Sunday, September 20, 2015

සුද්දගේ පවුල් ආරාවුල බබා ඇතින්න සහ කොළ පෑගීම.



අපේ යාලුවෙක් ඉන්නව සුද්ද කියල,සුද්ද කියන්නෙ උගෙ හුරතල් නම.හුරතල් නම කිව්වට පොඩි කාලෙ ආදරේට අම්මල තාත්තල දාපු නමක් නෙවෙයි.ඒක උගෙ ක්‍රියා කලාපය නිසා මේ බොහොම මෑත කාලෙක අපේ කොල්ලො දාපු නමක්.ඌ මේ නමට කොච්චර ආදරේද කියනව නං අපි කවුරුවත් පොරට ඇහෙන්න ඒ නම කියන්නෙවත් නෑ.සුද්දා කියන නම ඇරෙන්න උගෙ වැඩ කටයුතු නිසා කොල්ලො දාපු තව නම් කීපයක්ම මට මතක් වෙනවා. සුද්ද අඩි හතරක් වැඩිම උනොත් හතර හමාරක් ඉතර උස ඇති,වෘත්තියෙන් ඉස්කෝල මහත්තයෙක් හරියටම කිව්වොත් ශාරීරික අභ්‍යාස හෙවත් ක්‍රීඩා උපදේශක වරයෙක්.මගේ දීර්ඝකාලීන මිත්‍රයෙක් ඒ කියන්නෙ ඌ කොල්ල  කාලෙ ඉඳල අපේ මිත්‍රකම පැවතගෙන එනවා.සුද්ද රස්සාවට අමතරව තවත් වැඩ රාශියක් කරනවා,කුඹුරු ගොවිතැන,ගොඩ ගොවිතැන,හුරතල් මාළු විකිණිල්ල,කිරි හරක් ඇතිකිරීම ආදී වශයෙන් ඌ නොකරන වැඩකුත් නෑ කරන්න බැරි වැඩකුත් නෑ.සැරයක් අපේ ගෙදරට යාළුවො වගයක් ආපු වෙලාවෙ ඒ අයට දෙන්න පොර මට පළතුරු වඩියක් ගහල දුන්න.මට එච්චර වියදමක් ගියෙත් නෑ හොඳම ස්පිරිට් බෝතල් විසි ගානක් ආවා.එකට තුනක් කලවං කරන්න පුළුවනි.සුද්ද කලවං කළාට පස්සෙ මම මෙගා බෝතල් විස්සක් ගෙදර අරං ආවා ඉතුරු ටික ඌට ඕනෑ දෙයක් කරගන්න කියල.අන්න බඩු ගඳක් මොකුත් නෑ ඇල් වතුර වගේ. වදින්නෙ තැපෑලෙන්, එදා අපේ ගෙදර ආපු යාළුවො කීපදෙනෙක්ම පදම දන්නෙ නැතිව වදින්නෙ නෑ කියල වීදුරු දෙකතුන ළඟ නමාගෙන සෑහෙන අකරතැබ්බෙකුත් උනා.මේ ලඟදි ආපු යාළුවො කියල කට්ටිය වරදවා තේරුම් ගන්න එහෙම එපා ඒ අය ආවෙ මීට අවුරුදු දහයකට විතර ඉස්සර කාලෙක.ඒ කතාවයි මේ කතාවයි සම්බන්ධ වෙන තැනකුත් තියෙනවා.

ඒත් මම කොහෙහරි විප්‍රවාසගත වෙන්නට කිට්ටුව මගෙත් එක්ක කෝච්චියෙ ගිය යාලුවන්ට කරපු සංග්‍රහයක්.ඔය වෙලාවෙ සුද්ද මගෙ ලඟින්ම ඉඳගෙන වැඩේ සාර්ථක කරගන්න විශාල සහයෝගයක් දුන්නා.ඒ වගේම එදා ගහපු ගැහිල්ලට හොඳටම වැඩිවෙලා කන්නෙත් නැතිව ගෙදර ගිහිං නිදාගත්තලු.ඔන්න ඉතිං මම මෙදා සැරේ ගෙදර ගියාමත් අපේ ගෙදර ඒ වගේ වැඩක් තිබ්බනෙ.ඒකෙ එක එක වැඩවලට ගමේ යාළුවො දෙතුන්දෙනෙක් වගේම සුද්දත් උදව් කළා.නමුත් මම ගමේ යාළුවො කාටවත් එදා එන්න කියල ආරාධනා කළේ නෑ.කොටින්ම මට උදව්වට හිටියෙත් පුතාල කීපදෙනෙක්.ඒ උනාට එන්න කියාවි කියල සුද්ද බලාපොරොත්තුවෙන් ඉඳල තියනව කියල මට පස්සෙ දැනගන්නට ලැබුනා.සුද්ද හිතාගෙන ඉඳල තියෙන්නෙ මෙදා සැරෙත් අපේ ගෙදර එන්නෙ කෝච්චියෙ යාළුවො ටික කියලයි.මගෙ යාළුවො කිව්වොත් ඌ දන්නෙ එච්චරයි.ඊට පස්සෙ නං ඒ ගැන ඇහුවෙත් නෑ මම කියන්න ගියෙත් නෑ. ඉතිං ඔය ඔක්කොම හඳුන්වාදීම සහ වැල්වටාරම්, කතාව ඊළඟට.

