අපි කුඩා අවදියේ අවුරුදු උත්සව හෝ බක්මහ උළෙලවල් අපේ ගමේ තිබුණේ නැත. අවුරුදු ක්‍රීඩා වශයෙන් සිදුකෙරුණේ සැන්ටින් මුදලාලිගේ කඩේ මිදුලේ කෙරෙන කැටගැසීමත් කඩේ පිටිපස්සේ වෙදමහත්තයගේ කෑල්ලේ කෙරුණු බූරු ගැසීමත් ඒ සෙල්ලම් වලින් පසු ගහ මරා ගැනීමත්ය. පසුකාලීනව කැටගැසීම අභාවයට ගොස් බූරු ගැසීම පමණක් ඉතිරිවිය. අවුරුද්දට අපේ ගමේ බූරු කෙළිය පටන් ගන්නේ උත්සවාකාරයෙනි සැන්ටින් මුදලාලිගේ කඩේ පිටුපස ඇති වෙදමහත්තයගේ ඉඩම් කෑල්ල අනාදිමත් කාලයක සිට බූරු පිටිය ලෙස සම්මත වී ඇති තැනය. උසට හැදී වැඩී ඇති නෙරළු තුරු හැරෙන්නට වෙන මහගස් නොමැති තරමක අකුල් සහ වන බුටෑවක් ඇති වැලි පසින් හෙබි ඒ ඉඩමට පාර දිගේ පොලිසියේ ජීප් එක එනවානම් ඈතසිටම දැකගත හැකිය. පොලිසිය ජීප් එකෙන් බැස ඇළෙන් එගොඩවී නියර දිගේ වත්තට ගොඩවෙන වෙලාව වෙද්දී බුරුකාරයන්ට බුරුපොළ අකුළාගෙන පලායන්නට හොඳටම වෙලාව තිබේ.
අලුත් අවුරුදු සුදුපොල වෙදමහත්තයගේ ඉඩමේ ආරම්භවී ටික දවසක් යද්දී ගමේ සුදුකාරයන් පමණක් නොව අහළ පහළ ගම්වල නම්දැරු සුදු කාරයන්ද සෙල්ලම් කරන්නට එන්න පටන්ගනී. ඒ කාලය සැන්ටින් මුදලාලිගේ කඩේට හොඳ වෙළඳාමක් ඇති කාලයකි. සුදුපොළෙන් හම්බවෙන තෝං සල්ලිවලට අමතරව වෙද මහත්තයගේ කසිප්පු ව්‍යාපාරයද නැගලා යයි. සුදු සෙල්ලං කරන්නට පිටගම්වලින් ඇවිත් පරදින සුදුකාරයෝ අතේ කරේ තියෙන මුදු මාලද එහෙම නැති අය පැදගෙන එන සයිකල්ද උගස් තියා ඒවාද පැරදී හිස් අතින් ගෙදරයන දර්ශනය නිතරම දකින්නට ලැබේ. අතේ තිබු සල්ලි ඉවරවූ පසු ණයට අරගෙන ඒවාත් පැරදී පස්ස පැත්තේ අත පිහදාගෙන හිස් අතින් ගෙදර යන්නට නැගිට්ට එකෙක්
ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක්ද යකෝ...
කියා උජාරුවට කිව්වත් ඒ කියන්නේ තරමක හිතේ අමාරුවෙන් බව දකින කෙනෙකුට පෙනේ. තවත් එකෙක් දවසක්දා අතේ තිබ්බ සබ්බ සකල මනාවම ඉස්කෝප්ප ආසියාට ඔට්ටු අල්ලා පරාදවූ පසු ඇඳගෙන හිටපු සරම ඉහලටම උස්සා වටයක් කැරකී
මේං බලාගනියවු ඉස්කෝප්ප ආසියා...
කියා මුළු බුරුපොලටම මැජික් පෙන්නා කුණුහරුපයෙන් බනිමින් යන්නට ගියේය. අවුරුදු බුරුපොල කියා සූදු කෙළිය පටන් ගත්තට අවුරුදු ඉවරවුනත් නොනවතින බුරුපොල බක් මාසය අවසන්වී වෙසක් මාසයටද පාතබයි. මේ වනවිට අවුරුද්ද නිසා පොලීසියෙන් ලැබෙන සහන කාලයද අවසන්වී ඇති බැවින් පොලිසියද ක්‍රියාත්මක වන්නේ කොහොම හරි බුරුපොල වටලන්නටය. පාරෙන් ආවොත් බුරුකාරයන්ට පෙනෙන නිසා පොලිසිය කරන්නේ ගමේ අනික් පැත්තෙන් ඇවිත් ජීප් එක තුංමං හංදියේ නවත්වා අඩිපාරෙන් හොර රහසේ ඇවිත් බුරුපොලට කඩා වැදීමයි. අල්ලගන්න ලැබෙන බුරුකාරයන් රොත්තම කුදලා ගන්නා පොලිසිය බුරුපොලේ තියෙන පැදුරු අකුලා බුරුකාරයන්ගේ ඔලු උඩ තියාගෙන පොලිසියට ගෙනයන අතර දුවලා බේරුන කීපදෙනා හැති අරිමින් දෙයියන්ට පිං දිදී ගෙවල්වලට යති.
