අප තීරණය කරගෙන තිබු පරිද්දෙන්ම අප්‍රේල් මාසයේ එක්තරා සැන්දෑවක ගාර් ඩි මිඩිවලින් වෝර්සෝ බලා යන බස් රථයට ගොඩවුනේ සිංහල අලුත් අවුරුද්ද වෝර්සෝවල ගෙවා දමමින් අවුෂ්විට්ස් වද කඳවුරද නරඹන්නට යන්නටය.නියමිත වෙලාවට බසය පිටත්විය.එඩුවාද එදිනම රාත්‍රියේ පෘතුගාලය බලා ගුවන්ගත විය. මුළු රාත්‍රිය පුරාම බසය ජර්මනිය හරහා ගමන්ගත්තේය.අප පෝලන්ත දේශ සීමාවට පැමිණෙන විට වටින් ගොඩින් එළිය වැටෙමින් තිබිණි.පෝලන්ත ගමන ගැන විස්තරයක් වෙනම ලිවිය යුතු බැවින් මෙහිදී ගමනේ විස්තර සඳහන් කරන්නට නොයමි.එතැනින් පෝලන්තයට ඇතුළුවූ අපි වෝර්සෝවලට පැමිණෙන විට සවස්වී තිබුණි.පෝලන්තය විශාල රටක් බව මා දැනගෙන සිටියත් මෙතරම් විශාල යැයි රටට එනතුරු නොසිතුවෙමි.සංග්‍රාහිකාව අප එනතුරු බලා සිටියාය.අධික මහන්සියත් නිදිමතත් හේතුවෙන් රෑට කෑවයින් නොකෑවයින් ඇඳට වැටී මළකඳන් මෙන් නිදාගත් අප ඇහැරුණේ පසුවදා උදයේය.එදින වෝර්සෝවල රවුමක් ගැසූ අප පසුදින ක්‍රැකෝ යන්නට සිතාගෙන අවුෂ්විට්ස් කඳවුරට ටෙලිපෝන් කළෙමු.පිළිතුරු නැත.ක්‍රැකෝවල දන්නා අඳුනන ටැක්සි රියැදුරෙකුට කතාකළ විට ඔහු කීවේ පාස්කු නිවාඩුවට අවුෂ්විට්ස් කඳවුර සතියක් වසා ඇති බවයි.ඊට අමතරව නත්තලට දවසක් වසනු ලැබේ.අවුරුද්දටම නිවාඩු එපමණය.
යන්නට ආ ගමන අසාර්ථක වූ බැවින් අපි බෙහෙවින් සිත් තැවුලට පත්වූයෙමු. හරියට සිකුරාදාවක ටජ්මහල් බලන්නට ගියාසේය.මේ අපේ නොලැබීමම මිස වෙන කුමක්ද.අලුත් අවුරුදු කෑමවල් නම් කිහිප තැනකම විය. වෝර්සෝ ගියා වෙනුවට රවුමක් ගසා ආපසු පැමිණියෙමු.මේ අතර පෘතුගාලයට ගිය එඩුවාට කුමක් වීද? එඩුවා ලිස්බන් නගරයේ සුපිරිසිදු පෝට්වයින් රස බලමින් සිය පර්යේෂණය ආරම්භ කළා පමණකි.ගෙදරින් ලැබුන දුරකථන ඇමතුමකින් කියවුනේ පාර්ලිමේන්තු ඡන්දය තව දින දෙකකින් පවත්වන බැවින් වහාම ආපසු පැමිණෙන ලෙසටය.ඡන්දය හෝ දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැති එඩුවා පර්යේෂණය අතරමග නතරකර දමා හැරෙන තැපෑලෙන් ආපසු යන්නේ ඡන්දය නොදුන්නොත් වදින දඩය පෘතුගාලයට දෙතුන් සැරයක් යන්නට එන්නට තරම් ප්‍රමාණවත් නිසාය.ඡන්දය ගැන කිසිම හෝදිසියක් නැතිව යොදාගත් ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.ඒ අනුව අප දෙදෙනාගේම බලාපොරොත්තු සුන්වී ගියේ වැල්ලේ තැනූ මාලිගා සේය.
