Monday, October 11, 2021

ත්‍රිකෝණය 5

 


ත්‍රිකෝණය 4

"අහස ගොඩක් ලොකුද මහත්තයා?"

බිසෝ රංජිත්ගෙන් එක්වරම ඇසුවේ රංජිත් ඇඳේ හාන්සිවී සිටිද්දීය.  රංජිත්ට පිටුපා හිඳගෙන හැට්ට කටුවක් දත් අතර රඳවාගෙන කොණ්ඩය බැඳ ගනිමින් කතාකළ බිසෝගේ හඬ අව්‍යක්ත විය.  දිගු ඝන වරලස පීරා උඩට බැඳගනිද්දී කොණ්ඩය පොල් ගෙඩියක් මෙන් විසල්ය.  ඇගේ හිසකෙස්වලින් හමන තරුණ සුවඳ රංජිත්ගේ සිත  මන්මත්කරයි.  බිසෝගේ කොන්ඩයෙන් හැමුවේ කපා වේලී ඇති තණපත් වල සුවඳය.  ඇය වැළඳගෙන සිටිද්දී බිසෝගේ වරලසෙහි හිස සඟවා ගන්නට රංජිත් ප්‍රියකලේ ඒ නිසාමය. බිසෝ සීරුවට කටු ගසමින් සෙමෙන් හැට්ටය ඇඳගනී. 

"අපොයි ඔව් ලොකුයි කියන්නෙ කිසිම සීමාවක් නැහැ.  අපි ඒ විශාල අවකාශයෙ පාවෙන පුංචි තිතක් විතරයි!"

"එතකොට දිවිය ලෝකෙ ?"

"මම දන්න හැටියට දිව්‍ය ලෝකෙයි අපායයි දෙකම තියෙන්නෙ අපි ජීවත්වෙන මේ ලෝකෙ!"

"ඉතිං බුදු බණේ තියෙන්නෙ එහෙම නෙවෙයිනෙ?"

"බුදු බණේ කොහොම තියෙනවද මම දන්නෙ නෑ.  අපි ඉන්න මේ සෞරග්‍රහ මණ්ඩලේ නම් දිව්‍ය ලෝකයක් කියල ලෝකයක් දැනට හොයාගෙන නෑ.  අපි ඉර වටේ කැරකි කැරකි යනවා තව ලෝක හත අටක් එක්ක!"

"එතකොට ඉර නෙවෙයිද කැරකෙන්නෙ? උදේට අර කන්ද පැත්තෙන් ඇවිත් හවසට වැව පැත්තෙන් බැහැල යන්නෙ එහෙනං?"

"ඒක තමයි.  ඒ අපි කැරකෙනකොට පේන හැටි. ඉර කොහෙවත් යන්නෙ නෑ. එක තැන තියෙන්නෙ!"

"මං පොඩි කාලෙ අපේ අම්ම කිව්වා සූර්ය දිව්‍ය රාජයයි, චන්ද්‍ර දිව්‍ය රාජයයි මතු බුදුවෙන මෛත්‍රී බුදුහාමුදුරුවන්ගෙ අග සව්වො වෙලා උපදිනව කියල.  අම්මට කිව්වෙ උපාසිකාරාමේ මෙහෙණින්නාන්සෙ කෙනෙක්ලු!"

රංජිත්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත්තේ බිසෝ ඔහු දෙස හැරී බැලුවාය.  රංජිත් කොට්ටය මුහුණට තද කරගෙන සිටී. ඔහුගේ සිරුර එක දිගට ගැස්සෙයි.

"ඇයි මේ මහත්තය හිනැහෙන්නෙ?"

"නෑ ඉතිං, මෛත්‍රී බුදුහාමුදුරුවො බුදුවෙන්න කලින් අපි මැරෙන නිසා සතුටට හිනාගියෙ!"

"ඇයි එතකොටත් හිටියොත් මොකක්ද වැරැද්ද?"

"වැරැද්ද? වැරැද්ද තමයි ඉර නැතිවෙන එක. අපට ඉන්න වෙන්නෙ ඉර නැති ලෝකෙක."

"එතකොට හැමදාම රෑ නේද මහත්තය?"

