(දේශක,විදානේ,ප්‍රියා,පත්තර මල්ලි,ඉවාන්,ප්‍රසන්න ඇතුළු සහෘදයන්ට ආදරයෙන් පිළිගන්වමි)
අපි අන්තිමට ලිව්ව ඌරු කතාව හිතුවෙවත් නැති විදියට නැගල ගියානෙ,ඉතිං අපි දන්න දන්න ඌරු කතා කියමින් ඉන්න අතරෙ අපේ සඳාත් ඌරු කතාවක් කිව්වා ඒක මෙහෙමයි...
ඔන්න ඌරු කොටුවක ඊරියක්ව පට්ටි දම්මන්න වෙන කොටුවකට ගෙනියනවලු,චීන ඊරියක් වෙන්න ඇති මහත නිසා ගෙනියන්නෙ විල්බැරෝ එකක තියලලු, එක දිගට දවස් කීපයක් පට්ටි ගස්සන්න ඕනැනෙ. දවස් දෙකක් ගෙනිහින් ඇවිත් තුන්වෙනි දවසෙ ගෙනියන වෙලාවට බලපුවම ඊරි නැහැලු,ඌරු කොටුවෙ මනුස්සය ඊරිව හැම තැනම හොයල හොයල නැතුව එළියට එද්දි මෙන්න ඊරි විල්බැරෝ එකට නැගල නැට්ටත් හොල්ල හොල්ල ජොලියෙ ඉන්නවලු...
අපේ මිත්‍රය නෙවිල් ඉන්නවනෙ අර කරෝල වාඩියෙ හිටපු එකා ඌ භක්තිමත් කතෝලිකය නොවැ,ලංකාවෙදි ඉරිද දවසට කොහෙන් හරි හොඳ ඌරු මස් කෑල්ලක් හොයාගන්නව. එක්කො පල්ලි ගිහිං එනිං ගමන නිට්ටඹුවෙන් අරගන්නව එහෙම නැත්නං කෙළින්ම කොරසෙ ඌරු මස් කඩේට යනවා,ඌරුමස් කඩේ ඇන්ටනි ඉන්නෙ නිකං අලුගෝසුව වගේ, උඩු රැවුලත් කරකෝල ෂර්ට් එකක් නැතුව ලේ තැවරිච්ච කාකි රෙදි කෑල්ලක් සරමට උඩින් ඇඳගෙන මස් කපන දඩ මන්නාපිහිය අර කූරෙ අතුල්ල අතුල්ල බලාගෙන ඉන්නකොට දන්නැති එකෙක් එහෙමනං බයවෙනවා,නෙවිල් ගියාම ආ එන්න මහත්තය කියල හොඳ මස් කෑල්ලක් කපල දෙනව,ඉස්සර අහීමාන මන්ඩියක් වෙච්ච නයිවල ටවුමක් වෙලා දියුණු වෙන්න ගත්තම එතන දාපු ඌරුමස් කඩෙත් කොන්ත්‍රාත් එක ඇන්ටනිල ගත්තා. දවසක්දා වෙනුජ වැඩ ඇරිල එන ගමන් වැස්ස නිසා කඩේට ගොඩවුනාම කඩේ හිටපු කෙනෙක් වෙනුජත් එක්ක කතාවට වැටිල ගම් පළාත එහෙම අහල...
මගෙත් හොඳම මිත්‍රයෙක් ඔයාලගෙ ගමේ ඉන්නවනෙ...
කියල මගෙ නම කිව්වලු,ඒ ගමන වෙනුජට හිනා ගිහිං..
ඇයි සුනිල් අයියෙ මාව අඳුනගන්න බැරිද...
ඌරුමස් කඩේ ඉඳල තියෙන්නෙ රත්තා,ඒ කාලෙ ඉස්පිරිතාලෙ වැඩකරපු අපේ හොඳම යාලුවෙක් හොඳ වොලිබෝල් ක්‍රීඩකයා මැච් එකක් තියනව නං එදාට මිනිහ වැඩට එන්නෙ නෑ,ඔහොම ගිහිං ගිහිං අන්තිමේදී නෝ පේ ගිහිං වැඩිවෙලා රත්තට සේවය අතහැර යාම කියල ලියුමක් දීල,ඒ ගමන මම එක්කං ඇවිත් සර්පයෙක් කෑවා කියල ලාල්ලගෙ තාත්තගෙන් නෝ පේ ගිය මාස ගානට මෙඩිකල් අරං දීල ආපහු රස්සාව හදල දුන්නම රස්සාව දීල රත්තව ජලභීතිකා මර්දන ව්‍යාපාරයට මාරුකලා...
මැච් විතරක් නෙවෙයි අපි අවුරුදු උත්සව එහෙම කරනකොටත් රත්ත ඇවිත් අපටත් වඩා මහන්සිවෙලා දවස් දෙකක් විතර අපේ ගෙදර නැවතිලා ඉඳල අවුරුදු උත්සවේ ඔක්කොම වැඩටික කරලදීල යන්නෙ තමන්නෙ වැඩක් කරනව වගෙයි,ගෙයක් දොරක් පවුලක් ළමයි ඉන්නවදවත් කියල ගානක් නෑ,මමත් බැඳල ඊට පස්සෙ ලංකාවෙන් පිට රස්සාවට යන්න වුනාට පස්සෙ අපේ ආශ්‍රය අඩුවුනා,අඩුවුනා කියන්නෙ හරියටම කිව්වොත් නැතුව ගියා,අවුරුදු ගණනකට පස්සෙ අපි හම්බවුනු වෙලාවක වෙනුජ ඔය කතාව කියපුවම හොඳට රස්සාව කරගෙන හිටපු එකා ඌරුමස් කඩේ මොනව කරනවද කියල මට නිකමට වගේ හිතුනත් කමක් නෑ නයිවලනෙ ඉන්නෙ ඔතනින් යන වෙලාවක ගිහිං අහල බලනව කියල හිතාගත්තා...
ඒත් දිගින් දිගටම රටින් රට මාරුවෙවී හිටපු නිසා ඉතිං ඒකටත් වෙලාවක් ආවෙ නෑ,ලංකාවෙ ඉන්න කාලෙටත් ඒ වැඩේටම නයිවලට යැවුනෙත් නෑ,ඔන්න ඔහොම ගිහිං දවසක නයිවල හංදියෙන් එද්දි මූව මතක්වෙලා ටක් ගාල බැහැල ගිහිං ඌරුමස් කඩෙන් සුනිල්ව අහපුවම...
ආ දැන් මිනිහ ඉන්නෙ කොරසෙ කඩේනෙ...
කියල එතන හිටපු මනුස්සය කිව්වා,ඒ වෙලාවෙ කොහොමත් කොරසෙ යන්න විදියක් තිබ්බෙ නැති නිසා එහෙමම ගෙදර ගියා,ආයෙම පිටරටක ඉඳල සෑහෙන කාලෙකට පස්සෙ ගෙදර ආපු කාලෙක නයිවල යන්න අවශ්‍යතාවක් ඇතිවුනා,මොකටද කිව්වොත් ලී කැටයං කපන තැනකින් ඇඳ විට්ටමක කැටයමක් කපාගන්න දෙන්නයි,තැන තිබුනෙ නයිවල හංදියෙන් ටිකක් පහළට ගියාම තියෙන අර හාමුදුරුවන්ට කේස් එකක් වැටුණු පංසල ලඟ,එතෙන්ට ගිහිං වැඩෙත් බාරදීල ආපහු එන ගමන් රත්තව හොයන්න යන්න හිතුණා...
අයියෙ පොඩ්ඩක් කොරසෙටත් ගිහිං එමු...
නයිවලින් උඩුගම්පොල පාරට දාල කොරසෙ ඌරුමස් කඩේට ගියා,ඇන්ටනි මස් කප කපා ඉඳල මගෙ දිහා බැලුවෙ මොකද කියල අහනව වගෙයි...
ඇන්ටනි අයියෙ අර මෙහෙ වැඩකරන සුනිල් ඉන්නවද...
සුනිල් කිව්වෙ...
අර පෙතියගොඩ එක්කෙනා...
ආ රත්තද,රත්ත මළානෙ...
මළා...
මම පාෂාණිභූත වුණා මගෙ කටහඬේ වෙනස ඇන්ටනිට තේරෙන්න ඇති...
ඔව් හදිස්සියෙ පපුවෙ අමාරුවක් හැදිල මළා, හරියටම පහුගිය වෙසක් දවසෙ...
ඒ අගෝස්තු මාසෙ එතකොට රත්ත මැරිල මාස තුනක්,මට ඊට වඩා මොකුත් කියාගන්න බෑ කෙලින්ම ආපහු ආවා...
ඇයි මස් ගන්න නේද ගියෙ ගත්තෙ නැද්ද...
අයිය ඇහුවා...
නෑ අපි යං...
