අර මම කලින් ලියපු කතාවට විවේචන තොගයක්ම තිබුණා....ඒ සියල්ලටම ස්තූතියි...ප්‍රශංසා වාගෙම විවේචනත් සමසිතින් භාරගතයුතුයිනෙ.අනික ඔයගොල්ලො ඒ විවේචන කලේ තරහකින් නෙවෙයි සුහද සිතින් කියල මම දන්නව.
මගේ පැත්තෙනුත් වචනයක් කියන්නම්.....තනි කතාවක් වශයෙන් ලියන්න තරම් දිග නැති මගෙ හිතේ තිබ්බ පොඩි පොඩි කතා දෙක තුනක් එකතුකරල එක කතාවක් හැටියට ලිව්වට ඒ උත්සාහය අසාර්ථකයි.
තාම අපේ හිතවතුන් කැමති මුල මැද අග සහිත සම්පූර්ණ කතාවකට......මම ලියපු කතාවල අගක් මුලක් නැත්තෙ අග මුල මමත් නොදන්න නිසායි.....සමහර කතා මම අහල තිබුනු ඒව මිසක මගේ අත්දැකීම් නෙවෙයි....නමුත් අග මුල සහිතව සම්පූර්ණ කරන්න තිබුණා අතින් දාල....මම එහෙම කලේ නෑ.... මොකටද බොරු ලියන්නෙ.
අපේ රටට මේ දවස්වල ආයෙම වහිනවලු.....වැස්ස නැති රටක ඉන්නකොට වැස්සක් දකින්නත් ආසයි.
ලංකාවට කොච්චර වැස්සත් මොකටද....සති දෙකක් පායනකොට ජලාශ හිඳිල කියයි....ලයිට් කපන්න වෙනව කියයි.
අවුරුද්දෙ දවස් තුන්සිය හැටක් විතර කරවෙන්න පායන රටවල වතුර හිඟේකුත් නෑ ලයිට් කපන්නෙත් නෑ.
අපි මදුරාසියෙ හිටපු කාලෙ අවුරුද්දට දවස් පහකට වඩා වැස්සෙ නෑ.....මට මතක් වුණේ ඔය ඉඳල හිටල වැහැපු වැහි නිසා සිද්දවෙච්චි අකරතැබ්බ කීපයක්.
මම මදුරාසියට ගියදාට පහුවදාම වැස්සා.....එදා සෙනසුරාද දවසක්....දවස හරියටම කිව්වොත් අප්‍රේල් 25 වෙනිදා 98 අවුරුද්දෙ.
මම බන්දු ලගෙ ගෙදර නැවතිලා හිටිය දවස් කීපයක් මට ගෙයක් හම්බවෙනතුරු....එදා බන්දු මගෙත් එක්ක මාකට් ගියා බඩුගන්න.....ටෙරන්ස්ගෙ නෝනා කාන්තිත් අපිත් එක්ක ගියා...මාකට් එකේ ඇවිදල බඩුඅරන් මාලු ලෑලි පැත්තට ගියවෙලාවෙ තමයි වැස්ස කඩා පාත් වුණේ.
විනාඩි දහයක් පහළොවක් වහින්න ඇති මාකට් එක උතුරල ගියා.....ඇයි වතුර බහින්න කාණු පද්ධතියක් මදුරාසියෙ නෑනෙ....පාරවල් පිරිල උතුරනවා....වතුර කලුම කලු පාටයි කැතේ බෑ....ඔය වතුරට බැස්සොත් එහෙම කකුල් ඉවරයි.
වැස්සහම අපේ ගෙවල් ළඟ තියෙන කෝවිල ඉස්සරහ පාර දණක් යටවෙනව.....ඔය වතුරෙ නැති ජරාවක් නෑ.....කාණු නැති නිසා වතුර කොහෙට හරි බැහැල යනකම් ඉන්න වෙනවා....කෝවිල ළඟ නුන්ගම්බක්කම් පොලිසියෙ තාප්පෙ අයිනෙ පළතුරු මැහි දෙකක් තියාගෙන ඉන්න ගෑණු අම්මණ්ඩිල දෙන්නට නං ඔය වැහි ගාණක් නෑ....මැස්ස උඩට වෙලා තප්පලං ගහගෙන විට හප හපා ඉන්නව.....
ගෑණු අම්මන්ඩිල කියනකොට මතක් උනේ ඉස්සර ඔය තමිල්නාඩුවෙ කාන්තාවො හැට්ට ඇන්දෙ නෑනෙ......තාම ඔය වයසක ගෑණු උදවිය හැට්ට අඳින්නෙ නෑ ඇඳන් ඉන්න සාරියෙන්ම තමා ළැම ආවරණය කරගන්නෙ නලියත් ඕක දැකල ඇති ෂුවර් එකටම.....බොරුනං ඕං අහල බලාපල්ලකො....කේරළේ කාන්තාවො නානකොට අඳින්නෙ ඉණට රෙද්ද විතරයි....උඩට මොකුත් නෑ....මම වාහනේක යද්දි දැක්කෙ පොකුණු කීපයක්ම ළඟ.....තනියම ගියානං වාහනේ නවත්තන්න කියල පින්තූරයක්වත් ගන්න තිබුණා කොහෙද හැලපිත් ගියානෙ මාත් එක්ක.
