අද ලියන්නෙත් කතාවක් නෙවෙයි.....සුබ පැතුමක්. අම්මගෙ උපන් දිනයටත් සුබ පැතුමක් දැම්මනෙ....ඉතින් පුතාට සුබ පතන්නෙ නැතුව හරිනෑනෙ.
මේ ඉන්නෙ අපේ එකම පුතා...නම දසුන්....ටිකක් මහතයි තමා ගණං ගන්න එපා...ඔය හොඳයි පොඩි කාලෙ තිබ්බ මහතෙ හැටියට....දැන්නම් කෑම ගොඩක් පාලනය කරල එක්සයිස් කරනව ඇඟ හදාගන්න.
පොඩිකාලෙ නම් මට වඩාගෙන යන්නත් අමාරුයි අත කකියනව....එච්චරට බරයි.
මෙයා ඉපදිලා ගෙදර ගෙනාපු ගමන්ම එයාගෙ අම්මලගෙ ගෙදර අය ඇවිත් අම්මවයි පුතාවයි එහෙ ගෙදර එක්කරන් ගියා....ඒක සිරිතක්ලුනෙ....
ඔන්න දවසක් අම්ම පුතාව ඔඩොක්කුවෙ තියල නිදිකරවනවා......වැඩේ කියන්නෙ ළමය ඇහැරල ඉද්දි අම්මට නින්ද ගිහින්......කොල්ල දඟලනකොට බිමට වැටිලා....ඒ ගමන තමා අම්මට ඇහැරිලා තියෙන්නෙ.
ඇහැරිලා බලනකොට ඔඩොක්කුවෙ ළමය නෑ.....අම්මගෙ විලාපෙට අහළ පහළ ගෙවල්වල මිනිස්සුත් දුවගෙන ආවයි කියලයි කතාව තියෙන්නෙ.....
බලනකොට කොල්ල ඇඳයට අගේට ඉන්නවලු අතකුත් කටේ දාගෙන......අඬලවත් නෑ.
එහෙම හිටපු පොඩි එකාට අදට අවුරුදු දහ අටක්.....කාලෙ ගියා තේරුණෙත් නෑනෙ.....යුරෝපෙ විදියට බැලුවොත් දැන් එයා වැඩිහිටියෙක්.
මේ දවස්වල දසුන් ඒ ලෙවෙල් විභාගෙට ලෑස්ති වෙනවා ජූනි මාසෙනෙ තියෙන්නෙ....මිනිහට ඉස්කෝල ගණනාවකටම යන්න වුනානෙ තාත්තගෙ රස්සාව නිසා....
මම මේක ලියනකොට අම්මයි පුතයි කුස්සියට වෙලා චොකලට් කේක් එකක් හදනව ඒ දෙන්න ටී වී එකෙන් බලාගත්තු රෙසිපි එකකට.
පුතා තමයි කේක් බාස්....අම්ම ඇසිස්ටන්ට්....
කේක් එකේ රස බලන්න එන්න කියල ඔයාල ඔක්කොටොම ආදරයෙන් ආරාධනා කරනව.
මම මේක ලියනකොට අම්මයි පුතයි කුස්සියට වෙලා චොකලට් කේක් එකක් හදනව ඒ දෙන්න ටී වී එකෙන් බලාගත්තු රෙසිපි එකකට.
පුතා තමයි කේක් බාස්....අම්ම ඇසිස්ටන්ට්....
කේක් එකේ රස බලන්න එන්න කියල ඔයාල ඔක්කොටොම ආදරයෙන් ආරාධනා කරනව.
ඉතිං අම්මගෙ සුදු පුතාට සුබම සුබ උපන් දිනයක් වේවා කියල ප්‍රාර්ථනා කරන්න තාත්තත් එකතුවෙනව.
අපේ පුතාට සුබ උපන් දිනයක් වේවා .
දසුන් පුතාට සුභ උපන් දිනයක් වේවා...!!!
ReplyDeleteමගෙ පුත්‍රය ඔය වයසට එන්න තව අවුරුදු 7ක් ඉන්න එපැය.අපෙ කෙනෙත් බෝල සයිස්.අක්කණ්ඩි[17]තමා දැන් පුතණ්ඩියගෙ කෑම පාලනය සහ සුළු ව්‍යායාම කරවන්නෙ සද්දෙ දම දමා :) :).
ReplyDeleteපුතාට (මල්ලිට) සුභ උපන්දිනයක්! දෑන් කොල්ලා ඉතිං හැලපයියෙ බොගෙ යැපෙන්නෙක් නොවෙයි. මගේ යාළුවො දෙන්නෙක් ඉන්නවා 18 වෙනකම් ඉඳල ඉඳලා කසාද රෙජිස්ටර් කරපු යාළුවෙලා හිටපු කෙල්ලො එක්ක. තාම හැබැයි දෙන්නම තනිකඩ. එකෙක් තංගල්ලෙ අඹ වවනවා සෝමා ඇන්ටි එක්ක. අනිකා යූකේ. කෙල්ලො දෙන්නටම ලමයිත් ඉන්නවා. ඔක්කොම කොම්පියුටරයිස් වෙච්ච දවසක මල හූනියමක් වෙනවා. බාරගනිල්ලකො අනුන්ගෙ ලමයි එක්ක ගෑනු.
