Tuesday, November 30, 2021

කොරෝනා පස්සෙන් ඒම සහ අපේ මන්නාරම් සංචාරය.

අද වන විට ලිවීම පමණක් නොව කියවීමද බොහෝ දුරට අඩු වී ඇති බවද තේරෙන්නේ මිළදී ගත් නමුත් නොකියවා හෝ බාගෙට කියවා දැමු පොත් මේසය උඩ ගොඩගැසෙන විටය.  ලියනවා නම් කාලය බොහෝ ඇතත් ලිවීමට අවශ්‍ය මානසික විවේකය බොහෝ ඈතය.  එයට හේතුව නම් මගේ අඩුපාඩුවක් හෝ ගෙදර දොර ප්‍රශ්නයක් නොව දැනට රටේ පවතින වාතාවරණයයි.  ගෙදරට කොටුවී සිටීමම අතිශය වෙහෙසකාරී ක්‍රියාවකි.  අපි සාමාන්‍යයෙන් මාස දෙක තුනකට වරක්වත් කොහේ හෝ ඇවිදින්නට යන්නට පුරුදුවී සිටියේ ඒකාකාරිත්වය නැතිකර ගැනීමට සහ ගෙදරටම වී සිටීමේ ආතතිය අඩු කර ගන්නටය.

කොරෝනා පස්සෙන් ඒමක් අපට සිදුවූ බවද ලියා තැබීම වැදගත්ය.  ඒ කතාව මෙහෙමය. වසංගතය ලංකාවට එන්නට පෙරාතුව නමුත් විදේශයන්හි ශීඝ්‍රයෙන් පැතිරී ගිය පහුගිය අවුරුද්දේ මාර්තු මාසයේ මුල දවසක මම හැලපිත් එක්ක නුවර යන්නට කතා කර ගත්තේ අපේ පරණ යාලුවෙක් වූ ටෙරන්ස්ලගේ ගෙදරය.   ඒත් එක්කම සිටි බන්දු  සහ මමද යන තුන්දෙනා අතර පැවතුනේ අතිශය සමීප මිත්‍රත්වයකි. ඒ කාලයේ ඉන්දියාවේදී අපේ පවුල් අතරද ඉතා කිට්ටු සම්බන්ධතාවක් පැවතුණි.   අපි ඔක්කොම වගේ ඉන්දියාවේ සේවා කාලසීමාව අවසන් කර ලංකාවට ආවේ 2001 වසර වනවිටය.  ආයෙම අපට එකට පිටරට වැඩ කරන්නට නම් අවස්ථාවක් නැතිවූ නමුත් මිත්‍රත්වය නොනැසී පැවතුණි.  ලංකාවට ආ පසු අපි තිදෙනා ආයෙමත් එක එක රටවල්වලට මාරුවීම් ලබා ගිය අතර සේවා කාල අවසන් කර ලංකාවට ආ විටද හමුවීම උගහට වුණේ එකෙක් එනවිට තවෙකෙක් රට යෑම නිසාය.

අප එන බව අසා ටෙරන්ස් සහ ඔහුගේ බිරිඳත් මහත් සතුටට පත්වුණේ ආපහු අප මුණ ගැහෙන්නේ අවුරුදු විස්සකට පමණ පසුව නිසාය.  බන්දුට යෙදී තිබූ ගෙදර වැඩක් නිසා ඔහුට අපිත් එක්කම යන්නට බැරිවුනත් එදා රෑ කෝච්චියෙන් බන්දු එන බව කියා සිටියේය.  අපිත් එක්ක ගිය අනික් සාමාජිකයා අපේ හිතවත් අසෝකන්ය.  දවස මට මතක හැටියට මාර්තු 9 වනදාය.  එදා රෑ වනවිට ටෙරන්ස් ගේ නිවසේ අප එකතු වුණේ බොහෝ කාලයකට පසුව නිසා මහ රෑ වෙනතුරු කතා කරන්නට ඕනෑ තරම් දේවල් විය.  දවස් දෙකක් ටෙරන්ස් ගේ ආගන්තුක සත්කාර ලබමින් සිට දොළොස් වෙනිදා පිටත් වනවිට අපට ලැබුණු ආරංචිය උනේ ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමුවී ඇති බවය.

ඊට පසු ගෙවී ගිය පළමු කොරෝනා සමය, රට වසා ඇඳිරි නීතිය යටතේ ගතකල කාලය රෝගීන් වාර්තා නොවුණු අපේ පළාත්වලට නම් කලකින් ලද නිවාඩු සමයක් විය.  එකම ප්‍රශ්නයකට තිබුණේ වයින් ස්ටෝරු වසා තිබීමය.  නමුත් විකල්ප බීම ගම පුරා පැතිර ගියෙන් බොන්නන්ට එපමණ ප්‍රශ්නයක් උද්ගත වුණේ නොමැති බව කිවයුතුය.  ඒ කෙසේද කිව්වොත් පෙරන්නට දන්නා හැම එකාම පෙරන්නට පටන් ගත්හ.  පෙරන්නට බැරි උන් දන්නා අයට කියා තමන්ගේ පාවිච්චියට පෙරවා ගත්හ.  අපේ ගෙට පහළ තිබූ පුරන් වෙල් යායේ මාදුවාට අයත් කුඹුරු කෑල්ල වැඩ කරන්නට මම මාදුවාව බොහොම අමාරුවෙන් කැමති කරවා ගත්තේ කම්මැලිකමට කරන්න වැඩක් නැති නිසාමය.  ඒ වැඩේ හරියටම හරිගිය නිසා මාදුවා ඉන් පසු දිගටම තම කුඹුර වැඩ කරයි.  ඊට අමතරව සිය පළතුරු බිස්නස් එකද කුඹුරේ සිටම කරගෙන යන්නට හැකිවූ නිසා මාදුවාගේ අතේ සල්ලිද නොඅඩුව තිබුණි.  ඒ කතාව මම කලින් ලියා ඇත.

කොරෝනා දෙවෙනි රැල්ල නම් පටන් ගත්තේ දෙපා මුලින්මය.  ඒ කතාව කොහොමද කිව්වොත් එක දිගට මාස ගාණක් ගෙදරට කොටුවී හිඳ වසංගතය සෑහෙන්නට මර්දනය වී ගමන් තහනමත් ඉවත්වී සාමාන්‍යකරණය වුණායින් පසුව අපි දෙන්නා එනම් හැලපිත් මමත් නුවරඑළි ගියේ සතියක් පමණ එහේ ගතකර එන්නටය.  අපේ ඥාති දුවෙක් බොරලන්දේ ඉන්න නිසා නවාතැන් හෝ කෑම ප්‍රශ්නයක් ගැන කරදර නොවී කැමති දවසක් ගතකරන්නට පුලුවන් නිසාය.  අපි ගිය දවස්වලත් තරමක වැස්සක් තිබුණත් එය එපමණ කරදරයක් නොවීය.  එළවළු කොටු ගානේ ඇවිද අලුත් එළවළු හොයාගෙන එන්නටත්, ලඟපාත බලන්න ඇති තැන්වල ඇවිදින්න යන්නටත් කාලය ගතවෙනවා නොදැනේ.  ඒත් එක්කම තවත් සිත්ගන්නා කරුණක් වුණේ අපි ඇවිත් ඉන්න නිසා අහල පහල ඇති ද්‍රවිඩ නිවෙස් වලින් එවන රසවත් ආහාර නිතරම පාහේ ලැබීමය.  ඔය විදියට ගතවුනේ යන්තං දවස් තුනකි.  ආයෙම වසංගතය හිස ඔසවන බවක් පෙනෙන්නට ඇති නිසා වහාම ගෙදර එන්නට යයි ගෙදරින් තර්ජනාත්මක දුරකථන පණිවිඩයකි.   ඒ ගමන කරගෙන ගිය වැඩ සියල්ල අතහැර දමා ආපහු ගෙදර ආවෙමු.  

