Sunday, October 11, 2015

ත්‍රිකෝණය




ඈ හාමිනේ අපේ රංජිත් ඉස්කෝලෙ මහත්තය ගැන මොකද හිතන්නෙ...

පත්තරෙන් දෑස් ඉවතට ගත් ජයතිස්ස ලොකු ඉස්කෝලෙ මහත්තයා එහෙම ඇහුවේ  පියවතී හාමිනේගෙනි.අතේ තිබූ කොස්ස බිත්තියට හේත්තු කළ ඇය ගවුමට උඩින් ඇඳ සිටි චීත්ත රෙද්ද තද කර ඇඳ ගත්තාය.

මොකෝ මහත්තය හදිස්සියෙන්ම එහෙම ඇහුවෙ?...පියවතී හාමිනේ ඇසුවේ ඉස්කෝලෙ මහත්තයාගෙනි.ඇසේ තිබු කන්නාඩි කුට්ටම නළලට කරගත් ඉස්කෝලෙ මහත්තයා කතාකරන්නට විය.

නෑ හාමිනේ වෙන මහත්තුරු මේ කැලේට ආපුදා ඉඳල කරදරයි අමාරුයි පහසුකම් නෑ කියල නාහෙන් අඬනව.කොහොමහරි මාරුවක් හදාගෙන යන්නනෙ බලන්නෙ.ඒ උනාට බලන්ඩකො රංජිත් මහත්තය කවදාවත් බැරි අමාරුකම් කියල යන්න හදල තියෙනවද...

ඒක නං සහතික ඇත්ත මහත්තයො කරදර ගැන වචනයක්වත් නොකිව්වට හොඳට පහසුකම් ඇතුව හැදිච්ච යමක් කමක් ඇති තැනක ළමයෙක්ලු මම දවසක් කතා කළානෙ...

ඔන්න මිනිහ ඒ ගමන අක්කර දෙකක මිරිස් දාළලු.කුඹුරු කෑලි තුන හතරකුත් බද්දට කරනවනෙ, තමන් ඉන්න තැනේ හැටියට හැඩ ගැහෙන්න දන්න කෙනෙක්.මම රංජිත් මහත්තයට බොහොම මනාපයි. කොල්ලො ඉන්න ඕනෑ ඔහොම තමයි කෙල්ලො වගේ නාහෙන් අඬල හරියනවැයි ...

රංජිත් මහත්තය අපේ පවුලට නරකද මහත්තයො...

ඕං ඕකම තමයි හාමිනේ මමත් ඇහුවෙ,හාමිනෙත් ඒකම අහන එක අපූරුයි...

එහෙනං තොරතුරු හොයල බලන එකයි.හැබැයි ලොකු දූට වඩා ටිකක් මිටියි වගේ නේද, ළමය කැමති වේවිද දන්නෙ නෑ ...

ඕන්නං අඟලක් දෙකක් උස අඩු ඇති කවුද එහෙම ගණන්ගන්නෙ අපේ ලොකු දුවත් දණ්ඩ වගේ උසයි නොවැ,ඉස්කෝලෙ වොලිබෝල් කණ්ඩායමටත් ගැහුවෙ ඒ නිසානෙ...

ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාට දුවරුම දෙදෙනෙකි.ලොකුදුව දිලිනි වන අතර පොඩි දුව නයනිය.දෙන්නාම රුවැත්තියන්ය.දුරින් මස්සිනා වෙන තරුණයෙක් නයනිට නම නියමකරගෙන තිබුනේ පාසැල් සමයේ සිටම වන අතර දැන් ඒ කසාදය ස්ථිරය.දීග දෙන කෙල්ලෙකුට ඉන්නේ දිලිනි පමණය.රංජිත් දුෂ්කර සේවය සඳහා ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා මුල්ගුරුකම දරන ගල්ගමුවේ පාසැලට ආවේ අවුරුද්දකට පමණ පෙරය. කොළඹට නුදුරු සැපදායක පළාතක උපන්නෙකුවූ රංජිත්ගේ පියාද විදුහල්පතිවරයෙකි.පාසල් සමයේ සිටම ක්‍රීඩාවට වැඩි නැඹුරුවක් දැක්වූ රංජිත් දුර දිවීමේ ශූරයෙකු විය.ඔහු පාසල් ක්‍රීඩා සඳහා කීප වතාවක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සංචාරවලට සහභාගීවී ඇත.විදේශයන්හිදී ජයග්‍රහණ වාර්තා කළ අයට ඒ හේතුවෙන්ම ක්‍රීඩා ගුරු පත්වීම් ලබාදීමට රජය තීරණය කර තිබු හෙයින් රංජිත්ටද පාසැලෙන් ඉවත්වී අවුරුද්දක් යන්නට පෙර ක්‍රීඩා උපදේශක කමක් ලැබිණි.දුෂ්කර සේවය සඳහා පැමිණි ගල්ගමුව  ඔහුගේ දෙවෙනි පාසැල විය.

පැමිණ අවුරුද්දක් ගතවන්නට මත්තෙන් එතෙක් කිසිම ක්‍රීඩාවක් නොතිබූ පාසැලෙන් කලාප තරඟ හා දිස්ත්‍රික් තරඟවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවීමට රංජිත්ට හැකිවීම ජයතිස්ස මුල් ගුරුතුමා දුටුවේ ඔහුගේ ජයග්‍රහණයක් ලෙසය.ක්‍රීඩාවට යෙදවුනේ පාසල් කාලයෙන් ඉතා ටිකක් බැවින් රංජිත්ට ගුරුවරුන් නොමැති සමහර පන්තිවල පාඩම් ගන්නට විටින් විට සිදුවිය.එහෙත්  රංජිත් උගන්වන විට  ඔහුගේ ගන්ටාර කටහඬ ශාලාවේ ඈත කෙළවරේ උගන්වන ගුරුවරුන්ටද කරදරයක් බව ටික දවසකින්ම මුල් ගුරුතුමාට පැමිණිලි ලැබෙන්නට වීම මුල් ගුරුතුමා දැඩි අපහසුතාවකට පත් කරවන්නක් විය.එහෙත් මොළේ කල්පනා කර වැඩකළ මුල් ගුරුතුමා ඊට පසුව රංජිත්ට පංතියක් බලාගන්නට දෙනවිට කිව්වේ,

රංජිත් මහත්තයො ගුරුවරයෙක් නැතුව  තුනේ පංතියේ එව්වො කෑගගහ ඉන්නව මහත්තය උන් ටිකත් අරගෙන ආං අර කෝං ගහ යටට යන්නකො...කියාය.

පාසල් වෙලාවෙන් පසු රංජිත්ට විවේකය බොහෝ වුයෙන් ගමේ අනෙක්  ගැමියන් කරන්නාක් මෙන් ඔහුද හේනක් කොටන්නට පටන් ගත්තේය.රංජිත් හේන් වැඩ කරන්නට නොදන්නා බැවින් ඔහු හේන කෙටෙව්වේ කුලියටය.කලට වැසි වැටී හේන හොඳින් පැහුණු බැවින් ගොවිතැන් ගැන රංජිත්ට ඇතිවුනේ ආසාවකි.ඊළඟ කන්නයේදී පාළුවී තිබු කුඹුරු කෑලි දෙක තුනක් බදු අරගෙන කරන්නටද ඔහු පෙළඹුනේ ඒ නිසාය.පාලුවට ඇරෙන්නට ගිය හේනේ මිරිස් පැළ ඉන්දුවේද කුලී කරපු ගැමියන්ගේ කීම නිසාය.

රංජිත් මහත්තය දැන් හොඳ ගොවියෙක් වෙලානෙ...

