Wednesday, April 27, 2016

අලුත් අවුරුදු බූරුපොළ බෝතලයට වළල්ල දැමීම ආරියාගේ කරාටි ක්‍රීඩාව සහ බ්ලැක් බෙල්ට් .

අපි කුඩා අවදියේ අවුරුදු උත්සව හෝ බක්මහ උළෙලවල් අපේ ගමේ තිබුණේ නැත.    අවුරුදු ක්‍රීඩා වශයෙන් සිදුකෙරුණේ සැන්ටින් මුදලාලිගේ කඩේ මිදුලේ කෙරෙන කැටගැසීමත් කඩේ පිටිපස්සේ වෙදමහත්තයගේ කෑල්ලේ කෙරුණු බූරු ගැසීමත් ඒ සෙල්ලම් වලින් පසු ගහ මරා ගැනීමත්ය.    පසුකාලීනව කැටගැසීම අභාවයට ගොස් බූරු ගැසීම පමණක් ඉතිරිවිය.    අවුරුද්දට අපේ ගමේ බූරු කෙළිය පටන් ගන්නේ උත්සවාකාරයෙනි සැන්ටින් මුදලාලිගේ කඩේ පිටුපස ඇති වෙදමහත්තයගේ ඉඩම් කෑල්ල අනාදිමත් කාලයක සිට බූරු පිටිය ලෙස සම්මත වී ඇති තැනය.    උසට හැදී වැඩී ඇති නෙරළු තුරු හැරෙන්නට වෙන මහගස් නොමැති තරමක අකුල් සහ වන බුටෑවක් ඇති වැලි පසින් හෙබි ඒ ඉඩමට පාර දිගේ පොලිසියේ ජීප් එක එනවානම් ඈතසිටම දැකගත හැකිය.    පොලිසිය ජීප් එකෙන් බැස ඇළෙන් එගොඩවී නියර දිගේ වත්තට ගොඩවෙන වෙලාව වෙද්දී බුරුකාරයන්ට බුරුපොළ අකුළාගෙන පලායන්නට හොඳටම වෙලාව තිබේ.

අලුත් අවුරුදු සුදුපොල වෙදමහත්තයගේ ඉඩමේ ආරම්භවී ටික දවසක් යද්දී ගමේ සුදුකාරයන් පමණක් නොව අහළ පහළ ගම්වල නම්දැරු සුදු කාරයන්ද සෙල්ලම් කරන්නට එන්න පටන්ගනී.    ඒ කාලය  සැන්ටින් මුදලාලිගේ කඩේට හොඳ වෙළඳාමක් ඇති කාලයකි.     සුදුපොළෙන් හම්බවෙන තෝං සල්ලිවලට අමතරව  වෙද මහත්තයගේ කසිප්පු ව්‍යාපාරයද නැගලා යයි.      සුදු සෙල්ලං කරන්නට පිටගම්වලින් ඇවිත් පරදින සුදුකාරයෝ අතේ කරේ තියෙන මුදු මාලද එහෙම නැති අය පැදගෙන එන සයිකල්ද උගස් තියා ඒවාද පැරදී හිස් අතින් ගෙදරයන දර්ශනය නිතරම දකින්නට ලැබේ.      අතේ තිබු සල්ලි ඉවරවූ පසු ණයට අරගෙන ඒවාත් පැරදී පස්ස පැත්තේ අත පිහදාගෙන හිස් අතින් ගෙදර යන්නට නැගිට්ට එකෙක්

ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක්ද යකෝ...

කියා උජාරුවට කිව්වත් ඒ කියන්නේ තරමක හිතේ අමාරුවෙන් බව දකින කෙනෙකුට පෙනේ.    තවත් එකෙක් දවසක්දා අතේ තිබ්බ සබ්බ සකල මනාවම ඉස්කෝප්ප ආසියාට ඔට්ටු අල්ලා පරාදවූ පසු ඇඳගෙන හිටපු සරම ඉහලටම උස්සා වටයක් කැරකී

මේං බලාගනියවු ඉස්කෝප්ප ආසියා...

කියා මුළු බුරුපොලටම මැජික් පෙන්නා කුණුහරුපයෙන් බනිමින් යන්නට ගියේය.     අවුරුදු බුරුපොල කියා සූදු කෙළිය පටන් ගත්තට අවුරුදු ඉවරවුනත් නොනවතින බුරුපොල බක් මාසය අවසන්වී වෙසක් මාසයටද පාතබයි.    මේ වනවිට අවුරුද්ද නිසා පොලීසියෙන් ලැබෙන සහන කාලයද අවසන්වී ඇති බැවින් පොලිසියද ක්‍රියාත්මක වන්නේ කොහොම හරි බුරුපොල වටලන්නටය.   පාරෙන් ආවොත් බුරුකාරයන්ට පෙනෙන නිසා පොලිසිය කරන්නේ ගමේ අනික් පැත්තෙන් ඇවිත් ජීප් එක තුංමං හංදියේ නවත්වා අඩිපාරෙන් හොර රහසේ ඇවිත් බුරුපොලට කඩා වැදීමයි.   අල්ලගන්න ලැබෙන බුරුකාරයන් රොත්තම කුදලා ගන්නා පොලිසිය බුරුපොලේ තියෙන පැදුරු අකුලා බුරුකාරයන්ගේ ඔලු උඩ තියාගෙන පොලිසියට ගෙනයන අතර දුවලා බේරුන කීපදෙනා හැති අරිමින් දෙයියන්ට පිං දිදී ගෙවල්වලට යති.