අවුෂ්විට්ස් කඳවුර බලන්නට නොලැබීම ගැන මටත් වඩා සිත් තැවුලට පත්වී සිටියේ එඩුවාය.ඔහු කීවේ අවුෂ්විට්ස් තරම් ලොකු නැතත් හිට්ලර්ගේ වද කඳවුරක් මේ රටේත් තිබෙන බවය.වෙලාවක ඒ කඳවුර බලන්නට යමුයි කියූ ඔහු පසුදිනෙක අප බ්‍රින්දොන්ක් හි පිහිටි ඒ කඳවුර බලන්නට අරගෙන ගියේය.ඒ කතාව වෙනම කිවයුතු එකක් බැවින් එයද පසුවට කියන්නට තබාගනිමි. ඉතිං එඩුවා සම්බන්ධයෙන් දැනට එපමණය. පහුගිය අවුරුද්දේ දවසක මම එඩුවාට කතාකළේ දුක සැප අහන්නටත් වඩා පැරණි මතකයන් අලුත් කරගැනීමටය.එකළ ඔහු හැන්සන් සුළීහි ගෙය අතහැර ඊට ටිකක් ඈතින් ඇති වෙනත් ගෙයක විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටියේය. ඒ දවස්වල සරසවි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වූ අපේ මිත්‍ර ඉතියෝපියන් ජාතික ගෙත් දැන් කැනඩාවේ කැල්ගරි හි ජීවත්වන බවත් ඔහු දැන් මහාචාර්ය ගෙත් බවත් එඩුවා කීවේ කැහ් කැහ් ගා හිනාවෙමිනි.අතරමගදී අතහැර දමා ආ පෘතුගාල සංචාරය නැවත යන්නට එඩුවාට ලැබුනේ නැත.ඕනෑනම් දැන් ගිහිං ඒ කටයුත්ත ඉවර කර දමන්නට හැකි නොවේදැයි මා ඇසුවිට එඩුවා කීවේ දැන් ඒ ගැන එපමණ උනන්දුවක් ඇතිවන්නේ නැති බවයි.ලංකාවට ආ වෙලාවක දෙන්නා එකතුවී කොහේ හෝ යමුයි කී එඩුවා ආවිට මට කතාකරන්නම් යැයි කියා සමුගත්තේය.
එඩුවාගේ හදිසි අභාවය ගැන පණිවිඩය ලැබුණේ රසිකගෙනි.ඒ සම්බන්ධයෙන් මා රසිකට ස්තූතිවන්ත වෙමි.මා සිතා සිටියේ මේ ලිපියත් පළවූ පසු එඩුවාට කතාකර කියවා බලන්න කියන්නටය.නමුත් මගේ ලිපි නොකියවාම ඔහු දෙව් මව් තුරුළට ගොසින්ය.එඩුවාගේ නික්ම යාම ගැන දැනගත් මොහොතේ සිටම මගේ සිතට දුකක් වේදනාවකට වඩා මහා පාළු ගතියක් දැනෙන්නට විය.එය අමුතුම මුසල පාලුවකි.ඔහු ගැන මතකයන් චිත්‍රපටයක රූප රාමු මෙන් සිත තුළ මැවී පෙනේ.ගෙවී ගියාවූ ඒ සුන්දර සන්ධ්‍යාවන්හි වයින් බෝතලයක් ඉදිරියේ වාඩිවී සිට අප කළාවූ කතාබහ දැන් සුන්දර සිහිනයකි. නෙදර්ලන්තයේ නිරුවත් වෙරළ තීරයේ සිට ඩෙල්ෆ්ට් දුපතේ කැලෑ අශ්වයන් දක්වා ඒ කතාබහ ඇදීයයි.
ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.එඩුවාගේ අභාවය දැනගත් වෙලේ මම එඩුවාගේ ආදරණීය බිරිඳට කතාකළේ ඔහුගේ අවසානය ගැන දැනගන්නටය.ඇය කීවේ කිසිම දුකක් නොවිඳ හදිසියෙන්ම එඩුවා සමුගත් ආකාරය ඇයට මහත් සැනසීමක් බවය.ජීවත්වූ කාලයේ කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත්වූ ඔහුගේ මරණයද කිසිම කෙනෙකුට කරදරයක් නොවී සිදුවුන බව ඇය වැඩිදුරටත් කීවාය.එඩුවා බොහෝසේ ප්‍රියකළ වයින් පානය පසුකාලීනව සම්පූර්ණයෙන්ම අත්හැර දමා බියර් බොන්නට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ලොකු බියර් බඩක් ඔහුට ලැබුණු බවත් ඇය කීවේ සිනාවෙමිනි.
මෑතකදී ගත් එඩුවාගේ පිංතුර තියේනම් මට එවන්නට යැයි මා ඇයට කීවිට ඇය එවා තිබුණේ මීට අවුරුදු අටකට හෝ නවයකට පෙර ශීත සෘතුවේ දවසක මා විසින්ම ගනු ලැබූ ඔහුගේ පිංතුරයකි.ඒ කාලයේ පිංතුරයක් අවශ්‍යවූ හැම තැනකටම එඩුවා දුන්නේ ඒ පින්තුරයයි.එය එඩුවාගේ ප්‍රියතම පිංතුරයක් වූ බව ඇය ලියා තිබුණි. ඒ මවිසින් ගන්නා ලද්දක් බව ඇය තවම නොදනී.එඩුවාගේත් මගේත් අපූර්ව මිත්‍රත්වය සිහිකරන ඒ පිංතුරය අද මේ ලිපිය සමග පළකරන්නේ මගේ අපූරු මිත්‍රයෙක් වූ එඩුවාට උපහාර පිණිසය෴
එඩුවාගේ හදිසි අභාවය ගැන පණිවිඩය ලැබුණේ රසිකගෙනි.ඒ සම්බන්ධයෙන් මා රසිකට ස්තූතිවන්ත වෙමි.මා සිතා සිටියේ මේ ලිපියත් පළවූ පසු එඩුවාට කතාකර කියවා බලන්න කියන්නටය.නමුත් මගේ ලිපි නොකියවාම ඔහු දෙව් මව් තුරුළට ගොසින්ය.එඩුවාගේ නික්ම යාම ගැන දැනගත් මොහොතේ සිටම මගේ සිතට දුකක් වේදනාවකට වඩා මහා පාළු ගතියක් දැනෙන්නට විය.එය අමුතුම මුසල පාලුවකි.ඔහු ගැන මතකයන් චිත්‍රපටයක රූප රාමු මෙන් සිත තුළ මැවී පෙනේ.ගෙවී ගියාවූ ඒ සුන්දර සන්ධ්‍යාවන්හි වයින් බෝතලයක් ඉදිරියේ වාඩිවී සිට අප කළාවූ කතාබහ දැන් සුන්දර සිහිනයකි. නෙදර්ලන්තයේ නිරුවත් වෙරළ තීරයේ සිට ඩෙල්ෆ්ට් දුපතේ කැලෑ අශ්වයන් දක්වා ඒ කතාබහ ඇදීයයි.
ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.එඩුවාගේ අභාවය දැනගත් වෙලේ මම එඩුවාගේ ආදරණීය බිරිඳට කතාකළේ ඔහුගේ අවසානය ගැන දැනගන්නටය.ඇය කීවේ කිසිම දුකක් නොවිඳ හදිසියෙන්ම එඩුවා සමුගත් ආකාරය ඇයට මහත් සැනසීමක් බවය.ජීවත්වූ කාලයේ කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත්වූ ඔහුගේ මරණයද කිසිම කෙනෙකුට කරදරයක් නොවී සිදුවුන බව ඇය වැඩිදුරටත් කීවාය.එඩුවා බොහෝසේ ප්‍රියකළ වයින් පානය පසුකාලීනව සම්පූර්ණයෙන්ම අත්හැර දමා බියර් බොන්නට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ලොකු බියර් බඩක් ඔහුට ලැබුණු බවත් ඇය කීවේ සිනාවෙමිනි.