මගෙ වෙනස අයියටත් තේරෙන්න ඇති ඊට පස්සෙ වචනයක්වත් ඇහුවෙ නෑ,රත්තගෙ මරණය ගැන කොහොම ප්‍රතිචාර දක්වන්නද කියල මටම හිතාගන්න බැරිවුනා උන්ගෙ ගෙදර ගිහිං ගෙදර අයට කතාකරන්නද,මම රත්ත ඇරෙන්න ඌට කවුරු ඉන්නවද කියලවත් කසාද බැඳලද කියලවත් ගෙවල් කොහෙද තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ කවදාවත් මම උගෙන් අහලත් නෑ මට කියලත් නෑ,ඒ මගෙ දුර්වලකමක් වෙන්නත් ඇති කෙනෙක්ගෙ පුද්ගලික විස්තර එයාම නොකිව්වොත් මමනං අහන්නෙ නෑ මට අහන්නත් බෑ. කෙනෙක් තව කෙනෙක් එක්ක හිතවත් වුනාම ඇහුවෙ නැතත් තමන්ගෙ පුද්ගලික විස්තර යම් තරමක් කියනවනෙ,රත්ත මට එහෙම කියලත් නෑ,ඌ රසකර කර කොච්චරවත් මාත් එක්ක කියෝල තියෙන්නෙ මැච් දිනපු හැටි ඩෑෂ් ගහපු හැටි වගේ දේවල්. ඒ කියන්නෙ සමහරවිට උගෙ ගෘහමය ජීවිතය රසවත් එකක් නොවෙන්නට ඇති,බැන්ද හෝ නැතා හෝ කිසිම ගානක් නැතුව යාළුවන්ගෙ ගෙවල්වල ගිහිං දවස් ගණන් ඉන්න පුළුවන් නං ගෙදර ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙන්න ඕනැ නේද...
අපි නං පිට කොහෙහරි ගියොත් ගෙදර එන්නෙ කොයි වේලාවෙද කියල හිත හිතානෙ ඉන්නෙ,දෙන්න දෙමාල්ලො ගෝරියක් දාගත්තත් දවසකට වඩා දිගදුර ගෙනියන්නෙ නෑ,ගෝරියක් කියද්දි ඔන්න මට අඹු සැමි යුවළක් ගෝරියක් දාගත්ත කතාවක් මතක්වුනා...
පිටිසරබද ගමක ගොයිතැන්බත් කරගෙන ජීවිතේ ගෙවන ජෝඩුවක්ලු,දවසක්දා දෙන්න මොකද්දෝ කාරණේකට හොඳටම රණ්ඩුවුනාලු, රණ්ඩුවෙලා මරාගෙන දැන් දෙන්නට දෙන්න මුණ බලාගන්නෙවත් නැතුව දෙපැත්තට වෙලා ඉන්නවලු, රණ්ඩුවුනාට මොකද ගෙදර සාමාන්‍ය වැඩ කටයුතු කෙරෙන්නත් එපායැ,ඉතිං බිරිඳ එදා උදේට කිරිබතකුයි ලුණුමිරිසකුයි හදල මේසෙට බෙදල තියල...
කෑම බෙදලයි තියෙන්නෙ කනකෙනෙක් ඉන්නවනං කනඑකයි...
කියල එළියෙ ඉන්න මනුස්සයටත් ඇහෙන්න කිව්වම මනුස්සය ඇවිත් කාල එහෙම කුඹුරට ගියාලු,වැඩකරල දවල් ගෙදර ආපුවම ගෑනුකෙනා නාන්න වතුර ලිඳෙන් ඇදල දාල...
වතුර දාලයි තියෙන්නෙ නානකෙනෙක් ඉන්නවනං නාගන්න එකයි...
කිව්වම මනුස්සය නාගෙන ආවලු,ඔන්න ඔය විදියට දෙන්න ඇරගත්තත් ගෙදරදොර වැඩ කටයුතු සාමාන්‍ය ආකාරයට කෙරීගෙන යනවලු,දවල්ටත් රෑටත් ඒ විදියටම කටයුතු සිද්දවුනා තවම දෙන්න යාළුවෙලා නෑ,ඔන්න ඉතිං රෑ වුනා කාල බීල ඉවරවුනාට පස්සෙ නිදාගන්න එපැයි ගෑනු කෙනා ගිහිං පැදුර එලුවා...
පැදුර එලලයි තියෙන්නෙ නිදාගන්නකෙනෙක් ඉන්නවනං නිදාගන්න එකයි...
දැන් දෙන්න පැදුරෙ ඇලවෙලා නොකරකතා ඉන්නකොට නිදාගන්න ඉස්සෙල්ල තව එක රාජකාරියක් තියෙනව නේද කියල බිරිඳට මතක්වුණා මෙච්චර දේවල් කරල ඒකත් නොකිව්වොත් ලොකු අඩුපාඩුවක්නෙ කියල ඇයට හිතුණා...
රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ...........
අන්න බාරියාවො,මරාගත්තත් සුවාමිපුරුෂයගේ උවමනා එපාකං හොයාබලන මෙවැනි බාරියාවන්ට කියන නම අර ගෑණු ළමය මේ දවස්වල කියවන හාමුදුරුවො ලියපු පොතේවත් තියෙනවද කියල අහල බලන්න ඕනෑ. මම හිතන්නෙ නං ෂුවර් එකටම එහෙම අයට කියන නමක් ඒ පොතේ නැතුව ඇති,ඇත්තටම මම නං කියන්නෙ ඒ වගේ බාරියාවන් අගය කිරීමක් වශයෙන් අපි හරි එහෙම බාරියාවන්ට නමක් හදල ගෞරව දක්වන්නට අවශ්‍යයි කියල මට හිතෙනවා...
හාමුදුරුවන්ගෙ ඒ පොත කියවන එකෙත් වරදක් නෑ නමුත් අලුත විවාපත්වූ යුවතිපතීන් අත් පොතක් සේ දිවා රාත්‍රී පරිශීලනය කළ යුතු මහා අනර්ඝ ග්රන්ථ රත්නයක් ඇති බව අභිනවයෙන් යුගදිවිප්රාප්තවූ යුවතිපතීන් බොහොමයක් දෙනා නොදැන සිටීම අතිශය කණගාටුවට කාරණයක්...
ඒ මහා ග්රන්ථ රාජයා නම් වාත්ස්‍යායන පඬිවරයාණන් විසින් මීට අවුරුදු එක්දහස් හත්සීයකටත් පෙර ග්‍රන්ථාරූඪ කරන ලද ''කාම සූත්‍ර'' නම් වූ අනර්ඝ ග්රන්ථ රත්නයයි,මේ අනගි ග්‍රන්ථය කියවීමෙන් ලද හැකි පොරෝජන මෙතෙකැයි කියන්නට අමාරුයි...
අපේ කාලෙ අපි මේ ග්‍රන්ථය බොහොම අමාරුවෙන් හොයාගෙන කියෙව්වට දැන් නං ගුගල් සර්ච් කරන ටික විතරයි,වීඩියෝ ඕඩියෝ, රූප සටහන් වකාරෙට තියෙනව මේ ඔක්කොම පහසුකම් තියෙන එකේ ලද අවස්ථාවෙන් උපරිම පොරෝජනේ ගන්න පමානොවී වැඩකරන්න හිතට ගතයුතු බව අභිනව යුවතිපතීන් පමණක් නොවෙයි මෙතෙක් කල් මේ ග්‍රන්ථයෙන් ප්‍රයෝජන නොගත් පරණ යුවතිපතීන් වුනත් කල්පනාවට ගන්න හොඳයි...
ඕං එහෙනං අදට මදැයි තවත් පල් හෑල්ලක් එක්ක ආයෙම හමුවෙමු.

ඔයවගේ බිරිඳකට කියන එක නමක් තමයි 'මැටි බිරිඳ' කියන එක.:)
ReplyDeleteඅර උඩින් තියෙන පිදුමට සියලුම කාන්තාවන් වෙනුවෙන් මගේ බලවත් විරෝධය.... :D :D
ඇරු පොඩි මිස් ඇරු .. . එහෙම කොහොමද නැද්ද..ලේසියෙං අරින්ඩෙපා මේව..
Deleteමං ඕන වලියක/ප්‍රශ්නෙකදි ගෑනු කස්ටියගෙ පැත්තෙ..බිකෝස් හැම තිස්සෙම හරිත් එයාල දිනනෙත් එයාල !!! :D
ඕ යේස් !!!!
@ පොඩ්ඩි- සතුටු වෙයල්ලා ...ඉරිසියාව අතහැරපල්ලා :P
Deleteමටද මේ කියන්නේ? :O
Deleteමනුස්සය වෙනුවෙන් එච්චර කැපවෙච්ච කාන්තාවකට මැටි බිරිඳ කියන එක හරිද මං අහන්නෙ.
Deleteවිරෝධය දැක්වුවට පිදුමෙ අර්ථය පොඩ්ඩි දන්නෙ නෑනෙ
අපි නම් 'කාම සූත්‍ර' ගැන පෝස්ට් දැම්මේ ඒ කාලෙමලු. :)
ReplyDeleteඑහෙනම් ලින්කුවත් දාන්න ;)))
Deleteමේ තියෙන්නේ
Deleteආ මේ තියෙන්නෙ මාකින් ස්කීම් එක ගෙඩි පිටිං !!
Deleteඅද දෙන්නං :D !!!!!!!!!!
හරි හරි මම නෑ කිව්වෙ නෑනෙ.පොඩ්ඩි වැඩ්ඩි කියල මම නොදන්නවයැ
Deleteඅර ඊරි ගේ කතාවත් නියමයි ,අවසාන එක නම් සුපිරි ... හැක් ;))))))))))))))))))))))))))))))))))))))))))))))
ReplyDeleteරෙද්ද කඩලයි තියෙන්නෙ ///// අර පොතේත් ඇති මේ වගේ කස්ටියට කියන නම...;))))
කාම සුත්‍රය ද එතකොට බැදපු අය කියවන්න ඕන ,වැර්දි පොතක් ඒ කියන්නෙ අර දැරවිට ලැබිලා තියෙන්නෙ .....හැක් හැක්,,,
ඒ දැරිවි කියවන පොත සත පහක වැඩකට නෑ සහෝ,බාරියාවන්ගේ නං කියවල මොකටෙයි.මේ පොත නං දෙලොවටම වැඩ ඇති පොතක්.
