අඩවන් වූ කවුළුවෙන් ගලා ආ සඳරැස් තීරුවක් කාමරයට වැටී ඇත. අඩ නින්දේ සිටි රංජිත් ඇඳෙන් බැස වෙලාව බැලුවේය.
"දොළහත් වෙලා " රංජිත් තමාටම කියා ගනිමින් වතුර වීදුරුවක් වත්කරගෙන බොන්නට විය. අගෝස්තු මාසයේ දවාලට ඇති දාහය දරාගන්නට නොහැකි තරමය. නිදාගන්නට ඇඳට ගියද සියොළඟින් ගලන දහඩිය නිසා බොහෝ වෙලාවක් යනතුරු නින්ද නොඑයි. ගිය සතියේ දවසක සවස රංජිත්ගේ කාමරයට ආවේ ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාය. ඔහු ආවේ වැදගත් කතාවකට බව රංජිත් එක්වරම තේරුම් ගත්තේය.
"රංජිත් මහත්තය වැඩක්ද?"
"නෑ මම මේ පරණ පත්තරයක් බල බලා හිටියෙ. මහත්තය වාඩිවෙන්න."
පසෙක තිබූ පුටුව ඇදගත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා එහි වාඩි ගෙන කතා කරන්නට විය.
"දැන් මහත්තය අපේ කටයුත්තත් ළඟ ලඟම එනවනෙ."
රංජිත් නිහඬවම අසා සිටී.
"ඉතිං මම කල්පනා කළේ දැන් මහත්තයට ගෙවල් ළඟ පාතකට මාරුවක් ගත්තොත් නරකද කියල. බැඳල දෙන්න එකතැන් උනාට පස්සෙ ආයෙම මේ කැලේට එන එකේ තේරුමක් නෑනෙ. මහත්තයගෙ දුෂ්කර සේවා කාලෙත් දැන් ඉවර වෙලානෙ. හෙට අනිද්දම ලියුමක් ලියාගෙන අධ්‍යාපන කාර්යාලෙට යන්න. මම නිර්දේශ කරන්නම්. අධ්‍යාපන කාර්යාලෙ ඒ ඕ මහත්තය මම දන්න කෙනෙක්. උන්නැහැ මහත්තයට උදව් කරයි."
මාරුවක් ලබාගැනීම නරකම නැතැයි රංජිත් සිතුවේය. ඒත් අවුරුදු කීපයක් සිටි තැන එක්වරම දමා යන්නට හිත හදාගන්නේ කෙසේද? ඔහු ආසාවෙන් කළ ගොවිකම, කුඹුරු, හේන. ඒ ඔක්කොටොමත් වඩා බිසෝ?
"මහත්තය මොනවද කල්පනා කරන්නෙ?"
ජයතිස්ස මහත්තයගේ හඬින් රංජිත්ගේ කල්පනා දැහැන බිඳ වැටුණි.
"තමන් කාලයක් ආදරෙන් හිටපු ඉඩකඩම් දාල යන්න හිත හදාගන්න එක අමාරු තමයි. ඒත් අපි කවුරුවත් හැමදාම මේ තැන්වල ඉන්න ඇවිල්ල නෑනෙ. මහත්තය හිත හදාගෙන ගමට යන්න. මට නම් ඉතිං ආයෙ වෙන තැනකට යන්න කාලයක් ඉතුරු වෙලා නැහැ. ඔන්න ඔය ඉතුරු අවුරුදු කීපෙත් මෙහෙටම වෙලා ඉඳල විශ්‍රාම අරගෙනම ගමට යනවා. මහත්තයල ජීවිතේ පටන් ගත්ත විතරයි. හිත හදාගෙන ගිහිං අලුත් ජීවිතයක් පටන් ගන්න."
"නෑ ඉතිං, මට ඔය මාරු වැඩවල පළපුරුද්දකුත් නැහැනෙ. නැතුව ගමට යන්න තියෙන අකමැත්තකට නෙවෙයි."
"අමුතු පළපුරුද්දක් ඕනෑ නෑ මහත්තය. මම කියනවට අධ්‍යාපන කාර්යාලෙට යන්නකො. ඉතුරු හරිය මම බලාගන්නම්."