මෑතකදී ගත් එඩුවාගේ පිංතුර තියේනම් මට එවන්නට යැයි මා ඇයට කීවිට ඇය එවා තිබුණේ මීට අවුරුදු අටකට හෝ නවයකට පෙර ශීත සෘතුවේ දවසක මා විසින්ම ගනු ලැබූ ඔහුගේ පිංතුරයකි.ඒ කාලයේ පිංතුරයක් අවශ්‍යවූ හැම තැනකටම එඩුවා දුන්නේ ඒ පින්තුරයයි.එය එඩුවාගේ ප්‍රියතම පිංතුරයක් වූ බව ඇය ලියා තිබුණි. ඒ මවිසින් ගන්නා ලද්දක් බව ඇය තවම නොදනී.එඩුවාගේත් මගේත් අපූර්ව මිත්‍රත්වය සිහිකරන ඒ පිංතුරය අද මේ ලිපිය සමග පළකරන්නේ මගේ අපූරු මිත්‍රයෙක් වූ එඩුවාට උපහාර පිණිසය෴
අපි එඩුවා ගැන තතා කරන්න ගත්තා විතරයි අප්පා... එඩු මහතාට සුභ ගමන්..
ReplyDeleteඑඩුවා යන්න ගියාට කතා ඉවරවෙන්නෙ නෑ.ඉස්සරහටත් කතා තියෙනවා.
Deleteඑඩුවා යනු එඩ්වර්ඩ් යන්නේ ඩච් හෝ ෆ්‍රෙන්ච් උච්චාරණය යැයි සිතමි.
ReplyDeleteහැලපේ ගේ මුල් ම ලිපියකත් එඩුවා, සෝමරත්න සහ චන්ද්‍රිකා ගැනත්, සෝමරත්න ගේ පරිවර්තන කෘතියට එඩුවා ගේ සම්මාදම ගැනත් සඳහන් වී තිබුණා.
නමුත් ගිය සතියේ ලිපියේ ඒ කරුණ ගැන යළි සඳහන් වූ විට මා වෙනත් හේතුවක් නිසා මේ දිනවල කැමූ ගේ අවුට්සයිඩර් සහ සෝ. බාලසූරිය ගේ පිටස්තරයා පරදවර්තඑනය කියවන නිසා, ඒ ගැන හොයා බලන්නට හිතුණා. එඩුවා ්‍රැයි කවුද කියා දැනගත් පසු ඔහු ගැන වැඩි විස්තර දැනගැනීමට කළ විමසුමක දී තමයි ඔහු ගේ මරණය ගැන දැන ගන්නට ලැබුණේ.
වයින් බීම නිසා ප්‍රංශුවාලා හෘද රෝග නොහැදී දිගු කල් ජීවත් වෙන බව කියවෙනවා නේද? බියර් බීම නම් ශරීරයට අගුණයි!
ගෙදර පොත තිබුනා. මාත් එදා හැලපේ කිව් නිසා ඒ ගැන හොයන්න හිටියට හොයාගන්න බැරි උනා. ඒ අතිං රසික ග්‍රේට්.. +++++++++++++++++++++++
Deleteහෘද රෝගවලට වයින් ගුණ බව ඇත්ත.ඒ දවසකට කුඩා වීදුරුවක ප්‍රමාණයක් වැනි මාත්‍රාවකින් ගත්තොත් තමයි.බඩ පිරෙන්නම වයින් බීම ශරීරයට කිසිසේත්ම හිතකර වන්නේ නෑ.
Deleteදේශක,
Deleteදැන්වත් හොයාන කියවපන්.
අන්න පොත්..! නොබෙල් ලැබුනා මට මතක විදිහට
Deleteහැලපේ, අපේ අම්මලගෙ ගම බෝතලේ
ReplyDeleteහා.
Deleteමචං උඹලෑ අම්ම හැල පය්ය දැකල තියෙනවද අහපං.
Deleteහැලපයියෙ, ඔයාගෙ මම-මි, අපි-මු ග්‍රැමර් හරි මදි.
Oh!!! Eduwa ta suba gaman.. 😢
ReplyDeleteස්තුතියි.උඹේ සිංහල දැන් කොහෙද?
Deleteහොද මිතුරෙකුගේ නික්ම යාමක්..නේද?