Deleteමුල්ම මිනිහයටයි ගැණිටයි ඔය වැඩේ කවුද දන්නේ නෑ කියලා දුන්නේ? ඒ කාලේ පොත් තිබුණේ නෑ නේ!
ReplyDeleteකකා .. මං ටක්කෙටම කියන්නං ඒක කියල දුන්නෙ අපේ කෙන්ජි මාමා .. !!!!
Deleteමුල්ම මිනිහයි ගෑනියි පැත්තකින් තියමුකෝ. දැන කකාට ඕක කරන හැටි කවුරුත් කියා දුන්නද නැත්නම් කකාම ට්‍රයල් ඇන්ඩ් එරර් කරලා හොයා ගත්තද?
Deleteඇනෝ,
Deleteඅද කාලෙ නං ඕක හොයාගන්න කලින් කරන හැටි ඉගනගන්න පුළුවන්. එහෙම ඉගන නොගෙන ඉන්න බැරි තරමට අද කාලෙ අධ්‍යාපනය දියුණුයි.(මෙතන අධ්‍යාපනය කිව්වෙ සංකීර්ණ තේරුමෙන්)
තහනම්ගෙඩි ගහේ හිටපු සර්පය (ක්‍රිස්තියානි විදිහට )
Deleteබෞද්ද විදිහට නම් නානසාරගෙන් අහල තමයි කියන්න පුලුවන්
කකා මම කියන්න ආවෙත් ගහේ හිටිය සර්පයා කියලයි,නමුත් ප්‍රා ඉස්සර වුනා.
Deleteප්‍රා,
Deleteනානසාරගෙන් අහන්න ඕනැදේ අටංට කිව්වනං හරි,ඌ ටක් ගාල අහල කියයි.
OOKA ETHARAM AMARU NEHE, CHOO YANATHENA, PUKA, JEE, PADA, JOKA ANDINA THENA DANNAWANAM KAWUWATH K IYALA DENNA OONE NEHE.
Deleteආ කැපිටල් ඇනෝ කොහොමද,කකා යන යන තැන බොඩි ගාඩ් වගේ යනවා නේද.
Deleteඅප්පට බොල පත්තරයට ගිය කලක් .. පට ගාල පොටෝ එක මාරු කරල ටයි කෝට් ඇඳං ඉන්න එකක් දාන්ඩ ඕනැ වැදගත් තැනක පිලිවෙලට ඉන්ඩෙපෑ .. :D
ReplyDeleteහැලප අයියෙ අපිට මොන ස්තූති ද බං.. අපි ඇවිල්ලා මේකෙ යාව ජීව සාමාජිකයොනේ.. මෙව අපේ තැං !!!!
ඕං හැලප අයියෙ නෝන මහත්තැං කැන්දගෙනම ටයි කෝට් ඇඳල ආව.. එයාටත් පෙන්නන්ඩෙපෑ මං ඇවිල්ල සුලු පටු පොරක් නෙවෙයි කියල :D කාටද ආඩම්බර !!!!
Deleteඅප්පට සිරි පිස්සු හැදෙයි , උඹ මෙතන කොරන අනිත් වැඩ පෙන්නන්න එහෙම නොනව එක්ක යනවා එහෙම නෙවෙයි , ඩිවෝස් එක එතනම ලියලා දෙයි
Deleteඕං ගෙදර ගිහිං බස්සල ආව :D
Deleteඋඹලට ඉන්ට්‍රොඩියුස් කරොත් මට පාඩුයි .. හැක්
ආ ඔය ඉන්නෙ ටොප් එකට.මෙව්ව ඉතිං බොලාගේ තැන් නොවෙන්නං,නිදි මරාගෙන කමෙන්ට් කරනව කියන්නෙ සුළුපටු වැඩක්ද.
Deleteහිරියට හරි ඉවාන්..
Deleteමූ මේ අපේ තැන් අපේ තැන් කියලා දේශාට දුන්න ටොපිය හැලප අයියටත් දෙන්න වගේ සැරසෙන්නෙ. හැක්. :)
Deleteආන්න ප්‍රියෝ උඹට විතරයි තේරුනේ
Deleteඅපි නොදන්න පත්තරේ කිව්වලු. හැක්. :)
Deleteමේල් එකක් දාපංකො මගෙ එකට.
Delete//""රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ""// පිස්සු හැදෙයි මැස්සො මැරෙයි කිව්වලු .... අපි දන්නේ නෑ වනිතා හඬ එහෙම මේ පැත්තට ආවොත් හලපයියටත් කන්නයි වෙන්නේ ගුලිය පිටින්ම
ReplyDeleteපිදුම ගැන සතොන්සයි අප්පා ඕක ගැන අර පත්ත්රයා කියපු දේම තමයි කියන්න තියෙන්නේ හලපයියේ ,මේවා අපේ තැන් , ඔයා එලෙව්වත් අපිව නම් යවන්න හම්බවෙන්නේ නෑ මේ කපේදී . අපි හැලපෙට හැලපෙ අපිට
අපි වෙනුවෙන් අපි !!
Deleteහැලපයියා සින්දාබාද් !!!!
වනිතා කෙන්ජිට බාරදෙන්න සැට් කරල තියෙන්නෙ ඉවාන්.බොලා මේකෙන් යන්නෙ නැති බව නං මටත් හිතුණා.
Deleteහපි හැලපෙට හැලප අපිට..
Deleteආයෙම අහලා අපිව එළවන්න දුම්මල තමා ගහන්ට වෙන්නෙ. :)
Deleteමම නං ඒ යන්නෙත් නෑ :D
Deleteඅර අන්තිම කතාවේ බාර්යාවන් හරිම හොද කාන්තාවක් අනිවා..
ReplyDeleteමොකක්ද බං කොරසේ කියන්නේ
කවුරු මොනව කිව්වත් ඒ කාන්තාව අන්තිම හොඳ කාන්තාවක් බං.
Deleteකොරසෙ කියන්නෙ පොඩි කඩමන්ඩියක් එක්ක තියෙන සුන්දර ගමක් බං,තියෙන තැන ආදී විස්තර කිව්වට බොට ගොනා සහ තණකොළ වගේ නිසා මෙහෙම කියන්නං,කොරසෙ මැරිච්ච මහාචාර්ය ඒ වී සුරවීර මහතා උපන් ගම.
අවුරුදු දාස් ගනන් පරණ බුදු හාමුදුරුවන්ගේ මැත්ඩ් වගේම කාම සූත්තරේ තියෙන ඒවත් අදට හරියන්නේ නෑ. ඒකේ තියෙන්නේ බුලත් විට හපන්නෙයි කියලා. අද කාලේ බුලත් විටක් කාලා හැමිනෙන්න ගියොත් එහෙම හනිමෝන් කෙසේ වෙතත් ගෑණි ගිහින් නවතියි මහ ගෙදර, අද තියෙන්නේ ව්යාඝ්රා. හැබයි ඉතින් එකේ තියෙන ඉස්ට්රෝක් ප්ලේ කොරන්න නම් අර කව්ද කිව්වා වගේ, ජිම්නාස්ටික් කොරන කෑල්ලක්ම හොයා ගන්න වෙනවා.
ReplyDeleteමාතලන් ඒකාලෙ තිබුන සමහර දේවල් අදට නොගැලපෙන බව හැබෑව. නමුත් ඒවායෙන් ගතයුතු දේවල් තියනව. එක ශ්ලෝකයක කියනව රජුන් හමුවෙන්නත් ලිංගික ක්‍රියාවටත් තව මොකද්ද කරන්නත් කලින් බුලත් කන්න කියල. දවසට දෙවරක් දත් මැද්ද කියල හිතන්න බැරි ආදි කාලෙ බුලත් ටිකක් හැපුවෙ නැත්තං _කල හමාරයි!
Deleteදීප්ති කුමාර ගුණරත්න එය කාරණය පැහැදිිලි කරල තිබුන දවසක්. එයා කියනව ලිංගික කාර්යයේදී එකිනෙකා ලෙවකන්න පුළුවන් මට්ටමට ආවෙ මෑත ඉතිහාසයේ ආලේපන වර්ග හොයාගැනීමට පසුව ලු!
දීප්තිගේ රෙද්ද... ලෙවකන්න පටන් ගත්තේ ලුණු අවශ්‍යතාවයට. ඒ මගින් වැගිරෙන ශක්තිය ඒ වෙලාවෙම ලබා ගත්තා..
Deleteඑතකොට ඇඹුල්?
Deleteබුලත් කියන්නෙ ඉතාම ඉහළ ගණයේ වාජීකරණ ඖෂධයක් කියා මම අහල තියෙනවා.අනික ඉස්සර කාලෙ හැම එකාම හිටියෙ විට කාගෙන නොවැ.
Deleteරාජ්,
Deleteවත්ස්යයන එදා කියපු සමහර දේ අදට ප්‍රායෝගික නොවෙන්න පුළුවනි,නමුත් න්‍යාය වශයෙන් ගත්තහම ගතයුතු දේ බොහොමයක් තියෙනව නේද.
