Sunday, May 4, 2014

128.ගොඩ්ප්‍රිගෙ ඌරු කොටුව සහ ජෝකිං මුදලාලිගෙ අන්තිම කැමැත්ත.



අපේ ගං පළාත්වල සත්තු හැදිල්ලක් කියල වැඩිපුරම කෙරුනෙ හරක් හැදිල්ලයි කුකුල් කොටුයි,එළුවො කීප දෙනෙකුත් තැන තැන නොහිටිය නෙවෙයි හැබැයි ඌරු කොටු නං අපේ ගම පැත්ත පළාතෙ තිබ්බෙ නෑ. මොකද ඌරො ඇතිකිරිල්ල හරක් හැදිල්ල වගේ නම්බුකාර රස්සාවක් හැටියට අපේ ගංවල අය සැලකුවේ නැති නිසාවෙන් එහෙම වුනා මිසක අපේ ගමට එහා ගමේ නං ඌරු කොටුවක් තිබුණා,ඒකෙ අයිතිකාරයට අපේ තාත්තල කිව්වෙ ඌරු පීතර කියලයි,මනුස්සය පස්සෙ කාලෙක මැරුණත් පවුලෙ අයට ඒ නම දිගටම භාවිතයෙ තිබුණා...

ඌරො හැදිල්ල පිළිකුල් කළාට අපේ ගංවල මිනිස්සු ඌරුමස් නං පිළිකුල් කලේ නෑ,අලුත් අවුරුදු කාලෙට ජා ඇල කඳාන පැත්තෙන් ඌරෙක් මරාගෙන ඇවිත් සැන්ටින් මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ ඉඩං කෑල්ලෙ තියාගෙන හුළුගාල හමගහල මස් ටික ගොඩවල් ගහල විකුණන්න තිබ්බදාට ගමේ හැම  කුස්සියකම ඌරුමස් ඇතිලියක් ඉදුනා...

අපේ ගං පළාත්වල ඌරො හැදුවෙ නැතුවට රාගම කඳාන ජාඇල මීගමුව හලාවත වගේ කතෝලික ලයින් එකේ නං ඌරුකොටු වකාරෙට තිබුන විතරක් නොවෙයි ඌරු පාලනය පිළිකුල් සහගත දෙයක් හැටියට ඒ අය සැලකුවෙත් නෑ,හලාවත ගොඩ්ප්‍රි මතකනෙ,ඔන්න ඔය ගොඩ්ප්‍රිලයි ගේ පිටිපස්සෙත් ඌරු කොටුවක් තිබුණා. මම එහෙ ගිය වෙලාවට නිතරම දැකල පුරුදු දෙයක් නොවන නිසා ඔය කොටුවෙ ඉන්න ඌරො දිහාත් උන් කනබොන දිහාත්  පැයගානක් බලාගෙන ඉන්න පුරුදුවෙලා හිටියා,දවසක්දා මම යද්දි කොටුවට අලුතින් ඌරු පැටව් රංචුවක්ම එකතුවෙලා හිටියා උන් ඒ වෙනකොටත් තරමකට වැඩුනු පැටව්,ඔන්න එදා මම මගෙ ජීවිතේ පළවෙනි වතාවට(සමහර විට අවසාන වතාවත් වෙන්න පුළුවනි)ඌරු පැටව් කප්පාදු කරන හැටි දැක බලාගත්තා...

ළමයො මේ ඌරු පැටව් ටික කප්පාදු කරගන්නත් කාලෙ හරි නොවැ, ගිහිං ඇන්ටනිව අඬගහගෙන වරෙංකො...

ගොඩ්ප්‍රිලගේ අම්ම නංගිට එහෙම කීවම ගොඩ්ප්‍රිලගෙ නංගි ගිහිං ඇන්ටනිව එක්කං ආවා,ඇන්ටනි ගොඩ්ප්‍රිලට වඩා ටිකක් වයස තරුණයෙක්, ඔහු එද්දි අලුත් බ්ලේඩ් එකක් නූල අමුනපු ඉඳිකටුවක් සහ කොහොඹ තෙල් කුප්පියක් අරගෙන ආවා...

ඇන්ටනි වැඩි වෙලා ගතකලේ නෑ ඌරු කොටුවට පැනල වැඩේ පටන් ගත්තා.කවදාවත් දැකපු නැති දෙයක් නිසා මාත් ඒ ළඟටම වෙලා කට ඇරගෙන බලං හිටියා,ගොඩ්ප්‍රි අරං දෙන ඌරු පැටියගේ ඇට කුට්ටම තදින් අල්ලගන්න ඇන්ටනි බ්ලේඩ් එකෙන් ඇට කුට්ටමේ හම උඩ ඉරක් වගේ කැපුමක් දාල  මිරිකලා කොස් ඇටේ සිබිඩ්ඩෙන් එළියට පන්නනව වගේ ඇට කුට්ටම එළියට අරං වීසිකරනකොට වටේ බලාගෙන ඉන්න කපුටො ටික උඩදීම කුට්ටම අල්ලගෙන ගිලල දානවා...

ඌරුපැටියගෙ කපපු තැනට ඉඳිකටුවෙන් මැහුම් දෙකතුනක් දාල ලිපේ අළු ටිකක් එතන ගාල පැටියට කොහොඹ තෙල් ටිකක් පොවල බිම තිබ්බම ඌරු පැටව් කෑ ගගහ කොටුව පුරා දුවනව වේදනාවට වෙන්න ඇති,ඇන්ටනිගෙ සරල සහ රළු ශල්‍යකර්මය එතනින් ඉවරයි,ඌරු පැටව් ඔක්කොම ටික කප්පාදු කරන්න ඕනැනං විනාඩි පහළොවක් යන්න ඇති ,හැලි අරක්කු වීදුරුවකුත් බීල ගොඩ්ප්‍රිලගේ අම්ම දුන්න කීයක්දත් ඉනේ ගහගත්ත ඇන්ටනි යන්න ගියා...

දැක්කද වැඩේ, තාත්ත ඉන්න කාලෙ අපේ ඌරු පැටව් විතරක් නෙවෙයි අහළ පහළ පැටවුනුත් කප්පාදු කලේ අපේ තාත්තා...

ගොඩ්ප්‍රි මාත් එක්ක කිව්වා...

ඉතිං තාත්ත ගොඩ්ප්‍රිලට කප්පාදු කරන්න කියල දුන්නෙ නැද්ද...

නෑනෙ, ඊටමත් ඉගෙනගන්න අපේ උනන්දුවක් තිබුනෙත් නෑ...

ඒ වෙනකොට ගොඩ්ප්‍රිලගෙ තාත්ත සමාදානයෙ සැතපිලා අවුරුදු දහයක් විතර ඇතිලු,ඔන්න සමාදානයෙ සැතපෙනව කියද්දි මට කතාවක් මතක් වුනා අමතක වෙන්න ඉස්සෙල්ල එකත් කියල ඉන්නං...

හදිස්සියෙම මැරුණු ජෝකිං මුදලාලි ගමේ හිටපු ලොකුම පෝසතෙක්  ඉඩකඩම් වතුපිටි කඩ සාප්පු ආදිය යමරෙට තිබුනත් ඔහුගෙ පවුල් ජීවිතේ නං සතුටුදායක එකක් වුනේ නෑ,එහෙම වුනේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම වදක බාරියාවක් වුනු ජෝකිං මුදලාලිගෙ පවුල ජෝකිං මුදලාලිට දෙන්න තියෙන දස වද ඔක්කොම දෙමින් කන් කරච්චලයක් වෙමින් ජෝකිං මුදලාලිගෙ මුළු පවුල් ජීවිතේම කටුක කටෝර අන්ත නීරස එකක් කරපු නිසයි,ජෝකිං මුදලාලි ඔච්චර ඉක්මනට මැරෙන්න හේතුවත් පවුල දීපු දස වද නිසාවෙන් කියලයි කරුණු කාරණා දන්න ඇත්තො කිව්වෙ...

බලාපොරොත්තු වුනේ නැති විදියට හදිස්සියෙම තමන්ට හිමිවුන මහා ධනස්කන්ධය ගැන සතුටින් ඉපිළිලා හිටපු ජෝකිං මුදලාලිගෙ පවුල ජෝකිං මුදලාලිගෙ අවමංගල්‍ය කටයුතු මහ ඉහළින් සිද්දකරල කනත්තෙ සොහොන් කොතකුත් බැන්දෙව්වා,සොහොන් කොතේ ලියල තිබුනෙ සත්ගුණවත් ජෝකිං මුදලාලි සමාදානයේ සැතපේවා කියලයි...

මුදලාලිගෙ පවුල ඔන්න ඔය විදියට සතුටින් ඉද්දි දවසක්දා දවාලෙ ටවුමෙ ඩයස් පෙරකදෝරුවගේ කාරෙක මුදලාලිගෙ වත්තට හැරෙව්වා,ජෝකිං මුදලාලිගෙ ව්‍යාපාර ආදියේ නීතිමය කටයුතු ඔක්කොම කරපු  ඩයස් පෙරකදෝරුවව ජෝකිං මුදලාලිගෙ පවුල ඉස්තෝප්පුවට ගිහිං පිළිගත්තා...

හාමිනේ දන්නවනෙ මුදලාලිගෙ අන්තිම කැමැත්ත මගෙ ළඟ ලියල තිබ්බ වග...

එහෙනං,මොකෝ මං නොදන්නෙ දේපොළ ටික මට පවරල යන්නද මහත්තය ආවෙ...