දෙවෙනි රැල්ල ආවේ ඔක්තෝබර් වලය.  ඒ සුප්‍රසිද්ධ බ්‍රැන්ඩික්ස් රැල්ලයි. ඒ ගාමන්ට් එකේ අපේ ගමේ තරුණ තරුණියන් සැහෙන පිරිසක් වැඩකරති.  රැල්ල පටන් ගන්නට දවස් දෙකකට කලින් අපි ගමේ පිට්ටනියේ එල්ලේ තරඟාවලියක් පැවැත්වූයේ අලුත් අවුරුද්දට වත් මොකුත් කරගන්න බැරිවුණු නිසාය.  වැඩේ හොඳට ගියත් කට්ටියටම දෙලෝ රත්වුනේ තරඟ වලට ආපු ගාමන්ට් එකේ වැඩකරන කොල්ලන් කෙල්ලන්  ආසාදනය වන්නට වූ විටය.  ඒ කාලයේ ආසාදනය වුවන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලටත් ගෙවල්වල අය නිරෝධායන මධ්‍යස්ථාන වලටත් ගෙනගිය නිසා ගමේ රැල්ල එතැනින්ම නතරවුණේ කාගේත් වාසනාවකටය.

දෙවෙනි රැල්ල හොඳටම පාලනය කර ගමනාගමන කටයුතු දුම්රිය ආදී සේවාවන් නැවත ආරම්භ වූ පසු අපි ලෑස්ති වුණේ කලින් යන්නට හිතාගෙන හිටියත් කල්ගිය ගමනකි.  ඒ මන්නාරම් ගමනය.  මීට කලින් එක් වතාවක් මම මන්නාරමට ගොස් ඇත.  ඒ 2002 සාම ගිවිසුම ක්‍රියාත්මක වුන කාලයේය.  එදා වැඩේ ලෑස්ති කළේ අසෝකන්ය.   උගේ යාලුවෙක් මන්නාරමේ සිටී, මමත් අපේ ඔෆිස් එකේ හිටපු සිරිත්, අසෝකනුත් එදා මන්නාරම් ගියේ රෑ බස් එකේය, මොකද කිව්වොත් එකල කෝච්චි තියා කෝච්චි පාරවත් තිබුණේ නැත.  එළිවෙන පාන්දර මන්නාරම බස් නැවතුම් පොලෙන් බැසගත් අපව රැගෙන යන්නට අසෝකන්ගේ හිතවතා වූ තවරාසා ඇවිත් තිබුණි.   එදා මන්නාරම් බස්පොල නිකම්ම නිකං තනි මඩුවක් තිබූ සහ බිම රතු දුවිල්ලෙන් නැහැවී ගිය තැනක් විය.  පොඩි පොඩි මඩු කුඩාරම් වැනි කුඩා කඩ කීපයක් හැරෙන්නට නගරයක් කියා දෙයක් නොතිබුණු තරම්ය.   අසෝකන්ගේ මිතුරු තවරාසා සමග ඔහුගේ ගෙදරට ගිය අපට නවතින්නට දුන්නේ ඔහුගේ දුවට දෙන්නට අංග සම්පුර්ණව ඉදිකර තිබුණත් තාම පදිංචියට නොගිය අලුත්ම නිවසකය.   ඒ ගෙදර ඉඳගෙන තවරාසාගේ  බිරිඳ හදාදෙන රසවත් කෑම කමින් හැමතැනම ඇවිදිමින් ගතකළ දවස් තුන ජීවිතයේ නොමැකෙන මතකයක්ය.  අපි නියම ද්‍රවිඩ සිරිතට  කන්නේ බිම එරමිණිය ගොතාගෙන ඉඳගෙන කෙසෙල් කොලයට බෙදන බත් මාලුය.  කෑමට පෙර බඩ පිරෙන්නට තල් රා පාරකි.   තල් රා කෑන් එකක් රැගෙන එන්නේ ළඟ පාත තිබුණු රා පොලකිනි.  රා ගන්නට ගිය විට ප්‍රශ්නයක් මතු වුණේ ළඟ පාත හමුදා කඳවුරේ සොල්දාදුවන්ගෙනි.  දැන් කියන හැටියට කිව්වොත් රණ විරුවන්ගෙනි.    රණ විරුවන් ජීප් එකේ ලොකු බූලි පටවාගෙන එන්නේ රා පොලේ තියෙන රා ටික ඔක්කොම ගෙනියන්නටය.(නිකම් නොව මුදලටය)  නමුත් ඒ වැඩේ නිසා රා බොන්නට බලාගෙන රා පොලට එන ගම්වැසියන්ටද අපි වගේ සංචාරයට ආපු අයටද වෙන්නේ දැඩි අසාධාරණයකි.   ගමේ අය මේ වැඩේට විරුද්ධව වචනයක්වත් කතා නොකරන්නේ බයටය.  ආමි එකට විරුද්ධව කතා කළොත් රේල් පාරේ යකඩ කෑවා සේ වෙන බව ගමේ අය දනිති.  අපට එහෙම ප්‍රශ්නයක් නැති නිසා දෙවෙනි දවසේ කෙළින්ම ආමි එක කරන මේ වැඩේට විරුද්ධව කතා කෙරුවෙමු.   අපි ගමේ අය නොවන නිසාත් සිංහලෙන් කතා කළ නිසාත් රණ විරුවන් අපි කියපු දේවල් සලකා බලන්නට කැමති වූහ.  ඒ අනුව ගමේ මිනිස්සුන්ටත් අපටත් සෑහෙන්නට රා ප්‍රමාණයක් ඉතුරු කර ඉතුරු හරිය ගෙනියන්නට ඔවුන් කටයුතු කළ අතර ගමේ මිනිස්සු අතර අපට ලොකු ජනප්‍රියත්වයක් ඇති වීමට එම කාරණය හේතුවිය.

රා පොලෙන් පසුව මුහුදු වෙරලටය.  වෙරළේ දැල් කීපයක් ඇත.  දැල් අදින අයගෙන් අපට අලුත්ම කලවම් මාළු ලැබේ.  එයද ඉතාම අඩු මිලකටය.  මාළුත් රාත් අරගෙන ගෙදර ගියවිට    තවරාසාගේ බිරිඳ ඒ මාළු නොයෙක් ආකාරයට රසවත්ව පිසින අතර තියෙන මාළු ගොඩ අපට කාගන්නට බැරි තරමය.  ඇය දම්පාට වැල් අල නොහොත් දන්දිල තම්බා පොඩිකර පොල්කිරිද සීනිද දමා හදන ඉතා රසවත් කැඳ වර්ගය මම බිව්වේ පළමුවරටය.   සිංහල වචනයක් වත් නොදන්න කියන හැම දේටම සිනාවෙන ගෙදරට ආ කවදාවත් නොදුටු ආගන්තුකයන්ට උපරිමයෙන් සත්කාර කළ ඒ කරුණාවන්ත කාන්තාවගේ රුව කිසිදා මගේ සිතින් ගිලිහී නොයයි.  ගේ ගෙදරින් උදේට කෑම එපා යයි අපි කීවේ ඒ ගෙවල් ළඟ පාරේ ඇති කඩයේ හදන ඉන්දියන් කෑම වලට අපි වහවැටී සිටිය නිසාය.   කඩේ තියෙන තෝස, වඩේ, ඉඩ්ලි ආදී සයිවර් කෑම ඉන්දියාවේ ගතකළ කාලය සිහිගන්වයි.   

