අපේ සිංහල සංස්කෘතියෙ තවත් ඉතා වැදගත් අංගයක් ගැනයි මම අද ලියන්න හදන්නෙ...
ඒ තමයි කිරි බාර හෙවත් කිරි දාන හෙවත් කිරිඅම්මලගෙ දාන...
මේ කිරිඅම්මාවරුන්ගෙ දාන ගැන මගෙ මතකය අවදි වුණේ හැලපි පහුගිය අවුරුද්දෙ මට එවපු පිංතූර පෙළක් දැකලයි.
ගොඩක් වෙලාවට ගෙදර යම් වැඩකදි හරි ලෙඩක් දුකකදි හරි අපේ අම්මල බාරයක් වෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්...ඒ විවිධාකාර බාරහාර අතරින් එක බාරයක් තමා කිරි අම්මාවරුන්ගෙ දානයක් දෙන එක...
අද කාලෙ දෙන කිරි අම්මාවරුන්ගෙ දානවලයි මීට අවුරුදු හතළිහකට හතළිස්පහකට විතර ඉස්සර දීපු කිරි දාන වලයි අතර මොනතරම් වෙනසක් තියන්වද කියල මට නිකමට හිතුණා...ඒ නිසාමයි මම මේ කතාව ලියන්න ගත්තෙ...කිරිඅම්මාවරුන්ගෙ දාන ගැන ඔයගොල්ලන්ටත් තියෙන අත්දැකීම් ආයෙම ඒ ඒ පළාත්වල කිරි බාර දෙන විධි ක්‍රම ගැන කියනව නම් මම එය ඉතාම වැදගත් කොට සළකනවා...
ගෙදරක කිරි බාරයක් ඔප්පු කරන්න තියෙනකොට ඒ ගෙදර තෙල් වළං ලිපේ තියන්නෙ නෑ,කිරිබත් කෑලි කපන්නෙ නෑ ආදී වශයෙන් තහංචි පැනවෙනවා...කිරිබාරය ඔප්පු කරන්න කැවිලි හදන්න තමයි ආපහු තෙල් තාච්චි ලිපේ තියන්නෙ...
මේ කිරිබාර දෙන චාරිත්‍ර එක එක පළාත්වල එක එක විදියයි...ඒ නිසා සියළු දෙනාම එකඟ වෙන නිශ්චිත ක්‍රමවේදයක් නෑ...මම කියන්නෙ බස්නාහිර පළාතෙ සියනෑ කෝරළේ මැද පත්තුවෙ පිහිටලා තියෙන මටනං ස්වර්ගය හා සමාන අපේ ගමේ කිරිඅම්මලගෙ බාර ඔප්පු කිරීමේදී කළ චාරිත්‍ර...
මම මේ කතාව ලියන ගමන් හැලපි එක්කත් සුහද සාකච්ඡාවක් කළා...බලපුවාම හාපිටිගම් කෝරළේ තියෙන හැලපිලගෙ ගෙදර කරපු කිරි බාර චාරිත්‍රවල යම් යම් වෙනස්කම් දකින්න පුළුවනි...
බාරෙ දෙන්නට ප්‍රමාණවත් කෙසෙල් කැනක් වත්තෙ නැත්නම් කැනක් හොයාගෙන ඇවිත් දුං ගහල ඉදව ගන්නව...අම්මා අලුත් කැකුළු හාල්වලින් පිටි වනක් කොටල පැත්තකින් තියනවා...
සාමාන්‍යයෙන් කිරි බාර දෙන්නෙ සෙනසුරාද හරි ඉරිදා හරි...මේ දවසුත් පළාත් අනුව වෙනස් වෙන්න පුළුවනි...
බාරෙ දෙන්න කලින් දවසෙ අම්මා ගමේ ගෙවල් ගානෙ ගිහිං කිරිඅම්මලා හත්දෙනෙකුට ආරාධනා කරල එනව...ඒ ඇවිත් තමයි දානෙට සෑහෙන්න අතිරස හදන්නෙ...මහ පාන්දර දෙකට තුනට නැගිටල කිරිබත් උයල කෑලි කපා ගන්නව...බාරෙට දෙන්න හදන කිරිබත් කෑල්ලක් ගඩොල් කැටයක් තරම් ලොකුවටයි හදන්නෙ...
බාරෙ දවසෙ පාන් කළුවෙන් ඒ කියන්නෙ බිමට එළිය වැටෙන්න ඉස්සර සුදු ඇඳගෙන තවත් සුදු වස්ත්‍රයක් පොරවගත්තු කිරිඅම්මල හත්දෙනා අපේ ගේ මිදුලට එකතුවෙනවා...
ඉස්තොප්පුවෙ තියල තියෙන වතුර බේසමෙන් දෙහි බෑයක් අරං ඔලුවෙ ගාගෙන තමා කිරිඅම්මල ගෙට ඇතුල්වෙන්නෙ...
පේළියට බිම වාඩිවෙලා ඉන්න කිරිඅම්මලට කිරිබත්, කැවුම්,කෙසෙල්ගෙඩි හත බැගින් බෙදාගෙන යනවා...ඒ බෙදිල්ලෙත් ක්‍රමයක් තියෙනවා...මං හිතන්නෙ කැවිලි හත බෙදන්නෙ තුනයි දෙකයි දෙකයි වශයෙන්...ඒ කියන්නෙ ඉස්සෙල්ල තුනයි ඊළඟට දෙකයි ආයෙමත් දෙකයි හැටියට...
බුද්ධ පූජාව තියල පන්සිල් අරගෙන ගථා කියන කිරිඅම්මාවරුන් ඔවුන්ට විශේෂිත කවි මාලය ගායනා කරන්නෙ ළයාන්විත හඬින්...
ඊළඟට පිළිගන්නපු කැවිළිවලින් බොහොම සුළු ප්‍රමාණයක් අනුභව කරල තේ හරි කෝපි කෝප්පයක් හරි පානය කරනවා...
ඊළඟට එක්කෙනා එක බැගින් දැල්වෙන පහන් තිර අතට අරගෙන ඒ පහන් තිරය හිසේ තියල ගෙදර සෑම සියලු දෙනාටම සෙත් පැතුවට පස්සෙ කැවිළි ටිකත් රෙදිකඩේ ඔතාගෙන ගෙදරින් පිටවෙන ගමන් අතේ තියෙන පහන් තිරය එළියෙ තියල තිබුණු වතුර බේසමට දානවා...
