Wednesday, May 22, 2013

66.වෙසක් සැරසිලි පුරාණය





අපේ හිතවතුන් හිතවතියන් කලබල වෙලා අපි මෝනාලිසා බලන්න යන ගමන අතඇරල දාලය කියල...වැරදිලාවත් එහෙම හිතන්න එපා...අපේ මෝනාලිසා වන්දනාව...සමාවෙන්න මෝනාලිසා බලන්න යන ගමන කිසිසේත්ම නවත්තල නෑ...ප්‍රමාදය මේකයි...

මේ වෙසක් සතියනෙ...ඉතිං වෙසක් සතියට බුද්ධාලම්බන ප්‍රීතිය වඩවන බොදු බැතිය කුළු ගන්වන කතා කීපයක් ලිව්වොත් හොඳයි කියල මට හිතුනා...මගෙ ළඟ වැඩිහරියක් තියෙන්නෙත් වෙසක් උළෙල සම්බන්ධ කතා තමයි...ඒ නිසාවෙන් ඒ උතුම් තෙමඟුල යෙදෙන මේ පින්බර වෙසක් සතියෙ වෙසක් කතා කීපයක් ලියල ඊට පස්සෙ සුපුරුදු විදියට මෝනාලිසා බලන්න යන ගමන අරඹමු කියල මම හිතුවා...

අද මම කියන්න හදන්නෙ අපි නමෝ විත්තියෙන්ම කරපු වෙසක් සැරසිල්ල ගැනයි...කාලය එක්දාස් නවසිය හැත්තෑව දශකයේ මුල් භාගය...මේ වෙසක් සැරසිල්ලෙ අදහස මුලින්ම පහල වුණේ සුනිල්ට...ඔව් අර හෙණරාජ තෛලය හිඳපු සුනිල් මහත්තය තමයි...ඒ කාලෙ එයා ශිෂ්‍යයෙක්...

ඔන්න ඔය සුනිල් පිච්චුනු ටියුබ් ලයිට් පත්තුකරන්න ක්‍රමවේදයක් හොයා ගත්ත කියල අපිත් එක්ක කිව්වා...මේ අලුත් ක්‍රමය යොදාගෙන බුදුරැස් වලල්ලක් කරකවන්න තමයි සුනිල්ට ඕනැකලේ...ඒ කාලෙ අපේ ගමට ලයිට් එන්න හිතලවත් නෑ...

ඉතිං මේ අදහස අපි කීපදෙනෙක් එකතුවෙලා සාකච්ඡා කරල පොඩි සංවිධානයක් පිහිටුවාගෙන වැඩේට බැස්ස...ඉස්සෙල්ලම පිච්චුන ටියුබ් ලයිට් හොයාගන්න එපායැ...අපේ ගං අහල පළාතක බල්බ් එකක් නෑ...ඒකට ටවුමටම යන්න වෙනව...ඉතිං අපිත් කණ්ඩායමක් එකතුවෙලා ගිහින් ටවුමෙ කඩවල මුදලාලිලගෙන් පිච්චිච්ච ටියුබ් ලයිට් ඉල්ලනව...

සමහර මුදලාලිල දුන්නා...සමහරු අපේ දිහා සැකෙන් බලලා නෑ කිව්වා...තවත් එක මුදලාලි කෙනෙක්...

පිච්චිච්චි ටියුබ් ලයිට් දෙකතුනක් ඇති...හැබැයි සල්ලි ඕනෑ...

ඔන්න ඔහොම කිව්වා...ඒ මීට අවුරුදු හතළිස් ගාණකට ඉස්සර...ඒ කාලෙත් අපේ ටවුමෙ මුදලාලිලගෙ තිබිච්චි කුම්මැහිකම මළපෙරේතකම අදටත් ඒ ආකාරයෙන්ම තියෙනව...ඔය ටවුම කිසි දවසක දියුණුවක් නැත්තෙ ඔය මළ පෙරේතයො ටික නිසාමයි...වචනයක් කතාකරන්නෙත් කීයක් හරි ලාච්චුවට වැටෙනවනං තමයි...

ඒ කාලෙ හිටිය මුදලාලිලගෙන් සීයට අනූනමයක්ම අද නෑ... කඩ කරගෙන යන්නෙ පුතාල...අපරාදෙ කියන්න බෑ තාත්තලටත් වඩා හොඳට අර ගතිය පුතාල පවත්තගෙන යනව...

මම ඔය සිද්දිය විස්තරාත්මකව කිව්වෙ පිච්චුනු බල්බ් එකක් වාගෙ කිසිම වැදගැම්මකට නැති දෙයක් පවා හොයාගන්න පොඩි අපිට කොච්චර අමාරු උනාද කියල පැහැදිලි කරන්න...
 
  අපි මාසයක් විතර තැනින් තැනට බඩගාල යන්තං ඕනැකරන ටියුබ් ලයිට් ටික හොයාගත්ත...ඒ අතරෙ සුනිල් පොඩි මෝටරයකුත් හොයාගෙන ප්ලෑෂර් කොටේ හදනව...

ඊළඟට තිබුනු ලොකුම වැඩේ තමයි බුදු පිළිමයක් ඇඳගන්න එක...ගමේ ඉන්න ලොකුම කලාකාරය වුණු තේමිස්ට ඒ වැඩේ බාරදුන්නා...

ඔය අතරෙ තවත් අපූරු පුද්ගලයෙක් අපේ වැඩේට සම්බන්ධ වුණා...ඒ තමයි ගමගේ මහත්තය...වැඩකලේ ටවුමෙ තැපැල් කන්තෝරුවෙ... අපේ ගමෙන් ගෙයක් කුලියට අරං දරු පවුලත් එක්ක ඇවිත් පදිංචි වුණා...දරුවො දෙන්නයි පවුල වැඩකලේ රෙදිමෝලෙ...ඒ දවස්වල තව දරුවෙක් ලැබෙන්න හිටියෙ අපි කිව්ව හුරතල් නම පොල්කිච්චි...

