අපි මොනාලිසා බලන්න යන ගමන කඩාගෙන බිඳගෙන යන එකේ දැන් කාට කාටත් මහන්සි ඇති...ඒ හින්ද පොඩි බ්‍රේක් එකකට කාලය ඇවිත් කියල මට හිතෙනව...අපි නිවාඩුව මසල වඩේ එකක් කාල කහට තේ කෝප්පයක් බීල යන්නයි අද හදන්නෙ.
ඉස්සෙල්ලම බලමු වඩේ එක හදන හැටි...අවශ්‍ය ද්‍රව්‍ය මේවයි...
කඩල පරිප්පු
අමුමිරිස්
රතුළූණු
කරපිංච
රස අනුව ලුණු
බැදගන්න තෙල්
ඉස්සෙල්ලම කඩල පරිප්පු තමන්ට අවශ්‍ය ප්‍රමාණය වතුරට දාල පැය පහක් පමණ පෙඟෙන්න තියන්න...ඊට පස්සෙ පරිප්පු ටික ගොඩ තියල වතුර බේරෙන්න ඇරල ග්‍රයින්ඩර් එකේ අඹරගන්න...මේ අඹරාගැනීම හරි වැදගත්... වඩේ හදන්න අඹරන්න ඕනැ කෑලි වශයෙන් පිටිවෙන්න අඹරන්න බෑ එතකොට රස නෑ නමුත් නමුත් කෑලි වශයෙන් අඹරගත්තොත් වඩේ එක බැදෙද්දි ලෙහෙන්න බලනව.
ඒ ලෙහීමේ අවදානමෙන් බේරෙන්න අපි මෙන්න මේ විදියට පරිප්පු ටික අඹරගම්මු...
පරිප්පු ප්‍රමාණයෙන් 3/4 ක් කෑලි වශයෙන් අඹරගෙන ඉතිරි 1/4 පිටිවෙන්න හෙවත් සංසාර කුඩුවෙන්න අඹරගන්න...දැන් කෑලි සහ පිටි තලපය මිශ්‍ර කරන්න...ඒ විදියට කලහම අපට ලස්සනට වඩය නිර්මාණය කරගන්නත් තෙල් තාච්චියෙදි ලෙහීමේ අවදානමෙන් බේරෙන්නත් හැකිවෙනවා.
ඊළඟට මේ පරිප්පු කෑලිවලට සිහින්ව කපාගත් අමුමිරිසුත් රතුළූණුත් කරපිංචත් රස අනුව ලුණුත් එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් අපි මසල වඩේ බැදගන්නටයි සූදානම...
මේ තමයි මිශ්‍රණය...
හොඳින් අත තෙමාගෙන මිශ්‍රණය ගුලියක් හදාගන්න...
අල්ලෙන් තදකර වඩයක් බවට පත්කරගන්න...
උතුරන තෙලට ප්‍රවේශමෙන් දමන්න...
රන්වන් පාට වනතෙක් බැදගන්න...
ලස්සනයි නේද...
මසල වඩේ නිකම්ම කෑවත් අමු සම්බෝලයක් එක්ක කෑවත් රසයි...දන්නවනේ අමු සම්බෝලය හදාගන්නා ක්‍රමය.
පොල් අමුමිරිස් රතුළූණු ලුණු වතුර ටිකක් දමා එකට අඹරාගෙන දෙහි ඉස්ම ටිකක් මිරිකාගන්න එක පමණයි.
එහෙනම් මෝනාලිසා සමග නැවත හමුවෙමු.
මිශ්‍රණය සූදානම් කළේ හැලපි
ඡායාරූප අනුග්‍රහය හැලපැට්ටා
මිශ්‍රණය සූදානම් කළේ හැලපි
ඡායාරූප අනුග්‍රහය හැලපැට්ටා
මසල වඩේ, පරිප්පු වඩේ ඊළඟට උම්බලකඩ වඩේද...? මචෝ කොළබ තියෙන හැම බාර් එකක් ළගම වගේ, බඩේ වදින, සමාවෙන්න වඩේ බදින, වඩේ විකුණන කරත්තයක් තියෙනවා. පරිප්පු වඩේ එකටම තමයි මැද්දට උම්බලකඩ කෑල්ලක් දාලා දුන්නේ. දැන් ඒවා නෑ. මොකෝ උම්බලකඩ කෑල්ලක් දැම්මොත් වඩේ එක විකුණන්න වෙන්නේ පාන් ගෙඩියක ගානට. මට මචෝ මේ වඩේ එකට වඩා වටින්නේ මුං එළු බෙටි තරමට වඩේ හදන කලාව. බලාගෙන ඉන්න ලස්සනයි. ඉස්සෝ වඩේ එකත් නැගලා යනවා බයිට් එකට.
