Wednesday, May 1, 2013

54.මොනාලිසා

මෝනාලිසා



අපි බෙල්ජියමෙ පදිංචි වෙලා හිටපු කාලෙ තමයි මෝනාලීසා බලන්න යන්න ලබුණෙ...මෝනාලීසා ඉන්නෙ පැරිස්වලනෙ බ්‍රසල්ස් ඉඳන් වැඩි දුරකුත් නෑ කෝච්චියෙ පැය එකහමාරක් විතර තමා යන්නෙ...අපි ගියපු දවස්වල ඉඳලම හැලපි කිය කියා හිටියෙ පැරිස් යමු කියල.

ඒ වුණාට දවස් තුන හතරක් ඉන්න යන ගමනකදි වියදම ගැන බලන්න වෙනවනෙ...පැරිස් ගිහින් හෝටල්වල නවතින්න අමාරුයි අපේ ආදායමේ හැටියට... කාමරයකට දවසකට යුරෝ එකසිය පණහක් විතර ගෙවන්න වෙනවනෙ...ඒ හින්ද කොහෙ ගියත් අපි බලන්නෙ යාලුවෙකුගෙ ගෙදරක ගජයක් ගහන්න තමයි...එතකොට නවාතැන් නොමිලෙ...කෑම බීම අපි අරගෙන උයාගත්තත් පාඩුවක් නෑ සංචාරයෙ වියදම හතරෙන් තුනක් විතර අඩුවෙලානෙ.

 හැබැයි අපි ගජේ ගහපු තැන්වල උනුත් ආපහු ගජේ ගහන්න අපේ ගෙවල්වල එන හින්දා ඒකට අන්‍යොන්‍ය සහජීවනය කියල හැඳින්වුවොත් ගජේ ගහනව කියනවට වඩා නම්බුකාරයි.

ගජයක් ගහගන්නත් ඒකට හරියන යාලුවො ඉන්න ඕනෑ...සමහරු පිට අය ගෙවල් වලට ඇවිත් දවස් දෙක තුන ඉන්නවට කැමති නෑ...කරදරයි වියදමයි කියල නිකං කතාකරපුවාමත් මග අරින උනුත් ඉන්නවනෙ...ඒ වාගෙ නොහිතන කෙනෙක් වෙන්නත් ඕනැ...කොච්චර කැමති උනත් ගෙවල් දොරවල් ඉඩ තියෙන්නත් ඕනැනෙ...ඔය විදියට අපට හරියන කෙනෙක් කවුද පැරිස්වල ඉන්නෙ කියල හොයා බලමින් ඉන්න කාලෙ තමා චානි අක්ක(ඇත්ත නම නෙවෙයි ) පැරිස්වලට ආවෙ...ඇය ආවෙ තනියම අධ්‍යාපන කටයුතු නිසා ළමයි ගේන්නත් බෑ...රස්සාවෙන් නිවාඩුගන්න බැරි නිසා මහත්තයට එන්නත් බෑ...ඇයට කාමර දෙකක ගෙයක් හම්බවුනේ ඔන්න ඔය එක්සෙල්මන්ස් හරියෙ...චානි අක්කට සෙට්ල් වෙන්න ඇරල අපි ට්‍රිප් එකට දින දාගත්ත...කාලෙ හරියටම කිව්වොත් 2004 අප්‍රේල් මාසෙ...අලුත් අවුරුද්ද පැරිස්වල ගතකරන්න තමයි ලෑස්තිකරගත්තෙ.

පැරිස් කිව්වහම මතක් උනේ චෙන්නායිවලත් තියෙනවනෙ පැරිස් කියල තැනක්...එහෙට කියන්නෙ පැරිස් කෝනර් කියලයි...තොග කඩවලින් ලාබෙට බඩුගන්න කවුරුත් පැරිස් ගියාට බඩුවල ප්‍රමිතිය ගැනනම් සහතිකයක් දෙන්න අමාරුයි...ලංකාවෙන් ඉන්දියාවට ඇවිත් බඩු ගෙනිහින් විකුණන අයගෙ ප්‍රියතම තැනක් තමයි ඔය පැරිස්...චෙන්නායි ටවුමෙ පැරිස් කියල තැනක් හැදුනෙ කොහොමද කියන ප්‍රශ්නය මටත් ඇතිවුණා...මේ ළඟදි චෙන්නායිවල ඉන්න අපේ සිසිර මල්ලි මේ කතාව මගෙන් ඇහුව...

කොහොමද අයියෙ චෙන්නායිවල පැරිස් කියල තැනක් හැදුනෙ...

 ඒ ගමන තමයි මටත් හිතුනෙ මේක හොයල බලන්න වටිනවය කියල...පස්සෙදි හෝදිසි කරල බලපුවාම දැනගන්න ලබුණෙ මේකයි...

දැන් ඔය පැරිස් කියන ස්තානෙ බොහොම කාලෙකට ඉස්සර පැරී කියල සුදු ජාතිකයෙක් කඩයක් කරගෙන ඉඳල තියෙනව...කඩේ නම පැරීස් කෝනර්...ඔය කඩේ බඩුගන්න නිතරම ජනතාව යන්න එන්න ගත්තම  එතනට පැරීස් කෝනර් කියන නම භාවිතා වෙලා  පස්සෙ කාලෙකදි නම රෙජිස්ටර් වුණා...පැරී සහ පැරීගෙ කඩේ දැන් නැතත් පැරිස් කියන නම තාම තියෙනවා.

සැරයක් ඔය පැරිස් යන කෙනෙක් අපේ ගෙදර ආවා...කවුද කිව්වොත් හැලපිගෙ අයියගෙ ළමයින්ට ඒ දවස්වල ඉංග්‍රීසි උගන්නපු ටියුෂන් මාස්ටර්...අයියලගෙ ගෙදරට කතාකරපු වෙලාවක ඇහුවා මේ අපේ ටියුෂන් මාස්ටරුත් නිතරම ඔහෙ එනවනෙ මොනවද එයා අතේ එවන්න ඕනැ කියල.

 හැලපි ඒ ගමන කිව්වා මඤ්ඤොක්කා කාපු කාලයක් මතක නෑ...මෙහෙ මඤ්ඤොක්කා ගන්නත් නෑනෙ...පුලුවන්නම් හොඳට තැම්බෙන මඤ්ඤොක්කා අල දෙකතුනක් එවන්න කියල.