"ඔව් ඉතිං, ඉර විතරයැ හඳත් නැතිවෙනවනෙ. දවල් එළිය තියෙන වෙලාවට ඉන්න ඉරට වඩා කරුවලේ ඉන්නකොට එළිය දෙන හඳ ගොඩක් වටිනව කියල කවුදත් කිව්වලු."

රංජිත් නැවතත් සිනහසෙන්නට විය.

"මට තේරෙන්නෙ නෑ මහත්තය කියවන ඒවා."

"කියවන දේවල් වල තේරුමක් තියෙන්නම ඕනැද බිසෝ? සමහර වෙලාවට මම කියවන ඒවා මටත් තේරෙන්නෙ නෑ. එහෙමයි කියල මම කියවන එක නවතිනවද?"

"මං දන් නෑ මහත්තය, කරුවලත් වැටීගෙන එනවා මම යන්නද?"

ඇඳේ පසෙක පොඩිවී තිබූ චීත්තය රැගෙන හැඳ ගනිමින් බිසෝ අසයි.

"මම ඉන්නය කිව්වත් බිසෝට ඉන්න බෑනෙ. යන්න එපායැ. එහෙම නේද?"

"මහත්තය ඉන්න කිව්වොත් මම ඉන්න කැමතියි.  ඒත් මහත්තයට එහෙම කියන්න බෑනෙ.  හා නැද්ද?"

"මේ ලෝකෙ අපි කැමති දේවල්ම කරන්න, අපි කැමති දේවල්ම කියන්න තියෙනව නම් ලෝකෙ කොච්චර ලස්සනද බිසෝ?  අපි දෙන්නටම වෙලා තියෙන්නෙ ඒක නේද?"

"මහත්තයගෙ ප්‍රෙහේලිකා මට තේරෙන් නෑ. හැම දේම වෙන්නෙ අපි පතාගෙන ආපු හැටියට කියලයි මම දන්නෙ.  අපි දෙන්නටත් මෙහෙම හම්බවෙන්න නියම වෙලා තියෙන්න ඇති."

"එහෙම හිතල හිත හදා ගමු."

"කොහොමත් මහත්තය ඉක්මනට පිළිවෙලක් වෙන එක හොඳයි.  මේවා තව කොච්චර කල් නං වසං කරගෙන ඉන්නද? කොයි වෙලාවක හරි මේවා එලිඋනොත් ඉස්කෝලෙ ලොකු මහත්තයටත් ආරංචි වෙයි.  එතකොටත් මහත්තයටමනෙ හොඳ නැත්තෙ. මට නං ඕනෑ එකක්."

රංජිත් නිහඬවම සිටියේය.  ඔහුගේ අත ගෙන තදින් මිරිකා බිසෝ පිටත්ව ගියාය.  එදා රාත්‍රිය රංජිත්ට බොහෝ දිගු එකක් විය.  රෑ දෙගොඩහරියක් වෙනතුරු ඇඳේ ඒ මේ අත පෙරළෙමින් සිටි රංජිත්ට නින්ද ගියේ පාන්දර ජාමයේය.

                                                                             *

"ඈ හාමිනේ, දැන් රංජිත් ම්හත්තේලගෙ ගෙදරින් ඇවිත් ගිහිල්ලත් සති දෙක තුනක් ගියා නේද?අපිටත් ඒ ගම් පලාතෙ ගිහිං එන්න කාලෙ හරි."

ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා බිරිඳ සමග කතා කළේ රාත්‍රී ආහාරයෙන් පසු ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ දිගාවීගෙනය.  පියවතී හාමිනේ එතනම පුටුවක වාඩිවී සිටියේ පරණ සඟරාවක් පෙරලමින් මැහුම් පාඩමක් සොයමිනි.

"ඒක නං මටත් කීප දවසක්ම කල්පනා උනා මහත්තයො. දැන් පරක්කුත් එක්ක නේද? ඒ ගොල්ලො බලනව ඇති අපි නේන්නෙ මොකද කියල?"

"එහෙමනං අපිත් රංජිත් මහත්තයට කියලා එහෙ යන්න දවසක් වෙලාවක් දා ගම්මු."

සිකුරාදා සවස කුලියාපිටි ගොස් කෙල්ලන් දෙන්නා ගෙදර ඉඳිද්දී සෙනසුරාදා ජයතිස්ස මහත්තයගෙ මල්ලිගේ පවුලත් සමග ඒ අයගේ වාහනයෙන් රංජිත්ගේ ගෙදර ගිහිං ආපසු ඉරිදා ගල්ගමුවට එන්නට තීරණය විය.

