිම දුර්ලභ ඖෂධීය ගුණයක් තියෙනව කියල චීන්නු එහෙම සුප් හදල බොනවලුනේ.අපේ අම්මලාගේ ගමේ කනත්තෙ ගෙයිත් ඔය වැහිලිහිණි කූඩුවක් හදල තිබ්බ ඒත් මැටි බෝල වලින්,මම පින්තූරෙකුත් අරගෙන තිබුණා.
Deleteහැලප, විශේෂ වැහිලිහිණි වර්ගයක විතරයි කූඩු ආහාරයට ගන්නෙ. ගල් ගුහාවක වගෙ ආවරණිත ස්ථානයක පිරිමි සතා උගේ කෙළවලින් කියනව ඒ කූඩුව හදන්නෙ. ඒ ඝනවූ කෙළවල ඖෂධීය ගුණයක් තියනව කියලයි ඔය එව්වට අධික වටිනාකමක් ලැබෙන්නෙ. ඒ විශේෂ වැහිලිහිණියට කියන්නෙ සිංහලෙන් කැදලි තුරීතයා කියලලු
Deleteමේක මිළ අධික සුප් එකක් මචං. ඉස්සර රමාඩා රෙනෙයිසන්ස් හෝටලේ මම වැඩ කරන කාල්ලේ වොන්ග් ෆෙන්ග්ද මොකක්ද කියලා රෙස්ටෝරන්ට් එකක් තිබුනා. ඒකේ ඕක තිබුනා. ඇත්ත චීනෙක් හිටියේ මහ චෙෆා ඒකේ. ඌ කිව්වා මේ කූඩු වගාවක් ලෙස (harvest) කරනවා කියලා. කවදාවත් රස බලන්න ලැබිලා නැහැ. ගණන් වැඩි නිසාම වෙන්න ඇති. හැදෙනවා අඩුයි. Frogs legs නම් රහ බැලුවා.
Deleteබබා ඇතින්න,හේ,හේ මරු නම්නේ හැලපයියේ දාලා තියෙන්නේ.වේලාවට මායාක්කාව පෙති නොගහා කෙසල් පදුර පෙති ගැහුවේ.මයක්කාව කැපුවානම් බොලා තාමත් හිරේ.
ReplyDeleteබබා ඇතින්න මරු බඩුව අප්පා,මායක්කවයි නැන්දවයි නැටෙව්ව,හරකෙක් කෙහෙල් පදුර කාල කියල මට බැන්නේ.
Deleteකුරුල්ලොත් එක්ක ලිපියෙන් මායක්කලගේ ගෙවල් පහළින් චූටියගේ ගේ දිහා බල බලා එදා අටමයි මායි එක්කං ගිය හැටි මතක් වුණා. අර වෙල් යාය පාලුවට ඇරල තියන හැටි දකින කොට නං දුකයි.
ReplyDeleteඊට පස්සෙ මම ගිහිං ඒ හැම තැනම පිංතූර ගත්ත නලින්.
Delete//මායක්කලගේ කෙහෙල් පඳුරම පෙති ගහල දැම්ම//
ReplyDeleteමානසික ආබාධිත කාන්තාවකට සැලකූ ආකාරය හෙළා දකිමි!
දුලාගේ අඩවිය ලියන දුලා
මට බනින්න හිතේ තියාගෙනම ඉඳල මානසික ආබාධය පලිහක් කරගෙන ඒ වැඩේ කරපු නිසයි කේන්ති ගියෙ.මානසික අබාධයක් තිබ්බ නං හිනාවෙවී පම්පෝරි ගහන්නෙ නෑනෙ.
