Sunday, February 23, 2014

117.වැඩ වර්ජනයක අතුරු කතාවක්


අපි හැසිරෙන්නෙ ක්‍රියාකරන්නේ අපට අවශ්‍ය ආකාරයටද එහෙම නැත්නම් අපේ ජීවිත හසුරුවන යම් කෙනෙක් හෝ බලවේගයක් ක්‍රියාත්මක වෙනවාද කියන කාරණය මට නිතරම කල්පනා වෙන දෙයක්,මොකද කිව්වොත් අපේ ජීවිත පාලනය කරන මෙන්න මේ දෛවය නමැති බලවේගය අදෘශ්‍යමානව අපේ ජීවිතවලට කරන බලපෑම මා මගේ ජීවිතයෙත් යම් යම් අවස්ථාවන්හිදී දැක අත්විඳ ඇති නිසායි...

ලෝකයේ ජීවත්වන හැමටම නියමවූ තැනක් තියෙනවය කියල කියනවනෙ,වඩා විස්තර සහිතව කිව්වොත් අපි කොපමණ කැමැත්තෙන් හිටියත් අපට ලැබෙන්නෙ අපි කැමති දේ නොව අපට ලැබෙන්නට නියම වෙලා තියෙන දේයි...යම් දෙයක් හෝ කෙනෙකුට අපි කොපමණ ආසාවෙන් හිටියත් එය අපට ලැබෙන්නට නියමිතව නොමැතිනම් අපි මොන තරම් උත්සාහ ගත්තත් ලැබෙන්නෙ නැහැ සහ අපට ලැබෙන්නට නියමිතව ඇත්නම් කිසිම උත්සාහයකින් තොරව එය ලැබෙනවා...ඔය වගේ වෙලාවට ලැබීමක් නෑ හෝ ලැබීම තමයි කියල අපි කතාවට කියනව...

ඒ වගේම කෙනෙක් අමාරුවක කරදරයක වැටෙන්නට යන වෙලාවක් ගත්තොත් එවැනි කරදරයකට අමාරුවකට වැටෙන්නට අපේ දෛවයේ ලියවිලා නොමැති නම් ඒ දේ කිසිසේත්ම සිද්ද වෙන්නෙ නෑ,ඔය කාරණේ අනික් පැත්තත් ඔය විදියමයි...මේ දේ මගේ ජීවිතයෙ කිහිප සැරයක්ම මම ඉතා හොඳින් අත්විඳල තියෙනව කිව්වොත් එය නිවැරදියි...මට හොඳින් මතක කාලයේ මම අත්දැකපු එක සිද්දියක් මා කියන්නම්,මේ කතාවට සෑහෙන අතීතයක් තියෙනව,ආ අතීතෙ කියනකොට මට තව දෙයක් මතක්වුණා...මම අතීතයෙ කතාවක් ලිව්වොත්,කියන්නකො 1940 ගණන්වල හෝ 50 ගණන්වල කතාවක් කියල ඔන්න එතකොට,

අප්පේ මේ හැලපය අපේ සීයටත් වඩා වයසනෙ,ආදී වශයෙන් මගේ සමහර පාඨකයින් කියන්න ගන්නව සහ ඒ අනුව තමන් හිරිමල් යොවුන් තරුණයෙක්ය කියල හිතමින් තරමක සොමියකුත් ලබාගන්නවා...ඒ ගැන මගේ කිසිම අමනාපයක් නෑ, නමුත් මගේ ප්‍රශ්නය නම් එවැනි පරණ කතා ලියන්නට මා එකල ජීවත්වෙලා සිටිය යුතුමද,එහෙම නොමැතිව කියැවූ හෝ ඇසූ කතා ලියන්නට බැරිද කියන එකයි...

මම කියාගෙන ආව කතාවට ආපහු යමු,කාලය 1980 වර්ෂය,හරියටම කිව්වොත් 80 ජුලි මාසය...1977 දී පත්වුනු ජේ ආර් ජයවර්ධනගෙ ආණ්ඩුව  තම බලයේ උපරිමයෙ හිටපු සමය,විපක්‍ෂයේ වෘත්තීය සමිති ඉතාම මෝඩ තීරණයකට ඇවිත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳෙව්වා...80 ජුලි වැඩ වර්ජනයත් එහි ප්‍රතිපලත් සියලුම දෙනා දන්නා නිසා මා ඒ ගැන විස්තර කරන්නට යන්නෙ නෑ,මේ වැඩ වර්ජනය යකඩෙන් ලෙයින් කඳුලෙන් මර්දනය කිරීම සඳහා ආණ්ඩුවට ඇති  සියලුම බලය යෙදෙව්වා කියල විතරක් කියන්නම්...වර්ජනයට සේවකයන් පොළඹවන ඕනෑම කෙනෙක් අත්අඩංගුවට අරගෙන දින නියමයක් නොමැතිව රිමාන්ඩ් කරන්නට ආණ්ඩුව පොතේ නැති නීති පවා උපයෝගී කරගත්තා... 

ඔය අද සිල් අරං ඉන්න යු ඇන් පියේ ලොකු ලොකු උදවිය එදා බලයෙන් මත්වෙලා කියපු කරපු දේවල් ඇහුවොත් බල්ලොත් බත් කන්නෙ නෑ,එච්චර හිරිකිතයි,කැස්බෑවේ මන්ත්‍රී  ගාමිණී ලොකුගේ එදා වර්තමාන ජනාධිපතිවරයාගේ ඔලුවට පිස්තෝලෙ තියල තර්ජනය කළා...අද පිස්තෝලේ තියපු කෙනාටම දණ ගහල ඇමතිකම් අරගෙන රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යනව, විළි ලැජ්ජ නැතිකම ඇමතිකමටත් වඩා ලොකුයි කියනවනෙ...

ඔය මම වැලිසර ඉස්පිරිතාලෙ රාජකාරි කරන සමය,ඒ වෙද්දි මගෙ සේවය ස්ථිරවෙලා මාස ගානයි පරිවාස කාලය ගෙවමින් හිටියෙ...අපි සම්බන්ධ වෙලා හිටපු වෘත්තීය සමිතියත් වැඩ වර්ජනයට සම්පුර්ණ සහාය පළකර සිටියා,විපක්‍ෂයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් ඉස්පාසුවක් නැතිව වැඩ වර්ජනය සාර්ථක කරගන්න මහන්සි වෙද්දි ආණ්ඩුව පිස්සු බල්ලෙක් වගේ හරි හරියට වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් මර්දනය කිරීම ආරම්භ කර තිබුණා...

වර්ජනයට දින දෙකකට විතර කලින් අපේ වෘත්තීය සමිතියෙ සභාපති වැලිසර ඉස්පිරිතාලෙට ආවා,ඔහු ආවෙ වර්ජනය කරන්න සුදානම් වෙලා හිටිය සේවකයන් දිරිගැන්වීමේත් වර්ජනය කරන්න සැකෙන් බයෙන් හිටපු අය විශේෂයෙන් කාන්තාවන්ගෙ බිය සැක නැති කිරීමේ අරමුණ ඇතුවයි...මේ සභාපතිවරයට අපි රණසිංහ කියමු ඔහු අද ඉන්න තත්ත්වය අනුව මට නියම නම කියන්නට බෑ...

රණසිංහ ඇවිත් කට්ටියට කතාකරල ඉවරවෙලා ඊළඟට රාගම ඉස්පිරිතාලෙට යන්න යොදාගෙන තිබ්බ නිසා රාගම යමුයි කියල හදිසියෙන්ම  මටත් කතාකළා...

ඒ කාලය මගේ හදවත උණුසුම් කළ එක් සොඳුරු යුවතියක් එක්ක මම කුළුඳුල් ආදර ගීතය ගයමින් සිටි සමය මෙන්ම එදාම හවස දහඅටේ කනුවෙදී අපි දෙන්න මුණ ගැහෙන්නත් කටයුතු යොදාගෙන තිබුණා...එහෙම තියෙද්දි රණසිංහ රාගම යමු කියපුවම මම ලොකු ප්‍රහේලිකාවක පැටළුනා...

අද වගේ ආගිය අතේ ටෙලිපෝන් සහ මොබයිල් නොතිබුණු ඒ කාලෙ නොඑන බව දන්වා ඇයට පණිවිඩයක් දෙන්නට මොනම ආකාරකින්වත් හැකියාවක් තිබුනෙ නෑ...අපේ වෘත්තීය සමිති කටයුතු හෝ වර්ජන ගැන කිසිවක් නොදැන සිටි ඇය දහඅටේ කණුවට ඇවිත් මා බලාපොරොත්තුව සිටින බවත් තරුණියක්  මහපාරෙ රස්තියාදු කිරීම නොකළයුතු දෙයක් බවත් මට කල්පනා වුනා...පස්සෙ කාලෙක ඇය මට කොකා පෙන්නල යන්න ගිය එක වෙනම කතාවක්...