ඒ සිකුරාදා පාසැල නිමවී රංජිත් ගෙදර ගියේ පහුවදාට යෙදී ඇති මගුල් ගමන නිසාය.  පහුවදාට ගෙදර එන්න කියා අනුර මහත්තයට ආරාධනා කරන්නට රංජිත් යන ගමන්ම අනුර මහත්තේලාගේ ගෙවල් පැත්තෙන් ගියත් ගේ වසා තිබුණි.  විස්තර සෝදිසි කළ රංජිත්ට දැනගන්නට ලැබුණේ අනුර මහත්තයා නෝනාත් එක්කම රට ගිහිං ඇති බවය.  ආපහු එන්නට තව අවුරුදු තුන හතරක් ගතවන බවය.  ඊට පේර එනවානම් නිවාඩුවකට ටික දවසකට ඇවිත් යන්නට ආවොත් පමණය.  රංජිත්ගේ හිතට ඇති වුණේ පාලුවකි.  මේ වෙලාවේ ලඟින් සිටිය යුතුම හිතවතා නැතිවීම මහත් පාඩුවක් බව ඔහුට සිතුණි.

දෙපැත්තේ විස්තර දෙගොල්ලම දැනසිටි නිසා රංජිත්ලාගේ ගෙදර පැමිණි ජයතිස්ස මහත්තයා ඇතුළු පිරිසට වැඩිපුර කතාබහ කර තීරණ වලට එන්නට දෙයක් නොවූ අතර තිබුණේ මගුලට දින තීරණය කරගන්නට පමණකි.  ගෙදරට පැමිණි අලුත් නෑදෑයන්ට හැකි උපරිමයෙන් සංග්‍රහ සත්කාර කරන්නට රංජිත්ගේ මව උත්සුක වුණේ ගමේ කාන්තාවන් කීප දෙනෙක්ද ඉවුම් පිහුම් වැඩවලට අඬගහ ගනිමිනි.

"අපි මේ චාරිත්‍රේට ආව මිසක ආපහු බලන්න කරන්න දෙයක් ඉතුරු වෙලා නෑනෙ? "

පියවතී හාමිනේ කිව්වෙ රංජිත්ගේ මව සමගය.

"ඔව් ඉතිං, මේවා  සිරිතට කරන දේ මිස ආයෙ මොනව හොයල බලන්නද?"

රංජිත්ගේ මව කීවාය.  ඒ වුණාට කුස්සියේ වැඩ කරන ගෑණු දෙතුන් දෙනාට නම් රංජිත්ගේ මවගෙන් කටයුත්ත ගැන දැනගන්නට බොහෝ දේ වූ බව අහපු ප්‍රශ්න වලින්ම තේරුම් ගිය රංජිත්ගේ මව,

"ඉස්සෙල්ල ඔය කරන වැඩේ ඉවරයක් කරලා ඉඳිල්ලකො.  ඔය අපේ ළමය උගන්නන ඉස්කෝලෙ ලොකු මහත්තයයි පවුලෙ අය නොවැ.  මේ ළමයට ඔය මහත්තයගෙ ලොකු දුව කතා කරල තියෙන්නෙ ඒ ගොල්ලන්මයි.  අපි පහුණු දවසක ගිහිං ඒ ගෙවල් දොරවල් බලල ආවත්නෙ."

"රස්සාවක් කරන ළමෙක්ද හාමිනේ?"

කටකාර සිරියාවතී ඇසුවාය.

"තාම එහෙම වයසක්වත් නෑ බං.  ඉස්කෝලෙන් අයින් උනා විතරයි.  ගෙයක් දොරක් බලා කියා ගන්නවත් දන්නෙ නැතුව ඇති."

රංජිත්ගේ මව කතා කළේ කටහඬ පහත් කරමිනි.

"එහෙනං ඒ ළමයගෙ කොටසත් කරන්න වෙන්නෙ හාමිනේටම තමයි."

කුසුමා කීවේ සිරියා වෙත නෙත් යවමිනි.

