අපි දන්සැල පටන්ගන්න හිතපු වෙලාවට කලින්ම පටන්ගන්න වුණා පෝලිමේ හිටිය අයගෙ උනන්දුව නිසා...දැන් දන්සැල සාර්ථකව පැවැත්වෙනව...අපේ කණ්ඩායමේ හිටපු තරුණ ගෑවුළමයි පිරිමි ළමයි ඔක්කොම පෝලිමේ ඉන්න අයට මඤ්ඤොක්කා බෙදන්න හරිම උනන්දුයි...ඒ වුණාට කුස්සියෙ වැඩට කවුරුත් නෑ...ඒ කියන්නෙ මඤ්ඤොක්කා පොතු ගහන්න,ලිපට ගින්දර දාන්න,තම්බන්න,දර පලන්න ඔක්කොම කරන්න හිටියෙ අපි හත් අට දෙනයි...අපි ඉතිං පණ කඩාගෙන ඉස්සරහට මඤ්ඤොක්කා සප්ලයි කලා.
දවල් එක එකහමාර විතර වෙනතුරු දන්සැල දීගන්න පුළුවන් වුණා...ගෙනාපු මඤ්ඤොක්කා වලිනුත් ගෝනියක් විතර ඉතුරු වුණා...ඒකත් තම්බන්න තිබුණා ඒත් අපට හරි අමාරුයි මහන්සියි...අනික ගෙනත් තිබුණු පොල් ටිකත් ගාල දීලම ඉවර වුණා...ඒ නිසා දන්සැල එතනින් නවත්තන්න තීරණය කරල ඉතුරු මඤ්ඤොක්කා ටික එහා පැත්තෙ තිබුණු බත් දන්සැලට දුන්නා.
ඒ බත් දන්සැල දුන්නෙ මීරිගම පැත්තෙ කණ්ඩායමක්...ඔය එක එක පළාත්වලින් දන්සැල් දෙන්න එන අයගෙ අපූරු සහජීවනයක් දකින්න පුලුවනි...තම තමන්ගෙ දන්සැල්වල දේවල් බෙදාහදා ගන්න එක...ඕනැ වෙලාවක ඕනැ දන්සැලකින් කන බොන එක සාමාන්‍ය දෙයක්...ඒ සහජීවනය අනුවම අපිත් බත් දන්සැලේ පිටිපස්සෙන් ඇතුල්වෙලා අපේ බාජනවලට බත් මාලුපිණි අරගෙන ඇවිත් බෝජන සංග්‍රහයක් වගේ තියාගෙන දවල්ට කෑවා.
අපූරු දන්සැල් සංවිධානය කිරීමක් අපේ ගමෙත් තියෙනව...ඒ තමා ක්ෂණිකව දන්සැල් සංවිධානය කිරීම...ඒ කතාව කියන්න ඉස්සෙල්ල ඊට කලින් පටන්ගත්ත දන්සැලක කතාවක් තියෙනව ඒක කියල ඉන්නං...
කාලය 2002 හෝ 2003 වගේ මට මතක...අපේ ගෙවල් ළඟම පාරෙන් එහා පැත්තෙ ළමයි කට්ටියක් වෙසක් දවසට නූඩ්ල්ස් දන්සැලක් දෙන්න කියල සල්ලි එකතුකරනව මම බලාගෙන...හැබැයි අපේ ගෙදරට ආවෙ නෑ...පස්සෙන් පහු මේ ළමයින්ගෙ වැඩේට දෙමව්පියොත් ඈඳිලා වැඩේ සරුවටම කරන්නයි යන්නෙ...පාරෙන් එහා පැත්තෙ තියෙන අතඇරල දාපු කඩේක තමයි දන්සැල දෙන්න යොදාගන තියෙන්නෙ...
ඔන්න වෙසක් දවසෙ හවස්කරේ ඔය දන්සැල දෙන්න මුල්වෙච්චි ළමයින්ගෙ අම්මා ඒ කියන්නෙ රණේගෙ පවුල බුලත් එහෙම අරගෙන අපේ ගෙදර ඇවිත් රෑට නූඩ්ල්ස් දන්සැල විවෘත කරන්න එන්නය කියල මට ආරාධනා කරල ගියා.
අපි තුන්දෙනාම වෙලාවට දන්සැල විවෘත කරන්න ගියා...ගමේ තව හතර පස් දෙනෙකුටත් එන්න කියල තිබුණා...රතිඤ්ඤා ගහල එහෙම පොල්තෙල් පාන පත්තුකලාට පස්සෙ රණේගෙ පවුල කියනව...
