අද මම ලියන්නෙ රොසන්ටාගෙ කතාව...මේ කතාව ලියනව කියල මම පොරොන්දු වුණානෙ...ඇයි ඔයගොල්ල කිව්වෙ ලියනකම් බලාන ඉන්නව කියල.. අපේ දේශකය කිව්වනෙ මම ලියනව කියල තියෙන කතා ලැයිස්තුවක් හදාන ඉන්නව කියලත්.
වචනයක් කිව්ව නම් කඩකරන්න හොඳ නෑනෙ...කතාවටත් කියනව කෙනෙක් තමන්ගෙ වචනයේ වහලෙක් වියයුතුයි කියල....පඳුර වටේ සුද්ද කරල ඉවරයි දැන් කතාවට බහිමු.
රොසන්ටා අපේ ගමට ආපුකාලෙ මම ඉපදිලත් නැතුව ඇති....මොකද රොසන්ටගෙ ලොකු පුතත් මට වඩා අවුරුදු ගාණක් වැඩිමල්... ඊළඟට ලැබුණු දුවනම් අපේ වයසෙ මොකද අපි එක පන්තියෙ හිටියෙ ප්‍රාථමික විද්‍යාලයෙ.
අබිලීනු තමයි රොසන්ටාව ගමට කැන්දගෙන ඇවිත් තියෙන්නෙ...මිනිහ ඒ දවස්වල බෙළෙක්වත්තෙ මහත්තයගෙ වත්තෙ මුර වැඩේ කරල තියෙන්නෙ...අබිලීනු තලස්තෑනි මනුස්සය වුණාට රොසන්ට තරුණයි.
රතුවට කොටට හිටපු මේ ගෑණිට අපේ අම්මල එහෙම කිව්වෙ බෝනික්කි කියල....හිතාගන්ඩලකො කොහොමට ඉන්න ඇද්ද කියල....අබිලීනුට රොසන්ටව කොහොම ලැබුණද දන්නෙ නෑ....ඒ යකාට මේ ගෑණිගෙ වටිනාකමක් තිබ්බෙ නැතිවුණාට බෙළෙක්වත්තෙ මහත්තය නං රොසන්ටගෙ වටිනාකම හොඳටම දැනගෙන හිටිය...ඒකමයි අබිලීනු වත්ත මුරකරන්න ගියහම මහත්තය රොසන්ටව මුරකරන්න ආවෙ.
මහත්තය රතුයි උසයි ලස්සනයි.....රොසන්ටගෙ ලොකුපුතා මහත්තයගෙ කපාපු පලුව.... පස්සෙ කාලෙකදි රොසන්ට කිව්ව කොල්ලගෙ තාත්ත මහත්තයය කියල.
පතිනියක් හැටියට ගමට ආපු රොසන්ටා හාපුරා කියල වරදෙ බැඳුනෙ ඔය ආකාරයටයි....දරුවො හයදෙනෙක් වැදුවත් ඒ එක දරුවෙක්වත් අබිලීනුගෙ නෙවෙයි කියලයි කතාව තියෙන්නෙ.
වැඩිකල් නොගිහින්ම ගමේ පිරිමින්ට රොසන්ටගෙ ඉව වැටුණා...රොසන්ටත් ඒ අයව ප්‍රතික්ෂේප කළේ නෑ....අබිලීනු වයසක මනුස්සය උන්දැට ඕවයි එච්චර ගාණක් නෑ.
ඔන්න ඔය ආකාරයට රොසන්ටා වෘත්තීමය ලිංගික සේවා සපයන්නියක් හැටියට ජීවිතය ආරම්භ කළා.
අපි කොල්ලො නම් කිව්වෙ ලර්නර්ස් එක කියලයි....දැන් තමා ඔය ලිංගික සේවා සපයන්නියන් කියල හැඳින්වෙන්නෙ....ඒ කාලෙ නම් ගණිකාව ලියන භාෂාවෙන්...ගම්වල නම් වේස ගෑණි හෝ වේසි....දරුණු අපහාසයක්.
රොසන්ට කියන්නෙ ඒ මනුස්සයගෙ නියම නම නෙවෙයි කියල ඔයගොල්ලො දන්නවනෙ...ඔය නම දැම්මෙ කොල්ලො....... මොකද ඒ දවස්වල පත්තරේ තිබුණු සමාජ ශාලාවක දැන්වීමක් ආශ්‍රයෙන්...නියම නම අපි දැනගත්තෙ ඔන්න රොසන්ටගෙ මරණ දැන්වීමෙන්.
ලිංගික සේවා සපයන්නියන් පහත්ම තත්වයකට දාල අපේ රටේ සැලකෙන්නෙ ඇයි කියන එක ප්‍රශ්නයක්....ලිංගිකත්වයත් කනව බොනව වගේම ජීවිතයට අවශ්‍ය එක අංගයක්නෙ....ඇයත් පිරිමින්ට අවශ්‍යවෙන එක් සේවාවක් සපයන තැනැත්තියක්.
නමුත් ලංකාවෙ මේ සේවාව රහසිගතව සපයන හා රහසිගතව ලබාගන්නා දෙයක්.
හැබැයි ලංකාව විදේශිකයන්ට යටත් වෙන්නට පෙර ලාංකිකයො අතිශය නිදහස් ලිංගික ජීවිතයක් භුක්තිවින්දා කියලයි මම නම් කල්පනා කරන්නෙ.
නමුත් පසුකාලීන විදේශ ආක්‍රමණවලින් පස්සෙ ලංකාව යටත් කරගත්තු විදේශිකයන් විශේෂයෙන්ම ඉංග්‍රීසින් ඔවුන්ගෙ වික්ටෝරියානු සංස්කෘතිය මෙරටට හඳුන්වල දුන්නයින් පස්සෙ තමා මේ විපර්යාසය සිද්දවුණේ.
