අපි මෝනාලිසා බලන්න යන ගමන දිග මදි කියල කට්ටියක් කියනව... දිග වැඩී කියල කට්ටියක් කියනව...කොහොම වුණත් ගොඩක් අය කැමති වටපිට විස්තර බලාකියාගෙන නිවි සැනසිල්ලෙ හෙමිහිට මෝනාලිසාව බලාගන්න කියලයි මගෙ නම් අදහස...බලමුකො තව කොච්චර දුර යන්න වෙයිද කියල.
අපි දැන් පැරිස්වලට ඇවිල්ලනෙ ඉන්නෙ හරියටම දවස කිව්වොත් සිංහල අවුරුද්දට කලින් දවසෙ...2004 අප්‍රේල් 13 වෙනිදා.
ඉතිං එදා දවල් නිමල් එක්ක ගිහිං අයිපෙල් ටවර් එකත් නැගල ගඟ පැත්තෙත් රවුමක් ගහල ආපහු චානි අක්කලගෙ ගෙදරට ආව...
දවල්ට කාල පිටත්වෙද්දි නිමල් කියනව...
මම හවස්වෙලා එන්නං මහත්තයව එක්ක යන්න...අපේ පොඩි අවුරුදු පාටියක් තියෙනව...
අවුරුදු පාටි කියපුවාම මට මතක් වුණේ ඉස්සර මම තරුණ කාලෙ ගෙදර අවුරුදු කාපු හැටි...අවුරුදු දාට පහුවදා ඒ කියන්නෙ පහළොස්වෙනිදා තමයි අපේ බක්මහ උළෙල තියෙන දවසෙ දවල් කෑමට කොල්ලො කට්ටියම අපේ ගෙදරට එකතුවෙන්නෙ...එතකොට මම බැඳල නෑ මහගෙදර හිටියෙ...
අයිය දරු පවුලත් එක්ක උදෙන්ම එනව...එතන ඉඳන්ම ගෑණු කට්ටියගෙ වැඩේ උයන එක තමයි...දවල් කෑමට ඉන්න කට්ටිය කීදෙනෙක්ද කියල කාටවත් කියන්න බෑ...ගමේ කොල්ලො ටිකයි ගමෙන් පිට පදිංචි වෙලා ඉන්න එදාට නෑගම් එන කොල්ලොයි උන්ගෙ යාලුවොයි ගාණක් මිම්මක් නෑනෙ...හැබැයි කවුරු ආවත් මෙනු එක මගෙන්...මෙහෙමයි...
ගෙදර හාලෙ බත්
කජු මාලුව
කට්ට කරෝල හොදි හෝ හුරුල්ලො ඇඹුල් තියල්
තම්බපු කොස්
එළවලුවක්
මුකුණුවැන්න මැල්ලුම
බැදපු මිරිස්
පපඩම්
සාමාන්‍යයෙන් නිත්‍ය මෙනු එක ඔහොමයි ඒ වුණාට එක එක අවුරුදු වල හැටියට වෑංජන සංඛ්‍යාව අඩු වැඩි වෙනව...කජු මාලුවට කජු කඩෙන් ගන්නෙ නෑ දැන් වාගෙ... වත්තෙ ගහේ කජු තමා උයන්නෙ...අපේ වත්තෙ උඩහට වෙන්න තිබුණු වට අඩි අටක් විතර මහත කජු ගහේ වයස කියන්න කවුරුවත් දන්නෙ නෑ...ගහට නගින්න එහෙම බෑ කජු වැටුණම අහුලනව මිසක්...සමහර අවුරුදු වල කජු පලදාව අඩුවෙනව එහෙම වෙලාවට අයියට පණිවිඩයක් යවනව...
එනකොට කජු ටිකකුත් දාගෙන එන්න...
කොහොම හරි කුස්සිය පැත්තෙ කජු කන්දක් කපනව...දැන් නං ගෙවල්වල ගෘහිණියො කජු කපන්න හොරයි...කජුකිරි ගෑවිලා අත හම යනව කියල...සමහරු නං ග්ලවුස් දාගෙන කජු කපනව... අපේ අම්ම එහෙම නං ඔය මොකුත් නෑ ලිපේ අළු ටිකක් අතේ ගාගෙන කපාගෙන කපාගෙන යනව...ඒ තියා දැන් කාන්තාවො කොස් කපන්නෙත් නෑනෙ අතේ කොහොල්ලෑ ගෑවෙනව කියල.
කජුගොඩ කපල උණුවතුරෙ දානව කිරි යන්නයි සිවිඩ්ඩ ගැලවෙන්නයි...ඊට පස්සෙ හොඳට මිටිකිරි අමුමිරිස් කහ එහෙම දාල වෑංජනේ ලිපේ තිබ්බහම පළාතෙ ඉන්න බෑ සුවඳ.
හොඳට පැහිච්ච කොස්ගෙඩි දෙකතුනකුත් තම්බනව...ඒ දවස්වල ඔය අපේ නාන ලිඳ උඩින් වැට අයිනෙ තිබුණ පරණ පත කොස් ගහක් කොස් තම්බපුවම පිටි ගොඩ තෙල් සුවඳයි.
අයිය එනකොට නැට්ට පිටින්ම කට්ටාවෙක් ගේනව...කල්පිටි කරෝල
මුකුණුවැන්න මම උදෙන්ම ගිහින් ටවුමෙන් ගෙනැත් දෙනව...අපේ ගෙදර පලා ජාති තිබුණෙ නෑ.