පොඩියට කතාවකුත් කළොත් තමයි ලස්සන...
ඒ ගමන මම වචන කීපයක් කතාකලා...මේ දන්සැල මෙයින් නොනැවතී දියුණුවෙලා ඉදිරියේදී බත් දන්සැලක් දෙන්න ශක්තිය ලැබේවා කියල මම කිව්වා...
කිව්වත් වගේම ඊළඟ අවුරුද්දෙ ඒ කණ්ඩායම එතනම බත් දන්සැලක් දුන්නා...වෙසක්වලට මම ලංකාවෙ හිටියොත් නොවැරදීම මට ආරාධනාව ලැබෙනව විවෘත කරන්න...මේ අවුරුද්දෙත් ගෙදරට කියල තිබුණා හැමදාම උදව් කරනව මේ සැරෙත් මතක් කරන්න කියල...දන්සැල දැන් සරුයි එක අවුරුද්දක බත් වෑංජන දෙනව...ඊළඟ අවුරුද්දෙ ප්‍රයිඩ් රයිස් දෙනව.
ඊළඟට ක්ෂණික දන්සැල ගැන කතාව...මේක වුණේ 2011 අවුරුද්දෙ...වෙන අවුරුදුවල වෙසක්වලට උදේ කිරිබත් දන්සැල දෙන රාජා රෑට ගේ ඉස්සරහ බත් දන්සැලක් දෙනවා...ඒ අවුරුද්දෙ රාජා රෑ බත් දන්සැල කරන්න අමාරුයි කියල නිකං ඉන්නව කිව්වා...
උදේ කිරිබත් දන්සැල ඉවරවෙලා අපි තේ බිබී ඉද්දි තමා කතාව ඇදිල ආවෙ...පටන්ගත්තෙ කාන්තාවො...
හරිනෑනෙ...දිගටම තිබුණනෙ...මොනවහරි ටිකක්වත් මේ අවුරුද්දෙත් දීගත්තොත් හොඳයි...
ආදී වශයෙන් කාන්තාවන්ගෙ කසු කුසුව...
ඔන්න එවෙලෙ කතාවට අපිත් සම්බන්ධ වුණා...ඉස්සෙලම තීරණය කරන්න ඕනැ රෑට දන්සැලක් දෙනවද...දෙනවනං මොනවද...දෙන්නෙ කොහොමද කියන එක...
මොන විදියකින් හරි රෑට දන්සැල දෙමු කියන තීරණයට කට්ටිය මුලින්ම එකඟ වුණා...
ඊළඟ ප්‍රශ්නෙ මොනවද දෙන්නෙ කියන එක...එතනදි කාන්තාවො ඉදිරිපත්වෙලා අඩු වියදමකින් හදාගන්න පුලුවන් මෙනු එකක් ගැන කිව්වා...මෙනු එක මෙහෙමයි...
බත්
අඹ වෑංජනය
කොස් මැල්ලුම
පරිප්පු වෑංජනය
තෙල්දාපු කරෝල
මැල්ලකොළ බැදුම
වියලි මිරිස් බැදුම
මුදල් වියදම් වෙන්නෙ හාල් පරිප්පු කරවල හා තුනපහේ වලට...පැහිච්ච අඹ තියෙන ගස් කීපයක් කෙකි දාල හොල්ලපුවම අඹ ටික හොයාගන්න පුලුවන්...කොස් ගස්යට ඉදිල වැටිල යනවා ඒව කඩාගන්න පුලුවන්...මැල්ල කොළත් එහෙමයි...වැඩේ තීරණය වුණාට පස්සෙ කොල්ලො ටික අඹ,කොස් ,මැල්ලකොළ එහෙම කඩාගෙන එන්න පිටත්වෙලා ගියා...රාජා කිවා ඇතිවෙන්න පොල් දෙන්නම් කියල...මුදලාලි කෙනෙක් පරිප්පුත් දෙන්න පොරොන්දු වුණහම ගමේ වටයක් ඇවිදල පොඩි සම්මාදමක් දාල කරෝලයි තුනපහයි ගන්න ගාණ හොයාගන්න පුලුවනි කියල කාන්තාවො කතාවුණා.
හාල් මිටි දෙකක්වත් තැම්බුවෙ නැත්නම් මදි...