නෑ නෑ මුදලාලි එයාගෙ අන්තිම කැමැත්තෙන් ඔක්කොම දේපොළ ටික අනාථ නිවාසෙට පවරල තියෙනව,අයිතිය බාරදෙන්න මම අනාථ නිවාසෙ කට්ටියව ලබන සුමානෙ එක්කං එනව, හාමිනේට එතකල් ගෙදර ඉන්න පුළුවනි...

එතකොට මට...

හාමිනේට නං තඹ සතේක දේපොළක් ලියල නෑ,එහෙනං හාමිනේ මම ගිහිල්ල එන්නං...

පෙරකදෝරුව යන්න ගියායින් පස්සෙ කේන්තියෙන් මල පැනල හිටපු ජෝකිං මුදලාලිගෙ පවුල සොහොන් කොතේ අකුරු කොටපු මනුස්සයට එන්න කියල පණිවිඩයක් යැව්වා...

මට සොහොන් කොතේ කොටපු එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනෑ ඒකයි ඔහෙට එන්න කිව්වෙ...

වෙනස් කරගන්න ඕනැ කරන්නෙ මොකද්ද හාමිනේ...

සමාදානයේ සැතපේවා කියන කෑල්ලට ඉස්සරහින් මං එනතුරු කියල කොටනවා...

අකුරු කොටන මනුස්සය අවශ්‍ය වෙනස්කම කරල ඉවරවුනාම ජෝකිං මුදලාලිගෙ පවුල තමන්ගෙ ඇඳුම් කැඩුම් ටිකත් බෑග් එකකට දාගෙන ගෙයින් එළියට බැහැල යන්න ගියා...

ඔන්න ඔහොමයි,සම්ප්‍රපලාප කිව්ව මදැයි ඊළඟට කියන්න තියෙන්නෙ නං අපි සියළු දෙනාගෙම හදවත් විතරක් නොවෙයි  මුළු සරුවාංගෙම ප්‍රීති ප්‍රමෝදයෙන් කිළිපොලා යන ආරංචියකුයි,ඒ මොකද්ද කිව්වොත් අපේ ජාතියේ පිනට මෑතකදි දෙව්ලොව සිට මෙලොවට පහළවෙලා ඇති බොදු බල සේනාව ඔවුන්ගේ තේමා ගීතය නිකුත්කරල තියෙන බවයි,දැන් අපි සියලුදෙනාම මේ ගීතය හඬනගා ගායනා කරමු.ඔක්කොමල්ල වැඳගන්න,ඔහොම නෙවෙයි යකුනේ දොහොත් මුදුන් දී වැඳගනියව් මට කියල බෙල්ල කඩවගන්නෙ නැතුව,හා හරි...

බොනවද දහම් පැන්- නැත්නං පොවන්නද
මොනවද අඩෝ පන්සිල්- කණ පලන්නද 
වෙනවද නිදුක් -නැත්නං දුක් නිවන්නද 
යනවද නිවන් නැත්නං තෝ යවන්නද

සාදු කියන්න පිංවතුනි....

(ගීතය උපුටා ගැනීම ලංකා නිව්ස්වෙබ් වෙබ් අඩවියෙනි)

227 comments:

  1. අවසාන කවියක්ද එක සිංදුවක්ද මන්දා කොම උනත් නියමයි,
    අපේ ගමේ හිටියා වල් ඌරෝ මරණ මනුස්සයෙක් ,මනුස්සයාට දඩයමේ යනකොට බදලා තිබුන තුවක්කුවක් පත්තු වෙලා කකුල නැති උනා ,තවම බෙහෙත් කරනවාලු .....

    අර සාමදානයෙන් මං එන තුරු සැතපෙවා නෝනා දැන් ගියාද දන් නෑ මුදාලාලිව හම්බ වෙන්න හක්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. නෝනා ගියොත් හෙම මුදලාලිට බෙල්ලෙවැල දාගන්නයි වෙන්නෙ සහෝ.

      Delete
  2. ජෝකිං මුදලාලි ලා ලංකාවේ හැම තැනම හිටියා එහෙනං.. පැටව් කප්පාදු කරන සීන් කෝන් එක ඇත්තටම දැනං හිටියේ නැහැ බං.. ගොඩ්ප්‍රියා මෙච්චර කාලයක් මතක තියාගෙන ආපහු ඇදල ගත්ත එකත් ලොකු දෙයක් නේ.. හැබෑට බොලයි පැත්තේ වයිල්ඩ් බෝර් නැත්ද??

    ReplyDelete
    Replies
    1. එකෙක් ඉදල රට ගියා

      Delete
    2. ඒ ඇන්ටනි බං.. දැං නම වෙනස් කරලා.. හැලපද කොහේද අළුත් නම.. හැක්

      Delete
    3. වයිල්ඩ් බෝර් අපේ හරියෙ තාම නෑ බං ඒත් අපි ඉන්න දිහා ඉඳල කිලෝමීටර් දහයක් පහළොවක් දුරින් නං බඩු ඕනෑ පදං.දවසක්දා අපේ නෑදෑයෙක් වෙන අයිය කෙනෙක් මටත් කතාකළා,මස්සිනා වරෙන් යන්න ඌරු දඩයමේ කියල.

      Delete
    4. උඹේ වගේම අපෙත් හොද වේලාවට හැලපයියේ උඹ නොගියේ නැතිනම් අපි මේ කතා කොයින් කියලා අහන්නද..?

      Delete
    5. මනෝජයෝ යකෝ ඌ කතාකළේ මාව දඩයම් කරන්න නෙවෙයි බං.උඹ බොරුවට බයවෙන්න එපා.

      Delete
    6. වල් ඌරෙක් මස් කරනවා මං දැක්කා හැලපයියේ.. හපොයි !!!!

      Delete
    7. @ අටම්; හැලපේ ගැන නෙවෙයි නේද කිවුවේ...?? :D

      Delete
  3. කනගාටු වෙන්ඩ වෙයි කවදහරි

    ReplyDelete
    Replies
    1. රාගම පැත්තේ ඌරෝ ඉන්නවා කිව්වටද?

      Delete
    2. නැ අර යටින්ම තියන එකට

      Delete
    3. කවදාහරි නෙවෙයි බං අපිට දැම්මම කනගාටුවෙන්න වෙලා තියෙන්නෙ ලාංකිකයන් වීම ගැන,උඹල ඔහෙ ඉඳන් ගොන්පාට් වලට අප්පුඩි ගැහුවට ජාත්‍යන්තරයට උත්තර දෙන්නෙ නෑනෙ.
      යටින්ම තියෙන එක හපාගෙන මැරෙන එක මේ විළිලැජ්ජාවට වඩා හොඳා.

      Delete
    4. හැලපෙත් , අරූත්, රවීත් තද බල විරොදයක් දක්වනවා මම දැක්කා මේ බො.බ.සේ වට. මමත් පිලිගන්නවා එතැන ප්‍රශ්නයක් තියනවා කියන එක. නමුත් තවත් පැති කීපයක් තියන විත්තියත් අපි හිතන්න ඕන. ජාත්‍යන්තරය කියන්නේ නිකං බෙංගාල බොක්ක වගේ.

      Delete
    5. මේ ගැන අපි අපි කතාකරන එකේ තේරුමක් නෑ නිශාන්ත,බො බ සේ පාවිච්චි වෙනව කියන එක දැනගත්ත නං ඇති.

      Delete
    6. මතකද ටික කාලෙකට ඉස්සර ආණ්ඩුවෙ මන්ත්‍රී ඈමතිවරු පාර්ලිමෙන්තුවෙදි හෙල උරුමය හාමුදුරු ගොල්ලගෙ කප්පාදු කරන්න හෑදුව?
      කොහොමද නානසාර හිටියනම් එතන?
      ඒක නෙමේ බො බ සේ ට තියෙන්නෙ මෑන්ව WWF ට එන්ටර් කරල බලන්න

      Delete
    7. @Pra,
      පොරව WWF යැව්වනං හොඳයි තමා,ඌරු තඩියෙක් වගේ ඇඟකඳ තියනවනෙ මොළේ නැතුවට,ටොප් එකට රෙස්ලින් අල්ලයි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. දාන දාන කමෙන්ට් එක වෙන තැන්වලට වැටෙනවා , හැලපයගේ වෙලාව හොදයි , මගේ වෙලාව අන්තිම නරකයි

      Delete
    2. නෑනෑ පෙරේදා ඉදන් ඔය ලෙඩේ තියෙනවා. හිටපු ගමන් කමෙන්ට් එක Reply එකක් විදිහට වෙන කොහෙවත් වැටෙනවා. නැත්නම් Reply එක කමෙන්ට් එකක් විදිහට යනවා. පෙරේදා දේශකයගෙ බ්ලොගේ මට උනා. ඊයෙ මගෙ එකෙත් උනා. අනේ මන්දා. ඕක වෙන්නෙ හිටපු ගමන් :(

      දැන් මේකත් පබ්ලිෂ් කොරාම කොහෙට යයිද දන්නෑ ඕන්. :) :)

      Delete
    3. ප්‍රියා
      පෙරේදා බීපුවා තාම වැඩද?

      Delete
    4. නෑ නෑ ප්‍රියා අටමා බුද්ධාලම්බන ප්‍රීතියෙන් කරකෝල අතෑරලා වගේ ඉන්න නිසා කමෙන්ට් කොහෙට දානවද කොහෙ යනවද මොකුත් දන්නෙ නෑ,අර සමහර මිනිස්සු සල්ලි දීල කන්න බොන්න දීල බස්වල පටෝගෙන ඇවිත් මැයි පෙළපාලියෙ යවන්නෙ,උනුත් ඔහේ යනව මිසක කාගෙ මැයි පෙළපාලියෙ යනවද දන්නෙ නෑනෙ,අන්න ඒ වගේ.

