අද රහුමාන් මාස්ටර්ගේ කතා ටිකක් හොයා ගත්තා.දැන් ඉතුරු වෙලා තියෙන්නෙ එහෙන් මෙහෙන් තේරිච්ච කතා ටිකක්.මම යාලුවගෙන් රහුමාන් මාස්ටර්ගේ කතා ඉල්ලුවම මිනිහත් මට හැකි විදියට කතා දෙනවා.හැබැයි මේවට හිනා යයිද කියන්න නං මට තේරුමක් නෑ.සමහර වෙලාවට රහුමාන් මාස්ටර්ගෙ කියල වෙන අය හදපු කතාවලටත් රහුමාන් මාස්ටර්ගේ නම ගහල දෙන්න පුලුවන්නෙ.ඔන්න ඔය වගේ ප්‍රශ්න වලටත් මුහුණ පාන්නට සිදුවෙනවා.අනික් බාධකය තමයි භාෂාව.ඔය සියළුම කතා ඉස්සෙල්ලම කියන්නෙදෙමළෙන්.බොහොමයක් වෙලාවට විහිළුව ඒ භාෂාව එක්ක ගහට පොත්ත වගේ සමීපයි.ඉතිං දෙමළ නොදන්නා අයට මේ විහිළු පරිවර්තනය කරදෙන්න ගියාම ඒකෙ තියෙන රසය ජීව ගුණය සියල්ලම හැලිලා යනවා.මට සිංහල දෙමළ භාෂා දෙකේ ප්‍රශ්නයක් නැතිවුනාට අපේ බොහෝ අය දෙමළ භාෂාව නොදන්නා නිසාවෙන් මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වෙනවා.
රහුමාන් මාස්ටර්ට පුත්තු දෙන්නෙක් හිටියා කියල අපි කලින්ම දන්නවනෙ.ලොකු පුතා ජමාල්දීන් පොඩි පුතා මුජීබ්.ජමාල්දීන් ඉගෙනගෙන එහෙම තාත්ත වගේ ගුරු පත්වීමක් අරං කින්නියාවෙ ඉස්කෝලෙම උගන්නන්න ආවා.හැබැයි පොඩි පුතා මුජීබ් එහෙම නෑ මිනිහා බොහොම උන්නතිකාමී තරුණයෙක්.කින්නියා දූපතට කොටුවෙලා ඉන්න මුජීබ්ගෙ කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ.මිනිහ කොළඹ ඇවිත් එක එක කෝස් ෆලෝ කරන්න ගත්තා.කොළඹ යන්න එන්න ලේසියට කුරුණෑගල නැන්දලගෙ ගෙදර නැවතුනා.එහෙ ඉඳන් මුජීබ් කෝස් කරනවා.මේ ඉවරයක් නැති කෝස් කිරිල්ල ගැන ගමේ අය වගේම රහුමාන් මාස්ටරුත් උපහාසයෙන් කතා කලාට මුජීබ් ඒ කිසි දෙයක් ගණන් ගත්තෙ නෑ.මෙහෙම ටික කලක් ගතවුනා දැන් මුජීබ් ගෙදර එන්නෙත් නෑ.මිනිහා කුරුණෑගල පැත්තෙන් පවුලක් වෙලා කියල ආරංචියකුත් ගමේ පැතිරුනා.දවසක් ගමේ තේ කඩේදී රහුමාන් මාස්ටර්ගේ යාලුවෙක් මාස්ටර්ගෙන් මේ ගැන ඇහුවා.
ඈ මාස්ටර් දැන් මුජීබ් ගමේ එන්නෙත් නෑ නේද?මිනිහ කෝස් කරල ඉවරයිද?
ආ ඔව් ඔව් කෝස් කිරිල්ල ඉවරයි,දැන් මිනිහ කුරුණෑගලට වෙලා ඉන්ටර්කෝස් කරනව...
මාස්ටර් ඇඟට නොදැනී උත්තර දුන්නා.
