අටපිරිකර ගැන අපූරු කවි පෙළක් මාතලන් ලියල තිබුණ දැක්කහම මටත් අටපිරිකර ගැන කතාවක් මතක් උනා...
ආ... ඒ කතාව ලියන්න කලින් තවත් දෙයක් මතක් වුණානෙ...මගෙ පහුගිය කතාවට කමෙන්ට් කරන මාතලන් කියල තිබුණෙ මස් ගන්නකොට රතට රතේ තියෙන සූකර කෑල්ලකට ගොඩක් මනාපයි කියල...
ඉතිං මට එතකොට සූකර කතාවකුත් මතක් උනා...
ඔය රාගම මහබාගෙ පාරෙ යනකොට දකින්නට තියෙන සුලභ දර්ශනයක් තමා ඌරන් අල්ලන්න ගෙනියන දඩයම් බල්ලන්...
දැන් කට්ටිය හිතයි රාගම මහබාගෙ පාරෙ මම කොහෙද ගියෙ කියල...ඔය පාර මගෙ ජීවිතයට හරිම සමීප පාරක්...හැත්තැ ගණංවල අගභාගයෙ ඉඳල අසූ ගණංවල මැද භාගය වෙනතුරු මම ඔය පාරෙ ආව ගියා...මොකද ඒ දවස්වල මම වැඩකරපු ඉස්පිරිතාලෙ තිබුණෙ ඔය පාරෙයි...මගෙ ජීවිතේ ලස්සනම තරුණ අවදිය ගෙවිල ගියෙ අතිශය සුන්දර වටපිටාවකින් හෙබි ඒ ඉස්පිරිතාලෙයි...
ඒ නිසා රාගම,ඇළපිටිවල,මඟුල්පොකුණ,අඩිවිස්ස පාර,වැලිසර,ගල්උඩුපිට,මහබාගෙ,කඳාන මට නිකං මගෙ ගම වගේ...අද වුණත් ඔය හරියෙ පාරක යනකොට අතීත මතකයන් අවදිවෙන්නෙ හරියට තරුණ කාලෙට ආපහු ගියා වගේ...
ඉතිං ඔන්න ඔය හරියෙ තමයි මම දඩයම් බල්ලන්ගෙ දර්ශනය දකින්නෙ...ඒ බල්ලො යන්නෙ ඌරො දඩයම් කරන්න යන්නෙ ඌරු දඩයක්කාරයගෙ සයිකලේ ලැගේජ් එකේ වාඩිවෙලා...අල්ලන්න අමාරු ඌරො එහෙම කොටුකරල අල්ලල දෙන්නෙ බල්ල තමා...
ඒ දවස්වල ඇළපිටිවල හිටපු හැඩකාර කාන්තාවකට අපේ ඉස්පිරිතාලෙ වැඩකරපු එකෙක් වහවැටිල හිටියනෙ...අපි මිනිහට නමක් කියමුකො ජලාල් කියල...හැඩකාර කාන්තාවට මාගරට් කියමු...
ඇළපිටිවල පෙට්‍රල් ෂෙඩ් එක පහුකරල මහබාගෙ පැත්තට එනකොට දකුණු පැත්තෙ පොඩි කණ්ඩියක් වාගෙ කඳු ගැටයක මාගරට්ලගෙ ගෙවල් තිබුණෙ...සිමියොං අයියලගෙ ගෙවල් හරියෙ...ගේ ඉස්සරහ පාරෙන් එහා පැත්තෙ පුරං වෙච්චි වෙල්යායට එහා ගොඩේ අර මරපු පළාත් සභා මන්ත්‍රීගෙ ගෙදර...ඒ කාලෙ පොර මන්ත්‍රී නෙවෙයි ඉස්පිරිතාලෙ වැඩකරපු නිකම්ම කබ්බෙක්...උන්ගෙ අම්ම තමයි මේරි අක්කා...උස මහත කලු ගෑණි... කටෙන් පැත්ත පළාතම හොල්ලගෙන හිටියෙ...
පාරෙන් මෙහා පැත්තෙ ඉන්න මාගරට් එක්ක වෙළෙන් එහා පැත්තෙ ඉන්න මේරි අක්ක ජම්මාන්තර වයිරයි...කොයිවෙලාවෙ බැලුවත් දෙන්නා දෙපැත්තෙ ඉඳගෙන බැණගන්නව...මේරි අක්කගෙ මකර කටේ සද්දෙට මුලු ඇළපිටිවලම හෙල්ලෙනව...
ජලාල් මොන ජාතියක් දාල හරි මාගරට්ව යාලු කරගත්ත...මේරි අක්කට මේ දෙන්නගෙ ප්‍රේමය ඇහේ කටු අනිනව වගේ...
ජලාල් ඉස්පිරිතාලෙ නයිට් ඩියුටි දවස්වලට මහ රෑ වෙන්න ඇරල මාගරට්ලගෙ ගෙදර එනව එහෙ නයිට් ඩියුටි කරන්න...
රාත්‍රිය පුරාම මාගරටුත් එක්ක කං සැප විඳින ජලාල් පාන්දරින්ම එළියට බැහැල යනව...
ජලාල්ගෙ කොටු පැනිල්ල මේරි අක්කට ඉක්මනටම ඉව වැටුණා...දැන් මේරි අක්කයි මාගරටුයි රණ්ඩු වෙනකොට මේරි අක්ක කියන්නෙ ජලාල් මාගරට්ගෙ ගෙදර ඇවිත් මාගරටුත් එක්ක කරන දේවල්...
අර කුණු තම්බියත් එක්ක එළිවෙනකං හැමණෙන පට්ට වේසිනෙ බොල තෝ...
කියල පටං අරං...අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මේරි අක්ක එගොඩහ ගොඩේ ඉඳල කියන්නෙ මුලු ඇළපිටිවලටම ඇහෙන්න හරියට ඉස්පීකරේ වගේ...
දවසක්දා පාන්දර කළුකපා එළිය වැටෙද්දි ජලාල් තමන්ට තුරුල්වෙලා නිදාගෙන හිටපු මාගරට්ගෙන් සමුඅරන් පාරට බහිනකොටම මෙන්න කලුවට කලුවෙ මේරි අක්ක පාරෙ ඉන්නව බහිරවය වාගෙ මාරාවේශයෙන්...
ජලාල්ගෙ මෑණියන් වහන්සෙ සිහිපත් කරල පින් දුන්නු මේරි අක්ක මාගරට්ගෙත් ආදරබර දෙමව්පියන්ට පින් අනුමෝදනා කරන්න අමතක කළේ නෑ...ඇය පිං අනුමෝදනාව අවසන් කළේ මෙන්න මේ ආකාරයට...
ඈ බොල මොට්ට වේසිගෙ පුතෝ...ඔය බැල්ලිගෙ කුණු හු##ට කෙළිනවට වැඩියෙ නරකද බොල මේකට කෙළියනං...
කියපු ගමං ඇඳන් හිටපු ගවුම ඔලුවටම උස්සල ජලාලයට පෙන්නුව...