පොලිසි ගෙනිච්ච උන් ඇප ලැබී ආපහු ඇවිත් එහෙම නැවත බුරු ගැහිල්ල පටන් ගන්නේ කලින් වගේ උත්සවාකාරයෙන් එළිමහනේ නොව කාගෙ හරි ගෙදරකට වී බොහොම හොර රහසේය. ඒ ගෙටත් පොලිසියෙන් පනිනතුරු සෙල්ලම ජයටම කෙරීගෙන යයි. අපේ ගම් පළාතේ බූරුපොළවල්වල ඔට්ටු අල්ලන්නේ අග මුල කියලාය කුට්ටම අතැතිව කොළ දෙගොඩ ගසන්නා මුලය කුට්ටම කපා කොලය ඉල්ලපු එකා අගය. අපේ ගම්වල එහෙම උනත් වෙන පළාත්වල විශේෂයෙන් දකුණු පළාතේ සූදු සෙල්ලම කරන්නේ ඉල්ලුවා ගැහුවා කියාය. එතනදී කුට්ටම බෙදන එකා ගැහුවා වන අතර කුට්ටම කපපු එකා ඉල්ලුවාය. ඔය වෙනස්කම නිසාම රෙදිමෝලේ වැඩට ඇවිත් හිටපු දකුණු පළාතේ ගොඩක් බූරු ක්‍රීඩකයන්ට මුලදී තරමක අපහසුතාවක් ඇතිවුණත් අප්‍රතිහත ධෛර්යයෙන් ඒ බාධකය ජයගන්නට ඔවුන් සමත්වුන බව කවුරුත් දැනගත්තේ අපේ ගම්වල අයත් එක්ක දකුණේ අය හරි හරියට සෙල්ලං කරන විටදීය.
ඔහොම කාලයක් ගිහිං පොඩි අපි උස මහත්වී ඉලන්දාරින් වෙච්ච කාලයේ අලුත් අවුරුද්දට අපේ ගමේ මොකුත්ම නොතිබීම ගැන කම්පාවී අපි හදාගත්ත සමගි ක්‍රීඩා සමාජය එක්ක තරඟ කරන්නට ගල්බොරැල්ලේ ප්‍රගති ක්‍රීඩා සමාජයට ආරාධනා කර අලුත් අවුරුද්දේ එල්ලේ තරඟ පවත්වපු ආකාරය මම මීට පෙරද ලියා ඇත්තෙමි. ඒ ක්‍රීඩා සමාජයත් එක්ක එල්ලේ ගැහිල්ල අවුරුදු තුන හතරකින් අභාවයට ගියත් එල්ලේ ගැහිල්ල නැතිවෙන්නට නොදී අවුරුද්දට කරන විවාහක අවිවාහක එල්ලේ තරඟයක් ලෙස පවත්වා ගන්නට හැකිවිය. හාපුරා කියා අපේ ගමේ අලුත් අවුරුදු උත්සවයක් හෙවත් බක්මහ උළෙලක් ආරම්භ කරන්නට අවශ්‍ය ගැම්ම ලැබුණේ මෙන්න මේ විවාහක අවිවාහක එල්ලේ තරඟයෙන් පසුවය. බක්මහ උළෙලක් ආරම්භ කළත් එල්ලේ තරඟය නැතිවන්නට නොදී බක්මහ උළෙලට පෙර එයද පවත්වා ගන්නට කටයුතු කළෙමු. හැබැයි මේ හපන්කම් ඔක්කොම කළේ බක්මහ උළෙලක් පවත්වා ගන්නට හෝ එල්ලේ තරඟයක් පවත්වා ගන්නට හරිහමන් ස්ථානයක් නොමැතිව වීම විශේෂයකි. මුලින්ම අපි එල්ලේ තරඟය සහ බක්මහ උළෙල තිබ්බේ පෝටවත්තේය. ඒ වත්ත කෑලි කඩා බෙදාගත් පසු තැනක් නැතිවුන අපි වෙළට ගිහිං වෙලේ ක්‍රීඩා කළෙමු. වෙලේ වතුර පිරී තියෙන කාලෙට බක්මහ උළෙල පාරේද පවත්වා තිබේ.
අපේ ගමට පිට්ටනියක් ලැබුණේ ඊටත් පස්සෙ කාලෙක හෙවත් අනුපහේ දී වගේය. ඊට පස්සෙ නම් හැමදේම හරිම පහසුය පිට්ටනියක්ද වේදිකාවක් සහිත ක්‍රීඩාගාරයක්ද තියෙන නිසා කරන්නට තියෙන්නේ තරඟ සංවිධානය කර පවත්වන එක විතරය. ඒත් අබුද්දස්ස කාලෙක හැටිද මංදා දැන් ඉන්න තරුණ පරපුර ඒ වැඩ ටික කරන්නටත් තරමක කම්මැලිය. වැඩක් පටන්ගන්නට සල්ලි ගොඩක් අවශ්‍යය ඒත් අපිනං ඔය වැඩ පටන්ගත්තේ අතේ සතේ නැතිව හිතේ හයියටය. ඒත් අපි ආරම්භකළ බක්මහ උළෙල අපි කවුරු නැතත් ඉස්සරහට යනවා දකිනවිට සහ ගහට පොත්ත මෙන් බක්මහ උළෙල ගමට බද්ධවී ඇතිබව පෙනෙන විට සියුම් ආඩම්බරයක් හිතට දැනේ. බක්මහ උළෙල ආරම්භ කරපු හැටි සහ අවුරුදු විසිගානක් සංවිධානය කරපු බක්මහ උළෙලේ රසකතා කියන්නට නම් වෙනම පෝස්ටුවක් අවශ්‍යය ඒත් එක කතාවක් කිව්වොත් හොඳයි කියා හිතෙන්නේ ඒ කතාවට බූරු ක්‍රීඩාවද සම්බන්ධවී ඇති නිසාය.
