අනුන්නෙ ගෑණු පස්සෙ ගිහිං ඔලුවෙ කොච්චි අතුල්ලෝ ගත්තට අමරය කියන්නෙ සුන්දර මිනිහෙක්,හිතුනු දේ කිව්වා හිතුනු වෙලාවට වැඩ කළා, හැබැයි තරමක ආඩම්බර කමකුත් තිබුණා එහෙම කියන්නෙ දවසක් මම අමරයට ලෑලියි ඇඩ්වාන්ස් එක හැටියට සල්ලි රුපියල් සීයකුයි දීල පොත් රාක්කයක් හදල දෙන්න කිව්වා,මගේ ළඟ තිබ්බ පොත් ටික දාන්න ඒ කාලෙ එච්චර පොත් තිබ්බෙත් නෑ ටිකයි,සතියක් දෙකක් ගියාට මු හදල දෙන පාටක් නෑ දවසක් අමරයව පාරෙදි හම්බවෙලා මම දොස් කිව්වා,මොකුත් නොකිය යන්න ගියපු අමරය ටිකකින් ලෑලි ටිකත් කරගහගෙන අපේ ගෙදර ඇවිත් ලෑලි ටික මිදුලෙ අත ඇරල රුපියල් සීයත් මට ආපහු දීල,
වෙන කාටහරි කියල හදෝගන්න මහත්තයො...
කියල යන්න ගියා අමරයගෙ හැටි එහෙමයි,දවසක්දා අමරෙගෙ ලොකු කොල්ල කුමාර මට කතාවක් කිව්වා කුමාර මතකනෙ අර ඔලුවට හුංගො ඇන්න එකා,අප්පට හුඩු මුං තාත්තල පුතාල ඔක්කොගෙම ඔලුවලට අපලයි බලාගන ගියාම,හුංගො ඇනපු වෙලේ ඔලුවෙන් වැඩක් ගන්න බැරිවෙයි කියල මු විස්සෝප වෙවී හිටියට පස්සෙ පස්සෙ ගාණක්වත් නැතුව හිටියෙ, ඔන්න දවසක් කුමාර මලක් ගහන්න හිතාගන හවස් අතේ සයිකලෙත් තල්ලු කරගෙන එළියට බහිද්දි අමරය වඩු බංකුවෙ වැඩලු...
වැඩක් නෑ බං ගියාට බඩු නෑ,මාත් ගිහිං ආවෙ...
අමරය කිවම කුමාරයට විළි ලජ්ජාවෙ පණ ගියාලු,ආයෙම දවසක කුමාරය වැලක් බලන්න ගිහිං ඉඳගෙන ඉන්නවලු,ඒ කාලෙ ආගිය අතේ වැල කෑලි තිබුනෙත් නෑ ඩෙක් ප්ලේයර් තිබුනෙත් නෑ,ටවුමෙ රණතුංග කඩේ උඩ තට්ටුවෙ හොරෙන් වගේ වැල පෙන්නුවා,මාකට් එකේ උනුයි,නගර සබාවේ වැඩකරන උනුයි වගේ තව තව අපතයො ටිකක් වැල බලන්න හවසට ඔතෙන්ට රොක්වෙනවා,කුමාරයත් ගිහිං ඉඳගෙන ඉන්නවලු මු මාත් එක්ක හිනාවෙවී කියනව...
එක පාරට තාත්ත සිකරැට් එකකුත් ඇදගෙන ඇතුළට ආවා,ලයිට් නිමල තිබුන හින්ද පොර මාව දැක්කෙ නැතුවට මට හොඳට පෙනුණා,ඉඳගන්න ඇරල මම සිං සිං ගාල මාරුවෙලා ආවා...
අපේ ගමේ ඉඳල ලඟපාත ගමකට දීග ගිය ඉස්තිරියාවකගෙ දුවෙකුත් එක්ක කුමාරයගෙ පළහිලව්වක් තිබුණා ඒ ලෙවල් ක්ලාස් යන කෙල්ලක්,ඔය කතාව කෙල්ලගෙ දෙමව්පියන්ටත් කණින් කොනින් ආරංචිවෙලා තිබ්බට ඉස්තීරෙටම දැනගන්න විදියක් තිබුනෙ නෑ, මූව අහුවුණොත් හමගහනව කියල කෙල්ලගෙ තාත්ත බේකරියෙදි කියල තිබුණා මිනිහටත් කේන්තියි ඇයි යකෝ අපතයන්ට කෙල්ලො දෙන රටක් තියෙනවෑ,ඔන්න ඒ අවුරුද්දෙ වැලන්ටයින් දවසත් ආවා ඒ උනාට මොකද දැඩි රැකවල් මැද හිටපු කෙල්ලව මුණගැහෙනව තියා මුණ බලාගන්නවත් කුමාරට පුළුවන්කමක් තිබුනෙ නෑ,ඒ වුනාට කුමාර ඔය වගෙ බාධාවලින් පස්සට යන එකෙක් නෙවෙයි එදා රාත්තිරියෙ කරුවල වැටෙන්න ඇරල කුමාර රතු රෝස මලකුත් අරං කෙල්ලගෙ වත්තට පැන්නා. අඳුරෙ ගස්වලට මුවාවෙමින් කොහොමහරි කෙල්ලගෙ කාමරේ ජනේලෙ ලඟට සේන්දු වුන කුමාරව ගෙදර කාටහරි ඇස්සර වැටුණා,අල්ලපියව් හොරෙක් කියල ගෙයි ලයිට් දාල පොලු මුගුරු අරං ගෙදර අය මුගේ පස්සෙ අඹන්න තියාගත්තම කුමාරය මෙලෝ සිහියක් නැතුව වැටෙනුත් පැනල ආත බුත කඩාගෙන පන්නපු උන්ගෙනුත් බේරිලා හැතැප්මක් විතර මරු විකල්ලෙන් දුවගෙන ඇවිත් දුකසේ ගෙදරට ලඟාවෙද්දි රතු රෝස මල තාම අතේලු හැබැයි දුවපු වේගෙට මලේ පෙතිටික හැලිල දණ්ඩ විතරලු...
අපේ ගමේ ඉඳල ලඟපාත ගමකට දීග ගිය ඉස්තිරියාවකගෙ දුවෙකුත් එක්ක කුමාරයගෙ පළහිලව්වක් තිබුණා ඒ ලෙවල් ක්ලාස් යන කෙල්ලක්,ඔය කතාව කෙල්ලගෙ දෙමව්පියන්ටත් කණින් කොනින් ආරංචිවෙලා තිබ්බට ඉස්තීරෙටම දැනගන්න විදියක් තිබුනෙ නෑ, මූව අහුවුණොත් හමගහනව කියල කෙල්ලගෙ තාත්ත බේකරියෙදි කියල තිබුණා මිනිහටත් කේන්තියි ඇයි යකෝ අපතයන්ට කෙල්ලො දෙන රටක් තියෙනවෑ,ඔන්න ඒ අවුරුද්දෙ වැලන්ටයින් දවසත් ආවා ඒ උනාට මොකද දැඩි රැකවල් මැද හිටපු කෙල්ලව මුණගැහෙනව තියා මුණ බලාගන්නවත් කුමාරට පුළුවන්කමක් තිබුනෙ නෑ,ඒ වුනාට කුමාර ඔය වගෙ බාධාවලින් පස්සට යන එකෙක් නෙවෙයි එදා රාත්තිරියෙ කරුවල වැටෙන්න ඇරල කුමාර රතු රෝස මලකුත් අරං කෙල්ලගෙ වත්තට පැන්නා. අඳුරෙ ගස්වලට මුවාවෙමින් කොහොමහරි කෙල්ලගෙ කාමරේ ජනේලෙ ලඟට සේන්දු වුන කුමාරව ගෙදර කාටහරි ඇස්සර වැටුණා,අල්ලපියව් හොරෙක් කියල ගෙයි ලයිට් දාල පොලු මුගුරු අරං ගෙදර අය මුගේ පස්සෙ අඹන්න තියාගත්තම කුමාරය මෙලෝ සිහියක් නැතුව වැටෙනුත් පැනල ආත බුත කඩාගෙන පන්නපු උන්ගෙනුත් බේරිලා හැතැප්මක් විතර මරු විකල්ලෙන් දුවගෙන ඇවිත් දුකසේ ගෙදරට ලඟාවෙද්දි රතු රෝස මල තාම අතේලු හැබැයි දුවපු වේගෙට මලේ පෙතිටික හැලිල දණ්ඩ විතරලු...
සිකුරාදාවල හවස් අතේ රාජත් එක්ක සුන්දර සන්ධ්‍යාවන් ගත කරපු කාලයක් මටත් තිබුණා,ඒ මම ඉන්දියාවෙ ඉඳල ආපහු ඇවිත් තව කොහෙද යන්න ලෑස්ති වෙමින් බොහොම සැහැල්ලුවෙන් කාලය ගත කරපු සමයක්,ඒ වගේම තමන්ගෙ බිරිඳ ගෙදරින් එළවල දාපු රාජගෙ පවුල් ජීවිතේ දැඩි අර්බුදයකට ලක්වෙලා තිබුණු සමයක්,මගෙ හිතේ සැහැල්ලුවත් රාජගෙ හිතේ බරත් යන දෙකම අපි දෙන්න බෝතලයක් හරහා විඳගත්තා,බලන්න මේ බෝතලේ කියන අරුම පුදුම වස්තුව දුකටත් සැපටත් දෙකටම එකම වෙලාවෙදි සමව පිහිට වෙන ආකාරය,ඉතිං රාජා ගැන කතා කියනවනං පන්සිය පනස් ජාතකයට තව කීපයක් වැඩියෙන් ඇති, අපි දෙන්න බෝතලේකට සැට්වෙන හැමදාම ටිකක් වෙලා යනකොට කුමාරත් ඔතනට පාත්වෙනවා,මු ඇවිත් බෝතලෙත් වැඩි හරිය බීල බයිට් ටිකත් ඔක්කොම කාල ජොලියෙ යන්න යනවා...
හැබෑටම රාජ අපි බොන්න ගන්නකොටම මු කොහොමද එන්නෙ හරියට අංජනම් බලල වගේනෙ...
මම රාජට කිව්වම රාජත් මේ වැඩේ ගැන පුදුමවුනා,ආයම දවසක හවස අපි දෙන්න බොන්න පටන් ගත්ත විතරයි...
මුගෙ අම්මට අන්න මු අදත් එනවා...
රාජ කියනව,බලපුවම කුමාර හිමිහිට කන්ද නැගගෙන එනව පේනවා...
ඕකට හොඳ වැඩක් කරමු,ඔයා කාමරේ ඇතුළට යන්න...
රාජ මාවයි බෝතලෙයි ඉස්තෝප්පු කාමරේට දාල දොර වැහුව,වහල මිදුලට ගිහිං මල් පාත්තියක තණකොළ ගලවන්න ගත්තා,කුමාරය ඇවිත් රාජත් එක්ක කයිය ගහ ගහ ඉන්නව මම කාමරේ හිරවෙලා,දාඩියයි ඒ මදිවට මදුරුවො කනව සද්ද කරන්නත් බෑ හොඳම පනිෂ්මන්ට් එක...
අහවලා මේ පැත්තෙ ආවද...
පැයකට විතර පස්සෙ කුමාර අහනව...
නෑනෙ ඇයි...
නෑ මේ සෙරෙප්පු දෙක තියෙන නිසා ඇහුවෙ...
අප්පට හුඩු මගෙ සෙරෙප්පු දෙක එළියෙ,හාමුදුරුවරු දාන විදිහෙ හං සෙරෙප්පු දෙක වෙන කවුරුවත් ඒ විදිහෙ සෙරෙප්පු දාන්නෙ නැති නිසා කොල්ලො ඔක්කොමල මගේ සෙරෙප්පු දෙක හොඳට දන්නව...
රාජටත් කටඋත්තර නෑ...
ආ ඔය ඊයෙ ආපු වෙලේ අමතක වෙලා ගිහිංද කොහෙද...
එහෙම කියල රාජ ජාම බේර ගත්තට කුමාරයව ඕවගෙන් තම්බන්න බෑ,තවත් පැයක් දෙකක් අනං මනං කියෝ කියෝ ඉඳපු කුමාරය හොඳටම රෑ වෙලා යන්න ගියෙ අපේ හැන්දෑව නැත්තටම නැති කරල දාලයි...
හැබැයි අපි දෙන්න ඒක එතනින් ඇරියෙ නෑ කුමාරය හරි වෙලාවට එන්නෙ කොහොමද කියල හෙව්වා,වැඩේ වෙන්නෙ මෙහෙමයි මම හවසට රාජලගෙ ගෙදර යන්නෙ අමරෙගෙ ගෙවල් ලඟින්,මු මේක නෝට් කරල මම ගිහිං පැයක් හමාරක් යන්න ඇරල බොන්න පටන් ගන්න ඇති කියල හිතෙන වෙලාවට හිමිහිට රාජලගේ ගෙවල් අතට සේන්දු වෙනව,කලින් ආවොත් බෝතලේට කන්ට්‍රිබියුට් කරන්නයි නොයෙක් වැඩනෙ, නමුත් මේ විදියට එහෙම කිසි කරදරයක් නෑ වියදමකුත් නැතුව බඩ පිරෙන්න බොන්නත් ලැබෙනව කොහොමද කුමාරයගෙ මොළේ,මේ වැඩේ දැනගත්ත ගමන් අපි දෙන්නත් කුමාරයව නියමෙට රැග් කළා...