Deleteහපෝ ඔය ඩිස්කවරි අරකෙ මෙකෙ උන්දල ෆොටො ගහන්නේ දඩාර ලෙන්ස් පාවිච්චි කොරල එයාල ඔය කුඩුවක් තියා ලඟ අහල පහලකින්වත් යන්නෑ ඈත ඉඳන් දෙනව බැටේ අරවගේ පිස්සු කෙස් අපේ ගමෙත් තිබ්බ මතකයි ඔව්ව ගොඩක් හැදෙන්නේ බඳින වයස පැන්න ගෑනු උදවියට නේද
ReplyDeleteඔව් රාජ්,බඳින්න බැරිවෙච්ච එක ගැන ගොඩක් කල්පනා කරලම ඔහොම වෙනව ඇති.ඔය පොටෝ අල්ලන එක ගැන නං ලොකුවට් කතා කරන්න වෙනව ඒ ගොල්ලො පොටෝ අල්ලන හැටි ගැන වැඩ සටහන් හිටන් තියෙනව මම දැක්ක.
Deleteපව් අහිංසක මායක්ක. දුකක් දැනුනම අඬන්නේ වැලපෙන්නේ නැතුව හිටියම ඔහොම වෙන බව මමත් අත්දැකල තියනව හොඳින්ම.
ReplyDeleteඅපේ ලොකු නැන්ද හදිසියෙන් අසනීප වෙලා අභාවප්‍රාප්ත උනා නොසිතුව විදියට. අපේ සීය, ඇඞුවෙ වැලපුනේ නැතුව තනි රැක්ක තමන්ගේ වැඩිමහල් දියණියට. සීය ගැන කියනවා නම්, වයස අව්රුදු 93ක් ඒ වෙනකොට උන්දැට. නමුත් හරිම නිරෝගී, පෝයට පන්සලේ සිල් ගත්තේ, තමන්ගේ වැඩ ටික කරගත්තේ කිසිම අමාරුවක් නැතුව. එහෙම ගහක් ගලක් වගේ හිටපු මනුස්සයා, මරණෙන් දවස් 9 කට පස්සේ අංශ භාගේ හැදිලා එක තැනට උනා, ඊට සතියකට පස්සේ අපිව අත ඇරලා යන්න ගියා. ආගම ධර්මය එක්ක, හැමදේම අනිත්‍යයි කියල හොඳින් දැනගෙන හිටියට, හිතේ හිර කරන් ඉඳපු දුක ඉවසන්න බැරි වෙන්න ඇති සීයට.
ආගම ධර්මය අනිත්‍යය ගැන කොච්චර හොඳට දැනුම් තේරුම් ඇතුව හිටියත් සීයට තමන් ගෙ දුවගේ මරණෙ දරාගන්න බැරිවෙන්න ඇති,අඬා වැලපිලා දුක තුනී කරගත්ත නං සීයට අංශ බාගෙ නොහැදෙන්න ඉඩ තිබුණා නමුත් ඉතිං වෙන්න තියෙන දේ වෙනවමයි නේද.
Deleteමේ කථාවේ මතුපිටින් පේන දේට වඩා මහා විශාල පණිවුඩයක් මට පේනවා. ඒ ස්වභාව ධර්මයේ සිදුවීම් කොතරම් නම් සුන්දරද? අපිමනේ ඒවා විනාශ කරන්නේ.
ReplyDeleteඋඹ කිව්වා හරි ඒ කැමරාශිල්පියෝ හා අධ්‍යක්ෂකවරැ ඒ සිදුවීම් කැමරාවට හසු කරගන්න කෙතරම් නම් කැපවීමක් කරනවද? දවස් කීයක්නම් නිදි මරාගෙන එකම සිදුවීම ගන්න වෙහෙසනවා ඇද්ද?
අර මායක්කාගේ සිද්ධියත් හරිම ඛේදණීයයි. ඔය වගේ හදිසි කඩා වැටීම් වලට පවුලක් ලක් උනාම ඔක්කොම ඉවරයි. සල්ලි නැතත් කමක් නෑ ලෙඩක් දුකක් නැතිව ඉන්න තියෙනවා නම් එයයි සතුට. ඒත් මේ විෂම ලෝකයේ මරණය හැරැනුකොට කිසිම දෙයක් ගැන බලාපොරොත්තුවත් විශ්වාසයක් වත් තියාගන්න බෑ. උඹට ජය අයියේ!!!