මන්නාරමේ ඇවිදිමින් දවස් තුනක් ගතකලද තලෙයිමන්නාරමට යන්නට බැරිවිය.  ඒ ගමනින් අවුරුදු දාහතකට පමණ පසු ආයෙමත් මන්නාරම් ගියොත් හොඳයි කියා මම කල්පනා කළෙමි.  අසෝකන්ද ලංකාවේ හිරවී සිටි නිසා වැඩේ තවත් ලේසි විය.  ගමනේ අරමුණු වුයේ තල් රා බීම, ඇතිවෙන්නට අලුත් මාළු කෑම සහ තලෙයිමන්නාරමට යාමයි.  කලින් ගිය ගමනේ මෙන් නොව දැන් කෝච්චිද දුවයි.   ගමන යන්නට කතාවුනේ මමත්, බන්දුත්, අසෝකනුත් පමණකි.  ගමන ගැන හැලපිට කී විට ඇය එක්වරම මාත් එනවා යයි කීවාය.  ඊට පසු හැලපි ඇගේ නංගීත් සමග කතාකරද්දී මෙහෙම ගමනක් යන්නට හිතාගෙන ඉන්නවායි කියා ඇත.  නංගි එක්වරම කියා ඇත්තේ අපි දෙන්නත් එනවා කියාය.  ආයෙ කවදා යන්නට ලැබේදැයි නොදන්නා නිසා ඒ දෙන්නාවත් එක්ක යන්නට කියා ඇත.  ඊට අමතරව හැලපි බන්දුගේ බිරිඳටද කතා කර ඇයවත් ගමනට එක්කාසු කර ගත්තාය.  තුන්දෙනා යන්නට හිටි ගමනට දැන් හත් දෙනෙකි.  අසෝකන්ට මම කීවේ පරණ යාලුවාටම කතාකර නවාතැන් සොයාගන්නට කියා උනත් අසෝකන් කීවේ උගේ තවත් යාලුවෙක් ඉන්න බවත් කලින් තැනට වඩා හොඳ තැනක් යාළුවාට ඇති නිසා මේ ගමන එහෙ යමුයි කියලාය.   අසෝකන් ඒ පළාත දන්න කාරනාකාරයෙක් නිසාත් පහුගිය ගමන අසෝකන් සොයා දුන්න තැන හොඳටම හොඳ නිසාත් මම ඒ කතාවට එකඟ උනෙමි.  

ඊළඟට තියෙන්නෙ ගමන යන එකය.  උදේ කෝච්චිය තිබුණේ නවයකුත් ගානටය.  බන්දුත් බිරිඳත් ගම්පහින් කෝච්චියේ නැග ආ අතර අසෝකන් එක්ක අපි දෙන්නා ගොඩවුණු පසු නංගීත් මහත්තයාත් මීරිගමින් ගොඩවුනි.  කෝච්චිය බාගෙට එක්ස්ප්‍රස්ය.  මන්නාරමට යද්දී හවස පහත් කිට්ටුවී ඇත.  අසෝකන්ගේ යාළුවා වන සෙල්වරාජා නොහොත් සෙල්වා ඉස්ටේසමට ඇවිත් සිටියේ අපව එක්කරගෙන යන්නටය.  යාළුවාගේ වාහනයේ යනවා යනවා කෙළවරක් නැත.  කිලෝමීටර් විස්සකට කිට්ටුවෙන්නට ගිහින් සෙල්වාගේ ගෙදරට සැපත් වුනෙමු.  එය ලොකු වත්තක පිහිටි ගෙයකි.  හිටියේ යාළුවාත් බිරිඳත් දරු දෙන්නාත් ආච්චිත්ය.  වත්ත ලොකු උනාට ගෙයි නම් අසෝකන් කියපු සැප පහසුකම් මොකුත්ම තිබුණේ නැත.  සැප පහසුකම් තබා මුලික පහසුකම්වත් තිබුණේ නැත.  ගේ බලා ගෑණු ටික මුනු ඇඹුල් කරගන්නා හැටි මම දැක්කෙමි.  මමත් බන්දුත් කතා කර තීරණය කළේ වහාම වෙන තැනක් සොයා ගමුය කියාය.  ඒ ගැන සෙල්වාට කීවිට ඔහු අපිවත් අපේ ගමන් බඩුත් ආයෙම වාහනයට පටවාගෙන එක හෝටලයකට අරගෙන ගියේය.  එය ලොකු හෝටලයකි.  කාමරයකට දවසකට රුපියල් පහළොස් දාහක් ගනී.  ඒක හරියන්නෙ නෑ කියූ පසු ඔහු තව තැනකට අපව අරගෙන ගියේය.  එතන අයිතිකරු සුහදශීලී මනුස්සයෙකි.  සාධාරණ මුදලකට ඔහු අපට නවාතැන් දෙන්නට කැමති විය.  කොහොමත් ඒ කාලයේ පිටරට තියා ලෝකල් සංචාරකයන්වත් නැති නිසා අපව අත හැරගන්නට ඔහු කැමති නොවන්නට ඇත.  ප්‍රශ්නයක් කියා තිබුණේ එතන කෑම නැති එකය.  හෝටල් කුස්සියේ අලුත්වැඩියාව ඒ වන විටත් ඉවරවී නැත.  එය ප්‍රශ්නයක් නොවුනේ එතන ඉස්සරහම පාරෙන් එහා පැත්තේ හෝටලයක්ද මීටර් සීයක් පමණ දුරින් කෑම කඩ කීපයක්ද තිබුණු නිසාය.   ඒ වන විට අඳුරත් වැටී තිබුණු නිසා ගෙනගිය පානයක්ද පාවිච්චි කර ඉස්සරහ කඩෙන් රෑ කෑම කා නිදාගතිමු.

අපි නවාතැන් ගත් හෝටලයේ සිට පේසාලේ ටවුමට පයින් යන දුරය.  හෝටලය පිටුපස මුහුදු වෙරළය.  වැල්ල දිගේ දිගටම යනවිට මාළු වාඩි හමුවේ.  අපට උවමනා කර තිබුණේ ඉස්සන් සහ කකුළුවන් මිලට ගන්නටය.  උදේම මාළු වාඩි වලට ගිහිං ඉස්සන් සහ කකුළුවන් අරගෙන ඇවිත් උයන්නට දුන්නේ ඉස්සරහ කඩේටය.  පේසාලේ ටවුම පසුකර ටික දුරක් යනවිට තල් රා කඩයක් ඇත.  ඒ කඩේට ගිහිං රාද අරගෙන ආවෙමු.  එදා දවස ගතවුනේ තිරුකේතීශ්වරම් කෝවිලට යන්නටත් බයෝබැබ් ගහ බලන්නට යන්නටත් මන්නාරම් ටවුමේ රස්තියාදුවක් ගසා කාන්තාවන්ට අවශ්‍ය රෙදි ආදිය හා කරෝල මිලදී ගන්නටත්ය.  රා වලට වඩා සැර මත්පැනක් අවශ්‍ය නම් මන්නාරමෙන් ගත යුතුය.  පේසාලේ වයින් ස්ටෝස් නැත.  එහි ඇත්තේ රෙස්ටුරන්ට් එකක් පමණකි.  රෙස්ටුරන්ට් එකේ මත්පැන් වයින් ස්ටෝස් එකට වඩා ගණන් වැඩිය.  

