Wednesday, August 19, 2015

වෙදාගේ දානය සහ නිසැක ධාතු වැඩම්මවීමේ පිංකම.

අව් රැල්ලක් හෝ දකින්නට නැතත් සැරේටම දහඩිය දමන්නේ හවස්කරේ වහින්නට වත්ද යැයිද ලොකු හාමුදුරුවෝ කල්පනා කළහ.වතුර ටිකක් නාගන්නට වෙලාවත් හරිය.නල ජල පහසුව ඇතත් උන්වහන්සේ වැඩියත්ම මනාප වුයේ ලිඳෙන් නාගන්නටය.ළිං මිදුලේ තරමක් වෙලා සැහැල්ලුවෙන් ගතකරමින් සීතල වතුර ටිකක් නාගත් විට පයිප්පයෙන් නාගත් විට මෙන් නොව නාගත් බව ඇඟටද සිතටද දැනේ.හීගතුව දැනෙන වැහි බීරුම් ඇති දවසක නම් වතුර මුට්ටියක් උණුකරවා ගෙන පැන් සනහා ගන්නට හැකිය.නා කියාගෙන  හාන්සි පුටුවේ හුළං වැදී වැදී ඉන්නා විට නිකම්ම ඇස් පියවෙයි. උන්වහන්සේට නිමානිස් වෙදා මතකයට නැගුණි.වෙදා කිව්වට නිමානිස් කළ වෙදකමක් නැත.සිංහල අලුත් අවුරුදු කාලයට පංසලට ඇවිත් ඉසතෙල් ගාන්නට ගන්නා තෙල් ටික නානු ටික සකස් කරයි.ඒ වැඩේ නම් නිමානිස්ට උපන්ගෙයිම පිහිටා තිබු හපන්කමකි.ඊට අමතරව ඔක්කොගෙම ඇස් වසා තෙලිජ්ජ ටිකක් ගෙනත් හාමුදුරුවන්ට දෙන්නේ දහවල දානයට පෙර වළඳන්නටය.කිතුල් තෙලිජ්ජ හොයාගන්නට බැරි දවසක තරලසාර බාගයක් සොයා ගෙනැවිත් හාමුදුරුවන්ට පිළිගන්වයි.ඔය මොකුත්ම සොයා ගන්නට බැරිවූ දවසක නිමානිස් උස්සගෙන ඇවිත් තිබුනේ කසිප්පු බාගයකි.

කසිප්පු බාගය දුටු හාමුදුරුවෝ උඩට වැඩමකරවා බිම වැටුණහ. 'මේක නං හරියන කෙළියක් නෙවෙයි ගොයියෝ,ගඳ ගැහුවොත් එහෙම සිවුරෙ ඉඳලත් ඉවරයි.අනික ඔය පංසලට එන ගෑනුන්ඩ තියෙන්නෙ ඉව ඉව, මං මේ කළු සුරුට්ටු බොනවටත් ඕකුන්නෙ කැමැත්තක් නෑ'යි හාමුදුරුවෝ වදාළත් නිමානිස් වෙදා පරසක්වළ ගැහුවේ බඩු කිසිම ගඳක් නැති බවත් ඔහු ගෙනත් ඇත්තේ ලොකු ඉස්කෝලෙ මහත්තයා ඔහුගේ පුද්ගලික පාවිච්චියට තමන්ඩ කියා පෙරවා ගත් පළතුරු වඩියකින් බොන්නට ගත් බාගයක් බවත්ය.වෙදාගේ පෙරැත්තය නිසාම කසිප්පු වීදුරුවක් වැළඳු උන්වහන්සේට වෙනස තේරින වෙදා කීවේ සහතික ඇත්තය.ඇල්වතුර වගේ කිසිම ගඳක් සැරක් නැති බඩු ටික මල්හතය වදින්නේ තැපෑලෙනි.කොච්චර බිව්වත් හිසේ අමාරු ඇඟේ  අමාරු මොකුත් නැත.'ෂෙඃ අම්මප  තෙලිජ්ජ ජරාව වාගෙද මෙව්වා'. ඊට පස්සෙන් පහුද 'අරව ටිකක් ආයෙ හම්බුනේ නැද්ද වෙද මහත්තයො'යි  ඇහුවත් ඒ වගේ අනර්ඝ බීමක් ඉන් පස්සේදී උන්වහන්සේට වළඳන්නට ලැබුනේ නැත.දැන් ඒ සියල්ලම අතීත මතක සටහනක් පමණකි.නිමානිස් වෙදා වලපල්ලට ගොස් බොහෝ කලකි.වෙදා කරපු රාජකාරිය කරවා ගන්නට ඒ හා සමාන විශ්වාසවන්තයෙක් ඊට පසු හමුවුනේ නැත.වෙදා ගැන ඇතිවුන සියුම් ශෝකයකින් උන්වහන්සේගේ සිත පිරී ගියේය.