පොලිසි ගෙනිච්ච උන් ඇප ලැබී ආපහු ඇවිත් එහෙම නැවත බුරු ගැහිල්ල පටන් ගන්නේ කලින් වගේ උත්සවාකාරයෙන් එළිමහනේ නොව කාගෙ හරි ගෙදරකට වී බොහොම හොර රහසේය.     ඒ ගෙටත් පොලිසියෙන් පනිනතුරු සෙල්ලම ජයටම කෙරීගෙන යයි.    අපේ ගම් පළාතේ බූරුපොළවල්වල ඔට්ටු  අල්ලන්නේ අග මුල කියලාය කුට්ටම අතැතිව කොළ දෙගොඩ ගසන්නා මුලය කුට්ටම කපා කොලය ඉල්ලපු එකා අගය.   අපේ ගම්වල එහෙම උනත් වෙන පළාත්වල විශේෂයෙන් දකුණු පළාතේ සූදු සෙල්ලම කරන්නේ ඉල්ලුවා ගැහුවා කියාය.    එතනදී කුට්ටම බෙදන එකා ගැහුවා වන අතර කුට්ටම කපපු එකා ඉල්ලුවාය.   ඔය වෙනස්කම නිසාම රෙදිමෝලේ වැඩට ඇවිත් හිටපු දකුණු පළාතේ ගොඩක් බූරු ක්‍රීඩකයන්ට මුලදී තරමක අපහසුතාවක් ඇතිවුණත්  අප්‍රතිහත ධෛර්යයෙන්  ඒ බාධකය ජයගන්නට ඔවුන් සමත්වුන බව කවුරුත් දැනගත්තේ අපේ ගම්වල අයත් එක්ක දකුණේ අය හරි හරියට සෙල්ලං කරන විටදීය.

ඔහොම කාලයක් ගිහිං පොඩි අපි උස මහත්වී ඉලන්දාරින් වෙච්ච කාලයේ අලුත් අවුරුද්දට අපේ ගමේ මොකුත්ම නොතිබීම ගැන කම්පාවී අපි හදාගත්ත සමගි ක්‍රීඩා සමාජය එක්ක තරඟ කරන්නට ගල්බොරැල්ලේ ප්‍රගති ක්‍රීඩා සමාජයට ආරාධනා කර අලුත් අවුරුද්දේ එල්ලේ තරඟ පවත්වපු ආකාරය මම මීට පෙරද ලියා ඇත්තෙමි.    ඒ ක්‍රීඩා සමාජයත් එක්ක එල්ලේ ගැහිල්ල අවුරුදු තුන හතරකින් අභාවයට ගියත් එල්ලේ ගැහිල්ල නැතිවෙන්නට නොදී අවුරුද්දට කරන විවාහක අවිවාහක එල්ලේ තරඟයක් ලෙස පවත්වා ගන්නට හැකිවිය.    හාපුරා කියා අපේ ගමේ අලුත් අවුරුදු උත්සවයක් හෙවත් බක්මහ උළෙලක් ආරම්භ කරන්නට අවශ්‍ය ගැම්ම ලැබුණේ මෙන්න මේ විවාහක අවිවාහක එල්ලේ තරඟයෙන් පසුවය.    බක්මහ උළෙලක් ආරම්භ කළත් එල්ලේ තරඟය නැතිවන්නට නොදී බක්මහ උළෙලට පෙර එයද පවත්වා ගන්නට කටයුතු කළෙමු.    හැබැයි මේ හපන්කම් ඔක්කොම කළේ බක්මහ උළෙලක් පවත්වා ගන්නට හෝ එල්ලේ තරඟයක් පවත්වා ගන්නට හරිහමන් ස්ථානයක් නොමැතිව වීම විශේෂයකි.    මුලින්ම අපි එල්ලේ තරඟය සහ බක්මහ උළෙල තිබ්බේ පෝටවත්තේය.    ඒ වත්ත කෑලි කඩා බෙදාගත් පසු තැනක් නැතිවුන අපි වෙළට ගිහිං වෙලේ ක්‍රීඩා කළෙමු.   වෙලේ වතුර පිරී තියෙන කාලෙට බක්මහ උළෙල පාරේද පවත්වා තිබේ.

අපේ ගමට පිට්ටනියක් ලැබුණේ ඊටත් පස්සෙ කාලෙක හෙවත් අනුපහේ දී වගේය.    ඊට පස්සෙ නම් හැමදේම හරිම පහසුය පිට්ටනියක්ද වේදිකාවක් සහිත ක්‍රීඩාගාරයක්ද තියෙන නිසා කරන්නට තියෙන්නේ තරඟ සංවිධානය කර පවත්වන එක විතරය.    ඒත් අබුද්දස්ස කාලෙක හැටිද මංදා දැන් ඉන්න තරුණ පරපුර ඒ වැඩ ටික කරන්නටත් තරමක කම්මැලිය.    වැඩක් පටන්ගන්නට සල්ලි ගොඩක් අවශ්‍යය ඒත් අපිනං ඔය වැඩ පටන්ගත්තේ අතේ සතේ නැතිව හිතේ හයියටය.   ඒත් අපි ආරම්භකළ බක්මහ උළෙල අපි කවුරු නැතත් ඉස්සරහට යනවා දකිනවිට සහ ගහට පොත්ත මෙන් බක්මහ උළෙල ගමට බද්ධවී ඇතිබව පෙනෙන විට සියුම් ආඩම්බරයක් හිතට දැනේ.    බක්මහ උළෙල ආරම්භ කරපු හැටි සහ අවුරුදු විසිගානක් සංවිධානය කරපු බක්මහ උළෙලේ රසකතා කියන්නට නම් වෙනම පෝස්ටුවක් අවශ්‍යය ඒත් එක කතාවක් කිව්වොත් හොඳයි කියා හිතෙන්නේ ඒ කතාවට බූරු ක්‍රීඩාවද සම්බන්ධවී ඇති නිසාය.