ඔන්න එකොළහමාර දොළහ වෙද්දි කට්ටිය එකා දෙන්න බැගින් ගෙදරට ඇදෙන්න පටන් ගන්නව...කට්ටියට සප්පායම් වෙන්න ලෑස්ති කරල තියෙන්නෙ අපේ ගේ ඉස්සරහ තියෙන කොස්ගහ යට ලස්සනට තණකොළ තියෙන හරියෙ පැදුරු දාල...
දවල් කෑම වෙලාව වෙනකොට කොහොමත් කට්ටිය පණහකට හැටකට වැඩිමිසක් අඩු නෑ...සමහරුන්ට පැදුරෙම නින්ද ගිහින්...කට්ටියටම වාඩිවෙලා කන්න ගේ ඉඩ මදි නිසා කෑම බෙදාගෙන එළියටත් ඇවිත් වත්තෙත් තැන තැන වාඩිවෙලා කනවා.
කොහොමත් අවුරුදු කෑම ඉවරවෙද්දි හවස හතර පහ වෙනව...
එදා හවස නිමල් ඇවිත් මාව එක්කරගෙන ගියා...ඉස්සෙල්ලම ගියෙ නිමල් නැවතිල හිටපු කාමරේට...ඒ පොඩි කාමරේ නිමලුත් එක්ක තව තුන්දෙනෙක් නැවතිලා හිටියා...ඒ අයගෙ ඇඳුම් බඩු මුට්ටු ටී වී ප්‍රිජ් ඔක්කොමත් ඒ කාමරේ...උයන්නෙත් එතනමයි...ලබ්බෙ වයිද්දෙ වාගෙ මාසෙකට යුරෝ 450ක් කුලිය.
ඔය නිමල්ලගෙ කාමරේ ළඟ තව කාමරේක ඉන්නව ලංකාවෙ ජෝඩුවක්...පොඩි හුරතල් දුවෙකුත් ඉන්නව...මම යනවෙලාවෙ පොර කලිසමක් විතරක් ඇඳගෙන බිරිඳට අමු කුණුහරුපෙන් බනිනව...මගෙ ජීවිතේට අහල නෑ එච්චර තිත්ත කුණුකතා...
හැමදාම ඔහොමයි...ඔයයකා ලංකාවෙදි පොලිසියෙලු වැඩකලේ...රස්සාවක් මොකුත් කරන්නෙ නෑ ඩෝල් එකෙන් තමා බොන්නෙ...පවුල රස්සාවක් කරනව...
නිමල් කිව්ව...
පොලිසියෙ වැඩකළා කියන එක නං සහතික ඇත්ත කියල කියන කුණුහරුප වලින් හොයන්න පුළුවන්...
පිට කෙනෙක් ඇවිත් ඉන්නව දැකල පොරගෙ කුණුහරුප වැස්ස ටිකක් අඩුවුණා...
ඒ ගෙදර අයත් නිමල්ලත් එක්ක හරි හිතවත්...විශේෂයෙන් පොඩිදුව...
අපි පාටියට යන්න පිටත් වෙනකොට පොඩි කෙල්ලත් අපිත් එක්ක ආව...මාත් එනව මාමෙ...කියල.
පොඩිවුණාට වැඩේ කියෝන එකමයි කතුරවගේ...කටේ තොලේ නොගෑවි ප්‍රංශ භාෂාව කතාකරනව...මගෙත් එක්ක ඉක්මනටම හිතවත් වුණා...
හරි වැඩේනෙ...අපේ ගෙදරට ඊයෙ පොලිසියෙන් ආවනෙ...
කෙල්ල කට උල්කරකර කියවනව...
ගෙදර කරච්චලේ අහගෙන ඉන්න බැරුව අහළ පහල අය පොලීසියට ටෙලිපෝන් කරල...
ඉතිං ඉතිං...පොලිසියෙන් මොකද කිව්වෙ...
මම ඇහුව...
තාත්ත මට ගැහුවද ඇහුව... මම නෑ කිව්ව...
ඇත්තටම ඌ ළමයට ගහල නෑ...ළමය කිව්වනං ගැහුව කියල කිසිම සමාවක් නෑ ගෙනිහින් කූඩුවෙ දානව.
අපි පිටත්වෙනකොට තිබුණු කාළගුණය එකපාරටම වෙනස්වුණා...ඉර අව්ව නැතිවෙලා තරමක සීතලක් ආවා...සීතල එන්න එන්නම වැඩිවුණා...
අපේ ප්ලෑන් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වුණා...එළිමහනෙ තියන්න හිතාගෙන ආපු පාටිය ගෙදරක කොරිඩෝ එකකට සීමා කරන්න සිද්ද වුණා අයහපත් කාළගුණය නිසා...
නිමල්ගෙ ලංකාවෙ යාලුවො හත් අට දෙනෙක්ම ඇවිත් හිටිය...ඔක්කොම වගේ අනවසර සංක්‍රමණිකයො...කාටවත් කොළ නෑ...අවුරුදු පහක් හයක් හිටපුවාම ප්‍රංශ රජයෙන් නේවාසික වීසා ප්‍රදානය කරයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඒ අය ඉන්නෙ...බොනකනුත් කතාව ඒ ගැන.
එන අවුරුද්දෙත් එන්න අපි ඇන්ඩෝරා පැත්තෙ යමු...
යාලුවො ටික මට සමුදුන්නා...
නිමල් ලෑස්ති වුණේ මාව ගෙදරට ඇරලවන්න...
නෑ නෑ නිමල් මම දැන් තුන් හතර සැරයක් බස් එකේ ගියානෙ...මට තනියම යන්න පුළුවන්...