අමරයට වෙච්ච තව වැඩක් මතක් වුණා,ප්‍රේමදාස මහත්තය ජනාධිපති කාලෙ සාක් සමුළුවක් ලංකාවෙ පවත්වන්න යෙදුනා මයෙ හිතේ අනුඑකේ ද කොහෙද,මම ඒ කාලෙ වැඩකළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙයි සාක් එකේ අපේ දෙපාර්තමේන්තුවටත් වැඩ කොටසක් තිබුණා,මොකද්ද කිව්වොත් සාක් රටවලින් සහ වෙනත් රටවලින් එන පුවත්පත් කලාවේදීන්ට(දැන්නං මාධ්‍යවේදීන් නොවැ නමුත් ඒ කාලෙ පුවත්පත් කලාවේදීන්)ගුවන් තොටුපොළෙන් රටට ගොඩ බැස්ස වෙලාවෙ ඉඳන් ආපහු පිටත්වෙන වෙලාව වෙනතෙක් අවශ්‍ය සියළුම පහසුකම් සැලසීමයි,මේ වැඩේ සෑහෙන බරපතල කාර්යයක් නිසා සාකච්ඡා සම්මන්ත්‍රණ ගණනාවක් තියල කොමිටි පත්කරල බාරදී ඇති රාජකාරිය සාර්ථක කරගන්න දිවා රෑ නැතුව අපි වෙහෙසුනා,දෙපාර්තමේන්තුවේ වාහන ප්‍රමාණවත් නැති නිසා වෙනත් අමාත්‍යංශ දෙපාර්තමේන්තු වලිනුත් වාහන ලබාගත්තා,කොමිටි පත්කරද්දී මාව දාල තිබ්බේ සහායක කාර්ය මණ්ඩලයට කෑම සැපයීමේ කොමිටියටයි අමාරුම ජොබ් එකක් මොන විදියට කෑම දුන්නත් අපේ උන් සෑහීමකට පත්කරන්න බෑ,ඔෆිස් එකේ උන් කිව්වෙ කුසගිනි කොමිටිය හෙවත් සාගිනි කොමිටිය කියලයි,මාත් එක්ක වීරතුංගයි සුමනෙයි, ගෝලයො හැටියට තව දෙන්නෙක් දීල තිබුණා ප්‍රවාහනයට රියදුරෙක් එක්ක පුරාවිද්‍යාවේ පැජරෝවකුයි සන්නිවේදනයට කුලියට ගත්ත ගඩොල් ගෙඩියක් සයිස් සෙල්ටෙල් එකකුයි ලැබිල තිබුණා,එතකොට කෑම ගත්තෙ දෙපාර්තමේන්තුව හැමදාම ගනුදෙනු කරපු අපට අසීමිත ණය පහසුකම් ලබාදී තිබුණු කොම්පඤ්ඤ වීදියෙ එලිපන්ට් හවුස් එකේ පවුන්ටන් කැපේ එකෙනුයි...
මේ සියල්ලක්ගෙන්ම සන්නද්ධ වුනු අපි සාක් සමුළුවට සති දෙකතුනක් තියාම කෑම සැපයීම පටන්ගත්තා,ඒ අපේ ඔෆිස් එක සහ උදව්වට ඇවිත් හිටපු වෙන වෙන ඔෆිස්වල සහ පොලිසියෙ අයටයි,ඒ දවස්වල වැඩ ඉවරකරල අපි කොළඹින් පිටත්වෙද්දි රෑ අට නවය වෙනවා ගමන මෙහෙමයි ඉස්සෙල්ලම ගම්පහ පළාතෙ පදිංචිවෙලා හිටපු වීරෙව ගෙදර බස්සනවා ඊට පස්සෙ මම ඊළඟට ඌරපොළ හිටපු සුමනෙ, සුමනෙව ගෙදර බස්සල රියදුරා වාහනෙත් අරං රුග්ගහවිල ඔහුගෙ ගෙදර යනව,ආයෙ පහුවදා උදේටත් ඒ විදියටම අපිව එකතුකරගෙන කොළඹ යනවා...
කොළඹ නගරය පහුවෙද්දීම බෝතලයක් වාහනේට දාගෙන මගින් ආප්පත් අරං, කොහොමත් ගෙදර එන්න එන ගමනනෙ වෙලාවක් කලාවක් හොයන්නෙ නෑ අපේ රස්තියාදුවට රියදුරාට මල පනී කියල ඌට කලින්ම කන්න අරං දීල ගෙදර ගෙනියන්නත් පාර්සලයක් හදල දෙනවා,වීරෙලගෙ ගෙදරට ආවහම අපටත් බහින්න කියනව උන්ගෙ ගෙවල් ගම්පහ කිව්වට ටවුමෙ නෙවෙයි ගොඩක් ඇතුළට වෙන්න තියන සරුසාර පොල් කෙසෙල් අන්නාසි ආදී වගාවන්ගෙන් හා ඇළ දොළ බවබෝග හරකබාන වතුපිටි වලින් පිරුණු ශාන්ත සුන්දර ගම්මානයක පිහිටල තිබුණා, මම ජීවිතේ පළවෙනි වතාවට හල් ගුටි කෑවෙ වීරෙලගෙ ගෙදරින් මාර රහයි, හල් ගුටි කියපුවම ඒ මොන ගුටි ජාතියක්ද කියල බොලා අහයි,හල් ගස් තියෙනවනෙ ඔය හල් ගහේ ගෙඩි තලලා සුද්ද කරලා එව්ව හෙන තිත්තයි ඉතිං තිත්ත යන්න හල් ගෙඩි ටික රැයක් වක්කඩේ බඳිනව මම කල්පනා කලේ අපේ වැඩිහිටියො මොන තරං අපුරු නිර්මාණශීලී සොයාගැනීම් කරලා තියෙනවද කියලයි වක්කඩෙන් රෑ දවල් නොනැවතී එක දිගට වතුර ගලන නිසා ඔවුන් හල් ගෙඩිවල තිත්ත අරින්න ඒ වක්කඩෙන් ගලන වතුරෙ බැඳල තිබ්බා,ඊට පස්සෙ අරගෙන වේලල කොටල පිටි අරගෙන පැණි උනුකරල දාල ඒ මිශ්‍රණය තේක්ක කොළ හරි කැන්ද කොළ වලට හරි වක්කරල වන්ඩු වගේ හුමාලෙන් තම්බ ගන්නව හල් ගුටි කියල කියන්නෙ අන්න ඒ කැවිලි ජාතියටයි හදන හැටි මම ඔය හිතල කිව්වට ඔය වැඩේ කරන හැටි මම දැකලත් නෑ,දැන් වගේ කාලෙක නං වීරෙගෙ නෝනගෙන් කැවිල්ල හදන හැටි මුල ඉඳල අගටම විස්තරේ අහගන්නව ඒ කාලෙ ඕවයෙ ගාණක් නෑ අපි කොල්ලොනෙ කාල රසයි කියල නිකා හිටිය එච්චරයි, ඔය විස්තරේ අපේ ගෙදර මනුස්සය දන්නව ඇති කියල හිතාන දවසක් මම ඇහුවා,එයා කිව්ව විස්තරේ මෙහෙමයි...
හල් කාල නෑ මඩු පිට්ටු රොටී එහෙම නං අම්ම හදල දීල කාල තියෙනව...
ඔය මඩු කඩල ගෙඩියෙ මදේ අරං වේලල දුමේ දාල ටිකක් කල් තියල ඊට පස්සෙ වතුරෙ පොඟවල වංගෙඩියේ කොටල පිටි කරගෙන තනිකර මඩු පිටි ගත්තොත් මත් ගතියක් එන නිසා හාල් පිටි ටිකකුත් කලවං කරනවලු, එහෙම ගන්න පිටිවලින් රොටී පිට්ටු එහෙම හදනවා, හැබැයි මට මඩුවලින් හදන කෑම ජාති මොකුත් කන්න ලැබිල නෑ,දැන් ඔය වැඩ කරන්න කවුරුවත් කරදර වෙන්නෙ නැති නිසා ඉදිරියට කන්න ලැබෙයිද කියල විශ්වාසෙකුත් නෑ,නැහ්නං මඩු ගස් මැන්ඩියක්ම ඔය මනුස්සයලගෙ වත්ත පහළට යනකොට කමත හරියෙ තියනව,කමතට එහයින් වැට ඊට පස්සෙ ලස්සන පැතලි ගල්පොත්තක් ගල්පොත්තේ හැපි හැපී සිලි සිලි ගෑවිල්ලේ ගලාගෙන යන ලස්සන දොළපාර අයිනෙ අතු පතර නමා වැටුණු දැවැන්ත බෝ ගහ,දොළට එහායින් පේන තෙක් මානෙට විහිදුන වෙල්යාය හුළං හමනකොට වෙලේ ගොයං එක පැත්තකට නැළවෙන හැටි බලන්න ලස්සනයි,ඔය ගල්පොත්ත උඩට වෙලා දොළ පාරට කකුල් දෙකත් දාගෙන මටනං ඕනෑ තරං වෙලා ඉන්න පුළුවනි එච්චර සනීපයි කකුල් සීතලට හිරිවැටෙනව පොඩි පොඩි මාළු පැටව් ඇවිත් කකුලට කොටනවා හරියට හීන ලෝකයක් වගේ...
ඔන්න බිරිඳගෙ අම්ම කෙලින් කටිං හිටියනං මට මඩුවලින් කෑම හදෝගෙන කන්න තිබ්බා කොහෙද අම්ම අවුරුදු කීපෙකට කලින් ඇඳට වැටුනනෙ තාම ඇඳේමයි,නැත්නං කාගෙවත් ආඩම්බර බලන්න ඕනැ නෑ අම්ම මට හරි ආදරෙයි කිව්ව ගමන් හදල දෙනවා,දැන් ගෑනු නං කොහොල්ලෑ ගෑවෙනව කියල කොස් කපන්නෙ නෑ ඇඟිලි හම යනව කියල කජු කපන්නෙ නෑ කාටද මේව කියන්නෙ,කජු කපල දුන්නොත් උයල දෙන්නං කියනව,කපල විතරක් දෙන්න ඕනැ නෑ මං උයලම දෙන්නංකො කියල මාත් කියනව හැබෑටම උයල කන්න දෙන එකෙත් ඇති වරදක් නෑ නේද බලාගෙන ගියාම ඇයි යකෝ ජීවිත කාලෙම කන්න අඳින්න දෙනව කියල පොරොන්දු වෙලා ගෑණි ගේනකොට උයල කන්න දෙන එකේ ඇති වැරැද්ද මොකද්ද,ඔය පෝරුවෙදී කවල අන්දවල එහෙම නිරුපනය කරන්නෙ ඒකනෙ,පෝරුව කියනකොට මට පරණ කතාවක් මතක් උනා හැබැයි මේක මටම වෙච්ච වැඩක්...
ඔන්න මගුල් දවසෙ අපි දෙන්න පෝරුවට නැගල ඉන්නව,බතලවත්තෙ මහත්තය හෝ ගාල පෝරුවෙ චාරිත්‍ර කරනව...
දැන් මනාල මහතා විසින් මනාලියට තැළි පිළි පලන්දන වෙලාවයි...
කියල තැළි පිළි පලන්දන වැඩේ අර්තෙ එහෙම කියාපාලා අන්දන්න කියල මට සාරියයි හැට්ටෙකුයි දුන්න,මාත් ටක් ටක් ගාල සාරිය බිරිඳගේ ඉන වටේ පටලෝල හැට්ටෙ කර උඩින් දැම්මා,මොකෝ ඉතිං මම වෙඩින් සිය ගාණක් වීඩියෝ කරන්න ගිහිං ඔය වැඩ කරනව දැකල දැකල පෝරුවෙ චාරිත්‍ර මට මුල ඉඳල අගට අතැඹුලක් සේ කට පාඩම්...
සාරිය හරියට අන්දන්නකො අනේ...
බිරිඳ මට කසු කුසුවෙන් කියනකොට මටත් තදවුනා,ඇයි යකෝ මට සාරි අන්දන්න දැයෙනවැයි මේ ගෑනිගෙ ඔලුව හොඳ නැද්ද කොහෙද...
ඔයාට පිස්සුද රැළි තියල සාරි අන්දන්න ගියොත් ඉතුරු චාරිත්‍ර ටික අද කරන්න හම්බවෙන්නෙ නෑ,අපට දවල්ට කන්නවත් නැතිවෙයි...
මාත් කසුකුසුවෙන් කිව්වා,උදේට යන්තං කිරිබත් කෑල්ලක් කාල ආපු ගමන් මං හරි බඩගින්නෙන් හිටියෙ කන්නෙ කොයිවෙලාවෙද කියල මෙයා මේ පිස්සු කියෝනව...
හා හා ඔය මදෑ කෝ දැන් ඔය ජයමංගල ගාථා කියන ළමයි එන්න බලන්න...
කියල බතලවත්තෙ මහත්තය ඊළඟ අයිටම් එකට ගිය නිසා ඒ වැඩේ එතනින් ෂේප් වුනා,හැබැයි මම ඔය කතාව පස්සෙ උන්දැගෙන් ඇහුව...
මං දන්නවයැ අනේ මොකෝ මං කලින් ඔව්ව කරල පුරුදු එකක්යැ...
කාටද මේව කියන්නෙ ඉතිං ඇයි යකෝ හරියට මම කරල පුරුදුයි වගේනෙ මෙයා කියන්නෙ...
සාරි අන්දන කතාව කියද්දි මට තව අපූරු කතාවක් මතක් වුනා,මේක ශ්‍රේෂ්ඨ ඉන්දියානු පුත්‍රයෙකු වූ කුෂ්වන්ත් සිං විසින් ලියන ලද කතාවක්...
කාලෙකට පෙර මං හිතන්නෙ හැටේ දශකයෙ විය යුතුයි,කුෂ්වන්ත් සිං ලංඩනයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ පී ආර් ඕ හෙවත් මහජන සම්බන්ධතා නිලධාරියා හැටියට සේවයේ යෙදී සිටියා,දවසක්දා ඔහුට අවමංගල්‍ය අධ්‍යක්ෂ සමාගමකින් හෙවත් මල් ශාලාවකින් ලිපියක් ලැබුණා, අවමංගල කටයුතු කරන්නට තම සමාගමට මුදල් ගෙවා තිබු ඉන්දීය ජාතික කාන්තාවක් මියගොස් ඇති බවත් ඇයගේ අවසාන ඉල්ලීම අනුව මංගල සාරිය මෘත දේහයට ඇන්දවිය යුතු බව හා සාරිය ඇන්දවීම සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්නයකට මුහුණපා ඇති බව ඒ ලිපියෙන් කියවුනා,මෙම කාර්යය සඳහා ඔබගේ සහයෝගය ඉතා ඕනෑකමින් බලාපොරොත්තු වෙමු කියලත් ලිපියෙ ලියල තිබුණා...
