අද පළවන්නේ මගේ අතින් ලියැවෙන දෙසිය වන පෝස්ටුවයි.පෝස්ටු දෙසීයක් ලිවීම එපමණ උදම් අනන්නට දෙයක් දැයි සමහරවිට මටම සිතේ.එහෙත් දළ පෝස්ටුවක් ලිවීමට හා ඒ පෝස්ටුව සුද්දකර ඔපදමා හැඩකර එළිදක්වන්නට ගන්නා වෙහෙස ගැන සිතනවිට ඒ ගැන තරමක පුරාජේරුවක් කීමද වරදක් නැතැයි අවංකවම සිතමි.දෙසීයක් සම්පූර්ණ කරගැනීම සඳහා මට අවුරුදු තුනකට බෙහෙවින් ආසන්න කාලයක් ගතවී ඇත.එනම් ලබන මාසයට හෙවත් නොවැම්බරයට මේ බ්ලොගය අවුරුදු තුනක් සපුරන නිසාය.(උඩින් පල්ලෙන් කියවා වසර තුනටද සුබ පැතීමෙන් වලකින්න) එදිනට මා තරමක විස්තරාත්මක ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටිමි. මුලින්ම වසර තුනේ සංවත්සරය හා ලිපි දෙසීය එක දිනකට යොදාගන්නට අදහස් කරගෙන සිටියත් එසේ කරන්නට ගියහොත් 199 හා 200 ලිපි දෙක අතර සෑහෙන තරමක පරතරයක් ඇතිවන නිසා ඒ ගැන නොසිතා සාමාන්‍ය පරිදි ලිපි පළකරන්නට සිතුවෙමි.
බ්ලොගය ආරම්භ කළ සමයේ මා උත්සාහ කළේ වැඩි ලිපි ප්‍රමාණයක් පළකරගැනීමටය.ඒ හේතුවෙන් ලිපිවල ගුණාත්මක භාවය ගැන එතරම්ම සැලකිල්ලක් නොදක්වුයෙමි. අද මට සිත් තැවුලක් ඇතිවන්නේ ඒ ලිපි අද පළකලේ නම් මීට වඩා හොඳින් ලියාගන්නට තිබුනා නොවේදැයි සිතෙන විටදීය.නමුත් පසුකාලීනව ප්‍රමාණයට වඩා අන්තර්ගතයේ ගුණාත්මක භාවය පිළිබඳව බෙහෙවින් සැළකිලිමත් වුනෙමි.එහෙයින්ම ලියන වේගය අඩුවන්නට විය.ලියන්නට පටන්ගත් දිනයේ සිට මේ අවුරුදු තුනකට ආසන්න කාලය තුළ මගේ අතින් ලියවෙන දේවල් කෙමෙන් අඩුවෙමින් යන්නේ ඒ නිසාය.දැන් මා ලිපියක් සකස් කර ගැනීමට දින කීපයක්ම ගතකරමි.බොහෝ වාරයක් කපා කොටා අඩු වැඩි කරමින් පළකිරීමට සුදුසු යැයි සිතන මට්ටමට එන තුරුම වෙහෙසවෙමින් කල් මරමි.ඊට හේතු කීපයක් ඇත.මා වෙහෙසවී ලියන තරමට කියවන අයට වෙහෙසකින් තොරව කියවන්නට ලැබීම එකකි.අනෙක් කාරණය වෙනත් බ්ලොග් රචකයන් කරන වැරදි නිවැරදි කිරීමට මම නිතරම උනන්දු වන නිසා මා ලියන දෙය නිවැරදිව තිබිය යුතු වීමයි.
මෙහිදී මට තරමක් පැරණි කතාවක් මතක්වේ.බ්ලොග්කරණයට මා පිවිසි මුල් අවදියේ එවකට සිටි පළපුරුදු බ්ලොග් කරුවෙකුගේ ලිපි දෙක තුනක අඩුපාඩු පෙන්වා දුනිමි.ලැබුණු පිළිතුර බෙහෙවින් කර්කශ හා නොරුස්සන සුළු එකක් විය.හේතුව වුයේ ඔහු වැනි ප්‍රවීනයෙකුගේ ලිපිවල අඩුපාඩු පෙන්වීම ආධුනිකයෙකු වූ මට තරම් නොවන බවට ඔහුගේ සිත්හි වූ හැඟීමයි. ඒ බ්ලොග්කරුවාටත් වඩා ජ්‍යෙෂ්ට වූද හොරෙක්,මංකොල්ලකරුවෙක් හා දේශප්‍රේමියෙකු වූ තවත් බ්ලොග් රචකයෙකුගේද වැරදිද එදා මෙන්ම අදත් මම පෙන්වා දෙමි.ඒ පෙන්වා දෙන්නේද ඔහු දිගින් දිගටම වැරදි කරනවා යැයි බැන වදිමිනි.ඔහු ඒ වැරදි හිස් මුදුනින් පිළිගෙන නිවැරදි කරන්නට තරම් නිහතමානී වනවා පමණක් නොව මට කිසිසේත්ම අවශ්‍ය නොවුවද සිය කණගාටුවද පළකරයි.ඒ ඔහුගේ හැටිය මේ මොහුගේ හැටිය.
ඉතින් ඔවැනි නොයෙකුත් කාරණා හේතුවෙන් දැන් මා අතින් ලියැවෙන්නේ බෙහෙවින් අඩු ලිපි ප්‍රමාණයකි.එසේ වුවද මගේ බ්ලොගයේ පාඨකයන්ට හොඳම දේ අඩුවක් නොමැතිව ලබා දෙන්නට නිතරම වෙහෙස ගනිමි."අප පිළිබඳව විශ්වාස කරන විට අපට ඇති වගකීම්ද ඉහළ යයි". මා මේ පාඨය උපුටා දැක්වුයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශ්‍රීමත් සිඩ්නි ස්මිත් ලියු "Mostly Murder" නම් පොතෙනි.ඒ පොත "ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්" නමින් කොටස් දෙකකින් 1998 දී සිංහලට පරිවර්තනය විය.මේ පොත ගැන වරක් මගේ බ්ලොගයේදී කෙටි කතාබහක් ඇතිවුවද එය දිග දුර ගියේ නැත.පොත ගැන කතාකළේ ශ්‍රීනාත්ය.ඔහුට පිළිතුරු වශයෙන් තවත් කෙනෙක් කියා තිබුණේ මහාචාර්ය සිඩ්නි ස්මිත් ඔහුගේ පොතේ ලංකාවේ සිදුවූ සතාසිවම් මිනීමැරුම ගැන ලියා තිබුනද එහි තීන්දුව අපැහැදිලි බවයි.ඒ නඩු විභාගය පැවැත්වුනේ බොහෝවිට 1953 වර්ෂයේදී වියහැකිය. ඒ මිනීමැරුමට කිසිවෙක් උසාවියේදී වරදකරුවකු නොවීම නිසා ඔහු එසේ කියන්නට ඇත.නමුත් කතාව ප්‍රවේශමෙන් කියවන විට මිනීමරුවා කවුද යන්න අපට මහ දවල් මෙන් පැහැදිලිවේ.එතැනදීද ලංකාවේ පොලීසිය මිනීමරුවා පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණ කටයුතු කිරීම හේතුවෙන් මිනීමරුවා කිසිම දඬුවමක් නොලබා රජයේ සාක්කි කරුවෙකු වී නිදහස් ව ගෙදර ගියේය.මිනීමැරුමට සැක කළ ලංකා ක්‍රිකට් නායක මහාදේවන් සතාසිවම් ද නිදහස් විය.වංගෙඩිය මිනීමැරුවා යැයි සුප්‍රසිද්ධ කියමන ඇතිවුයේ මේ නඩු තීන්දුවෙන් පසුවය.මහාචාර්ය සිඩ්නි ස්මිත් ලියා ඇති මේ කතාව නොදන්නා අයගේ දැනගැනීම සඳහා උපුටා දක්වන්නට ඇත්නම් හොඳයැයි මට සිතේ.
මතකය අලුත්කර ගැනීම සඳහා මම නැවතත් ඒ පොත්දෙක කියවුයෙමි.එහිදී මට පෙනීගිය කරුණක් වුයේ මහාචාර්ය සිඩ්නි ස්මිත් අධිකරණ වෛද්‍ය විශේෂඥයා හාස්‍ය රසයට බෙහෙවින් ප්‍රිය කළ අයෙක් බවයි.පොතේ කතාවල තැන තැන ඔහු ලියා ඇති අතුරු කතාවලින් ඒ බව හොඳින් පැහැදිලිවේ.මහාචාර්ය ස්මිත් කලක් ඊජිප්තු රජයේ ආරාධනයෙන් එරට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස සේවය කළේය.එකල ඔහු සාමාන්‍ය ඊජිප්තු ජන ජීවිතය ගැන ද හොඳින් අධ්‍යයනය කර ඇත.එක කතාවකදී ඔහු ලියන මේ කොටස උපුටා දැක්වීමට කැමැත්තෙමි.
"එකළ ඊජිප්තු කාන්තාව බාහිර ලෝකයා විසින් මුළුමනින්ම අමතක කළාවූ අයෙකු වූ අතර ඇගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් පැහැර හැර තිබුණි.ජීවිතයේ උගත යුතු මුලික දේ පවා ඇයට අහිමිවී තිබිණි.පොදු සමාජීය කටයුතුවල දී ඇය දකින්නට ලැබුණේ ඉතාම කලාතුරකින් වූ අතර එසේ පැමිණි අවස්ථා වලදී පවා ඇය සිටියේ මුහුණ ආවරණය කරගෙනය.ගම්බද කාන්තාවන් පැළඳ සිටි මුඛවාඩම ඝණ කළු රෙද්දෙන් නිමවා තිබු අතර නැහැය පෙදෙසට තඹ ආවරණයක් සවිකර තිබුණේ පෙනුම තවත් අවලක්ෂණ කිරීම පිණිසය.පිරිමියෙකු විසින් තම මුහුණ දැකීම ඔවුන් පිළිගෙන තිබුණේ අන්ත ලජ්ජාශීලී කරුණක් ලෙසිනි.මේ නිසාය මුහුණ විවෘත කරගෙන දියනාමින් සිටි එක් ගම්බද කාන්තාවක් අනපේක්ෂිතව තමන් දෙසට එන පිරිමියෙකු දුටු වහාම හිටි උසටම තම හැඳිවත ඔසවා මුහුණ වසාගත්තේ. ඇයට උවමනා වුයේ පිරිමි නෙත්වලට තම මුහුණ හසුවීමේ විශාල ලැජ්ජාවෙන් ගැලවීමටය.අනෙක් අවයව ප්‍රදර්ශනය වීම පිලිබඳ ඇය තැකීමක් නොකළාය."
