Friday, May 3, 2013

56.මෝනාලිසා සහ එඩුවා


 

අද නං හිතාගෙනම ආවෙ ඔයගොල්ලොත් එක්ක මෝනාලිසා බලන්න ගිහින් කතාව ඉවර කරල දානව කියල...පහුගියටිකේ වෙච්චි කරදර නිසාම මෝනාලිසාට අනවශ්‍ය ප්‍රසිද්ධියකුත් ලැබුණනෙ...ලියන මටත් ටික වෙන්න මඩ නොවැදුනාම නෙවෙයි...හැමදාම මෝනාලිසා ගැන කියල පටන් අරං මෝනාලිසා ඇරෙන්න අනික් හැමදේම ගැන කියල යන්න යනකොට තදවෙන්නෙ නැත්තෙ කාටද ඈ...ඒක නිසාම මම හිතාගත්ත ඔන්න ඔහෙ කතාව ඇදගෙන ගියා ඇති වටේ තැලුවත් ඇති කියල...මොකද ඔයාල මේ කතාව අහන්න ඉවසපු ඉවසිල්ලට තෑගි දෙන්න වටිනවනෙ...මේ වටිනා සිතුවිල්ල මගෙ හිතට ආවෙ ඊයෙ හවස්කොරේ මිදි යුෂ ටිකක් පානය කරමින් ඉන්නකොටමයි.

ඔය මිදියුෂ නිෂ්පාදකයන්ට ඇති අගනාම වස්තුව තමයි ඔවුන්ගෙ නිෂ්පාදනයේ නම...අවුරුදු ගණනාවක් පුරා පැවතගෙන එන රස ඒ ආකාරයටම ඉදිරියටත් පවත්වා ගැනීම තමයි ඔවුන් මුහුණදෙන ලොකුම අභියෝගය...රසය ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට නිෂ්පාදකයින් නොගන්නා වෙහෙසක් නෑ.

තමන් මිදි මිලදී ගන්න වගාකරුවන්ගේ වගා බිම් ඔවුන්ගේ දෛනික සුපරික්ෂාවට ලක්වෙනවා....සුපුරුදු කාබනික පොහොරවලට අමතරව අමතර පොහොර හෝ වෙනත් රසායනික යොදනවාදැයි ඔවුන් ඉතා පරීක්ෂාකාරී වෙනවා...මන්ද මොනයම් හෝ අමතර දෙයක් යෙදුවොත් රස වෙනස් වේවිය කියා තමයි ඔවුන් සැළකිල්ලෙන් ඉන්නෙ.

මේ මෑතකදී මම කියවූ පොතක දැක්කා ග්‍රීෂ්ම සෘතුවේ ඉර අව්ව වැටෙන ප්‍රමාණයෙන් ඒ කන්නයේ නිෂ්පාදනය කරන්නට හැකි වයින් බැරල් ප්‍රමාණය හරියටම කියන බැරල් නිෂ්පාදකයෙක් ගැන...

ඔය අතරෙම මට මතක්වුණේ වයින් විශේෂඥයෙක්වූ අපේ හිතවතෙක් ගැනයි...ඔහු තමයි ආචාර්ය එඩ්වඩ් පෙරේරා...ප්‍රංශ භාෂාව පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙක් වුවත් ඔහු සිය නමට ඉදිරියෙන් ආචාර්ය පට්ටම භාවිත නොකිරීම විශේෂයක් ඒ නිසාම කාටත් ඔහු මිස්ටර් පෙරේරා,එඩ්වඩ් හෝ එඩුවා වුණා.

සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ප්‍රංශ භාෂාව පිළිබඳව උපාධිය ලබාගන්නා එඩ්වඩ්ගෙ සමකාලීනයන් වන්නේ සෝමරත්න බාලසූරිය හා චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි අය.

අනතුරුව ඔහු ප්‍රංශ භාෂාව පිළිබඳ ආචාර්ය උපාධියද ලබාගත්තා.

ඔහු ඇල්බෙයා කැමූගෙ දි අවුට්සයිඩර් සිංහලට පරිවර්තනය කළේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය සමගයි...එය පිටස්තරයා යනුවෙන් සිංහලෙන් පළවූවා.

පසුකාලීනව ආචාර්ය එඩ්වඩ් පෙරේරා සිය බිරිඳ වන අයිරින් සමග බෙල්ජියම තම නිවහන කරගත්තා...මේ දෙපොළට වසන්ත සහ ක්‍රිෂන්ත යනුවෙන් පුතුන් දෙදෙනෙක් වුණා...මා බෙල්ජියමේ ගතකල වසර හතරකට ආසන්න කාලය පුරාම හැම නත්තලකම දවල් බතට ඔහුගේ නිවහනට ආරාධනා ලැබුවා.