කුෂ්වන්ත් සිං මේ ලිපියට හැරෙන තැපෑලෙන් පිළිතුරක් යැව්වා...
ප්‍රිය මහත්මයාණෙනි,
ඔබගේ ....... දිනැති ලිපියෙන් කරන ලද කරන ලද ඉල්ලීම සම්බන්ධයෙනි,
ඉල්ලා තිබු උපකාරය කීරීමට නොහැකිවීම ගැන කණගාටුව පළකරන අතර,සාරි ගැලවීම සම්බන්ධව මාහට යම් පළපුරුද්දක් ඇතත් සාරි ඇන්දවීම ගැන කිසිම අත්දැකීමක් නොමැති බව ඉතා නිහතමානීව දන්වා සිටිනු කැමැත්තෙමි.
ස්තූතියි,
මීට විශ්වාසී
කුෂ්වන්ත් සිං
මහජන සම්බන්ධතා නිලධාරී
මහ කොමසාරිස් වෙනුවට.
ප.ලි :උඩ ඇත්තේ මඩු ගසක පිංතූරයකි,හල් ගසක පිංතූරයක් සොයා ගන්නට කොතෙකුත් උත්සාහ ගත්තද සොයා ගැනීමට නොහැකි විය.
හල් කිව්වාම මතක් වුණේ එක සැරයක් අපි කළුතර ගෙදර ගිය වෙලාවක එහේ කෙනෙක් අපේ තාත්තාට ඔය හල් ගැන කිව්වා හල් ගස් ලොකු ගස් නේ ගෙඩිත් සමානයෙන් ලොකුයි නිකන් කොකොවා ගෙඩි වගේ පොඩ්ඩක් ,කොම හරි ලොකු හල් ගෙඩි මල්ලක් දුන්නා ගෙන්න අපි දෙන්නා එක ගෙනත් අම්මට දුන්නා හල් වලින් කෑමක් හදන්න ,අම්මා කිව්වා සුද්ද කරලා දෙන්න හදන්න කියලා ඔය හල් ගෙඩි මුලින්ම උඩින් කුරුට්ටලා සුද්ද කරන්න ඕන නේ අපි දෙන්නට ටික වෙලාවක් යනකොට හල් එපා වුණා හල් කෑම....මඩු පිටි වගේම කිතුල් පිටිත් හරිම රසයි ....මගුල් ගෙවල් වල මල් කුමාරයින්ට ඉන්න ඒ දවස් වල මං පොරට කතා කරනවා පවුලේ හිටපු එකම කොල්ලා නිසා , එක සැරයක් ඇන්දා අර නිලමේ ඇදුම ,අයියෝ ඒ වගේ ඇදුමක්... එතුවා රෙදි යාර කියක් ද මන්දා ඊට පස්සෙ මොකක්ද කූරක් ගැහුවා බඩට ,ශුවර් එකටම මනමාලයෝ ඔය ඇදුම ගලවපු ගමන් යන්නෙ සූ කරන්න වෙන්න ඕන අයේ මල් කුමාරයන්ට නම් ගියේ නෑ .....
ReplyDeleteඅර සාරි අදින එක මං නම් දැකලා තියෙන්නෙ නිකන් වටයක් පටලවලා දාන එකක් නේ ,හැලපේත් සාරි ගලවන්න මිසක් අන්දවන්න දන්න පොරක් නෙවෙයි ??????????????
ඔක්කොම සාරිත් හරි හනිමූන් දවසෙ සාරිය ගලෝන එක තමා වැඩේ බං.. මං හිතන්නෙ මුලු ලෝකෙම තියන කොන්ඩ කටුයි හැට්ටකටුයි එදාට ගහනවා මනමාලිගෙ ඇඟේ.. අඩුම කිලෝ තුනක් වත් ඇති.
Deleteඅම්මප ඒ වෙලාවෙ අන්දපු එකා අහු උනානං ඌගෙ $#@$& %$#@& %$$%%ඩ !!!!!!
සහෙන හදිස්සි වෙලවක අරවා ගලවන්න වෙන එකත් ඉවසීම මනින ක්‍රමයක් ද දන්නෙ නෑ හැක් .....මට නම් තවම ඔය ගැන දන්නෙ නෑ අත එනමුත් පින්වත ඒ ගැනත් .....
Deleteඒකතමයි බොලව් දැන් ගොයින් අවේ කියලා,රෙද්ද අතේ අරන් යන්නෙ හරි,බාග ගවුමක් බස්සන්නෙ හරි.
Deleteසහෝ,
Deleteඅනේ අපි අන්දන සාරි,ඔන්න ගලවන්න කිව්වනං එහෙං මෙහෙන් ගලෝල දාන්න බැරුවයැ,පෝරුව උඩදීත් නිකං පටලනව ඇරෙන්න වෙන මුකුත් කරන්නෙ නෑ.
පත්තරේ,
Deleteකටු කිලෝ තුන හතරක් ගලෝන කල් උඹ ඈනුම් ඇර ඇර බලං හිටියද බං.
මල්මි,
Deleteරෙද්ද අතේ අරංයනවද මරුනෙ අප්පා,මං ඔයවගක් දන්නෙ නෑනෙ.
පුදුමයි හැලප නොදන්න එක....
Deleteපත්තරයො...උඹ ඔය විදියට කිලෝ 3 ක කටු ගැලෙව්වෙ දන්සැලෙන් සෙට් කරගත්ත නංගිගෙ වෙන්න ඇති....
DeleteThis comment has been removed by the author.
Deleteඒවයි කෑලිත් නෑ සිරෝ.. :D
Deleteනිළමේ,
Deleteඔබ මේ බ්ලොගේදි දැක්කමයි,කොහොම උනත් ආදරයෙන් පිළිගන්නවා.
අද නං ආතල් කෝටියයි හැලපයියේ .. :D චැහ් ආතල් තාත්තෙක්නෙ පොර.. අපිට වගේ හිටියෙ නෑනෙ . චැහ්. කොච්චර ලේසිද බලන්ඩ !!!
ReplyDeleteමාත් නොමැරි බේරුනා ඔහොම පාඩං කරන ගෑල්ලමයගෙ කාමරේට කොටු පනින එකෙක්ගෙ බයික් ඩැයිවර් වැඩේ කරන්ඩ ගිහිං :D
උඹ කලේ ඩැයිවර් වැඩේද? මඟියාගෙ වැඩේද? මට නම් සැකයි. :D
Deleteඩැයිවර් බොල ඩැයිවර් .. උගෙත් නෙවෙයි උගෙ අයියගෙ ඒක.. සෙල්ලං නෑ baja 250 ට්‍රේලක් ..අරූ කාමරෙ ඉද්දි ගෙදර එලියෙ ලයිට් එකක් පත්තු උනා... මං කික් එක උඩ හිටගත්ත බොල බය උන පාර, හෙන ගහන්න වගේ ඒකෙ සද්දෙට ගමම ඇහැරෙන්ඩැති මහ පාන්දර.තප්පරයක් ගියෙ නෑ අරූ පිටිපස්සෙ සීට් එකේ.. ඇරියා ඇරිල්ලක් මං හිතන්නෙ පස්ට් එකේ ගෙදරම එන්ඩැත්තෙ අපි :D
Deleteඅන්න බලපං පත්තරයො මොන තරං ආදර්ශමත් තාත්තෙක්ද,ඒ මදිවට සහජීවනය.ඔන්න ආදර්ශයට ගත යුතු තැන්.
Deleteප්‍රියා,
Deleteනෑ බං ඌ අවංකවම යාලුවට උදව් කිරීමේ සිතින් යන්න ඇත්තෙ.
බයික් එකට උන ටික හිතා ගත්තෑකි පත්තරේ.
Deleteහැලප අයියෙ. මූත් හොද කළ්‍යාණ මිත්තරයෙක් තමා.
ආයෙ මොනාද බං.. ගියෙ බයික්කෙ ආවෙ ජෙට් එකේ :D
Deleteඔබතුමා කියපු කාම ජාති ටිකනම් හරෝම අගෙයි, අපේ අම්මත් ඔය එක එක ජිල්මාට් දාලා එක එක ඒවා හදනවා, හුගක්ම පුංචි අම්මලා අවම එයාලම උස්සන් එන ඒවගෙන් එක එක කාම හදනවා, ඒවගෙන් මගේ ප්‍රියතම කෑමක් තමා ගොටු පිට්ටු, ඔබ තුමා දන්නවත් ඇති, ඒවා හදන්නේ අලුත්ම කුරක්කන් පිටි වලින් පිට්ටු මිශ්‍රණය හදලා තව වෙනම පොල් පැණි ටිල්කක් හදාගෙන අමු කොස් කොලවලන් ගොට්ටක් වගේ හදලා ඔය පිට්ටු මිශ්‍රණයයි පොල් පනියි දාලා වන්ඩුවේ තඹ ගන්නවා. හ්ම්ම් අර කොස් කොලෙන් එන සුවඳත් එක්ක අමුතු රහකුයි තව අලුත්ම කුරක්කන් වල තියෙන කිරි රහයි එක්ක බද පැලෙනකන් කන්න පුළුවන්. ඔබතුමාගේ පෝරුවේ වැඩේනම් හිනා යනවා, අනේ මාත් ඔය කට්ට කෑව පෝරුවේ නගින නැතිව දෙවැනි මනමාලයෙකුට ඉඳලා නිලමේ ඇඳුමෙන්, කන්නත් නෑ, මනමාලිට මල් දෙන්න ගිහින් එතනත් නාල අන්තිමේ බඩගින්නේ වේලි වේලි පොටෝවලටත් ඉඳලා මාරම කට්ටක් කෑව. අනේ අර කට්ටිය සෙට් වෙනකොට එන අපතයට දුන්න රග එක මොකක්ද?
ReplyDeleteමෙන්න මම නොදන්න අලුත් පිට්ටු වර්ගයක්,මේ වගේ කතා ලියද්දි අපි නොදන්න ගොඩක් දේවල් මතුවෙනව සහ කියැවෙනවා.ඇයි සීනි පිට්ටු කියල රසකැවිලි වර්ගයක් තියෙනව දන්නවද.වෙලාවක පිට්ටු ගැනම පෝස්ට් එකක් ලියන්න හිතයි.
DeleteBattaramulla diyatha uyane thiyena deshiya kama kade gotu pittu, wandu aappa ehema thiyenawa. Ganath saadaranayi.
Deleteහප්පේ හල් පිටි මඩු පිටි ගැන කණිං කොණිං අහල තිබ්බට මොකද කවදාවත් කාල නෑ නෙව ඒවයින් හදපු කෑමක්...
ReplyDeleteඅර කියන්නහෙ දැං ඉන්න අය ව කරන්නත් වස කම්මැලී නෙව...
කුෂ්වන්ත් සංගෙ ලියුම තමා ලියුම
ඔය කට කුමටැයි....හොයාගෙන කලා බලන්න වටිනවා ...
Deleteදැන් ඉන්න කාන්තාවො ඔය අමතර වැඩ කරන්න කම්මැලි නිසා අපට ඒ කෑම ජාති නැත්තටම නැතිවෙලා යනවා.ඔන්න ඔහොමයි කතාව මහේෂ්.
Deleteඕව ඉතින් කාන්තාවොම ලව්වා උයවගන්න ඉන්න එකේ නරකද ඕගොල්ලෝ පොඩ්ඩක් ට්‍රයි කලොත් .අනික හල් බඳින්න ගලා යන පිරිසිඳු වතුර කොහෙද දැන් .
Deleteබින්දී,
Deleteඅපටත් පුළුවන් බැරිකමක් නෑ නමුත් අර කතාවටත් කියල තියෙන්න වගේ ඔව්ව හදන්න ඕනෑන්නෙ වළලු දාපු අත් වලින්ලු.හල් බඳින්න පිරිසිදු වතුර නැති එකද දැන් ප්‍රස්නේ,කෙළින්ම කුස්සියෙ ටැප් එකේ බඳින්න,ඉවරනෙ කතාව.
//////හල් බඳින්න පිරිසිදු වතුර නැති එකද දැන් ප්‍රස්නේ,කෙළින්ම කුස්සියෙ ටැප් එකේ බඳින්න,ඉවරනෙ කතාව.///////
Deleteඇයි උඹද බින්දිගේ වතුර බිල ගෙවන්නේ. ඔය මිනිස්සු මූණ කට හෝදගන්නෙත් අර පරිස්සමෙන්.
ලංඩන්වල වතුර ගිණි ගණන් වුනාට වියට්නාමෙ ලාබලු බං,නැතත් බින්දී සල්ලි නැති ඉස්තිරියාවක්යැ.
Deleteටැප් වතුරේ ආසනික් . අපි බොන්නේ බෝතල් වතුර .:D
Deleteහරි අපරාදයක්නේ බින්දී ටැප් වතුර කෑම උයන්නවත් ගන්න බැරිද.
Deleteසෝදන කරන වැඩ වලට ගන්නවා .සමහර විට උයන්නත් ගන්නවා . කොච්චර කියල බෝතල් වතුර ගේන්නද . අනික කඩවල හෙම උයන්නේ ආයේ ටැප් වතුර වලින්නේ . මන් හිතන්නේ අපේ රටෙත් ඔය ප්‍රශ්නේ ඇති . කෘෂිකාර්මික රටවලට වෙච්ච දෙයක් තමයි.
Deleteපෝරුවේ සාරි හරියට අන්දවන්න කියපු සීන් එක කියද්දිම මට මතක් වුනේ සාර් ගැලවීමට ඇති හැකියාව ගැන ;)
ReplyDeleteපව් අර මැරිච්ච එකීට සාරිය අන්දවන්න එකෙක් හිටිය නැති හැටි.. පන තියෙන කාලෙ කීදෙනෙක් එන්න ඇතිද ඕක ගලවන්න...
කුමාරයා උබලව බයිට් කරන්න තමා රෑ වෙනකල් කල් මර මර ඉදල ගෙදර යන්න ඇත්තේ..
උඹත් ඉතා මෑතකදී ගැලවීමට ඇති හැකියාව උරගා බැලු නිසා දක්ෂකම දැනගන්න ඇති නේද.