මම නියම තැනින් බැහැගෙන චානි අක්කලගෙ ගෙදරට ගියා...බස් එකෙන් බැහැගන්න එක එච්චර දෙයක් නෙවෙයි...ඊළඟ හෝල්ට් එකේ නම බස් එකේ තිරේක වැටෙනව ආයෙම ස්පීකරෙනුත් කියනව...යුරෝපෙ කොහෙත් එක විදියයි කෝච්චි බස්වල.
බස් එකෙන් බැහැල චානි අක්කලගෙ ගෙදරට හැරෙනතැන බේකරියක් තියෙනව බගට් එකක පිංතූරයක් එහෙම ඉස්සරහින් ගහල...ඒ බේකරිය ළඟින් එන්න බෑ පාන් සුවඳ...ඉවසන්නම බැරිතැන මම බගට් එකකුයි කෘවසොන් ටිකකුයි අරගත්ත...
උණු උණු බගට් පොල් සම්බෝලත් එක්ක කාල තියනවද...අප්පා බලන්න එපෑ රස...ඔය බගට්වලට කිසිම රසකාරකයක් හරි කල්තබාගැනීමේ ද්‍රව්‍ය හරි දාන්නෙ නෑනෙ...පාන්පිටි,ලුණු,යීස්ට්,සීනිටිකක්,වතුර එච්චරයි...හොඳට පිච්චිච්ච බගට් එක පුළුන් වගේ...කළටිපහේ පොල් ගෙඩියකින් සම්බෝලයක් අඹර ගත්තම බගට් එකක් නෙවෙයි දෙකක් හරි කාල දාන්න පුළුවනි.
වැඩේ තියෙන්නෙ ලංකාවෙ උණු උණු බගට් හොයාගන්න නෑ...යුරෝපෙ කළටිපොල් හොයාගන්න නෑ....
ඔය ප්‍රංශෙ බේකරි තියෙනව පාන්වල රසගැන කප්ගහපුව...පාන් පිච්චිල්ලෙ තාක්ෂණය මොනතරම් නවීකරණය වුනත් ඒ ගොල්ල පාන් පුච්චන්නෙ දරවලින් ...එකම ජාතියෙ දර වෙනස් කරන්නෙ නෑ රස වෙනස්වෙන නිසා...පිටිගන්න තැනත් වෙනස් කරන්නෙ නෑ...පිටිගන්න තැන පමණක් නොවෙයි පිටි හදන්න ගන්න තිරිඟුත් බේකරි හිමියන්ගෙ පරීක්ෂාවට ලක්වෙනවා...ඒ අය හැමදාම යොදන කාබනික පොහොර ඇරෙන්න වෙනත් පොහොර රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවද කියල හොයල බලනව...මේ හැමදේම කරන්නෙ බේකරියෙ පාන්වල සුපිරි ප්‍රමිතිය රැකගන්නයි...ලෝකෙ කොච්චර වෙනස් වුණත් ඒ අයගෙ පාන්වල රස වෙනස් වෙන්නෙ නෑ.
ඔය බ්‍රසල්ස්වලත් අපේ ගෙවල් ළඟ ගබ්‍රියෙල් හතරමං හන්දියෙන් දකුණට හැරිල බැස්කියුල් පැත්තට යනකොට පාමසිය ළඟ තියෙනව පාන් කඩයක්...ඒකෙ හිටියෙ කෙල්ලො දෙන්නෙක් අපි කිව්වෙ අක්කයි නංගියි කියල...බැලුවම අක්කයි නංගියි නෙවෙයි...වැඩිමල් කෙල්ල කෙට්ටුයි හරි හැඩයි...බාල කෙල්ල මහතයි ඒත් ලස්සනයි...බාල කෙල්ලට බබෙක් ලැබෙන්න ළං වෙනකොට කඩෙන් අස්වෙලා ගියා...ඊට පස්සෙ හිටියෙ ලොකු කෙල්ල විතරයි.
මම හවස වැඩ ඇරිල එනකොට හැලපිට කතාකරල කියනව...
මම බගට් අරං එන්නම්...සම්බෝල හදල තියන්න...
ඒ වෙලාවට පාන් කඩේ උණු උණු බගට් විකුණන්න තියෙනව...
ග්‍රීෂ්ම කාලෙත් ආවා...ඔය හියුමිඩිටි කියන ආර්ද්‍රතාව යුරෝපෙ නැති නිසා 30 පැන්නහම ඉන්න බෑ රස්නෙ...එදා සැරේ උෂ්නත්වය 31 -32 ඉක්මවා ගියා...
ඔන්න සුපුරුදු විදියට මම පාන් ගන්න කඩේට ගියා...ලොකු කෙල්ල ඉන්නව...අධික උෂ්ණත්වය නිසා ඇය උඩට ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගලවල පුටු ඇන්දක එල්ලල ...රස්නෙට කෙල්ලගෙ උඩුකය ඔක්කොම රතුවෙලා...මට පව් කියල හිතුණා...
ඊට පස්සෙ මම හැමදාම ඒ වෙලාවට නොවැරදීම පාන් ගන්න යනව...
ඇයි අනේ හැමදාම පාන් ගේන්නෙ...බලන්ඩකො මම පාන් කන්නෙත් නෑ...පුතා ඕනැනං කෑල්ලක් කයි...බලන්ඩකො කූඩෙ පාන් පිරිලනෙ...
හැලපි කියනව...
කාටද පරණ පාන් කන්න පුලුවන්...
මම කිව්ව...