කතාව මතක් කරගන්න මීට අවුරුදු දොළහකට දහතුනකට පමණ පෙර දෙදාහෙ දසකයේ මුල් බාගෙට පිවිසෙන්න ඕනෑ. හරියටම කිව්වොත් මම චෙන්නායිවල ඉඳල ආපහු ගමරට ආපු අලුත.අපි ලංකාවට එද්දි ඉන්න තැනක් තිබ්බෙ නෑ.ඒ නිසා තැනක් හදාගන්නකල් තාවකාලිකව මහගෙදරට වෙලා බෝඩිංකාරයො වගේ හිටියා.ඒ වෙනකොටත් ඔය දැන් අපි ඉන්න ගේ හදන්න පටන් අරං තිබුනා.අතේ තිබ්බ සල්ලියි මදි හරියට ණය වෙලයි පදිංචියට එන්න හැකි ප්‍රමාණයට ගේ ඉවරයක් කරගන්න අපි පුදුම උත්සාහයක් දැරුවා.අන්තිමට කොහොම හරි බාගෙට ඉවරකරගත්ත ගෙට පදිංචියට එන්නට පුළුවන් කම ලැබුනා.ඒ උනාට ඉතිං වැඩේ හරියටම හරි නෑ.ඉහට උඩින් කොන්ක්‍රීට් ස්ලැබ් එක.දවල්ට රත්වෙලා රත්වෙලා රෑට පාන් පෝරණුව වගේ රස්නෙයි.ෆෑන් දැම්මට වැඩක් නෑ ඒ හුළඟත් රත්වෙලා.යාන්තං සීතල වෙන්නෙ පාන්දරට.ඒ වෙලාවට නිදාගෙන කොහොමද නැගිටල වැඩට යන්න එපැයි.ගෙයි පදිංචිවෙලා ඉඳගෙන ඉතිරි හරිය ටික ටික හදාගම්මු කියල හිටියට හදන්න කොහෙ තියෙන සල්ලිද.අපි දෙන්නට මාසෙට හම්බවෙන ගාන ණය නොවී කාල බීල ඉන්නට සෑහුනා එච්චරයි.ඉතිං ඔය වගේ දුෂ්කරතා මැද උනත් අපේම කියල තැනක් තියෙන නිසා අපි සතුටින් කාලය ගතකළා.

ඔන්න ඔය කාලෙ සුද්දගෙයි මගෙයි මිත්‍ර සම්බන්ධය බොහොම වැඩි දියුණු වුනා.හැම සිකුරාදාවකම අපි  සුද්දලගේ ගෙදර මිත්‍ර සමාගමක් පැවැත්තුවා.අතේ සල්ලි නැතිව උනත් මම සැහැල්ලුවෙන් කාලය ගතකලාට සුද්දා ඊට වඩා දරුණු අර්බුදයකට මැදිවෙලා හිටියා.මොකක්ද කිව්වොත් පවුල් ජීවිතේ පිලිබඳ ප්‍රශ්නයක්.ඒ සංකීර්ණ ප්‍රශ්නය වෙනම අරගෙන සාකච්ඡා කලයුතු එකක්.කොහොමින් කොහොමින් හරි සුද්දගෙ හිතේ තිබ්බ දැඩි පීඩනයත් මගේ හිතේ තිබ්බ සැහැල්ලුවත් අපි දෙන්න බෝතලේකට මැදිවෙලා බෙදාගත්තා.වෙන මොකුත් කරන්න දෙයක් නෑ.පවුල් ප්‍රශ්න වලට අපි අතදාන එක නොකළ යුතු වැඩක් කියල මම විශ්වාස කරපු නිසා බොන වෙලාවටවත් මම ඒ මොකවත් සුද්දගෙන් ඇහුවෙ නෑ.නමුත් සුද්ද හිටපු දරුණු මානසික පීඩනය මට හරිම අපහසුවක් ඇතිකළා.දීර්ඝ සහ අමිහිරි කතාවක් කෙටියෙන් කිව්වොත් සුද්දගේ පවුල් අවුල අවසන් වුනේ බිරිඳවූ දිලිනිව එලවා දැමීමෙන්.ඇය දරු දෙන්නත් අරගෙන ගෙදර ගියා.ඔන්න ඔය ආකාරයට සුද්දා ආපහු තනිකඩයෙක් බවට පත්වුනා.ඊට පස්සෙ උනේ අපායට හෙණ ගැහුවා වගේ වැඩක්.බාගෙට පිස්සු කෙළිමින් සිටි සුද්දා තනිකරම පිස්සු කෙළින්නට පටන් ගත්තා.ගේ තනිකර යකුන් නැටු පිට්ටනියක් වගේ.කඩෙන් ගේන කෑම පාර්සල්වල කොළයි  බුලත්විටයි හිස් බෝතලුයි ගේ හැමතැනම මාස ගානකින් කොස්සක් දැකල නෑ.සුද්ද කුස්සිය පැත්ත පලාතෙ යන්නෙ නෑ.වෙලාවට කෑමක් නෑ උදේට නැගිටල ඉස්කෝලෙ යනවා, හවසට කරටි කැඩෙන්නම බොනවා.ජීවිතේ ඔය විදියයි.

කැඩී බිඳී ගිය පවුල නිසාවෙන් හා දරු දෙදෙනා සිහිවීම හේතුවෙන් මොන තරම් හිත් වේදනාවකින් කාලය ගතකළත් ඒ බව අපට අඟවන්නට ඔහු කැමති වුනේ නෑ.ඒ වෙනුවට තමන් සතුටින් සිටින බව ඔහු නිතරම කිව්වෙ උගුරට හොරා බේත් කන්නා වගෙයි.දවසක් මම කියපු කතාවකට සුද්ද මගෙත් එක්ක සතියක් දෙකක් කතානොකර හිටියා.ඒක උනේ මෙහෙමයි.ඒත් එක සති අන්තයක්, පුරුදු විදියට අපි සුද්දලගේ මිදුලෙ ටීපෝවක් උඩ ගල් බෝතලේකුත් ඉස්සරහ තියාගෙන මිත්‍ර සන්ථවයක් පවත්වමින් හිටපු වෙලාවක්.තමන් දැන් ගතකරන තනිකඩ ජීවිතය ගැන සුද්දා ආඩම්බරයෙන් කතා කරමින් හිටියා.මූ ආඩම්බරයෙන් පුම්බන මේ බැලුම් බෝලෙට අල්පෙනෙත්තකින් අනින්නට මට ආවෙ මැඩගන්නට බැරි ආසාවක්.සුද්ද මිදුලෙන් තියපු ප්ලාස්ටික් පුටුවක වාඩිවෙලා ඉද්දි මම එතැනම කපල හරහට පෙරළල දාල තිබ්බ අඹ කොටේ උඩ වාඩිවෙලා හිටියා.සීතල හුළඟක් වෙල පැත්තෙන් හමාගෙන ගියා.සුද්ද අතේ තිබ්බ වීදුරුව හිස්කරලා බැදපු හුරුල්ලෙක් දෙකට කඩල කෑල්ලක් කටේ දාගත්තා.මු බොහොම සතුටෙන් ඉන්න මේ වෙලාවෙ මම කතාව ආරම්භ කළා.