වගාව බලන්නට දවසක් ආ ලොකු  මහත්තයා කීවේ රංජිත්ගේ ගොවිතැන ගැන සතුටිනි.රංජිත්ගේ නවාතැනට ආපහු යන ගමනේ ලොකු මහත්තයා ඔහුගේ වං හුං අහන්නට උනේ වෙනදා මෙන් ආවට ගියාට නොවේ.

එතකොට මහත්තයට අක්කයි නංගියි විතරයි...

ඔව්   ඒ ගොල්ල බැඳල ගමෙන් පිට ගියා.මල්ලිලා දෙන්නා පහුගිය කලබල කාලේ පොලීසියෙන් ගෙනිහින් අතුරුදහන් කළා...

මොනවා මහත්තයො...

ලොකු මහත්තයා පාරමැද නතරවුණේ ගල් ගැසුනාක් මෙනි.

75 comments:

  1. Replies
    1. කියවන්න පුළුවන් කියල හිතෙනවා නං ඔව්.

      Delete
    2. ලැබෙන ප්‍රතිචාර අනුව තමා බං.හොඳ නං ඔව් නරක නං නෑ.

      Delete
  2. :O

    තව තියෙනවා වගේ නේද ? ඔක්කොම කියවලා බලමු

    ReplyDelete
    Replies
    1. හොඳයි.බොහෝවිට තව කෑලි කීපයක් තියේවි.

      Delete
  3. ඕඕඕඕ...
    මේ මොකක්ද???
    තව තියෙනවා නම් දැනුම් දෙන්න එපැයි...
    හ්හ්ම්ම්ම්
    දැන් ත්‍රිකෝණේ මුළු තුන කොයි...???

    ReplyDelete
    Replies
    1. ඒක තමයි,මේ මොකක්ද කියල මටත් හිතාගන්නට බෑ.
      කලින් නොදැන්වීම ගැන කමන්න
      මුළු තුන පසුව පෙනේවි.ඉවසන්න.

      Delete
  4. තව තියෙන්නම ඕනේ, නැත්නම් හැලප කන එක නවත්තනවා ඕ....යේස්...

    ReplyDelete
    Replies
    1. හපෝයි කලබල වෙන්න එපා.

      Delete
  5. හොඳයි, ටිකයි, හොඳටෝම දිග මදි :(

    ReplyDelete
    Replies
    1. සැටිපිකෙට් ඇත්ත.දිග මදි කියල මටත් හිතුනා.

      Delete
  6. ගලෙන් තල්ලුකරා වගේ නතර කරලනේ ......

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ලබ්බ පොළේ ගැහුවා වගේ නේද?

      Delete
  7. මදි මදි හොඳටම මදි... අර අනික් කතා වලට උනා වගේ මේකෙ ඉතුරු ටික එනකම් බලන් ඉන්න වෙයිද දන්නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත,අනික් කතාවල ඉතුරු ටික ආවනං මේකටත් ටිකක් බලං හිටියම මොකෝ.

      Delete
  8. අපරාදේ රේන්ද ටික.

    ReplyDelete
    Replies
    1. අපරාදෙ නේන්නං,දැන් ඉතිං ඒ ටික ඔයාගෙ පාවිච්චියටවත් ගන්න.

      Delete
  9. මොකා.. කිසිම වැදගැම්මක් නැති තැනකින් නවත්තල නෙව..

    ReplyDelete
    Replies
    1. තුන් පාරක් කියවලත් අයිඩියා එකක් ආවේ නෑ බං..

      Delete
    2. එහෙනං තව පාරක් කියෝපං හිටං.

      Delete
    3. ඇත්ත කිසිම වැදගම්මකට නැති තැනක්.තුං පාර නෙවෙයි හැට පාරක් කියෙව්වත් අයිඩියා එකක් එන්නට විදියක් නෑනෙ බං මේ වගේ කුණු පෝස්ට් එකක.

      Delete
    4. තව කෑලි කිහිපයක් තියේනං ඉතිං... අවුලක් නෑ හිටං.. හැක්

      Delete
  10. මේක වෘතයක් නේ අනේ... කිසිම කොනක් පේන්න නෑ නොවැ... එක්කෝ ත්‍රිකොනේ මැද ඉන්නේ ඔය කියන රංජිත් ද?