ඔන්න ආයෙමත් වටේ ගියා....ආපහු වැස්සට එමු.
දවසක්දා අපි රෝච් එක්ක ඔහු සාමාජිකත්වය දරණ ස්පෝට් ක්ලබ් එකට ගියා....ස්පෝට් ක්ලබ් කිව්වට කෙරෙන්නෙ මත්පැන් විකුණන එක තමා....සාමාජිකයන්ට හිතවතුන් එක්ක යන්න පුළුවනි......හැබැයි පිළිවෙලට ඇඳගෙන සපත්තු එහෙම දාල නොගියොත් ඇතුළට ගන්නෙ නෑ.....රෝච් මාසෙකට දෙතුන් සැරයක් අපිත් එක්ක ඔතෙන්ට යනව.....මම හරි කැමතියි ඔය ක්ලබ් එකට යන්න ඒකෙ තියෙන විශේෂිත බයිට් එකක් නිසා....ඒ තමයි ගෝව මල් හෙවත් කෝලි ෆ්ලවර්....ලංකාවෙ නම් ටිකක් මිළ වැඩි එළවලුවක්නෙ....නමුත් මදුරාසියෙනම් පාරවල් අයිනෙ තියෙන කරත්තවල කඳු ගහල ගොඩකරල විකුණන්න තියෙන්නෙ....රුපියල් පහකට ලොකු ගෝව මලක් ගන්න පුළුවනි.
ඉතිං ඔය ක්ලබ් එකේ ගෝව මල් වලින් හදනව බයිට් එකක් දන්නෙ නැතුව කන කෙනෙකුට කිසි දවසක හොයාගන්න බෑ.......හරියටම කුකුල් මස් වගේ....ඒ ක්ලබ් එකටම විශේෂිත රෙසිපි එකකට හදන්නෙ......කාටවත් දැනගන්න ලැබෙන්නෙ නෑ....අපි කොච්චර ගෙදරදි හදන්න හැදුවත් අර රස එන්නෙ නෑ.....මම ඔය ගැන බිරිඳටත් කිව්වා....ඒ ගමන එයාටත් ඒවල රස බලන්න දොළදුකක් ඇතිවුණානෙ...අපි ආයෙත් ගිය දවසක ඇයවත් එක්කන් ගිහින් කෝලිෆ්ලවර් බයිට් එක කන්න දුන්නා.
දවසක් දා අපි ඔය ක්ලබ් එකේ බොමින් සහ ගෝවමල් බයිට් එක කමින් ඉන්දැද්දි තද වැස්සක් වැස්සා.....කුණාටුවක් වගේ හුළඟකුත් එක්ක....වැස්ස පැයක් විතර අල්ලල හිටියා....වැස්ස පායල රෝච් මාව ගේ ගාවින් බස්සද්දි රෑ එකොළහමාරට දොළහට විතර ඇති......මුළු මදුරාසියෙම ලයිට් ගිහින්....අපේ ගේ තිබුණෙ ගොඩනැගිල්ලෙ තුන්වෙනි තට්ටුවෙ.
මම කලුවරේම උඩට නැගගෙන ගියාම මූර්ති පුටුවෙ නිදිකිරනව......මූර්ති කියන්නෙ තමිල්නාඩු රජයෙන් අපේ ගෙදර ආරක්ෂාවට දාල හිටපු පොලිස් භටයන් දෙන්නගෙන් එක්කෙනෙක්.අසූ ගණන් වල දැන් වාගෙම ලාංකිකයන්ට ආරක්ෂක තර්ජන තිබුණා ඒ දවස්වල දීල තිබ්බ ආරක්ෂාව අපි හිටපු කාලෙත් අයින් නොකර එහෙම්මම තිබුණා....ඒ අය නිකම්ම පොලිස්කාරයො නෙවෙයි.....නිල්ග්‍රිස්වල පවා විශේෂ පුහුණුව ලබපු කොමාන්ඩෝවරු.....කරන්න බැරි වැඩක් නෑ.
අපිට කිසිම ආරක්ෂක තර්ජනයක් තිබුණෙ නැති නිසා අපි නිදහසේ තනියම අපට ඕනැ තැනක ගියා.
ඒ නිසා මේ ආරක්ෂක භටයන්ට තිබුණෙ ගේ ඉස්සරහ ඉඳගෙන ඉන්නයි පුතාත් එක්ක බෝල ගහන්නයි ගෙදරට මොනවහරි ඕනැවුණාම කඩේට ගිහින් ගෙනත් දෙන එකයි විතරයි.