නැවතත් සතාසිවම් පිලිබඳ කතාවට එමු.මහාදේවන් සතාසිවම් ගැන අප බොහෝ දෙනෙක් අසා නොමැති බවට සැකයක් නොමැත. 1915 වර්ෂයේදී ඉහළ පංතියේ ද්‍රවිඩ පවුලක උපතලද සතාසිවම්ගේ සුරතල් නාමය සතා විය. ඔහු 1940 දශකයේ සිට 1960 දශකය දක්වා ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ අතර 1948 දී ලංකා ක්‍රිකට් පිලේ නායකයාද විය.1941 දී සතාසිවම් විවාහ වුයේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිණිබිරියක වූ පරිපූර්නම් ආනන්දම් රාජේන්ද්‍රා මෙනවිය සමගය. ඒ විවාහයෙන් ඔවුන් දියණියන් සිව්දෙනෙක්ගේ දෙමාපියන් බවට පත්වුහ. වසර දහයක පමණ කාලයක් පවුල් ජීවිතය ගතකළ පසු පවුලේ සමගිය බිඳ වැටුණු අතර සැමියා ද්වේෂ සහගත ලෙස තමා හැරගිය බව පවසා සතාසිවම් මහත්මිය දික්කසාද නඩුවක් පැවරුවාය. නඩු කටයුත්ත පවතිද්දී 1951 දිනෙක සතාසිවම් මහත්මිය මියගිය අතර බිරිය මරාදැමීමේ චෝදනාව මත සතාසිවම් අත්අඩංගුවට ගන්නා ලදී. කතාව ඇරඹෙන්නේ සහ මහාචාර්ය සිඩ්නි ස්මිත් කතාවට සම්බන්ධ වන්නේ එතැන් පටන්ය.සතාසිවම් මහත්මියගේ අබිරහස් මරණය රටම කැළඹු පුවතක් විය. මිනීමැරුමට සැකපිට ඇයගේ ස්වාමිපුරුෂයා වූ සතාසිවම් අත් අඩංගුවට ගත් දිනයේ සිටම පොලිසිය මෙන්ම මුළු මහත් ලාංකික ජනතාවම සතාසිවම් වරදකරු කොට තීන්දුව දී අවසානය.ඉතිරිව තිබුණේ ඔහු එල්ලා මැරීමට අධිකරණ තීන්දුව ලබාගැනීම පමණකි. තත්ත්වය එසේ තිබියදී ලෝ ප්‍රකට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වූ මහාචාර්ය සිඩ්නි ස්මිත් විත්තිය වෙනුවෙන් විශේෂඥ සාක්‍ෂි ලබාදීමට ඉදිරිපත්වීම ලංකාවාසීන්ගේ පැන්ටසියට එල්ලවූ මරු පහරක් විය.ඒ ගැන මහාචාර්ය ස්මිත්ට සාප කරමින් ලාංකික ජනතාව හැසිරුණ ආකාරය ඔහු තම කෘතියේ උපහාස මුඛයෙන් සඳහන් කරයි.
සතාසිවම් රටවල් තුනක ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දැරූ එකම පුද්ගලයාද වියහැක.ඔහු පිළිවෙලින් ලංකාව,සිංගප්පුරුව සහ මලයාසියාව යන රටවල් තුනේම ක්‍රිකට් කණ්ඩායම් වලට නායකත්වය ලබාදී ඇත.මා උඩින් පළකර ඇති ගුගල්වලින් ගත් ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකා ක්‍රිකට් නායක සතාසිවම් ඕස්ට්‍රේලියානු නායක ඩොන් බ්‍රැඩ්මන් සමග කාසියේ වාසිය සඳහා වනාතමුල්ලේ ඕවල් පිටිය මැදට පියමනින ආකාරයයි.බොහෝවිට ඒ 1948 වර්ෂය විය යුතුය.පසුබිමේ දැක්වෙන ක්‍රීඩාගාර නිසා පිටිය හඳුනා ගැනීමට පහසු වන්නේ ඕවල් පිටිය අදද ඔය ආකාරයෙන්ම පවතින නිසාය. සතාසිවම් ස්ටෑන්ඩ් නමින් ඕවල් පිටියේ ක්‍රීඩාගාරයක් නම් කර ඇති ආකාරය මා පසුගිය දිනෙක රූපවාහිනියෙන් දුටුවෙමි෴
නැවතත් සතාසිවම් පිලිබඳ කතාවට එමු.මහාදේවන් සතාසිවම් ගැන අප බොහෝ දෙනෙක් අසා නොමැති බවට සැකයක් නොමැත. 1915 වර්ෂයේදී ඉහළ පංතියේ ද්‍රවිඩ පවුලක උපතලද සතාසිවම්ගේ සුරතල් නාමය සතා විය. ඔහු 1940 දශකයේ සිට 1960 දශකය දක්වා ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ අතර 1948 දී ලංකා ක්‍රිකට් පිලේ නායකයාද විය.1941 දී සතාසිවම් විවාහ වුයේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිණිබිරියක වූ පරිපූර්නම් ආනන්දම් රාජේන්ද්‍රා මෙනවිය සමගය. ඒ විවාහයෙන් ඔවුන් දියණියන් සිව්දෙනෙක්ගේ දෙමාපියන් බවට පත්වුහ. වසර දහයක පමණ කාලයක් පවුල් ජීවිතය ගතකළ පසු පවුලේ සමගිය බිඳ වැටුණු අතර සැමියා ද්වේෂ සහගත ලෙස තමා හැරගිය බව පවසා සතාසිවම් මහත්මිය දික්කසාද නඩුවක් පැවරුවාය. නඩු කටයුත්ත පවතිද්දී 1951 දිනෙක සතාසිවම් මහත්මිය මියගිය අතර බිරිය මරාදැමීමේ චෝදනාව මත සතාසිවම් අත්අඩංගුවට ගන්නා ලදී. කතාව ඇරඹෙන්නේ සහ මහාචාර්ය සිඩ්නි ස්මිත් කතාවට සම්බන්ධ වන්නේ එතැන් පටන්ය.සතාසිවම් මහත්මියගේ අබිරහස් මරණය රටම කැළඹු පුවතක් විය. මිනීමැරුමට සැකපිට ඇයගේ ස්වාමිපුරුෂයා වූ සතාසිවම් අත් අඩංගුවට ගත් දිනයේ සිටම පොලිසිය මෙන්ම මුළු මහත් ලාංකික ජනතාවම සතාසිවම් වරදකරු කොට තීන්දුව දී අවසානය.ඉතිරිව තිබුණේ ඔහු එල්ලා මැරීමට අධිකරණ තීන්දුව ලබාගැනීම පමණකි. තත්ත්වය එසේ තිබියදී ලෝ ප්‍රකට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වූ මහාචාර්ය සිඩ්නි ස්මිත් විත්තිය වෙනුවෙන් විශේෂඥ සාක්‍ෂි ලබාදීමට ඉදිරිපත්වීම ලංකාවාසීන්ගේ පැන්ටසියට එල්ලවූ මරු පහරක් විය.ඒ ගැන මහාචාර්ය ස්මිත්ට සාප කරමින් ලාංකික ජනතාව හැසිරුණ ආකාරය ඔහු තම කෘතියේ උපහාස මුඛයෙන් සඳහන් කරයි.
සතාසිවම් රටවල් තුනක ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දැරූ එකම පුද්ගලයාද වියහැක.ඔහු පිළිවෙලින් ලංකාව,සිංගප්පුරුව සහ මලයාසියාව යන රටවල් තුනේම ක්‍රිකට් කණ්ඩායම් වලට නායකත්වය ලබාදී ඇත.මා උඩින් පළකර ඇති ගුගල්වලින් ගත් ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකා ක්‍රිකට් නායක සතාසිවම් ඕස්ට්‍රේලියානු නායක ඩොන් බ්‍රැඩ්මන් සමග කාසියේ වාසිය සඳහා වනාතමුල්ලේ ඕවල් පිටිය මැදට පියමනින ආකාරයයි.බොහෝවිට ඒ 1948 වර්ෂය විය යුතුය.පසුබිමේ දැක්වෙන ක්‍රීඩාගාර නිසා පිටිය හඳුනා ගැනීමට පහසු වන්නේ ඕවල් පිටිය අදද ඔය ආකාරයෙන්ම පවතින නිසාය. සතාසිවම් ස්ටෑන්ඩ් නමින් ඕවල් පිටියේ ක්‍රීඩාගාරයක් නම් කර ඇති ආකාරය මා පසුගිය දිනෙක රූපවාහිනියෙන් දුටුවෙමි෴
දෙසීයට සුබ පැතුම් හැලපෙ අයියේ...
ReplyDeleteඔය පොත ගැන කිවුවෙ විචාරක මහත්තයාගෙ කමෙන් එකක තිබුනු ලින්ක් එකෙන් යද්දි දැකපු දෙයක් නිසා. නඩු තීන්දුව දීලා නෑ කියලා තිබුනා එතනදි. ඒත් ඔය පොතේ පැහැදිලිව තියෙනවා ගෙදර වැඩට හිටපු කෙනා ඒක කලා කියලා ඔප්පු කරන හැටිත්, මිනිහව අල්ලාගන්න හැටිත් අන්තිමට මිනිහගෙ කට උත්තරයත්.
සර් සිඩ්නි ස්මිත්ගෙ පරීක්ෂණ දිහා බැලුවාම ඔහු ඇතුලෙ දක්ෂ රහස් පරීක්ෂකයෙක් ඉන්නවා කියන එක නම් සහතිකයි. තවත් ෂර්ලොක් හෝල්ම්ස් කෙනෙක්.
මට මතක හැටියට, සර් සිඩ්නි ස්මිත්ගෙන් සර් ආතර් කොනන් ඩොයිල් මෙඩිකල් කොලේජ් එකේදි ඉගෙනගෙන තියෙනවා. සර් සිඩ්නි ස්මිත් අර අපෝහක විද්‍යාත්මක ක්‍රම එහෙම එයාගෙ දේශන වලදි පෙන්නලා දීලා තියෙනවා. ඒකෙන් ඉන්ස්පයර් වෙලා තමයි සර් ආතර් කොනන් ඩොයිල් ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කළේ. ෂර්ලොක් හෝම්ස් කියන නම හදාගෙන තියෙන්නෙ අපරාධකාරයන් දෙන්නෙක්ගෙ නම් ගළපලා කියලත් අහල තියෙනවා.
Deleteමං වැරදි නම්, හැලපයියා හරි විචා හරි කවුරු හරි නිවැරදි විස්තරේ දාන්න...
