Sunday, May 22, 2016

බලුකපුටු දානය අපේ ගමේ දන්සැල් සහ ආරිලෑ අම්මගෙ සීනි සම්බෝල පාන් දන්සැල.


අපේ ගමේ වෙසක් එකට දෙන දන්සැල් ගැන මම කලිනුත් කීප වතාවක් ලියා ඇත.   දන්සැල් පුරාණය දන්සැල් පුරාණය 2 සහ දන්සැල් පුරාණය 3   ඒ කතා කියනවිට මට මතක් උනේ මා නොකියූ දන්සැල් කතාවක්ද ඇති බවය.   අපි කොල්ලන් කල අපේ ගමේ හෝ අහළ පහළ ගමක කිසිම දන්සැලක් තිබුණේ නැත.   දන්සැල් වෙනුවට වෙසක් එකට තිබුණේ වික්කරේ දීපු බලු කපුටු දානය පමණය ඒ දානයට කලින් දවසේ වික්කරේ ගෝනියකුත් අරගෙන ගමේ ගෙවල් ගානේ සම්මාදමේ යන්නේ දානයට බඩු මුට්ටු එකතු කරන්නටය.    ඔහු එකතු කරන්නේ හාල් සහ පොලුත් කරෝලත් විශේෂයෙන් මුදලුත්ය.   හාල් පොල් හෝ කරෝල දෙන්නට නැති අය මුදල් දී සම්මාදම් වෙති.   කොහොම වුනත් දන්සැලට ඇතිවෙන්නට හාල් පොල් සහ කරෝල ගමෙන්ම එකතු කරගන්නා වික්කරේ එකතුවෙන සල්ලි ටික සාක්කුවේ දාගන්නේ අරක්කු බොන්නටය.    වෙසක් දවසේ උදෙන්ම ජයා කොල්ලත් අඬගහගෙන බත් ද කරෝලද උයා කලවම් කරගෙන විල්බැරෝ එකක දමාගන්නා වික්කරේ ගමපුරාම ඇවිදිමින් බල්ලන්ට දානය බෙදයි බලුකපුටු දානය වරුවෙන් ඉවරකරන වික්කරේ හොඳටම කසිප්පු බීගෙන දවසේ ඉතිරි හරිය ගතකරයි.   

ඒ කාලයේ දන්සැල් කෑවේ කන්න නැති මිනිසුන්ය කියා මතයක් සමාජයේ තිබුණු නිසා ඉඳහිට තැනක තිබුණු දන්සැලකටවත් ගොඩවෙන්නට මිනිස්සු අදිමදි කළෝය.    වෙසක් දවසට චුට්ටෙගේ හයරින් කාර් එක කතා කරගන්නා තාත්තා අපිව ගොඩකරවාගෙන වෙසක් බලන්නට රවුමක් එක්කගෙන යයි.    ඔය යද්දී දන්සැල් කීපයක් හමුවුනත් ඒ තැන්වල නවත්වන්නට තාත්තා ඉඩදෙන්නේ නැත.    නවත්තල කාල යමු කියා අපි කොච්චර කිව්වත් 'නවත්තන්නෙ නැතුව යමං චුට්ටේ' කියා කියන තාත්තා කොහෙහරි හෝටලයකින් අපට රෑට කෑම අරගෙන දෙයි. ඒ කාලයේ සමාජයේ දන්සැල් ගැන තිබුණු ආකල්පය ඔන්න ඔහොමය.    දැන්නම් මේ ආකල්පය එහෙම පිටින්ම අනික් පැත්ත පෙරළී ඇතිබව අපි කවුරුත් පිළිගන්නා කාරණයකි.    අපේ ගමේ දන්සැලක් තියෙන දාට ගමේ කිසිම ගෙදරක රෑට උයන්නේ නැත.      ප්‍රාඩෝ මොන්ටෙරෝ වැනි පොෂ් වාහන පාර අයිනේ නවත්වා ඒවායින් එන උදවිය දන්සැල් පෝලිමේ සිටිති.      

ඉතිං වික්කරේ හැම අවුරුද්දෙම බලුකපුටු දානය පවත්වාගෙන යමින් සිටින අතර ගහකින් වැටී මියගියේය. ඊට පස්සෙ අවුරුද්දේ වික්කරේගේ බලුකපුටු දානය දෙන්නට කෙනෙක් නැති නිසා අපි කීප දෙනෙක් එකතුවී බලු කපුටු දානය ලෑස්ති කර බල්ලන්ට කපුටන්ට දුන්නෙමු.    එදා ඒ දානය ඉවර උනායින් පසු අපට කන්නටත් එතනම බත් ටිකක් උයාගෙන කන අතරේ දන්සැල් ගැන කතාවක් ඇතිවිය.    ඒ කතාව දිගදුර ගොස් නතරවුණේ ඊට පස්සෙ අවුරුද්දේ පොසොන් පෝයට අනුරාධපුරේ ථුපාරාමය ඉදිරිපිට සිසිල් පැන් දන්සැලක් පැවැත්වීමෙනි.    ඉන්පසු දිගටම පවත්වාගෙන ගිය ඒ දන්සැල අවුරුදු හතළිස් ගණනකට පසු අදටත් කරගෙන යන්නේ ඒ කාලයේ ඉපදිලා හිටියෙවත් නැති කොල්ලන්ය.