පඩිපෙළ නැගගෙන උඩට ආව මාව දැකපු මූර්ති නැගිටල ආචාර කළා.....මාත් මූර්තිට කතාකරල ගෙයි බෙල් එක ගහපුවාම මූර්ති හිනාවෙනව.....ඇයි ලයිට් නෑනෙ දොරට ගහන්නත් අමාරුයි දොර ඉස්සරහින් තව යකඩ ගේට්ටුවක්.
යකඩ දොර අස්සෙන් අමාරුවෙන් අතදාල තට්ටු කළා....ම්හ්....බිරිඳ ඇතුලෙ කාමරේ දොර වහගෙන පුතත් එක්ක හොඳට නිදි......තට්ටු කළාට ඇහෙන්නෙ නෑ.
අපි දෙන්න පැයක් විතර දන්න ජාති දාල බැලුව ඇහැරවගන්න...හරිගියෙ නෑ.
දැන් ඉතින් මොකද කරන්නෙ.....මූර්ති ජනේලෙ ගාවට යන්න ගේ ඉස්සරහින් බැඳල තිබ්බ කොට තාප්පෙට නැග්ගහම මගෙ ඇඟ සීතල වෙලා ගියා...තට්ටු තුනකින් පහළට වැටුණොත්....මම කිව්වා...
එපා එපා මූර්ති ඕකට නගින්න.....මම මෙහෙම ඉන්නම්...කියල
මූර්ති හිනාවෙලා කියනව....
බයවෙන්න එපා සර් මේක පොඩි වැඩක්....කියල
මූර්ති කොට තාප්පෙ දිගේ ඇවිදගෙන ගියෙ අපි බිම යනව වාගෙ.....ගිහින් ජනේලෙට කට තියල කෑගැහුව....
මැඩාම්....මැඩාම්....කියල
ඒත් ගේ ඇතුලෙන් සද්දයක් නෑ.....මූර්ති ආපහු ආව...දැන් ඉතිං මොකුත්ම කරන්න දෙයක් ඉතුරුවෙලා නෑ....මම මූර්තිට කිව්ව පහළ බූත් එකට ගිහින් ගෙදරට පෝන් කරන්න කියල....ඒ ගමන මූර්ති ගියා......මට ඇහෙනව දැන් පෝන් එක වදිනව.....කිසිම වෙනසක් නෑ.
මූර්තියගෙ පුටුවෙවත් ඉඳගෙන එළිවෙනතුරු ඉන්නව කියල හිතාගත්ත.
ඒ ක්ෂණයෙන්ම ලයිට් ඇවිත් හාත්පස ආලෝකවත් වුනෙත් බෙල් එක වැදුණෙත් ගේ ඇතුළෙ ලයිට් පත්තුවෙලා බිරිඳ දොර ඇරගෙන එළියට ආවෙත් එකවරම වගේ....
අපි එයාව ඇහැරවන්න පැය දෙකක් විතර දැඟලුව කියල බිරිඳ දන්නෙ නෑ.....ඇය හිතල තියෙන්නෙ මම ඇවිත් බෙල් එක ගහපුවාම ඇය දොර ඇරියා කියලයි....
එළියෙ දඟලපු දැඟලිල්ලට මගෙ වෙරිත් හිඳුනා.
ඒ එක වැස්සකට වෙච්චි වැඩක්.....
නුංගම්බක්කම්වල අපි හිටපු ගේ අතඇරල එග්මෝර් වල අලුත් ගේකට ගියේ 99 අවුරුද්දෙ මැයි මාසෙ විතර....ඒ ගේ තිබ්බෙත් තුන්වෙනි තට්ටුවෙමයි.
යට තට්ටුවෙ ඒ කියන්නෙ බිම් මහලෙ හිටිය පවුලක්.....ඒ ගෙදර නෝනා තමිල්නාඩු රජයේ ප්‍රධාන රස පරීක්ෂක වරිය.....නම කමලා කන්නන්.
කන්නන් මහත්තය සමාගම් අධ්‍යක්ෂ වරයෙක්.....දුවයි පුතයි.....පුතා පිටරට දුව වෛද්‍ය තාක්ෂණ ශිල්පිනියක් හැටියට වැඩකලා.....මේ පවුල අපිත් එක්ක ගොඩාක් හිතවත්.
කන්නන් යුවළගෙ පුතා ජර්මනියෙ ඉඳල ඇවිත් තිබුණා විවාහ වෙන්න.....පවුලෙ පළමුවෙන්ම සිද්දවෙන විවාහය අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට කන්නන් දෙමාපියන් පසුබට වුණේ නෑ....
අන්නා සාලෛ පැත්තෙ මංගල උත්සව ශාලාවක විවාහ මංගල උත්සවය පවත්වන්නත් සරුසාර මංගල භෝජන සංග්‍රහය එළිමහනේ පිරිනමන්නටත් සියළුම කටයුතු සූදානම් කෙරුණේ මාස ගණනාවක ඉඳලයි.