එහෙම තමා ඒ දවස්වල කිරිබාර ඔප්පු කළේ...ගොඩාක් ඉස්සර අපේ ගෙදර දීපු කිරි බාරයක් මට ඊයෙ දුන්නා වගේ මතකයෙ තියෙනවා...ඒක මතකය තමයි මම ඉහළින් ලිව්වෙ...
ඒ කාලෙ අපි හිටියෙ කුලී ගෙදරක...මොකද අපේ මහගේ කඩල ඒ දවස්වල අලුතෙන් ගෙයක් හදන නිසා...ඔය ගේ තිබ්බෙ අලවත්ත පාරෙ පල්ලමේ වංගුවට මූණදාලයි...
ඒ කාලෙ වෙළෙන් එහා මෙහා ගම යාකරන පාර දාල තිබ්බෙ නෑ...අපි හිටපු ගෙට පහළින් ඇළට උඩින් සිමෙන්ති පාළමක් විතරක් දාලා තිබුණා...ගමේම උදවිය එගොඩහ මෙගොඩහ යන්නෙ අපේ ගේ ඉස්සරහින් තමා...
අපි කොල්ලො කට්ටිය ඒ කාලෙ ඔය ඇළේ මාලු වලවල් ඉහිනවා...වතුර අඩු කාලෙට ඇළේ වලක් ගාව වැටියක් දාලා වතුර ඉහල වලේ දඟලන මාලු ටික අල්ල ගන්නව...ඔය විදියට ඇළේ උඩහට හරි පහළට හරි යමින් වලවල් කීපයක් ඉස්සහම ලොකු බාල්දියකින් එකක් විතර මාලු අල්ලගන්න පුළුවනි...
හැබැයි මම වෙල් මාලු කන්න එච්චර ප්‍රියක් නෑ...ගෙදර ගෙනියන්නෙත් නෑ...ගෙදර ගෙනිච්චොත් නං ඉතිං ඉඳල ඕනැ නෑ අම්මගෙන් බලු බැණුං...මාලු වලටම පැනල මැරෙන එක ඊට සැපයි...මාලු අල්ලන එක තමා මට තියෙන ජොලිය.
ඔන්න දවසක්දා අපිත් එක්ක කෝච්චියෙ යන ජයන්ත ඒ ගොල්ලන්ගෙ වෙලේ මාලු අල්ලන්න එන්න කියල මට කිව්වා...ඒ දවස්වල හැලපිට පුතා හම්බවෙන්න හිටියෙ...මාලු අල්ලන කතාවක් කියන්නෙ නැතුව ජයන්තලගෙ ගෙදර යනව කියල මම පිටත් වුණා...
මම යනකොට ජයන්ත බෙම්මුල්ලෙ ස්ටේෂන් එකේ සයිකලෙත් තියාගෙන ඉන්නවා මම එනතුරු...ගෙදර ගිහිං උදේට කාල එහෙම ඇඳුම් මාරු කරගෙන ජයන්තලගෙ ගෙට පහළින් තිබ්බ පුරං වෙච්චි වෙල්යායට බැස්සා...අවුරුදු ගණනාවකින් අස්වද්දල නැතිව කැලෑවැහුණු ඒ වෙල්යාය හරිම සුන්දරයි...දණක් වතුර මාලු පිරිලා...
අමුඩයක් ගහගෙන අපිත් එක්ක ආපු ජයන්තලගෙ තාත්තා මාලු ඇල්ලීමේ විශේෂඥයෙක්...තාත්තා කලින් දවසෙ අටවල තිබ්බ උගුලකට පත ලූලෙක් අහුවෙලා හිටියා...
මාලු අල්ලන අපට ගමේ තව කීප දෙනෙකුත් එකතු උනා...හවස් වෙනතුරුම වෙල්යායෙ මාලු අල්ලල ගොඩට ඇවිත් ජයන්තලගෙ ගෙදරින් දවල්ට බතුත් කාල අර ලූලයි, බට්ටොයි තව විවිධ ජාතිවල මාලුයි අරගෙන මම හවස ගෙදර ආවා...
බුදු සන්තෝ...එදා අහගත්තු බැණුං වරුසාව...අපේ අම්ම තමයි පටං ගත්තෙ...
සත්තු මරනවද යකෝ ළමයි හම්බවෙන්න ඉද්දි...
ආදී වශයෙන් පටන් අරං කියෝනව කියෝනව පැය බාගෙකට වැඩියි...හැලපි වෙල් මාලු කන්න කැමතියි ඒ වුණාට අම්ම පරල වෙලා කෑ ගහද්දි මොකුත් කරන්න බෑනෙ...
මට ඕනැ නෑ මාලු...කියල කටත් ඇදකරගෙන පැත්තකට උනා...
අපේ මල්ලිගෙ පවුල මාලු ටික අරගෙන හොඳට තුනපහේ දාල ඉව්ව මොකුත් නෑ ගෑවුණු තැන කන්න පුලුවනි...අපරාදෙ කියන්න බෑ එක මාලු කූරියෙක්වත් අහක ගියෙ නෑ...
(ජයන්තලගෙ ගෙවල් ළඟ වෙල්යායෙ මාලු අල්ලපු හැටිත් හරිම ලස්සන කතාවක්...ඒ කතාව වෙනම දවසක ලියන්නං)
අපේ ගෙවල් ළඟ ඇළේ අපි මාලු අල්ලද්දි වැඩිපුරම අහුවෙන්නෙ මගුරො,අංකුට්ටො,කාවයියො,හුංගො වාගෙ මාලු...ඉඳල හිටල ලූල් පැටියෙක් අහුවුණාට ලූල්ලු, ආඳො වාගෙ මාලු අහුවෙන්නෙ නෑ...මඩකරි හෙවත් මඩ කණයි නං ඕසෙට අහුවෙනවා...ඒ උනාට කට්ටිය මඩකණයින්ට මනාප නෑ...ආපහු වතුරටම දානවා...