විවාහ ලියාපදිංචි කිරීමකින් තොර ලිංගික හැසිරීම් හෙලා දැකීම....එක පිරිමියට එක ගැහණියක් වශයෙන් සීමා මායිම් පැණවුනේ.
දැන්නම් ඇංග්ලෝ සැක්සන්වරුත් ඔවුන්ගෙ පැරණි හම්පඩගැහුණු සිරිත් අතහැරලදාල නිදහස් ලිංගික සංස්කෘතියකට හුරුවෙලයි ඉන්නෙ..
නමුත් බදාගත්තුදේ එහෙම ලේසියෙන් අතඇරල දාන්න අපේ උදවියනම් කැමති වෙන්නෙ නෑ....ඒ හින්දම තාම පරණ වික්ටෝරියානු සිරිත් විරිත් වලට වන්දනාමාන කරමින් ඉහ උඩ තියාගෙන ඉන්නව.
ආපහු කතාවට එමු....වැඩිකලක් ගියෙ නෑ රොසන්ට ගමේ තරුණයන්ගෙ මනදොළ පිනවන අපූරු චරිතයක් බවට පත්වුණා...ඇයට හැකිනම් පැය විසිහතරෙම හෝ සේවාව සපයන්නට ඒ තරමට ගමේ වාගෙම අවටත් සේවාලාභීන් ඇතිවුණා.
හැබැයි රොසන්ට වැඩියත්ම කැමතිවුණේ ගමෙන් පිට අයට ඇයගෙ සේවාව සපයන්නට... මොකද වැඩි කරදරයකින් තොරව කීයක් හරි අතපුරා ලබාගන්න හැකි නිසා....බොරු කියන්නෙ මොකටද ගමේ නං හිටපු තරම් හිටියෙ අපතයො....උං රොසන්ටට සල්ලි දෙන්න නෙවෙයි රොසන්ට රෙද්දෙ ගැටගහගෙන ඉන්න ටිකත් ලෙහෙල ගනියි පුළුවන්නම් කසිප්පු බොන්න.
වැඩිය රෑ බෝ වෙන්න කලින් රොසන්ට ගමෙන් පිට සේවා ලාභීන්ගෙ හමුවීම් ටික කරගන්නයි බලන්නෙ....ආපහු ආවම තමා ගමේ ගණුදෙනුකරුවන්ට චාන්ස් එක ලැබෙන්නෙ.
ඒ වුණාට සමහර දවස්වලට යන්නවත් හම්බවෙන්නෙ නෑ බඩගිනිකාරයො මග රැකල ඉන්නව කී දෙනෙක්ගෙන් බේරිලා යන්නද.
මේක මට ඇන්සන්(නියම නම නෙවේ) කියපු කතාවක්......
ඔන්න දවසක් රෑ ඇන්ස බෝක්කුව ළඟ රැකල ඉන්නවලු මොකෙක් හරි පාත්වෙයිනෙ කියල බලාගෙන....
ඔහොම ඉන්නකොට තමයි දැක්කෙ රොසන්ට ඉක්මන් ගමනින් අලවත්තෙ පාරෙ පල්ලම බැහැගෙන එනව....
අර අටම කිව්වෙ කන්න පින තියෙනව නම් ඉබ්බ ගෙට එනව කියල ඒ වාගෙ ගෑණි බෝක්කුව ළඟට එනකොටම මූ හැංගිලා හිටිය තැනින් එළියට ඇවිත් අල්ලගත්තලු.
මේ මොකද.....පිස්සුද අනේ මට යන්න දෙන්න....මම එන ගමන එන්නම්...රොසන්ට බැගෑපත්වෙනව....මොකද කලින් දාගත්තු වැදගත් ඇපොයින්මන්ට් එකකට යන්න පරක්කුත් වෙලා...ඒ හින්දා.
පොඩ්ඩක් ඉඳල යනවකො....ඇන්ස කියනව..
පිස්සුද අනේ....එන ගමන් එන්නම්..
ඒ වුණාට ඇන්ස ඉන්නෙ වෙඩි කාපු ඌර වගේ....අතාරින්නෙම නෑ....
දෙන්න අතරෙ කසු කුසුවෙන් වදන් හුවමාරු වෙන්නෙ වේගයෙන්...
විනාඩි කීපයකට පස්සෙ යන්තම් එකඟත්වයකට එන්න දෙන්නට පුළුවන්වුණා...
මේකිව මේ හදිස්සියට අරගෙන යන්න තැනකුත් නෑනෙ...රොසන්ටගෙ අතින් ඇදගෙන ඇන්සා බෝක්කුව යටට රිංගගත්ත..
පහක් ඕනැ හරිද.....ඒ හදිස්සියෙත් රොසන්ට කියනව...
දැනටමත් පරක්කු වෙලා තියෙන එකේ තමන්ගෙ වෘත්තීමය අත්දැකීම් උපයෝගී කරගත්තු රොසන්ටා වැඩේ ඉක්මන් කළා බෝක්කුව යට ඉඳන්....රොසන්ටට ඕනැ ඉක්මනට ඉවරකරල පැනගන්නයි.
මුවතුළ තොඳොල් වන ආගන්තුක දේහයේ අමුතු චලනයක හැඩ රොසන්ටා ඉවකලේ පළපුරුද්දෙන්....ආගන්තුක දේහය වහාම මුවින් ඉවත්කරන්නට ඇය සැරසුනත් එය තේරුම්ගිය ඇන්සා වහාම ක්‍රියාත්මකවී රොසන්ටගෙ හිස තම උකුළට හිප්පගෙන තදකරගත්තෙ ඇයට ඔලුව හොල්ලන්න තරමවත් අවස්ථාවක් නොදෙමින්.