    ReplyDelete
    Replies
    1. වාතයක් නොකියා වෘතයක් කිව්ව එක ලොකු දෙයක්.ඊළඟට වෘත්තේ ත්‍රිකෝණේ වේවි.ඒක කොච්චර දුරට ගණිත මුලධර්ම වලට ගැලපෙනවද කියල කියන්න ඕනෑ ගණන්කාරියන් වන ඔයගොල්ලෝයි.

      Delete
    2. වෘතයක් කියලා වචනයක් නෑ. වෘත්තයක් මිසක්කා.

      Delete
    3. මෙතනට ගැලපුනේ නැතුවට වෘතය කියල වචනයක් නං තියෙනවා ඇනෝ.ශීල වෘතය,නිහඬ වෘතය කියල එහෙම අහල නැද්ද?

      Delete
    4. පිළිතුරු දීම ගැන ස්තුතියි හැලපේ. හැබැයි ඒක ව්‍රතය මිස වෘතය නොවෙයි. සංස්කෘත හෝ හොඳ සිංහල ශබ්දකෝෂයක් බැලුවොත් ඔබට වැටහෙයි.

      සංස්කෘතයේ වෘත කියන වචනය "ආවරණය වුණු, (යමකින්) සමන්විත හෝ පිරුණු, තෝරාගන්නා ලද" යනාදී අදහස් දෙන අතීත කෘදන්තයක්.

      මුනිවත, තවුස්වත ආදී තැන්වල දී අදහස් වෙන්නේ ව්‍රතය කියන වචනයයි. circle කියන අදහස දෙන වෘතය යනුවෙන් වචනයක් නැති බවත්, එය වෘත්තය බවත්, වෘත යන්න ඉහත කියන ලද තේරුම්වලත්, ව්‍රතය යන්න religious vow එහෙම නැත්තං pious practice යන අරුත්වල යෙදෙන බවත් තමයි කියන්නට තියෙන්නේ. පිළිගැනීම හෝ නොගැනීම ඔබේ වැඩක්.

      Delete
    5. කණගාටුයි අනේ මගේ වැරදි සිංහල. හරියටම හරි වෘතය නෙවෙයි 'ව්‍රතය' තමයි. මට ලියන්න ඕනේ කලේ 'වෘත්තය' කියල. ලියල දැම්මට පස්සේ අවුලක් වගේ දැනුනත් වැඩේ ගණන් ගත්තේ නැතුවට සමාවෙන්ට කට්ටිය.

      Delete
  11. දැං අපි බොලාට ගල් ගහන්න ඕනද, නැත්තං මේකෙ ඉතුරු ටික ඉක්මනට දානවද.

    ReplyDelete
    Replies
    1. දෙන්නත් එක්ක එකතුවෙලාම ගල් ගහමු.දැන් ගාණත් නග්ගල නේද?

      Delete
  12. //නතරවුණේ ගල් ගැසුනාක් මෙනි.//

    ReplyDelete
  13. ඉතුරැටික කෝ?
    එල ද බ්‍රා කතාවක් ඉතුරැ කොටස දෙන්න නමලා ඇදලා

    ReplyDelete
    Replies
    1. සෙස්ස පස්සට,හරි හරි දන්න වැඩ දාල ලියමුකො.

      Delete
  14. මොනව මහත්තෙය...?

    රංජිත් ඉස්කෝලෙ මහත්තයා කිව්වහම මට මතක් උනේ කේ. ජයතිලකගෙ චරිත තුනක්.

    ඔය වගේ පිටිසරකට ආව ගුරුවරයෙක්, එහෙං කසාදයක් කරගෙන පදිංචි වෙච්ච කතාවක් තියෙනව මඩවලගෙද කොහෙද අලුත ගෙනා මනමාලි කියලා. ඒකෙන් ලංකාවෙ සමාජ පරිවර්තනයෙ එක යුගයක් පෙන්නුම් කරනවා හොඳට... හැබැයි එයා කියන්න යන්නෙ ෂෝක් එකට තිබ්බ ගම පස්සෙං පහු සරුව පිත්තල සමාජයක් බවට පත්වෙනවය කියලයි...

