Wednesday, December 30, 2015

නව වසර සහ බ්ලොග් අවකාශය



අවුරුද්ද අවසාන වී නව වසරක් ලබන්නට තව ඇත්තේ පැය ගණනකි.  මා විප්‍රවාසයේ ගෙවන සිව්වැනි වසර ක්‍රමයෙන් ගෙවී යමින් පවතී.  සිංහල සහ හින්දු අලුත් අවුරුදු හතරක්ද නත්තල් හතරක්ද ලංකාවේ ගෙවන්නට නොහැකි වුන බව මට මතක්වෙන්නේ දැන්ය.  මෙවැනි කාලසීමාවන්හි නොස්ටැල්ජියාව උපරිමයටම නගින්නේ ඒ දිනවලට සිතට දැනෙන පාළුවත් එක්කමය.   ඒ කාලයන්හි නොස්ටැල්ජික කතා ලියමින් පාළුව තනිකම මගහරවා ගන්නට යත්න දරමි.   කොහෙ හිටියත් ලංකාව වගේ නෑ කියා අපි කට්ටිය එකතු පහද වෙන තැන්වලදී කතාබස් කළත් ලංකාවට ගිහිං සතියක් ගතවෙන්නටත් පෙර ආපහු දුවගෙන එන්නට හිතෙන්නේ කුමක් නිසාදැයි මම නිතරම කල්පනා කරමි.   බොහෝවිට ඒ සාපේක්ෂව ලංකාවේ ජීවත්වීමට ඇති පහසුකම් මඳ බව වියයුතුය.   නමුත් අපි කතාකරන්නේ ලංකාවට පණ දෙන්න වගේය.   ඒ උනත් විදේශවල ජීවත්වෙමින් ඒ රටවල ඇති  පහසුකම් සියල්ලම අත්විඳිමින් ඒ රටවලටම පලු යන්නට බැන වදින ලාංකිකයන් මා දැක ඇත්තේ එක්කෙනෙක් දෙන්නෙක් නොවේ.  ලබන අවුරුද්දේ ස්ථිරවම ලංකාවේ පදිංචියට යන බව කියන බොහෝ දෙනෙක් ඊට අවුරුදු ගණනකට පසුවත් ඒ කතාවම කියමින්  ජොලියක් ගනිති  අපේ හැටි එහෙමය.

ඒ කාලයේ යුරෝපයේ ජීවත්වූ ද්‍රවිඩ ප්‍රජාව බොහොමයක් 2009 වනතුරු ජීවත්වුණේ මනසින් මවාගත් ඊළමකය.  ඔවුන් කිව්වේද ඊළම ලැබුන පසු ලංකාවට යන බවය.  එහෙම කියමින්ම ඊළමේ නියෝජිතයාට මාසිකව ගෙවිය යුතු මුදල ගෙව්වේ ටිකක් විතර කම්මැලිකමින් සහ හිතේ දුකකින්ය.  මොකද කිව්වොත් ඊළම කොච්චර උවමනා උනත් ගාන ගෙවන විට ටිකක් දුක හිතේ.  එහෙම උනත් ඇත්ත වශයෙන්ම ඊළම උවමනා උනේ විදේශවල සියලු පහසුකම් ඇතුව ජීවත්වෙමින් ජොලියට ඊලම ප්‍රමෝට් කරන උන්ට මිසක වන්නියේත් උතුරේත් එදා වේල ගැටගහගන්නේ  කොහොමද කියා දෙළෙහෙමින් හිටපු අහිංසක ද්‍රවිඩයන්ට නොවේ.  මට මේ ටික ලියවුනේ ඊළමට පණ දෙන්නට හෙවත් ඊලම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හිටපු ගොන් ද්‍රවිඩ තරුණයන් රැළ දැන් කුමක් කරනවාද කියා මතක් වුන නිසාය.   යුරෝපීයන්ට දෙකට නැවීගෙන උන්ගේ අහත් පහත කරමින් ඉඳීම ලංකාවේ ජීවත්වනවාට වඩා නම්බුකාර යැයි උන් හිතනවා ඇත.   එක වතාවක් බ්‍රසල්ස්හි යුරෝපීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල  අසළදී ඊළමට එරෙහිව මා සිදුකළ ක්‍රියාවකට උරණවී මාව මරාගෙන කන්නට හැදු ද්‍රවිඩ තරුණයන් කණ්ඩායම දැන් මොනවා කරනවා ඇත්දැයි මතක්වන විට සිනහ පහළවේ.  මම මෙහෙම කිව්වේ ජාතිවාදය කරපින්නා ගත් සිංහල  උනුත්  ද්‍රවිඩ උනුත් දෙගොල්ලන්ම එක මල්ලෙ පොල් වැනියයි හිතෙන්නේ උන්ගේ කතාවන් ක්‍රියාවන් දෑස්වලින්ම දැකගත් නිසාය.