තමන්ට මනාප දෙයක් කරන්නට බැරි තහංචි පිරී ඇති මේ සාසනය කුමකටද,උන්වහන්සේ සිතුහ.දෙවේල වළඳන්නට දානය ලැබේද කියා ඇසක් ඇර නොබලන උන් හාමුදුරුවරුන්ගේ සීලය ගැන එලව එලවා  සොයාබලති.අනික් අතට දාන වේලක් පිරිකරක් ලබාදීම ප්‍රමාණවත්ද, පන්සලේ මොන තරම් නම් වියදම්ද.ලයිට් බිල ටැලිපෝන් බිල පොඩි හාමුදුරුවරු පිරිවෙන් යවන්නට වියදම් වන මුදල් ආදී වශයෙන් කෙතෙක් නම් සොයා ගත යුතුද.ඒත් මහ ලොකුවට උපාසකයන් යැයි කියා බෝට් ගහගෙන ඉන්නා දායකයන්ගෙන් ලැබෙන්නේ මොනවාද.අනුර මහත්තයා වැනි කීප දෙනෙක් නැත්නං පන්සල කෙසේ නඩත්තු කරන්න දැයි හිතන්නට වත් බැරිය.ඒ අය උපාසක බෝට් ගහගෙන තුං තිස් පැයේම පන්සලේ නොහිටියත් ඉඳ හිට හෝ පන්සලට ආ වෙලාවට යන්නට පිටත්වී 'හාමුදුරුවනේ අඩුපාඩුවකට මේකත් තියාගත්ත නං'යි කියා ලොකු මුදලක් පුජා කරති.පංසලට සල්ලි දෙනවා කියා අඬබෙර ගසන්නේවත් ලොකු හාමුදුරුවන්ගේ සීලයේ අඩු පාඩු හොයන්නේවත් නැත.

දවල් දානයට ගෙඩිය ගැසුවත් වලඳන්නට කල් වැඩිය.ඉර හැරෙන්නට පෙර වළඳන්නට උන්වහන්සේගේ මනාපයක් නැත.දානයක් පිංකමක් යෙදී නොමැති දවසක නම් උන්වහන්සේ දවල් දානය වළඳන්නේ දෙකහමාරට තුනට විතරය. මොන මොන ආකාරයේ ඉස්සරහ කෑම තිබුනත් කරවෙන්නට තෙලෙන් බැදපු කීරමින් කරෝල කුරයියෙක් දෙන්නෙක්, බැදපු වේලිච්ච මිරිස් කරළක්, බොම්බයි ළූණු අමුමිරිස් සමග උම්බලකඩ අතවැඩියෙන් දමා සැරට හැදු තක්කාලි සලාදයක්ද උන්වහන්සේගේ දානෙ වේලට අඩංගු විය යුතුමය.