අපේ අම්මේ කාමාසුත්ර ඕනේ නැහනේ බ්ලොග් කියෝපුවම හොදටම ඇතිනේ,
Deleteබ්ලොග් හැම එකම එහෙම නැහැ නේද.....ඔමා ...???
Deleteමේ ලඟදිත් මම කාමසූත්ර ෆිල්ම් එකක් බැලුවා ඉන්දියාවේ හදපු.
ReplyDeleteඑහෙම ගෑණුන්ට මොකද කියන්න හොඳ නම් කියලා කල්පනා කලේ.නමුත් මට ෂුවර් ඕකට හොඳ අදහස් ගොන්නක් එයි කියලා.
මචං නයිවල හන්දිය කිට්ටුව මාත් එක්ක කොටහේනේ වැඩකරපු පොරක් හිටියා ශාන්ත ඉලංකෝන් කියලා. තව එකෙක් හිටියා ඌ දැන් බණ්ඩාරවෙල ඉන්නේ. උගේ නම ...
කාමසූත්ර ගැන ෆිල්ම් කීයක්නං ඉන්දියාවෙ හදල ඇද්ද,අපිට තව එකක්වත් හදාගන්න බැරිවුනානෙ.ඔව් ඔව් දැනුත් හොඳ හොඳ අදහස් ගලා එනවා.
Deleteහේ හැලප තුමාට එන එතන වැරදුනාද කොහෙද, අයි ලංකාවෙත් හැදුවේ කෙහෙල්මලක් ලමසුත්ර කියල, පුහ් මට මතක නෑ මේක ඒ ෆිල්ම් එකේ සීන් එකක්ද කියල නම්, කොහොම හරි එකේ පොර අනින දැනුම ලබා ගන්නේ ඔය කියන සුත්තර පොත කියවලා, හැබැයි පොරට වැරදිලා බැඳපු මුල්ම දවසේ අර බල්ලන්ට වෙන දෙ වෙලා ගලෝ ගන්න බැරි වෙනෝ, හෙක් හෙක් ලංකාවේ නිර්මානයන්නේ, සත්තුනෙනුත් උදාහරණ අරන් තියෙනවා, ඊට පස්සේ කට්ටදියෙක්ද මොකෙද්ද එතනට ගෙන්නොගෙන මතුරලා දුම් අල්ලලා තම ගලෝ ගන්නේ හෙක් හෙක්, ඔය සීන් එක ලංකාවේ සුත්තරේ එකක්ද කියල නං මතක නෑ, එත් ලංකාවෙත් මහා පජාත කම සුත්තරයක් හැදුවා කියලනම් දන්නවා.
Deleteඅනේ මේ යුනිකෝඩ් එක්ක බා බොලවූ, ටයිප් කරන රෙද්ද නෙවේ නේ වදින්නේ කාම සුත්තරේට ලමසුත්ර කාමසූත්ර - කමසුත්‍ර අනේ මට බෑ බොලන් මේ වරදින විදියට හදන්න. :D
Deleteනෙදකින් රෙද්ද බෑ එකට බා තූ විතරක්
Deleteයුනිකෝඩ් වලදී ඔහොමයි,පුලුවන්නං ගුගල් සිංහල දාගෙන ලියන්න බලන්න.
Deleteඅපරාදෙ කියන්න බෑ අපිට පොඩි කාලෙ නිසි ලිංගික අධ්‍යාපනයක් දෙන්න සෑහෙන පත්තර තිබ්බා. 'සරාගී' පත්තරය තමයි මුලින්ම මතකෙට එන්නේ... වටිනා උපදෙස්, ඡායාරූප සහිතවම තිබ්බා.
ReplyDeleteඔව් තිසර සරණ කියල එකකට පස්සෙ නවසරණ කියල තව එකක් තිබුණා අපි කිව්වෙ බුදුසරණ කියල.
Deleteඇයි හැලපේ ...'රස රහස්' අමතක උනාද?
Deleteබොස් .ශ්‍රීදේවි / මධුර/ගින්දර/නවරස/සතුට අපි බැලුවෙ ඕව
Deleteඅයි කැන්ඩියන් උකුණද මකුණද,ඔව්ව පත්තර තට්ටුවල විකුණන්නෙ දිනපතා පත්තර අතරට දාලලු.
Deleteඒ වගේම අපි ඉස්සර ඉංග්‍රීසි අච්චු පොත (අච්චු පොත් වලින් ලොකුම එක) හැමදාම ඉස්කෝලෙ ගෙනියනවා.
Deleteඅමුතු කැටගරියක් ඕන නෑ. දාසි බාරියා එකේම තියන බුදු හාමුදුරුවො නොකිව්ව අයිටම් එකක් තමයි ඔය. අනිත් එක අර ස්ලේව්..... මං හිතන්නෙ කියන්න ඕන නෑ
ReplyDeleteමේ කතාවෙ මට හරියන කෑල්ල තමයි අර (නො)හඳුනන යාළුවො ගැන කතන්දරේ. මටත් ඉන්නව බස් එකේ යද්දි මුනගැහුන යාළුවො සෙට් එකක්ම. නමුත් මහාලොකු පෞද්ගලික විස්තර දන්නෙ නෑ. නම දන්නව ගම දන්නව වැඩකරන තැන දන්නව එච්චරයි.
ඒක තමා රාජ්,නං වනං ආදී විස්තර අහන්නෙ නැති එකෙත් පාඩුවක් තියෙනව නේද බලාගෙන ගියාම.
Deleteමේ ලඟදිත් මම කාමසූත්ර ෆිල්ම් එකක් බැලුවා ඉන්දියාවේ හදපු.
ReplyDeleteඑහෙම ගෑණුන්ට මොකද කියන්න හොඳ නම් කියලා කල්පනා කලේ.නමුත් මට ෂුවර් ඕකට හොඳ අදහස් ගොන්නක් එයි කියලා.
මචං නයිවල හන්දිය කිට්ටුව මාත් එක්ක කොටහේනේ වැඩකරපු පොරක් හිටියා ශාන්ත ඉලංකෝන් කියලා. තව එකෙක් හිටියා ඌ දැන් බණ්ඩාරවෙල ඉන්නේ. උගේ නම ලෙස්ලි
රත්තා ගැන ලියල තියන විදියට මටත් කියවගන යන්න අමාරුවුණා...... අර ඊරිගේ කතාව කියවලා හිනාව දාගන ආවත් රත්තා ගැන කියවන විට හද දවා ගියා
ReplyDeleteඔව් නලින්,රත්තව මැරෙන්න ඉස්සෙල්ල මුණ ගැහෙන්න නොලැබීම ගැන මට ඇතිවෙච්ච ගින්දර තවම තියෙනව කවදාවත් ඒ දුක නිවෙන්නෙ නැතිවෙයි.
Deleteරෙද්ද කඩපු කතාව මරු.....අම්මප මේ සඳාත් දන්න එව්ව...හෙහ්,හෙහ්,
ReplyDeleteඊරිගෙ කතාවෙ මම අහල තියන වර්ෂන් එකේ ඊරිව අරං යන්නෙ පිකප් එහෙක දාගෙන. පහුවදා එළිය වැටෙන්ටත් ඉස්සර ඇහෙනව එක දිගට හෝන් එක වදිනව පිකප් එකේ. දනිපනිගාල නැඟිටල ගිහිල්ල බැලින්නං ඊරි සීට් එක උඩ නැඟගෙන හෝන් එක ගහනව.
හෝව් හෝව් සඳා කිව්වෙ ඊරිගෙ කතාව විතරයි මචං,රෙද්ද කඩපු කතාවෙ තව වර්ෂන් තියෙනව නං හොයල කියපං.