ගමේ අය අනුරාධපුරේ දන්සැල් දුන්නත් ඊටත් සෑහෙන  කාලයක් යනතුරු අපේ ගමේ දන්සැලක් ඇතිවුනේ නැත.   දන්සැල්  ඇතිවුන ආකාරය මම ඔය උඩින් දක්වා තියෙන පෝස්ට් වල ලියා ඇති බැවින් ආයෙම ලිව්වොත් රසික ඒ පෝස්ට් සියල්ලම ගෙනත් මෙතන අතඅරිනවා නොඅනුමානය.    අද මට මතක් වුනේ මගේද යම් සම්බන්ධතාවක් ඇති තව දන්සැලක් ගැනයි එය නම් මීට කලින් ලියා නැති දන්සැලකි.

විස්තරේ මෙහෙමය.   යුද හමුදා භටයෙකු වූ ආරිලෑ පොඩි මල්ලි යුද්දෙන් මියගියේය එය යුද්ධය තදටම ඇවිලුණු පෙදෙසක් වූ බැවින් මැරිච්ච මල්ලිගේ මිනිය ගන්නට ලැබුනෙත් දවස් දෙකකට විතර පස්සේය ගෙදරට ආවේ සීල් තියපු පෙට්ටියකි.    අපි නයිට් ගසා මරණෙට බැහැගෙන වැඩ කළෙමු යුද හමුදා ගෞරවාචාර සහිතව දේහය භූමදානය කෙරුණි.    ඊට මාසෙකට විතර පසු ආරිලගෙ ගෙදරට යුද හමුදාවෙන් ලිපියක් ලැබුණි එහි සඳහන් වුනේ  මියගිය යුද භටයාට හමුදාවෙන් ලැබෙන දීමනා සහ වැටුප ලබාගන්නට ආරිලගෙ අම්මාට ඉදිරිපත් වෙන්නට කියලාය.   පුරවා ඉදිරිපත්කළ යුතු පෝර්ම සමග තවත් සහතික ඉදිරිපත් කළ යුතුවිය පරණ මිනිස්සු වූ ආරිලෑ අම්මලා ළඟ ඒ ඉල්ලන සහතික නොතිබුණු අතර ගන්නා ක්‍රමයක්ද ඔවුන් දැන සිටියේ නැත.    

ආරිලගෙ අම්මා  ඒ ගේ ඉස්සරහින් උදේ හවස කොළඹට වැඩට යන මහත්තුරුන්ට කියා ඒ අයගේ උපකාර ඉල්ලුවත් වැඩේ කෙරුනේ නැත.   ආරි ඒ දවස්වල වැඩකළේ මහකොළඹ ආර්ථික කොමිසමේය වැඩේ හරිනොයන විට ආරි කොළඹ ගියේ වැඩේ කරගෙන එන්නටය.    උදේම කෝච්චියට නැග කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කන්තෝරුවට ගිය ආරි වැඩේ කරගන්නට කොහෙට යන්නද කියා වටපිට බල බලා ඉඳිනු කන්තෝරුවේ ගැවසෙන තැරැව්කාරයෙක් හෙවත් කාක්කෙක්ගේ ඇස ගැටුණි.    ඔය කාක්කන්ට කන්තෝරුවලට නුපුරුදු අයව මේ හැරෙනකොට  හොයාගන්නට පුළුවන්ය කාක්කා වහා පැමිණ ආරිගෙන් විස්තර අහන්නට ගත්තේය.

ඇයි මල්ලි කාවද බැලුවේ මොනා කරගන්නද?

කාක්කන් ගැන නොදන්නා ආරිට කාක්කාගේ පැමිණීම දේවදුතයෙක්ගේ පැමිණීම හා සමාන විය.   ආරි විස්තරය මුල ඉඳන්ම කියන්නට පටන්ගත්තේය.

මෙහෙම බෑ මල්ලි අපි නිවී සැනසිල්ලෙ කතාව අහමු...

කියූ කාක්කා ආරිද කැටුව ළඟ තිබුණු හෝටලයකට ගොඩවී තේ දෙකක්ද ගෙන්වාගෙන ආරිගේ කතාව අහන්නට සුදානම් විය.   දැන් ආරි මුල ඉඳන්ම කතාව කියයි මල්ලී වෙඩි වැදී මියගිය තැනට එනවිට කාක්කා කඳුළු පෙරමින් ඉකි ගසමින් හඬන්නට වුවේය.   ආරිට දැන් පුදුමය ආරි කටත් ඇරගෙන බලා ඉඳීද්දී මල්ලිව කවදාවත් දැක නැති මේ මිනිහා හොටු පෙරාගෙන අඬයි මොන තරම් කරුණාවන්ත මනුස්සයෙක්ද?  ආරිගේ කතාව අවසානයේ කාක්කා කඳුළු පිසිමින් කතාකරන්නට විය.

මගෙ පපුව ඇවිලුනා මල්ලි හරියට මගෙ මල්ලිව නැතිවුනා වගේ ඉහි ඉහි...

කාක්කා නැවතත් හඬන්නට විය.   බොහෝ වෙලාවක් හඬා අවසන්වූ කාක්කා ඉන්පසුව කාරණාවට බැස්සේය.

මල්ලි මේ ඔෆිස්වල රස්තියාදු වෙන්න ඕනෑ නෑ දැන් මල්ලි ගෙදර යන්න මම වැඩේ කරල දෙන්නං මට සතපහක්වත් එපා ඇත්තමයි මට එච්චරට දුකයි හරියට මගෙ මල්ලිව නැතිවුනා වගේ...