කට්ටිය කතාවුණා...එහෙම වුණොත් අඩුතරමෙන් පැය තුන හතරක්වත් දන්සැල ඇදගෙන යන්න පුළුවනි...
හාල් කතාව කිය කියා කට්ටිය මගෙ වටේ කැරකෙනව...ඒ ගමන මම කිව්ව හාල් මිටියක් දෙන්නං කියල...එවෙලෙම සුමිත්ගෙ කඩේට කතාකරල කට්ටිය ඉල්ලගෙන ආවොත් හාල් මිටියක් දෙන්න කිව්වා.
අනික් හාල් මිටියත් හතර පස් දෙනෙකුගෙ සම්මාදමෙන් එකතු වුණා...
අවශ්‍ය කරන ඔක්කොම දේවල් හරි...පිට්ටනියෙ ප්‍රජා ශාලාවෙ හවස හතට දන්සැල දෙන්න තීරණය කරගෙන කට්ටිය විසිරිලා ගියෙ හවස දෙකට විතර පිට්ටනිය ළඟට බඩුත් අරං එනව කියලයි...
දවල්ට කාල එහෙම මාත් පිට්ටනිය පැත්තට පල්ලං බැස්සා...කාන්තාවො ඒ වෙනකොටත් ඇවිත් හිටියෙ...ඒ අය හරිම උනන්දුයි...මෙහෙම වැඩකදි ගමේ ගෑණු පිරිමි උදවියගෙ තියන උනන්දුව ඕනෑකම පෙනෙනකොට හරිම ආශ්වාදයයක් ඇතිවෙනවා...
ටිකකින් කට්ටියක් අඹගස් හොල්ලල කඩගත්ත අඹ ගෝනි තුන හතරක් කරගහගෙන ආවා...ලෑන්ඩ් මාස්ටරේක දාගෙන කොස් ලෝඩ් එකක්ම අරං ආවා...
ටිකකින් කට්ටියක් අඹගස් හොල්ලල කඩගත්ත අඹ ගෝනි තුන හතරක් කරගහගෙන ආවා...ලෑන්ඩ් මාස්ටරේක දාගෙන කොස් ලෝඩ් එකක්ම අරං ආවා...
ඔතන ඉන්නකොට ඉතිං ගෑණුන්ට අත්වැඩ දීල ඉවරයක් නෑ...ඉස්සෙල්ලම වතුර බටයක් ගහල ප්ලාස්ටික් ටැංකියට වතුර එකක් ගහල දුන්නා...
උයන්න බාජන හොයන්න ඕනැ...නෑඹිලි, කිරිගොටු, පොල්කටු හැඳි, කපන්න ලෑලි, පිහි, ඉවරයක් නෑ හොයන්න ජාති...ඊළඟට රම්පෙ කරපිංචා කඩාගෙන එන්න කියනව...
හවස හය වෙනකොට උයල කරල ඉවරයි...ප්‍රජා ශාලාවෙ කෑම බෙදන්න ලෑස්ති කරල කට්ටියත් ඒ ඒ තැන්වල ස්ථානගත කරල හත වෙද්දි දන්සැල පටන්ගන්න ඔක්කොම ලෑස්තියි...
වැඩේට මුල්වෙච්චි කාන්තාවන්ට හරි සතුටුයි...විවෘත කිරිලි පොල්තෙල් පාං මොකුත් නෑ...පෝලිම හැදුනු ගමන්ම වැඩේ පටන් ගන්නව...
වෙලාවටම දන්සැල ආරම්භ කලා...පැයක් යද්දි පෝලිම පිට්ටනියෙ එහා කෙළවරේ...සෙනග එනව එනව ඉවරයක් නෑ...දරුවො හම්බ වෙන්න ඉන්න අම්මලව පෝලිමෙ තිබ්බෙ නෑ...එක්කන් ඇවිත් කෑම දුන්නා.
රෑ එකොළහ විතර වෙනතුරු දන්සැල දීගත්ත...වැඩකරපු අපිට ඉතුරුවුණේ බත් දංකුඩයි පරිප්පු ටිකකුයි විතරයි...ඒ ටිකත් වැඩකරපු අයට මදි...
තව හාල් ටිකක් ලිපේ තියල ළූණු සම්බෝලයක් හදමු කියල අපි කතාවුණා...
ඔහොම ඉන්නකොට තමයි වෙසක් බලන්න ගිය කොල්ලො දහදෙනෙක් විතර බයිසිකල් වලින් දන්සැලට ආවෙ...