මමත් අසෝකනුත් පේසාලෙන් රාත් අරගෙන ආපහු හෝටලයට ආ ත්‍රීවීල් එක හෝටලය ඉදිරියේ අපව බස්සා ආපහු යන්නට හැදුවා පමණකි.  පාරේ ගිය මනුස්සයෙක් කෑ ගසා කීවේ නවත්තන්න කියාය.  ඔහු ත්‍රීවීල් එක ලඟට ඇවිත් නායි නායි කියා ත්‍රීවීල් එක යට පෙන්නුවේය.  බැලුවාම චූටිම චූටි බලු පැටියෙක් ත්‍රීවීල් එකේ රෝදය ළඟ හිඳගෙන සිටී.  ඌව එළියට ගත්විට අප පස්සෙන් වැටී හෝටලයට ආවේය.  හැලපිලා ඌට කෑම දී සාත්තු කලවිට බලු පැටියා බඩ තිත්ත ලබ්බ වගේ වෙන්නටම කෑම කා නිදාගත්තේය.  එවෙලේම අපි බලු පැටියාට පොඩි නායි කියා නම තැබුවේ ලොකු නායිලා කීප දෙනෙක්ම හෝටලය වටේ රස්තියාදු ගසමින් සිටි නිසාය.  පොඩි නායි හවස් වෙද්දී හෝටලයට ආ කාන්තාවක් පස්සෙන් ගිය බව හැලපි මට කීවේ පොඩි නායි කොහෙද කියා මම විපරම් කලවිටය.  

අපි රෑට කෑම කන විටද බල්ලන් කීප දෙනෙක් අවට සැරිසරමින් සිටියෝය.  එක බැල්ලියක් මගේ ලඟින්ම සිටි නිසා මම කන ගමන්ම ඌටද කෑම දුන්නෙමි.  පහුවදා උදේ අපි තලෙයිමන්නාරමට යන්නට පාරට ගිය විට බැල්ලියක් ඇවිත් මාව ඉවකර දඟලන්නටත් බිම පෙරලෙන්නටත් පටන් ගති.  බැලුවාම කලින්දා රෑ මම කෑම දුන්න බැල්ලියය.   මේ පිංතුරයේ ඉන්නේ මගේ යාළු බැල්ලිය.  බස් පරක්කු නිසා පෙසාලේට ගියෙමු.  ඒ වනවිට අපි උදේට කෑම කා නොතිබුණු නිසා කාටත් බඩගිනි දැනෙමින් තිබිණි.  පේසාලේ කඩවලින් කෑම කන්නට බැරි උනේ බස් එකක් කොයි වෙලේ ඒදැයි නොදන්නා නිසා බස් එක මග ඇරුණොත් තවත් පැයක් විතර ඉන්නට වෙන නිසාය.  ලාබෙට තිබුණු පුවාළු කෙසෙල් ඇවරි කීපයක් මිලදීගෙන බඩගින්න තරමකට සමනය කරගත්තේ තලෙයිමන්නාරමේ කඩේකින් හොඳට කන්නට හිතාගෙනය.  සෙනග පිරුණු බස් එකක නැගී තලෙයිමන්නාරමට යාගත්තෙමු.  බැස්ස ගමන් අපි කෑම කන්නට තැනක් සෙව්වමුත් තිබුණේ පොඩි කඩයක් පමණය.  ඒකෙත් තෝස ආදී කෑම ඉවරවී ඉතිරිව තිබුණේ පරෝටා පමණකි.  ඒ විදියටවත් කන්නට තැනක් ලැබුණු එක ලොකු දෙයක් කියා පරෝටා පරිප්පුත් මාලුහොදිත් සමග කා තේ බිවු විට ඇඟට පණක් ආවේය.

ඊට පසු ළඟදී ඉදිකළ තලෙයිමන්නාරම දුම්රිය පොළ පසුකර පරණ පෙරිය තිබුණු වෙරළටය.  එක්දාස් නවසිය හැත්තෑ ගණන් වෙද්දීත් තලෙයිමන්නාරම රාමේස්වරම් පෙරී සේවය ක්‍රියාත්මක වෙමින් තිබුණි.  කෝච්චියේ තලෙයිමන්නාරමට ඇවිත් ආගමන විගමන කටයුතු නිමකර ටිකක් එහායින් තියෙන ජැටියේ නවතා ඇති නැවෙන් රාමේශ්වරමට යාගත හැක.  අද ආගමන විගමන කටයුතු කළ ගොඩනැගිල්ල නටබුන් වී ඇත.  දිරාපත්  ජැටිය නේවි කෑම්ප් එක ඇතුලේ නිසා එතනට යන්නට දෙන්නේ නැත.  නටබුන් ගොඩනැගිලි හා ජැටිය දුටු අසෝකන්ගේ සිත අතීත ස්මරණයන්ගෙන් පිරී යන්නට විය.  ඉන්දීය පියකුගේ සහ ලාංකික මවකගේ දරුවෙක් වශයෙන් ලංකාවේ උපන් අසෝකන්ට සිය පවුල සමගම ආපසු ඉන්දියාවට යන්නට වුණේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අනුවය.  ඉන්දීය පුරවැසියෙක් වුවත් අසෝකන් අදටත් මගේ රට කියන්නේ ලංකාවටය.  අසෝකන් විවාහ වුනෙත් ලාංකික තරුණියක් සමගය.  මගෙ කෙල්ල ඉන්දියාවෙ එකෙක්ට දෙන්නෙ නෑ කියා එකම දුව දීග දුන්නෙත් ලංකාවේ කොල්ලෙකුටය.

1972 වර්ෂයේ එක් සැන්දෑවක කෝච්චියෙන් තලෙයිමන්නාරමට ඇවිත් තාත්තාගේ අතේ එල්ලී නැවට නගින්නට ගිය හැටි අසෝකන් ඒ තැන් පෙන්වමින් අපට විස්තර කළේය. අසෝකන් තාත්තාගේ අත අල්ලාගෙන ජැටියට යද්දී අම්මා මල්ලීව වඩාගෙන ආ බවත් නංගී ඒ වනවිට ඉපදී නොසිටි බවත් අසෝකන් කීවේය.  අසෝකන්ගේ පියාවූ මනවෙයිතම්බි වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ ටිකක් කලබල කාරයෙක් වූ නිසාම ඔහුව පිටත් කිරීම ඉක්මන් වූ බවත් තාත්තාත් ලංකාවේ ඉන්නවාට වඩා ඉන්දියාවට යන්නට කැමැත්තෙන් සිටි බවත් අසෝකන් කීවේය.  රාමේශ්වරමට නැවෙන් ගෙනගිය අසෝකන්ලා පදිංචි කළේ මනපාඩ් නම් වෙරළාශ්‍රිත ධීවර ගම්මානයේය.  මනපාඩ් ඉන්දියාවේ උල් කෙළවර වූ කන්‍යාකුමරි සිට කිලෝමීටර් හැත්තෑ ගණනක් දුරින් පිහිටි සුන්දර ගමකි.  අපි ඉන්දියාවේ ඉද්දි අසෝකන් වතාවක් මනපාඩ් ගමට අපිවද එක්කරගෙන ගියේය.  ඒ කතාව මම මීට කලින් බ්ලොගයේ ලියා ඇත්තෙමි.  