වැඩේ කරන මහත්තුරුන්ට දෙන්නට සෑහෙන මුදලක් ආරිගෙන් අයකරගත් කාක්කා ආයෙ එන්නට අවශ්‍ය නැති බවත් සතියකින් අදාළ සහතික ටික ගෙදරට තැපෑලෙන් ලැබෙන්නට සලස්වන බවත් ආරිට කීවේය.    වැඩේ ටක්කෙටම හරිගිය නිසා ආරි ගෙදර ආවේ සතුටිනි.    සතිය සති දෙක තුන විය ආපු සහතිකයක් නැත.  මේ කතාවෙන් ටිකක්  මට දවසක් ආරි කිව්වත්  සම්පූර්ණ විස්තරය මට කිව්වේ ආරිලගෙ ගෙදරට එහා ගෙදර හිටපු ධර්මේය.   බලාගෙන හිටියට වැඩේ හරිනොයන බව තේරුම්ගත් ආරිලගෙ අම්මා දවසක් උදේ මම ඒ ගේ ඉස්සරහින් වැඩට යද්දී මගෙත් එක්ක විස්තරය කියා උදව් ඉල්ලුවාය.    ඒ කන්තෝරුවේ මගෙ යාළුවන් කීප දෙනෙක්ම හිටපු නිසා එච්චර කරදරයක් නැතුවම මට වැඩේ කරදෙන්නට හැකිවිය.   ඊට පස්සෙ මාසයේ ආරිලගෙ අම්මගේ වන්දියත් ඊට පසු හැම මාසෙම වැටුපත් ලැබෙන්නට පටන් ගත්තේය.   ආරිලගෙ අම්මත් ඒ ගෙදර කට්ටියත් ගම හැම තැනම කිය කියා ඇවිද ඇත්තේ කිසි කෙනකුට කරන්න බැරිවුන වැඩේ කරදුන් මා විශ්වකර්මයෙක් බවත් මට කරන්නට බැරි වැඩක් නැති බවත් මට යමක් කරන්නට බැරිවුණොත් ඒක සක්කරයාටවත් කරන්නට බැරි බවත්ය.    

ආරිලගෙ අම්මා පාන් සහ සීනි සම්බෝල දන්සැල පටන්ගත්තේ ඒ ලැබුණු මුදලෙන් මියගිය දරුවාට පිං පිණිසය.   ඊට පසුව හැම අවුරුද්දකම මාර්තු සහ අප්‍රේල් මාසවල ලැබෙන වැටුප එකතුකරන ආරිලගෙ අම්මා ඒ මුදලින් වෙසක් දන්සැල නොකඩවා හැම අවුරුද්දකම පවත්වාගෙන ගියාය.    ආරිලගෙ අම්මගේ ගෙවල් තියෙන්නේ අපේ ඉස්කෝලෙ ගේට්ටුව ළඟ තුන්මං හංදියේ නිසා දන්සැලට සෙනග අඩුවක් නොවීය.

එක අවුරුද්දක  මම හැලපිත් එක්ක වෙසක් බලා ආරිලගෙ ගෙවල් පැත්තෙන් ආපහු එමින් සිටියෙමි ඒ හැලපැට්ටා වඩාගෙන යන කාලයේය.   ආරිලගෙ අම්මලෑ ගෙවල් ළඟ ඊස් මීස් නැතුව සෙනග පොදිකති පාරෙ යන්නත් බැරිය බැලුවම සීනි සම්බෝල පාන් දන්සැල නැගලාම යන වෙලාවය.   පාන් කන්නට ඉන්න අයගේ පෝලිම කන්ද උඩටම දිගය උණු පානුත් සීනි සම්බෝලවලත් සුවඳට එතැනින් යන්න හිතෙන්නේ නැත.  දරුවා වඩාගෙන පෝලිමේ ඉන්නත් බැරිය සීනි සම්බෝල පාන් අමතක කර ගෙදර යමු කියා මම කිව්වත් හැලපිට පාන් කන්නම ඕනෑ විය.   'ඔයා දරුවත් වඩාගෙන පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න'  කියූ මම ගිහිං පෝලිමේ අගින් හිටගත්තෙමි.    දැන් පෝලිම ගාටමින් ඉස්සරහට ඇදෙයි පාන් බෙදන මඩුව හෙවත් මහා සීනි සම්බෝල පාන් දන්සැල ලඟට යනවිට කොහොමත් තව පැය බාගයක් තුන්කාලක්වත් යයි කියා මට හිතෙයි එහෙම ගියත් ලැබෙන්නේ එක සීනි සම්බෝල පාන් කෑල්ලකි අඳුනන කෙනෙක්වත් හිටියොත් තව කෑල්ලක් ඉල්ලාගන්න පුළුවන් වෙයිදැයි සිතමින් කරුවලේ පෝලිමේ හිටගෙන හිටියෙමි.   ටිකකින් කාන්තාවක් ඇවිත් ඉනටත් අත්දෙක තියාගෙන මගෙ දිහා බලා ඉන්නට විය බැලුවම ඒ ආරිලගෙ අම්මාය.