ReplyDeleteසැබවින්ම.මට දුක ඔහුගෙන් ලබාගන්නට තිබු දැනුම් සම්භාරය අහිමිවීමයි.
Deleteඑඩුව ගැන කියන්න පටංගන්නකොටම මිනිහ නොකියම යන්නත් ගිහිල්ලනෙ.
ReplyDeleteමම මේ කල්පනා කලේ ලංකාවෙත් ඡන්දෙ දාන්නැති උංට දඩ ගැහුවොත් මොන වගේ තත්වයක් ඇතිවෙයිද කියල.
එහෙම වෙයිද
Deleteපිස්සුද බං.ඡන්දෙ දවසෙ උදේ පාන්දර ඡන්ද පොළ අරින්නත් ඉස්සෙල්ල පෝලිං හැදෙන රටේ මොන මඟුලකට දඩ ගහන්නද?
Deleteඅටං,
Deleteවෙන එකක්නං නෑ බං.
//ජීවත්වූ කාලයේ කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත්වූ ඔහුගේ මරණයද කිසිම කෙනෙකුට කරදරයක් නොවී සිදුවුන බව ඇය වැඩිදුරටත් කීවාය.//
ReplyDeleteඔබගේ හිතවතා වූ එඩුවාගේ ජීවිතය ගැන ඔහුගේ බිරිය කියා ඇති දේ කියවීමෙන් ඔහු ගැන ලොකු ගෞරවයක් හිතේ ඇඳුනා. ඔහුට සුභ ගමන්.
ඔහු විද්‍යාර්ථියෙක් වශයෙන් නිතරම අනුන්ට උදව් කළා.කාටවත් කරදර කලේම නෑ.ස්තුතියි ඉයන්.
Deleteඈ හැලපේ කවුද මේ එඩුවා?
ReplyDeleteමේ ඉන්න කෙනාම තමා.
Deleteඑළ කොල්ලෙක්... පුළුවන්නම් ආයේ වරෙන් එවුඩෝ..
ReplyDeleteRIP (Return If Possible)
මාතේ...
Deleteවලට යට කරලා, උඩින් කොන්ක්‍රීට් හෙම දාල තද කරලා අපේ උන් ගහන්නේ ඔය අකුරු තුන..
RIP - Rise If Possible
ඉතිං කෝම නම් නැගිටින්නද? අපේ උන් උඩින් කොන්ක්‍රීට් දාන කොට?
කළ හොඳ ගුණ සුවද විතරයි බං ඉතුරු
සුභ ගමන් !!
ස්තුතියි මචෝ.
Deleteසෑම්,
Deleteඅපේ උන් නං එන්න බලන්නෙවත් නැතුව ඇති බං.
සුභ ගමන්!!
ReplyDeleteඔහු ගැන පටන්ගැන්මේදීම ඔහු නික්ම ගොස්...
ස්තුතියි විදානේ,නික්ම යාම සැමට පොදුයි.
Deleteආපසු යන්නේ ඡන්දය නොදුන්නොත් වදින දඩය පෘතුගාලයට දෙතුන් සැරයක් යන්නට එන්නට තරම් ප්‍රමාණවත් නිසාය.
ReplyDeleteමොකක්ද මචං මේ කතාවෙ තේරුම? ඡන්දෙ නොදුන්නොත් දඩගහනවද? එතකොට ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූලද?
හප්පට සිරි! එඩුවා වයින් නවත්තලා බියර් පටන් ගත්ත එක නම් හොඳට හිටලා නෑ වගේ.
අවුෂ්විට්ස් ගමනනම් අපම අපරාදෙ බං. පස්සෙ දවසකවත් ගියෙ නැද්ද?
ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල හෝ අනනුකුල යැයි නොදනිතත් ඡන්දය දෙන්නට නොගිය අයට දුම් විසිවෙන දඩයක් වදින බවනම් මා හොඳින් දන්නවා.එහෙම දඩයක් ගැහුවෙ නැත්නම් මෙලෝ මනුස්සයෙක් ඡන්ද පොළ පැත්ත පළාතතෙවත් යන්නෙ නැති බවත් තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්න බවත් මා දන්නවා.