ඉහපු වලේ මාලු ටික අල්ලගෙන ඇළඉවුරෙ තියෙන තණකොළ බිස්ස හිමිහිට උස්සපුවාම තවත් මාලු මහ රාසියක් ඇළ ඉවුරෙ ඉන්නව හරියට සැමන් ටින් එකක මාලු අඩුක් කරල තියෙනව වගේ...වැඩිපුරම ඉන්නෙ හුංගො...බොහොම පරිස්සමින් අල්ලගන්න ඕනැ...විද්දොත් එහෙම පුදුම වේදනාවක්...
ඔන්න සැරයක් අපේ කුඹුරෙ ගොයං කපල පාගනව...කොල්ලො කණ්ඩායමම උදව්වට ඇවිත් හිටියා...අපි කොළදින් කෙරුවෙ කනත්ත ළඟ පොඩීලගෙ කමතෙ...හරියටම එදාම මිනිස්සු කට්ටියක් මහපාරෙ බාප්පලගෙ ගෙවල් ළඟ පාලම යට බෝක්කුව ඉහලා මාලු අල්ලං ගිහිං...කොල්ලන්ට මේ කතාව ආරංචිවෙලා බෝක්කුවෙ ඉතුරු මාලු ටික අල්ලගන්න කියල දුවල ගියා...
පෑගිල්ල ඉවරවෙලා බැත හුළං කරන්න විතරයි තිබුණෙ...ඒ හින්දා මමත් කොල්ලන්ට මොකුත් කිව්වෙ නෑ...ඔහෙ ගිහිල්ල එන්නැතෑ කියල කමතට වෙලා ඉඳං හිටියා...
ඔන්න ටිකකින් කුමාර නියර දිගේ වේගෙන් එනව මට පේනවා...මේකා එන විදියයි එන වේගෙයි අසාමාන්‍ය කමක් දැක්ක නිසා මම ටිකක් විමසිලිමත් වුණා...මගෙ දිහා නොබලාම...
අයියෙ මම යනව...
කියාගෙන තවත් වේගෙන් නියර දිගේ යන්න ගියා...උගෙ කටහඬෙත් තරමක වියරු ගතියක් තිබුණද කියලත් මට හිතුණා...
තවත් ටික වෙලාවකින් කුමාරට සනීප නැතුව බේත් කරනව කියල කමතෙ හිටපු අපිට ආරංචි වුණා...කමතෙ වැඩ ටික ඉක්මනට ඉවර කරපු අපි කුමාර බලන්න ගෙදරට ගියා...
ගෙදර මිදුලෙ බූරු ඇඳක ලෙඩාව නිදිකරවලා...ඇඳ යට බේත් මුට්ටියක් කට කලු හබරල කොළේකින් බැඳල...කොළේ සිදුරු කරල ලෙඩාට හුමාලෙ වදින්න...
ලාල්ලගෙ තාත්තා මතුරනවා...
සිද්දවෙච්චි දේ පස්සෙයි ආරංචි වුණේ...
කමතෙ ඉඳල ගියපු කුමාර කෙලින්ම බෝක්කුවට බැහැලා...ඉණක් විතර මඩවතුර තිබිල තියෙනවා...ඔය වතුරෙ මඩ මිරික මිරිකා මාලු හොයපු කුමාරට වලේ ඉතුරුවෙලා හිටපු හුංගො ටික හොඳට සලකලා...ඇනල තියෙන්නෙ ඉණෙන් පහළ ප්‍රදේශයට...විශේෂයෙන් ඔලුවට එහෙම හොඳ සීරුවට ඇනලා...
වේදනාව ඉවසගන්න බැරිතැන කුමාර නියර දිගේ ගෙදරට දුවගෙන ගිහිල්ලා...ඒත් ඉන්න බැරුව අපේ නාන ළිඳට ඇවිත් නාන්න...එතන සිහිනැතුව වැටිල ඉන්නව නාන්න ආපු චන්දරේ දැකලා තමා උස්සගෙන ගෙදරට ගිහිල්ල තියෙන්නෙ...
වේදනාව ඉවසගන්න බැරිතැන කුමාර නියර දිගේ ගෙදරට දුවගෙන ගිහිල්ලා...ඒත් ඉන්න බැරුව අපේ නාන ළිඳට ඇවිත් නාන්න...එතන සිහිනැතුව වැටිල ඉන්නව නාන්න ආපු චන්දරේ දැකලා තමා උස්සගෙන ගෙදරට ගිහිල්ල තියෙන්නෙ...
එතන ඉඳන් ගමේ විෂ වෙදා වෙච්චි ලාල්ලගෙ තාත්ත ඇවිත් බේත් කරල තියෙන්නෙ...
ඔය කේස් එක නිසා පස්සෙ කාලෙක සෘජු වීමේ ප්‍රශ්නයක් පැන නැගිල කියල කුමාරමයි කිය කිය ඇවිද්දෙ...
එහෙම දෙයක් වුණාදවත් කියල මටනං සැකයි පස්සෙ කාලෙකදි මූ ගෑණුන්ට එළෝ එළෝ නෙලපු හැටියට...තාම එහෙමයි බැන්දෙත් නෑ වන වනා ඉන්නව...
ඔන්න ආයෙමත් ඉන්දියාවෙ ඉඳල අපි ගෙදර ආපු අලුත කොල්ලො ටික වලක් ඉහිනව කියල ආරංචි වෙලා මමත් ගියා...දැන් අපි වලවල් දෙකතුනක් ඉහලා ඇළේ උඩහ පෝටවත්තෙ පල්ලෙහා හරියෙ වලක් ඉහිනවා...ටිකකිං අපේ පෝටවත්තෙ නැන්දා ඇඳන් හිටපු කිමෝනාවත් පැත්තකින් උස්සගෙන නියර දිගේ දුව දුවගෙන එනව මම දැක්කා...
පුතේ...බුදු අම්මේ ඔය මොකද කරන්නෙ...චී චී යන්න ගෙදර...යන්න ගෙදර...
ඇයි නැන්දෙ...
ඇයි තමයි...ලැජ්ජ නැද්ද... මෙන්න මෙහෙට එන්ඩ...
නැන්දගෙන් බේරෙන්නම බැරි තැන මම මග ඇරල ගියා...නැන්ද හිතන්න ඇති මම පිටරට ඉඳල ආපු ගමන් ඇළේ තිත්තයො මිරිකන එක ලැජ්ජාවක් කියලා...ඒ ගොල්ලො එහෙමනෙ...මමනෙ දන්නෙ ඒ වැඩවල තියෙන සනීපෙ...