මා පත්ව සිටි අපහසුතාව රණසිංහට කියපුවම මා හිතා සිටි විදියට ඔහු මට හිනාවුනේ නෑ,ඉතාම හොඳින් අවස්ථාව තේරුම් ගත්තා...

එහෙනං ගිහිං ඒ ළමයව පිටත් කරල කෙලින්ම රාගමට එන්න, අපි මෙහෙන් යන්නං...

ඒ එකඟතාව අනුව අපි මහබාගෙදී වෙන්වුනා,රණසිංහ රාගමට යනකොට මම මීගමුව බස් එකක නැගල කෙළින්ම දහඅටේ කණුවට ගියා...

කොච්චර ඉක්මනට එන්න ගියත් ආපහු රාගමට එද්දි පැය දෙක තුනක් ගතවුනා,රාගම ටවුමෙදි මට වැඩ ඇරිල ගෙදර යන ගුණේත් මුණගැහුන හින්දා  මම ගුණේත් අඬගහගෙන රාගම ඉස්පිරිතාලෙට ගියා...

ගේට්ටුවෙන් ඇතුළට යන්න ලැබුනෙ නෑ වැඩ ඇරිල එන යාලුවෙක් පණිවිඩය දුන්නා...

රණසිංහත් යාලුවත් පොලිසියට අල්ලගෙන ගිහිං...

රණසිංහ රාගම ඉස්පිරිතාලෙ සහායකයත් එක්ක සේවකයන් වර්ජනයට පොළඹවන කතා කරමින් ඉද්දි ඉස්පිරිතාලෙ යු ඇන් පී සමිතියෙ උන් පොලිසියට පණිවිඩේ දීල පොලිසියෙන් ඇවිත් දෙන්නව අල්ලං ගිහිං...

ගුනෙයි මමයි යාළුවයි තුන් දෙනාම කෙලින්ම රාගම පොලිසියට ගියා...යනකොට රණසිංහයි යාළුවයි ඒ දෙන්නත් එක්ක කතා කරමින් හිටපු ලෙඩෙක් බලන්න ආපු මනුස්සයෙකුයි තුන් දෙනාම කුඩුවෙ ඉන්නව,ලෙඩා බලන්න ආපු මනුස්සය වර්ජනයක් ගැන අන්දෝ සංසාරයක් දන්නෙ නෑ ලෙඩාට කෑම එක දීල යන්න හවස ඇවිත් තිබුනෙ,වැඩේට අපටත් හිනා යන්න ආවා ඒ උනාට හොඳ නෑනෙ පස්සෙ තුන්දෙනාටම රෑට කන්න එහෙම ගෙනිහින් දීල අපි ගිහිං ගෙවල්වලට පණිවිඩේ දුන්නා...

වර්ජනය අසාර්ථක වෙන  බව දැනගෙන සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයට එක්වෙන්න තිබ්බ දවසට කලින් දවසෙ වර්ජනයට එක් නොවන බව කියා සිටි නිසා අපේ වැඩ පිළිවෙල එහෙම පිටින්ම අපතේ ගියා සහ ක්‍රියාකාරිකයන් දෙන්නකුත් කොහෙද නැති අහිංසකයෙකුත් හිරේ ගියා...

ඒ වෙලාවෙ රිමාන්ඩ් කරපු පාර රණසිංහ නොකරපු වර්ජනයකට එකතු වුනා කියල රස්සාවත් නැතිවෙලා දුක්විඳලා සෑහෙන කාලයක් ගිහිං මහන්සිවෙලා ආපහු රස්සාව හදාගත්ත,දිග කාලයක් නොසෑහෙන්න දුක් විඳලා අනුහතරෙ ආණ්ඩුව පෙරලිච්ච වෙලාවෙ රණසිංහලට තැනක් ආවා, මහරගම නගර සභාවෙ මන්ත්‍රීකමකටත් තේරුණා...දැන්නං අමාත්‍යංශයේ හොඳ තනතුරක ඉන්නෙ, දෛවයෙ සරදමකට වගේ අද ඔහු වෘත්තීය සමිති සටන් කඩාකප්පල් කරන්නට වැර වෑයම් කරමින් සතුටින් අමාත්‍යංශයේ රාජකාරි කරගෙන ඉන්නව...නියම නමින් ඔහුව හඳුන්වන්නට බැරි ඒ නිසයි...

ඉතිං මම කියන්නට ආවෙ එදා රණසිංහත් එක්ක මටත් රාගම ඉස්පිරිතාලෙට එන්න ලැබුන නම් මමත් ඔහුත් එක්ක අනිවාර්යයෙන්ම පොලිසියට අහුවෙලා රිමාන්ඩ් වෙනව සහ ඒ හේතුවෙන් රස්සාව නැතුව යනව,එහෙම උනානං මේ කතාව ලියවෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි...සමහර විට මටත් අමාත්‍යංශයේ ලොකු තනතුරක් ලැබෙන්නත් තිබුණා කාටද කියන්න පුළුවන්,දෛවය එහෙම තමයි එදා මම හිරේ යන්න නියමව හිටපු නැති නිසා මාව එතනට එවන්නෙ  නැතුව වෙනතක යැව්වා...පස්සෙ කාලෙක මම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්  මාරුවෙලා වෙන තැනකට යන්නට ගියත් රණසිංහ දිගටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේම රැඳුනා...

අර මා සිත්ගත් සොඳුරු යුවතියත් එක්ක මම ගයන්නට පටන් ගනිපු ආදර ගීතය සම්පූර්ණයෙන්ම ගයන්නට ලැබුනෙ නෑ,මගක් ගයද්දී ඇය මා සමග  ගැයුම ප්‍රතික්ෂේප කරල වෙන බයිලා ගායකයෙක් එක්ක ගයන්නට පටන්ගත්තා...මගේ ගැයුම ඇයට හරියන්න නැතුව ඇති,කොහොමහරි ඇය මා හැරගිය එදා සිට මෙදාතෙක් ඇයට මොනවා වුනාද කියල හාන්කවිසියක්වත් අද  තව වෙනතුරු මම දන්නෙ නැතත් ඇය සදහටම මා අතහැර යන්නට ගිය දෙසැම්බරයේ සීතල සුළඟත් සමග දැවටී එන  අතීත  මතකයන් හදවත පාළු හැඟිමකින්  පුරවන  බව අවංකවම කිවයුතුයි...

ඒත් දෛවයේ නියමයමයි, මා කොපමණ ආසාවකින් හිමිකරගන්නට හිටියත් ඇය මට හිමි නැති යුවතියක් වෙන්න ඇති,පසුකාලීනව දෛවය මාහට ඉතාම කාරුණික වෙමින් ජීවිතය මා සමග බෙදාගන්නට පෙරුම්පුරාගෙන සිටි යුවතිය මට ලබාදුන් බවත් කිවයුතුයි...

ඒ අතුරු කතාවක්,ඊට පස්සේදීත් දෛවය අනුව කීප අවස්ථාවකදීම මෙවැනි සිදුවීම් සිදුවුනා...ඉතිං මම කියාගෙන ආව කතාවට ආයෙම ආවොත් මට වුනා වගේ දෛවයත් සමග ගනුදෙනු ඔබේ ජීවිතයෙත් තියෙන්නට පුළුවනි  සමහර විට මීට වඩා රසවත් හෝ බියකරු වෙන්නටත් පුළුවන්,ඉතිං ඔබේ වටිනා අත්දැකීමත් දැනගන්නට තියේනං මා ඉතා සතුටුවන බව කියන්නට කැමතියි...

124 comments:

  1. අපරාදේ.. උඹට තිබුනේ, ලියුඅක් හෙම ලියලා තියලා, අම්මගේ සාර්යකින් බෙල්ලේ වැල දාගෙන මැරෙණ එක.. හැබයිතින් එහෙම උනානම් අපිට කන්න හැලප නැති වෙනවා.. ඒත් ඉතින්, ඊට පස්සෙ කාළෙක, වේයන්ගොඩ පැත්තේ අමාරුවේ වැටුන කෙල්ලෝ කීප දෙනෙක් බේරෙන්න තිබුනා..

    මචෝ ඉස්ට්‍රයික් එක මෙහෙයවපු උන් නම් ගොඩ ගියා.. ඒත් ඉස්ට්‍රයික් කරපු හරක්, තවමත් තප්පුලනවා නේද වන්දියක් වත් ඉල්ලලා. අර උඹේ යාලුවට කියහන්කෝ, ඒ මිනිස්සුන්ට මක්කා හරි කොරන්නෙයි කියාලා .