ReplyDeleteඅපේ ගෙදර ඕවා හදන්නේ නෑ . මොකෝඅ ගෙදර අය සයිවර් වලට කැමති නෑ. ඒ නිසා කඩෙන් ගෙනත් තමයි කන්නේ. හිතුනොත් කඩේ ඉඳගෙනම කනවා. කොළඹ තියෙනවනේ දැන් තරු පන්තියේ තෝස කඩ හිටන්. මම නම් ගන්නේ පිටකොටුවෙ කඩේකින්. මුදලාලි එන කොටම දන්නවා වඩේ ගෙනියන්න එන්නේ කියලා. එහෙම එක තැනක් අල්ල ගත්තම වාසි ගොඩාක් තියෙනවා..
මොකක්ද මචං එකම තැනකින් ගන්නකොට තියෙන විශේෂ වාසිය
Deleteදෙන්නේ කොලිටිම ඒවා.
Deleteහදිසියකට ණයට ගන්න නෙමෙයි අතමාරුවක් උනත් කොර ගන්න පුළුවන්.
සමහර වෙලාවට තියෙන ඒවා දෙන්නේ නෑ, උදේ ඒවා කියලා, රවුමක් ගහල එන ගමන් එන්න කියනවා.
අනික දන්න එකෙක් එක්ක ගියාම, උන් හොල්මන් වෙනවා.
මට මේ කඩේදි සර්විස් එක දෙන්නේ මුදලාලි. ඒ කියන්නේ සාම්බාරු බාල්දිය උස්සගෙන එන්නේ මුදලාලි.
ප්ලේන්ටිය නොමිලේ...
එළකිරි...මාවත් එක්ක පළයං හරිද
Deleteමේ කතාව ඇත්ත.ලෙවල් තැන් වලට ගිහිල්ල සෝමාරි වේටරයකු අපිට අහුවෙලා,අපිට පස්සෙ ආපු එව්වන්ට කෑම ගෙනියන ඇක්ටිව් වේටරයො දැක්කම මල පනිනව.මුදලාලිල වුනත් කවුන්ටරෙන් බැහැල ඇවිත් නිතරම එන ආර පාලුවන්ට බෙදන්නෙ නැහැ.මේ දර්ශනය පිට පලාත්වල ඉස්සර නිතර ගිය මම ලැබුව.
Deleteමරදානේ ධවලගිරියේ දි මේ අද්දැකිම් ලැබ ඇත මෙයිට අවුරුදු විස්සකට වඩා ඉහත කාලයේ දි. දැන් නම් ඒ කිසිවකු නොහදුනනමි.ඒ වගේම චෙන්නායි සයිවර් පාරක් දානවා නම් දැන් නියම තැනක් තමා බුද්ධි කීර්තිසේන උන්නැහේගේ මාතුරා හා මරදානේ සිනේ සිටි අල්ලපු තැන... එතැන්වල බඩු සුපිරි ඉන්දියන්ම තමා කෙන්ජියෝ
Deleteමේක හැලප කඩේ ද නැත්නම් වඩේ කඩේ ද ...
ReplyDeleteකැමති නමක් දාගෙන කාපන්
Deleteදාන රෙද්දක් උදේට දාපන්කෝ. හවහට කඩේ පැත්තෙන් එන්න.
ReplyDeleteබැදිච්ච රතු ළුණු කෑල්ලක් පැණි රසට හැපෙන කොට කොහොමද? කොච්චි කරලකුත් ඒ අස්සේ කැවුනම.....