ReplyDeleteපුතාට සුබ උපන්දිනයක් වේවා. යෝද බල යෝද වීරිය ලැබේවා.
ReplyDeleteපුත්තරයට සුභඅපන්දිනයක්, අප්පේ මගේ උන්ට දහඅටක් වෙන්ඩ තව කොච්චර කලක් යයිද,
ReplyDelete්ම්ම්
මම මේ කල්පනා කරේ
හැලපයියා
හැලපක්කා
කොල්ලට නරකද
හැලපැට්ට
නෑ බං" හැලපචුට්ටෙ" කියමු..! ටිකක් බය හිතෙන පෙනුමක්නෙ පොරට තියෙන්නෙ.:)))
Deleteහැලපුතාට බොහොම සුන්දර සුභ උපන් දිනයක් වේවා!!! හැලපම කාපිය.... හැලපයියා බොගේ උපන්දිනේ උවමනාවෙන් අමතක කරා නෙවද???
ReplyDeleteමොනව කරන්නද බං.....කවුරුවත් ලිව්වෙ නෑනෙ මගෙ උපන්දිනේ ගැන
Deleteඑහෙනම් අපේ හැලපුතාට සුභම සුභ උපන් දිනයක් පතනවා.
ReplyDeleteපොඩි හැලපයාට සුභ උපන් දිනයක් වේවා....!
ReplyDeleteදසුන් පුතාට සුභ උපන් දිනයක් . .
ReplyDeleteමගේ පුතාත් මේ තරම් ලොකු එකක් වෙනව නම් ඉක්මනටම . . . හෙ හෙ හේ
විරුල්ට 18 වෙච්ච දවසට තාත්තා අර සොඳුරු ත්‍රස්තවාදියා කියලා ලිව්ව පෝස්ට් එක එහෙම පේනනුවොත්, කොල්ලා මොනවා කියයිද දුකා අයියේ... හි හි...
Deleteදැනටම ඌ මාත් එක්ක තරහින් බන් ඉන්නේ. මම උගේ ලඟ නෑ කියලා. හිතා ගන්න බෑ අනාගතේදි අපි දෙන්න කොයි වගේ වෙයිද කියලා. එකම ප්‍රාර්ථනය මායි අපේ තාත්තයි වගේ නොවේවා කියලයි . . හික්ස්
Deleteදුකා දරුවො පොඩි කාලෙ අපි හිතනව ඉක්මනට ලොකුවෙනව නම් හොඳයි කියල....
Deleteලොකු උනයින් පස්සෙ හිතනව අනේ අර පොඩි කාලෙ හිටපු විදියටම හිටිය නම් කොච්චර හොඳද කියල
පුංචි කාලේ ඉඳන් උගේ හුරතල් බල බල හිටි හැටි මතක් වෙද්දී ඇඬෙනවා අප්පා . . .
Deleteතමත් අඬන්න ඕන උනාම උගේ චූටි කාලේ වීඩියෝ එකක් බලනවා.
මේන් තියෙනවා එකක්
http://www.youtube.com/watch?v=QybKdklrfXY
පිත් පොඩි කාලෙ හිතනව ඉක්මනට ලොකු උනානං කියල. ලොකු උනාම පොඩි වෙන්න හිතෙනව.
Deleteඅපේ මෑන්ටත් තව අවුරුදු 6 ක් ඉන්න වෙනවා. අටමා නමක් දාලා ඉවරනේ..
ReplyDeleteඑහෙනම් හැලපට්ටාට සුභ උපන්දිනයක් වේවා...!!!
ඔන්න හැලපයියේ හැලපැට්ටට අපෙනුත් සුබ පැතුම්.. රටට වැඩදායක කොල්ලෙක් වේවා..
ReplyDeletewish your son many many happy returns of the day !
ReplyDeleteසුහ උපන්දිනයක් :)
ReplyDeleteඅපේ මලයත් මේ වගේ තමා... හි හි... මං ගියාට පස්සේ කාලා කාලා...
ReplyDeleteඔන්න මාත් සුභ උපන් දිනයක් වේවා කිව්වා.. හි හි
පුතාට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රර්ථනා කරනවා
ReplyDeleteහැලපයියේ, මගේ සුබ පැතුමත් දෙන්න අපේ හැලපොඩ්ඩට.
ReplyDeleteහැලපැට්ටට සුබ උපන්දිනයක් වේවා කියල මාත් ප්‍රාර්ථනා කරනව.
ReplyDeleteපමා වෙලා දැක්කේ ඒත් හැලප පුතාට " සුභ උපන්දිනයක් " !!!!!!!!!