බුදු අම්මෝ...මම කිරි අම්මල ටික ගෙදර තියල මාලු අල්ලන්න ගියා නේද...එහෙනං කිරිඅම්මලගෙ බාරෙ දීලම ඉම්මු...
ඉස්සර කාලෙ කිරිබාර දීපු විදිහ මම කිව්වනෙ...දැන් කියන්න තියෙන්නෙ මේ කාලෙ කිරිබාර ඔප්පු කරන විදිය...
අපි බෙල්ජියමෙ ඉඳල ගෙදර ආපු දවස්වල කිරිඅම්මාවරුන්ගෙ දානයක් දුන්නා...ඒ දානෙට අපි හැදුවෙ කිරිබත්,අතිරස,කෙසෙල්ගෙඩි සහ කිරිකෑලි හෙවත් කිරියා...ඒ බාරෙ දෙන්න එද්දි කිරිඅම්මල පත්තිනි දේවියගෙ රූපයකුත් ගෙනත් පුද පූජා පැවැත්තුවා...
මේ මෑත කාලෙක ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ හැලපි මෙහෙ එන්න කලින් කිරිඅම්මලගෙ දානයක් දීලා තිබුණා...
අනේ අම්මේ...කිරිබාර මොඩ්වෙලා තියෙන තරමක්...
ඉස්සර වාගෙ අපට ඕනැ අයට ආරාධනා කරන්න බෑ...කිරිබාරෙට මූලික වෙන කිරිඅම්මා ළඟට ගියාම අහවල් අහවල් අයට ආරාධනා කරන්න කියල එයා කියනවා...
ඊට පස්සෙ කිරිඅම්මලගෙ බාරෙට කැවුම් කිරිබත් එක්ක කැවිලි ජාති හත බැගින් තියන්න ඕනැ...පඬුරු තියන්න ඕනැ...බාරෙ ඔප්පු කරල යද්දි තෑගි දෙන්න ඕනෑ...
ඔය ඔක්කොම හැලපි මට කතාකරල කිව්වා...
මම නං ඔහොම කිරිබාර දෙනව කවදාවත් දැකල නෑ...අපි දන්න ඉස්සර කරපු විදියටම දෙන්න...
එහෙම බෑනෙ අනේ...දැන් කවුරුත් ඔය විදියටනෙ කරන්නෙ...අපිටත් එහෙම කරන්න වෙනවා...
අනේ කාලේ වනේ වාසේ කිව්වලු...දෙන්න බැරිකමකට පෙරේතකමකට නෙවෙයි...තමන්ගෙ වාසියට එහෙම නීති හදාගන්න එක හරි නෑ...කැතයි...කිරිඅම්මා කියන උතුම් නමට කැළලක්...
දැන් කිරිඅම්මලට ට්‍රාන්ස්පෝට් දෙන්නත් ඕනැ...හත්දෙනා ගේ මිදුලෙ එකතුවෙලා පැය කාලක් විතර කවි කියනව ගෙට ඇතුල්වෙන්න කලින්...
ගෙට එන්නයි හදන්නෙ කියල...
ලාල්ලගෙ අම්මා තමයි කිරිඅම්මාවරුන්ගෙ මූලිකයා...මම හිටිය නං කවි ටික රෙකෝඩ් කරගන්නත් තිබුණා...
ලාල්ලගෙ අම්මා තමයි කිරිඅම්මාවරුන්ගෙ මූලිකයා...මම හිටිය නං කවි ටික රෙකෝඩ් කරගන්නත් තිබුණා...
දෙහි ගාගෙන ගෙට ඇතුල්වෙන්නෙ ගෙයින් එළියෙ තියල තියෙන කිරි බාජනයකුත් අරං...ඒ කිරි අන්තිමේදි ගෙයි හැමතැනමත් ගේ වටෙත් ඉහිනවා...
හැබැයි ඉතිං වැඩත් වැඩියි...කිරි උතුරෝල පත්තිනි අම්මගෙ පින්තූරෙට පූජා වට්ටියක් තියල නොයෙක් තාන්තුවා කරනවා.
හැබැයි ඉතිං වැඩත් වැඩියි...කිරි උතුරෝල පත්තිනි අම්මගෙ පින්තූරෙට පූජා වට්ටියක් තියල නොයෙක් තාන්තුවා කරනවා.
ඒ බාරෙ පින්තූර ටික තියනවනෙ...ලියනවට වඩා හොඳයි කට්ටිය බලලම පැහැදිලි කරගන්න එක.
අපේ ගෙදරත් කිරි බාර කීපයක මට මතකයි . උදේ පාන්දර කිරි අම්මලා ගෙදරට එන එක හරිම ලස්සන දර්ශනයක් . අපේ අම්මට ඉස්සර හරියට ආරාධනා ලැබෙනවා . අපි ඉන්නේ අම්ම එනකන් අර කිරියා කන්න . කිරියා තමයි මන් ආසම . හැමදේම හත ගානේ බෙදනවානේ . කිරියා කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ .
ReplyDeleteකිරි අම්මලා වෙන්න පුළුවන් ළමයි වදාපු අයට විතරලු. අසාධාරණයි ඉතින් ඒ නිතිය නම් .
සිංදුවකුත් තියෙන්නේ ඒ ගැන .
දැන් කොයිවත් වගේ පහසුවට ෆුල් පැකේජ් එකමගන්න පුළුවන් . ඉස්සර වගේ ගෙවල් ගානේ ගිහින් ආරාධනා කරන්න ඕන නැහැ . අපේ ගෙදර නම් අම්ම අහල පහල කාන්තාවන්ට තමයි එන්න කිවේ .
වෙල් මාළු ...අපේ පළාතෙත් පායන කාලෙට ජයට කෙරුණ . වලක් හින්ද දාට මාළු ඉරටු වල අමුනලා වැලක් හදාගෙන විකුණන එකයි සමහරු කලේ . අපේ අය්ය හෙම කොල්ලොත් එක්ක එක්කහු වෙලා ඔහොම මාළු ගෙනාවම උන්දැටත් මාළු වලට පනින්න හිතෙන්න ඇති . මාළු පන තියෙනවා . මැරෙන්න වෙලා යනවා . අපි හැමෝම අය්යට ගෝරි දානවා . සමහර දාට අම්ම උයල දීපු වෙලාවලුත් තිබුණ . අළු දාල තමයි සුද්දකරන්නේ .පහේ බැදලා උයන්නේ . මට නම් එකාලෙත් කන්න ආසාවක් නැහැ . මුහුදු මාළු වගේ හයය නැති නිසාද කොහෙද . මේ රටේ වැඩිය කන්නේ මිරිදිය මාළු. වෙල් වෙල් මාළු වගේම තමයි කටු ගොඩ මෙලෝ රහක් නැහැ .