Delete/ හෝව් හෝව් සඳා කිව්වෙ ඊරිගෙ කතාව විතරයි මචං, /
Deleteකවුද බං එහෙම දන්නෙ? උඹ සඳා කිව්ව මරු කතාවක් කියල පටන් ගත්තම අපි හිතන්නෙ ලියන ඔක්කොම කතා එහෙමයි කියල. එහෙමනම් දෙවෙනි කතාව පටන් ගන්න කොට කියාපං මේක කිව්වෙ සඳා නෙවෙයි කියල ...හෙහ්,හෙහ්,
අනේ අනේ රවී... මඩ ගහන්න දන්නෙම නෑ නේද...?? :)
Deleteහේ හේ කවුද අප්පා ඒ සුවයට අලුනම එක ඇත අරින්නේ, දවස් දෙකෙන් ඊරි විල්බරෝවේ හේ හේ ඊරියොත් දන්නවා එකේ රඟේ, කුඩා අප්පා අර කලින් කිව්වා විදියේ බරියවෝ ජාතිය //රෙද්ද කඩලයි තියෙන්නෙ ඕං අපි දන්නෑ කරගන්නදෙයක් තියනවනං කරගන්න එකයි ...........// එහෙම ඈයෝ ඉතින් ලබන්න මක්ක කොරන්න ඕනද මන්ද හේ හේ
ReplyDeleteමට මතකයි මන් රෝටරියේ පන්ති යන කාලේ කවුද එකෙක් කොලයක් බෙදුවා මේ ලඟක් වෙනකන් මන් ළඟ තිබුනා දැන් නං බදු මිසින්, එකේ එකාගේ දුක ගණන් හදල ලියල තිබුනා 365 දබසෙන්ම එකට කොරන්න සෙට් වෙලා තිබුනේ දවස් දෙකයි, අනික් දවස් වල අද බෑ, අද අරව වෙලා, ළමය ඇහැරලා, ඔලුව කකියනවා නොයෙකුත් හේතු එම හේතු කියපු ධිනත් එක්කම, පවු ඒ පොර, එක යටින් ගහලා තිබුනා ඔබලාටත් මෙසේ සිධු නොම වේවා කියලා, අපිත් ඉතින් කියවලා සාධු කාරයක් එහෙම දිල පින් අනුමෝදන් කර ගත්තා මතුවට අපිටත් එහෙම නොවේවා කියලා,
ඔය බැරි කතා කියවද්දී මට මතක් උනේ මේ කතාව, සමහර විට දන්නවත් ඇති, ඔය බාරියෝ කරන වෘත්තීය අනුව වෙනස් වෙනවා, එක කොල්ලෙක්ට මංගල යෝජනා සෙට් එකක් එනවා එක එක කෙල්ලන්ගෙන්, මේකාගේ තීරණය වෙන්නේ
බැංකු නිලදාරිනිය - එපා
හේතුව - "පෝලිමේ එනවා අයිසේ කියන නිසා"
හෙදිය - එපා
හේතුව - "අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා කියන නිසා"
ගුරුවරිය - හොඳයි
හේතුව - "ඊයේ නවත්තපු තැනින් අද පටන් ගනිමු කියන නිසා"
දොස්තර තුමිය - එළනේ
හේතුව - "දිව දාන්න කියන නිසා"
හේ හේ තව වෘත්තීන්ගේ නියැලෙන ඇය කියන කතා දැන් නැතෝ එක්කෝ මතක නැතෝ. එහෙනං ජය වේවා
හෙ හෙ… පට්ට බොල. ;)
Deleteමේ ඔබේ පළමුවෙනි පැමිණීමද?කොහොම වුනත් ආදරයෙන් පිලිගන්නවා.
Deleteදවස් 363 ක් උපවාස කරන්න වෙච්ච එකාට නං පව්.උපේක්ෂා සහගතව ඉවසං හිටියට ඌට මැඩල් එකක් දෙන්න වටිනව,හොඳයි නැද්ද.
මයේ හිතේ මේ මගේ පළමු රින්ගීමද කොහෙද, අමාරුවෙන් බ්ලොග හොයාගත්තේ :D, අනේ ඔව්, එකට ඉතින් තමන් _______ තම අතමය ________ කිව්වලු, හේ හේ, අර බැඳපු ජෝඩු යන කාර් වල පස්සේ ගහල තියෙන්නේ " අද ඉඳන් අතට නිවාඩු" තව "ඉතින් අයුබෝයන් වම්බෝට්ටනි ගරු" හෙක් හෙක්
Deleteපේරාදෙණියේ ඉන්න දවස්වල මම නම් කාම සූත්තර චිත්‍රපටිය බැලුවා.
ReplyDeleteරුප සටහන් ටිකත් බලපං මධු,හෙට අනිද්ද බඳින්න ඉන්න එකානෙ,එහෙම අයට මේ වගේ වැදගත් කරුණු වැඩිහිටියො වෙන අපි කියල නොදී කවුරු කියල දෙන්නද.නේද හොඳා
Deleteඅනේ අනේ මේ වෙසක් සතියේ මාතෘකාවට අරන් තියෙන්නේ හොඳ කතාවක් :)
ReplyDeleteඅන්න සොන්යට තේරුණා,යමක් කමක් තේරෙන අය දන්නව අපි හැම නිතරම තෝරගන්නෙ ආදර්ශමත් කතා බව.
Deleteඑහෙම කාන්තා රත්නයන්ට කියන්නෙ "මෝඩ ගෑණි " කියලයි එයාල හැමදාම බඩිං !
ReplyDeleteනෑනෙ සරත් එහෙම කාන්තා රත්නයන්ට වහරන්නෙ ''හිත හොඳ ගෑණි'' කියලයි.
Deleteමස් කඩ කාරය කියන්නෙත් ගොවිය,ධීවරය ගුරුවරය වගෙ රස්සාවක් කරන කෙනෙක්.ඒ වගේම සමාජයට අවශ්‍ය කරන කෙනෙක්.මාළු අල්ලන ධීවර යට ඕන තැනක කියන්න පුළුවන් තමන්ගෙ රස්සා ගැන.ඒත් සත්තු මරන එකාට එහෙම නෑ.ඒ රස්සාවත් අනික් රස්සා වගේම තමයි.
ReplyDeleteඇයි නංගි කසිප්පු පෙරන අයියා. ? එයා නැත්නං අපි බොන්නෙ මොනවද ?
Deleteඔබත් එක්ක එකඟයි,නමුත් සමාජය මේ වගේ අය කෙරෙහි දක්වන වැරදි ආකල්පය නිසාදෝ ඔවුන් තමන්ගෙ රැකියාව ගැන කියන්න ඉදිරිපත්වෙන්නේ නැහැ,අපේ රටේ එහෙම වුනත් යුරෝපෙ නං මෙහෙම බේදයක් නෑ කියන එක කිවයුතුයි.ඔවුන්ට හැම රැකියාවක්ම සමාජයට අවශ්‍ය රැකියාවක්.
Deleteමේකනේ කන්න හොඳයි මරන්න නරකයි. මුංගේ වැඩ දැක්කම මතක් වෙන්නේ ඉටි බෝලය කොටි කතාව.
Deleteඇනෝ,
Deleteඅර කරන්න හොඳයි කිව්වම බැනගෙන එනව කුණුහරුප කියනව කියල එහෙම නේද,ඔන්න ඔබ ඉටිබෝලය මතක් කළා දැන් ඉතිං ඒක ආපහු බලන්න හිතෙනවා.
අර පිදුම මොකද ? ඒ ඌරු මස් වලට කැමති උන්ටද නැත්නම් ඌරන්ටද ? හෙහ් හෙහ්..
ReplyDeleteඅර ගෘහ වලිය කියෙව්වම මටත් කතාවක් මතක් වුනා. නොදන්න අයගේ පහන් සන්වේගය සඳහා ලිය තියන්නම්..
ඔන්න ඔය වගේම තවත් ජෝඩුවක් වලියක් දාගත්තලු. මුන් දෙන්නා ඔහොමවත් කතා කරන්නෑලු.. තුන්ඩු වලින් තමා ගේම යන්නේ.. කියන්න මොනා හරි තියනවනම් තුන්ඩුවක් ලියල පේන්ඩ තියනවලු. අනිත් එක්කෙනා ඒක බලලා ප්‍රතිචාර දක්වනවලු.. ඉතින් ඔහොම ටික දවසක් ගියාලු.. දවසක් පුරුෂයට උදෙන්ම රාජකාරි වැඩකට යන්න තිබුනලු. මිනිහා නින්දට කලින් තුන්ඩුවක් ලියලා තිබ්බලු "මට හතරට කූද්දන්න කියලා." පහුවදා උදේ නැගිටිනකොට උදේ අටත් පහු වෙලාලු.. මිනිහට මාර කේන්තිලු. ඇයි මේ ගෑනි කීද්දුවේ නෑනෙ.. දෙන්නම් දෙකක් කියලා ඇඳෙන් බහිනකොටම කොට්ටෙ ළඟ තිබුන තුන්ඩුව දැක්කලු.. " දැන් හතරයි නැගිටින්න " කියලා...
කාම සූත්‍රය පොත ලයිබ්‍රියෙන් ගන්න විඳපු දුකක් මතක් වුනා.. ළයිබ්රියේ හිටියේ අක්කා කෙනෙක්.. පොත තෝරන් ගිහින් එයාට දික් කරන්න ලැජ්ජයි.. දවස් ගානක්ම පොත අතට අරන් ආයෙ තියනවා.. එක දවසක් කොහොම හරි දහිරිය වැඩිකරගෙන ගිහින් අක්කට පොත දිලා ඉක්මනටම අරගෙන මාරු වුනා...
සඳා කිව්වෙ ?
එහෙම නොපුද කෝමද බං අකරු හතරකට කමෙන්කටු 250 ක් විතර දුන්නම.. හැක්..
Deleteමං කියන්න අාපු කථාව සෙන්නා කියලා... සැහ්
Deleteහැක් හැක්. දාපල්ලා දෙන්නන පහක්.
Deleteසමහර වීට ඒක වාර්ථාවක්ද දන්නෑ බොලව්. "පොඩිම පෝස්ට් එකකට අවම කාලයකින් වැඩිම කමෙන්ට්ස් ගණනාව." :) :)
Deleteහැක් සෙන්නා අපිට හීන් සැරේ ඌරෝ කියලා ....
Deleteඕ යේස් .. වාර්තාවක් නෙවෙයි ලෝක වාර්තාවක් බොලව්
Deleteසෙන්නා ඔය මෙතන ඉන්න සැට් එක එකතු වෙලා ලොකු වැඩක් කළානෙ,ඒකට මගේ ස්තූතිය පළකෙළේ ඔහොමයි,
Deleteඒ දවස්වල කට්ට කෑවට දැන්නං කාම සුත්තරේ හොයාගන්න හරි ලේසියි නේද.