ඔය හැලපිලගෙ වත්තෙ හරියට මඤ්ඤොක්කා වවල තියෙනවනෙ...අයියත් මොකද කරන්නෙ මඤ්ඤොක්කා හොණ්ඩරයක් විතර ගලවල අර මනුස්සයට ගිහින් දීල මේ ටික නංගිට ගිහින් දෙන්න කියල.

ටියුෂන් මාස්ටර් ඒ අලගොඩෙන් එකම එක අලයක් අරගෙන චෙන්නායිවල අපේ ගෙදරට ආවා...බර වැඩිවෙන නිසා වෙන ගේන්න විදිහක් තිබුණෙ නෑ කියල පොර අපේ ගෙදර නැවතුණා.

පහුවදා උදේට හැලපි කෑම ලෑස්තිකලා ටියුෂන් මාස්ටර්ටත් එක්ක...ඉඳිආප්ප මාලුහොදි සම්බෝල එහෙම හදල අර මඤ්ඤොක්කා අලෙත් තම්බල මේසෙට තිබ්බා...ඒ අපට කන්න...මුලින්ම කෑමට වාඩිවුණු ටියුෂන් මාස්ටර් අනික් කෑම ජාති පැත්තක තියල මඤ්ඤොක්කා බෙදාගෙන කෑව බුරිය උල්වෙන්නම...කාල බඩුගන්න පැරිස් යනව කියල යන්න ගියා.

අපි දෙන්නටම ඉතුරුවුනේ එක මඤ්ඤොක්කා කෑල්ලයි...ටියුෂන් මාස්ටර් දවස් තුනක් අපේ ගෙදර ගජේ ගහල බඩුත් අරන් ලංකාවට ගියා...හැලපිට මඤ්ඤොක්කා කන්නත් නෑ...දවස් තුනක් හොඳට උයල දීල ටියුෂන් මාස්ටර්ට සලකන්නත් වුණා.

 ඔය ඉතිං පිටරටවල ඉන්නකොටත් තියෙනවනෙ ලංකාවෙ  එක  එක කෑම කන්න දොළදුකවල්...ලිස්ට් හදාගෙන ඉන්නෙ ලංකාවට ගියාම මේ මේ ජාති කන්න ඕනැ කියල...

මඤ්ඤොක්ක තම්බල ලුණුමිරිස් එක්ක කන්න...
තැඹිලි බොන්න...

ආදී වශයෙන්...හැලපිට නං දොළදුක තිබුණෙම කොස් තම්බල කිරිහොදියි කරෝල බැදුනුයි එක්ක කන්න...දෙල් උයල අඟුණ කොළ මැල්ලුම් එක්ක බත් කන්න...ඔයා මොනවද කන්න ආසා කියල මගෙනුත් අහනව...අපි ඔය මහලොකුවට කන්න හිතාගෙන යන දේවල් ඔක්කොම කන්න ලැබෙනවද හැබෑවටම.

 පිටරටවල ඉඳල එක එක කෑම ජාති කන්න පෙරේතකම තියාගෙන ලංකාවට ගිය අයට හිතාගෙන ගිය විදියටම කන්න ලබුණද කියල එහෙම ගියපු අය කියපල්ලකො බලන්න.

මම නං ඔය මහ ලොකු බලාපොරොත්තු ඇතුව ලංකාවට යන්නෙ නෑ...ගල් ෂොට් එකක් ගහල හුරුල්ලෙක් බැදගෙන කන්න තියෙනවනං ඒ ඇති...මොකටද නිකං බලාපොරොත්තු කඩකරගන්නෙ...කොස් අවාරෙ කියයි...මේ සැරේ දෙල් හැදුණෙ නෑනෙ හැදුණු ටිකත් ගැට කාලෙම හැලිල ගියා කියයි...කජු ඒ දවස්වලම ඉවර වුණානෙ මොකද කරන්නෙ කියයි.

 නෑදෑ ගෙදරකට හරි යාලුවෙකුගෙ ගෙදරක හරි කෑමකට කතාකලත් කන්න මොනවද හදල තියෙන්නෙ...
කහබත් හෝ එළවලු බත්
කුකුල් මස්, මාලු
තෙල් දාපු අර්තාපල්
බෝංචි
කට්ලට්
පපඩම්

එහෙම නැතුව වැල් අලයක් තම්බල සම්බෝලයක් හදල හරි පොළොස් මැල්ලුමක් හදල කරෝල හොද්දක් එක්ක හරි කෑමට දෙනව කියලයැ.

අපිත් ඉතිං ගෙදරට කවුරුහරි ආවහම දෙන්නෙ ඔය මම ඉස්සෙල්ල කියපුවම තමයි මොකටද බොරු කියන්නෙ...රෑ කෑමට එහෙම ආවොත් ඉඳිආප්පයි කුකුල් මස් හරි මාලු හරි එක්ක සම්බෝල හදල කන්න දෙනව...වැල් අලයි පොළොස් මැල්ලුනුයි දීල කතාවක් අහගන්න වෙයි කියල බයයිනෙ...

යකෝ මුංගෙ තියෙන කුම්මැහිකම කන්ඩ ටිකවත් හරියකට හදල දුන්නෙ නෑනෙ...

කියල කිව්වොත් එහෙම හංදුරුකං ඉවරනෙ...එහෙම හිතල වෙන්න ඇති අපටත් ඒ විදියට කෑම හදල දෙන්නෙ.
මමනං හිතවත්ම යාලුවෙකුගෙ ගෙදර කෑමකට එහෙම යනවනං කලින් කියනව කන්න හදන්න ඕනැ දේවල්.

මචං ඔය මාලුයි මසුයි උයාගෙන දුන්තෙල් බත් හදාගෙන ජාති විස්සක් විතර මේසෙට තියන්න දඟලන්න ඕනැ නෑ...ඔය ගෙදර හාලෙ බතුයි පොඩි කරෝල ටිකක් තෙල්දාල කිරිහොද්දකුයි සම්බෝලයක් හරි කොළ මැල්ලුමක් හරි තිබුණොත් හොඳටම ඇති...

කිව්වහම අරූ මා දිහා බලාගෙන ඉන්නෙ කටත් ඇරගෙන.

චෙන්නායිවල මහාබෝධි මධ්‍යස්ථානෙ ඒ දවස්වල වැඩහිටියා හාමුදුරු නමක් රතනජෝති හාමුදුරුවො කියල...අපේ පුතා ඒ දවස්වල කිව්වෙ මහත හාමුදුරුවො කියල...බොහොම සීලවන්ත ප්‍රඥාවන්ත තෙර නමක්...හැම ඉරිදා උදේකම හැලපි මට කොළ කැඳ බාජනයක් හදල දෙනව...මමත් උදේම ගිහින් හාමුදුරුවන්ට කැඳ පිළිගන්වල එනවා.