බක්මහ උළෙල පවත්වන්නට අපට ගමෙන් ලැබෙන ආධාර ටික ප්‍රමාණවත් නැති නිසා අපේ ක්‍රීඩා සමාජයේ අතමිට තියෙන සාමාජිකයන්ගෙන් වෙනම ලොකු ලොකු ගණන් එකතු කරන්නට කටයුතු කළෙමු.    ඒ වුනත් ලැබුණු මුදල සෑහුනේ වියදමට පමණකි ක්‍රීඩා සමාජයට කිසිම  ඉතිරියක් නොවීය.    මේ ගැන කල්පනා කල අපි බක්මහ උළෙල වෙලාවේ යම් යම් තරඟ කීපයක් හඳුන්වා දුන්නේ වැඩිපුර කීයක් හරි හොයාගන්නටය.    බෝතලයට වළල්ල දැමීමේ තරඟයත් ඒ තරඟවලින් එකකි.     ඒ තරඟය හේතුවෙන් වියදමට වඩා වැඩිපුර මුදලක් හැම අවුරුද්දේම එකතු කරගන්නට හැකිවුණේ බෝතල් හිඟ අලුත් අවුරුදු සමයේ කවුරුත් පාහේ බෝතලයක් ලබා ගන්නට තරඟ වැදුනු නිසාය.     ඒ මට වර්ෂය මතක නැති එක්තරා බක්මහ උළෙලක් පැවැත්වෙමින් තිබු දවසකි.    සුපුරුදු පරිදි ක්‍රීඩා පිටිය අයිනේ මහ කොස්ගහයට බෝතලයට වළල්ල දැමීමේ තරඟය ආරම්භ විය.    මුලදී ලොකු ජන සහභාගිත්වයක් ඇතිව තරඟය පටන් ගත්තත් ටික වෙලාවකින් තරඟයට මැස්සන් ඇහිරෙන්නට වුයේ තරඟකරුවන් නොමැතිවීම නිසාය.     මොන තරඟයට අඩුවුනත් මේ තරඟයට තරඟකරුවන් අඩු නොවන නිසා මෙහි යම්කිසි අසාමාන්‍ය බවක් අපට පෙනෙන්නට විය.    පොඩි හෝදිසියක් කර බැලු විට වෙලා තියෙන දේ පැහැදිලිව දැනගන්නට හැකිවිය.    ආරියා ගෙදර බූරු පිටියක් පටන් අරගෙනය බෝතලයට වළල්ල දමන තරඟකරුවන් රොත්තම ආරියාගේ බූරු පිටියට ගිහින්ය.

ආරියා මේ වැඩේ කරන්නට ඇත්තේ වැඩිදුර නොසිතා උනත් උගේ බූරුපොළ නිසා අපේ බක්මහ උළෙලට ලැබෙන ලොකු ආදායමක් අහිමිවී යන එක දරාගන්නට බැරිය.     බූරුපොලේ ඉන්න අය ආපහු පිට්ටනියට ගෙන්නා ගන්නට අම්මෙ මුත්තෙ කිව්වත් බැරිය.    අපි කීපදෙනෙක් පොඩි සාකච්ඡාවක් කර තීරණය කළේ ආරියාගේ බූරුපොළ  කඩාකප්පල් කරන්නටය.    කරන්නට යන දේ ගැන කාටවත් නොකියා අපි හතර පස් දෙනෙක් ආරියාගේ ගෙදරට ගිහිං බූරු කුට්ටමත් විසිකර බූරු කාරයනුත් එලවා දමා ආරියාගේ බුරුපොළ එහෙම පිටින්ම කඩාකප්පල් කෙරුවෙමු.     අපි ගෙට කඩාවදින විට හොඳටම බීමත්ව තෝං එකතු කරමින් සිටි ආරියා මුලදී පුදුමයෙන් බලා සිටියත් වෙන්නට යන දේ ටික ටික තේරෙන විට මාරාවේශවී කෑ ගසමින් උඩ පනිමින් අපට කරාටි ගහන්නට වුනත් බීමත්කම වැඩි නිසාම ඌට නිසි එල්ලයට කරාටි ගහගන්නට බැරිවිය.    අපි ආපහු බක්මහ උළෙලට ආවේ හිනාවෙමිනි.    

කොහොම උනත් ඊට පහුවදා හොඳ සිහියෙන් මා මුණගැහුණු ආරි මට කීවේ බීමත්ව වැඩිදුර නොසිතා බූරු ගැහිල්ල පටන්ගත්තත් ගමේ වැදගත් උත්සවයක් පැවැත්වෙන වෙලාවේ ඒ කරපු වැඩේ හොඳ නෑ කියා පසුව තේරුණු බවය.    ගෙදරට ආ වෙලාවේ ගහන්න බනින්න ගිය එක ගණන් ගන්න එපා කියාද ආරියා කීවේය.    ගෙදරකට පිට උන් ඇවිත් චන්ඩිකම් පෙන්වනවිට කාටත් තරහ එන බවත් එහෙම වෙලාවට ගහන්න බනින්න පෙළඹීමක් ඇතිවීම සාධාරණ බවත් කියා මම ආරිව අස්වැසුවෙමි.     ආරියා එවන් සුන්දර මනුස්සයෙකි හිටපු ගමන් ගහ බැන ගත්තත්  මැරෙන තුරුම  ආරි මගේ හොඳම මිත්‍රයෙක් වී සිටියේය.

ආරි කරාටි ගහපු බව කීව නිසා ඒ ගැනත් යමක් කියන්නට හිතේ.    රෙදිමෝලේ වැඩට ඇවිත් වැඩි කලක් නොගිහින්ම ආරි තමන්ගෙ යාළුවො කීපදෙනෙකුත් කතාකරගෙන ටවුමේ කරාටි පංතියකට යන්නට පටන් ගත්තේය.    මාසයක් හමාරක් පංතියට යද්දී මුට කරාටි උණ ඉහට ගැහුවේය කෙනෙක් එක්ක කතාකරද්දී වචනයක් වැරදුනත් මු කෑ ගහගෙන කරාටි ගහන්නට එයි.   ඔය තිලක් අයියා අපේ ගෙදර හිටපු කාලයයි එකල වෙනුජලා චූ කොල්ලන්ය.     වැඩ නැති දවස්වල හවසට ආරි අපේ ගෙදර එන්නේ තිලක් අයියා හමුවෙන්නටය ඒ කයියක් ගහන්නටත් අතමිට සෑහුනොත් අඩියක් ගහන්නටත්ය.    දවසක්දා ඔය විදියට ආරි අපේ ගෙදර එනවිට තිලක් අයියා බඩත් එළියේ දාගෙන පඩිය උඩ ඉඳගෙන හිටියේය.   ආරි ඇවිත් තිලක් අයියාත් එක්ක කතාව පටන් ගත්තේය.