මායක්ක ගැන මතක් වෙනකොට මට අදත් දුකයි චන්දන,ඇත්තටම මනුස්සයෙකුට හෙට වෙන දේ ගැන කියන්න බෑනෙ ස්තූතියි.
Deleteඅපේ ගෙදරත් පැණි කුරුල්ලො කුඩයක් හදල තියනව..අපිටත් කරදරයක් නැති නිසා කුරුල්ලො පාඩුවෙ ඉන්නව..ගැරඩි වගේ සර්පයින්ගෙන් තමයි උන්ට කරදර වෙන්නෙ නිතරම..
ReplyDeleteගෙ ඇතුලෙ බෙටි දාන එක නැත්නං වෙන කරදරයක් නෑ උමේෂ්.
Deleteමතක ඇතුව රෙන්ට් එක ඉල්ලන්ට..ඊළඟ සැරේ එන එකක් නෑ :-)
ReplyDeleteමායක්කාගේ කතාව සිරාවට අප්සෙට් කතාවක්!
රෙන්ට් එක කීයක් ඉල්ලන්නද කියල මේ හිත හිත ඉන්නෙ කැන්ඩියන්.
Deleteකුඩු කතා දෙකයි ,හැක්
ReplyDeleteකුරුළු කුඩු කතාවකුයි,
තව හැලප කුඩු කතාවකුයි ,ඇත්තටම හැලප නොනාට බය ද ???නැත්නම් ඕක ඔය බැදපු පිරිමි කියන එක ජාතියක බොරුවක් ද ???බොරුවකුත් නෙවෙයි නිකන් අර ලකුණු දා ගන්න වගේ වැඩක් ද ???/
අපේ ගෙදර දෙහි ගහක ඔය වගේ කුරුළු කුඩුවක් තිබුමාත් කිරිල්ලි බිත්තර උඩ ඉන්න කොට ලඟටම ගිහින් පොඩි පින්තුර කැල්ලක් ගත්තා ,තවම තියෙනවා ලග ,එක මාරම අත්දැකීමක් ,සාමාන්‍යයෙන් අපි ලගට යනකොට කුරුල්ලො අයින් වෙනවා ,මේ කිරිල්ලි ගියේ නෑ ...
මෙහෙමයි සහෝ,ඔය නෝනට බය කතාව ඇත්තටම කියනව,විහිලුවට කියනව,නෝනට සවුත්තුවට කියනව ඕක හරියට තේරෙන්න නං නෝන කෙනෙක් ඉන්නම ඕනෑ,අර බල්ලගේ කතාව බලල අයියෝ මාව කාල කියල නෝන කිව්වා,මම හැක හැක ගාල හයියෙන් හිනාවුනා.
Deleteඉතිං මම කියන්න ඔය කතාව හරියටම තේරුම යයි බැඳපු දවසක,ඒ නිසා ඉක්මනට බැඳපන්.
ඔන්න මේක මේ පොස්ට් එක ලියපු කෙනාට අදාළ කතාවක් නෙවේ..... ඉස්සර කුරුල්ලන්ට ඉතින් කුඩු හදන්න අරක්ශාකාරිම තැන හැටියට ගන්නේ කැලැවේ තියෙන ගස්වලින් කැතම හා භයනකම යාකාට අයිති ගහලු .... එතකොට යකට තියෙන බය නිසා අනික් එවුන් දිස්ට්‍ර්බ් කරන්නේ නැලු
ReplyDeleteරාළේ මේ කතාව මම ගැන කියපු එකක් නෙවෙයි නේද.
Deleteපොටෝ ගහන්න තියා ඒ පැත්ත බලන්වත් එපා බං..