බක්මහ උළෙල පවත්වන්නට අපට ගමෙන් ලැබෙන ආධාර ටික ප්‍රමාණවත් නැති නිසා අපේ ක්‍රීඩා සමාජයේ අතමිට තියෙන සාමාජිකයන්ගෙන් වෙනම ලොකු ලොකු ගණන් එකතු කරන්නට කටයුතු කළෙමු. ඒ වුනත් ලැබුණු මුදල සෑහුනේ වියදමට පමණකි ක්‍රීඩා සමාජයට කිසිම ඉතිරියක් නොවීය. මේ ගැන කල්පනා කල අපි බක්මහ උළෙල වෙලාවේ යම් යම් තරඟ කීපයක් හඳුන්වා දුන්නේ වැඩිපුර කීයක් හරි හොයාගන්නටය. බෝතලයට වළල්ල දැමීමේ තරඟයත් ඒ තරඟවලින් එකකි. ඒ තරඟය හේතුවෙන් වියදමට වඩා වැඩිපුර මුදලක් හැම අවුරුද්දේම එකතු කරගන්නට හැකිවුණේ බෝතල් හිඟ අලුත් අවුරුදු සමයේ කවුරුත් පාහේ බෝතලයක් ලබා ගන්නට තරඟ වැදුනු නිසාය. ඒ මට වර්ෂය මතක නැති එක්තරා බක්මහ උළෙලක් පැවැත්වෙමින් තිබු දවසකි. සුපුරුදු පරිදි ක්‍රීඩා පිටිය අයිනේ මහ කොස්ගහයට බෝතලයට වළල්ල දැමීමේ තරඟය ආරම්භ විය. මුලදී ලොකු ජන සහභාගිත්වයක් ඇතිව තරඟය පටන් ගත්තත් ටික වෙලාවකින් තරඟයට මැස්සන් ඇහිරෙන්නට වුයේ තරඟකරුවන් නොමැතිවීම නිසාය. මොන තරඟයට අඩුවුනත් මේ තරඟයට තරඟකරුවන් අඩු නොවන නිසා මෙහි යම්කිසි අසාමාන්‍ය බවක් අපට පෙනෙන්නට විය. පොඩි හෝදිසියක් කර බැලු විට වෙලා තියෙන දේ පැහැදිලිව දැනගන්නට හැකිවිය. ආරියා ගෙදර බූරු පිටියක් පටන් අරගෙනය බෝතලයට වළල්ල දමන තරඟකරුවන් රොත්තම ආරියාගේ බූරු පිටියට ගිහින්ය.
ආරියා මේ වැඩේ කරන්නට ඇත්තේ වැඩිදුර නොසිතා උනත් උගේ බූරුපොළ නිසා අපේ බක්මහ උළෙලට ලැබෙන ලොකු ආදායමක් අහිමිවී යන එක දරාගන්නට බැරිය. බූරුපොලේ ඉන්න අය ආපහු පිට්ටනියට ගෙන්නා ගන්නට අම්මෙ මුත්තෙ කිව්වත් බැරිය. අපි කීපදෙනෙක් පොඩි සාකච්ඡාවක් කර තීරණය කළේ ආරියාගේ බූරුපොළ කඩාකප්පල් කරන්නටය. කරන්නට යන දේ ගැන කාටවත් නොකියා අපි හතර පස් දෙනෙක් ආරියාගේ ගෙදරට ගිහිං බූරු කුට්ටමත් විසිකර බූරු කාරයනුත් එලවා දමා ආරියාගේ බුරුපොළ එහෙම පිටින්ම කඩාකප්පල් කෙරුවෙමු. අපි ගෙට කඩාවදින විට හොඳටම බීමත්ව තෝං එකතු කරමින් සිටි ආරියා මුලදී පුදුමයෙන් බලා සිටියත් වෙන්නට යන දේ ටික ටික තේරෙන විට මාරාවේශවී කෑ ගසමින් උඩ පනිමින් අපට කරාටි ගහන්නට වුනත් බීමත්කම වැඩි නිසාම ඌට නිසි එල්ලයට කරාටි ගහගන්නට බැරිවිය. අපි ආපහු බක්මහ උළෙලට ආවේ හිනාවෙමිනි.
කොහොම උනත් ඊට පහුවදා හොඳ සිහියෙන් මා මුණගැහුණු ආරි මට කීවේ බීමත්ව වැඩිදුර නොසිතා බූරු ගැහිල්ල පටන්ගත්තත් ගමේ වැදගත් උත්සවයක් පැවැත්වෙන වෙලාවේ ඒ කරපු වැඩේ හොඳ නෑ කියා පසුව තේරුණු බවය. ගෙදරට ආ වෙලාවේ ගහන්න බනින්න ගිය එක ගණන් ගන්න එපා කියාද ආරියා කීවේය. ගෙදරකට පිට උන් ඇවිත් චන්ඩිකම් පෙන්වනවිට කාටත් තරහ එන බවත් එහෙම වෙලාවට ගහන්න බනින්න පෙළඹීමක් ඇතිවීම සාධාරණ බවත් කියා මම ආරිව අස්වැසුවෙමි. ආරියා එවන් සුන්දර මනුස්සයෙකි හිටපු ගමන් ගහ බැන ගත්තත් මැරෙන තුරුම ආරි මගේ හොඳම මිත්‍රයෙක් වී සිටියේය.
ආරි කරාටි ගහපු බව කීව නිසා ඒ ගැනත් යමක් කියන්නට හිතේ. රෙදිමෝලේ වැඩට ඇවිත් වැඩි කලක් නොගිහින්ම ආරි තමන්ගෙ යාළුවො කීපදෙනෙකුත් කතාකරගෙන ටවුමේ කරාටි පංතියකට යන්නට පටන් ගත්තේය. මාසයක් හමාරක් පංතියට යද්දී මුට කරාටි උණ ඉහට ගැහුවේය කෙනෙක් එක්ක කතාකරද්දී වචනයක් වැරදුනත් මු කෑ ගහගෙන කරාටි ගහන්නට එයි. ඔය තිලක් අයියා අපේ ගෙදර හිටපු කාලයයි එකල වෙනුජලා චූ කොල්ලන්ය. වැඩ නැති දවස්වල හවසට ආරි අපේ ගෙදර එන්නේ තිලක් අයියා හමුවෙන්නටය ඒ කයියක් ගහන්නටත් අතමිට සෑහුනොත් අඩියක් ගහන්නටත්ය. දවසක්දා ඔය විදියට ආරි අපේ ගෙදර එනවිට තිලක් අයියා බඩත් එළියේ දාගෙන පඩිය උඩ ඉඳගෙන හිටියේය. ආරි ඇවිත් තිලක් අයියාත් එක්ක කතාව පටන් ගත්තේය.