මංගල උත්සවයට අපටත් ආරාධනාවක් ලැබුණා.....අපිත් ආසාවෙන් බලාගෙන හිටියා මේ ජයට කන මගුලට යන්න....මගුල් ගෙදරට අඳින්න බිරිඳ ලොකු ගාණකට සාරියකුත් ගත්ත.
මගුල් දවස උදාවුණා.....උත්සවය හවස හතට....හවස පහට පටන්ගත්තු ධාරාණිපාත වර්ෂාව පැය දෙකක් නොකඩවා වැස්සා.
අපි මගුල් ගෙදරට ගියෙත් පොද වැස්සෙ....පාරවල්වල වතුර පිරිලා....ගඟක යනවා වාගෙ තමයි ගියෙ.
එළියෙ කෑම පිළිගන්වන්න හදල තිබුණු සැරසිලියි මේසයි ඔක්කොම ඉවරයි....හරියටම යකුන් නටපු පිට්ටනියක් වාගෙ....ජෝඩුව කල්‍යාණ මණ්ඩපම් එකේ හිටිය...අපි ගිහින් කතාකරල ගෙනිච්චි තෑග්ගත් පිළිගැන්නුවා.....මනමාලි හරිම ලස්සනයි නිළියක් වාගෙ නම ජයන්ති.
මුහුණු රතුකරගත්තු කන්නන් යුවළ ඇවිත් අපට කතාකළා.....කවුද ඥාතියෙකුට කතාකරල අපිව කෑමට එක්කන් යන්න කිව්වා.
හදිස්සියට කන්න ලෑස්ති කරල තිබුණෙ උඩ තට්ටුවක කුස්සියක් වාගෙ පොඩි කෑල්ලක.....එතන තවත් ගොඩක් අය කෑම කමින් හිටියා......අපිත් ගියා වෙනුවට හිරවෙලා වගේ කෑම ටිකක් කාල ආවා.
ඒ තවත් වැස්සකට වෙච්චි වැඩක්.....
අවුරුද්දට දවස් පහක් විතරක් වහින රටේ හරියටම මගුල් දවසෙම ධාරාණිපාත වැහි වැටෙන්නත් පුදුම කරුමයක් තියෙන්න ඕනැ....ඊට වැඩි දෙයක් මටනම් පෙනෙන්නෙ නෑ.
2010 දි අපි මදුරාසියට ගිය වෙලාවෙ අපි හිටපු ගෙවල් දෙකම බලන්නත් ගියා....කන්නන්ලගෙ ගේ වහල තිබුණා.....කන්නන් මහත්තය මියගිහින්....පුතා මනමාලිත් එක්ක පිටරට ගිහින්....කන්නන් නෝනයි දුවයි වැඩට ගිහින්.....කියල දෙවෙනි තට්ටුවෙ ඉන්න අපේ ගේ අයිතිකාර වයසක වෙන්කතරංගම් මහත්තය අපට කිව්වා.
ඔය තන් ෆුල් රිලෑක්ස් එකේ තියාගෙන ඉන්න අම්මලා කතරගම දේවාලේ තේවා කටයුතුවලට ඉන්නවා. දෙනියාය පැත්තේ වයසක ආච්චිලා නම් ඒ දවස්වල ඔහොම උන්නා. දැන් නම් එහෙම නැතුව ඇති. මේ සුද්දෝ නේ වැඩේ කාලා තියෙන්නේ. නැත්තං කුක්කු බලන්න තිබුනා හිතේ හැටියට. සමහර විට එයාලා කුක්කු එලියේ දාන් හිටපු නිසා වෙන්ටෑ පිරිමි අමුඩෙ අඳින්න පුරුදු උනේ. ඇයි අනේ. ඒ මිනිස්සු කියලා හැඟීම් දැණීම් නැති උදවියය. මම ඩුබායි ඉන්නකොටත් වැස්සම පට්ට ආතල් එකක් තියෙන්නේ. කාණු නෑනේ.. පාරවල් ගඟවල් වගේ. දැන් නම් හදලලු..
ReplyDeleteඅම්මප මට සුද්දොත් එක්ක එන තරහක්....ඒත් මාතලන් ඉන්දියාවේත් සුද්දෝ හිටියනේ.උන් එහෙදි කිරි බොන්න ගිහිල්ල නැතෙයි...
Deleteඑලියෙ තිබුණම නිතර දකින් කුකුළ වගෙ වෙයිනේ මාතලන්,ආඩම්බරෙන් වහගෙන ඇඩ් දාගෙන ඉන්නකොට වගෙ නෙවෙයි එතකොට ගෑණුන්ට
Deleteහැලප අයියත් ඇමති කෙනෙක් වගේනෙ ඉඳල තියෙන්නෙ. කඩේ යවන්නෙත් ආරක්ෂක බටයෙක්.
ReplyDeleteඔය යටවිල්ලනං මොකක්ද කොළඹ කාණු තිබිලත් ඔය විනාඩි තිහක් වැස්සම යටවෙන්නෙ.
මතකද එතුමා කියන කොමඩි එකේ තිබුණා සීන් එකක් ඇමති තුමාව කඩේ යවනවා තගෙක් රෑට කන්න ආප්ප ගේන්න?