ජයතිස්ස මහත්තයාගේ බලකිරීම නිසාම රංජිත් ඊට පසු දිනෙක නිවාඩු දමා අධ්‍යාපන කාර්යාලයට ගොස් පරිපාලන නිලධාරියා මාර්ගයෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මුණ ගැසුනේය. ඔහු කියා සිටියේ හදිසියේම රංජිත්ට මාරුවීමක් ලබා දෙන්නට නොහැකි වන්නේ ඔහු වෙනුවට පාසැලට අනුප්‍රාප්තිකයෙකු ලබාදීමට හැකියාවක් නොමැති නිසා බවය. ඒත් ඊළඟ අවුරුද්දේ මුල භාගයේ පැමිණීමට නියමිත නව ගුරු පත්වීම් වලින් කෙනෙක් රංජිත් වෙනුවට එවිය හැකි බව ඔහු කියා සිටියේය. ඒ ක්‍රියාමාර්ගය හොඳටම සෑහෙන බැවින් රංජිත් ආපසු ආවේ ගිය ගමන සපල වීමේ සතුටිනි.
එදින සවස ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලාගේ ගෙදරදී රංජිත් ඇතුළු දිලිනිගේ පවුලේ සැවොම ඒ ගැන කතා කළේ සතුටිනි. වඩාත්ම සතුටට පත්ව සිටියේ දිලිනිය. නව ජීවිතයකට ඇතුල් වන්නට නියමිත ඇය සිය අනාගතය මෙනෙහි කළේ බිය මුසු සතුටකිනි. තම ජීවිතයේ ඉදිරියට යන්නට අතුරා ඇති මාවත කුමන අයුරක එකක් වේවිදැයි ඇය සිතුවාය.
රංජිත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලාගේ නිවසේ සිට කල් වේලා නොගෙන කාමරයට ආවේය. ඔහු සිටියේ දෙගිඩියාවකය. සිය ජීවිතයේ තවත් එක් කඩඉමක් නොබෝ දිනෙකින් එළඹෙයි. තමන් ගත් තීරණය බිසෝ කෙසේ පිළිගනීද? ඇයගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? රංජිත් කාමරයට ආවේ සිතුවිලි දාමයක සිත පටලවාගෙනය.
ඊයේ සවස බිසෝත් එක්ක ඇතිවුණු කතාබහ රංජිත්ට සිහිවිය. බිසෝ කෑමත් රැගෙන කාමරයට ආවේ හතර වටින් අඳුර ගලා එද්දීය. රංජිත් සුපුරුදු ලෙස ඇයව යහනට ගෙන ගියද බිසෝගේ ප්‍රතිචාරය ඇල්මැරුණු එකක් විය. ඇය රංජිත්ගේ අකීකරු දෑත පසෙකට කළේ සිනාවෙමිනි.
"ඇයි මේ?"
රංජිත්ගේ ප්‍රශ්නයට උත්තරයක් දෙනු වෙනුවට ඇය රංජිත්ගේ මුවට සිය ඇඟිල්ල තබා කියා සිටියේ නිහඬ වන ලෙසය.
"හැමදාම මහත්තය කතා කරනවා මම අහගෙන ඉන්නවා. අද මම කතා කරන්නම් මහත්තය අහගෙන ඉන්න."
බිසෝ කීවාය. බිසෝගේ ගතින් හමන තුරුණු සුවඳ රංජිත් මන්මත් කරවයි. ඔහු බිසෝව ලඟට ඇද ගත්තේය.
"ඔය ඉතිං, කියන දේ තේරෙන්නෙ නෑනෙ. ඔහොම ඉන්න."
බිසෝ ඇඳෙන් නැගිට අසල තිබූ පුටුවේ වාඩිවූවාය. රංජිත් නිසලව බලාසිටියේ බිසෝ කරන්නට යන දේ ඔහුට නොතේරුණු හෙයිනි.