සුද්ද මේ, කාගෙ වැරද්දකින් හරි දිලිනි යන්න ගියානෙ...

ඔව් ඉතිං...දිලිනිගෙ නම කියනකොට සුද්ද කතාකරන්නෙ මට ගහන්න වගේ.පොඩියට හිටියට මුගෙ කටහඬ හරි සද්දයි රැහැයියෙකුගෙ වගේ.

මම කියන්නෙ මේකයි.ඔය දෙන්න පවුල් කෑවා නැතා ඒක වෙනම දෙයක්. මේ පොඩි දරුවන්ට අම්මෙක් තාත්තෙක් ඉන්න ඕනෑ නේද.වැඩිහිටියන්ගෙ වැරදිවලට ළමයි පළි නෑනෙ...

පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න,ළමයින්ට තාත්තගෙ අඩුව තේරෙන්න මම ඉඩ තියන්නෙ නෑනෙ, නිවාඩුවට මම ළමයින්ව මෙහෙ එක්ක එනව ඔයා දන්නවනෙ...

වැඩේ ඇත්ත,සුද්ද ඉස්කෝලෙ නිවාඩුවට ගිහිං ළමයි දෙන්නව ගෙදර එක්කං එනවා.ඔය ගැනත් මම දවසක් සුද්දගෙන් ඇහුවා.

දැන් සුද්ද  ඒ මිනිස්සුන්ගෙ මුණ බලන්නෙවත් නැත්නං ළමයි අරං එන්නෙ කොහොමද...

ඒකෙ ප්‍රශ්නයක් නෑ මම සයිකලේ දිලිනිලගේ ගේ ළඟට ගිහිං පාරෙ ඉඳගෙන ළමයින්ට කතා කරනවා.එතකොට ළමයි ලැස්තිකරල එවනවා මම එක්කං එනව හරි ලේසියි...

ඔය හැංගිමුත්තන් සෙල්ලං කරන ඒව නෙවෙයි .මේකට මොකක් හරි ඉස්තිර උත්තරයක් තියෙන්න ඕනෑ නේද?මම කියන්නෙ මේ ප්‍රශ්නෙ ළමයින්ගෙ පැත්තෙන් බලල මොනා හරි කරන්න හිතෙන්නෙ නැද්ද.

හරි දැන් ඔයා මට මොනවා කරන්නද කියන්නෙ...

ඔය වයසෙදි  ළමයි ළඟ අම්ම තාත්ත දෙන්නම ඉන්න ඕනෑ, ඒ ගැන හිතල  දිලිනිට සමාව දීල එක්කං එමු...

පස්ස පැත්තට ගිණි පෙනෙල්ලක් තිබ්බහේ  සුද්දා දුන්නක් වගේ උඩ පැනලා පුටුවෙන් නැගිට්ටා.

හුහ් ඔයාටත් ඒකි ඕනැවෙලාද, හරි හරි එක්ක එන්න එක්ක එන්න මේ ගේ හරියට ගේන්නෙ නැතුව ඕනෑ දිහාක එක්ක යන එකයි.ආව මෙතන පෙරකදෝරුකං කරන්න ඒව නං මේ ආත්මෙ සිද්දවෙන දේවල් නෙවෙයි...

සුද්ද  මට බැනවදින්නට පටන් ගත්තා,මම දැන් තොල හපාගෙන බොහොම අමාරුවෙන් හිනාව මැඩගෙන ඉන්නවා.

යකෝ ඒකි ගැන දුක්වෙන්න ඕනෑ තරං උන් ඉන්නව.මම කනවද බොනවද හොයල බලන්න මොකෙක්වත් නෑ මේක හරි මඟුලක් තමයි...

සුද්ද නොනවත්වාම මට බැනවදිනවා.ඔන්න ඔය අස්සෙ මගේ බෙල්ල දිගේ මොකෙක්ද උඩට ආව මට තේරුණා.අල්ලන්න අත තියල  බලනකොට ඒ සතා මගෙ කණ කෑවා.බලපුවම දිරපු අඹකොටේ හිටිය චූටි පත්තෑ පැටියෙක්.ඒ වෙලාවෙ එච්චර වේදනාවක් ආවෙ නැතත් දවස් කීපයක්ම යනකල් කාපු තැන බිබිලි ඇවිත් කැසුවා.සුද්ද මට බනිමින්ම ගෙට ගිහිං වේලිච්ච රතුළූණු ගෙඩියක් ගෙනත් කණේ ඇතිල්ලුවා.

බලු කතා කියනකොට  එතනදිම පලදෙනව කියන්නෙ ඕකනෙ...රතුළූණු කනේ අතුල්ලන ගමන් සුද්ද කියනවා.

දිරච්ච කොට ගෙනත් මිදුලෙ දාගන්නව මදිවට තව කියවන්නත් එනව, හෙට අනිද්දට ඕකෙන් මතුවෙන්නෙ නයි පොළොංගු... 