ඉතිං ගමගේ මහත්තයගෙ පවුලටත් දසමස් ඇවෑමෙන් දරුව ලැබෙන්න කල්පිරිල ඉස්පිරිතාලෙට ඇතුල්වෙන්න දින වකවානුත් ළංවෙමින් තියෙද්දි ගෙදර ඉන්න පොඩි දරුවො දෙන්න බලාගන්න පොල්කිච්චිගෙ නංගි මේ ගෙදරට සම්ප්‍රාප්ත වුණා...පොල්කිච්චි වාගෙ එහෙම නෙවෙයි හරි දස්ටි දිස්ටි ඇති කෙට්ටු කෙල්ල...යන්නෙ එන්නෙ ගිනි කසය වාගෙ දැක්කහම හිත පිරෙනව...ගෙදර වැඩට එහෙම අගේට පිරිමහින කෙල්ල...

නංගි ගෙදර ඉන්න නිසා හිතේ බරක් නැතුව පොල්කිච්චි දරුව ලැබෙන්න ඉස්පිරිතාලෙට ඇතුල් වුණා...

 ගමගේ මහත්තය හවසට වැඩ ඇරිල ඇවිත් නාල එහෙම මීවිතකුත් ඇසුරු කරල තමා අපි වැඩ කරන තැනට එන්නෙ...දවසක්දා හොඳටම වැස්ස අපට වැඩකරගන්නත් බැරුව ගෙවල්වලට ගියා...ගමගෙ මහත්තයත් ඇවිදින් අපිව බලල නැතිතැන ගෙදර ගිහිං...දරුවොත් කාල බීල කලින්ම නිදි ගමගෙ මහත්තය එන නිසා නෑනා විතරක් ඇහැරල හිටියා...

මීවිතේ මතත් හෝගාල වහින වැස්සෙ ඇඟ හිරිගඩුපිපෙන  සීතලත් ගමගේ මහත්තයව අමුතුම සුන්දර ලොවකට ගෙනයන්න ඇති...ගමගේ මහත්තය රාත්‍රිය පහන් කලේ නෑනගෙ උණුසුමට තුරුළුවෙලා...එදා විතරක් නෙවෙයි පොල්කිච්චි ළමයත් අරගෙන ගෙදර එනතුරුම මේ යුවල ගමගේ මහත්තයගෙ සයනයෙ මධු සමයක් ගතකලා...

 මාසයක් දෙකක් ගතවෙද්දි පොල්කිච්චිගෙ නංගිටත් දරු සම්පතක සුබ ලකුණු පහල වුණා...පොල්කිච්චිට මාර කේන්තියි...ඒත් ඉතිං නංගිව මරන්නයැ...රණ්ඩුවෙලා කෑගහගත්තත් හරියට උඩබලාගෙන කෙළගහගන්නව වාගෙනෙ...තුන්දෙනා ගේ ඇතුලෙ රණ්ඩුවෙලා කාරණාව ගොඩින් බේරගත්තා...

ඔන්න එදා ඉඳල පොල්කිච්චි සහ නංගි දෙන්නම සතුටින් සමාදානයෙන් ගමගේ මහත්තයත් එක්ක පවුල් කන්න පටන් ගත්තා...

කොච්චර උනත් ගමේ අයට මේ කතාව හොඳ බයිට් එකක් වෙච්චි එක අහන්නත් දෙයක්යැ...ඒකෙන් මේකෙන් ගමගෙ මහත්තයට නමකුත් වැටුණා...

ඩබල් ගමගේ හෙවත් ඩබල් ක්‍රිස්තියන්

මට මතක හැටියට ඔය නම දැම්මෙ ආනන්ද...මම නම් නෙවෙයි...දැන්නෙ ඔය ගමේ එකාල මාව කන්න හදන්නෙ ගමේ එවුන්ට දාපු තරං  නං වනං පටබැන්දෙ මමය කියල...

පොල්කිච්චිට අලුත ලැබිච්චි පුතා හරි ලස්සනයි...බෝල ගෙඩිය වගේ...පොල්කිච්චි වැඩට යද්දි කොල්ලව පොඩි මහින්දලගෙ ගෙදර තියල යන්නෙ...ටික දවසකින් පොඩි එකා අපි ඔක්කොගෙම හුරතලා වුණා...කොල්ලට මාස දහයක් එකොළහක් වෙද්දි පොඩි මහින්දලගෙ අම්ම පොල්කිච්චිට කියනව...

කොල්ල මෙහෙ හැදුනුදෙන්...උඹට ඕනැ වෙලාවක ඇවිත් බලල යන්න බැරුවයැ...මටත් එකයිනෙ ඉන්නෙ...මූ මට වැඩි නෑ...

ඒ කතාව ඒ ආකාරයෙන්ම සිද්ද උණා...කොල්ලගෙ නම මංජු අපි ඌට හුරතලේට කියපු නම පොල්කිච්චා හෙවත් කිච්චා...ඌට පොඩි මහින්දලගෙ ගෙදර රජ සැප...කොල්ල අම්ම තාත්ත කිව්වෙ පොඩි මහින්දලගෙ අම්මටයි සාමෙල් මුදලාලිටයි...

පොල්කිච්චිගෙ නංගිගෙ බඩත් දැන් දැන් පුරපසට මෝරන සඳසේ කෙමෙන් කෙමෙන් වැඩෙනවා...දසමසක ඇවෑමෙන් ඇයත් චූටි පුතෙක් බිහිකෙරුවා...ගමගේ මහත්තය දැන් දරු හතර දෙනෙකුගෙ පියෙක් හෙවත් පවුල් දෙකක සාඩම්බර අයිතිකාරයෙක්...පොඩියට හිටියට කොහොමද වැඩ...