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. පිස්සුද බං උන්ට දැන් ගිහිං කිව්වොත් අහවි මොන ඉස්ට්‍රයික් එකද ඕයි,කියල.
      කොයි කෙල්ලද බොට ඔය අමාරුවේ වැටුණු කතාව කිව්වෙ.

      Delete
  2. අපේ තාත්තා සුනාමියෙන් බේරුනෙත් මේ වගේ අහඹු සිදුවීමකින් තමා.එදා පෝයට පහුවදා තාත්තා ටවුමට යන්න යොදාගෙන තිබ්බත්.හිටපු ගමන් පොඩි බඩේ අමාරුවක් හැදිලා ගමන නතර වුනා...

    දුලාගේ අඩවිය ලියන දුලා

    ReplyDelete
    Replies
    1. පොඩි බඩේ අමාරුවක් නිසා බේරුනා,ලොකු බඩේ අමාරුවක් තිබ්බ නං බේත් ගන්න ටවුමට යන්න වෙනවනෙ,එහෙම නේද දුලා.

      Delete
  3. සුනාමි කාලේ කතා නම් ගොඩක් අහලා තියෙනවා...

    අහෝ ඒ සොඳුරු යුවතිය. ඔයා වගේ මිහිරි ගී ගයන ගායෙකයෙක් අත් හැර බයිලාකාරයෙකු සමග ගිය ඇයටත්, ඇයට හිමි නියම ගායක/වාදකයා හිමි වෙන්ට ඇති. අපී වෙලාව...නැත්නම් අපිට මෙහෙම හැලප කන්ට බෑනේ.

    මේ ඔය හැලපයක් එක්ක කලු කෝපි කෝප්පයක් මෙහාට ගන්ට. සීනි හැඳි දෙකක්ම දාලා හොඳේ. :D

    ReplyDelete
    Replies
    1. මයි ගෝඩ් සීනි හැඳි දෙකක්,යකෝ හැලපත් කාල, ඔහොම පැණි රස කන සිරිතක් තියෙනවද.බලාගෙන ෂේප් එක අප්සැට් ගියොත් අපි නෑ ඕන්න.

      Delete
  4. //තමන් හිරිමල් යොවුන් තරුණයෙක්ය කියල හිතමින් තරමක සොමියකුත් ලබාගන්නවා...//

    හැබෑට හැලපේ මේක කාටද ඉලක්කගත කරල තියේනේ..හැක්

    ReplyDelete
    Replies
    1. හොරාට ඉස්සෙල්ල කැන පනිනවයි කියන්නෙ මේවට වෙන්න ඇති. :D

      Delete
    2. මෙ වචන දෙක තුන ඇතුළේ හැලපේ මොක්ද්දෝ නොකියා කියනවා තමා දේශකයෝ..

      Delete
    3. හරි හරි බොලා බොලාම කතා කරලා විසඳා ගනිල්ලකෝ.

      Delete
    4. හිරිමල් කියන්නෙ මක්කැයි?? දේශකයා වගේ අයටද?? :D

      Delete
    5. ඒ වෙරළු මල්නේ ප්‍රියා

      Delete
  5. හැලපෙ කියපු කතාව ඇත්ත. අපි කොච්චර බලා පොරොත්තු උනත් ලැබෙන්න නැත්තං ඒ දේ ලැබෙන්නෙ නෑ වගේම ලැබෙන්න දෙයක් තියෙනවනං අපි කොච්චර බලාපොරොත්තු නොවී හිටියත් ඒ දේ ලැබෙනව.
    මම මේ කල්පනා කළේ එදා අයිය අර සොඳුරු යුවතිය පාරෙ රස්තියාදු කළානං මොන තත්වයක් අැති වෙයිද කියල. (පොලිස් කූඩුවට යන්න වෙන එක ගැන නෙමෙයි.)

    ReplyDelete
    Replies
    1. ඔය අර වෙනී හොද කරගන්න හිගිල්ල පටලගත්ත නංගි ගැනද මෙයා...

      Delete
    2. එදා ඇයව පාරෙ රස්තියාදු කලානං පොලිස් කුඩුවට ගියාට හපන් වැඩක් ඊළඟට වෙන්නෙ,බොට තේරුණාද ප්‍රසා.

      Delete
  6. ගාමිණී ලොකුගේ යි ,රණසිංහයි දෙන්නම එකම බෝට්ටුවේ නේද? සමාජය ගැන මීට වඩා හොඳ කියවීමක තියෙනවද? අද ශිෂ්‍ය සටන් මර්ධනය කරන එස්.බී. කියන්නේ ඒ කාලේ ශිෂ්‍ය සටන්වල පෙරමුණේ රාල කෙනෙක්. කොලපාටද නිලපාටද කියලා නෑ හැලපයියේ හැමතැනම ඉන්නේ අවස්ථාවාදී මිනිස්සු.
    අර යුවතිය ගැන කියන්නේ මොනවද කියලා කල්පනා කලේ, ඒ කියන්නේ ඒ කාලෙත් කෙල්ලෝ බයිලා කාරයොන්ට රවටෙනවද ? හැබැයි හැලපයියා බෙරුනාද න්දන්නෙත් නෑනේ...ඔක්කොම් වෙන්නේ හොඳට කියනවනේ

    ReplyDelete
    Replies
    1. ඔය ඉස්තිරියාවො කියන ජාතිය මහා ලොකුවට ඇඩ් දාගෙන හිටියට බයිලා කාරයන්ට නියමෙටම ඇන්දෙනවා ඉවාන් මල්ලි,කොහොමත් අපි හිතන දේම සිදු නොවන තැන් අනන්තවත් තියෙනවනෙ.

      Delete
  7. මමත් ඔහුත් එක්ක අනිවාර්යයෙන්ම පොලිසියට අහුවෙලා රිමාන්ඩ් වෙනව සහ ඒ හේතුවෙන් රස්සාව නැතුව යනව,එහෙම උනානං මේ කතාව ලියවෙන්නෙ මීට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි...සමහර විට මටත් අමාත්‍යංශයේ ලොකු තනතුරක් ලැබෙන්නත් තිබුණා කාටද කියන්න පුළුවන්///

    වෙන්න පුළුවන් නැද්ද?
    මාත් අහම්බෙන් වගේ හැලපෙගෙ අඩවියට ඇවිල්ල දැං හැමදාම හැලප කනව. ඒකත් ඒ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවන් නේද,හැබැයි හැලප කාල සද්ද නැතුව යන එකට මම කැමති නෑ.

      Delete
    2. එහෙම කියනකොට ඉතින් අපි අව්ගේ අයත් අහුවෙනවා. හැලපෙගේ කතා කියවලා කියන්න දෙයක් නෑ නේ. ඉතින් අපි සද්ද නැතිවම යනවා. හා හූ කියලා කියන්න තමයි වෙන්නේ.

      Delete
    3. පැමිණියෙමි කියෙව්වෙමි කියන්නට දෙයක් නැති හෙයින් යමි, කියල ලියල ගියත් ඇති රංගි.

      Delete
    4. ඒවගේ සටහනක් තියන්නත් කම්මැලියි සමහර වෙලාවට බං. ඒ වගේම පරණ උන්දැල ලියන සමහර ලිපි මට ටිකක් බෝරිං. මේ දවස්වල අරූ ලියන ඒවත් ටිකක් විතර බෝරිං.
      උදාහරණයක් විදියට විශේශිත කතාවක් නැති පැරණි සිදුවීමක රසය දැනෙන්න නං ඊට අදාල විස්තර අපේ ජීවිත වලට සම්බන්ධ වෙන්න ඕන. එහෙම නැතිවුනොත් රචකයා කොච්චර සන්තෝෂයෙන් මතක් කරන අතීතයක් උනත් අපට රසයක් නැති දෙයක් වෙනව. මම කියන දේ හැලපෙට තේරෙනව ඇති කියල හිතනව.

      Delete
    5. රාජ් උඹ කියන එක මට හොඳට තේරෙනවා බං,නමුත් ලියන එකාගෙ මහන්සියටත් සාධාරණයක් වෙන්න ඕනෑ කියන ඒකයි මගේ අදහස,ඇත්තටම ඔය රාජ් කියන්නැහේ මමත් කියවල නිකං ඉන්න වෙලාවලුත් තියෙනව.නමුත් ඒක සාධාරණ නෑ කියලත් දන්නව.

      Delete
    6. @ රාජ්.....උඹ කියන එක සහතික ඇත්ත. ඒක හරිම පැහැදිලියි. මට ඒ වගේ වෙනවා....තාක්ශනය...අළුත් අළුත් ගැජට්ස් වගේ දේවල් ගැන කියවන කොට. උඹේ අදහස නිවැරදියි.

      Delete
    7. පැමිණියෙමි කියෙව්වෙමි.......
      කියවා රස වින්දෙමි
      ඊළඟ පෝස්ටුවත් බලන්නට එමි.