රංජිත් කුලියාපිටියෙන් ආ කට්ටිය එක්ක වත්තේ ඇවිදින්නට ගිහිං සෑහෙන වේලාවකි.  ජයතිස්ස මහත්තයාත් ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාත් එළියේ පුටු දෙකක වාඩිවී කතා කරමින් සිටි තැනට පියවතී හාමිනේද පැමිණියාය.  ඉන්න ගෙයත් ඉඩමටත් අමතරව හංදියේ තියෙන කුලී ගෙයද, කුරුවෙවත්තේ ඉඩම් කෑලි දෙකක් සහ කුඹුරක්ද රංජිත්ට අයිති වන බව ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා කියූ විට පියවතී හාමිනේගේ වත එළිය වැටිණි.

"මම ඔය දේපල ගත්තෙ පිරිමි තුන් දෙනාටමයි.  ඒත් ඉතිං සිද්ද උනේ හිතපු දෙයක් නෙවෙයිනෙ.  දැන් ඉතිං ඒ ටිකත් මේ ළමයටම තමයි."

ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා කීවේ කණස්සල්ලෙනි.

"ඒ ගොල්ලො ගෙනාපු විදියට තමයි සිද්දවෙන්නෙ.  මහත්තය දුක් වෙලා මොනවටද?"

ජයතිස්ස මහත්තයා කියන විට ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා හිස වැනුවා මිසක මොකුත් කියන්නට ගියේ නැත. රංජිත්ලාගේ ගෙදරින් පිරිනැමුණු  සත්කාර අවසානයේ මගුල එළඹෙන ජනවාරියේ කරන්නට දෙගොල්ලන් එකඟත්වයකට පැමිණුනි.  නැකත් බැලීම ආදී ජ්‍යොතිෂ්‍ය වැඩ කටයුතු ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා විසින්ම බාර ගැනුණි. හැන්දෑවේ ජයතිස්ස මහත්තයා ඇතුළු පිරිස රංජිත්ලාගේ නිවසින් පිටත් වුණේ බොහෝ සතුටිනි ෴

89 comments:

  1. නියමයි. ඔහොම යං. 😊
    ආයෙ එනවා, කමෙන්ට් කියවන්න.

    ReplyDelete
    Replies
    1. කොහොමත් මේක ආසාවෙන කියවපු කතාවක්. නියම හැලප ස්ටැයින් එකෙන්ම ලියල තියනවා.😊🙏👌

      Delete
    2. ටැංකු බැස්සෝ. අපි වගේ නෙවෙයි මොනව නැතත් තනියම හරි ලියන එක ගැන මගේ බලවත් මෙව්ව එක.

      Delete
  2. බොහොම විස්කෝතුයි හැලපයියේ! අපේ ආරාධනාව පිළිගෙන නැවතත් සක්‍රීය උනාට! ඉතින් ඔබගේ "රසවහ් මුද්‍රාව" එලෙසම! අපි දිගටම එනවා! ලියලා තියන්න!

    ReplyDelete
    Replies
    1. ලියමු ලියමු මල්ලි. ඔයගොල්ලන්ගෙ උනන්දුව තමයි මේ.

      Delete
  3. අම්මට සිරි. කලකට පස්සේ වෙලකට බැහැලා. පෝස්ට් එක කියවන්න කලින් කමෙන්ට් එකක් දැම්මා.

    ReplyDelete
    Replies
    1. කියවල තව දෙක තුනක් නේද? ඔයාලටනේ ඇම්ම තිබුනෙ.

      Delete
  4. හතරවෙනි කොටස දාලා අවුරුදු දෙකක් යන්න කලින් පස්වෙනි කොටස බලන්න ලැබුණු එකත් එසේ මෙසේ වාසනාවක් නෙමෙයි මේ දවස්වල හැටියට.😀😀

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක් තමයි අවුරුදු දෙකක් යන්න කලින් ලියාගත්ත එක.

      Delete
  5. දකින්නත් සතුටුයි! කාලෙකින් හැලප කතාවක්.

    ReplyDelete
    Replies
    1. බුරාව දැක්කෙත් කාලෙකින්. හරිම සතුටුයි.

      Delete
  6. කෝ මේ කමෙන්ට් සංගමයේ සබාපති තුමා?