දැන් කොහොමද ඔහේගෙ කරාටි පංතිය එහෙම...
තිලක් අයියා ඇසුවිට ආරිගේ මුහුණ පුරා පුළුල් සිනාවක් පැතිරුනේය. ඒ කාලෙ ආරි කතාකරන්න ඊට වැඩිය කැමති මාතෘකාවක් නැත. ඌ අලුත් පංතිය ගැනත් කරාටි මාස්ටර් ගැනත් විස්තර කියාගෙන ගියේය.
කොටින්ම බ්ලැක් බෙල්ට් එක ගන්න තුරුම උගන්නනවා කිව්වා...
ඊළඟට තිලක් අයියා ආරිට කතාකළේ මුහුණ බැරෑරුම් කරගෙනය.
ඔන්න ඔතනදි නං බොහොම පරිස්සං වෙන්න වෙයි පුතෝ...
තිලක් අයියා ආරිට කිව්වේ දබරැඟිල්ල දික් කරමිනි ආරි බලාගෙන සිටී.
ඒ මොකක්ද පරිස්සං වෙන්න තියෙන කාරණේ...
පරිස්සං වෙන්නෙයි කිව්වෙ ඔය බෙල්ට් ගනිද්දී, බොලා වගේ නොදන්නා උන් ගියාම කඩකාරයො බොලාව රවට්ටල හොඳ ලෙදර් බෙල්ට් කියල බාල රෙක්සින් බෙල්ට් ඇඟේ ගහනව තේරුනාද...
ආරියා තිලක් අයියා දෙස කටත් ඇරගෙන බලා සිටී. හිනාව තද කරගෙන හිටපු මට තවත් ඉන්නට බැරිය මම ගේ ඇතුළට ගියෙමි.
ඒ හින්ද බ්ලැක් බෙල්ට් ගද්දි බොහොම පරිස්සමෙන්, ඔහේට ඕන්නං මම දන්න තැන් දෙක තුනක් කියන්නං ඒ අහ ගිහිං මගෙ නම කිව්වනං සලකයි...
ආරිගේත් තිලක් අයියාගේත් කතාව දිගින් දිගට ඇදීයද්දී මගේ ඉල බැරන්ද රිදෙන්නට ගත්තේ හිනාව නවත්වා ගන්නට බැරුවය෴
1
ReplyDeleteඇනෝලත් එක වෙන්න සීට් අල්ලනව නෙ අම්මපා...
Deleteඔය ඌ පස්සෙ එන්න තැන අල්ලලා යනවනෙ බං.
Deleteබලපන් හැලපේ උඹට තියෙන ඩිමාන්ඩ් එක..අප්පට සිරි ආරි!!!!!
Deleteඅරුණ,
Deleteඒකනෙ බං.ආරියා ගැන ලියනකොට කවුරුත් එන්න ආසයි.
හැලපේ අපිට අපි හැලපෙට............
Deleteඅ
ReplyDeleteපි
හදාපංකෝ.. ඉස්ලෙල්ලම
හැක් හැක්.. ඔය දකුණූ පළාතේ ඉන්න ඔක්කෝම බුරු කිරිඩකයෝ තමා..
Deleteඅපේ පැති වල නං බං අවුරුද්දට බුරු ගහන බව අපි දන්නේ පුස් සයිකල් වල හෙමිජිජා වගේ එන ගස්ගියෝ නිසයි.. නැත්නං සද්ද නැහැ..
අර ඉවාන් එක්සයිස් කරේ උඹලට පස්සේ ලැබිච්චි ග්‍රවුන්ඩ් එකේ වෙන්ටැති. එක පාරක් පිංතුරයක් දැම්මේත් ඒකෙ නේද??
දකුණු පළාතෙ ඉන්න වැඩිහිරියක් බූරුවො තමයි මේ උඩිං කොමෙන්ට් කරල තියෙන එකා වගේ. හැක්..
Deleteදකුණු පළාතේ හුළගක් හෝ වැදි ඇත් යමෙකු වේද ඔහු මට භයංකර අයෙකි..
Deleteමොකක්ද බොල දූශකයො කියන්නේ මේ ?
Deleteහැක් හැක්. ඔය ප්‍රසාගේ අයියා ඉන්නේ දකුණු පළාතේ වැලිගම කොනකලු නෙහ්.
Deleteඅපි නොදන්න දකුණ. හැක්..
Delete//ඔය දකුණූ පළාතේ ඉන්න ඔක්කෝම බුරු කිරිඩකයෝ තමා..// මේවා සහගහන කථා බොලව්. වමෙන් ගියත් අපි දකුණේ හරිය !!!
Deleteමේ දාල තියෙන්නෙත් ඒ ග්‍රවුන්ඩ් එකේ ගත්ත පින්තුරයක් බං.ඉවාන් එක්සයිස් කළා කියල දන්නෙත් උඹ කියපුවමයි.
Deleteඉස්ලෙල්ලම කියන්නෙ මොකක්ද බං.අපි අහළ තියෙන්නෙ නිකම්ම ලෙල්ලම ගැන විතරනෙ.