Deleteපැහැදිලිවම එදා කුමාරයා අපිව බයිට් කළා මොනා කරන්නද.
මෙයා මේ පරණ කෑම ජාති ගැන කියෝලා කට්ටිය අවුස්සල අපිට රැග් එකක් දෙන්න හදන්නෙ.. හි හි.. හොඳ වෙලාවට අපේ මහත්තයා බ්ලොග් බලන්නෙ නැත්තෙ.. මොනවා ගැන කිව්වත් කෑම ගැන තියෙන බ්ලොග් පෝස්ට් ගැන නං හම්මෙ මං කෙල පොදක් හලන්නෙ නෑ උන්දැට.. නැත්තං ඕවා හදලා දෙන්න වෙනවා නෙවෙයි, ඔයා කොහෙද ඕවා හදන්න දන්නෙ.. බොරුවට කට විතරයිනෙ කියල අහගන්න වෙනව... හි හි.. මෙච්චර මේ කෑම ජාති තියෙන රටේ කොහෙවත් නැති වක්කඩවල් වල හල් බැඳ බැඳ කෑම හදපංකො.. මොන පිස්සුවක්ද ....
ReplyDelete( තනිකරම උයන්න කම්මැලිකාරියෙක් හින්ද දාපු කමෙන්ට් එකකි... හි හි...)
හි හි හි...X 10
Deleteඅපේ මහත්තයගෙ මොබයිල් නම්බර් එක දන්නෙ නෑනෙ,හැබෑටම අපේ මහත්තයට ඔය හල් ටිකක් මඩු පිට්ටු එහෙම හදල කන්න දුන්න නං නරකද.හල් තියේනං වක්කඩක් කොහෙන් හොයාගන්න බැරිද.
Deleteමහත්තයට හොදට උයන ගෑනු මනුස්සයෝ වැඩිය අාසරේ කොරන්න දෙන්න එපා.. (නිකං කිව්වේ ඉනාවක්වත් කැව්වොත්!!)
Deleteමඩු දලු කාලා තියෙනවා...හල් ගැන අදහසක් නෑ.
ReplyDeleteමටත් මේක දැක්කාම වැලන්ටයින් කතාවක් මතක් උනා. එක්තරා වැලන්ටයින් දවසක, අපි කෙල්ලෝ කට්ටියක්, අල්ලපු ගෙදරක කොල්ලෙක්ගේ නමට කාර්ඩ් එකකුයි, රෝස මලකුයි එයාලගේ ගෙදර දොරේ එල්ලුවා...එයා උදෙන්ම නැගිටලා පීනන්ට යන වෙලාවට. එදා කරුමෙට වගේ කලින් නැගිට්ටේ එයාගේ තාත්තා...නාඳුනන ගෑනු ලමයෙක්ගෙන් ආපු තෑග්ගට බැනුම් කෝටියයිලු එදා....:)
හල් ගැන නං හිතන්නවත් එපා මොකද කන්න ආස වුනොත් කොහෙන් හොයන්නද,යුරෝපෙ හොයාගන්න ලේසි කෑම ජාති ගැන විතරක් කන්න ආස උනොත් කාටත් ලේසියි නොවැ.නැත්නං ඔහේ ඉඳන් හල් කන්න හිතන එක අර විහාර මහා දේවිට මොනවද කන්න හිතුන එක වගේ තියේවි.
Deleteවිහාරමහ දේවිට ආසාව පහල උනේ බං බාබතුයි මනි පිට්ටුයි කන්ට නෙව.
Deleteතිස්සමහාරාමේ තම්බි කඩෙන් ගිහිං දුන්නෙ උඹ වෙන්ටැ
Deleteමං අහල තියෙන්නෙ බීෆ් කොත්තුවයි කෝක් එකයි කියල :D
Deleteමං ඒ දෙක ම කාල නෑ නොවැ... මොනව වුණත් මරු ලියුම!
Deleteමට ප්‍රශ්නයක් ඇතිවුනා දිලිනි,දැන් ඔයා කාල නැත්තෙ හල් සහ මඩු පිට්ටුද,එහෙම නැත්නං බාබතුයි මනි පිට්ටුයිද,නැත්නං බීෆ් කොත්තුද කෝක් නං බීල නැතෑ.
Delete//වැඩක් නෑ බං ගියාට බඩු නෑ,මාත් ගිහිං ආවෙ...//
ReplyDeleteඅන්න ආදර්සමත් තාත්තල. ඔලුව හුංග විදපු පෝස්ටුව මතක නෑනේ බං. ලින්ක් එක දාපං.
බොන්න ගියාම මඟහරින්න බැරිම ඩයල් එකක් අපේ ලඟත් ඉන්නව. අපි දෙතුන්දෙනා කොච්චර රහසෙ කතාකරල සෙට් උනත් මූ දන්නව.
68.කිරිඅම්මාවරුන්ගේ වරුණ
Deleteඔලුව හුංග විදපු පෝස්ට් එක හොය හොයා දවස් දෙකක් කරක් ගැහුවට හොයාගන්න බැරිවුනා ඒ නිසා නිකම්ම පෝස්ටුව දැම්මා,හොඳ වෙලාවට ප්‍රසා ලිංකුව දුන්නෙ නැත්නං කිරි අම්මලගෙ අස්සෙ මුගෙ ඔලුවට හුංග විදපු එක තියේවි කියල කවුද බං හිතන්නෙ.
Deleteගොඩක් ස්තූතියි ප්‍රසන්න.
මට ඕක දානකොටත් හිතුන හැලෙපෙටවත් ඕක හොයගෙන්න බැරුව ඇති කියල. :D
Deleteදැං ඉන්න ගෑණු කොහෙද මඩු පිට්ටු, හල් පිට්ටු හදන්න දන්නෙ. අනික දැං වක්කඩේ ඕව බැඳල ගත්තොත් එහෙම ග්‍රැමොක්සෝන් කෑව වගේ තියෙයි කුඹුරු වලට ගහන බෙහෙත් වල හැටියට. අපේ පැත්තෙනං කෙරුවෙ නාන වතුර පීල්ලෙ ඕක බැඳල තියෙන එක.
ReplyDeleteඅම්මප කුමාරයයි තාත්තයි නං මාර පොරවල් දෙකක්නෙ. දෙන්නටම තියෙන්නෙ එකම චොයිස් එක වගේ.
අම්මප මට ඔය ග්‍රෑමොක්සොන් කතාව ලියද්දි මතක් වුනා නොවැ,ආයෙම ඒ කතාවට ගියොත් කොහෙ යාවිද දන්නෙ නැති නිසා නොලිය නිකං හිටියා.අපේ පැත්තෙ නාන පීලි නෑ නොවැ.
Deleteමේන් මම ඔය සාරී ඇඳිල්ල ගැන ලියපු එකක්. හැලපේ දැකලා නැතුව ඇති
ReplyDeletehttp://maathalan.blogspot.com/2011/11/wow-u-look-sexy-in-that-dress.html
පොරුවේ චාරිත්‍ර කියන්නෙ නම් සංසාරේ එක්ක එපා වෙන සීන් එකක්. ඒ කාළේ මගුල් ගෙදරක් ප්‍රධානම දේ ඔය පෝරූවේ චාරිත්‍ර තමයි. දැන් නම් හැම එකාම මගුල් ගෙදර යන්නේ පෝරුවේ චාරිත්‍ර ඉවර උනාට පස්සේ. ඒ වැඩේට ඉන්නේ පවුලේ උන් ටික විතරයි. මේ ළඟදි සුද්දෙක් මගෙන් අහනවා. ඇයි බං මේ මෙච්චර පොඩි සෙනගගට. මුළු හෝටලේම මේස පුටු ඩැකරේට් කොරලා තියෙන්නේ කියලා. මම ඌට කිව්වා තාම දුවන්නේ ට්‍රේලර් එක. සෝ එක පටන් ගන්නේ තව ටිකකින් කියලා.
උඹලා හෙන කැත වැඩක් අර පිනට බොන එන එකාට කරල තියෙන්නේ. පව් බං එහෙම කරන්නේ මොකක් හරි හේතුවක් ඇති නිසා නේ. උඹලා ඔය වගේ පෙරේත වැඩ කරපු නිසා තමයි. මේ ආත්මෙම ඒවා පලදීලා තියෙන්නේ. මම නම් පාරේ යන එකාට හිටන් අඬ ගහලා දෙනවා. හැබයි ඒ සල්ලි තියෙන වෙලාවට. නැත්නම් ඉතින් හීනීයට දෙකක් ඇනගෙන එනවා.
බැරි අමාරුකමකටවත් අකමැතිකමටවත් නෙමෙයි බං,ඌ අන්තිමට නියමම ඇනයක් වුනා,කිසි කෙනෙකුට දිරවන්නෙ නැතුව දකිනකොට මග අරින සයිස් එකක් තිබ්බේ.
Deleteකතාවෙ ඉන්නවා වගේ තාත්තයි පුතාලයි අපෙ සෙට් වලත් හිටියා. ගොඩක් උන් ලන්සි. එහෙම නැත්නම් ක්‍රිස්මස් කස්ටිය. උඩරට සිංහළ බොදු ගොවි උනුත් නැත්තෙම නෑ..
ReplyDeleteඅපේ හැදියාවත් එක්ක බලනකොට ටිකක් ඇදයි තමා නමුත් ඒ වැඩේ හරිම සුන්දරයි නේද.
Deleteසංසාරේ සංසාරේ කිවුවලු. අරුන් ගෙ ඔළු වලට පරම්පරා ගත ශාපයක්ද කොහෙද?
ReplyDeleteඇත්තටම ගෑණුන්ට අන්දන්න නොදන්නවා උනාට ගලවන්න අපි කොයි තරම් නම් දක්ෂද කියලා මම මේ කල්පනා කරන්නෙ.
අර වැල බලපු සීන් එකනම් පට්ට. :D
උඹත් ඔය ඇල දොල වල නාන්ඩ එහෙම යනව නෙමෙයි. හුංග ඔලුවටමලු කොටන්නෙ :D
Delete//උඹත් ඔය ඇල දොල වල නාන්ඩ එහෙම යනව නෙමෙයි// බඩවෙයි...
Deleteපරම්පරා සාපයක් වෙන්න ඇති බං,නැත්නං මේ අපිටත් විදින්න එපායැ.
Deleteඅපි ගෑනුන්ට අන්දන්න දන්නෙ නැතුවට බං ගෑනු අපිට අන්දවනවනේ උන් ඒ වැඩේට කොච්චර දක්ෂද.
යකෝ පත්තරේ හුංගො ආකර්ශනය වෙන්න මට පරම්පරා සාපෙ තියෙනවද හොයන්න ඕන.
Delete@ විදානෙ ඔව් ඔව් බඩවෙයි හුංගා.
@ හැලප අයියා අනේ ඕකුන් අපිව අන්දන හැටි ගැන මතක් කරන්න එපා. මට ඇඩෙනවා හත් දෙයියනෙ.
70 දශකයේ සිරිමා මැඩම්ගේ ආණ්ඩුවේ ආර්ථික කළමණාකරනය කොච්චරද කියනවා නම්, දේශීය නිෂ්පාදන නැංවීම සඳහා සියලුම ආනයනයන් නැවත්තුවා (විශේෂයෙන් ආහාර ද්‍රව්‍ය )...ඔය හාල් පොලු මිරිස් පොලු හේම ආවේ ඒ කාලේ. පරන කෑම ජාති ගොඩාක් එලියට ආවා, විශේෂයෙන්ම බත් වලට ඕල්ටර්නේටිව්ස් හොයන්න උන නිසා මිනිස්සුන්ට, හල් පිට්ටුත් (හල් ගුටිම වෙන්නැති ) කෑවේ ඔයකාලෙදි අපි. හල් ගෙඩිය හිරමනේ ගාලා පොට්ටනියක් වෙන්න බැඳලා පීල්ලේ හරි ඇලක හරි තමයි තිත්ත අරින්න බඳින්නේ. ඊට පස්සේ වංඩුවේ තම්බලා ගන්නවා. වන්ඩුවේ තම්බන නිසා වෙන්නැති හල් පිට්ටු කියන්නේ.
ReplyDeleteහැබැයි, කුරක්කන් පිටි පොල් එක්ක අනලා කැන්ද කොලේ මැදට තියලා වන්ඩුවේ තම්බලා ගත්තම කියන්නේ නං හැලප කියලා නේද මහත්තයො...කොහෙමෙයි ඒ නම හැදුනේ...
ඔය කිව්ව 70 දශකයෙදි අපි ලාවුලු පිට්ටුත් කෑවා ඔය ආකාරයටම. දැන් ඉන්න අය ලාවුලු කියන්නේ මොනාද කියලවත් දන්නේ නැතුව ඇති නේද හැලපේ...
70 සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුවෙ ආර්ථික ප්‍රතිපත්තියෙ දුර්වලතාව ගැන මමත් තව කීප දෙනෙකුත් විටින් විට ලියල තිබුණා මට මතකයි.මොකද අපි ඒ අහේනිය හොඳට විඳපු උන් නිසා හැම දෙකටම ඔල්ටෙර්නේටිව්ස් හොයාගෙන්න වුනා හැබැයි රෙදිවලට ආදේශකයක් හැටියට ගස්වල පොතු කොළ එහෙම ඇන්දාද මතකක් නෑ.
Deleteකුරහන් පිටි පොල් සහ පැණි කලවං කරලා එක හැලප වර්ගයයි පැනිපොල් මැදට තියල එක වර්ගයයි වශයෙන් හැලප ජාති දෙකක් තියෙනවා.මට නම හැදුනෙ නං හැලප හදල නොවෙයි එලොවටත් නැති මෙලොවටත් නැති සතපහක වැඩක් නැති උන්ට හැලපය කියල නං දාන නිසා මට ඒ නම පටබැඳුනා මොනා කරන්නද.
ඇයි ඒ කාලෙ ලාවුලු පිටි දාල හකුරුත් හැදුවනෙ,කටේ තියන්න බෑ ඒත් අපි කෑවා.දැන් ළමයි ලාවුලු කනවා කියල දන්නෙවත් නැතුව ඇති.ඉස්සර නං අපේ මහගෙවල් පිටිපස්සෙත් ලාවුලු ගහක් තිබ්බ දැන් ඒකත් නැද්ද කොහෙද.