    ReplyDelete
    Replies
    1. හැබෑට පොර නෑනෙ. මොකද දන්නෙ නෑ.

      Delete
  7. Welcome back.
    අර ඇනෝත් එයිද?

    ReplyDelete
    Replies
    1. Thanks. ඇනෝ ඇවිදින් නේද?

      Delete
  8. හැලප තුමා.. වෙල්කං බැක්.. 😃😃😃 කොටස් ටික මුල ඉදංම කියවල ඇවිත් කමෙන්ටුවක් ඔබන්නං. මේක ඇවිත් තැන වෙන්කරගන්න 😃😃

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔක්කම කියවං ආවෙ. හැබැයි කාල පරතරය වැඩි වෙලා කතාවෙ ගමන කොහොමද කියල අමතක වෙලාද කියල හිතුණ. මුල් හරියෙ රහ ටිකක් බැහැල. මේ පාරවත් කතාව ඉවර වෙනකං ලිව්වොත් මරු ඉතිං..

      හවස්කරේ අර බස්සයි ටොමියය් අඬ ගහං යන්ඩෝන දේවාලෙ පැත්තෙ. හැලපෙගේ කම්මැලිකම් දුරුවේවා කියල පොලයක් වත් ගහන්ට 😀😀😀

      Delete
    2. අනේ බොහොම ස්තුතියි. පොල් ගැහුවයින් පස්සෙ හරියයි මම හිතන්නෙ.

      Delete
  9. කඩේ ඇරියා කියල ආරංචි වුන ගමන් කෙලගෙන ආවෙ. වෙනදා වගේම රහයි. ආයෙ ආවට බොහොම ස්තූතියි.😊

    කඩයිම් ප්‍රශ්ණයක් තියෙනවා, කැමති නං විතරක් උත්තර දෙන්න. අපි මහන්සිවෙලා පෝස්ට් ලියනවා, කමෙන්ට් දාන්නෙ නෑනෙ? කියල කියපු එක ගැන. දන්න තරමින්, කවදාවත් මේ බ්ලොග් එකට කමෙන්ට් අඩු වුනේ නෑනෙ? හැලපෙ අදහස් කලේ,"සිත්ගත් සාහිත්‍ය කලාකෘති" ගැන නම්, මමත් වැරදිකාරයෙක්. සමාවෙන්න.

    අපට කියවන්න පෝස්ට් නැතුව, කෝඩෙ ගැහැව්වා. දැන් අපි පරණ වැරදි හදාගත්තා. ඇවිත් බුරලා යන්නම්, ගහනව නං හැලපෙකින්ම ගහන්න, සෑර්.🤔🤗

    ReplyDelete
    Replies
    1. ටොමී මේ කොමෙන්ට් මොනවත්ම නැතත් අපූරුවට ලියැවෙන තවත් බ්ලොගක්
      https://geemuthumala.blogspot.com/2021/10/mouth-organ-music-in-sinhalese-songs-of.html

      Delete
    2. තව එකක්
      https://dayawee2.blogspot.com/2021/10/blog-post.html

      Delete
    3. පලවෙනි එකට ගිහින් බුරල ආවා, රෝලෙත් එල්ලුව.
      දෙවෙනි එකත් නියමයි. මේ යනවා.🙏👌😊

      Delete
    4. මගෙත් කම්මැලිකම තමයි. කමෙන්ට් නං අඩු උනා. වීව්ස් නං අඩුවක් තිබුනෙ නෑ. ඒ උනාට කමෙන්ට් වලින් තමයි අපිට උත්තේජනය ලැබෙන්නෙ. මගෙ ලිවිල්ල ගැන ටොමියලගේ තියෙන උනන්දුව ගැන සතුටුයි. අනික් බ්ලොගේටත් යමක් ලියන්න හිතං ඉන්නෙ.

      Delete
  10. සතුටුයි ගොඩක් දැක්කම හැලපෙගෙ ලිපිය
    ගම්බද මඟුලකට වාගෙයි ලැහැස්තිය
    කියවන අපට එක්කම නං 'සංග්‍රහය'
    ඇවිදින් විඳින්නට මම සූදානම්ය

    ReplyDelete
    Replies
    1. ගම්බද මගුලකින් දෙන්නං සංග්‍රහය
      නිතරම එන එකට මාගේ ඉස්තුතිය.