Deleteආයෙම අවුෂ්විට්ස් යන්න බැරිවුනා බං.අපරාදෙදත් අහනවා.
එඩුවා අපිට අපේ මිත්‍රයෙක් වගේ සමීප වුනේ හැලපයියා නිසා , සුබ ගමන් එඩුවා
ReplyDeleteස්තුතියි ඉවාන්.එඩුවගේ කතා කීපයක් ඉදිරියටත් තියේවි.
Deleteනොකියාම ගිහින් නේද? සුබ ගමන් කියල ප්‍රාර්ථනා කරමු...!
ReplyDeleteඔව් අ.ආ එහෙම ප්‍රාර්ථනා කරමු.ඔබටත් බොහොම ස්තුතියි.
Deleteඑඩුවාගේ නික්මයාම ගැන හරිම කනගාටුයි.. හැලපේ පහුගිය පොස්ට් වලින් එඩුවාව අපිටත් හුඟක් සමීප කරා.. ඇත්තටම කනගාටුයි..
ReplyDeleteඑඩුවා මට ගොඩක් සමීප චරිතයක්.ඉතිං මා ඔහුගේ මතක ඔබ හැම සමග බෙදා හදා ගත්තා.
Deleteනොහිතපු කතාවක්,,,ආයේ අවුශ්විට්ස් ගියෙ නෑද
ReplyDeleteඑඩුවා මියගිහින් කියල මමත් හිතුවෙ නෑ.ආයෙ අවුෂ්විට්ස් යන්න බැරිවුනා ඩිලාන්.
Deleteමේ පින්තූරය දැක්ක ගමන් මම විශ්මයට පත්වුණා. මේ රූපයට 90% කට වඩා සමාන මුහුණක් ඇති පුද්ගලයෙක් කුරුණෑගල ඉන්නවා. ඔහු සංගීත ප්‍රසංග සඳහා ආලෝක සහ ශබ්ද උපකරණ කුලියට දීමේ ව්‍යාපාරයක් කරන්නේ. මට ඇත්තටම පුදුම හිතුනා.
ReplyDeleteමේ වගේ මිතුරෙකුගේ අභාවය හිතට දැනෙන පාඩුවක්. ඔහුට සුබ ගමන්. අපි හැමදාමත් හමුවීම් වෙන්වීම් වල යෙදෙමින් සසරේ සැරිසරනවා.
සහෝදරයෙක්ද කියල දන්නෙ නෑ.කොහොම වුනත් විචා බොහොම ස්තුතියි.
Deleteඑඩුවාට සුභ ගමන් ප්‍රාර්ථනා කරමි.
ReplyDeleteඒත් එඩුවාගේ කතා මෙතනින් නවතින්න උවමනා නෑනෙ?
ස්තුතියි.නෑ නෑ නවතින්නෙ නෑ තව තියෙනවා.
Deleteඑඩුවාගේ කතාව දිගටම ලියන්න...
ReplyDeleteතව කතා කීපයක් තියේවි ඉදිරියට ලියන්නං.
Deleteඔහුගේ නික්මයාම ගැන හරිම කනගාටුයි.. සුබ ගමන් කියල ප්‍රාර්ථනා කරනවා !
ReplyDeleteස්තුතියි තුශානි.
Deleteහැලපයියා ගේ ගොඩක් කතාවල කතානායකයින් නොකියාම ගිහින් නේ.
ReplyDeleteඅවුෂ්විට්ස් බියකරු උනත් ඒ කතා කියවන්න මම ආසයි හැලපයියේ.
ඔව් බං කරුමෙට වගේ මගේ කතාවල හිටපු ගොඩක් අය දැන් නෑ.
Deleteඑඩුවාට සුභ ගමන් පතනවා.... අවුෂ්විට්ස් හැලප ස්ටයිල් එකෙන් අහන්න බලන් හිටියා.. දුක ඩබල්...
ReplyDeleteස්තුතියි සජ්ජා.යන්න බැරිවුනානෙ ඉතිං මොනවා කරන්නද.