"දැන් ඉතිං මහත්තය අලුත් ජීවිතයක් පටන් ගන්න ලඟයිනෙ. අපි සෑහෙන දවසක් කිට්ටු වෙලා හිටියට මහත්තයට මගෙ ළඟ හැමදාම ඉන්නත් බෑ මටත් එහෙම බෑ, කොහොමත් දවසක අපට වෙන් වෙන්නම වෙනවා. මට මහත්තයව දාල යන්න ලෝබ හිතුනට කරන්න දේකුත් නෑ. පහුගිය කාලෙම මම හිතුවෙ ඔය ගැනමයි. කොහොම හරි පහුගිය මාසෙ මට අර අසනීපෙ හැදුනෙ නෑ. මට එහෙම වෙන්නෙත් නෑ වෙනදට. ඉතිං මම කල්පනා කළා දරුවෙක් වත්ද කියල. කෝකටත් කියලා මම විල්සන් එක්ක රණ්ඩු කළා මට හැමදාම මෙහෙම ඉන්න බෑ දරුවෙක් ඕනැය කියල. විල්සන් එච්චර ගනන් ගන්නෙ නැතුව උඹට දරුවො ලැබෙන්නෙ නැත්නං මම මොනව කරන්නද කියල ඇහුවා.
රංජිත් නිහඬව අසා සිටී.
"ඒ ගමන මම කිව්ව නෑ නෑ කියල හිටියට හරියන්නෙ නෑ මොනව හරි යමක් කරල බලමු එහෙමවත් හරියයිද කිව්වම විල්සන් කැමති උනා. ඒ ගමන මම විල්සන් එක්ක බටුකොළයායෙ නුගේ දේවාලෙට ගිහිං පාන් පත්තු කරල බාර උනා. විල්සන්ල ඔය දෙවාලේ හාස්කම් හරියට විස්වාස කරනවනෙ. ඉතිං දැන් මට බයක් නෑ. විල්සන් අවිස්වාස කරන්නෙත් නෑ මට මහත්තයගෙන් දරුවෙකුත් ඉන්නවා. ඒක මට හැමදාම මහත්තය මගෙ ළඟ ඉන්නව වගේ. මම දරුවත් හදාගෙන මෙහෙ මගෙ ජීවිතේ ගෙවන්නම්. මහත්තය ගමට ගිහිං අලුත් ජීවිතේ හොඳින් ගතකරන්න. කොහොමත් අපි ඉතිං මේ කැලෑ ගම්වල හැදිල ජීවත්වෙලා මෙහෙ කැලෑගම්වලම මැරෙන්න නියම වෙච්ච අයනෙ. මහත්තයල දැන උගත් රට රාජ්ජවල ගියපු අය. අපි දෙගොල්ල කොහොමත් පෑහෙන්නෙ නෑ. මට මහත්තය ගැන කිසිම තරහවක් නෑ, ආදරයක් මිසක. කොහොමත් ආදරේ කරපු කෙනෙකුට වයිර කරන්න මට බෑ. මහත්තය හිත හදාගෙන ගමේ යන්න. ජීවිතේ ආයෙ දවසක වැරදිලා හරි මේ පැත්තෙ එවුනොත් අපිවත් බලන්න එන්න.
බිසෝ බරව ගිය කටහඬකින් කීවාය.
"මම දැනගෙන හිටියෙ නැතුවට බිසෝ හරි හරි දේවල් කරල තියෙනවනෙ පහුගිය දවස්වල."
"ඔව් ඉතිං ගෑණු අපටත් අර ඉව කියල දෙයක් තියෙනවනෙ, නැතුව අපි මහලොකු උගත් අය නෙවෙයිනෙ. ඉතිං ඒ ඉව හරි වෙලාවට පාවිච්චි කරන්න දැනගන්න ඕනෑ, ඉතිං මම යන්නං මහත්තය, අපි ආයෙම මුණ ගැහෙයිද දන්නෙ නෑ. ඒ කෝක උනත් මෙහෙම ගෑනියක් මහත්තයට කවද හරි ආදරෙන් හිටිය කියල මතක තියාගත්තොත් මට ඒ ඇති."
බිසෝ අඩ අඳුරේ නිසොල්මනේම පිටත්ව ගියාය . කල්පනාවෙන් බරවූ රංජිත් නිහඬවම බලා සිටියේය.
෴ සමාප්තයි ෴
පසු සටහන.