ෂර්ලොක් හෝම්ස් චරිතය නිර්මාණය කරන්නට ආතර් කොනන් ඩොයිල් කීපදෙනෙක්ගෙ චරිත උදව්කරගෙන තියනව. ජෝසෆ් බෙල්, ශ්‍රීමත් හෙන්රි ලිට්ල්ජෝන්,ෆ්‍රැන්සිස් ස්මිත්,
Deleteඔවුන් එක්කෝ අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීන් හෝ අධිකරණ වෛද්‍ය විද්‍යාව ඉගැන්වූ ආචාර්ය වරුන්. ඒත් සර් සිඩ්නි ස්මිත් ගෙ සම්බන්ධයක් තියෙන්න බෑ ෂර්ලොක් හෝම්ස් චරිතයට. කොනන් ඩොයිල් මුල්ම ෂර්ලොක් හෝම්ස් කතාව ප්‍රසිද්ධ කලේ 1887 වසරේ. සිඩ්නි ස්මිත් ඉපදිලා තියෙන්නෙත් 1883 දි.
අර තියුණු නීරීක්ෂණය ගැන උගන්වන සුප්‍රසිද්ධ මුත්‍රා බඳුනේ ඇඟිල්ල දාලා කටේ දමා ගැනීමේ වැඩේ කරල තියනවයි කියන්නෙ ඔය ජෝසෆ් බෙල්.
විශිෂ්ට පැහැදිළි කිරීමක් රවි තුමා. ගොඩක් ස්තූතියි...
Deleteශ්‍රීනාත්,
Deleteඔය නඩුවේදි මිනීමරුවා බේරිලා ගිහිං තියෙන්නෙ පොලිසියෙ නොසැලකිල්ල නිසායි.සර් සිඩ්නි ස්මිත් ඔහුගේ ගුරුවරුන් වන වෛද්‍ය ජෝශප් බෙල්ගේ උපක්‍රම අනුගමනය කිරීම පුදුමයක් නොවෙයි.ඔබ මේ පොත් කියවා ඇති නිසා මම පොතෙන් උපුටා දක්වන්නට යන්නෙ නෑ.
ඩ්‍රැකි,
Deleteඔබේ කමෙන්ටුවට ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක් රවී කර ඇති නිසා ඒ පැහැදිලි කිරීම කරන්නට වීමෙන් මා නිදහස් වෙනවා.මෙතනදී මම රවිට ණයගැතියි.
රවී,
Deleteඔබේ මතකය ඉතා පැහැදිලියි.බොහොම ස්තුතියි.
ඔය සිඩ්නි ස්මිත් සහ කොනන් ඩොයිල් සම්භන්ධය වෙන්නෙ මෙහෙමයි. ඔය දෙන්නම එඩින්බරෝ විශ්ව විද්‍යාලෙ ජෝසෙප් බෙල් මහාචාරිය තුමගෙ ගෝලයො. හෝම්ස්ගෙ චරිතෙ තියෙන දූත ලක්ෂන වලින් විස්තර හඳුනාගන්න අදහස ඩ්යිල්ට ඇවිත් තීන්නෙ ජෝසෙප් බෙල්ගෙන්. සිඩ්නි ස්මිත්ගෙ පොතක ඔය ගැන සඳහන් වෙලා තිබ්බ මට මතක විදිහට.
Deleteඉන්දික,
Deleteඋඹ මතුවෙන්නෙ ඉඳල හිටලා හරියට මෙරු මතුවෙනවා වගෙයි.කතාව හරි.
පෝස්ට් දෙසීයක් අප වෙනුවෙන් ලිවීම ගැන මගේ ස්තූතිය ...
ReplyDeleteපෝස්ට් දෙසීයක් අප වෙනුවෙන් ලිවීම ගැන මගේ ස්තූතිය ...
Delete(කම්මල් ගෙ ඩබොල් කමෙන්ට් එක නොදැමීම ගැන දැඩි විරෝධය)
ඩබොල මැදට පූසෙක් පැනල.
Deleteප්‍රසා...
Delete++++++++
කමෙන්ට් කරන්නට පැමිණීම ගැන මගේ ස්තුතිය.
Deleteමුලින්ම හැලපයියගේ දෙසීයට සුබ පැතුම් , අර ජෙෂ්ට බ්ලොග් කාරයා කවුද කියලා අහන්නේ නම් නෑ. මොකද බොහොමයක් ජෙෂ්ට කියාගන්නා පිරිස් වල හැසිරීම ඔයාකාරයෙන් නිසා. වැරද්දක් පෙන්වා දීම ගැන කිපෙන්න පුළුවන් මානසිකත්වයකින් ඉන්න පුද්ගලයෙක් ගැන කතා කිරීමත් නිෂ්ඵල ක්‍රියාවක්නේ.
ReplyDeleteමම හිතන්නේ මේ අවුරුදු තුන ඇතුලත හලපයියාගෙන් වැඩිපුරම බැනුම් අහපු එකා මම වෙන්නත් ඇති, හැබැයි ඒ ලැබිච්ච හැම උපදෙසක්ම මට දියුණු වෙන්න යමක් ලබාදුන්නු දෙයක් හැටියටම මට තවමත් සිහි කරන්න පුළුවන්, ඒ නිසා හලපයියාට ස්තුතියි .
මේ පොස්ට් දෙසීයක් ලියපු හැලපයා තුල හොඳ ලේඛකයෙක් , විචාරකයෙක් වගේම රසවිඳින්නෙක් ඉන්නවා . ජයෙන් ජය .
ඔය ජේශ්ඨ කියන වචනෙ ලියන හැටි හැලපෙගෙන් අහගනින්,
DeleteThis comment has been removed by the author.
Deleteහැලපේ මේ කම්මලට කියල දෙන්නකෝ කමෙන්ට් කරනකොට එක පාරක් කලාම ඇති කියලා...!
Deleteජ්‍යෙෂ්ට දෙකේ ආදිපාද තුමාට ඔහොම කතාකරන්න එපා චෙෆාකි. :D
Deleteචෙෆාකිට ඉක්මන් සුවය ලැබේවා !!!!! බලමු පැතුම දෙපාරක් වදීද කියල.
Deleteචෙෆාකිට ඉක්මන් සුවය ලැබේවා !!!!! බලමු පැතුම දෙපාරක් වදීද කියල.
DeleteDouble Duke ලබන ආත්මෙටත් එක්කම පතල
Deleteඇත්තට කවුද ් ඔෙහෙට බැන්න පරවිනවා හැලපෙයෙොෝ
Deleteමොකාද 'පරවිනවා' කියන්නෙ, අලුත් සතෙක් ද?
Deleteඅටං , මම පාටිය වෙලාවෙදි කිවුවෙ මට දිරවන්නැති එකෙක් ගැන , අන්න එයා තමයි.
Deleteඔබේ කෙටි එහෙත් අංග සම්පූර්ණ කමෙන්ටුව ගැන ඉවාන්ට වචනයක් කියන්න ලැබීම සතුටක්.ඔබටත් මා බොහෝවිට දොස් කියා තිබෙනවා.ඒ ඔබ තුළ සිටින විශිෂ්ට කතාකරුවා පිටතට ගැනීමේ ඒකායන අරමුණ නිසාම මිසක තරහකට ඉරිසියාවකට නොවෙන වග ඔබ හොඳින් වටහාගෙන තිබීම මා සිත සැහැල්ලු කරවන්නක්.මා විශේෂයෙන්ම උනන්දු වන්නේ ඉවාන් ලියන හොඳ දේට මෙන්ම නරක දේටත් එක හඬින් හොඳයි විශිෂ්ටයි කියන අයගේ කතා නිසා ඔබ නොමග යාමෙන් වලකා ගන්නටයි.අන්න එවිට මගේ ප්‍රතිචාරය තරමක් දැඩි වෙනවා.බ්ලොග් ලොව දිලෙන තරුවක් වන ඔබ විශිෂ්ටයෙකු වන ලකුණු දැනටමත් පහළ කර තිබෙනවා.බොහෝ අය නොදකින කෝණයකින් ලොව දෙස බලන්නට ඔබට ඇති හැකියාව මා ඉතාම අගය කරන බව කිවයුතුයි.ජය!!
Deleteපෝස්ට් දෙසීයක් අප වෙනුවෙන් ලිවීම ගැන මගේ ස්තූතිය ...
ReplyDeleteදිස් කොමෙන්ට් විල් බී රිමූව්ඩ් බයි ද ආතර්.
Deleteආතර් කම්මල සමග මේ දිනවල දැඩි තරහකින් පසුවන බව පැහැදිලියි.
Deleteදෙසීයට සුභ පැතුම් සහෝ
ReplyDeleteබොහොම ස්තුතියි කුරුටු ළමයි.ඔබලාත් නිතරම මා බැහැදකින්නට එන උදවියයි.බොහොම සතුටුයි.
Delete//නිතරම මා බැහැදකින්නට එන//
Delete@හැලපතුමා, ඔතනට "මා" හරියන්නෙ නෑ. "අප" වෙන්න ඕන.
(The royal "we", or majestic plural)
ස්තුතියි ප්‍රා!
Deleteසතාසිවම් කෙ!ස් එක නේද වංගෙඩි මිනීමැරුම කියන්නේ, අර නිවසේ සිටි මුරකරුවා අහුවුනේ? ඒ දවස්වල DNA වැනි පරීක්‍ෂණ තිබුනේ නැති වුනත් මොකක් ගෝ වෛද්‍ය සාක්‍ෂියක් තිබුණු බවක් අසා තියෙනවා.
ReplyDeleteඔව් රසික.සතාසිවම් මහත්මිය මරා ගෙනත් දමා තිබු ගරාජයේ ඇය වැටී සිටි තැන වංගෙඩියක් තිබුනා.විත්තියට ඉතාම ප්‍රබල අයුරින් උපකාර වුනේ රජයේ වෛද්‍ය මහාචාර්ය සේරම් මහතාගේ සාක්‍ෂියයි.විශේෂඥ සාක්කිය සර් සිඩ්නි ස්මිත්ගෙන්.
Deleteබ්ලොග් ගැන කියනවා නම්, අපි ලියන්නේ අපේ විනෝදයට නේ. අතත්‍ය ලෝකයේ දේවල් තත්‍ය ලෝකයට ගාවා ගැනීම අනවශ්‍යයයි.
ReplyDeleteවසර තුනක් සිටීමට වඩා ලිපි 200 ක් ලිවීම තමයි වැදගත්. ජයවේවා. මාත් දැන් 163 ක් ලියා තියෙනවා.
ලියන වේගය අනුව ඔබටත් ඉතා ඉක්මනින්ම දෙසීය සපිරීමට හැකිවේවි.
Deleteකෝ අර ඊයේ පටන් ගත්තු ත්‍රිකෝණයේ අනිත් පාද දෙක?