වැඩිපුර ලියන්නට වෙලාව සොයාගැනීමේ අපහසුවකින් සිටියත් අවුරුද්දේ අවසාන පෝස්ටුව ලියා මගේ පාඨකයන්ට මෙන්ම බ්ලොග් අවකාශයේ සියලුම දෙනාටත් නව වසරට සුබ පතන්නේ නැතුව ඉන්නට කොහොමටවත් නොහැකිය.   මේ  වසර හිතාගන්නටත් බැරි තරම් වේගයෙන් අවසාන විය.   ඒත්  එක්කම අලුත් බ්ලොග් ලියන්නන් කීප දෙනෙක් පැමිණීම සිත සතුටු කරයි.  ඒ වගේම ලියමින් හිටි අය එක්වරටම සමුගැනීම සිතට ගෙන එන්නේ දුකකි.  මෑතකදීම පෝස්ටුවක් ලියමින් සමුගත් මධ්‍යස්ථ මතධාරියා ඉන් එකෙකි.   උගේ සමුගැනීම ගැන කීප තැනකම කතා බහ ඇතිවූ නිසා මම වැඩිදුර යමක් නොකිව්වත් මධ්‍යස්ථ මතධාරියා කියන නමට අනන්‍ය වීම සඳහා ඔහු  පහුගිය කාලය පුරාම සෑහෙන අරගලයක යෙදී සිටියේය.  මන්ද කිවහොත් ඔහු ලියු පෝස්ටු සහ කමෙන්ට් වලින් පෙනීගියේ මධ්‍යස්ථ බවක් නොව අන්තවාදී බවක්ය.   කෙසේ වුවත් සංවාදයකට එළඹීමට සහ දීර්ඝ කමෙන්ට් ලිවීමට ඔහු දැක්වූ සමත්කම අගය කළ යුතුය.   මට නම් ඇත්තටම එපමණ දිග කමෙන්ට් ලියන්නට කම්මැලිය.  කෙසේවුවද විවේකය ලැබුණු විට හෝ ඔහු නැවත ලිවීමට එන්නේ නම් අප සතුටුය.

ඉතිං අවසාන වශයෙන් බ්ලොග් අවකාශයේ සැරිසරන ලියන්නන් ලියන්නියන් කියවන්නන් කියවන්නියන් කමෙන්ට් කරන්නන් කරන්නියන් සෑම සියලු දෙනාටම ලබන්නාවූ 2016 වසර ප්‍රීතිය සතුට සමගිය සමාදානය පිරි සිතුම් පැතුම් ඉටුවන බත බුලතින් සරු වැඩි වැඩියෙන් පෝස්ට් කමෙන්ට් ලියැවෙන ජාතිවාදය පිටුදකින සුබම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ හැලපයා වන මාත් හැලපිත්  හැලපැට්ටාත්ය ෴

87 comments:

  1. ඔය කියන ජාතියෙ අය හැමතැනම
    තවත් ජාතියක් ඉන්නව වෙන රටකට ගියාම ඒ රටේ තියෙන දේවල් වින්දනය නොකර ලංකාවෙම දේවල් හොයන අය උදාහරණයක් විදියට කෑම වගේ දේවල්..
    අර ඊළාම් කතාවට නං කියන්නම දෙයක් නෑ දෙපැත්තෙම වස්සො ඉන්නව ඕන තරං පේනව

    ඊළග අවුරුද්දෙ හම්බෙමු
    පෝස්ට් වැහි වහින සතුට උතුරන පොකට් එකත් උතුරන සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. අම්මට උඩු කෝ අර හැමදාම එක එක කියල කෑගහන ඩෑල් එක
      බුහැක්... අද මං එක හිහි

      Delete
    2. ඉඳකින් මම හිතුවා මම එක කියලා ...මේ මහියාත් එක්ක බෑ ..හැක්

      Delete
    3. මහේෂ්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  2. හැමෝටම ලබන්නා වූ නව වසර ශ්‍රී සුභ නව වසරක් වේවා !!!

