අලුත් අවුරුද්ද ළඟ ලඟම එනවිට හැමෝටම මතක්වෙන දේවල් කීපයක් ඇත. කොහා ඉන් පළවෙනි තැන ගනී කොහා කියනවිට මතක්වුනේ මේ ඊයෙ පෙරේදා බුකියේ දැකපු කතාවකි. එහි කියා තිබුණේ අප්‍රේල් මාසය පුරාවට නොකඩවා හඬනගන ජීවීන් කීපදෙනෙක් ගැනය ඒ ජීවීන් මෙසේය.
කොහා
රෝහණ බැද්දගේ
ජැක්සන් ඇන්තනි
ජනනාත් වරකාගොඩ
මහින්ද කුමාර දළුපොත
සහන් රන්වල
ආදී වශයෙනි. මෙය ඔවුන්ට කරන අපහාසයක් යැයි කෙනෙකුට හිතෙන්නට හැකිවුවත් වැඩි දුරදිග නොහිතා කතාව සැහැල්ලුවෙන් ගත්කළ මැවෙන උත්ප්‍රාසය අති මහත්ය. කොහා පමණක් නොව එරබදු මල්ද කජුද අලුත් අවුරුදු එද්දී සිහියට එන දේවල්ය. රබානද ඔංචිල්ලාවද චක්ගුඩුද ඈ තවත් දේවල් තිබුණත් අද වනවිට ඒවා කිසිවක් ගම්වල නැති සහ රූප පෙට්ටියට පමණක් සීමාවූ දේවල්ය. ස්වභාව ධර්මයෙන්ම ලැබෙන දෙයක් වන කොහාගේ නාදය නම් බක් මාසයේ පටන්ගෙන පොසොන් මාසය දක්වාම අහන්නට ලැබේ. එරබදු ගස් නම් දැන් දකින්නට හරි අමාරුය ඒ කාලයේ අපේ මහගෙදර වත්තේ වැටේ පොඩි එරබදු ගහක් තිබුණා මතකය ඒ ගහ අම්මා හදාගෙන තිබුණේ මැල්ලුමට කොළ කඩා ගන්නටය. එරබදු කොළ මැල්ලුම් පණු අමාරුවට හොඳයි කියා පොඩි අපටද එරබදු කොළ මැල්ලුම් විටින් විට කන්නට දුන්නාද මතකය. ලංකාවේ එරබදු ගස් දකින්නට දුර්ලභ උනත් කැලිපෝනියාවේ බොහෝ නගරවල පාර දෙපැත්තේ සරුවට වැඩුණු එරබදු ගස් මලින් පිරී තියෙන අයුරු මා බොහෝවිට දැක ඇත. අද පින්තුරයද එවැනි එරබදු ගසකි මා ඉල්ලුවේ ලොස් ඇන්ජලීස් හි පාරවල් අයිනේ ඇති එරබදු ගස්වල පින්තුරයක් වුවද ගුගල් දුන්නේ සැන් ඩියේගෝ නගරයේ ඇති එරබදු ගසක පින්තුරයකි. මොන රටේ පිපුනත් සුන්දරත්වයෙන් අඩු නැති නිසා ඒ පිංතුරය ගෙනැත් පෝස්ටුවට දැම්මෙමි.
ඊළඟට තියෙන්නේ කජු ගැන කතාවයි ඒත් කජු ගැන ලියන්නට කාලවේලාව හරස්වේ. ලීවොත් පළකරන්නට වෙන්නේ අවුරුදු පහුවෙලාය. ඒ නිසා මේ කෙටි පෝස්ටුව ඔබ සියලු දෙනාටම සුබ පතන්නට අවස්ථාවක් කරගනිමි. විප්‍රවාසයේ සිටින අපට තියෙන්නේ බාගෙට අවුරුදු උනත් එහෙම නැති ඔබ සැමට එළැඹෙන අලුත් අවුරුද්ද සියලු යස ඉසුරින් සපිරි සිතුම් පැතුම් ඉටුවන භාග්‍යවන්ත අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ ඔබේ හිතවත් හැලපයා හැලපි සහ හැලපැට්ටාය෴
එරබදු කජු සමග අවුරුදු අසිරිය ගැන අත්දැකීම බෙදාගත්තතට ස්තුතියි හැලපේ. ඒත් එක්කම හෙටට සුබ අළුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteබොහොම ස්තුතියි අජිත් ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා.