ReplyDeleteඅපි තුන් මුල්ලකට වෙලා
Deleteඉමු මුහුණට මුහුණ බලා
පාද තුන සමකරන්නට තවත් දින කීපයක් යාවි.
Deleteපෝස්ට් දෙසීයට සුභපතනවා හැලපයියා... මං හිතාන හිටියෙ හැලපයියගෙ බ්ලොග් එක ඔයිටත් වඩා පරණයි කියලා...
ReplyDeleteමුලදී මා ගොඩක් කතා ලියු නිසා කවුරුත් හිතාන ඉන්නෙ මගේ බ්ලොගය ගොඩක් පරණයි කියයි.ඔබටත් බොහොම ස්තුතියි.
Deleteහැලප සීයගෙ දෙසීයට සුබ පැතුම්. ඉදිරියටත් වැඩි වැඩියෙන් ලියවේවා !
ReplyDeleteඔන්නොහෙ වැඩිය අනංමනං ගැන හිතන්නැතුව ලියල දාන්න හැලපයියෙ.
ස්තූතියි ප්‍රසන්න.මොකුත්ම හිතන්නෙ නැහැ.හිතේ තියෙනදේ කියල දැම්ම එතනින් ඉවරයි.
Deleteහැපි තුනක්ම වේවා. හැක්.. ඉන් ඇඩ්වාන්ස්... ලියපු දෙසියෙන් උඩින්ම තියෙන්නේ මහ වරත්තු කතාවක් නෙව.. අර මංකොල්ල කාරය නං ගන්න දෙයක් නෑ ඕන එකෙක් කියන එකක් අහනවා.. උඹ ඔය කියපු අංකුර බ්ලොග් කරුවා මමද දන්නෑ නේද?? මොකද මම හෙන පරණ ලොකු පොරක් කියල නේ හිතාගෙන ඉන්නේ.
ReplyDeleteහරි විහිලු නවත්තමු. හැලපෙගෙන් මම බොහෝ දේ ඉගෙන ගන්නවා. භාවිතාවට ලක් නොවෙන ඒ කිව්ව් අපිට හමු නොවෙන වචන, උපදේශ, උපමා උඹ ගාව තියෙනවා. ඒ වගේම ව්‍යාකරණ හා අක්සර විනියාසය ගැන ගැඹුරින්ම හිතන එකටත් මම කැමතියි... ජය වේවා. මොකක්ද බං තිිරිකෝණය කොටස් එනවා නේද ඉදිරියට
උඩින්ම තියෙන වරත්තු කතාවෙත් උඩින්ම ඉන්නෙ දුසකයෙක්.හිතාගෙන හිටියට ඒ බ්ලොග් කරුවා වෙන්න උඹට නං ලැබෙන්නෙ නෑ.බොහොම ස්තුතියි.ත්‍රිකෝණය ඉදිරි දිනවලදී ලියැවේවි.
Deleteදෙසීයට සුභපැතුම්!
ReplyDeleteමම නං කැමතිම ඉස්සෙල්ලම කියවපු පන්ති සටන කතාවට. මට ආගන්තුක නිසාදෝ උඹේ අත්දැකීම් කතන්දර සමහර වෙලාවට කියවන්න ආසාවක් ඇතිවෙන්නෙ නෑ.
ඒ කියන්නෙ උඹේ කැමැත්ත තියෙන්නෙ උත්ප්‍රාසයත් සමග කියැවෙන ගැඹුරු දේවලට බව පැහැදිලියි.එහෙම තමා විවිධ අයගෙ රසය විවිධාකාරයි.උඹට කියන්න පංති සටන මා බලාපොරොත්තු උන තරමට සාකච්ඡාවට භාජනය වුනේ නෑ.ඒ අපේ අයගේ හැටි.
Deleteසතාසිවම් කියන්නෙ ටෙස්ට් තත්ත්වය ලැබෙන්ට පෙර අපට හිටපු දක්ෂතම පිතිකරුවා. ඒ කාලෙ අපට ක්‍රිකට් තරගාවලි ලැබුනෙ හාවා හඳ දකින්නා වගේ කලාතුරකින් නිසා මේ වගේ දක්ෂ ක්‍රීඩකයින්ට ඇත්තටම වුනේ අසාධාරනයක්. ගෝපාලන් කප් එකයි, එංගලන්තෙ යන ගමන් ගොඩබහින ඔසී ටීම් එකයි ඇරුනහම වෙන මැචස් ගැහුවෙම නැති තරම් නෙ.
ReplyDeleteසතා කියන්නෙ ක්‍රිකට් ගහන්ට වගේම අඩි ගහන්ටත් සූරයා කියලයි කියන්නෙ. පාන්දර ජාමයක් වෙනකං ක්ලබ් එකේ බීලා පහුවෙනිදට සෙන්චරියක් දාන එක පොරට සිම්පල් දෙයක් ලු.
කොහොමද ඒ කාලෙ ටොස් එක දාන්ට යන්නෙත් ෆුල් සූට් ගහලා තමා නේ. ක්‍රිකට් ගැන ඔච්චර පම්පෝරි ගහන ඉන්දියාවට කියන්ට බැරි පම්පෝරියක් අපට තියෙනවා. බ්‍රැඩ්මන් ලංකාවෙදි සෙල්ලම් කලාට කවදාවත් ඉන්දියාවෙදි සෙල්ලම් කරලා නෑ.
හැලපෙ ඔය කියන ඊජිප්තු කාන්තාවන් පිළිබඳ විස්තරේ තියෙන්නෙ අර 'පාලු ළිඳක තිබුන උකුල් ඇටයකින් මිනීමරුවා සෙවීම' කියන කතාවෙ නේද? මම හරිම ආසාවෙන් කියවපු පොතක් තමා ඕක.
විස්තරයට ස්තුතියි බුරා.එම් සී සී ඕස්ට්‍රේලියාවේ යන ගමනුත් ලංකාවෙ බැහැල තියෙනවා නේද.
Deleteඇත්තටම ඒ විස්තරේ තියෙන්නෙ උකුල් ඇටේ කතාවෙ තමා.
සතාසිවම් මිනීමැරුම් නඩුවෙන් තමා අපේ රටේ බොහෝ දෙනෙක් දැනගත්තේ අධිකරණයකදී නඩුවක් විවිධ පැතිවලට හැරෙන්නට පුළුවන් කියන එක.
ReplyDeleteහෑ...................මම හිතුවේ හැලපේ මටත් කලින් ඉඳලා බ්ලොග් ලියන්නේ කියලා. 200 ක් ලිව්වත්, 2000 ක් ලිව්වත්, අපි ලියන දේ වල හරය තමයි වැදගත් වන්නේ. මට වැටහෙන විදිහට නම්, අපි ලියන දේ පාඨක මනසට වදින ප්‍රමාණය අනුව තමයි, සාර්ථකත්වය මැනෙන්නේ. අසභ්‍ය දේ ලියා, හිට්ස් වැඩි කරගැනීමේ මෝඩ සිතුවිල්ල ඔබ තුළ නැතිවීම වාසනාවක්. ඔබේ ජීවිතයේ ඇති පරිනත බව තුළින් කරන මේ මහඟු කාර්යය, තවදුරටත් වඩා වර්ධනය වේවා!
ඒ උනාට මෙයා අසබ්බ ඒවා ලියනවනේ ගොයියෝ...
Deleteමම ලියන්නට ගත්තේ වර්ෂයේ අග සිටයි විචා.කාලයට වඩා ප්‍රමාණයයි වැදගත් වන්නේ.ඒක ඇත්ත.මා අසභ්‍ය දේ ලියනවා කියන සිතුවිල්ලෙන් කොහොමටත් ලියන්නෙ නෑ.නමුත් කතාව ඉල්ලනවා නම් යම් තැන්වලදී යොදන්නට වෙනවා.එය හරියට වටහාගත යුතුයි.බොහොම ස්තුතියි විචා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteදෙසියට උනුසුම් සුභ පැතුම් හැලප අය්යේ .... මෙන්න මේක ගැන නේද ඔය කියන්නේ ..
ReplyDeleteසිරිලක හෙල්ලුම් කැවූ සතාසිවම් නඩුව
පදමට පොල්තෙල් ගහපල්ලා
කරදර අමතක කරපල්ලා
ගහපල්ලා නටපල්ලා
කරදර යකාට ගිය දෙල්ලා
ලොකුකම් පොඩිකම් තැබෑරුමේ නැහැ
අපි හැම මෙහි සම සමාජයයි
ජුණ්ඩල බණ්ඩල ඇම් පී හාමුලා
ගහන්නේ මෙතනදි පොල් තෙල්මයි
සැප අද විතරයි ඇත්තේ බං
හෙට මැරිලා යන්නත් පුළුවන්
අඩි ගහපන් ජොලි කරපන්
කරදර යකාට ඔහෙ ගිය දෙන්
ලෝකය කැරකෙයි අපිත් කැරකෙමු
අද හෙට යුද්ධේ ඇති වෙයිලු
ජලකර බෝම්බ වැටෙන්න මත්තෙන්
පොල්තෙල් ගහලා ජොලි කරමු
යු.ඇන්.පී කොමිනිස්ට් පාටී
දන්නව අපි ඒවයේ හැටී
ඒ ගොල්ලන් අපටා බන්
දෙනව්ද මේ වගේ සම්පත්තී
මොකටද නිකමට වැනි වැනි ඉන්නේ
කරන්න රස්සාවක් නැත්නම්
පිහිටට එක මිතුරයි අද ඉන්නේ
මේ සුමිහිරි පොල් තෙල්මයි බං
පදමට පොල්තෙල් ගහපල්ලා
ගායනය-පියදාස ගුණසේකර හාපිරිස
ගී පද-ආනන්ද සමරකෝන්
සංගීතය-එස්.දක්ෂිණමූර්ති
චිත්‍රපටිය-සැඩසුලං
http://yourlisten.com/lakindupeiris/padmata-polthel
සුබ පතුමටත් ගීතයටත් බොහොම ස්තුතියි සිංදුවෝ.ඔව් ඔබ සඳහන් කර ඇති නඩුව තමයි.
Deletemabruuk...!
ReplyDeleteඅසනීපෙන් හිටියත් හැලපේට සුබ පතන්න ඕනි නිසාම ජාලගත උනේ...හැලපෙගේ පෝස්ට් දෙසීයම කියෙව්වද කියලයි මම මේ කම්පනා කලේ...මේ දවස්වල වැඩ වලින් අයින් වෙලා ඉන්න නිසා අද ඉඳන් ඔක්කොම ආයෙත් කියවනවා..
ජය වේවා...!
ඔබට ඉක්මන් සුවය පතමි.
Deleteඑම.. එම.. ඉක්මන් සුවය ලැබේවා..!
Deleteකර්තකොළොම්පන් කන්නේ බලාගෙන...