ReplyDeleteඅපේ වත්තෙ නීල කොබෙයියෙක් කුඩුවක් හදල පැටව් තියාගෙන ඉන්නවා.. ඌ ඒක හදල තියෙන විදිහ දැක්කම දුකයි බං. පැටව් කොහෙන් වැටෙයිද මන්දා..
පොටෝ නොගහ හිටියෙ බං,මේ පින්තූර ටික ගත්තෙ උඹලට පෙන්නන්න නිසා.
Deleteකුරුල්ලෝ ඔයාලා ගැන හොඳ විශ්වාසයක් තියලා තියෙනවා නේද හැලපේ...??
ReplyDeleteමයාක්කාට නම වැටුනේ එයාලගේ ගෙදරට "මායා" කියලා කිවුව නිසා කිවුවනේ... ඒ ගෙදරට නම දැම්මේ එයාලට මෙහෙම වුණාට පස්සෙද හැලපේ..??
කුරුල්ලෝ මා ගැන උපරිම විශ්වාසය තියල ඉන්නෙ,ගෙදරට නෙවෙයි මායා කිව්වේ මායක්කට.
Deleteරෙද්ද ... එක්කො එහෙම දෙයක් තීනව කීල නොකිය ඉන්න ඕන. 18+ කියල අපේ අහවල් එක අවුස්සල ඊටපස්සෙ මගාරිනව ඉඳගෙන.
ReplyDelete18+ කියලා කතා මගහැරීම පිලිබදවනම් බලවත් විරෝධය. #5
හැලපය්ය මාර චන්ඩියෙක්නෙ.. කැත්ත අරං ගිය හැටියට මං හිතුවෙ මායක්කට බඩුම තමයි කියල. හෙහ්..හෙහ්...
18+කතා ලියන්න මමත් හරි කැමතියි බං,මොනව කරන්නද හොඳ ළමයෙක් වෙන්න වෙලානේ.
Deleteකැත්ත අරං යනකොට අම්ම හිතන්න ඇති මම මායක්කව කපන්න යනවා කියල.
ඔයාව කතාවේ මතු කල සහ නොකළ කතා දෙකම තේරුම් ගත්තා අයියේ,, බබා ඇතින්න ගැන ලියන්න හොදේ
ReplyDeleteස්තූතියි අපූස්,බබා ඇතින්න ගැනත් ඉස්සරහට ලියන්නං.
Deleteකුරුල්ලො පුරුදු උනාම නැවත් නැවත් එනව නේද.මගෙත් ගැරාගෙ එකෙ කොබෙයියොද කොහොද කුඩුවක් තියෙනව.පැටවු ටික ගිහිල්ල සති දෙක යනකොට ආපහු බිත්තර තියෙනව.මමයි වයිපරෙයි කියන්නෙ ඉස්සෙල්ලම කුඩුව හදපු කිරිල්ලි එක රෙන්ට් අවුට් කරනව කියල.අපිත් ඉතින් උන්ට කරදරයක් වෙන්න දෙන්නෙ නැ.
ReplyDeleteහුනියම් විස්වාස කිරිම තමයි ලොකුම හුනියම නේද
මායක්ක අම්මට බනින්න ඔන ටික වැරදිල උබට බැන්නද අයියෙ
දමිත් කිටල තියෙන්නහේ ඔය හැදී හූනියං විශ්වාස කරන එක තමා ලොකුම හූනියම.
Deleteනෑ බං මායක්ක හිතලමයි මට බැන්නේ පලප්පකමට.
අපේ මිදුලෙ උස අඩු පදුරකත් මේ අයම කූඩුවක් හදලා තිබුනා...කොණ්ඩ කුරුල්ලො එලව එලව කොටන්නෙ...කාටවත් ලං වෙන්න දුන්නෙ නෑ ඒ දවස් වල...සමහර වෙලාවට මිනිස්සුන්ටත් කොටන්න එනවා...බලන්න දරු සෙනෙහසේ අරුමය...
ReplyDeleteඔව්නෙ සිරා අර පින්තූරෙ ගන්න යද්දී කිරිල්ලි කෑ ගහපු කෑ ගැහිල්ලට මම හිතුවෙ මට කොටයිම කියල.