යමු...ආරිලගෙ අම්මා මට කතාකලාය මම කතා නොකර ඇගේ පස්සෙන් ගියෙමි.   ඇය යනගමන් මට දොස් කිව්වේ පෝලිමේ හිටපු එකටය.    අපි හැදුවේ ඉක්මනට පාන් කෑල්ලක් අරගෙන ගෙදර යන්නටය කියා ඇගේ හිත හදන්නට කිව්වෙමි.   'පෝලිමේ හිටිය මදිවට අර  දරුවත් වඩාගෙන නෝනව පාරෙ තිබ්බෙ ගෙට ආවනං මොකද' කියා ඇය ඇසුවාය.    ආරිලගෙ අම්මා එක එක වැඩවලට ගෙටත් එළියටත් දුවද්දී ළමයා වඩාගෙන පාරෙ හිටගෙන ඉන්න හැලපිව දැක ඇත.   ඒ දෙන්නාව ගෙට එක්කගෙන ගිහිං වාඩිකරවා මම කොහෙදැයි අහද්දී මම පෝලිමේ ඉන්න බව දැනගෙන මාව හොයන්නට ඇවිත් ඇත.   ඊට පසු ඇය අපට ඇතිවෙන්නට පාන් කන්නට දී ගෙදර ගෙනියන්නටත් සීනි සම්බෝල පාන් කවරෙකට දමා දුන්නාය.   ඒ වෙනකොටත් කපන්නට තව පාන් කන්දක් ගේ ඇතුලෙ තියෙනවා මම දැක්කෙමි.    රෑකට කොච්චර විතර පාන් දෙනවාදැයි මම නිලමේගෙන් ඇහුව විට ඌ කිව්වේ සාමාන්‍යයෙන් පාන් රාත්තල් හත් අටසීයක් රෑකට කපන බවය.   මට කලින් කියන්නට අමතක වෙච්ච කාරණයක් වුනේ නිළමේ ආරිගේ අයියා බවත් මැරුනේ නිලමේගේත් මල්ලි බවත්ය.   ඊට පස්සෙන් පහු අවුරුදු වල නම් අපි හෝටලයකට යන්නා වගේ කෙළින්ම ගේ ඇතුළට ගිහිං පාන් සප්පායම් වුනෙමු.  දැන් ටික කාලෙක සිට ඒ දන්සැල නැවතී ඇති බවක් පෙනෙන්නට ඇත.   සමහර විට පාන් ගණන් යාම හේතුව වැන්නට ඇත.    රෑකට පාන්ගෙඩි හත් අටසීයක් කපන්නට අදනම් මොන තරම් මුදල් කන්දරාවක් වියදම් වෙයිද?    හොඳට කරගෙන ගිය සීනි සම්බෝල පාන් දන්සැල ඇණහිට ඇත්තේ අරමුදල් හිඟකම නිසාබව නිකං වගේ හිතන්නට හැකිය෴

110 comments:

  1. Replies
    1. yela yela'' fudflda ye,mh;a tlal ;rfyhs?

      Delete
    2. wdus js;ro" fkajs keoao?

      foaYlhd" fuald Bfh rE jeros ye,mhla ld, jf.hs' yela''

      Delete
    3. yela yela. තාම මෙලෝ දෙයක් තේරෙන්නෑ 😃

      Delete
    4. හැක්.. හැක්.. ප්‍රියා, f;arqx .kak W;aidy lrkak;a tmd'

      Delete
    5. ye,mhd rdcaf.a fmdaiagalgqj f;arqx wrka kE jf.hs'' yela yela

      Delete
    6. මොන හුන්නස් ගිරියක්ද මුං මේ කියවන්නෙ....???? අපිටත් කියා දිහල්ලකො ඔය හුකංබරි බාසාව..

      Delete
    7. හව්..හව්.. මේ ත්‍රිබලටත් ඒකෙං ඇඳවල් තුනක් වෙං කොරන්න වෙනව..

      Delete
    8. Zcvqurtz jaxxzt mhafvwj !!!

      Yela yela …

      Delete
    9. දේශා උඹට මාස නවයෙන් නවයටද ඔලුව කොලොප්පම් වෙන්නේ. නැත්නම් වෙසක් පෝය පහුවෙච්ච ගමන් කැරකැවිල්ලක් වගේ එනවද..

      Delete
    10. පෝයත් එක්ක පොඩි අවුලක් තියෙනවා කියන එක නං පිළිගන්ඩ වෙනවා බං. හැක්

      Delete
    11. පත්තරයටනං හොඳටම අසාධ්‍යයි වගේ.

      අර මැන්ටල් හොස්පිටල් එකට ගියාට පස්සෙ අපේ චන්දන ගුණරත්න දොස්තර මහත්තය අපිව බලාගනී නෙහ්.

      Delete
    12. foaYdf.a kshu ku wohs okafka

      Delete
    13. මම උදේ වැඩට යන ගමන EFM එකට කණ තියාගෙන යන්නේ, ඒකෙ උදේට ට්‍රැෆික් වැඩි තැන් අහන එවුන් එස්.එම්.එස්. වලින් කියන නිසා. එතකොට ගමනට පහසුයි. මමත් ඔය වැඩේට සහභාගී වෙනවා. අනිත් එක එයාලා එහෙම අපි යවන එස්.එම්.එස්. වලට ලකුණු දෙනවා. ඒ ලකුණු වලට එයාලා එක එක දේවල් දෙනවා හිලව්වට.

      මේ ළඟදී එවුන් ඩී.ජේ. යෙලා කියලා බොහොම නමගිය ඩී.ජේ. කෙනෙක්ව ගෙන්වන්න යනවා. මේක අහපු ගමන් මට මතක් වුණේ අපේ දේශව. මම මේ කතාව උන්ට එස්.එම්.එස්. එකක් ගහලා යැවුවා. ආ. මට කියන්න අමතක වුණා. අපි යවන ඒවා උන් කියවනවා. උදේට ඉන්නවා නියම පොරවල් දෙකක් ෂෑක් ඇන්ඩ් මාක් කියලා. කිසි කම්මැලි කමක් නැතිව අහගෙන ඉන්න පුළුවන්.