නත්තල් දිනයේ දහවලින් අපේ නිවස පිටුපස ඇති ට්‍රෑම් නවතුමෙන් ට්‍රෑම් රථයට නගින අපි එයිට නැවතුම් පහළොවකට පමණ එපිටින් ඇති හැන්සන් සුලී නැවතුමෙන් බැසගෙන ඒ ඉදිරිපිටම ඇති තට්ටු නිවාස පෙළේ එඩුවාගෙ නිවහනට ගොඩවදින්නේ  නත්තල් සාදයට සහභාගි වන්නටයි.

කෑමට පෙර ලැබෙන සප්පායමේදී අපට ලැබෙන්නේ එඩුවටම විශේෂ කෑම රුචිකාරකයක් හෙවත් ඇපිටයිසරයක්...ඒ තමයි අමු බෙල්ලන් සමග සුදු වයින්.

අධි ශීතල උතුරු මුහුදු පතුලෙන් ගොඩගන්න මේ බෙල්ලන්ගේ කටුව ඔවුන් ජීවත්වන පරිසරයටම ගැලපෙන ආකාරයට ඉතාම ගණකම් හා විකෘති ආකාරයෙන් සැදුණක්.
 
 බෙල්ලන්ගෙ යටිපැත්තෙ තියෙන කුඩා කටුව පිහිතලයක ආධාරයෙන් විවෘත කරල ඇතුළට ලෙමන් යුෂ ටිකක් මිරිකන්නෙ බෙල්ලව උත්තේජනය කරන්නයි ඊට පස්සෙ ගෑරුප්පුවකින් බෙල්ලගෙ මස ගලවගෙන කටුවෙ එකතුවෙලා තියෙන දියරත් එක්කම කටට හලාගන්නව.

හැබැයි කෙනෙකුට බෙල්ලො හතර පස් දෙනෙකුට වඩා කෑමට ගන්න බැරි තරමට මොවුන්ගේ මිළ ඉතාම ඉහළයි.

අපි ප්‍රණීත බෙල්ලන් කමින් සුදු වයින් බිව්වත් කාන්තාවො නම් බෙල්ලො කටේ තියන්නෙ නෑ...අප්පිරියාවෙන් අහක බලාගන්නව අපි බෙල්ලො අමුවෙන් කන නිසා වෙන්න ඇති.

ඔබ මිස්ටර් බීන්ස් හොලිඩේ චිත්‍රපටය බලල තියනවනම් ඔබට මතක ඇති මිස්ටර් බීන් පැරිසියෙ ආපන ශාලාවකදී මෙම බෙල්ලන් වර්ගය අප්පිරියාවෙන් කන ආකාරය.

අයිරීන්ගෙ රසවත් නත්තල් ආහාරවේලෙන් පස්සෙ කෝපි බොන අපට ගිටාරයෙන් සංගීතය සපයන්නෙ ක්‍රිෂන්ත.
 
 ලොකුපුතා වුණු වසන්තට පෙම්වතියක් හිටියත් ක්‍රිෂන්තට ආදර සම්බන්ධතාවක් ඇති බවක් පෙනෙන්නට තිබුණෙ නෑ...ඒ දවස්වල යුරෝපය පුරා උන්මාදයක් වන තරමට පැතිරෙමින් තිබුණු සමලිංගික සම්බන්ධතා හෙවත් සමරිසියන්ගේ එකව ජීවත්වීම් නිසාම එඩුවා යුවල තද කලබලයකට පත්වෙලා හිටිය මම දැක්කා.

 ග්‍රීෂ්ම සෘතුවෙ ඉර හිනාවෙන උදයක අයිරීන් ඔෆිස් එකට ආවෙ හිනාවකින් මූණ විකසිත කරගෙන...

මිස්ට ###  ක්‍රිෂන්තට කෙල්ලෙක් ඉන්නව...මම අද එනකොට දැක්කෙ...

අයිරීන්ට හරි සතුටුයි...මමත් ඇයට සුබ පැතුව කාලයක් හිතේ තිබ්බ බරකින් නිදහස් වීම ගැන...

පස්සෙ දවසක මම ට්‍රෑම් එකේ පංති යද්දි දැක්ක ක්‍රිෂන්ත සුදුකෙල්ලෙකුගෙ අතින් අල්ලගෙන මහ බඹා වගේ  උසට උසේ පාරෙ යනව.

විශ්ව විද්‍යාලයට තේරුණු ක්‍රිෂන්ත අවුරුද්දක්වත් ඉගෙන ගත්තෙ නෑ...ඔහු සම්බන්ධවෙලා හිටපු සංගීත කණ්ඩායමක් එක්ක යුරෝපෙ පුරා සවාරියක් ගියා.