දැන් කොහොමද ඔහේගෙ කරාටි පංතිය එහෙම...

තිලක් අයියා ඇසුවිට ආරිගේ මුහුණ පුරා පුළුල් සිනාවක් පැතිරුනේය.    ඒ කාලෙ ආරි කතාකරන්න ඊට වැඩිය කැමති මාතෘකාවක් නැත.   ඌ අලුත් පංතිය ගැනත් කරාටි මාස්ටර් ගැනත් විස්තර කියාගෙන ගියේය.

කොටින්ම බ්ලැක් බෙල්ට් එක ගන්න තුරුම උගන්නනවා කිව්වා...

ඊළඟට තිලක් අයියා ආරිට කතාකළේ මුහුණ බැරෑරුම් කරගෙනය.

ඔන්න ඔතනදි නං බොහොම පරිස්සං වෙන්න වෙයි පුතෝ...

තිලක් අයියා ආරිට කිව්වේ දබරැඟිල්ල දික් කරමිනි ආරි බලාගෙන සිටී.

ඒ මොකක්ද පරිස්සං වෙන්න තියෙන කාරණේ...

පරිස්සං වෙන්නෙයි කිව්වෙ ඔය බෙල්ට් ගනිද්දී, බොලා වගේ නොදන්නා උන් ගියාම කඩකාරයො බොලාව රවට්ටල හොඳ ලෙදර් බෙල්ට් කියල බාල රෙක්සින් බෙල්ට් ඇඟේ ගහනව තේරුනාද...

ආරියා තිලක් අයියා දෙස කටත් ඇරගෙන බලා සිටී.   හිනාව තද කරගෙන හිටපු මට තවත් ඉන්නට බැරිය මම ගේ ඇතුළට ගියෙමි.

ඒ හින්ද බ්ලැක් බෙල්ට් ගද්දි බොහොම පරිස්සමෙන්, ඔහේට ඕන්නං මම දන්න තැන් දෙක තුනක් කියන්නං ඒ අහ ගිහිං මගෙ නම කිව්වනං සලකයි...

ආරිගේත් තිලක් අයියාගේත් කතාව දිගින් දිගට ඇදීයද්දී මගේ ඉල බැරන්ද රිදෙන්නට ගත්තේ හිනාව නවත්වා ගන්නට බැරුවය෴

102 comments:

  1. Replies
    1. ඇනෝලත් එක වෙන්න සීට් අල්ලනව නෙ අම්මපා...

      Delete
    2. ඔය ඌ පස්සෙ එන්න තැන අල්ලලා යනවනෙ බං.

      Delete
    3. බලපන් හැලපේ උඹට තියෙන ඩිමාන්ඩ් එක..අප්පට සිරි ආරි!!!!!

      Delete
    4. අරුණ,
      ඒකනෙ බං.ආරියා ගැන ලියනකොට කවුරුත් එන්න ආසයි.

      Delete
    5. හැලපේ අපිට අපි හැලපෙට............

      Delete




  2. පි

    හදාපංකෝ.. ඉස්ලෙල්ලම

    ReplyDelete
    Replies
    1. හැක් හැක්.. ඔය දකුණූ පළාතේ ඉන්න ඔක්කෝම බුරු කිරිඩකයෝ තමා..

      අපේ පැති වල නං බං අවුරුද්දට බුරු ගහන බව අපි දන්නේ පුස් සයිකල් වල හෙමිජිජා වගේ එන ගස්ගියෝ නිසයි.. නැත්නං සද්ද නැහැ..

      අර ඉවාන් එක්සයිස් කරේ උඹලට පස්සේ ලැබිච්චි ග්‍රවුන්ඩ් එකේ වෙන්ටැති. එක පාරක් පිංතුරයක් දැම්මේත් ඒකෙ නේද??

      Delete
    2. දකුණු පළාතෙ ඉන්න වැඩිහිරියක් බූරුවො තමයි මේ උඩිං කොමෙන්ට් කරල තියෙන එකා වගේ. හැක්..

      Delete
    3. දකුණු පළාතේ හුළගක් හෝ වැදි ඇත් යමෙකු වේද ඔහු මට භයංකර අයෙකි..

      Delete
    4. මොකක්ද බොල දූශකයො කියන්නේ මේ ?

      Delete
    5. හැක් හැක්. ඔය ප්‍රසාගේ අයියා ඉන්නේ දකුණු පළාතේ වැලිගම කොනකලු නෙහ්.

      Delete
    6. අපි නොදන්න දකුණ. හැක්..

      Delete
    7. //ඔය දකුණූ පළාතේ ඉන්න ඔක්කෝම බුරු කිරිඩකයෝ තමා..// මේවා සහගහන කථා බොලව්. වමෙන් ගියත් අපි දකුණේ හරිය !!!

      Delete
    8. මේ දාල තියෙන්නෙත් ඒ ග්‍රවුන්ඩ් එකේ ගත්ත පින්තුරයක් බං.ඉවාන් එක්සයිස් කළා කියල දන්නෙත් උඹ කියපුවමයි.

      Delete
    9. ඉස්ලෙල්ලම කියන්නෙ මොකක්ද බං.අපි අහළ තියෙන්නෙ නිකම්ම ලෙල්ලම ගැන විතරනෙ.

      Delete
  3. බුරු ගහන්න නොගියත් එක පාරක් ආසවට බූරු පොලක් පැත්තකට වෙලා බලං හිටිය මොකද්ද මේ වේනෙ කියල ඕක කොහෙම හරි අපේ ගෙදර ඇත්තන්ට ආරංචි වෙලා තියෙන්නෙ මං බුරු ගහව කියල. බූරු පොලටම ඇවිත් නෙලුව නේද නෙලිල්ලක් හම්මේ මතක් වෙද්දිත් ඇඟ රිදෙනව වගේ හිහි..
    තිලක් කියන්නෙ හොන සොමි පොරක් වගේ හිනා කාල මැරෙනව හැක්

    ReplyDelete
    Replies
    1. පොලෝසියෙන් පැන්නොත් ගැහුවයි බලාහිටියයි කියල නෑ බොල.

