Sunday, November 15, 2015

අටමාගේ ප්‍රිය සාදය මගේ කුරුම්බා දොළදුක සහ ගොඩ්ප්‍රි හමුවීම.


අදත් කළින් ලියා ඉතුරුකරපු කතා කීපයක ඉතුරුහරිය ලියන්නට සිත්විය.ඒ කතා කීපය  නම් මේ කතාවත් මේ කතාව  සහ මේ කතාවත්ය  ඒ කතාවල මා පුන පුනා කිව්වේ ගොඩ්ප්‍රි මගෙ පරණ යාලුවෙක් නමුත් බොහෝ කලකින් මට ඔහු මුණගැසී නැති බවත්, හමුවෙන්නට ලැබේ යයි බලාපොරොත්තුවෙන් හිටියත් හමුවේවිදැයි සැක සහිත බවත්ය.  අපේ හමුවීම දිගින් දිගටම ප්‍රමාද වනවිට මගේ හිතේ තිබු විශාලම සැකය වුනේ අප හමුවන්නට පෙර ඔහුගේ සමුගැනීම සිදුවේවිද කියාය.  ගොඩ්ප්‍රි ඉන්න තැන ඔත්තුව මට කිව්වේ හැරී අයියාය.  ඔහුත් එක්ක ඉස්සර රෙදිමෝලේ වැඩකළ යාලුවෙකුගේ දරුවෙක්ගේ මඟුල් ගෙදරට කටුවැල්ලේගම ගිය වෙලාවක හැරී අයියාට ගොඩ්ප්‍රි මුණගැසී ඇත.  එවෙලේ ගොඩ්ප්‍රි මා ගැනත් ඇසු බව හැරී අයියා කීවිට ගොඩ්ප්‍රි මුණගැහෙන්නට මට තිබුන ආශාව තවත් තීව්ර විය.  කොහොම උනත් ඒ දවස්වල මම හිටියේ විප්‍රවාසගත වන්නට ඉතා ආසන්නව බැවින් යන්නට ඉස්පාසුවක් නොවීය.

ඉන්පසුව විප්‍රවාසයේ ගතවූ පහුගිය අවුරුදු තුනට මා තුන්වරක් ලංකාවට ආවත් ගොඩ්ප්‍රි හමුවීමේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්නට ලැබුණේ නැත.  ඒත් පහුගිය ජුලි මාසයේ අත්‍යාවශය කාරණාවකට මට හදිසියෙන්ම ලංකාවට එන්නට අවශ්‍යතාවක් විය.  ඒ උවමනාව නම් ජුලි මාසයේ මැද යෙදී තිබු හැලපැට්ටාගේ විදේශගතවීමයි.  කොල්ලාට සමුදෙන්නට කෙසේ හෝ එන්නට කියා බිරිඳ ඇවිටිලි කළාය. මමත් බොහොම අමාරුවෙන් නිවාඩු ලබාගෙන ජුලි පාළොස්වෙනිදා ලංකාවට එන්නට ටිකට් එකක්ද ගත්තෙමි.  මගේ ඒ ගමනේදීම යෙදී තිබු තවත් කාර්යයක් වුයේ අටමා විසින් සුදානම් කර කට්ටියගේ පැමිණීමද සහතික කරගෙන තිබු බ්ලොග් කරුවන්ගේ සාදයයි.  සාදයට අටමා යොදාගෙන තිබු දිනය වුයේ ජුලි දහඅට වෙනිදාය.  දවස් ගතවෙමින් මා ලංකාවට යන දිනය ලං ලංව එද්දී අටමාද දිනපතාම මා සමග සම්බන්ධ වෙමින් සාදයට සුදානම් වීමේ අලුත්ම තත්ත්වයන් ගැන මා දැනුවත් කළේය.  මේ විදියට දවස් ගෙවී  යද්දී දවසක්දා රෑ බිරිඳ මට ටෙලිපෝන් කළාය.

ඒ මොකද කිව්වොත් ජුලි 20 ට යෙදී තිබු හැලපැට්ටාගේ ගමන අගෝස්තු 10 දක්වා කල්ගිය බව කියන්නටය. එහෙම කියූ ඇය වැඩිදුරටත් කිව්වේ මම අගෝස්තු 4 වෙනිදා ආපහු යන බැවින් ජුලි 15 දිනට පැමිණීම වැඩක් නැති බවය.  ඒ නිසා ගමන පමා කරන්නැයි ඇය දිගින් දිගටම ඉල්ලා සිටියාය.  මා පත්වුණේ මහත් උහතෝකෝටිකයකටය.  මුදලින් යම් පාඩුවක් සිද්ද උනත් ටිකට් එක අවලංගු කර තව එකක් ගන්නට හැකිය.  නිවාඩුවද කලින් දැනුම් දී එහෙමෙහෙ කරගන්නට අපහසුවක් නැත.  නමුත් එහෙම කළොත් අටමා බොහොම අමාරුවෙන් ලාහට ගෙම්බන් එකතු කරන්නාසේ එක්කහු කරගෙන සංවිධානය කර තිබු බ්ලොග් මිතුරු හමුව නියමිත දිනයේදී පවත්වන්නට නොලැබේ.  නිදහසට කරුණු හැටියට ළමයාගේ කතාව කියා නොපැමිණීම සාධාරණීකරණය කරන්නට හැකියාවක් තිබුණත් එහෙම කරන්නට මට හිත දෙන්නේ නැත.  අනික් අතට මම පොල්ල තිබ්බා කියා එක්කෙනෙක් හරි හිතුවොත් එයත් මගේ හිතට හරි නැත.  මම මෙහෙම දෙගිඩියාවක ඉන්න අතරේ අටමා දවස ගානේ මට කතාකරමින් සාදයේ ප්‍රගතිය දැනුම් දෙයි.

අන්තිමට මම තීරණයක් අරගෙන හැලපැට්ටාට කතා කෙරුවෙමි.  කතාකර සම්පුර්ණ විස්තරය කියාදී මා විශාල අපහසුතාවකට පත්වී ඉන්නා බවත් හරියටම පිටත්වෙන දවසට සුබ පතන්නට මා නොහිටියොත් ඔහුට යම් හිත් අමාරුවක් ඇතිවේදැයි හැලපැට්ටාගෙන් ඇහුවෙමි.  මගේ සිත  ප්‍රීතියට පත්කරවමින් ඒ නුවණැති දරුවා එකහෙළාම මට කියාසිටියේ තාත්තාගේ පැමිණීම කවදා සිදුවුනත් මට ප්‍රශ්නයක් නැති බවත් මා නිසා යාලුවන්ට පොල්ල තියා තාත්තා බොරුකාරයෙක් වෙන්නට අවශ්‍ය නැති බවත්ය.  මේ සම්බන්ධයෙන් අම්මාටද කරුණු පහදා දෙන බව කොල්ලා වැඩිදුරටත් මට කියා සිටියේය.  ඒ අනුව යොදාගත් පරිදිම නියමිත දිනයේ ලංකාවට එන්නටත් අටමාගේ ප්‍රිය සාදය හොඳින් පවත්වාගන්නටත් මට හැකියාව ලැබුණි.  අටමාගේ සාදය දවසේ කට්ටිය එක්ක කොල්ලා සතුටු වෙනවා දුටු මට කලින් ආ එක කොපමණ හොඳදැයි සිතුනි.  