හපෝයි එදානං ජලාලයට ඉහේ උකුණන් බිමට පනින වැඩක්නෙ සිද්ද වුණේ...
ඔන්න ඔය ජාතියෙ ගෑණියක් තමයි මේරි අක්ක...රස්සාවට කලේ ඉන්දියාවට ගිහිං ඇඳුම් ආදී එක එක දේවල් ගෙනත් විකුණන එක, හොඳ සල්ලිකාරි...
ප්‍රයිවෙට් බස් පාරට දාපු මුල් අවදියෙම මේරි අක්කත් බස් එකක් අරගෙන 192 රාගම -කොළඹ පාරට දැම්මා...
ඔය කාලෙම තමයි මේරි අක්කගෙ තාත්ත මැරුණෙ...තාත්ත හිටියෙ මේරි අක්ක ලඟ...පුතා යාලුව හින්ද අපිත් මළගෙදර ගියා...
මේරි අක්ක මළගෙදර දෙකවෙන්න කෑගගහ අඬනව...
හපෝයි...මගෙ යතුර නැතෝ...මටනං ඉඳල වැඩක් නැතෝ...
ආදී වශයෙන්...තාත්ත මැරිල ඉද්දි මේ ගෑණි මේ යතුරක් ගැන කියවන්නෙ පිස්සුවෙන්ද කියල අපි බැලුව...බැලින්නම් යතුර කියල තියෙන්නෙ තාත්තට...ගෑණි ඉන්දියාවෙ එහෙම යනකොට ගෙවල් දොරවල් රැක බලාගෙන ඉඳල තියෙන්නෙ තාත්ත...එයාට ගේ බාරදුන්නොත් යතුරු දාල වගේ හොඳට රැකබලාගන්නවලු...
ඔය කතාව වෙලා දැන් සෑහෙන කල්...දැන්නං මේරි අක්ක ඉන්නවද දන්නෙත් නෑ...කෝකටත් අටමගෙන් අහල බලන්න ඕනැ...හිටියොත් එහෙම මගෙත් රෙදි ගැලවෙන්න දෙකක් කියයි.
මළගෙදර අඬන එක කියපුවම මට මතක් වුණේ ඉස්සර කාලෙ මලගෙවල්වල කුලියට අඬන ගෑණු හිටියලුනෙ...යමක් කමක් තියෙන අයගෙ මළගෙවල් වල අඬන්න මේ ගෑණු හයර් කරන්නෙ මීගමු පළාතෙන්...
හැට්ටෙයි කම්බායයි ඇඳගෙන උඩටකරල තදවෙන්න කොණ්ඩෙත් බැඳගත්තු මේ කාන්තාවො මළගේ ඉස්සරහ නවත්තපු බක්කි කරත්තෙන් බහින්නෙ නිකං පනිනව වගේ...
පැන්න ගමන්ම ගෙට දුවගෙන එන්නෙ තුන්දෙනා එක්ක මොකුත් නෑ එකෙකුට එකෙක් පරාද නෑ කෑ ගැහිල්ල...
බුදු බාප්පේ...
අනේ මගෙ බුදු බාප්පා පෙරේදත් ඇවිත් කතාකරල ගියෙ මේකටදෝ...
ඔන්න ඔය ආකාරයට පෙට්ටිය ගාව බිම වැටිල පැය කාලක් විතර අඬන තුන්දෙනා ඒ ෂෝ එක ඉවර කරල කුස්සිය පැත්තට ගිහිං මූණකට හෝදගෙන උදේට කාල එහෙම සූදානමෙන් ඉන්නව...
මළගෙදරට කට්ටියක් එනකොට ඉස්සරහට ගිහිං අඬන්න ගන්නව...
පෙට්ටිය උස්සන වෙලාවට තමයි වැඩේ තියෙන්නෙ...
මුන් තුන්දෙනා මක්කොරලවත් මිනිය ගෙනියන්න දෙන්නෙ නෑ...පෙට්ටියෙ එල්ලිල කෑ ගහනව...
අනේ මගෙ බුදු බාප්ප ගෙනියන්න එපෝ...
මිනිය වලදාන්න ගෙනිච්චට පස්සෙ ගෑණු ටික ගණු දෙනු බේරගෙන යන්න යනවා...
දැන් අටපිරිකර ගැන කතාව...
ඔය අපේ පන්සලේ ලොකු හාමුදුරුවො ඉන්නවනෙ...ලොකු ලොකු වැඩ සටහන් කරන්න හරි කැමතියි...දවසක් අපිත් එක්ක කියනව...
මේ සැරේ වෙසක් පෝයට අපි පන්සීයක් දෙනාව සිල් සමාදන් කරවන්න ඕනෑ...
අපිත් ඉතිං බොහොම අමාරුවෙන් ගමේ හිටපු කසිප්පු කාරයොයි ජීවිතේට පන්සලකට ගොඩ වැදිච්චි නැති උනුයි ඔක්කොම ඇදන් ඇවිත් පෝයට සිල් සමාදන් කෙරෙව්වා...
අනික් ගම්වලිනුත් සිල් ගන්න ඇවිත් හිටපු කට්ටියත් එක්ක පන්සීයක් කොහොම වෙතත් තුන් හාරසීයක් සිල් සමාදන් වුණා...
සීල ව්‍යාපාරය හාමුදුරුවන්ගෙ හිතේ හැටියට සිද්දවෙච්චි නිසා හාමුදුරුවන්ට හරිම සතුටුයි...
ඔන්න ඊළඟ වෙසක් පෝයට හාමුදුරුවො තවත් ලොකු වැඩක් කරන්න ලෑස්තිය...
ඒ කියන්නෙ 2011 අවුරුද්දෙ වෙසක් පෝය...හරියටම එදාට බුද්ධත්වයෙන් අවුරුදු 2600ක් පිරෙන දවස...
ලංකාවෙ උතුරු කොණේ තියෙන පන්සලට අටපිරිකර 2600ක් පූජා කරන්නයි 2600ක් උපාසක උපාසිකාවො ඒ පන්සලේ සිල් ගන්නයි හාමුදුරුවන්ගෙ අදහස...
කාර්ය සාධන බලකායක් එහෙම පත්කරල වැඩ පටන්ගත්තා මටත් සම්බන්ධවෙන්න කිව්වා...
මේ වැඩ පිළිවෙලේ සාර්ථකත්වය ගැන මට විශාල සැකයක් තිබුණා...මුළු වැඩ පිළිවෙලම රැඳිල තිබුණෙ දේශපාලකයන්ගෙයි අනුග්‍රාහකයන්ගෙයි මත...වැඩ පිළිවෙල නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙන්න නං මුල ඉඳලම කිසිම අඩුපාඩුවක් නැතිව වැඩ කෙරීගෙන යන්න ඕනෑ එක තැනක අඩුපාඩුවක් වුණොත් මුලු වැඩ පිළිවෙලම කඩාවැටෙනවා...
දේශපාලකයන්ගෙ පොරොන්දු මත සිද්දවෙන දෙයක් නිසා මගේ ඒ ගැන අබමල් රේණුවක විශ්වාසයක් තිබුණෙ නෑ...