      Delete
    14. මට නං ටොප් එකට තේරුණා

      Delete
  2. මදෑ! සිරීපාදෙ නගින්න ඇවිත් සීනිසම්බෝල පාං කාල යන්නයි උනේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං මක්වෙයිද බං. වෙසක් එකට දන්සැලක් දුන්න කියල හිතාගනිං. හැක්..

      Delete
    2. පාං කෑවද ..එහෙනං ප්ලේන්ටියක් ගහපං..ගෝල්ලිප් එකක් මටත් දියං :D

      Delete
    3. ප්‍රසා,
      //ඉතිං මක්වෙයිද බං. වෙසක් එකට දන්සැලක් දුන්න කියල හිතාගනිං. හැක්..// ඇයි යකෝ සිරීපාදෙ පඩිපෙල ලඟටම ඇවිත් නගින්න හදනකොට ම ආරියගෙ අම්ම පාං දන්සලත් ඕපන් කරල. නිවේදකය සිරීපාදෙ පැත්තක දාල බඩ පැලෙන්න පාං ගිලිනව.

      පත්තරේ,
      ප්ලේන්ටියක්නම් ගැහුව. ගෝල්ලීෆ් එකක් තියෙයිනම් ගමු බලන්න. එච්චරයි අඩු.

      Delete
    4. Suger sambol bred is tast food.

      Delete
    5. කසුන්,
      ඉතිං හොඳයිනෙ බං.මම නං සිරීපාදෙ පැත්තකට දාල හොඳට පාන් කනවා.

      Delete
    6. පත්තරේ,
      කටදන සීනි සම්බෝල පාන් කාල ප්ලේන්ටියක් ගැහුවනං මරු තමා බං.

      Delete
    7. Ratathota,
      yas,shugar sambol bred is weri testi.

      Delete
  3. මමත් නිතරම බැනුං අහන එක තමා ඔය හා හා එක.. කොච්චර පුලුවන් කම තිබ්බත් බලපෑම් කරල වැඩි පල ප්‍රෙයා්ජන ගන්න නොයෑම.. පාඩුවේ තියෙන විදියකට තමන්ගේ වැඩේ කරගන්න එක තමා කොයිකටත් නිදහස්.. නැද්ද ??

    අර රසික අලවවනය කිව්ව එක “නොඅනුමානය“ නෙමෙයි බං “සිකුරුය“.. හැක්

    ReplyDelete
    Replies
    1. කවුද බං අල වවන්නෙ.

      Delete
    2. නෑ බං ඒක අලුත් වනයක්... "අලවවනය" .... හුකෑස්....

      Delete
    3. මමත් එහෙම තමා බං.මට හැකි විදියට වැඩේ කරගන්නවා.

      Delete
    4. ප්‍රසා,එක්ස් පෝටර්
      ඕක බං මම හිතන්නෙ අල වවන උපකරණයක්.සමහර විට අල වවන පළාත්වල උන් දන්නවා ඇති.

      Delete
  4. චන්ද කාලෙත් තියනව

    ReplyDelete
  5. සිරීපාදෙ වඳින්න යන ගමං පාන් දන්සලකුත් හම්බඋනේ සෙනිකවම.
    ඉස්සරනං මේ පැත්තෙත් බලු කපුටු දාන ඕසෙට තිබුණ. දැන්නං කලාතුරකින් තමයි පාරෙ යන බල්ලන්ට කන්න දෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බොලාට හරි පාඩුයි ඒකෙං නේහ්.. හක..හක...

      Delete
    2. නැතුව නැතුව, හැමදාම පරිප්පු කන එකේ එදාට විතරයිනෙ කරෝල කෑල්ලක් හම්බවෙන්නෙ.

      Delete
    3. දැන් අපේ පළාතෙත් ඇහැට දකින්නවත් නෑ බං.

      Delete
  6. බලු කපුටු දාන නම් දැන් ඇත්තෙම නෑ...

    මේ පාර නම් දන්සල් විතරක් නෙමේ ඒවට එන සෙනගයි වෙසක් බලන්න ගිය සෙනගයිත් සෑහෙන්න අඩුයි...

    ReplyDelete
    Replies
    1. ඔක්කොම අඩු උනත් උඹ ආපහු ආව එක ලොකු දෙයක්.

      Delete
  7. බලු කපුටු දන්සැල් දැන් දකින්න නැතත් ඊට වැඩිය පිළිවලට දවසගානෙම පාරේ ඉන්න සත්තුන්ට ස්වේච්චාවෙන් කෑම දෙන කීප දෙනෙක් ඉන්නවා. ඒ අයට අධාර කරන්න පොඩි පිරිසකුත් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. දැන් කාලෙ අයාලේ යන සත්තුන්ටත් කෑම ලැබෙන එක ලොකු දෙයක්.ඉස්සර එහෙම පිළිවෙලක් තිබ්බෙ නෑ.

      Delete
  8. සීනි සම්බෝල එක්ක පාන් ෂැ.....රජ කෑමක්නෙ...