      ඔහොම බූරු ගැහුව බලාහිටියයි කියල ගෑනු මනුස්සයෙක්ගෙ රෙද්ද අස්සෙ රිංගපු අපේ ප්‍රසිද්ධ අයිය කෙනෙක්ගෙ කතාවක් මෙතන තියෙනව

      Delete
    2. ඒකෙ අනික් කොටස හොයාගන්නෙ කෝමද ප්‍රසා
      හොයාගන්නම බෑනෙ අඩේ ටොප් ක්ලාස් ඉස්ටෝරිය
      හැක්

      Delete
    3. ඇයි බොල ඒකෙ අන්තිමට තියෙන්නෙ අනිකට යන ලිංක් එක.

      http://www.liyanna-liyanna.blogspot.com/2011/11/blog-post.html

      http://www.liyanna-liyanna.blogspot.com/2011/11/blog-post_13.html

      Delete
    4. තිලක් අයියා ආරියා වගේම මාවත් බයිට් එකට ගන්නවා.ඒ උනාට වැඩියම අහුවෙන්නෙ ආරියා.දැන් ඒ දෙන්නම මට නෑ.

      Delete
  4. ආරිය කියන්නෙ හොඳ පොරක් වගේ. බොලාල ගෙදර ගිහිල්ල ඌට සත්තම දැම්මත් අන්තිමට කරපු වැරැද්ද තේරුං අරං කතා කරපු එක ලොකු දෙයක්.
    මේ ගමනනං මෙහේ අවුරුදු උත්සව දෙකක් ම තියෙනව එකකට එකක් ගේමට.

    ReplyDelete
    Replies
    1. ආරිය ගැන මම මීට කලින් පෝස්ට් කීපයක්ම ලීවා උඹට අමතක වෙන්න බෑ.ඌ ගැන සම්පූර්ණ විස්තර ඒ පෝස්ටු වල තියෙනව.
      අවුරුදු උත්සව දෙකක් ගේමට තියේනං තෑගී එහෙම හොඳවේවි එකකට එකක් නොපරදින්න.

      Delete
  5. අපේ පැත්ත අග මුල කියනව වගේම "මේ දාහත් ගැහුවා" කියල කියනවා, ඒකෙ තේරුම කුට්ටම අනන කෙනා ගහනවා කියන එක...
    හරි සුන්දර ක්‍රීඩාවක් නොවැ බුරු කියන්නේ, හෙහ් හෙහ්...

    තිලක් අයියගෙයි ආරිගෙයි දෙබසේ ඉතුරු ටිකත් දැම්මනම් බොට හෙණ ගහනවද බං හැලපයියේ...

    ReplyDelete
    Replies
    1. සුන්දර ක්‍රීඩාවක් කියන්නෙ බං හරිම සුන්දර ක්‍රීඩාවක්.
      එහෙම එක දවසට ඔක්කොම දාන්න බෑනෙ මල්ලි ඉස්සරහටත් ඉතුරු කරගන්න එපැයි.

      Delete
  6. අවුරුද්දට නෑගම් ගියා අප්පච්චිගෙ ගමට හැලපෙ. එහෙ එහා වත්තෙ හැම සැරේම බූරු පොලකුයි, කැට පොලකුයි යනව හරි සාරෙට. මේ වතාවෙ එළිපිටම යන ගෑණු කෙනෙකුත් දැක්ක කියන්නකො. ත්‍රී ක්වාටර් කලිසමක් ඇඳල, කොණ්ඩෙ ටින්ට් කරල... කතාවටනං කියවුණෙ පුරුද්දටම කරන කෙනෙක් කියල.
    පස්සෙ දැනගත්ත, එතන සල්ලි ඔක්කොම දිනාගෙන ගියයි කියල.
    මං බලාගෙන එයා ආපහු යද්දි මනුස්සයෙක් බැගෑපත් වෙවී සල්ලි ඉල්ලනව ණයට, තව ටිකක් ඉඳල සෙල්ලං කරල එන්නං කියල.

    //දකුණු පළාතේ හුළගක් හෝ වැදි ඇත් යමෙකු වේද ඔහු මට භයංකර අයෙකි..// මටත් ඒම තමයි දේශක.. හික් හික්. අවුරුදු 4යි කැම්පස් එකේ උන්නෙ.

    ReplyDelete
    Replies
    1. ෂා එයා නියම ෆෝවඩ් ගෑනු කෙනෙක් නොවැ.මෙච්චර වයස ගිහිං මම තාමත් ගෑනු බූරු ගහනවා දැකල නෑනෙ.ඔය පත්තර වල එහෙම කියෝල නං තිබුනට දැකල නෑ.

      Delete
  7. අපි නං "දිනුව" "පරාදයි" කියල ඔට්ටු දාන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් කියනව.දිනුව කියන්නෙ කොලේ ඉල්ලන එකා නේද.

      Delete
  8. මේ අවුරුද්දෙත් ගමේ ගේ ගාවම බූරූ පොලක් නැගලා ගියා අවුලක් නැත්තේ රාජන් මහත්තයෙකුත් වැඩේට සෙට් වෙලා උන්න නිසා... පොර ඉන්නේ ගමේ පොලීසියේ නූනට... ගමේ වගේම පොලීසියෙත් ජනප්‍රියයි... හෙට අනිද්දා පැන්සොන් යන්න ඉන්නේ.. ඒ ගියාම ගෙදරම වැඩේ කොරනවා කිව්වේ...

    ReplyDelete
    Replies
    1. නීත්‍යානුකුලවම බූරු ගහන්න ලැබෙන එක මොන තරං වාසනාවක්ද.ගෙදර පටන් ගත්තම බලපංකො සෙනග එන එක නවත්තන්න බැරි වෙයි.