සාදය ගැන කතාකළ එකේ සාදය පිටුපස ඇති නොකියවුණ කතාවක්ද මට මතක්වුන නිසා ඒ කතාවත් මෙහෙම්මම කියා දමමි.  ඒ මොකක්ද කිව්වොත් අපේ හිතවත් චෙපාකිගේ සුවච කීකරු මාතලී හෙවත් රියදුරු තුමා ගැනය.  ඔහු ඉතා හොඳට පිරිසිදුව හැඳ පැළඳ කොන්ඩයද කොට වෙන්නට කපා සිටි යාන්තමට තරුණ විය ඉක්මවමින් සිටින කෙනෙකුසේ පෙනුන නිසා මම නිගමනය කළේ ඔහු ආරක්ෂක හමුදාවක සේවය කරමින් සිට විශ්‍රාම ගත් කෙනෙකු කියාය.  කොහොම උනත් අනික් අය සියල්ලෝම කමින් බොමින් සතුටුවෙමින් සිටියදී ඔහුට  පුදුම කට්ටක් කන්නට සිදුවිය.  ඒ උදේ නවයහමාරේ පමණ සිට හවස හයහමාර පමණ වෙනතුරුය.  මමත් ඔහුට වරක් දෙවරක් කතාකළෙමි ඒ ගෙට ඇවිත් වාඩිවෙන්නට කියන්නටත් දවල්ට කන්නට කියන්නටත්ය.  උදේ අපේ ඉස්තෝප්පුවේ ඉඳගෙන ඉරිදා පත්තර ටික කියවූ ඔහු ඉන්පසුව වාහනයටවී වාඩිගෙන සිටිනවා දැක්කෙමි.

ඉන්පසුව  පාරේ ඉහළ පහළ ඇවිදිමින්ද පෝන් එකෙන් කතාකරමින්ද ඉන්නවා දැක්කේ මම විටින් විට එළියට ආපු වෙලාවල් වලය.   හාම්පුතා කීයට හරි එළියට එනතුරු බලාගෙන සිටීම ඔහුගේ රාජකාරිය නිසා අනුකම්පා කරනු ඇරෙන්නට වෙනත් කළ හැකි දෙයක් නොවීය.  කොහොම උනත් චෙපාකිගේ රියදුරු තැනද චෙපාකිටම ගැලපෙන ඉවසන සුළු අහිංසක චරිතයක් බව මම දැක්කෙමි.  ඉවාන් මගෝඩියා සාදයට ආවේ හොඳටම පමාවෙලාය.  මගක් එද්දී ඉවානයා චෙපාකිගේ මාතලීට කෝල් එකක් දුන්නේ පාර අසාගන්නටය.  ඔහු ඇමතුම  ගන්නවා මම බලා සිටියෙමි.  ඒ කෝල් එකට පසු ඔහු සිටියේ ඉතා සතුටින්ය.  ගේට්ටුව ළඟ හිටපු මට ඔහු ඇවිදින් කිව්වේ ප්‍රගීත් මහත්තයා දැන් එනවා කියූ බවයි.  ඒ කියද්දීත් ඔහුගේ දෑස් සතුටින් දිළිසෙනු මම දැක්කෙමි.  ප්‍රගීත් මහත්තයාට වාහනය පාක් කරන්නට තැන පෙන්වන්නැයි  මම ඔහුට කීවෙමි.

ඊළඟ සොමිය දුන්නේ සජ්ජාය.  ඌ සයිකලේ ඇවිත් අපේ ගේ ඉස්සරහ නවත්වා ගේට්ටුව ළඟ හිටිය මට හිනාවක්ද දමා ඇහුවේ පිට්ටනිය තියෙන තැනය.  මම  පිට්ටනිය පෙන්නු විට සජ්ජා මටත් ස්තුතිකර යන්නට ගියේය.  ඒත් මගේ ඔලුවේ වැඩකලේම ඌ අපේ ගෙදරට එන්නට ආපු එකෙක් වෙන්නට හැකි බවයි.  අපරාදෙ තව ටිකක් කතාකරන්නට තිබුනා නොවේදැයි මටම කියාගතිමි.  ඒ සිතුවිල්ල අවසන් වෙන්නටත් පෙර ආපසු ඇවිත් තිබුනු සජ්ජා නැවතත් මා ඉදිරියේ පෙනී සිටියේ හිනාවෙමිනි.   වැඩේ සිද්දවී තිබුණේ සංවිධායක අටමා අපේ ගෙදරට එන සියළුම දෙනාට මග සලකුණ වශයෙන් ක්‍රීඩා පිටිය දන්වා තිබීමයි.  අනික් කාරණය  නම් දවල් වෙනවිට ඌ ඔක්කොටොම  එන මග කිව්වේ සංස්කෘත භාෂාවෙන් වීමයි.  අටමාගේ භාෂා නිපුණත්වය ඉදිරියේ හොල්මං වන අපේ උන් හිස ගිනිගත්තවුන් සේ අපේ ගේ පහු කරමින් පිට්ටනියට ගියහ.

ළමයාගේ ගමනත් කල්ගිය නිසා ඉන්පසුව කරන්නට කියා නිශ්චිත වැඩක් නොවූ අතර උදේට හැලපැට්ටාද එකතු කරගෙන පයින්ම ටවුමට ගිහිං සුමනගිරි හෝටලේ කටදන මිරිස් මාළු හොදිත් එක්ක රෝස්පාන් කෑමත් දවල් කෑමට පෙර  සීතල ළිං වතුරෙන් හොඳට නා කියාගෙන ඇවිත් මම ගෙනවිත් තිබු කුරුම්බා වල්ලෙන් ගෙඩියක් දෙකක් කපාගෙන බීමත් හවසට දහඅටේ කන්ද උඩ කඩේ ආප්ප පුච්චන ආච්චිගෙන් ආප්ප අරගෙන ඒම හෝ නාරංවත්තේ ඉඳිආප්ප අම්මාගෙන් ඉඳිආප්ප ගෙන ඒමත් මගේ  දෛනික රාජකාරි විය.

කුරුම්බා මතක්වුන වෙලේ ඒ ගැනත් වචනයක් දෙකක් කිව යුතුය.  ඉස්සර අපි කොල්ලන් කාලේ දවසේ පැය විසිහතරේ ඕනෑම වෙලාවක කුරුම්බා බී ගෙඩිය පළා ලොඳද හුරාගෙන කන්නට සැදී පැහැදී සිටියෙමු.  දැන් ඉන්න ළමයි කුරුම්බා කෑමේ කලාව නොදන්නා හේතුවෙන් කුරුම්බා වලු පිටින් පොල් බවට පත්වෙයි. කොටින්ම කිව්වොත් අවුරුදු හතර පහකින්වත් මට කුරුම්බාවක් බොන්නට ලැබුණේ නැත.  ගමේ ගස්වල කුරුම්බා හොයන්නට වූ මට කීප දෙනෙක්ම කිව්වේ ගමේ දැන් කුරුම්බා  නැති බවයි. මගේ කුරුම්බා බීමේ දොළදුක සංසිඳවන්නට බිරිඳ ඉදිරිපත් වුවාය.  ඇය කිව්වේ ගමේ යනදාට මට බොන්නට කුරුම්බා වල්ලක් කපා තියන්නට කියා ලොකු අයියාට පණිවිඩයක් යවන බවයි.  කිව්වත් වගේම අයියා මට බොන්නට පත කුරුම්බා වල්ලක් කපා ගෙයි තියාගෙන හිටියේය.  ගෙඩි දෙකක් බොනවිට මගේ බඩ බැලුමක් සේ පිම්බී ආවේය.  බිරිඳ මට සවුත්තුව දැම්මේ අයියා අමාරුවෙන් හොයා තියපු කුරුම්බා වල්ල එකක්වත් ඉතුරු නොකර බීම මගේ  යුතුකම කියාය.  මම ඒ කතා ගණනකට නොගෙන ගෙදර එනවිට කුරුම්බා වල්ල අරගෙන ආවෙමි.   ඊට පසුව  නම් කුරුම්බා වල්ලට යුතුකම ඉටුකරන්නට කට්ටිය ඕනෑ තරම් සිටියෝය.