Deleteකව්ද කිව්වා එදා මාසෙකටම බිව්වා කියලා...
මෙය බීම හා කිසිම සම්බන්ධ රෝගයක් නොවන බව කරුනාවෙන් සලකන්න...
Deleteලෙඩ මුවාවෙන් දවසේ වැඩකටයුතු සහ වගකීම් වලින් හොරා පැන යාමක් පමණයි...බොරු නම් ඉවානයාගෙන් පමනක් අසා දැනගන්න..
අඹත් එක්ක අයිස් වැඩිපුර දාගත්තහම ඔහොම තමයි. ඉවාං අයියට කතා කරල ලෙඩා ගැන හොයද්දි කිවුවෙ අඹයි අයිසුයි තමයි හෙනේට හිටියෙ කියල.
Deleteඑෙහෙමද එතෙකෙොට ෙවෙලෙෙෙවෙලා තිෙයෙන්‍ෙනෙේ හරි හරි හරි
Deleteමම අසනිප මනුස්සයාව බලන්න එන්න ඇහැව්වාම නෙස්ටමොල්ට් එපාලු පෑන්ටියක් අරගෙන වරෙන්ලු
Deleteඅසනීපයෙන් පසුවුනද සුබ පතන්නට පැමිණීම ගැන බොහොමත්ම ස්තුතියි.මෙතන එළිපිට නොකියවෙන සහ යටිපෙළක් ඇති කතාවක් ඇද්ද යන්න මට තරමක් අපැහැදිලියි.
Deleteඅසනීප කාරයාට ඉක්මණින් සුවය ලැබේවා...
Deleteහැලපයාට ජය වේවා...
සතාසිවම් මගේත් සිත්ගත් චරිතයක්. විශේෂයෙන්ම ඔහුගේ ක්‍රීඩා කුසලතාවය නිසා. මේ නඩුවේ සතාසිවම් වෙනුවෙන් පෙනී සිටියේ ආචාර්‍යය කොල්වින් ආර් ද සිල්වා. ඔහු නීතීඥයෙකු වශයෙන් මෙම නඩුවෙන් විශාල ජනප්‍රියත්වයක් ලැබුවා. වංගෙඩිය කාථාව එන්නේ මිනීමරුවා වංගෙඩිය මරණකාරියගේ මතක විදිහට ඔළුවට හේත්තුකරායැයි පරිවේශණ සාක්ෂි මත නිර්ණය වූ අවස්ථාවේ ඇයට පණ තිබීමත්, එම අවස්ථාවත් ඇය මියගියායැයි වෛද්‍ය සාක්ෂි මත තීරණ වුන අවස්ථාවත් වනතෙක් කිසිවෙකුගේ මැදිහත්වීමක් සඳහන් නොවීමත් නිසා.
ReplyDeleteමීට වඩා හාස්‍ය ජනක නඩුවක් වූයේ ඇහින් දුටු එකම සාක්ෂිය දුන් තැනැත්තා ගමේ භාවිතා වන වචන වලින් ගොයම් කොළේට මුවාවී සිට මිනී මැරුම දුටුවා යැයි කීම සහ විත්ති පක්ෂය ගොයම් කොළය කියන්නේ ගොයම් ගසක කුඩා අත්තක් වැනි දෙයක් යැයි තර්ක කිරීම නිසා විත්තිකරු නිදහස් වීමයි. මෙහිදීද නීතිඥයා ආචාර්‍යය කොල්වින් ආර් ද සිල්වා යැයි මගේ මතකය.
දෙසීය වැන්නට ඉතා අගනා පෝස්ටුවක්, දහසකට යන්නට සුභ පැතුම්
ගොයම් නඩුවේ මට මතක නම් ඊරියගොල්ල වගේ නමක්...
Deleteඔව් ඉයන් ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා මේ නඩුව නිසා කොපමණ ජනප්‍රිය වුනාද කිවහොත් ඊට ටික දිනකට පසුව පැවති මැතිවරණයේදී ඔහු තරඟකළ දෙහිවල ගල්කිස්ස ආසනය පරාජය වුනා.
Deleteසුභ පැතුම් එල ද බ්‍රා සමග
ReplyDeleteබොහොම ස්තුතියි මෙන්ඩා .
Deleteහැලපයියාගේ පෝස්ට් දෙසීයට උණුසුම් සුභ පැතුම්... ඒ එක්කම දිගින් දිගටම ලියන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.මොකද හලන්න අකුරක් වත් අඩු පෝස්ට් හරි වටිනවා.. කම්මැලියි..,මට බෑ... හිතෙන්නෑ.. නොකියා අයියලා බ්ලොග් රන් කරන එකෙන් අපි වගේ නවකයින්ට හොඳ ගටක් එනවා...!
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි ගස් ලබ්බ.හැකිතාක් කල් ලියන්නටයි බලාපොරොත්තුව.ඔබ වැන්නවුන්ගේ සාධනීය ප්‍රතිචාර එයට හොඳ උත්තේජකයක් සපයනවා.
Delete200ක් කියන්නේ ලොකු ගාණක්.... අනිවා..... මගෙනුත් හදපිරි අවංක සුබ පැතුම් ආ...........!
ReplyDeleteඔය නඩුව ගැනනං මං අහලා තියෙන්නේ අර වංගෙඩිය මනී මැරුවා කියන කතාව විතරමයි. අර ලොව හෙල්ලූ අබිරහස් මිනී මැරුම් පොත් දෙක ගන්න පුලුවන් මොන ප්‍රකාශකයන්ගෙන්ද කියලා කියන්න පුලුවන්ද? කියවන්න ආස හිතුණා. කොල්වින් ආර් ද සිල්වා නම් පට්ට චරිතයක් කියල අහලා තියෙනව. මොකද අපෙ පැත්තෙත් එල්ලුම් ගස් යන්නම ගිය පොරක් ලේසියෙන්ම නිදහස් උනාලු එයා හින්දා............
*මනී යන්න මිනී ලෙස නිවැැරදි විය යුතු යි.
Deleteස්තූතියි ආර්යන්.
Deleteමේ පොත්දෙක මුලින්ම පළවුණේ 1998 වර්ෂයේයි.සූරිය ප්‍රකාශකයෝ මෙය පළකලා.අලුත් මුද්‍රණයක් තිබේද නැද්ද යන්න නම් මම දන්නෙ නැහැ.
දෙසීයාට සුබ පැතුම් !
ReplyDeleteස්තූතියි ප්‍රා.
Deleteපොලීසිය තමන්ගෙ ලේසියට ශෝට් කට් ගන්න සමහරවෙලාවට අපරාධයක හවුල්කරුවෙක් සාක්කිකාරයෙක් කරනව, සමහර අවස්ථාවලදි ඒ සාක්කිකාරය කරපු එකාගෙ ගිල්ට් එක ඔප්පුකරන්න ලේසියි ඌව චුදිත කලානම් චුදිතයා කරපු එකාගෙ වරදට වඩා . වංචා නඩුවල සමහරවෙලාවට වැරදිකාරයො ඔක්කොම බේරෙනව ඒනිසා.
ReplyDeleteසතාසිවම් මිනීමැරුම් නඩුවක්නෙ අධිචෝදනා නීතිපති දෙපාර්තමේන්තු උපදෙසින්. ඒගොල්ලන්ටත් වරදින්න ඇති පොලීසියේ පරීක්ෂණ දුර්වලතා නිසා ?
Pra,
Deleteඑතන තනිකරම වරද්ද ගත්තෙ පොලීසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි. සතාසිවම් මිනීමරුවයි කියල නමෝ විත්තියෙන්ම තීරණය කරලයි පොලීසිය පරීක්ෂණ පටන් ගන්නෙ.මම හිතන්නෙ ඒ හින්දයි විලියම් රජයේ සාක්කි කරයෙක් කරන්නෙ. ඒත් අන්තිමට වුනේ මිනීමරපු කෙනෙක් නැතිවෙච්චි එක.
සර් සිඩ්නි ස්මිත්ගෙ පොතේ ඔය සිද්ධිය ගැන එක පරිච්ඡේදයයි තියෙන්නෙ. ඒත් මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු සතාසිවම් නඩුව ගැන සවිස්තර පොතක් ලිව්ව අවුරුදු දහයකට වගෙ ඉස්සර. ප්‍රා කියවල නැත්නම් හොයාගෙන බලන්න. ඒකෙ තියනව මොකද වුනේ කියල බොහොම පැහැදිලිව.
ප්‍රාගෙ කියමන හරියටම හරි.
Deleteරවී,
Deleteමහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු ඔහුගෙ පොත ලියන්නට කලින් මාතරටත් දුරින් තියෙන ගමක හිටිය විලියම් සොයාගෙන ගිහිං තියෙනවා ඒ 2002 දී.විලියම්ට ඒ වනවිට අවුරුදු 76 ක් වයසයිලු.විලියම් අවුරුදු පනහකට කලින් කියපු කතාව එදාත් ඒ අකාරයෙන්ම කීවා කියල මහාචාර්ය ප්‍රනාන්දු සඳහන් කරනවා.
ඒ කියන්නේ විලියම් නඩුවේදී බොරු සාක්ෂි දුන්නත් ඒ බොරුවේ තාමත් ජීවත් වෙනවා කියන එකද...?
Deleteඑහෙමත් වෙන්න පුළුවනි ලොක්කෝ.එහෙම නැත්නම් ඔහුට ආයෙමත් සෝලි වැටේවි කියල බයට කීවා වෙන්නත් පුළුවනි.
Deleteපහුගිය ටිකේ මගේ බ්ලොග් ලිවීම හා කියවීම සැහෙන අඩු වුනා. ඒත් ඉස්පාසුවක් ලැබිච්ච ගමන් කියවන්න එන බ්ලොග් වලින් එකක් තමයි හැලප කඩේ. අවුරුදු තුනක් පිරෙන්න කලින් රසබර පෝස්ට් දෙසීයක්ම ලිවීම ලොකු ජයක් තමයි. සුබ පැතුම් හැලපේ !!.
ReplyDeleteස්තුතියි තිලකේ.කියවන්න නිවාඩුවක් ලද වහාම ඔබ එන බව මා දන්නවා.ජය.
Deleteදෙසීයට සුභ පැතුම්!
ReplyDeleteඅම්මපා හැලපයියා ඒ දවස් වල මට කොච්චර බනිනවද මේ අක්ෂර වින්‍යාස කේස් වලට.. ඇයි දැන් බනින්නේ නැත්තේ.. (උඹ දැන් මගේ පොස්ට් උනන්දුවෙන් කියවන්නේ නෑ කියලයි මට හිතෙන්නේ.. සක්..)