ඔය කතන්දර අතරෙ අපේ වෙසක් සැරසිල්ලෙ වැඩෙත් කෙරීගෙන යනවා...

තේමිස් තාම බුදු පිළිමෙ ඇඳල ඉවරකරල නෑ...අපිත් හැමදාම තේමිස්ගෙ ගෙදර යනව බුදු පිළිමෙ ඇඳල ඉවරද බලන්න...හවසට නං තේමිසාගෙ ගන්න දෙයක් නෑ කුණුවෙන්න බීල ඉන්නෙ...කතා කලොත් බයිල තමයි කියවන්නෙ...

තේමිසුත් ඒ දවස්වල බඳින්න කෙල්ලක් ගමෙන්ම ලෑස්ති කරගෙන උන්නෙ...දවසක්දා මූ අපිත් එක්ක කියනවා...

මම මේ කෙල්ල බලන්න යන්න...අද ගවුං රෙද්දක් ඒකිට ගිහිං දෙනව...ගවුං රෙද්ද ගෙනත් දෙනව කියල ලෝඩ් එකක් බාල ගිහිං ගෙනත් දීලා ආයෙම ලෝඩ් එකක් බාගන්නව...

තේමිස් ආඩම්බරෙන් කිව්වා...අපිත් කට ඇරගෙන අහගෙන හිටිය...අපට ඕවා මැජික් නොවැ...

පස්සෙ කාලෙක තේමිස් කෙල්ලව කසාද බැඳල කැන්දන් ආවා...ඔය ඉතිං මට ඔය අස්සෙ තව කතා මතක් වෙනවනෙ...ඒව කියන්න ගියොත් වෙසක් සැරසිල්ල ගැන කතාව අද කියාගන්න බැරුව යනව...ඒ හින්ද ඒ කතා ටික තව දවසකට කල් දාමු...

කොහොම හරි තේමිස්ගෙ පස්සෙන් ගිහින් බුදු පිළිමෙත් අන්දෝගෙන ආවා...සුනිල්ගෙ වැඩ ටිකත් හරි...වෙසක් සැරසිල්ල ප්‍රදර්ශනය කරන්නෙ එක දවසයි...එතනම එදා සංගීතෙකුත් තියනව ගමේ ගොඩේ ගායකයන්ගෙ...ඒකටත් ස්ටේජ් එකක් එතනම හැදුවා...ඒ කියන්නෙ තුං මං හංදියෙ තියෙන ඩේවිට් අයියගෙ තුං හුලස් ඉඩං කෑල්ලෙ...අපි ඒ දවස්වල දිවා රෑ නැතුව වැඩ... දවල් කොහොම වෙතත් රෑ වැඩ නං අනිවාර්යයි...රෑට කරන්නෙ අන්නාසි කඩන එකයි පෝටවත්තෙන් හොරෙන් කුරුම්බා කඩන එකයි මහ ළිඳේ පැනල නාන එකයි විතරයි...ඊට පස්සෙ ස්ටේජ් එකට ඇවිත් නිදාගන්නව...

සංවිධාන කටයුතු ඔක්කොම කරන්නෙ ගමගේ මහත්තය...අපට ඕවයෙ තේරුමක් නැති නිසා ඔය ගැන දන්න කෙනාට ඒ කටයුතු බාරදුන්නා...අනික ගමගේ මහත්තයත් කලාකාරය නොවැ...

ගමේ උත්සව අවස්ථාවලදි එහෙම හිටිවන කවි කියනව යස අපූරුවට...හැබැයි කවියට පද තුනයි... මුල පද තුන අගේට ගලපල වතුර වගේ කියනව...හතරවෙනි පදේ කියාගන්න බැරුව පැය කාලක් විතර තටමල නිකං ඉන්නව...එක්කො මුල පද තුනට කිසිම සහ සම්බන්ධයක් නැති විලාපයක් කියල දානව...

ඔන්න හිටිවන කවි කියනකොට මට තව කවියෙක් ගැන මතක්වුණා...ඒ තමා මාටින් ජයවික්‍රම...බාබුගෙ තාත්ත...මිනිහත් අපූරු හිටිවන කවි කියනව...දෙකක් දාගෙන එහෙම ඇවිත් කියන කවි හරිම මිහිරියි...හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ මිනිහගෙ කවියට පද පහයි...අපි ඒ දවස්වල කිව්වෙ වැඩිපුර පදේ පදයක් නැතුව දඟලන ගමගේට දෙන්න පුළුවන්නෙ කියලයි...

ආයෙ හිටිය තව කවියෙක් නම විමලසේන වුණාට ගමේ කියන්නෙ ඇඩී කියලයි...ඔය ගමේ බක්මහ උළෙලවල් වෙලාවට එහෙම ඇවිත් ස්ටේජ් එක ඉස්සරහට වෙලා කට ඇරගෙන බලා ඉන්නව කවියක් කියන්න ඉල්ල ගන්න...ඉතිං මාත් කතා කරල මයික් එක දෙනව...හැබැයි මිනිහ  කියන හිටිවන කවි නං ඔක්කොම කටපාඩං කරගෙන ආපුවා...

ඔය ඇඩීගෙ පුතා ජයසාන්ත අපේ හොඳම යාලුවා...ඌ ඒ දවස්වලම එයාපෝස් එකට බැඳුනා...අපි ඌට කතාකරන්නෙත් ඇඩී කියල...

ඔන්න දවසක් ජයසාන්තගෙ යාලුවෙක් දුමීගෙ ටේලර් සාප්පුවට ඇවිත් ජයසාන්ත ගැන අහනව...

අනේ බං...ඌව ගොඩක් කාලෙකිං දැක්කෙත් නෑනෙ...මට ලියුමක්වත් යවන්න උගෙ ඇඩ්‍රස් එක උඹගෙ ළඟ තියෙනව නං දීහංකෝ...