    දොළොස් මහක් ගතවී යන මොහොතේ
    අන්තිම දවසේ මැදියම් රෑ
    කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා
    කවුරුත් මුණගැහිලා යන්නයි ආවේ අපි දෙන්නා

    අවුරුද්දක් තිස්සේ කළ කී දේ
    මතක් වෙනකොටත් සමහර එව්වට
    මටම හිනා මස්සිනේ
    අවුරුද්දක් තිස්සේ කල කී දේ
    මතක් වෙන කොටත් සමහර එව්වට
    මට ඇඬෙනව මස්සිනේ
    උඹ අඬන්ටෙපා මස්සිනේ
    අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ
    උඹ අඬන්ටෙපා මස්සිනේ
    අඬන එකා දැන හිනැහෙන්ටෙපා මස්සිනේ


    දොලොස් මහක් ගතවී යන මොහොතේ...


    හපන්කමක් ඇති අලුත නැගී එන
    කෙනෙක් දුටුවොතින් හිත සන්තෝසෙන්
    අත දීපන් මස්සිනේ
    අලුත් කෙනෙක් දුටුවොතින් මමත් හරි ආසයි
    ඒත් ඔය කපන්න බැරි අත
    ඉබින්ටෙපා මස්සිනේ
    නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
    නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
    නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
    නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා
    නැග්ග ඉනිමග පෙරලන්ටෙපා
    නගින එකා දැක කකුලෙන් අදිනෙටෙපා


    දොලොස් මහක් ගතවී යන මොහොතේ...


    පොළෙන් පොළට ගිය පොල් වෙළඳාමෙන්
    යාන්තමට වගෙ ජාම් බෙරුණා
    ඒත් මදැයි මස්සිනේ
    ගොනා පිටේ හකුරුත් පටවාලා
    වක්කඩේ හකුරු හංගා තියලා
    හනේ වෙච්චි දේ මස්සිනේ
    දැන් ගිය හකුරට නාඬන්නේ
    ඔය තියෙන හකුර රැක ගන්නේ
    දැන් ගිය හකුරට නාඬන්නේ
    ඔය තියෙන හකුර රැක ගන්නේ

    දැන් ගිය හකුරට නාඬන්නේ
    ඔය තියෙන හකුර රැක ගන්නේ .....//

    ගායනය - රෝහණ බැද්දගේ, බන්ධුල විජේවීර
    සංගීතය, ගී පද - රෝහණ බැද්දගේ

    ReplyDelete
    Replies
    1. මරු,අලුත් අවුරුද්දෙ අහල නැති සිංදුවක්.සිංදුවාටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  3. Replies
    1. ඔබටත් එසේම වේවා ඉකෝන්!!

      Delete
  4. හැලපයියටත් හැලප පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් හැලපවලින් උතුරන සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න ඇතුළු පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  5. ඒ උනත් විදේශවල ජීවත්වෙමින් ඒ රටවල ඇති පහසුකම් සියල්ලම අත්විඳිමින් ඒ රටවලටම පලු යන්නට බැන වදින ලාංකිකයන් මා දැක ඇත්තේ එක්කෙනෙක් දෙන්නෙක් නොවේ. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    Most Sri Lankans I have seen belong to this calibre.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇනෝ.කොහෙත් තත්ත්වය ඔහොම තමයි.ඔබට සුබ නව වසරක්!!

      Delete
  6. උඹලා ඔක්කෝටම සුබ අළුත් අවුරුද්දක් වේවා....!!!

    අර පුංචම්මද කව්ද උන්දැත් මතක කොලා කියහන්...

    ReplyDelete
    Replies
    1. මාතලන් ඇතුළු පවුලේ සැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!
      ආ ඒ අපේ පුංචි අම්මා හෙවත් අම්මගෙ බාලම නංගි.දැන් වයසත් අවුරුදු හැත්තෑව පැනල ඇති.ඒ උනාට තාම ගෙදර වැඩකදී ඇවිත් අපිට උදව් කරනවා.මාතලන් දවසකුත් පුංචි අම්මව මතක් කළා මට මතකයි.අපේ පුංචිඅම්මව උඹේ හිතේ හොඳින් සටහන් වෙලා තියෙනවා වගේ.