      Delete
    5. අමතක කරන්ඩ එපා . උඹට කොල්ලෙක් ඉන්නව , මට කෙල්ලෝ දෙන්නෙක් ඉන්නව

      Delete
    6. අටං,උඹට මොනා හරි කියන්න තියනව නං කෙලින්ම කියපං, ඔය මම කියල තියෙන්නෙ ඒ වගේ.එහෙම නැතුව කණගාටුවෙන කතායි ළමයි ඉන්න කතායි මොනවද මේ.මම මගේ අදහස කියල තියෙනව උඹ උඹේ අදහස කියපං අපි දෙන්නගෙම අදහස් සමාන විය යුතු නැහැනෙ.අනික උඹ මොනා කිව්වත් මම තරහවෙන්නෙ නෑ.

      Delete
    7. මම උඹත් එක්ක පැයක් විතර ඔය ගැන කතා කරල තියනව මයේ හිතේ ,

      ඔය කාරනාවට පක්ෂ වෙනවද විපක්ෂ වෙනවද කියන එක තීරනය වෙන්නේ , අපිට එයින් ලැබෙන පුද්ගලික වාසා සහ අවාසි මත

      Delete
    8. ඔය බො බ සේ ගෑනද කියන්නෙ?
      මට නම් උන්ගෙන් කිසිම වාසියක් හෝ අවාසියක් පුද්ගලිකව නෑත. උන් ගේ කතාව සහ හෑසිරීම ගෑන හිරිකිතයක් දෑනෙනවා පමණි.

      Delete
  5. ඇත්තටම කප්පාදු කරන සීන් එක මාර වේදනාකාරී ඇති...
    බල්ලො එහෙම කප්පාදු කලාම දවස් දෙක තුනක් යනකං නැගිටින්නෙම නෑනෙ..
    ඒ වුණාට ඌරො නං මහ එපා කරපු උං..
    අපේමංඤොක්ක ගස් සෙට් එකකටම එක පාරක් ගේම දීල තිබ්බ

    ReplyDelete
    Replies
    1. වල් ඌරො නං මහ එපාකරපු උන් කියන්නෙ අලයක් කොළයක් තියාගන්න බෑ හාරල කනවනෙ.

      Delete
    2. වැඩේ දන්න කෙනෙක් කළාම අමාරුවක් නෑ.ඔය වැඩේට දක්ෂයො ගම්වල ඉන්නව. ටග් ගාල කප්පදු කරනව.දවස් දෙක තුන නැගිටින්න බැරිව ඉන්නෙ නෑ.බලු පැටවු එවෙලෙ කෑ ගැහුවට ටික වෙලාවකින් සෙල්ලම.එහෙම දෙයක් වුනාද කියල උන්ට මතකත් නෑ

      Delete
  6. //'''සමාදානයේ සැතපේවා කියන කෑල්ලට ඉස්සරහින් මං එනතුරු කියල කොටනවා''''// බද පැලෙනකන් තදින් සිනා , හාමිනේට පුදුම පරිකල්පන ශක්තියක් තියෙන්න එපැයි මෙහෙම දෙයක් කියන්න ..

    යන්තං අදනම් නිදහසේ කොමෙන්ට් එක කොටා ගත්තා අර පඩත්තල පත්තරයා මේ පැත්තට ඇවිත් නැති නිසා , ඇවිත් හිටියනම් එහෙම මම කනෙන් අල්ලලා විසි කරන්න හිතාගෙන ආවේ

    ReplyDelete
    Replies
    1. අප්පටසිරි ඉවාන්, පත්තරයා එක්ක මලම පැනල වගේ.

      Delete
    2. බොලාගෙ අපේ නිකං බාව උනාට හාමිනේගෙ ප්‍රතිභාව තමයි,හැබෑටම කෝ බං පත්තරයා ඕකා නැතුවත් පාලුයි.

      Delete
    3. ඉවාන් අයියෙ මං ආවා .. :D

      Delete
  7. හරකුන්ට ඔය කරන වැඩේ නං දැකල තියනව. ඒක ඊටත් අමානුෂිකයි.

    ReplyDelete
    Replies
    1. ඉතින් හරිනේ බන් , හරක් මාන්ෂික නෙමේනේ , මූෂික නේ බන්

      Delete
    2. හරකගෙ කප්පාදුව මම අහල තිබ්බට දැකල නං නෑ,ඉතාම කෘර විදියට කප්පාදු කරනවලු නේද අශ්වයන්ටත් එහෙමලු,චිංගීස් අයිත්මාතව්ගෙ සමුගනිමි ගුල්සාරි කතාවෙ අස්සයෝ කප්පාදු කරන විදිය ලියල තිබුණා.

      Delete
    3. කප්පාදුවට ඉංග්‍රිසියෙන් කියන්නේ මොකක්ද හැලපයියේ?

      Delete
    4. සත්තුන්ට වුණත් තිරිසන් විදිහට සලකන එක වැරදි යි.

      Delete
    5. තැන්ක්ස් ප්‍රා මම වචනෙ හොයන් එද්දී ප්‍රා ලියල.

      Delete
    6. දෙන්නටම තැන්කියු

      Delete
    7. හරකුන්ට කරන විදිය අමානුෂික වෙන්නෙ මේකයි.ගම්වල හරකුන්ට ඕක කරන්නෙ ප්‍රාථමික විදියට.සමහර විට වැඩුන එවුන්ට.

      Delete
  8. උදේ පාන්දර මිස්ටර් සූකර මතක් කරලා දිව පිස්සු වැට්ටුවා. කිළෝ එකක් ගේන්න ඕන දවාලට. පට්ටිය හංදියේ ඌරූ මස් කඩේ බුවා මගේ බොක්ක. වත්මන් දේශපාළණ පරිසරය ගැනත් විදග්ත සාඛඡ්චාවක් එහෙම දාලා තමා එන්නේ. පොර යූ ඇන් පී කාරයා. මම වෙනස් වෙලා කියලා මිනිහගේ හිත එච්චර හරි නෑ. දැක්කොත් නම් ඕන එකෙක් බය වෙනවා. ඒත් එළ බුවා. මට මතකයි ඔය කළුපාට ඌරෝයි. පැචස් පැචස් තිබුන ඌරොයි ඉන්නවා වාද්දුව පැත්තේ. කෝච්චියේ ගාළු යනකොට පේනවා. කෝච්චිය යන කොට අමු නිර්වසතර කොළු පැටව් කෙලි පැටික්කොයෝ එක්ක ඔය ඌරෝ පැටව් ටිකත් කෝච්චිය එක්ක සමාන්තරව දුවනවා. අර කොල්ලෝ කුරුට්ටෝ නම් දැන් ලොකු ඇති.. ඌරූ පැටව් ටික උන්ගේ බඩේ ඇති නේ..

    ReplyDelete
    Replies
    1. පලයන් බන් බොරු කියන්නේ නැතිව වාද්දුවේ ඌරෝ හිටියට නිර්වස්ත්‍ර ‍පොඩි උන් පාරවල් දිගේ දිව්වේ නැහැ.ඌරෝ ඉන්නේ ඒ ලඟ ඉන්න බහුකරය ක්‍රිස්තියානි ධීවරයෝ හින්දා. දැක්කා වගේ හිතළු කියවන්න එපා .1988 ඉඳන්ම ඔය පාරේ කෝච්චියේ යනවා.

      Delete
    2. අපි කතා කරන්නේ ඊට එහා අතීතයක් ඇනෝ.. ඔයා තාත්තගෙ ඇටෙත් නෑ ඒ කාළේ..

      Delete
    3. උඹ මචං දැන් කැලණියේ නෑ කිව්වා නේද,මට මතක එහෙමයි.කොරසෙ ඌරු මස් කඩේ මගෙත් යාලුවෙක් හිටිය ඌ ගැනත් පෝස්ට් එකක් ලියන්න හිතාගෙනයි ඉන්නෙ.

      Delete
    4. පට්ටිය හන්දියේ ඌරු මස් කඩේ ඩයල් එක මාත් දැකලා තියෙනවා. කොන්ඩේ ක්‍රේල්,මරුස්‌ රැවුලක් තියෙන ඩයල් එකනේ.
      මට නං පොරත් නිකං ඌරේක් වගේ ඔන් පෙන්නේ.

      Delete
  9. Replies
    1. එදිරි බොහොම දවසකින්,කොහෙද ගිහිං හිටියෙ.
      ඌරො හමගහන්නෙ නෑ නේද පෙරන් ගාල මස් කරනව.මට අර කතාවට හමගහනවා කියල කියවුනා.

      Delete
    2. ඔව් හැලප අයියෙ .. හම පොඩ්ඩක් හුලු අත්තක් අරං පුච්චල හම තියෙද්දිම කපල ලේ ටිකක් ගානව හමේ..නේද !!!

      Delete
    3. ඔව් බං ඔය කියල තියෙන්නෙ කරන විදිය නියමෙටම.

      Delete
    4. අපෝ ,පව් ඒවා දැනදැනත් රහකරන හැටි ඌරු මස් :(

      Delete
    5. එතකොට බයිට් එකක් නැතුව තිත්තට තිත්තෙ අරව බොනකොට අපි පව් නැද්ද ඈ ???

      Delete
    6. තලගොයි රහ නැහැ නේද?