මාස හයකට විතර පස්සෙ ගෙදර ආපු ක්‍රිෂන්තව එඩුව ආපහු කැම්පස් එකට එක්ක ගිහින් ඉගෙනගන්න හදල දුන්න...විද්‍යා විෂයයන් ඉගෙන ගත්තත් ඔහුගෙ වැඩි කැමැත්ත තිබුණෙ සංගීතයටත් කැමරාකරණයටත්...ඔහුට තිබුණා හොඳ කලා ඇහැක්.

 මේ ලිපිය ලියද්දි අමතක වුණු විස්තරයක් දැනගන්න මම අද උදේ එඩුවට ටෙලිපෝන් කලා බ්‍රසල්ස් වලට.
 
අවුරුදු හතකට පස්සෙ ඇහිච්ච මගේ කටහඬ එඩුවා එක පාරටම අඳුනා ගත්තෙ නෑ...දැන් ජෝඩුවම පෙන්ෂන් අරං ගෙදර ඉන්නෙ...විස්තර කතාකරල මට අවශ්‍ය තොරතුරුත් දැනගෙන මම ඇහුව දරුවො ගැන...
 
කොහොමද වසන්තයි ක්‍රිෂන්තයි හොඳින් ඉන්නවද...
 
අනේ මිස්ට ### ක්‍රිෂන්ත මැරුණනෙ අවුරුදු එකහමාරකට විතර ඉස්සෙල්ල...
 
මම උඩගියා යසට හිටපු තරුණයනෙ...
 
ඇයි මිස්ට පෙරේරා මොකද වුණේ...
 
නහරයක් පුපුරලලු... ප්ලයිට් ටෙක්නීෂියන් කෙනෙක්නෙ... ලීජ්වල වැඩකළේ...
 
කොණ්ඩෙත් දිගට වවාගත්ත හීන්දෑරි තරුණය ඇස්දෙකත් අඩවන් කරගෙන ගිටාර් ගහනව මට දැනුත් මැවිල පේනව.

76 comments:

  1. මදෑ අදවත් මොනාලිසා ඉවර කොලා ...

    ReplyDelete
    Replies
    1. කිණ්ඩිය දානව නේද කොල්ල,බලාගෙන ඉන්ඩකෝ එක පාරටම මෝනාලිසා ළඟට යන ලස්සන

      Delete
  2. උබ ඇත්තටම බෙල්ලො අමුවෙන් කෑවද??

    ReplyDelete
    Replies
    1. තෝ වයස දැනගෙන කතා කරපන්.බූරුවෙක් වගේ තප්පු ලන්න එපා.

      Delete
    2. ඒ බෙල්ලො අමුවෙන් කන්නෙ,උයන්න බෑ ඉතිං ඒ විදියට කෑවා

      Delete
  3. එතකොට මිනිහා මලා??? අපරාදේ :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කාටද රජෝ,මැරිච්ච කොල්ලටද

      Delete
    2. Very good reply.. !!!

      Delete
  4. /* ආචාර්ය උපාධිය ඔහු ලබාගන්නේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ඒ එක්දාස් නවසිය හැට ගණන් වලදී ඔහුගේ සමකාලීනයන් වුණේ මහාචාර්ය සෝමරත්න බාලසූරිය සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක වැනි අය.
    */

    මේක කතාවෙන් චන්ද්‍රිකාත් ඔය අනිත් දෙපල වගේ ආචාර්ය උපාධියක් කළාය කියලා වැරදි අදහසක් එන්න ඉඩ තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ඔන්න හැදුවා, කියවල බලන්න

      Delete
    2. නිකම්ම නිකන් නමින් ආමන්ත්‍රණය කරන එක ඩිංගක් හරි මදි වගේ නේද..?

      Delete
    3. සහන් එකල ඔවුන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,කිසිම පට්ටමක් නෑ...ඔබම කිව්වනම් මොන විදියටද ආමන්ත්‍රණය කළ යුත්තේ කියල.

      Delete
  5. අපි මුකුත් කියන්නෙ නෑ..හැමදාම මොනාලිසා ගැන අපිට කියවන්න දෙනවට..ඒත් මොනාලිසා හරි ඩා වින්චි..හරි බොගේ *ල්ල මිරිකුවා රෑකට ඇවිත් කියලා අපිට දොස් කියනවා එහෙම නෙවෙයි..
    ඈක්ක්ක් කොහොමද බන් අර සත්තු අමුවෙන් කන්නෙ..බීන්ගෙ සීන් එක මතකයි..
    ප.ලි.
    *=බෙ මේ අකුර ලියන්නෙ කොහොමද කියලා හොයා ගත්තෙ පස්සෙ...කියවන උනුත් මහ වල් අප්පා !