දඹදිව වන්දනාවෙ යන හාමුදුරුවරු එහෙම ඇවිත් ඉන්නවනම් හාමුදුරුවො කලින් දවසෙ හැන්දෑවෙ ගෙදරට කතාකරල කියනව...

මහත්තයො හෙට උදේනං හාමුදුරුවරු දහනමක් විතර වැඩ ඉන්නව...

එහෙම දවස්වලට හැලපි කැඳ බාල්දියක්ම හදල දෙනව මට ගෙනියන්න.

අම්මෝ ඔය හැලපි කැඳ හදපු තරමක් චෙන්නායි වලදි...කැඳ ගෙනිහිල්ලම හාමුදුරුවො මට නමකුත් දැම්මනෙ කැඳ මහත්තය කියල.

මහාබෝධියෙ හාමුදුරුවරු ගොඩක් වැඩල හිටපු දවසක අපේ ගෙදර දානයක් දෙන්න යොදාගත්තා...දානෙ දවසට කලින් දවසෙ හාමුදුරුවො මට කතාකරල කිව්වා මහත්තයො හෙට දානෙට මෙන්න මේ ජාති හදන්න කියල බොහොම සරල කෑම ලැයිස්තුවක් දුන්නා...අපිත් ඒ ජාති දානෙට හදල දුන්නාම හාමුදුරුවරු බොහොම සතුටින් වළඳල ගියා.

ආයෙම අපි මේ රටට එන්න කලින් ගෙදර පිරිතක් කියල දානයක් දුන්නා ඒ 2011 දෙසැම්බර් මාසෙ...එතකොටත් ගමේ පන්සලේ හාමුදුරුවො මට කතාකළා...හාමුදුරුවො මට කියන්නෙ අයිය කියල...

කීයෙන් කීදෙනාද හැලපයියෙ දානෙකදි අපට හිත පිරෙන්න වළඳන්න දේවල් හදල දෙන්නෙ...

මස් උයයි,මාලු බදියි,බටුමෝජු හදයි තව තව ජාති දහයක් විතර පාත්තරේට පුරෝපුහාම කාටද වළඳන්න පුළුවන්...

ඇයි කොස් ටිකක් තම්බල කිරිහොදි කරෝල ටිකක් හදල පිළිගන්නන්ඩ බැරි ඔය මිනිස්සුන්ට...
අපිත් දානෙට හාමුදුරුවො කියපු වට්ටෝරුවත් ලෑස්ති කරල අර එපා කියපු ජාතිත් හැදුව එක එක පන්සල්වලින් වඩින හාමුදුරුවරුන්ගෙ කෑම රුචිය එක එක විදියනෙ කියල...පොඩි හාමුදුරුවරු එහෙම බැදුම් පිළිස්සුම් එක්ක වළඳන්න මනාපයි නොවැ...හැමදෙනාගෙම හිත පිරුණාම දානෙ ආනිසංසත් වැඩියිනෙ...පස්සෙ දවසක හාමුදුරුවො නෙල්සනුත් එක්ක කියල තිබුනා අපට හොඳටම සැලකුව කියල.
 
කෑම කතා ඔය විදියයි...යකෝ හැබෑට මම කියන්න ආවෙ පැරිස් ගියපු විදිහ නේද...ඔන්න කියන්න බැරිවුණානෙ ඉතිං...කමක් නෑ ආයෙ දවසක ඒ කතාව කියන්නංකො. 

(කතාව නැවත පළකිරීමට උපකාරී වීම පිළිබඳව සහන් සහ හිරූ දෙදෙනාට මගේ නොමද ස්තූතිය හිමිවේ)

42 comments:

  1. දැන් ඉතින් ආයෙත් කොමෙන්ට්ස් දාන්නද කියන්නේ. කාපූ බීපූ වේලාවට ගොම්පීටරේ අස්සෙ රිංගන්නේ නැතුව ඉන්නවද මීට පස්සෙවත්.

    ReplyDelete
    Replies
    1. සහන් හා හිරුට අපෙත් උපහාරය....

      Delete
    2. ඔන්න ඔයාගේ කමෙන්ට් එක...

      ///මාතලන් has left a new comment on the post "මෝනාලිසා":

      හුරුල්ලෝ කිව්වාම, හැලපෙට උම්මා එකක් දෙන්න හිතුනා. ඇඹුල් තියාල් දාලා බොර පොඩ්ඩක් ඉතුරු වෙන්න හඳන හුරුල්ලා තමයි මාළුවන්ගෙන් මගේ ප්‍රියතම මාළු කෑම. මම මේ ළඟදි නංගි ආපු වෙලාවේ පොඩි දානයක් දුන්නා. උදේ මාළු ගේන්න ගියපු ගමන්, උළුඳු වඩෙයි, තෝසෙයි ගෙනාවා. මම කිව්වාම හාමුදුරුවොන්ට තෝසෙයි වඩෙයි පිළිගන්වමු කියලා, කස්ටියම මට කොක්ක ඇද්දා. මම කිව්වා කෝකටත් ඕකට අත තියන්න එපා. මම දානෙ වෙලාවට හාමුදුරුවන්ගෙන් අහන්නම් කියල. හැබයි හැලපයා කියපු කෑම ජාතිත් නංගි හදලා තිබ්බා. කට්ට කරවල හොදි, පොල් සම්බල්, පොලොස් මැල්ලුම්, තිබ්බටු, වැටකොළු, කලවම් කොළ මැල්ලුම වගේ තව 3-4 ක් ජාතිත් තිබුනා.

      දානේ බෙදන වෙලාවේ, සුප් එක දීපු ගමන්, මම හාමුදුරුවන්ගෙන් ඇහුවා, හාමුදුරුවනේ තෝසෙයි වඩෙයි තියෙනවා, වලඳනවද, හැබයි ගෙදර අය නම් මට කොක්ක ඇදලා ඉන්නේ කියලා. අනේ මහත්තයෝ කාපු කාලයක් මතක නෑ, කමු කමු කිව්වා. මම දඩි බිඩි ගාලා පර්සලේ පිටින්ම ගෙනල්ලා. නායක හාමුදුරුවන්ට පිලිගැන්නුවා. අනික් හාමුදුරුවරුන්ගෙනුත් ඇහුවම ඕක්කෝම කැමතියි. කට්ටිය බන්ඩාරනායක සේනානායක යෙකට ඉඳන් කාලා ගියපු තෝසෙයි වඩෙයි අඹරලා මටත් වැඩිපුරත් එක්කම පින් අනුමෝදන් කොරලා ගියේ.