      Delete
    7. පෝක්...... පෝක්..... ගාගෙන අපේ ළොකු තාත්තා ඉස්සර එන්නේ, දංකොටුවේ පළතුරු ඉස්පෙසල් බොතලයයි. කඳාන පැත්තෙන් ඌරූ මස් රාත්තල් හයකුයි හතකුයි. මීගමු කළපුවෙන් පන පිටින් කකුළුවොයි අරගෙන. අපිට ඉතින් දෙවියන් වහන්සේ ආවා වගේ තමයි. ඒ කාලේ ඕවා රජ කෑම.

      Delete
  10. අනෙ අම්මෝ අර කප්පාදු සීන් එක කියවත්දි නම් ඇඟම හිරි වැටුනා. පව් ඒ සත්තු මොන තරම් නම් වේදනාවක් විඳිනවා ඇත්ද?

    අවසන් කැමැත්තෙ කතාවනම් පට්ට. ගෑණු නම් ඔහොම්යි.

    අර තේමා ගීතෙට අපිත් සාධු කිවුවා ඕන්. සාධූ සාධූ සාආආආආධූ

    ReplyDelete
    Replies
    1. //ඇඟම හිරි වැටුනා//
      මගේ නම් අදාළ තැන විතරයි හිරිවැටුණේ. තාම හිරිවැටි
      ලද කොහෙද.

      Delete
    2. කප්පාදු කතාව එච්චර හිතට ගන්න එපා ප්‍රියා,ඌරු පැටවුනුත් දවස දෙක යද්දී වැඩේ අමතක කරල දානව.
      තේමා ගීතෙ ටොප් නේද,එහෙනං සාදු හරිද.

      Delete
    3. @ඇළපාත,
      අදාළ තැන විතරක් හිරිවැටුන නං එච්චර ගාණක් නෑ ගජමන් නෝන හිරි ඇරල ගනී.

      Delete
  11. උෟරෝ කිව්වම මට මතක් වෙන්නෙ අපේ ගමේ හිටිය උෟරන්ට වෙඩි තියන මනුස්සයෙක් නම උෟරු කළු මහත්තයා. මේ මනුස්සයගෙ ඉලක්කය නං ඉතිං වරදින්නෙ නෑම තමයි. හැබැයි එකම එක දවසක් පොරට ඉලක්කෙ වැරදුනා තමන් තියපු වෙඩිල්ල වැදුනේ උෟරු නාම්බට නෙවෙයි. තමන්ගෙම පුතාට. අවුරුද්දක් විතර මහන්සිවෙලා යන්තං කොල්ලව ගොඩදාගත්ත. හැබැයි ඊට පස්සෙ පොර උෟරන්ට වෙඩි තිබ්බෙ නෑ.. උෟරන්ට මල තිබ්බා..දවසක් මේ මනුස්සයා වන භූටෑවේ කරක් ගහන කොට උෟරෙකුට බැදපු තවක්කුවක් පත්තු වෙලා මාස ගානක් දුක් විදල අවසන් ගමන් ගියා..
    භූම දානේ වෙලාවේ ගමේ පංසලේ ලොකු හාන්දුරුවො කිව්වා මේ කළු මහත්තයා ගමට විශාල සේවයක් කල අයෙක් කියලා.. හැබැයි ගමේ මිනිස්සුනං කටු කුටු ගෑවේ දිඨ්ඨ ධම්ම වේදනීය කර්මද මොකක්ද කියල...

    පැටවු කප්පාදු කරන එකනං අදමයි අැහුවේ ඔ්ං...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔහේ ඇල්පිටියෙද?

      Delete
    2. අනේ නැත කන්නංගර

      Delete
    3. මේකා මාතර කන්නයියේ... කැබෝ..

      Delete
    4. ලොකු හාමුදුරුවො කියල තියෙන්නෙත් බොරු නෙවෙයිනෙ විදානෙ,ඔවුන් බෝ වෙලා දුප්පත් මිනිස්සුන්ගෙ බව බෝග පාලු කරනව,මරණ එක තමා එකම බේත,අනික ගමේ මිනිස්සුන්ට මස් ලැබෙනව සමහරවිට දවල් දානෙටත් ලැබෙනව ඇතිනෙ.

      Delete
    5. දේශක,ඈ යකෝ මෙතන ඉන්න හැම එකාගෙම වැල ගිය මුල ගිය තැන් තෝ දන්නවද එහෙනං.

      Delete
    6. විදානේ , ඔය ඌරු කලු මහත්තය හිටියෙ බෙලිඅත්ත ගැටමාන්න සයිඩ් එකේද ??

      Delete
    7. එහෙම නැත්තං මොරවක / නෙලුව/ ලයින් එකේද ??

      Delete
    8. කට ඇරිය තැන් වලදි අපි ඒවා අල්ලගන්නවා. ඊට පස්සේ ඉතිං “මෙමරයිස්“ තමා.. හැක්

      Delete
  12. ඌරන් කප්පාදු කරන කතාව මං දැනන් උන්නේ නෑ හැලප අයියේ.. එහි බලාපොරොත්තුව ශක්තිමත් වැඩුණු සතෙක් ලබාගැන්මද?

    ReplyDelete
    Replies
    1. නලින් ඔන්න උදාර විස්තර සහිතව පහලින් ලියල තියෙනවා.

      Delete
  13. පැටවූ කප්පාදු කරන එකනම් මමත් අද තමයි ඇහුවේ.

    ජය ශ්‍රී....!

    ReplyDelete
    Replies
    1. විස්තරේ කියා දෙන්න ලැබීම ගැන සතුටුයි,
      ඔබටත් ජය !

      Delete
  14. *“හුළු ගානවා “ කියන්නේ මොකක්ද?

    *අපේ ටවුමේ හිටියා පින් ඌරෙක්.රෝස පාටයි.වෙලාවට වැඩ.හෝටල්වල අය හා වෙනත් අය..මාලුපාන්,බනිස් එහෙම කන්න දෙන්න පුරුදු කරන් හිටියා.මාලුපාන් ගිලින්නේ ගංගරු හබරල කොළ ගිලිනවා වගේ,එක කටයි.එයා නැවතිලා හිටියේ,වී මෝලේ දහයියා ගොඩේ.දහම්පාසල් ඇරිලා එතනට ගියාම (අපිත් මාලු පාන් අරන් දෙනවා)පස්සෙන් එනවා ගෙදරටම,එතකොට නාවනවා.හරිම ආසයි නාවනවට.
    පස්සේ පස්සේ ගිහින් එක්ක නාවත්(දහම් පාසල් නොගියත්) හරියටම ඉරිදා 11ට ගේ ඉස්සරහට එන්න පුරුදු වුණා.නෑවුවෙ නැතත් හරි පිරිසිදුයි.ළමයි දෙන්නෙක්ව පිටේ තියන් යන්නේ කිසි අමාරුවක් නැතිව.

    මේ ලෝකේ ඉන්න හුරතල්ම සතා ඌරා.ආයෙත් කවදහරි ඌරෙක් හුරතලේට ඇතිකරන එක සිහිනයක්.

    *මේ කප්පාදු කිරීම කරන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ගඟරා කියන මාළුවා හබරල කොළ කන්නේ නැහැ, උ ගෙමබෝ නම් ගිලිනවා ඔය උපහැරටණ විදිහටම. හබරල කොළ කන්නේ වාලයි නැත්නම් යෝධ ගුරාමි.

      Delete
    2. කප්පාදු කළාම උගේ ලිංගික පරිණතිවය නැවතිලා අසාමාන්‍ය ලෙ විශාලව වැඩෙනවා. අනික ලිංගික අවශ්‍ය තාවයන් නැති නිසා පිරිමි සතුන් අතර ගැටුම් අඩු වෙනවා. අාහාර උපරිමයෙන් පරිවර්තනය වන්වා මාංශ විදිහට. සතුන් මස් කිරීමේදී අඩුවේනම අපතේ යාමක් සිදුවන්නේ ඌරන් මස් කර්මාන්තයේදී. දිරවිම ඉතා පහසුයි.

      Delete
    3. ස්තුතියි තුන්දෙනාටම.

      අපි ඇලේ, උණ පදුරු එහෙම තියෙන කලුවර හරියට හබරල කොළ දැම්මම,එකපාර ඇවිත් ගිලිනවා.මොක්කුද දන්නැහැ.හරියටම..අපි කීවේ ගංගරු කියලායි.දැකලා නැහැ.

      Delete
    4. ඌරගෙ මවිල් පුච්චන එකට කියන්නෙ හුළුගානවා කියලයි.දැන් බලපුවම මල්මිත් ඌරු ලෝලියක් නොවැ.කප්පාදුව ගැන විස්තරේ තියෙනව නොවැ.

      Delete
    5. දේශක,තෝ පණ්ඩිතය වගේ ඇවිත් බොරු කියන්න එපා බොල.හුළුගානවා කියන්නෙ ගිනිතියපු හුළුඅත්තක් අරගෙන ඌරගෙ මවිල් පුච්චන එකට නෙව්යිද යකෝ.

      Delete
    6. උදාර,කප්පාදු කිරීමේ අර්ථය විස්තර සහිතව කියල දුන්නට ස්තූතියි.ඇත්තටම මම කියන්න ගියානං දන්නෙ ඌරා පුෂ්ටිමත් වෙන එක විතරයි.

      Delete
    7. වල් ඌරා මස් කරද්දි තැං දෙක තුනක මයිල් පොකුරක් දෙකක් ඉතිරි කරනවා හැලපයියේ.. ඒ ගං ඌරො නෙවෙයි කියල පෙන්නන්න.. වල් ඌරගේ මයිල් ගස් තුන තුන පොකුරට තියෙන්නෙ. ගංඌරා එහෙම නෑ

      Delete
    8. ඔව් පත්තරේ,ගං ඌරාගෙ එකතැන එක මයිලයි වල් ඌරාගෙ එක තැනින් මවිල් පොකුරයි.