කවුද ඩෝ ඌරො. :D
Delete//අර පිදුම මොකද ? ඒ ඌරු මස් වලට කැමති උන්ටද නැත්නම් ඌරන්ටද ? හෙහ් හෙහ්..//
ReplyDelete:D :D :D
මොන මගුලක්ද බං හැලපයියේ මේ කමන්ට් දාන තැන්වල නැතිව වෙන,වෙන තැන්වල වැටෙන්නේ.මේ කමන්ට් එක මම දැම්මේ සෙන්නායියාගේ උඩ කමන්ට් එකට රිප්ලයි එකක් විදියටනේ.ඒ එත් වැටිලා තියෙන්නේ වෙනින් තැනකනේ බං.
Deleteඔය අවුල බ්ලොග් දෙක තුනකම ටික දවසක ඉදන්ම තියෙනවා.…
Deleteමම මීට කලින් ළගදි හැලප අයියගෙ පෝස්ට් එකකදිත් කිවුවා.
මනෝජ්,ප්‍රියා. මොබයිල් වර්ෂන් එක්ව්න් ලොග් වෙයල්ලා.. කිසිම අවුලක් නෑ .බබා වගෙ වැඩ.
Deleteමේකෙ නං වැරද්දක් පේන්න නෑ මනෝජ්,වෙන මොකක්හරි වෙන්න ඇති මම ලියන දේ අගේට වැටෙන්නෙ.පිදුම මේ කොල්ලො ටිකටයි.
Deleteසැහ්. කොල්ලෝ ටිකටයි කිව්වම ඒකට මාත් අහු වෙනවා නේ.. ලේ ගමනය හොද වෙලා මං නිකම්ම තරුණ උනා නේ..
DeleteThis comment has been removed by the author.
Deleteලියන්න හිතං අාපු ඔක්කොම උඩ ලියලා තියනවා අායිබොන්ඩ..
ReplyDeleteමක්ක කොරන්නෙයි... රෙද්ද කඩපු එකනං පට්ට අාතල්...
පිදුං නැතත් ඉතින් අපි එනවා...
ජය වේවා!!!!
විදානේ ඕක තමා කියන්නේ අපායට ගියත් ඉස්සෙල්ලා යන්න කියලා.. :D
Deleteමං හිතුව මං හිතුවා බොට රෙද්ද කඩපු එක ඉස්සෙල්ලම පෙනෙයි කියල.
Deleteපට්ට පට්ට අන්තිම කතාවනම් මරේ මරු. ජාති ජාතිත් වාසනාවන් ගෑණු. හැක්.
ReplyDeleteකාමසූත්ර නම් දැන් ගූගල්ට පොඩ්ඩක් නම ටයිප් කරන පමාව විතරයිනෙ. එන්නෙ ඕසෙට.
පිදුම් නම් මොටද හැලප අයියා. අපි අපි නොවැ. :)
ඇත්ත ඇත්ත ප්‍රියා ඒ වගේ ගෑනු වාසනාවන්.අපි අපිම නං තමා නමුත් පිදිය යුත්තා පුදන්න ඕනැනේ.
Deleteඔක්කොම ඉවර උනාට පස්සේ මොකෝ දන්නේ නෑ කිව්වේ..
ReplyDeleteඔව්වා search කරන්න ගිහිං ලංකාව "කාම සුත්‍ර" search කිරීමෙන් එක වෙයිද දන්නේ නෑ!
අපි කලිනුත් එක වුනානේ හැක් ....
Deleteඇයි නාඩියෝ දැනටත් ලංකාව සෙක්ස් සර්ච් කිරිල්ලෙන් කප්එක ගහල නොවැ ඉන්නෙ.
Deleteවිදානෙ වගෙම මටත් කියන්න තියෙන්නෙ මම කියන්න ආපු එක සෙන්න කියල.සොක් කතා.හපොයි ඔය කාම සුත්තරෙ තියෙන එව කොරන්න ගියොත් කොහෙන් නවතියිද මන්ද
ReplyDeleteදමියා .. වැඩිම උනොත් ඉස්පිරිතාලෙ
Deleteකිසි දේකට බයවෙන්න එපා කොහොම කලත් නවතින්නෙ එකම තැනින්,පරිස්සමෙන් කඩුව එළියට ගන්න එකයි කොපුවත් එක්කම.සැරයක් එකෙක් කඩුව ගද්දි කොපුව අතුලෙලු.නෑ නෑ ඒක පෝස්ට් එකක් හැටියටම ලියඤ්ඤා.
Deleteහයියූ අර ගෑනිටනම් කියන්න නමක් නෑ. :)
ReplyDeleteඔන්න ඒ වාගෙම වලියක් දාගත්තු ජෝඩුවක් ඉන්නවලු. නොකරකතාලු දවසම. හස්බන්ඩ කොරන්නෙ ඕනෙ එක ස්ටිකි නෝට් එකක් ලියල තියනවලු. පහුවදා පාන්දර හස්බන්ඩට වැදගත් ගමනක් යන්න තියෙනෝලු.
"මාව හෙට හතරට ඇහැරන්න." කියල නෝට් එකක් තියල පොර නිදාගන්න ගියාලු.
පහුවදා ඇහැරෙද්දි නමය හමාරයිලු. පොරට යක්ස කේන්තියි.
ගෑණිට හොඳ දෙකක් කියන්න එද්දි දැක්කලු;
"වෙලාව හතරයි, නැගිටින්න." කියල ඇඳ විට්ටමේ කොලයක් අලවලා.
ඔය කථාව තමයි බොලන් මාත් කියන්න හිටියේ එ්ක උඩින් කියලා...
Deleteඅපේ එකෙක් ඉන්නවා අපිම සෙට් කරපු එෆෙයාර් එක අල්ලලා ගිහිං බැන්දා..දැන් බබාල දෙන්නෙක්.. උන් දෙන්න තාම තරහ උනාම ලියුම් ලියා ගන්නවා.. මාර ආදරෙන් ඉන්න කපල් එකක් බං.. පට්ට ආසයි දැක්කහමත් !!!!!
DeleteThis comment has been removed by the author.
Deleteඅනේ පල බොරු නොකියා පත්තරයෝ , :D
Deleteඅම්මපා .. නියම බොක්කක් බොල. කෙල්ල මගෙ වයසෙ.. ඌමයි කියන්නෙ ..තරහ උනාම වයිපරේ දුක කියල ලියුමක් ලියනවලු.
Deleteඋඹල ඒකෙ අනිත් පැත්තනෙ.. සමිය උගෙ දුක කියනවාං ඌට ලියුමක් මදි CR පොතක් වත් ඕනැ.. බොරුනං හෙට කෝල් එකක් දීල අහපං :D
මේ කතාව දෙන්නෙක් කිව්වා තව එකෙක් කියන්න ආවා,ඒ කියන්නෙ බොහොම ජනප්‍රිය කතාවක්.
Deleteපත්තරේ,
Deleteමටත් ලියුමක් ලියන්න හිතයි බං.
ඔය ජන කතාව මුලිම්ම බ්ලොග් එහෙක ලිව්වෙ මම වෙන්නැති 2010 දි.
Deleteදෙන්නගෙම කටේ පිට්ටු....
ඉන් පස්සෙ අකුරෙන් අකුර කොපි ගහල තැන් තැන් වල තීනව දැක්ක. මයෙ මොකෑ, මමම හදපු එකක් නෙමෙයිනෙ බං.
ඔයිට අමතරව තව ජනකතා කීපයක් ලිව්ව.
මෙන්න ලින්ක් බලල ආතල් එකක් ගන්න.
රජ දෝනිගෙ පතෝල මැස්ස...
තම්බිගෙ තත්තෙ
හිතේ දුකකක් නැති මිනිහා...
ලුනු ගෙනියෑම
නොදන්න දෙමළෙකු සමඟ ගොස් වරිගය නසා ගැනීම.
නොදන්න දෙමළෙකු සමඟ ගොස් වරිගය නසා ගැනීම.
අම්මෙකුගෙ ආදරේ
නොදන්න සිංහලේට ගොස් වරිගෙ නසා ගැනීම
Deleteමම මේ දාන්නේ ටෙස්ටින් කොමෙන්ටුවක් හැලපේ . උඹේ කලින් පෝස්ට් එකට දාපු කොමෙන්ටුත් නෑ . මේ දැන් අටමගෙන් ඇමති කමක් ඉල්ලාලා දාපු එකත් නෑ . මොන බහිරවයා ගිලිනවද මන්දා . එක්කෝ මේ ඌරු මස් ගැන මේ දවස්වල වැඩිපුර ලියවෙන හින්දා කිල්ලටවත් අහු වෙනවද මන්දා
ReplyDeleteයටම තියන ලෝඩ් මෝ කියන බට්න් එක ප්‍රෙස් කරල බැලුවද තිලක අයියේ ?
Deleteඒවා තියෙනවා ලෝඩ් මෝ ක්ලික් කරලා බලන්න ,
Deleteකිල්ලට අහුවෙලා නෑ තිලකෙගේ කමෙන්ට් එක තියෙනවා,බයවෙන්න එපා.එහෙම හිතල ඌරුමස් නොකා ඉන්නත් එපා.