කොටින්ම හාමුදුරුවන්ගෙ වැඩ පිළිවෙලේ කිසිම ප්‍රායෝගික බවක් මම දැක්කෙ නෑ...
මෙච්චර විශාල කණ්ඩායමක් ගෙනිහින් ඒ අයට කෑම බීම නවාතැන් දෙන එක ආදී නොයෙකුත් දේවල් ගැන නිසි තක්සේරුවක් කිසි කෙනෙක් කරල තිබුණෙ නෑ...
මම දකින දේ හාමුදුරුවන්ට කියන්නත් බෑ... කිව්වොත් හිතයි කරගෙන යන වැඩේ කඩාකප්පල් කරන්න හදනව කියල...හොඳම දේ ඒ ගොල්ලන්ට වැඩේ කරගන්න ඇරල මම පැත්තකට වෙලා ඉන්න එකයි...
අපේ හාමුදුරුවනේ මටනං එන්න වෙන්නෙ නෑ පුතාගෙ විභාගෙ ඒ දවස්වලට යෙදිල තියෙන නිසා...කියන ඕනැ දෙයක් කරල දෙන්නං...
එහෙනං මහත්තයො අටපිරිකරවලට සම්මාදං වෙන්නකො...
මම අටපිරිකරටත් සල්ලි දීල තව ඕනැ කරන වැඩකට ගන්න කියල තව මුදලකුත් දීල පැත්තකට වුණා...දැන් හාමුදුරුවන්ගෙ වැඩ සටහන වේගයෙන් ක්‍රියාත්මක වෙනවා...අපේ ගමෙන්ම බස් දෙකකටද තුනකටද සෙනග එකතුවුණා...මිනිස්සුන්ටත් මොකද නිකං යාපනේ එක්ක යනව නං කෑම බීම ඔක්කොම නොමිලෙ ලැබෙනව නං වෙන මොනවද...
හාමුදුරුවන්ගෙ වැඩේට අහළ පහල පන්සල් හැම එකකින්ම ලොකු සහයෝගයක් ලැබුණා...
ඔය අතරෙ තව විශේෂ හාමුදුරු කෙනෙක් හිටියා මාතර පැත්තෙ...අපි කියමුකො ජිනරතන හාමුදුරුවො කියලා...මේ හාමුදුරුවො අපේ පන්සලේ මාසයක් පිරිත් කියපු වෙලාවෙ ඇවිත් ඒ වැඩේ සාර්ථක කරගන්න රෑ නිදිමරාගෙන බොහොම මහන්සියෙන් වැඩකලා...
අටපිරිකර පූජාවටත් මාතරින් කට්ටිය එක්කගෙන එන්නම් කියල හාමුදුරුවො පොරොන්දු වෙලා හිටියෙ...
පිංකමට අවශ්‍ය කරන අටපිරිකර ඇතුලු සෑම සියලු දේම උපයා සපයාගෙන හාමුදුරුවො වෙසක් දවස වෙද්දි සූදානමෙන් හිටියා...
වෙසක් දවසෙ උදේ වෙද්දි යන කණ්ඩායම එකතුවෙන්න ඕනෑ...අපේ ගමේ සහ අවට ගම්වල අය පන්සලටත් පිටපළාත්වලින් එන අයට ටවුමෙ සතිපොළේ හිස් ටකරං මඩුවලත් එක්කාසු වෙන්න සූදානම් කරල තිබුණා...දවල් දොළහ වෙද්දි සෑම සියලු දෙනාම පිටත් වෙන්න ඕනෑ...එහෙමයි සූදානම
සිහින් පොද වැස්සකුත් එක්ක වෙසක් දවසත් උදාවුණා...අටපිරිකර ආදී බඩු ගෙනියන ලොරි කලින්ම ආවා...දවල් දහයහමාර එකොළහ වෙද්දි යන කණ්ඩායම ඔක්කොමත් එකතු වුණා...තවම බස් නැහැ...
අර ගාල්ල මාතර ඉඳල ඇවිත් සතිපොළේ ටකරං මඩුවල ගාල්වෙලා හිටපු කට්ටිය දවාලෙ අව්වට හොඳටම හෙම්බත්වෙලා...පොඩිඋං කෑ ගහනව...වතුර ටිකක් බොන්න තැනක්වත් දන්නෙ නෑනෙ...දාඩිය දාගෙන මර දුකක් විඳිනව දවල්ට කන්නත් නැතුව...
බස් දෙන්න පොරොන්දු වෙච්චි දේශපාලකයො ඩිපෝවලට බස් දෙන්න කිව්වට ටර්න් පාඩුකරගෙන ඩිපෝවලින් බස් යවන්නෙ නෑනෙ...දවස ඉවරකරල තමයි බස් දුන්නෙ...ප්‍රයිවෙට් බසුත් එහෙමයි තමන්ගෙ ටර්න් ඉවරකරල ආවා...
ඔක්කොම කට්ටියව පටවල යවල අන්තිම බස් එක පන්සල ළඟින් පිටත් වෙද්දි රෑ එකොළහත් පහුවෙලා...
ඇන්සන් තමයි මේ වැඩ පිළිවෙලේ භාණ්ඩාගාරික...ගමනෙ මුලු විස්තරයම මට කිව්වෙ ඇන්සා...
බස් ටික යාපනේට යද්දි වෙලාව උදේ නමයයි...කොහෙ සිල් ගන්නද සිල් වැඩ පිළිවෙල එතනින්ම ඉවරයි...
ඊට පස්සෙ කට්ටියව බෝට්ටුවලට දාලා පන්සලට යවල...ගිහින් අටපිරිකර ටිකත් පූජා කළා කියන්ඩකො...මෙතනදි කියන්න තව ලස්සන කතාවක් තියෙනව පොඩ්ඩක් ඉන්ඩකො...
ගිය නඩේට දවල්ට කන්න දෙන්නත් එපායැ...එතනම තිබ්බ හින්දු කෝවිලෙන් භාජන ආදී පහසුකම් සපයාගෙන කට්ටිය දවල්ට බත් උයල...උයල ඉවරවෙලා කෑම බෙදන්න බලනකොට පන්සලේ හිටපු ඔක්කොම ගේට්ටු කඩාගෙන කෑම ගන්න ඇවිත්...කෑම බෙදන්න හිටියෙ ඇන්සන් එහෙම...කාව කියල හොයන්නද එක එක පළාත්වලින් ආපු අය එකාට එකා අඳුනන්නෙ නෑ...ගමේ මිනිස්සුන්ව නං දන්නව...දවල් කෑම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි...
ජීවිතේට දැකපුවත් නැති උං හොඳට කාල ගිහින්...නඩේ උං බඩගින්නෙ...
ඔය අතරෙ හාමුදුරුවො හොයාගෙන පොලීසියෙන් ඇවිත්...
හාමුදුරුවනේ පොඩ්ඩක් පොලීසියට යමුද පැමිණිල්ලක් තියෙනව...