අපේ අම්මා හදන්නේ අර පැනි කලවම් කරපු හැලප..හැබැයි අපේ නිවනට ගිය නැන්දම්මා නං හැදුවේ ඔය මැදට පැනි පොල් දාපු හැලප. මම ආසාත් මැදට පැනි පොල් දාපු හැලප වලට..
Deleteමේ ලඟදි දවසක මීගමුවේදි දැක්කා පත ලාවුලු තියෙන සෑහෙන පරන ගහක්..මං හිතන්නේ අවුරුදු 40කට විතර පස්සේ ලාවුලු ගහක් දැක්කේ...අම්මපා මොනාද බං හැබෑවටම උනේ ලාවුලු ගස් වලට..?
මචෝ උඹ මට කොමෙන්ට් එකක් දාල තිබුනා මේල් එකක් එවන්නං කියලා හම්බ උනේ නම් නෑ....වෙලා තියෙන වෙලාවක විදපන් එකක්..හිතාගෙන අනුමාන කොරගෙන ඉන්නේ මොනා හරි අවවාද අනුසාසනා වෙන්නැති කියලයි...
මමත් ඔය කටේ ඇලෙන ලාවුළු හකුරුයි, අමු ලාවුළු හිරමනේ ගාලා හදන පිට්ටුයි කාලා තියෙනවා. දෙකම ෆිට් කෑම දෙකක් නෙමේ බං.
Deleteමටත් ලාවුලු නම් ඇල්ලුවේ නැහැ . අපේ ගේ අයිනේම වගේ ගහක් තිබුණ. කහ පාට සහ ඉදුනම එන තද සුවඳ මට එච්චර ආසාවක් ඇති කලේ නැහැ . කොටින්ම ගඳක් දැනුනේ.අනික තද පැණි රස. සහ ඇලෙන ගතිය. පරිප්පු වගේ උයනවා කියල අහල තියෙනව . ලාවුලු සැපතිල්ල පවුලේ ගහක් වෙන්න ඕන කියල හිතෙන්නේ ඒ පවුලේ චිකු ගෙඩි දැක්කම . එච්චර පැණි රස නැති චිකු නම් හොඳට ඉදුනම කන්න ආසයි . හැබැයි ලාවුලු බෙලි වගේ ගස් ඉඩම් වල ඉබේම වැවුනා මිසක් හිතල හිටෙව්වේ නැහැ . ඒ නිසා තමයි නැතිම වෙලා ගියේ .
Deleteලාවුළු උයලානම් ටිකක් ඕකේ. පරිප්පු ඇට වගේ හීනියට කපලා ගන්නේ. උම්බලකඩ ටිකක් දැම්මාම රස ටිකක් හරියනවා.
Deleteමට ලාවුළු දකින්න විතරයි ඕනෙ ... අවුරුදු 10දි විතර උණක් හැදිල කෑම කන්න බැරුව , හිටගෙන තියා ඉඳගෙනවත් ඉන්න පණ නැතුව ඉන්නකොට මේසෙ උඩ ඔය ලාවුළු වගයක් ලස්සනට තැඹිලි පාටට තියෙනව දැකල වමනෙ යන්න පටං ගත්ත එක, ඉස්පිරිතාලෙ ගිහින් නැවතුනෙ.... ඒ තරං ලෙඩක් වෙන කිසිම කෑමකට නෑ...
Deleteනොදකිං මුං, ලාවුළු දැක්කහම වමනෙ යනවලු.. මගෙ නං ප්‍රියතම කෑමක්.. දැන් දුන්නත් කන්නං.. හැබැයි වැඩේ කියන්නෙ ලාවුළු ගෙඩියක් තියා ගහක්වත් දැකපු කාලයක් මතක නෑ.. :-(
Deleteඅපේ ඉස්කෝලෙත් පහළම හෝල් එක ගාව ලාවුලු ගහක් තිබුණ. පොඩි කාලෙ කොල්ලො පොලු කෑලි ගහල වහලෙ උළුකැට ටිකත් එක්ක බිඳිනව. දැන්නං ඒ ගහ තියෙනවද දන්නෑ. අවුරුදු ගානකින් ඉස්කෝලෙ පස් පාගලවත් නැති නිසා.
Deleteපුදුම වැඩේ කියන්නෙ දැන් ලාවුලු ගස් දකින්නවත් නෑනෙ බංස්ල,ඉස්සර කොච්චර ලාවුලු ගස් තිබ්බද කොච්චර ලාවුලු ගස්යට වැටිල කුණුවෙලා ගියාද හැබැයි ලාවුලුවලට නිසිතැන ලැබුනෙ මැතිනිගේ ආණ්ඩුවෙන් විතරයි,ඊට පස්සෙ කවුරුවත් ලාවුලු දිහා බැලුවේවත් නෑ.හොඳයි නැද්ද.
Deleteමචං.....ඉස්සර පොඩි කාලේ මගේ ගාව ලාවුළු ඇට කලෙක්ෂන් එකක් තිබුනා. ඔය ඇට පුදුම ලස්සන පොලිෂ් පාටයි. වෙන ඇට වගේ නෙමේ.
Deleteලාවුළු නේ,ආ ඒවා නං බලන්න ලස්සනයි දිලිසෙනවා අර උඹ කිව්ව වගේ,වෙන ඇට දැක්කනං බල්ලො බත් කන්නෑ බං.
Deleteලාවුළු කියන්නේ බොහොම වටිනා කියන පළතුරක්නේ. අපි පොඩි කාලේ අපේ වත්තෙත් එක එක වර්ගයේ ලාවුළු තිබුනා. එකම ප්‍රශ්නේ හැදෙන ප්‍රමාණය වැඩි නිසා ගස් යටට යන්නවත් බෑ.
Deleteදැනට යුරෝපයේ ලාවුළු වලට සමාන පළතුරක් තියෙනවා කාකි කියලා. (Diospyros kaki) මම නම් නිතර කන පළතුරක් නෙමෙයි. ඒ වුනාට මිනිස්සු පෝලිමේ ගිහින් කන්නේ ඒ තරමටම රසයි හා ගුණයිළු.
යකඩෝ ලාවුළු කියන්නේ ඔය තරම් දුර්ලභ කෑමක්ද...?
Deleteඅපේ ගෙවල් පාරෙත් ඔයින් ගහක් තියෙන්නේ,මම නම් ලාවුළු කන්න ඒ තරම් මනාපයක් නැහැ.ලැබුනොත් නොකා ඉන්නෙත් නැහැ.
@ රංගි.....මේ කාකි ෆෘට් එකටම තමයි පර්සිමොන් කියන්නෙත්. ලාවුළු වගේ පිටි ගතියකුත් නැහැ. හැබැයි සුවඳ ලාවුළු වගේ නේද? මට නම් අල්ලන්නේ නැහැ. හැබැයි අරාබි කාරයෝ,පකිස්තාන් කාරයෝ අරන් යනවා.
Deleteපර්සිමොන් කොරියාවේ ජනප්‍රිය පළතුරක් . වේලලාත් කනවා . මෙහෙත් තියෙනව . හරියට ඉදුනේ නැත්නම් මහා කහට ගතියයි . ලවලු කියල සර්ච් කලහම හරි හරි එව්වනේ එන්නේ. ජනාධිපති තුමා කිරිපලු කියා කොස් ඇට ලාවලු හිටෙව්වා කියන්නේ .
Deleteකොහොම හරි ලාවලු ගහක විස්තරයක් සොයා ගන්න බැරි වුනා . විද්‍යාත්මක නාමය දන්නා කෙනෙක් කියනවද . ඒ වගේ පලතුරු කීපයක් මෙහෙ තියෙනව .එක පවුලේද බලා ගන්න ඕන
බින්දි....ලාවුළු විද්‍යාත්මක නාමය......Lawawuliyas Raata Piyaambanasekas..
Deleteබින්දි,
Deleteඔය අරූගෙ පච බං…. ලාවුළු කියන්නෙ Udutallaas Alleniyaas
අරූ,
Deleteඔව් මටත් නම් කන්න ආස හිතෙන්නේම නෑ. ඒ වුනාට බලන්න එපැයි මෙහේ එවුන් කන කෑම.
ගසේ ගෙඩි එන්නෙත් අර ඒ කාලේ ලාවුළු හැදුන විදියටම තමයි. කොලවලටත් වඩා ගෙඩි.
අනේ බින්දි ඔයා මේ දෙන්නා කියන ඒවා අහන්න එපා. තව පොඩ්ඩකින් මම උත්තරෙ අහොයලා දෙන්නම්.
Chrysophyllum cainito =රට ලවුලු ,Chrysophyllum roxburghii = ලාවුලු
Deleteමේන් මම හොයා ගත්තා.
රංගි....ඔය ලාවුලුයි රටලාවුලුයි නෙමේ..වෙල්ලූල්ලුයි,වැව්ලූල්ලුයිත් නෙමේ.වවුල්ලුයි මාවවුල්ලුයි
Deletehttp://en.wikipedia.org/wiki/Pouteria_campechiana
Deleteසමාවෙන්න අරූ. කලින් උත්තර දීපු පුද්ගලයා වැරදියට දීලා.
මේ තියෙන්නේ ගස් සම්බන්ද බොහෝ දැනුමැති ආයුර්වේද දොස්තර මහත්තයෙක්ගේ උත්තරයා.
ලාවුළු කියලා ශාක විශේෂ කිහිපයක් භාවිතා වෙනවා. රට, මල්, කිරි, කොහොල්ලැ, කොස්ඇට කියලා ප්‍රභේද ගණනාවක් තියෙනනවා. වැඩි වශයෙන් භාවිතා වෙන්නේ Pouteria campechiana. ඉතාමත් ගුණදායක පළතුරක්. වැඩි විස්තර අ.ජා.යේ තියෙනවා.
@ රංගි.....ඒයි මම දන්නේ නැහැ. මම බොරුවට කිව්වේ. දැන් ඇත්තටම ඒක නෙමේද ලාවුළු. මම අක්කරයක් සල්ලිවලට ගත්තා ලාවුළු වවලා ඊට පස්සේ ගෙඩි ඉදුනාම හකුරු හදන්න. මාර සීන් එකනේ රංගි කරේ.
Deleteවෙල් ඩන් රංගි........හොඳ විස්තරයක් තියෙනවා ලාවුළු ගැන ඒ ලින්ක් එකේ. වියට්නාමය වැඩේට ප්‍රසිද්ධයිනේ.
Deleteඅරූ සොයන්නාට සම්බවේ කියනවානේ. අපිට ඔය මොනවා හරි හිතුනොත් මොන විදියෙන් හරි කරගන්න ඇත්තියොනේ අපි... හික්ස්...
Deleteඇත්තෙන්ම අපි ඉපදෙන කාලේ වෙනකොට ලාවුළු කෑම මිනිස්සුන්ගෙන් අහක් වෙලා තියෙන්නැති. නැත්නම් ලාවුළු පිට්ටු කාපු කතාවක් මම දැනන් හිටියේ නෑ. සමහරවිට 77 ආන්ඩුවේ කාලසීමාව ඉවරවෙද්දි ඕවත් යට යන්නැති.
ලාවුළු ප්‍රසිද්ධ දකුණු ඇමෙරිකාව ආශ්‍රිත රටවලලු.
ශා ..තැන්කියු රන්ගි ..[අනික් දෙන්නටත් තැන්කියු හිනා ගැස්සුවට ]
Deleteමාරයිනේ අපේ ජාතියේ ලාවුලු මෙහෙ මන් දැකලම නැහැ . චිකු [ මෙහෙ කියන්නේ සපුචි ] තමයි ඔයිට සමාන ගෙඩියක් මෙහෙ තියෙන්නේ . දැන් නම් අහල බලන්න ඕන කාගෙන් හරි .
මමත් කාල තියෙනව හල් ගුටි කාල තියෙනවා. අපේ ගමේ ආච්චි [ කහවත්තේ ] ඉස්සර ඔව්ව හදනව .පිල්ලෙන් ගලන වතුරට තමයි හල් බඳින්නේ එහෙ. දැන් නම් ගස් වත් ඉතුරු වෙලාද දන්නේ නැහැ .
ReplyDeleteබලපුවම හල් ගුටි කාපු අය කීප දෙනෙක්ම ඉන්නවා.මම එච්චර ප්‍රමාණයක් බලාපොරොත්තු වුනෙත් නෑ,බොහොම තන්තෝසයි,බොහොම තන්තෝසයි.
Deleteඅර පිනට බොන්න දෙනවට , නරි නාවනව කියල නේද කිව්වෙ? කුමාරගෙ කතාවෙ නං. නරියම ඇවිත් නාගෙන ගිහිල්ලා වගේ :)
ReplyDeleteහල් සහ මඩු ගැන අහල තියෙනව, කාල නෑ. කන්න චෑන්ස් එකක් ලැබේද කියලත් සැකයි :(
පොඩි කාලෙ ගුටි නං කාලෙ තියේ ඇති පදං, පොල් ගුටි, වේවැල් ගුටි එහෙම. හොඳ වෙලාවට අපේ වත්තෙ හල් ගහක් නොතිබ්බෙ, නැහ්නං කනව හල් ගුටිත් අම්බානකට
Deleteහල් කොහොම වෙතත් මඩු ටිකක් නං හදවගෙන කන්න හිතේ තියෙනව ගිය කාලෙක,ඇවිදින් මඩු ගහේ වහල හිටියොත් ටිකක් දෙන්න බැරුවයැ,හැබැයි ඉතිං දවාලෙ ඈ.
Deleteකොහෙන් පටන් අරන් කොහෙන්ද ඉවර කොළේ හැබැටම. වටේ යෑම කියන්නේ මේවට තමා. අර රාජ කිව්වේ රාජා පෙරේර උන්නැහැද?
ReplyDeleteනෑ නලින් ඔයාලගෙ රාජා පෙරේරා නෙවෙයි,මේ අපේ ගමේ ඉන්න කෙනෙක්.