ආපෝ...ඕක මහ දෙයක් නෙවෙයි බං...

ඇඩී ජයසාන්ත
ගුවං හමුදා කඳවුර
මොරවැව

කියල දාහංකො...කෙලින්ම ලියුම ඌට යයි...

දුමිය කිව්වා...

 දුමිය හැදුවෙ ජයසාන්තයගෙ නම කෑම්ප් එකෙත් ප්‍රචාරය කරන්න...යාලුවත් කියපු විදියටම නම ලියල ලියුම දාලා...ප්‍රතිපලේ දැනගන්න අපි බලාගෙන හිටිය ජයසාන්ත නිවාඩුවට ගෙදර එනතුරු...

ජයසාන්තය ටේලර් සාප්පුවට ආවෙ හිනාවෙවී...

මම දැනගත්ත උඹල දීපු ලණුවක් කියල...

වැඩේ හරිගිහින් නෑ...

හොඳ වෙලාවට ලියුං ටික බෝඩ් එකට දානකොට මම එතන හිටියා...

අද උනත් ඇඩී අපේ ගේ ඉස්සරහ කන්දෙන් බයිසිකලේ තල්ලුකරං යනකොට මම ඉස්තෝප්පුවෙ ඉන්නව දැක්කොත් නැවතිලා කතාකරල යන්නෙ...

 අපේ වෙසක් සැරසිල්ල විවෘත කරන්න ආරාධිත අමුත්තො කීප පොළකටත් අපි ආරාධනා කළා...ටවුමට ගිහිං ටිකෙට් පොත් ටිකකුත් ගහගෙන ආවා බලන්න එන අයට විකුණන්න...නැත්නං ගිය වියදමවත් හොයාගන්න විදියක් නෑ නොවැ...

ඔන්න නියමිත දවසෙ සුබ මොහොතින් ආරාධිතයන් අතින් අපේ වෙසක් සැරසිල්ල විවෘත වුණා...

බුදුරැස් වලල්ල කිව්වට ඒ වලල්ලෙ තිබුණෙ එකම එක රටාවයි...පොල්ල එහෙට යනවා...මෙහෙට එනවා...

මහා ගෝසාවක් එක්ක මාස ගාණක් ලෑස්තිවුණු අපේ වෙසක් සැරසිල්ල බලන්න ආපු ඇල්බින් මුදලාලි ටිකක් වෙලා බලාගෙන ඉඳල ආපහු කඩේට ගිහිං...

මොන මඟුලක්ද...පොල්ලක් එහාටයි මෙහාටයි කැරකෙනව...

පොල්ල කරකවන්න වෙච්ච මහන්සිය අපි විතරයි දන්නෙ...

ආපු සෙනගට ටිකෙට් ටික කොහොම හරි විකුණ ගත්තා...සංගීතෙත් එච්චරම සාර්ථකයි කියන්න බැරි වුණත් කොහොම හරි ඒකත් කරගත්තා...ඒක හරිම ලස්සන කතාවක් ලියන්න ගියොත් මේ වාගෙ දෙක තුනක් ලියන්න වෙන නිසා වෙන දවසක ලියන්න තියාගත්තා...


 ඒකටම අපි පිං අතේ වැඩකුත් කලා...අලවත්තෙන් අන්නාසි කඩං ඇවිත් පොඩි පේමෙලගෙ ගෙදර තියාගෙන කපල දන්සැලකුත් දුන්නා...

අම්මෝ...අන්නාසි කපල බේසමට දාල ගේනව විතරයි...කපුටො කෑව වගේ කොහෙ ගියාද නෑ...අන්නාසි කොච්චර තිබුණත් මදි එතෙන්ට නං...අපිත් ඉතිං කොච්චර කියල හොරෙං කඩන්නද...

කිසි කරදරයක් නැතුව ඔක්කොම වැඩ කටයුතු ඉවරවෙලා අපිත් එතනම නින්දට වැටුණා...

පස්සෙන්දා වෙසක් සැරසිල්ලෙ ගණුදෙනු බලන්න අපි කට්ටිය එකතු වුණා...ටිකට් විකුණල කැට වලට එකතු කරපු සල්ලි ඔක්කොම තියෙනව...ආරාධිත අමුත්තො දීපු කවර ටික ඔක්කොම දීල තියෙන්නෙ ගමගේ මහත්තයටයි...එයානෙ එතන හිටපු දැනුමැත්තා...අපි පොඩි උන්නෙ...

අපි ගමගේ මහත්තය හොයන්න ගෙදර ගියාම මිනිහ වැඩට ගිහිං කියල පොල්කිච්චි කිව්වා...පස්සෙ හවස් වරුවෙ ගමගේ මහත්තය ගෙදර ආපුවාම අපි ගිහිං හම්බවුණා...

ආරාධිත අමුත්තො දීපු කවර ටික ඔක්කොම ගමගේ මහත්තය අපට පෙන්නුවා...ඒ දවස්වල ඉතිං කීයද දෙන්නෙ...එක්කො රුපියල් පහයි වැඩිම වුණොත් රුපියල් දහයයි...

ඒත් රුපියල් විසිපහක්ද තිහක්ද කොහෙද කවරවල තිබිල තියෙනව මොකද කවර ඇතුලෙ තිබ්බ ගාණ ගමගේ මහත්තය කවරෙ පිට පැත්තෙ ලියල තිබුණනෙ...

හැබැයි ඉතිං හිස් කවර ටික විතරයි අපට ලැබුණෙ... සල්ලි ටික ගමගේ මහත්තය වියදම් කරගෙන...

පඩිගත්තහම දෙන්නම්ය කියල කිව්වා...අපටත් ඒ මුදල් ටික අත්‍යාවශ්‍ය වෙලා තිබ්බෙ වෙසක් සැරසිල්ල හදන්න කඩවලින් ගත්ත බඩුවල ණය  ගෙවන්න...