අපේ සුහද කතාබහ අවසානයේ සුද්ද මාව සයිකලේ තියාගෙන ගෙදරටත් ගිහිං දානවා.ඔය විදියට බහින්බස් උනත් වැරදිලාවත් මට ඊළඟ සතියෙ සුද්දලගෙ ගෙදර යන්න බැරිවුනොත් එහෙම තරහවෙලාද ආවෙ නැත්තෙ කියල සුද්ද කතාකරල අහනවා.ආ මට කියන්න අමතක උනා මම ඉන්දියාවෙ ඉද්දි සුද්ද නිවාඩුවකට චෙන්නායි ආවනෙ.එහෙදි ඌ දීපු ආතල් වෙනම ලියන්න ඕනෑ.ඉතිං ඔන්න ඔය ආකාරයට අපි දෙන්නගෙ මිත්‍රත්වය ගලාගෙන ගියා.එක නිවාඩු දවසක හැන්දෑවෙ මම සුපුරුදු විදියට සුද්දලගෙ ගෙදර ගියා.හැබැයි එදා මගෙ අතේ සතේ තිබුනෙ නැති දවසක්.සුද්ද ලඟත් කීයක්වත් නෑ.බෝතලයක් ගහන්නෙ කොහොමද කියල අපි දෙන්න අහස පොළොව ගැටලන්න කල්පනා කළත් කිසිම විසඳුමක් ලැබුනෙ නෑ.ඉතිං ඔය විදිහට මොනවද කාපු රිළව් වගේ අපි දෙන්න මිදුලෙ වාඩිවෙලා ඉද්දි මාදුවා එතනට පාත්වුනා.කරුමෙට උගෙ අතෙත් සල්ලි නෑ.නොයෙක් ආකාරයේ යෝජනා මුං දෙන්නගෙන් ආවත් ඒ එකක්වත් ප්‍රායෝගික දේවල් නෙවෙයි.ටවුමෙ බාර් එකේ අරක්කු විකුණන ජිනා ඉන්නෙ අපේ වත්තෙ මගෙ හොඳ මිත්‍රයා.ඕන්නං උගෙන් ගිහිල්ල බෝතලේකට ගනුදෙනුවක් කරගන්න ලේසියෙන්ම පුළුවන්කම තිබුනත් මට එහෙම හිතුනෙ නෑ.හැබැයි මුං දෙන්න ඒක දන්නව නං මාව බෙල්ලෙන් අල්ලගෙන ටවුමට ඇදගෙන යන්නෙ.

මොනා හරි කරපල්ල බං රෑ  වෙනව...මම කිව්වා.

එහෙම කියල අනික් පැත්ත හැරෙද්දීම කවුද මනුස්සයෙක් තරමක වේගෙන් සුද්දලගේ ගෙවල් පැත්තට එනව මම දැක්කා.අපි බලාගෙන ඉද්දි ඒ මනුස්සයා අපි තුන්දෙනා හිටපු තැනට ආවා.

අර ගොයං පාගන මැසිම තියෙන්නෙ මෙහෙද...

ඔව් ඔව් කොළයක්ද...සුද්ද පැනල ඇහුවා.

ඔව් මේ මම වැඩකරන කුඹුරෙ ගොයං කපනවා පාගගන්න බලන්නයි ආවෙ...

මේ නං අපේ දුක දැකල දෙයියො එවාපු දේවදුතයෙක්.මට හිතුනෙ එහෙමයි.අරුන් දෙන්නටත් එහෙමමයි කියල මට හිතුනෙ බෝතලේ දැන්මම අතට හම්බ උනා වගේ උන්ගෙ හිනාමල් පිබිදුන මුහුණු දැක්කමයි.කුඹුරෙ විස්තර අහගෙන ගියාම අපේ වත්තට අල්ලපු මායක්කලගේ වත්ත පහළ තියෙන ඉස්සර ගුණවර්ධන මාමා වැඩකරපු කුඹුරු කෑලි දෙක.මම ඔය වෙලේ කොච්චර නං වැඩ කරල ඇද්ද.සුද්ද ඒ මිනිහත් එක්ක ටක් ටක් ගාල ගණන් හිලව් කතා කරගත්තා.

හරි හරි අපි මැසිම අරං එන්නං ඔයා යන්න...සුද්ද අර මනුස්සයට කීවම මිනිහ යන්න ගියා.

අපි දෙතුන් දෙනා පට පට ගාල ලෑම් මාස්ටරේ පණ ගහගෙන ඇග්‍රීමෙක් එකත් පටෝගෙන කෙළින්ම ගිහිං නැවතුනේ මායක්කලගේ වත්ත පහළ ගල්තලාව ලඟයි.කුඹුර එතනමයි අඩි දහයක්වත් නෑ.හැබැයි ඒ වෙනකොටත් ගොයං ටික ඇදල ඉවරවෙලා තිබ්බෙ නෑ.අපි ගෙනිච්ච කුඩාරම් රෙද්ද එලල මැසිමත් හයිකරල ගොයං ඇදල ඉවරකරනකල් කල් බල බලා හිටියා.සුද්දයි මාදුවයි ගොයං අදින අයට උදව් කරන්න පහළට ගියෙ වැඩේ ඉක්මන් කරගන්නයි.මම එතනම තිබුන වෙරළු ගහ යට කැරකි කැරකි හිටියා.

මේ ඔයගොල්ල මෙතන මොනව කරනවද...ගෑනු කටහඬක් ඇහිල මම උඩහ බැලුව.

අප්පට සිරි මේ මොකීද යකෝ මේ.දොන්ත බබක්ක වගේ පත තප්පදෝරු කළුම කළු ගෑනියක් පෙරලි පෙරලි පහළට එනවා.මගෙ ඔලුව පට පට ගාල වැඩ කරන්න ගත්තා.මායක්කලගෙ ගෙදර මේ දවස්වල ඔලුව මඤ්ඤං වෙලා ඉන්න මායක්කයි අසනීප වෙලා ඉන්න නැන්දයි විතරක් ඉන්න නිසා ඒ දෙන්නගෙ තනියට ගෑනියක් නැවතිලා ඉන්නව කියලත් ඒ ගෑනිගෙ හුරතල් නම බබා ඇතින්න කියලත් මට අහන්න ලැබිල තිබුනට මම කවදාවත් මේ ගෑනු කෙනාව දැකල තිබ්බෙ නෑ.ඔය වැඩ ඔක්කොම සිද්දවෙලා තිබුනෙ මම ලංකාවෙ හිටියෙ නැති කාලෙදියි.බබා ඇතින්න ඇවිත් ආයෙම අර ප්‍රශ්නෙ මගෙන් ඇහුවා.