Delete@ හැලපේ ,ආ එහෙනම් කමක් නෑ මචන් . ආයිමත් අර මස් කන්න පටන් ගන්නම් @පත්තර මල්ලි, ඉවාන් තැන්කිව් මීට පස්සේ ඒ ගජට් එකත් ප්‍රයෝජනෙට ගන්නම්
Deleteපොහ්...........................නියම යාන් හෑල්ලක් හැලපේ. මටත් පරණ කතන්දර මතක්වුනා. අර ඊරි වීල් බැරෝ එකට නැගලා හිටිය කතාවේ, ඉංගිරිසි වර්ෂන් එකේ, බැටළු දෙන්නු රංචුවක් ලොරියට නැගලා බලා ඉන්නවා ගොවිපොළ අයිතිකාරයා එනතුරු. මොකද පට්ටි දාලා, පට්ටි බැටළුවා අයිතිකාරයාට, බර ගණනක් ගෙවන්න වෙන නිසා, ගොවිපොළ අයිතිකාරයා, හොරෙන්ම බැටළු දෙන්නුන්ව කැලේට අරන් ගිහින්, මිනිහම අදාළ රාජකාරිය කරලා.
ReplyDeleteනයිවල අහීමාන කාලේ මමත් දන්නවා. 1988 - 89 කාලෙත් එච්චර ලකයක් තිබ්බේ නැහැ ඔය පැත්තේ. අර 'රෙද්දත් කඩලා තියෙන්නේ' කතාවේ හමුදාවට අදාළ වර්ෂන් එකකුත් තියනවා. බොහොම
ස්තුතියි ලේ පිරිසිදු කලාට.
අපොයි විචාරක තුමා මේ මෑතක් වෙනතුරුම නයිවල හංදියේ තිබ්බෙ බස් හෝල්ට් එකකුයි ආච්චි කෙනෙක් කරපු පොඩි බුලත්විට තට්ටුවකුයි විතරයි.රෑ හයෙන් හතෙන් පස්සෙ මනුස්සයෙක්වත් ගැවසෙන්නේ නැති පළාත,දැන්නං ඉතාම දියුණු තත්වයකට පත්වෙලා චිත්‍රපටි හෝල් පවා තියෙනවා.
Deleteකතාව රස වින්දාට බොහොම ස්තූතියි.
බ්ලොග් එක අපේ සින්ඩියටත් දාන්න. පහත ලින්ක් එකෙන් අපේ බ්ලොග් දර්ශකයට පිවිසෙන්න.
ReplyDeletehttp://blogdharshakaya.blogspot.com/
හොඳයි දාන්නං.
Deleteහප්පෝ බඩ. රවීගේ අලුත්ම පොස්ට් එක උණු පිටම කියවලා අවේ. ඌ නියම නමක් දීලා තිබ්බා ඔය භාර්යා වර්ගයට ." යෝනිදානි "
ReplyDeleteමාත් කියෙව්වා බං,හිනාවෙලා ඉල රිදෙනවා.
Deleteඅපි කමෙන්ටුවක් දාලායි තියෙන්නේ. රිප්ලයි කරන කෙනෙක් ඉන්නවනම් රිප්ලයි කරන එකයි ඇත්තේ.........
ReplyDeleteඅපි දන් නෑ ඕං රිප්ලයි කරල තියෙන්නෙ බලන කෙනෙක් බලන එකයි.
Delete//මරාගත්තත් සුවාමිපුරුෂයගේ උවමනා එපාකං හොයාබලන මෙවැනි බාරියාවන්ට කියන නම අර ගෑණු ළමය මේ දවස්වල කියවන හාමුදුරුවො ලියපු පොතේවත් තියෙනවද කියල අහල බලන්න ඕනෑ./
ReplyDeleteමං ඒ පොත දවසෙන් කියෝලා ඉවර කළා. ජීවිතේට වැදගත් නිසයි කියවුවේ, ඒ වගේම බ්ලොග් එකේ ලීවේ. කාටහෝ වැදගත් වෙයි කියලා. පිරිමින් වෙනුවෙන් හෝ යහපත් බින්දෑවරු වෙනුවෙන් නෙමේ ඒ පෝස්ට් එක ලීවේ,. නපුරුකම් කරන ගැහැණුන්ට යමක් හිතන්න නිසයි.
///මම හිතන්නෙ නං ෂුවර් එකටම එහෙම අයට කියන නමක් ඒ පොතේ නැතුව ඇති,ඇත්තටම මම නං කියන්නෙ ඒ වගේ බාරියාවන් අගය කිරීමක් වශයෙන් අපි හරි එහෙම බාරියාවන්ට නමක් හදල ගෞරව දක්වන්නට අවශ්‍යයි කියල මට හිතෙනවා...//
ඔය ඉස්සර කාලේ විහිළු කතාවේ හිටපු ගෑණු කෙනා මොන තරහෙන් හිටියත් ඒක කරන්න කියන්නේ මිනිහට තියෙන ආදරේට, යටහත් කමට කියලද කියන්නේ,, කෙනෙක්ට හිතන්න බැයිද මිනිහගෙන් වැඩක් නැතත් ඒ දේ ගෑණු කෙනාට ඕනේ නිසා එහෙම කරන්න කියන්නේ කියලා...
කොහෙදිද මන්ද අහපු කතාවක් මතක්වුණා. "කන කැසුවම ෆන් එකක් ලැබෙන්නේ කනට මිසක් පොල් කෙන්දට නෙමේලුනේ."
/// හාමුදුරුවන්ගෙ ඒ පොත කියවන එකෙත් වරදක් නෑ නමුත් අලුත විවාපත්වූ යුවතිපතීන් අත් පොතක් සේ දිවා රාත්‍රී පරිශීලනය කළ යුතු මහා අනර්ඝ ග්රන්ථ රත්නයක් ඇති බව අභිනවයෙන් යුගදිවිප්රාප්තවූ යුවතිපතීන් බොහොමයක් දෙනා නොදැන සිටීම අතිශය කණගාටුවට කාරණයක්...
///
කසාද බැන්දට පස්සේ කාමාසුත්ර කියවලා පුරුදු වෙන්නේ මොකටද දැන් කාලේ තියෙන්නේ ඕනේ තරම් වෙබ් සයිට් , කණගාටු නොවන්න අලුත්පරම්පරාව ඔබේ පරම්පරාවට වඩා බොහොම ඉදිරියෙන්,,, සමහරවිට ඔය පරම්පරාවේ අයට දුක හිතෙන්න පුළුවන් අපිට තිබ්බේ නැහනේ කියලා.
ඒ මොක වෙතත් හැලපයියේ මං බැදලා දවස් 5න් හබියා දාලා ආවා, එන්න වුණා නිමාඩු ඉවර නිසා. ආයෙමත් ඉස්සර වගේ බ්ලොග් එක ලියාගෙන විහිළුවක් කරගෙන ඉන්නවා. අනාගතේ අපේ සතුට වෙනුවෙන්.. අප ගැන දුක් නොවෙන්න කලින් වගේ වැරදි පෙන්නලා දීලා උදව් කරන්න .
ආන්න ඒකයි අපි බඳින්න කලි ට්‍රයල් ගිහිං බඳින්න කලිං හොඳට එලවන පුරුදු උනේ.
Deleteගත්ත ගමං ෆස්ට් එකෙන් ටොප් එකට ගැහුවා පෑගුවා 180 ට ඇංජිම බොයිල් වෙන්ඩම .. ඕ යේස්. අපි එහෙමයි :D
බොයිල් වෙච්ච පාර මොනවත් පිචුචුනේ හෙම නෑ නේද?
Deleteඑහෙම පිච්චෙනවද අලුත් කිරි කිරි ඇංජින් නේ බොල !!! බ්‍රෑන්ඩ්නිව් වාහන :D
Deleteඈ බොල ගත්ත ගමන් කිසිම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ටොප් ගියර් දාලා මැක්සා ස්පීඩ් එළ වන්නේ් නැහැනේ ලෝ ස්පීඩ් එකට දාලා එන්ජිම පදම් කරනකම්.එකත් එකටම උඹට හෙඳට සර්විස් කරලා බොඩි පොලිෂ් කරපු වාහනයක් වෙන්න ඇති. ජපන් කිව්වාට හෙඳට බැලුවාද ජපන් කොඩිය ගහලා තිබ්බාද කියලා?
Deleteඕමා,
Deleteමෙව්ව මේ විහිළුවක් කරලා මඩක් ගහල හිත සැහැල්ලු කරගන්න කියන කතා මිසක කිසිම වෛරයකින් ද්වේෂයකින් කියන දේවල් නෙවෙයි.ඒ නිසා මේ කතා මහා බරපතලෙට හිතාගෙන දුක් වෙන්න දෙයක් නෑ.පත්තරයල ඉවාන්ල එකතුවෙලා මඩක් ගහගෙන ගන්න සොමිය පේනව නේද.ඒ වගේ අපි එක්කත් විහිළුවක් කරලා සැහැල්ලුවෙන් ඉන්න.
ඔන්න ද්වේෂයෙන් කිව්වම මට කතාවක් මතක් වුනා,ජෝඩුවක් රණ්ඩු වෙලා ගහගෙන උසාවි ගිහිං...
මේ විත්තිකරු යුෂ්මතියට පහරදුන්නේ ද්වේෂයෙන්ද...
නඩුකාර හාමුදුරුවො අහනවා...
අනේ නෑ හාමුදුරුවනේ තඩි දොර පොල්ලකින්...