      Delete
  7. සුබ නව වසරක් හැලප...:)

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබ නව වසරක් රවී!!

      Delete
  8. හැලප පවුලටම සුභ නව වසරක් වේවා !!!!!

    ReplyDelete
    Replies
    1. කම්මල ඇතුළු සිය පවුලටම සුබ නව වසරක් වේවා!!

      Delete
  9. කටින් බතලකොල සිටුවන විදෙස්වාසී ලාංකිකයින් ගැනත්, අන්තවාදී ජාතිවාදීන් ගැනත් සඳහන් ලිපියේ ම, ඒ සෝ කෝල්ඩ් මධ්‍යස්ත මතධාරියා ගැන ද ලිවීම ඉතා යෝග්‍යවේ!

    මට නම් ඒ සෝ කෝල්ඩ් මධ්‍යස්ථ මතවාදියා ගැනත්, ඔහු සේවය කරන ආයතනයෙන් සේවය ලබා ගන්නන් ගැනත් ඉතා කණගාටුවක් ඇති විය.

    ඔහුගේ සමාලෝචන ලිපියේ මම ඔහුට තියොබෝල්ඩ් මුතුගල ගේ සරණ වේවා යි පැතුවෙමි.

    ReplyDelete
    Replies
    1. රසික,මම ප්‍රථම වතාවට ඔහු ගැන සඳහන් කළේ මෙවරයි.කොහොමත් ඔහුගේ තිබුණ අධිවේගී ගතිය නිසාම ඔහු බ්ලොග්වල වැඩිකල් නොඉන්න බව පෙනුණා.
      රසිකට සහ පවුලේ උදවියට සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  10. හැලපයියා හැලපක්කා හා හැලපට්ටා ඇතුළු සැමටත් //ලබන්නාවූ 2016 වසර ප්‍රීතිය සතුට සමගිය සමාදානය පිරි සිතුම් පැතුම් ඉටුවන බත බුලතින් සරු වැඩි වැඩියෙන් පෝස්ට් කමෙන්ට් ලියැවෙන ජාතිවාදය පිටුදකින සුබම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ// කමියා, කමිහාමිනේ, කමි පැටවූ දෙන්නා හා අලුතෙන් එන්න ඉන්න කමිපැට්ටාත්ය..

    ReplyDelete
    Replies
    1. කමින්ග් ඕන් ද වේ පැට්ටා? හා කමක් නෑ ඔක්කොටම සුබපැතුම්

      Delete
    2. කමිහාමිනේ - කමිලියා නරකද :)

      Delete
    3. යකෝ බඩේ ඉන්න එකෙකුගෙන් සුබ පැතුම් ලැබුන එකම එකා මම වෙන්න ඇති.කමියා ඇතුළු පවුලේ සියලු දෙනාටත් එන්න ඉන්න පැටවාටත් ලැබුවාවූ නව වසර වාසනාවන්ත නව වසරක් වේවා!!

      Delete
    4. ඇනෝ,
      කමිලියාත් හොඳයි නැත්නම් කැමිලියා කියලත් හොඳයි.

      Delete
    5. කහඹිලියා ඊට වඩා හොඳ නැද්ද

      Delete
    6. බෑනෙ බං කහඹිලියා ගෑවුනොත් ඕකට කසන්න ගනී.

      Delete
  11. ඔබ කියන දේ මමත් අත්විඳ තියෙනවා. ඒකට හේතුව මිනිස්සුන්ගේ නොලැබෙන දේට ඇති ආශාව මිස වෙන දෙයක් නෙමෙයි. ඒක ලාංකිකයන්ට පමණක් තියෙන එකක් නෙමෙයි. තනිකඩයො බඳින්න උත්සාහ කරන්නෙත් බැඳපු වුන් තනිකඩයින්ට ඉරිසියා කරන්නෙත් ඕක නිසා. තරුපහේ කෑම තියෙන අය ගමේ කෑම හොයන්නෙත් ගමේ අය තරු එකක් හරි හොයන්නෙත් ඒක නිසා. ලද දෙයින් සතුටුවීම කියන එක අනික් අයට විතරක් අදාල වන දෙයක් බව තමයි මා ඇතුළු බොහෝ අය සිතන්නේ. ඔබට තෘප්තිමත් නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔය දෙක අන්ත දෙකක් ඉයන් කිසි දවසක තෘප්තියට පත්වන්නට බැහැ.හැම දෙනාම අඩු වැඩි වශයෙන් ඔය චක්‍රය තුළ කැරකෙනවා.
      ඔබටත් බොහෝදේ ලියැවෙන නව වසරක් වේවා!!