කොල්වින් ආර්. ද සිල්වා ගේ ප්‍රසිද්ධ නඩු තුනක් ගැන අහලා තියෙනවා.. මේ සතාසිවම් නඩුව, ගොයම් කොලේ කේස් එක හා උසාවියේදී කාන්තාවකට තීන්ත පෑනක් අතට දී එය තීන්ත කූඩුවට ඔබන ලෙස පවසා ඔබන්න උත්සහ කරනවිට එහෙ මෙහෙ කරමින් කාන්තාවගේ අනුබලයක් නැතුව 'ස්ත්‍රියකට බලෙන් ලිංගික අතවරයක් කිරීමට නොහැකි බව' ඔප්පු කිරීමේ නඩුවක්.. ඉස්සර මතක තිබුනත් දැන් වැඩි විස්තරයක් මතක නෑ.. දන්න කවුරු හරි ලියනවනම් ආසාවෙන් කියවතැකි :)
if someone knows above stories, please explain those stories for younger generation....
Deleteස්තුතියි කමියෝ,බනින්නෙ නැති එකෙන් පෝස්ටු උනන්දුවෙන් කියවන්නෙ නැහැ කියල ගම්‍ය වෙන්නෙ නෑ.කොහොමත් උඹ දැන් වැරදි කරනවා අඩුයි පටන්ගත්ත කාලෙට සාපේක්ෂව.
Deleteඇනෝ,
Deleteඔබලාගේ දැනගැනීම සඳහා ඉඩ ලැබෙන ආකාරයට ඒ කතා ඉදිරියේදී ලියන්නට බලාපොරොත්තු වෙනවා.
///'ස්ත්‍රියකට බලෙන් ලිංගික අතවරයක් කිරීමට නොහැකි බව' ඔප්පු කිරීමේ නඩුවක්..///
Deleteගරු උසාවියෙන් අවසර එහෙම අරගෙන අහක් වෙලා...
තීන්ත කුඩුව කරකවන වරෙත්තුවගේ බෙල්ලට පිහියක් තියලා "තෝ ඕක නැවැත්තුවේ නැත්තන් වැලිගම්පිටි යවනවා" කියලා පැහැදිලි ප්‍රකාශයක් කරලා, ඕනෙනම් තීන්ත කුඩුව කරකවන අත පොඩ්ඩක් අඹරවලා "ඔය කරකැවිල්ල නතර කරපිය පට්ට xසාවා" කියලා අවම බලය පෙන්නුවානම් ඔය නඩුවේ තීන්දුව හරි හැටි බලා ගන්න තිබ්බා...
පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥයා උසාවියේ ලොක්කෙක් වෙච්ච කොල්වින් ලොක්කට බය නිසා කරකවන තීන්ත කුඩුවකට පැන ඔබන්න බැහැ කියන එක පිළිඅරගෙන පැත්තකට වෙන්න ඇති...
පව් අර අසරණ ගෑණු මනුස්සයා...
දුෂණයකට ලක්වෙලා උසාවි යන ඉතාම සුළුතරයකින් එකෙක්ව ඔහොම තලලා දැමීම මොන තරම් අමන කමක්ද...?
ඔය ජේෂ්ට උත්තමයන්නෙ උතතමාවියන්නෙ පෝස්ට් වලට ඇත්තටම හිතෙන දේ කියල වැරද් ත්යෙනව කියල කුණු කතා අහගන තියෙයි මමත්. හැබැය් දැං ඒ ගොල්ල ලියන්නෑ. තුනක් හිටිය එකක හාව හද දකින්නැහැ ලියනව. අදටත් වැදගත් යමක් තිබ්බොත් කියවනව. කොමෙන්ට් දාන්නෑ. වරිගෙ නහගන්න ඕනයැ. අනික් දෙකම නෑ. විසේසම දේ තුන් දෙනාම කාරියො හැක්
ReplyDeleteබුකියෙනුත් බ්ලොක් කරල විගඩං ගොඩයි.
ලොව හෙල්ලූ මිනීමැරුම් පළවෙනි වෙළුම කියවල තියෙයි අනික හම්බෙලාම නෑ.
තව ලංකාවෙ වුණ අපරාධ සිද්ධි පරීක්ෂන පොතක තියෙයි නිහඬ සාක්ෂි කියල. ඒක අර තරං හයිකොල්ටි නැතත් නරකයි කියන්න බෑ. කතෘ චන්ද්‍රසිරි නිරිඇල්ලද මංද
වැරදී නං නිවැරදි කරන්නෝ.
පෝස්ට් 200 ලීව කියන්නෙ ඒවත් ඔක්කම මාගල්. ඇතතටම අගය කල යුතුයි
ජයවේවා
ඒයි.. මයියා.. මට දෙවෙනි එක හම්බ උනා මෙදා පාර ප්‍රදර්ශනේ.. තාම කියවන්න බැරි උනා.. එක තමයි නැතුව හිටියේ.. උඹ ගාව තියෙනවද? 'දෙක' මං කියෝලා දෙන්නම් උඹට..
Deleteමං කියෙව්වෙ ලයිබ්බිරියෙන් හම්බුවෙලා. මං ගාව නං නෑ. හැබැයි ප්‍රකාශක කවුදකීවොත් හොයල බලන්නං. මොකද ඒ දවස් වල පොත් ඇරං කියෙව්වට ප්‍රකාශනය කාගෙද ක්යල බැලුවෙ නෑනෙ. නැත්තං කුරුණෑගල සරසවි එකට කියල ගෙන්න ගත්තැකි.
Deleteඅපි අපේ වැඩේ කරගෙන හිටියම ඉවරනෙ මහේෂ්.මම දැන් හිතන්නෙ එහෙමයි.මේ පොත සුරිය ප්‍රකාශකයන්ගේ පොතක් හොයල බලන්න.
Deleteඇගයීමට ස්තුතියි.ජය.
දෙසීයක් කියන්නේ සෙල්ලං ද ඈ! සුබ වේවා!! තවත් හාර පන්සියක් ලියවෙවා!!!
ReplyDeleteබොහොම ස්තුතියි නාඩියෝ.
Deleteසතාසිවම් ගේ බිරිඳ දූෂණය කොට මරා දමන ලද්දේ නිවසේ මෙහෙකරුවා බව මහාචාර්‍ය සිඩ්නි ස්මිත් අනුමාන කලේය. ඒ කාලයේ DNA Test නොතිබුනු නිසා එය ඔප්පු කිරීම අපහසු විය. පසු කාලයක් මෙම මෙහෙකරුවා තවත් ස්ත්‍රී දූෂණය සිද්ධියකට සම්බන්ධ විය. සතාසිවම් ගේ බිරිඳ ගේ මව සතාසිවම් බිරිඳ මරා දමන ලද බව විශ්වාස නොකලාය. ඇය දිගටම සතාසිවම් සමග මිත්‍ර්කම් පවත්වාගෙන යන ලදි. සතාසිවම් මිය යන්නේ වැල්ලවත්තේ වාඩිය අවන්හලේදී බව පැවසේ.
ReplyDeleteමමත් මේ කතාව දැනගත්තෙ “පොරකය ඉවකල මිනිස්සු“ කියන පොතෙන් මේ ගැන ලොකු විස්තරයක් තියනවා ඒ පොතේ
Deleteසතාසිවම් මිය යන්නේ වයස අවුරුදු 61 දියි.ඒ 1977 අවුරුද්දෙ.මිය ගිය තැන නම් ඔබ කියනතුරු දැනගෙන හිටියෙ නෑ.
Deleteදෙසියට හද පිරි සුපැතුම්...
ReplyDeleteහමබ වෙච්චි සුපිරි බොග දාන එකෙක් වගේම... සුපිරි සුන්දර නිහතමානි මනුස්සයෙක්.. විශේෂයෙන අපි වගේ ගුණමකු මිතුරන් පිරිසක් අතරේ...
ලිවිල්ල ගැන නම් ආයේ කියන්න දෙයක් නෑ නේ.. මම හිතන්නේ හැලපෙ ගැන මම කලිනුත් ලියලා තියෙනවා.. ඒත් ආයෙත් ලිව්වට පවු නෑ..
කෙනෙක් ජේෂ්ඨ හරි ශ්‍රේෂ්ඨ හරි අති ශ්‍රේෂ්ට වෙන්නේ ලියපු කාළය අනුව නෙමෙයි.. ලියන දෙයින්.. මෙකේ පේටන්ට් බලෙන් අරගෙන අයිතිවාසිකම් කියපු ගොන් හරක් සෙට් එකක් එදා උන්නා.. උන් කිසි එකෙකුට ගොඩ එන්න දුන්නේ නෑ.. විශේෂයෙන් ඉස්තිරි පක්ෂෙට..
උන්ගේ ගැරහුමට ලක් උන තවත් කෙනෙක් තමයි හැලපේ.. ඒත් උඹ සැලුනේ නෑ.. උඹ දිගටම ලිව්වා.. අරුන්ට උඹ එක්ක හැරෙන්නත් බෑ.. උඹේ තියෙන පන්නරය, දැණුම, පරිනත බව උන් එකෙකුට නෑ.. උන් අද කොහෙද කියලා නෑ.. ඒත් හැලපේ අදටත් රජෙක්..
ජය වේවා....!!!
මමත් 2010 බ්ලොග් අවකාශයේ මාස දෙක තුනක් ඉදලා නැවතුනා.ඒ දවස්වල මේ ගැන උනන්දුවක් තිබුනේ නැ.මම ආයෙත් බිලොග් අවකාශයට ඇවිත් මාස හතරයි.මට මේ හැමෝගෙන්ම සපොට් එක ලැබුනා මිසක කැපිල්ල ආවේ නැ.කවුරු හරි ඇනෝ කෙනෙක් අඩුපාඩු හදාගන්න පවා උදව් කලා.මගේ බිලොග් එකට වැඩි පුර පිරිසක් ඇවිත් තිබුනේ මාතගේ සින්ඩියෙන්.
Deleteමේ කියන විදියට මුල් කාලේ ලොකු කැපිල්ලක් තිබිලා තියනවා.මටනම් කවුද ඒ කියලා හිතාගන්න බැ.මුල් කාලේ අය මම වැඩිය දන්නේ නැති නිසා.
හොරුන්, මංකොල්ලකාරයින්සහ දේශප්‍රේමීන් හෙලා දකිමු .
Deleteමගෙත් එක්ක මුල පටන්ම හිටිය කෙනෙක් වගේම ලියන්නට අතදුන්න එකෙක් හැටියට මාතලන් හඳුන්වන්නට පුළුවනි.බ්ලොග් ලොවට දැන් ඇතුල් වෙන අයට අපිට තිබ්බ කැපිලි නෑ තියෙන්නෙ උදව්මයි.ඒ ගැනත් හරිම සතුටුයි.
Deleteබොහොම ස්තුතියි මචෝ.