Deleteඅනේ ප්‍රසන්නයො ලොකුකමකට නෙවෙයි,උන් හොඳට දන්න එවුන්නේ ඒකයි.
Deleteවැස්සෙන් යට උනාට මොකද හරිම රසවත් කාලයක් වගේ පේන්නේ. දකුණු ඉන්දියාවේ වයසක ගෑනු උදවිය සාරියට යටින් හැට්ටයක් අඳින්නේ නැතිබව අහලා තිබුනට, කේරළයේ ගෑනු උදවිය නාන්ට රෙදි අඳින්නේ යටි කය වැහෙන්ට විතරයි කියන එක දැනගෙන හිටියේ නෑ. මේ ලඟදි සමුලුවකට ආපු කේරළයේ කෙනෙක්ගෙන් ආරාධනාවක් ආවා එහේ එන්ට. දැන් නම් ගිහින් බලන්ට හිතයි. ගියොත් ඉතින් පින්තූරු අරගෙන, ඔය පිරිමි උදවියගේ යහපත සඳහා පෝස්ට් එකක් දාන්නම්කෝ...:D
ReplyDeleteඅද නම් හැලපයෝ කතාව ලස්සනයි. අපරාදේ හැලපි හිටියට මොකද ඔයාට ෆොටෝ ගන්ට තිබුනා. මට නම් ෂුවර් හැලපි මුකුත් කියන්නේ නෑ කියලා...:)
යකෝ අපි හොදයිනේ.මේ.....
Deleteඑහෙ ගිහිල්ල ගංගා,ඇල-දොළවල් වල නාන වැටකොළු පින්තූරු දාල,කොල්ලෝ නෙට් එකෙන් ජෙලි පුරෝපු ඒවා බලල ගන්න පට්ට ආතල් එක කන්න එපා පොඩි කුම්.
Deleteඑකෙන්ම ...
Deleteඒක නං ඇත්ත පොඩ්ඩියෙ,හැලපි ඕනැනං කියයි අනේ අනේ ඔයාටත් හිතෙන දේවල් කියල.
Deleteකොහොමහරි පොඩ්ඩි ගිහින් පින්තූර ගේන්නකෝ.
ඒක නොවෙන්නම් හසරැල් ගෑණුනෙ ඒව කියනවට බොහොම කැමති
Deleteඔබ එහෙනම් දැක ඇති බොම්බෙ පැත්තෙ පාරවල මහරෑට ඔළුවෙ හිට රෙදි පොරවන් ඉස්සෙන පහත් වෙන පොට්ටනි නලියනවා.
ReplyDeleteඉන්දියාව කියන්නෙ අරුම පුදුම ලෝකයක් තමා. ඕනෙ එයාර් පොර්ට් එකක බැගේජ් එක ලනුවලින් බැඳලා තියේ නම් ඒ ඉන්දියන් කාරයෙක්. දිල්ලි, බොම්බෙ එයාර් පෝට් වල බලන්න ඇහෙන සුමිහිරි සංගීතේ අප්පේ එහෙම කන්කරච්චලයක්.
ඔබේ ලියවිල්ල නිසා ඉබේම අතීතයට ගියා.
ඇයි ඔය සූරියමල් කාරයෝ ඔය අවිස්සාව්ල්ලෙන් එහා පැත්තෙ දේශපාලනය කරන්න යනකොට එහෙත් ගෑණු උන්නෙ උඩට අදින්නෙ නැතුවලු.
ඉන්දියාව රටක් නෙවෙයි ලෝකයක් වෙදනෝ,කිසිකෙනෙකුට මෙහෙමයි කියල නිර්වචනය කරන්න බැරි ලෝකයක්.
Deleteරත්නපුරේ හිටි අපිට ඉතින් ගංවතුරු කතා තමයි මතක..හැබැයි දැන් කොළඹ වැහි වතුරු කතා තමයි ඔළුවට එන්නෙ...අර කිව්වා වගේ කොයි තරම් කානු පද්ධති තිබ්බත් මෙහෙ..පැය භාගෙ වැස්සට පාරෙ යන්න බෑ..හැබැයි කාලෙකට ඉස්සර තිබ්බට වඩා ටිකක් හොඳයි..කානු නිතරම සුද්ධ කරනවා
ReplyDeleteකොළඹට නම් ආශ්චර්යය නොවැ වෙනී
Deleteයකෝ මේවා කියෙව්වම තමයි හිතන්නේ ගුටි කාගෙන හරි ඉන්දියාවේ ගිහින් එන්න.හැලපය්යේ අර පොකුණු ටික තාම ඇති නේද??මන් යන්න ඉස්සෙල්ලා පාර අහගන්න කෝල් එකක් දෙන්නම් ඔයාට
ReplyDeleteයන වෙලාවක කියන්නකො හසරැල්,බලන්නම් මටත් එන්න පුළුවන්ද කියල.