කිරි අම්මලා වෙන්න පුළුවන් දරුවෝ වදාපු අයට විතරයි.හරියටම නම් දැනටත් කිරිදෙන අය වෙන්න ඕනේ.එහෙම හොයාගන්න ප්‍රයෝගිකව අමාරු නිසා තමයි ඔය ක්‍රමය.
Deleteකවුද බොලේ කලින් ලියලා තිබ්බා කිරි අම්මා දාන ගැන.. චන්දනද කොහෙද.. හොයලා ලින්ක් එක දාන්නම්...
ReplyDeleteකිරි අම්මා දාන ගැන නම් මම දන්‌ෙන් නෑ.. ඒ කිව්වේ අපේ ගෙදර මට මතක තියෙන කාලෙක දීලා නෑ.. හැබැයි අහල පහල ගෙවල් වල ඒවා නම් මතකයි.... තව ඉතිං අම්මා ඕකට ගිහින් ආවම කිරියා කන්න බලං ඉන්න හැටි නම් මතකයි.... සාමාන්‍යයෙන් අපේ ගෙවල් ළඟම තැනක කිරි දානයක් දෙනවා නම් අම්මට ආරාධනා කරන්න ආවම අපේ මල්ලිටත් අනිවාර්යයෙන්ම කියනවා “ පුතේ කිරියා හැදි ගාන්න එන්න ඕනේ හොඳේ...” කියලා... අපේ එකා පැනලා යන්නේ... ඇන්ටිලා ටික ඌට හරි සැලකිලි... ඌ කිරියා එක්ස්පර්ට්... හදන්නයි කන්නයි දෙකටම... අනිත් එක කිරියා හදන්නේ කිරි අම්මා දාෙනට විතරයි නිසා කිරි අම්මා දානයක් දෙනකම් බලං ඉන්නේ කිරියා කන්න...
දැන් වැඩේ තියෙන්නේ කිරි අම්මලාව අල්ලන්න හරිම අමාරුයිනේ... දැන් ගෙවල් වල ඉන්න කිරි අම්මලා අඩුයිනේ... ආච්චිලා තමයි ඉතිං... එහෙම උනාම හිටපු ගමන් චාරිත්‍රත් එක එක විදියට වෙනස් වෙනවා...
අෙප් ගෙවල් පැත්තේ ඔය චාරිත්‍ර එක එක විදියට කෙරෙනවා... මොකද එක පවුලක් වත් ගම්කාරයෝ නෙවෙයිනේ... හැමෝම රටේ එක එක පලාත් වලින් ඇවිත් ඉඩම් අරන් පදිංචි වෙච්ච අය... ඒක නිසා දැන් ඒ චාරිත්‍ර කලවම් වෙලා කියලා මට හිතෙනවා...
මං මේ පොඩි කමෙන්ට් එක ලියන අතරෙ හිරු "පෝස්ට් එකක්" ම දාල නෙ. :D
Deleteමෙන්න චන්දනගේ පෝස්ට් එක...
Deleteකිරි අම්මාවරු දනට වඩිනවා...
හි හි.....
Deleteහි හි...
Deleteහි හි...
හි හි...
හි හි...
හි හි...
චන්දනගේ පෝස්ට් එක ගොඩක් විස්තරාත්මකයි හිරූ...මම හිතන් ඉන්නෙ මේ සැරේ කිරිඅම්මල කියන කවි ගාථා එහෙම රෙකෝඩ් කරගෙන ඇවිත් දාන්න
Deleteඅපේ ගෙදරත් ඉස්සර නම් අවුරුද්දක් පාසා කිරි දානයක් දෙනවා. දැන් නම් එහෙම කෙරෙන්නෙ නෑ. ඒ ගැන මං පොඩි පෝස්ට් එකකුත් දාල ඇති.
ReplyDeleteහැලපයියෙ, අර හුංගො විසයි ද එච්චරකට..? මෙහෙ නම් නෑ උන්.
අඩේ කිරි අම්මලා ගැන ලියන්නම උඹ සිල් රෙද්දකුත් ඇඳලා නේද? කවුද හිනාවුනේ? මම හිනාවුනේ නෑ. ඇයි උඹට එහෙම හිතුනේ?
Deleteඅපිත් සියනෑ කෝරළේ නිසා ඔයිට සෑහෙන සමානයි කිරි අම්මලගේ දාන. අපේ අම්මත් කිරි අම්මා කෙනෙක් හැටියට ඕවට ගියා.
උඹ ගැන හොඳ දේවල සඳහන් වෙලා තිබ්බ තැන් දෙකක් මම හොයා ගත්තා. මෙන්න:
ගාමිණීගේ විජිතය, උඹේ පඳුරු තැලිල්ල
මගේ ඩෙනිම, උඹේ පින් පාට මූණ ගැන
වැරදි තැන වැටිලා තියෙන්නේ, කමක් නෑ. කමක් නෑ නේද බං චන්දන?
Deleteමේ මොකක්ද මේ කරලා තියෙන්නේ ? කිරි අම්මා දානෙට කියලා අපිව එක්කන් ගිහින් තියෙන්නේ වළක් ඉහන්න නේද ?
Deleteඅවුලක් නෑ ඩූඩ් අයියෙ.. කොහෙ උනත් හැලප කඩේ අස්සෙ නෙ වැටිල තියන්නෙ. :)
Deleteහුoගො විසයි චන්දන විශේෂයෙන් සංවේදී ස්ථාන වලට දල වැදුනොත් ගොඩක් වේදනයි
Delete@ඩූඩ්
Deleteඋඹ හිනාවුනත් කමක් නෑ මචං,මේ පින්තූරෙ ගත්තේ බිරිඳ,මම වෙසක් දවසෙ සිල් සමාදන් වෙන්න යන්න ලෑස්තිවෙලා ඉද්දියි.තව පින්තූරයක් ගත්ත ගමන් මේක වෙනස් කරනවා මොකද මේ පින්තූරෙ ලොකු වැරැද්දක් තියෙන නිසා.