      අනේ අර අපේ සාම්ප්‍රදායික කෑම ටික හැන්දෑ වෙනකම් එහෙමම බලාගෙන ඉන්නවා දීසී වල, දානෙට ආපු එකෙක්වත් කන්නෙ නෑ ඒවා. අවුලක් උනේ නෑ. අපේ අය දවල්ට හොඳට ගහලා හැන්දෑවේ, මේ ඉතා ගුණදායි කෑම බීම වලට වග කිව්වා. එකෙක් බයිට් එකට ගත්තේ තිබ්බටු මැල්ලුම. මම නම් තෝර පෙති දෙකකටම වග කිව්වා. ඒ හාමුදුරුවොන්ට හදපුවා.

      කොමෙන්ට් එකක් වෙනුවට පෝස්ට් එකක් දැම්මට සමා වෙයන් හැල්පේ...

      Posted by මාතලන් to හැලපයා at April 29, 2013 at 7:38 PM

      Delete
    3. තෑන්ක්ස් හිරු.. මේකේ පොස්ට් එකක් දාන්න හිතාන ඉන්නේ...

      Delete
  2. ඉස්සෙල්ල පෝස්ට් එක කියවලා කෝ යකෝ මොනාලිසා කියලා හිතලා හිතලා කමෙන්ට් නොකල නිසා හොඳයි...අර කිව්ව වගේ බීපු වෙලාවටයි මෝ* වෙච්ච වෙලාවටයි මටත් ඔය වගේ ඇබැද්දිමයි වෙන්නෙ බන්..

    ReplyDelete
    Replies
    1. වැරදියි අකම්..... හි හි....

      Delete
    2. ඔන්න මං දන්නෑ වෙනී අයියේ, ඔයාගෙ ජාමේ බේරලා දෙන්න පාඨකයාව නොමග යවන්න හැදුවට මේ නෝනෙකුයි මහත්තේකුයි ඇවිත් සායම හෝදලාම ගිහිං. අන්තිමේදී බොලාව සුද්ද කරන්න ගිහිං මට නක්කල් හිනාවකුත් දාලා. (අහුවෙයන්කෝ ඕකිව)

      Delete
  3. හැලපයියේ, අරුන් දෙන්නට නිකම් සලකලා මදි වගේ ඈ.... (සලකන වෙලාවට අපිටත් කියන්නකෝ. ;-)

    කමක් නෑ. එක ඡේදයක් හරි මොනාලිසා ගැන තියෙනවනේ. වාන්පතුලත් හැම කොටහකම මාත්තුරුකාවට වඩා එක පේළියකට දික් කොරන එකේ මේකත් අපි බලන් ඉඥං. හැබැයි අන්තිමේදී මොනා ලීසා කියන්නේ මොන ලීසාද? කියලා අපිව කෝචොක් එකට හෙම ගන්නවා නෙවෙයි ඕන්.

    අර කෑම ලිස්ට් එක දැක්කම බඩ පපුව හෝස් ගාලා ගියා අප්පා. එක පාරක් වඩේ පෙන්නලා දවස් ගානක් ගෙනත් කාලා තමයි ශේප් උණේ.

    ReplyDelete
  4. මම දවසක් සහන් පල කරලා තිබුණ කමෙන්ට් එකක් උපයෝගී කරගෙන පෝස්ට් එකක් දැම්මා . එයා මට හොඳටම බැනලා තර්ජනය කරා . පස්සේ මගේ නිවසටත් දුරකථන ඇමතුම් දීම මගින් තර්ජනය කරා අංකයක් නැති නොම්බරේකින් . එතනිනිනුත් නොනැවතුණු එයා මට මගේ බ්ලොග් එක අහිමි කරා . ඒකෙ තිබුණ සියලුම පෝස්ට් මකලා කමෙන්ට් මකලා අන්තිමට බ්ලොග් එක මකලම දාල පොඩ්ඩක් බැන්නා කියලා . දැන් මට මගේ බ්ලොග් එක බලන්න බැහැ කිසිම E-mail එහෙකට යන්න බැහැ Face Book යන්න බැහැ . එහෙම එකක් නැහැ කියලා පණිවිඩයක් එනවා . කව්රු හරි එයාට කියන්න මට මගේ බ්ලොග් එක ඇරලා දෙන්න කියලා . මම ගොඩක් මහන්සියෙන් කාටවත් කරදර නොකර බෞද්ධ ආගමික දේවල් දාගෙන හිටියේ . දැන් මට බ්ලොග් එකට යන්න බැහැ . ඇයි එයා එහෙම වැඩ කරන්නේ . කව්රු හරි එයාට තේරුම් කරලා දෙන්න පුලුවන්ද . මට මගේ බ්ලොග් එක ආයෙම හදලා දෙන්න කියන්න . මම කියන්නේ බොරු නෙවේ . මේ තියෙන්නේ මගේ බ්ලොග් එක . මට උදව් කරන්න පුලුවන්ද කාට හරි . http://mama-nodannekmi.blogspot.com මම වනාහී නොදන්නේ වෙමි

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් දුකින් ඉන්නේ . මට මගේ බ්ලොග් එක ආයෙම හදලා දෙන්න කියන්න . මම පොරොන්දු වෙනවා කාටවත් කරදර නොකර ඉන්න . බ්ලොග් එක ලිව්වේ ගොඩක් ආසාවෙන් මම . සමහර විට මගේ අතින් මැකුනා වෙන්නත් පුළුවන් . මම කියන්නේ නැහැ සහන් කරා කියලා . මට ඒක හදලා දෙන්න කියන්න පුලුවන්ද .

      Delete
    2. මොකක්ද බන් එක වචනෙක හිටපන්කෝ.එක පාරක් කියනවා ගෙදරටම කෝල් කරාලු.අනිත් පාර කියනවා මගේ අතින් මැකුනලු.මේකත් හරියට මම මටම වෙඩි තියාගත්තා වගේ කතාවක්.හයියෝ මෙහෙව් රටක්.

      Delete
    3. මෙතන " සහන් " යනුවෙන් සඳහන් වන්නේ " silentsahan "
      ගැන නෙවේ නේද ..? ඇනෝ සඳහන් කරන සහන්ද , මාද
      හැර වෙනත් සහන්ලා සිටීද ...?