බොහෝ කලෙකින් මාගමකගේ පහස නොලද ලොකු හාමුදුරුවන් කල්ගත කළේ දැඩි මනස්තාපයකිනි.එදිනෙදා වන්දනාමාන පූජා කටයුතු පවා හරියාකාරව කරගන්නට බැරි තරමට හිත නොසන්සුන්ය.එකල තමන් වහන්සේ සමග ඇයි හොඳයි කියූ උපාසිකාවන් බොහෝ දෙනෙක් මේ වනවිට නිවන් දැක ඇති අතර ඉතිරිව ඉන්නා ටිකදෙනාද   පංසලට යන්නට එන්නට බැරි තරමට ඔබලත් බව ලොකු හාමුදුරුවන් මෙනෙහි කළේ දැඩි ධර්ම සංවේගයකිනි.දැන් ඉන්නා තරුණ උපාසිකාවන් ඇඟෑලුම්කම් පාන්නේත් උකුළු මුකුළු කරන්නේත් පොඩි හාමුදුරුවන් වහන්සේලා සමග පමණක්ය.පොඩි හාමුදුරුවරුන්ට මොකුත් අවවාදයක් අනුශාසනාවක් කරන්නටත් බැරිය.එවිට හිත නරක් කරගෙන සිවුර පැත්තකට දමා යන්නට ගියොත් එහෙම තව කරදරයකි.ඉන්න ටික දෙනාත් සිවුරේ තියාගෙන ඉන්නේ මොන තරම් ආයාසයකින්ද?දාන මාන සිවුරු පිරිකර ආදිය නොඅඩුව ලැබෙතත් අත්‍යාවශ්‍යයෙන්ම උවමනා කර තිබෙන රතිසුවය නොලැබීම තරම් දුකක් තවත් තිබේද? අප බුද්ධ ශාසනයේ පැවිදිවූ පැවිද්දන් වුවද අරහත් භාවය ලැබුවන් නොවෙමු, තවම පෘතග්ජනයින් වෙමු. ජීවිතය දුකකැයි බුදුන් වහන්සේ දෙසු දහම කෙතරම් නිවැරදිද?ඒ දායකයන්ට කියා සපයා ගතහැකි දනක් නොවේ.තමන් විසින්ම සොයා සපයා ගතයුතු දන්වැටකි.'අත්තා හි අත්තනො නාථෝ' උන් වහන්සේ ධර්ම පාඨයක් මෙනෙහි කළහ.මෙහිදී තමන් වහන්සේ තනිවම ක්‍රියාත්මක විය යුතු වන්නාහ.පළමුව ගැලපෙන උවැසියක් තෝරාගෙන හීං සීරුවේ කැමති කරවාගත යුතුය.හදිස්සි වුනොත් කොරොස් කටෙත් අත දමා ගන්නට බැරුව යයි.නවයොවුන් උවැසියන්ගේ ඉඟි බිඟි හුරතල් කතා බහ බෙහෙවින් තමුන්ගේ සිත් ගත්තද ඔවුන් මේ වැඩේට නොගැළපේ.එයට හරියන වයසක ඉන්නා කෙනෙක්ද වියයුතුය.

කල් යල් බලා ඉතාම සීරුවට ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් දෙගොඩහරි වයසේ විසු එක උවැසියකුගේ සිත බලන්නට පෙර උන්වහන්සේට ලැබෙන දාන මාන පිරිකර ආදියෙහි අග්‍රභාගයද මේ උවැසියට පිළිගන්වා සිත සතුටුකර මෙලෙක්වී ඇති යැයි සිතුනු විට වචනයක් ඇසූකල්හි ඇය බොහෝසේ කෝපවී මුහුණද රතුකරගත්තාය.එයින් අධෛර්යයට පත්නොවූ උන් වහන්සේ නොපසුබට  වීර්යයෙන් ඇයට  දුක්මුසු වදන් ආදී නොයෙකුත් කනිපින්දම් කියා සිත වෙනස්කර ඒ උවැසිය එක් දිනෙක සිය සැතපෙන කුටියට කැඳවා ගැනීමට සමත්වුවෝය.විළියෙන් මිරිකෙමින් හතර අතට ඇඹරෙමින් කුටියට පැමිණියද රති කෙළියෙහි කෙළ පැමිණි කාන්තාවක වූ ඇය ලොකු හාමුදුරුවන් වසඟකරගනිමින් තමන් දත් ශිල්ප  මැනැවින් විදහා දක්වා ලු කල්හි උන් වහන්සේ ආනන්දයෙහිද කෙළවර වන අමන්දානන්දයට පැමිණ වදාළෝහ.මෙවුන්දම් සේවනයෙහි ඇය කෙතරම් කෘතහස්තද?කලෙකින් වළඳන්නට නොලැබුණු රස දන්වේලක් වැළඳු කලෙක මෙන් උන්වහන්සේ සතුටින් පිනා ගියහ.බොහෝ අසීරුවෙන් ඇය විසින් සපයා ගන්නා ලද ආවරණයක් ඇය ලොකු හාමුදුරුවන්ගේ අංගජාතයෙහි පැළඳවූයේ මහත් බැති සිතින් වතාවතක යෙදෙන්නා සේ නොවේදැයි ලොකු හාමුදුරුවෝ සිතුහ.