    ReplyDelete
    Replies
    1. ලියද්දිං මටත් චරිත තුනක් මතක් උනා.කොහොමත් ගම දැන් සරුව පිත්තල වෙලා අහවරයි හොඳම ගම තියෙන්නෙ ටවුමෙ.

      Delete
  15. පාර මැද යමිං හිටපු ගමන නැවතිලා නතර උනේ ගල් ගැහුනා වගේ තමයි.හරියට අර ඩිෆෙන්ඩරේ බස් දෙකට අහු උනා වගේ.. මතු සම්බන්ධයි නේද හැලපයියේ?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මතු සම්බන්ධ වේවි.

      Delete
  16. //මල්ලිලා දෙන්නා පහුගිය කලබල කාලේ පොලීසියෙන් ගෙනිහින් අතුරුදහන් කළා...//

    ලොකු ඉස්කෝලේ මහත්තයා මේ කතාවට අකැමතිවෙන්ට ඇති.

    ReplyDelete
    Replies
    1. අකමැති උනාය කියල ඒ ගැන රංජිත් මහත්තය වග කියන්න ඕනෑ නැහැනෙ පොඩ්ඩි.

      Delete
  17. නැවතීම 'ගල් ගැහුනා' වගේ උනත් සිත් ඇදගන්නා ශෛලියක්.

    ReplyDelete
    Replies
    1. ඒ මා ලියන සාමාන්‍ය ශෛලියයි.

      Delete
  18. මිනිහා උත්සාහවන්තයානේ. අක්කයි නංගියි දෙන්නවත් බලාගෙන මිනිහත් පවුලක් පන්සලක් වෙලා ඉන්නේ නැතෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනං,මනුස්සයට අඩුපාඩුවක් නැහැනෙ.

      Delete
  19. හැලපයගෙ බ්ලොක් එක කවුරු හරි හැක් කරල ද?

    ReplyDelete
    Replies
    1. මොකෙක් හරි හැක් කරල කමෙන්ට්ස් වලට උත්තර දානව නං මම හරි කැමතියි කොණ දෙමලෝ.

      Delete
  20. මොකක්ද බං ඒ නතර කරපු තැන? මම හිතන්නේ උඹ අතින් වැරදිලා පබ්ලිෂ් බට්න් එක එබුනා, එහෙම නේද? හරි, ඉතුරු ටික ඉක්මනට දාපංකෝ. මේකේ රිදම් එකට මම කැමතියි. ඔය දුශ්කර පළාත්වලට යන රජයේ සේවකයින්ට ලැබෙන එක අවවාදයක් තමයි අර මැල්ලුමනං කන්නෙපා කියන එක. ඒක කෑවාම එහෙම බින්න බහිනවලු වශී වෙලා.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කිව්වොත් ටිකක් හදිසියෙන් තමා දැම්මෙ බං.වැරදුනේ නං නෑ.අපේ පැත්තට එන අයට ලැබුණු අවවාදෙ නං අහවල් අහවල් ළිං වලින් නෑවොත් බින්න බහින්න වෙනවාම තමා කියලයි.අපේ මහගෙදර තියෙන නාන ළිඳත් ඉන් එකක්.ආයෙම තියෙනව නිට්ටඹුවට එන උන් වීරසිරි හෝටලෙන් කෑවොත් ආපහු යන්නෙ නෑ කියල.උඹට මෙහෙම අකරතැබ්බ වෙලා නෑ කියල මම හිතනවා.

      Delete
  21. හැලපේ පෙන්නනවා කීව තුන කෝ..?..