      මට අමතක නිසයි ඇහුවේ ...:P

      Delete
    4. පැමිණිලි කරු

      මුලින් :- ඔහු මැකුවා .
      පසුව :- නැහැ මම මකාගත්තා .


      චූදිතයා :- මට මතක නැහැ .

      උසාවිය :- නඩුව ඉවත හරියි .

      සභාව :- අපි මුකුත් දැක්කේ නැහැ .

      ස්ථානය :- ශ්‍රී ලංකාව .

      දිනය :- මැයි පළමු දින .

      Delete
    5. ඇයි මේ වගේ දේවල් මීට කලින් දැකලා නැද්ද ..?
      නිකන් යනවා මනුස්සයෝ යන්න ..:D

      Delete
  5. අපොයි අරපෝස්ට් එකට කමෙන්ට් දෙක තුනක්ම දැම්මා . මොනවද අයියේ උනේ ඒකට

    ReplyDelete
    Replies
    1. උඹ මෙහෙමද කිව්වේ... :)

      අටම්පහුරApril 29, 2013 at 10:15 AM

      මම කියන්ඩ ආපු එක නලින් කියලා. කමක් නැ

      //කැඳ ගෙනිහිල්ලම හාමුදුරුවො මට නමකුත් දැම්මනෙ කැඳ මහත්තය කියල//

      හරි අපි කැද මහත්තයා උන විදිහ අපි දන්නවා දැන්

      මෝනාලිසා ගියාවේ කැලේ කියහං ලොකු අයියේ උඹ හැලපයා, හැලප කඩේ උන විදිහ

      ( මට තෝ ගැන ඉරිසියයි යකෝ , ලියන එව්වා පට්ට රහයි , අවංකවම මම බ්ලොග් වලින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ රසය , මට මම ආසා විදිහට ලියන්ඩ බැරි හින්දා මම උඹට ඉරිසියයි )
      _______________
      Replies>>
      අටම්පහුරApril 30, 2013 at 2:49 AM

      සිරාවටම ඔය කතාව ඇත්ත,

      අපේ පන්සලේ හාමුදුරුවෝ ගමේ කෑම ටිකක් කියලා හදවාගන කන්ඩ පුළුවන් හැම ගෙදරකම උන්ට කියනවා

      ''අනේ පුතේ ඔය අනං මනං නං හදන්ඩ එපා , අපිට දැන් ඔව්වා කාලා ඇති වෙලා ඔය අලයක් කොලයක් තම්බලා ගෙනත් දියං කියලා''

      දවසක් යාළුවෙකුගේ ගෙදරක ගිය වෙලාවක ( ටිකක් දුෂ්කර පැත්තක් ) ඒ හාමුදුරුවන්ගෙන් අහපුවහම නං කියුවේ නිකං බත් කාලා ඇති වෙලා ෆ්‍රයිඩ් රයිස් ටිකක් කන්ඩ ආසයි කියලා

      Delete
  6. සහන්, හිරු දෙන්නටම ස්තුති කරන්න ඕනේ..

    ReplyDelete
    Replies
    1. ආ මගේ කලින් කමෙන්ට් එක.
      //දානෙකට හෙම පොලොස් මැල්ලුම්, තිබ්බටු, කහට ගෙඩි, කැබෙල්ල... ඕවා අරන් ගියාම ඉවර හාමුදුරු වරු හරි කැමතියි. එක වතාවක් දානෙකට ගෙනල්ල තිබුනා සියඹලා වලින් හදන හොද්දක් (රසම්..?) වගේ එකක්. ඒක ගෙනාවේ දෙමල මනුස්සයෙක් ලු. අන්තිමට හාමුදුරුවන්ට දෙන්න දෙයක් ඉතුරු උනේ නෑ එකේ. වටේ හිටපු උන් සේරම ටික බීලා. මං දැක්කෙත් භාජනේ විතරයි.. හදන විදිහ අහ ගන්න ඒ මනුස්සය හෙව්වත්, ඒ වෙනකොට මෑන් ඒක දීලා ආපහු ගිහිල්ලා..

      මේ ප්‍රොෆයිල් ෆොටෝ එකේ තියන්නේ ලස්සන තැනක් නේ. කොහෙද ඒ..?//

      Delete
    2. ඔබ "සහන්" යනුවෙන් අර්තකථනය කර ඇත්තේ කිමෙක්ද ..?


      i . silentsahan
      ii . වෙනත් යමක්

      කරුණාකර අදහස් දක්වන්න ...:P

      Delete
    3. මා ඉන් අදහස් කලේ "silentsahan" යන නාමයයි. එය මෙසේ සකස් කර නැවත ඉදිරිපත් කරමි.

      හැලප අයියාගේ පෝස්ටුව නැවත ලබා ගැනීම ට සහාය වීම පිළිබඳව silentsahan ට හා හිරු ට ස්තුති කරන්න ඕනේ.. :D :D

      Delete
  7. Kathawa wenas wela.....

    ReplyDelete
  8. ඔයා හරි නරකයි .. මම තමයි එකට පළවෙනියටම comment කලේ.. ඔයා ඒකම අයින් කළා නේද..??

    ReplyDelete
  9. ආයෙනං මලාට කාලේ නාස්ති කොරං බොට දිග කොමෙන්ට් කොටන්නේ නැහැ මතක තියෙනකල්...

    ReplyDelete
    Replies
    1. අඬන්න එපා... මෙන්න කමෙන්ට් එක....

      //මාරයාගේ හෝරාව has left a new comment on the post "මෝනාලිසා":

      කෑම ගැනයි..දාන ගැනයි නං කතා කොරන්න එපා... කොටින්ම කිව්වොත් අපේ උදවිය දානෙකදී ඔය අරුමෝසං කෑම හදන්නේ හාමුදුරුවන්ට කියලා කිව්වට ඇත්තම කාරනේ කාලෙකින් එකතු වෙන පවුලේ අය කාලා බීලා ආතල් එකක් ගන්න දවස හින්දා ඒකට හරියන්න... ඒත් ඒ බිලත් යවන්නේ හාමුදුරුවන්ගේ ගිණුමට...