Deleteහැබැයි චෙන්නයි එයාපෝට් එකට නං ටිකට් ගන්න එපා.
ඒ උනාට හැලප,ඒ කාලෙ ෆුල් ඕපන් වගේද මේ කාලෙ තුන්කාල් [3/4]පෙන්නගෙන ඉන්න ඒවා.
ReplyDeleteඑකත් ඇත්ත...
Deleteකොහොමත් එහෙ උන්ට නං ඔය අතක් පයක් දකිනව වගේ ඇති නේ කෙන්ජියො
Deleteහැලපයියා ප්‍රභූවරයෙක් වගේනෙ ඉඳල තියෙන්නෙ.
ReplyDeleteඉන්දියාවට ගියා වගේ දැනුන.
සතුටුයි වීයො එහෙම දැනුන නම්,අනේ මොන ප්‍රභූකම්ද වීයො අපි ඔහෙ අහිංසක විදියට හිටියා.
Delete//අග මුල සහිතව සම්පූර්ණ කරන්න තිබුණා අතින් දාල....මම එහෙම කලේ නෑ.... මොකටද බොරු ලියන්නෙ.//
ReplyDeleteඑව්වා මොකටද බං ලොකු ඇයියේ උඹ කොහොම ලියුවත් රහයි. අපි උඹ ලියන එව්වට පණ ඇරලා, ඒකයි ඔය චුට්ටක් අප්සට් උනත් අපිට පේන්නේ,
ඔව්වට හිත රිද්දෝ ගන්ට කාරි නෑ මයේ අම්මා ,
බ්ලොග් එක නං කොහොම ලිව්වම මොකෑ අටමො,කීදෙනාද බලන්නෙත්
Deleteඔය තත්වේ තාම තියෙනවා නේද සමහර පැති වල ඉන්දියාවේ.. සමහර කුල වල අයට උඩට අඳින්න දෙන්නේ නැති කතාවක් මගේ යාලුවෙක් කිව්වා... නීතියෙන් තහනම්ලු එහෙම කුල සලකන එක.. ඒත් මිනිස්සු කුල භේදය හරියට සලකනවලු....
ReplyDeleteවැස්සට ඉස්සර නම් අපිත් ඉතිං ඔය කට්ට කනවනේ... ඔෆිස් ඇරිලා එනකොට.. දැන් හොඳද දන්නේ නෑ.. අවුරුද්දකින් විතර කොළඹ පැත්තේ ගියේ නෑ....
ඉන්දියාවෙ විශේෂයෙන් තමිල්නාඩුවෙ ඇති කුල ක්‍රමය ගැන වෙනම ලිපියක් මම ලියන්නම්,හිනාවෙන්නනම් එපා හිරූ පස්සෙ ලියන්නම් ලිස්ට් එක දිග වැඩිවෙනව කියල.
Deleteහපෝ රත්නපුරේ පායනවා.... අපි වේලෙනවා :ඩී
ReplyDeleteඉන්ගියාවේ ෆුල් ආරක්ෂා පිටනෙ හැලපයියා ඉඳලා තියෙන්නේ.. මරු මරු...! දැං නම් ඉන්දියාවෙ යන්නත් බැහැනෙ ගුටි කන්න වෙනවනේ..
මේ දවස්වල නම් චෙන්නයි වලට යන්න හිතන්න වත් හොඳ නෑ සුපුන්,හැබැයි අනික් ප්‍රාන්තවල නම් ගාණක් නෑ.
Deleteවැස්සෙන් පීඩා.. ! මෙහෙත් සමහර තැන් ඔහොම යට වෙනවා. ඒත් ඔච්චර ඉක්මණින් නෙවෙයි.
ReplyDeleteගෑනු අය උඩට අඳින්නේ නැති සීන් එක අතීතයේ දී ලංකාවෙත් තිබිල තියනවා නේද හැලපයියේ ?
රොබට් නොක්ස් අපේ සභ්‍යත්වය විනාස කරන
Deleteපහත් , ද්වේශ සහගත අරමුණින් , නිර්ධය ලෙස
ලියපු දේවල් පිළිගන්න එපා චන්දන ...
අපි හොඳ ළමයි..සීගිරියේ තියෙන්නෙත් ඉන්දියන්
කාරයෝ අපිට මඩ ගැසීමේ අරමුණින් ඇඳපු චිත්‍ර ...
මීට
ජාති ආලයෙන් මත් වූවෙක්..
නැතුව නැතුව චන්දන,ඔය වුල්ෆ්ගෙ පොත්වල බලන්නකෝ
Deleteමං හිතන්නේ මගේ කමෙන්ට් එක මෙතන දාන එක හොඳයි කියලා.
Deleteසහන්,
අපේ අල්ලපු ගෙදර අයියගෙ ගම ගොඩක් දුෂ්කර ගමක්. එයාගේ අම්ම නැතිවෙනකොට අවුරුදු සීයක් විතර උණා. එයා නාන්නෙත් ඔය කියපු විදියට උඩට අඳින්නැතුව. ඒ කියන්නේ ඔය උඩට අඳින්නැති සීන් ඉස්සරම කාලේ තිබිලා තියෙනවා. (කොහොමද ආච්චි ගැටිස්සි කාලේ අපි හිටියනම්...)