පාන් කඩේට ගියාමත් මට පාන් ගන්න කිසිම හදිස්සියක් නෑ...මම හැමදාම පාන් ගන්න එන නිසා මම ආපු ගමන් කෙල්ල මගෙ දිහා බලනව...
තවත් පාන් ගන්න අය ඇවිදින් ඉන්නව නං මම කියනව මට හදිස්සියක් නෑ ඒ අයට පාන් දීල යවන්න කියල...හොඳනෑනෙ.
දවසක්දා පුතාව ඉස්කෝලෙ ඉඳල එක්කන් එන ගමන් කොල්ලට බර්ගර් එකක් අරං දෙන්නද කොහෙද හැලපි පාන් කඩේට ගොඩවැදිල...එදා වැඩේ අහුවුණා...
මීට පස්සෙ ඔයා පාන් ගේන්න යන්න ඕනැ නෑ...පාන් ඕනැනං මම ගේන්නං...
හැලපි තීන්දුව දුන්නා...
හප්පා හැමදාම මේ වැල් වටාරංනෙ ලියවෙන්නෙ...එකක් පස්සෙ එකක් මතක් වෙනවනෙ ලියනකොට...ඕවත් ඉතිං ලියාගන්න එපෑ...කොහෙට හරි රිංගවන්නෙ ඒකයි...කමක් නෑ නේද...මෝනාලිසා නං දැන් අත ළඟටම ඇවිත් ඉන්නෙ... හෙට හරි බලන්න යන්න පුළුවනි කොහොමද කැමති.
අයිපෙල් ටවර් එක වටේ පඳුරු තලයි කියපු නිසා අයිපෙල් ටවර් එක වටෙයි සේන් ගඟ අයිනෙයි පඳුරු ටික නොතල තියෙන්න ඇරියා.
ඒ නිසා අයිපෙල් ටවර් එක නගින්න පෝලිමේ ඉද්දි මට හම්බවෙච්චි ඇමරිකන් සංචාරකයො දෙන්නගෙ කතාවයි අයිපෙල් ටවර් එක නගින ගමන් ප්‍රයි කාපු කතාවයි ඉස්සරහ කඩෙන් ගත්ත අබසෝස් පුරෝල තිබ්බ බර්ගර් එක කාල කන් දෙකෙන් ගින්දර පිටවුණු කතාවයි ගඟ අයිනෙ නවත්තල තියෙන යාත්‍රාවල පවත්වගෙන යන රෙස්ටුරන්ට් වල කතාවයි යන එන අයගෙ චිත්‍ර හෙවත් පෝට්රේට් එතනදිම ඇඳල දෙන චිත්‍ර ශිල්පීන්ගෙ කතාවයි කිව්වෙ නෑ.
අයිපෙල් ටවර් එක වටේ පඳුරු තලයි කියපු නිසා අයිපෙල් ටවර් එක වටෙයි සේන් ගඟ අයිනෙයි පඳුරු ටික නොතල තියෙන්න ඇරියා.
ඒ නිසා අයිපෙල් ටවර් එක නගින්න පෝලිමේ ඉද්දි මට හම්බවෙච්චි ඇමරිකන් සංචාරකයො දෙන්නගෙ කතාවයි අයිපෙල් ටවර් එක නගින ගමන් ප්‍රයි කාපු කතාවයි ඉස්සරහ කඩෙන් ගත්ත අබසෝස් පුරෝල තිබ්බ බර්ගර් එක කාල කන් දෙකෙන් ගින්දර පිටවුණු කතාවයි ගඟ අයිනෙ නවත්තල තියෙන යාත්‍රාවල පවත්වගෙන යන රෙස්ටුරන්ට් වල කතාවයි යන එන අයගෙ චිත්‍ර හෙවත් පෝට්රේට් එතනදිම ඇඳල දෙන චිත්‍ර ශිල්පීන්ගෙ කතාවයි කිව්වෙ නෑ.
මොකද්ද මේ හදිසිය හැලප අයියේ? හෙමිහිට යමු මොනාලිස බලන්න.
ReplyDeleteමේ ඇත්තම් කීවොත් හැමදාම පරණ පාන් කන්න බෑ තමයි නේද?
හරි හරි රතු කලබල වෙන්න එපා,හිමිහිට යමු.
Deleteමොනාලිසා සිනාසෙයි...මෙයා මොනාලිසා පෙන්නනකොට තව සෑහෙන දොහක් යයි වගේ...හැලප මාමා තාම ඉන්නෙ යුරෝපෙද ?
ReplyDeleteනෑ කොලුවො මම දැන් ඉන්නෙ මැද පෙරදිග
Deleteමොනාලිසා සිනාසුනා කියන්නෙ අපි පැට්ටා කාලෙ කාබන් කුඩු ටික හැලෙනකම්ම පට්ට ගහපු ඩෙක් පීස් එකක් නෙව. පිටකොටුවෙ ඇන්ටිලා වගයක් හිටපු
Deleteහප්පේ...මං පොඩ්ඩක් ඇලවෙනවා එහෙනම්.මොනාලිසා ලගට ආපුවාම ඇහැරවපල්ලා හොදේ...
ReplyDeleteහරි හරි නිදාගෙනම ඉඳිංකො,ටිකක් දවස් ඉන්න වෙයි.
Deleteඔය සමර් එනවා කියන්නේ අපේ ඇස් වල පොට යන කාලයක් නේ,,,
ReplyDelete:) :) :).
Deleteඒක මොකට කියනව ඩිලාන්,දකින්නම ඕනැ
Deleteඋඩු කය රස්නෙට රතු වුනාම පව් තමයි බං. මටත් දුකේ බෑ ඒ කතාව අහලා.