උඹ තැන තැන මා ගැන ගහල තියෙන කයියට ගොඩක් ස්තූතියි.
@සහන්,
Deleteගාණක් නෑ සහන් කිරි දානේ දෙන්න වල ඉහලම එමු.පිනට පව කැපිල යයිනේ.
අපේ ගෙදරත් ඔය දානයක් දුන්න. දැං අර වගේ එක අම්ම කෙනෙකුට කිවුවම එයා අනික් කට්ටිය එකතුකරගන්නව.
ReplyDelete'ඉණෙන් පහළ ප්‍රදේශයට...විශේෂයෙන් ඔලුවට එහෙම' කුමාරයගෙ ඉනෙං පහළ තිබ්බ ඔලුව මොකක්ද? :D
ඔව්නෙ,ත්‍රිබාසා පොඩි එකානෙ,මට අමතක උනා...ආපුහාම කියල දෙන්නම් ඉනෙන් පහල තියෙන ඔලුව මොකක්ද කියල
Deleteඔබ මේ කියන්නෙ සෑහෙන අතීත මාලු කථාවක් වෙන්න ඇති...මොකද අද කුඹුරු වලට ඉසින කෘෂි රසායන නිසා ඔය විදියට මාලු ඉන්න විදියක් නෑ...
ReplyDeleteඔය කිරි බාර වල දෙන පිටි වලින් හදන කිරියා කියලා අපි හදුන්වන ආහාරයට නම් මම හරිම මනාපයි...සමහරු ඕකට කජු එහෙමත් දාලා හදනවා...
මම කියපු කතාවේ දින වකවානු හරියටම කිව්වොත් 1994 අග බාගයේ,අදනම් කිසිම කුඹුරක් වැඩ කරන්නෙ නෑ අපේ පැත්තේ වියදම් වැඩි නිසා,මම මෝඩකමට කලොත් මිසක.කුඹුරු වැඩ නැති නිසා රසායන ද්‍රව්‍යත් වෙල්වලට යොදන්නෙ නෑ.
Deleteඉතිං ඒ නිසා වෙල්මාලු නැවත බෝවෙලයි තියෙන්නෙ.ඒක හරිම සතුටක්.
පහුගිය දවස්වල කෝච්චියේ යනකොට මම දැක්කා දාරලුවේ වෙල්යාය ආපහු අස්වද්දල තියෙනව.
කිරි දාන ගැන එතරම් අත්දැකීම් නැති නිසා අයියගේ පෝස්ට් එක හුගක් වටිනවා. ඒ වගේම මාළු ඇල්ලූ ආකාරය හරි රසවත් අයුරෙන් ලියා තිබෙනවා. නගරෙ ජීවත් වන අපිට එවන් අත්දැකීම් නැතී වීම හිතට දුකක්.
ReplyDeleteකාලානුරෑපව දානෙ වෙනස් උනත් හිසේ දෙහිගැම නම් වෙනස් වෙලා නෑ. ඇත්තටම ඇයි දෙහි ගාන්නෙ?
ReplyDeleteහිසේ දෙහි ගෑමෙන් සංකේතවත් වෙන්නේ කිළි නොමැතිව අතුල්වීමයි.
Deleteපෝස්ට් එක ඔබට රසවත් නම් එය මටත් සතුටක්.
කිරි අම්මා දන වලදී කිරි අමාවරු කියන කවි නම් මරේ මරු නේද හැලපයෝ.
ReplyDeleteඅයිලාස්,මම හිතාගෙන ඉන්නෙ මේ සැරේ ගියාම කවි ටික රෙකෝඩ් කරගෙන එන්න
Deleteඔය කතාව කියවලා අන්න අර අටමා හුංගෝ ඉන්න වලකට බැහැගෙන ඉන්නවලු !
ReplyDeleteකොහොමටත් මම හුංගෝ වලක තමා බං ඉන්නේ . පහුගිය වැස්ස දවස්වල පිටි පස්සේ වෙල උතුරල වත්තේ දනක් වතුර පිරිලා ගේ වටේටම , මේ අහල පහල කොල්ලෝ බිලි පිතිදාගන පෝර බැග් බාගයක් විතර අල්ලගන ගියා .. උන්ට ගින්දර දුන්නයි . බෑග් දුන්නයි ., මාළු ඉන්න තැන් පෙන්නුවයි කියලා අටමි පහුවදත් මට පිප්පුවා
Deleteපවුකාරයා. අටමි කියන දේ අහලා ගොඩ වෙයන්..
Delete@සරත්,
Deleteඅටමා මාළු අල්ලලා නෑ සරත්,මාළු ඉන්න තැන් පෙන්නුවටයි ඌට මාළු වැලක් කොල්ලෝ දීල ගිහින් තියෙන්නෙ.
@අටම්
Deleteබලාගෙන ඉඳපන්,වතුර බැහැපු ගමන් මදුරුවෝ ඉදී දවල්ට හිටන්.
පිස්සුද බං මං ඒ මාළු ගත්තේ නැ
Deleteකිරි අප්පට බල්ලො පැනපි යකෝ දැන් කිරිඅම්මලට තෑගිත් දෙන්න ඕනද?පුදුම ආන්ඩුවක්නේ?අපි නම් සල්පිටි කෝරලේ අය හුඟක් වෙලාවට කිරි බාර වෙන්නෙ දරුවො ලැබෙන්න ඉන්න කොටයි, දෙයියන්ගෙ ලෙඩ හැදුනහමයි.අපේ දුව හම්බවුනහම බාරෙ ඔප්පු කරන්න දීපු කිරි දානෙ මම වීඩියෝ කරල තියනව.අවුරුදු 18 කට පස්සෙ දුවට පෙන්නුවහම එයාට හරි සතුටුයි.
ReplyDeleteපද්මකුමාර
දැන් ඉතිං හැමදේම වාණිජකරණය වෙලානෙ,ඒකයි තෑගි බලාපොරොත්තු වෙන්නේ.