පඩි දවසත් ආවා...එදා ගමගේ මහත්තයගෙ නැට්ටවත් අල්ලන්න අපට හම්බවුණේ නෑ...

ඊට පස්සෙ අපි කීප ගමනක් තැපැල් කන්තෝරුවටත් ගියා...

දෙන්නං දෙන්නං කියල විතරයි කිව්වෙ...

මාස කීපයක් ගතවෙනකොට අපි ඒ මුදල ගැන තිබ්බ ආසාව අත ඇරල දැම්ම...

ඔන්න ඔය දවස්වලම පොල්කිච්චි නංගිත් එක්ක ගෝරි පටං ගත්තා...ගෝරි බේරන්න බැරිතැන ගමගෙ මහත්තය පොල්කිච්චිගෙ නංගියි දරුවයි එක්ක වෙන කොහෙද ගෙයක් හොයාගෙන අපේ ගමෙන් යන්න ගියා...

පොල්කිච්චිගෙ තනියට පොල්කිච්චිගෙ තාත්ත ඇවිත් නැවතුනා...වයස හැට ගානක් වුණාට එතකොටත් කොල්ලෙක් වාගෙ අපිත් එක්කමයි ආශ්‍රය...අපි කිව්වෙ අංකල් කියල...අංකල්ගෙ ගමට පැමිණීම තව කතා මහ ගොඩක ආරම්බය වුණා...

අපේ වෙසක් සැරසිල්ලෙ කතාව මම ඔය කිව්වෙ ඉතාම කෙටියෙන්...තව කතා ගණනාවක් ඔය කතාව ඇතුලෙ තියෙනව...ඒ කතා අත ඇරල ලිව්වෙ ඒව ලියන්න ගියානම් වෙසක් සැරසිල්ලෙ කතාව ලියල ඉවර කරගන්න ලැබෙන්නෙ නැති නිසා... 

 එදා ඒ විදියට පටන්ගත්ත අපේ වෙසක් සැරසිලි නොකඩවා දිගින් දිගටම හැම අවුරුද්දෙම දියුණුවෙන් දියුණුවට පත්වෙමින් 1989 අවුරුද්ද විතර වෙනතුරු පැවතගෙන ආවා...ගණනින් කිව්වොත් අවුරුදු දහයක් පහළොවක් විතර...ඒ කාලය ඇතුළත සිද්ද වුණු දේවල් ගැන කතා ලිව්වොත් කතා සීයකට වැඩි මිසක් අඩු නෑ...
 
පස්සෙ කාලෙක පොල්කිච්චි ළමයිනුත් එක්ක ගමට ගියා...
 
ඊටත් පස්සෙ කාලයක් යනතුරු ඒ පවුල කොහෙ ගියාද කියලවත් ඉන්නවද නැද්ද කියල අන්දෝ සංසාරයක් තිබුණෙ නෑ...
 
පස්සෙ කාලෙක මම පොල්කිච්චිව දැක්කෙ පොඩි මහින්දගෙ මඟුල් ගෙදරදි...ඒ 1985 අවුරුද්ද...මංජුවත් ඇවිත් හිටියා ඌ උසයි මහතයි ලොකු ඉලංදාරියෙක්...
 
ඊට පස්සෙ මංජු කල් එළිය හන්දියෙ මාලු විකුණනව කියල ආරංචියක් ආවා...
 
ආයෙම දවසක ලැබුණු ආරංචියකින් කියවුණේ අධික බීමත්කම නිසාම මංජු මලා කියලයි.
             මෝහන්ධකාරය දුරුවෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා

70 comments:

  1. මේ කතා අස්සෙ බොලාලා හොරෙන් කඩලද අන්නාසි දන්සල දුන්නෙ ?
    අනේ !
    සිත නිවී පහන් වී සැනසෙන වෙසඟක් වේවා !

    ReplyDelete
    Replies
    1. නොදන්න කාලෙනෙ වෙනී

      Delete
  2. Pichchunu tube bulb 1tath salli..
    Ane kaale wane waase kiwwalu. Meheth innawa oya widiye mudalaaliyek. Welaawaka kudalan gihin....
    Na ekko epa..

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ අඟහරුවො
      ඒක නෙවෙයි...කෝ සිංහල

      Delete
  3. //අලවත්තෙන් අන්නාසි කඩං ඇවිත් පොඩි පේමෙලගෙ ගෙදර තියාගෙන කපල දන්සැලකුත් දුන්නා...//

    පොඩ්ඩක් හිටු.. මේ කියන්නේ අර හොරෙන් කඩන අන්නාසි ගැන නේද... මරු දන්සල... හි හි...

    ගමේ මිනිස්සු කියන කතාව ඇත්ත වෙන්න ඕනේ... නම් දාන අයටම විතරයි මෙච්චර කල් ගිහිල්ලත් දාපු නම්, ඒ නම දාන්න හේතුව මතක තියෙන්නේ... හි හි

    මේවා කියවද්දි මටත් වෙසක් කාලේ වෙච්ච කතන්දර ‌හෝ ගාලා මතක් වෙනවා... පස්සේ කාලකදි ලියමු නේ... හි හි...

    හැබැයි එකක් තියෙනවා... මං ඉතිං අවුරදු 25ක් ගෙදර හිටියට ගමේ මිනිස්සු මාව දකින්නේ හරිම අඩුවෙන්‌ෙන්.. මමත් එහෙමයි... මමත් ගොඩක් අයව දන්නේ නෑ.. ඒ කිව්‌ෙව් දැකපු පුරුදු ගොඩක් අයව කාගේ කවුද කියලා දන්‌ෙන් නෑ... ළමා සමිතිය පටන් ගත්තට පස්සේ වෙසක් එකට ආධාර එකතු කරන්න ගිහින් තමයි සමහර ගෙවල් වල ඉන්න මිනිස්සුන්ව දැක්කෙත්... හි හි....