      Delete
  9. බූරු ගැහිල්ලයි , කට ගැහිල්ලයි අපිත් ඔය කාලෙට ජයටම කරනවා . වැඩේ තියෙන්නේ දැන් උං හැම එකාම එක එක තැන්වල. එකතු කරගන්න තියන අමාරුව බැලුවම බූරු ගහලා පොලිසියෙන් බෙරෙන එක ලේසියි

    ReplyDelete
    Replies
    1. ආ.. ලව්පුස් තෙමේ..

      Delete
    2. කට ගැහිල්ලනං බොලා දැනුත් කරනවයි කියල අපි දන්නව හිටං.

      Delete
    3. අපේ ගමේ නං මේ දෙකම අභාවයට ගිහිං නිසා දැන් ගම පාලුයි.

      Delete
    4. දේශ්,
      ඌ තෙමෙන්නෙ වැස්සට අහුවුනාද බං.

      Delete
    5. ප්‍රසා,
      ඔව්නෙ,මේ ළඟදිත් ඌ මොකද්ද සම්මාන වැඩකදී කට ගැහුව නේද.

      Delete
    6. (ලව්)පූසා තෙමේ?

      Delete
  10. අපුරු මතකයන්.. ඇත්තටම ආරි අගෙයි තිලකෙ අයියගෙයි ඉතරු දෙබස දාන්නනේ තිුනේ.. මරු කතාව ඒක..


    //දකුණු පළාතේ හුළගක් හෝ වැදි ඇත් යමෙකු වේද ඔහු මට භයංකර අයෙකි..//

    එකෙන්ම එකඟයි..

    ReplyDelete
    Replies
    1. හැබෑට නිර්මාණි. අර කොටු කරපු කෑල්ල පෝස්ට් එකේ තිබ්බ එකක්ද? නැත්නං නිර්මාණි පෝස්ට් එක කියල හිතාගන්නේ කමෙන්ට් එක්කම පෝස්ට් එකද??

      Delete
    2. ඉතුරු හරිය මතුවට ඉතුරු කරගත්තා නිර්මාණි.දුක් වෙන්න එපා ආයෙම කියවන්න ලැබෙයි.

      Delete
  11. බෝතලේට වලල්ල දාන සීන් එකනන් අපේ පැත්තෙ නැගලම යනව....බෝතලේ බියර්,ගල් වගේ නන් සෙනග වැඩී...හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. වළල්ල දාලා දාලා දැන් හැලපයියාගේ වළල්ල ගහ මුලලු.

      Delete
    2. අපේ බක්මහ උළෙලේදී තියන්නෙ ගල් බෝතලයයි බියර් බෝතලයයි මොනවා හරි පැණි බීම බෝතලෙකුයි.ඒ නිසා සෙනග ඕනෑ තරං.

      Delete
    3. ඇනෝ,
      මොනා කරන්නද බං සුළුපටු කාලයක්ද.

      Delete
  12. //වෙද මහත්තයගේ කසිප්පු ව්‍යාපාරයද නැගලා යයි. //

    ආයුර්වේද කසිප්පු.

    ReplyDelete
    Replies
    1. මනුස්සයට ගමේ වෙද මහත්තය කිව්වට මිනිහ කරපු වෙදකමක් නෑ.පූර්ණකාලීනව බූරු ගැස්සෙව්වා කසිප්පූ වික්කා.

      Delete
  13. බූරු ගැහිල්ල අපේ ගමේත් මේ විදියටම සිද්දවෙනවා. එයිට අමතරව මලගෙවල්වලත් සිදුවෙමින් පැවතියා.නමුත් තරුණ පිරිසගේ දැඩි විරෝධතා නිසා දැන් මලගෙවල්වල පිළිකන්නේ බූරු ගැහිල්ල නැවතිලා.

    ReplyDelete
    Replies
    1. වෘතීය විදියටම ඕකට වාහනයක් හයර් කරගෙන සුදු සරමයි ෂර්ට් එකයි ගහල එන බහින ඩයල් සෙට් මං දැකල තියනව බං නලින් අයියෙ..සෙට් එකක් උන්නා කඳාන ලයින් එකේ..වෙන්නප්පුවෙත් හිටියා

      Delete
    2. අපේ ගමේ මළගෙවල් වලත් කාලයක් බූරු ගැහිල්ල සරුවට තිබුණා.නමුත් පස්සෙ කාලෙකදී කොල්ලො විරුද්ධ උනා.

      Delete
    3. පත්තරේ,
      ඒ නං කෙළින්ම වෘත්තීමය සුදුකරුවෝ.ඒ අය බූරු ගහන්න හැම තැනම යනවා.

      Delete
  14. අපේ ගෙවල් පැත්තේ මළගෙදරකවත් බුරු පොලක් තියෙනවා මම දැකලා නැහැ හැලපයියේ. ආන්න ඒ වගේ පළාතක තමයි අපි ඉන්නේ.

    අපෙත් අවුරදු උත්සවයක් කරනවා.එත් පිට්ටනියක් නැහැ.අහිගුන්ටකයෝ වගේ තැන් තැන් වල තමයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. මනෝජ් ලගෙ පැත්ත ටවුමනෙ.ඒ නිසා ඔය වගේ ගම්වල කෙරෙන වැඩ ටිකක් අඩුයි.
      අපිත් කාලයක් අහිකුන්ටිකයෝ වගේ තැන තැන බක්මහ උළෙල තිබ්බා.

      Delete
  15. උඩ ෆොටෝවෙ හැටියටනං බෝතලේ ගන්න බලාගෙන ඉන්නෙ පොඩිඋං ටිකක් වගේ.

    ReplyDelete
    Replies
    1. නෑ බං ඒ තරඟ ආරම්භයට පෙර එතන ඉන්න සංවිධායක මණ්ඩලය.

      Delete
  16. කිව්වත් වගෙ. බ්ලැක් බෙල්ට් ගන්නවනං, පිටකොටුවෙ පේමන්ට් එකෙං ගන්න කියහං අයියෙ... හෙණ අඩුවට ගත්තෑකි.

    ReplyDelete
    Replies
    1. බෙල්ට් එකේ ගාන අඩු උනාට බං හිලකට සෑහෙන ගානක් ගන්නව.