      Delete
    2. එව්වා යුතුකම්ය; කීවාමත් ඇතිය
      නිති එමි, ලියන්නකෝ ඔබෙ ඊළඟ ලිපිය

      Delete
    3. නිතරම ඇවිත් බැලුවත් ඇත දරුණු ලෙඩක්
      'බාලගිරි' ඇවිත් කියලත් හිතෙයි සැකක්
      අද නොව හෙට තමයි කියලා බැලුව මෙතෙක්
      හැලප මහත්තයො කඩිනං කරමු ටිකක්!

      Delete
  11. Liyanna epa halape...apiwa awussala sadda natiwa innawa ..e nisa liyanna epa

    ReplyDelete
    Replies
    1. බොට මල පැනල වගේ. දැන් නං ඉතිං ලැබෙන වෙලාව අනුව ලියන්න ඉන්නෙ. මේවා පාළුවට යන්න දෙන්න බෑනෙ.

      Delete
  12. සන්කෝසයි ආයේ ලියන්න ගත්තට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කුෂ්ටත් නිතරම සොයා බලනවට.

      Delete
  13. යකෝ, අන්තිම එක ලියල තියෙන්නේ මම අන්තිමට ලකාවට ගිය දවසේ නේ, ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ. සෑහෙන කාලයක් ගියා ලියාගන්න.

      Delete
  14. හලෝ හැලපෙ,

    හැලපෙව දැක්කේ ටික දවසකින්. මම පහුගිය දොහේ හැලපෙගේ බ්ලොග් එකේ පරණ කතා කියෙව්වා ඉන්න ගමන්. අර මාස්ටර්ගේ කතා එහෙම බලලා මට බඩ අල්ලං හිනා.

    ඉතිං හැලපෙ මෙ දවස් වල ආයේ කට්ටිය බ්ලොග් ලියන්න පටන් අරං නේද? ඒක හොදයි. මාතලන් නං දිගටම බ්ලොග් එකේ ලියනවා දැක්කා. ඒවා මම එච්චර කියෙව්වේ නැහැ මම ඒ වගේ ලියන ඒවාට අසා නැති නිසා. මම කැමති කවුරුත් සාමෙන් සතුටෙන් ඉන්නවට. අපේ රාජ් නං දැක්කෙම නැහැ කාලෙකින්.

    ආ ඊයේ අපේ ඔපිස් එකේ ලොක්කගේ ගෙදර වැඩක් තිබ්බා. අපි කාන්ඩේ දවල් ඉදං බෝතලයක් දෙකක් ගහන ගමන් වාහන වල නැගිලා එහෙට මෙහාට යන එක තමයි කරේ ඊයේ. රෑ වෙලා ආයේ අඩියක් ගහලා බත් ටිකක් කළා ගෝලිප් එකකුත් පත්තු කරන් වාහනේම ගෙදර ආවා. දැනුත් මෙ ආයේ දවල් වෙනකොට ඒ පැත්තට යන්න ලෑස්ති අපි.

    එහෙනං ආයේ එන්නංකෝ හැලපෙ.

    ReplyDelete
    Replies
    1. හැලපෙ ගෙ අලුත් පෝස්ට් එක දැක්ක වගේ ම සතුටුයි ගෝලීප් ඇනෝ ගෙ කමෙන්ට් එක දැක්කහමත්...

      Delete
    2. අර යාළුවො මැරෙන ඇනෝත් හිටියානං පෝස්ට් එක ප'ෆෙක්ට්.

      Delete
    3. මගෙ යාලුවෙක් ප'ෆෙක්ට් වෙලා මැරුණා

      Delete
    4. ප්‍රා ඒ ඇනෝද.. 😂😂😂😂

      Delete
    5. මගෙත් යාලුවෙක් බුරල, බුරල,බුරල,බුරල...............බුරලම මලා.