චිරිස්....චිරිස්....චිරිස්....(ඇන්සා තුන්වරක් ඉදිරියට පනිමින් මෙය රඟපාලත් පෙන්නුවා)
මුව පුරවා කීපවරක් වැදුණු උණුසුම් ද්‍රාවණය කට හොල්ලන්නවත් බැරිව හිටපු රොසන්ටගෙ නහයෙනුත් එළියට ඇවිත්.
ඔයවගේ අකරතැබ්බ නං එකක් දෙකකට නෙවේ රොසන්ටට මූණපාන්න වෙලා තියෙන්නෙ....
කලින් යොදාගත්තු හමුවීම් වලට රොසන්ටා යනතුරු පෝටවත්තට වෙලා තවත් උන්(නම් කියන එක හරි නෑ) බලාගෙන ඉන්නෙ නොමිලේ සේවාව ලබාගන්න...ඒ අපතයන් ඉදිරියෙ තමන්ගෙ රාජකාරිය අමතක කරන්න රොසන්ට සූදානම් නෑ.
හැංගිල ඉන්න අපතයො නැගිටල ඉස්සරහට එනව දකිනකොට රොසන්ටා දුවන්න ගන්නව....පස්සෙන් එළවන මුං හැති වැටිල ආපහු එනව....රොසන්ට කොච්චර වේගෙන් දුවනවද කිව්වොත් දවසක්දා එකෙක් කියනව....දුවන හාවෙක් අල්ලගන්න පුළුවන් මේකිව අල්ලනවට වඩා ලේසියෙන්.....කියල
ඒ අව් අස්සෙ උන් තවත් අලුත් සොයාගැනීමකුත් කරල තිබ්බ....
රොසන්ට රෑට එන්නෙ ෂෝටක් ගහලලු රෙද්දට යටින්....
දුවන්න ලේසි වෙන්නත් අපතයන්ට අහුවුණොත් අමතර ආරක්ෂාවක් ලැබෙන නිසාත් වෙන්න ඇති...
අපතයොත් වැඩේ අතාරින්නෙ නෑ...මහ පාන්දර වෙනතුරුත් පොල්ගස්යට ඈණුම් ඇරඇර ඉඳල රොසන්ටා ආපහු එද්දි අල්ලගන්නව....
එතකොට නං රොසන්ටට ගාණක් නෑ....ගෙදර යන ගමන් නෙ...වැඩි කලබලයක් නැතිවම අපතයොත් එක්ක පොල් ගහක් යටට යනව.
රොසන්ටගෙ ලොකු කොල්ලයි කෙල්ලයි දෙන්නම බෙළෙක්වත්තෙ මහත්තයගෙනෙ....මද්දුම කොල්ල හුදකලා ඌ පේමයගෙ....හැඩහුරුකමයි පාටයි කළුවට කළුවෙ.....පේමයගෙ කපාපු පළුව.
හුදකලාත් අපිත් එක්ක අනූතුනේ කතරගම ට්‍රිප් එක ගියානෙ....
ඔය ට්‍රිප් එකේ තුන්වෙනි දවසෙ රෑ අපි නැවතුනේ නුවර එළියෙ...නවතින්න තැනකුත් නෑ...බොහොම අමාරුවෙන් ෆාදර් කෙනෙකුට කන්කෙඳිරි ගාල ඉල්ලගත්තු පොඩි ගොඩනැගිල්ලක යට තට්ටුවට කට්ටියව දැම්මා....
එතෙන්ට ගියවෙලේ ඉඳන් කොල්ලොයි කෙල්ලොයි සිංදු කිය කියා නටනව...එතනම සීට් එකක් එලාගෙන දිගාවුණු සැන්ටිං මුදලාලි මුන්ගෙ නැටුම් බලනව....
එතන ඉඩමදිනිසා අපි බස් එකේ කතාකරකර හිටියා....මෙන්න එකපාරටම කොට්ට පැදුරු පොරෝණා පොදිගහගත්තු සැන්ටිං මුදලාලි ලහිලහියෙ බස් එකට ගොඩවෙනව.
ඇයි...ඇයි...මොකද මුදලාලි.... මම ඇහුවා.....
බලන්ඩකො මහත්තයො....අර අබිලීනුගෙ කොළුව තුන්සැරයක් මගෙ ඇඟට පෙරළුනානෙ.....බැරිම තැන තමා මම මේ ආවෙ....සැන්ටිං මුදලාලි කිව්වා.
වෙරිපිට නටන හුදකලා සැන්ටිං මුදලාලිගෙ ඇඟට පෙරලිලා....
ආයෙමත් එක අවුරුද්දක බක්මහ උළෙල ඉවරවෙලා ගෙදර ආපු මම ඉස්තෝප්පුවෙ වාඩිවෙලා ඉන්නව....වෙලාව රෑ හතහමාරට අටට විතර ඇති...චුට්ටක් සප්පායම් වෙන්න තිබ්බ කවුරුහරි ආවනම්....මොකෙක්වත් ආවෙත් නෑ.
ඔන්න එතකොට මට ඇහෙනව පහළ මයියංගනේ ආරියලගෙ ගෙවල් පැත්තෙන් කෑගැහිල්ලක්....මාත් හොඳට අහගෙන හිටියා...
ලොක්කො නේද යකෝ....දැන් ලොකු මිනිස්සුනෙ මුං....
ලොකු කතාව පුන පුනා කියනව.....එකම කංකරච්චලයයි.
මොකාද කෑගහන්නෙ බලන්න මාත් එළියට බැහැල ඒ පැත්තට ගියා....