      රංගිට දුන් පිලිතුර දැක්කම වෙනද වගේ සද්ද නැතුව යන එක හරි නෑ කියල හිතුන :)

      Delete
    8. @අරූ,
      අපි පරණ ඉස්කෝලෙ අය නිසා ඔවැනි දේ සිද්දවෙනව ඇති නේද මචං

      Delete
    9. @බස්සි,
      පැමිණ කියවා රසවිඳීම ගැනත් ඊළඟ පෝස්ටුව බලන්නට එන බවට පොරොන්දුවීම ගැනත් ඔබට ගොඩාක් ස්තූතියි.

      Delete
    10. ඔව් හැලපේ මමත් එච්චරම කැමති නැහැ අපිට හුරු නැති යුගයක කතා කියවන්න....සමහරවිට හිතෙනවා අපි කොහොමද ඉතිහාසය හෝ කිසිම කාලීන රසවත් කමක් නැති සමහරක් දර්ශන සහ වාද කියවන්නේ කියලා. ඔව්... ඇකඩමික් අවශ්‍යතාවයක් මත නම් ඕකේ. මට වෙලාවකට පිස්සු හැදෙනවා නූතන දාර්ශනිකයින්ව කියවන කොට. කැරකිලා කැරකිලා අන්තිමට ....? මේ මගේ පුද්ගලික මතය. මම දන්න හිස්ටෝරියන් කෙනෙක් හිටියා American සුද්දෙක් ...ඕමාන් මිලිටරි ඉතිහාසය ලිව්ව ප්‍රොෆෙසර් කෙනෙක්. මගේ යාළුවෙක් එයාට වැඩ කරා. ඒ ප්‍රොෆෙසර් කියනවා...එයා ලියපු දේ එයාට කියවන්න ගියාම නිදිමත හැදෙනවාලු. ඒ වෙන මුකුත් නෙමේ කියවන පිරිස නිසා විය හැකියි. මට නම මතක් වුනොත් කියන්නම්.

      Delete
  8. එක තප්පරයෙන් බොහෝ දේවල් වෙනස් වෙන්න පුලුවන් කියන එකට තවත් උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නොහිතු විදියට අර ලෙඩ බලන්න ආපු මනුස්සය කුඩුවට ගියෙ.

      Delete
  9. /* කොච්චර ඉක්මනට එන්න ගියත් ආපහු රාගමට එද්දි පැය දෙක තුනක් ගතවුනා, */

    හැක, හැක, හැක!

    ReplyDelete
    Replies
    1. මීගමු බීච් ගිහින් නෙමෙයි...ලංගමේ පරක්කුව...ලංගමේ..

      Delete
    2. කකා ඔය ඩයිවර් කොල්ල කිව්ව වගේ ලංගමේක ගනේමුල්ල හරහා එන්න ඇවිත් තමයි පරක්කු වුනේ.

      Delete
    3. කකා ඔය ඩයිවර් කොල්ල කිව්ව වගේ ලංගමේක ගනේමුල්ල හරහා එන්න ඇවිත් තමයි පරක්කු වුනේ.

      Delete
  10. එතකොට මචං අර ලෙඩා බලන්න ගිහිල්ලා හිටපු පොරටත් ඔය පහු කාලෙක හරි ගියාද දන්නේ නෑ නේ?

    PVC කියලා එකකුත් තිබ්බා නේද ඔය සම්බන්ධයෙන්? Political Victimization Committee?

    ReplyDelete
    Replies
    1. හරියන්න ඇති මචං මොකද අනික් උන් ඔක්කොටොම හරිගියා නං ඌට විතරක් හරි නොයන්න හේතුවක් නෑ නේද.
      ඔය පී වී සී එක දැම්මෙ අනුහතරේ ආණ්ඩුවෙන් තිබ්බ යු ඇන් පී ආණ්ඩුවෙ දේශපාලන පලිගැනීම් ගැන හොයන්නටයි,80 වර්ජනය ගැන නොවෙයි.

      Delete
  11. හැලපේ අයියේ තුල්හිරියේ,වේයන්ගොඩ එහෙම පෙහෙකම්හල් වැහුනෙත් ඔය වැඩ වර්ජනය නිසා කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. තුල්හිරියෙත් වේයන්ගොඩත් සේවකයන් 80දි වැඩ වර්ජනය කළා තමයි,නමුත් පෙහෙකම්හල් දෙක වැහුනේ ජේ ආර් ගෙ විවෘත ආර්ථිකයත් සමග රටට ගලා ආ රට රෙදිත් සමග තරඟ කරන්නට බැරුවයි.

      Delete
    2. හැලපයියේ, බොට මතකෙයි තුල්ටෙක්ස් ගැන ලංකාවේ කෙල්ලෝ දාලා කරපු ටිවි ඇඩ් එක.
      සින්දුව හරියට මතක නැහැ
      සිරි දෙව් දුව කැඳවනවා , දේදුණු පහැයෙන් මුදු බඳ මත දැවටෙනවා ඕක යන කොට බුරිය එළිය දාගත්ත කෑල්ලක් ගිනි මැලයක් ගාවින් ඇවිද ගෙන යනවා පෙන්නනවා.
      නාකි ආච්චිලාව , 40 පැනපු ඇන්ටිලාට එකේ හිටිය මොඩෙල්ලාව දැක්කාම මල පැනලා කියපු කතා

      Delete
    3. //සින්දුව හරියට මතක නැහැ
      ඇනෝ,ඔය සින්දුව දුකා කලකට ඉස්සෙල්ලා ලියලා තිබ්බා මෙතන
      http://dukaa.blogspot.com.au/2009/08/blog-post_08.html

      Delete
    4. අපොයි ඔව්,තුල්ටෙක්ස් ඇඩ් එක ඇනෝ කියපුවම මගේ හිතට ආවා.ඒ කාලෙ ඉතිං දැන් වගේ බුරි එච්චර සුලභ නෑනෙ,ආච්චිලට මල පනිනවා.

      Delete
  12. මහබාගේ ඉදලා දහාටේ කණුවට පැයක් ක් විතර යනවනේ දැනුත් ,, ඒ කාලේ හොදයිනේ අප්පා. //,පසුකාලීනව දෛවය මාහට ඉතාම කාරුණික වෙමින් ජීවිතය මා සමග බෙදාගන්නට පෙරුම්පුරාගෙන සිටි යුවතිය මට ලබාදුන් බවත් කිවයුතුයි...// මේ කොටස කියෙවුවම හිතුනේ ඔයාගේ වයිෆ් බ්ලොග් එක කියෝනව ඇති කියලා .. හි හි

    ReplyDelete
    Replies
    1. ඒ ටික බයටම ලියපු ටිකක් යකෝ ඕව අවුස්සන්න එපා මෙතැන...

      Delete
    2. හහ් හහ් හා...!

      Delete
    3. ඒ ප්‍රයිවෙට් බස් ගමනාගමනය ආරම්භ කළ දවස් නිසා ඔය කෙටිලි ආදී දේවල් එකල තිබ්බේ නෑ,අනික් කතාවට මම මොකුත් කියන්නෙ නෑ ඔයාලම කියල ඔයාලම සතුටුවෙන්නකෝ.

      Delete
  13. මේ වැලිසර ඉස්පිරිතාලේ ඕ. පී. ඩී. එකනෙ... :)

    ReplyDelete
    Replies
    1. හරි මධු අඳුනගත්ත නේද,ගිහිං එහෙම තියෙනවද.

      Delete
    2. ඇබං අයියේ උඹ මේ ෆොටෝ එක ගත්තේ

      Delete
    3. බොලාගේ ගෙදර ආව දවසෙනෙ බං.

      Delete
  14. " ඉතාම කාරුණික වෙමින් ජීවිතය මා සමග බෙදාගන්නට පෙරුම්පුරාගෙන සිටි යුවතිය මට ලබාදුන් බවත් කිවයුතුයි..."

    "කිවයුතුයි.."- ඈය බ්ලොග් එක කියවනව වගේ

    ReplyDelete
    Replies
    1. ප්‍රා,එහෙනං මම කිවයුතුයි කපල වෙන මොකක් හරි වචනයක් දාන්නද.

      Delete
    2. අපොයි එපා මන් කියන විකාර ගනන් ගන්න එපා.
      කීකරුවී දෛවයේ කරුණාව යටතේ සිටීම ඈගට ගුණයි

      Delete
    3. මේ ජාතියෙ ජෝක් හරි රහයි ප්‍රා!

      Delete
  15. අපරාධෙ දැන් වගේනම් අර ගෑණු ලමයට සින් ගාලා පණිවිඩේ දුන්නා. ‍රණසිංහ එක්කම රාගම ගියා සැප ගන්න හිරේ ගියා.