    ReplyDelete
    Replies
    1. හි... හී...හි...හී...
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...

      Delete
    2. හිරූට මතකයි පරණ කතා ටික නේද...
      ඔන්න යාලුවා හිටු කියල සපෝට් කරනවා

      Delete
    3. හි...හී...
      හි...හී...
      හි...හී...
      හි...හී...
      හි...හී...

      Delete
  4. වෙසක් සැරසිල්ල අස්සෙ වෙන සැරසිල්ලකුත් ගිහිල්ලනෙ.

    සුබ වෙසක් මංගල්‍යයක් වේවා !

    ReplyDelete
    Replies
    1. ඒ සැරසිල්ල වෙසක් සැරසිල්ලට වඩා ලස්සනයි නේද ත්‍රිබාසා

      Delete
  5. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක වැටක් අයිනේ කතා කර කර හිටියොත් හරියට උන් දෙන්නා මහ කෙළිය කලා වගේ කාඩ් ගහන ගම්වල බුවාලා, ගමගේ ලොක්කා ඩබල් දාලා පවුල් කනවා දැක්කට එච්චර කලබල වෙලා නෑ වගේ නේ?

    ReplyDelete
    Replies
    1. මටනම් පුදුමෙ නෑන එක්ක යහන් ගත වෙච්ච එක ඒ දවසෙ කියල ටක්කෙට ම හැලපේ දැන ගත්ත එකයි.
      ඒ කියන්නෙ අපේ හැලපද ඒ ගමටම හිටපු "රොයිටර්"කියල :).

      Delete
    2. නැ බං උඹ‍ට තේරෙන්නේ නැද්ද කෙන්ජියෝ , මෙයා කරපු බාහිර උපාධියේ සෙටිපිකට් එක අරගන තියෙන්නේ ගමගේ මහත්තයා , පොල්කිච්චි ගැන අහන්ඩ වෙන්නේ නං පොල්කිච්චිගෙන්ම තමා

      Delete
    3. ඒකෙ වැඩේ මචං ගමගෙල පිට ගංඔල එවුන්නෙ...
      ඒ හින්දා වැඩේ නැගල ගියෙ නෑ...ගමේ එවුන්නං බලන්න තිබ්බා..

      Delete
    4. @කෙන්ජි,අටම්
      අනේ බංල මම චූට්ටි එකා ඒ කාලෙ...නැට්ටට අර මොනවද උනලත් නැහැලු

      Delete
  6. ආලවට්ටං ගොඩක් එක්ක පරාභවය ගැන මතක් කරල දුන්නට බෝම පිං!

    ReplyDelete
    Replies
    1. තිස්ස ගොඩක් කාලෙකින්,බොහොම ස්තූතියි...අලුතෙන් දාපු පරණ සිංදු සැට් එක මරු

      Delete
  7. හැලපයියගේ එක කථාවක් අස්සේ තවත් කතා තියෙන්නේ හරියට මහා කුඩුව වටේ පරිවාර කුඩු තියෙනවා වාගේ...
    එකෙන් තව තවත් කුඩුව ලස්සන වෙනවා වගේ තමයි,හැලපයියාගේ වටේ යෑමත්...

    නියමයි ඇ....

    ReplyDelete
    Replies
    1. හැල*** මොකා?................

      Delete
    2. හරි මනෝජ්,කූඩු රාජයා කියනව වගේ කතා රාජයා කියමුද

      Delete
  8. මට නම් අල්ලලා ගියේ ගමගේ මහත්තයගෙ කතාව. කොයිතරම් සරළ ජීවිතද? මහ ළොකු බලාපොරොත්තු නෑ. එදිනෙදා ජීවිතේ. ඔය තමයි අපේ රටේ නියම සඟිස්කෘතිය. අපේ ආන්ඩුවත් ඒ වගේ. ඒ පුරාණ වැඩවසම් ක්‍රමය හා ජීවන රටාව සීඝ්‍රයෙන් නැවත් ගොඩ නගමින් ඉන්නේ..

    ඉස්සර නම් දරුවෝ බලක් උනේ නෑ. මට මතකයි අපේ ගමේ ගෙදර තාත්තගේ කුඩම්මා, වටේ පිටේ ඉන්න පොඩි උන් ගෙනත් ගෙදර තියාගෙන හදනවා, කන්න බොන්න දෙනවා, ඇඳුම් පැළඳුම් අරගෙන දෙනවා. ඒ කාළේ දරුවෝ ගමට සම්පතක්. හැම එකාම හුරතල් කරනවා, ආදරය කරනවා. අද් අමොකක්ද වෙලා තියෙන්නේ. තමන්ගේ දරුවටවත් ආදරේ නැති සමාජයක්. වෙන කාටවත් දොස් කියලා වැඩක් නෑ. මේ කාළකන්නිකම් ඔක්කෝම කරන්නේ අපේ පරම්පරාව. හරිම් දුකයි. හරිම ක්නගාටුයි...

    අද පි උනත් දරුවකුට ආදරේ කරන්න ගියොත් වැරදි විදියට බලන්නේ...

    ReplyDelete
    Replies
    1. ගමගේ මහත්තය මට නං පේන්න බෑ. අහිංසක කොල්ලන්ගෙ සල්ලි ටිකත් ගසාකාපු එකා. ඒ මදිවාට තමුන්ගෙ ගෑනිගෙ නංගිත් අඹුකමට අරගෙන ගෑනි එලවපු එකා. ඕව නිකං සුන්දර ෆැන්ටසි වගේ පෙනුනට ඇතුලතින් කුණුවෙලා ගඳගහන ජීවිත.