      “හප්පේ සාංඝිකයක් දෙන්න කී දාහක් ඕනද..?“
      “දානේට සෑහෙන්න වියදං උනා“

      ඔය ටික තමා කියන්නේ... ඒත් ඇත්තම කතාව ටිකක් වෙනස්.. අපේ මිනිස්සුන්ට කොච්චර කිව්වත් ලොකු විකාර කරන්න එපා සැහැල්ලුවෙන් දානේ ටික හදන්න කියලා... මස් මාළු.. ප්‍රයිඩ් රයිස්.. වම්බටු මෝජු..අල බැදලා වගේ දේවල් නැතිව දානයක් හදන්නේම නැහැ...

      මගේ පස් අවුරුදු මහණ ජිවිතේ අමතකම නොවන දානය කිහිපයක් තියෙනවා.. එයින් එකක් තමා පන්සලේ ප්‍රධාන දායක මහත්තයෙක් වෙච්ච..උදේ හවහා පන්සලට යන එන අපේ රූපරතන අයියා එක් වංගියක් දුන්න දානේ... උන්නැහේ හොඳට අතමිට තියෙන හාදයා... වතු පිටි ආදායං අරක මේක හොඳ පදමට... මොනවා හරි වැඩකට අත ගැහුවම ආයේ අරයා මෙයා දෙනකල් බල බල නොයිද සද්ද නැතිව ආවාසේ පැත්තට ඇවිල්ලා සරං වාටියේ තියලා ඉනේ රෝල් කරලා තියෙන මුදලක් ඇදලා අරං නංගං වැඩක් නැහැ අපේ හාමුදුරුවනේ මෙන්න මගෙන් සුළු මුදලක් කියලා යන මනුස්සයා... කොහොම කලත් දුන්න මුදල ලියවෙන්න ඕන හින්දා ඒක ලිස්ට් එකට දැම්මත් කවදාවත් මං ඒක උඩින් ලියන්නේ නැහැ.. මොකද උඩින්ම නම ලියඋනාම උන්දෑ පරොස් වෙනවා... ලයිස්තුවේ පහලම කෙරෝලකින් ඒක ලියලා දැම්මම ආයේ කිසි අවුලක් නැතිව ඉන්නවා.. මං මේ ටික කිව්වේ පුද්ගලයගේ නිර්ලෝභීකමයි කැපී පෙනෙන්න ඒ හැටි ආසාවක් නැති කමයි පහදන්න ඕන හින්දා...

      එහෙවු මනුස්සයා කවදාවත් දානයක් දෙද්දී දහ නම විසි නම හොයන්නේ නැහැ...
      “හාමුදුරුවනේ මට සාංඝික කරලා දානයක් දෙන්න හිතේ තියෙනවා.. ඔබවහන්සේට පහසු දිනයකුයි... කරදරයක් නැතිව වඩම්මගන්න ඇහැකි හාමුදුරුවරු ගානකුයි දැනුං දුන්නනං..“

      ඔච්චරයි කියන්නේ... එහෙ දානෙට ඉතිං එහෙමත් වෙලාවක තමා හත් නමක් යන්නේ... නැත්තං අපි පස් නමයි කවදත්... මොකද ඔය දානෙට උන්දෑ නෑදෑ හතර වරිගයා වඩම්මගන්නේ නැහැ... උන්දැයි පවුලයි එදාට ගෙදර හිටිය ළමෙක් කවුරු හරියි තමා උපරිම... ඒ ඇරුනම යාව ජිව හිත මිත්තර දයාසේන අයියයි... ඒ ඇති ඉතිං විසි තිස්නමකට උනත් දානේ පිළිගන්වන්න... ඒ තරමට කල පුරුද්ද..දැක පුරුද්ද...

      මොනවද ඉතිං දානෙට දෙන්නේ... උන්දැගෙම කුඹුරු වලින් හදාගත්ත තම්බාපු හාලේ බත් ටිකකුයි... කොස් තම්බපුවයි... හොඳ කට්ටා කරවල හොද්දකුයි... මැල්ල කොල..මිරිස්..කාරල්ලෝ බැදලා... හීන් කොච්චි දාලා කොටාපු ගිනි විසිවෙන පොල් සම්බෝලෙකුයි... ඒ ඇරුනම උන්දෑගේ කොරටුවල හැදෙන කරවිල බැදලා රතුළුණු යහමින් දාලා හදන කරවිල සම්බෝලෙකුයි විතරයි... හැබැයි බත් බෙදන්න කලින්ම කියනවා... බත් ඩිංගක් හැදුවේ චාරිත්තරේට විතරයි... මොකද කියන්නේ කොස් තියෙනවා කියලා... ආයේ ඉතිං එහෙමත් වෙලාවකට තමා බත් හැන්දක් හරි පිගානට ලං කොරන්න අපි දෙන්නේ... දානේ බෙදන්න පටන් ගන්නෙම කොස් හට්ටියෙන්... ආයේ ඉතිං කොස් වටියට උඩින් කට්ටා කරෝල හොදි හැදි දෙක තුනක් කරකවලා දම්මලා ඕකට බැදුං ටිකයි අර කොච්චි සම්බෝලෙයි.. කරවිල සම්බෝලෙයි දාගත්තම වෙන මොන මගුලක්ද... බුරිය උල් වෙන්න වළඳලා.. එනවා මිස.. කොටින්ම ඔය බණ කිය කිය ඉන්නවත් උන්දෑ දෙන්නේ නැහැ... “හා හා ඒකට මහන්සි වෙන්ට දෙයක් නැහැ... හැමදාම බණනං අහනවනේ“ කියලා හිනාවෙලා අිට යන්ට අරිනවා... කන බොන වෙලාවයි.. අහල පහල විස්තරයක් කතා කරන වෙලාවයි විතරයි... පිරිකරකට කියලා අරවා මේවා උස්සං එන්නේ නැහැ... උන්දෑ දන්නවා කොයි පන්සලෙත් ඒ දවස්වලට උවමනා මොනවද කියලා... ඒ ඒ අඩු පාඩු කල් ඇතිවම බලං ඇවිත් ඒකට හරියන්න දෙයක් දෙනවා... එක පාරක් මට හම්බ උනා අර ලී වලින් හදාපු මේස උඩ තියලා සම්බෝල හෙම කොටාගන්න ඇහැකි වංගෙඩියක්... ඒ දවසක් මං පිඟානක දාලා සම්බෝලයක් අතින් අඹරනවා දැකලා තිබුන හින්දා...

      හප්පා මේක දිග වැඩි වේගන එනවා... ඔය ඇති ඔය ඇති.. දාන මාන ආහාර පාන ගැන කතා කොරන්ට එපා... මාව ඇවිස්සෙනවා නෙව...

      Post a comment.