මනෝ,
Delete2010 ආපු නැති එක ගැන සතුටුවෙන්න.
ඉවාන්,ඉවාන් හොරු සහ මංකොල්ල කරුවන් හෙළාදැකීම හිතාගන්න පුළුවනි ඇයි දේශප්‍රේමීනුත්?
Deleteදෙසීයට අපෙන් සුභ පැතුම්...!!!
ReplyDeleteදෙසියක් ලියනවා කියන එකනම් ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි.අනික හැලපේ ව්‍යාකරණ ගැන වැඩිපුර අවධානය යොමු කරන නිසා වැඩිපුර වෙහෙසක් දරන්න වෙනවා.මගේ ලිපි වල ව්‍යාකරණ දෝෂ තිබුනොත් පුලුවන් වෙලාවක ඒ ගැන පෙන්වලා දුන්නොත් මට ඒක ලොකු උදව්වක්.ලිපි වල ගුණාත්මක බව රැකගන්න ඒක අවශ්‍යමයි.
සතාසිවම් නඩු විභාගය ගැන ලිපියක් මට කියවපු පොතක තිබුනා.මේ ගැන සම්පූර්ණ ලිපියක් එකේ තිබුනා.එදා එහෙම උනත් අද වගේ කාලයක ඔය වගේ දෙයක් වුනානම් පරික්ෂණ කෙරෙන,නඩුව විසදෙන ආකාරයේ ලොකු වෙනසක් තියෙව්...
ස්තුතියි මනෝ,
Deleteලිපිවල විශාල වශයෙන් ව්‍යාකරණ දෝෂ හෝ අක්ෂර වින්‍යාස දෝෂ තිබ්බොත් පෙන්නල දෙන්නම්.න ණ ල ළ දෝෂ වැනි දේ නම් මා එපමණ ගණනකට ගන්නේ නෑ.
සතාසිවම් නඩුව අද වගේ කාලෙක තිබුනා නම් විසඳන ආකාරය හරිම වෙනස් බව කියන්නත් දෙයක්ද?
නොදකින් අප්පා...
ReplyDeleteඇයි අර ත්‍රිකෝණේ 199 උණේ??? නැත්නම් ඒකේ ඉතුරු ටික කියවන්න තිබ්බා...
ආආආ...
200ක් දැම්මා නේ... මම නම් තවම 10 වත් නෑ...
200 ට සුභ පැතුම්...
අර පොත කියවන්ට පොඩි කාලේ ඉඳන් ම ආසාවෙන් හිටියේ... තව බැරි වුණා...
Deleteමට ඒ කතාවත් එක්ක තියෙන අවුල තමයි
කොල්වින් ආර් ද සිල්වා පරදින්න ඒ නඩුව හේතුවක් වුණේ ඇයි කියන එක...
ඔබත් මහන්සි නොබලා කම්මැලි නොවී ලිව්වොත් කවදාහරි 200 ක් ලියාවී.ත්‍රිකෝණේ ඉදිරියටම යනවා දුක්වෙන්න එපා.
Deleteආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා පෙනී සිටියේ සතාසිවම් වෙනුවෙන් හෙවත් ඒ නඩුවෙ විත්තියටයි.නමුත් මුළු රටේම ජනමතය හැදිලා තිබුණේ ඔහුගේ සේවා දායකයාවූ සතාසිවම්ට විරුද්ධවයි.ප්‍රතිපලය වුනේ කොල්වින් ආර් ද සිල්වා මහතාගේ මන්ත්‍රීකම නැතිවීයාමයි.
ඔබගේ පෝස්ට් 200 ට සුභපැතුම්
(අදට මගේ පෝස්ට් 254 යි ),
ඔබටත් සුබ පැතුම්...:)
Deleteසතුටුයි රුවන්.මගේ සුබපැතුම් පිළිගන්න.
Deleteහැලපයියා ගේ 200 ට ජයවේවා....... හත් අටදාහක් ලියවේවා..... අර ත්‍රිකොනේ තවම එක කොනනේ දැක්කේ.....
ReplyDeleteස්තුතියි බන්ඩෝ.ත්‍රිකෝණයේ අනික් කොන් දෙක පසුව මතුවේවි.
Deleteඅවුරුදු තුනට පෝස්ට් දෙසීයක්. ආඩම්බරයි හැලපයෝ. සුබ පැතුම්. අද නම් බිසි හන්දා මේ ටික විතරයි කොටන්ට වෙන්නේ.
ReplyDeleteඔයාගේ බ්ලොග් එක ආසාවෙන් කියවන එකක් බව නම් කියන්ටම ඕනි.:)
ස්තුතියි පොඩ්ඩි.තවත් මොනාහරි ලිව්වනං සතුටුයි.කමක් නෑ හැමදාම ඇවිත් මොනවා හරි ලියල යන ළමයනේ.
Deleteෙදෙසීයත් ගානක්ද අංකල්
ReplyDeleteනෑ, ඔබ වැනි දැවැන්තයන් ලියන කියන දේ අනුව බලනකල කිසිසේත්ම ගාණක් නොවේ.
Deleteඋම්මාආආආආ
Deleteමචං මුලින්ම දෙසිය වෙනි පෝස්ට් එකට සුභ පැතුම්. වැඩි විස්තර කතා කරන්න පස්සෙ එන්නම් ඒ මොකද මේ වැඩ කරන ගමන්.
ReplyDeleteමමත් පහුවෙලා ඉගෙනගත්ත දෙයක් තමයි පෝස්ට් එකට අංකයක් දාන එක. එතකොට වරදින්නේ නෑ. මම ඒක කොපි කලේ ගාමිණී විජිත් සමරකෝන්ගෙන්.
ගාමිණී විජිත් සමරකෝන් දැන් ලියන්නේ නෑ නේද.. මම මේ ලඟදි බ්ලොග් රෝලෙන් ඒ බ්ලොග් එක අයින් කරලා දැම්මා
Deleteස්තුතියි මචං.මම සීයට එනකල් අංක දැම්මා දැන් දාන්නෙ නෑ.මම වෙනුවෙන් ගුගල් පෙන්නන හින්ද අඩුවක් දැනෙන්නෙත් නෑ.
Delete200ට සුභ පැතුම්...මම ඔය ඝාතන සිද්ධිය අහල තිබ්බට හරියට දැනගෙන හිටියෙ නෑ...
ReplyDeleteස්තුතියි ඉන්ද්‍රජිත්.දැන් දැනගත්ත නේද?
Deleteහදපිරි සුබ පැතුම් හැලපයියේ.
ReplyDeleteමම නම් හිතන්නේ මට ඔය දෙසියෙන් කිහිපයක් හැරෙන්න අනික් එව්වා එකක්වත් මග හැරිලා නැහැ.පොස්ට් 200 ලියනවා කියන්නේ පොඩි දෙයක් නෙමේ.අවුරුදු තුනක් විතර තිස්සේ මම තවම ලියලා තියෙන්නේ විසි ගානක් විතරයි.:)
ඔය පොතෙත් නම දාහන්කෝ හැලපයියේ ප්‍රකාශකත් එක්කලා.
ස්තුතියි මනෝජ්.
Deleteපොතේ නම ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්.සුරිය ප්‍රකාශනයක්.පළමු මුද්‍රණය 1998.
සූරිය ප්‍රකාශකයෝ,
ඇස් මහින්ද හිමි මාවත,
මරදාන,කොළඹ 10.
TEL.2693607.
හැලපේ අයියේ සුබ පැතුම්..... බ්ලොග් ලොකේ දන ගාන පොඩ්ඩෙක්ගෙන් හොදේ....
ReplyDeleteස්තුතියි සබරේ.දණගානවයි ඇවිදිනවයි කියල නෑ.බ්ලොග් ලියන කවුරුත් එකයි බං.
Delete200ක් කියන්නේ සුළුපටු ගානක් නෙවෙයි.. අද්දැකීම් උනත් වෙනස් දේවල් උනත් රසවත්ව හරවත්ව සිංහලෙන් ලියන හැලපෙට සුභ පැතුම්....
ReplyDeleteමගේ 200වෙනි පොස්ට් එක බලන්නත් හැලපයියා එන්නම ඕන (ඹන්න මැරිල එහෙමනං කියන්න එපා)
ජ ය වේ වා !!!
පොඩි මෙන්ඩට දැම්මම කියලා තිබ්බා උඔගේ 200වෙනි පොස්ට් එක බලන්න කියලා..
Deleteමට උපහාරයක් විදිහට ඒ පොස්ට් එක තාප්ප ගැන ලියහන්.
උඹේ 200 වෙනි පෝස්ටුව කියවන්නට ඊළඟ ආත්මෙ හරි ගන්ධබ්බ අවදියෙ හරි ඉන්නව නං නොවැරදීම එන්නං.නැත්නං මෙන්ඩා කියනවා වගේ හලපැට්ටට දැන්මම දන්වල තියන්නම්.
Deleteහැලප මාමේ මගෙනුත් සුබ පැතුම්! හැලපස්ටයිල් ආවේනික ඔබ තුමාට විතරමයි...ඒ ඇයි දන්නවද? එකම කතාවේ අතුරැ කතා දෙක ,තුනක් සටහන් කරන්න...එපා නොවී කියවන්න ලියන්න පුඵවන් හැකියාවක් ඔබ තුමාට තියෙනවා.....තව,තවත් ලියන්න ලැබේවා...
ReplyDeleteඅර පොත කොයින්ද හොයා ගන්නේ මාමේ
ස්තුතියි ශානු.ඔබලා මගෙ නමින් ස්ටයිල් එකකුත් හදාගෙන තියෙනවා නේද?
Deleteපොත සුරිය ප්‍රකාශනයක් ශානු.මුල් මුද්‍රණය 1998 දියි.
පහුගිය මාසෙක විතර ඉඳලා මැරතන් එකක් දුවනවා වගේ හැලප පොස්ට් මුල සිට අගටම කොමෙන්ටුත් එක්ක කියවලා අද තමයි ඔන්න ඉවර උනේ. (ප්‍රශ්නයක් තියනවා නම් අහන්න, මට ඔක්කොම වගේ මතකයි දැන්). ඒක දෙසිය වෙනි පොස්ට් එක වීමත් හරි අපූරු සිදුවීමක් මට නම්.