අනික තමයි තනේ පෙනීම කියන්නේ අපේ නගරේ කෙල්ලන්ට ලොකු සිද්ධියක් උණාට තාමත් ගම්වල අයට ඒක ලොකු සීන් එකක් නෙවෙයි. දරුවෙක් හම්බ උනායින් පස්සේ ඔහොම දෙයක් තියෙනවද කියලත් අමතක වෙනවා ගොඩක් අයට.
මගේ රාජකාරියේ හැටියට ගම් නගර හැම එහෙකටම යනවා. මං දැක්කා ගමක තිබුණු මහජන බැංකුවක කෙල්ලෙක් ළමයට කිරි පොවනවා. ඌ බ්‍රාන්ච් එකේ එහාට දුවනවා.. ඇවිත් උගුරක් බොනවා. ආයේ මෙහාට දුවනවා.. ඇවිත් තව උගුරක් බොනවා. අර කෙල්ල මූට ඕනි දෙයක් කරගනින් කියලා එළියේ දාගෙන ඉන්නවා.
ඔහොම අත්දැකීම් ගොඩක් තියෙනවා අප්පා.....
...//මහජන බැංකුවක කෙල්ලෙක් //... වැඩකරන එකෙක් නෙවෙයි. කස්ටමර් කෙනෙක් හොඳේ... (නැත්නම් කට්ටියම ඒ බ්‍රාන්ච් එකට යයි ගනුදෙනු වලට)
DeleteAKM මම චන්දනට ඔහොම කමෙන්ට් කරේ විහිලුවට.නැතුව ඔතන
Deleteජාති ආලය කියල දෙයක් පෙන්නන්න නෙවේ හොඳද ?ඉස්සර මුළු
ලංකාවේම කාන්තා පාර්ශවය ඉඳලා තියෙන්නේ ඔහොම තමයි..රජ
වාසලේ , වෙනත් උසස් පවුල් කීපෙක අය විතරයි උඩු කය රෙදි වලින්
වහන් ඉඳල තියෙන්නේ..අනිත් එක අදට උනත් ගෙදර දොරේ ඉද්දි
ගොඩක් දෙනා සැහැල්ලු ඇඳුමක් ඇඳන් ඉන්නේ..
වැදගත්ම දේ තමයි මව් කිරි දෙන අම්මා කෙනෙක් දැක්කට පිරිමි
හිතට සරාගී හැගීම් එන්නේ නැති කම..
AKM ටිකක් misunderstand කරලා වගේ මගේ කමෙන්ට් එක...
හරි හරි ඒකට අවුලක් නැහැ...එන්න මගේ බ්ලොගය පැත්තෙත්
ඉඩක් තියෙන වෙලාවට...
එදිනෙදා ජීවිතය
කාලා වරෙන්කො.. :)
Deleteටිකක් නෙවෙයි බොලන් හොඳටම මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරලා නෙව. මොකද ඔය සුද්දෝ ඒගොල්ලන්ගේ සංස්කෘතිය කියන කණ්නාඩි දෙක දාගෙන අනිත් අය දිහා බලලා මුන් මහා තිරිසන්නු කියලා කියනවානේ. (මං මේ ළඟදී Cannibal holocast ෆිල්ම් ටික බැලුවා. එකේ ගල් විහාරය, තොවිල් එහෙම පෙන්නලා මිනී මස් කන ගෝත්‍රිකයෝ පෙන්නලා අපිව දෙකයි පනහට දාලා තිබුණා.)
හැබැයි මේ කතාව ඕනිම ජාතියකට අදාලයි. අපි සුද්දෝ බාගෙට ඇඳන් ඉන්න එකට හිනාවෙන ගමන් තම්බි ඔලුවේ ඉඳන් පෙරෝගෙන ඉන්න ඒකටත් හිනාවෙනවා.
මට තාම ඒ පැත්තෙ එන්න බැරි උණා. හවසට එන්නම්. සොරි ඈ..
වැස්ස කතා... :)
ReplyDeleteඊට වඩා කියන්න කිසිම දෙයක් නැතිද සිහින මදාරා
Deleteවැස්ස ගැනයි අනික් එක ගැනයි වෙන වෙනම පෝස්ට්
ReplyDeleteදෙකක් දාන්න වෙනවා ලොකු අයියේ ....
වැහි හැලපේ රහයි ගොඩක් ඈ ...
ඕකෙ ඉතිං දෙකක් මොකටද කියල එක කතාවක් හැටියට ලියල දැම්ම සහන්
Deleteohhhh.... එහෙනම් ඔයා ඒ ක්ලබ් එකෙන් කාපු ගෝවා මල් රෙසිපි එකටද අපිටත් හදලා දුන්නේ..?? හරිම රසයි තමයි.