බලපුවාම දූපතේ පන්සලේ හාමුදුරුවො...අපි කියමුකො උතුරේ රාහුල කියල...කයිට්ස් පොලීසියෙ පැමිණිල්ලක් කරල...
පැමිණිල්ල මොකක්ද බාල අටපිරිකර ගෙනත් පන්සලට අපහාසයක් අවමානයක් කළා කියල...
මේ කට්ටිය පොලීසියට ගියාම උතුරෙ නියෝජ්‍ය පොලිස්පතිත් ඇවිත්...උතුරෙ රාහුල ලක්ෂ 10ක් වන්දි ඉල්ලනවා...
හාමුදුරුවනේ මේ මනුස්සයත් එක්ක කතාකරල වැඩක් නෑ...මෙයා කාටවත් කොන්ට්‍රෝල් නෑ...කෙලින්ම කෝල් එක ගන්නෙ අහවලාට...ඉල්ලන දෙයක් දීල සමාදාන වෙන්න...
ඒක තමයි පොලීසියෙන් දීපු අවවාදය...
ලක්ෂ 10ක් දෙන්න පොරොන්දු වෙලා පොතේ ලියල කට්ටිය ආපහු ඇවිත්...
දවල්ට කෑමත් ගොඩක් දෙනෙකුට මගඇරුණු හින්දා පන්සල ළඟ තියෙන හින්දු කෝවිලෙන් තෝසෙත් හදාගෙන ඇන්සන්ල ගොඩට එනකොට බස් එකක්වත් නැතිලු...බෝට්ටුවෙන් ගොඩට එන එන අය පටවගෙන බස් ගිහිල්ලා...
අන්තිමට ඇන්සන්ලට එන්න වෙලා තියෙන්නෙ ආරක්ෂාවට ගිය පොලිස් ජීප් එකේ...
ජීප් එකේ ආපු ගමනත් ලස්සන කතාවක් ...කියන්න ගියොත් කතාව තව දික් වෙනවා...ඒ නිසා වන්දනාවේ ගිය සියලුම දෙනා පහුවදා උදේ නවයට විතර දුකසේ ගමට ළඟාවුණා කියල තමයි කියන්න තියෙන්නෙ...
අපි එදා උදේ රාජලගෙ ගෙදර කිරිබත් දන්සැල දෙනවා...
වන්දනාවෙ ගිය අයට වෙච්චදේ අපට කලින්ම ආරංචි වෙලා තිබුණෙ...ඒ නිසා අපි නඩේ ඔක්කොමල්ල දන්සැලට ගෙනත් හොඳට කිරිබත් කන්න දීල ගෙවල්වලට පිටත් කළා...
පොලිස් කේස් එක වෙලා තියෙන්නෙ මෙහෙමයි...අර ජිනරතන හාමුදුරුවො උතුරේ රාහුලත් එක්ක යන්න කලින්ම ඩීල් එකක් දාගෙන...අටපිරිකර ටිකට ජිනරතන ලක්ෂ 5ක් උතුරේ රාහුලට දෙනව...ජිනරතන අටපිරිකර ටික ආපහු පටවගෙන එනවා...
පන්සලට ගිය වෙලාවෙ උතුරේ රාහුල සල්ලි ඉල්ලනකොට ජිනරතන අතේ සල්ලි තිබිල නෑ දෙන්න...ඒ ගමන සල්ලි පස්සෙ දෙන්නම් මට දැන් අටපිරිකරවල තියෙන පාත්‍රා ටික ගෙනියන්න ගලවල දෙන්න කියල පාත්‍රා ගලවනකොට තමයි බාල අටපිරිකර අහුවෙලා තියෙන්නෙ...
සල්ලිත් නැතුව කේන්තියෙන් හිටපු උතුරේ රාහුල කෙලින්ම ගිහින් කයිට්ස් පොලිසියෙ පැමිණිල්ල දාලා...
ඔන්න ඔය විදියට අපේ හාමුදුරුවන්ගෙ මහා අටපිරිකර පිංකම නිමාවුණේ ලක්ෂ දහයකටත් කෙළවෙලා...
ඊළඟ අවුරුද්ද වෙනතුරුම තැනින් තැනින් හොය හොයා හාමුදුරුවො අර සල්ලි ටික ගෙව්වා කියල තමයි පස්සෙදි මට ආරංචි වුණේ...
මගෙන් නං සත පහක්වත් ඉල්ලුවෙත් නෑ මම දුන්නෙත් නෑ.

කථා සරිත් සාගරයේ වෙන්නැති අර බෝට්‍ටුව යන්න ඇත්තේ....:))
ReplyDeleteඑහෙමද මයියො පෙනෙන්නෙ
Deleteමෙහෙම කීවට සමාවෙන්න...
ReplyDeleteමේ අයට බුද්ධාගමේ නියෝජිතයෝ කියන්න පුළුවන්ද?
අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි එකතු කරලා ලෝකෙට පේන්න හදන මේවගේ හාමුදුරුවරුන් ගහලා එලවන්න ඕනේ.
මම බෞද්ධයෙක් නොවුනටා පන්සලට යන එන කෙනෙක්. කොටින්ම අපේ ගමේ හාමුදුරුවෝ විතරක් නෙමෙයි මා දන්නා කියන බොහෝ හාමුදුරුවරුන් මා එනවා නම් සතුටින් මා එක්ක කතාබහ කරන අය. ඒ ඒ අයගේ හා මගෙ ආගමේ නමට වඩා අපි යමක් අදහන හින්දා.
මගේ යාළුවන් බොහොමයක් බෞද්ධ නිසා මා ඒ අය එක්ක පන්සල් වලට යනවා. ඒ වගේ අවස්තාවල මට දඹදිව යන්න, පන්සල් හදන්න, රන් මාල දාන්න, බෝධි වැට රනින් ආලෙප කරන්න වගෙ එක ඒවට සල්ලි ඉල්ලල තියෙනවා. මම නම් මූණටම කියනවා ඔය වගේ වැඩ වලට මම සල්ලි දෙන්නේ නෑ කියලා. මම හාමුදුරුවන්ට සල්ලි නොදී ඔය අවශ්‍ය අයට ඕනේ තරම් කෑම හෙම අරන් දෙනවා. රන් වැට වල් හදනවට වඩා ලංකාවේ හාමුදුරුවරුන්ට කරන්න වැඩ කොයි තරම් තියෙනවද?
අල්ලපු ගමේ පන්සලක ආවාස ගෙයක් හදනවා. මම ළඟදි ගිහින් බැලුවා. බිත්ති පළළ අඩි එකහමාරටත් වැඩියි. ඉංජිනේරු ගල් වලින් බඳින්නේ. මම කිව්වා හාමුදුරුවනේ මේක අලි අපරාදයක්නේ කියලා. එයා කියනවා රජකාලෙ ආවාස බිත්ති මීටත් වඩා පළලයිලු.
Deleteඉතිං ඔය ඔළුවේ ප්‍රමාණයට තමයි අර තුන්සීයක් විතර දායක ගොන්නු නටවන්නේ. ඕක තමයි අදකාලෙ පන්සල් බුද්දාගම.
------------------
මරු කතාටික....!!