    ReplyDelete
    Replies
    1. මම රෑට හීනෙන් බයවෙලා ඇහැරුණොත් ඔන්න වෙනිය තමයි.
      අර බෙල්ලො හරි රසයි වෙනී අමුවෙන් කද්දි

      Delete
  6. ඔබා අයියේ... ආ... සොරි හැලපයියේ කෝ යකෝ මෝනාලිසා.
    මේ අයියේ මෝනාලිසා එපා. ඔන්න ඔහේ ඔය විදියට දන්න කතන්දරයක් කියාගෙන ඉන්න. අපිට ඕනෙ මේ වගේ ඒවා තමයි.
    බෙල්ලො මම නම් කාලා තියනවා. ඕවා කන්න කලින් නම් හොයන්න ඕනෙ නැහැ. සෝස් ජාති නිසා තමයි කන්න ඇහැකි වෙන්නෙ. සෝස් වලටම තැම්බිලා වගේ වෙනවා. පොඩි සෙවල ගතියක් එනවා. මගේ මිත්‍රයා කාපු කෑම වල නම් කිව්වේ දවසක් ගියාට පස්සෙ. මම වැඩියෙන්ම සුද්ද සිංහල පාවිච්චි කලේ එදා තමයි.

    ReplyDelete
    Replies
    1. තායිලන්තෙ සර්පයො, ගෙම්බො, ගොළුබෙල්ලො උනත් කනවලු නේද වෙදනා අයියෙ ???

      Delete
    2. බෙල්ලන් වර්ග කීපයක්ම ඉන්නවා,තව වර්ගයක් කාපු ආකාරය මම තවත් පෝස්ටුවකින් කියන්නම්.

      Delete
  7. සැහැල්ලුවෙන් කියාවාගෙන ආවත් අවසානයේ හදවත කම්පා වුණා. හැලප අයියා හැමදාමත් කතාව ඉවර කරන්නේ එහෙම තැනකින්. මතකද කලින් කතාවේත් කරෝලිස් ඇවිදගෙන එන හැටි මැවිලා පේනවයි කියලා කීවා. එකිනෙකාගෙන් බොහෝම වෙනස් වන කරෝලිස් සහ ක්‍රිශාන්ත හරිම සමීප විදිහට අපට ලංවුණා මේ මොනාලිසා නිසා.

    ReplyDelete
    Replies
    1. ඒ අවසානය නිරායාසයෙන්ම ලියවුණා රතු,මොකද ලියද්දි මා නිතරම කතාවත් සමග ඒකාත්මික වන නිසා.

      Delete
  8. ෂහ්, හැලප අයිය ඩාවින්සිට වැඩිය හොඳට මොනාලිසා විග්‍රහ කරල තියෙනවනෙ.

    ඇත්තටම අර බෙල්ලො අමුවෙන් කන්නෙ කොහොමද. මොනවහරි ක්‍රමේකට හදලනං කොහොම හරි කාල දාන්න බැරියැ.

    මිදියුෂ වල සැර බැස්සමවත් මොනාලිසා ගැන..... නෑ එක්කො මොනාලිසා ගැන ලියමු.

    ReplyDelete
    Replies
    1. හොඳ ළමයෙක් වගේ හිටපු ප්‍රසන්නත් සවුත්තුව දානව නේද,ඒ බෙල්ලන්ගෙ රස කියල තේරුම් කරන්න බෑ ප්‍රසන්න කාලම බලන්න ඕනැ.
      මම ආයෙම බෙල්ජියම් ගියොත් ඉස්සෙල්ලම කරන්නෙ බෙල්ලො පැකට් එකක් අරගෙන කාල දාන එකයි.

      Delete
  9. මොනවා බං අර කොල්ලට හෘදයාබාදයක් හැදුනද? වයසක් නෑ ඒවටනේ?
    මම කල්පනා කලේ, අරකාට කෙල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තාම අම්මයි තාත්තයි සතු‍ටු වෙච්ච එක ගැන. ඒකට අපේ රටේ! අපේ ක්‍රමයෙන් වෙන්නේ, මම කියන්නේ ප්‍රේමය නීති විරෝධී දෙයක් හැටියට සමාජගත වීම හා වෙන්කල අධ්‍යාපනය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද? අර එඩුවලා බය වෙච්ච දේ නේද? Taking that into account, we are a more permissive society than the French and the Belgians, he he!