නිවාඩුව නිකම්ම වගේ ගෙවී යන නිසා හැකිනම් ගොඩ්ප්‍රි හම්බවෙන්නට යන්නට සිතාගෙන හැරී අයියාට කතාකර බැලුවෙමි.  ඔහු කිව්වේ මේ දවස්වල ඔහුට කියන්නට තරං හදිස්සි වැඩක් නැති නිසා යන්නට දවසක් ලෑස්ති  කරගෙන දැනුම් දුන්නොත් මගෙත් එක්ක එන්නට පුළුවන් බවය.  ඒ අනුව මම ඉරිදා දවසක වැඩේ ලෑස්ති කරගෙන ප්‍රියන්තටද කතා කරගෙන උදේම පිටත් වුනෙමි.  ප්‍රියන්ත කටුවැල්ලේගමට යන්නට කෙටි පාරවල් හොඳින් දන්නා නිසා අහරෙන් මෙහෙන් ඇති පාරවල් වලට දමමින් ගමන ගියේය.  ඒ ගිය පැත්ත නම් මා යන්නට ඉතා ප්‍රියකරන පළාතකි.  බැලු බැලු තැන ඇත්තේ ලඳු කැලෑ සහ විශාල වතුය, තැනෙක කුඹුරු යායකි.  ගෙවල් ඇත්තේ අතරින් පතර නිසා ඇහැට වෙහෙසක් නැත.  කටුවැල්ලේගමට ලං වන විට ගෙවල් වැඩිවන්නට විය. දැන් හැරී අයියා ප්‍රියන්තට පාර කියයි.  හංදිය පහුකර ඉස්සරහට ගියවිට පංසලක් හම්බවෙන බවත් එතනින් වමට හැරුණ ගමන් ගොඩ්ප්‍රිලගේ ගෙවල් හම්බවෙන බවත් කියමින් ඉදිරියටම ගියෙමු.  පන්සල තිබුණත් ඊට පස්සේ හැරී අයියා කියූ විදියට කඩයක් හෝ පාරක් තිබුණේ නැත.  පන්සල ඉස්සරහම අති විශාල කෝට්ලෝඩ්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවකි.  තවත් ඉස්සරහට ගිහිං විපරම්කර බැලුවද කිසිම මං සලකුණක් සොයා ගන්නට හැරී අයියාට හැකිවුණේ නැත.  

මට දැන් පුල් ජොලිය,ඒ ඉස්සර එඩුවාත් මමත් කරන වැඩක් මතක් වෙලාය.  අපි එඩුවා සමග ඈත පළාතකට ගියවිට උවමනාවෙන්ම පාර වරද්දා ගන්නෙමු.  ඊට පසුව දවසෙන් බාගයක්ම ගෙවෙනතුරු ආපහු එන පාර හොයමු.  ඒ අතරතුර රෙඩ් වයින් බෝතල්ද කෝන් බීෆ් ටින් කීපයක් සහ බගට් දෙකතුනක්ද අවසන් වෙයි.  මේ දෙන්නගේ වැඩෙන් මට ඒ කතාවත් මතක් විය.  හැරී අයියාටත් ප්‍රියන්තටත් පාර හොයාගන්නට ඉඩහැර මම අවටපිට සිරි නරඹමින් සිටියෙමි.  තවත් ටිකක් ඉස්සරහට ගිහිං කඩේකින් පාර ඇසුවිට කඩෙන් කිව්වේ මේ කටුවැල්ලේගම නොව යටියන බවයි.  දෙන්නාටම කිසිම හෝඩුවාවක් හොයාගන්නට බැරිතැන ආපහු හංදිය පැත්තට ගිහිං සොයා බලන්නට දෙන්නා තීරණය කළෝය.   

දැන් අපට පාර පෙන්නන්නට ආ හැරී අයියාද දුර්මුඛ වෙලාය.  ඔහු හිතන්නට ඇත්තේ කල් යල් බලා ආ ගමන අසාර්ථක උනොත් ඒ ඔහුගේ වැරැද්ද නිසා කියා වෙන්නට ඇත.  මම දෙන්නටම කිව්වේ අපි ගොඩ්ප්‍රිගේ දුක සැප බලා යන්නට ආවා මිසක ඔහුගෙන් විශේෂ වැඩක් කරගන්නට නැති නිසා ගේ හොයාගන්නට බැරිවුනොත් ආපහු යමු කියලාය,වෙන මොනවා කරන්නද?  ඔය අව් අස්සේ මම හැරී අයියාගෙන් ඇහුවේ යාළුවාගේ මඟුල් ගෙදර ආවේ කවදද කියලාය.   ඔහු ගත් කටටම කිව්වේ ඒ ආවේ මීට අවුරුදු දොළහකට ඉස්සරින් කියාය.   ඒ ඇසු මට දැන් තවත් ජොලිය, දෙන්නාට පාර හොයාගෙන එන්නට කියූ මම පාර අයිනේ තිබුන කඩේකින් බුලත්විටක්ද අරගෙන එතැනම තිබුන කොට්ටං ගහ මුල වාඩිවී බුලත්විට හපමින්ද පාරේ යන ළඳුන්ට මෛත්‍රී  කරමින්ද  සිටියෙමි ෴

ප.ලි :මෙදා සැරේ ලංකාවට යද්දී කැමරාව ගෙනියන්නට අමතක වීම හරිම පාඩුවක් විය.  කතාවට දමන්නට පිංතුරයක් සොයමින් ගූගල් පීරන විට කටුවැල්ලේගම පංසලේ මේ පිංතුරය ලැබුණු නිසා එය දැම්මෙමි.

125 comments:

  1. හැලපෙ අයියගෙ ගෙදර තිබ්බ පාටිය දවසෙ පාර කියන්ඩ හිටපු එකා අමුතු බාසාවකින් පාර කිවුවෙ.
    හැලපැට්ට ආතල් බුවෙක් වගේම උගෙ යාළුව ( නෑය ) ඌත් නියම කොල්ලෙක්. චෙෆා ගෙ මාතලීට මම එදා ඇලක් උඩින් වාහනේ එලවන්ඩ කියල දෙන්ඩ හැදුවෙ , කොහෙද චෙෆාකි බයවෙලා කෑගැහුවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒ නෑයා කුමාරු ගුණරත්නම්ගෙන් නෑයෙක් බං.. හැක්

      Delete
    2. භාෂාව ටික ටික දරුණු අතට හැරුනේ දවල් වෙද්දි නේද.

      Delete
    3. දුසක,
      කුමාර් ගුණරත්නම් අල්ලපු දවසෙ ඉඳල ඌ ආගිය අතක් නෑ නේද.

      Delete
  2. හැලපෙ අයියගෙ ගෙදර තිබ්බ පාටිය දවසෙ පාර කියන්ඩ හිටපු එකා අමුතු බාසාවකින් පාර කිවුවෙ.
    හැලපැට්ට ආතල් බුවෙක් වගේම උගෙ යාළුව ( නෑය ) ඌත් නියම කොල්ලෙක්. චෙෆා ගෙ මාතලීට මම එදා ඇලක් උඩින් වාහනේ එලවන්ඩ කියල දෙන්ඩ හැදුවෙ , කොහෙද චෙෆාකි බයවෙලා කෑගැහුවනෙ.

    ReplyDelete
    Replies
    1. චැහ්... මං එනකොට මේක ඩබොලක්ම දාලනෙ.

      Delete
    2. චැහ්... මං එනකොට මේක ඩබොලක්ම දාලනෙ.x2

      Delete
    3. ණෑ බං. හැලපයියගෙ ගෙදර පාටි දෙකක්ම තිබිල.