උදාර මචෝ ..මංම පදං කොරලා තිබුනේ ඉතිං ඔය කීවට.. එල්ලෝල බලන් නැතුව වාහන ගන්න ඇහැකිද බං ?? මොකෝ සමහර ඒවයි ගෙදර ගෙනාවම ඇංජිම නෑලු :D
Delete//ඒ මොක වෙතත් හැලපයියේ මං බැදලා දවස් 5න් හබියා දාලා ආවා, එන්න වුණා නිමාඩු ඉවර නිසා.//
Deleteඊලඟ අත්මෙවත් බලු පූට්ටු වලට ගල් නොගහ ඉන්න මතක තියාගනිල්ල. මම ඕක හිත ගත්ටෙ මට බැඳපු දාට පහුවෙනිදම රට එන්න උනාට පස්සෙ.
පත්තර මල්ලි, ඇන්ජිම බොයිල් උනාම ගෑස්කට් යනව. ඉන් පස්සෙ ඉතින් අන්ඩර් කම්ප්‍රෙෂන් තමයි.
Deleteඕ යේස් ඉන්දික අයියා.. රේඩියේටරෙං බුබුලු බුබුලු එනවා එතකොට :D හැක්.
Deleteඅන්ඩ කම්ප්‍රෙෂන් .. හුහ් . එතකොට සෙකන්ඩ් එකේ වත් යන්ඩ වෙයි පාරෙ යද්දි :D
බොලේ අපිට මේකේ කියන්න දෙයක් ඉතුරු කරලම නැහැනේ අෆ්ෆා.. බලන්න ඉතින් මේ විචාරාත්මක අදහස් එක්ක කාටවත් කාමසුත්‍ර කියවන්න හරි බලන්න හරී දෙයක් තියෙනවයැ..
ReplyDeleteකාමසූත්ර විවරණය කියල වෙනම පොතක් ලිව්වහැකි බොලේ.එච්චර විශාරදයො මෙතන ඉන්නව ඕං.
Deleteමොන කෙහෙල් මලකට කාමසූත්ර බලනවද?ඔය වැල සයිට් ඕසෙට තියෙන්නේ..
ReplyDeleteහැබෑව හැබෑව ඩිලාන් මොකට මහන්සි වෙනවද.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඌරු කතා සැට් එක නැගලම යනව, හැලපෙ. ඊරි විල්බැරෝවට නැගල නැට්ට වන, වන හිටිය කතාව තමා හොඳම.
ReplyDeleteනැගල යනවා කියන්නෙ තව ඌරු කතා කීපයක්ම ලියවිලා තියෙනවනෙ.
Deleteමොකද බං අපේ ඌ රෝ ටිකකගේ නම් දාල.....
ReplyDeleteකවුද මචං ඌරො ටික.
Deleteහැලප ඌරෝ තොට තේරෙන්නැද්ද මේ කෙන්ජි ඌරා කියන්නේ ඔය දේශක ඌරයි, ඉවාන් ඌරයි, ප්‍රියා ඌරයි, පත්තර ඌරයි, ප්‍රසා උෟරයි විදානේ මහ ඌරයි ගැනනේ උෟරෝ.. තේරුනාද බොට ඌරෝ..
Deleteඅප්පට හුඩු බොල ඌරො පට්ටියක්ම ඉන්නවනෙ.
Deleteහැලපයියාට කලිනුත් ඔය වගේ වෙලා තියෙනවා නේද කිහිපවිටක්ම.මට මතකයි ඒ වගේ කියලා තියෙනවා.
ReplyDeleteඌරු මස් කැල්ලක් කාපු කාලයක් මතක නැහැ අප්පා...:(
ඔව් මනෝජ් එක සැරයක් නෙවෙයි කීප සැරයක්ම ඔහොම වෙලා තියෙනව,හරිම දුකයි.
Deleteහොඳ ඌරුමස් කෑල්ලක් හොයන් කාපං මේ වෙසක් සතියෙ පිං සිද්ද වෙන්නත් එක්ක.
ඔය වගේ ගෑනුන්ට කියන නමනං අර රවියගෙ වාං පතුලෙ දාල තියෙන්නෙ යෝනිදානි කියල.
ReplyDeleteකාම සූත්‍ර කියවල ඒ වැඩ කරන්න කලින් ෆිසිකල් ෆිට්නස් එකත් පොඩ්ඩක් චෙක් කරගන්න එක හොඳ වෙයි.
නැත්තන් 65 අන්කල් ව්යාඝ්රා බිව්වා වගේ තියේවි.
Deleteගාණක් නෑ බං ඒකත් හරියට ෆිසිකල් ෆිට්නස් එන්න එක්සසයිස් කරනව වගේ තමා.
Deleteසඳාගේ ඊරි කතාව නම් මැවිලා පේනවා බන් වීල් බැරෝ එකත් එක්ක. ඔය කොයි ඊරිත් නැට්ට වනනවා කළුවර වැටෙන කොට.
ReplyDeleteඔය කනවා නම් කන්න කතාවත් ඒ වගේ තමයි බං. මොන තරහ තිබුනත් ඔය රෙද්ද එහාමෙහා කරන වැඩේට ඔය උදවිය අර ඊරි වගේ තමයි. අනිත් එක පොඩි කචල් එකක් දාගෙන ඒක ශේප්වුනාට පස්සේ කරන පළවෙනි රෙදි එහා මෙහාව හරිම රසවත් නේද හැලපේ. දවසක් රන්ඩුවෙලා බලපන්.
හැලපේ....රාජ්ගේ කක්කා පොලිස් සහ පෝක් පෝස්ට් එකට ගිහින් මම දාපු කමෙන්ට්ස් දෙක කියවපන්. උඹට ප්‍රයෝජනවත් වෙයි.
Deleteමේ රෙසිපි එක වෙන වෙන මස් වර්ගවලටත් ආදේශ කරන්න පුලුවන්ද කියපං මචං.
Deleteමචං රෙඩ් මීට්ස්වලට ගොඩාක් හරියනවා. චිකන් වලටත් නරකම නැහැ. චිකන් වලට මස්ටඩ් පේස්ට් දාන එක වැඩක් නැහැ. අනිත් එක ඇඹුලුත් එච්චර ඕන නැහැ. මස්ටඩ් චිකන් එකක් හෙමිහිට හදමු. ඒකට නම් ෆ්‍රෙන්ච් මස්ටඩ් පේස්ට් ටිකක් වැඩිපුර ඕන. (ඒක් බත් කන්නත් හොඳයි ) අවුල් ඉවර වුනාට පස්සේ අපි ට්‍රයි එකක් දෙමු. උඹ උයන්න සහ කෑම ට්‍රයි කරන්න ආසයි නේද?
Deleteතෑන්ක්ස් මචං,මෙහෙ පෝක් අවුල්නෙ උඹ දන්නවනෙ,ලංකාවෙන් ගෙනාවොත් තමයි හම්බවෙන්නෙ.
Deleteඉස්සර මදින කබූස්, කුරම් පැතිවල සුද්දෝ හරියට හිටිය නිසා ලොකුම සුපර් මාර්කට්වල පෝක් රූම් කියලා පොඩියට තිබුනා වෙනම. හැම්,බේකන්, සොසේජස්, පෝක්වලට. හැබැයි මාර ගණන් බන්. අපි කවදාවත් ගත්තේ නැහැ. අපිට අමාරුයි.
Deleteහැලප,
Deleteඩුබායිවල පෝක් වලට ඒ හැටි ප්‍රශ්නයක් නැහැ කියලයි මම හිතාගෙන හිටියෙ...
අපෙ අප්පේ එකට බහරේන්. මෙන්න රටවල්. මල් තියල වඳින්න ඕන රජාට ඒකට. වයින් ස්ටෝර්ද, බාර්ද, පෝක් විකුණන සුපර් මාර්කට්ද, අරවද මොනාද මෙහෙ නැත්තෙ. ඩුබායි වගෙද බහරේන්, අල වගේද ගෝව කියන්නෙ එක වෙන්නැති!
Deleteඉන්දික ලොක්කා ..ඉතාලියට වඩා හොඳා වගෙ. මට ජොබ් එකක් නැතත් එන්න හිතෙනවා.. ඕ යේස්.
Deleteආවම අතමාරුවක් ඕන්නං උඹෙන් කරගන්න බැරියෑ .. :D
අරූ.. දන්නවද ඔයාගෙන් හැලපේ රෙසිපි එක අරගෙන මට කිවුවා" ඔන්න දැන් ඉතිං මේ විදියට හදලා දෙන්න විතරයි තියෙන්නේ" කියලා.
Deleteමම මේ ලඟදි ඔයාගේ රෙසිපි එක චුට්ටක් එහා මෙහා වෙන්න මස් හැදුවා... හැබැයි පෝක් නෙවේ. රසට තිබුණා.
මෙහෙ මදිනා කබූස් සහ කුරම් Al Fair Super Market වල පෝක් තියෙනවා තමා අනේ.. ඒත් ඒවා රස නෑ..
රවී... මේ ඩුබායි නෙවේ අනේ.. ඩුබායි වලට අල්ලපු රට ඕමාන්.. ඒකනේ ප්‍රශ්නේ.. :(
සඳා......ඇත්තටම ඔහේ පෝක් රස නැහැ. රහට තියෙන්නේ මට්න්,ලෑම්බ් විතරයි. මට නම් ඔහේ මාළුත් එච්චර රසක් දැණුනේ නැහැ. මුහුදේ අප්සට් එකක්ද දන්නේ නැහැ.
Deleteඅරූ,
Deleteඋඹගෙ කතාව නං සැටිපිකෙට් ඇත්ත බං.
නියමයි.
ReplyDelete