      Delete
    9. @මල්මි,ඇනෝ
      ඔය දෙන්න කියන ගඟරා කියන මාළුවා මට ආගන්තුකයි,විස්තරයක් කරන්න බැරිද.

      Delete
    10. චැහ්. උළු ගානවා කියන්න ගියේ වැරදලි නෙව

      Delete
    11. ගඟරා කියන මාළුවා ලූලා වගේ 3 පමණ විශාලත්වයට වැඩෙනවා. ලංකාවට ආවේණික මාළුවෙක් කියලයි සලකන්නේ. තෙත් කලාපයේ කළුතර,ගාල්ල,රත්නපුර ස්වභාවික දොළ පහර වල වාසය කරනවා.මාංශ භක්ෂකයි. විශේෂ නාමය Opheocepahalus marulis. පැහැය අඳුරු - තද කළු. නමුත හරි ලස්සනයි. ලූලා වගරු බිම් වග දැකිය හැකි වුවත් මුන් මා නම දැක් ඇත්තේ අළුත් වතුර, බොහෝවිට ගලා යන ජලය ඇති ස්වභාවික දොළ පහරවල් වල රත්‍රි කාලයේදියි.

      Delete
    12. ගුගල් සර්ච් කරහමනං ලංකාවට ආවේනික නැති බවක් නේද පෙනෙනේනේ

      Delete
    13. ඔව්. Opheocepahalus marulis කිව්වහාම එහෙම තමයි. නමුත් Opheocepahalus ara කියලත් විශේස නාමයක් තියෙනවා.http://www.fishwise.co.za/Default.aspx?TabID=110&SpecieConfigId=197657 ඕකට ගිහින් බලන්න. ආරා කියන්නේ ඉහත විශේෂයේ උප විශේෂයක් කයලා තමයි සලකන්නේ Opheocepahalus marulis ara

      Delete
  15. සත්තුන්ට ඔය කරන හිංසනය නම් හරි පව්...

    ජෝකිං මුදලාලිට හාමිනේ පරලොවදි හම්බවුනොත් ආපහු මැරෙන්න තමයි වෙන්නේ හි.. හි..

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද තුශානි කප්පාදු නොකර උන්ට කන්න දීල හදල වැඩක් නෑනෙ.

      Delete
    2. ඒක හිංසනයක් නොවෙයි තුෂානි.ඌරු පැටවුන්ට බලු සුරතලුන්ට දෙන සුළු දඩුවමක් .ගනන් ගන්න දෙයක් නෑ.දෙවෙනි එකා කප්පදු කරන කොට මුලින් කප්පදු කරපු එකාට මතකත් නෑ.

      Delete
  16. ඌරු පැටව් පව් අප්පා...:(

    අර අන්තිම කැමැත්ත ලීව හැටි නම් අපූරුයි. ඔහොම තමා කරන්ට ඔනේ 'වදක' භාර්යාවන්ට නේද හැලපයෝ...ඔන්න අපිට නම් එහෙම වෙන්නේ නෑලු. :D

    ReplyDelete
    Replies
    1. මම එහෙමනම් ඔයාට ලියනවා ඌරු කොටුව ... :P

      Delete
    2. ඌරු පැටවුන්ට නං පව් තමා.වදක බාරියාවන්ට ඔහොම කරලත් මදි,ඔව් ඔව් බොහෝම සැළකිල්ලෙන් ඉන්න.

      Delete
    3. @ පවුලූශා,

      ඌරු කොටුව ලියලා දුන්නට කමක් නෑ. හැබැයි ඌරු පැටව් බලාගන්ට වෙන්නේ ඔයාට හොඳේ.:D:D

      Delete
    4. අවුලක් නෑ ,ඔයාව බලාගන්න තරම් අමාරුවෙන එකක් නෑ :D

      Delete
  17. මාත් හලාවත පැත්තෙ ගිය වෙලාවට ඔය උෟරු කොටු දැකල තියෙනව. ඒත් අර කප්පාදු කතාවනං අදයි ඇහුවෙ.
    ජොකිංගෙ පවුල ගෙයින් එළියට බැස්ස ගමංම සමාදානයේ සැතපුනාද දන්නෑ.

    නිවං කොහොම වෙතත් එකෙක්නං පත්තුකරගෙනම ගියා. තව ඒ වගේ හරක් ඉන්නවද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. බලපුවම ඔය කප්පාදු කරන කතාව ගොඩ දෙනෙක් දන්නෙ නෑ ප්‍රසන්න.නමුත් ඌරු පාලනයේ කප්පාදුව වැදගත්ම අංගයක්.
      අනික් සැට් එකත් ගිණි දෙයියා වැන්දොත් නං ලොකුම දෙයක් බං.

      Delete
    2. හුඟක් දෙනෙක් කප්පාදුව අහල නෑ කියල කියන එකනම් පිළිගන්න අමාරුයි මිස්ටර් හැලපස්. මොකද බල්ලො කප්පදු කරන එක හැම ගමකම තිබෙන එකක්.එතනදි තුවාලෙ මහන්නෙ නැහැ.අලු ටිකක් දාන එක විතරයි කරන්නෙ.මේක මහ ලොකු දෙයක් නොවෙයි.සත්තුන්ට එච්චර ගානක් නෑ.විනාඩියෙන් දෙකෙන් වැඩේ ඉවරයි.කප්පදු කෙරුවට පස්සෙ වටයක් දෙකක් දුවනව උඩුබැල්ලෙන් පෙරලෙනව එච්චරයි.විනාඩි පහෙන් ඔක්කොම ඉවරයි. බලු ගහනය පාලනය කරන්න මේක තරම් කියාපු ක්‍රමයක් තවත් නෑ.කුළු අරන් ගෙවල් ගානෙ එන රොඩී කින්නර මිනිස්සු තමයි මේක කරන්නෙ

      Delete
    3. වීර කාන්තා,
      පැහැදිලි කිරීමට බොහොම ස්තූතියි.

      Delete
  18. පිරිමි අය විතරද ඔය කප්පාදු කරන වැඩේ කරන්නෙ. ඔය වැඩේ කරන ගෑනු අය නැද්ද? එහෙම ඇහුවෙ ගොඩ්ෆ්‍රිලගෙ තාත්තගෙන් ඕක ගොඩ්ෆ්‍රිලගෙ අම්ම ඉගෙන ගත්තෙ නැත්තෙ ඇයි කියල හිතුන හින්ද

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔය මම ලියපු කතාව මම සෑහෙන කාලෙකට ඉස්සෙල්ල දැකපු එකක්,ඒ කාලෙ ඔය වැඩේ සිද්දවුනේ පිරිමි අතිනුයි.නමුත් දැන් කාන්තාවො නොකරන වැඩක් නැති නිසා ඒ වැඩෙත් කරනවද දන්නෙ නෑ.

      Delete
    2. ඔය වැඩේ කරන ගෑනු ඉන්නව ඇනෝ.හලාවත බස් ස්ටෑන්ඩ් එක ලඟම තියෙන ලැයිමෙ ඉන්නව ඕක කරන ගෑණු.දැන් නම් මන්ද.ඉස්සර හිටිය.ජා ඇලත් මම දන්න ගෑනු කෙනෙක් හිටිය.

      Delete
    3. වීර කාන්තා,
      බොහොම ස්තූතියි,මේ මම ඇත්තටම නොදැන සිටි දෙයක්.

      Delete
  19. ඇයි අප්පා,ඔව්ව ඔහොම තමා.

    ReplyDelete
  20. සත්ව හිංසනය දරුණුයි සත්ව ඝාතනයට වඩා!

    ReplyDelete
    Replies
    1. ඇත්ත කකා එකඟයි,නමුත් මේ දේ අද පවා සිදුවෙනවා.

      Delete
  21. ඌරු පැටවු කප්පාදු කරන එක ගැන අහන්න ලැබුනම දුකත් හිතෙනවා. පවු ඉතින් !

    ReplyDelete
    Replies
    1. ඔව් මධු දුකයි තමා නමුත් මොකද කරන්නෙ,ඌරො හදන්නෙ මසට පමණයි නොවැ.

      Delete
  22. ඔන්න ඉතින් අදත් අලුත් කතාවක් අහගත්තා , " කප්පාදුව ".අනේ මන්දා මේ ධර්මද්වීපය ගැන කතා කරල වැඩක් නැහැ.

    ජෝකිං මුදලාලිගෙ පවුල නම් නියමයි :)

    ReplyDelete
    Replies
    1. ඕක ද්වීපයේ වැරද්දක් නෙවෙයි සොන්යා, ජීවත් වෙන මිනිසුන්ගේ වැරද්දක්.

      Delete
    2. අලුත් කතාවක් වුනාට මේ දේ අපේ රටට අලුත් දෙයක් නං නොවෙයි සොන්යා සහ සුදීක,මේ වැඩේ කාලයක් තිස්සෙ පැවතගෙන එන එකක් සහ දැනටත් කරමින් පවතින දෙයක්.ඒ නිසා කම්පාවීමේ තේරුමක් නැහැ.

      Delete
  23. මුදලාලිගේ නම් ජෝකින් නේ. ඒ නිසා ජෝක් එකක් තමයි කරලා තියෙන්නේ. හප්පෝ අර කප්පාදු කෙරිල්ල කියවලා ඇඟ හිරිවැටුනා.

    අර සින්දුව නම් මල් හතයි ඈ.

    ReplyDelete
    Replies
    1. ජෝක් එකක් උනාට නෝනට කෙලවුනා නේද.කප්පාදු කිරිල්ල විචාරක තුමා දැකල නැද්ද.