ඉස්සෝ වැඩේ කියන්නේනම් ඉස්සවා අලෝලා හදන එකට. උම්බලකඩ වඩේ කියන්නේ මැද්දට උම්බලකඩ දාන එව්වට. උළුඳු වැඩේට පොඩ්ඩක් පොඩි වැඩේ තියෙනවා. ඒවා හොඳයි බද පුරෝගන්න. මැද ටිකක් අමු ගතියක් තිබුණත් රසයි. ඔච්චර පොඩි එව්වා හොඳට හැපෙනවා. මාතලන් කියපු බෝල වඩේ හොඳ බයිට් එකට. කර කර ගාලා හැපෙනවා.
අපිනම් වෙලාවකට රතු පරිප්පු වලිනුත් වැඩේ හදනවා. ඉස්සෙක් දාලා බලන්න ඕනි.
උදේට දාන්න අමාරුයි අකමො වැඩ ටික ඉවරකරනකොට හවස් වෙනව.ඔව් ඔව් රතු පරිප්පු වලිනුත් වඩේ හදාගන්න පුළුවනි,ඕනැනම් ඊළඟට ඒක දාන්නම්.
Deleteබලාගන මාතලන් බනී...( විහිලුවට ඒකා අවුස්සන්නේ හොදම දෙයක් ගන්න). ඒකා
Deleteමා තලන් :)
Deleteඕකට අපි කියන්‌ෙන් පරිප්පු වඩේ කියලනේ... උළුදු වඩේ වලට වඩා මම නම් ආස ඕවට... අර කඩල පරිප්පු අඹරන විදිය කියපු එක නම් හරි වටිනවා.. හැමදාම මට වෙන ලෙඩක් තමයි වඩය කෑලි වලට කැඩෙන එක තෙලට දාපු ගමන්.... මං හිතං හිටියේ මම උම්බලකඩ පොඩි කෑලි ටිකක් දාන හින්දා වෙන්නැති එහෙම වෙන්නේ කියලා...
ReplyDeleteසතුටුයි හිරූ ඔයාට ප්‍රයෝජනයක් වුණු එක
Deleteමේ හලෝ....අපේ පැත්තේ ඇවිල්ලා දැන් හොදද කියලා බැලුවනං
ReplyDeleteඅනේ හැලපයියේ උඹට හැමදාම උදව් කළ මේ අහිංසකයව බලල එන්න පලයං.. මූ ඉන්නේ හරිම දුකෙන්.
Deleteගියා ගියා නලීන් උගෙ බ්ලොගේට ගිහිල්ල බලලයි ආවෙ
Deleteඑළ එළ හැලපයියේ මාත් ජෝකක් දැම්මේ..
Deleteහා හා එහෙනම් කහට කෝප්පයක් බීලම ඉඳීමු කො. :)
ReplyDeleteමේ වඩේ නම් කන්න ලැබෙනවා කට පිච්චි පිච්චි. හවසට බාර් ලඟ හදනවා නේ. හැබැයි ඉතින් එවා හරි පොඩියි. ඒත් හදන අයට මාර බිස්නස් එකක් තියන්නේ. ගෙදර හදා ගන්නවා නම් පිරිසිදුකම ගැන අවුලක් නෑ.
හැලප සෙට් එකට ස්තුතියි..!!
වඩේ පොඩි උනාට ගණං නේද චන්දන
Deleteකට්ටිය හොඳ කුක්ල ටිකක් වගේ. සමාජ සේවයට ගොඩක් ස්තූතියි.
ReplyDeleteඔව්නෙ තරුරසී,උයන එක අපේ විනෝදාංශයක්නෙ
Deleteහරි!!! එහෙනම් තේ එක!
ReplyDeleteඊළඟට තේ හදන හැටි දාන්නං නාඩියො
Deleteඔක්කොම හරියට කියලා දීලා ඒත් තේ හදන්නේ කොහොමද? :(
ReplyDelete:D:D:D
තේ ඕන නෑ. අප්පච්ච්ගේ එවලින් පොඩි ෂොට් එකක් දානවා. නියම බයිට් එක....