ReplyDeleteමැරතන් එකක් වගේ කිව්වට මැරතන් එකක් දිව්වා වගේ මහන්සියක් නම් නැහැ, හරිම රසවත් කාලයක් ගෙව්වා. මම දැකල නැති අහල නැති බොහොම දේවල් දැනගන්නත් මෙච්චර කල් ගිහින් නැති ලංකාවේ වගේම ලෝකේ වටේ නොයෙකුත් තැන් වලට ගිහින් බලාගත්තා වගේත් දැනෙනවා මේ පොස්ට් කියෙව්වට පස්සේ. පරණ පොස්ට් එකක වත් කොමෙන්ට් කරන්න මම නැවතුනේ නැහැ, මොකද කට්ටිය වගේම හැලප තුමත් ආයේ ඒ පැත්තේ යන එකක් නැහැ කියල හිතුන නිසා. හැබැයි අර ඉන්දියාවේ සපෝර්ට් ක්ලබ් එකේ ගෝවා මල් බයිට් එක ගැන නම් කෑදර හිතිලා මම හැලප තුමාට ලියුමක් යැව්වා ඒක කොහොමද හදන්නේ කියල අහල. හදන විදිහ නැති උනත් හැරෙන තැපෑලෙන්ම උත්තරයක් නම් ලැබුනේ හැලප තුමාගේ නිහතමානී කම නිසා කියල මට හිතුණා.
හැලප තුමා මොනවා කිව්වත් මුලින් ලියපු මාගල් වගේ පොස්ට් වැඩියෙන් රසවත් දෝ කියල මට හිතෙනවා. එහෙමට කියලා ඒවායේ මට තේරෙන අඩුපාඩුවක් නම් නැහැ. පොස්ට් කොට වීම මම වගේ කියවන්නම බලන් ඉන්න අයට දුකක් උනත්, මේවා ලියන්නට වෙන්න ඕනේ මහන්සිය ගැන යන්තම් අවබෝධයක් තියන නිසා ඒ ගැන මොකුත් දොසක් කියන්න අමාරුයි.
තව කියන්න ඕනෙ දෙයක් තමයි මේ කොමෙන්ට් කියවලත් සෑහෙන සෑහෙන දේවල් දැනගත්තා. ඉතින් කොමෙන්ට් කරපු හැමෝටමත් මගේ ඉස්තුතිය හිමිවේවා!
එහෙනම් ඉතින් බොහෝම ඉස්තුතියි මේ ලියන ලිවිල්ලට. දැන් මට අළුත්න් ලියන දේවල් එදාම කියවන්න පුළුවන්!
ඔබේ කමෙන්ටුව කියවද්දි මට බ්ලොග් ලියන්න එන්න ඉස්සර බ්ලොග් කියවපු කාලය මතක් වුනා.මමත් ඔබ වගේම අනෙක් බ්ලොග් කරුවන්ගේ සියළුම ලිපි කියෙව්වා.බොහොම ස්තූතියි.
Deleteමුලින් ලියු මාගල් ලිපි වගේ ඒවා දැන් නොලියවෙන්නේ ගුණාත්මක භාවය ගැන වැඩියෙන් සිතන නිසයි.හැමදාම එන්න.
අවුරුදු තුනට පෝස්ට් දෙසීයක් කියන්නේ බොහොම ලොකු ප්‍රමාණයක්. ඒ වගේම ඒ පොස්ට් ඇතුලේ රසවත් අතීත සිදුවීම් ගොඩක් වගේම අදට, අනාගතයට ගලපගන්න බොහෝ දේත් තිබුනා. ඉතින් හදවතින්ම සුබ පතනවා පොස්ට් පන්සීයත් ඉක්මනින්ම පහු කරගෙන යන්න.
ReplyDeleteඔබ මගේ බ්ලොගයෙන් ජීවිතයට යමක් එකතු කරගත්තා නම් සතුටුයි තුශානි.බොහොම ස්තුතියි.
Deleteඅවුරුදු 3 කින් රසවත් හරවත් පෝස්ට් 200ක් ලිවීමට මගේ උපහාරය. මම හැලපගේ පෝස්ට් කියවන්න ගත්තේ බ්ලොග් එක පටන් අරන් ගොඩක් කල් ගියාම . ගොඩක් මිස් වෙච්ච දේවල් ඇති. ඔබතුමා පෝස්ට් එකක් ලියන්න කලින් ඒ සඳහා වෙහෙසෙන හැටි කියෙව්වම මට මම ගැනම ලැජ්ජයි හෙහ් හෙහ්... ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද..
ReplyDeleteස්තුතියි පැතුම්.ලියාගෙන යද්දි ලියන ක්‍රමය ඔබත් ඉගෙන ගනීවී.එය කාලය සම්බන්ධ ප්‍රශ්නයක් පමණයි.
Deleteජයවේවා හැළපෙ!
ReplyDeleteඋඹෙං මමත් සිංහල වැරදි ගොඩක් ඉගෙනගත්ත. ඒවට පින්. අර රාජ් කිව්ව වගේ කුකුල් කොටෝන කතාවලට වඩා උඹෙ දේශාඨන කතාවලට මාත් ආසයි. ඒත් ඔය මොනා ලිව්වත් ඒව රහට ලියන්න උඹට තීන හැකියාව අපූරුයි. බ්ලොගේට දිඝායු!!
ස්තුතියි ඉන්දික.ඒත් උඹ පහුගිය කාලෙ දකින්න ලැබුනෙම නෑ.කාර්ය බහුලත්වයද කම්මැලිකමද?
Deleteතව තවත් ලියන්නට ශක්තිය දහිරිය ලැබේවා.. පුංචි කාලේ බලපු සතාසිවම් වේදිකා නාට්‍ය මතක් උනා..
ReplyDeleteස්තුතියි.ඔබේ බ්ලොගයත් බොහොම රසවත්.කම්මැලි නොවී දිගටම ලියන්න.
Deleteදෙසීයට සුබ පැතුම් ....
ReplyDeleteඔබේ බ්ලොග් එක මුල ඉඳලම බලන එකෙක් හැටියට බොහෝම සතුටුයි .....
බොහොම ස්තූතියි.උඹ දැන් ලියන්නෙම නෑ නේද?
Deleteඋඩ ඉඳලා අනුන්ගේ කමෙන්ට් වලට හොට දාගෙන ආව මිසක් සුබ පතන්න බැරි උනා...
ReplyDeleteඔන්න මගෙනුත් 200 ට සුබ පැතුම්...
ස්තුතියි ලොකු පුතා.උඹේ කමෙන්ට් කොහොමත් අංග සම්පූර්ණයි නොවැ.උඹත් දැන් කම්මැලි වෙලාද මංදා?
Deleteජයවේවා හැළපෙ!
ReplyDeleteවන්ගෙඩියක් මිනීමරයි,එදා ඔහොම උනා හැලපේ,එදා වගේම තමා අදත් අපේ රටේ මහ ජනතාවත් පොලීසියත්,සේයගේ මරණය වගේම ඔයාට මතක ඇති කොටකෙතන අක්කා නගෝ ඝාතනය,මේකේ වරදකාරයෝ නිදොස් කොට නිදහස් කරා,එදා සතාසිවම් මහත්මියගේ නඩුවෙදිත් චූදිතයා නිදොස් කොට නිදහස් උනා,එකම දේ ආයේ ආයේ වෙනවා,තාක්ෂනේ තිබුනත් නැතත්
ස්තූතියි ඇනෝ.ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා කියන්නෙ ඔන්න ඕකයි.
Deleteඩබොල් සෙන්චරියට සුභ පැතුම්.
ReplyDeleteඩබොල් සෙන්චරියට සුභ පැතුම්.
මොකක්ද මේ බ්ලොග් සීනියර් ජූනියර් කතාව? මං අහලාතියෙන්නේ එහෙම ඒවා තියෙන්නේ විස්ස විජ්ජාලේයි ආමි එකේයි තව කීප පොලකයි විතරයි කියලනෙ.
ස්තුතියි.
Deleteසීනියර් ජුනියර් කතාව ඔබ නොදන්නවා උනාට බ්ලොග් ලෝකයෙත් තිබුණා.
දෙසියට සුභ පැතුම් .
ReplyDelete//බ්ලොග්කරණයට මා පිවිසි මුල් අවදියේ එවකට සිටි පළපුරුදු බ්ලොග් කරුවෙකුගේ ලිපි දෙක තුනක අඩුපාඩු පෙන්වා දුනිමි.ලැබුණු පිළිතුර බෙහෙවින් කර්කශ හා නොරුස්සන සුළු එකක් විය// මටත් මෙහෙම දෙයක් වුනා දැන් අවුරුදු කීපයකට කලින් "ප්‍රවීණ" බ්ලොග් කරුවෙකු සම්බන්ධව . එක්කෙනම්ද දන්නේ නැහැ. . ඒ නිසා මම පැත්ත පළාතේ ගියේ නැහැ ඊට පස්සේ. කවුරු කියවනවද දන්නේ නැහැ උන්නැහේගේ ඒවා.
මේ වංගෙඩි කතාව මටත් යන්තමින් මතකයි.
ස්තුතියි අජිත්.මම කියන එක්කෙනා නම් දැන් බ්ලොග් ලියන්නෙ නෑ.
Deletehttp://nelumyaya.com/?p=4466
ReplyDeleteස්තුතියි අජිත්.
Deleteදෙසියට සුභ පැතුම් . ආයිබෝ වේවා !
ReplyDeleteමේ මගේ පෞද්ගලික අදහස. හැලපෙ අර ප්‍රවින බ්ලොග්කරුවාගෙ කතාව නොකියා හිටියා නං තමා වඩා හොඳ. මට හිතෙන්නෙ හැලෙපෙ හුඟක් සංවේදීයි කියලයි. මට මතකයි, අතීතයේදීත් ඔහොම "වැදිච්ච මරු පහරක්" ගැන කිව්වා.
මට මතක්වුනේ කෙනෙක් කියපු කතාවක්. මේ මහත්තයාට, එයා කරපු රැකියාවට අදාලව, අනුන් වෙනුවෙන් කම්පැනිවලට කතාකරන්න සිද්ද වුනා. සමහර කම්පැනි ලොක්කො, තමන්ගෙ ආතතියත් මේ මනුස්සා පිටින් යවන්න ඇති. එයා මෙහෙම කිව්වා:
" මේ රස්සාව කරන්න බොහොම ඝණකම කබර හමක් තියෙන්නෙ ඕනෑ" කියලයි. මං හිතනවා, හැලපෙට , මං කියපු දේ තේරුණයි කියලා
ස්තුතියි බස්සෝ.
Deleteමට ඒ කතාව මේ වෙලාවෙ නොකියා ඉන්න බැරිවුණා.ආයෙම කියන්නෙ නෑ.ඔව් ඉතිං ගැන කබර හමක් නොතිබුණොත් මේ බ්ලොග් කෙළියත් කරන්නට ටිකක් අමාරුයි තමා.
මේ මේ දැං ඔය සැප ගත්තා ඇති පෝස්ට් එකක් දාමුද
ReplyDeleteසැපක් නැත ඉතාම කාර්ය බහුල වුයෙමි.සඳුදා විතර බලමු.
Delete