+++++++++++++++++++++++++++++
මේක රහුමාන් මාස්ටර් කින්නියාවෙ ඉස්කෝලෙට මාරුවෙලා ආපු අලුත සිද්දවෙච්ච දෙයක්.ඔන්න රහුමාන් මාස්ටර් වැඩ බාර අරගෙන පහුවදා උදේ ඉස්කෝලෙට ගිහිං ප්‍රින්සිපල්ගෙ කාමරේට ගියා.
ආ මාස්ටර් උදෙන්ම ඇවිත්,හොඳ ළමය වගේ ඔන්න ඔය මේසෙ උඩ තියෙන පෑනත් අරගෙනම එන්නකො...
ප්‍රින්සිපල් කිව්වා.රහුමාන් මාස්ටර් පෑන කටින් අරගෙන ගිහිං ප්‍රින්සිපල් ගෙ මේසෙ උඩට දැම්මා.
මේ මොකද මේ...
තෝන්තු වෙච්ච ප්‍රින්සිපල් ඇහුවා.
ඇයි ළමයෙක් වගේ පෑන ගේන්න කිව්වා නේද?ඉතිං මම එහෙම ගෙනාවා...
රහුමාන් මේ කෝලං නං කරන්න එපා.තාම පන්තියක් නෑ නේද?ගිහිං ඕ ලෙවෙල් ගෑනු ළමයින්ගෙ පන්තිය බලාගන්නකො...
රහුමාන් මාස්ටර් පංතියට ගියා.
දැන් ඔය ළමයින්ට මොනවද තියෙන්නෙ?
ගණිතය...
මේ දවස්වල ගණිතය මොනවද කරන්නෙ?
තොඩෙෙ(කුලක)...
ගෑනු ළමයි එකහඬින් කිව්වා.දෙමළෙන් කලවයේ ඉහළ කොටසටත් තොඩෙෙ කියනවා.
ෂාහ් මරුනෙ ළඟටම ඇවිත් හොඳා හොඳා මම ඉතුරු ටික බලන්නං...
+++++++++++++++++++++++++++++++++++++++++++++++
දවසක් හවස රහුමාන් මාස්ටර් මිදුලෙ චෙරි ගහ යට පුටුවක් තියාගෙන පත්තරේ කියවනවා.එකපාරටම චෙරි ගෙඩියක් පත්තරේ උඩට වැටුනා.මාස්ටර් උඩ බැලුවා.අල්ලපු ගෙදර පොඩි කෙල්ල ගහ උඩ.කෙල්ලට බහින්න කියල මාස්ටර් අතින් සන් කළා.කෙල්ල බැහැල ආවහම මාස්ටර් කෙල්ලට රුපියල් පණහක් දුන්නා.
ළමයෝ මේකෙන් ජංගියක් ගන්න...
කෙල්ල පනහත් අරං සතුටින් ගෙදර ගියා.නංගි අතේ පණහක් තියෙනව දැකපු අක්කා විස්තර ඇහුවම කෙල්ල සිද්ද වෙච්ච දේ කිව්වා.
මමත් හෙට යනවා...
එහෙම හිතාගත්ත ලොකු කෙල්ල පහුවදා හවස ගිහිං රහුමාන් මාස්ටර් පත්තරේ බලන්න ගහ යටට එන්න කළින් චෙරි ගහට නැගගත්තා.රහුමාන් මාස්ටර් පත්තරෙත් අරගෙන ඇවිත් ගහයට වාඩිවෙලා කියවන්න ගත්තම කෙල්ල චෙරි ගෙඩියක් කඩල පත්තරේ උඩට දැම්මා. රහුමාන් මාස්ටර් උඩ බලල කෙල්ලට පහළට බහින්න අතින් සන් කළා.
පහළට බැස්ස කෙල්ල රහුමාන් මාස්ටර් ලඟට ගියාම මාස්ටර් කෙල්ලට රුපියල් පහක් දුන්නා.