මල්ලි කෑම දෙන්න පුළුවනි ඒත් එක වෑංජනයක් විතරයි...ඒකටත් ටිකක් වෙලා බලාගෙන ඉන්න වෙයි කමක් නැද්ද...
මම කොල්ලන්ගෙන් ඇහුවා...
ආපෝ අයියෙ...ඒකෙ කිසි අවුලක් නෑ...අපට ඔය මොනවහරි තිබුනොත් ඇති...එනගමන් දන්සැල් දෙක තුනකට ගියා ඒවයෙ කෑම නෑ...පස්සෙ තමයි එක තැනකින් කිව්වෙ මෙතෙන්ට එන්න කියල...
අන්තිමේදි උයාගත්ත සුළු ආහාරය අර කොල්ලොත් එක්ක බෙදා හදාගෙන කනකොට දැණුනු සතුට ඒ කෑමෙ රස දෙගුණ තෙගුණ කලා...
එදා බඩටත් වඩා හිත පිරුණ කියලයි මට හිතෙන්නෙ...
ඒ දන්සැලත් එදා ඉඳල අද තව මේ වෙනකං කරගෙන එනව කරදරයක් නැතිව...
මම
ReplyDeleteඑක හි හි
හි හි
හි හි
.......
අර අන්තිමට දීපූ දන් බෙදිල්ල අගේ කරන්න නම් වචන මදි.. මම නම් ඒ දවස්වල බත් කන්නෙ නැති නිසා කොහොමත් දන්සැල් වඳින්න යන්නේ නෑ. ඒ උනාට අනික් උන් යනවා. මම ඉතින් කඩේකින් කන වෙලාවට මොනවා හරි කනවා. ඔය වගේම එක දවසක් පාන්දර අපි එනකොට දන්සැලක කස්ටියක් උයනවා. විහිළුවට වගේ ඇහුවම කිව්වේ හැලපේ කිව්ව කතාවමයි. අපරාදේ කියන්නේ මම බත් කන්නෙ නෑ කිව්වම උන් කන්න ගෙනාපු පාන් ගෙඩියක්ම දුන්නා කන්න මල්ලි කියලා.. ඒවා තමයි නියම දන්සැල්. හොඳම ඒක ඒක නෙමෙයි. කස්ටිය ගගහා හිටපු සුරාමේරයෙනුත් ස්වල්පයක් දන් දුන්නා.. අන්න කරනවා නම් පින්...
ReplyDeleteඋඹ බත් කන්නේ නැද්ද ලොකු අයියේ
Deleteදැන් කනවා.. ඉස්සර නම් කන්නෙම නෑ...
Deleteඉස්සරනම් කන්නෙම නෑ. දැන් ඉතින් ඕන දෙයක්...
Deleteතෝ බත් කන එකෙක් නෙමෙයි කියල මම හිතුව එක හරි
Deleteඒ උනාට හරක් මස් කනවා...
Deleteමමත් හරි මනාපයි ඌරන්ට , හරකුන්ට
Deleteපෝස්ට් එක රීඩරෙන් කියෝලා කොමෙන්ටුවක් දාන්න කියලා හිතං ආවම මේ කොමෙන්ටුවේ කෑලි ටික දැකලා දාන්න ආව එකත් අමතක උනා නෙව... ඇනෝගේ කොමෙන්ටුවත් මරු.. උත්තරත් මරු... :D
Deleteමාතලන් කියපුවමයි මතක් වුණේ,අපෙත් හිටිය බත් කන්නෙ නැති එකෙක්...අපි මැච් ගහන්න යනකොට ඌට කන්න පාන් ගෙඩියක් අරගෙන යනවා...
Deleteඅටමුයි දෙන්නා ඇනෝ එක්ක කතා කර කර ඉන්ඩකො එහෙනං
@ මාරයා,
Deleteඑහෙම කියල හරියන්නෑ දන්සැල ගැනත් මොනවහරි කිව්වනං නේද හොඳ
Oya wage wada waladi thiyana ekamuthuwa hamathanadima thiyanawanam....
ReplyDeleteApith pansale, daham paasale dansal laasthi karala thiyanawa. Ewa nam wadima unoth paya 3y 4y!
Adamayi me paththe aawe. Jaya wewa!
ඉස්සෙල්ලම නේද ආවෙ ආදරයෙන් පිළිගන්නවා...සිංහලෙන් ලියන්න හදාගන්න
Deleteඑහෙම කිව්වම තව දන්සල් කතාවක් මතක් උනා...