    ReplyDelete
  9. ඔන්න බලපන් හැලපෙ උඹ කතාවක් කිව්වොත් ඒ හා සමාන අත්දැකීමක් මටත් තියෙනවා.ඒ කාලේ හැටි එහෙම වෙන්න ඇති. ඔය බලු කපුටු සීන් එක ඔය විදිහටම කරන පොරක් අපේ පැත්තෙත් හිටියා. වෙනසකට තිබුනේ විල්බැරක්කේ වෙනුවට පොඩි කබල් අත් කරත්තයක්. නාවින්න පැත්තේ ඉඳන් දෙල්කඳට වෙනකම් මග දිගට කැන්ද කොළවලට දානේ බෙදාගෙන එනවා තව කොල්ලෝ දෙන්නෙක් එක්ක. පොල්තෙල් පොඟවලා පාන් තිරයකුත් දානවා. මොන එහෙකටද මන්දා.

    ආපහු යනකොට මුට කෙලින් ඉන්න බැහැ. හතර ගාතෙන් කරත්තෙට පටෝගෙන අර කොල්ලෝ දෙන්නා තල්ලුකරන් යනවා. පස්සෙ දන්නේ ඒ පුත්තු දෙන්නා කියලා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට එළඟිතෙල් පොඟවපු පාන්තිරයක්.ඒක කපුටන්ට.උගෙ බඩගිණි නිවෙන්නෙ ඒකෙන් විතරයි ලු නෙ.

      Delete
    2. ගස් ලබ්බෝ....ඒකත් එහෙමද..පාන්කඩේ පුකේ හිරවෙච්ච කපුටෝ වෙන්නැති ඔය ලයිට් වයර්වල එල්ලිලා මැරෙන්නේ :D

      Delete
    3. හැහ්.. ඒක හිර උනාම නම් එල්ලෙන්නම හිතෙනවා ඇති තමා..
      ඔය සෙනසුරු අපල තියන අයට එළඟිතෙල් කිරිබත් හදලා ගුලි දෙන්න කියනවාලු නෙ කපුටන්ට.
      අර පාන්තිරේ ගිල්ලම එළඟිතෙල් දියවෙලා කපුටගෙ නොනිමෙන බඩගින්න ටිකකට සන්සිඳෙනවා කියල තමයි අහල තියෙන්නෙ.ඇත්තද බොරුද නං දල්ලෑ..

      Delete
    4. අන්න බලපං අපි දෙන්නගෙම එක වාගෙ අත්දැකීම්.වෙනසකට තියෙන්නෙ උබේ නගරබද අත්දැකීම් මගෙ ගම්බද අත්දැකීම්.

      Delete
    5. ලබ්බ,
      උඹේ කතාව හරි.කපුටා කනදේ ගිනියම නිසා බඩේ රැඳෙන්නේ නැතුව නිකම්ම පිටවෙලා යනවලු.පාන්කඩයක් ගිලපුවම කෑම ටික ටිකක් අල්ලල හිටිනවා කියලයි ඉස්සර අපේ අම්ම කියන්නෙ.

      Delete
  10. කාලෙකින් ආවේ.....

    මම ගහපු comment එක කොහෙද ගිහිල්ලා..... ආපහු කොටන්ඩ කම්මැලියි..... පස්සේ වෙලාවක ඒක කොටන්නම්....

    \\ අද මට මතක් වුනේ මගේද යම් සම්බන්ධතාවක් ඇති තව දන්සැලක් ගැනයි එය නම් මීට කලින් ලියා නැති දන්සැලකි. \\ - දන්සැල් නොවෙන යම් සම්බන්දතා ඇති, තවමත් ලියා නැති වෙන මුකුත්ම නැද්ද අම්මපා ?

    ReplyDelete
    Replies
    1. /දන්සැල් නොවෙන යම් සම්බන්දතා ඇති, තවමත් ලියා නැති වෙන මුකුත්ම නැද්ද අම්මපා ?/
      අපොයි තියෙනවා.ඉස්සරහට ලියවේවි.

      Delete
  11. කාක්කා නැවතත් හඬන්නට විය. බොහෝ වෙලාවක් හඬා අවසන්වූ කාක්කා ඉන්පසුව කාරණාවට බැස්සේය.//////////// niyama kakko

    ReplyDelete
    Replies
    1. නියම කියන්නෙ සුපිරි.

      Delete
  12. මට දංසැල් කන්ඩ ලැජ්ජයි

    ReplyDelete
    Replies
    1. අනේ පල ඩෝ යන්න...!


      හූන වගෙ හිටපු උබ කිබුල වගෙ ඇග හදාගත්තෙ දන්සැල්ම කාලනෙ

      Delete
    2. ලැජ්ජ බිල්ලට තියල කන්න මෙයා (දන්සැල්). හැක්..

      Delete
    3. උඹත් අපේ තාත්තගෙ ජාතියෙ එකෙක්.

      Delete
  13. ඔය කොල්ලුපිටිය පැත්තේ තිබ්බ අරලිය දන්සැල දැන් නැද්ද හැබෑට

    ReplyDelete
    Replies
    1. දැන් එකේ "ආඩි සෙට් එක හදපු කැද" දෙනවා

      Delete
    2. ඒ කියන්නේ හොර පජාති මරා සහ උගේ බෙටි උරණ ඒකාබද්ධ සරණාගතයෝ ටික නේද

      Delete
    3. ඒක නිකම්ම වැහිල ගියා නොවැ තිලකෙ, අපරාදෙ නේද.