බැලුවාම හොඳටම බීපු හුදකලා බැන බැන එහාට දුවනව මෙහාට දුවනව...වයින් කරපු කාරෙක වාගෙ...
බනින්නෙ වෙනුජට....ආරියත් එතන ඉන්නව....වෙනුජලගෙ ගෙදරින් කිසි සද්දයක් නෑ.
හුදකලා හයියෙන් කෑ ගහනකොට ආරිය කියනව...
කටවහගෙන ඉඳපං රංජි.....කියල..
ඌ ඒක කියන්නෙ කිසිම උවමනාවකින් නෙවෙයි....තව තවත් බැනපං කියන විදියට....හුදකලා වෙනුජට බනිනවට ආරිය හරි ආසයි වාගෙ....
මුං දඟලනතැනට මම ගියා....
මොකද බං කෑ ගහන්නෙ....
තොගෙත් අම්මට.....
හුදකලා මටත් ගෝලු ගත්ත.....
අත දිගඇරල මම දුන්න හුදකලාගෙ මූණ පුරෝල එකක් පටෝං කියල.....
පාරෙ වේගෙට මේකා කැරකිලා ගිහින් බිම වැටුණා.....ඒත් කටේ සද්දෙ ඉවරයක් නෑ...අමු කුණුහරුප ඉවරයි.....දැන් මට ඕනැ මුගෙ කට කපන්න....මම ආපහු ගෙදරට දුවගෙන ආව....ඌට බයේ දුවනව කියල හිතපු හුදකලා මගෙ පස්සෙන් එළවගෙන ආව.
කෙලින්ම ගැරේජ් එකට දුවගෙන ආපු මට ඉස්සෙල්ලම හම්බවුණේ වීසි කැත්ත....වීසි කැත්ත අතට අරගත්තු මම ආපහු හැරුණා මූට දෙකක් දෙන්න....විදිල්ල වාගෙ ආපහු හැරුණු හුදකලා පාරෙ පහළට දුවන්න ගත්ත.
මමත් උගෙ පස්සෙන් අඹාගෙන ගියා....
දුවන ගමන් මේකා මට කියනව....
අයියෙ කළබල වෙන්න එපා....ප්‍රශ්ණයක් තියෙනවනම් කතා කරල බේරගම්මු.... කියල.
වීසි කැත්ත අරං දුවන මගෙ පස්සෙ බිරිඳ....එයාගෙ පස්සෙ පුතා දුවගෙන එනව....
පස්සෙ දවසක වෙනුජ කිව්ව හරියට පෙරහැරක් වාගෙ කියල....කොහොම හරි කට්ටිය මගෙ අතේ තිබ්බ වීසි කැත්තත් අරගෙන මාවත් ආපහු එක්කං ගියා.
පහුවදා උදේ පාන්දරින්ම ආරිය අපේ ගෙදර ඇවිත් කියනව...
ඕකා දැන් පොලිසි ගියොත් කට්ටියටම උත්තර කියන්න වෙනව...කීයක් හරි දීල ෂේප් කරගත්තොත් නේද හොඳ....ඊයෙ ඌට වැදුනු පාරට දත් වහල්ලම හෙල්ලෙනව....කියල
මම දැනගත්ත ආරිය මේ ඩබල් ගේමක් ගහන්න යන්නෙ කියල....මගෙන් සල්ලි අරන් දෙන්න අරූට පොරොන්දු වෙලා ඇවිත්...
යන්න කියපං පොලීසි....මම ආරියවත් එළවගත්ත...
දවල් වෙද්දි රොසන්ටා අපේ ගෙදර ආවා....
මොකක්ද මේ ඊයෙ රෑ උණේ බලන්න කියල ආවා කිව්ව...
ගමේ මනුස්සය හින්ද මොකුත් කියන්න කරන්නත් බෑ....පිට එකෙක් නං දනී කරන වැඩේ කියල රොසන්ට කියනව....
අලුත් අවුරුද්දෙ ගෙදරට ආපුඑකේ හිස් අතින් අරින්නත් බෑනෙ....මොනවහරි ගන්න දේකට මේකත් තියාගන්න කියල බිරිඳ සල්ලි වගයක් රොසන්ටගෙ අත මිට මෙලෙව්වා.....
සල්ලි දැක්ක විතරයි අර ලොකු ටෝක් ඔක්කොම අකුලගත්තු රොසන්ටා....
එහෙනං මම යන්නං මැණිකේ....කියල එහෙමම පල්ලම් බැස්සා....
මීට අවුරුදු කීපයකට පෙර හුදකලා මියගියා....
ඔය වෙනකොට රොසන්ටා සෑහෙන්න වයසට ගිහිං....ගමේ තරුණයන්ට රොසන්ටව තවදුරටත් ඕනැවුණේ නෑ......
ඔය කාලෙ රොසන්ටට ඉල්ලුම තිබුණෙ පැන්ෂන් ගිය වැඩිහිටියන්ගෙන්......
සිරිල් මාම....ලොකු අත්ත....මනියෙල් රාළහාමි...පොඩ්ඩෙ එහෙම රොසන්ටගෙ නිත්‍ය ගණුදෙනුකරුවන් බවට පත්වුණා.....
මනියෙල් කාරය රෑ 11 ට වැඩ ඇරිලා එන වෙලාවට රොසන්ට මනියෙලා කුලියට අරං හිටපු කඩ කෑල්ලට රිංග ගන්නව....මේ වැඩේ අපට අහුවුණා....
රොසන්ටයි මනියෙල් කාරයයි ඇතුලෙ පෙම්සුව විඳිනකොට අපි ටික කඩේ ලෑලිවලට කන තියාගෙන අහගෙන ඉන්නව....