      Delete
  24. //සමාදානයේ සැතපේවා කියන කෑල්ලට ඉස්සරහින් මං එනතුරු කියල කොටනවා...//

    හැම මිනිහට ම සාමදානයේ සැතපෙන්න වෙන්නේ ගෙදර උන්දෑ එනකන් විතරක් තමයි නේද???????????

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ ගෙදර උන්දැ සීන් එකට බහිනතුරු තමා හැම සෙල්ලමම.

      Delete
  25. සාදු සාදු සාාාාාාාාාාාාාදු!!!!

    ReplyDelete
    Replies
    1. හරි හරි සුවපත් වේවා.

      Delete
  26. මමත් ඔය කප්පාදුව ගැන අදමයි ඇහුවේ.ජෝකින්ගේ පවුලත් මරු ගැනියෙක් තමයි එහනම්.
    අර තේමා ගීතය මොකා ලීවත් පට්ට ඈ හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. තේමා ගීතය සුපිරියි නේද මනෝජ්,මම හිතන්නෙ ඔය ගීතෙ ලියන්න ඇත්තෙ බ්ලොග් ලොව අලුත්ම කවියා වෙන පත්තර මල්ලි වෙන්න ඇති.

      Delete
  27. පිරිමි ඌරු පැටව් කප්පාදු නොකර උන්ව හදලත් තේරුමක් නෑ කන්න දෙනවා විතරයි,නොකරපු උන්ට කියන්නේ ඇට ඌරෝ කියලා පොඩියට පොඩියේ...
    මූදු කරේ ඌරෝ පැටව් සල්ලි වලට ගන්න ගිහාම මුලින්ම යන්නේ මහ ඊරි ලගට,ඌ හොදට ඉන්නවා නම් තමා ඌරු පැටව් ගන්නේ...හැලප අයියා අහල තියනවද ඕක...ඕක කකුල් දෙකේ කස්ටියටත් අදාලදෝ කියලා හිතෙනවා...
    චීන ඌරෝ කියන ජාතිය අහලා තියනවද මහා විශාලයි,ඌරෝ ගන්න එන ලොරියෙන් එකයි..

    ReplyDelete
    Replies
    1. කප්පාදු කිරිල්ල ගැන ගොඩක් කතාවුනානෙ ඩිලාන් ඒ ගැන අපි දෙන්නම දන්නා නිසා වෙන දෙයක් කියමු.
      //මූදු කරේ ඌරෝ පැටව් සල්ලි වලට ගන්න ගිහාම මුලින්ම යන්නේ මහ ඊරි ලගට,ඌ හොදට ඉන්නවා නම් තමා ඌරු පැටව් ගන්නේ...හැලප අයියා අහල තියනවද ඕක...ඕක කකුල් දෙකේ කස්ටියටත් අදාලදෝ කියලා හිතෙනවා...//
      පැහැදිලිවම අදාළයි කෙල්ලක් බලන්න ගියාම ඉස්සෙල්ලම කෙල්ලගෙ අම්ම දිහා බලන්න කියල කතාවක් තියෙනවලු,මොකද කෙල්ල වියපත් වෙද්දී ඉන්න ආකාරය අම්මගෙන් පිළිබිඹු වෙනවලු.මමත් එහෙම බැලුවා වැඩේ ඇත්ත.ඩිලාන් ඕනෑනං අත්හදා බලන්න.

      Delete
  28. අම්මෝ මෙයත් මාර උපුටා ගැනීමනේ කරන්නේ

    ReplyDelete
    Replies
    1. උපුටා ගැනීම සුපිරියි නේද රාළේ.

      Delete
  29. අර කප්පාදු කිරිල්ල ගැන ඔහොම විස්තරයක් ඇහුවමයි. පිස්සු හැදෙනව නේ?

    ඒක නෙවෙයි. ඌරෝ ඔච්චර ගඳ වෙන්නේ කොහොමද බං? මම එක දවසක් ඌරෝ පටවගෙන යන ට්‍රක් එකක් ලඟ ට්‍රැ‍ෆික් එකේ නැවතිලා හිටියා. යකෝ විස්වාස කරන්න බැරි ගඳක් ඒක. කන දේවල් වලින්ම කියන්නත් බෑනේ. මඩ නාන එක මී හරකුත් කරනවනේ. ඒත් ඔහොම නෑනේ.

    ReplyDelete
    Replies
    1. ඌරු කොටුවලත් ඔය ගඳ තියෙනව මචං,මං හිතන්නෙ උන්ගෙ ජීවන සුවඳ වෙන්න ඇති.මඩ ගඳ නෑනෙ කිව්වත් වගේ මී හරක් ළඟ කිසිම ගඳක් නෑ නොවැ.

      Delete
  30. කප්පාදු කිරිල්ල කරන එක ඌට අමාරුවක් නැතුව ඇති. ඔය කිසිම හේතුවක් නැතුව මෙච්චර සබන් සබන් වතුරු තියෙන කාලෙ මුස්ලිම් උනුත් කොණ කපල දවස් දෙක තුනක් විඳවන්නෙ.. ඌරන් ඕක්කොගෙන්ම කප්පාදු කරලා එකෙක්ගේ නොතිබුනොත් ඌට පට්ට තැනක් ලැබෙයි. නැත්තං ඌ කොන්වේවි. මට හිතෙන්නෙ ඌ කොන් වේවි කියලා.
    අපිට මහත්වෙන්න ඕ ක්‍රමය වගේ එකක් පාවිච්චි කරන්න බැයිද දන් නැහැ...නිකං කුට්ටමම එකතු කරලා ක්ලිප් එකක් හරි රබර් බෑන්ඩ් එකක් හරි දමලා පාලනය කරගත්ත නම් අපිත් මහත් වේවි චීන ඌරන් වගේ..

    ReplyDelete
    Replies
    1. ඇට දෙක උලුඅස්සට තියලා දඩස්ගාල දොර වහපන් මචෝ

      Delete
    2. මුලින්ම ඔබව මගේ බ්ලොගේට ආදරයෙන් පිළිගන්නවා.
      ඌරො ඔක්කොගෙම කපාදු නොකර හොඳ එකෙක් පට්ටි ඌරා හැටියට ඉතුරු කරගන්නවා පැටව් බො කිරීමේ කාර්යය සඳහා.ඌ කෝන් වෙන්නෙ නෑ රජෙක් වගේ ඉන්නවා.
      නෝ රබර් බෑන්ඩ් නෝ ක්ලිප් ඒවා හරියන්නෙ නෑ අයින් කරලම දාන්න ඕනෑ,එතකොට හොඳට මහත් වෙනවා.

      Delete
  31. හරක්ව කප්පදු කරන්න, පොලු දෙකක් දාලා ඇට තලන කතාවක් අහලා තිබුනා.. එහෙමමද කියලා ශුවර් නෑ...

    අර කතාවනම් මරු ඈහ්...

    ReplyDelete
    Replies
    1. බල්ලන්න්ට නං එහෙම කරනවා අහලා තියනවා .. කර අඹනවා කියන්නෙ ඒකට නේද සෙන්නො ???

      Delete
    2. පොලු දෙකක් දාලා ඇට තලන්නෙ හරක් සහ අස්සයන්ගෙයි.ඒ කතාව හරි.

      Delete
    3. පත්තරේ,
      කර අඹනව කියන්නෙත් කප්පාදුව කියන්නෙත් දෙකම එක වැඩේ නේද.

      Delete
  32. අපො අර උරො කප්පදුවනම හරි දරුනු වැඩක් නේ.හරකට ඔක කරනව කියල අහල තිබුනට උරොන්ට කරනව කියල ඇහුවමයි.
    නානසාරගෙ ගීතය නම් මරු

    ReplyDelete
    Replies
    1. කියනකොට දරුණු වගේ පෙනුනට ඔය වැඩේ එච්චර ගනිච්චියක් නෑ බං.

      Delete
  33. සීදුව පැත්තේ මගේ යාලුවෝ කීප දෙනෙක් ඉන්නවා. ඉස්සර එහෙ යද්දී දැකල තියෙනව කළු පාට ඌරො ඉන්නවා ගෙවල් මිදුල් වල .මෙහෙ ලොරි වල පටවන් යනවා මහා තඩි රෝස පාට උන්..තව ඉතින් මෝටර් බයික් එකේ පස්සේ බැඳගෙන යනවා .ඌරා පිටින්ම බාබකිව් කරනවා සමහර රෙස්ටුරන්ට් ඉස්සරහ . ඒ පොඩි සයිස් උන්.
    කප්පාදුව නම අදමයි ඇහුවේ. මුලික ඌරු අයිතිවාසිකම් උල්ලංඝනය ..

    ReplyDelete
    Replies
    1. බින්දි ඔයා කියන්නේ porchetta roast ගැන නේද. ඒක බාබකිව්ම නෙමෙයි. ඌරා කනවා නම් කන්න හොඳම ක්‍රමයක්. ගෑවිච්ච ගෑවිච්ච තැන කන්න පුළුවන්.

      Delete
    2. නම නම් දන්නේ නැහැ රංගි ඌරව කුරක ගහල ගිනි අඟුරු බේසමක් එකක් වගේ උද කරකවනවා. පැය ගණනක් මන් හිතන්නේ . මට ටිකක් බලන්න අමාරුයි. රෝස්ට් වෙලා වගේ තමා .