Deleteඔය හල් වලින් කෑම හදන හැටි මට කිවුවෙ මගෙ අම්මා. ඇගේ ගම් පළාතේ හල් තිබුණට දැන් අපි ඉන්න මුහුදුකරේ හල් නැහැ. ඔය හල් ගෙඩිය ටින් පියනකට පියනකට ඇණ ගහල හදාගත්තු ග්‍රේටර් එකකින් පෙරංගාල රෙද්දකින් මුලක් බැඳල තමයි ගලායන වතුරෙ රඳවන්නෙ. ඔය කතාව කිවුවම මේ ළඟදි මගේ මිතුරෙක් හල්ගුටි ගෙනත් දුන්න ඔරුවල පැත්තෙ තේ කඩයක ඉඳහිට තියෙනවා කියල.
ReplyDeleteහර්ෂ
ඔය තියෙන්නෙ හදාගන්න හැටි මුල ඉඳලම,බොහොම ස්තූතියි,අර කඩේ හොයාගෙන යන්න හිතෙනව අප්පා.
Deleteකචේ තියන දිහා විස්තරයක් දාන්න හර්ෂ
Delete@ නලින්
Deleteලැබුණු ගමන් එවන්නම්
හර්ෂ
හල් පිටි හෙන ගුණ කෑමක් කියලා කියනවනේ..... එක සැරයක්ද කොහෙද ඔය හල් ගුටි කාල තියනවා.
ReplyDeleteඅර වැලන්ටයින් කුමාරයා දැන් වත් ගොඩ ගිහින්ද?
ඔච්චර ගමක ඉඳල හල කාල නැත්නං උඹ තියන්න වටින්නෙ නෑ.
Deleteනෑ බං ඌ දැන් අනාත වෙලා විරෝපට්ටන් ගහගෙන ඉන්නව.
මූට හල් තියා තල් කිරි එකක් බී ගන්න බෑ හිර කරගන්නවා.. හැලපේ....
Deleteතාම පොඩි එකානෙ ෂැගියෝ,ගණන් ගන්න එපා බං.
Deleteගැටයා කාලෙ කොටු පැනීම් ගැන මාර ඉතිහාසයක් ඇත. ඇක්ටිව් සහ පැසිව් දෙකම.
ReplyDeleteපුටාර් එකක හැතැප්ම දෙකක් පැදල ගිහින් දවසක් පිලිකන්නක වාඩිවෙලා කුරුම්බ කවලා එද්දි. හය්යෝ සංසාරේ බයිසිකලේ හංගලා ආපු තැන නැත. ටෙම්පරි ලෝන් ඉල්ලගත්තු බයිසිකලේ ටයර් දෙකම කපලා හංදියෙ දාලා ගිහිල්ලා මිහිරිපැන්නෙ වනසත්තු ටිකක්. කෙල්ලගෙ තාත්තටත් වඩා ..... ඇම්මක් තිබිලා කොල්ලන්ට.
දවසක් එකෙක්ට සපෝට් එකට ගිහින් ජනෙල් පියන් නැති ගෙදර ඉටිකොලයක් මෑත්කරගෙන මුන් දෙන්නා මොකද කරන්නෙ කියලා බල බල ඉන්නකොට සපෝට් එකට අපිත් එක්කම ආපු කොල්ලගෙ අය්යා විරුද්දවුනා. ඌ කියනවා කොහොම උනත් මල්ලිනෙ යකෝ. ඒ මගේ නෑනනෙ යකෝ කියල. අපි නිකංඉදින් කියලා ඇහැ තියාගෙන ඉන්නකොට මේ උලමා ගිහින් ගැහැව්ව කියපල්ලකො ගෙදර බෙල් එක. අපි නම් කකුල් දෙකට පණ දීලා දිව්වා. ඇතුලෙ හිටපු එකා. ඌ ආවෙ කෙල්ලගෙ ආච්චිවත් පෙරලගෙන ගෙදර ප්‍රදාන දොරෙන්. තව පොඩ්ඩෙන් නෑනගෙ ගරුත්වය රැකලා මල්ලිගෙ ජීවිතෙ පූජා කරනවා. කෙල්ලගෙ තාත්ත ගෙදර හිටියනම්
මදැයි අයිය නෑනාගේ නම්බුව බේරගත්ත හැටි,හරියට අර පුරෝහිත වඳුරා වගේ.කොල්ලගෙ ඔලුව බේරුණා හොඳටම ඇති.
Deleteකාලෙකට පස්සෙ බ්ලොග් පැත්තට ආවෙ. චැහ්. මරු බඩුවක් නෙව මේක
ReplyDeleteබොහොම ස්තූතියි,දිගටම එන්න.
Deleteහුංගා ඔළුවට ඇන්නහම කිරිහාමිට හිතුන වගේ දෙයක් එහෙම ඔය කුමාරට හිතිල නැද්ද?
ReplyDeleteමෙතන තරු ඔයා පොඩ්ඩක් වචනෙ පටලෝගෙන තියෙන්නෙ.හිමිහිට හිතල බලන්නකො.
Deleteපටලෝගෙන නේන්නං?
Deleteඇයි හැලපෙ, මේකෙ ඉන්න සක්වල ගල උලාකාපු අංකූරොන්ට ඔය වචන පටස් ගාලා තේරුණාට , මේ දැරිවියොන්ට ඔව්වා තේරෙන එකක්යෑ?
ලමයෝ . හුංග ඉන්නෙ වතුරෙ. මිනිස්සු වතුරට බහින්නෙ ඉණ වටක් විතර තමා. එතකොට හුංගා උඩ පැනල ඔලුවට විදින්නෙ නෑ. ඌ විදින්නෙ වන ඔලුවකට, අර කලින් කතාවෙ අමරෙ වක්කඩේ දාගෙන තිත්ත ඇරියෙ? ආන්න ඒ ඔලුවට.
මං මෙව්ව කියන්න ගිහිල්ලා "ලෝකයා" ගෙන් කයි-කතන්දර අහ ගන්න වෙයිද මන්දා?
තරු.....දැන් හරි නේද :D ළමයෝ හුංගා ඇන්නාට ගානක් නැහැ..මුන්ගේ මේ පැහැදිලි කිරීම් ඇන්නාට වඩා අමාරුයි. මීට..."ලෝකයා"
Deleteඅනේ මංදා බංස්ල පොඩි ළමයින්න ඔය ලොකු ලොකු කතා කියල දෙන්න ගිහිං, ඊයා උං ලියන ඒවා කියල බනීදත් කියල හිතෙනවා.
Deleteහැක් හැක්! මට මතක් වුනේ අරූගෙ බ්ලොග් එකේදි එක පාරක් රංගි 'ඉස්තිරි නිමිත්ත' කියන්නෙ මොකක්ද කියලා අහලා අපේ එවුං ටික වැටිච්ච අමාරුව.. :-D
Deleteබූරා,
Deleteමට නම් තාම හිතෙන්නෙ ඕකි ඔය අපිව අමාරුවෙ දාන්ට කියල හිතල චේතනාන්විතව කරපු මගඩියක්..ඒ ඇර සද්බාවයෙන් අහපු එකක් වෙන්ට නම් බෑ...හෙහ්,හෙහ්,
එදා ස්ත්‍රී නිමිත්ත...අද පුරුෂ නිමිත්ත....
Deleteඇත්තටම මම එදා එහෙම එකක් දැනගෙන හිටියේ නෑ. නැත්නම් උඹලගෙන් ඔය වගේ කතාවක් ජීවිතේටවත් අහන්නේ නෑ. මම දන්නේ නැද්ද උඹලගේ කටවල්. හරියටම මේ හැලපේගේ කතාව කියපුවම තමයි මට ස්ත්‍රී නිමිත්ත ගැන අවබෝධයක් ආවෙත්.
Deleteඅපි වගේ ඔය මහප්‍රාන සිංහල නොදන්න එවුන් මේවා කියලා මතක තියාගෙන බොලාලා බ්ලොග් ලියපල්ලා... ;)
කියවනවා කියලා *
Deleteරංගි,
Deleteඒයි බොලේ..මම එහෙම කිව්වෙ Just Kidding…...ඔය වගෙ දෙයක් ඇත්තටම දැනගෙන බොරුවට දන්නෙ නෑ කියල අහන්නෙ නෑ කවුරුවත්...විශේෂයෙන් කාන්තාවියක්...මම දන්නව ඒක...හෙහ්,හෙහ්,
Vateria copallifera හල්
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Vateria_copallifera
බොහොම ස්තූතියි චතුරංග,නමුත් ඔබ පෙන්වන රුපයෙන් පෙන්වන්නේ හොර කොළ සහ හොර කුරුල්ලන් නේද.අපි ඉස්සර ඉස්කෝලෙ යද්දී හොර කුරුල්ලො උඩ ගහනව ඒ නිසා මට හොඳට මතකයි.
Deleteමචං...ඔය හොර ගෙඩි නානු ඔළුවේ ගානවා නේද..කොන්ඩෙට හොඳයි කියලා.
Deleteඒ ගොඩපර නේද අරූ
Deleteහරි.හරි. ගොඩපරයි...උළුහාලුයි..මොකක්ද ජල්තරයක් කරලා ගන්නවා මතකයි.
Deleteදෙහියි උළු හාලුයි තම්බල පල්පයක් කරලා ගානවා හිස්හොරි වලට .ගොඩපර ගෙඩිය තලලා ඉස්ම ඔලුවේ ගාලා නානවා . කන්ඩිෂනර් වගේ තමයි. පාරවල් වල රස්තියාදු ගහනවා මිසක් කොල්ලෝ ඔව්ව කරන එකක් යයි. ඒ නිසයි අරුට මතක නැත්තේ .
Deleteඉස්සර දෙහි තම්බලා උළුහාල් දාලාත් කොන්ඩේ හෝදනවා නේද? පොඩි කාලේ මාත් ඒ වගේ ඒවා කරලා තියෙනවා අනුන් කරනවා බලන් ඉඳලා.
Deleteදැන් දෙහි ගෙඩියක් හොයා ගන්නවත් නෑ ඉස්සර තම්බන්නත් දෙහි තිබුනට.
දෙහි නැත්තේ මොකෝ රන්ගි.
Deleteඅපෝ දෙහි තියෙනව මොකද දෙහි නැත්තෙ,එක වර්ගයක් නෙවෙයි කීපයක්ම තියෙනව,හැබැයි ඔය රංගි කියන්නෙ ලංකාවෙ ඒ ගොල්ලන්නෙ වත්තෙ තිබ්බ දෙහි ගැන වෙන්න ඇති.
Deleteමං නං දන්න හල් ගුටියක් නෑ. ජල ගුටි නං දන්නවා. ඔය පොලිසියෙන් උද්ඝෝෂන කාරයින්ට එහෙම දෙන්නෙ අන්න ඒවා.
ReplyDeleteප.ලි.
කෝ බොල මේ හැලපයා. post එක ලියා තියලා සාරි ගලවන්ටවත් ගියාද?
ලන්දේසි රට ආණ්ඩු කරන කාලෙ හල් ගුටි හැදිල්ලක් තිබිල නෑ.දන්නෙ නැත්තෙ එකයි.
Deleteනෑ නැ කොහෙවත් ගියෙ නෑ ඒ වෙලේ වැඩ වැඩියි.
හයියෝ අරූට පාඩමක් උගන්නන්න ගිහින් අපේ හැලපයා කාල තියෙන කට්ටක්. අරූ ඕක දැනගෙනමයි දැවටි දැවටි ඉන්න ඇත්තේ.
ReplyDeleteඔව් මචං. ෆුඩ් කමිටී තියෙනව නේද? බැණුං අහලා ඉවරයක් නෑ. අනික මොනවා කන්න දුන්නත් හොඳකුත් නෑ, සතුටු වීමකුත් නෑනේ. මම නම් පූලුවන් වුනොත් මග අරින එකක් තමයි ඕක.
මචං අපේ අම්මත් හල්ගුටු හදලා දෙනවා ඉස්සර. වක්කඩේ තියන්නේ නම් නෑ. මොකද අපිට කුඹුරු නෑනේ. අම්මා කරන්නේ අපේ ගෙවල් පිටිපස්සෙන් යන පුංචි දොළ පාරේ ඔය ටික ගැට ගහලා තියන එක.
යකෝ දැන් වක්කඩවල්වල හල් බැන්දොත් හෙම හොඳට හිටීවි කෘමිනාශකත් එක්ක. අනික මී උණ!
හල්ගුටු කියලා ලියවුනේ හල්ගුටි වලට
Deleteෆුඩ් කමිටි වලින් පුළුවන් තරං අයින්වෙලා ඉන්න එක ඇඟට ගුණයි කියල එදා දැනගත්ත ගමන ආයෙම ෆුඩ් කමිටියකට කවදාවත් ගියෙ නෑ මග ඇරියා.
Deleteකෘමි නාශක මී උණ පැත්තකින් තියපන්කො දැන් වක්කඩවලුත් නෑනෙ කුඹුරු පුරන්වෙන්න ඇරල දාල තියද්දි මොන වක්කඩවල්ද මචං.
This comment has been removed by the author.
DeleteHenry, වක්කඩක් නැතුවට වුලක් නෑ. අර පත්තරයා කියන එකාගෙ කටේ එල්ලපං. එල්ලලා හොඳ post එකක් ලියපං. අයෙ වක්කඩ කැඩුවා වගෙ තමා comments දාන්නෙ. මදි වගේ නං දේශකයත් අල්ල ගනිං.
Deleteඉලපත මචෝ, අපේ ප්‍රියයි විදානෙයයි ත් කැන්දං එන්ඩද , වික්ටෝරියා ඩෑම් එක ඇරිය වගෙ තමා :D
Deleteවෙනදා වගේම ඉතින් නියම කතා සාගරයක්. හැලපේ කාලා නැද්ද මඩු දළු මාළුව (ඇඹුල) කුකුල් මස් වගේ රසයි. හැබැයි සමහරුන්ට වමනේ යනවා/මත්වෙනවා කාපුවම. ඒ වුනාට මල් මසුරං ව්‍යංජනයක්.