ඔයගොල්ල මොකද කරන්න හදන්නෙ...

කොළයක් පාගන්න හදනව පේන්නෙ නැද්ද...මමත් කිසිම ගරුසරුවක් නැතුව උත්තර දුන්නා.

එහෙම කොහොමද අපෙන් අහන්නෙ නැතුව අපේ වත්තෙ කොළ පාගන්නෙ...

ඔන්න මගෙත් ලේ රත්වෙන්න ගත්තා.ඇයි යකෝ අපි හුජ්ජ කොල්ලො කාලෙ ඉඳන් දුව පැනපු ගහක් ගලක් නෑර දන්න වත්ත.මේ කොහෙදවත් නැති ගෑනියෙක් ඇවිත් අපේ වත්තලු.ඒත් මම කේන්ති ගිය බවක් පෙන්නුවෙ නැතුව කතාකළා.ඒ උනාට කතාවෙ සද්දෙ ටිකක් වැඩියි.

ඇයි කොළ පාගපුවම තියෙන වැරැද්ද මොකක්ද...

වැරැද්ද තමයි කාටූ ටිකයි පිදුරුයි මෙතන අතඇරල වී ටික අරං යන්න යයි අපටනෙ කරදරේ...

කාටූ තිබ්බහම මොකද ඒ ටික දිරල යයි...

එතකොට පිදුරු ගොඩ...

පිදුරුගොඩ කාපං කියන්න කට හදනකොටම අපේ සද්දෙ ඇහිල ආපු සුද්දයි මාදුවයි මගෙ අතින් අල්ලගෙන පැත්තකට එක්ක ගියා.

මේ පිංසිද්දවෙයි කටපියාගෙන පැත්තකට වෙලා ඉන්නවද අපි මේ ගනුදෙනුව බේරගන්නං...

මට මොකද ඕනෑ මඟුලක් කරගනිල්ල කියල මම වෙල පැත්තට පල්ලම් බැස්සා.ටිකකින් සුද්දයි මාදුවයි එක්ක මොනවද කිය කියා බබා ඇතින්න මහ හයියෙන් හිනාවෙන සද්දෙ මට ඇහුණා.මුං දෙන්න වැඩේ ගොඩදාගෙන වගේ කියල මට හිතුණා෴

88 comments:

  1. "බබා ඇතින්න" මොකා උනත් නම තියපු එකා ලෙසටම තියලා වගේ. ඔය නංවානම් හදන උනට ඕකට පුදුම හැකියාවක් තියෙන්නෙ ගැලපෙන විදිහට නම් හදන්න.

    ReplyDelete
    Replies
    1. අනිවා. බොටත් කැමරා කටා කියලා ලෙසටම තියලා තියෙන්නෙ.

      Delete
    2. නම් පටබැඳීම සම්බන්ධයෙන් අපේ ගමේ අය කප්ගහල ඉන්නෙ ශ්‍රීනාත්.නමක් දැම්මොත් දැම්මමයි.

      Delete
    3. Yashyantha Srinath වගේම බිලොග් අවකාශයේ අනිත් මිතුරන්ටත් අපි පටබැදි නමකින් කතා කරන්නේ අපේ තියන දැඩි මිත්‍රත්වය නිසා.කවුරැ හරි ඒ නම අපහාස උපහාස කරන්න පාවිචිචි කරනවනමි මම නමි ඒකට විරැද්ධයි.මිත්‍රත්වය වෙනයි කැතකම වෙනයි

      Delete
  2. හැක් හැක්. අපරාදෙ අරුන් දෙන්නට තිබුනෙ මොකද වෙන්නෙ කියල ටිකක් බලාගෙන ඉඳලා බහින්න. එහෙම උනානම් හැලපයිය ගුටි කාපු හැටිත් අහගන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ගැහුවා නං එහෙම එපා කියන්ඩයැ.අනික ඇතින්නියකගෙන් පාරක් කන්න කාටද පුළුවන්.

      Delete
  3. මට බාබා යගා යකින්න, අර සුරංගනා කතා වල ඉන්නේ.......... මුන් දෙන්න ඒකිවත් ගොඩ දාගත්තා එහෙනම්

    ReplyDelete
    Replies
    1. ගොඩ දාගත්ත කියන්නෙ එහෙම ගොඩදා ගැනීමක් මගෙ ජීවිතේට දැකල නෑ.කතාවෙ ඉතුරු ටික බලන්නකො.

      Delete
  4. ඔබ වැනි මිනිසෙකුගේ පිරිපුන් බව හොදින් දුටුවෙමි මේ කතාව තුළ මම.

    ReplyDelete
    Replies
    1. නලින් කියන්නෙ සුද්දා සමග සංවාදය ගැන වෙන්න ඇති.

      Delete
    2. ඔව් අනිවාර්යෙන්ම ඒ ගැන තමා කිව්වේ.

      Delete
  5. අර උඩම තියන පොටෝවේ ගල් තලාවට නේද එදා අටමයි මායි එක්ක ගියේ.

    ReplyDelete
    Replies
    1. හපොයි.... ඊට පස්සෙ මොකුත් භයානක දෙයක් සිද්ද උනේ එහෙම නෑ නේද? :D

      Delete
    2. ඔව් ඔව් අපි යනකොට කැමරාව ගෙනියන්න අමතක උනානෙ.මම පස්සෙ ගිහිං ගත්තෙ.ඔන්න ඔතන තමා කොළේ පාගන්න ලැස්ති කරල තිබ්බෙ.

      Delete
    3. ප්‍රසන්න,
      නෑ නෑ මොකුත් නෑ අහිංසකයෝ දෙන්න පරිස්සමෙන් ආපහු එක්කං ආවා.

      Delete
    4. අපොයි නෑ ප්‍රසා උඹව දකින්න රත්නපුරේ ආවාම අපි යහතින් ආවේ ඒ වගේම තමා.