    එහෙම උනා නම් හැලපකඩේ ඉන්නෙ අමාත්‍යංශ ඉහල පෙලේ නිළධරුවෙක්.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ ප්‍රියා,ඒකත් දෛවය

      Delete
  16. එහෙනම් අර එක පාරක් අර හැලපයියා මගේ පොස්ට් එකක කිව උඳුවප් මාසේ ඇවිස්සෙන මතකය මේක නේ එහෙනම්..:)
    //මගක් ගයද්දී ඇය මා සමග ගැයුම ප්‍රතික්ෂේප කරල වෙන බයිලා ගායකයෙක් එක්ක ගයන්නට පටන්ගත්තා.//හැලපයියාට තද වෙලාද මන්දා..?

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ තරුණයිනේ අත්දැකීමුත් නැති නිසා තදවෙනවා,ඒක වයසෙ හැටි දැන් නං ඔව්ව ගැන බොහොම උපේක්ෂාවෙන් බලන්න පුළුවන්,කවුරු මොනව කිව්වත් තදවෙන්නෙ නෑ.

      Delete
  17. අපූරු සටහන හැලපේ. මේ උඩ තියෙන්නේ වැලිසර ඉස්පිරිතාලේ වෙන්න ඕනෑ?

    ReplyDelete
    Replies
    1. ඔව් නිලුක ඔය තියෙන්නෙ වැලිසර ඉස්පිරිතාලෙ වර්තමාන පෙනුමයි,බොහොම ස්තූතියි.

      Delete
  18. ඔය ස්ට්‍රයික් එකේදි නේද එක්කෙනෙක් කිව්වේ වර්ජකයින්ව කනත්තට යවනවා කියලා.

    හැලපේ 1988 දී දෛවය මාව මරණෙන් බේරුවා. මම නිවාඩුවකට ඇවිත් හිටියේ. මම එදා රැට ගෙදර එන්නම් කියලා වෙන යාළුවෙක් බලන්න ගියා. බොන්න සෙට් වෙලා දිගටම වැඩේ ඇදිලා ගියා. ගෙදර ආවේ නැහැ. එදාම රෑ අපේ ගෙට එහායින් මගේ ඥාති අයියාව පොලිසියෙන් පැනලා ඇල්ලුවා ජේවීපි කියලා. මම රට ඉඳන් ලංකාවේ විස්තර අහලා එවපු ලියුමක් තිබිලා අපේ ගෙදරට ඇවිත් මාව හොයන්න එවෙලෙම. හොඳ වෙලාවට මම එදා ආවේ නැහැ. ඊට පහුවදා අයියාව උන් වෙඩි තියලා මැරුවා. කෙටියෙන් ලිව්වේ. මේ කතාව මම වෙනමම ලියන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං එක අමනයෙක් එහෙමත් කිව්වනෙ,බලපන් කොච්චර බලයෙන් උමතුවෙලා හිටියද කියල.
      දෛවය උඹගේත් හිස අතගාල තියෙනව එහෙනං.

      Delete
  19. උඹගේ ලියවිල්ල පංකාදුයි අයියේ!මම ගොඩක් රස වින්ඳා.....
    මමත් උඹ වගේම අපේ සියළුම ක්‍රියාකාරකම් අපි ඉපදෙනකොටම ප්ලෑන් වෙලා ප්රෝග්රෑම් වෙලා තියෙන බව මාත් පිළිගන්නවා. උඹට හිතිලා නැද්ද සමහර පුද්ගලයන් හමු උනාම හෝ යම් සිදුවීමක් උනාම කලින් ඒක දැනගෙන හිටියා වගේ හැගීමක්. සමහර විට හිතෙන්නේ හීනෙකින් හරි පෙනුනා වගේ. මට එහෙම විශේෂයෙන් දෙයක් කියන්න ඔලුවට එන්නේ නෑ. ඒත් මේ තාක් කල් සිදුවූ සෑම සිදුවීමක්ම ඒ විදිහට ලියවිලා තිබුනා කියලා නම් හිතෙනවා. මට මතක් වෙනවා ඒ කාලේ චිත්‍ර පටියක දෙබසක්. " ගියා නෙමේ මල්ලියේ, ග්‍රහයා අරං ගියා"
    උඹට ජය!!

    ReplyDelete
    Replies
    1. තවත් රස හැලපයක් නේ..රාගම පැත්තටත් මටත් හුරුයි.හැබැයි ඕවා වෙන කාලෙනම් අපි නෑ''

      Delete
    2. ස්තූතියි චන්දන,ඔබ කියන දෙයට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි,එවැනි ඩේ කලින් ප්ලෑන් කරල ලියවිල තිබුන වගේ හිතට එනව.ඒ පෙර ආත්මගත දේවල් කියලයි මට එක පඬිවරයෙක් කිව්වෙ.ඒ වැඩේටත් උඹට චිත්‍රපට දෙබසක් මතක තිබ්බ නේ.

      Delete
    3. @සෂා,
      මගෙ තරුණ කාලය ගෙවිල ගිය ඒ සුන්දර පරිසරයට මම අදත් හරිම කැමතියි.සිදුවීම් හෝ කතා කාලය ඉක්මවා රස විඳින්නට පුලුවන්නෙ.

      Delete
  20. අනේ මන්දා ඔය දෛව කතාව මටත් අදාළ ද කියලා....

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම දිලිනි,ඇත්තම කිව්වොත් ඔය දෛව කතාව ලියාගෙන යද්දී මට ඔබවත් මතකයට ආවා.ඔබේ හිමිකරුවාත් ඉක්මනින් හෝ පසුවෙලා ඔබව හමුවේවි,එය කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමණයි.

      Delete
  21. හැම දේටම වෙලාවක් තියෙනවා.....අපේ තාත්තා දැන් අවු.29 තිස්සේ කොළඹ උදේ හවස වැඩට ගියා,තවමත් යනවා.බෝම්බ පිපිරුම් දෙක තුනකට කෙස් ගහෙන් මිස් වෙලා බේරිලා තියෙනවා. ප්‍රධානම එක තමා වල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් බෝම්බය. එදා තාත්තා එතන ගේට් එකේ ගාඩ් එකේ ඉදලා තේ බොන්න කැන්ටිමට ගිහින් තිබුන ටිකට බෝම්බය පිපිරිලා තිවුනේ ......හවස් වෙනකම් ආරංචියක් නැතුව ඉද්දි ඔන්න රූප පෙට්ටියේ පෙන්නනවා තාත්තා ලිෆ්ට් වල හිර වෙලා හිටපු අයට උදව් කරනවා.ඊට පස්සේ තමා අපේ හිතට ෆිට් එකක් ආවේ.ඔන්න දෛවය .....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ශානු හැම දේටම වෙලාවක් තියෙනවා,ඔබේ වටිනා අත්දැකීම අපත් සමග බෙදා ගත්තට බොහොම ස්තූතියි.

      Delete
  22. ඔලුවට පිස්තෝලය තිබ්බ එකාටත් ඇමති කම් දෙන එකා ඊට වඩා ලැජ්ජාවක් නැති එකෙක්නෙ....විජයගෙ ඝාතනයටත් ඔය හාදයගෙ නම කියවුනා නේද ?

    ReplyDelete
    Replies
    1. මිනීමැරුමක් වුනොත් ඔය යකාගෙ නම කියවෙනවමයි සිරා.

      Delete
  23. 80 දී මම හමුදා පුහුණුවේ. 80 ජූලි වර්ජනය මර්දනය කල ආකාරය ලෝකයම පිළිකුල් කරනවා. අර ඔබ කියා තියන ආකාරයේ ලොක්කෝ කවදත් ඉන්නවා. අනුන්ගේ කරපිටින් ඉහලට ගිහින් තමන්ට අතදුන් එවුන් පාගන ජරා පුරුද්ද වැඩිපුරම තියෙන්නේ අපේ රටේද මන්දා.

    එහෙනම් ඔබත් මම වගේම ප්‍රථම ප්‍රේමයේ පරාජිතයෙක්.

    ReplyDelete
    Replies
    1. ඔබත් පළමු ප්‍රේමයේ පරාජිතයෙක් එහෙනං නේද.

      Delete
    2. මම පළමු ප්‍රේමය හිතේ හිරකරගෙනම පරාජිතයෙක් වුනේ....රතු කොණ්ඩෙ කියලා ඒ පෝස්ටුව ලියලා තියෙන්නෙ...වෙලාවක කියවලා බලන්න...

      Delete
    3. සිරා මං ඒ පෝස්ටුව කලදීම කියෙව්වා,ඒ වුනාට ඒ ප්‍රේමය ඒකපාර්ශවික එකක් නොවැ.