      Delete
    3. රෝස පාට මහා තඩි උන් චීන ඌරො බින්දී,උන්ගෙ මහත කියන්නෙ ඇවිද ගන්නවත් බෑ.කප්පාදු කිරිල්ලට මුලික ඌරු අයිතිවාසිකම් උල්ලංඝනය කියන්න පුලුවනිද,අනේ මන්දා.

      Delete
    4. රංගි,ඔය ඌරව කුරක ගහල ගිණි අඟුරු ගොඩක් උඩින් කරකවල රෝස්ට් කරන හැටි මමත් දැකල තියෙනවා,එතකොට ඒක බාබකියු නෙවෙයිද.

      Delete
    5. please check above link. Porchetta
      will reply later

      Delete
  34. ඕක ජාතික ගීය නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ජාතික ගීය වුනදාට අපි ඉවරයි කැන්ඩියන්.

      Delete
  35. කප්පාදු කරන එක ගැන ඉගෙන ගත්තේ අද තමයි, හ්ම්ම්ම් මම ඌරු මස් කන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. කප්පාදු කරන හැටි බලං හිටියනං තමා වඩා හොඳ එමා.

      Delete
    2. ඔවු බලන් හිටියනම් ඔහොම කියන්නෙ නැහැ.ඇත්තටම ඒ වගෙ දේවලුත් දැක බලා ගෙන අත්දැකීම් විදියට තියෙන්න ඕන

      Delete
  36. හැලප අයියේ .. වල් ඌරට මද්ද ගහන්න ගන්නේ මහ ට්‍රැක්ටර් ( මැසි ෆර්ගියුසන් වගේ ) ට්‍රැක්ටර් වල ඇක්ස්ලේටර් කේබල් එක.. මද්ද ගහන ක්රමයක් තියනවා ඌරන්ට වෙනම..ඒක හැමෝටම බෑ අමුතු ගැටයක්. ඒක ගහලා ඌරු කපොල්ලක හොඳ හයිය ගහක් බලලා ඒකෙ මුලට තියලා මදු වැල් ඔතනවා කේබල් එකේ..රිදී පාටට තිබුනොත් රිංගන් නැහැ. සමහර වෙලාවට දෙපොටත් දානවා. වල් ඌර කියන්නෙ ලෝක කපටියා..අඳින තුවක්කුවට රතිඥ්ඥ කුඩුයි බයිසිකල් බෝලයි දාල කැප් එකට දාන්නෙ ගිණිකූරු ඔලු කුඩු කරලා..

    හරියටම මැනලා අඩි එකහමාරක් උඩිං තමා කඳ බදින්නේ..වැදුනා කියන්නෙ ආර් පී ජී එකක් ගැහුව වගේ තමා. අම්මෝ !!!

    ReplyDelete
    Replies
    1. මං ගාව වීඩියෝ එකක් තියෙනවා කොටන තුවක්කුවක් ලෝඩ් කරන.

      Delete
    2. අර හේනක නයිටක් ගහන්න ගිය ට්‍රිප් එකේද සුදීක අයියේ.. ?? නඩු වැටෙයිද දන් නෑ මේව කියල :D

      Delete
    3. එහෙම බැන්ද කඳක් මනුස්සයෙකුට එහෙම වැදුනොත් කෙලිම්ම දනිස්සට නේද වදින්නෙ පත්තරේ.අම්මෝ දනිස්ස කුඩු නේද බං.

      Delete
  37. අදයි ඉස්සෙල්ලාම ආවෙ.... පට්ට...... සුපිරි..... දැන් ඉතින් දිගටම මේ පැත්තෙ එනව ඕන්.....

    ReplyDelete
    Replies
    1. ඔබව ආදරයෙන් පිලිගන්නවා.බොහොම ස්තූතියි.

      Delete
  38. හම්මච්චියේ අර කප්පාදු කිරිල්ල අහල ඇඟත් එක්ක හිරිවැටුන.

    නානසාර නම් අනේ මන්ද. කතා කරල වැඩක් නෑ ඔය ගැන. නිකම් කා කොටා ගන්න එක විතරයි වෙන්නෙ අන්තිමේදි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඔය සුළු වැඩේට ඇඟ හිරිවට්ට ගන්න ඕනැද බස්සියේ.
      ඔව් අනේ ඔය යකා ගැන කතා නොකර ඉම්මු ලේ පිච්චෙනව අපරාදෙ.

      Delete
  39. මං මාස කීපෙකට කලින් දැක්කා ට්වි එකේ වාර්තා වැඩසටහනක බැටළු පැටවුන්ගේ කරනවා එහෙම.. ඔය විදියට තලෙකින් පලලා,, කටෙන් තමයි එවුවා දෙක එලියට ඇදලා දාන්නේ, ඒ වගේම ඒ ගන්න ඒවා කාක්කන්ට විසිකරන්නේ නැහැ ටිකක් හෝදලා අරන් රස කෑමක් හදලා රෑට කනවා .. :( අප්පිරියාවෙන් බැලුවා,

    ReplyDelete
    Replies
    1. මට ඔය ඕමා කියන ක්‍රමේ තේරුණා මදි,කටෙන් කොහොමද ඇට කුට්ටම එළියට ගන්නෙ එතකොට තලේකින් පලන්නේ ඇයි.
      දැක්කම අප්පිරිය වුනාට කාල බැලුවොත් නං රස ඇති.

      Delete
    2. එක තැනකින් පලලා අත්දෙකෙන් මිරිකලා ගොරක මද වගේ එද්දී ඒවා දත් වලින් ඇදලා ගන්නවා . ශුක්‍ර වාහිනී දෙක අඩි බාගයක් වගේ දිගට නුල් වගේ එනවා එයා හිනාවෙවී තමයි ඒක කලේ,

      Delete
  40. කප්පාදු කරන හැටි මන් පුංචී සන්දියේ දැකලා තියෙනවා හම්මේ ඒ විලාපේ .....කියලා වැඩක් නෑ හැලප මාමේ.... පව් සත්තු

    ReplyDelete
    Replies
    1. ශානු පැටවුන්ව කප්පාදු කරන හැටි දැකල ඇති කියල මට නිකමට හිතුන මේ කතාව ලියද්දි.මොනා කරන්නද මසට හදන සත්තුනෙ.

      Delete
  41. මේක හුඟක් දෙනෙකුට මැජික් එකක් වෙලා තියෙන්න එක මට නම් පුදුමයි.හැම ගෙදරකම වගෙ බල්ලො හදනව. ඔය වැඩේ නොකළොත් උන් දඩාවතේ යනව.බල්ලෙක් හදනවනම් කප්පදු කරන්නම ඕන.කප්පදු කරන්නෙ නැතිව ගස් දෙකක බැදලා තිබ්බත් ලෙහෙපු හැටියෙ දඩාවතේ යනවා.
    ඕක මහ අමානුෂික දෙයක් නොවෙයි.ඒ වගේම මහ සංකීර්ණ එකකුත් නොවෙයි.පොඩි කාලෙදිම කරපුවම ඒ ගොල්ලන්ටත් ලේසියි අපටත් ලේසියි.බ්ලේඩ් තලයකින් කරන්න පුළුවන් එකක්.හිරි වට්ටල සිහිනැතිකරල කරන සර්ජරි එකක් නොවෙයි.ඒව ප්‍රායෝගික නැහැ.
    කැම්පස් එකේ කෘෂි විද්‍යා උපාධියට ඕක ප්‍රැක්ටිකල් කරන්නෙත් ඔය විදියටම තමයි.සත්තුන්ට ඒක අමිහිරි අත්දැකීමක් තමයි.නමුත් කෲර එකක් නොවෙයි.
    පොඩි බලු පැටවු තැන් තැන් වල ගිහින් දාන එකනම් මානුෂිකයි.පාරෙ යන බල්ලො මොන තරම් දුක් විදිනවද
    පොඩි කාලෙම ඕක කරපුවම අමාරුවක් නෑ.ඊට පස්සෙ අල්ලපු වත්තටවත් යන්නෙ නෑ.ලස්සනට මහතට හැදෙනව.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. බ්ලේඩ් තලයකින් භගමනිය කපාගන බලන්න
      අමිහිරි අත්දැකීමක් තමයි.නමුත් කෲර එකක් නොවෙයි

      Delete
    3. ඔබේ පැහැදිලි කිරීම හරිම රසවත් අපට කියන්න දෙයක් ඉතුරුකරල නෑ බොහොම ස්තූතියි.

      Delete
    4. ඇනෝ,
      ඇත්තටම මට මතක්වුනේ ඩෙසර්ට් ෆ්ලවර් කියන පොත,එය කාන්තාරයේ කුසුම නමින් සිංහලට පරිවර්තනය වෙලා තියෙනව.ඒ කතාව ඔය ගැනයි හරිම අමානුෂිකයි.

      Delete
    5. හැලපේ කියන්නේ වාරිස්ගේ කතාව ගැන නේද ඔය. මටත් මතකයි ඒකෙ ගෑනු ළමයි සුන්නත් කිරීමක් ගැන තිබුනා.. කරලා ඉනෙන් පාල්ලෙහා දවස් ගානක් පොලව යට වලලලා තියන සීන් එකක්..

      Delete
    6. හම්මේ ඒක බ්ලේඩ් තලයක් නෙමෙ කැඩුන බ්ලේඩ් තල කෑල්ලක්ලු නේ. පොතේ ඒ හරිය යද්දිනම් බඩේ කැක්කුම හැදෙනව. :O

      Delete
    7. සෙන්නා,බස්සි
      ඔව් ඒ වාරිස් ගෙ ජීවිත කතාවයි.මළකඩ කාපු බ්ලේඩ් කෑල්ලකින් ඇයගෙ සුන්නත් කිරීම කරනවා.