ඔය කරදර ඕනැන්නෙ නෑ උපාසකම්මෙ නිකං හොඳා..යි උන්වහන්සේ වදාළ කල්හි ඒ වුනාට කියන්න බෑනෙ ලොකු හාමුදුරුවනේ අපි පරිස්සම් වෙන එක කෝකටත් හොඳනේ..යි ඇය පැවසුයේ හාමුදුරුවන්ගේ නිකටද මිරිකමිනි.අපි පරිස්සම් වෙන එක යැයි ඇය කීවේ මින් පසුවද දිගින් දිගටම ඇයගේ සමාගමය ලැබෙන බව නොවේද?උන් වහන්සේගේ සිත් තුල ඇතිවූ ප්‍රීතිය ප්‍රමෝදය නිම් හිම් නැතිව දෙගොඩ තලා ගියේ හරියට මහ ඇලේ පහළ අමුණේ වතුර ගොජ ගොජ හඬ නගමින් උතුරා යන්නාක් මෙනි.එසේ නම් මීට වඩා පිළිවෙලක් විය යුතුය. හැබැයි උවැසියගේ විසේ නම් හාමුදුරුවන්ට ඔරොත්තු නොදෙන තරමටය.උවැසියගේ  හස්තයේ දැඩි ග්‍රහණයෙන් මඩනා ලද ලොකු හාමුදුරුවන්ගේ අංගජාතය තවමත් රිදුම් දෙයි.යකෝ කුලප්පු වෙච්ච එළදෙනක් වගේනෙ.මේකි දැඟලුවෙ මගෙ වයසවත් බලලදැයි හාමුදුරුවෝ සිතුහ.තමන්වහන්සේ  හා සමගින් යහන්ගතවූ උවැසියන් කීප දෙනෙක් උන්වහන්සේගේ මතකයට නැගුණි.සමහර උවැසියන් තමන්ට ඇති ගෞරවය නිසාදෝ කැමැත්තක් කර ගැනීමට ඉඩහැර ඉවත බලාගෙන සිටිමුත් සමහරුන් තමන් වහන්සේ සමග හරි හරියට ඔට්ටු වෙමින් දඟලපු හැටි උන්වහන්සේ සිහිපත් කළහ.ධාතු වඩම්මවා  අහවර වූ කල්හි උවැසිය විෂයයෙහි ලොකු හාමුදුරුවන් සිත්තුල ඇතිවූ කෘතඥතාව බොහෝ බලවත් විය.නිවනෙහි දොරකඩටම ගොස් ආපසු පැමිණ උවැසියගේ තුරුළෙහි ගිමන් නිවන ලොකු හාමුදුරුවන්ට සිය හද උතුරන  ස්නේහය  ඇයට පළකිරීමට වචන නැතුවාසේ විය.හම්මප උපාසකම්මෙ හොහ් හොහ්...

හිතේ සතුට වැඩිකමට කියාගන්නට ලැබෙන්නේද එපමණය.කටේ දත් අඩු බැවින් ලොකුහාමුදුරුවන්ට අයන්න වෙනුවට කියැවෙන්නේ හයන්නය.කොයිවෙලාවක හෝ ටවුමට වැඩමකර දත්ටික බන්දවා ගන්නට හිතා සිටින්නේ කාලයක සිටය.තාම ඒ වැඩය කරගන්නට ඉඩවරයක් ලැබුනේ නැත.දත් බැන්දවීම තව දුරටත් පමා නොකරන්නට උන්වහන්සේ ඉටා ගත්තෝය.උවැසියන් සමග හුරතල් වෙද්දී ඇයගේ සිරුරේ මුදු මොළොක් තැන් හෙමීට සපන්නට දත් අත්‍යවශ්‍යමය.දත් නැති විදුරුමසින් සපන විට හරියට රබර් කෑල්ලකින් තදකරන්නාක් මෙනි.වස ලැජ්ජාවය.හරි හාමනකට දත් කුට්ටමක් තිබේනම් රිදෙන නොරිදෙන ගණනට ලාවට සපන්නට හැකිය.උවැසියගේ ඉස්තිරි නිමිත්ත උන්වහන්සේට රස අහරක් මෙනි කන්නටද අගේය.එහෙත් හාමුදුරුවරු කන්නේ නැත වළඳති.හම්මප උපාසකම්මේ වළඳන්ටත් අපුරුයි...