Deleteඔය මාතලන් කියල තියෙන්නෙ පොඩ්ඩියෙ
Deleteඅමෙරිකාවේ කේක් කැල්ලක් කාලා වයින් උගුරක්නේ ගහන්නේ පොඩ්ඩියේ
DeleteME RECIPE EKA KOI THARAM PRAYOJANA WATHDA, OYA PUKA. CHO JEE PADA AADIYA GENA NOLIYA MEHEMA POST KOPAMAN WATINAWADA.
ReplyDeleteආ මේ අපේ කැපිටල් ඇනෝනෙ,ආයුබෝවන් ආදරයෙන් පිළිගන්නවා.
Deleteඅදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි
කොහොමද ලාවට වැනි වැනි , මුදූ හුළඟ වැදී වැදී , ..ගෝල් පීස් එකේ අයිනක , වඩේ කාරයෙක් ගෙන් අරන් , හිමින් හපනකොට
ReplyDeleteසැප කණේ නේද ජේ පී
Deleteවඩේ වගේද තම්ඹපු කොස් ඇටේ. නානගේ බාබක්‍යු පාර
Deleteහැලපයියේ වඩේ බදිනකොට අඩුවෙන් බදින්න ඕන.. අර වඩේ බදින අත කාගෙද හැලපක්කිගේ ද?...පිටි සකස් කරගන්න විදිය තමා ඉතාම වටින්නේ.
ReplyDeleteඅඩුවෙන් බැදල කන්නකො නලීන්,වඩේ හදන ගොරහැඩි අත නම් හැලපයා වන මගෙයි.
Deleteතම උත්සාහයෙන්ම සියලුදේ ලැබිය හැකි පුද්ගලයකුට පිහිටන ආකාරයේ සටහන් වඩය අස්සෙන් දුටිමි.
Delete\\\පරිප්පු ප්‍රමාණයෙන් 3/4 ක් කෑලි වශයෙන් අඹරගෙන ඉතිරි 1/4 පිටිවෙන්න හෙවත් සංසාර කුඩුවෙන්න අඹරගන්න...දැන් කෑලි සහ පිටි තලපය මිශ්‍ර කරන්න...ඒ විදියට කලහම අපට ලස්සනට වඩය නිර්මාණය කරගන්නත් තෙල් තාච්චියෙදි ලෙහීමේ අවදානමෙන් බේරෙන්නත් හැකිවෙනවා.***
ReplyDeleteතේරුණේ දැන් තමයි.තැන්කුයි ඔයාට...
දැන් හරිනෙ සහන්,එහෙනම් හදමු.
Deleteහොඳයි හොඳයි මොනාලිසා බලන්න යන ගමං වඩයක් කාල ෂොට් එකක් දාගෙනම යමු.
ReplyDeleteහැබැයි ඕකට අමු මිරිස් නෙමෙයි හොඳ කොච්චි මිරිස් කරල් ටිකක් දැම්මනං තමයි නියම ගතිය එන්නෙ.
හීනි කොච්චි තමයි ඕකට හරියන්නෙ ප්‍රසන්න,ගමේ ගස්වල නං ඕනැතරං
Deleteමම වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ හිටපු කාන්තා පාර්ශවත් ඔය වඩේ ජාති දෙකට කියන්නේ ගෑණු වඩේ සහ පිරිමි වඩේ කියලා බං.
ReplyDeleteඇයි හෙන්රි සෝයා මීට් වලත් ගෑණු පිරිමි කියල ජාති දෙකක් තියෙනවලුනෙ,මට දවසක් කඩේදි පෙන්නුව ඉළ නෑ හිනා ඒක දැක්කහම
Deleteසේරටම මුල හිල
Deleteඅපි කියන්නෙත් ඕකට පරිප්පු වඩේ කියලානේ....
ReplyDeleteහරි,හරි වඩේ කලා,හකුරු කැල්ලක් එක්ක ඉගුරු දාපු දුම්දාන කහට කෝප්පයක් බීලම හිමින් සැරේ වටපිටාව බලබලා මොනාලිසා බලන්න ලුවර් එකට යමුකෝ.......