Deleteකිරි අම්මා දාන ගැන අහලා තිබුනට ඉතින් අපේ ගෙවල් වල ඕවා දීලා නෑ.. ඒක හින්දා දෙන විදිහ කොහොමද කියලවත් දන්නෑ.. ඒක නිසා මේ විස්තරේ වටිනවා..
ReplyDeleteඔය හුංගො ඇන්නම එතනට චූ කළාම හොඳ වෙනව කියලා අහලා තියනවා.. ඒත් අරූට ඇනලා තියෙන්නෙ කාටවත් චූ කරන්නවත් පුළුවන් තැනකටයෑ නේද.. ඌටම තමා..
අර පොඩි පාලමක් තියන පින්තූරෙනම් මරු අප්පා.. ආසවෙ බෑ එහෙම තැනක් පින්තුරෙකින් හරි දකින්නවත් හම්බෙන එක ගැන..
අනිනවා කියන්නේ බං ඌ ඔලුව ගස්සනකොට කණ ගාව දෙපැත්තේ කියන වරල් දෙකේ කට්ට ඇණෙනවට ,
Deleteඕකට හොදම බේත අෟගේම බොක්ක පළලා අරන් බදින එක . පැයෙන් ගොඩ
පුදුමයි සෙන්න ගමෙදිවත් කිරිඅම්මලගේ බාර දැකල නෑ කියපුවම.
Deleteඔය ඉන්නෙ නියම වෙදෙක් මාළු ගැන ඕනෑම දෙයක් කියයි
මචං හැලපෙ
ReplyDeleteඅර සිල් රෙද්දකුත් පොරවගෙන නිකං මහින්දගෙ මල්ලි වගේ මූනක් තියන පොර කවුද?අර ප්‍රොපයිල් පොටෝ එකේ ඉන්නෙ.
පද්මකුමාර
සමාන කිරීම නම් මට එච්චර ඇල්ලුවේ නෑ.
Deleteකමක් නෑ මචං ඒවගේ නම් මොනවා කරන්නද
පොඩිම කාලෙ මතකයි ගෙදර ඔහොම කිරි දානයක් තිබ්බා..අදටත් ඔෆිස් එකේ නම් කිරි දානයක් තිබ්බොත් රසම රස කිරියා කන්න ලබෙන එක අනිවා ම තමයි. මේ විස්තරේ නම් මෙච්චර හොඳට දැනම් උන්නෙ නෑ..
ReplyDeleteඅපි නම් නිතරම කිරිබාර දෙන නිසා විස්තරත් හොඳට දැනගෙන හිටියා
DeleteApe gedarath deela na mathaka athi kaaleka. Eth aththamma gihin thiyanawa. Mehe nam kattiya aapahu gewal walatath enawa kos gahe nati penna kalin. Wishesha dinayak nam nadda koheda.
ReplyDeleteඑහෙම තමයි අඟහරුවො මමත් හිතන්නෙ,අපේ පැත්තේ නම් වැඩ ටික ඉවරවෙනකොට එළිවෙනවා
Deleteකිරි කෑලි කාලා තියෙනවා. මම කාපු රහම කෑමක්. හැබැයි කිරි අම්මලාගේ දානයක් දැකලා නම් නෑ. ඒ හන්දා විස්තර ආසාවෙන් කියෙව්වා. ඔය කිරි කෑලි කිරි අම්මලාගේ දානවලට විතරක් හදන එකේ තේරුම මොකක්ද? කැවුම් වගේ දේවල් වෙන උත්සව වලටත් හදන එකේ කිරියා වෙනත් අවස්ථාවල හැදුවාම මොනා වෙයිද?
ReplyDeleteවැව් මාලු ගමේදි කාලා තියෙනවා. රහට ආසා උණේ නම් නෑ. මෙහෙ තියෙනවා මිරිදිය මාලු හරිම රහයි bake කරලා ගත්තාම.:)
කිරිකෑලි හෙවත් කිරිය හදන්නේ කිරිබාර වලට විතරමයි පොඩ්ඩියෙ...වෙනත් අවස්ථාවල හැදුවොත් මොනා වේවිද දන්නේ නෑ...
Deleteවැව් මාලුත් බැදල ගත්තම හරිම රසයි.යුරෝපේ නම් මම දැකල තියෙන විදියට මිරිදිය මාළු මරන්නේ නෑ...බිලී බාල දිග මැනලා බර බලලා ආපහු වතුරට අතාරිනව.
ane manda nikan appai kiri hodiy wage kathawa.kiri amamalata daana dena vidi kipayak mama dakala thiyenawa.ape gedara karanne kiri dena e kiyanne podi daruwo inna ammala 7 denukuta aradana karana eka.tha thiyenawa daruwo wedi gananak inna ammalata 7 denekuta aradanaa karala dena eka.thawa mama dakala thiyenawa kiri ammala 7 denai thawa kiri thaththa kiyala wayasaka pirimi kenekuth genella dena awastha.
ReplyDeletemama innna kittuwa gedaraka thiyena bord ekak dala "KIri amma warunge dana bara ganu labe" kiyala.
mamath harima kemathi dayak kiri daana.
sira kiuwa wage dan elawal wala malu ne.
ඒ කියන්නේ කිරිඅම්මලගේ බාරත් දැන් වානිජකරණය වෙලානේද දිමුත්.අර කිරි තාත්තලගේ දාන නම් මම ඇහුවමයි.
Deletehapoi mage nama
Deleteමගේ ජීවිතේටම මට මතක එකම එක කිරි දානයයි. උදේ පාන්දර තියෙන එකක් නිසා මිස් වෙනවා. අපේ ගෙදර තිබුනත් අපිව ඇහැ ඇරවන්නේ නෑ. කිරියා කියන්නේ පුදුම රහ කෑමක්. ඒත් සමහර ගෙවල් වල ඒවා නම් රහ නෑ. කිරිමත් කියන්නේ මගේ ප්‍රියතම කෑමක්. බත් කන්නෙ නැති කාළෙත් කිරි බත් නම් ඇදලා ඇරියා. වැඩියේ හැදුවේ නැත්තේ මට හතිය තිබුන නිසා. කිරියා කෑවත් ලෙඩ වෙනවා. ඒත් කන්න දෙනවා.