      Delete
  14. ගස්ලබ්බ කාපු හොඳම දන්සල සෙට් උනේ හෙන අස්සෙ ගමක කන්දක් උඩ ටවර් එකක් ගහන්න ගිය කාලෙක. උණු උණු මඤ්ඤොක්කායි කොච්චි සම්බෝලයි.ඊට පස්සෙ ප්ලේන්ටි එකක්.ඊටත් පස්සෙ බුලත් විටක්. ලේ පොපියන ආගන්තුක සත්කාරය..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය ටවුන්වල ලොකුවට දෙන ඒවට වඩා ගම් වල පොඩියට දෙන දන්සැල් හොඳ තත්වෙට තියෙනව. මාත් අත්දැකල තියෙනව ඒක.

      Delete
    2. මමත් වතාවක් හෝ මිරිස් (කොච්චි) සමබලයක් එක්ක මඤ්ඤොක්ක කෑවා පඹහින්නෙදී...
      හාස් හුස් ගගා...

      Delete
    3. ගස් ලබ්බ: ප්ලේන්ටියට ඉඟුරුත් දාලද දුන්නේ? හරි ගියේ නෑ ??

      Delete
    4. ආ.. මේ ඉන්නෙ රස දන්න උදවිය..
      අඩෝ උපේ.. බලං ඉඳහං.. පිස්සු හොඳ උනොත් ඇරෙන්න ගලේ ගහලවත් ගස්ලබ්බ මරනවා බොරු.එච්චර පිනක් නෑ බොල.

      Delete
    5. ෂාහ් මරුනෙ බං.නියම දන්සැලක්.අපේ පැත්තෙත් එකක් තියෙනවා දඩගමුවේ පංසල හරියෙ.

      Delete
  15. හලප අයියෙ.. උඹ ඇයි අසරණ මට ඔහොම කරන්නේ.. දැන් වෙලාව රෑ එකොළහයි.. සරීර සුවතාවය වෙනුවෙන් භාගෙනුත් භාගෙට කාල බඩගින්නේ නිදාගන්න ගිය මට උඹ කෑම ගැන ලියල කරේ හරිම අසාදාරනයක් බන්.. කොටියම කාපිය..

    ReplyDelete
    Replies
    1. ආ උබ නේද එළකිරි එකේ පොඩි කොල්ලොන්ට නයි අරින එකා? පල පල යන්න නාකි හමා.

      රංග තේනුවර (GTRZ- එළකිරි ඇඩ්මින්)

      Delete
    2. ඇනෝ.. කොන්දක් තියන මනුස්සයෙක් විදිහට කෙලින් ඇවිත් කතා කරහන් බන් ප්‍රශ්නයක් තියෙනවනම්. මහන්සියෙන් බ්ලොග් ලියන මිනිස්සුන්ගේ බ්ලොග් වල මලපහ කරන්න එපා කරුණාකරලා.. මම හිතන්නේ නැහැ රංග තේනුවර මේ තරම් කොන්ද පන නැති මනුස්සයෙක් කියල. ඔයා මගේ එළකිරි ID දන්නවා ඇතිනේ. ප්‍රශ්නයක් තියෙනවනම් කොන්ද පන තියන පිරිමියෙක් වගේ නම ගම ඇතුව PM එකක් එවන්න. කරුණාකරලා අනුන්ගේ බ්ලොග් වලට මේ වගේ කැත වැඩ කරන්න එපා.

      Delete
    3. එයි අම්බලන්ගොඩ කුම්බලාවෝ උඹට ඉංගිරිසි පුලවන්නම් ගු ගල් එකේ Anonymous කොටලා එකේ කියන වචන තේ රෙන විදිහකට කියවලා හිටන් !

      Delete
    4. අඩෝ...... අපේ එළකිරියේ පොල්වත්තේ අයියට සද්දේ දන්නේ කවුද ඩො ...
      තොපි දන්නේ නැද්ද ඩො ප්ල්වත්තේ කියන්නේ ලොකු පොරක් කියල එළකිරියේ
      මුළු එලකිරියම බස්සලා මේක කුඩුකරනවා ඩො

      අඩෝ හලපයා තොටත් එක්ක තමයි කියන්නේ අපේ පොල් අයිය කමෙන්ට් එකක් දැම්මම රිප්ලයි කරපන් හරිද

      මිට
      එළකිරියේ පිටකහගන්න සෙට් එක

      Delete
    5. මොනා කරන්නද බං.කෑම ගැන ලියද්දි මටත් පෙරේතකොමක් ඇතිවෙනවා ඒත් ඉවසං ඉන්නවා බං.බලපුවම උඹට යාළුවො ගොඩක් ඉන්නවනෙ.

      Delete
  16. සිරීපාදෙ නැගපු කතාව කියවන්නයි ආවෙ.. මේකත් අපූරුයි..

    කැම්පස් ඉන්න කාලෙ දංසැල් හොය හොය යන්නෙ.. වෙසක්වලට කලින් කට්ටිය හොයාගන්නවා දංසැල් තියන දවස වෙලාව..

    ReplyDelete
    Replies
    1. මෙදා සැරේ නං දන්සැල් අඩුයි නේද?

      Delete
  17. /*
    1. ඒ කන්තෝරුවේ මගෙ යාළුවන් කීප දෙනෙක්ම හිටපු නිසා එච්චර කරදරයක් නැතුවම මට වැඩේ කරදෙන්නට හැකිවිය.