Deleteබුරු ගහන්න නොගියත් එක පාරක් ආසවට බූරු පොලක් පැත්තකට වෙලා බලං හිටිය මොකද්ද මේ වේනෙ කියල ඕක කොහෙම හරි අපේ ගෙදර ඇත්තන්ට ආරංචි වෙලා තියෙන්නෙ මං බුරු ගහව කියල. බූරු පොලටම ඇවිත් නෙලුව නේද නෙලිල්ලක් හම්මේ මතක් වෙද්දිත් ඇඟ රිදෙනව වගේ හිහි..
ReplyDeleteතිලක් කියන්නෙ හොන සොමි පොරක් වගේ හිනා කාල මැරෙනව හැක්
පොලෝසියෙන් පැන්නොත් ගැහුවයි බලාහිටියයි කියල නෑ බොල.
Deleteඔහොම බූරු ගැහුව බලාහිටියයි කියල ගෑනු මනුස්සයෙක්ගෙ රෙද්ද අස්සෙ රිංගපු අපේ ප්‍රසිද්ධ අයිය කෙනෙක්ගෙ කතාවක් මෙතන තියෙනව
ඒකෙ අනික් කොටස හොයාගන්නෙ කෝමද ප්‍රසා
Deleteහොයාගන්නම බෑනෙ අඩේ ටොප් ක්ලාස් ඉස්ටෝරිය
හැක්
ඇයි බොල ඒකෙ අන්තිමට තියෙන්නෙ අනිකට යන ලිංක් එක.
Deletehttp://www.liyanna-liyanna.blogspot.com/2011/11/blog-post.html
http://www.liyanna-liyanna.blogspot.com/2011/11/blog-post_13.html
තිලක් අයියා ආරියා වගේම මාවත් බයිට් එකට ගන්නවා.ඒ උනාට වැඩියම අහුවෙන්නෙ ආරියා.දැන් ඒ දෙන්නම මට නෑ.
Deleteආරිය කියන්නෙ හොඳ පොරක් වගේ. බොලාල ගෙදර ගිහිල්ල ඌට සත්තම දැම්මත් අන්තිමට කරපු වැරැද්ද තේරුං අරං කතා කරපු එක ලොකු දෙයක්.
ReplyDeleteමේ ගමනනං මෙහේ අවුරුදු උත්සව දෙකක් ම තියෙනව එකකට එකක් ගේමට.
ආරිය ගැන මම මීට කලින් පෝස්ට් කීපයක්ම ලීවා උඹට අමතක වෙන්න බෑ.ඌ ගැන සම්පූර්ණ විස්තර ඒ පෝස්ටු වල තියෙනව.
Deleteඅවුරුදු උත්සව දෙකක් ගේමට තියේනං තෑගී එහෙම හොඳවේවි එකකට එකක් නොපරදින්න.
අපේ පැත්ත අග මුල කියනව වගේම "මේ දාහත් ගැහුවා" කියල කියනවා, ඒකෙ තේරුම කුට්ටම අනන කෙනා ගහනවා කියන එක...
ReplyDeleteහරි සුන්දර ක්‍රීඩාවක් නොවැ බුරු කියන්නේ, හෙහ් හෙහ්...
තිලක් අයියගෙයි ආරිගෙයි දෙබසේ ඉතුරු ටිකත් දැම්මනම් බොට හෙණ ගහනවද බං හැලපයියේ...
සුන්දර ක්‍රීඩාවක් කියන්නෙ බං හරිම සුන්දර ක්‍රීඩාවක්.
Deleteඑහෙම එක දවසට ඔක්කොම දාන්න බෑනෙ මල්ලි ඉස්සරහටත් ඉතුරු කරගන්න එපැයි.
අවුරුද්දට නෑගම් ගියා අප්පච්චිගෙ ගමට හැලපෙ. එහෙ එහා වත්තෙ හැම සැරේම බූරු පොලකුයි, කැට පොලකුයි යනව හරි සාරෙට. මේ වතාවෙ එළිපිටම යන ගෑණු කෙනෙකුත් දැක්ක කියන්නකො. ත්‍රී ක්වාටර් කලිසමක් ඇඳල, කොණ්ඩෙ ටින්ට් කරල... කතාවටනං කියවුණෙ පුරුද්දටම කරන කෙනෙක් කියල.
ReplyDeleteපස්සෙ දැනගත්ත, එතන සල්ලි ඔක්කොම දිනාගෙන ගියයි කියල.
මං බලාගෙන එයා ආපහු යද්දි මනුස්සයෙක් බැගෑපත් වෙවී සල්ලි ඉල්ලනව ණයට, තව ටිකක් ඉඳල සෙල්ලං කරල එන්නං කියල.
//දකුණු පළාතේ හුළගක් හෝ වැදි ඇත් යමෙකු වේද ඔහු මට භයංකර අයෙකි..// මටත් ඒම තමයි දේශක.. හික් හික්. අවුරුදු 4යි කැම්පස් එකේ උන්නෙ.
ෂා එයා නියම ෆෝවඩ් ගෑනු කෙනෙක් නොවැ.මෙච්චර වයස ගිහිං මම තාමත් ගෑනු බූරු ගහනවා දැකල නෑනෙ.ඔය පත්තර වල එහෙම කියෝල නං තිබුනට දැකල නෑ.
Deleteඅපි නං "දිනුව" "පරාදයි" කියල ඔට්ටු දාන්නෙ.
ReplyDeleteඑහෙමත් කියනව.දිනුව කියන්නෙ කොලේ ඉල්ලන එකා නේද.
Deleteඔව්.
Deleteමේ අවුරුද්දෙත් ගමේ ගේ ගාවම බූරූ පොලක් නැගලා ගියා අවුලක් නැත්තේ රාජන් මහත්තයෙකුත් වැඩේට සෙට් වෙලා උන්න නිසා... පොර ඉන්නේ ගමේ පොලීසියේ නූනට... ගමේ වගේම පොලීසියෙත් ජනප්‍රියයි... හෙට අනිද්දා පැන්සොන් යන්න ඉන්නේ.. ඒ ගියාම ගෙදරම වැඩේ කොරනවා කිව්වේ...