අසෝකන්ලා සමගම ඉන්දියාවට යැවූ මනවෙයිතම්බිගේ මල්ලි හෙවත් අසෝකන්ගේ බාප්පා මනපාඩ් ගම්මානයේ පදිංචිවී ධීවර රැකියාවේ යෙදුනත් මනපාඩ් හි නිදිමත ජීවිතය රටේ තොටේ දේශපාලන චරිත සමග ගැවසුන සටන් කරුවෙකුවූ අසෝකන්ලාගේ පියාට ඇල්ලුවේ නැත.  ඒ නිසා ඔහු වැඩිකල් නොයවාම මනපාඩ් වලට සමුදී මදුරාසියට සංක්‍රමණය වුණේ සිය පවුලද සමගිනි.  මදුරාසියේ පදිංචිවූ මනවෙයිතම්බි සිය ජීවන වෘත්තීය වශයෙන් ප්‍රින්ටින් ප්‍රෙස් එකක් දාගත්තේය.  දන්නා අඳුනන දේශපාලකයන් මාර්ගයෙන් වැඩ හොයා ගත්ත නිසා ප්‍රෙස් එකද මනවෙයිතම්බිට සුපුරුදු දේශපාලනයද කරගැනීමට ලැබුණි.  ප්‍රෙස් එක නැගලා යනවිට මනවෙයිතම්බි ට්‍රැවල් ඒජන්සියක්ද පටන් ගත්තේය.  ඒ වන විට පාසල් ජීවිතය අවසන් කර සිටි අසෝකන්ව ට්‍රැවල් ඒජන්සියේ වැඩට පුරුදු කර එය බාරදුන්නේය.  ඉන්දියාවෙන් ලංකාවට එන්නට වීසා අවශ්‍ය වූ ඒ කාලයේ අසෝකන්ට හොඳට වැඩ ලැබුණි.  මම ඉන්දියාවේ රස්සාවට ගිය අලුත මදුරාසිය ගැන කිසිම දැනීමක් නොමැතිව සිටි මට ගෙයි පදිංචිවී වැඩ කටයුතු කරගෙන යාමට සහයෝගය දුන්නේද අසෝකන්ය.  ඔහු ඒ තරමට ලංකාවටත් ලක් වැසියන්ටත් ආදරය කරන චරිතයකි.  ඒ නිසාම ඇනගත් අවස්ථාද බොහොමය.  කෙසේ වුවද අසෝකන් පසුකාලීනව අපි දෙතුන් දෙනාගේ ගෙදර චරිතයක් වගේම කිට්ටුවෙන් සිටියේය.  අදටත් එය එසේමය.  පසුගිය කෝවිඩ් වසංගතය කාලයේ අසෝකන් බිරිඳ ප්‍රමිලාත් එකක්ම හිටියේ ලංකාවට ඇවිත් දුවගේ ගෙදරය.  රට වසා දැමීම සහ ඉන්දියාවේ දරුණුවට පැතිරුණු වසංගතය නිසා අසෝකන්ට අවුරුද්දක් හමාරක් ලංකාවේ කොටුවී සිටින්නට සිදුවිය.  ආපහු මදුරාසියට යන්නට ඔහුට ඉඩ ලැබුණේ මේ ඊයේ පෙරේදාය.  ඉන්දියාවේ සිට මට කතාකළ අසෝකන් කීවේ ඔහු පදිංචිවී සිටි ටී නගර් වල නිවස අතහැර පුරුසවල්කම් වල මහල් නිවාසයකින් අලුත් ගෙයක් ගත්තා කියලාය.  මට ගෙයි පිංතුර වගයක්ද එව්වේය.  ඇත්තටම අසෝකන් හිටපු ගෙදරට වඩා අලුත් ගේ හොඳය.  දවස් දෙකතුනකට පෙර අසෝකන් ආයෙම මට කතාකලේ ආපහු ලංකාවට ඇවිත්ය.  අලුත් ගේ ගත්තේ කොහොමද කියා මම අසෝකන්ගෙන් අහුවෙමි.  සාමාන්‍යයෙන් මදුරාසියේ එහෙම ගෙයක් හොයාගන්නට සෑහෙන අමාරුය.  ඔහු කීවේ සිය පියාගේ මිතුරෙක් වූ කරුණානිධිගේ පුත්‍රයා වූ නගරාධිපති ස්ටාලින් ගේ හොයා දෙන්නට උදව් කළ බවය.

ආයෙම කතාවට ආවොත් අපි දැන් පේසාලේ හි දවස් දෙකක් ගතකර හමාරය.  කරන්නට හිතේ තියාගෙන ආ ආසාවන් ඉටු කරගෙනය.  පසුවදා රෑ කෝච්චියෙන් ආපහු ගෙදර එන්නට ලෑස්ති වී දවල්ට සෙල්වා රැගෙන ආ  කෑමත් කා ඉන්නවිට ලැබුණු ආරංචිය වුණේ නිරෝධායන මධ්‍යස්ථානයකින් හොරෙන් පැනගත් රෝගියෙක් මන්නාරම ස්ටේෂන් එකේ සිට හමුවූ බවත් එතැන් සිට මන්නාරම ස්ටේෂන් එක වසා කාර්ය මණ්ඩලය නිරෝධායනයට යැවූ බවත්ය.  කොහොමත් අපි කෝච්චියට නගින්නට ලෑස්ති වී සිටියේ පයින් ඇවිදින දුරක තිබුණු පේසාලේ ස්ටේෂන් එකෙන් නිසා එය අපට ප්‍රශ්නයක් නොවීය.  එදා රෑ කෝච්චිය ආවේ මන්නාරම ස්ටේෂන් එකේ නවත්වන්නේ නැතුවය.  කොරෝනා පස්සෙන් ආවේ ඒ ආකාරයටය.

ආපහු එන දවසේ දවල් අතේ මුදල් ඉවරවී තිබුණ නිසා මට මුදල් ටිකක් ගැනීමේ අවශ්‍යතාවක් විය.  පේසාලේ ඒ ටී එම් එක පයින් යන දුරක තිබුණත් දැඩි අව් රශ්මිය නිසා මම හෝටලයට එහායින් තිබු බස් ස්ටෑන්ඩ් එකට වී සිටියේ බස් එකේ පේසාලේ හන්දියට යන්නටය.  මම එහෙම ඉන්නවිට සරමක් කමිසයක් හැඳගත් කළු උස වැඩි වයසක් නැති තරුණයෙක් එතැනට ආවේය.  ටිකකින් ඔහු මා සමග සිනාසී කතාකරන්නට විය.  කතාව දෙමළෙනි, ඔහුට සිංහල වචනයක් වත් බැරිය.  සාමාන්‍යයෙන් ඒ පැත්තේ අය හරිම සුහදශීලිය.  කවදාවත් දැක නැති අමුත්තන් සමග පවා හොඳට කතාකරති.  කොච්චර සුහද වෙනවාදැයි කිව්වොත් අමුත්තන් සමග ගෙදර දොරේ පුද්ගලික තොරතුරු පවා කිසිම අඩුවක් නැතුව බෙදාගනිති.  අමුත්තාගේ තොරතුරුද අසති.  තරුණයා මගෙන් ඇසුවේ කොහේ යනවාදැයි කියාය.  පේසාලේ හන්දියට යන්නෙමැයි මම කීවෙමි.  මේ පැත්තෙ නෙවෙයි නේද ගම කොහෙදැයි ඊළඟට ඇසුවේය.  මම පිළිතුරු දුන්නෙමි.  එතකොට දෙමළ කතා කරන්නෙ කොහොමදැයි ඊළඟට ඇසුවේය.  ටික ටික ඉගෙන ගත්තා කියා මම කීවෙමි.  ෂිහ් මට සිංහල වචනයක් වත් බෑනෙ, ඔහු කනස්සළු විය.  ඔහු තලෙයිමන්නාරමේ පදිංචි කරුවෙකු බවත් පේසාලේ මාළු වාඩියක වැඩ කරන බවත් උදේ පාන්දර බස් එකේ ඇවිත් වැඩ ඉවර කර ගෙදර යන බවත් මම අසන්නේ නැතුවම ඔහු කීවේය෴