      Delete
  42. මාත් මේක බලල මට මතක තිබුන ඌරු කතාවක් මගෙ බ්ලොග් එකේ දැම්ම. මේ ලින්ක් එකෙන් බලන්නකෝ
    http://premalathaa.blogspot.com/2014/05/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිලිගන්නවා,කතාවට ස්තූතියි.

      Delete
  43. සතෙක්ගේ ඇගේ නමක් කොටන එකත් අමානුෂිකයි කියලා කියද්දී මේවා කොහොම කෙරෙනවද මන්දා..

    ReplyDelete
    Replies
    1. හංවඩු ගහන එක අමානුෂික වුනාට ඇටදෙක කපලදාන එක එහෙම නැතුව ඇති දිනේෂ්.ඇත්තටම දිනේෂ් මේ වැඩේ දැකල නැද්ද.

      Delete
    2. මේකෙ අමානුෂික බවක් තියෙන්නෙ වචන වල. වැඩේ අමානුෂික නැහැ.පැටවුන්ට ගානක්වත් නෑ.ඕක කරද්දි කෑගහනව තමයි.ඌරෙක් නිකම් ඇල්ලුවත් කෑගහනවනෙ.

      Delete
    3. වීර කාන්තා, ඔයා හොඳ සිහියෙන්ද ? කාට හරි කියලා කප්පෝගෙන බලන්න ගානක් නැද්ද කියලා...

      Delete
    4. ඊට හොඳ නැද්ද මිස් ඌරන්ට උපත් පාලන කොපු පාවිච්චි කරන්ඩ ඉගැන්නුවනං.. ??

      Delete
  44. අනේ මන්දා මේවා කරලා මනුස්ස ජාතිය යෙහෙන් වැජඹෙන්නද දන්නෑ කල්පනාව ? මොනවා වුනත් රටේ කෙරෙන දෙයක් දැන ගත්තා. අපිට නම් මේවා බලන්න නොවේවා කියන එක තමයි ප්‍රාර්ථනාව.

    ReplyDelete
    Replies
    1. ඕව කරන කට්ටියගෙ අවසාන කලෙ දිහා බැලුවම යන තැන හිතාගතෑකි ..

      Delete
    2. එතකොට මහමුහුදේ පිහින පිහින ඉන්න මාළු ගොඩ ගෙනාවම කන එවුන්ට මොනවාද වෙන්නේ?

      Delete
    3. මේවා කාලයක ඉඳල කෙරෙන වැඩ සුදීක,ලංකාවෙ ඌරු පාලනය තියෙනතුරු කප්පාදුවත් තියේවි.

      Delete
    4. සුදීක කන සොසේජස් ගන්නේ ගසවලින් කඩලාද?

      Delete
  45. අය්යෝ අර කප්පාදුව මහම මහ පව්කාර වැඩක්නෙ... ඌරු මස් කියන්නෙ අපේ ගෙදරට ගෙනාවෙම නැති දෙයක්... ඉස්සර මූදුකරේ කෝච්චියෙ යනකොට ඌරො හදන ගෙවල්වල ඉන්න ඌරො කර කර ඉන්න වැඩ දැක්කම කවදාවත් කන්න හිතුනෙ නෑ...

    ReplyDelete
    Replies
    1. පව්කාර වැඩක් නං වෙන්න ඇති මියුරු නමුත් කප්පාදුව කෙරෙනවනේ.ඌරු මස් කනව නං උන් කන බොන දේ කරන වැඩ නොබලා ඉන්න එක වඩා සුදුසුයි.

      Delete
    2. මං ඔන්න ඔය කන බොන දේ තමයි දැක්කෙ හැලප.... ඊට පස්සෙ අසවල් ඌරො කියල තමයි කිව්වෙ.... වචනෙ කියන්න කැමති නෑ, කන අය ඉන්න හින්දා....

      Delete
  46. හැලපේකියලා තියෙන කප්පාදුව ගැන නම් මම කලින් අහලා නෑ.. අම්මා ගෙන් තමයි අහගත්තෙ මේක කියෙවුවට පස්සේ..
    අර භාර්යාතොමෝ ගෙයින් එලියට බහින්න ඇත්තේ ස්වාමියාව අල්ලගන්න වෙන්න ඇති නේද..??
    අනේ අපොයි අපේ රටට ගිය කලක් නේද හැලපේ...??

    ReplyDelete
    Replies
    1. අම්මට කරදර කරන්නෙ නැතුව මගෙන් ඇහුවනං ඉවරයිනෙ,අනේ මන්ද ඔයත්.
      අනේ අපොයි කියල තමා කියන්න වෙන්නෙ ඔහොම වැඩ කරද්දි.

      Delete
    2. අනේ ඉතිං ඔයා ලියන ඒවායේ තියෙන නොතේරෙන ඒවා ඇහුවට ඔයා කියලා දෙන එකක්යැ...
      හැමදාම පස්සෙ කියලා දෙන්නම් කියනවා මිසක.. ඒවා ඉතිං කියලා දෙන දවසක් නෑ.. :(

      Delete
    3. Sanda,

      / අම්මා ගෙන් තමයි අහගත්තෙ මේක කියෙවුවට පස්සේ../

      සිකේ බොලේ හතර විලි ලැජ්ජාවෙ පස්වෙනි එක..ඔහොම එව්ව අහනවද බං අම්මලගෙන්..අම්ම හිතන්ට ඇති එකත් එකටම " සීවරං දෙයියනේ මේ යෝදි අර දේස දීපංකරේ ගිහිල්ල ඌරංගෙ කර අඹන එකද කොහෙද කරන්නෙ මට පේන්නෙ " කියල ….හෙහ්,හෙහ්,

      Delete
  47. මට මතක් උනේ අර සිංදුව....

    " කර අඹන්න බැහැ මට ඔබෙ මුහුණ මතක් වෙනවා...."

    ReplyDelete
    Replies
    1. එහෙම සින්දුවකුත් තියෙනවද

      Delete
    2. ඈ ඈ මොකද්ද රවී සිංදුව ආයෙ කියපං බලන්න,පුලුවන්නං ලින්ක් එකක් හොයල දාපංකෝ මචං අපටත් අහන්න.

      Delete
  48. සාදු සාදු.. අර කප්පාදු කල එකා කරන වැඩේ තමයි බොරු බල සේනා ආගමට කරන්නෙත්..

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත සරත් මටත් ඇහුනෙ එච්චරයි,බොරු බල නෙවෙයි බොරු බලු සේනා.

      Delete
  49. මේක කියවල සමහරු ඒක මෙහෙමයි අරහෙමයි කියල චිත්ත රූප මවා ගන්න නිසයි භයානක දෙයක් වගෙ පේන්නෙ.ඔය වැඩේ කරන්න දන්න අය ලංකාවෙ හැම ගමකම ඉන්නව. අපේ පැත්තෙ නම් ඕක මහ අමුතු දෙයක් නොවෙයි.මම එල්.ඩී.අයි කෙනෙක් විදියට දන්නව ඕක කොච්චර සාමාන්‍ය දෙයක්ද කියන එක.කවුරුවත් ඒක එච්චර ගනන් ගන්නෙ නැහැ.කප්පාදු කරන අය ගම් වල දැන් අඩුයි .ඒකයි පාරෙ යන්න බැරි තරම් බල්ලො බෝ වෙන්නෙ. ඌරු පාලනය වගෙ කර්මාන්තයක් නම් කප්පාදුව නැතිව හිතන්නවත් බෑ.ඌරො විතරක් නොවෙයි සත්ව පාලනයයි කප්පාදුවයි කියන්නෙ ගහට පොත්ත වගෙ.මේ වගෙ ආකල්ප ලංකාවෙ සත්ව පාලනය දියුණු කරන්න බාධාවක්.

    ReplyDelete
  50. ඔය කපන ක්‍රමය පෘතුගීසින් ලංකාවට දීපු දෙයක්. සිංහල ක්‍රමයට ඕක කරපු හැටි රොබට් නොක්ස්ගෙ එදා හෙලදිව පොතේ ලියල තියෙනව.

    ReplyDelete
    Replies
    1. එදා හෙළදිව ආයෙ කියවල බලන්නංකො

      Delete
  51. අපේ ඉස්සරහා ගෙදර කැමිලස් ලොක්කා ලගත් උෟරො හිටියා අපි පොඩි කාලෙ...ඒ උනාට පල්ලියෙ මංගල්ලය ආව දවසට ඌරො කෑ ගහන හඩ නම් අපිට ඇහිලම නෑ...මිනිහා මරන්න වෙන එකෙක්ට බාර කරන්න ඇති....ඌරා මරන්නෙ උගෙ ඇගම තලලා කියන්නෙ ඇත්තද පොලු වලින් ගහලා...පවු නේද හැල පයියෙ...ඒ උනාට මස් නම් රහයි නේද බං....

    ReplyDelete
    Replies
    1. පොලුවලින් ගහල තලල ඉදිමුනාට පස්සෙ මරනව කියල කතාවට කිව්වට මම නං දැකල නෑ සිරෝ.මස් ටික නං හොඳට ලුණු ඇඹුල් පදමට දාල උයල හරි තෙල් දාල හරි ගත්තනං ගෑවිච්චි තැන කන්න පුළුවන්.හැබැයි වැඩේ කියන්නෙ අපේ ගෙදරට ඔය මස් ගේන්නෙ නැති එකයි.අපි කරන්නෙ නංගිලයි ගෙදර යද්දි හදන්න ඕනෑ දේවල් කලින්ම කියල යන එක එතකොට අපි යද්දි බඩු රෙඩි.

      Delete

ඔබේ අදහස්