      Delete
  12. සුභ නව වසරක් වේවා හැලපයියේ !!

    ReplyDelete
    Replies
    1. මෙන්න නව වසරේ ප්‍රීතිමත්ම පියා.සතුටුයි පත්තර මල්ලි මම හදවතින්ම සුබ පතනවා.
      පී එම් ටත් බිරිඳටත් දරු පැටියාටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  13. හැලපේට සුභ අලුත් අවුරුද්දක්...!

    ReplyDelete
    Replies
    1. රංගි ඔබටත් බ්ලොගය රෙපෙයාර් වී නැවත ක්‍රියාත්මක වන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  14. මේ බ්ලොගට එනකොට මට මතක් වෙන්නේම ත්‍රිකෝණයමයි...

    අළුත් අවුරුද්දක් එනවා නේ...
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මතක් කළ ඒක ගැන බොහොමත්ම ස්තුතියි.ත්‍රිකෝණය අලුත් අවුරුද්දෙ ඉවර කරමු.
      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  15. හැමෝටම සුභම සුභ නව වසරක්!!!

    ReplyDelete
    Replies
    1. නව වසරේ ඔබ සාදරයෙන් පිළිගන්නවා.සුබම සුබ නවසරක් වේවා!!

      Delete
  16. එහා ඉවුරෙ තණකොළ කොළ පාටයි රසයි... ඕක ඉතිං මනුස්ස හිතේ හැටි නොවැ අයියණ්ඩි..
    හැලපයියාටත්,අක්කාටත්,පැට්ටාටත් ජයෙන් ජය වේවා..!!
    නිදුක් නිරෝගී සුභ නව වසරක් වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. එහා ඉවුරෙ තණකොල කන ගොනා
      මෙහා ඉවුරෙ තණ දකිනව මනා
      එහෙට ගිහින් මෙහෙ බැලුවම
      මෙහෙමම නොවැ හොඳා …

      - සන්ෆ්ලවර්ස් -

      Delete
    2. කමෝන් පාද්‍රේ...

      Delete
    3. ගස් ලබ්බටත් නිදුක් නිරෝගී සුව අත්වන නව වසරක් වේවා!!

      Delete
  17. මන් අපේ බෝතලේ පුන්චම්මලයි අහ අලුත් අවුරුද්දට එනකොට හැලපේ හාමුලයි අහත් එන්නන්කෝ . කැන්ද කොළ මිටියකුත් බැඳන් එනවා ආයිබෝන් අවුරුද්දටම සැහෙන්ට ඕන්.
    බෝතලේ එකාගේ ලොකු අම්මගේ පුතා.

    ReplyDelete
    Replies
    1. කැන්දකොළ නං බෝතලෙත් අඩුවක් නැතුව තියෙනවා බං.මම මේ උඹ කවුද කියලයි කම්පොනා කොළේ.

      Delete
  18. එහෙනම් ඉතින් හැලපෙටත් , පවුලේ සැමට ත් සුබ සුබ නව වසරක් වෙන්න කියලා ඔන්න විභීෂණ ත් රාජකීය පැතුමක් එක්කලා...

    ලබන අවුරුද්දෙත්( හෙට ඉඳන්) ආපහු හම්බුවෙමු ඔන්...

    ReplyDelete
    Replies
    1. රාජකීය පැතුමට බොහොමත්ම ස්තුතියි.ඔබටත් සුබ නව වසරක් වේවා.අලුත් අවුරුද්දේ සුපුරුදු සෙනෙහසින් හමුවෙමු.