      Delete
    4. චෙෆාගේ වාහනේ දෙපාරක් ඇලට දාන්න හදලා..

      Delete
    5. කම්මල හුගක් දේවල් දෙපාර කරන්ඩ කැමතියි වගේ......

      Delete
    6. දෙවරක් පෙරන ලද කමෙන්ට්

      Delete
    7. ඉස්ප්‍රීං මෙට්ටෙයක් ගනිං :D

      Delete
  3. හැලපේ උඹ නං මාර මිනිහෙක් බං.. උඹගේ සිරියස් ගතිය හැම වැඩේටම තියෙනවා.. මෙනන් මගේ උපහාරය. සාමාන්‍යෙයන් කව්රුවත් ඔය වගේ කරන්නෑ බං.

    අර මාතලී සතුටු වෙන්න ඇත්තෙ උගේ ගොඩට මුලු දවසටම එකතු වෙන එකා නිසා වෙන්ටැති. හැක්..

    ඈ බං චෙපාකියා අහිංසකයැ// ඒකා මහා පෝරිසාදයා නෙහ්.. හැක්..

    ReplyDelete
    Replies
    1. චැහ්.. මම මේක කියෝල එනකොට මේ යකත් එකක් දාලනෙ.

      Delete
    2. ඈ බං චෙපාකියා අහිංසකයැ// ඒකා මහා පෝරිසාදයා නෙහ්.. හැක්.. x2

      Delete
    3. ෂෙෆාකි අහිංසකයි කියලා ලියලා නෑනේ මචෝ...අහිංසකයො ගැලපෙන්නේ මොනවගේ අයටද කියල දන්නවනේ...!

      Delete
    4. හැක්.. සොරි සොරි.. ඉවසන සුලු කෑල්ල අමතක උනා..

      Delete
    5. ඉවාන් ලව්පූසා නම් උපාසක බලලෙකුටත් වඩා අහිංසක බව හැමෝමදන්නවා

      Delete
    6. ඔය ලව්පුසාගේ අහිංසක කම නොදන්න මං විතරද දෙයියනේ ඉන්නේ.. හැක්

      Delete
    7. ලව් පූසා හිමිජ්ජා...

      Delete
    8. ඒ මාතලී ඉතාම අහිංසක බව පෙනුන නිසාමයි මේ සටහන තැබුවේ.

      Delete
  4. හැක්... හැලපයව කටුවැල්ලෙ එක්ක යන්න ගිහිල්ල අනික් දෙන්න මාර කට්ටක්නෙ කාල තියෙන්නෙ.

    අනෙ අම්මෝ මීට පස්සෙ කොහේ හරි පාරක් අහනවනං අටමගෙන්නං අහන්න හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. අටමගෙන් අහගනින් කවදාවත් පාර අමතක වෙන එකක් නෑ.

      Delete
    2. මෙන්න මෙහෙම කේස් එකක් තමයි ...හැක් හැක්
      (අටමා මටත් එන්න කියලා කිව්වා ..ඒ දවස් ටිකේ ගෙදර අතාරින්න බැරි වැඩ කීපයක් තිබුනා ...)
      හැමදාම වාගේ නියමයි ...හැලපයියේ ..

      දොම්පෙට යන පාර කොයිබදෝ……
      ගමයෝ මට කියා දෙන්නකෝ.

      බතල හොදට පැහිල තියෙනවා.
      හාරන තුරු ටිකක් ඉන්නවා.

      උ‍ඔගෙ ඉලව් බතල මට එපා.
      දොම්පෙට යන පාර කියාපන්.

      ගම හාමිනේ මෙන්න මෙහෙ වරෙන්.
      මේ මිනිහට බතල ගැන කියන්.

      දොම්පෙට යන පාර කොයිබදෝ….?
      හාමිනේ මට කියා දෙන්නකෝ.

      පැදුර හොදට වියල තියෙනවා.
      සායම් ටික දමා ඉවර නෑ.

      උඔගෙ ඉලව් පැදුර මට එපා.
      දොම්පෙට යන පාර කියාපන්.

      අනේ දුවේ මෙන්න මෙහෙ ව‍රෙන්.
      මේ මිනිහට පැදුර ගැන කියන්.

      ඔබවත් දැන් ඉතින් නංගියේ.
      දොම්පෙට යන පාර කියාපන්.

      තරුණෙක් අද එනවා යයි කියා.
      කපුට කීවෙ ඒ තමයි ඔයා.
      අම්මා අප්පා දෙන්න කැමති නම්
      කසාදයට බොහොම කැමති මං....

      (යූ. ඒ. එස්‌. පෙරේරා / සිරි අය්යා)

      Delete
    3. අප්පට හුඩු සිංදුවෝ.උඹ නම් මාර බඩුවක් කොල්ලො.හැම දේකටම හරියන සිංදුවක් උඹේ ළඟ තියෙනවා නේද.

      Delete
  5. ඇත්තටම, අටමා ඇත්තම කීවා නම්, ආයෙත් ලාහට ගෙම්බන් අහුලගන්නටනම් තිබ්බා...ඒ කෙසේ වෙතත්, අප වෙනුවෙන් පැමිනීමත්, බඩ කට පිරෙන්න බොන්න දීමත් (කන්නත් දුන්නාවගේ මතකයි ) ආනිසන්සයෙන් තමා හැලපට්ටා එක්ක නිවිහැනහිල්ලේ කටදන මාලු හොදි පාන් කන්න ඔහේට හම්බ උනේ...
    මාතලී ගැන කියනවා නම් ප්‍රගීත් මහත්තයාගේ බොක්කක්...මාතලීව ඉන්ට්‍රොඩියුස් කලෙත් ප්‍රගීත් මහත්තයාම තමයි...අනිත් එක නම් හැලපගේ උපකල්පනය හරියටම හරි...මාතලී ආරක්ෂක අමාථ්‍යාංශයට අදාලව රාජකාරි කරලා තමයි ඉතින් මේ කටයුත්තට අනුයුක්ත කරලා ඉන්නේ...
    සජ්ජාගේ අනාගැනීමට අටමාටම ගතු කියාවි..ඒත් ඒකම තමා රසම රස මේ කතා පොජ්ජේ....
    මමත් පොඩි කාලේ ඉඳන්ම ඔය මෛත්‍රී කිරිල්ල නම් කරනවා..

    ReplyDelete
    Replies
    1. //chef-architectNovember 15, 2015 at 8:26 PM
      ඇත්තටම, අටමා ඇත්තම කීවා නම්, ආයෙත් ලාහට ගෙම්බන් අහුලගන්නටනම් තිබ්බා...//
      අපොයි ...ඔවු හැලපෙ කිවුවනම් අටමො වැඩේ පස්සට ගමු කියල අටම ගෙම්බන්ට මෙහෙම කෝල් කරල ගෙන්න ගන්නව '' අඩෝ #$ න්නො €¥ සීන් එක පාටිය මෙදාට කල් ගියා , ©<¢¥€ ගන්නෙ නැතිව එදාට වර "
      ඕඃ ඔහොමයි ඌ ඉන්වයිට් කරන්නෙ.

      ඒක නෙමෙයි ලොකු සෑර් මොකෝ ලියන්නෙ නැත්තෙ ?

      Delete
    2. ඩබල් දාන්න අමතක උනැයි කම්මලේ..

      Delete
    3. කම්මලයා අහලා තියන ප්‍රශ්නේට උත්තරයක් දෙන්න..ඇයි ලියන්නෙ නැත්තෙ?
      අටමා පාටි ඉවර වුනාම බායි කියන්නෙ, සමු දෙන්නෙ හරිම ආදරනිය විදිහට..
      අඩෝ...#%&&%තෝ..හු#%&&$න්නේ නැතුව කෙලන්ම ගෙදර පල...තෝ..ගෙදර ගිහින් මට කෝල් එකක් දිපිය..