Deleteකුරුළු පැටවුන්ට ආරක්ෂාව තියෙනව කියලා හිතෙන ඕනම තැනක කූඩු හදනවා. එක පාරක් අපේ යාළුවෙකුගේ ගෙදර Main Switch board එක ගාවත් කූඩුවක් හදලා තිබුනා
ReplyDeleteඒක නං ඇත්ත තුශානි,ඒ අය ආරක්ෂා සහිතයි කියල හිතන ඕනෑ තැනක කූඩු හදනවා.
Deleteකොණ්ඩ කුරුල්ලා... ඉස්සර කවුද රාජ කුමාරයෙක් කොණ්ඩ කුරුල්ලෙක්ගෙ විදිහට කොණ්ඩෙ කපල, කොණ්ඩ කුරුල්ලෙක් උරහිසෙ තියාගෙන ඇවිදින්න පුරුදු වෙලා හිටියලු. :)
ReplyDeleteඅපේ ගෙදරත් කූඩුවක් හදල එක පාරක් පැටව් ඉගිලිලා ගියා. උන්ගෙ කූඩුව කිට්ටුවට ගියොත් දෙකක් වෙන්න කෑ ගානව. ඒ කූඩුව බිමට වැටෙන්න වගෙ තියන කොට පොඩි පටි කෑල්ලක් ගහල මං සපෝට් එකකුත් දුන්න.
දෙවෙනි වතාවෙත් උන් ඒකෙ බිත්තර දැම්ම. ටික දවසක් ගියාට පස්සෙ ලේනෙක් අර බිත්තර බිමට ඇදල දාල, ගේ විශාල කරල ඒකෙ පදිංචි වුනා. ඊටත් ටික දවසකට පස්සෙ ඇඟිල්ලක් විතර මහත මැරිච්චි ලේන් පැටියෙක් බිම වැටිල හිටිය.. කල කල දේ පල පල දේ වගෙ..
තව දවසක් ගෙදරක වැඩකට ගිය වෙලාවක සූටික්කො කූඩුවක් හදල තිබුනු තැනකින් බටයක් අදින්න වුනා. මං ඉතින් බොහොම සීරුවෙන් මේසයක් උඩට නැගල ඒ වැඩේ කලා. මං එහෙම නැග්ගම, සූටික්ක ගෙ කූඩුව මගෙ ඉණ ගාවට වගෙ ගෑවි නොගෑවි තියන්නෙ. ඒත් බිත්තර රැකපු කිරිල්ලි ඉගිලිලා ගියෙ නෑ. පහුවදා ඒ බිත්තර බිමට ඇදල දාල තිබුන. ගෙදර අය නම් කිව්වෙ කිරිල්ලිම ඇදල දාල කියල. ඒකට නම් මට ටිකක් කණගාටුත් හිතුන.. සමහර විට මගෙ අතින් කූඩුව හෙලවුනාද දන්නෙත් නෑ.
පොඩි කුරුලු පැටව් දඟලන්න ගිහින් බිමට පැන්නම නම් මල වදේ. ඕන එකක් වෙච්චාවයි කියල බලා ඉන්න හිතෙන්නෙ නෑනෙ.. අපිට ඉතින් ඔන්න ඔහොම ඒව නිතරම සෙට් වෙනව.
හප්පොච්චියේ මගෙ කමෙන්ට් එකේ දිග.. !!!
Deleteකුරුල්ලෝ ගැන හොඳ විස්තරයක් චන්දන,අපට නං තවම ඔයාට තරං කරදර වෙලා නැහැ.කමෙන්ට් එක දිග වුනාට ගාණක් නෑ හොඳ විස්තරයක්නේ.
Deleteකාලෙකින් බ්ලොග් ටිකක් කියවන්න ආවේ. නියම පොස්ට් එක. බබා ඇතින්න ගෙනාවේ මායක්කව බලාගන්නද නැත්තං වෙන කෙනෙක් බලාගන්නද?