ReplyDeleteමම දන්නව මචං උඹටත් තියෙන්නෙ මට වගේම අනුන්ගෙ අපහසුතාවෙදි උණුවෙන හදවතක් බව.
Delete//මීට පස්සෙ ඔයා පාන් ගේන්න යන්න ඕනැ නෑ...පාන් ඕනැනං මම ගේන්නං...//
ReplyDeleteඅනේ සාදු හොද වැඩේ
අනුන්ගෙ දුකට හිනාවෙන තොපි යාලුවොද
Deleteඅලුත් අවුරුදු කෑම මේසෙටත් වඩා පාන් කෑල්ලේ රස තමයි දැනුණේ අද ලොකු අයියේ.එහෙම උනේ විශිෂ්ඨ ලෙස ප්‍රමිතිය රැක ගත් පාන් නිසා වෙන්න ඕනේ.ලංකාවේ වගේ ඔය බක්කරේ පාන් නෙවේනේ ඕවා.බලන් ඉඳතෑකි පැයක් උනත් කෑමක් බීමක් නැතුව.කොටිම්ම පාන් ගන්න නේද ආවේ කියලා අමතක් වෙනවා පාන් දැක්කම...:P
ReplyDeleteඅනේ ඇත්තට,සහන් තමයි ඒ පාන්වල රස හරියටම තේරුම්ගත්ත කෙනා
Deleteනෑ නෑ! ඒ පඳුරු ටිකත් තලමු හැලප අයියේ...අපරාදේ නේ.... ;)
ReplyDeleteතලමු නාඩියෝ තලමු,අපරාදෙ මොකටද අපතෙ අරින්නෙ.
Deleteපාන් හැදීමේ ක්‍රමය ගැන කියනවා නම් අපේ අම්මත් ඕක හරියට පිලිපදිනවා.. ඇත්තටම අපේ රටේ ගොඩක් ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳම ජාති වලින් ගන්න තියෙනවා අඩුයි... ඒක නිසා අපේ අම්මා ලොකු ලොකු වෙළඳ නාම තියෙන කට්ටියට පලු යන්න බනිනවා වෙලාවකට... මොකද එයාලගේ බඩු බාල වෙනකොට අපේ කේක් එකෙත් තත්වෙ බාල වෙන නිසා... හැබැයි අපේ අම්මා තාමත් කොච්චර අමාරු උනත් කේක් එක හදන වැඩේ වෙන කිසි කෙනෙක්ට කරන්න දෙන්‌ෙන් නෑ.... ඒක කරන්නේ අම්මමයි....
ReplyDeleteඔය පාන් කඩේ කතාව වගේ සින් එකක් මං මොකක් හරි ෆිල්ම් එකක දැක්කා... හැමදාම මාලු ගන්න පෙට් ෂොප් එකට යනවා, ඒකේ ඉන්න කෙල්ල සුදු ටීෂර්ට් එක ඇඳගෙන මාලු ටැංකියට එබෙනවා බලන්න... ෆිල්ම් එක නම් ෆුල් කොමඩියක්... හි හි....
හි... හී....
Deleteහි... හී...
හි... හී....
හි... හී...
මට පොඩ්ඩක්වත් අමතකවුණා හිරූ සහ මව් සමාගම බේකරි නිෂ්පාදන කරන බව
Deleteඔන්න යාලුවත් ඇවිල්ල ඉන්නව සුපුරුදු විදියට
අර තලපු නැති පඳුරු ටිකත් තලමු හැලප අයියේ. මුන් මේ ජෝක් එකට කියන්නේ ඔය. මේක අර මං කලින් දවසක් කිව්ව වගේ අපි එකතු වෙලා කතා කර කර ඉන්නවා වගෙයි මට නම් දැනෙන්නේ.
ReplyDelete//ඒ අය හැමදාම යොදන කාබනික පොහොර ඇරෙන්න වෙනත් පොහොර රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනව ද කියල හොයල බලනව// කාබනික පෝර දාල හදන එළවලු වුනත් රසයි නේ.
මට උඩින් කියවගෙන එද්දිම හිතුන හැලප අයියා ගේ පාන් ප්‍රවාහනයට වැඩි ආයුෂ නෑ කියල. ඔහොම තමයි "කොහේදෝ බාධා නැත්තේ.." :D
පහුගිය දවස් වල මෙහෙ තිබුණු රස්නෙ හැටියට මටත් ටී ෂර්ට් එක විතරක් නෙවෙයි, අනික් හරියත් නැතුව ඉන්න හිතිලා තිබුනේ. :D
හරි හරි චන්දන ලියමු,ඔයා මගෙ කතා හැමදාම රසවිඳින බව මම දන්නව
Deleteදැන් පාන් ගන්න යන්නෙ නැතෙයි එතකොට,,?
ReplyDeleteනෑනෙ වීයො,කියන්ඩත් දුකයි
Deleteඅමු කජු උයල කන එක නම් කියල වැඩක් නැහැ හැලප.
ReplyDeleteහොද වෙලාවට අහම්බෙන් හරි නෝනා මහත්මිය පාන් කඩේට ගියේ.
අර අන්තිමට කියල තියන ටිකත් ලියන්න.
හදිසියක් නැහැ මෝනලිසා බලන්න.මම ඉස්සරහම එල්ලගත්ත එයාගෙ පොඩි පින්තුරයක්.