ReplyDeleteමම පෝරුවට නැග්ග දවසේ මනමාලිගේ කරට මාලය දාන්න ගිහින් කොක්ක දානවා දානවා වැටෙන්නේ නෑ. අපේ ලොකු අක්කා ගත් කටටම කිව්වේ නැතැයි 'ඔය අතගෑවා ඇති ලොකු මල්ලි දැන් මාලේ දාන්න' කියලා.
ඔය කිව්වට සාරි ගැලවිල්ලත් ලේසි නෑ හැලපෙ, හදිස්සියට.
සීයා ආච්චිගේ විතරයිනේ ගැලෙව්වේ, වෙන වෙන වැඩ වලට ගියේ නැහැනේ.
DeleteThis comment has been removed by the author.
Deleteකොක්ක දැමිල්ල ගැන කතාවක් ලියලා ගලවලා දැම්ම. අර සර්විස් කටපුංචා තාමත් ඇති කියල මතක් උනා..
Deleteපිස්සුද ඇනෝ, 'ආච්චිගේ රෙද්ද' ගැලෙව්වේ කොයි කාලේද.
Delete@ සරත් ලංකාප්‍රිය
Deleteමොන කටපුංචලාද. ඔන්න ඔහේ ලියලා දාන්න අනේ.
විචාරක තුමා,මම මේ කතාව ලියාගෙන යද්දී කරුණු කාරණා වගයක් පැහැදිළි කරගන්න අපේ ගෙදර මනුස්සයට කතා කළා,මඩු ගැන ලොකු විස්තරයක් කරල ඇයි අනේ මඩු දළු ඇඹුල ඔයා කාල නැද්ද කියල අහපුවම මට මල පැන්නා.ඇයි යකෝ ඔච්චර මඩු ගස් තියාගෙන තමන්නෙ ගෙදර මිනිහට මඩු දළු ඇඹුල හදල නොදී ඉඳල දැන් අහනව.හා තරහ යන්නෙ නැත්තෙ කාටද.
Deleteඔව් ඔව් හදිසියට සාරි ගලවන්න ලේසි නෑ තමා,එහෙම වෙලාවට සාරිය උස්සලා තමන්නෙ රාජකාරිය කරගන්න එක ලේසියි පහසුයි.එහෙම නේද.
එතකොට හැලපයියේ යටින් තියෙන අහවල් එක?
Deleteඇනෝ,
Deleteයටිං කීයක් කියලද බං,අනේ මංදා බොලාත් අහන මගුල්.
හැබැයි ඉතිං දැං කාලෙ අන්ගනාවියො බුරියටත් අඩියක් විතර පහළින් සාරිය අඳින හැටියට, ඒක උස්සනවට වඩා ලේසියි පහත්කරන එක..
Delete@ Bura. Have you ever heard about visible pubic hair line?
Deleteyou mean the bikini line.. :-)
Deleteඉස්සරම දවසක මාත් කාලා තියෙනවා හල් ගුටි ..
ReplyDeleteඑක පෝස්ට් එකේ කතා ගොඩක් නේද ..
අම්මෝ ඇති, අනේ මම ඒවා කාල නෑනෙ කියයි කියල මං බයේ හිටියෙ.
Deleteඇයි තුශානි කතා වැඩියි වැඩියි කියල හිතෙනවද.
අන්න තාත්තලා සැහ් අපේ තාත්තලාත් එහෙම උනානනං අද අපි කොතැනද?
ReplyDeleteමේක අැහුවම පොඩි සීන් එකක් මතක් උනා....
ගමක හිටියා ටිකක් වැදගත් පවුලක්.. ලොකු ලමයි එහෙම දීග තලා දීල ගෙදර හිටියේ මහ උන්දැලැ දෙන්නයි, ටිකක් විතර මොන්ගල් පොඩි පුතයි විතරයි.. කාලයක් යද්දි ගෙදර මහ මනුස්සය මලාලු.. දැං ඉතිං හොදට මලගෙදර කටයුතු එහෙම අහවර වෙලා පාංශුකූලේ වෙලාවෙදි ලොකු හාන්දුරුවෝ දීර්ඝ අනුසාසනාවක් කරල අන්තිමට කිව්වලු "මේ මියගිය උපාසක මහත්තයා ගමට රටට ලොකු සේවයක් කල අයෙක්, ඉතිං මේ දුවා දරුවන්ටත් කියන්න තියෙන්නෙ තාත්තගෙ අඩිපාරේ යන්න කියල තමයි". මල ගෙදර ඉවර වෙලා තුන්මාසෙ දානෙ දෙන්න කල් ගියේ නෑ මං අර මුලින්ම කියපු මොන්ගල් පොඩි පුතා දිනපතා කසිප්පු ගහන්න පටන් අරන්.. බලාගෙන ගියාම මිනිහා හාමුදුරුවෝ කියපු විදියටම තාත්තගේ අඩිපාරේ යන්න ගිහිං...
හපුච්චියේ සාරි ගැලවිල්ල කෙසේ වෙතත් කොන්ඩෙ කටු ටික ගලවන්නම පැය දෙකක් විතර යනවා.. ඊලගට හෙයාජෙල් ටික යන්න තම මොනවද දාල හෝදනවා.. අායේ වැඩ කෝටියයි... අපිට උෟරු ජුවල්.. බතල බහිනකං ඉන්න පුළුවන් තැම්බෙනකං ඉන්න බෑ.....
ජය වේවා!!!!!
//සාරි ගැලවිල්ල කෙසේ වෙතත් කොන්ඩෙ කටු ටික ගලවන්නම පැය දෙකක් විතර යනවා.. ඊලගට හෙයාජෙල් ටික යන්න තම මොනවද දාල හෝදනවා//
Deleteමෙහෙමයි මචෝ ඔය ඔක්කොම රෙද්දවල් වෙලාවට කලාවට ඉක්මනට කර ගන්න එක අලුත් වයිෆ්ගෙ අතේ තමයි. හැබැයි ඉතිං එයා ඒකට අදක්ෂ උනොත් සැමියගෙ අතේ තමයි.
ඌ කසිප්පු බොන්න ගිහිං තියෙන්නෙත් තාත්ත ගිය අඩි පාරෙමයි, පොඩ්ඩක්වත් එහා මෙහා වෙලා නැතිව.අන්න පියා ගිය මග යන පුත්තු,මම ලියපු චූටිගෙ කතාව විදානෙ බැලුවද මන්දා චූටියත් නැතිවෙන්නම බිව්වෙ තාත්තගෙ නම ගෙනියන්නලු.
Deleteනෑ බං බතල තැම්බෙනකනුත් ඉන්න පුළුවන් නිවෙන කං ඉන්න බැරුව කට පුච්ච ගන්නවලු.
ප්‍රියා,
Deleteපව් මල්ලි එදාටත් සැමියට අතේ පිහිට පතන්න වෙන එකනං හැබෑම කරුමයක් නේද බං.අල්ලෙ රේකා නැතුව සාත්තරයක්වත් කියන්න බෑ කියල තියෙද්දි යන්තං රේකා මතුවෙයි කියල සතුටිං හිටපු එකාට වෙච්ච දේ අම්මපා.
විදානෙයො.. ටැප් එකට බාගෙ බටයක් ගහල ඇල්ලුවනං හරි එකපාර හේදිල යන්න මේකප් ජෙල් ඇන්ටිකොරෝසිව් සේරම..
Deleteඈ බොල ඇන්ටිකොරෝසිව් ගාන්නෙ කොහෙ මළකඩ කනවටද යකෝ.
Deleteඇන්ජිම මළකඩ කනවට... :-D
Deleteඇන්ටිකොරෝසිව් ගාන්නෙ මලබද්ධය වලක්වන්ට නෙවෙයිද.?? ;-)
ආං බුරතීනො අයියට තේරුනා :D
Deleteහැලපයියෙ නිතර තෙමෙන තැං වලට ඩියුලක්ස් වෙදර්ශීල්ඩ්..නැත්තං දියසෙවෙල් අල්ලනවා . හැක්.
This comment has been removed by the author.
ReplyDelete/ ප්‍රේමදාස මහත්තය ජනාධිපති කාලෙ සාක් සමුළුවක් ලංකාවෙ පවත්වන්න යෙදුනා මයෙ හිතේ අනුඑකේ ද කොහෙද /
ReplyDeleteඅනූ එකේ තමයි බං සාක් එක තිබ්බෙ...මතකද ඕකෙ තේමා ගීතය..අමරෙ මාස්ටර් කිව්වෙ...මාර ගති..
" සේද මඟේ සැදි මුතු මල් උයනයි, සිරි ලංකා දෙරණයයි,
එන්න සේද පාරේ..එන්න සේද පාරේ…
එන්න සේද පාරේ..එන්න සේද පාරේ..."
ඔතන ඔය සේද පාර කියන්නෙ මොකක්ද කියල හොයල තමයි මම The Silk Road එක ගැන දැනගත්තෙ.
/ ඉතිං තිත්ත යන්න හල් ගෙඩි ටික රැයක් වක්කඩේ බඳිනව /
ඔය හල් වතුරෙ බඳින එකේ තව වාසියක් තියනව.හල් වල තිත්තට හේතුවෙන රසායන ද්‍රව්‍යයෙ මත්වෙන ගතියක් වගෙ තියනව. මිනිස්සුන්ට ප්‍රශ්නයක් නෑ. ඒත් මාලු මත් වෙනව ඕකට...:)
/ මේක ශ්‍රේෂ්ඨ ඉන්දියානු පුත්‍රයෙකු වූ කුෂ්වන්ත් සිං විසින් ලියන ලද කතාවක්…/
කුෂ්වන්ට් සිංගෙ මරු පොතක් තියනව " The Compny of Women " කියල. ඒකෙ එක චරිතයක් සුසන්තිකා ගුණතිලක. ලංකාවෙ තානාපති සේවයේ නිලධාරිනියක්. දිල්ලියෙද කොහෙද වැඩ කරන්නෙ. සුසන්තිකාගෙ සාරිය ගලවන විස්තරේ ඒ පොතේ තියනව ලස්සනට. කුෂ් කොහොමත් ඒ වැඩේට නම් එක්ස්පර්ට් බව පේනව. මිනිහ මලා මාස දෙහෙකට ඉස්සරවෙලා....අවුරුදු 99 ආයු වළඳා....
ඔන්න උඹ මගේ පරණ මතක අවුස්සනවා,ඕක නේන්නං යකෝ ඒ සිංදුව,ඒ වුනාට මචං අනුඑකේ සාක් සමුළුව ප්‍රේමදාස මහත්තයත් එක්ක තියෙන තරහට ඉන්දියාව අලකෙරුවා.බොට මතකද මුල්ම සමුළුව තියන්න බැරුව ආයෙම පස්සෙ තියන්න වුනා,මම ඒ ලස්සන කතාවත් ආපහු ලියන්නං.
Deleteසුසන්තිකා ගුණතිලක කියන්නෙ නියම නම නෙවෙයි වෙන්න ඇති නේද බං,එහෙම නමක් මම අහල නං නෑ උඹ ගාව පොත තියේද.ඔව් බං කුෂ් දැන් මාස කීපෙකට ඉස්සර මළානේ.
මතකයි, ඉන්දියාව ෆුල් කචල් ඇද්දනෙ ප්‍රේමෙට.
Deleteකුෂ්වන්ට් සිංගෙ පොත මචං නවල් එකක්.ප්‍රධාන චරිතය මොහන් කුමාර් කියල ඉන්දියානුවෙක් අමරිකාවෙ ඉගෙන ගත්තු.සුසන්තිකා කියල කුෂ්වන්ට් ඒ චරිතය නම් කරන්න ඇත්තෙ අපෙ සුසන්තිකා නංගි හින්ද මම හිතන්නෙ. ඔය කාලෙ ඒ කිව්වෙ අනූගනං වල අග වගෙ සුසන්තිකානෙ ලංකාවෙන් ලෝක ප්‍රසිද්ධ උනේ. 2000 සිඩ්නි ඔලිම්පික් එකේනෙ ලෝකඩ පදක්කම දින්නෙත්.පොත තියනව මචං මෙහෙ නම් නෙවෙයි..ලංකාවෙ...
Deleteමේ ළඟදි මෙන්න මෙයා ලියා තිබුනා කුශ්වන්ත් සින් ගැන.
අපිට ඉන්දියානු සාහිත්‍යය නොලැබෙන තරම්. මම පළමුවෙනි පාරට ඔහු ගැන කියෙව්වේ එදා.
kushwant sing
හල් ගුටි කනවා තියා දැකලවත් නෑ නෙව..
ReplyDeleteඅපොයි අපොයි ලොකු අඩුවක් තාත්තටවත් කියල තියන තැනක් හොයං කාල බලන්න.
Deleteඅම්මෝ කතා සරිත් සාගරය වගේනේ. කොච්චරවුනත් මට මතක හිටින්නෙ කෑම ජාති ගැන විතරයි. දුකකට තියෙන්නෙ ඔය කෑමජාති මම කාල නැහැ :(
ReplyDeleteඔරුවල පැත්තෙ තේකඩේ කොහෙද දන්නෙ නැහැනේ හරියටම.
සොන්යාට ඔරුවල ළඟ ඇති නේද,මට එහෙම හිතෙනවා.සොන්යා සිංහ කිව්වම මට මතක් වෙන්නෙ පරණ හින්දි නිලියෙක්ගෙ නම මාලාසිංහ ඔයාල නං අහල නැතුව ඇති.
Deleteඇයි මාලා සිංහ ගෙ දුව ප්‍රතිභා සිංහත් රඟ පෑවා අනූව දශකයේ මුල/මැද.. එයා හැබැයි නැගලා ගියේනං නෑ..
Deleteඔය ඔරුවල තේකඩ අස්සේ රිංගන්නේ මොකටද සොන්යා එන්නකෝ අපෙන් බත් ටිකක් කාලා යන්න.එහෙම ආවොත් අතුරුපසට ඔය ගුටියක් දෙන්නම්කො....:D
Delete@ Buratheno
Deleteඔයා ඉන්දියාවෙ එක්කෙනෙක්ද ? ලංකාවෙ එක්කෙනෙක්ද? හැම නිලියෙක් ගැනම දන්නව වගේ :)
@ manoj
Deleteඔයා හදන්නෙ ඔය මට ගෙදරින් ගුටියක් කවන්න වගේ :D
@ Helapa kade,
Deleteඔරුවල ලඟ නැහැ , කෑමට පෙරේතකමට කඩේට යන පාර ඇහැව්වේ :)
මෙහෙමයි සොන්යා,බුරා ලංකාවෙ ඉපදුනාට පදිංචිය ඉන්දියාවෙ, දෙපැත්තෙම කැමති විදියට ඉන්නවා ඩුවල් සිටිසන්.