සෝබන වැඩවලට වඩා දුප්පතෙකුට යමක් දෙන එක ලොකු පිනක් නොවැ
Delete@චාමි,
Deleteඔබවත් මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා
ඔය වගේම කෙලියක් තමයි, නෙළුම් මල් පූජායි, සමන් පිච්ච පූජයි. ගරන එක ගරනවා පොරො හැලෙන්න. අසපු හදන්නෙ ඕවලින් තමයි. අවුලක් නෑ, මිනිස්සු බැති සිතින් පූජ කරන ඒවා නේ. මම පොඩි කළේ අපේ නෑ කෙනෙක් උන්නා මීගමුවේ. සීයගේ ඥාති. අපි ඔක්කෝම බක් ෆියට් එකේ තමයි මළ ගෙදර ගියේ. ඔය කුලියන අඬන කාන්ඩේ ඉස්සෙස්ලම දැක්කේ එදා තමයි. දැන් නම් මම හිතන්නේ එහෙම විකාර නෑ. පුදුම වැඩක් කියන්නේ. ජීවිතේ අනියතයි කියලා හැමදාම කියන ආගමක. කෙනෙක් මලයින් පස්සෙ වලට පැනලා මැරෙන්න යන්නේ. ගොන්කමක්ද, ඉස්ටයිල් එකක්ද, විකාරයක්ද කියලා කියන්න නම් මට අද වෙනකන් තේරෙන්නේ නම් නෑ. පිරිකර කියන්නේ නම් ඉතින් රීසයිකල් මිස්නස් එකක් කියලා නොදන්න එකා බෞද්ධයෙක් වෙන්න නම් බෑ. අපි නම් දැන් එක පිරිකරයි දෙන්නේ. සල්ලි කවරෙක දාලා දෙනවා ඕන දෙයක් කර ගන්න. පිරිවෙනේ ඉගෙන ගන්න හාමුදුරුවරු නේ වඩින්නේ. ඒ උන්නාසෙල බොහොම පින් දීලා යන්නේ ඒ වැඩේට. සමහර අය නම් ගෙවල් වලට දෙනවලු. දුප්පත් එකා තමයි කොයිදේත් රකින්නේ. අනික් උන්ට තෙල වැඩිවෙලා පිස්සු කෙලිනවා. අර වගේ ගෑණු හුටපට නම් අපේ ගමෙත් ඕන තරම්. අපි කරන්නේ ඉතින් කොටවන වැඩේ තමයි. මම කලිනුත් කිව්වේ මරු රොයිටර්ලා ටිකක හිටියා කියලා. එකෙකුට නම් නියමම පාඩමක් ඉගැන්නුවා. ඒවා මෙතන ලියන්න බෑ.
ReplyDelete///පිරිකර කියන්නේ නම් ඉතින් රීසයිකල් මිස්නස් එකක් කියලා නොදන්න එකා බෞද්ධයෙක් වෙන්න නම් බෑ.///
Deleteපිරිකර කියන්නේ රීසයිකල් බිස්නස් එකක් නෙවේ.....ඒක රී යූස් බිස්නස් එකක්...පරිසර හිතකාමී වැඩක් :)
දැන් පූජා ඔක්කොම ගරානා පූජා තමයි මාතලන්
Delete@ මයියා,
Deleteඔව් ඔව් මයියො,පිරිකරත් දැන් අවුරුද්දට ගේන කේක් ගෙඩිය වගේ
///අපි නම් දැන් එක පිරිකරයි දෙන්නේ. සල්ලි කවරෙක දාලා දෙනවා ඕන දෙයක් කර ගන්න. ///
Deleteඑහෙනං ඉතිං මේකත් අහලම දීපංකො.
http://www.buddhistculture.org/350835383515353834823515-3523350735243535-35123540350335173530-350335393512-35203515350334823530zwnj-3503.html
ඉස්සර අපේ ගෙවල් කිට්ටුවත් ඔය මේරි අක්කගේ ජාතියේ ගෑනු කෙනෙක් හිටියා. . .
ReplyDeleteඅහල පහල ගෑනුත් එක්ක එයා රන්ඩු වෙනකොට අපි නිකම් නිල් චිත්‍රපටියක් බැලුව වගේ තමා . .
රන්ඩුවෙන ගෑනු කෙනා හොරෙන් නිදි වැඩුනු මිනිහ එක්ක පටන් ගත්තු තැන ඉඳන් ඉවර වෙන තැනට වෙනකම් පිලිවෙලට කියනවා.
අපේ අම්මා කරන්නේ අපිව ගේ ඇතුලට දාලා දොර වහන එක . .
එතකොට අක්ක බැඳල ගිහින්. නංයි මායි විතරයි. . .
අපි දෙන්න අම්මව මඩෝනව "අම්මේ දොර වැහුවට වැඩක් නෑ ජනේලේ ලැටිස් අස්සෙන් සද්දේ එනවනේ මොකෝ කරන්නේ" කියලා . . හික් හික්
//අහල පහල ගෑනුත් එක්ක එයා රන්ඩු වෙනකොට අපි නිකම් නිල් චිත්‍රපටියක් බැලුව වගේ තමා . .//
Deleteමට මතක් වුනේ අපේ අක්කලගෙ ගෙවල් පැත්තෙ ඉන්න ගෑණියෙක්ව. ඒකි දිය රෙද්ද කඩල පෙන්නලා මිනිහෙක්ට බනින කොට. අපේ උන් එහෙම නම් හැමදාම ඒ ගැනි එක්ක වලි දා ගනි...
ඈ බන් දුකෝ අපේ අම්මත් ඔහොමමයි. අහල පහල මිනිස්සු රණ්දු වෙනවා ඇහෙද්දි අපිව ගේ අස්සර දාලා දොර වහනවා. අනේ ඉතින් උඹල වගෙ පොර කතා අපි කියන්නේ නෑ. අපි පැත්තකට වෙලා අම්මලා කියන විදියට වුන්නා. ගෙදරදි අපිට පොඩි කාලේ උඹ කියලා කියන එකත් නරක වචනයක් කරලා තිබ්බේ. අක්කා අයියට දවසක තමුසේ කියලා අප්පච්චි ගැහුවත් එක්ක.
Deleteඅදටත් අපේ අයියලා අක්කල එහෙම කතා කරන්නේ නෑ. ගෙදර අය ඉන්න තැන මාත් බෝ පැලේ තාම.
ඒකටත් එක්ක මම ලංකාවට ආව වෙලේ ඉඳන් යාළුවෝ එක්ක උඹ බන් මචන් කියනවා අහගෙන ඉඳලා අපේ අක්කා මට දවසක් හිනා වෙනවා අපි හිතුවේ ඔයා ඉන්නේ ටිකක් වැදගත් රටක කියලා. අපේ වත්තේ වැඩ කරන මිනිස්සුවත් මම වගේ කතා කරන්නේ නෑ කියලා.
ඔන්න අපේ වැදගත්කම....
හෆොයි උඹලා බෝ පැල අපි කපුටු බෝ පැල . . හික්ස් . .