      Delete
  6. /බලු කතා කියනකොට එතනදිම පලදෙනව කියන්නෙ ඕකනෙ...රතුළූණු කනේ අතුල්ලන ගමන් සුද්ද කියනවා./

    ඌ නං සිරා පොරක්. ඒකයැ අර කලිං ඉතුරු කරපු වරහන් වහන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. සිරා පොරක් කියන්නෙ ඌ වගේ පොරක් ඉන්නවනං ඌම තමා ඔන්න.ඉතුරු කරපු වරහන් සියල්ලම වහන්නට බැඳී සිටිමි.

      Delete
  7. මං හිතුවේ කොළ මැඩිල්ල පැත්තක තියල ඇඩ්වාන්ස් එකක් අරන් බෝතලේ ගහල ඉඳියි කියල.. සක්.. දැන් ඒකට කොලේ ඉවරවෙනකම්ම ඉන්න වෙනවනේ..

    ReplyDelete
    Replies
    1. අම්මප මුන් නං එහෙම එවුන් තමා.විළි ලැජ්ජාවෙ බැරි නිසා ඇඩ්වාන්ස් ඉල්ලුවෙ නෑ බං.

      Delete
  8. එඩුවගෙ සොමියත් තවම නෑ. අපි මේ මග බලං ඉන්නෙ එඩුව එනකල්.

    ReplyDelete
    Replies
    1. එඩුවගෙ සොමියට කිසිම ජනප්‍රසාදයක් නොතිබුන නිසා කිව්වෙ නැත්තෙ.දැන් මේ වෙනකොට කීප දෙනෙක්ම අහනවා.අයම ලියන්න ඕනෑ.

      Delete
  9. එතකොට උඹ අර ස්මින්‍රොෆ් බෝතල් වල දාලා දුන්නේ සුද්දගෙ බඩුද.. ඒක තමයි අර හස්තිරාජයෝ වගේ මල් කැකුළු තැන තැන වැටිලා පරවෙලා උන්නේ...

    වෙලාවකට ඒවත් හොඳ වැඩියි කියලා හිතෙන්න ඇති නේද හැලපේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න බලහං. බොලත් ඉතිං බෝතලේ ලේබලේ දැක්ක හැටිය හිතුවෙ රට බඩු කියල නේද?

      Delete
    2. මමත් මේ හිත හිතා හිටියේ අපි ගැහුවේ සුද්දාගේ පලතුරු ඉස්මද එදා කියල හිටං.....මෙගා බෝතලම විස්සක් ගෙනාවලුනේ, කෝච්චි පාටියෙන් ඉතිරි ටික වෙන්ටෑ අපිට දෙන්ට ඇත්තේ...!?

      Delete
    3. කස්ටිය හිටු කියලා ලඟ නැමුවා නේද... සෝයි...

      Delete
    4. අනේ උඹල ගැන කවදාවත් එහෙම හිතන්නෙ නෑ බං.දුප්පත්කමේ හැටියට දෙන්න හැකි ඉහළම දේ දෙනව මිසක.

      Delete
    5. ප්‍රසන්න,ඒ ආපු අයට බෝතල් ගැන උගන්නන්න මට බෑ බං.

      Delete
    6. චෙපාකි,
      එහෙම දෙන්නට ඉතුරු වෙලා තිබ්බ නං මට ඊට වඩා සන්තෝසයක් නෑ.මොකද අවුරුදු දොළහක් පරණ බඩුනොවැ එතකොට.ඉතුරු හරිය සුමානෙ යනකොට පට පට ගාල ඉවර උනා.

      Delete
    7. නියමෙට හදපු පළතුරු කියන්නේ සුපිරි පානයක්. කෝ මේ පත්තර මලයා. කියා දීපන් බං මේවා ගැන. හරියට හදලා තියනවනං විස්කි පරාදයි.

      Delete
  10. එතකොට උඹ හස්ති වියරුව නොහොත් Rampage බලලා තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඇත්තම ෆිල්ම් එක දවසක් ටීවී එකේද කොහෙද බැලුවා.ඊට පස්සෙ දැක්කෙ බබා ඇතින්නගේ හස්ති වියරුව.අවංකවම නියම හස්ති වියරුව අරුන් දෙන්න දකින්න ඇති.කතාවෙ ඉතුරු හරිය දානකල් ඉඳින්කො .

      Delete
  11. සුද්දා ආය එකතු වෙලාද කියපං බලන්න අයියේ.... අහිංසක මනුස්සයා

    ReplyDelete
    Replies
    1. පවුලත් එක්කද නෑ බං එකතුවෙන්න ඌ කවදාවත් කැමති උනේ නෑ.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. මීට පස්සෙ පාටියක් දානවනම් ගල් අරක්කු හොදටෝම ඇති ( නැත්තං මොනා පොවයිද දන්නෙ නෑ ).
    හැලපෙ අයියලගෙ පැත්තෙ නියම චරිත ටිකක් ඉන්නවනෙ. සුද්ද දිගටම තනිකඩව හිටියද ? නැත්තම් දිලිනි එක්ක ශෙප් උනාද ?

    ReplyDelete
    Replies
    1. ආතර් හම්බ උනේ නැද්ද තාම.

      Delete
    2. දෙකක් දාන එක බ්ලොග් ලෝකයට හඳුන්වාදුන් කම්මලට... චියර්ස් !

      Delete
    3. ප්‍රසා, දැන් මම යන එන හැම තැන ආතර් අයිය එක්ක තමයි.

      ප්‍රා, චියර්ස්..... එදත් චියර්ස් කියල ඇරල දාල තියෙන්නෙ වෙල් ෆැන්ට තමයි.

      Delete
    4. ප්‍රසා, දැන් මම යන එන හැම තැන ආතර් අයිය එක්ක තමයි.

      ප්‍රා, චියර්ස්..... එදත් චියර්ස් කියල ඇරල දාල තියෙන්නෙ වෙල් ෆැන්ට තමයි.

      Delete
    5. මීට පස්සෙ නං ගල් අරක්කු තමා.මොනාටද ආයෙ කසිප්පු පෙව්වා කියල අහගන්නෙ.
      සුද්ද දිගටම තනිකඩව හිටියෙත් නෑ දිලිනි එක්ක සමාදාන උනෙත් නෑ පස්සෙ වෙන ලඳක් කැන්දන් ආවා.

      Delete
    6. ප්‍රා,
      ඔය ඒක ගහනකොට දෙක වදින්නෙ කොහොමද කියල මම මුගෙන් දවසකුත් ඇහුවා.කොහෙද කියන්නෙ නෑනෙ.

      Delete
    7. මේක මම වැඩිදියුනු කරන ක්‍රමයක් . පරේශණ මට්ටමේ තියෙන්නෙ,
      තරහ අවසර පලතුරු වඩියකින් පෙරාපුවට කසිප්පු කියන්ඩ එපා, රත්තරං වතුර කියන්ඩ ආයුබෝවන්ඩ. අපේ ඕක පෙරන එකා ඉතාලි ගිය හින්ද කාලෙකින් බොන්න බැරිව ගියා.

      Delete
    8. වෙලාවක ආවනං කම්මලේ සුද්දට කියල වඩියක් ගස්සගන්න තිබ්බා.

      Delete
  14. ඇත්තටම සුද්දනං මාර ඩයල් එකක් තමයි. අච්චර ඌට දේවල් කියලත් රතුළූණු අතුල්ලන්න ආපු එකෙන්ම ඒක පේනව.

    අර කමිය කියල තියෙනව වගේ මාත් හිතුවෙ කොල පෑගිල්ල පැත්තක තියල තුන්දෙනා බෝතලේට සෙට්වෙයි කියලයි.

    ReplyDelete
    Replies
    1. තුන්දෙනා බබා ඇතින්න පෙරහරේ එක්ක ගියා කියලයි අපිට නං ආරංචිය.....

      Delete
    2. තුන්දෙනා කොහොම වෙතත් හැලපෙනං අනිවාර්යෙන් යන්න ඇති. අන්විස්වාසබල් මිනිහනෙ.

      Delete
    3. ඌ බැන්නට හිතේ කිසිම කහටක් නෑ ප්‍රසන්න.බෝතලේට සැට් උනේ වැඩේ කරලයි.නැත්නං අර මනුස්සයට පව්නෙ.

      Delete
    4. චෙපාකිට නං දිවැස් තියෙනවා.තුන්දෙනා කෙසේ වෙතත් දෙන්නෙක් නං පැහැදිලිවම පෙරහැරේ ගියා.

      Delete
    5. ප්‍රසන්න,
      නෑ බං මාව පෙරහැරේ ගෙනිච්චෙ නෑ.

      Delete
  15. කොහොම වුනත් සුද්දා හිත හොඳ මනුස්සයෙක් පාටයි.. පහු කාලෙක දෙන්න සමාදාන වුනාද ?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම සුද්ද බොහොම හිත හොඳ මනුස්සයෙක්.ඒත් අවාසනාවට පහුකාලෙකවත් දෙන්න සමාදාන උනේ නැති බවයි කියන්න තියෙන්නෙ.

      Delete
  16. හෙහ්, අරුන් දෙන්නා හැලපෙව ඇදගෙන ගියේ නැත්තං ඒ ඉස්තිරියාව හැලප කාලා තේ බොනවා.

    අපේ ලොකු අක්කගේ දෙවැනි පුතාට පොඩි කාලේ සුදුපුතා කිව්වා. දැන් ඔක්කොම කියන්නේ සුද්දා කියලා.

    වෙන් වෙන්න යන පවුලක් ඇත්ත පැහැදිලිකර දී එකතුකිරීම පිනක්.

    ReplyDelete
    Replies
    1. සුදුපුතා කියල පටන්ගත්තට පස්සෙ සුද්දා වෙනව.
      වෙන් වුන මේ පවුල වෙනුවෙන් නම් ඒ පින අයිති කරගන්නට බැරිඋනා.

      Delete
  17. අලි ඇත්තු එක්ක හැප්පෙන්න යන්න එපා හැලපයියෙ. මේ ලඟදිත් කාටද අලියෙක් ගැහුවා නේද?
    ඒක නෙමෙයි. මේ කතාවෙ එන චරිත නිකං බොගාලන්ත වැසියන්ගෙ නම් එක්ක මොකක්දෝ මෙව්වා එකක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නං දාන්න අමාරු නිසා නම් පටබැන්දා මදාවියෝ.

      Delete
  18. පහුගිය පෝස්ට් එකයි මේකයි දෙකම තාම කියවන්න උනේ නැහැ...
    පොඩ්ඩක් බිසී...
    පස්සේ එන්නම්...

    ReplyDelete
    Replies
    1. හරි හරි වැඩ එක බ්ලොග් දෙක.කරදරවෙන්න එපා වැඩ කටයුතු ඉවරවෙලා නිවාඩු පාඩුවෙ කියවන්න.

      Delete
  19. අද දැක්කට දුක තමා.. කියවන්න වෙලා මදි බං. හවසට හවසට...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං බොටත් තියෙන්නෙ සුළුපටු වැඩ තොගයක්යැ.හිමිහිට කියවපන්.

      Delete
  20. මං හිතුවෙ අර මනුස්සෙයගෙන් කලින්ම සල්ලි ඉල්ලගෙන බෝතලයක් ඉවර කරලම කොළ පාගන්න යයි කියලා.....
    දෙපැත්තකට වෙච්ච දෙන්නෙක් එකතු කරන්න හදන එකනම් හොද වැඩක්....... ඒත් එතකොට උන්ට අපිව පේන්නෙ හතුරුකමට එහෙම කියනවා වගේ........ අඩුම දරුවො ගැනවත් හිතන් නෑ...............

    ReplyDelete
    Replies
    1. ඔව් කොහොමත් කෙන්තියෙන් ඉන්නකොට හරි වැරැද්ද පෙනෙන්නෙ නෑ.අවවාද කරන්න යන අයත් පේන්නෙ හතුරො වගේ.

      Delete
  21. හැක් හැක්...
    කොල පාගන් ගියාම වෙන සංගදි නං ලොවෙත් ැ නැද්ද
    ගල් තලා වල කොල පාගන සින් නං මෙහෙ නෑ කමත් සුද්ද කරනව ඒත් සමහර පලාත් වල නං දැක ල තියේ
    දැං නැනෙ ඒව
    හාවස්ටරේ නැත්තං අර කැෂර් තඩිය එපා වෙනව

    ReplyDelete
    Replies
    1. ගල්තලාව කිව්වට ඊට පොඩ්ඩක් මෙහායින් කොළේ පෑගුවා.කමත් නම් දැන් නැතිම තරම්.

      Delete
  22. හෙහේ, බබා ඇතින්නගේ බඩ යටින් රිංගුවා නම් හැලපයියාගේ අපල එහෙමත් දුරු කරගන්ට තිබ්බානේ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් අරුන් දෙන්න නම් බබා ඇතින්නගේ බඩ දකින්න ඇති.

      Delete
  23. පේන විදිහට වඩි ගහන නිසාම නමක් හදාගත්ත පොරක් වගෙයි 'සුද්දා'.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බා ගේ පරිකල්පනය විශිෂ්ටයි.

      Delete
  24. සුද්දයි මාදුවයි ඇදගෙන නොගියනං හැලපේට ඇතින්නක් ගහලා සෑහෙන්න අමාරැ වෙන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. එහෙනං,මට මොනා වේවිද කියන්න බෑ.

      Delete
  25. සුද්ද රස්සාවට අමතරව තවත් වැඩ රාශියක් කරනවා,කුඹුරු ගොවිතැන,ගොඩ ගොවිතැන,හුරතල් මාළු විකිණිල්ල,කිරි හරක් ඇතිකිරීම ආදී වශයෙන්-- උත්සහවන්ත කෙනෙක් වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් හරිම උත්සාහවන්තයි.නමුත් උත්සාහයේ තරමට ප්‍රතිපල ලැබෙන්නෙ නෑ.

      Delete
  26. අර පත්තැයා සුද්දා ඇතිකරපු හීලා එකෙක්ද දන්නේ නෑ. මොක නැත්තම් ඒ වෙලාවේදීම හලප්යියව කාවේ

    ReplyDelete
    Replies
    1. ඉවාන්,ගෙවල්වල ඇතිකරන බල්ලොත් ඉන්නවලු ඔයවගේ තමන්ගෙ ස්වාමියට එරෙහිව එන අයට හපාකන.අන්න ඒ වගේ පත්තෑ පැටියෙක් වෙන්න ඇති.

      Delete
  27. හැලපෝ,

    කෝ බන් , දාහන්කො බබා ඇතින්න ගේ ෆොටෝවක්.

    මොකක්ද මේ දාල තියෙන ෆොටෝ ව..

    ---------------------

    අනික

    දැන් දිලිනිට මොකද වුනේ?/?

    ReplyDelete
    Replies
    1. බබා ඇතින්නගේ පොටෝ මගේ ළඟ ඇත්තේ එකම එකකි.එයද ඇත්තේ මගේ පරණ පෝන් කටුවේය.ඒ ගැන නැවත ලියමි.
      දිලිනි ගෙදර ගියා මිස නැවත එන්නට ලැබුනේ නැත.

      Delete
  28. ශා....ඔන්න මං ආවා දිගටම එන්න බලන්.......

    ReplyDelete
    Replies
    1. සතුටුයි.දිගටම එන්න.ආදරයෙන් පිලිගන්නවා.

      Delete
  29. අද වෙද්දී සුදා සහ දිලිනිගේ කතාවට මොකද වෙලා තියෙන්නේ. දෙන්න සාමදානෙන් ඉන්නවද ? තාම දෙන්න දෙපොලේද ?

    ReplyDelete
    Replies
    1. නෑ කියලයි කියන්න තියෙන්නෙ.සුද්දා වෙන විවාහයක් කරගත්තා.දිලිනි තනියම ඉන්නවා.ඒ ගැන ඉදිරියට ලියන්නං.

      Delete
  30. සුද්ද කියන්නේ හොඳ යාළුවෙක්. ඉතින් එදා කමතේ බීවද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම සුද්ද හොඳ යාළුවෙක්.නොබී කොහොමද හොඳටම බීවා.

      Delete
  31. සැහ්...පලතුරු කියන්නේ ජාති පානයක් නේ....
    මාත් එකම එක පාරක් සප්පයම් වෙලා තියනවා....තැපෑලිකය් හරීම මෙව්වයි...
    හැලපයා පලතුරු පෙරන්න දන්නේ නැතෙයි.....
    ඒ කෙසේ වෙතත් කතාව නම් ලස්සනයි....
    ඔන්න යන්න ක්ලින් කොක්කත් ගැහුවා

    ReplyDelete
    Replies
    1. පළතුරු පෙරන්නට මම දන්නෙ නැතත් සුද්දා දන්න නිසා ප්‍රශ්නයක් නැත.
      පැමිණීම ගැන සතුටුයි,දිගටම එන්න.

      Delete
  32. දෙවෙනි කොටස කියෙව්වම පලවෙනි කොටස නොකියවා ඉන්නම බැරි වුණා. මේ දවස් වල ලැප් එකේ අවුලක් නිසා ටැබෙන් බැලුවේ අද උදේ. තව ඩින්ගෙන් වැඩට යන්න පරක්කු වෙනවා. රුසියාවේ කසිප්පු රස කර කර බිව්වට දේශීය එක කසියා කියලා බැහැර කොරනවා. මොකද අපේ එවුන්ව අපිට විශ්වාස නැති නිසා. කලාවන් කොරනවානේ ආයිබෝවන්ඩ. මේ දවස් වල මම ඔෆිස් එක ඉස්සරහ තියෙන කෝප් එකෙන් බඩු ගන්න යනවා. ඒකෙත් ඉන්නවා බබා ඇතින්නක්. හැකි වුණොත් ෆොටෝවක් ගන්න බලන්නම්.

    ReplyDelete

ඔබේ අදහස්