පරිප්පු වඩේ කියනව තමයි මනෝජ්,ඔව් ඔව් හිමිහිට යමුකො
Deleteවඩේ එකක් කාලම යමු නෙව.. මොනාලීසා බ්ලොගය කියල තමා දැං නම දාන්න වෙන්නේ..
ReplyDeleteවඩේ දීලත් උඹගෙ වැඩේ නං පටබඳින එකනෙ හැබෑට
Deleteප්ලේන්ට් + තෝසෙ + වඩේ..
ReplyDeleteසැප කනේ..
දුප්පතාගෙ කෑම,අපට කොහෙන්ද පිනා මඟුල් ගෙවල්
Deleteමචං හැලපෙ
ReplyDeleteඋඹ කියල දීපු අනිත් වඩේ(උලුඳු වඩේ) හැදුවා.රහ නම් හරියටම ආව.එකම අවුල මිශ්‍රනය ටිකාක් දිය ගතිය වැඩිවුනා,එතකොට වඩේ එකේ මැදහිල හරියට ගන්න බැහැ.කොහොමද වතුර ගතිය අඩුකර ගන්නෙ?
මෙහෙමයි ඇනෝ,අඹරනකොට වතුර ගතිය අඩුවෙන්න තදට අඹරගන්න,හොඳට අත හුරුවෙනතුරු වතුර වැඩිකරගන්න එපා
Deleteඅම්බෝ..... වඩේ..... මං ආසම කෑමක්.....
ReplyDeleteමේක කියෝලා බඩගින්නකුත් ආවෝ......
චුට්ටක් ඉන්න සමනළියෙ,වඩේ එකක් කාලම යන්න
Deleteඔය වඩයක් හදාගන්න මම වින්ද දුකක්.කොල්ලො සෙට් වෙලා හදල බයිට් එකට කෑවෙ භාගෙට කැඩිච්ච පරිප්පු ඇට ලුණු,මිරිස් බැදපු කුඩු.අන්තිමට මික්ෂර් එක අනන ගමන් පාන් පිටි ටිකක් මිශ්‍ර කරල තමයි පරිප්පු වඩේ හදල කෑවෙ.බැන්දටත් පස්සෙ තමා ඔබ කියූ මිශ්‍රණයට හදන් කෑවෙ.
ReplyDeleteපරිප්පු බැදල ළූණු මිරිස් බැදල මිශ්‍ර කරගෙන කන එකත් හොඳ බයිට් එකක් කෙන්ජියො.
Deleteබයිට් එකට වඩේ හදන්න ගිහින් කෙන්ජි බයිට් වුණා නේද
හදන්න බෑ වඩේ අයියෙ ඕවා..හොඳ සයිවර් කඩයකින් ගන්නවා..
ReplyDeleteඔව් වෙනී ඇතිතරං කඩ තියෙන එකේ
Deleteවඩේ කන්න නම් කැමතියි. ඒත් හදන්න කම්මැලියි.
ReplyDeleteආයුබෝවන්,ඔබව ආදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොගයට
Deleteහැලපයියේ කෙනට් ලේන් එකේ මහාබෝධියට අල්ලපු වැටේ තියෙන හෝටලේ මට දැන් නම මතක නැ එතන වඩේ පුරි ඒ සේරමත් මාර රහයි..ඇයි පළතුරු බීම එක
ReplyDeleteඒක මෑතකාලීනව හැදිච්චි හෝටලයක් නලීන්,ඉස්සර අපි මුලින්ම මහාබොධියට යනකොට ඔය හෝටලය ඔතන තිබ්බෙ නෑ.
Deleteකෑම රසයි තමා සැරයක් අපි එතනින් මසාල තෝසෙ කෑවා,තවත් සැරයක ප්‍රෙෂ් ජූස් බිව්වා...කෑම රස වාගෙම ගාණත් ඉහළයි නේද නලීන්.
පරිප්පු වඩේ කන්න මම එච්චර ආස නැහැ පාන්කුඩු වඩේ හදන්න දන්නවද?.
ReplyDeleteඅර මිරිස් වෙනුවට කොච්චි දාල හදල ගන්න ඕනෙ.. හිටුකො.. මේ සෙනසුරාදට දෙන්නං බැටේ..
ReplyDelete