අනේ අංකල් ඊයෙ නංගිට පණහක් දීල තිබුනනෙ.මට පහක් ඇයි?
ඔය ළමය බික් රේසර් එකක් ගන්න...
මොකක්ද බං මේ ඩිංග...
ReplyDeleteඔන්න ඉතිං නාහෙන් අඬන්න පටන්ගත්තා.යකෝ ලැබෙන හැටියටනෙ ලියන්නෙ.ලද හැටියට පුද.
Deleteකියාලා ලියාලා වැඩක් නැත. බාසාවේ බලපෑම පරිවර්තනයට බාධාවක් වී නැත. මෙව්වා මෙහෙම බෙදා හදා ගැනීම බ්ලොග් පුණ්‍යකර්මයකි.
ReplyDeleteස්තූතියි විචා රස වින්දා නං සතුටකි.
Deleteමුල් කතා දෙකනම් රහුමාන් මාස්ටර්ගේ . අන්තිම කතාව හැලපෙ අයියගෙ .. ඒක ෂුවර් .
ReplyDeleteහැක්.. හැක්.. අම්මප තමයි.
Deleteඉඳහං උඹේ කටෙත් චෙරි ගෙඩියක් දාන්න.
කට ඇරැ ගල් භාගයක් වක් කරන්න.
Deleteඅපේ ඉස්කෝලෙ උන්ගෙ මඩ ගැහිලි මම දන්නෙ නැතුවයි.ඕනෑ දෙයක් කියහල්ලා මට මොකද.
Delete+++++++++++++++++
Deleteකතා තුනට ටොප් මටනම්. මේ වගේ අය ආස්සරේ කොරපු හැලපෙ අයියා ගැන කවර කතාද ඉතිං.
ReplyDeleteආස්සරේ ගැන කතා කරල වැඩක් නෑ.කතා ටොප් නං එච්චරයි.
Deletehaha lol
ReplyDeleteකිසිම අවුලක් නැත. දෙමල ඩින්ගිත්තක්වත් නොදන්නා මටද හිනා ගියේය
ReplyDeleteඑහෙනං එපමණය.මටද සතුටුය.
Deleteහැලපයා දිග අැරියොත් ඉතින් සුපිරි හැලපයක් තමයි... හැලපේ කෑවා ... පට්ටයි හරිය
ReplyDeleteබොහොම ස්තූතියි කුරුටු ළමයි.
Deleteඅන්තිම කතාව නම් කලින් අහලා තියෙන සෙට් එකේ කතාවක්.
ReplyDeleteමම නං මීට කලින් අහල තිබ්බේ නෑ රසික.
Deleteහැලපයියට මොකක් හරි හදිසියක් වගේ....... අන්තිම කතාවනං වෙන විදිහකට අහල තියෙනව හාමුදුරු කෙනෙක් සම්බන්දවෙච්චි. දැම්මලු සිවුර අස්සට අත. එහෙට්ට යවලා මෙහෙට්ට යවලා මිරිකලා ඇදල ගත්තලු...... මොකද්ද පිංවත.... සුපියල්.... පනහක්.....
ReplyDeleteහදිසියක් නෙවෙයි දැන් කතා ලැබෙන්නෙ බොහොම අඩුවෙන් ඉතිං මොකෑ කරන්නෙ.
Deleteනියම කතා ටික. දෙමළෙන් නොකිව්වට ඔය යසට තේරෙන්නෙ.
ReplyDeleteහොඳ වෙලාවට හැලපෙගෙ පත්තරේ උඩට චෙරි ගෙඩියක් වැටුණෙ. අර ගෑණු ලමයට ගහේදි චූ බරක්වත් හැදුනනං එහෙම තමා වැඩේ.
(මොකක් කිවුව හැලපෙ නෙමේද පත්තරේ බැලුවෙ.)
මොකද නැතුව අෆ්පා..හැලපේ තමයි චෙරි ගෙඩිය අවුල ගත්තා
Deleteඑහෙමද,ගෑනු ළමයි දෙන්නට දෙන්න රුපියල් පනස් පහක් ප්‍රසන්නගේ කඩෙන් තමා ඉල්ලගන්න වෙන්නෙ.