Deleteමේ කියන්නේ ගැස්ටපෝ සිර කඳවුර ගැනද ? එඩුවා කිව්වම මතක් වෙන්නේ එඩුවාඩ් ෂෙවනාඩ්සේ කියන නම. ඔහු ගිහින් අවසන් හින්දා සුබ ගමන් කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් ගමනක් යන්න බලාපොරොත්තු කෙනෙකුට නේද ? සම්ප්‍රදායට අපි ඔහේ සුබ ගමන් කියනවා කියලයි මට හිතෙන්නේ. එඩුවා සාමයේ සැතපේවා !!!
ReplyDeleteගෙස්ටාපෝ කඳවුර තමයි.
Deleteසාමාන්‍යයෙන් මියගිය අයට සුබ ගමන් කියා කියනවා.
එඩුවට සුභ ගමන්. හොඳ යෞවෙක් නැති වෙනවා කියන්නේ හිතට තද පහරක්. හැලප මහතා රිකවරි වේවි කියා හිතනවා. මම ත් ක්‍රකෝ ගිය නමුත් අවුශ්විට්ස් යන්න බැරි වුණා. කවද හරි යනවා බලන්න.
ReplyDeleteමගෙ ආයෙමත් යන්න බලාපොරොත්තුවකුත් තියෙනවා.බලමු.
Deleteඑඩුවා පව් අප්පා. ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්ට පුලුවන්ලු නේද හැලපේ?
ReplyDeleteඑඩුවට සුභ ගමන්.
ඇත්ත තමයි පොඩ්ඩි ඉක්මනින් ගියොත් ඉක්මනින් එන්න හැකියි.
Deleteප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් කියලා කියනවනේ......
ReplyDeleteඑහෙනං.එහෙම කියනවනෙ.
Delete....//ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.//....
ReplyDeleteඑඩුවා ඇහැටවත් දැකලා නැති වුනාට මේ වචන ටික කියවද්දි හොදින් දැනගෙන අදුනන කෙනෙක් වෙන්වෙලා ගියා වගෙයි දැනුනේ...
දැකල නැතිවුනාට ඔහුගේ වැඩ ගැන අසා ඇති නිසා හිතින් සමීපයි.දන්නා අඳුනන ගතිය දැනෙන්නේ ඒකයි.
Deleteමේ ටිකේම වැඩියෙන්ම අැහෙන්නෙ අවසන් ගමන් ගැනමද මන්ද.
ReplyDeleteලෝක දර්මතාවයට පිටුපැන්න බෑ නෙව.
ඔබ මිත්‍ර ඒඩු අයියාට නිවන් සුව!
මේ දවස්වල අවසන් ගමන යන අය වැඩිද මංදා.ස්තුතියි තෙලෝ.
Deleteඅයියෝ එඩුවාට නිවන් සුව!
ReplyDeleteහැලප මාමලේ කතා වල චරිත හිතට සමීප මෙ තරම් ඔබේ ලිවිමේ හැකියාවේ විජ්ජාවක් නිසාමයි
මගේ අමුතු හපන්කමක් නෑ ශානු,අත්දැකීම් හදවතට සමීපයි ඒකයි.
Deleteමැරිච්ච එවුන් නිවන් යන්නෙ නෑ ඩාලිං.නිවන ජීව්ත් වෙන කාලෙ අවබෝධ කර ගන්ට ඕනැ. හැලපෙ, කියල දීපංකො ඕව මේ ලමයින්ට.
Deleteතව ජුණ්ඩෙන් එඩුව ගැන කියන්නෙත් නෑ නෙව..
ReplyDeleteඉන්නකොට කාටවත් කරදරයක් නැතිව මැරෙනකොටත් කාටවත් කරදරයක් නැතිව යන්න පුලුවන් කියන්නෙ ඉතින් ඉන් එහාට මොනවද..?? කිසි සැකයක් නෑ සුවෙන් ඇති.
අපි මතකය බෙදාගමු හැලපයියෙ..
ජයවේවා..!!
ස්තුතියි.එඩුවට ඒ දවස්වල කතා කරන්න තිබ්බ නේද කියල හිතෙනකොට ටිකක් හිතට අමාරුයි බං.
Delete