      Delete
    2. කතාව ඇත්ත රාජ්@ ගැහැණු දෙන්නෙක්ගේ ජීවිතේ විනාශ වුනානේ.

      Delete
    3. හරියට හරි රාජ් මේ ලොන්ත බුවාල ගැන ආලවට්ටම් දාලා ලියලා මවන ෆැන්ටසිවලින් සමාජගත වෙන්නෙ මේවා මහා වික්‍රම වගේ...

      Delete
    4. නමුත් ඇත්ත ඒකයි සහෝදරයා.. එදත් අදත් හෙටත්.. ඒවා ලියන කොට ඔහේලට ලැජ්ජයි. පත්තර වල දැම්මම රහ කර කර කියවනවා. ගොසිප් සයිට් වල තියෙන්නෙම මේවා..

      Delete
    5. මේක තමයි යථාර්ථය,මගේ ආලවට්ටං මොකුත් නෑ...මම කලේ සිද්ද වෙච්චි දේ ලිව්ව එක

      Delete
    6. හැලපයියෙ ඔයා ඕවා ගනන් ගන්න එපා, ලොකුවට කියෙව්වට තව ගෑනියෙක් දෙන්න ඕනේ බලන්න ඕකුන්ට. ලිංගික ඊර්සියාකාරයො.

      Delete
  9. අනේ බං හැලපයියෙ. උඹේ කතාව නම් රස ගුළාවක්.
    හොරෙන් අන්නසි කඩල දන්සැල් දුන්න පිනෙන් උඹ ලබන ආත්මෙත් හොරෙක්ම වෙලා ඉපදේවා!
    හැලපයිය කිව්ව නිසා මගේ බ්ලොගෙ පාටවල් වෙනස් කළා, යන එන ගමන් ඒපැත්තෙත් ගොඩවැදිල ගියානං...

    ReplyDelete
    Replies
    1. අපි දීලා තියෙනවා හොර කුරුම්බා දන්සලක්. දන්සල අවසානේ කස්ටියම පොලිසියේ. අන්තිමේ හාමු මහත්තයට වැඳලා සමාව අරගෙන. ගෙදර ගියා..

      Delete
    2. ඒ පැත්තෙ එන එක නං එනව ඩ්‍රැකී,එන බව පෙනෙන්නෙ නෑ...මම තවම පරණ ලියපුව කියවනව

      Delete
    3. @මාතලන්
      කවුද මචං හාමු මහත්තය...සැමුවෙල් රොද්‍රිගෝ ද

      Delete
  10. අනේ අම්මපා හැලප මාමේ, දන්සල දුන්නෙත් හොරෙන් කඩපු අන්නාසි වලින් නේ.... හනේ... හනේ....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සමනළියෙ...ඒ කාලෙ අපි ඔය හොඳක් නරකක් දන්නෙ නෑනෙ

      Delete
  11. මේ පෝස්ට් එකෙන්ම තේරෙනවා දන්සැල් කියන්නෙ නිකන් ආතල් එකට කරලා පව් වැඩි කර ගැනීමක් මිසක් කුසලයක් නෙවෙයි කියන එක..

    ReplyDelete
    Replies
    1. ගොඩක් අය දන්සැල් දෙන්නෙ කුසල් බලාගෙන නෙවෙයි ඇනෝ...හිතේ සතුටට

      Delete
  12. ඔය මෝනාලිසා බලන්න ගිය අයටත් වෙන්නේ මේ මෝනාලිසා කතන්දරේ කියවන අයට අන්තිම එපිසෝඩ් එකේදී ලැබීමට නියමිත ෂොක් එකම තමයි,

    ReplyDelete
    Replies
    1. WOW WHAT A COMMENT... IT SHOCKED MY ASS KAKA..

      Delete
    2. කකා කිව්වේ උපහාස කතාවක්ද මේ...

      Delete
    3. මොකද නලීන් ඇනෝ බ්ලොක් කරේ? අපි එක්ක අවුලද?

      Delete
    4. පොඩි වැරදිමක් වුණේ කා එක්කවත් අවුලක් නෑ.. වරද නිවරද කර ඇත

      Delete
    5. එහෙනං කකා අන්තිම එපිසෝඩ් එකත් දන්නවනේ...කට්ටිය හිතයි මම ඒක හොරෙන්ම කකාට කියවන්න දීල කියල

      Delete
  13. කමේසුමිච්චාචාරයයි හොරකමයි සුරාමේරයයි ගැන ලියලා මෝහාන්ධකාරය දුරු වේවාලු.. හෆොයි හැලපේ..

    ReplyDelete
    Replies
    1. හෆොයි සරත්,මම ලිව්වෙ ඒ වැරදි නිවැරදි කරගන්න හැටි

      Delete
  14. https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-ash3/579312_4183601927269_1643651340_n.jpg

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි කෙන්ජියො

      Delete
  15. හොරකම සහ සුරාමේරයේ ආදීනව දැන ගන්න සියලුම පාසල් දරුවන් හැලපයාගේ අඩවිය කියවිය යුතුයි....

    අද්දයාපන ඇමති....

    ReplyDelete
    Replies
    1. ඇයි සිරා දන්දීමේ ආදීනව

      Delete
  16. ගමගේ මහත්තයා ගමට ඇවිත්, ඊට පස්සෙ පොල්කිච්චිගෙ නංගි ඇවිත්, ළමයෙකුත් හම්බෙනකම්ම සැරසිල්ල හැදිලා නෑනේ..අවුරුද්දකටත් කලින්ද වැඩේ පටන් ගත්තෙ ?

    හොරෙන් කඩලා දුන්නු දන්සැලේ පව් පින් බැලන්ස් වෙලා ඇති නේද ? ඔය පව් පින් ගිණුම් ගත කරණ පොර ශුවර් එකටම ඒ දවස් වල වයර් පිච්චිලා ඉස්පිරිතාලෙට දාන්න ඇති..