ReplyDeleteහැබෑටම උකුස්ස බොහොම කාලෙකිං,බබා ඇතින්න ආවෙ නං නැන්දව බලාගන්න ඒ වුනාට සිද්ද වුනේ වෙන දෙයක්.විස්තර පසුවට.
Deleteමට නං ඕනෙ තරං වෙලා බලං ඉන්න පුළුවන් ඔය කුරුළු පැටවුන්ට අම්මා කවන දිහා..හැබැයි ආදරේ වගේම තමයි කලවයස ආවම පියාඹන්න පුරුදුවෙනකොට අම්මයි තාත්තයි ආපහු කූඩුවට නො එන්න එලවන හැටි.. ඔය ගතිය වැඩියම තියෙන්නෙ ගේ කුරුල්ලන්ටයි..
ReplyDeleteමිනිස්සුන්ටත් කුරුල්ලන්ගෙන් ගන්නට ආදර්ශයන් තියෙනව නේද සරත්.
Deleteපැටව් ඉන්න, බිත්තර තියෙන කුඩු වලට ලං වෙන එක එච්චර හොද නැතිලු. කුරුල්ලො බය උනොත් පැටව්ත් අතැරල යනවලු. ඔය පැටව් ඉන්න කුරුලු කුඩු පින්තුර ගන්නකොට කවඩවත් ෆ්ලැශර් එක පැවිච්චි කරන්න එපා.
ReplyDeleteඑහෙනං ප්ලෑෂ් දාලම ගන්න එක හොඳයි,අපටත් ඕනෑ කරන්නෙ මේ ගොල්ලො එලව ගන්න.
Deleteඉස්සර අපේ ගම්වල මුට්ටියක හිලක් හදලා කට පැත්ත බිත්තියට හෙත්තුවෙන්න කුරුළු කුඩු හදලා තිබ්බ හැලපෙට මතකද ? කොණ්ඩ කුරුල්ලන්ට විතරද ආයේ එන්න දෙන් නැත්තේ. බබා ඇතින්නියෝ ආවොත් මොකද කරන්නේ ?
ReplyDeleteමොකද නැත්තේ හොඳට මතකයි,මුදුන් බිත්තියෙ උඩ හරියේ නේද මුට්ටිය එල්ලුවේ හුණු වලින් තිත් තියෙල එහෙම,ඒ මුට්ටියට ආවෙ ගේ කුරුල්ලො විතරයි නේද තිලකෙ.දැන්නෙ ඔය හැම ජාතියේම කුරුල්ලො කූඩු හදන්න එන්නෙ.
Deleteඔය හුනුවලින් තිත් තිබ්බේ මීයන් ගැරඬින්ගෙන් බේර ගන්නලු. රෑට ඒ සුදු තිත් කළුවරේ කැපිලා පේන නිසා. ඇත්ත බොරු දන්නේ නැහැ. පොඩි කාලේ අහපු කතාවක්.
Deleteමචං සෑහෙන්න පරක්කුයි. නොයෙකුත් වැඩ යෙදුනා.
ReplyDeleteමායක්කාගේ චරිතය මාව හිරිවැට්ටුවා බං. ඔහොම තද කරගෙන ඉඳලා ඒවා එලියට පනින්නේ ඔය විදහට තමයි. ඒදේවල් වලට කට්ටඩි මැදට පැන්නාම පවුල් පිටින් ආර්ථික අගාධයට වැටෙනවා. අපේ තාත්තාගේ නංගි කෙනෙකුට එහෙම ආබාධයක් වුනා. සීයා අන්තටෙම වැටුනා. පස්සේ නිකන්ම හරි ගියා. බැන්දා.. දැන් එක දුවක් උපාධිදාරිනියක්.
ගෙදර බිත්තියක හිලක් විදපු මුට්ටියක් හයි කළොත් මොකද ?
ReplyDelete