ඒ රොසන්ටගෙ ලොකුපුතා බෝධියා මැරුණු අලුත.....
බලන්න රාළහාමි....බෝධිත් මලා දැන් මට බලන්න කවුරුවත් නෑ....කිය කියා රොසන්ට අඬනව....
උඹ නාඩා ඉඳින් කෙල්ලෙ උඹට මම ඉන්නවනෙ .....කිය කියා මනියෙලා රොසන්ටව සනසවනව.....
ඊට පස්සෙ කියපුව අපට ඇහුණෙ නෑ....රොසන්ටට කතා කරන්න බැරුව තියෙන්න ඇති.
ඔය විදියට කාලය ගතවුණේ රොසන්ටා වියපත් කාන්තාවක් බවට පත් කරමින්...ඒ වෙනකොට රොසන්ටාගෙ වයසක ගණුදෙනුකරුවන් පවා මෙලොව අතහැර ගිහින්....
ලිංගික සේවාවන් සපයන්නියගෙ භූමිකාව අතහැර දැමූ රොසන්ටා බණ භාවනාවට සීලයට වඩාත් නැඹුරු වුණා....පසුකාලීනව ඇය වැඩිපුර කාලය ගතකලේ තම දරුවන්ගේ නිවෙස්වල.....
දැනට වසර හය හතකට පෙර රොසන්ටා මෙලොව හැරගියා....
ඇය අපේ ගමට සේවයක් කළේ නැහැයි කියා කාටද කියන්න පුළුවන්....
හ්ම්ම්...සේවයක් කරලා නැත්තෙමත් නෑ....කොහොම හරි අසහනේ යවා ගන්නනේ අපේ අයට ඕනේ.... ;)
ReplyDeleteඅසහන කාරයො ටිකට සහනය දුන්න එකම මදෑ
Deleteපව් නේ
ReplyDeleteඒ කාලෙ ජීවිතය ඔය විදියයි සුජියො
Delete//රොසන්ට රෑට එන්නෙ ෂෝටක් ගහලලු රෙද්දට යටින්....//
ReplyDeleteමට නම් මේ ලිපිය කියවලා ඒ ගැහැනිය ගැන පුදුම කණගාටුවක් දැනුනේ.
ඒ මනුස්සයා කොච්චර දුකක් විදලා තියනවද, නානාප්‍රකාර මිනිස්සුන්ට සේවය සපයලා එන ගමන් මැරතන් එකකුත් දුහලා , අසිහියෙන් ඉන්න කසිප්පු කාරයො එක්ක පදුරු තලන්ඩත් උනහම , ඔය මනුසුසයට ලෙඩක් දුකක් නොහැදි තිබ්බ එක තමා පුදුමේ
Delete@ අටම් ;
Deleteඔය කාලෙ දෙගොල්ලගෙම පානය කෂියා/රා පානය.දැන් වගේ ගමේ සැමට එලිය ඒ කාලෙ නොතිබුන නිසා බාලොලිය පදුර යටත්,දැන් පැයට රු.350/=ගානෙ ගම්වල තියෙන ගෙස්ට් හහුසියෙ තියෙන සැපම තමා.වෙනස තියෙන්නෙ දෙන්නටම එකට බොඩි වොෂ් දාගන්න බැරි එක :).ලෙඩ කිව්වට එච්චර භය ලෙඩ ඒ කාලෙ තිබුනෙ නැහැනෙ.පොඩ්ඩක් අපිරිසිදුකම නිසා ඔය රස්නෙට අහුවෙච්ච් වැස්ලින් වගේ දියරයක් එනවනෙ[සුදු බිංදුම] දෙගොල්ලොම කලේ නාන ගමන් දෙහි බෑයක් අතුල්ල ගන්න එකනෙ.ගමේ කෑම හැම රෝගයකටම පිහිට උනා :).
ඔන්න මම කියන්න තියන හැමදේම ඒ විදියටම කෙන්ජි කියල තියෙනව
Deleteඒ කියන්නෙ "චාරිකා ලර්නස්"එකෙන් සේවය ලබාගත්ත හා සමාන ග්‍රහයකයෝ ප්‍රමාණයක් ම රොසන්ටාගෙන් ලබාගෙන තියෙනව කියල නේද :)?.
ReplyDeleteඑහෙමම තමා කෙන්ජි
Deleteඋඹ විසිකැත්ත අරන් පෙරහැරේ දුවන විදිය නං හරි අපුරුවට ලියල තියෙනවා. ඒ වගේම තමා කතාව පුරාම ව්‍යංගාර්ත නැතිව ගලන ගතියක් තියෙන නිසා ආයේ කියන්න දෙයක් නෑ සහතික ඇත්තෙයි කියන එක. මේ කතාව ආරම්භයත් එක්ක අවසානයට එනකොට නිකංම අනිත්‍යය ගැන මෙනෙහි වෙනවා බොල..
ReplyDeleteතෝ අපරාදේ රොසන්ටා ගෙදර ආපු වෙලාවේ නිකං හිටියේ. .හැක්.... සුපිරියි හැලපේ
මොනවද බං කියන්නෙ...තොගෙත් තියෙන වල්කම නං
Deleteඋදේම මේක කියෙව්වම ගොඩක් දේවල් හිතට ආවා.. ඒත් වෙලව නෑ දිග කමෙන්ට් එකක් දාන්න..