ReplyDelete@දුකා මලයණ්ඩි;
ReplyDeleteඋගත් කමින් පරිපුර්ණ,සමාජයට "ලොකු"මිනිසෙකු නොව,"හොද" මිනිසකු සහ මිනිසුන්ට හිනා නොවෙන,මිනිසුන් සමග හිනාවෙන දරුවකු ලොකු කරන්න ටික කලක් අපට ඉවසන්න වෙනව.ඕව ගැනත් ඉස්සරහට අපේ හැලප කඩෙන් විස්තර ඇතිව කන්න ලැබෙයි කියල හිතෙනව :).
අනිවා අනිවා කෙන්ජි අයියන්ඩී . . මට ඇත්තෙන්ම ඕන කරන්නේ හොඳ මිනිහෙක් මිසක් ලොකු මිනිහෙක් නෙමේ . . හෙ හෙ හේ
Deleteකේනජි අයියන්ඩියගේ අදහස් මනාය... +++++
Deleteදසුන් මල්ලිට ඔන්න ළිහිණි අක්කත් සුබ පතනවා. සුබම සුබ උපන් දිනයක් වේවා !
ReplyDeleteතාත්තගෙ අම්මගෙ ආදරයෙන් පෝෂණය කරලා " හොඳ යහ ගුණ ඇති පුතෙක් " ලෝකයට දායාද කරලා තියෙන්නේ..ඒ මනුස්සකම් හැමදාම තියාගන්න මල්ලියෝ...
යකෝ මේ පොඩි කොල්ලෙකුට මේ නාකිච්චි මල්ලි කිව්වම ලැජ්ජාවේ බෑ..
Deleteඑහෙම කියන්න එපා,තාම 25 යි මස 1 යි නේ..!!!
Deleteඈ බොල දේශෝ..26 එකෙක් අ8 අටේ කොල්ලට මල්ලි නොකියා අහවල් එක කියන්නයෑ.. මූ ඉක්මනට නාකි වෙලා අපිට ඊරිසියා කොරනවා...
Deleteපුත්තරයට සුබ උපන් දිනයක් වේවා !
ReplyDelete/* යුරෝපෙ විදියට බැලුවොත් දැන් එයා වැඩිහිටියෙක් */ ????
ReplyDeleteපුදුම කතාවක් නේ?
ඇයි එහෙම නොවන රටවල් තියෙනවද? එහෙම රටකද ඉන්නේ?
මං හිතන්නේ ඔබ අදහස් කලේ තාම ඩිපෙන්ඩන්ට් චයිල්ඩ් කියන එක වෙන්න ඕනෑ.
යුරෝපෙ ළමයි අවුරුදු දහ අට වෙනකල් බලාගෙන ඉන්නව ගෙදරින් පනින්න සහ දෙමාපියන්ගෙන් මිදෙන්න.
Deleteආසියාතිකයන් වන අපේ ළමයින් එහෙම නැහැනෙ....මා අදහස් කළේ ඒකයි
ReplyDeleteපොඩි හැලපයට සුබම සුබ උපන් දිනයක් වේවා...!
ඒ වගේම ස්තූතිය පල කරනවා පොඩි හැලපයට
බ්ලොග් එකක් අටවල දීම ගැන ලොකු හැලපයට ...
හැලප කොල්ලට හැපි බර්ත්ඩේ වේවා!
ReplyDeleteසුභ උපන්දිනක් වෙවා..!
ReplyDeleteදසුන් මල්ලිට සුභම සුභ උපන්දියනක් වේවා කියල මාත් පතනවා....!!
ReplyDeleteහැලප ගෙදර චොකලට් කේක්? මෙන්න මාත් ආවෝ.. මටත් කෑල්ලක් තියාපියෝ....
ReplyDeleteඔබේ පුතාට සුභම සුභ උපන්දිනයකට මගෙන් ආසිරි!
Dude:
ReplyDeleteසමාවෙයන් පරක්කු වුනාට. මට බ්ලොගර් අපලයක් බං.
පොඩි එකාට වාසනාවන්ත උපන්දිනයක් වේවා. සික්ස් පැක් එකක්ම ලැබේවා!
හැලපයියාගේ පුතණ්ඩියාට සුබම සුබ උපන් දිනයක් වේවා!
ReplyDeleteසුබ පැතූ ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි
ReplyDeleteහැලප මල්ලිට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteඅනේ ඉතිං අපේ හැලප අයියගේ උපන්දිනේ එයාගේ හලපක්කගේ උපන්දිනෙයි පුතාගේ උපන්දිනෙයි දෙකම හරි මැද තිබුනේ. අනේ ඉතිං කවුරු කවුරුත් එයාටත් සුභ පතන්න...
ReplyDeleteබැළුවම පේන්නෙ මේ පිතූරෙ අරන් තියෙන්නෙ ලංකාවෙ ගෙදරකදි නෙමෙයි වගේ! ( ලංකාවෙදිනම් මේ කඩයක් වෙන්න ඇහැකි ).
ReplyDeleteකොහෙ උනාම මොකෑ කොල්ලට සුභ උපන්දිනක්!