      Delete
  24. පිස්තෝල කතන්දරේ කියවද්දි නම් හිතුනෙ නෙදකින් මුං වගෙ ජාතියක් කියල. දෛවයේ සරදමක් ඒකත්.

    ආදර අන්දර නම් ඉතින් කොහෙන් ගිහිල්ල හරි පතාගෙන ආපු විදිහටයි සිද්ධ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ චන්දන මම කිව්වෙ ලජ්ජා නැතිකම කියල.

      Delete
  25. ඔක තමයි කියන්නෙ ගැනු ඉස්සරකරගත්තම විනාසයි කියල.නැත්තම් අද හෙන ලොකු පුටුවක නෙ මෙ හැලපයිය.

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ දමිත්,ගෑනු ගැන කිව්වොත් ගෑවුණු තැන ඉවරයිනේ.දැක්කනේ මට උන වැඩේ.

      Delete
  26. දෛවය අනුව සමහර දේවල් සිද්ධ වෙනවා කියන එක මමත් විශ්වාස කරනවා

    ReplyDelete
    Replies
    1. එතකොට දෛවයට පිටිනුත් සිදුවෙන දේවල් තියෙනවද තුශානි.

      Delete
    2. ඔව්... හැලපතුමා... සිද්ධවෙන හැමදේම දෛවය නෙවෙයි...

      Delete
  27. දාපි නොහිතන වෙලාවල් වල අපේ ජීවිත වල හුඟක් දේවල් වෙනස් වෙනවා කියනවනේ අයියේ.. මේකත් අන්න ඒ වගේ දෙයක් තමයි..

    ReplyDelete
    Replies
    1. වෙනස් වෙනව කියන වචනයත් මදි මම හිතන්නෙ දිනේෂ්,එක මොහොතකදී ජීවිතය සම්පුර්ණයෙන් උඩු යටිකුරු වෙන අවස්ථාවන් තියෙනව නේද.

      Delete
  28. ස්ට්‍රයික් එකෙන් UNP ට වුන කළු පැල්ලම මොනව දාල හේදුවත් යවන්න බැහැ මචං .
    අර ළමය දාල යන්න ඇත්තෙ බයිල වලට ආසාවෙ නෙමේ බං උඹ ගයපු ගීතයෙ සෘතියේ අඩුවක් තියෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති මචං,මමත් ඒ කාලෙ බොහොම ආධුනික ගායකයෙක් නොවැ,ටියුන් වුනා මදි කියල දැන් මටත් හිතෙනව බං.

      Delete
    2. කතා වල හැටියට නම් හැලපෙගේ ගමේ සැහෙන්න සංගීත භාණ්ඩ තිබිලා තියනවා. එහෙවු එකේ ටියුන් කරන එකවත් හරියට ඉගනගෙන නැ වගේ.

      Delete
    3. ඒකනේ නිශාන්ත ආධුනික කම කිව්වට වැඩියෙම මෝඩකම තමයි,අගේට ටියුන් කරන්න තිබ්බ භාණ්ඩත් ටියුන් නොකර හිටිය එකේ වැරැද්ද තේරෙන්නෙ පස්සෙ තමා.

      Delete
  29. මට ඔය දෛවය එක්ක තියන අවුල තමයි, ඕක පැහැදිලි කරන්න පුළුවන් ප්‍රත්‍යාවලෝකන විදිහට විතරයි. ලැබුණොත් කියන්න පුළුවන්, ඒක මට ලැබෙන්න තිබ්බ දෙයක් කියලා, නොලැබුණොත් කියන්න පුළුවන් එක මට නොලැබෙන්න තිබ්බ දෙයක් කියලා. ඔය ක්‍රමයෙන් මුළු ජීවිතයම දෛවය අනුව පැහැදිලි කරන්න පුළුවන්, හැබැ‍යි සිද්ධ වුණාට පස්සේ.

    ReplyDelete
    Replies
    1. සිද්ද වුනාට පස්සෙ දෛවය අනුව වෙච්ච දේවල් පැහැදිලි කරගන්න පුළුවනි තිසර,සිද්දවෙන දේ ඊට කලින් දැනගන්නට අවශ්‍ය නං කේන්දරෙත් අරං මාරයා ලඟට ගියානං හරි.

      Delete
    2. ෂා, මේක නං දෛවය ගැන නියම අර්ථකතනයක් :)
      අර කතාවක් තියනවානෙ, තිත් යා කල හැක්කේ පසු පසට විතරයි කියලා. ඒත් සමහර වෙලාවට, මොකක්දෝ නෙපෙනෙන බලවේගයකින් අපිව පාලනය කරනවා කියලත් හිතෙන්නෙ නැත්ද?

      මේක නං ලියල තියෙන්නෙ ටිකක් හිතේ අමාරුවෙන් වගේ, හැලපෙ.

      හැමදාම ආවෙමි
      අදත් කියෙව්වෙමි
      හොර බළලෙකු මෙන් ලිස්සා නොයා
      අද මේ සටහන තබා යමි

      Delete
    3. පැමිණීම ගැනත්
      කියැවීම ගැනත්
      සටහනක් තැබීම ගැනත් බස්සට ස්තූතියි,ඔබව මගේ බ්ලොගයට ඔබව ආදරයෙන් පිළිගන්නවා.
      ලියද්දි ටිකක් විතර දුක හිතුන තමයි,පෝස්ට් එකේ ඒ ගතිය පේනවද.

      Delete
    4. මොකෑ නැතුව? හොඳට පේනව :)

      මට හිතෙන්නෙ ඕකට හේතුව අපේ සමාජයේ අර‍ටු බැහැපු වැඩිහිටියන් ගැන තියෙන ආකල්පය. සමහර විට ලිපියට වඩා ලියන්නාගේ පැටිකිරිය ගැන උනන්දු වීමේ අපේ අනගි චාලිත්තරේ වෙන්ටත් බැරි නෑ. ඔව්වා ආරේ ගති නෙව, උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙමු

      Delete
  30. හැලපේ ඔය 80වේ වැඩවර්ජනය කරේ දවසක පඩිය රුපියල් 10 කින් වැඩිකර ගන්න නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් නිකං,දවසකට රුපියල් දහයක් හෙවත් මාසෙට රුපියල් තුන්සීයක් වැඩිකර ගන්න තමයි.
      ඔබව මගෙ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.

      Delete
  31. අපි කොච්චර දැඟලුවත් අපේ ජිවිත වල වෙන්නේ වෙන්න තියෙන විදිය තමා හැලපේ.. මමත් ඒක විශ්වාස කරනවා... ඒ අතරේ අපි පහුගිය ආත්ම වල කරපු කුසල්, අකුසලුත් එක්ක තමා ඒ දේවල් තීරණය වෙන්න බලපාන එක සාධකයක් වෙනවා...
    ප්‍රේම කතන්දර කොපමණ තිබුනත් ප්‍රථම ප්‍රේමය අමතක වෙන්නේ නෑ නේද හැලපේ.. ඒක අපි හැමෝටම පොදුයි මම හිතන්නේ...
    ඔබට ජය හා සතුට... !!!!!

    ReplyDelete
    Replies
    1. පසුකාලීනව කොපමණ ප්‍රේම කතන්දරවලට සම්බන්ධ වුනත් ප්‍රථම ප්‍රේමය ඒ සියල්ලම අබිබවා මතක තියෙන්නෙ ඇයි දන්නෙ නැහැ සඳා.බොහොම ස්තූතියි.

      Delete
  32. දෛවයේ බලපෑමක් නිසාම සිදුඋනා යැයි සිතියහි දෙයක් මටත් තියෙනවා කවදා හරි ලියන්න ඕනා එකත්.... ඒ ළමයා ඔයා ව ගිරේ යන එකෙන් බේරලා එත් දෛවයේ සරදමින් ඔයා වෙන කෙනෙක් එක්ක තුන්වෙනි පාරට හිරේ ගිහිල්ලනේ දැන්

    ReplyDelete
    Replies
    1. ලියපන්කො අපට දැනගන්නත් එක්ක.වෙන කෙනෙකුගෙ හිරේට වැටුන නං තමා මොනව කරන්නද බං ඒකත් දෛවය කියල කියමු.