    2. යමු...ආරිලගෙ අම්මා මට කතාකලාය මම කතා නොකර ඇගේ පස්සෙන් ගියෙමි. ඇය යනගමන් මට දොස් කිව්වේ පෝලිමේ හිටපු එකටය.
    */

    එදා මිතුරන් නිසා පෝලිමේ නොසිට වැඩේ කර දුන්නත්, පසු කලෙක ඒ මිතුරුකම උපෙයෝගි කරගෙන මත පෝලිමේ නොඉඳ පාන් කන්න නොසිතුනේ ඇයි?

    ReplyDelete
    Replies
    1. කොළඹ දාන සෙල්ලං ගමේ දැම්මොත් පාං කෙසේ වෙතත් වෙන දේවල් කන්න වෙන හින්ද.

      Delete
    2. මම එහෙම කරන චරිතයක් නෙවෙයි රසික.ඇත්තටම මට ඒක ලැජ්ජාවක්.පස්සෙ උනත් ගියෙ ආරිලෑ අම්මගෙන් බැනුම් අහන්න බැරි නිසයි.

      Delete
  18. මේ කාලේ පාන් දන්සලක් දෙන්න පට්ට පෝසතෙක් වෙන්න ඕනේ ඉතිං!

    ReplyDelete
    Replies
    1. වෙසක් එකට පස්සෙ දවසෙ වැල්ලඳුරෙ එකක් තිබ්බ මම දැක්ක.

      Delete
    2. මේ ලඟක් වෙනකල් ම ජපුර කැම්පස් එක පිටිපස්සේ, ඒ කියන්නෙ රත්තනපිටි පැත්තට වෙන්න ඔය සීනිසම්බෝල පාං දන්සලක් දුන්න. දැන් අවුරුදු දෙකකින් විතර ගියේ නෑ.

      Delete
    3. පට්ට පෝසතෙක් කියන්නෙ දැන් පාන්වල ගානෙ හැටියට එහෙම දෙනවනං ඉතිං හොඳ දානපතියෙක් තමා.

      Delete
  19. කැම්පස් කාලේ බත් දන්සැල් කෑවට පස්සේ බත් දන්සැල් කෑවෙම නැහැ...
    බීම, අයිස් වගේ ඒවට තමයි දැන් වග කියන්නේ...

    ReplyDelete
    Replies
    1. ලැබුනෙ නැද්ද නැත්නං ගියෙ නැද්ද.මම නං වඩා කැමති බත් දන්සැල් වලට වග කියන්නයි.

      Delete
  20. දන්සැල් වලින් ගිහින් කන්න දැන් කම්මැලියි හැලපයියේ.මේ ගමන දන්සැල් කියලා කැවේ සිනී සම්බොල පාන්.ඒකත් ගෙදරටම හම්බු වුනායින්.

    ReplyDelete
    Replies
    1. අන්න බලපං උඹට තියෙන සැප.

      Delete
  21. This days we must give first place to help distoy area people. Give food dansal is good too.

    ReplyDelete
    Replies
    1. Lot peepols cancel dansal to giv distoy peepols...i tink it gud work..but why eat ice kirim in polins not in foodcity...problem to me this..

      Delete
    2. Ya ya we give also fest plase. Very sad this. We go all roun sri lanka to help peepal.

      Delete
    3. yu karekt.we olwes think fast distoy peepol.

      Delete
    4. chrfaki,
      peepol layik eat ayis kreem dansal mor thaan rayis dansal.

      Delete
  22. අපිත් දුන්න මේ සැරේ සීනිසම්බෝල, පාන් දන්සලක්...

    ReplyDelete
    Replies
    1. ඉතින් අපිට පාන්ද

      Delete
    2. අපරාදෙ,හිටිය නං අපිත් එනවනෙ දන්සැල් කන්න.

      Delete
    3. අයියෝ දැන්නෙ දන්නෙ..

      Delete
  23. අද මදි වගේ පොස්ට් ඒක
    ඒ දන්සල ආයමත් පටන් ගන්න උදව්වක් කරන්න පුලුවන්ම් වටිනවා අය්යින්ඩ් අර මැරුණ කෙනාට පිං පින්සවත්

    ReplyDelete
    Replies
    1. ඔච්චර ලියලත් මදිද බං.බොලා එක්ක නං ලියල පිරිමහන්න බෑ.
      ගෙදර ගිය කාලෙක ආරිලෑ අම්මට යෝජනාවක් දාල බලන්න ඕනෑ මෙන්ඩෝ.

      Delete
  24. ඔය සීනිසම්බල් දන්සැල් වගේද අප්පා ඉස්සර අරලිය ගහ මන්දිරේ දුන්න දන්සැල්...අන්න දන්සැල්...කාපු උන් දැන් වමාරනවා...

    ReplyDelete
    Replies
    1. පල ගෙම්බා තො දන්න දන්සැල්

      Delete
    2. දැන් නං ඒ දන්සැල වහල නේද.

      Delete
  25. අදමයි මේ පැත්තට ආවේ...රසටම විස්තරේ ලියල තියනවා...අපේ ගම් වල දන්සැල් නම් දැන්, ගමෙන්ම එකතු කරලා, ගමේ අයම උයල කන තත්වෙටයි වැටිලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔබව ආදරයෙන් පිළිගන්නවා.බොහොම ස්තුතියි.දන්සැල් ගැන කිව්වොත් අපේ ගම්වලත් ඔයිට වෙනසක් නෑ. ගමෙන්ම එකතු කරල ගමේ අයම එකතුවෙලා උයල ගමේ අයම කනවා.

      Delete

ඔබේ අදහස්