      Delete
    4. මෙන්ඩා බ්ලොගක් ලියනකං ආයෙත් ලියන්නේ කමෙන්ට් විතරයි කියල තීරණය කලානේ..ඒකයි...
      අනික....මොනා ලියන්නද.....
      මේ දවස්වල හෝ ගාලා...වහිනවා...!

      Delete
    5. අනේ කියන තැනකට පෙරලි පෙරලි වදින්නම්..මාව හැමදාම ඔයාලාගේ ආදරනිය කමෙන්ටර් විදිහටම තියන්න..

      Delete
    6. අටමගේ නැවිගේෂන් වලින් තැනට ආපු එකෙක් පාර වරද්දාගෙන තිබ්බොත් කාරිය එතෙන්දිත් අහගන්න වෙනව සංස්කෘත... බුදු අම්මේ අර නෙලුම් යායට ගිය දවසේ වැවාට බැනපු බැනිල්ලක්... වැවාට කෝල් එකක් දීල බනින්න ඕන.. ඌ බ්ලොග් එක පැත්ත පළාතේ යන්නෙ නෑ.. ඒ උනාට බුකියෙ කවි දානව....

      Delete
    7. අැයි චෙකාපිට විතරක් - මටත් ඉන්නවා සුපර් මාතලියෙක්... හැක් හැක්

      Delete
    8. අපේ අජියා :D

      ඌත් නියමම බොක්කා බං.. මයෙ හිතේ කලිං එලෙව්වෙ කැටපිලර් වෙන්ටැ . හැක්

      Delete
    9. මාෂල් ගේ මාතලී නම් කිසිම බාධකයක් ගණන් ගන්නෙවත් නෑ, අඩු ගානේ තාප්ප්යක්වත් සත පහකට මායිම් කරන්නේ නෑ

      Delete
    10. මිනිහ කැමති නෑ වාහන වල බපර් හයි කරනවට.. හැක්

      Delete
    11. මාෂල්ගෙ මාතලිය වගේ තාප්ප අස්සෙං වාහන එලවන්න අනික් එකෙකුටවත් බෑනෙ.

      Delete
    12. හැක් හැක්.. පවු අහිංසක දරු පවුල් කාරයා

      Delete
    13. මාතලී ප්‍රගීත් මහත්තයට හොඳටම ආදරෙයි කියල මම එදා දැනගත්තා.මෛත්‍රී කිරීම පලදෙන වෙලාවලුත් තියෙනවා නේද චෙපාකි.

      Delete
    14. විදානේ,
      චෙකාපි කියන්නෙ මොකෙක්ද බං.ඔකාපි වගේ සතෙක්ද?

      Delete
  6. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. සොරි. පොඩි මිස්ටේක් එකක්

      Delete
    2. හරි බං අප්සැට් එකක් නෑ.

      Delete
  7. ශහ් මරු ෆන් එකක්නෙ අරන් තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ෆන් ගත්ත උන් නියමෙටම ගත්තා.

      Delete
  8. මීට වැඩිය සැර මඩ නැද්ද?

    ReplyDelete
    Replies
    1. හොඳ නෑනෙ බං ලාවට දුන්නනං ඇති.

      Delete
  9. හැක්...
    කතාව පටං ගන්නත් කලිංම ඉවර වෙලානෙ
    ලොස් සහගතයි මේ නං හැලප ස්ටැයිල් එක නෙවි
    බ්ලොග් එක ළමයෙට්ට දීලද කොහෙද

    ReplyDelete
    Replies
    1. මම හිතුව අද ගොඩක් ලිවායි කියල.බලපුවම මදිලු.

      Delete
  10. චෙෆාගේ රියදුරැ මහතා මාර හිතවත් කෙනෙක් මාත් එක්ක කතා කරපු දෙපාරට මිනිහා ගැන පැහැදිමක් ඇතිවුනා..
    ප්‍රගිත්..බොන්නෙ නැති වුනාට අපි එක්ක හැම දෙයකටම සම්බන්ද වෙනවා..අපි බිලා ඉවර වෙනකන් අපි එක්ක ඉන්නවා..හැම කෙනෙක්ගෙම ගමන් පහසුව බලනවා..දැකපු ගමන් කතා කරනවා..ඌ මාර පොරක්.
    මම සමාන්‍යෙයන් මගේ ආයතනයේ පාටි වලිනුත් මග අරිනවා ගියත් දෙකක් දාගෙන එතනින් පැන ගන්න බලන්නෙ ලෝකේ අන්තිම අරක්කු බෝතලය කිව්වත් මම සෙනසුරාදට ඔෆිස් එකෙන් එලියට යන්නෙ නෑ ඒත් බ්ලොගර්ස්ලා එක්ක බිපු හැම වතාවකම ඒක ආතල් ලෝකයක්..
    හැලපේයියන්ඩි එදා ඔයා අපිට හොදටම සැලකුවා..
    එතන ඉන්නම ඔනේ එකෙක් පත්තර මල්ලි..

    ReplyDelete
    Replies
    1. //හැලපේයියන්ඩි එදා ඔයා අපිට හොදටම සැලකුවා..// හපොයි...

      Delete
    2. බොන එකාට බය නැතුව බොන්න පුළුවන්... මොකද ඌ දන්නව ඌට ආරක්ෂාව තියනවා කියල. ගමන් පහසුකම් , ඉඳුම් හිටුම් ඔක්කොම. කටුස්සගෙ වගකීමට නං හැමදාම කරගහන්නේ කමිය..

      Delete
    3. දවස් ගානක වෙනසකින් පත්තරේ මට මිස් උනා මෙන්ඩෝ.

      Delete
    4. ප්‍රසන්න.
      උඹත් ආවනං ඉවරනෙ.

      Delete
    5. සජ්ජා,
      එදා හැලපිට කටුස්සව හඳුන්නල දීපු වෙලේ කවුද අනේ ඔයාට කටුස්ස කියල නම තිබ්බෙ කියල ඇහුවා.ඌට එවෙලෙ ඒක තේරුම් ගන්න තරම් සිහියක් තිබ්බෙ නෑ.

      Delete
    6. චෙෆාගේ ගෙදරිනුත් ඔය ප්‍රශ්නෙමයි

      Delete
  11. ගොඩ්ෆ්‍රි හම්බුවුනාද කියලා කියල නෑනෙ. එඩුවා ගිය දිහා යන්න ඉස්සර හම්බුවෙන්න. පාටිය ගැන පෝස්ට් කියෙව්වා මතකයි.

    ReplyDelete
    Replies
    1. චෙෆාකි ගෙ මාතලී හම්බුවුනේ එක දවසයි. ඒ චෙෆාකි ගෙ ගෙදර ගිය දවසෙ. මට පාක් කරන්න තැන පෙන්නල වාහනෙන් මම බැස්ස ගමන් මිනිහ මට ඉවාන් ගේ මරූන් පාට හොන්ඩා ජීප් එක පෙන්නුවා. ඉවාන්ට හරි හිතවත් පොරක්.

      Delete
    2. හෑ..මේකනං හොයල බලන්නම ඕනි කේස් එකක්...මොකෝ මේ ජෝඩුව මේච්චර බොක්ක කියලා...හෙක් හෙක්..!

      Delete
    3. //බැස්ස ගමන් මිනිහ මට ඉවාන් ගේ මරූන් පාට හොන්ඩා ජීප් එක පෙන්නුවා //

      ගෙනල්ල දවස් තුනක් නෑ ඕකා කිට මරලා ආවෙ නැද්ද .. ..මං විජහට ඇතුලට පැනලා දොරවහගත්තා යමං රවුමක් කියලා .පිස්සට හැතැම්ම නෑ වාගෙ තමා ඉතිං :D

      Delete
    4. @ ඉයන් - මිනිහා ඉයන් ව දැකලා දුවගෙන ඇවිත් ඇවිත් මට කිව්වේ... " අන්න අර xxxxxx එකේ ඉන්න අර හරිම හොඳ මහත්තයා ඇවිත්" කියලා , ඇත්තමයි .