ReplyDeleteගොඩක් අය සුද්දා, වික්ටෝරියන් සම්ප්‍රදාය, මේවා නෙවෙයි ලංකාවේ තිබ්බේ, අරක මේක කියලා දේවල් කියනවා... අද වෙනකොට විවාහ සහතිකය කියන්නේ කන්‍යාභාවය නැති කරගන්න දෙන ලයිසන් එකක් ( කොච්චර කොහොම කිව්වත් තාමත් ගොඩ දෙනෙක් විවාහයෙදි ඕක බලාපොරොත්තු වෙනවා..) සහ දික්කසාදෙදි වන්දි ලබාගන්න තියෙන සහතිකයක ( ගැරන්ටියක) තත්වෙට ඇවිල්ලා තියෙනවා කියලා මම හිතනවා.. ඒත්... රොසෙන්ටා කොල්ලන්ගේ ලර්නර්ස් එක උනා වගේ කෙල්ලන්ට ලර්නර්ස් තිබ්බෙ නැද්ද.. ( විචාරක මහත්තයා දවසක් කිව්වා ගම්වල තිබ්බ පොතක් ගැන.. බඳින වයසේ කෙල්ලෙක් ඉන්න ගෙදරක ඒ පොත ගෙනල්ලා අහුවෙන තැනකින් තයනවලු.. ඒකේ ලිංගික ජීවිතය ගැන හැමදෙයක්ම විස්තර කරලා තියනවලු.. ඕක ගමේ ගෙවල් වල අතින් අත ගියා කියලා තමයි කිව්වේ.. මට තියෙන ප්‍රශ්නේ ඕකම කොල්ලන්ට කළේ නැත්තේ මොකද කියලා) නැත්තම් ගම්වල බලවත්තු කෙල්ලන්ව ස්පෙයාවීල් විදියට පාවිච්චි කළා විතරයිද... එතකොට රොසෙන්ටා වගේ ගෑණියෙක් අර වගේ නාකි මනුස්සයෙක් බැන්ඳෙ මොකටද... රොසෙන්ටා ළඟට (උදාහරණයක් පමණයි) යන එක ගැන මෙහෙම කතා කරන අය තමන්ගේ වයිෆ් වෙන පිරිමියෙක් එක්ක හිටියොත් මොනවා කියයිද... ( මොනවා උනත් ගෑණු පිරිමි දෙගොල්ලොම මිනිස්සුනේ..)
ඔන්න මට ආපු ප්‍රශ්න.. වාදයක් බලාපොරොත්තු නොවෙමි.. හිතුන දේ පමණයි..
//ඒත්... රොසෙන්ටා කොල්ලන්ගේ ලර්නර්ස් එක උනා වගේ කෙල්ලන්ට ලර්නර්ස් තිබ්බෙ නැද්ද..//
Deleteඩ්‍රයිවර්ට විතරයි ලයිසන් දෙන්නෙ! පාරට දෙන්නෙ නෑ. :-)
(විහිළුවක් කොලේ ඈ......)
හිකිස්.. ඇයි රාජ් ඩ්‍රයිවර්ට විතරක්යැ වාහනේටත් ලයිසන් ඕනෙනෙ. :D :D
Delete
Deleteහැමදාම ඇවිත් මේ අපූරු කතා කියවල ගියාට, කමෙන්ට් කරන්න හිතුනෙ මේ කමෙන්ට් එක දැක්කාමයි. දැං මේක කියවල මාව හපා කන්ට එපා. අපි මේ හිතාගෙන ඉන්න එදා සුන්දර, සාධාරණ ගැමි සංස්කෘතිය මායාවක්ද කියලත් මට හිතෙනවා. යටත් විජිත පාළන කාලය,ඉතිහාසයේ සභ්‍යත්වය වඩාත්ම වල්වැදිච්ච යුගයක් බව මා අසා තියනවා. නමුත් ඊට කලින් අපි ඔය කියන, ලිංගික නිදහස ඇත්තටම තිබුනාද කියන එක නං ප්‍රශ්නයක්. රොඩී කාන්තාවන්ට උඩුකය වසන්න තහනම් සම්ප්‍රදාය නැවැත්තුවෙ සුද්දා නේද? මට නං හිතෙන්නෙ , හැම යුගයකම( අදටත්) කාන්තාව ලිංගිකව සූරාකෑම ලෙසටම කෙරෙන බවයි. ජපානයේ ගෙයිශ්‍යාවන්ට ලැබුණු සමාජ තත්ත්වය, කවදාවත් අපේ "රොසට්ටාලක්කා" ලට කවදාවත් ලැබුනෙ නෑ. අපේ ගම්වල් පැරණි කියමනක් තියනවා " කොල්ලො මොන වරෙත්තුවෙ ගිහිල්ලා ආවාත්, දෙහි බෑයක් උලල, නාවල ගත්තාම අහවරයි" කියන කතාව
බජාර් එකේ ලලක්කා
සුර සැප වික්කා
කාගෙත් වතගොත රැක්කා
සිල් අරගත්තා, පෝයට සීලෙත් රැක්කා
හැඩකාරයි, කටකාරයි ගෑණි ලලක්කා
මං මේ ටික ලිව්වෙ, හැලපයාගෙ මේ අපූරු කතාවලට බාදා කරන්න නොව, හිරුගේ කමෙන්‍ටුවෙන් දැනෙන්න කලකිරීමට මටත් දැනුණු නිසයි.ඒත් මං පෞද්ග්ලිකව කැමතියි , මේ යථාර්ත්ය අමතක කරලා , සුන්දර ගැමි ෆැන්ටසියේ ජීවත් වෙන්න.
මට කියන්න දෙයක් නෑනෙ හිරූ.....ප්‍රශ්ණ උත්තර ඔක්කොම තියෙනව....බොහොම ස්තූතියි
Deleteමල්ලිලා
Deleteකාර් එකට ලයිසන් ගත්තම ප්‍රමාණවත් යුගයකුත් එනවෝ...