කතාව ලියන්නට ආරම්භ කරද්දී මා බලාපොරොත්තු වුණේ කොටසකින් හෝ දෙකකින් කතාව නිම කරන්නට වුවත් නොසිතු ලෙස කොටස් හයක් දක්වා කතාව දිගුවිය. මෙය මා අත්දුටු සිදුවීමක් පරිකල්පනය ඔස්සේ විකාශනය කර ලියන ලද්දකි. රංජිත්ගේත් දිළිනිගේත් විවාහයෙන් පසු සිදුවූ සිදුවීම් සමුදාය වඩාත් විචිත්‍රවත් බව මට සිතේ. කවදාක හෝ ඒ කතාවත් මගේ සිතේ හැදී වැඩී ලියැවෙනු ඇත. රංජිත්ද දිලිනිද දෙතැනක හෝ අදටත් මේ රටේ ජීවත්වෙති. බිසෝගේ පසුකාලීන ජීවිතය පිළිබඳව දැනගන්නට නැතත් ඇයද සිය දරුවා සමග කොහේ හෝ ජීවත්වනු ඇත. ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා මෙලොව හැර ගියේ දැනට දසකයකට පමණ පෙරය. මමද කුලියාපිටියේ පැවති ඒ අවමගුලට සහභාගී වුණෙමි. ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඊටද පෙර සිය දිවි ගමන නිමාකළේය. සියල්ලන්ටම පසු රංජිත්ගේ මව දිවියෙන් සමුගත්තාය. අනුර මහත්තයා දැන් ලංකාවට පැමිණ සුපුරුදු ලෙස දිවි ගෙවයි.
බ්ලොග්කරණයේ දීර්ඝ විරාමයකට පසු නැවතත් ලිවීමට මට කතා කරමින් බල කළේ තට්ටයගෙ කොලම ලියන අපේ සහෘදයාය. ඔහුට මගෙ ස්තුතිය පිරිනමමි. එමෙන්ම 2015 වර්ෂයේ ආරම්භ වූ මේ කතාව වසර හයක් තිස්සේ ඉවසීමෙන් කියැවූ මගේ බ්ලොග් පාඨකයන්ටද ලොකු ස්තුතියක් කිරීමටද මෙය අවස්ථාව කරගනිමි.
This comment has been removed by the author.
ReplyDeleteසාමාන්‍යයෙන් කතා කියවන කෙනෙක් නෙවෙයි මම. නමුත් මේ කතාව කියවන්න ආසයි. හොඳ ලස්සනට ලියලා තියෙනවා.
ReplyDeleteස්තුතියි. දිගටම එන්න.
Deleteමුළු කථාවම කියවන්න බැරි උනා! ඒත් ඉදිරියේ කියවන්නම්. මේ අපේ අළුත් සින්ඩියක්! ඇවිත් බලලා අඩුපාඩුවක් වෙතොත් කියන්න. අපේ ලාංඤ්ඤනය, ටැටූ එක පච්චය හෙවත් අපේ හංවඩුව ඔබගේ බ්ලොග් එකේ එල්ලගෙන පොඩි අත දීමක් කරණ්න! අපි ඔබව බලා ගන්නම්! sandhakadapahana.blogspot.com
ReplyDeleteඅම්මට සිරි!
Deleteබොහොම හොඳයි. මම සින්ඩිය බ්ලොගේ එල්ලන්නම්.
Deleteචැහ්! හරිම බෝරිං අවසානයක් නෙව. හරියට හින්දි පිචෑර් එකක් වගේ.
ReplyDeleteකමක් නෑ කමක් නෑ. හැලපෙ අවුරුදු ගානකට පස්සෙ හරි කතාව අහවරයක් කලා නෙව. ඒකට මෙන්න අපේ හද පත්ලෙන් බුර බුරා නැගී එන මෙවුවා එක.
බුර බුරා කියනව ඇහිලයි, නැට්ට කරේ තියාගෙන පිඹලා ආවෙ. ඇයි සෑර් වලියක්ද? බහූඌඌඌ...
Deleteහැලපෙට තරහා යාවිද මන්දා? ගහනව නං හැලපෙකින්ම ගහන්න, සෑර්? මාදුවා තාම කන්නෙ ඉඳි ආප්පද සෑර්?