ReplyDeleteමීට අවුරුදු 4කට විතර කලින්... ( මං බඳින්න කලින්) වෙසක් එකට කට්ටියට සෙට් උනේ කොට්ටාවේ අපේ මාමලගේ ගෙදර.. එහෙ ගිහින් පිස්සු නට නට ඉඳලා වෙසක් බලාගෙන ගෝල්ෆේස් යං කියලා පිටත් උනා.. අර පොඩි වෑන් එකක.. අපි කට්ටිය බිම... අම්මලා සීට් වල හිරවෙලා.. කොහොම හරි අයිස්ක්‍රීම් දන්සල් වල විතරක් නවත්ත නවත්තා ගිහින් ගෝල්ෆේස් එකේ රෑ 12 විතර වෙනකම් ඉඳලා ආයිත් එනෙකාට හොඳටම බඩගිනියි.. ඒත් ඒ වෙනකොට දන්සල් ඔක්කොම ඉවරයි.. වෙසක් නේ ... කඩවලුත් වහලා...
කොහොම හරි ආපහු කොට්ටාවටම එනෙකාට හන්දියේ බත් දන්සල තාමත් තියෙනවා.. අපි කට්ටිය ඉතියෝපියාවෙන් ආවා වගේ ගියේ ඒක ඇතුලට... එතකොට තව සෙනඟත් හිටියා... අපි යනෙකාට බත් ඉවරයි... බේකරියේ පාන් බාන වෙලාව.. අපේ කට්ටිය ගිහින් පාන් බාපු ගමන් අරන් ආවා... දන්සලේ කට්ටිය පරිප්පු හොද්දක් ඉව්වා... පාන්දර 4 වෙනකම් පාන් දන්සලක් එතන ඉඳන් දීලා තමයි අපි එදා ගෙදර ආවේ... හි හි...
අනේ සාදු සාදු
Deleteහි හි...
Deleteහි හි...
හි හි...
හි හි...
හි හි...
හි හි...
හි හි...
හි හි...
අද යාලු ඇනෝ ගොඩක් හිනාවෙලා නේද හිරූ
Deleteහි හි...
Deleteඇත්තට හිඟන්නගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ අර කොල්ලො ටික ඇවිල්ල වැටුනේ, නැද්ද බං? නමුත් උඹලා ඒක ගත්ත විදියයි වටින්නේ.
ReplyDeleteඔව් මචං...උන් ටික දුර ඉඳලා ආපු කට්ටියක්...හොඳටම බඩගිනි වෙලා හිටියෙ...අර සුළුවෙන් හදාපු කෑම ටික කට්ටිය සතුටින් කනව දැක්කම ඇහැට කඳුළු ආවා.
Deleteඅපිත් ඕන කෙන් ගෙඩියක් කියලා මේ පාර බුකියෙන් හම්බෙන සෙට් එකක් එක්ක දන්සලක් දෙන්න යනවා. පලවෙනි වතාවට අපි දන්සලක් කියලා දෙන්න යන්නේ. මොකද මෙච්චර කාලයක් කෑව එක විතරනේ කලේ
ReplyDeleteඅන්න හොඳයි...දැන් තමයි දන්සැල් ට්‍රැක් එකට වැටිල තියෙන්නෙ...
Deleteපූමාවත් ආදරයෙන් පිළිගන්නවා.
වෙසක් එකට දන්සැල් දෙනකොට ඇතිවෙන සහයෝගය..එකමුතුකම තමයි ගොඩක් වැදගත් වෙන්නේ.. හැම තැනකදීම දකින දෙයක් තමයි තමන් කරන දන්සල පුළුවන් උපරිමයෙන්ම කරන්න දරණ උත්සාහය..
ReplyDeleteඒ වගේම තමයි වෙසක් එකට දන්සැල් දෙන එක සිංහල බෞද්ධ අය විතරක් නෙවේ වෙන ආගම් අදහන අයත් දන්සැල් දෙන එක.. කොම්පඤ්ඤවීදියේ වෙසක් එකට දන්සැල් දෙන්නේ වැඩිහරියක් දමිළ සහ මුස්ලිම් අය. ඇත්තටම ඒ වගේ දේවල් අගය කරන්න ඕනේ...
අපිත් නොයෙක් වර්ගයේ දන්සැල් දීලා තියෙනවා.. ඒ අතරින් දුන්න නෙලුම් මල් දන්සැලට තමයි ගොඩක් කැමති..