 

"හැලප කඩේ බ්ලොගයට අවුරුදු නවයක් පිරුණේ පසුගිය 12 වෙනිදාය.  බ්ලොගය ආරම්භ කළේ 2012 නොවැම්බර් 12 වෙනිදාය.  මේ වන විට මම බ්ලොගයට පෝස්ට් 305 ක් ලියා ඇත්තෙමි.  මම බ්ලොගය අරඹන කාලයේ සිංහල බ්ලොග් ලියු බොහෝ දෙනෙක් දැන් ලිවීම අතහැර දමා ඇත.  කමෙන්ට් කරන අයද එසේමය.  කෙසේ වුවද මෙපමණ කලක් බ්ලොගය පවත්වාගෙන යාමට හැකිවීම ගැන මට ඇත්තේ සතුටකි.  ඒ සතුට ඔබ සියලුම දෙනා සමග බෙදාගැනීම මගේ යුතුකමක් බැවින් ඒ ගැන මෙසේ සඳහන් කළෙමි."

84 comments:

  1. ඔන්න පරන තත්වෙට ඇවිත් බ්ලොග් එක.😀😀😀

    ReplyDelete
  2. කෝ මේ පාඨකයෝ? කමෙන්ට් සංගමයේ සබාපති තුමා වත් නෑ.

    ReplyDelete
    Replies
    1. පාඨකයෝ මේ ඉන්නේ කුමාර.

      පන්තියේ පළවෙනියා උනෙත් කුමාර
      පන්තියේ අන්තිමයා උනෙත් කුමාර
      අද පාසල් ආවේ නැත්තේ ඇයිද කුමාර?

      Delete
    2. සබාපති බිසී ඇති. පස්සෙ එයි.

      Delete
    3. සභාපති එනකොට සභාව විසුරෝල.

      Delete
  3. මේ එනවා. සීතලට තටු ගල්වෙලා. පියාඹන්න අමාරුව නොබලම ආවා.😂

    අද නං රසට, මඳි නොකියන්නම ලියල තියනවා. ආයෙ හත්, අට වතාවක් එඤ්‍ඤං.👌🙏😊

    ReplyDelete
    Replies
    1. මොනවද මල්ලි ගල් වෙලා තියෙන්නේ?

      Delete
    2. අමාරුවෙන් පියාඹගෙන ආපු එකම මදැයි. මදි නොකියන්න තියෙනව නම් බොහොම සතුටුයි.

      Delete
  4. සතුටුයි.

    කමෙන්ට් නොකලත් වැටක්වත් ගහන්න මංනම් ට්‍රයි කරනවා.

    ReplyDelete
    Replies
    1. වැටවල් ගහන්නේ මොනවා බෙදා ගන්න බැරුවද මල්ලි

      Delete
    2. ප්‍රා හැමදාම වැටවල් ගහල යනවනෙ. ඇවිත් කියවන එකම මදැයි.

      Delete
  5. දොළහත් වයසකද අප්පා බ්ලොගේකට
    හැත්තෑවත් පැනපු අය ඉන්නේ යසට
    තව තව ලියන්නට කම්මැලි නොවෙන්නට
    හිත දෙත්වා අපේ හැලපේ අයියාට

    එක්කන් ගිහින් උතුරේ එක එක පැත්තේ
    පෙන්නන් ආව වාගෙයි අපටත් තත්තේ
    අපට කොහෙද බූල් බල්ලො හැම පැත්තේ
    ලියහන් අයියෙ, කියවන අය අඩු නැත්තේ

    ReplyDelete
    Replies
    1. හොදමයි මල්ලි ඔබගේ පිළිතුරට
      නාලා එන්න හැන්දෑ කරේ අප දෙසට

      Delete
    2. ඔන්න නිදි මට කවි ලියන්න බැරි උනාට ඇනෝ කවි පිළිතුරක් දීල තියෙන්නෙ.

      Delete
    3. ගොඩක් ස්තුතියි, මෙ ටිකේ සැර බෙහෙත් ටිකක් ගන්න නිසා ඔළුව උස්සගෙන ඉන්නේ කඩින්-කඩ. එහෙම ඔළුව කෙලින් තියාගෙන ඉන්නකොට විදුලිය කප්පාදුව.....

      Delete
  6. කාලෙකින් පරණ පුරුදු හැලප ස්ටයිල් එකේ කතාවක් කියෙවුවා. අද රෑට කන්නත් ඕන නෑ. ඒ තරමට රහයි කතාව.

    ReplyDelete
    Replies
    1. මොනවද රෑට කන්නේ වෙනදා?

      Delete
    2. රෑට ඉතින් පොඩි ෂොට් එකකුත් වක් කරගෙන, ඔය මොනා හරි පොඩි සැහැල්ලු දෙයක් කනවා ඇනෝ.

      Delete
    3. සැහැල්ලු දෙයක් කිව්වෙ, ඉඳිආප්ප වගේ එව්වා වෙන්ටෑ? කාළෙකට ඉස්සර හැලප කඩෙත් තිබුනා. පස්සෙ මාදුවා, ඔක්කොම ටික කෑවා.🤔

      Delete
    4. බුරාහ්, බුරාගෙ බඩ පිරුන නම් ඒ ඇති.

      Delete
    5. බස්සා,
      හැලප කඩේ ළඟදිත් ඉඳිආප්ප වගයක් තිබුණා. ඒවා කොච්චර රසද කිව්වොත් කට්ටිය පැන පැන කාල තිබුණා.

      Delete
  7. ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියට ඇතුලත් කොට ඇත! වර්ථමානයේ අවකාශයේ පවතින වඩාත් වැඩි බ්ලොග් සංඛ්‍යාවක් අන්තර් ගත සින්ඩිය අපගේ සින්ඩිය බව නිහතමාණී ආඩම්බරයෙන් යුතුව ඔබට දන්නවා සිටිමු. එය සංඛ්‍යාවෙන් බ්ලොග් දහසකට අධිකය! කරුණාකර අපගේ සින්ඩිය ඔබගේ බ්ලොගයේ පල කොට අපට සහයෝගය ලබා දෙන්න!

    ReplyDelete
    Replies
    1. හොදමයි මහත්තයා

      Delete
    2. හොඳයි. බ්ලොගේ එල්ලන එක ගැන තාක්ෂණික ප්‍රශ්නයක් ඇති වෙලා. හදාගත්ත ගමන් එල්ලන්නම්.