ලියනව ලියනව මචං,හොඳයි උඹ මෝනාලිසාව එල්ලගත්ත එක ඕනැ වෙලාවක බලතැකි නොවැ
Delete//ඔන්න සුපුරුදු විදියට මම පාන් ගන්න කඩේට ගියා...ලොකු කෙල්ල ඉන්නව...අධික උෂ්ණත්වය නිසා ඇය උඩට ඇඳගෙන හිටපු ටී ෂර්ට් එක ගලවල පුටු ඇන්දක එල්ලල ...රස්නෙට කෙල්ලගෙ උඩුකය ඔක්කොම රතුවෙලා...මට පව් කියල හිතුණා...
ReplyDeleteඊට පස්සෙ මම හැමදාම ඒ වෙලාවට නොවැරදීම පාන් ගන්න යනව...//
දැන් ඉතින් පස්සේ කාලෙක ඔය සමහරු හැමදාම ගෙදරට පාන් ගෙනාවොත් පොඩ්ඩක් හොයලා බලන්ට ඕනි බව මේ කතාවෙන් තේරුනා. හැලපෙට ගොඩාක් ස්තූතියි මේ වගේ දේවල් කියාදෙනවට.:D
අපේ රෝස් පාන්, පොල් සම්බල් දෙකත් කොච්චර රහද? එච්චර රහා පාන් වර්ගයක් මම ප්‍රංශෙදිවත් කාලා නෑ.
පිස්සුද පොඩ්ඩියෙ මනුස්සය ගෙදරට පාන් ගෙනාපුවාම මරාගෙන කන්න හදන්න එපා
Deleteඔය වගේම සීන් එකක් මටත් මේ දවස්වල වෙනවා. නිට්ටඹුවෙ සිසිල් එකෙන් ගෙවන්න ලැපක් අරගෙන තියෙනවා. ලස්සන ටිකක් දඟ කෙල්ලකුත් ඉන්නවා. දැන් වාරිකේ ගෙවන්න යන්න කාර් එක ෂොප් එක ගාව නැවැත්තුවාම වයිෆ් කාර් එකෙන් බහින්නෙම නැතුව කියනවා ' ඔයා තනියෙන් ගිහිල්ල ගෙවල එන්න. කොහොමත් ඔයා ආසයිනෙ තනියම යන්න' මමත් ඉතින් ටිකක් වෙලා මැනේජර් එක්ක පොලක් කඩලා තමයි එන්නෙ වයිෆ්ගෙ පුෂ්පෙ විකසිත කරන්න
Deleteඅර නොකිව්ව කතා ටිකත් කිව්වනං තමයි වටින්නෙ. මොනාලිසානං කවද බලාගන්න බැරිද. :)
ReplyDeleteහරි හරි පරිකල්පන ඒ ටිකත් ලියන්නම්
Deleteඅද පාංකඩේ මොනාලිසා ගැනනෙ කියල තියෙන්නෙ. තව ටික කාලයක් පාං ගන්න ගියානං හැලප අයිය කඩේදිම පාං කාල එන තත්වෙට පත්වෙන්න තිබුණ.
ReplyDeleteකටුනායකිං නැගල මත්තල බැහැල පැරිස් යනව වගේ ප්‍රංශෙන් පටන් අරගෙන ලංකාවට ඇවිල්ලනෙ ආයෙ ප්‍රංශෙ යන්නෙ. ඒ ක්‍රමෙත් නරකම නෑ.
තලමු තලමු. ප්‍රංශෙ බිමට තමතලා වෙනකල්ම තලමු.
තව ටිකක් තලමු කියලයි මටත් හිතෙන්නෙ ප්‍රසන්නලත් ආස නිසා
Deleteමාත් කැමති වටපිටේ හැකි තරං රස්ති ගහන ට්‍රිප් යන්න තමා.. එළ කිරි
ReplyDeleteඔන්න උඹ දැන් තමයි ට්‍රැක් එකට වැටිල ඉන්නෙ,එළකිරි
Deleteඅර කෑම වට්ටෝරුව කියෝලා මට කෙල ඉනුනා.....
ReplyDeleteඅතහැරපු කතා ටිකත් ලියමු අප්පා.... මොනාලිසව නම් කවදා බලා ගන්න බැරිද.... ඒ වගේද මේ රස කතා....
ලියමු ලියමු සමනළී,ඔයා කියනවනම් නොලිය කොහොමද
Delete//තවත් පාන් ගන්න අය ඇවිදින් ඉන්නව නං මම කියනව මට හදිස්සියක් නෑ ඒ අයට පාන් දීල යවන්න කියල...හොඳනෑනෙ.//
ReplyDeleteඔව් වොව්.. ඒ අපේ හැදියාවනේ..!!!
පාන් වගේම වෙන්න ඇති, ප්‍රංශුවො වයින් වලට ගන්න මිදි වලට දාන පොහොර ගැනත් ගොඩක් අවධානයෙන් ඉන්නවලු . තමන්ට ආවේනික වයින් වල රසය ගන්න.[බොගක දාල තිබ්බෙ]
ඒකනෙ අපේ හැදියාව යුරෝපෙදි පෙන්නන්න හොඳම තැනක් තමයි ඔය පාන් කඩේ.
Deleteමොනාලිසා ඕන්න නෑ. පස්සෙ වෙලාවක බලා ගන්න බැරිය. උබ දන්නවද ජීවීතේට බ්ලොග් බලන්නෙ නැති මගේ යාළුවොත් උබේ මොනාලිසාට පිස්සු හැදිලා ඉන්නේ. සමහර උන්ට මම කොපි පේස්ට් කරලත් යැව්වා. අනේ සත්තරනේ අර අන්තිමට තියෙන කතා ටික ලියහන්, ඒ ඇති උඹට නිවන් දකින්න. හැලපි නෝනා නම් කැත වැඩේ කොරලා තියෙන්නේ. අපේ එක්කෙනා නම් ඔහොම නෑ.. ඒ අතින් නම් ඉස්තරන්.. (එයත් මේක කියවනවා.)