ReplyDeleteනීත්‍යානුකුලවම බූරු ගහන්න ලැබෙන එක මොන තරං වාසනාවක්ද.ගෙදර පටන් ගත්තම බලපංකො සෙනග එන එක නවත්තන්න බැරි වෙයි.
Deleteබූරු ගැහිල්ලයි , කට ගැහිල්ලයි අපිත් ඔය කාලෙට ජයටම කරනවා . වැඩේ තියෙන්නේ දැන් උං හැම එකාම එක එක තැන්වල. එකතු කරගන්න තියන අමාරුව බැලුවම බූරු ගහලා පොලිසියෙන් බෙරෙන එක ලේසියි
ReplyDeleteආ.. ලව්පුස් තෙමේ..
Deleteකට ගැහිල්ලනං බොලා දැනුත් කරනවයි කියල අපි දන්නව හිටං.
Deleteඅපේ ගමේ නං මේ දෙකම අභාවයට ගිහිං නිසා දැන් ගම පාලුයි.
Deleteදේශ්,
Deleteඌ තෙමෙන්නෙ වැස්සට අහුවුනාද බං.
ප්‍රසා,
Deleteඔව්නෙ,මේ ළඟදිත් ඌ මොකද්ද සම්මාන වැඩකදී කට ගැහුව නේද.
තෙමේ ???
Delete(ලව්)පූසා තෙමේ?
Deleteඅපුරු මතකයන්.. ඇත්තටම ආරි අගෙයි තිලකෙ අයියගෙයි ඉතරු දෙබස දාන්නනේ තිුනේ.. මරු කතාව ඒක..
ReplyDelete//දකුණු පළාතේ හුළගක් හෝ වැදි ඇත් යමෙකු වේද ඔහු මට භයංකර අයෙකි..//
එකෙන්ම එකඟයි..
හැබෑට නිර්මාණි. අර කොටු කරපු කෑල්ල පෝස්ට් එකේ තිබ්බ එකක්ද? නැත්නං නිර්මාණි පෝස්ට් එක කියල හිතාගන්නේ කමෙන්ට් එක්කම පෝස්ට් එකද??
Deleteඉතුරු හරිය මතුවට ඉතුරු කරගත්තා නිර්මාණි.දුක් වෙන්න එපා ආයෙම කියවන්න ලැබෙයි.
Deleteබෝතලේට වලල්ල දාන සීන් එකනන් අපේ පැත්තෙ නැගලම යනව....බෝතලේ බියර්,ගල් වගේ නන් සෙනග වැඩී...හැක් හැක්...
ReplyDeleteවළල්ල දාලා දාලා දැන් හැලපයියාගේ වළල්ල ගහ මුලලු.
Deleteඅපේ බක්මහ උළෙලේදී තියන්නෙ ගල් බෝතලයයි බියර් බෝතලයයි මොනවා හරි පැණි බීම බෝතලෙකුයි.ඒ නිසා සෙනග ඕනෑ තරං.
Deleteඇනෝ,
Deleteමොනා කරන්නද බං සුළුපටු කාලයක්ද.
//වෙද මහත්තයගේ කසිප්පු ව්‍යාපාරයද නැගලා යයි. //
ReplyDeleteආයුර්වේද කසිප්පු.
තරල සාරය.
Deleteමනුස්සයට ගමේ වෙද මහත්තය කිව්වට මිනිහ කරපු වෙදකමක් නෑ.පූර්ණකාලීනව බූරු ගැස්සෙව්වා කසිප්පූ වික්කා.
Deleteබූරු ගැහිල්ල අපේ ගමේත් මේ විදියටම සිද්දවෙනවා. එයිට අමතරව මලගෙවල්වලත් සිදුවෙමින් පැවතියා.නමුත් තරුණ පිරිසගේ දැඩි විරෝධතා නිසා දැන් මලගෙවල්වල පිළිකන්නේ බූරු ගැහිල්ල නැවතිලා.
ReplyDeleteවෘතීය විදියටම ඕකට වාහනයක් හයර් කරගෙන සුදු සරමයි ෂර්ට් එකයි ගහල එන බහින ඩයල් සෙට් මං දැකල තියනව බං නලින් අයියෙ..සෙට් එකක් උන්නා කඳාන ලයින් එකේ..වෙන්නප්පුවෙත් හිටියා
Deleteඅපේ ගමේ මළගෙවල් වලත් කාලයක් බූරු ගැහිල්ල සරුවට තිබුණා.නමුත් පස්සෙ කාලෙකදී කොල්ලො විරුද්ධ උනා.
Deleteපත්තරේ,
Deleteඒ නං කෙළින්ම වෘත්තීමය සුදුකරුවෝ.ඒ අය බූරු ගහන්න හැම තැනම යනවා.
අපේ ගෙවල් පැත්තේ මළගෙදරකවත් බුරු පොලක් තියෙනවා මම දැකලා නැහැ හැලපයියේ. ආන්න ඒ වගේ පළාතක තමයි අපි ඉන්නේ.
ReplyDeleteඅපෙත් අවුරදු උත්සවයක් කරනවා.එත් පිට්ටනියක් නැහැ.අහිගුන්ටකයෝ වගේ තැන් තැන් වල තමයි කරන්නේ.
මනෝජ් ලගෙ පැත්ත ටවුමනෙ.ඒ නිසා ඔය වගේ ගම්වල කෙරෙන වැඩ ටිකක් අඩුයි.
Deleteඅපිත් කාලයක් අහිකුන්ටිකයෝ වගේ තැන තැන බක්මහ උළෙල තිබ්බා.