Deleteඅන්තිම කතාව නම් අහලා තියෙනවා...
ReplyDeleteකරෙක් රූබී එකේ ෂෝ එකක් බලන්න ගිහින් ඉස්සරහා ෂර්ට් එක ගලවලා සීට් එකේ එල්ලලා.. මලක් පත්තු කරගෙන.. ඉස්සරහ පුටුවට කකුල් දෙකම් තිබ්බලු..
ඉස්සරහා සීට් එක හිටිය එකාට මල පැනලා පස්ස හැරිලා ඇහුවලු.."යාර" කියලා..
යාර.. "යාර" ඉල්ලේ ඩා අම්මා ..ක "අඩි".. නාන් තල්ල චොප්පේ ඩා කිව්වලු..
ඉස්සරහ පුටුවට කකුල් තියන එක ගැන කතාවක් මගේ ලඟත් තියෙනව.වෙලාවක ලියන්න ඕනෑ.උඹ මතක් කළ එක හොඳයි.
Deleteමේ ගානට දෙමළ තේරුනාම මදෑ... මරු කතා සෙට් එක
ReplyDeleteහොඳයි එහෙනං බොහොම ස්තූතියි.
Deleteයුරෝපෙ රටවල තමයි කෙල්ලො වීක්එන්ඩ් එකට ජංගිලස් ඉන්නෙ. ඕකට රහුමාන් ගාවගත්තෙ මක්කටෙයි ආයිබොවං?
ReplyDeleteඅනේ මගේ දරැපවුලට කන්ඩ දෙන්නෙ කොහොමද ආයිබොවංන්ඩ ඡංගිලස් හිටියාම
Deleteමේ සොයාගැනීම කරන්න ඇත්තෙ උඹ යුරෝපෙ ගිය වෙලාවෙ වෙන්න ඇති.
Deleteහෙහ් හෙහ් රහුමාන් ගැන හැලප දැන් අපිට කතා කියනවා වගේ පස්සේ කාලෙක හැලප ගැනත් කොල්ලෝ මෙහෙම කතා හදයි ද දන්නේ නෑ ... :D
ReplyDeleteමොනවා උනත් මරු කතා ටික ...
එහෙම හැදුවත් මොනා කරන්නද අප්පා.
Deleteස්තූතියි පැතුම්.
:( :( :( මෙයා මටත් දවසක් පෝස්ට් එකකට මේම කමෙන්ට් එකක් දාලා තිබ්බා හි හි
ReplyDeleteමොකද්ද අනේ මට මතකක් නෑනෙ.
Deleteඊලඟ කතාව Popping the cherry ද?
ReplyDeleteප්‍රා එහෙමද හිතන්නෙ,එහෙන ඒ කතාවත් හදන්න වෙනවනෙ අප්පා.
Deleteදැන් ඉතිං ඒ කතාවත් හදන්න එපායැ නැද්ද ප්‍රා.
Deleteමුජීබ් ගේ ඉන්ටර්කෝස් එක ඉතින් හැමෝම වගේ කරනවානේ..:D
ReplyDeleteරහුමාන් මාස්ටර් මරු බුවා ඈ.
පින තමා මනෝජ් වෙන මොනවද.
Deleteහිනා වෙන්න විදියක් නැතුව විස්සෝපයෙං.. සැක්.. අපේ පැතිවල චෙරි ගහක් වත් නෑනේ..
ReplyDeleteඡම්ඔු ගස් වලිනුත් හොද ගෙඩි වැටෙනවා..
Deleteඅඹ ගහක්වත් යටට වෙලා උඩ බලං ඉඳපන් මොනා කරන්නද.
Deleteදැක්කද අපි මොනතරම් සේවාවක්ද කරන්නෙ..නැත්නම් මාස්ටර්ගේ ඇස් දෙක පිං වන්තයි..