හිත හොද ගෑණී හැමදාම බඩිං
ReplyDeleteඑහෙම කියල හිත හොඳකම නැතිකරගන්නෙත් නෑ
Deleteවිසිකැත්ත අරං හුදකලා පස්සෙං කට්ටිය දුවනකොට නියමෙට තියෙන්න ඇති.
ReplyDeleteමේක මාර ලර්නස් එකක්නෙ.
කියල වැඩක් නෑ ත්‍රිභාෂා
Deleteතේ හැදි දෙකේ ද්‍රාවණය නාහෙන් එන්න නම් සැපට හැදුන බතල අලයක්ම වෙන්න ඕන.නැත්නම් රොසෙන්ට ගෙ කට පුංචි ඇති.එයා හිනාවෙද්දි කට කන ලගට එන්නෙ නැහැ නේද :)?.
ReplyDeleteහිකෑස් ^_^
Deleteකෙන්ජිගෙ කතාව කියවද්දි මගෙ කට කණේ....කොහොමද ඔබ ඔය තරම් හොඳට ප්‍රමාණය මැන්නෙ.
Deleteහැලපයා. මේ කතාවේ සුන්දරත්වය, නිර්ව්‍යාජත්වය, මනුස්සකම, ශෘගාර රසය, අනුකම්පාව, ජීවිතේ ඇති අනියත බවටත් එහා ගියපු විශේෂ දෙයක් මම දකිනවා. අමරසෙකර මහත්තයා කරුමක්කාරයෝ වලිනුත් කියන්නේ මේ කතාව. මේ තමයි ඇත්ත ගම. මේකයි ඇත්ත, ඒත් කවුරුත් මේ හැම දෙයක්ම දැනගෙන, වෙන බොරු ගමක් ගැන තමයි කතා කරන්නේ. මේ වගේ කාන්තවක් හැම ගමේම හිටියා. සමහර විට 3-4 දෙනෙක්. ඒත් සමාජය ඔවුනට ගැරහුවේ නෑ. පන්සලේ, මළ ගෙදර, බන ගෙදර, දානේ ගෙදර හැම මගුලකටම ඇවිත් තමන්ගේ දේවල් වගේ කලේ මොවුන්. ඒ නිසා රෑට කොල්ලො කිරිට්ටෝ වගේම මදාවියන්ගෙන් අඩුවක් තිබුනෙත් නෑ. රෑට රෑට සමහර වෙලාවට අතුරුදහන් උනාට. සමාජ සේවය උපරිමයෙන් ඉටු කලා. හැලපේ කිව්වා වගේ අන්තීමට පිහිට උනේ දරු මල්ලොයි, පන්සලයි තමයි. ඒත් මිනිය උස්සන්න ඕන තරම් මිනිස්සු නම් හිටියා.
ReplyDeleteඔව් මාතලන් ඔබ හරියට හරි...ගමේ උදවිය කිසිම දවසක ඇයව හෙළා තළා කතා කරල නෑ...නෑදෑකම් ඒ විදියටම තිබුණා.
Deleteමාතලං
Deleteමේවට තමා ප්‍රතිචාර කියන්නේ. අහන්න සන්තෝසයි
ඇඩෙනවා නෙහ්? පව් ආච්චි...
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අනේ අනේ රජෝ....පහුගිය සතියෙ නේද 21 සම්පූර්ණ වුණේ
Delete//ලිංගික සේවාවන් සපයන්නියගෙ භූමිකාව අතහැර දැමූ රොසන්ටා බණ භාවනාවට සීලයට වඩාත් නැඹුරු වුණා..//
ReplyDeleteබුදුන්ගේ කාලේ හිටපු අභිසාරිකාවන් අන්තිමට කලෙත් මේ දේමයි.
ඉස්සර හැම ගමකම වාගේ මේ වගේ චරිතයක් ජීවත් වෙන්න ඇති කියලා මට හිතෙනවා.
ReplyDeleteඑක චරිතයක් පමණක් නොවෙයි තරූ
Deleteගම්බද ලලනී සුකුමාලී..
ReplyDeleteපරණ සිංදුත් මතක් වෙනව නේ සෑම්
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඒ ගෑණිට මුළු ජීවිත කාලෙම භීෂණ යුගයක් වෙලා තිබිලා තියෙන්නෙ. මට නම් තියෙන්නෙ අනුකම්පාවක් ඒ වගේ ජීවිත ගැන.
ReplyDeleteඒත් හෙන්රි රොසන්ට ඒ විදියට හිතුවෙ නෑනෙ මචං....දැන් තියෙන කාන්තා විමුක්තිය හෝ ස්ත්‍රී අයිතිවාසිකම් ඇය දැනගෙන හිටියෙ නැති නිසාම ඒ ඇගේ උරුමය කියල හිතාන ඉන්න ඇති.
Deleteගොඩාක් හොඳට කතාව ලියලා තියෙනවා. දිගටම කියවගෙන යන්න හිතෙන විදියට.
ReplyDeleteවැඩිපුර කවුරුත් මේ වගේ දේවල් ගැන ලියන්නේ නැහැනෙ. ඇත්තටම පව් කියලා හිතෙනවා මේ ගෑනු කෙනා ගැන. ගැමි ජිවිතයේ හැංගිලා තියෙන පැත්තක්.
එතකොට රොසෙන්ටා රෑ ජාමේ එලියට බැහැලා යනකොට එයාගේ දරුවො කොහෙද හිටියේ..?? එයා එහෙම ගියේ ජීවත්වෙන්න අබලීනු හොයන මුදල ප්‍රමාණවත් නැති නිසාද..?? රොසෙන්ටාගේ මහත්තයා අබලීනුට මොකද උනේ..?? එතකොට ඒ මනුස්සයට මේ ගෑනු කෙනා එක්ක ඉන්න හම්බෙලාම නෑ වගේ...