Deleteඔව් ලංකාවෙයි ඉන්දියාවෙයි නිළියො ගැන එක්ස්පර්ට්,ලෝකෙ මෙතෙක් පළවෙලා තියෙන ඕනෑම පොතක් ගැන අහන්න විස්තරේ කියයි.
අර විදිහට හල් ගෙඩි වක්කඩේ බැඳල තිබ්බොත් දැං කාලෙ කන උන් ඔක්කොම සෙත්තපෝච්චි..
ReplyDeleteමට ඔය කතාවත් මතක් නොවුන නෙවෙයි සරත්.එහෙම උනොත් දැන් කන්න වෙන්නෙ හල් නෙවෙයි තෙලුයි රසායනික ද්‍රව්‍යයි.
Deleteමුල ඉඳල අන්දන්න දෙනවනං අපිත් අන්දවන්නම්කො සාරි නොමිලේ....
ReplyDeleteහපොයි ඔච්චර දෙයක් නෙවෙයි,දැන් අන්දන්නෙ පිරිමි.උඹත් සැලුන් එකක් දාගනින්.
Deleteදවසක් වයිපරේ කිව්ව මෙි හැට්ටෙට කට්ට ගහන්නකෝ කියලා
ReplyDeleteමහා ලොකුවට සම තැන කතා කරන්නේ අපි නැත්නම් හැටටෙට කට්ට ගහගන්නත් බෑ..
අනේ යනවා යන්න ඔයාලා නැත්නම් අපිට පාරේ යන්න කට්ට තියා හැට්ටේ ඔනේත් නෑ. කියපි.
සාරි පොටවල් ටික හැට්ටෙට තියල කට්ට ගහන එක නේද,මුල් කාලෙ මටත් ඔය වැඩේ අවුල්. පොටවල් පනිනවයි නොයෙක් වැඩ සාරිය ගොඩක් දුහුල් නං හරි අමාරුයි.කරලම ඉගෙනගෙත්ත කොච්චර හොඳට ඉගෙනගත්තද කිව්වොත් පස්සෙ කාලෙ කවුරු කට්ට ගැහුවත් මම වගේ හරියන්නෙ නෑ.
Deleteහේතුව තමයි හැලපයියේ උඹ කැමති නැහැනේ වෙන ගැහැනුගේ මල්ටි කලර් බ්‍රෙසියර් පටි පැනලා තියෙන දිහා බැළුවාට, තමන්ගේ ගෑනි ගේ පටිය පේනවට. ඉතන් පටිය ගාවට හැට්ටේ අස්සට දාලා සියළු වැඩ පෙන්නලා කටුව ගහනවා බුදු සිරිවට, මේක උඹට විතරක් නෙමේ මටත් අදාලයි.
Deleteඔය කතාව කියල මාත් සොමියක් ගන්නවා බං ඇනෝ,කට්ට ගහනකොටම අහනව බ්‍රා එකේ පටිය එළියට පැනලද කියල,චුට්ටක් විතර පේනවා ඒක ගාණක් නෑ කියල මාත් බොරුවට කිව්වම ඔන්න මල පනිනවා.
Deleteඋඹටත් නියම බුවාලා තමයි සෙට්වෙන්නේ. අමරයා මරු පොරක්නේ බං.
ReplyDeleteහල් කේස් එකනම් මම දැකලා තියෙනවා කරන හැටි හංවැල්ලෙදි. අර උඩ ඇනෝ කියන ටින් මූඩියෙන් තමයි ග්‍රේට් කරගත්තේ. වක්කඩෙත් බඳිනවා. මඩු දළුයි ඉඳිආප්පයි, කිරි හොදියි නියම කෑමක් බන්.
ඌරපොල මගේ යාළුවෙකුත් ඉන්නවා. 1987 කලබල කාලේ ඔහේ ගිහින් මාර වැඩක් වුනා. ඌරපොල හන්දිය කිට්ටුවම හිටියේ.
දැන් නං හොයාගෙන කන්න හිතෙනවා බං,එච්චර ආසයි.ඒ කාලෙ ඌරාපොල හරි කලබල තිබ්බ පළාතක් තමා උඹගෙ කතාවෙදි ඒ විස්තරත් ලියවෙයිනෙ.
Deleteසැක් හල් ගුටි කාලත් නෑ මඩු පිට්ටු කාලත් නෑ මම. :((
ReplyDeleteහා හා දුක්වෙන්න එපා පොඩ්ඩක්වත් දුක්වෙන්න එපා,මං ආපු කාලෙක ඔය කෑම වර්ග දෙකතුනම සෙට් කරල කියන්නංකෝ.ලඟපාත ගහක වහල ඉන්න,හැබැයි රෑ නං පොඩි සද්දක් දාන්න නැත්නං ආව කියල මං දන්නෙ නෑනෙ.
Deleteමේ පින්තුරේ මඩු පිරිමි ගහක නේද?
ReplyDeleteමම ඇස් කැඩෙනකං බැලුවා හරියට පෙනෙන්නැහැ
පිරිමි ගස්වල කට්ටිය ගෙඩි එනතුරු බලා හිදියි.මෙයා මේ කරන වැඩ නිසා
එහෙමත් වැඩක් තියෙනව නේද.මඩු ගස් ඉල්ලුවම දුන්නෙ ඔව්ව තමා.කමක් නෑ මල්මි ඕකෙම ගෑනු ගහ කියමුකො.අර තම්බි කිව්ව වගේ.
Deleteකියන්න කණගාටුයි හැලපයියෙ...උඹ කියපු ඔය කෑම ජාති මට කන්න ලැබිලා නෑ බං තාමත්...බොලා ඔහොම කියනකොට රහ බලන්න ආසයි...මේවා ලංකාවෙ ලෙහෙසියෙන් පහසුවෙන් රස බලන්න තැනක් නැද්ද...එක කථාවක් ලියාගෙන යද්දි හතර අතින් කථා මතක් වෙන එක නම් හරි අපූරු වැඩේ...ඔය කුමාරයා වගේ අපිට හිටිය ගෝතයා තමයි නගා...මිනිහා බොන්න ආසයි...එක ෂොට් එක දාගෙන පැය ගනන් ඉන්නවා....අපි බැන්නම තමයි ඒකත් නමාගන්නෙ...හැබැයි පොරට ටිකක් කික් උනාම එක ලග නමනවා.....බිල ගෙවන්න ගියාම කවදාවත් උගේ ලග සල්ලි නම් තිබුනෙ නෑ...හැමදාම කෝඩෙ....
ReplyDeleteඔව්ව ඔහොම තමයි බං,දුක්වෙලා වැඩක් නෑ කෙනෙකුට හැම දෙයක්ම ලැබෙන්නෙ නෑනෙ.ලංකාවට ආපු කාලෙක පුළුවන් උනොත් හදවගෙන කමු.
Deleteඔය ළඟ නමන එකෙක් අපි ගාවත් ඉන්නව ඌ ආවොත් ඉතිං බෝතලේට දෙවි පිහිටයි.
ඊයෙ කියවන්න ඇවිල්ල දිග වැඩි හින්ද යන්න ගියා.... අද උදේම කියවල රස වින්ඳ....අද පෝස්ට් එක රස සාගරයක් මචෝ.....
ReplyDeleteඅර සිං කාරයගෙ සාරි ගලවන කතාව ඇත්තද බං ..හෙහ්...හෙහ්....
උඹ දන්නවද තල් ගෙඩිය ඇස්ස ගලවල අගුරු උඩ තියල රස්නෙට ඒකෙ තිත්ත ගතියද කොහෙද යවනව ..ඇස්ස ගලවපු තැනින් බේරිලා ගියහම .....කෙදි මිරිකල පොල් කිරි ද කොහෙද දාල පැණි රහට හදල බොනව යාපනය පැත්තෙ අය
අම්මෝ ඇති,නැත්නං රහ නෑ කියල කෑ ගහන එකානේ උඹ.
Deleteසාරි ගලවන කතාව ඔහුගෙ අත්දැකීමක් මචෝ,තල් ගෙඩියෙ පැණි අරං තල් පිනාටුද කොහෙද කියල කමක් හදනව නේද,මට එහෙම කතාවක් මතකයි.
ඌ නං පුදුම කුමාරයෙක් තමා. හැක් හැක්. අනේ බං දැං කුමාරල වැහි වැහැල. ඒකයි අවුල..
ReplyDeleteසිංගේ කතාවත් මරු...
උඹ පරක්කු මොකද කියලත් මට හිතුණා,ඇත්ත බං මේ ක්‍රමයත් එක්ක කුමාරලගේ වැඩිවීම වලක්වන්න බෑ නේද.ප්‍රශ්නෙ තියෙන්නෙ ක්‍රමයේ මිසක් කුමාරලගේ නෙවෙයි.උඹට එහෙම හිතෙන්නෙ නැද්ද.
Deleteඅපි හොඳයිනේ බලාගෙන ගියාම. හිටියෙත් පිටරට ජීවිතෙන් තුනෙන් දෙකක්ම. ඒත් මම කාලා තියෙනවානේ බොහෝ කෑම.
ReplyDeleteහල් පිට්ටු හදන හැටි ගැන ඉස්සර බ්ලොග් එකක් කල මගේ ජීවිතයත් ලියලා තිබුනා. දැන් නම් කොහෙද මන්දා ඒ සටහන්. හදන හැටි අහල තිබුනට මම හල් පිට්ටු කාලා නෑ මම හිතන්නේ. අර ඔරවල කඩේ ගැන හෝවාඩුවක් ලැබුනොත් අපිටත් කියන්නකෝ.
එහෙමනං රංගි ගොඩක් හොඳයි,බොහොමයක් දෙනාට ඔය කෑම කන්නට ලැබිල නෑ.ඔරුවල කඩේ පැත්තෙ ගියානං අපිටත් කියන්න හරිද.
Deleteඔය කියන කෑම ජාති ගැන අහලා තිබුණත් මමත් කලානම් නැහැ බං හැලපයියේ...:(
ReplyDeleteකුමාරලාගේ පවුලේ උන්ගේ ඔළු වලට තියෙන්නේ මාර අපලයක් නොවැ බං,නරකද උන්ට කිවොත් අර ගල්තැන්නේ මිස්ට කපුට කියලා ඔය ඔළු වලට දෙහි ටිකක් කප්පවා ගත්තානම්.උඹ පොඩ්ඩක් කියලා බලහංකො හැලපයියේ උඹ දන්න කියන ඇයො වෙච්චි එවුන්.
ගාල්තැන්නෙ කපුවට දෙහි කපන්න තියෙන අපලයක් කියල කුමාරය නං හිතන්නෙවත් නෑ හතර අතේ නෙලනවා,උගෙ තාත්තා අමරය නං දැන් ඇත්තෙ අපායෙ.
Deleteඅපේ පැත්තේ හල් ගැටගහන්නේ පිහිල්ලක. ඇලක දොළක රදවනවානම් රෑට තමයි කරන්නේ.. දවල්ට බදින්නැත්තේ වතුර පිරිසිදු නැති නිසා. පෙරලා ගන්න මේ හල් වලින් හල් පිට්ටු හල් අග්ගලා හදනවා. හරිම රසවත් කෑමක්. වෙලාවක් ලැබුණොත් ට්‍රයි කරලා බලන්නකෝ...
ReplyDeleteඇයි හැලපයෝ මී මල් හැලප කාලා නැත්ද? ඒකත් හරිම රසයි. මීමල් වේලලා රේණු ඉවත් කරලා පොඟවලා අඹරලා අරන් පොල් පැණි කවලම් කරනවා. ඊට පස්සේ තමයි කැන්ද කොළේකට දාලා මී මල් හැලප හදන්නේ.
මී මල් හැලප ගැන අහල නං තියෙනව අනේ,කනව තියා දැකල වත් නෑ දැන් කවුද ඔව්ව හදල දෙන්නෙ.
Deleteසති දෙකක අවිවේකී කාලෙකින් පස්සේ ඊයෙයි බ්ලොග් කියවන්න බැස්සේ. පහුවෙලා ආවත් හල්ගුටි රහයි. ඔය මනි පිට්ටුයි මඩු පිට්ටුයි කියක්නේ දෙකක් නේද? මම අහලා තියෙනවා මඩු ගහක් ඵල දරන තත්ත්වෙට එන්න අවුරුදු සීයක් විතර යනවා කියලා. මඩු කියන්නෙත් වඳ වෙමින් යන වර්ගයක්. ගොඩක් වෙලාවට තියෙන තැන්වලින් ගහ පිටින් අරන් යනවා හෝටල් උයන් වතු සරසන්න
ReplyDeleteහෝටල්වල විකුණන්න මනි පිට්ටු බොහොම රස බාබත් එක්ක කනකොටයි,හදන්නෙ පාන්පිටිවලින්.අපේ ගෙවල්වල හදන්නෙම නෑ මඩුපිට්ටු ගමේ ගොඩේ හදන කෑමක් කන්න හදනව මිසක විකුනන්නෙ නෑ.දැන් දැන් මඩු ගස්වලින් කරන්නෙ සැරසිලි වැඩ පමණයි.
Deleteකියවන්න් එන්න ප්‍රක්කුවුනා හොඳටම , පරක්කුවෙලා කියෙව්වට තේරුනේ නෑ හැලපයියේ ... "වැලක් බලන්න" ගියා කිව්වේ මොකක්ද? හැබෑටම මොකාක්ද වැල බලනවා කියන්නේ ?
ReplyDeleteඅනේ පව් ඉවාන් මල්ලියට,කොනක ඉඳන් තේරුම් කරල දෙන්න වෙයි වගේ.ආ වැලක් කිව්වෙ මේ ගස්වලට යන වැලක් ලස්සන හින්ද බලන්න ගිහිං.
Delete