      Delete
  8. දසවන වියට පා තැබූ හැලපයියාගේ හැලප කඩේ ගුගල් දෙවිරාජොත්මයාන් වහන්සේ මෙලොව වැඩසිටිනා තාක්කල් පවතින්නට ලැබේවා. තව රසට හැලප බාන්නට හැකිවේවා...... කියවන අපි දෙන්නම් කැන්ද කොළ මිටිය ගානේ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නැවත එන්න. සාන්ත අන්තෝනි මුනිතුමාගේ පිහිටයි ඔබට.

      Delete
    2. අම්මෝ ආශීර්වාදය දැක්කත් හිත පිරෙනවා. ඔයාලගෙ පිහිටෙන් දිගටම ලියන්නං.

      Delete
  9. ආයි ආයි. නායි නායි. ආෂික්.

    ReplyDelete
  10. බාගයක් කියෙව්වා..ඉතුරු ටික පසුව කියවන්න එන්නං

    ReplyDelete
    Replies
    1. ඉතිරි ටිකත් කියවලා අදහස් දක්වන්නකෝ

      Delete
    2. ඇයි අනේ බාගෙට කියවන්නෙ. කතාව දිග වැඩිද?

      Delete
  11. නියමයි..! ආයි ලියන්න පටන් අරගෙන

    ReplyDelete
    Replies
    1. ඔව් නේද.

      Delete
    2. පැණිකු දිගටම එන්නකො. තව ලියන්නං.

      Delete
  12. අවුරුදු නමයක් කියන්නේ සෙල්ලං කාලයක් නෙවෙයි! සුබ ඈ! 

    මන්නරම කියන්නේ මරු ගමනක් තමා. කැම්පස් ඉන්න කාලේ තුන්පාරක් විතර ගිහිං තියේ.. දවස් දෙක තුනක් ඉඳලා එන්න මරු පැත්ත.

    ReplyDelete
    Replies
    1. මන්නාරමේ වාඩියක වැඩ කරන්න කැමති නැද්ද

      Delete
    2. නියම ගමන ආයෙම යන්න ආස හිතෙනවා.

      Delete
  13. හැලපතුමාගෙ කතා හැලප වගේම හරි රහයි. තවත් කතා හුගක් ලියන්ඩ හිතේ නිදහස ලැබේවා කියල කට්ටකාඩුවට වෙලා සීතල වැව් හුළගක් විඳින ගමං ප්‍රාර්ථනා කරනවා. හැලපතුමාට අයියනායක දෙයියන්ගේම පිහිටයි!

    ReplyDelete
    Replies
    1. හැලපතුමා කියන්න අවශ්‍ය නැහැ. හැලපයා කිව්වා නං ඇති. මල්ලිටත් අල්ලාහ් දෙවි පිහිටයි.

      Delete
    2. වර්ණනාවටත් ආශීර්වාදයටත් බොහොම ස්තුතියි ලොකු මල්ලි. කට්ටකාඩුවේ හුළං වැදී වැදී ඉන්න ගමන් ලස්සන කතා දෙක තුනකුත් ලියන්නකො.

      Delete
  14. පේසාලේ වයින් ස්ටෝස් එකක් තියෙනවා . එක ඉස්සරහම තල් රා තැබෑරුම තියෙනවා ,අපි ගිය සුමනේ ගියා

    ReplyDelete
    Replies
    1. මත්පැන් පානය කරන්න එපා, ඇයි ඔහොම බොන්නේ?

      Delete
    2. ගිය "සුමනේ" ගියා කිව්වම මට හිතුනා. මේක හැලප කඩේ, ඔය වචන ගැන පරිස්සං වෙනව හොඳයි, ආයිබෝං.🤣😂

      Delete
    3. අපි යද්දී නම් තිබුනෙ රෙස්ටුරන්ට් එකක් විතරයි. අපට මග ඇරුනද දන්නෙ නෑ.

      Delete
  15. පරණ විදිහටම........
    රසයි......

    ReplyDelete
  16. කෝ යකුනේ කොමෙන්ට්? අර ඩ්‍රැකියයි. උගේ සහචරයොයි ආගිය අතක් නෑ. ඩ්‍රැකියා නං බිසී කිව්වා. පස්සෙ හරි ඒවි. එකා දෙක ගානෙවත් කමෙන්ට් දාපල්ලා. නැහ්නං, මුන්දෑ ආයෙ යාවි ශිශිර තාරකා නිද්ද්‍රාවට.🤔

    ReplyDelete
    Replies
    1. ඩී ජී කල්දේරා

      Delete
    2. අපිත් හැලප රසට වාල්උනු ඩ්‍රැකියෝ බොලව්...
      ඔන්න මං ආවා... ලිස්ට් එකට දාගන්න....

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මට හොරෙන් හැලප කන්න එහෙම කොහෙද මගෙන් බේරෙන්න. මං ගාවත් තියෙනවා හොද හැලප අච්චුවක්

      Delete
    5. මෙතන මේ ඩ්රැකියෝ ගොඩක් ඉන්නවනෙ බස්සෝ. මම අංජබජල් වෙලා ඉන්නෙ.

      Delete
  17. බුහ්!

    ඔව්, වොව්,වොව්. මහන්සිවෙලා මෙච්චර දිගට, රහට ලියල තියන එකවත් සලකලා අපි කොටමු කමෙන්ට්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බුහ් කිව්වත් සතුටුයි.

      Delete
  18. මේකෙ ඉන්න තරමක් ඉන්නෙ හොර බළල්ලු. ආවා, ගිල්ලා හැලප, ලුහුටලා ගියා. මුංව දීයා කන්ට එපැයි, වැටක්වත් නොගහා මෙහෙම ලිස්සල යනවට.

    හැලපෙ, අර "ත්‍රිකෝණය" පසු කතාව ගැනත් සලකා බලන්ට, ඈ? මේ අපූරු කතන්දර අපට අතීතටය යන්න තියෙන දොරටුවක් වගෙයි. ඒ වගේම, මේවා මතක සටහන් දිනපොතක් ලෙස ඔබටත් වටිනවා ඇතැයි සිතනවා. බ්ලොග් එකේ බැකප් එකක් ගන්න ඇතැයි හිතනවා. උදව්වක් අවශ්‍ය නම් කියන්න, ඩ්‍රැකියගෙ පෝස්ට් එකේ එක:

    https://drackey.blogspot.com/2021/10/blog-post.html?showComment=1633477165019#c5271302602371060765

    ReplyDelete
    Replies
    1. අනේ බැකප් එකක් හදාගන්න තියේ නං බොහොම වටිනවා නරිමොටෝ. මොකද මේවා මැකුනොත් අපරාදෙනෙ. උදව් අවශ්‍යයි කියල කියන්නත් ඕනැද? එකෙන්ම සතුටුයි උදව් කරනව නම්.

      Delete
    2. හැලපෙ බ්ලොග් එකට ලොග් වෙලා යන්න බ්ලොග් එකේ "ඩෑෂ් බෝඩ්" එකට. අර පෝස්ට් ලියන්න යන්නෙ, ආන්න ඒ පිටුව. එතනම වම් පැත්තෙ පහල තියෙන "Setting" වලට කොටන්න.