Deleteමං හැලප කඩේට ගොඩ වැදුනේ අදයි ඕන්..
ReplyDeleteඉතින් හැලපෙටත් පවුලේ සියලු දෙනාටත් ලබන නව වසර සුභම සුභ නව වසරක් වේවා...
ඔබව සාදරයෙන් පිළිගන්නවා,ලැබුවාවූ නව වසර වාසනාවන්ත එකක් වේවා!!
Deleteහැලපේ අයියා ඇතුලු පවුලේ සැමට සාමය සතුට පිරි නීරෝගිමත් නව වසරක් වේවා යැයි පතමි
ReplyDeleteඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!
Deleteහැලපේ අයියා ඇතුලු පවුලේ සැමට සාමය සතුට පිරි නීරෝගිමත් නව වසරක් වේවා යැයි පතමි
ReplyDeleteඔබ තිදෙනාටම සුබ නව වසරක් හැලප!
ReplyDeleteස්තුතියි රවී.ඔබටත් සුබ නව වසරක්!!
Deleteඇයි අයියෙ කෝඳුරුවො?
ReplyDeleteමේ ලඟදි බුකියෙ තිබ්බා මේම එකක්...
“ඊ ළඟට දෙන්න පටං ගත්තම ආයි ඤං පචං ගානවා නෙමෙයි...“
- මීට වැස්ස වලාහක
හැබෑට කෝඳුරුවොත් ඉන්නව නේන්නං.
Deleteහැලප පවුලට සුබ පැතුම්.. කවුරු අවුරුද්දට බැන්නත් ඒක අපූරු ම සංස්කෘතික ප්‍රවාහයක් තමා..!!
ReplyDeleteඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteඔන්න ඔහේ ගම රට මතක්වෙන්නත් එක්ක, ඔහේ තියන ආදේශක කොළ වර්ගයක් ආධාර කරගෙන හැලප ටිකක් හදාගන්න බලන්න.
ReplyDeleteහැලප පවුලට සුබ නව වසරක් වේවා!
හැලප සෑදීමට හොඳම ආදේශක කොලය මිදි කොලයි.අත්හදා බලා සහතික කර ඇත.අත්දුටුවයි ප්‍රත්‍යක්ශයි.දකුනු කුරු දිවයින් වාසී ලාංකිකයින්ගේ සොයාගැනීමකි.
Deleteප.ලි.
මෙය දකුනුකුරු දිවයිනේත් පහලම වසන අයගේ අත්හදා බැලීමකි.උතුරු පැත්තේ අයට කැන්ද කොල ඇත
විචාරක සහ දරුපවුලටත් සුබ නව වසරක් වේවා!!
Deleteකුමාර ඔය මිදිකොල වලින් හැලප තැම්බීම ගැන මීට කලිනුත් කවුරු හෝ කියා තිබුණා ඔබමද මතක නෑ.
Delete6 years !!!
ReplyDeletecan u believe, I haven't been for aurudu straight 6years.
anyway - all the best foe helapa family
මේ මගේ පස්වෙනි අවුරුද්ද ඇනෝ.බොහොම ස්තුතියි ඔබටත් සුබ නව වසරක් වේවා!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා ඔබට..!!
ReplyDeleteජයවේවා..!!
ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteහැලපයියා, හැලපක්කා, හැලපැට්ටා ඇතුළු සියළුම දෙනාට සුබ අළුත් අවුරුද්දක් වේවා....
ReplyDeleteකසුට්ටා ටත් සුබම සුබ නව වසරක් වේවා!!
Delete
ReplyDeleteහැලප පවුලට ම සුබම සුබ නව වසරක් වේවා! සියලු පැතුම් ඉටු වේවා!
ස්තුතියි කසුන් ඔබටත් සුබ නව වසරක් වේවා!!
Deleteශ්‍රී සුබ නව වසරක් වේවා!!!
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා!!