      @ පත්තරේ - පිස්සෙක් අනික් සීට් එකේ තියාගෙන හැතැක්ම හෙව්වා හැකිය ඉතිං

      Delete
    5. ගොඩ්ප්‍රි හම්බ වුන කතාව ඊළඟට කියවන්න.

      Delete
    6. පත්තරේ,
      එතකොට උඹයි පිස්සා එහෙනං.

      Delete
  12. හැලපයියේ.... පාරේ යන ළඳුන්ට මෛත්‍රී කරන්නේ කොහොමද ? පොඩ්ඩක් කියලා දියන්කෝ.......

    ReplyDelete
    Replies
    1. පාරෙ යන ළඳුන්ට මෛත්‍රී කිරීමත් ලොකු කොස් එකක් බං.ලේසියකට කියල දෙන්න අමාරුයි.ඔන්න චෙපාකිගෙන් ඇහුවොත් ටිකක් හරි දැනගන්න පුළුවන් වේවි.

      Delete
    2. චෙපාකි මහත්තයා අල්ල ගන්ඩ අමාරු වෙයි.... ඕක ඔය කැමර කටා, කම්මල, ප්‍රසන්න , කලනයා වගේ උන්ගෙන් දැනගන්ඩ බැරි වෙයිද ?

      ලෙදර් එකක් කරන එක ලේසි වෙයි වගේ.....

      Delete
  13. මාතලිගේ නම රංජී.... එළ කොල්ලෙක්... මමත් මොනවා නැතත් ඔය මිනිස්සු ගැන හොයලා බලනවා... විශේෂයෙන් හමුදාවේ බඩී කොල්ලන්ට.. මොනවද ඉතින් කෑම්ප් එකකට ගියාම දෙවියන්ට වගේ තමයි සැලකිලි....

    ආයෙත් පාරක් ගොඩාක් ඉස්තූතියි... හැලපෙට, හැලප හාමිනේට, හැලපෙගෙ ළොකු අම්මට සහ අපි වගේ ගුණමකුවෝ වෙනුවෙත් තම සතුට පූජා කල හැලපැට්ටට..

    උඹ නම් එළ කොල්ලෙක් කොල්ලෝ.... තාත්තා වගේම හොඳ මනුස්සයෙක් වෙයන්...

    ReplyDelete
    Replies
    1. බොලාගේ අවංක ආශීර්වාදයෙන් කොල්ලා දැන් සතුටින් ඉගෙනගන්නවා බං.බොහොම ස්තුතියි.

      Delete
  14. හෙහ් හෙහ්... තැනකට වෙලා ඉඳගෙන තනියම හිනා වෙවී.. ටයිප් කරලා.. ආයෙ ටිකක් මකලා.. ආයෙ ටයිප් කරලා.. ඒක දිහා බලන් ඉඳලා...ඔලුව වනලා..ම්ම්ම්... අන්න එහෙම ගතියක් මේ පෝස්ට් එක පුරා තියෙනවා.සතුට ගලනවා වෙන්ටැ... හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කතාවක් රසවත් වෙන්න නම් ඒ කතාව ලියන මනුස්සයා ඉස්සරවෙලාම කතාව රස විඳින්න ඕනෑ.හරියටම ගායකයා ගීතය රස විඳිමින් ගයනවා වගේ.

      Delete
  15. මං හිතුවේ පාටිය දැම්මේ අර බෝධිය ළඟ කියාය. මොකද කිව්වොත් අටමාට හිතුනොත් බුදුගේ ඇතුලෙත් පාටි සංවිධානය කරන නිසාය. එදා එන්නට බැරිවීම ගැන දුකය.

    ReplyDelete
    Replies
    1. අපිට නම් ආරංචි ඔහේට බ්ලොග් පාටි කර්ෆිව් එකක් දාලය කියලයි....පහුගිය දෙක තුනේම ඔහේ මිසින්ග් ඉන් ඇක්ෂොන් නේද...?
      ඊලඟ එකටවත් එනවයි...අර ඉයන් අඬ අඬ ඉන්නවා විචාගේ වීර වික්‍රම අහලා නැතය කියලා...!

      Delete
    2. විචාගෙ වීර වික්‍රම කියන්නෙ අර ග්ලාස් බැලන්සිං ද?

      Delete
    3. බුදු හාන්දුරුවෝ විලි ලැජ්ජාව නිසා හැලපෙට කියලා මූණ වහගෙන උන්නේ බීපූ කාමරේට වෙලා...

      අටමා කියන ඒවා ඇහුවා නම් හෙම උන් වහන්සේ ආයෙත් සැරයක් සසරේ කළකිරෙනවා...

      Delete
    4. එදා විචා ඒවි කියල ලොකු බලාපොරොත්තුවක් මගේ හිතේ තිබුනා.නමුත් ඒ බලාපොරොත්තුව සුළඟේ ගියා.

      Delete
    5. මාතේ,
      ඔය බුදු පිළිමෙ ගැන වදින මඩවල කෙළවරක් නෑ.වෙලාවක පිළිමෙ කතාවත් ලියන්න ඕනෑ.

      Delete
  16. කටුවැල්ලේගම කොහෙද බං තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ බං ඔන්න ඔය දිවුලපිටිය හරියෙ.ඉස්සරහින් මීගමුව සහ පස්සෙන් අළුතැපොළ.

      Delete
  17. හැලප අයියා... ආතල්ම වැඩක් තමයි මට උනේ.. පිට්ටනිය ගාවට ගිහිං ආයෙත් කෝල් කරලා පාර අහන්න උනා. මොකෝ පාරෙ මනුස්සයෙක්ගෙන් අහන්න කියලද "හැලපයගෙ ගේ කෝකද" කියල . මටත් ඒ වෙලාවෙ හිතුන මෙතනදෝ තැන, මේ හැලප අයියා නේද කියලත්.පාර අහල දෙතුන් තැනකින්ම හෙම්බත් වෙලා පාරෙ සිහියෙන් ප්‍රධාන පාරෙදි බයිසිකලේ ආපහු හරවල තව පොඩ්ඩෙන් ලොරියකටත් යටවෙනවා. ඔළුව වටේ අතදාල නාහේ ඇල්ලුව වගේ වැඩක් වෙලා තිබ්බෙ. මොකද මට නැවිගේෂන් මුලින්ම දුන්නෙ මුද්දා. ඒකත් වටෙන් පිටෙන් අහ අහ.. පස්සෙ අටම නැවිගේෂන් දෙන්න එන්ටර් වෙලා තමයි ඔය පිට්ටනිය ගැන කිව්වෙ. අටම කොහොමත් ඔය වගේ තැනකදී බොහොම විමසිල්ලෙන් ඉන්නෙ. කවුරුහරි කාටනමුත් ඒ ඉන්න තැන ඉන්න එකාගෙන පාර අහනව නං "කවුද?" "ආ මෙහෙ දීපන්.." කියල ෆෝන් එක උදුරගෙන අර කිව්ව වගේ උගෙ සංස්කෘත භාෂාවෙන් අමතල පාර කියනව. එදා වැඩේ මරු. ඔයා, හැලප තුමී, හැලපැට්ට ඔක්කොම වගේම ඩෝලයත් අඳුනගත්තනේ.... අපේ බොග සැට්ටෙක ඉන්න තැන ඉතිං අහන්න දෙයක් නෑනෙ. සියලු සත්කාර වලට බොහොම ස්තුතියි කියනගමන්ම අන්තිමට දෙන්නත් එක්ක කයියක් ගහගෙන කාපු බුලත් විටේටත් ස්තුතියි...