ReplyDeleteඅදයි දැනගත්තේ කෙරළේ කාන්තාවන් නාන හැටි.. මොකෝ.. ඇහුවට කිවූවේ නැහැනෙ විහිළු කළා කියලා..
"වැහි මතක".. ලස්සනයි...
හෙනරාජ තෛලය කතන්දරයේ වරදක් මම නං නොදකිමි.
ReplyDeleteඒ කතා මැද කතා ශෛලියයි.
දැන් ඔබ කළ යුත්තේ අවම වශයෙන් එහි එන චරිත, සිදුවීම් මින් පෙර ලියා ඇති කතන්දරවලටත්, ඉස්සරහට ලියන කතන්දර මේ කතන්දරයටත් හයිපර් ලින්ක් මගින් යා කිරීමයි.
කකා කරන්නේ එහෙමයි...
Deleteඑහෙම තමයි කකා කළයුත්තේ,වැඩි දෙනෙක් ඒ ලියපු විදියට් අකමැති වුණා.
Deleteමට ප්‍රශ්ණ ගොඩයි බං.
ReplyDeleteඉන්දියාවෙ වැස්ස ඔච්චර අඩු බව මම දන්නෙ නෑනෙ, අරාබියෙ නම් හිතන්න පුලුවන්. එතකොට ඔය කියන ඉන්දියානු monsoon එක දවස් පහද?
ඒක මදුරාසියට විතරක්ද දන්නෙ නෑ නේ?
ගෝවා කාලා තියෙනවා, ගෝවා කොල කාලා තියෙනවා, cauliflower කාලා තියෙනවා. ඒත් ඔය සම්බන්ධය මම දැනගෙනහිටියේ නෑ බං.
ඉන්දියාව කියන පුළුල් අර්ථයෙන් ගන්න එපා මචං,මම කියන්නෙ තමිල්නාඩුව හෝ මදුරාසිය ගැන.
Deleteවෙනත් ප්‍රාන්ත වලට වැහි අඩු නැතිව තියෙනවා.
උඹ අදහස් කරන්නේ ගෝවා මල් බයිට් එකට හදනහැටි වෙන්න ඇති.....දන්න විදියට මෙනු එක දෙන්නම්.....හැබැයි අර තරම් රස ගන්න බෑ.
මේ සාවියෙ නානාප්‍රකාර ගෝවා මල් තියනවා. සුදු එව්ව, කොලපාට එව්වා වකාරෙ. මෙහෙ මුල් පදිංචිකාරයොත්, ඔය ගෝවා මල්, බේබි කැරට්, බෝංචි එකට දාලා නිකං සුදුවට සුප් එකක් වගේ හත් මාළුවක් හදනවා, මාර රසයි. මං දන්න සිල්ප ඔක්කොම දාලා, කුස්සියෙ තියෙන ඔක්කොම කුළුබඩු දාලා හදන්න ට්ර්යි කලා, උඹට ඇත්තම කියන්න,මොන? මං තියා අපේ බල්ලවත් කෑවෙ නෑ.
Deleteරස ඇතා හෝ නැතා,පිං සිද්දවෙයි රෙසිපි එක දිපං බුදු හැලපයියේ.
This comment has been removed by the author.
Deleteරෙසිපි එක දෙන්න මේල් ඇඩ්‍රස් එක දෙන්න ඇනෝ
Deletehelapakade@gmail.com
ඔය කෙලියෙ පාත්තරේටම. ඉතිං මොකේදෑ දං වලඳන්නෙ? :D :D :D
Deletehandiyetomiya@gmail.com
තාමත් ඉන්නෙ මදුරාසියේද? මං මුම්බායි වල හිටිය. එහෙත් ගෝවා මල් රස කෑමක් තමයි.. බෘකොලි වගෙ එවුව අපෙ රටේ දකින්නත් අමාරුයි.. ලාවට හුමාලෙන් තම්බලා ලුණු ගම්මිරිස් ටිකක් දාලා ඔලිව් තෙල් ටිකක් ඉහලා ගත්තාම මරේ මරු..
ReplyDeleteමාත් ඔය සරත් කියන විදියට බ්‍රොකලි කාල තියෙනව සහ තාම කනව හරිම රසයි.
Deleteදැන් නම් මම ඉන්දියාවෙ නොවෙයි ඉන්නෙ.
කේරලේ උදවියගේ හැඩරුව වගේම පලාතේ කාලගුණය ලංකාවට බොහෝ දුරට සමානයි කියල අහල තියනවා .ඒත් ඇත්තද හැලපෙ? හැලපෙගේ නම් ගම් ගැන මතකය ගැන නම් පුදුමයි....
ReplyDeleteඅතිශය සමානයි,ලංකාවෙ පළතක ඉන්නෙ කියලත් හිතෙනවා.මතක තියන විදියට තමා ලියන්නෙ
Deleteඅලුත් විදියේ පෝස්ට් එකක්. එලම කිරි..
ReplyDelete