උඩ ෆොටෝවෙ හැටියටනං බෝතලේ ගන්න බලාගෙන ඉන්නෙ පොඩිඋං ටිකක් වගේ.
ReplyDeleteනෑ බං ඒ තරඟ ආරම්භයට පෙර එතන ඉන්න සංවිධායක මණ්ඩලය.
Deleteකිව්වත් වගෙ. බ්ලැක් බෙල්ට් ගන්නවනං, පිටකොටුවෙ පේමන්ට් එකෙං ගන්න කියහං අයියෙ... හෙණ අඩුවට ගත්තෑකි.
ReplyDeleteබෙල්ට් එකේ ගාන අඩු උනාට බං හිලකට සෑහෙන ගානක් ගන්නව.
Deleteහිල් නං ඩිංගක් ගණං තමා :D
Deleteඩ්‍රැකියට හිල් ඕනෙ නැති නිසා බං ලාබෙට ගන්නෙ.
Deleteඅපිට නම් හිල් නැතුව බෑ මනේ !
මොනවා කියනවද බං…
Deleteබෙල්ට් එක නැතත් හිල් ටික ඕනැ :D ඕ යේස්
ඒක තමා පිටකොටුවෙ පේමන්ට් එකෙන් ගත්තනං කිසි කරදරයක් නෑ.
Deleteප්‍රසා,
Deleteපිටකොටුවෙ හිල් එච්චර ගණන් ද බං.
පත්තරේ,
Deleteඋඹත් එහෙනං ගණන් හිලව් දන්නව ඈ.
පත්තරෙයො,
Deleteබෙල්ට් එක එපා කියහං. හිල්ටික විදගං උඹෙ බඩ වටේට...
සෑමො,
Deleteඑක හිලක් ඇති බං. ඩියුලක්ස් වන්ස් වගේ තමයි. ඕයේස්...!
ප්‍රෙසා්,
Deleteමං හිල් විදගන්නෑ. ගෙදර ඇවිත් බෙල්ට් එකේ ගාංචුව ගළෝල බෙල්ට් එක කොටකරගන්නව ඕනෙ ගානට. ඒක තමයි හරි ක්‍රමය... මං ගාව තියෙනව ගාංචුවක්, දෙපැත්ත කරකවන්න පුළුවං. පාට දෙක දෙපැත්තට තියෙන බෙල්ට් එකක් ගත්තම, බොහොම ලේසියෙං දෙපැත්ත මාරුකරන්න පුළුවං.
ඉස්සර මම මොන්ටිසෝරි යන්නටත් කලිං වැව් කන්ඩිය පේන තෙක් මානෙ තැනක තමයි බූරු පිටිය තිබුනෙ..වැව් කන්ඩිය උඩින් තමයි පාර..එතකොට වැව් කන්ඩිය උඩින් එන පොලිස් ජිප පේනවා නේ.. හුකා ගෑවෙන්න උ්න අනික් පැත්තෙන් ආවනේ.. මාවත් උස්සගෙන අපේ අයියෙක් දිව්වා දිවිල්ලක්.. හප්පා.. අපි එතකොට ලොතරයි ගගහා හිටියෙ..
ReplyDeleteපොලිසිය පනින්නේ නොහිතන විදියටයි.බූරු පොළවල් ළඟ ඕනෑතරම් රස්තියාදු ගහල තිබ්බත් කවදාවත් මාව පොලිසියට අහුවෙන්න ගිහිල්ල නෑ.
Deleteමම ඔය බුරු පොලක් දැකල නෑනේ... මල ගෙවල් වලදී එහෙන් මෙහෙන් ඇහැ ගැටිලා තිබුනට හරියටම සිද්දිය වෙන විදිය ගැන අදහසක් නෑ..
ReplyDeleteපැතුම්....අපිට දවසක එන්න කියන්නකෝ.....බූරු ගහන්න, අස්සයෝ අල්ලන්න. කුකුලෝ කොටවන්න ඕන එකක්....ගෙදර සත්තුවත්තක් කරලා දෙන්නම් ඕන්නම්.අයියෝ පොඩි කේස් එකක්නේ :
Deleteකිව්වත් වගේ අපි කට්ටියට එන්න කිව්වනං වැඩේ කරලම පෙන්නලා උගන්නල යන්නං.
Deleteරසබර මතක සටහන්. දැන්නම් මේවා අභාවයට ගිහින්. තවමත් කෙරෙන පැතිත් තියනවා බොහොම සුළු පරිමාණයෙන්.
ReplyDeleteඅපේ ගම්වල කොහෙත්ම කෙරෙන්නෙ නෑ.මළගෙවල් වල කරන්න ගියත් තරුණයො විරුද්ධ වෙනවා.
Deleteබෙල්ට් ගැන කිව්ව නිසා මතක් වුනෙ. අපෙ එකෙක් ඉන්නවා උගෙ වැඩේ මාසෙකට සැරයක් බෙල්ට් එකක් ගන්නවා. නැත්තං යාලුවෙක්ගෙ ගෙදරට ගොඩ වෙලා හරි බෙල්ට් එකක් දාගෙන වැඩට යනවා.
ReplyDeleteමොකද ඌට උදේ වැඩට එද්දි බෙල්ට් එක අමතක වෙන නිසා.
උගෙ ගෙදර බෙල්ට් ගොඩගැහිල ඇති නේද.
Deleteරස මතක උනාට හැළපෙ ස්ටයිල් එක ටිකක් අඩුවෙලා වගෙ බං.