    ReplyDelete
    Replies
    1. හෝඩියෙ ඉඳලම මිශ්‍ර අධ්‍යාපනයක් ලබපු මම දැන් ඒ ගැන සතුටු වෙනව.යුරෝපය මුල සිටම ඔය වෙන්කල අධ්‍යාපන ක්‍රමය පිටුදැක තිබෙන්නේ ලංකාවෙ මිශ්‍ර පාසැල් වල පංති පැත්තක සිසුන් පැත්තක සිසුවියන් වශයෙන් බෙදී තිබුණත් යුරෝපයෙ ඒ බෙදීමවත් නැහැ,සිසුන් සිසුවියන් කලවමේ පංතියෙ වාඩිවෙන්නෙ,ඒ වගේම ඔවුන්ට මනා ලිංගික අධ්‍යාපනයකුත් ලැබෙනව.
      උඹට මම මගේ පුද්ගලික අත්දැකීමකුත් කියන්නම්...ස්ටේට්ස් වලදි පුතා හිටියෙ නවය පංතියෙ...දවසක රාත්‍රියෙ කෑම කද්දි ඔහු මගෙන් අහනව සහ මට කියල දෙනව අනාරක්ෂිත ලිංගික එක්වීම් වල ඇති අනතුරුදායක බව.මම අඩු තරමින් නළලවත් රැළි කරන්නෙ නැතුව ඉතාම ස්වභාවික ආකාරයෙන් ඔහු කියනදේ අසා සිටියා.

      Delete
  10. මෝනාලීසා නැතුවාට කමක් නැ හැලාපයියේ.......මේවා තමයි නියම ස්ටොරි....

    සංවේදී අවසානයක් උනත් කතන්දරේ නියමයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්,සතුටුයි ඔබ මගේ කතා රස විඳීම ගැන.

      Delete
  11. මොනාලිසා නැතුවට කාරි නෑ, මෙහෙම හොඳා :). ලබන නත්තලටවත් උන්දෑ ගැන ලියවෙන්න නැතෑ.

    හැලපෙ, ලෝකෙ වටේටම හැලප බෙදල තියන නිසා, මට නං හිතෙන්නෙ ඉන්නෙ තානාපති සේවෙ කියලයි.එක අතකට එහෙම අප්‍රසිද්ධව ඉන්න එකත් හොඳා. මොකද මෙතන වැදගත්ම දේ, ඔබගේ අගනා අත්දැකීම් අප සමඟ බෙදා ගැනීම නිසයි.

    කණගා‍ටුදායක කතාවක්. අසරණ කොලුව, එයා අරගෙන ආපු ආවිස ඉවර වෙන්න ඇති.

    එක් සැරයක් මටත් ප්‍රංශුවෙක් අමු මාළු කැවෙව්වා. අර රතු පාට කොච්චියෙදි - තාලිස් වෙන්න ඕනෙ Gare du Nord වලින් නැග්ගෙ. කෑම ට්‍රොලියක් තල්ලු කරගෙන ආපු , බුරුසු ‍රැව්ලක් තිබ්බ ප්‍රංසුවා මොනවදෝ කිව්වා. රෝස පාට සැමන් පෙත්ත ලස්සනට තිබ්බ නිසා , මාත් හව් ගාලා හැපුවා. මොන , බල්ලෙකුට කටේ තියන්න බෑ. විසි කරන්නත් බෑ. බුරුසුවා පනාව දාගෙන බලාගෙන ඉන්නවා. මාත් , උන්දැගෙ දෙමව්පියන්ට පිං දිදී, අප්පිරියාවෙන් කෑව. කාලා ඉවර වෙන කං අරූ නෙමයි ලඟින් හෙල්ලුනෙ. මං හිතන්නෙ ඒක වෙන්ටෝන උන්දලාගෙ "මැනර්ස්"


    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇනෝ...ලබන නත්තලටවත් මෝනාලිසා ගැන ලියවෙයි නොවැ...අමු මාළු කාපු අවස්ථාවක් ගැන මගෙත් කතාවක් තියෙනව ඒක ආයෙම ලියන්නම්.

      Delete
  12. මං හිතං හිටියේ ලූවර් එකේ එවුන් විතරයි මොනාලිසාව විකුනං කන්නෙ කියලා.

    කොහොම වෙතත් ඔබා අයියගෙ සුවඳ එනවාය කියන කතාව නම් ඇත්ත.
    ඔහොම යං... ඔහොම යං....

    ReplyDelete
    Replies
    1. "මං ඔයාට කොහොම කියලද කතා කරන්නෙ? මේ ඒක නෙමෙයි, කොහොමද ඔයා හිංගල කතා කරන්න ඉගෙන ගත්තෙ?"

      " මෝනා කියන්න, නැත්නම් ලීසා කිව්වත් කාරි නෑ. ඇයි අර හැලපෙ මෙහෙ ආව නෙව, එයැයි තමා ඉගැන්නුවෙ"

      " අප්පට හුඩු, මේ අපේ හැලපෙ, අර පඳුරු තලන හැලපෙ?"