      Unsubscribe to comments on this post.


      Posted by මාරයාගේ හෝරාව to හැලපයා at April 30, 2013 at 7:27 AM//

      Delete
    2. යකඩෝ, වෙලාවට හිරුවා මේක ගෙනත් මෙතන ඇලෙව්වේ. නැත්නම් ඉතින් හැලපයාගේ මේ පෝස්ට් එක හැලප කොලේ නැති හැලපයක් වගේ වෙනවා. :D

      Delete
  10. මුලින්ම බැලුවා ඊයෙ බැරිවෙච්ච් මොනාලිසාද කියලා .... චැහ්

    ReplyDelete
  11. ඒ කියන්නෙ සහන් ,හිරු කියන්නෙ කම්පියුටර් "ජිල්මාට්"කාරයෙක් සහ කාරියෙක්ද?
    මම දන්න විදියට අපේ චන්දන මලයත් හොද කම්පියුටර් වැඩ්ඩෙක්.

    ReplyDelete
    Replies
    1. අනේ මං දන්න ජිල්මාට් එකක් නෑ කෙන්ජි... මැකුනා කිව්ව ගමන්ම රීඩරේ බැලුවා.... ඒකේ මේක තිබ්බා... ටක් ගාලා මේල් එකට කොපියක් දාගත්තා.. හැලපයියා ඊමේල් එක දාලා තිබ්බ නිසා ඒක මේල් කළා... කමෙන්ට් subscribe කරලා තිබ්බ නිසා කමෙන්ටි ටික මේල් එකේ තිබ්බා.. ඒ ටිකත් එව්වා.. ඔච්චර තමයි කළේ මම නම්....

      Delete
    2. ඔය මැකෙන සහ මකන පෝස්ට් කොහොමටත් රීඩරේ තියෙනව. කොමෙන්ට් නං ඉතිං සබ්ස්ක්‍රයිප් කරපු අය ගාව තමයි තියෙන්නෙ.

      Delete
    3. මම හැලපෙට දුන්නා පෝස්ට් එක කමෙන්ට් ටිකත්
      එක්කම ආයෙම තිබ්බ විදිහටම ඒ ලින්ක් එකේම
      රීස්ටෝර් වෙන ලින්ක් එක ..එයා ඒ ලින්ක් එක
      ඔබලා නැහැ ..ඒක එබුවා නම් 100% සියල්ල යථා
      තත්වෙට එනවා මෙහෙම අලුතෙන් පෝස්ට් එකක් නොදා ..

      අනිත් එක කොහොමත් බ්ලොග් එක අයිති කාරයට කමෙන්ට්
      ටික මේල් එකට එන නිසා පෝස්ට් එක මැකුනත් කමෙන්ට්
      ටික බේරෙනවා ...

      Delete
  12. මට බෑ බං ආයිත් ලියපුව මතක් කරගෙන ලියන්න.. මේ සතියකට විතර පස්සෙ ඇවිත් කෝටියක් කියවපු නැති එවුව එක්ක කෝ වෙලාවක් ?

    ReplyDelete
    Replies
    1. ආ ඔන්න එහෙනම්... ඒ පෝස්ට් එකට වැටිච්ච කමෙන්ට් ටික නැතුව පෝස්ට් එකෙන් වැඩක් නෑ කියලා හිතුන නිසා මේවා මෙහෙම දැම්මේ..

      //සරත් ලංකාප්‍රිය has left a new comment on the post "මෝනාලිසා":

      ඒකට අපේ පන්සලේ හාමුදුරුවරු..මේ ලඟදි හාමිනේලගෙ ගෙදර දානෙකට අපේ හාමිනෙත් අම්මත් හොයල හොයල ගං එලවලු ගො‍ටුකොල එතකොට තව ගුණ කෑමත් එක්ක අර අරුමෝසම් එවුවත් තිබ්බ.. ඒ මොකද ලොකු හාමුදුරුවො දියවැඩියාව වගෙම කොලස්ට්‍රොල් තියෙන ලෙඩෙක් හින්දා ඔය වගෙ කෑමත් හදන්න කිවුවෙ. මෙන්න බොලෙ ලොකු හාමුදුරුවො ෆ්‍රයිඩ් රයිස් එක්ක අරුමෝසම් එවුවයි පුඩිමුයි වලඳනවා. කවුරුත් ගත්තෙ නෑ අර ගුණ් කෑම !! හිකිස් ...
      මේ අපි ඉන්න රටෙ නම් ලංකාවෙ කෑම ඔක්කොම වගෙ තියෙනව පැහුනු කොස් ඇර. ඒක ඉතිං ලංකාවෙදිම කන්න ඕනෙ.
      අපි ගියාම කන්න ආස කිඹුල බනිස් වයිස් ටෝක් (ඥානකතා) වගෙ එවුව,..
      මාත් බෙල්ජියමෙ අවුරුද්දක් හිටියා අමතක නොවෙන රටක් හොඳ මිනිස්සු..

      Posted by සරත් ලංකාප්‍රිය to හැලපයා at April 29, 2013 at 11:10 PM//

      Delete
    2. දැන් එතකොට අනෙක් සේරම කමෙන්ට් ගෙනත් දාල හිරු ගේ කමෙන්ට් එක ගේන්නේ නැද්ද..? :)

      Delete
  13. හිරු has left a new comment on your post "මෝනාලිසා":

    මොනාලිසා... කෝ ඔයා......

    ඇත්තටම ගොඩක් අය පිටරටවල ඉඳලා එනකොට කියන්නේ අනේ බං ප්‍රයිඩ් රයිස් නම් එපා කියලා.. උන්ට ඉල්ලන්නෙම කොස් තම්බලා, පොල් සම්බෝල, රතු බත්.... ඔන්න ඔහොම... මාත් ඉතිං පණ දාං හදනවා.. බැරි ටික නැත්දම්මගේ ඇඟේ ගහනවා... ( මේවා එක්ක බැලුවම ෆ්‍රයිඩ් රයිස් එක මාර ලේසියි... හි හි)

    හැබැයි ඔය අස්සේ සෝබනේට ඔහොම කියන අයත් ඉන්නවා.. ඔය අවුල් බේරන්න ඉතිං සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ හරියට.... හි හි...



    ReplyDelete
    Replies
    1. හිරූ මෙච්චර උදව් කරන එකේ හිරූගෙ කමෙන්ට් එක නැතුව කොහොමද
      ඔන්න ඒක මම දැම්මා

      Delete
    2. මං හැලප අයියගේ කමෙන්ට් එක දැක්කේ නෑ. ඕක පහලින් ඇලෙව්වා මාත්. සොරි වෙන්න ඕනේ.