Deleteඅපි තුන්දෙනා තුන්දෙනාට කතා කරන්නේ "තමුසේ" "ඕයි" "බන්" "හලෝ" කියලා.
හැබැයි ඒ ආදරේට එහෙම කතා කරන්නේ . . .ඒක අපි තුන්දෙනාම දන්නවා.
මුලදී අක්කගේ මහත්තයට අවුල් අපි කතා කරන ව්දිහ.
පොර දවසක් අහනවා "මොකෝ මේ අක්කල මල්ලිලා නංගිලා මූනට මූන බලාගෙන ටෙලිෆෝන් එකෙන් කතා කරනවා වගේ හලෝ හලෝ කියන්නේ කියලා . . "
අපි තුන් දෙනාට මැරෙන්න හිනා . .
නොමිලෙ නිල් බලපු කාලයක් නේද...දැනුත් ඔහොම ගෑණු ඉන්නව ඇති
Delete@Il Mondo
Deleteඔබත් මගෙ බ්ලොගයට ආපු පළවෙනි දවස නේද...ආදරයෙන් පිළිගන්නවා
@සෑම්,
Deleteඇයි සෑම් ඒ කතාව ලියන්න බැරිද
puh... ne ne mama meka patan gatta davasa indan kiyavanava. eth comment karanna kammeliyek. eka meheta nemeyi hemathenatama poduyi.
Deleteඅර කුලියට අඬන ගෑනු නම් ඉන්දියානු ෆිල්ම් එකක දැක්කද කොහෙද...මම මේ කල්පනා කලේ හැම එක්කෙනාගෙම ජීවිත කතාව, ලස්සණ කතාවක් නේද කියලා. හැලපයට තියෙන අත්දැකීම් බැලුවාම පොත් ගනනාවක් ලියන්ට පුලුවනිනේ.
ReplyDeleteඅද නම් ගමනේ වේගෙට කලන්තේ වගේ. යාපනෙත් ගියා. කන්ටත් නෑ. ගමන් මහන්සි...ඇති යන්තම් අන්තිමට කිරිබත් කෑලල්වත් දැක්කා.:D
ආ පොඩ්ඩි කියන්නෙ අද තැලුව මදි කියලද...කමක් නෑ කිරිබත් කෑල්ලක්වත් කෑවනෙ.
Deleteඔය වගේ කට හැකර ගැනුන්ගේ හොද හොද සීන් බලන්න පුළුවන් මුහුදුකරේ සහ මුඩුක්කු වල.
ReplyDeleteඔය කියල තියෙන්නෙ කට්ටිය ඒ ගොල්ලන්ගෙ අත්දැකීම් කෙන්ජියො
Delete/* මම දකින දේ හාමුදුරුවන්ට කියන්නත් බෑ... කිව්වොත් හිතයි කරගෙන යන වැඩේ කඩාකප්පල් කරන්න හදනව කියල... */
ReplyDeleteඅපේ දියුණුවක් ණැත්තේ ඔන්න ඔය කේස් එක නිසයි!
මං නං ඔහොම කට පියාගෙන ඉන්නේ නෑ.
අපි ඕවට කොච්චර විරුද්ධ වුණත් අපිව අයින් කරල හරි ඒ වැඩ ඒ ආකාරයටම කෙරෙනවනෙ කකා
Delete//"කෝකටත් අටමගෙන් අහල බලන්න ඕනැ"// ඔය අහුවුනේ,එතකොට ජලාල් කියන්නේ අටමා. ආ ආ ...
ReplyDeleteඅපෝ නෑ ඉවාන් ඔය මම කියන කාලෙ අටමා බාලාංශ පන්තියෙ වෙන්න ඇති
Delete/* ඊළඟ අවුරුද්ද වෙනතුරුම තැනින් තැනින් හොය හොයා හාමුදුරුවො අර සල්ලි ටික ගෙව්වා කියල තමයි පස්සෙදි මට ආරංචි වුණේ...
ReplyDeleteමගෙන් නං සත පහක්වත් ඉල්ලුවෙත් නෑ මම දුන්නෙත් නෑ. */
එහෙම නොවෙයි මෙහෙම හිතන්න. ඔහේ සල්ලි දුන්නා බැතිබර සිතින් පින්කමකට. ඒකෙන් මුලින් බාල බඩු අරගෙන, ඊලඟට ලක්‍ෂ ගාණක වංචාවක් කරන්න ගිහින්.
අර බෙදා ගන්න ගිය ලක්‍ෂ දහය, ඊළඟට හාමුදුරුවො ගෙවපු ලක්‍ෂ දහය කාගේ සල්ලිද?
මේවා කෙලින්ම දායක සභාවේ සහ හාමුදූරුවන්ගෙන් ප්‍රශ්න නොකර ඉඳීමත් ඒ දූෂණවලට සහය දිමක් කියලයි මට නම් කියන්ණ තියෙන්නේ.
එහෙමත් හිතන්න පුලුවනි කකා...කොහොමත් අන්තිමට තැලෙන්නෙ දායකයො නේද...පන්සලත් එක්ක හොඳහිත තියාගන්න එක කෝකටත් හොඳනෙ
Deleteහැලපේ අයියා මේක දැක්කම කට පියාගෙන යන්න හිතෙන්නෙම නැහැ.
ReplyDeleteමුලින්ම කියන්න ඕනෙ ඔය මාබෝලෙ මහබාගේ නාගොඩ කඳාන අනියාකන්ද එතකොට රිලවුල්ල වගේ පලාත් මගේ බජාර් එකනෙ. යන්තන් වැටි වැටී ඇවිදින කාලේ ඉදලා කසාද බදිනකම්ම හිටිය පැත්ත. බුදු සන්තෝ අපි හමුවෙල ඇති. අයියා හිටියේ මොන ඉස්පිරිතාලෙද? අනියකන්දෙ නම් මම කාලයක් වැඩ කළා. ළය රෝහල රාගම හොදටම දන්නවා.
වත්තල, මම කුලියට අඩන ගෑණු ගැන හොදට දන්නවා. උන්ගේ කටවල් ගැනත් දන්නවා. රෙද්ද උස්සල පෙන්නන එක සුලු දෙයක්.
ඌරු මස් ගැනත් දන්නවනේ. අගෝස්තු වත්තල පල්ලියේ මංගල්ලෙ ලංවෙනකොට බොහෝමයක් ගෙවල්වල ඌරන් ඇති කරනවා අගෝස්තු පාවිච්චියට. මම දැන් මස් නොකන්නෙ ඒකාලේ කාපු තරම් එන ආත්මෙටත් ඇති නිසා.
අටපිරිකර ගැන නම් කියලා වැඩක් නැහැ. ඒ ගැන මම මාතලන්ගේ බොගේදි ලිව්ව.
අයියා මේ රිදම් එක නියමයි. ඔහොම යන්....
ඇ වෙද මාමේ,
Deleteඑතකොට ඒ දවස්වල ගෙවල් වල උරෝ හැදුවද මසට දැන් ඔය ගෙවල් වල කුකුල්ලු ඇති කරනවා වගේ..?