හැලපෙ පින්දහම් වැඩ කරලා තියෙනවා.. ගොඩක් හොඳයි... :-)
අන්‍යාගම්වල අය දන්සැල් දෙන්නෙ කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නොවන නිසා ඒ අයට පින වැඩියි...
Deleteමම කරපු පිං දහම් ගැන ඉතිං කියල වැඩක් නෑ...හෙහ්...හෙහ්...
ඈහ් එක පාරටම ඉවර වුනානෙ...
ReplyDeleteඅර අන්තිමට බෙදාගෙන කාපු එකේ රස මට හිතා ගත්තෑකි..
මැල්ල කොල බැදුම මතක් වෙද්දි මේ දැනුත් කටට කෙළ උනනවා.. නිකන් මැල්ලුම හදලත් බොහොම රහයි..
වෙනත් දෙයක් බදින කොට වුනත් මෑල්ල කොල පොඩ්ඩක් දාල ගත්තම... අමුතුම රසයක් තියන්නෙ.
Deleteමැල්ලකොල මම දන්නෙ නැහැනෙ..හැලපෙ පින්තූරයක් වත් දාල නැහැනෙ.
Delete@සෙන්නා,චන්දන
Deleteනිකං කැළේට කොළේට තියෙන කොළේක තියෙන රහ නේද
@වීයා,
Deleteඅනේ අනේ...ගමක ඉපදුනු කොල්ලෙක් නේද...
මම වීයා කියපු නිසා අද බලපුවාම ගූග්ල් ඉමේජ් වල මැල්ල කොළ පඳුරක පිංතූරයක් තියෙනව දැක්කා...දැන් මෙතන දාන එකේ තේරුමක් නැහැ...ගිහිං බලන්න
අපේ ගෙවල් ලඟ වැඩිහිටි අයගෙ සමිතියකින් හැම අවුරුද්දෙම වෙසක් දවසට පහුවදා වන්දනා ගමනක් යනවා... කෑම බීම ඔක්කොම දන්සැල් වලින් තමයි... ඒ ගියපු ගමනකදි තමයි මට හම්බ වෙලා තියෙන හොඳම දන්සැල හම්බ වුනේ... කුරුණෑගල පැත්තෙ ගමක පන්සලක ඒක තිබුනේ... රතු හාල් බත්, කොස්, පොල් සම්බල් සහ තව මොනවහරි තිබුනා... ඒ කෑම වේලෙ රහ කියන්න වචන මදි...
ReplyDeleteහැබැයි හිතට දැනුනු හොඳම දන්සැල තිබුනෙ ෆුජයිරා (UAE) වල... ගෙවල් වලින් දුර, කාන්තාර මැද්දෙ වැඩකරන මිනිස්සුන්ට ඒක සෑහෙන්න වටිනවා... හැම අවුරුද්දෙම දෙන දන්සැලක්... බණක් එහෙම කියල මගුල් ගෙදරක වගේ කෑම වේලක් දෙනවා... සිංහල, දෙමළ, බෞද්ධ, කතෝලික, මුස්ලිම් හැම දෙනාම එදා පෝලිමේ ගිහින් ඒ දන්සැලෙන් කෑවා... :)
මෙහෙත් වෙසක්වලට දවස් දොළහක් දන්සැල් තියෙනවා...
Deleteඅහවලාත් ආදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට
බෙදා හදාගෙන කෑවම කෑම පොඩ්ඩෙනුත් බඩ පිරෙනව තමයි... :)
ReplyDeleteහිතත් පිරෙනවනෙ...ඒක තමා වැදගත්ම
Deleteදන්සැල් ගැන ගුණ දොස් කොච්චර තිබුණත් අපේ මිනිස්සුන්ගෙ මේ දෙන්න තියෙන කැමැත්ත නම් සුවිශේෂයි.. ඒක වෙන කිසිම රටකදි මම දැකල නෑ..අබිලික් වෙලා තියෙන්නෙ අර කාලෙකට පස්සෙ කතිරෙ ගහන්න ගියාමත් ඒ විදිහටම දෙන එකනෙ..
ReplyDeleteහැමදාම දන්සැල් දෙන රටවල් ඕන තරම් තියෙනවා. බොරුනම් ඉන්දියාවේ බොම්බෙ ගියපු කෙනෙක් ගෙන් අහන්න. පකිස්ථානෙත් තියෙනවලු. තව තැනක් තමයි, ඉන්දියාවේ සික් දේවාලේ. ඊශ්‍රායලයේ රෙස්ටුරන්ට් තියෙනවා හැමදාම කෑම දන් දෙන..