ReplyDeleteඔය බූරු ගැහිල්ල බහරේන් වලත් අපේ උන් ජයට කරා. ඒ බූරු පොළට යන්නෙ නිකන් නෙයිනගෙ පොට් එකට වගේ, තට්ටු හතක් උඩ බිල්ඩිමක, කාමර තුනී ෆ්ලැට් එකක සාලෙ ඉන්න උන් හරහ ඇතුලෙ කාමරේකට යන්න ඕන ගේමට. හදිසියෙ හරි සැක සෙට් එකක් ආවොත් ඔත්තු දෙන්න වෙනම බුවාල ගෙවල දාල උන්න එලියෙ. මාර සල්ලියක් එතන තිබ්බෙ. ඇයි බන් එක කොළයක් රුපියල් වලින් තුන්සිය පනහක්නෙ
ඕක ඔමාන්වලත් තිබුනා බන්. ලංකාවේ චොර සෙට් එකක් හිටියා උන් තමයි කරේ. සමහරු මාසේ අන්තිමට ගෙදරට සල්ලි යවාගන්න බැරුව එනවා දඩේ දාගන්න. පව්. බූරු විමලේ කියලා එකෙකුත් හිටියා.
Deleteස්ටයිල් එක අඩුවුණේ එච්චර වටේ ගිය නැති නිසා වෙන්නැති බං.
Deleteඒ සෙල්ලම් වලින් පසු ගහ මරා ගැනීමත්ය. ............ we are so violent
ReplyDeleteඔව් ඔව් ගහ මරා ගැනිල්ල අඩුවක් නැතුව තිබුණා.
Deleteකරාටේ පන්ති ත් දැන් අභාවයට යමින් පවතී. අතපයට වඩා ආයුද ෂුවර් කියලා දැන් පොඩි උන් හිතනවා ඇති අයියේ. උබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
ReplyDeleteඇත්තටම දැන් කරාටේ පංති නැති තරං.
Deleteරාවනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
මහා බක්මහ උළෙලවල්.. අවුරුදු කුමාරි තරග වල එහෙම හොඳ අත්දැකීම් ඇතිනෙ.. එව්වත් කියන්ටකො අප්පා..
ReplyDeleteජයවේවා..!!
අපොයි ඔව් මොකද නැතුව.ටික ටික ලැබෙන හැටියට කියන්නං.
Deleteඋඹේ ආරියා ගැන මට තියෙන්නේ බොක්කෙන් එන කැමැත්තක්. ඒවගෙ එවුන් අඩුයි. හැලපෙ උඹේ මේ කතා ඇතුලේ තියෙන්නේ පොලවේ පය ගහලා හිටපු මිනිස්සුන්ගේ තොරතුරු. ගමද, නගරයද කියලා නැහැ මටත් හරිම සමීපයි. උඹ රහට ලියන නිසා පපුවට තේරෙනෙවා. ආපහු හිතන්න ඕන නැහැ.
ReplyDeleteමට හිතිච්ච දේ මූ (අරූ) ලියලා.....!
Deleteඔව් මචං.ඒ වගේම ආරියා අකාලයේ නැති වුන එක ගැනත් මට තියෙන්නෙ පුදුම කණගාටුවක්.ඌ මෙච්චර කාලයක් හිටිය නං තව මොන තරං ආතල් දේවිද කියල මට හැම තිස්සෙම හිතෙනවා.
Deleteෂෙෆාකි,
Deleteපරක්කු වෙලා ආපුවම එහෙම තමයි.
අපේ ගමෙත් නියම අවුරුදු උත්සවයක් තියෙනවා තරුණ පෙළ සංවිධානය කරන.. බාල, මහලු, ස්ත්‍රී පුරුෂ, විවාහක අවිවාහක භේදයක් නැතිව හැමෝම වෙනුවෙන් තරඟ තියෙනවා..
ReplyDeleteතරුණ අම්මලා වොලිබෝල්, ක්‍රිකට්, එල්ලේ ගහද්දි එයාලගෙ ස්වාමිපුරුෂයො දරුවොත් වඩාගෙන උපදෙස් දෙන විදිය හරිම අපූරුයි. අවුරුද්දකට සැරයක් ගමක මෙවැනි වැඩක් සංවිධානය කරන එක හරිම හොඳ දෙයක්...
yes yes woman must play all mans games. We give chanse to woman to play and do all mans works. That we can develop country.
Deleteඅපේ ගමෙත් දැන් බක්මහ උළෙලට වයස අවුරුදු තිස් ගාණක්.දැන් නං අවුරුද්දට බක්මහ උළෙලක් නැති ගමක් ගැන හිතන්නවත් බැහැ.
Deleteමේ බ්ලොග් එක කියවන්න ...අවිද්‍යාවෙන් (බටහිර )විද්‍යාවට
ReplyDeleteකෝ බං එතන මොකුත් නෑනෙ.
DeleteVery good post. Booruwa play is bad. our vilage new year party is april 20. there many games and other items. we enjoy a peaseful newyear party.
ReplyDeleteok mate.
Deleteවෙද මහත්තුරු කසිප්පු බිස්නස් කරනවද?
ReplyDeleteවෙද මහත්තය කියල නමට කිව්වට මිනිහ කරපු වෙදකමක් නෑ.අනික කසිප්පු දීමත් එක්තරා බේත් දීමක් නේද.
Deleteසල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
ReplyDeleteසල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්
මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින්
ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
කොයි කාටත් නීතිය ඒකයි
කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි
කයිවාරුව වටේ මුර කරයි
බිඩ් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි
කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම ණයයි
ඔය හයි ෆයි කං එතන බාල්දුයි
ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත
ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත
හරි සන්තෝසයි දිනාපු පැත්ත
දන්නව ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත
එයා කවදාවත් පැරදිලා නැත
බූරුව කුට්ටමේ පොත තෝමට පරාජය නැත
ඔය ගහන එවුන්ටයි හතේ හත
ගායනය - නිහාල් නෙල්සන්
ස්තූතියි සිංදුවෝ.
Delete