ReplyDeleteමේ සැරේ හෑල්ල ලියන්නෙ නෑ. පාන් ගැන වෙනම පෝස්ට් එකක් දාන්නම්...
Deleteහැලපගේ ලියපු කතාවල ලියපු පලමු බොරුම කොටස තමයි පාන් කඩේ කොටස.
Deleteවිසේකාර වයසෙ අන්නාසි කොටු පැන්නට,ගමේ මෝනලිසාල දෙන්නම් කාසි වලට රියදුරු පුහුණුව දුන්නත්,මොරිස් මයිනර් එහෙකටවත් ගොඩ නොවැදිච්ච හැලප, යුරෝපෙ ඇල්ෆා රොමියො දැක්කත් ගොඩ නොවදින බව මට විස්වාසයි නොමිලෙ සේවාව සැපයුවත්.
දැන් ඉතිං හැලපෙ මේක හැලපිට පෙන්නල කියයි දැක්කද නොදුටු නොදන්න උනුත් මගෙ චරිතෙ හොඳයි කියන හැටි !
Deleteහෙහ්..හෙහ්.... එක වයසෙ එව්වො ඉන්න එපෑය ජාමෙ ගොඩ දාන්න සරා....!
Deleteඋඹේ වචන ටිකත් ඇති හිතට ෆිට් එකක් එන්න මාතලන්,ඉතුරු කතා ටිකත් ලියන්නම් හැබැයි එකින් එක...මගෙ කතා අසාවෙන් බලන යාලුවන්ටත් ස්තූතියි කිව්ව කියන්න.
Delete@කෙන්ජි,සරත්
Deleteසරත් කෙන්ජිය හැමදාම මට උදවු කරනවනෙ.
මොනාලිසා නැතිවුනත් මේ ලියන විදිහ හරිම අපුරුයි.රටතොටවල් ගැනත් යමක් දැනගත්තා.හැලප මහත්තයාට බොහොම ස්තුතියි.
ReplyDeleteඔබටත් බොහොම ස්තූතියි ඇනෝ,හැමදාම එන්න
Deleteලෝකෙ කොච්චර හොඳට රසට හදපු පාං තිබ්බත් මට රස අපේ රටේ රෝස් පාන්.. එවුව හදන්නෙ පිටි අනන කොල්ලංගෙ දාඩිය එක්කනෙ ඒක හින්දද මන්දා.
ReplyDeleteදැන් ඉතින් පාන් ගැන ලියපන් මෝනලිසාට ඉන්න ඇරලා. හෆෝයි බීපු නැතිවෙලාවක ලියපන්කො මොනාලිසා ගැන..
කියල වැඩක් නැහැ රෝස් පානුයි,රතුලුනුයි හොරෙන් කඩා ගත්තු උලුප්පල කන පොලුයි.
Deleteලියන්නම් ලියන්නම් සරත් කෑගහන්න එපා,ලංකාවෙ කරවෙච්චි රෝස් පානුත් හරිම රහයි...හැබැයි දර පාන්.
Deleteමගේ බ්ලොග් එක හදලා දෙන්න.
ReplyDeleteමම ඔයාට ගිය සතියෙත් කිව්වෙ බෙරේ වැව ලගට එන්න කියල.
Deleteඋඩ යට ඇදුමෙ පාට විතරක් කියන්න මෙයා.
නිට්ටාවටම හදල දෙන්නම්,
බ්ලොග් ගඩොල් නම් එහෙම ප්ලේන් ගඩොල් නම් ඒම.
මේ මනුස්සයා බොරුවක් නෙවේ කෙන්ජි කියන්නේ.පොරගේ බ්ලොග් එක මකලා.මම ගිහින් බැලුවා.
Deleteඅළුත් එකක් ලියපන්කෝ. මළ අඬෝවැඩියාවක් නේ මේක. නැට්ට පිටින් අලි මැරෙන්නේ..
Deleteමොනාලිසා තව දුර උණත් මොකෝ... මේ පදුරු වටේ තැලිල්ලත් අපූරුයි... හිනාවක් එක්ක කියවගෙන යන්න පුළුවන්....
ReplyDeleteස්තූතියි තරුරසී,එහෙනම් තව ටික දුරක් යන්න පුලුවන්වෙයි මෝනාලිසා එක්ක.
Deleteකජු මළුවක් නම් අපට සතියකට වතාවක් ලැබෙනවා.නියමයි.
ReplyDeleteගයනිව ආදරයෙන් පිළිගන්නව මගේ බ්ලොගට,
Deleteටිකක් ඉරිසියාත් හිතෙනව මේ විප්‍රවාසෙ ඉන්න අපට කජු මාලුවක්වත් කන්න ඔයාලට වගේ වාසනාවක් නැති නිසා.
අනේ මන්දා...ඉතින්...
ReplyDeleteමම කිව්වේ ගිය පාර කොටසෙදි, අයිපල් කුළුණ වටේම තියෙන පදුරු ටික මෙයා විනාස කරනවා කියලා ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔන්න තාම තියනව රජෝ,ගිය වෙලාවක තලල එන්නකො
Deleteමේ රස වෑහෙන කතා කියවන්න තියෙද්දි මොනාලිසා බලන්න මොන හදිස්සියක්ද හැලපයියේ... උඹ රහට ලියහන් මේ වගේම ලුණු ඇඹුල් ඇතිවම.