    කුතුහලය,ත්‍රාසය,භීතිය,ප්‍රේමය,ශෝකය,සන්තාපයෙන් පිරි හැලපේගේ තුන අතිසාර්ථක සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ බිලොග් අඩවි තුලදි නරඹන්න.ටිකට් පත් සීමිතයි.කලින්ම වෙන්කරවා ගන්න.

    කතාව කියවන්න ආසහිතෙන විදියට උඹ ලියලා තියනවා.උඹේ දක්ෂකමට අපෙන්.........(හිස් තැනට උඹ කැමති එකක් දාගනින්)

    ReplyDelete
    Replies
    1. දාන්නෙ මොකද්ද කියල මම මේ කල්පනා කොළේ.තුන බලන්න නං දිගටම වරෙන්.

      Delete
  22. සැහ්..... තා සූට්ටක් ඉතර දික් කරලා ත්‍රිකෝණෙ මුලු 3 යාන්තමට පේන දුරින් විතර නැවැත්තුවානම් නෙවද හොද....
    ගලාගෙන යන විදිය හොදය.... ඉතිරිය ඊලග එකටය......

    ReplyDelete
    Replies
    1. මේකත් මේ හදිසියෙන් දැම්මෙ බං,යම්කිසි හේතුවක් නිසා.ඉතිරි හරිය ඊළඟට ලියන්නං.

      Delete
  23. හරි... ගේමු බලන්න මස්සිනා එහෙම සීන් එකට ;)

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුවෙන් සිටිමු.

      Delete
  24. නියමයි හැලපයියා,කතාව යන විදියට ඊගාව කොටසත් එනකම් ඉන්නේ බලන්න.

    ReplyDelete
    Replies
    1. ඉවසන්න, ඊළඟ කොටස ලියවෙමින් ඇත.

      Delete
  25. :O කතාව පටන් ගන්නකොටම ඉවර වෙලාවගේ දැනුනේ... බලමුකෝ ඊලඟ කොටසෙදී...

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට එහෙමත් වෙනවා තුශානි.අනික් කොටස දිගට ලියන්නං.

      Delete
  26. ඉතිරිය සය මසකින් බලාපොරොත්තු වන්න :P

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම කුමරුනි.

      Delete
  27. halape macho meka samakooni ekakda banz

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසින් දැනගත හැකිය.

      Delete
  28. පෝස්ට් එක කොටමින් සිටිනා විට ලැබුනු දුරකථන ඇමතුමක් නිසා හදිසියේ පබිලිස් අයියාට පයින් ඇන දුවන්නට සිදුවිය. බ්ලොග් වගේද සුරාව සහ නුරාව
    මීට හැලපෙ

    ReplyDelete
    Replies
    1. ලෙඩේ ටිකක් අසාධ්‍යයි වගේ පෙනේ.දැන් ඔය කරපු බටහිර වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව නොවේනම් සිංහල වෙදකමක් වත් කර බලමු.හොඳ වෙදෙක් හොයාගන්නට වේවි.

      Delete
  29. අමුතු රහක් තියෙන කතාවක් හැලප(අ)යියේ........................ අගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුරුටු ළමයි.

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. ඉතුරුවත් ලියමු එහෙමනම් .. ලයිට් ගියා වගේ නවත්තනවා එහෙම නෙවෙයි ඕන් ..

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ලයිට් යන්නෙ නෑ.

      Delete
  32. අන්න එහෙම ලියමුකො නවකතාව.. ඔය පටං ගත්තා විතරයිනෙ..

    ReplyDelete
  33. කාල යන්තරේක නැගල අවරුදු තුනක් පිටිපස්සට එන්න උනා මුල හරිය බලලා යන්ට :)

    ReplyDelete
  34. භිෂනෙන් බේරුණා, හේනක් කෙටුවා, කුඹුරක් වැපිරුවා, අඩි පුඩිත් තියනවා, කොටුවකුත් පැන ගත්තා ... දැන් ඉතින් අන්තිමට මක්කැයි වෙන්නෙ ?

    ReplyDelete

ඔබේ අදහස්