Deleteසුබ නව වසරක්වේවා!!!!
ReplyDeleteඔබටත් සුබ නව වසරක් වේවා!!
Deleteහැලපේ ඇතුලු පවුලේ සැමෝට සුභ අලුත් අවුරුද්දක් වේවායි මේ උන්මන්තගෙනුත් එහෙනං සුභ පැතුම්
ReplyDeleteස්තුතියි උන්මත්තක,ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteසුබ නව වසරක්වේවා!!!!
ReplyDeleteසුබ නව වසරක් වේවා ෂෙෆාකි!!
Deleteසුබ නව වසරක්වේවා!!!!
ReplyDeleteඇති ඇති එක පාරක් කිවුවම . ඊලගට ප්‍රීති වෙසක් කියන්ඩ ඉතුරු කර ගන්ඩ.
Deleteඅනේ සාදු ඩබල් ලෙඩේ හැදිල
Deleteකම්මලය ලෙඩේ බෝකරල හිටං දැං කොචොක් එකත් දානව. හැක්..
Deleteලෙඩේ හැදිලා නේද.කම්මලයට තියෙන ජොලිය බලමුකො.
Deleteඑරබදු, කජු නැති උනාට කොහානං තාම මේ පැත්තෙ ඉන්නව.
ReplyDeleteඔබටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
කොහාවත් ඉන්න එක මදැයි.ප්‍රසන්න ඇතුළු පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteඔබසැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteහැලපයියාට හැලපක්කාට සහ හැලපැට්ටාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
ReplyDeleteසූටික්කාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteසුභ අලුත් අවුරුද්දක් හැලප ඇතුලු පවුලේ අනෙකුත් හැලප වලටත්...
ReplyDeleteස්තුතියි තිසර ඔබ සහ පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා හැලප පවුලේ හැමෝටම. :D
ReplyDeleteඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteහැලප පවුලටම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!!!
ReplyDeleteකම්මල සහ පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteහැලප පවුලටම සුබ අළුත් අවුරුද්දක් වේවා
ReplyDeleteඔබ සහ පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteඑසේම වේවා එසේම වේවා
ReplyDeleteඑසේම වේවා!!
Deleteහැලපෙලාටත් සුබ අලුත් අවුරුද්දක්ම වේවා!
ReplyDeleteසිංහයා ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteඋපන් බිමින් දුර සිටියත් අපෙ හැලපේ
ReplyDeleteතලමින් පඳුරු මතකය බෙදමින් වැලපේ
කන්නට ලැබෙන ඉඳ හිටවත් වැලි තලපේ
වසරක් ලැබේවා කියනා එක ගැලපේ
ෂාහ් ඉයන් මරු කවියෙක් නොවැ.ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteමුළු පවුලටම් සුබ අළුත් අවුරුද්දක් වේවා හැලපේ....!!!
ReplyDeleteඋඹලගේ මනුස්ස කමේ සුවඳ ඔක්කෝටම වඩා වටිනවා....
මාතලන් ඇතුළු පවුලේ සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteසුබ අළුත් අවුරුද්දක් වේවා
ReplyDeleteප්‍රා ජේ ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteහැලප සහ පවුලේ සැමට සුභ නව වසරක් වේවා !!!
ReplyDeleteඋදයටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!
Deleteහැලපයියාටත් පවුලේ සැමටත් වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා...!
ReplyDeleteමනෝජ්ටත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා!!
Deleteඔබටත් පවුලේ සැමටත් සුභ අලුත් අවුරුද්දක් වේවා...! (මෙහෙම කිව්වම නිකං ආන්සරිං මැෂින් එකක රෙකෝඩිං එකක් වගේ)
ReplyDeleteඇත්තමයි,ඒත් වෙන මොනා කියන්නද.ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteපරක්කු වුනාට කණගාටුයි. සුභ අළුත් අවුරුද්දක් වේවා පවුලේ සැමටම.
ReplyDeleteBetter late than never අජිත්.බොහොම ස්තුතියි.ඔබ සහ පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Deleteහැලප පවුලට සුබ පැතුම්..සුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDeleteස්තුතියි ලලිත් ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!
Delete