      දැන් දකුණු පැත්තෙන් පහල යන්න "Manage Blog" හමුවන තෙක්(පහලම ඉඳලා 3 වෙනි එක). ඒකෙ "Back up content" කොටලා , "Download" කොටන්න. දැන් කම්පුටරේ ඒකට බාන තැන තේරුවාම, blog-අද දිනය.xml කියලා ෆයිල් එකක් බාගත වෙනවා. හුඟක් පෝස්ට් තියේ නං 20Mb විතර වේවි. ඒක ප්‍රයෝජනවත් වේවි පස්සට.

      දැන් ඔය ෆයිල් එක ඇතුලෙ තියනවා, එදින දක්වා ලියපු ඔක්කොම පෝස්ට්. හැබැයි අපට කෙලින්ම බලන්න ඇහැකි විදිහට නෙමෙයි තියෙන්නෙ. ඒත්, හදිසියේ අත්වැරැද්දක් උනොත්(වරදට සමාව දෙනවා), නැත්නම් ගූගලයා පැන්නුවොත්. ආයෙ බ්ලොග් එක යථාතත්ත්වයට ගන්න හෝ විකල්ප අඩවියකට යන්න (WordPress, Medium) ඔය ෆයිල් එක වැදගත්.

      ඩ්‍රැකියා ඒ ගැන කිව්වෙ මෙහෙමයි:
      "එතන ඒ තියෙන්නෙ මං මෙච්චර කාලෙයක් දුක් මහන්සියෙං දාඩිය මුගුරු දාගෙන, ඉණට වස්තරෙයක් නැතුව, බඩට කන්ඩ නැතුව ලියාගත්තු පෝස්ට් ඩිංගය"

      ඒක ඇහුනාම, ඇහැට කිඹුල් කඳුලුටත් ඉනුව ආයිබෝං!

      Delete
    3. මේ මොනව කියනවද? ආං අපේ "මයිසෙල්ෆ් හැට්ටර" ලොකු සෑර්ගෙ ටැට්ටරේත් වාෂ්ප වුනා කිව්වාම? එහෙනං!😟😮

      Delete
  19. හැලපේ මල්ලී කාලෙකට පස්සේ හමුඋනේ. මන්නාරම සහ තලෙයි මන්නාරම ගමන් සහ තොරතුරු ගැන කියවන විට මටත් එහි ගිය ගමනක් මතක් උනා. ඒ 2012 දී. රාජකාරි වැඩකට සම්බන්ධ පරිසර අධ්‍යාපන වැඩ මුලුවකට ගිය ගමනක්. එය තිබුණේ මන්නාරම නගරයේම සිත්ති විනයාගර් විද්‍යාලයයේ. අපගේ පරිසර අධ්‍යයනය කලේ අරුවි ආරු ගඟ මුහුදට වැටෙන ස්ථානයේ ඇති විශේෂ කඩොලාන පද්ධතියක් පිළිබඳව. මෙහි විශේෂත්වයක් වනුයේ කඩොලාන විශේෂ සියල්ලම වාගේ කුරු බවක් (dwarf) පෙන්වීමයි. අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භවන මල්වතු ඔය මන්නාරමට ගලායන විට 'අරුවි ආරු' යන නමින් හඳුන්වන බව දැනගත්තේ එම ගමනේදීයි. අපටත් තලෙයි මන්නාරමටත් යන්නට ලැබුණා. මන්නාරම බැඔබාබ් ගසනම් කිසිදිනක අමතක වන්නේ නැහැ. තව වැදගත් දෙයක් - මන්නාරම පමණක් වගා කරන විශේෂ වී වර්ගයකින් (වර්ගයේ නම මතක නැහැ.) ලබා ගන්නා සහලෙන් සකස් කළ බත් සහ රසවත් මාළු පිනි සහිත කෑම වේල් කිහිපයක්ම අපට ලැබුණා.

    ReplyDelete
    Replies
    1. මන්නාරමේදී මාත් ගොඩක් දේවල් දැනගත්තා දයා අයියේ. දයා අයියා පුල්මුඩේ ගිහිං නැද්ද?

      Delete
    2. දයා අයියේ අපේ ඉස්කෝලෙ හිටපු වල්ලිපුරම් ටීච මතකද. ටීචත් දැන් ජීවත් වෙන්නෙ මන්නාරමේ. අම්මෙයි අප්පන් කියල සුභසාධක නවාතැනක් පවත්වා ගෙන යනවා. යන එන අයට උදව්වක් වශයෙන්.

      Delete
  20. Replies
    1. ඔව් මල්ලි. තාම නිරෝගියි ඒවා.

      Delete
  21. යකෝ මෙන්න හැලපෙ කමෙන්ට් වලට උත්තර දෙන්න ලේකම් කෙනෙක් දාලා. හැබැයි ඇනෝ කෙනෙක්. කෝ අර ගොල්ලීෆ් ඇනෝ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඇනෝ වැඩේ නියමෙට කරගෙන යනවා. ගෝලීප් ඇනෝ තාම නෑ. දැකල නැතුවද මංදා.

      Delete
  22. වරේවා! මෙන්න ඩ්‍රැකියො සැට් එක බැහැල. නියමයි.😊😊👌

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මමත් ඇහුවෙ. සැට් එකක්ම ඉන්නවද කියල.

      Delete
  23. මරු පෝස්ට් එක සහ විස්තර ටික. ඒවගේම Anonymous රිප්ලයි කමෙන්ට්ස් ටිකත් මරු.

    ReplyDelete
    Replies
    1. ඉයන්ගෙ කමෙන්ට් එකත් මරු.

      Delete
  24. කොමෙන්ට් කියවන්නත් එක්ක ආයෙ එනව.

    ReplyDelete
    Replies
    1. තව මාස 6කින් විතර ආයෙ එන්න. එනකොට ටෝච් එකත් අරන්ම එන්න.😂

      Delete
    2. අර අලකොමා බැට්ටි දාල දුන්නොත් තමා ඉතිං.

      Delete
  25. මරු.. ඒ දවස් වල වගේම සුපිරි.
    හැලපෙට අවුරුද්දකට පස්සෙ මම පටං ගත්තෙ. ඒත් ඉතිං මෙලෝ රහක් නෑ නේ. ආසාවට කැහැ කැහැ ඇදං යනව
    අතාරින්නෙපා. දිගටම ලියන්න. ජය

    ReplyDelete
  26. ලස්සනට ලියලා තියෙනවා. තව පාරක් කියවන්න ඕනේ

    ReplyDelete
  27. නියම කතා ටික ........
    අතීතය පුරා අපේ මතකයනුත් අරන් යනවා .......

    ReplyDelete
  28. අවුරුදු නමයක් කියන්නෙ සුළුපටු කාලයක්ද. සුබපතනවා!

    ReplyDelete
  29. මේ අවුරුදු නමයේ හැලපයියාගේ හැම පොස්ට් එකක්ම කියවලා තියෙනවා.ඉස්සරහට ලියන එව්වාත් නොකඩවා කියවනවා.හැලප රස දැන්නම් හොඳටම දැනෙනවා.

    ReplyDelete
  30. හැලපයියේ ඔයා ලියන්න. මාසෙකට පස්සේ හරි කියවලා කමෙන්ට් කරනවා. රාමේශ්වරම් ධනුෂ්කොඩි ගිහින් නැතත් මන්නාරම චෙන්නායි මතක සිරාවටම අලුත් වෙනවා

    ReplyDelete

ඔබේ අදහස්