      " ඔව්, වොව් එයැයි තමා. ඉස්සෙල්ලම එයා මාව කරෝලිසාට වික්කා, පස්සෙ එඩුවටත් වික්කා. මාත් ඉතිං හිත හොඳ අම්මණ්ඩි නිසා ඉවසගෙන හිටියා "

      Delete
    2. ආයුබෝවන් සාදරයෙන් පිළිගන්නවා ඔබව මගේ දුප්පත් බ්ලොගයට,ඉවසිල්ලෙන් බලාගෙන යමුකො කේන්ති ගන්නෙ නැතුව... ලූව්ර වලට තව ටික දුරයිනෙ.

      Delete
    3. @ඇනෝ,
      අලංකාරයි ඇනෝ නිර්මාණාත්මකයි,ඇහෙන් කදුළු පනිනකම් හිනාවුණා

      Delete
  13. ඇඟ හිරිවැටිලා ගියා හල්පේ.. මේ කොමෙන්ට් එක දැම්මෙත් ඇඟිලි වෙව්ලද්දී.... ජීවීතේ අනියතයි කියලා හොඳටම දැනගෙන හිටියත්, යටි හිතට ඒක තේරිලා නෑ මගේ හිතේ...

    ReplyDelete
    Replies
    1. සංවේදී මනුස්සයා නේ කොහොමත් .

      Delete
    2. ඇත්ත මාතලන් අපි දෙන්නටම හරිම කම්පනයක් ඇතිවුණා...ඒ පිටම තමයි මේ කතාව ලිව්වෙ කොච්චර දුරට සාර්ථකද දන්නෙ නෑ.

      Delete
    3. ඒ සාර්ථකත්වය 100% තිබුනා හැලපේ. නැතිනම් කොච්චර අතුරු කතා නම් තියෙනවද මේ කතාවෙත්.. උඹේ ලිවිල්ල නම් පට්ට....

      Delete
  14. කොල්ලෙක එක්ක යාලු වෙනවට වඩා කෙල්ලෙක් එක්ක යාලු වෙන එක හොඳයි කියලා හිතන නිසා සතුටු වෙන්න ඇති... මෙහෙ තාම ඔය සෙල්ලම තදට නැති නිසා කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු උනම අම්මලා අප්සට් වෙනවා.... හැබැයි දැන් ඒකත් ගොඩක් දුරට අඩුයි මං හිතන්නේ.... කුළ මළ හෙවිලි එහෙම... හැබැයි රස්සාව සල්ලි නම් හොයනවා.. ඒකට වැරැද්දක් කියන්නත් බෑ ඉතිං...

    ඉවූ....... බෙල්ලෝ................... වයින් කියන්නේ ඉස්සර ඒ රටවල රදළ පැලැන්තියේ ට්‍රේඩ් මාර්ක් එකක් කියලා මං අහලා තියෙන්නේ... දැනටත් එහෙමනේ...

    මේ වගේ කතා වලදි මට හැමදාම මතක් වෙන්නේ අපේ ධනංජය අයියා....

    ReplyDelete
    Replies
    1. හී....හී ........

      Delete
    2. හිරූ අපේ මහත්තය එක්ක යාලු වුණාම ලබපු අත්දැකීම් වෙන්න ඇති කියන්න ඇත්තෙ...කවුද හිරූ ධනංජය අයිය කියන්නෙ.

      Delete
    3. හිරුගෙ ලිපියත් කියෙව්වම මොලේ මඤඤන් එකේ හොදම එක උනා.

      Delete
  15. මගේ බ්ලොග් එක හදලා දෙන්න පුලුවන්ද .

    ReplyDelete
    Replies
    1. කාටද කිව්වෙ ඇනෝ

      Delete
    2. ඇනෝ හදෝල දෙන්න පුළුන්.ඔයාට වැඩි වියදමක් දරන්නෙ නැතිව එන්න පුළුවන් ස්ථානය සහ ඇදගෙන එන ඇදුමෙ විස්තරයක් සපයන්න.

      Delete
  16. කොල්ලා පව් නේ බං..!

    ලංකාවටත් ඕය සමලිංගික ප්‍රශ්නෙ ටික ටික එනවා වගේ...!

    ReplyDelete
    Replies
    1. \\ලංකාවටත් ඕය සමලිංගික ප්‍රශ්නෙ ටික ටික එනවා වගේ...!\\
      මූ නම් දාසය වැනි ශතවර්ෂයේ ජීවත් වෙන එකෙක්ද කොහෙද ?

      Delete
    2. ඔව්නෙ වීයො,දැන් ලංකාවෙ සමලිංගික අයිතිය ඉල්ලන කණ්ඩායමකුත් ඉන්නව මම දැක්ක ළඟකදි

      Delete
  17. පට්ට මොනාලීසා... සැප කනේ අයියේ.. හැලප.. පව් බං තොපි හොයල බලලවත් නෑ අර කොල්ල මැරුණු හැටි...හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. ඊයෙනෙ බං දැනගත්තෙත්,වැඩි විස්තර හොයල බලල කියන්නම්.