      Delete
  33. හැලපේ ඔය වගේ සිද්දියක් තවත් කාලීන සිද්දීන් එක්ක තියෙන තාර්කික සහසම්බන්දය මිසක් දෛවය ගැන නම් මගේ විශ්වාසයක් නෑ . දෛවය කියන්නේ වෙනස් කරන්න බැරි දෙයක් කියලා මම හිතන්නෙත් නෑ . ඒ කොහොම උනත් එක පොඩි තීරණයක වෙනසක් නිසා ජීවිතේම වෙනස් දිශාවකට හැරෙන්න පුළුවන්. ඒ මේ ලෝකයේ logic එක . ඒත් උත්සාහය, උපායමාර්ග හා පැහැදිලි අරමුණක් එක්ක එකතු උනාම පුද්ගලයෙක්, පවුලක්, සංවිධානයක් විතරක් නෙවෙයි රටක් වුනත් වෙනස්ම දිහාවකට අරන් යන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. තිලකෙ,මා මෙතැනදී මතුකරන්න හැදුවෙ ඔය සියල්ලටම ඉහළින් සිදුවිය යුතු දේ ලියැවිලා ඇත කියන දෙයයි.ඔබේ තර්කය සැබවින්ම නිවැරදියි නමුත් අර වැනි එකහෙලා පැහැදිලි කරන්නට බැරි දේත් සිදුවන බව බැහැර කරන්නට පුලුවන්ද?

      Delete
    2. @ තිලකේ& හැලපේ...මට හිතෙන්නේ දෛවය යනු කොහේවත් ලියා ඇති දෙයක් නොවෙන නිසා...තිලකේ කියන පරිදි දෛවය වෙනස් කලා හෝ වෙනස් වුනා යැයි අපි තීරනය කරන්නේ කොහොමද? දෛවයේ නිර්වචනය කුමක්ද? ජ්‍යෝතිශ්ය හෝ වෙනත් ආකාරයකින් ලියා තියෙන දේද දෛවය කියන්නේ? සමහරුන් කියන පරිදි දෛවය වෙනස් කලා යැයි කියන්නේ හඳහනේ ලියා ඇති අනාගතේ සිදුවිය හැකි යැයි කියන වචන ටිකක්..ඒ ලෙසින්ම වෙන්නට නොදී වෙනස් කිරීම නෙමේ බවයි මගේ අදහස. මට හිතෙන්නේ මේ අපි ගමන් කරන්නේ අපිට වෙන්වී ඇති මාර්ගයේ නෙමේද? නැවත වතාවක් අහන්න හිතෙන්නේ....දෛවය යනු උඹට සිදුවූ දේ නොවෙයිද? වෙන්න තියෙනදේ අනාවැකි ලෙසින් කීම සහ දෛවය යනු දෙකක් බව මගේ අදහසයි. පොඩ්ඩක් කියලා දීපල්ලා. මට මේක පැහැදිලිව ලියාගන්න බැහැ. මම කියනදේ පැහැදිලිද මන්දා.

      Delete
    3. @හැලපේ , අරූ - දෛවය කියන දේත් අපි එක එක්කෙනා වෙන වෙනම නිර්වචනය කරගෙන තියෙන්නේ. මගෙත් මේ සම්බන්ද ඒ හැටි විෂය දැනුමක් නෑ . හැලපේ වර්තමානයේ ඉඳන් අතීත සිදුවීම් එකින් එක ගලපා බලල තේරුම් ගන්නා දේ නිසා නේද සමහර දේවල් එසේ වෙන්නට නියමිතව තිබුනා වගේ දැනෙනවා කියන්නේ. සමහර විට අපි උපකල්පනය කරමු මේක කේන්දරයක් නැත්නම් මොකක් හරි ලියවිල්ලක ලියවිලා තිබ්බ දෙයක් කියලා. එහෙමනම් අපේ ජීවිතේ ඉතිරි කාලෙත් වෙන්නේ මොනවාද කියලා ඒ ලියවිල්ලේ තියෙන්නේ පුළුවන්. ඒ වගේ ලියවිල්ලක් නැතිව මේ සිද්ද වෙන හැම දේ තමයි දෛවය කියලා තර්ක කරන්න ගියොත් ඒකේ කෙළවරක් නෑ . මම කියන්නේ අන්න ඒ වගේ නිශ්චිත දෙයක් හිතාගෙන ඉන්නවානම් හරි ලියලා තියෙනවානම් හරි ඒක වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ වගේම මේක තමයි අපේ දෛවය මේක තමයි අපේ කර්මය කියලා එතනින් නතර වෙන් නැතිව ක්‍රමානුකුලව තමන්ට ඕනි ඉලක්කය කරා යන්ට උත්සහ කරන්න තමයි අපි අලුත් පරම්පරාවට මග පෙන්වන්න ඕනි. මේ කියන්නට යන්නේ මේ දවස්වල මාකට් එකේ අලෙවි වන හුදු ධනවාදී චින්තනයම නෙමෙයි.මගේ අතීතය ගත්තත් ආපු මාර්ගයේ පුදුමාකාර තේරුම් ගන්න බැරි හැරවුම් ලක්ෂණ තියෙනවා. ටිකක් ගැඹුරට ගිහින් ආයිමත් විමසලා බැලුවාම හේතු ඵල වාදයෙන් මට ඒවා ලිහා ගන්න පුළුවන්. මට ලැබිච්ච දේ(ඵලය)ට මුල් වෙලා තියෙන්නේ මගේ හා මට සම්බන්ද පුද්ගලයින්ගේ අරමුණ,සිතිවිල්ල, වැඩ පිළිවෙල , උත්සාහය, දුර්වලකම්, ශක්තිය, භාහිර දේශපාලන පරිසරය . අන්න ඒවා තමයි හේතු. ඉස්සරහ සම්බන්ධයෙනුත් එහෙමයි. දැන්ම පුළුවන් සෑහෙන දුරකට අපි යන්නේ කොහාටද කියලා තීරණය කරන්න. ඒක තීරණය කරන්නේ අපේ දෛවය නෙවෙයි අපේ අරමුණ. ඒ අරමුණ අපිට ජීවිතේට ආදරේ නොකරන එකෙක්ගෙන් හොටු පෙර පෙර ආදරය හිඟා කෑම වගේ සරල ඒවා නෙවෙයි. අපේ වටිනාකමක් උදාරකමක් ඉතිරිවෙන හැටියට ජීවත් වෙන එක. තවත් එකෙකුට හරි ජීවත් වෙන එක ගැන ආශාව වැඩි කරවමින් ජීවත් වෙන එක . ඔන්න ඔහොමයි මට හිතෙන්නේ. ( මම ජීවිතේට ලියපු දිගම කොමෙන්ට් එක)

      Delete
    4. හැලපේ මගේ කොමෙන්ටුව දිග වැඩි වුනානම් බක පණ්ඩිත වැඩි වුනානම් සමා වෙයන්. මම උඹේ පොස්ටුව ගැන මොකුත් ලිව්වේ නෑ . මම ලිව්වේ උඹ යෝජනා කරලා තිබ්බ නිසා දෛවය කියන සංකල්පය ගැන මගේ පුද්ගලික මතය විතරයි.
      උඹේ පොස්ටුව ඇත්තටම මම රස වින්දා. කවුදෝ ලියලා තිබ්බා වගේ ඒක කවියක් වගේ ගලායන ලියවිල්ලක්.

      Delete
    5. ගාණක් නෑ තිලකෙ,උඹ නිතරම දිග කමෙන්ටු ලියන්නෙත් නෑනෙ,මේ බ්ලොග් එකේ කෙනෙකුට තමන්ගේ මතය ප්‍රකාශ කරන්නට තියෙන අයිතිය සම්පුර්ණයෙන්ම තියෙනව.ඒ නිසා කොටින්ම සමාව ඉල්ලන්න අවශ්‍ය නෑ.උඹ ලියපු ඒ දේවල් කෙනෙකුට යමක් ඉගෙන ගන්න යම් ශාස්ත්‍රීය වටිනාකමක් තියෙන නිසා මමයි උඹට ස්තූති කලයුත්තේ.

      Delete
    6. @ තිලකේ......මම උඹේ මේ කමෙන්ට් එකට හරිම කැමතියි..මෙන්න මෙහෙම තමයි බ්ලොග්ස් තුල සාකච්ඡා හා සංවාද ඇතිවිය යුත්තේ. මම මෙවැනි සංවාද තදින් ඇළුම් කරනවා...නිකම්ම නිකම් අඬ බැණ ගසා ගැනීම් වලට වඩා. උඹට නැවතත් ස්තූතියි.

      Delete
    7. @ තිලකේ

      මම දෛවය ගැන කියවපු හොඳම කමෙන්ට් එක. මට හිතෙන්නෙ තිසර කියල තියෙන්නෙත් මේකෙ සංෂිප්ත වර්ශ්න් එක. තව තවත් මෙවැනි 'දිග' කොමෙන්ට් කියවන්න අපට වාසනාව ලැබේවා!

      Delete
  34. 80 වර්ජකයො ගැන ඒ කාලෙ ඇහුව කතා හරිම දුක්ඛදායකයි... සමහරු දිවි නසා ගත්තා කියලත් මතකයි රැකියා අහිමි උනාට පස්සෙ... ඒ තීරණයට විරුද්ධව උසාවි යන්නද කොහෙදෝ කියලා සංගමයකින් මුදලුත් එකතු කළා අපේ පැත්තෙ... මොනව උනාද කියල නම් දන්නෙ නෑ....