ReplyDeleteඑල ද බ්‍රා
ජංගි ගැන වචනයක් හරි ඇහෙනව නං බොටත් නලියනවා නේද මෙන්ඩෝ.
Deleteහෙහ්, මදැයි පනහක් ගන්න හිතන් ඇවිත් පහක් අරන් යන්න වුනා..
ReplyDeleteකියල වැඩක් නෑ දිනේෂ්.
Deleteහහා... ඉන්ටකෝස් කතාව අපේ තාත්තත් නිතරම කියනවා, අනේ ඕකා කොරන කෝස් , ඉන්ටකෝස් වෙන්නැති කොරන්නෙ කියල :D
ReplyDeleteතාත්තත් ජොලි පොරක් වගේ.බැරිද කතා දෙකතුනක් පඩංගුවෙ ලියන්න.
Deleteසුපිරියි හැලපයියේ..
ReplyDeleteඅන්තිම කථාවෙ නම් වෙන වර්ෂන් එකක් අහලා තියෙනවා.ඔන්න මගෙ බ්ලොග් රෝලටත් දාගත්තා. දැං ඔයාගෙ පෝස්ට් මට මිස් වෙන්නෙ නෑ.
තෑන්ක්ස් ඩිල්ෂාන්,ඔය අන්තිම කතාව අහල තියෙනව කියල කීප දෙනෙක්ම කිව්වා.
Deleteඊට පස්සේ ඒ දුවලගේ අම්මා ඇවිදින් ගහට නැග්ගලු නේ? ;)
ReplyDeleteමාස්ටර් සල්ලි දුන්නෙ නෑ. ඒ දවස්වලත් තණකොල කපන මැෂින් හරි ගනන්.
Deleteඋඹ හොරෙන් බලං හිටිය නේ.
Deleteඇනෝ,
Deleteසුපිරියි ඇනෝ.
අපේ ඉස්කෝලේ ගලේ බණ්ඩාර කියලා ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියා. දවසක් බණ්ඩාර සර් පාරේ යනකොට උසස් පෙළ කරපු ගෝලයෙක් හමු වෙලා දැන් මොනවද කරන්නේ කියලා ඇහුවලු. ගෝලයා කියලා තියනවා සර් වන්නියෙ කෝස් එකක් (one year course) කරනවා කියලා. එතකොට බණ්ඩාර සර් අහලා -ඇයි අයිසේ වන්නියෙ කෝස් කරන්නේ කරන එක සිදාදියෙ කෝස් එකක්ම කරනවකො
ReplyDeleteනැතුව එහෙනං, වන්නියේ කෝස් කරන්නෙ පිස්සුවටැයි.
Deleteහෙක් හෙක් හෙක් මමනම් ඔය අන්තිම කතාව කියෙව්වෙත් නෑ.
ReplyDeleteඔය අන්තිම කතාවට මම හිතුවේ රහුමාන් කාරයා කියයි කියලා ," විසි කැත්තක් අරන් එන්න මිටක් මං ළඟ තියෙනවා කියලා : :D
හපෝ වනචාරියා............
Deleteමම හිතුවා උඹ කියවන්නෙ නැතිවෙයි කියල.
Deleteඑතකොට කින්නියාව පැත්තේ කට්ටිය හැලපයාට කියන්නේ රාහුමාන් මාස්ටර් කියලා ????
ReplyDeleteමට හිතිච්ච් දේම ඇයි උඹට හිතුනේ ? හිතුනට මම කිව්වේ නෑනේ හිටං.
Deleteඕං මඩයෝ ටික ඇවිත්.තොපිට කතා ලියන මට මඩු වලිගෙන් තලන්න ඕනෑ.
Deleteඅම්මපා කියහන්
ReplyDeleteමොනාටද බං.
Deleteඇයි බන් අයියෙ ඔයවගෙ කතාවක් කිවුවහම අහන්නෙ අම්මප කියහන් කියල
Deleteඅන්දරේ කීවලුනෙ කයියක්..