      Delete
  18. හැලපයියේ, අර රූපේ දැක්කම මටත් බෙල්ලෙක් කන්න ආස හිතුණා. අඩුම ගානේ ගොළු බෙල්ලෙක්වත්.... :D

    ඔහොම තමයි බලාපොරොත්තු නැති විදියට තමයි ජීවිතයෙන් සමුගන්න වෙන්නේ. ලෝක ස්වභාවය තමයි ඕක.
    මේ ලෝකේ එන එක එක රැළි වලට වැඩියෙන්ම බය දෙමවුපියෝ. නැත්නම් වැඩිහිටි සහෝදර සහෝදරියෝ. අරක්කු, සිගරට්, ගංජා, ලිංගික ඇසුරු, විකෘති ලිංගික ඇසුරු වගේ එව්වයෙන් තරුණ දරුවා බේරාගෙන දරුවාට සුදුසු ආශ්‍රයන් (වට පිටාවන්) සකස් කරලා දෙන්න දෙමව්පියෝ කොච්චර දඟලනවද කියලා දන්නේ ඒ තත්ත්වෙට මූණ දීපු කෙනෙක් විතරයි.

    ඒ අතින් ලංකාව තාම හොඳ මට්ටමක ඉන්නවා. තාම ගොඩක් තරුණයෝ විතරක් නෙවෙයි ඊට වැඩි අය උණත් බීලා අම්මලා ඉස්සරහා පූස් පැටව වගේ ඉන්නවා හිත රිද්දන්නැතුව. කෙල්ලෝ උණත් ගේ අස්සට කොල්ලෝ දාගෙන දොර වහ ගන්නෑ. කොයි දේ කළත් අඩුම ගානේ ඒක වැරදියි ඒ හින්දා හොරෙන් කරන්න ඕනි කියන මට්ටමේ හරි එයාලා ඉන්නවා.

    කමක්නෑ පූර්විකාවේ හරි මොනාලිසා ඉන්නවනේ.... ඔහොම යන්...

    ReplyDelete
    Replies
    1. අකම්,උඹට මල්ලි ඉස්සෙල්ල අර මම හදපු වඩේ දැකල දොළදුක හැදුන වඩේ කන්න...ඊට පස්සෙ කෑම ජාති දැකල පෙරේත කමක් ඇතිවුණා...දැන් බෙල්ලො...කමක් නෑ බං ලංකාවට ආපු වෙලාවක බෙල්ලො ටිකක් තම්බගෙනවත් කමු.

      Delete
    2. ඔන්න ඕකනේ කියන්නේ කොලේ වහලා බාල බඩු දෙන්න යනවා කියලා. තම්බලා කන එව්වා මට ඕන්නෑ. ගේනවනම් සුරුස් ගාලා ලෙස්සල යන අමු එව්වා. නැත්නම් උඹවත් ඕන්නෑ. :(

      Delete
  19. උඹේ මේ කතා කියවනකොට මට හැමදාම මතක වෙන්නෙ ඔබාම ව.

    ReplyDelete
    Replies
    1. ඔයිට වඩා කියන්න බෑ මේ වගේ හිත හිර කරන කතා වලට.

      Delete
    2. සමාවෙයන් මචං ඉන්දික,කොල්ලගෙ මරණෙ ගැන අහපු වෙලාවෙ මට ඇතිවුණු දරුණු කම්පනය එවෙලෙම අකුරු කරන්නයි මට අවශ්‍ය වුණේ.

      Delete
  20. Replies
    1. උඹ ඇත්තමද ඔය කියන්නෙ,උඹ ආපු නැති දවසට තමයි මේ බ්ලොගෙත් වහල මම බුදියගන්නෙ.

      Delete
    2. ලොකු දෙයක් මචන්! අපුලක් නැතිව කියවතහැකි!

      Delete
  21. කොටස් තුනම කියෙව්වෙ අද. මොනාලිසා ඕන නෑ හැලපයියේ. පඳුරු තැලිල්ල වැඩිය හොඳයි. නිකං දුන්නත් බෙල්ලො නං එපා!

    ReplyDelete
    Replies
    1. තැන්කියු රාජ්,ඒත් අර බෙල්ලන්ට නං මොකුත් කියන්න එපා...කාපු උන්නෙ උංගෙ රස දන්නෙ...

      Delete
  22. බෙල්ලෝ පැකට්... ශීත කරලා වාගෙද තියන්නේ හැලපයියේ.. ? උන් ව වෙන විදිහටත් කනවා ද.. උයල එහෙම.. ?

    ReplyDelete
  23. බෙල්ලෝ පැකට්... ශීත කරලා වාගෙද තියන්නේ හැලපයියේ.. ? උන් ව වෙන විදිහටත් කනවා ද.. උයල එහෙම.. ?