// රංජිත්ද දිලිනිද දෙතැනක හෝ අදටත් මේ රටේ ජීවත්වෙති. //
Deleteඒ කියන්නෙ මේක 'so they all lived happily ever after...' ජාතියෙ කතාවක්ම නෙවෙයි නේ ද?
හින්දි පිචර් එකක් වගෙම තමා. හැම දේකම ඉවරයක් තියනව නොවැ කියනවනෙ බුරා. කොහොම උනත් මේක සියල්ල සතුටින් අවසන් විය කියන ජාතියෙ කතාවක් නම් නොවෙයි. ඉතිරි හරිය ලිව්වොත් ඒ ටික බලාගන්න ඇහැකි.
Deleteඅවුලක් නෑ ටොමියො. බුරා ඔහොම කියන්නෙ ආදරේට. ,මාදුවා ඉඳිආප්පත් කනවා හැබැයි මොනව කෑවත් හොඳට අනුමත වෙලා තමයි ඌ කන්නෙ.
Deleteකසාදයක් හින්ද අවුරුදු හයක් ගියාට එච්චර අවුලක් නෑ. මේසෙ උඩ හිටපු කුකුල් නාම්බ කන්න අර එක මනුස්සයෙක් අවුරුදු දෙකක්ම ගත්ත එකේ. හැක්..
ReplyDeleteඒකනෙ බං. අන්න බොට තේරුණා. ඒ හාදය දැන් බුකියෙ රඟනව මිසක බ්ලොගේ පැත්ත පලාතෙ එන්නෙ නෑනෙ.
Deleteඅවුරුදු 6ක් කතාවක් කියවපු එකම ලෝක වර්තාවක් වෙයිද?
ReplyDeleteඅනුර මහත්මයා ගේ චරිතය ඔබතුමාගේ නේද?
අවුරුදු හයක් ගතවුණා දැනුනෙත් නෑනෙ.
Deleteඅනුර මහත්තය ගැන අසංගට කැමති විදියට හිතාගන්න.
සුභපැතුම් හැලපතුමා!! මදුරාසි කතා එහෙම කියවන්ට අපි හරි මනාපයි!! ඊගාව සතියෙත් එකක් ලියමු නේද?
ReplyDeleteලියමු ලියමු ලොකු මල්ලී. හැබැයි ඉතිං මම ලියන්නෙ ඔහෙ දෙකටම නැති කතානෙ. ඒ උනාට ලොකු මල්ලි හොඳට කියවල ලියන විස්තර ඇති කතා කියවන්න නම් මම බොහොම මනාපයි.
Deleteඅපාරාදේ කළබලෙන් ඉවරකලේ...
ReplyDeleteමේක ඉවරවුනාට කමක් නෑ පරණ රසකතා ටික ආයේ ලියන්න
මටත් හිතුනෙ ඒකමයි. හැම කොටසක්ම අකුරක් නෑර කියෙව්වා. කොච්චර කල් ගත්තත් ඒ ඔක්කොම මතකයි.
Deleteමෙහෙම ඉවර කල එක ගැන නං සතුටු නෑ.😒😈
ඒත් ඉතිං මෙහෙම හරි ලිව්වා නෙව? 😊👌
ඒකනේ...
Deleteහැම දේකම නිමාවක් තියෙන්න ඕනෑ නිසා ඉවරකලා. තවත් ටිකක් ලියන්න තියෙනවා පස්සෙ ඒ කොටස ලියන්නං.
Deleteකතාව හොඳයි. බිසෝ ගැන කිවපු අපිටත් ලෝබයි. අවංක ආදරයක්.
ReplyDeleteවෙන්නැත් ඇහැකි, නොවෙන්නත් ඇහැකි.