    සමහර සිදුවීම් වලදි ඒ දේ කලින් වෙලා තියෙනවා හරි හීනෙන් දැකලා තියෙනවා හරි වගේ සුපුරුදු බවක් දැනෙන එක මමත් අත්දැකලා තියෙනවා... ඒක මොකක්ද කියන්න මට තේරෙන්නෙ නෑ... සමහර සිදුවීම් හරිම පුදුමයි... ඔය දෛවය ගැන මටත් තියෙනවා හොඳ කතාවක් කියන්න... බලමුකෝ පස්සෙ වෙලාවක ලියන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් මියුරු මම ඔය ඉහළිනුත් කියා ඇති ආකාරයට එවැනි දේ ආත්මගත දෙයලු.
      අර ඔබ අත්වින්ද කතාවත් අපට දැනගන්නට ලියන්න.

      Delete
  35. මේ වැඩවර්ජන ගැන කියන්න දන්නේනම් නැ .. (ඒ කාලේ ගන්ධබ අවදියේ ඉන්න ඇත්තේ ..හි ..හි ) එත් මිනිස්සු හුගක් දුක් විදලා තියන බවනම් තේරුණා .. මම හරිම ආසයි පරණ කතා අහන්න ..ඒ වගේම ඔබතුමාගේ බ්ලොග් එකක කියවල මම ගොඩක් දේවල් ඉගෙන ගත්ත ..

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැන ස්තූතියි,තරුණ පරම්පරාව නොදන්න පරණ කතා ඔබ වැනි බොහෝ අය සමග බෙදා ගැනීමට ලැබීම සතුටක්.

      Delete
  36. කතාව ගැන නම් කියන්න දෙයක් නෑ වෙනදා වගෙමයි ..අයේ සුපිරි ...
    මෙන්න මගේ ඇත්ත කතාවක් මම බ්ලොග් බලලා තමා ඉගෙන ගන්නෙ ලියන්න .. එ අය
    කකා /දේශක /අරූ සහා ඔබ ...මම හැමදාමත් ඇත්තටම එන්නෙ කතා කියවනවාට වඩා මේ අය ගේ බ්ලොග් බලලා දෙයක් ඉගෙන ගන්න ..අද නම් ලියලා තියෙන රටාවෙ පොඩි වෙනසක් දැනුනා.නිකන් කවියක් වගේ ලස්සන වචන තිබුණා ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ ඔබ අපෙන් යමක් ගන්නවනං එය සතුටක්.
      කවියක් වගේ ලස්සන වචන තිබුන කියන්නෙ කවියක් වගේ ලස්සනයි කියලද.

      Delete
  37. කොටන කුකුලට කොහෙත් එකයි කියනවා වගේ හැලපෙ අයියත් යන යන තැන සෙල්ලම් දල තියෙන පාටයි..හි හි

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි උමේෂ් දන්නවනෙ අපේ පලාතෙ කොල්ලො කොහොමද කියල.

      Delete
  38. සමහර අවස්ථා වල දෛවය අපට බොහොම අකාරුණික වෙනවා. සමහර වෙලාවල් වලට හිතනවටත් වඩා කාරුණික වෙනවා. වෙන්න අවශ්‍ය දේ වෙනවා කියන එක මම තදින්ම විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. මමත් කියන්න උත්සාහ කළේ ඔන්න ඔය දේ තමා සුදීක.නමුත් විශ්වාස කරන අයත් නොකරන අයත් ඉන්න බව දැන් හිතෙනවා.

      Delete
  39. /////වෙන්න අවශ්‍ය දේ වෙනවා කියන එක මම තදින්ම විශ්වාස කරනවා./////
    @ සුදීක......මම මේ වාක්‍යයට එකඟ වෙනවා...මගේ පෞද්ගලික අත්දැකීම් තුල.

    ReplyDelete
  40. අපෝ මේ හැලප අයියත් අපේ වෙනී අයියට පහුගිය ටිකේ හැදිලා තිබුන මලෝත්පාද රෝගයට ගොදුරු වේගන එනවද..? මෑන්ටනං අපි එක දිගටම වස්ති කරවලා ගොඩ ගත්තා.. දැන් නෙවෙයි මොනවා කිව්වත් කේන්ති ගන්නේ.. :D

    අනේ බං අයියේ අපි ලියන ඒවට අදාලවම විතරක් කතා කරන්න කියලා නීති දාගෙන මේ රෙද්ද කොරන්න බැහැ බං... අනික නිහාල් නෙල්සන් කියන්නැහේ බූරුවා ගහන්න ආවම කෝකත් එකයි... හාමුද හාමුදුරුවොද කියලා නැහැ... අයියට මතකද දන්නේ නැහැ අයියා ආව දවස්වල අපි කිහිප දෙනෙක්ම කිව්වා ඔබා අයියා වගේ කියලා... සමහර විට ඔබා අයියා එක්ක කට්ටිය හිටිය ෆිට් එක හින්දා ඒ හැගීමෙන්ම තමා අයියටත් කවුරු හරි විහිළුවක් කලානං කලේ... මොකද ඔබා අයියා කොච්චර අපිත් එක්ක වයස්පරතයක් තිබුනා උනත්.. ජීවිතේ කොයිතරං අත්දැකීම් තිබුනා උනත් පොඩි උන් ගාවදී පොඩි එකෙක් වගේ හිටියේ... කොල්ලෝ ගාවදී කොල්ලා වගේ... විහිළුවට විහිළුවෙන් කතා කලේ... ඒකයි අදටත් ඔබා අයියා කිව්වම මේ බ්ලොග් අවකාසෙම ගරු කරන්නේ.. ආදරෙන් මතක් කරන්නේ... ඒ මනුස්සයට අපේ උන් කල විහිළු අයියා දන්නවනං ඔය වයස් කතන්දර අනං මනං ගැන ලියන්න එක වචන දෙකක් නාස්ති කරන්නේ නැහැ...

    බුදු අම්මේ මෙච්චර කාලයක් ලියපු ඒවට අපේ උන්දලා කියපු කතා ගැන ලියන්න ගියොත්... මට වෙන්නේ අයියා වගේ කියන්න නෙවෙයි.. ටී පනස් හයක් අරං මුංට වෙඩි තියන්න.. :D ඒත් ඉතිං වැඩැක් ඇතෑ.. පහුවදාට මුං ආයෙම මාව පට්ට ගහයි.. ඔච්චරයි..

    අල්ලලා දාහං...

    ReplyDelete
    Replies
    1. මාත් එහෙම තමා මාරෙ,කොච්චර විහිලු කලත් මම ගණන් ගන්නෙ නෑ,බොරුවට බබ්බු වෙන එකටයි මම එහෙම කිව්වේ.
      හැබෑටම මේ මහ රෑ එකට ඇහැරගෙන මොනව කරනවද ඇත්තටම,උඹ නං මාරයෙක්ම තමා.

      Delete
  41. මම මේ පොස්ට් එක කලින් කියෙව්වත් කොමෙන්ටුවක් දාන්න බැරි වෙලානේ.. හ්ම්ම්...
    "ජීවිතේ සිද්ධ වෙන සමහර දේවල් දිහා බැලුවම, ඉරණම විසින් අපව පාලනය කරන බව හිතෙනවා" කියල ගොඩක් අය කියුවට, මට නම් හිතෙන්නේ වෙන දෙයක් හැලප තුමා...
    ගැහැණු ළමයින් ව පාරේ රස්තියාදු කරන්න කැමති නැති, අවංකව ආදරේ කරන, ගුණවත් පිරිමි ළමයින්ට, කවදාවත් වරදින්නේ නැහැ :)
    යම් අවස්ථා වල හිත් රිදවීම් සිදු උනත්, අවසානයේ හැමදේම හොඳ අතට විසඳෙනවා..

    ReplyDelete
    Replies
    1. මතක තියාගෙන ඉඳල කමෙන්ටුවක් දැමීම ගැන මානවීට ගොඩක් ස්තූතියි,මම නං කිසි දවසක ගෑනු ළමයින්ව රස්තියාදු කරල නෑ ඒ අය මාව රස්තියාදු කළා මිසක.
      ඉරණම ගැන ඔබේ අදහසත් ලිව්වනං අගෙයි.

      Delete
  42. ඒ රණසිංහ හැර තවත් බොහෝ රණසිංහ විවිධ ස්වරූපවලින් විවිධ තැන්වල ඉන්නවා. තමන් ඉස්සර කරපු දේවල් දැන් කාලේ එවුන් කරද්දී බාල්දි කැපිපි කෙටිලි දාන. ඒක හැටි වෙන්න ඇති

    ReplyDelete

ඔබේ අදහස්