Deleteඇයි අර අනුරාධපුරේ දෙන්නේ ජනාධීපති පදවි ප්‍රප්ති දන්සල.එකත් දිගටම දෙනවනේ හුදී ජන පහන් සංවේගය උදෙසා මහජන මුදල් වලින්...
DeleteThis comment has been removed by the author.
Deleteදොළොස් මහේම දන්සැල් දුන්නත් අපට නං ගානක් නෑ සරත් තමන්ගෙ සාක්කුවෙන් දෙනවනං...
Deleteඅම්මෝ ඒ දන්සැලේ දීලා තියෙන කෑමවල රහා....හිටියා නම් දුවගෙන එන්නේ ඒ දන්සැලට. කිරිබතුත් කන්ට මම හරිම ආසයි. :)
ReplyDeleteපොඩ්ඩිත් ගොඩේ කෑමවලට කැමතියිනෙ බලාගෙන ගියහම
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහැලපයියේ..අර මෙනු එක තමයි මෙනු එක...
Deleteඅප්පේ බත් දන්සැලකින් කෑවේ නෑ කාලෙකින්...
මේ ගමනනම් කොහොමින් හරි කන්න ඕනි..... :)
අප්පේ කන්ට බැරුවයැ කොල්ලෝ...ඔය අඩියෙන් අඩියට දන්සැල් තියෙන්නෙ...අපට නං ඉතිං හිතාගන්න එක තමයි
Deleteපස්ට කොස් ගහක් හෑ...
ReplyDeleteමං කිව්වේ උඹ...
Deleteයකෝ කොස් ටික දැකල හූල්ල හූල්ල ඉන්නෙ බොල
Deleteයකෝ අර විදියෙ රෙසිපි එකකටද සුලුවෙන් දෙනව කියන්නෙ.
ReplyDeleteඅර අන්තිමට තිබිච්ච දන්සලනං කියල වැඩක් නෑ. බත් පිඟානක් තිබුණත් ඔය විදියට බෙදා හදාගෙන කනකොට හිතේ සතුටටම බඩ පිරෙනව.
සුළුවෙන් කිව්වෙ වියදම කපාහැරල කරපු එකක් නිසා
Deleteතොටත් සාදු මටත් සාදු
ReplyDeleteහරි හරි වෙසක් සතියනෙ
Deleteමේ වෙසක් දන්සලදක් ද පොසොන් දන්සලක් ද හැලපයියේ..මීරිගම පැත්තේ දන්සල කිවුවේ අපේ ගමෙන් දෙන ජයන්ති මහා දන්සල ගැනද දන්නේ නැ.. ඒක දෙන්නේ පොසොන් එකට.. මේ පාර 75 වැනි වතාවටයි දෙන්නේ.. දවස් දෙකක් එක දිගටම දෙනවා දන්සල.
ReplyDeleteඒ වගේද ලොක්කගේ දන්සල. හැම දාම වගේ දෙනවලුනේ. ඇත්තද නලියෝ ඕවට ඉනා බේතුත් දාලයි කියන්නේ... හික්ස්..
Deleteලොක්කො මොන ඉනා බෙහෙත් දැම්මත් නලියා වලිගෙ කොටගෙ කෑලි හත අටක් හැමදාම කොටා බාන නිසා ඒවට අහුවෙන්නෙ නැහැනෙ.
Deleteඅප්පට සිරි එතකොට ඔය කට්ටිය ඉනා බෙහෙත් බීලද , මම හිතුවේ තිතිත කසාය බීලා කියලා
Deleteඒ දන්සල දෙන්නේ චන්ද්‍රෙස්න ලොක්ක නේ මාතලන්..දවසට පැයක් වගේ කාලයක් තමා දෙන්නේ..
Deleteඅපි ගියෙ ඇසළ පෝයට නලීන්...අර ගමේ නම මට දැන් හරියටම මතක නෑ වැඩිපුර අහල නැති ගමක් නිසා...හැබැයි පටන්ගන්නෙ කොස් කියල...හිතල බලල කියන්න මීරිගම කොල්ලනෙ.
Delete@මාතලන්,කෙන්ජි,අටම්
Deleteඅනේ යකෝ...උත්තමයො කරන පිං අතේ වැඩ වලටත් තොපි මඩ ගහනවනෙ
නෑ බං මම කිව්වේ.. අරලිය ගහ මන්දිරේ දන්සැල.....