Deleteදිලිනිගෙන් වෙන්වූ රංජිත් වගේම හැලපෙත් එහෙම හිතනවා කියල හිතෙනවා. බිසෝ, බාගදා ආදරේ කලේ දරුවෙකුට වෙන්නත් ඇහැකි. විල්සන්ගෙන් දැරුවෙක් ලැබුනා නං, බිසෝ ඔහොම දේකට පැටලෙන්නෙ නැතුව ඉන්නත් ඉඩ තියෙන්නෙ ඇති. බාගදා බිසෝගෙ හිතේ විල්සන් ගැනත් ආදරයක්/ වරදකාරී හැඟීමක් තියෙන්නෙත් ඇති. බොහෝ විට දරුවා හොඳින් ඉගෙන ගෙන, දැන් හොඳ සමාජ තත්ත්වයක ඉන්නවත් ඇති.
මේකෙ ඇත්තම කතාව හරියටම දන්නෙ බිසෝ විතරයි.
කතාවෙ ඉතුරු හරිය පස්සෙ ලියනවා සුදීක.ඒක නම් සුන්දර නෑ.
Deleteබස්සා,
Deleteමට මේ කතාවෙ චරිතවලින් මුණ නොගැසුනේ බිසෝ විතරයි. හමුවෙලා කතාවෙ බිසෝගේ පැත්ත දැනගන්න ලැබුන නම් ගොඩක් හොඳයි කියල හිතෙනවා. එහෙම උනානම් මේ කතාව තව වෙනස් වෙන්නත් තිබ්බා සමහරවිට.
ඈ ඉවරද? එක අතකින් ඒකත් හොඳයි.නැතිනම් අර රවියගෙ කතා වගේ අංග මුල මතක නැතුව යනවා. ගමේ විස්තර මොකුත් නැද්ද අළුතින්.
ReplyDeleteතියෙනවා තියෙනවා. ඊළඟට ලියන්නෙ ගමේ විස්තරයක්.
Deleteආදරයට වෛරසයකි තණ්හාව - තමන් සතු කර ගැනීමට ඇති ආසාව
ReplyDeleteකුඩු කනවා වුවත් සීමාවක් තිබිය - යුතුය, එහෙම නැතිවිට විපතකිය තව
දැන් නම් ආදරය කියන්නෙ සතු කර ගැනීමම තමයි නේද.
Deleteකලේ කල විකලේ....
Deleteහලෝ හැලපේ,
ReplyDeleteඉතිං කොහොමද? හැලපෙගේ කතාව මං ඒ කාලේ ඉදං බැලුවා. කතාවේ අන්තිම ටික ඉක්මනට ඉවර උනාදෝ කියලත් හිතුනා මට.
ඉතිං හැලපෙ මොකද කරන්නේ මෙ දවස් වල. අපිට නං වහිනවා මේ ටිකේ. මම නං අද ඔපිස් ගියෙත් නැහැ. දැන් ඉතිං මෙ හවස් වෙලා වැහි හීතලේ භාගයක් ගහන්නයි මගේ සුදානම. ඊට පස්සේ බත් ඩිංගක් කාලා ගෝලිප් එකකුත් බීලා හාන්සි වෙනවා.
හෙටත් වැඩිය ලොකු වැඩක් නැහැ ඔපිස් එකේ. හෙටත් වහියි වගේ නේද හැලපෙ?
එහෙනං මං ආයේ එන්නංකෝ. ආ ඔන්න මම පොටෝ එකකුත් ගත්තා හැලපෙට බලන්න.
පොටෝ එක මෙතනින්.
👍👍👍👍
Deleteඅම්මෝ ඇනෝ. හැමදාම අපට බෝතල් ගේන්නෙ ඇනෝ විතරනේ. ආදරෙයි.
Deleteඑළකිරි අයියේ! මා මහත් අභිරුචියකින් තමයි කියෙව්වේ ඔබගේ "කලා කෘථි" බ්ලොගය! අනේ ඔය ගැම්මට ඒකත් ලියමුකෝ එපිසෝඩයක් දෙකක්!
ReplyDeleteහරි. ඒකටත් ලියමු කතාවක් දෙකක්. ඔය අනවශ්‍ය මහප්‍රාණ නම් නැතිකර ගන්නම බෑ වගේ නේද.
Deleteඅවසානය ගැන සතුටක් නැතත් හැලපෙගේ කැමැත්තට එරෙහි වෙන්ට බෑ නෙව.තවත් කතාවකින් හමුවෙමි හේනං.. ජය
ReplyDeleteහැම දේකම අවසානයක් තිබිය යුතුයි නේද? ඉදිරියට තවත් ලියනවනෙ.