      Delete
  14. (කලින් පල වූ කමෙන්ටු වලින් මට හොයා ගන්න පුළුවන් වුනු ටික)

    AnonymousApril 29, 2013 at 9:07 AM

    කතාව හොඳයි..ඒත් කෝ මොනාලිසා...??
    _________________
    මඩිස්සලේ නිශාන්April 29, 2013 at 9:13 AM

    පිට රටක ඉද්දි තමා ලංකාවේ කෑම වල අගේ තේරෙන්නේ.ඒකට මෙහෙ උන් කොස් කන්න බෑ කියයි පිෂ්ටය කියලා.අල ජාති කන්න බෑ කියයි.අපේ උන් හොයන්නේ කහ බත් දුන්තෙල් බත් චයිනිස්.
    ______________

    Naleen DilrukshaApril 29, 2013 at 9:25 AM

    මටනං මේ පෝස්ට් එකේ තදටම වැදුණේ මෙන්න මේ කැල්ල..
    .//ගල් ෂොට් එකක් ගහල හුරුල්ලෙක් බැදගෙන කන්න තියෙනවනං ඒ ඇති...මොකටද නිකං බලාපොරොත්තු කඩකරගන්නෙ...කොස් අවාරෙ කියයි...මේ සැරේ දෙල් හැදුණෙ නෑනෙ හැදුණු ටිකත් ගැට කාලෙම හැලිල ගියා කියයි...කජු ඒ දවස්වලම ඉවර වුණානෙ මොකද කරන්නෙ කියයි.//
    _____________

    sAm (සෑම්)April 29, 2013 at 9:26 AM

    මූත් මාරයා වගේ වෙලා.. කෑම ගැන කිව්වම මාතෘ කාව අමතකයි..

    ජය !
    ________________

    රතු රජරටApril 29, 2013 at 10:05 AM

    අනේ මචං හැලපයියේ, කෝ ඉතින් මොනාලිසා දැරිවි?
    කතාවත් කෑම වගේම රහයි. කොස් තම්බලා කිරිහොදි හදලා තව කරෝලත් තියෙනවා නේ? මේ ටික කියවනකොට මට අපේ සදාදර්ණීය ලොකු අයියා සුජීව ප්‍රසන්න ආරච්චි මතක් වුණා.
    _____________

    හිරු April 29, 2013 at 10:13 AM

    මොනාලිසා... කෝ ඔයා......

    ඇත්තටම ගොඩක් අය පිටරටවල ඉඳලා එනකොට කියන්නේ අනේ බං ප්‍රයිඩ් රයිස් නම් එපා කියලා.. උන්ට ඉල්ලන්නෙම කොස් තම්බලා, පොල් සම්බෝල, රතු බත්.... ඔන්න ඔහොම... මාත් ඉතිං පණ දාං හදනවා.. බැරි ටික නැත්දම්මගේ ඇඟේ ගහනවා... ( මේවා එක්ක බැලුවම ෆ්‍රයිඩ් රයිස් එක මාර ලේසියි... හි හි)

    හැබැයි ඔය අස්සේ සෝබනේට ඔහොම කියන අයත් ඉන්නවා.. ඔය අවුල් බේරන්න ඉතිං සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න ඕනේ හරියට.... හි හි...
    ________________

    Podi KumarihamiApril 29, 2013 at 5:38 PM

    අපිත් ලංකාවට ගියාම කන්ට ඕනි ඒවා කලින් ඉල්ලනවා. ආසම ඒවා. ඒක ඒ අයටත් ලාබයි. අපෙත් ඇඟට ගුණයිත් එක්ක.

    දැන් කාලේ හාමුදුරුවරු එහෙම තමයි. දානෙකට ආරාධනා කලත් ඉල්ලන්නේ සැහැල්ලු කෑම වර්ග. නිදි මරාගෙන හදන අනික් කෑම ජාති කන්නේ දන්නෙට එන අනෙක් උදවිය...

    හැලපිටත් මාර ආසාවල් පහල වෙන්නේ. :)

    මෝනාලීසාට මොකද උනේ?

    Replies

    Podi KumarihamiApril 29, 2013 at 5:41 PM

    *දානෙට (අර උඩ වැරදියට ටයිප් උනු වචනේ හදාගෙන කියවන්ට හොඳේ.) :)

    _____________

    Henry BlogwalkerApril 29, 2013 at 8:33 PM

    උඹ කියන දේ කොයි තරම් ඇත්තද කියලා මමත් කල්පනා කලේ. ඇත්තටම ලිස්ට් හදාගෙන හිටියට වැඩේ කෙරෙන්නේ නෑ තමයි. ඕකට බලපාන හේතු කීපයක් තියෙනවා.
    එකක් ඔය කෑම වල status තියෙන නිසා. අපි කැමති කෑමවල හයි ෆයි කම අඩුයි. ගොඩේ කෑම හැටියටයි පේන්නේ.
    අනික, කම්මැලිකම. අපි කැමති කෑම හදන්න අමාරුයි. උදාහරණෙකට හිඟුරල, කිරි අල උයන්න කම්මැලියි. කප් කේක් හදයි දවසක් මහන්සි වෙලා.
    උඹට අර කැඳ මහත්තයා කියලා නම වැ‍ටුනා කිව්වාම මට හයියෙන් අමූ කුණුහබ්බයක් කියවනා බං.:D
    _____________

    Praසන්னApril 29, 2013 at 8:34 PM

    හැලප අයියටත් මොනෝලිසා බලන්න යනකොට බැදපු හුරුල්ලෙක් එක්ක ගල් ෂොට් එකක් එහෙම හම්බඋනානං වෙන්නෙ මේ දේම තමයි. අන්තිමට මොනාලිසා පැත්තක.

    'කොස් තම්බල කිරිහොදියි කරෝල බැදුනුයි එක්ක කන්න' මගෙත් ප්‍රියතම කෑමක් තමයි ඒක. (දොලදුකක් එහෙම නෙමෙයි)
    ____________

    Loku JohnApril 29, 2013 at 8:44 PM

    කමක් නෑ ඊගාව එකේවත් මොනාලිසා ගැන කියවමු
    ___________

    Ayilas AApril 29, 2013 at 9:13 PM

    ෂා මොනාලිසා මරු හැලපේ.

    ReplyDelete

ඔබේ අදහස්