      Delete
  19. හැලප පවුලට විප්‍රවාසය අවසන් වන නිදුක් නිරෝගී 2016 වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම උදය.විප්‍රවාසය මේ වසරේ අවසන් වේවි.ඔබටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  20. සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් සුබම සුබ නව වසරක් ලලිත්!!

      Delete
  21. හැලපේ තුමා, හැලප තුමී සහ හැලපැට්ටාට 2016 සතුට සාමය සෞභාග්‍යයෙන් පිරි වාසනාවන්ත වසරක් වේවායි පතන්නේ......ෂෙෆාකි...!

    ReplyDelete
    Replies
    1. මා හිතවත් ෂෙෆාකි සහ දරු පවුලට 2016 සෞභාග්‍යය පිරි වාසනාවන්ත නව වසරක් වේවා!!

      Delete
  22. හැලප පවුලේ සියළු දෙනාටම සුබ නව වසරක් පතනවා ඕං...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  23. සිනාබෝවෙන..
    මොරෙයියා දඩු දලු ලන..
    ඉදහිට ඇලට බැස ගොඩවෙන..
    සුභ ම සුබ නව වසරක් වේවා !!!!


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. සිග්නල් නොඅඩුව ලැබෙන
      තාප්පවලට ඇලුම් නොකරන
      සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  24. හොඳ පැරණි, අර්ථවත්, නියම හිංගල වචනයක් ලියවෙලා තියනවා. 'දෙළෙහෙමින්' මේවා බ්ලොග්වල ලියලා රැකගන්න වටිනා වචන. රෝමෙට ගියාම රෝමන් වරයකු වගේ ඉන්න අය අපේ හිගල ජාතියේ අඩුද මන්දා.

    දියුණු වේවා! ජය ලැබේවා! නීරෝගී වේවා!!!

    ReplyDelete
    Replies
    1. // රෝමෙට ගියාම රෝමන් වරයකු වගේ ඉන්න අය අපේ හිගල ජාතියේ අඩුද මන්දා. //

      නෑ නෑ මේ ඉන්නවා …… එකායි :D :D

      Delete
    2. මේ.............මගේ 'ටයි පින්' එකේ, ප්‍රින්ටින් 'මිස්කේට්' එකක්. හිගල නෙවෙයි හිංගල. අම්මපා පත්තරේ, උඹ හොඳ රෝමන් කාරයෙක් බව අමතක වුණානේ. අලුත් අවුරුද්දේ පවුල් බර තවත් වැඩිවේවා! තව කම්බායක් ලැබේවා!!

      Delete
    3. ඔය වචනෙ විචා එකපාරටම මගේ හිතට ආවා.අපේ අම්මගෙ අම්මත් අම්මත් නිතරම කියපු වචනයක් උනාට දැන් නම් ඇහෙන්නෙම නැති තරම්.
      ඔබටත් දරු පවුලටත් සතුට සැනසුම පිරි නව වසරක් වේවා!!

      Delete
  25. ලබන්නාවූ 2016 නව වසර ඔබ ඇතුලු පවුලේ සැමට වාසනාවන්ත වසරක්ම වේවා!!!!

    ReplyDelete
    Replies
    1. සුදු පූසාටත් නව වසර වාසනාවන්ත එකක්ම වේවා!!

      Delete
  26. 2016 සුභ නව වසරක් වේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රුවන්,ඔබටත් එසේම වේවා!!

      Delete
  27. ලබන්නාවූ 2016 වසර සුභ නව වසරක් වේවා
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ලැබුවාවූ 2016 වසර සමරසේකරටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  28. මොකද මන්දා මට ඔය එක එක එව්වට වචනෙන් සුබපතන්ඩ හිතෙන්නැ . හැබැයි කාටවත් කෙලවෙයං කියල හිතන්නෙත් නැ

    ReplyDelete
    Replies
    1. උඹට තියන ගිනිපුක් ගාය හොඳ වෙන්න ගොම්බෙට්ටක් කාපන් අදම

      Delete
    2. මටත් ඔය ලෙඩේම තියෙනවා බං.සුබ පතන අයට පිළිතුරු දෙන්නත් ඕනැනේ නේද.
      උඹටත් දරු පවුලටත් වාසනාවන්ත නව වසරක් වේවා!!