    ReplyDelete
    Replies
    1. උඹටත් හරිම අකරතැබ්බක් නොවැ වෙලා තියෙන්නෙ.කොහොමහරි අටම නිසා ගොඩ ගියා නේද.

      Delete
  18. හැලාපයියේ කොල්ලගේ ගමනටත් වඩා බොට බීම ලොකුඋනා නේද බොල?පොටෝ ගහන්ඩ ටච් පොන් එකක් නැතයි ඔහෙට?

    ReplyDelete
    Replies
    1. හොඳ සීයක් තිබ්බත් බොලා කොහෙන් හරි නරකක් හොයා ගන්නවා නේද.මනුස්සයෙකුගේ හොඳ දකින්න පුරුදු වෙයල්ලා බං.අනික මම බොනවා තියා බීමක් ඇල්ලුවෙ වත් නෑ.
      ටච් පෝන් එකක් නං තියෙනවා.ඒ උනාට මම වඩා කැමති මට උවමනා විදියට පිංතුර ගන්න පුළුවන් මගේ කැමරාවටයි.

      Delete
  19. ඔන්න මට කේන්ති ඒනවා ඔ්ං....

    ReplyDelete
    Replies
    1. හා හා පිටිපස්සේ තාප්පයක්

      Delete
    2. ඔ්ං....

      ඔන්න ඔය අකුර සද්ද කරන්නේ කොහොමද?

      Delete
    3. අපිත් තිලකසේන වෙල් විදානෙගේ බාප්පා වෙන්ටැති. .හැක්

      Delete
    4. හා හා කලබල කරන්න එපා.

      Delete
  20. චෙෆාගේ මාතලී එතනට යැව්වේ මම, මිනිහා මගෙත් එක්ක කාලයක් තිස්සේ වැඩ කරපු පොරක්, කලින් හිටියේ මිලිටරි පොලිස්. අවංක සේවකයෙක් .

    අර කම්මලයා ඒදණ්ඩක් දිගේ ජීප් එක අරං යන්න හදපු කතාව හලපයියා අහලා නැද්ද? අන්න ඩබල් ආදිපාදගේ වැඩ

    පාරේ යන ළඳුන්ට මෛත්‍රී කරනවා කියන්නේ මොක්කද හැලපයියේ?? .

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී කියන්නේ හිතෙන් කරන දේටනේ.

      Delete
    2. මම හිතුවා, මිනිහා ඉවාන්ට හරිම ආදරෙයි.සමහර විට හොඳ හාම්පුතෙක් හොයා දීපු නිසා වෙන්නට ඇති.එදන්ඩ දිගේ ජීප් ඒක ගෙනියන්න හදපු කතාව මම මේ ඇහුවමයි.අර ළඳුන්ට මෛත්‍රී කරන හැටි චෙපාකිගෙන් හිමිහිට අහගන්න.

      Delete
  21. හැලප මාමේ කෝ අවසානේ..... අර දෙන්නා පාර හොයා ගත්තද? ඒ ටිකත් ලිව්ව නම් කුතුහලේ ඉවරයි.....ආයේ කොටසක් ලියන්න හිතන්ද නතර කලේ.....
    කුරුම්බා නම් මගෙත් ආසම බීමක්....ලංකාවට ගියාම වරදින් නෑ

    ReplyDelete
    Replies
    1. මංනං ඉතිං අාසම බීම බීලා පහුවදා කුරුම්බා බොනවා.. හැක් හැක්...

      Delete
    2. අවසානය මෙය නොවේ.තවත් ටිකක් ලියන්නට ඇත.ඉවසිල්ලෙන් ඉන්න.

      Delete
  22. කුරුම්බා නම් නියමයිනේ හැලපයියේ.

    හෙහේ සජ්ජා තමයි නියම ආතල් එකක් දීලා තියෙන්නේ.ගොඩ්ප්‍රියාගේ ගෙදරට යන පාර කියන්න ඇවිත් තියෙන්නේ උඹටම හරියන ජෝඩුවක් වගේනේ හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. ඔව් බං හොර කුරුම්බා මගේ ප්‍රියතම බීමක්.
      එහෙම තමා ,මම එක්ක යන්නෙ මටම ගැලපෙන උන් හොයාගෙනයි.

      Delete
  23. දැන් මේවා කියවන්න පට්ට කම්මැලියි ඕයි. බ්ලොග් කීපයකටම ගිහින් කියවන්න ට්‍රයි එක දුන්න, මොන කරුමයක්ද මන්ද මේ කම්මැලිකම

    ReplyDelete
    Replies
    1. ලිද ගාව නාන එකක් වගේ එකක් ලිව්වොත් කියවනවැයි???

      Delete
    2. හිලක් හරි වලක් හරි ගැන ලිව්වා නම්... ඕනයා දෙයි පට්ට විග්‍රහයක්...

      Delete
    3. @ දේශකයා,
      එවුවටත් කම්මැලියි වගේ බං මේ දවස්වල

      @ මාතලන්
      මගුලක් කියෝනව ඔයා . . . දන්නාදේ ගැන එපයි බං කතාකරන්න

      Delete
    4. අර පොඩි මෑන්ස් ගේ ලට්ට ලොට්ට කියවන්නකෝ..ඒක මරුනේ...!

      Delete
    5. කම්මැලි නං කියවන්න වැඩ වෙන්න එපා බං.වෙන වැඩක් කරපං.පස්සෙ කියවීමේ රුචිය ඇතිවේවි.

      Delete
  24. මේක බල බලා හිනා වුණු හිනාවිල්ලක්. මම මුලින් හිතුවේ පත්තරේලගේ ගෙදර ගිය චෙෆාකිගේ මාතලී කියලා. D. මමත් සංස්කෘත වලින් අහගෙන ගිහිං ග්‍රවුන්ඩ් එක ගාව නතර වුණේ. හොඳ වෙලාවට චානකයා ආවා. මේක බලලා හොර කුරුම්බා කාපු සීන් දෙක තුනක්ම මතක් වුණා. අපි නිසා කොල්ලගේ වැඩේ අතපහු වුණාදෝ කියලා මුලින්ම තැවීමක් ඇති වුණා. පස්සේ ඒක බැලන්ස් වුණ එක ලොකු දෙයක්. හැලපෙගේ කතා මට අල්ලලා යන්නේ ගමේ සීන් බොහෝදුරට මගේ අත්දැකීම් එක්ක ගැලපෙන නිසා. දැන් පොඩි එවුන්ට කුරුම්බාවක් කන්න පින නෑ. මේ ළඟදී මුදුන්ගොඩින් පැල පොල් මද අරගෙන කෑව. පොල් බඩත් ඒ වගේම රසයි. අනේ අපේ පොඩි එවුන් !!!

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ සුදීක.හොර කුරුම්බා වල රස නොදන්නා එවුන් අද ඉන්නෙ.ඔය සුදීකලගේ පළාතේ ඒ කියන්නෙ කළුවාමෝදර මොරගල්ල වගේ පැතිවල කතා කීපෙකුත් මට ලියන්න තියෙනවා.

      Delete
  25. අටමාගෙ පාර කීම නම් සුපිරි. නැවිගේෂන් සිස්ටම් එකක් හදන කම්පනි එකකට දෙන්න වටිනවා.
    චෙෆ්ගෙ මාතලී නියම බුවෙක් කියන එක මං හොඳටම දැන ගත්තෙ චෙෆ්ගෙ පාටියෙ ඉඳන් මාව ගෙනත් දාපු වෙලාවෙ පොර එක්ක කතා කරද්දි. පොර ඉවානයා ගැන සෑහෙන්න හොඳ කිවුවා.