      Delete
    2. හිල් නං ඩිංගක් ගණං තමා :D

      Delete
    3. ඩ්‍රැකියට හිල් ඕනෙ නැති නිසා බං ලාබෙට ගන්නෙ.

      අපිට නම් හිල් නැතුව බෑ මනේ !

      Delete
    4. මොනවා කියනවද බං…
      බෙල්ට් එක නැතත් හිල් ටික ඕනැ :D ඕ යේස්

      Delete
    5. ඒක තමා පිටකොටුවෙ පේමන්ට් එකෙන් ගත්තනං කිසි කරදරයක් නෑ.

      Delete
    6. ප්‍රසා,
      පිටකොටුවෙ හිල් එච්චර ගණන් ද බං.

      Delete
    7. පත්තරේ,
      උඹත් එහෙනං ගණන් හිලව් දන්නව ඈ.

      Delete
    8. පත්තරෙයො,
      බෙල්ට් එක එපා කියහං. හිල්ටික විදගං උඹෙ බඩ වටේට...

      Delete
    9. සෑමො,
      එක හිලක් ඇති බං. ඩියුලක්ස් වන්ස් වගේ තමයි. ඕයේස්...!

      Delete
    10. ප්‍රෙසා්,
      මං හිල් විදගන්නෑ. ගෙදර ඇවිත් බෙල්ට් එකේ ගාංචුව ගළෝල බෙල්ට් එක කොටකරගන්නව ඕනෙ ගානට. ඒක තමයි හරි ක්‍රමය... මං ගාව තියෙනව ගාංචුවක්, දෙපැත්ත කරකවන්න පුළුවං. පාට දෙක දෙපැත්තට තියෙන බෙල්ට් එකක් ගත්තම, බොහොම ලේසියෙං දෙපැත්ත මාරුකරන්න පුළුවං.

      Delete
  17. ඉස්සර මම මොන්ටිසෝරි යන්නටත් කලිං වැව් කන්ඩිය පේන තෙක් මානෙ තැනක තමයි බූරු පිටිය තිබුනෙ..වැව් කන්ඩිය උඩින් තමයි පාර..එතකොට වැව් කන්ඩිය උඩින් එන පොලිස් ජිප පේනවා නේ.. හුකා ගෑවෙන්න උ්න අනික් පැත්තෙන් ආවනේ.. මාවත් උස්සගෙන අපේ අයියෙක් දිව්වා දිවිල්ලක්.. හප්පා.. අපි එතකොට ලොතරයි ගගහා හිටියෙ..

    ReplyDelete
    Replies
    1. පොලිසිය පනින්නේ නොහිතන විදියටයි.බූරු පොළවල් ළඟ ඕනෑතරම් රස්තියාදු ගහල තිබ්බත් කවදාවත් මාව පොලිසියට අහුවෙන්න ගිහිල්ල නෑ.

      Delete
  18. මම ඔය බුරු පොලක් දැකල නෑනේ... මල ගෙවල් වලදී එහෙන් මෙහෙන් ඇහැ ගැටිලා තිබුනට හරියටම සිද්දිය වෙන විදිය ගැන අදහසක් නෑ..

    ReplyDelete
    Replies
    1. පැතුම්....අපිට දවසක එන්න කියන්නකෝ.....බූරු ගහන්න, අස්සයෝ අල්ලන්න. කුකුලෝ කොටවන්න ඕන එකක්....ගෙදර සත්තුවත්තක් කරලා දෙන්නම් ඕන්නම්.අයියෝ පොඩි කේස් එකක්නේ :

      Delete
    2. කිව්වත් වගේ අපි කට්ටියට එන්න කිව්වනං වැඩේ කරලම පෙන්නලා උගන්නල යන්නං.

      Delete
  19. රසබර මතක සටහන්. දැන්නම් මේවා අභාවයට ගිහින්. තවමත් කෙරෙන පැතිත් තියනවා බොහොම සුළු පරිමාණයෙන්.

    ReplyDelete
    Replies
    1. අපේ ගම්වල කොහෙත්ම කෙරෙන්නෙ නෑ.මළගෙවල් වල කරන්න ගියත් තරුණයො විරුද්ධ වෙනවා.

      Delete
  20. බෙල්ට් ගැන කිව්ව නිසා මතක් වුනෙ. අපෙ එකෙක් ඉන්නවා උගෙ වැඩේ මාසෙකට සැරයක් බෙල්ට් එකක් ගන්නවා. නැත්තං යාලුවෙක්ගෙ ගෙදරට ගොඩ වෙලා හරි බෙල්ට් එකක් දාගෙන වැඩට යනවා.

    මොකද ඌට උදේ වැඩට එද්දි බෙල්ට් එක අමතක වෙන නිසා.

    ReplyDelete
    Replies
    1. උගෙ ගෙදර බෙල්ට් ගොඩගැහිල ඇති නේද.

      Delete
  21. රස මතක උනාට හැළපෙ ස්ටයිල් එක ටිකක් අඩුවෙලා වගෙ බං.

    ඔය බූරු ගැහිල්ල බහරේන් වලත් අපේ උන් ජයට කරා. ඒ බූරු පොළට යන්නෙ නිකන් නෙයිනගෙ පොට් එකට වගේ, තට්ටු හතක් උඩ බිල්ඩිමක, කාමර තුනී ෆ්ලැට් එකක සාලෙ ඉන්න උන් හරහ ඇතුලෙ කාමරේකට යන්න ඕන ගේමට. හදිසියෙ හරි සැක සෙට් එකක් ආවොත් ඔත්තු දෙන්න වෙනම බුවාල ගෙවල දාල උන්න එලියෙ. මාර සල්ලියක් එතන තිබ්බෙ. ඇයි බන් එක කොළයක් රුපියල් වලින් තුන්සිය පනහක්නෙ

    ReplyDelete
    Replies
    1. ඕක ඔමාන්වලත් තිබුනා බන්. ලංකාවේ චොර සෙට් එකක් හිටියා උන් තමයි කරේ. සමහරු මාසේ අන්තිමට ගෙදරට සල්ලි යවාගන්න බැරුව එනවා දඩේ දාගන්න. පව්. බූරු විමලේ කියලා එකෙකුත් හිටියා.