ReplyDelete"රේණු නැති මලකි කලියුගයට පිපුනේ" කියලා
දෙමළෙන් පරිවර්තනය උනා කියලා දැනෙන්නෑ..
කුලක.. පාඩමේ 'අන්නෝන්‍ය වශයෙන් භහිශ්කාර' කියලා දෙන්න ඇති.. හෙහ් හේ...
ෂෙහ් ගස් ලබ්බාත් දන්න කවි අම්මපා.
Deleteතැන්ක්ස්.
අන්තිම කථාව නම් පට්ටයි...ඒක මුලින්ම ඇහුවෙ..අපේ ගෙවල් කිට්ටුව සරුවට ගෙඩි හැදෙන ජම්බු ගහක් තිබුනා. ඒ ගෙදර කෙල්ලොම 4 දෙනයි. බාල කෙල්ල මට වඩා වසරක් බාලයි. ඒකි දවසක් මම ඒ පැත්තට යද්දි ජම්බු ගහේ...කෙල්ල මට ගහ යටට එන්න කියලා ජබ්බු දානවා පහලට...මමත් උඩ බලාගෙන ජම්බු අල්ල අල්ල හිටියා...ටිකකින් කෙල්ලගෙ අම්මා ආවා....ආවේශ වෙලා වගේ...
ReplyDelete// බැහැපිය බිමට.....තෝ කෙල්ලෙක්ද....කොල්ලෙක් ගහ යට ඉද්දි ගස් බඩගෑවෙ...//
අන්න එහෙමයි දෙබස....මේ කියපු නගා අද ජීවතුන් අතර නෑ.
ටිකක් වෙලා යද්දි කෙල්ල දාන දාන ජම්බුව සිරා අත අරිනවලු.බලපුවාම මූ උඩ පෙනෙන වෙන මොකද්ද දිහා බලං ඉඳලා.කෙල්ලගෙ අම්ම දෙන්නටම ගහල පැන්නුවලු.
Deleteඋඹෙ කතා සෙට් එක කියෙව්වම මට මතක් වෙච්චි කතා.
ReplyDelete"කොහොමද මගේ ජම්ප් එක ආච්චි"
"අම්මට හුඩු සපත්තුව ඉරිලනෙ"
තව ඔය තොඩෛ වගේ කතාවක් තියෙන්නෙ "මේ බලන්න මහත්තයො..මේ..මේ මෙන්න අම්පාර" කියල.
ජම්ප් එක කතාව දන්නව.අනික්වා නොදනිමි.පුළුවන් නං බ්ලොගේ ලියහං.
Deleteඔය අන්තිම කතාව මාත් අහලා තියෙනවා. ඒක සමාජගත යාන් එකක්. කවුරුහරි ඒක මාස්ටර්ගේ නමට ඈඳන්න ඇති. අනෙක් කතා ඇත්ත වෙන්න පුළුවන්. හැමදාම වගේ රසවත්ව ලියලා තියෙනවා හැලපේ. හැමදාම මම ඔයාගේ පෝස්ට් කියෙව්වත් කොමෙන්ට් දමන්න වෙලාවක් නෑ. එතකොට අර අම්පාරෙ කතාව අපි හමුවුණු දවසක කියන්නම්. අම්පාර තියෙන්නේ මඩකලපුවට පහළින් බව දැනට මතක තියාගත්තම ඇති.
ReplyDeleteඅගය කිරීම ගැන ස්තූතියි නිලුක.අම්පාර කතාව දැන් මට ලාවට වගේ හිතාගන්න ඇහැකි.හමුවුන දවසක කතාව කියන්න.හමුවෙන බව දන්නවා හැබැයි කවදා හමුවේවිද දන්නෙ නෑ.එහෙම නේද?
Deleteමෙහෙම යනකොට රහුමාන් මාස්ටර්ගේ කතා ඉවර වෙච්චි දවසට ඇම්ඩන්ටත් එන්න කියයි වගේ :)
ReplyDelete