      Delete
    6. මහේෂ්, මං ඇනෝ කමෙන්ට් දාල නෑ. ඉස්සර වර්ඩ්ප්‍රෙස්වල වටුනාම මං යටින් නම ලියනවා.
      අනිත් එක මං ඉතාලියෙ නෙමෙයිනෙ ඉන්නෙ :D

      Delete
    7. \\අනිත් එක මං ඉතාලියෙ නෙමෙයිනෙ ඉන්නෙ :D\\

      බුදු සන්තෝ මං බේරිච්ච බේරිල්ලක්! පරිසන් වෙයන් උක්කුං පුතේ පරිස්සන් වෙයන්.😯🧐🤭

      Delete
    8. අම්මෝ ඇනෝ. හරිම සතුටුයි කාලෙකින් දැකීම ගැන. ඇනෝල තවම සුපුරුදු විදියට ඉන්න එක ගැන බොහොම සන්තෝසයි.

      Delete
    9. ආරංචිය ආව හැලපතුමා ලිව්ව කියල. තකහනියක් ආවෙ ගෝල්ලීප් ඇනෝ බලන්ඩ...උට කොරෝනා හැදිලද මංද වෙන මොනවදො කියවනවා. ඒත් කමක් නෑ ඇනෝ කොහොමහරි ඉන්නවනේ. ඒ ඇති!!

      Delete
  15. Ravindra JayashanthaOctober 11, 2021 at 6:26 PM

    දකින්නත් සතුටුයි, කොහොමත් මේක ආසාවෙන කියවපු කතාවක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඉතිරි හරියත් බලන්න එන්න.

      Delete
    2. Ravindra JayashanthaOctober 15, 2021 at 4:43 AM

      නැතුව නැතුව

      Delete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. පුරන් කුඹුරු වගා කිරීමේ සංග්‍රාමය වගේ ආයෙත් පරණ කතාවල ඉතුරු ටික ලියන එක ගැන හරිම සතුටුයි. ආපස්සට ගිහින් මුල ඉඳන්ම කියෙව්වා. පළවෙනි කොටස පෙන්නන්නේ නැද්ද මන්දා. අගෙයි, ඉතුරු ටිකත් ඉක්මණින්ම ලියන්න!

    ReplyDelete
    Replies
    1. පොඩි ප්‍රශ්නයක් තිබ්බා. දැන් හදල තියෙන්නෙ. බලන්න පුළුවනි.
      /helapakade.blogspot.com/2015/10/blog-post.html

      Delete
    2. කුඹුර පුරන් වෙලා නිසා ආයිත් අස්වැද්දීමට ටිකක් අමාරුයි. නියරවල් සමතලාවෙලා. ඇළ පාර ගොඩ වෙලා.වක්කඩවල් තිබුණු තැනක්වත් නැහැ. වල් පැලැටි වලට අමතරව ආක්‍රමණික ශාකත් හැදිලා වගෙයි. ශ්‍රමදානයක් දාලා සුද්ද පවිත්‍ර කර ගන්නට වෙනවා.

      Delete
    3. මගෙ කතා කියවන්න තියෙන උනන්දුව ගැන සතුටුයි. ඉතුරු හරියත් ඉක්මනට ලියන්නං.

      Delete
  18. ඔන්න පේනවනෙ හැලපෙ... ලියනවනං කියවන්නො ඉන්නව. දිගට ම ලියමු.

    ReplyDelete
    Replies
    1. ඔව් බං.නොලිය හිටපු එක කියවන අයට අසාධාරණයක් තමයි.

      Delete
  19. කොහොමත් හැලප ත්‍රිකෝණය මග නවත්තපු එක ගැන පට්ට අවුලෙන් හිටියෙ ඈ.

    ReplyDelete
    Replies
    1. නවත්තන්නෙ නං නෑ. ඇන හිටීමක් සිද්ද උනේ.

      Delete
  20. හැලපයියා අවුරුදු දෙකකට පස්සේ පස්වෙනි කොටස ලියලා😬😬😬 දැන් හොයාන්කෝ මේකට කමෙන්ට් දාපු ඇනෝලා සෙට් එක. අර තට්ටයත් බ්ලොග්වල අයිතිකාරයන්ට කිවුවට ඇනෝලට කියලා නැද්ද කොහේද...😏😏😏

    ReplyDelete
    Replies
    1. ඇනෝල හිමිහිට ඒවි නේද ?