ReplyDeleteහැලපෙගෙ පොටෝ එකයි පෝස්ට් එකයි දැක්කම, මට පින් මාළු වලේ කුසල් හාමි මාළු බාන හැටි මතක් උනා. මම දන්නෙ අදනේ මහින්ද රාජපක්ෂ බ්ලොග් ලියනවයි කියලත්. ගමේ රජා වගේ ඉන්නේ මේ පර්සනැලටිය නිසාමද කොහෙද..? මේ ළඟදිත් මාළු වලක් ඉස්සා. මාළු හරි අඩුයි දැන්.
කුමාරයා තාම වන වනා යන්නේ දලේ තාම ටිපියෙද දන්නෙ නෑ. හුංගත් වනන කොර නේ වදින්නේ. ඒ හුංගට ලස්සන නමකුත් දාන්න ඇති නේ.....
මාතලන්ටත් මාව දකපුවම මතක්වෙන ජාති.හැම තිස්සෙම පොරත් එක්ක එල්ලෙන නිසා පොරගේ මූනමයි මතක තියෙන්නෙ නේද.මාව එයාට සමාන කරන එක ගැන නම් මගේ එච්චරම ප්රියක් නෑ...
Deleteකුමාරය දැන් මරුඑකට ඉන්නව බිබී...ඕකට හුංග කියල කාඩ් එකකුත් තිබුන ඒ දවස්වල.
අපේ පැත්තෙ නම් වයසක අය විතරක් නෙවෙයි කිරිදෙන අම්මලත් දෙතුන් දෙනෙක්වත් ඕන.
ReplyDeleteඅත්දැකීම් තියෙන තලතුනා කෙනෙක් යාතිකා කරද්දි; කවි කියද්දි අනිත් අය අග අල්ලන එක හැර වැඩි යමක් කරන්නෙ නෑ.
අපේ ගමෙත් මහ වැහි වලින් පස්සෙ වලවල් ඉහිල්ල තිබුණා. මගුරා - තෙලියා - වල පොත්තා වගේ මාළු තමයි වැඩිපුර හිටියෙ. හැබැයි ඒ, මීට අවුරුදු 30 කට විතර කලින්. දැන්නම් මගුරෙක් තියා තිත්තයෙක්වත් නෑ "අර ග්‍රැමැක්සෝන් ක්‍රමය" නිසා.
අපේ පැත්තේ නම් වෙල් පාළුවෙලා හින්ද ග්‍රමක්සෝන් ගහන්නේ නෑ සුමිත්.ඒ නිසා මාළු ආයෙම බෝවෙලා.
Deleteකිරි අම්මාවරුන්ට දෙන දාන කටයුතු නොදන්න ළමයි කොච්චර නම් ඇද්ද.
ReplyDeleteගම් වල තාමත් ඔය කටයුතු උනත්,ගම්වලින් නගරයට ආපු අයගෙන් නම් වෙන්නෙම නැතිව ඇති.
ලෝකෙ මොන රටවල ඇවිද්දත් ගම අමතක කරන්න බැහැ නේද හැලප.
ඒකා තමයි කෙන්ජි මමත් බැලුවේ මේ වතාවත් නොදන්නා අය කොච්චර ඉන්නවද කියල.
Deleteකොයි ලෝකේ ගියත් ගම වාගේ තැනක් වෙන කොහෙද කෙන්ජි.
මමත් සියනෑ කෝරළේ නිසා කිරි අම්මාවරුන්ගෙ දාන ඔය විදියටම දැකලා තියෙනවා. රස්සාව නිසා ගමෙන් ඈත්වෙලා ඉන්න නිසා වෙනස් වීම දකින්න ලැබිලා නෑ. හවුල් වෙලා නැතත් මාලු ඇල්ලීමත් ඇතිවෙන්න දැකලා තියෙනවා. ඒ දෙකම අපූරුවට විස්තර වෙලා තියෙනවා. ගෙදර ඇත්තිට හැලපි නොකියා වෙන ගවුරව පුරස්පර ඇමතුමක් හොයාගත්තොත් හොඳයි කියලා හිතුනා.
ReplyDeleteහෙන්රියා (blogwalker) ගහපු ටෝච් පාරක් දිගේ මේ පැත්තට ආවේ ..
මම දැක්ක හෙන්රි මා ගැන ලියල තියෙනව.
Deleteහොඳයි ගාමිණී මම වෙන නමක් හොයාගන්න බලන්නම්කො.
ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.
කිරියා කන්න අපිත් මනාපයි......
ReplyDeleteඅයියෝ අර කුමාරයට උන දෙයක්...:P
කුමාරය දැන් ජොලියේ ඉන්නව මනෝජ්
Deleteගිය පාර නිවාඩුවට ගිය වෙලේ අපිත් කිරි දානයක් දුන්න. උයන්න කිරි දාන වලට උයන මිනිස්සු දෙනෙක් අල්ලගත්ත, අහල පහල ඇන්ටිල ටිඅක දෙනෙකුට එන්න කිව්ව. මායි හාමිනෙයි, අපෙ තාත්තයි අම්මයි මලයයි විතරයි අපේ ගෙදර. ඒ උනාට වැඩේ ලස්සනට කලා. හැබැයි අපි පොඩි කාලෙ වගේ ඕප දූප කිය කිය, අහල පහල් උන්වත් ඇහැරවගෙන කරපු විකාර සමග අපු ජොලියනං තිබ්බෙ නෑ තමයි.
ReplyDeleteපොඩි කාලෙ දීපු කිරිදානවල තිබ්බ රසය අද ලබාගන්න බෑ ඉන්දික
Deleteකිරි දානේ මේ පාර ආවම දෙමු...
ReplyDeleteඇත්තටම දෙන්නයි ඉන්නෙ බං,උඹත් එනවද
Deleteමීට කලින් මෙහෙ ඇවිත් නැහැ. අද මගේ අඩවියේ 'කෙන්ජි' සහ 'සරත් ලංකාප්‍රිය' දක්වලා තිබුන අදහස් නිසයි හොයාගෙන ආවේ. ඔබ සාම්ප්‍රදායික සිංහල ගැමියකු බව ඔබේ ලිපි කීපයක් කියවා අවබෝධ කරගත්තා. බොහොම සතුටුයි.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
ස්තූතියි විචාරක තුමා,මම නං ඔබගෙ බ්ලොගයට කීප සැරයක් ගිහිං තියෙනවා කමෙන්ට් නොකලාට...
Deleteපැමිණීම ගැන ස්තූතියි...ආදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට.