Monday, August 31, 2015

එඩුවගේ සොමිය බ්‍රින්දොංක් වද කඳවුර තර්ටි ෆස්ට් නයිට් සහ ආරියගෙ ඩ්‍රෙස්කෝඩ් එක


අපේ එඩුවා ගැන මම මීට කලින් කීප වතාවක් ලියල තියෙනවා.අර බෙල්ලො අමුවෙන් කන්න ලැබුනෙ එඩුවලගෙ ගෙදරදිනෙ.ඉතිං එඩුව දෙන ආතලුත් සුපිරිම ආතල්. යන්තං උදේ එකොළහ පහුවෙද්දී මු නලියන්න ගන්නව.ඔන්න එතකොට පොර හංදියේ මල්කඩේ ළඟ තියෙන පබ් එකට ගිහිං රෙඩ් වයින් වීදුරු දෙකක් දාගෙන එනව.ආයෙම තවටිකකින් ගිහිං තව ෂොට් එකක් දාගන්නවා.ඔය විදියට දවල් කෑම වෙලාව වෙද්දී පොරට හොඳ ගණන්.කියන්නෙ මොනවද කියල ඌම දන්නෙ නෑ.එඩුවා මොනව හරි කිව්වයි කියපුවම කවුරුත් අහන්නෙ කිව්වෙ උදේද දවල්ද කියලයි.උදේ කිව්වනං අප්සෙට් එකක් නෑ පිළිගන්න පුළුවනි හැබැයි දවල් කියපු දෙයක් නම් තවදුරටත් සොයා බලන්න වෙනවා මොකද මු දවල්ට වැඩිපුරම පිස්සු කියවන නිසා.මු කරපු වැඩ කීපයකුත් කියන්නංකො දැනගන්නත් එක්ක.
ඔන්න එක වතාවක් අපට අමුත්තෙක්ව දවල් කෑමට ගෙනියන්න නගරයෙ ප්‍රසිද්ධ භෝජනාගාරයකින් මේසයක් වෙන්කරගන්නට අවශ්‍යවුනා. මොකද මේසයක් වෙන්කරගන්නෙ නැතිව ගියොත් වාඩිවෙන්න මේසයක් ලැබේවිද කියන්න බැරි තරමට සෙනග පිරෙන නිසා. විශේෂයෙන්ම ඒ භෝජනාගාරයේ කෑමට දෙන රෝස්ටඩ් ඩක් හෙවත් රෝස්ට් කළ තාරා මස් හරිම ප්‍රණීතයි.බොහොමයක් පාරිභෝගිකයන් දවල්ට මේ භෝජනාගාරයේ පිරෙන්නෙ ඔවුන් පිළිගන්වන ප්‍රණීත තාරා මස වළඳන්නටයි.මේ තාරා මසට පෙම් බැඳී මමත් කඩෙන් තාරාවෙක් අරන් ගිහිං ගෙදරදී රෝස්ට් කරගන්න උත්සාහ කළා නමුත් සාර්ථක උනේ නෑ.ඔය වගේ එක එක තැන්වලට ආවේනික රසයන් ඇති කෑම වර්ග අපට නිබඳවම අත්දකින්නට ලැබෙනවා.චෙන්නායිවල හැඩොස් ක්ලබ් එකේ පිළිගන්වන කෝලි ෆ්ලවර් හෙවත් ගෝවා මල් බයිට් එකත් ඒ ක්ලබ් එකටම ආවේණික කෑමක්.කුළුබඩු දමා හොඳින් තම්බා සහ සෝස් දමා ප්‍රණීතව උණුවෙන් පිළිගන්වන මේ කෑම වර්ගයත් ගෙදර හදන්න අපි නොයෙක් විදියට උත්සාහ කලත් හරිගියෙ නෑ.පස්සෙ ගෙදර හදන්න උත්සාහ කරන එක නවත්තල ක්ලබ් එකෙන්ම කෑවා.හැඩොස් ක්ලබ් එක සාමාජිකයන්ට පමණක් වෙන්වුන ක්ලබ් එකක් නිසා හැමදෙනාටම යන්න බෑ.අපේ හිතමිත්‍ර රෝච් ඒ ක්ලබ් එකේ ප්‍රබල සාමාජිකයෙක් නිසා ඔහුට අමුත්තන් කීප දෙනෙක්ව ඇතුළට ගෙනයන්නට පුළුවනි.මාසෙකට කීප දවසක් අපි රෝච් එක්ක ඔය ක්ලබ් එකට යනවා.හැබැයි ඒ යනකොටත් ඩෙනිම් ටී ෂර්ට් එහෙම ඇඳගෙන සෙරෙප්පු දාල ගියොත් ඇතුළට ගන්නෙ නෑ.හොඳට කලිසමක් ෂර්ට් එකක් ඇඳල සපත්තු දාගෙන යන්න ඕනෑ.මොකද ක්ලබ් එකේ ඩ්‍රෙස්කෝඩ් එක අනම්‍යයි.රිසෙප්ෂන් එකේ අය හරිම දරදඬුයි.

ඔන්න ඩ්‍රෙස්කෝඩ් කියද්දී මට තව කතාවක් මතක් උනා.ඔය අපි ඉන්න වත්ත කෑලි කඩල විකුණද්දී වත්තෙ ඈත කොණේ තිබ්බ පරණ අයිතිකාරයගෙ ගේත් ඉඩම් කෑල්ලක් එක්ක වික්කා.ගේ කිව්වට පොඩිපහේ වලව්වක්.ඕක ගත්ත මනුස්සයා ගෙයි බාහිර පෙනුම එහෙම්මම තියෙද්දි ඇතුල කඩල රෙපෙයාර් කරල තීන්ත ගාල අලුත් පෙනුමක් දීලා ගෙයි ක්ලබ් එකක් දැම්මා."ගම්බද උත්සව ශාලාව සහ භෝජනාගාරය" කියල නමකුත් දැම්මා. මොන නම් දාල ලස්සනට කළත් සිද්දඋනේ අරක්කු විකිණිල්ල.හැබැයි මිනිහට අරක්කු වෙළඳාමට ලයිසන් තිබ්බෙත් නෑ.ඒ නිසා හොරට අරක්කු වෙළඳාම කළා කිව්වොත් වඩා නිවැරදියි.මේ ගම්බද රෙස්ටුරන්ට් එකේ අයිතිකාරයා කුස්සියෙ චෙෆ් හැටියටත් වැඩකළා.එතකොට වේටර් වැඩේ කරන්න  වයසක මනුස්සයෙක් ගෙනත් හිටියා.හරිහමන් බයිට් එකක් කමින් නිවී සැනසිල්ලේ අඩියක් ගහන්නට තැනක් නැතුව හිටපු වත්තෙ පදිංචිකාරයන්ට ගම්බද රෙස්ටුරන්ට් එක ක්ෂේම භූමියක් උනා.අපි ගම්බද රෙස්ටුරන්ට් එකේ නිත්‍ය ගනුදෙනුකරුවන් බවට පත්වුණා.නම කෙටිකරල අපි කිව්වෙ ගම්බදේ කියලයි.අඩුතරමින් සතියකට දෙතුන් සැරයක් අපි  ගම්බදේට ගිහිං මිත්‍ර සමාගම් පැවැත්තුවා .ඔන්න අපි දෙතුන් දෙනෙක් ගම්බදේට ගිහිං මේසෙක වාඩිවෙනවා.ගම්බදේ කෙයාටේකර් සහ වේටර් වැඩේ කරන වයසක මනුස්සයා  එතනට එනවා.ඊට පස්සෙ ඇතිවෙන කතාව මෙන්න මෙහෙමයි.

හා මහත්තේල කාලෙකිං, පහුගිය ටිකේ දකින්නවත් හම්බ උනේ නෑ නොවැ...

ඔව් ජයතිලක අයියෙ දන්නැද්ද එන්න තරං විවේකයක් තිබ්බෙ නෑ එක එක වැඩ,කොහොමද  බිස්නස් සරුද...

දෙයියන්නෙ පිහිටෙන් බිස්නස්වල වරදක් නෑ මහත්තයො,ඉතිං මහත්තේල මොනවද බොන්නෙ...

අදත් තියෙන්නෙ ගල් වෙන්න ඇති නේද...

ඔව් මහත්තයො වෙන ජාති ගෙනාවට විකිණෙන්නෙ නෑ නොවැ...

එහෙනං ගල් බෝතලයක් ගේන්නකො...

කන්න මොනවද...

කන්න ජයතිලක අයියෙ  අපට චිකන් ඩෙවල් එකක් ගේන්න...මම පැනල කියනවා.

අනේ ඒව නං නෑ මහත්තයො කුකුල් මස් තියෙනවා...

එහෙනං මොනව කරන්නද, බැදපු කුකුල්මස් එකක් වත් ගේන්න...

ඉතිං ගම්බදේ වැඩ සිද්දවෙන්නෙ ඔන්න ඔය විදියටයි.රහමෙර සහ විනෝදය යන දෙකම නොඅඩුව ලැබෙනවා.ඒවගේම ගොඩක් වෙලාවට වේටර්ට අපට ඉස්සෙල්ල වැඩිවෙනවා.අපි ඒ වැඩේ කරන්නෙ හිතලමයි.ඌ පැත්තකට වෙලා පිස්සු කෙළිනකොට අයිතිකාරය ඇවිත් ඌට බැන අඬගහනවා.

මොනවද අංකල් කරන්නෙ, තමුසෙ හැමදාම ඔහොමයි,බීගෙන පිස්සු කෙළිනකොට මෙතන වැඩ කරන්නෙ කවුද...

උඹ කටවහගෙන ඉඳින්,මගේ වැඩ ටික මම තිතට කරල ඇති...

කෙළින් හිටගෙන ඉන්නවත් බැරි ජයතිලකත් පැටලෙන්න යනවා.අපි උන් දෙන්නට රණ්ඩු වෙන්න ඇරල ගාන ගෙවලදාල මාරුවෙනවා.ඉතිං ඔන්න ඔය විදියට කාලය ගෙවිල ගිහිං ඒ අවුරුද්දෙ දෙසැම්බර් මාසෙත් ළඟාවූනා.ගම්බදේ අයිතිකාරයට අලුත්ම අයිඩියා එකක් ආවෙ මේ කාලෙදියි.මොකක්ද කිව්වොත් ගම්බදේ තර්ටි ෆස්ට් නයිට් එකක් සංවිධානය කිරීම.වැඩේ ප්ලෑන් කරල එහෙම මිනිහ ටිකට් ගහල වික්කා.ටිකට් එකට ලැබෙන පැකේජ් එක මෙහෙමයි.මුළු පවුලටම වෙල්කම් ඩ්‍රින්ක් එක සහ කෙටි කෑම කියන්නෙ ෂෝට් ඊට්ස් ඔය කඩවල එහෙම ගහල තියෙනව මම දැක්කා සෝටීස් කියල සෝටීස්, රයිස් කියල රයිස් කියන්නෙ ප්‍රයිඩ් රයිස්.ගොඩක් අය ලේසියට ප්‍රයිඩ් රයිස් ගෙනිහින් කනවනෙ.මම දන්න ත්‍රීවීල් එළවන මල්ලි කෙනෙක් ඉන්නව ඌට හැමදාම දවල්ට ගෙදරින් කෝල් එකක්.

මට ළමය බලාගන්නයි උයන්නයි දෙකක් කරන්න බෑ තමුසෙ එනකොට රයිස් එකක් අරං එනවා...

ඉතිං තුන්සිය හැටපස් දවසෙම රයිස්.ආසාවට වත් ගෙදර ගෑනි උයල දෙන බත්කටක් කන්න නෑ.ත්‍රීවීල් කියනකොට මතක්උනේ අර මම ලියපු රතු අක්කගෙ කතාව  මතකද,ඒ රතු අක්කගෙ පුතත් දැන් ටවුමෙ ත්‍රීවීල් එකක් හයර් කරනවා අපි ඌට විජිත කියමු.ඌ බැඳල ටික කාලෙකින් ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා වෙන්න ඇති පවුල රටගියා.දැන් විජිත තනි තන්ඩලේ රස්සාව කරගෙන ගෙදර ඉන්නවා.ඔහොම ඉන්නකොට තනිකම කම්මැලිකම පාළුව සහ මෝල් අමාරුවත් දැනෙනවනෙ.මූ මොකද කළේ පාරෙන් එහා පැත්තෙ වෙන්දේසියේ විකුණපු වත්තට පදිංචියට ආව මිනිහ දාල ගිය කාන්තාවක් එක්ක ඇයි හොඳයියක් පටන් ගත්තා.ඒ ගෑනුකෙනා විජිතට වඩා ගොඩක් වැඩුමල් කියන්නෙ ගෑනිගෙ ලොකු දුවත් මුගෙ වයසෙ වගේ.ඌට ඒව ගාණක් නෑ මොකෝ ගෙදර එක්කං එන්ඩයැ කොටුව පනිනවා විතරනෙ කියල දිගින් දිගටම ඇයි හොඳයිය පවත්වාගෙන ගියා.වැඩේ ජයටම යද්දි ඉතිං කටකතා පැතිරෙනවනේ ඕව ගමේ ගෑනුන්ගෙන් හංගන්න බෑනෙ.විජිතගෙ අක්කලටත් මේ කතාව ආරංචි උනා.ඒ අක්කල හරි සැරයි.අක්කල දෙන්න මූට කතා කරල සැරයක් දෙකක් අවවාද කළා.

මල්ලියෙ අපි උඹට දොස් කියන්නෙත් නෑ ඒ උනාට උඹ කරන වැඩේ හරිමදිනෙ, ටිකක් හිතල බලපංකො අපි කොහොමද රට්ටුන්ඩ මුණ දෙන්නෙ කියල.උඹට හොඳ යහපත් බාර්යාවක් ඉන්නව පදිංචියට ගෙයක් තියෙනවා මොකෝ අපි ඔය ගෙයි පදිංචියට එනව කියලයැ අර මනුස්සය තව අවුරුද්දකින් හමාරකින් ලංකාවට එනවනෙ එතකල් ඔය එක එක ගෑනු එක්ක පැටලෙන්නෙ නැතුව මනුස්සයෙක් වගේ ඉන්න බැරිද?

ආදී වශයෙන් හොඳින් අවවාද කරනකොට මුත් අහගෙන ඉඳල අවවාද ඔක්කොම පිළිගත්තා.ඒ ඔක්කොම දවසයි දෙකයි ආපහු අර ගෑනිගෙ ගෙදර යනවා.අවවාද කරල බැරි තැන විජිතගෙ අක්කල තද තීරණයක් අරගෙන මුගෙ ක්‍රියා කලාපය මේ විදියයි කියල පවුලට දන්වල ඇරියා. එහෙම කරල මුව ගෙදරින් එලවල දැම්මා.

අපේ මුණෙ දැලි ගාපු කාලකන්නියා තෝ අරකිගෙ ගෙදරටම පල ආයෙ මේ පැත්ත පළාතෙ එන්න එපා...

එහෙම එලවල දාල මාස කීපෙකට පස්සෙ උගේ  පවුලත් රට ඉඳල ආපහු ලංකාවට ආවා.උගේ කිව්වහම මතක් උනේ තව කතාවක්.ඔය වස්කඩුව පැත්තෙ ජයටම රා මදින මන්ඩියක මල් කපන මනුස්සයො දෙන්නෙක් උන්ගෙ උපකරණෙකට රණ්ඩු වෙලා ගහගෙන පොලිසි ගිහිං නතරවෙලා නෑ සාමය කඩකිරීමේ චෝදනාවට කළුතර උසාවියට දැම්මා.දැන් මල් කපන්නෝ දෙන්නා විත්තිකාරයයි පැමිණිලිකාරයයි වශයෙන් දෙපැත්තෙ ඉන්නවා පොලිසිය පැමිණිල්ල ඉදිරිපත් කළා. නඩුකාරතුමා මොනවටද ගහගත්තෙ කියල විත්තිකාරයගෙන් ඇහුවා.

හාමුදුරුවනේ ලබ්බ උගේ, උගේ මගේ...

විත්තිකරු කියාපි.නඩුකාරතුමා හොල්මන්ද පොල්කොළ වෙලා ගියා යකෝ මු මේ මොකක්ද කියන්නෙ ලබ්බ උගේ උගේ මගේ නඩුකාරතුමා ආයෙම ඇහුවා.

තමා කියනදේ උසාවියට පැහැදිලි වෙන්නට කිවයුතුයි...

මට කියන්න තියන දේ තමයි කිව්වෙ හාමුදුරුවනේ ලබ්බ උගේ උගේ මගේ...

නැවත නැවතත් එක දේම මු කියන එකෙත් මොකක් හරි අභ්‍යන්තරයක් තියෙනව කියල තේරුම් ගත්ත ඒ ඥානවන්ත නඩුකාරතුමා තමන්ඩ නොතේරෙන දේට විත්තිකාරයට බැන අඬගැහුවෙ නෑ කෙලින්ම නඩුව කල් තිබ්බා.ඊට පස්සෙ ගෙදර ගිහිං රා කර්මාන්තයේදී යොදන පාරිභාෂික වචන ගැන ප්‍රාමාණික දැනුමක් ඇති අයගෙන් මේ මනුස්සයා කියපු වාක්‍යයේ තේරුම අහල දැනගත්තා. තේරුම මෙහෙමයි.ලබ්බ කිව්වෙ රා මදින අය රා පෙරන්න ගෙනියන ලබුකැටේ.ඒ ලබුකැටේ පැමිණිලිකාරයගෙ.ලබ්බ උගේ කිව්වෙ ඒකයි.ඔය රා මදින අය ඉනේ එල්ලගෙන යන උපකරණයක් තියෙනවනෙ,මල් කපන පිහිය එතකොට බේත් පොල්කට්ට ආදී කළමනා කලප්පන්න දාගෙන යන පෙට්ටිය වගේ එකක්.අන්න ඒකට කියන්නෙ උගේ කියල.ඒ පෙට්ටිය විත්තිකාරයාගෙ, උගේ මගේ කිව්වෙ ඒකයි.ඉතිං ඔන්න ඔය ආකාරයට නඩුව පැහැදිලි කරගත්තලු.

මදැයි ඉතිං පටන්ගත්තෙ කොහෙන්ද ආවෙ කොහාටද.දැන් කියන්නට කතා හතර පහක්ම තියෙනවා,දිගටම වංගු ගැහුවනෙ.කියන්න තියෙන කතා ටික ඉස්සෙල්ලම බලමු.එඩුවගේ පිස්සු කෙළීම.ඒ ඒ තැන්වලට ආවේණික රසයන් ඇති කෑම වර්ග.ඊළඟට ගම්බදේ තර්ටි ෆස්ට් නයිට් පාටියෙ විස්තරේ සහ ආරිගෙ ඩ්‍රෙස්කෝඩ් එක.විජිතගේ පවුල් පලහිලව්ව.ඉවරකරගන්න ලැබුනෙ නඩුව විතරයි.සියල්ලම පිළිවෙලින් කියන්නට බලාපොරොත්තු වෙනවා.ආ බ්‍රින්දොංක් වද කඳවුර කියන්නෙ මොකක්ද කියල අහන්න එපා ඒ කොටසත් එඩුවගෙ කතාවටම අයිතියි.ඔය පිංතූරෙ තියෙන්නෙ ඒ වද කඳවුරට ඇතුල්වීමේ දොරටුව.උඩ තියෙන පිංතූරෙ ගූගල් සර්ච් කරල හොයාගත්තු එකක්.අනික් පිංතූරෙ එතනම මම ගනිපු එකක්.  එඩුවා බලාසිටී පසුබිමේ එඩුවී සහ හැලපැට්ටා වද කඳවුරට ඇතුල්වන ආකාරය.  වද කඳවුර ගැන වචනයක් වත් ලියල නැතත් ලස්සන නිසා පිංතූර දැම්මා.බලාපොරොත්තු නොවුන ආකාරයට වට වංගු තිබ්බ නිසා කතාව උවමනාවට වඩා දික්වුනා.ඉතුරු වුන හරිය කොටස් හැටියට ඉස්සරහට ලියන්නං ෴

90 comments:

  1. මේක කියවද්දි මට මතක් වෙන්නෙම ගම්පෙරලියෙ බලදාසයි හීන්මැණිකයි ඒදන්ඩෙදි හම්බ උනාම කෙරෙන දෙබස් සහ සංගීතය

    ReplyDelete
    Replies
    1. නියමයි බං.දැක්ක වෙලාවෙ ඉල ඇදෙනකල් හිනාවුනා.

      Delete
  2. Replies
    1. කරදර වෙන්න එපා බං මේක කියෝල වැඩක් නෑ. ඊගාව එකම කියොපං ඉඳගෙන.

      Praසන්ன

      Delete
    2. මදෑ... ඩක් මස් කන්න මේසේ බුක් කරන්න ගියා. හැක්.

      Delete
    3. ඔක්කොම ලියනකල් ඉඳින්.

      Delete
    4. ප්‍රසන්න,
      ඔව් බං ඔක්කොම එකසැරේ කියවන්න බැරුවයැ.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. හැක් හැක්... හැලපයියා වස්කඩුවෙද? තෙලිදියත් ඒ කිට්ටුවම තමා.
    වස් කියන්නෙ බට වලටලු, කඩුව කියන්නෙ කැලේටලු. ඒ පැත්තෙ බට කැලයක් තිබිල තියෙනවාලු ඉස්සර.
    වස්කඩුව ගැන තව හොඳ හොඳ කතා තිබේලු. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් පානදුරා වාදයට ගියේ වස්කඩුවෙ ඉඳල වස්කඩු කොල්ලන්ගෙ කර පිටින්ලු.

    හැලපයියා ඒ පැත්තෙ ආවොත් තෙලිදිය අමතන්නකෝ. එතකොට බැරියැ උගෙ ලබ්බ නෑ නෑ උගේ සහ ලබ්බ හැබැහින් පෙන්නන්න.

    ReplyDelete
    Replies
    1. ඔන්න වස්කඩුව නම හැදුන හැටිත් දැනගත්තා.ඔව් ඔව් ආවොත් නොවැරදීම කතාකරන්නන් තෙලිජ්ජ ලබ්බකුත් ලැස්ති කරලා තියන්නකො,

      Delete
    2. තෙලෝ, අම්මේ උඹත් "නොම්බර එක" ඉස්ටේසම කිට්ටුව එල කකුලක්ද?

      Delete
  5. දහඅට වංගුව නැගල හුන්නස්ගිරියට ආව වගේ හැලපයියේ. ලබ්බේ සහ උගේ පිංතුරයකුත් දැම්මනං ගති. සුපුරුදු හැලපස්ටයිල් කතාව.

    ReplyDelete
    Replies
    1. උගේ ලබ්බේ පිංතුරයක් දාන්න තිබුනා ඩොල්කි ගහපු වෙලාවේ

      Delete
    2. ලබ්බේ පින්තුරයක් නැති එක ලොකු අඩුවක් නේද නලින්.

      Delete
    3. මෙන්ඩා,
      එවෙලේ පිංතුරයක් ගත්තෙ නැද්ද බං.

      Delete
  6. අනේ හම්මප මෙහෙමත් පඳුරු තැලිල්ලක්. කතාවෙ මුල මතක නෑ අප්පා. :D
    මේකත් හරියට ඉවර නොවෙන කතන්දරේ වගේ.....

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ ලියන්න ගත්තම ඉවර වෙන්නෙ නෑනෙ .

      Delete
  7. / ඔය රා මදින අය ඉනේ එල්ලගෙන යන උපකරණයක් තියෙනවනෙ,මල් කපන පිහිය එතකොට බේත් පොල්කට්ට ආදී කළමනා කලප්පන්න දාගෙන යන පෙට්ටිය වගේ එකක්.අන්න ඒකට කියන්නෙ උගේ කියල /

    මම දන්න විදිහටනම් හැලප, උගේ කියන්නෙ පෙට්ටියක් වගෙ එකකට නෙවෙයි. ලබු කැටේ පහසුවෙන් එල්ලගෙන යන්ට ඒ වටේ වේවැල් වලින් වියල හදන රැඳවුමක් වගෙ එකකට. ඒකෙම උඩින් තියනව ලබ්බ උස්සගෙන යන්ට අල්ලුවකුත් ( Handle )

    ඔය ලබ්බ උගේ කතාව මෙහෙමයි. ලබු කැටයකට අලුතෙන් උගයක් දාගන්ට ගිහින් දුන්නම ඒ වැඩේ බාරගත්තු මනුස්සය කරල තියෙන්නෙ උගයක් දාල එහෙම ලබ්බ උගෙ පාවිච්චියට අරගෙන. ලබ්බ අයිතිකාරය නඩුකාරය ගමට ආපු වෙලාවක මේ ගැන පැමිණිලි කරල. ( සුද්දගෙ කාලෙ එහෙම තිබ්බලු ගම් වලට ගිහිල්ල ගමේ ලොකු සියඹලා ගහක් නැත්තන් කොහොඹ ගහක් යට සුළු පැමිණිලි විසඳන සර්කිට් කෝට්ස් වගෙ ක්‍රමයක්. ලෙනාඩ් වුල්ෆ්ගෙ මතක සටහන්වල තියනව එහෙම නඩු විසඳපු අවස්තාවන් ගැන බොහොම රසබර තොරතුරු.)

    ඒ පාර සුදු නඩුකාරය ලබ්බයි ලබ්බ දැන් පාවිච්චි කරන මිනිහයි දෙන්නම ගෙන්නල ඇහුවලු මිනිහගෙන් " මේ ලබු කැටේ තමාගෙද ?" කියල.සුද්ද ඇහුව කිව්වට අහන්ට ඇත්තෙ තෝල්කයා.ඒ පාර තමයි ඒ මනුස්සය කිව්වයි කියන්නෙ " අනේ හාන්දුන්නේ, ලබ්බ උගේ ඒත් උගේ මගේ " කියල.

    ReplyDelete
    Replies
    1. ස්තුතී අයියේ

      Delete
    2. අනේ උගේ ලබ්බ. :D

      Delete
    3. ඔය පාඨය අහල තිබුණට කතාව හරියටම දැනගෙන හිටියේ නෑ. ස්තුතියි!

      Delete
    4. උගේ ගැන විස්තරයට බොහොම ස්තුතියි රවී.මම අහල තිබ්බ කතාවෙ තිබුන විදියටයි මම කතාව ලිව්වේ.ඇත්තටම ඔය වේවැල් රැඳවුම ගැන ඇහුවෙත් රවී කියපුවමයි.මම හිතුවෙ අර ඉනේ එල්ලගෙන යන පෙට්ටිය උගේ කියලයි.

      Delete
    5. ඔය ගැන විචාරක ලියලා තිබ්බා. ඒකෙත් තිබ්බෙ වේවැල් හැ‍ඬල් එක ගැන තමා.

      Delete
  8. නියම කතා ටිකක් පැලකරගෙන ගිහිල්ලා... දැං ඉතිං බලන් ඉමු පැල ලොකු වෙලා ඵල දරනකල්..ලබ්බෙයි උගෙයි කතාව මම අහල තියෙන්නෙත් රවි අයියා කිව්ව විදිහට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං පැළ පල දරනකල් බලං ඉන්ට වේවි.

      Delete
  9. කෝ කතාවේ අවසානය..?
    ඊලග කොටසන්වත් 31 නයිට් එක ගැන කියනවද?

    ReplyDelete
    Replies
    1. උඹට ඔළුව හොඳ නැද්ද හැලපයියගෙන් කතාවක අවසානයක් ගැන අහන්න...

      Delete
    2. හරියට හරි..ඉට වඩා ලේසි අපේ ගැනිගෙන් රැ100/=ක් ඉල්ල ගන්නවා

      Delete
    3. කතාව අවසාන වෙන ආකාරය නං මමවත් නොදනිමි.හැබැයි 31 නයිට් පාටිය ගැන ඊළඟ කොටසේ ලියමි.

      Delete
    4. ලොකු පුතා ,
      අන්න එහෙම දන්න අය නොදන්නා උන්ට කියල දෙනවා නං මට කරන ලොකු උදව්වක්.

      Delete
  10. මගේ උගේ ඌ ගත්තා
    උගේ ලබ්බ මං ගත්තා!

    ReplyDelete
  11. අපෝ අනේ කතා ඉවරකරලා නෑ නේ :(( තර්ටි ෆර්ස්ට් එක ගැන ලියන්න ඈ ඉක්මනට

    ReplyDelete
    Replies
    1. මගේ සහ ලෙකුගේ කමෙන්ට් එක බලන්න

      Delete
    2. හරි හරි දුක්වෙන්න දෙයක් නෑ.තර්ටි ෆස්ට් නයිට් එක ගැන ඊළඟට ලියනවා.

      Delete
  12. ඉතුරු ටික නෑනේ.. අපරාදේ..
    ගොඩක් කාලෙකින් තමයි මේ පැත්තේ ආවේ.

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම කියන්න එපා ඉතුරු ටික නැතිවෙන්නෙ නෑ ඉක්මනට ලියනවා.ඔබ පහුගිය කාලෙ ආවේම නෑනෙ.ලොකු අඩුවක් තිබුනා.

      Delete
  13. ඉවරයක් නැතත් කතා ටික හොඳයි, උගෙයි මගෙයි ලබ්බේ සීන් එක තමයි මරු...

    ReplyDelete
    Replies
    1. ලබ්බේ සීන් එක කොහොමත් මරුනෙ බං.

      Delete
  14. උගේ ආච්චිට.. හුහ්.. ලබ්බ සීයට.. ලබ්බට තියපු අත උගේ ටත් තියන්න කලින් ඉතුරු ටික ලියමුද?

    ReplyDelete
    Replies
    1. හරි හරි කලබල වෙන්න එපා ලියමු ලියමු.

      Delete
  15. මෙන්න ලබ්බ උගේ උගේ මගේ

    රතු අක්කගේ පුතා එක එක කාලෙට එක එක ගෑණි ලඟට යනවනම් ඌට විජිත කියලා මදි. විජිතමුණි කියමු.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔය පෝස්ට් එකේ කමෙන්ට් එකක තියෙනවා සතාසිවම් නඩුවෙ විසඳුම අපැහැදිලී කියලා. ඒ ගැන නිවැරදි විස්තරයක් තියෙනවා ඒ නඩුව ගැන අවසන් පරීක්ෂණය කරපු ඔස්ට්‍රේලියානු "අධිකරණ වෛද්‍ය සිඩ්නි ස්මිත්" ලියපු "Mostly Murder" කියන පොතේ. ඒකේ සිංහල පරිවර්තනය අභය හේවාවසම්ගෙ "ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම්" කියන පොත. ඒකේ තියෙනවා සවිස්තරාත්මක වාර්තාව.

      මේ පෝස්ට් එකට අදාල නැති දෙයක් උනත් දැන ගන්න එක වටිවී කියලා කමෙන්ට් එක දැම්මෙ හැලපෙ අයියේ...

      Delete
    3. මේ පොත ගන්න තැනක් කියපන්

      Delete
    4. මම ගත්තෙ නම් පිටකොටුවෙ ගුණසේන එකෙන් 2002 දි. මං මේ ලඟදි ගිය වෙලාවෙත් තියෙනවා දැක්කා. බැරි උනොත් කියන්න ගෙනත් දෙන්නම්.

      Delete
    5. ඈ විචා මම ඒ කතාව දැනගෙන හිටියෙ නෑනෙ.

      Delete
    6. ශ්‍රීනාත්,
      ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම් පොත කොටස් දෙකයි.මීට වසර දහයකට විතර කලින් මම පොත් දෙක අරගෙන කියෙව්වා.

      Delete
    7. මැන්ඩා,
      පොතේ කොටස් දෙකම මගෙ ළඟ තිබෙනවා දෙන්න වරෙන්.

      Delete
    8. මට දෙවෙනි කොටස හොයාගන්න බැරි උනා. ඕඩර් එකක් දාලවත් ගෙන්න ගන්න ඔනෙ.

      Delete
    9. ශ්‍රීනාත් සතාසිවම් නඩුවෙ කතාව තියෙන්නෙ දෙවෙනි කොටසෙ මම හොයාගෙන බැලුවා.ඒකෙන් කතාවක් ලියන්න හිතෙනවා.

      Delete
  16. නෝනේ ඒසී කැබ් ඕනෙද

    http://syndi.wikasitha.com/load.php?url=http://sunrisecabs.blogspot.com/2015/08/none-ac-8-12-seater.html

    ReplyDelete
  17. හැලපෙඅයියෙ හෙතන පොඩි ඉඩක් තියාගංට මං ආයි එනවා ඈ...

    ReplyDelete
    Replies
    1. ඕකේ ඕකේ ගිහිං වරෙන් උඹට ඕනෑ වෙලාවක මේ බ්ලොගේ ඉඩ තියෙනවා.

      Delete
    2. ඔය පරණ වලව් රෙස්ටෝරන්ට් කිරිල්ල මෙහෙත් තියෙනවා හැලපෙ අයියෙ. ඒකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා.
      වෙලාවක යන්න රක්වාන-දෙනියාය පාරෙ සූරියකන්ද පිවිසුම පහුකරලා ප්‍රධාන පාරෙ උසම හරියෙ තියෙනවා ගල්තලා තියෙන තේවත්තක්. පට්ට සීන් එක. බෝතල් පෙරලෙන හුළඟ. අන්න බොන්න කියාපු තැන්.

      Delete
    3. අනික බං ඔය පරණ වලව් රෙස්ටොරන්ට්වල බොද්දි හොඳට වදිනවලු නේද.

      Delete
  18. කෑමකට අත්ගුණේ බලපානවා නේද මචං? ඒක වෙන්නැති ඔය සමහර කෑම අපි හැදුවම රස නැත්තේ. දැන් ඉඳිආප්ප මිශ්‍රණයේ, ආප්ප මිශ්‍රණයේ, එතකොට ‍තෝසෙ මිශ්‍රණයේ පදම ගන්න කොයි තරම් අමාරුද! ඒකට කාලයක් ගතවෙනවා.

    ReplyDelete
    Replies
    1. උයන්ට බැරි අයට එහෙම තමාලු...:P

      Delete
    2. එක එක තැන්වල තියෙන කෑම ඒ තැනටම ගිහින් කෑවම ඔය කචල් එක නෑ ඩූඩ්.....
      මම නම් එහෙමයි...හෙක් හෙක්..

      Delete
    3. පැහැදිලිවම අත්ගුණේ බලපානවා.ගොඩක් වෙලාවට අත්ගුණේ අදාළ වෙන්නෙ ගෙවල්වල සුළු පරිමාණයෙන් උයන විටදීයි.නමුත් මම මෙතන කිව්වෙ ඊට වඩා පුළුල් අර්ථයෙන් විශාල බේකරි වගේ ආයතන වලත් නොවෙනස් ආවේණික රසයක් රඳවා ගන්නට ඔවුන් සමත්වෙනවා කියන එකයි.

      Delete
    4. පොඩ්ඩි,
      ඒ කියන්නෙ ඔයාටත් එහෙමයි කියලද.

      Delete
    5. චෙෆාකි,
      වැඩේ නං පිළිවෙලයි තමා හැබැයි පරිස්සමින්.

      Delete
  19. මේක කියවලා ඔලුවත් එක්ක අවුල් වුනා...:D

    ReplyDelete
    Replies
    1. චඃ හරි අප්සැට් එක නේද පොඩ්ඩි.

      Delete
  20. දැන් 31 නයිට් එකේ කුමක් සිදුවීද?
    පවුල රට ඉඳන් ආවම සිදුවුනේ කුමක්ද ?
    නඩුකාරයා නඩුවට දුන් තීන්දුව කුමක්ද?
    හැමදාම රයිස් කාලා අර ත්‍රීවීල් මල්ලිත් කොටු පැන්නාද?

    ReplyDelete
    Replies
    1. සියල්ලම ඉදිරියේදී හෙළිවේවි.දැනට කියන්නට ඇත්තේ එපමණයි.හබැටි පුතා නඩුවේ කතාව නං එතැනින් ඉවරයි ආයෙ අහන්න එපා.

      Delete
  21. අයියෝ රුපියල් 5 .. :-D

    ReplyDelete
    Replies
    1. මොකක්ද රුපියල් පහ බයිට්ස් ද

      Delete
  22. ආවේ කොහේද ගියේ කොහේද බං හැලපයියේ.මේකත් අර "මොනාලිසා"කතා වස්තුව වගේ වේවිද හිටං.

    ReplyDelete
    Replies
    1. කියන්න බෑ කොහොම වේවිද කියල හිටං .

      Delete
  23. කොටුගොඩ කොටුගොඩ කොටුගොඩ....

    ReplyDelete
    Replies
    1. ගොඩක් නෑ බං එක කොටුවයි.

      Delete
  24. මරු කතාව මචෝ.... උගේ කතාව...

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ ඉතුරු කතා වැඩකට නෑ කියන එකද.

      Delete
  25. අම්මෝ කාලෙකිං නියම හැලපයියා දැක ගත්තා... මොන වරහන වැහුවෙ නැතත් විජිතයගෙ කතාව නං ලියල ඉවර කරහං මයෙ දෙය්යෝ...

    ReplyDelete
    Replies
    1. වරහන් සියල්ලම එකින් ඒක වහන්නට මතක තබා ගනිමි.

      Delete
  26. හැලපයෝ,මේකනං වට වන්දනාවේ ගියාවගේ බොල ඔලුවත් කැරකෙනවා :-)

    ReplyDelete
    Replies
    1. වට වන්දනාවේ ගියානං හොඳයිනෙ බොල.මොන තරං පිනක්ද.

      Delete

ඔබේ අදහස්