Deleteසංතෝසයි.
ReplyDeleteස්තුතියි!
Deleteඅප්පේ... එහෙනං ඒකත් එහෙමයි උනේ..
ReplyDeleteඑහෙම නේන්නං.
Deleteඩබොල් එකේ..
ReplyDeleteකම්මලේගෙ නෑයෙක්ද දන්නෑ.
වෙන්න ඇති. එකක් කපල.
Delete//රංජිත්ගේත් දිළිනිගේත් ... වඩාත් විචිත්‍රවත් බව මට සිතේ. කවදාක හෝ ඒ කතාවත් මගේ සිතේ හැදී වැඩී ලියැවෙනු ඇත//
ReplyDeleteහ්ම්......
//රංජිත්ද දිලිනිද දෙතැනක ... ජීවත්වෙති. බිසෝගේ පසුකාලීන ජීවිතය පිළිබඳව දැනගන්නට නැතත් ඇයද සිය දරුවා සමග කොහේ හෝ ජීවත්වනු ඇත//
හ්ම්...හ්ම්
හා හා
Delete“කවදාක හෝ ඒ කතාවත් මගේ සිතේ හැදී වැඩී ලියැවෙනු ඇත” - එසේ ලියැවෙනතුරු අපි (නො)ඉවසිල්ලෙන් සිටින්නෙමු.
ReplyDeleteහොඳයි, එතෙක් තවත් කතා කියවමු.
Deleteඉතාම රසවත්. තවත් කොටසක් තියෙනවද මෙහි කුරුප්පු මහතා? ගැටහවෙල කිත්සිරි, ගනේමුල්ලේ ජයේ එක්ක ඊයේ පෙරේදත් මතක් කරා කුරුප්පු මහත්තයා ගැන. ඒ ය නම් බ්ලොග් කියවන්නේ නැහැ. ගනේමුල්ලේ ජයේගේ මල්ලි හරි අයියා හරි නේද ඕමාන් හිටියේ බ්‍රොගන්ධිවෙල සිංහ සම්පත් කියන්නේ.
ReplyDeleteතවත් කොටසක් තියෙනවද???
Deleteතව අවු 5 විතර ඇවිත් බලන්න, මහත්තයා. මේක ඉවර වෙන්නෙත් 6 ක්ම ගියා.
මට ටිකක් කොයිල් වගේ ඇනෝ.
Deleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteEkath iwarai...
ReplyDeleteඇති යාන්තන් කතාව ඉවර කළා ඇයි දැන් අපි ඉස්සර ආසාවෙන් කියවපු බ්ලොග් ලියවෙන්නේ නැත්තේ
ReplyDelete"Grass is always green on other side" න්‍යාය නැවතත් සත්‍යය වී ඇති ලෙස හැඟේ. කතාවේ, ඉතිරි ටික දැණ නොගෙන නින්ද යන්නේ නැති බැවින්, මුට්ටිය දමා බැලීමට ආවෙමි.🤔👌😊
ReplyDeleteඉතාම රසවත්.
ReplyDeleteහැලප අය්යේ අනේ දිගටම ලියන්න. ඔබේ ලියැවිලි කියවන්න අපි පෝලිමේ මග බලන් ඉන්නවා. විවේකය අඩු ඇති අඩුම ගානේ මාසෙකට එකක් හරි ලියන්න. ඒත් එක්කම පුළුවන් නම් මේ කථා එකතුවක් පොතක් හැටියට පල කරන්න. ඔබට කෙටිකථා සහ නවකථා තුල කුතුහලයෙන් යුතුව චරිත ගොඩනැංවීමේ හැකියාව තියෙනවා. ඔබ අවදි කරවීම ගැන තට්ටයා මහත්තයාටත් ස්තුතියි. සිංහල බ්ලොග් කලාව යලි නංවන්න ඔබේ දායකත්වය හරිම වටිනවා.
ReplyDeleteහැලපයියේ තව ආලවට්ටම් ටිකක් දලා කතාව ලිවානම් ශාන්ති දිසානායකගේ පොතක් වගේ කරන්න තිබ්බා
ReplyDelete