මනෝජ් වත්තල පැත්තේ ඌරො හැදුව ගෙවල් වලම. අපි ඒ කාලේ ඉතුරුවෙන කෑම ඔක්කොම එකතු කරලා දෙනවා අපේ මිත්‍රයන්ගේ ගෙවල් වල ඌරන්ට දාන්න. ඉන්නකො මම මේ වැඩ ඉවර වුණු ගමන් නැවත ලියන්න ගන්නවා. එතකොට ලියන්නම් ඒ ගැන.
Deleteඑකනේ මම ගියා වෙදගේ පැත්තේ කෝ ඉතින් එක වහලා දාලනේ...
Deleteඉක්මනට අරින්නකෝ එහෙමනම්....:)
අදහස් දැක්වීමට ස්තූතියි වෙද මහත්තයො...මම ඒ කාලෙ වැඩ කලේ වැලිසර ළය රෝහලේ...මම හිතන්නෙ ගොඩක් දුරට අපි හමුවෙලා ඇති...එල්ලෙ ගහන්න එහෙම ආවද ඒ කාලෙ
Deleteමේරි අක්කා තමයි ගෑනි. ජලාල්ට කෑම එපා වෙන්ඩැති ඊට පස්සෙ.. හැහ් හැහ්..
ReplyDeleteඋතුරේ රාහුලත් ශයිලොක් වගේ මස් රාත්තලම ඉල්ලලා නේද ? නිසි සැලසුමකින් තොරව වැඩ කළාම ඕවා ඉතින් සාමාන්‍යය දේවල්..
අන්තිමට කිරිබත් කෑල්ලක්වත් හම්බුනා මදැයි..
මම මේ කල්පනා කළේ හාමුදුරුවරු මිනිස්සුන්ගෙ ශ්‍රද්ධාවත් එක්ක සෙල්ලම් කරන හැටි. බලන් යනකොට ඒකත් සූදුවක්..
සූදුවක් නෙවේ බං..බිස්නස් එකක්..එක්කෙනෙක් හදන්නෙ අනික් කෙනා ට වඩා කැපිලපේන පන්සලක් කරන්න. සල්ලි වැඩිපුර තියෙන දායකයො ලංකරගන්න.
Deleteසෙන්නා දැන් පිංකමුත් බලු පොරයක් වෙලා...කෙනෙකුට කෙනෙක් නොපරදින්න කරන්නෙ
Delete//ඈ බොල මොට්ට වේසිගෙ පුතෝ...ඔය බැල්ලිගෙ කුණු හු##ට කෙළිනවට වැඩියෙ නරකද බොල මේකට කෙළියනං...//
ReplyDeleteමට වතුර වීදුරුවක් දෙනවද මාමෙ...උගුර කට වේලිලා...
උතුරේ රාහුල කියලා වේදිකා නාට්‍යයකුත් ආව නේද...ඒ මේ කථා පුවත නෙමෙයි නේද...
වතුර බීල හරියන්නෑ බං වෙන මොනවහරි බීපන්..!!
Deleteසිරා මේ ජීවමාන උතුරෙ රාහුල,අදටත් දැක බලාගන්න පුලුවනි
Deleteමේරි අක්කා ජලාල්ව හලාල් කරන්න හැදුවේ නෑනේ..හැක්..
ReplyDeleteඔන්න බං කෙන්ජිය ඔය කියල තියෙන්නෙ හලාල් කරන හැටි බලාගෙන හිටිය වාගෙ
Deleteකොහොමත් ජලාල් ල කෙල තලියක් ඇගිලි හතරට අරං අදාල තැන තවරල "හලාල්"කරල තමා කර්තව්‍යයට බහින්නෙ.
ReplyDeleteඋං කොහොමත් හලාල් නැති කෑම කන්නෙ නෑනෙ කෙන්ජියො
Deleteපට්ට හැලපයියේ....
ReplyDeleteහිනා වෙලාම කට රිදෙනවා...
හුගක් ලොකු හාමුදුරුවරුන්ට ඇයි මේ ලොකු වැඩම කරන්න හිතෙන්නේ....?
ඒකනෙ මනෝජ් ලොකු හාමුදුරුවරු කියන්නෙ,ඔයාල අපි වාගෙ නෙවෙයි
Deleteබුදු අම්මේ කතා ලෝකයක්නේ
ReplyDeleteතව කතා තියෙනව පූමා...බලාගෙන ඉන්නකො
Deleteමළ ගෙවල් වල බෙරිහන් දිදී අඬන එක නම් මම ටිකක් මුහුණ දෙන්න අකමැති වැඩක්.. මට මහ විකාරයි ඒක... ඒක නිසා ගොඩක් වෙලාවට මම මළ ගෙවල් මඟාරිනවා... නැත්තම් ටක් ගාලා මූණ පෙන්නලා මාරු වෙනවා...
ReplyDeleteඔයා හාමුදුරුවරුන්ගේ ලොකු ලොකු වැඩ වලට නම් මම කොහොමවත් සම්බන්ධ වෙන්නේ නෑ... ඉස්සර නම් අපේ අම්මත් නෑ... හැබැයි දැන් නම් ඉතිං එයා මුදලාලි නිසා ඕවට නොදී බේරෙන්නත් බෑ....
ඉස්සර අපේ ගෙවල් පැත්තේ හිටියා හෙන මහත මල්ලි කෙනෙක්... ඒකා අත්තටම මහා වාතයක්.. හෙනම කේලමා.... ඇඟ හොරා.... අපේ උන්ට පේන්න බෑ.. ඒත් ඉතිං සෙල්ලමට ආවම එලවන්නයැ.. හැබැයි පස්සේ රණ්ඩු වෙනවා... රණ්ඩු වෙනකොට බනින්නේ.. “ හිටපං උඹව මේ නත්තලට මීගමුවේ අරන් යනවා... උරෝ වෙනුවට තෝව විකුණනවා ...” කියලා... ඌ පොඩි එකා.. ඉතිං මාර බයයි ඕක කිව්වම... හි හි...
කෝ හිරූ අද ඔයාගෙ යාලු ඇනෝ
DeleteThis comment has been removed by the author.
Deleteහි හි...
Deleteහි හි...
හි හි...
හි හි...
බස් ඒක 192 ද? 262 ද?
ReplyDeleteඒකනේ අපේ ජනාධිපතිතුමා කියන්නේ අට පිරිකරවල කොලිටිය නංවන්න ඕනැ කියලා
Delete@රන්දිල්,
Deleteආයුබෝවන් ඔබව මගෙ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා...සමාවෙන්න ඕනෑ බස් එකේ නොම්මරේ වැරදුනා...ඒක 194
සෑහෙන කාලෙකට ඉස්සර වෙච්චි කතාවක් නිසා අමතකවීම් වෙනව...බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට
@අජිත්,
Deleteඔබත් මගෙ බ්ලොගයට ආවමයි...ආදරයෙන් පිළිගන්නවා
ආ එහෙමද? දැන් නම් රාගම කොළඹ 262නේ. 192 ඔන්න ඔය බොරලැස්ගමුව පැත්තේද කොහෙද, 194ක් රාගම කොළඹ ගිය කාලේ අපි දන්නේ නැහැ............ :)
Deleteඒ කියන්නෙ අටමත් මේරි අක්ක ගැන දන්නව.