    ReplyDelete
    Replies
    1. //චෙෆ්ගෙ පාටියෙ ඉඳන් මාව ගෙනත් දාපු වෙලාවෙ // ඒ වෙලාවෙ උඹට සිහිය තිබුණ ද?

      Delete
    2. අටමා තනියම නැවිගේෂන් සිස්ටම් එකක් හදන්නයි යන්නෙ.

      Delete
    3. ප්‍රසන්න,
      සිහිය නැතිවෙන්න?ඒ අහවල් දෙයක් වෙලාද බං.

      Delete
  26. එතකොට අවසානෙ පාර හොයාගන්න බැරි උනාද?

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසෙන් කියවන්නකො.

      Delete
  27. දැන් කාලේ කොල්ලන්ට කුරුම්බා කන සංස්කෘතියක් නැහැ බන් හැලපේ අයියේ.. උන් සයිබර් ලෝකයක් ඇතුලේ හිර වෙලා.. ළමා කාලයක් කියල දෙයක් නැති වෙලා.. ඒ කාලේ CCTV තිබ්බේ නැති නිසානේ අපි ඇතිවෙන්න හොර කුරුම්බා කාවේ.. දැන් කාලේ එහෙම උනොත් පහුවදා උදේට ෆෙස්බුකියේ කුරුම්බා විස්තරේ වීඩියෝ වලින්ම වැටිලා තියේවි...ලංකාවට ගියාම අටමගේ ෂොප් එකට ගොඩවෙන්න ඕන කියලනම් හිතුන .. බ්ලොග් ලෝකයේ අපි පුංචි එවුන් නිසා පාර්ටි වලට අපිට ආරාධනා ලැබෙන්නේ නැහැනේ ඉතින්..

    ReplyDelete
    Replies
    1. //බ්ලොග් ලෝකයේ අපි පුංචි එවුන් නිසා පාර්ටි වලට අපිට ආරාධනා ලැබෙන්නේ නැහැනේ ඉතින්..//
      වැඩිපුර කාල ලොකු වෙයන් අපේ කටුස්ස තරමට. උඹ වගේ නොබී ට්‍රාන්ස්පෝට් දෙන එවුන් පාටි වලදි බයිට් කෑවත් වටිනව මචෝ.
      එනකොට call එකක් දියං මෙන්ඩ එයි air port එකට ගෙනාපු බෝතල් ටික අටමත් එක්කම ගහමු .

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. පාටියට වෙන වෙනම කාටවත් ආරාධනා කළේ නෑ බං.මම ඔක්කොටොම විවෘත ආරාධනාවක් කළා.ඊට පස්සෙ අටමා කියන කියන නම්වලට හා කිව්වා.එච්චරයි.අනික දැන් බ්ලොග් ලෝකෙ පුංචි උන් ලොකු උන් කියල නෑනෙ.ඉන්නෙ ලියන උන් සහ නොලියන උන්.

      Delete
    4. බෝතල් නැවක් වත් ගෙන්න වේ නෙහ් ... ඊළඟ වතාවේ ලංකාවට ආවාම එන්නම්කෝ උඹල බලල යන්න... බෝතල්නම් ඉතින් ප්ලාස්ටික් එව්වා තමයි මෙහෙන් ගෙන්න වෙන්නේ ඔන්න කලින්ම කිව්වා... ගහද්දි වදින්නේ නැහැ නැහැ කියල කියාවි.. එත් තැපෑලේ තමයි වදින්නේ ලංකාවේ ගහනකොට ඇමෙරිකන් විස්කි..

      Delete
  28. ඊයේ ලියපු කමෙන්ට් එක මිස් පුස් වෙලා...
    පාටි එකට කලිනුත් ඉස්කෝතු කලා, ඒකට කමක් නැහැ. ආයේ පාරක් මුළු මහත් වූ හැලප පවුලටම ස්කොතු කරනවා...
    විශේෂයෙන් පුතාගේ ගමන සම්බන්ධ සිදුවීම. වඩා අපුරු එය ඔබගේ බිරිය විසින් සහ පුතා විසින් (ඒ වයසේ කොල්ලෙක් විදිහට ඌ කොහොමත් ඕකට අවුලක් ගන්නේ නැහැ) ඔබ පැහැදිළි කළදේ තේරුම් ගැනීම...
    ඔබගේ බිරිඳගේ හැසිරීම ජෙනරේෂන් X වල පරිණතභාවය පෙන්වීමක් කියල හිතෙනවා...
    ඒ දේ ජෙනරේෂන් Y වලින් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද. හෙහ් හෙහ්...

    මම කමිය එක්ක එන්නේ නැතුව තනියම ආවනම් එහෙම පාර හොයා ගන්න එක හෙණ ගේමක් වෙනවා, එහෙනම් අටමගෙන් නැවිගේෂන් කෝඩ් එක්ක පාර අහගන්න තිබ්බා...
    හැලපයියලට අටමා වගේ පාර කියන එකෙක් හිටියනම් අර ගිය ගමනත් අවුලක් නැතුව යන්න තිබ්බා...

    ReplyDelete
    Replies
    1. බිරිඳ මට දෙන සහයෝගය ගැන ඔබ යම් අවබෝධයක් ලබාගෙන තිබීම සතුටක්.ඒ වගේම මගේ වැඩේට ඇය බොක්කෙන්ම දුන්න සහයෝගය මට ඊට වඩා සතුටක්.දැන් ලියන්නෙ නැත්තෙ ඇයි එපා වෙලාද.

      Delete
    2. ලියනවා ලියනවා, නැත්තේ නැහැ. හැබැයි ඒ අවාරෙට පොල් වැටෙනවා වගේ...

      Delete
  29. පෝන් එකෙන් කියෙව්වා.. කොමෙන්ට් කොරන්න බැරි උනා..

    එදා පාටිය එල ද බ්‍රා.. හැලපක්කාවයි කොල්ලවයි මතක් කරා කියන්න.. ආයි එන දවසත් මතක් කරලා කියන්න.. අටමට කියල පාටියක් සැට් කොර ගන්න.. හැක හැක..

    ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ආයෙ එන දවස අටමට කිව්වම ඌ ඉතුරු හරිය කරාවි.

      Delete
  30. මේ බ්ලොග් කාරයෝ සෙට් වෙන තැනකට වෙලාවක සෙට් වෙන්න ඕනේ .. ලංකාවට ආපු කාලෙක තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳ අදහසක්,එන කාලෙදි දැනුම් දෙමු.එතකොට ලෑස්ති කරන්න බැරුවයැ.

      Delete
  31. හිතාමතාම පාර වරද්දගන්න එක කරලා බලන්න ඕනෙ. සාමාන්‍ය පිළිගැනීම පිරිමි තමන්ගෙ තියෙන එක්තරා මෙන්ටැලටි එකක් නිසා කාගෙන්වත් පාර අහන්නවත්, තමන් අතරමං වෙලා බව පිළිගන්නවත් කැමති නෑයි කියන එකනේ. අතරමං වෙන්න හේතුවත් ඒකමලු. Thanks to GPS technology, male ego is saved.

    ReplyDelete
    Replies
    1. අතරමං වීම හරිම සුන්දරයි බං.පිරිමි කාගෙන්වත් පාර අහන්න අකමැති කාන්තාවන් එක්ක ඉන්නා විටදීයි.

      Delete
  32. හැලි පැට්ටා හොඳ දරුවෙකි. බ්ලොග් කාරයෝ සෙට් විල්ලත් අමුතුම සීන් එකක් තමයි දැන්.

    ReplyDelete

ඔබේ අදහස්