      Delete
  29. හැලපයියාටත් පවුලේ සැමටත් වාසනාවන්ත නව වසරක් වේවා...:)

    ReplyDelete
    Replies
    1. මනෝජ්ටත් ලැබුවාවූ 2016 නව වසර සතුටින් පිරි වාසනාවන්ත නව වසරක් වේවා!!

      Delete
  30. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  31. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
    Replies
    1. දෙසැරයක්ම සුබ පතලනේ.කුරුට්ටන්ටත් එසේම වේවා!!

      Delete
  32. හැලප අයියටත් පවුලේ හැමෝටමත් සුබ නව වසරක් වේවා!

    මට නම් පේන හැටියට ඔය ජාතිවාදය කරපින්නගෙන ඉන්න උන්ගෙන් වැඩි දෙනෙක් ජීවත් වෙන්නෙත් ඒකෙන්මයි. උන්ගෙ පැවැත්ම ර‍ඳා පවතින්නෙ ඒ උඩ. මරාගෙන මැරෙන්න හදන්නෙ උන්ගෙ බඩගෝස්තරේ වෙනුවෙන් මිස ජාතියට ඇති අමුතු ආදරයක් නිසා නෙවි.

    ReplyDelete
    Replies
    1. ජාතිවාදියො ගැන මොකට කියනවද.උන්ගෙ ආදරේ කවුරුත් දන්නව.
      ඩී ඩී ටී ටත් සුබ නව වසරක් වේවා!!

      Delete
  33. ඔබට සහ පව්ලේ සැමට සුභ නව වසරක් වේවා.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔන්න දෙවනි වතාවටත් සුබ පැතුවා.

      Delete
  34. හැලපයියා ඇතුළු හැලප පවුලටම සුබම සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. සුටික්කා ඇතුළු පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!

      Delete
  35. සුබ නව වසරක් වේවා මචං !. සුන්දර දේ වැඩි වැඩියෙන් ලියන්නට ලැබෙන; සතුට, විවේකය හා සනීපය රැකෙන කාලයක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලකේ.බොහෝ සිත් ඇදගන්නා දේ ලියන්නට ලැබෙන කාලයක් සහ ඔබට සහ දරු පවුලටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!

      Delete
  36. හැලපේ , හැලපී හාමිනේ , හලපැට්ටන් ඇතුළු සියල්ලටම සුභ නව වසරක්. ඔය ඊලම් කටහ්ව සම්පුර්ණ ඇත්ත . දැන් පොරවල් ලංකාවට විනෝදෙට ගිහින් එනවා විතරයි. මම මේ ලඟදි දන්නා දෙමළ පොරකට කිව්වා දැන් කැනඩාව පැත්තේ එකක් හැදුවොත් නරකද කියල යන්නෙත් නැති එකේ ලංකාවට ? පොර ඇත්තටම කිව්වා සමහරුන්ගේ එහෙම අදහසක් තියනවලු වැඩිය ජනාවාස වෙලා නැති කෑල්ලක ක්විබෙක් වගේ එකක් හදන්න. හි හි. මධ්‍යස්ථය නික්ම යාම කණගාටුවට කරුණක්. මේ ගැන ඊළඟ බ්ලොග් ලිපියේ ලියනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අජිත්.ඔබ ඇතුළු පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් පතමි!!

      Delete
  37. ඈ බං හැලපේ. කෝ මගේ ප්‍රතිචාරය. උඹ ඒක ඉස්පැං කරල නේද??

    හා කමක් නෑ.. දැං ආයි කියවල මතක් කරගන්නත් බෑ.. සුභ නව වසරක් වේවා ඉතිං..

    මේ අවස්තාවේදි අපගේ හිතමිත්‍ර හෙන්රි බ්ලොග්වෝර්කර් මහතාවත් සිහිපත් කරමි. එතුමා මේ දිනවලදී කඳුකර පෙදෙස් වල තම පුත්‍රයා සමගින් කඳුපැදි වලින් ගමන් කරයි.. හැක්.. (කඳු පැදි = Mountain bike)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බං ඒක ස්පෑම් එකෙත් නෑ.උඹටත් සුබම සුබ නව වසරක් වේවා!!
      බ්ලොග්වෝකර් මහතා ආගිය අතක් නැත්තෙ ඒක තමයි.

      Delete

ඔබේ අදහස්