    ReplyDelete
    Replies
    1. පැකට් තමයි තියෙන්නෙ චන්දන...මේ ජාතියෙ බෙල්ලො අමුවෙන් කන්නෙ.තම්බල කන බෙල්ලොත් ඉන්නව.

      Delete
  24. දරුවන් සිටින දෙමාපියන්ට හිත කීරි ගැහිල යන ලිපියක්.මම හිතන්නෙ මෙතෙක් ඔබ ලියූ ලිපි වලින් දුකක් කියල හිතට දැනුන පලමු ලිපිය කියලයි මම හිතන්නෙ.
    අමු බෙල්ලො,අමු මාළු කන අයට ඊයා/ඈක්ක ගාන අයත්,එක දවසක් හරි කාපු දවසකට කොහොමද රසේ කියල දැනේවි.
    මගේ බිරිදට පුතා ලැබෙන්න ඉද්දි අපේ කෑම වල සුවද පවා අප්පිරිය වුනා.
    පුතා ලැබෙන්න ලංකාවට යනකං කෑවෙ ජපන් සෝස් වල තම්බපු ගොළු බෙල්ලො/අමු මුහුදු බෙල්ලො/අමු මාළු ඇතුලු ජපන් කෑම.

    ReplyDelete
    Replies
    1. ඈක්ක ඊය කියන්නෙ කෙන්ජියො ඒවල රසේ නොදැනනෙ.

      Delete
  25. අපොයි.... කොහොමද අප්පා බෙල්ලෝ අමුවෙන් කෑවේ? මට මතක් වෙද්දීත් අප්පිරියයි වගේ.....

    කතාවේ අන්තිම ටික කියවනකොට නම් හරිම දුකයි. මොනා කරන්නද ඉතිං ඕම තමයි ජිවිතේ හැටි....

    ReplyDelete
    Replies
    1. ගාණක් නෑ සමනලියෙ...කට්ටෙන් මස් ටික ගලවල කටේ දාගත්ත

      Delete
  26. අපේ නලිය පේන්න නැත්තෙ මොකද හැලපේ?

    ReplyDelete
    Replies
    1. නලිය දකින්න නෑ තමයි දවස් කීපෙක ඉඳන්...ඇන්ටනොව් එක ගොඩගන්න ඉරණතිව් ගිහින්ද දන්නෙ නෑ.

      Delete
  27. ඔබගේ කතා ලිවිල්ල මරු.
    කමක් නැ කවදාහරි මොනාලිසා ඉවර වේවිනේ. එත් එක කල් යන තරමට මම කැමතියි තව අතුරු කතා නම් කීයක්ද ......?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මොරබ්බා...ඔන්න ඔහොම කියනවනං මම හරිම කැමතියි...මෝනාලිසා එනවනෙ දවසක.

      Delete
  28. මෝනාලීසා බලන්ට යන ගමන නම් මරු...:)
    බෙල්ලෝ කන්ට මාත් ආසා නෑ. සමහරෙකුට විස වෙන්ට පුලුවන් නේද?
    ක්‍රිෂන්ත පව්....:(

    ReplyDelete
    Replies
    1. බෙල්ලො අහුවුණොත් පොඩ්ඩියෙ කාල බලන්න...මෝනාලිසා බලන්න තව ටික දුරයි.

      Delete
  29. කාලෙක ඉදන් බ්ලොග් එක කියෙවුවට අද තමා පලවෙනි කමෙන්ට් එක දාන්නේ අර බෙල්ලා ostrea කියන බෙල්ලා,,හරි පරිස්සමින් අරින්න ඕනා,,,ඇපිටයිසරයක් උනාට පිරිමි සත්තියට හරියට බලපානවා කියනවා ඔය බෙල්ලා,,

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් කියල පිළිගන්නව ඩිලාන්ව මගේ බ්ලොගයට...ඔය තියෙන්නෙ බෙල්ලා ගැන නියම විග්‍රහයක්...මම ඔය කතාව කිව්වෙ නෑ දැන්නම් අප්පිරිය කරපු අයටත් ඕනෑවෙයිද දන්නෙ නෑ.

      Delete
  30. බෙල්ලො වගේම ප්‍රංශක්කාරයො එහෙම ගොළු බෙල්ලොත් කන්නෙ හිරිකිතයක් නැතුව. මොනාලීසා ගැන එහෙම නං තව පෝස්ට් දහයකටවත් ලියන්න එපා!!! :D

    ReplyDelete
    Replies
    1. මුහුදුවත් මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නව...ඒ ගොළුබෙල්ලන් සුදුළූණු වයින් ආදිය යොදල පුළුස්සල ගත්තම රසයි කියල මට කීප දෙනෙක්ම කියල තියෙනව...රස බලන්න අවස්ථාවක් ආවෙ නෑ.

      Delete

ඔබේ අදහස්