    කල් එළිය කිව්වෙ ? හැලපෙ අයියගෙ ගම ජා-ඇල පැත්තෙද ??

    ReplyDelete
    Replies
    1. ළමය හම්බවුණේ නං සැරසිල්ල කරල කාලෙකට පස්සෙ,මම එතනම ලිව්වට.
      ජාඇල පැත්තෙ තියෙන්නෙ කළ එළිය නොවැ...මේ කල් එළිය තියෙන්නෙ පස්යාල මීරිගම පාරෙ...සෙන්නා සීයත් එක්ක ගමේ යනකොට නිට්ටඹුවෙ ඉඳල බස් එකෙත් යනවනෙ සමහරදාට...අන්න එතකොට ගිහින් තියෙන්නෙ මේ කල් එළිය පහුකරන්.
      නලීන්ලගෙ ගමට එහෙම ටිකක් ළඟයි.

      Delete
    2. ආ ඔවුනෙ.. ජා-ඇල තියෙන්නෙ කළ එළිය.. මේක කල් එළිය ආ.. මමනම් කලින් අහලා තිබුන්නෑ..

      Delete
  17. කතාවක් ඇතුළත කතා ගණනාවක්.....අම්මෝ හැලපයියේ මාර දේවල්නේ වෙලා තියෙන්නේ ඒ කාලේ...දැනුත් ඔහොමමද දන්නේ නෑ. බලමුකෝ අපි එනවනේ ඔය පැත්තේ ළගදි.

    ReplyDelete
    Replies
    1. //"හැල-පයියේ" මාර දේවල්නේ වෙලා තියෙන්නේ //
      හි... හී...හි...හී...
      හි... හී...හි...හී...

      Delete
    2. හිරු දුවගේ අවතාරෙත් ඇවිල්ලනේ..

      Delete
    3. ඔව් ඔව් නලින් හැම තැනම බලන්න යමු
      මොකද මේ ඇනෝ හැම තැනටම ඇවිත් හිනාවෙන්නෙ පයියා කියනවට වෙන්න ඇති නේද...ඇනෝ මම ලියපු පයිය යනු කුණුහරුපයක්ද කතාව කියවන්න.

      Delete
  18. අද රසවත් කතා කීපයක් තිබුනත් කාගේත් ඉරිසියාවට ලක් වෙන්නෙ ගමගෙ උන්නැහේව.
    නෑන කෙනෙක් එක්ක හැමෝටමත් යහන් ගත වෙන්න බැහැ.ඒකටත් හොද ග්‍රහ පිහිටීමක් තියෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හෙටයි,අනිද්දටයි ඕන කරන ඒවා වේලාසනින් ගෙනාවද?

      Delete
    2. අපොයි නැතුව කෙන්ජි අයියා

      Delete
    3. මගෙත් කේන්දරේ බලාගන්න ඕනැ කෙන්ජියො මාරයට කියලවත්

      Delete
  19. ගමගේ කාරය කොට පොරක්ද?
    ඒ යකා,ඒ දවස්වල ස්වාසිලන්තෙ රජා ගැන දන්නෙ නැතිව ඇති.
    ගාමිණි ලොක්ක දුවල ට වඩා ටිකක් වයස වැඩි අයට කොටද්දීත් ලොකේෂන් වලදී කෙහිවලු පැටලුනා.
    හැබැයි දෙනවක ආච්චිට හැර හැමෝටම නිදහසේ කොටපු විජේ අයිය නිසා කවුරුත් එහෙම වුනේ නැහැ.

    ReplyDelete
    Replies
    1. නළුවෙක් ගායකයෙක් වෙන්න නම් පුදුම පිනක් කොරන්න ඕනා ඇති නේ ආයිබෝවන්ඩ....

      Delete
    2. මොනවද මෙයා කියන්නෙ අපි මොරිස් J 2 වෑන් එකේ බණ්ඩාරවෙල ෂුටිං යද්දී,ජෝති අයිය කළු පාට පර්ජෝ බොග්වාඩ් එකේ එයාගෙ දුව වගේ ළමයි දියතලාව පැත්තට අරන් ගිය හැටි මට තාම මතකයි.

      Delete
    3. ගමගෙයා කොට පොරක් නේන්නං,කොහොමද කෙන්ජි දන්නෙ

      Delete
    4. නැහැ හැලප,මමත් ඔය කතා ගොඩක් අහල තියෙන චරිත කොට මොඩල්.
      ඔය මගුල් ග්‍රහය පිහිටල තියෙන කොට එව්වො අපිට හිතා ගන්නත් බැරි "සාරවත් කුඹුරු"කොටනව.

      Delete
  20. ගැහුනු බල්බ් වලටත් සල්ලි ගන්නව කියන්නෙ උන් පුදුම කුණාල ටිකක් නෙ. හොයන්නෙ ලොකුම උවමනාවකට කියල හිතෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. පුදුම කුණාල ටිකක් කියන්නෙ චන්දන පුදුමම කුණාල ටිකක්

      Delete
  21. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. ඔබටත් තෙරුවන් සරණයි ගයනි...සුබ වෙසඟක් වේවා

      Delete
  22. පොල්කිච්චිගේ කතාව වෙසක් එකටම ගැලපෙනවා. අර අන්නාසි හොරකමත් ඒ වගේමයි.:)

    හැලප පවුල වෙසක් එක හොඳින් සමරන්ට ඇති කියලා හිතනවා. පොඩ්ඩි නම් ලෙඩින්.:(

    ReplyDelete
    Replies
    1. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් වෙසක් පෝය ගතකළා...
      පොඩ්ඩි ලෙඩින් කියලා දැනගෙන හිටියෙ නෑ මම බැලුවා කෝ පොඩ්ඩී කියල...
      පොඩ්ඩිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

      Delete

ඔබේ අදහස්