තව එකක් මේ කතාවේ පින්තූරේ හැටියට දාන්න තිබුනේ පොඩිවෙච්ච පඳුරක පින්තූරයක්.
ReplyDeleteඒ කතාවට මාත් එකඟයි. මේ ඇඳ නම් කොහෙත්ම ගැලපෙන්නෙ නෑ කතාවට.
Deleteඇත්තම කිව්වොත් ගෘංගාර රසයක් බලාපොරොත්තු වෙලා බැලුවේ. ඒත් ඇති වුනේ මේ කතාවට යටින් තියන ඛේදවාචකය ගැන ඇල් මැරුණු හැගීමක්.
ReplyDeleteරංබණ්ඩා සෙනෙවිරත්න මහත්තයා දැක්ක 'ලැම පමණක් ලොවට පෙනෙන , ලය නොපෙනෙන ලදුනේ' මතක් වුණා.
ඔය වගේ ගෑණු අය ඉස්සර හරියට ඉදල තියනවා මම හිතන්නෙ, ලොකු ලොකු රාලහාමිලට එහෙම සේවය සපයන්න. දරුවන්ට එහෙම කොයිතරම් ලැජ්ජ ඇතිද... ඒත් ඉතින් ඒ මනුස්සයත් කරන්න දෙයක් නෑනේ.. මිනිස්සු හරි නරක විදිහටනෙ සලකල තියෙන්නෙ.
ReplyDeleteතමුන් දන්න එකම විදිහට ජීවිතේට මූණ දුන්න දිරිය ගැහැණියක්.. අර යන එන තැන්වලදී පෙරලා ගත්ත අපතයින්ට නම් විසි කැත්තෙන් ගහන්නයි තිබුනෙ..
ReplyDeleteගැහැණියෙක් අසරණ උනාම අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉන්න උන් අපි අතරේ හිඟයක් නැහැ. පව් හැබැයි මට ඒ කාන්තාව ගැන තියෙන්නේ අනුකම්පාවක්.
ReplyDelete"ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ළඳුනේ......."
රොසෙන්ටක්කගෙ ජීවිතය ෆ්‍රෙඩී සිල්වල වගේ අනුන්ගෙ ගරාජයක ගෙවන්න උනේ නැති නිසත් ඇය අසරණ භාවයට හිඟමනට පත් උනේ නැති නිසා එය යම් සුඛාන්ත කතාවක් නිසා මා කැමතියි.
ReplyDeleteලිංගික නිදහස කියන්නේ ඕකද කියන ප්‍රශ්නය ආවත් රොසෙන්ටක්කට කවදත් ඒවයින් අඩුවක් තිබිල නෑ. ඒ නිසත් සන්තෝසයි.
ඇයව බෙල්ල මිරිකා මරා දමන තත්වයට කොල්ලො පත් උනේ නෑ. එ නිසා දුකක් නෑ.
කෙසේ උනත් ඇයගේ අසරන භාවය ගැන දුකයි.
පුදුම සේවයක් නේ අහල ගම හතකටම කරලා තියෙන්නේ.
ReplyDeleteමේක කියවද්දී මට නම් මතක් උනේ දෙනගම සිරිවර්ධනගේ "අයෝමා" නව කතාව.
ReplyDeleteඒක පස්සේ කාලෙක බන්දුල ගුණවර්ධන නිෂ්පානයෙන් ෆිල්ම් එකක් විදිහටත් ආවා.
අයෝමට හිටියේ ස්වර්ණා.
ඇත්තෙන්ම ඔවුන්ගේ ජීවිත හරිම ඛේදවාචක තමයි . .
මේක පහුවෙලා කියෙව්වත්..කමෙන්ට් එකක් නොදා යන්නෙ කොහොමද ? හැම ගමකම වගේ මේ වගේ චරිත එකක් දෙකක් තිබුනා අයියෙ...ඒ කාලෙ අද කාලෙ වගේ එව්වා මහා දුර දිග ගිය ප්‍රශ්න වලට අරන් ගියේ නෑ..ඒ ඒ වෙලාවට කෑ කොස්සන් ගහ ගත්තා එච්චරයි.
ReplyDeleteලෙසටම ලියලා තියෙනවා. එලම කිරි.
ReplyDeleteනියම පොස්ට් එකක්.ගම ගැන.ගොඩක් ය කියල තියනවා වගේ හැම ගමේම මෙහෙම කෙනෙක් හිටිය තමා.
ReplyDeleteමේ කතාව දැක්කාම මටත් කතාවක් මතක් උනා.. මෙයත් රෙසන්ටා ගෙ ජොබ් එක කරපු කෙනෙක් අපේ පැත්තෙ.. නම පත නැන්ද.. මෙයාටත් වයසක සේවා දායකයොලු හිටියෙ
ReplyDeleteඔන්න දවසක් වයසක පොරක් මෙයත් එක්ක කාමරේ ඉන්නවලු කොල්ලො හිදැස් වලින් බලාගෙන කතාව අහගෙන ඉන්නවලු..
ඔන්න දැන් වැඩේ පටන්ගෙන
මිනිහගෙ අහවල් එක කෙලින් වෙන්නෙ නැතිලු
ගෑනි - වැඩක් නෑ වැඩක් නෑ
මිනිහා - උනන්දු කරන්න උනන්දු කරන්න
ගෑනි - වැඩක් නෑ ඕයි
මිනිහා - තව උනන්දු කරන්න උනන්දු කරන්න
ගෑනි - මොන උනන්දු කෙරිල්ලක් ඕයි මේක උන්නදු වෙන්නෙ නෑ..
උඹත් ලයිෂන් ගත්තෙ ඔය ලර්නස් එකෙක්මද?
ReplyDelete