      Delete
    2. ස්ටයිල් එක අඩුවුණේ එච්චර වටේ ගිය නැති නිසා වෙන්නැති බං.

      Delete
  22. ඒ සෙල්ලම් වලින් පසු ගහ මරා ගැනීමත්ය. ............ we are so violent

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගහ මරා ගැනිල්ල අඩුවක් නැතුව තිබුණා.

      Delete
  23. කරාටේ පන්ති ත් දැන් අභාවයට යමින් පවතී. අතපයට වඩා ආයුද ෂුවර් කියලා දැන් පොඩි උන් හිතනවා ඇති අයියේ. උබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දැන් කරාටේ පංති නැති තරං.
      රාවනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.

      Delete
  24. මහා බක්මහ උළෙලවල්.. අවුරුදු කුමාරි තරග වල එහෙම හොඳ අත්දැකීම් ඇතිනෙ.. එව්වත් කියන්ටකො අප්පා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මොකද නැතුව.ටික ටික ලැබෙන හැටියට කියන්නං.

      Delete
  25. උඹේ ආරියා ගැන මට තියෙන්නේ බොක්කෙන් එන කැමැත්තක්. ඒවගෙ එවුන් අඩුයි. හැලපෙ උඹේ මේ කතා ඇතුලේ තියෙන්නේ පොලවේ පය ගහලා හිටපු මිනිස්සුන්ගේ තොරතුරු. ගමද, නගරයද කියලා නැහැ මටත් හරිම සමීපයි. උඹ රහට ලියන නිසා පපුවට තේරෙනෙවා. ආපහු හිතන්න ඕන නැහැ.

    ReplyDelete
    Replies
    1. මට හිතිච්ච දේ මූ (අරූ) ලියලා.....!

      Delete
    2. ඔව් මචං.ඒ වගේම ආරියා අකාලයේ නැති වුන එක ගැනත් මට තියෙන්නෙ පුදුම කණගාටුවක්.ඌ මෙච්චර කාලයක් හිටිය නං තව මොන තරං ආතල් දේවිද කියල මට හැම තිස්සෙම හිතෙනවා.

      Delete
    3. ෂෙෆාකි,
      පරක්කු වෙලා ආපුවම එහෙම තමයි.

      Delete
  26. අපේ ගමෙත් නියම අවුරුදු උත්සවයක් තියෙනවා තරුණ පෙළ සංවිධානය කරන.. බාල, මහලු, ස්ත්‍රී පුරුෂ, විවාහක අවිවාහක භේදයක් නැතිව හැමෝම වෙනුවෙන් තරඟ තියෙනවා..

    තරුණ අම්මලා වොලිබෝල්, ක්‍රිකට්, එල්ලේ ගහද්දි එයාලගෙ ස්වාමිපුරුෂයො දරුවොත් වඩාගෙන උපදෙස් දෙන විදිය හරිම අපූරුයි. අවුරුද්දකට සැරයක් ගමක මෙවැනි වැඩක් සංවිධානය කරන එක හරිම හොඳ දෙයක්...

    ReplyDelete
    Replies
    1. yes yes woman must play all mans games. We give chanse to woman to play and do all mans works. That we can develop country.

      Delete
    2. අපේ ගමෙත් දැන් බක්මහ උළෙලට වයස අවුරුදු තිස් ගාණක්.දැන් නං අවුරුද්දට බක්මහ උළෙලක් නැති ගමක් ගැන හිතන්නවත් බැහැ.

      Delete
  27. Replies
    1. කෝ බං එතන මොකුත් නෑනෙ.

      Delete
  28. Very good post. Booruwa play is bad. our vilage new year party is april 20. there many games and other items. we enjoy a peaseful newyear party.

    ReplyDelete
  29. වෙද මහත්තුරු කසිප්පු බිස්නස් කරනවද?

    ReplyDelete
    Replies
    1. වෙද මහත්තය කියල නමට කිව්වට මිනිහ කරපු වෙදකමක් නෑ.අනික කසිප්පු දීමත් එක්තරා බේත් දීමක් නේද.

      Delete
  30. සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්
    සල්ලි නෑ මචං මෙතන ආස්කින් හිටින්
    පුල්ලි කොල වලින් සෙල්ලං බෑනෙ වැඩ කෙලින්
    මල්ලි ඉඳ ගනින් ජෙමා කූට්ටම කටින්

    ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
    අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ
    ආසි හේරු පොරෝ බූරු රජ වෙල ඇත්තේ
    අද පනස් දෙකේ කොල කුට්ටමෙ ජෙමාගෙ වත්තේ

    බෙට් එක රුපියල් දාහයි තෝමට සීයට විස්සයි
    කොයි කාටත් නීතිය ඒකයි
    කට් එක දෙන්නෙ එක්කෙනයි රවුමට ඔට්ටු පෝලිමයි
    කයිවාරුව වටේ මුර කරයි

    බිඩ් එක දෙන්න ට්‍රයි කරයි කොල ටික දෙපැත්තට එලයි
    කොයි කාගෙත් පපුව දැන් ගැහෙයි
    සෙට් එක හුඟ දෙනෙක් වඳයි සමහරු වටේටම ණයයි
    ඔය හයි ෆයි කං එතන බාල්දුයි

    ඉල්ලුව කලාබර හත කරුමෙට පෙරළුනේ නැත
    ෆුල් සුද්දයි ඉල්ලපු පැත්ත
    ඇල්ලුව පොරව හාරත නියමෙට පෙරලිලා ඇත
    හරි සන්තෝසයි දිනාපු පැත්ත

    දන්නව ගේමෙ වත ගොත හරියට ජෙමා හිතවත
    එයා කවදාවත් පැරදිලා නැත
    බූරුව කුට්ටමේ පොත තෝමට පරාජය නැත
    ඔය ගහන එවුන්ටයි හතේ හත

    ගායනය - නිහාල් නෙල්සන්

    ReplyDelete

ඔබේ අදහස්