ReplyDeleteදේශපාලකයො ගාවගත්තොත්නං ඉතිං වැඩේ වර්චස් තමයි කොහොමත්.
අටම මේරි අක්ක කවුද කියල දැන් දන්නව...ඔය මම කියන කාලෙ අටම පළාතෙවත් නෑ
Deleteපොඩි කාලේ මමත් හිටියේ රත්මලාන පැත්තේ මූදුකරේ කුලී ගෙදරක. හතරවටේ මේරි අක්කලා හත් අට දෙනෙක්ම හිටියා. එකියෙක් දවසක් ඒකිගෙ අම්මත් එක්ක එකතුවෙලා මිනිහෙකුට බැනලා, 'තොට මම ... ' කියලා රෙද්ද බාගෙට උස්සලා නවැත්තුවා. එතකොට අම්මා ඉස්සරහ පැනලා 'පෙන්නපිය ... පෙන්නපිය .. ' කියලා දුවගෙ එක අර මිනිහට පෙන්නන්න සෑහෙන උත්සාහයක් ගත්තා. කොහොම උනත් දුව වැඩේ අතෑර දාලා බැන බැන ආපහු ගියා.
ReplyDeleteඅපරාදෙ නේද ගාමිනී ඒ කාලෙ ඩිජිටල් කැමරා තිබ්බෙ නැති එක
Deleteමට නම් දරුවව දහම් පාසල් යවන්නත් හිතෙන්නෙ නෑ ඇතුල් කරන්නත් සල්ලි ගන්නව...හැමදාම මොකකට හරි මුදල් ගේන්න කියනව...අපෙන්ම නඩත්තු වෙන පන්සල.
ReplyDeleteමට නම් පුදුම මේ වගේ ආත්මාර්ථකාමි හාමුදුරුවරු මොන මගුලකට සිවුරක් දාගන්නවද කියලා.
Deleteමම ලංකාවට ආවම අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ හම්බවෙන්න යනවානේ. අන්තිම පාරට ගිය වෙලේ මට හාමුදුරුවෝ කීවේ මම දුප්පත් ළමයි බලලා මහණ කලා චූටි මැණිකේ. අඩු ගානේ උන් ඉගෙන ගෙන සිවුර ඇරලා යනකොට උගත්කමට රස්සාවක් හරි හොයාගනියි නේ කියලා හාමුදුරුවෝ මට කීවා. මොකද ගෝලයෝ ගොඩාක් එහෙම කරලා තියෙන බවත් එහෙම කලත් හාමුදුරුවෝ අවුලකින් නෑ කියන එකත් මට තේරුනා. ඉගෙනගත්ත මිනිහෙක් සමාජයට නරක මිනිහෙක් වෙන එක හරි නතර වෙනවානේ කියලා හාමුදුරුවෝ බොහොම සැහැල්ලුවෙන් කීවේ.
ඒ රටේම මේ වගේ ආත්මාර්ථකාමි සිවුර පොරව ගත්ත මිනිස්සු ඉන්න එක කොයි තරම් නම් හාස්‍යක්ද?
මචං රංගි හාමුදුරුවන්ට කන්නාඩි දෙකක් තෑගි දීපන් . . උඹව දැකලා "චූටි" මැනිකේ කිව්වට . .
Deleteඅඩෝ, උස්සලා පොලොවේ ගහනවා.
Deleteමට ඔක්කොමලා කියන්නේ එහෙම තමයි. ඒ කාලේ (එක්දාස් නමසිය බර ගණන් වල )අපි ස්වීට් ඇන් ස්මාර්ට් නේ...
හික්ස්. අපේ ගමේ මිනිස්සු දන්නේ නෑ අලි බබාලාට එහෙම කියන්නේ නෑ කියලා. ඒ කාලෙ මම එහෙම කියනවට වලි දැම්මට දැන් නම් ආසයි එහෙම හරි චූටි කතාවක් කියනවට.
අපි ජෝශප් වාස් යද්දී මෙවුන් හුජ්ජ කෙල්ලොනේ දුකා.
Deleteමම ගියේ දුම්මලදෙණියේ කොස්ගස් හන්දියෙ ඉදල.
පන්සල කොහොමත් නඩත්තු කරන්න ඕනෑ දායකයො තමයි වීයො
Deleteදෑන් ලන්කවෙ ඉන්න ගොඩක් හාමුඩුරුවරු ඔය වගෙ තමයි හෑලපයියෙ
ReplyDeleteඒකමයි මටත් කියන්න ඕනැවෙලා තිබ්බෙ දමිත්,බොහොම සතුටුයි ඔබ සිංහල ලියනව දැන්
Deleteසිරා මලය දුන්නනෙ සපොට් එකක්
Deleteඔන්න බලමු ඒකෙත් හැටි.. මිනිස්සු සල්ලි දීල හොරෙං ගිහින් බලන එවුව ,මේරි අක්කල නොමිලෙ පෙන්නන්නෙ..
ReplyDeleteඅපරාදෙ සරත් යුරෝපෙදි සල්ලි දීල ලයිව් ෂෝ බැලුවෙ...
Deleteකතා සරිත් සාගරයෙ තරමට කියන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ හැලපයියෙ. අටමගෙයි මේරි අක්කගෙයි පලහිලව්වත් කියමුද අපිට කියවන්න.
ReplyDeleteඅටමගෙයි මේරි අක්කගෙයි ඇති පළහිලව්වක් නෑ ඩ්‍රැකී...අටම දන්නව මේරි අක්ක කවද කියල...ඒකයි මම කිව්වෙ මේරි අක්ක ඉන්නවද කියල අටමගෙන් අහල බලන්න ඕනෑ කියල...
Deleteමේරි අක්කල වැඩ පෙන්නන කාලෙ අටම ඇටේ ඉඳල තියෙන්නෙ මගෙ හිතේ...
පන්සල් හාමුදුරුකම ලංකාවේ හොඳම රක්සාව කියල රොබට් නොක්ස් ගොය්ය කිව්වේ එකදාස් හයසියද හත්සියද බර ගනන්වලනේ .... :)
ReplyDeleteහැබෑටම දැන් රට වටේ ඇහෙන්නේ තරුණ රැඩිකල් හාමුදුරුවන්ගේ නිව්ස් නේ, පන්සලට වෙලා බිස්නස් එකක් දෙකක් කරගෙන ඉන්න විහාරාධිපතින් ල සද්දේ වහල.
මළගෙවල් සබ්ජෙක්ට් එකේදී මට මතක් වුනේ ඔය දන්නේ අඳුරන්නේ නැති මල ගෙවල් වලට ගිහින් දවස් ගණන් නයිට් ගහල ජීවිකාව ගෙනියන අය ගැන. මළගෙයක් ඉතින් සතියක් දෙකක් ඕපන් හවුස් නිසා චෙක් කරන්නෙත් නැහැනේ