ReplyDeleteනලීන්, ඔන්න ඔහොම කියනව නං ලියන්න අමුතු ගටක් එනව
Deleteඅමු කජු කනකොටනම් කොහොමත් අමුතු ගතියක් තියෙනවා. ඔය ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක ලංකාවේ නැහැ මම හිතන්නේ (මම දැකල නැහැ)
ReplyDeleteහැම කෙහෙල් මලම තියෙන රටේ ඔය පොල්ල නැත්නම් තමා පුදුමෙ.
Deleteසිරිමගේ කාලෙ ගුල්ලො සමග අච්චු/තැටි පාන් කාපු කාලකන්නි අපි වගේ දරුවො නෙමෙ,දැන් දරුවො හරි ලකී.
ඒ කාලේ නොහිටපු,දැන් කාලේ වැහි වැහැල ඉන්න "බල්ලෝ මරල හරි සල්ලි"සොයන ගෝඩ් ෆාදර් ලාගෙ දරුවො ගොඩාක් ලකී.
ඔය බගට් එක මම කොළඹ සුපර් මාකට්වල දැකල තියෙනව කෝරළේ මහත්තයො
Delete@කෙන්ජි
Deleteගුල්ලො සමග පාන් කෑවෙත් පෝළිමේ ඉඳල නේද කෙන්ජියො
හැලපයියේ මටත් හිතයි අර පාන් කඩේ හොයාගෙන එන්න....
ReplyDeleteමේ ඉස්සර ඔහෝම කජු කෑවට දැන් රටකජුවත් එහෙම කන්න බෑ නේ....ඒතරම්ම ගණන්නේ දැන්...........
හරි හරි මනෝජ් අපි දෙන්නම යමු පාන් කඩේ හොයාගෙන
Deleteමන් නම් කියන්නෙ මේ සිරි ලංකාවෙත් ඔය ගිරීස්ම කාලෙට ගෑවු ලමයි ටොප්ලස් ඉන්ඩෝනි..අපිට නම් ඉතින් ඒසී කරපු සරමක් ඇඳන් සැහැල්ලුවට ඉන්න පුළුවන් එකේ..ඒ අයටහ් සම තැන දෙන්ඩෝනි මන් නම් කියන්නෙ...
ReplyDeleteමෙන්න මම අත් දෙකම උස්සල සහයෝගය දෙනව අපේ වෙනී මල්ලියගෙ යෝජනාවට.
Deleteතමන්ගේ වයසටද මේ නාකී යක්කුන්ගේ කතා
Deleteඔය මොනා ලීසා ගේ මොනා බලන්ඩ ද ... ඔන්න ඔහේ තියන පදුරැ ඔක්කොම තලලා ඉවර කරලම හිටිමු ..............................
ReplyDeleteඔව් සමීර,එහෙම කරමු...නිතරම එන්න
Delete......///මීට පස්සෙ ඔයා පාන් ගේන්න යන්න ඕනැ නෑ...පාන් ඕනැනං මම ගේන්නං..///
ReplyDeleteඔය ගෑණු ඔහොම්මමයි... ෂික් ඉතරක්. ඊට පස්සේ හැලපයියා පාන් අරන් ගමේ (එහේ ගමේ) කොල්ලන්ට බෙදලා දුන්නා කියලා ආරංචියකුත් ආවානෙව.
අර පාන් වර්ගෙනම් මොන රහද කියලවත් දන්නේ නෑ. අපිට එපා ඔය පර සුද්දන්ගේ කෑම. අපි සිංහලයෝ.... (හිතේ දුකට නෙවෙයි කිව්වේ)
මොනව කරන්නද අකමො,නරක වෙලාව කියල හිතාගත්ත
Delete:(
Deleteඒ පාන් කඩේ ඇඩ්රස් එක කිව්වනං. පාන් කාපු කාලයක් මතක නෑ !!!
ReplyDeleteහපෝයි,මෙන්න පාන් බඩගින්නක් ඇවිත්
Deleteරජකාලේ කොලොම් තොටට ගොඩ බැස්සලු පාන්
ReplyDeleteතිරුවානා ගල් කියලයි අපි හිතුවේ පාන්
දැං කාලේ දුප්පතාගෙ හිතවතාය පාන්
කාපල්ලා බැගට්, නොමැති දාට පාං
ඒ කාලේ පෝලිං වල ඉඳල ගත්ත පාන්
බල්ලොන්ට කන්ට බෑලු ඒ කාලේ පාන්
කැලෑ බේකරියෙ හදාපු මැද අමු, මැටි පාන්
පාන් බාස, වැදගතෙක්ය හිඟ කල මේ පාන්
මොනාලිසාටත් හැලපේ කැව්වේ මේ පාන්
අප්පට හුඩු , මේ සාවියෙ තියෙන ජාති පාන්
එක එක හැඩයට හදාපු, නෙම, නෙම රස පාන්
නැති හින්දා අපට රහයි අපේ රෝස් පාන්
දැන් ඕවා මෙහෙත් තියෙනවා මං හිතන්නේ. කොළඹ පැත්තේ විතරයි හැබැයි. 'Bread Talk' 'Paan Paan' වගේ ඒවායෙ තියෙනවා මං හිතන්නේ. එලියෙන් දැකලා තිබුනට ඇතුලට ගිහින් නැති නිසා වැඩි විස්තරයක් දන්නේ නෑ
ReplyDelete