      Delete
  21. Hello, How can I find the link of the ත්‍රිකෝණය 1....Thank yoi

    ReplyDelete
  22. හැලප මල්ලිගේ මේ කතන්දරය කියෙව්වේ අවුරුදු තුනකට විතර පස්සේ. මුල ඒවානම් දැන් මතකත් නැහැ. ඒ කාලේ මගේ අධ්‍යාපන කතන්දරවලටත් නොකඩවා කොමෙන්ටුවක් දාපු හැලප මල්ලි සුදු වෑන් එකකින් වත් ගියාද කියලා සැකයකුත් ඇති වුනා. දැන් ඉතින් නැවත මේ ආකාරයට ඉඳ හිට හෝ හමුවෙමු. තව දෙයක් මතකයට ආවා අප එකම ඉස්කෝලේ, කාල වකවානු දෙකකදී ඉගෙනගෙනත් තිබෙනවා නේද? තව තොරතුරු පසුව බලමු.

    ReplyDelete
    Replies
    1. ඔව් දයා අයියෙ. ලොකු ගැප් එකක් තිබුණා. අපි සෙන්ට්‍රල් එකේනේ. අපිට කලින් ඔයා නේද?

      Delete
  23. https://kalplanthaya.wordpress.com/2021/10/11/%e0%b6%af%e0%b7%99%e0%b7%80%e0%b7%90%e0%b6%b1%e0%b7%92-%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%9c%e0%b7%9a-%e0%b6%bb%e0%b7%83-%e0%b6%9a%e0%b6%ad%e0%b7%8f/comment-page-1/#comment-84

    ReplyDelete
    Replies
    1. Thanks. මම මේකෙ කීපයක් බලල තියෙනවා.

      Delete
  24. හම්මෝ.....

    යන්තං ඇති, කඩේ ආපහු ඇරලා.....

    ReplyDelete
    Replies
    1. ඔව් බං කඩේ ඇරියා. මුංගෙ කරදරේ බැරුව.

      Delete
  25. ++++++++++++++++++++++++++++++

    ReplyDelete
  26. මාදුවගෙ කුඹුර තවම වපුරනවද? ආ දැන් කාබනික ගොවිතැන වෙන්ටෑ කොරනවා ඇත්තේ.😀😀😀

    ReplyDelete
    Replies
    1. වපුරන්න පටන් ගත්තා තාම පෝර ගැන හොදිසියක් නෑ.

      Delete
  27. කමෙන්ට් වලට පිළිතුරු නොදීම ගැන අපගේ බලවත් මෙව්වා එක.

    ReplyDelete
  28. Replies
    1. අම්මෝ, මෙයාව දැකපු කල්.

      Delete
  29. හම්මේ! මේං මරු කතරට දිය පොදක් වැටිලා!! :D

    ReplyDelete
    Replies
    1. එහෙමද? ඉඳපන්කො ලියන්න.

      Delete
  30. ඔහේ ආයෙ කොමෙන්ට් වලට රිප්ලයි කරන වෙනාවක ඇවිල්ල කියවන්නං. හැක්..

    ReplyDelete
    Replies
    1. වෙනාවක නෙමෙයි වෙලාවක

      Delete
    2. එහෙනං දැන් කියවපන්.

      Delete
  31. ඔය තියෙන්නේ පෝස්ට් වැස්සකුයි කමෙන්ට් කුණාටුවකුයි!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඔයාගෙ උනන්දුව තමයි.

      Delete
  32. විශාල බ්ලොග් ප්‍රමාණයක් අලුත් වන නිසා,අලුත් බ්ලොග් සින්ඩියක අවශ්‍යතාවය තදින්ම දැනේ

    ReplyDelete
    Replies
    1. පරණ සින්ඩි වලත් පෙන්නනවා හැබැයි.

      Delete
  33. විජේභාහු මහත්තයා කියන එකත් හිතන්න ඕනෑ දෙයක්ය!

    ReplyDelete
  34. හයවෙනි කොටස ලියන්න නැකත් බලන්න එපා මහත්තයෝ . කියවන අපි පවු.

    ReplyDelete
    Replies
    1. නැත නැත. ලියමින් පවතී. තවත් වැඩත් එක්කනෙ ලියන්න වෙන්නෙ. ප්‍රමාදය ඒකයි.

      Delete
  35. සබ්බ පාපස්‌ස අකරණං
    කුසලස්‌ස උපසම්පදා
    සචිත්ත පරියොදපනං
    ඒතං බුද්ධානසාසනං

    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

    ReplyDelete

ඔබේ අදහස්