Deleteඔය සතුට ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නැහැ.අපේ බත් දන්සලෙත් මම පොඩි කාලේ ඉඳන්ම උදව් කරලා අන්තිමට අපිට කන්නත් නැතුව වෙන දන්සල් හොයන් යන එක හොඳටම පුරුදුයි!
ReplyDeleteඅන්න නියම දන්දීම නිශාන්...තමන්ටත් කන්න නැතිවෙන්නම දෙන්න ඕනැ
Deleteඒ විදිහට එකමුතු වෙලා කරන වැඩකින් ලබන සතුට උපරිමයි.
ReplyDeleteඒ ලැබෙන සතුට හරිම ආශ්වාදජනකයි චන්දන
Deleteවැඩේ තියෙන්නෙ දන්සැල අවසන ..කට්ටිය සංග්‍රහ කරගන්න ගිහිල්ල..වැඩිවෙන එකතමා.
ReplyDeleteඒ සතුට වැඩිකමට නොවැ...ගණංගන්න එපා
Deleteමට මතක් වුනේ අපි දන්සැල් දුන්න අතීතය...ඔය වගේ දන්සැලේ වැඩ කරපු උන්ටත් නැති වෙන්න වතාවක් කෑම ඉවර වුනා...අන්තිමට අපිට දන්සැල් හොයා හොයා යන්න උනා...දන්සැලකට යන පාර අහන්න පාර අයිනෙ හිටපු කෙනෙක්ට කථා කලාම මිනිහා අපේ හතර පස් දෙනාට ගෙදර එක්කගෙන ගිහින්න කන්න දුන්නා...
ReplyDeleteවසරේ ලොකුම පිංකම කරගන්න ඇත්තෙ ඒ මනුස්සයා..නේද සිරා
Deleteඒ ගමන මොනාලිසාව පැත්තකින් තියලා දන්සල් වඳින්න යනවා නේද? අපිත් එක පයින්ම. මේ දවස් ටිකේ ඔය සුද්දිව අමතක කරමු. පස්සේ හිමි හිමීට පස්සෙන් යමු.
ReplyDeleteගෝනි පිටින් කරට ගන්නවා අහලා තිබුනට ගෝනි පිටින් මඤ්ඤොක්කා තම්බනවා ඇහුවෙත් අදයි.ඔය වගේ දෙකදී හිතට ඇතිවෙන ෆිට් එක ගැනනම් ආයේ අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඉඳලා හිටලා කෙල්ලෙකුට සීමාව දැනගෙන කරන විහිළුවත් හරිම රසවත්.
ක්ෂණික නූඩ්ල්ස් වවාගෙ ක්ෂණික දන්සැල්. එකත් මාරු. වෙසක් නම් අපිට අඩුයි. මේ පැත්තේ සාරෙට තියෙන්නේ පොසොන් තමයි. "කොළඹ වෙසක්. ගමේ පොසොන්" කියලා අහලා ඇතිනේ.
පොසොන් දන්සැලුත් බොහොම සරුයිනෙ අකම්...මගෙ ඊළඟ කතාවත් පොසොන් දන්සැල් ගැන තමා
Deleteඅපි නම් දන්සැල් කනව විතරයි.දන්සැල් කෑම කන්න අපි හරිම ආසයි.හැබැයි දන්සැල් වලට සම්මාදමේ ආවොත් නම් අනිවාර්යෙන් ආධාර කරනව.අපි ආසාවට කෑවට කී දෙනෙක් බඩගින්නට බඩ පුරවගන්නව ඇතිද කියල හිතල.
ReplyDeleteමාවත් සාදරෙන් පිළිගනී කියල හිතනව :D
අහන්නඅමතක වුණා.අර ථූපාරාමේ ළඟ දන්සැල තාම දෙනවද දන්නෙ නෑ නේ? :D
Deleteඔබත් පළවෙනි වතාවට මගේ බ්ලොගයට ගොඩවදින්නෙ නේද...ඉතාම ආදරයෙන් පිළිගන්නවා...
Deleteඔව් ඔව් හැම අවුරුද්දකම ඒ දන්සැල පැවැත්වෙනවා
කතා සෙට් එක එක දිගටම කියවල දැම්මා පුදුම ලස්සනක් අයියේ.අර අන්තිම්ට කියලා තිබුණු දේත් හරි ලස්සනයි ,නියමයි සුපිරි දිගටම ලියන්න.......
ReplyDelete