ඒ ලොකු හාමුදුරුවෝ සිය ස්නේහය උවැසියට පළකළ අයුරුය.ධාතු වඩම්මවා අහවර වී බොහෝ වෙලා ගතවුවද උවැසිය තවමත් ලොකු හාමුදුරුවන්ගේ තුරුලේය.ඇයත් වගේ වගක් නැතුව හාමුදුරුවන්ගේ තට්ටය අතගාමින් හුරතල්වේ.ලොකු හාමුදුරුවන්ගේ යටිකය නැවත අවදිවේයයි  සිතක් ඇතිවී ඇය දෙතුන් වතාවක් අතතබා බැලුවද  එය නිදිගත් ගමන්මය.මේ හදිස්සියට ආපහු නැගිට්ටවා ගන්නට බැරි තරම් හාමුදුරුවන්ට වයස වැඩිය.දැන්නම් බොහෝ හවස්වී ඇත.රාත්තිරියේ මතක බණකට වැඩම කරන්නට ඇති වගද ඒ අව්අස්සේ උන්වහන්සේට සිහිවුනි.කවුරුවත් දකින්නට පෙර උවැසිය කුටියෙන් පිටත්කරන්නට උන්වහන්සේ ඉක්මන්වුහ෴

152 comments:

  1. කිව්වාම මොකෝ උපාසක මහත්තයා කතාව නං පංකාදුය. දැං මේක වුණේ ගමේ පන්සලේ මද?. එතකෙට උපාසක මහත්තයා බියක් හැකක් නැතිව රට රාජ්ජවල හිටියේ කොහොමැයි

    ReplyDelete
    Replies
    1. උපාසකම්මයි මමයි ගහපු සෙල්ෆියක් ඒ $#& ෆේස්බුක් දාලා..ඒක පොඩි නම ෂෙයා කරලා වැඩේ නෝන්ඩි උණාට පස්සෙ ගමේ ඉන්න හිටින්න බැරුව ගියා,

      මීට
      - හැලපයා

      Delete
    2. නලින් නම් සෙල්පි, සෙල්පි නම් නලින් ....හැක්

      Delete
    3. පත්තර මලේ සින්දු ඇනෝ මං මෙතැන මේ සෙල්පිය නං ගැහුවේ වෙන කෝණෙකින්. ඔය වගේ හානදුරු කෙනෙක් ඉන්න ගමේ මායියා ගමේ දාල රට ගියැකිද කියමු බලන්ඩ. ( ආයේ හැලප ගෙදර ගියොත් හලපික්කිගෙන් කන්ඩ බලාන)

      Delete
    4. මෙහෙමයි නලින්.ඔය කතාව මට නං අදාළ වෙන්නෙ නෑ.හැබැයි බොට හැලපක්කගෙන් කන්න හම්බවෙයි.ඒක අනිවාර්යයි.

      Delete
  2. හම්මපා නියමයි හැලප අයියෙ... බලං හිටියා වගේ ලෙසටම දීලා තියෙනවනෙ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි ලියනකොට එහෙම තමා.බලාහිටිය වගේ ලියනවා.

      Delete
  3. ( මාගමකගේ/ ඔබලත් බව ) අදමයි මේ වචන ඇහුවේ ...
    හැමදාම වාගේ කතාව නම් නියමයි ...

    හාමුදුරුවනේ දනක් බෙදන්නට
    හයි හත්තිය නෑ දැන්
    ඉස්සරනම් දවසක් හැර දවසක්
    පන්සල් එනවා මං
    දැන් කොහොමද ලොකු හාමුදුරුවනේ
    කරන්නෙ ඒ වගෙ පින්

    ReplyDelete
    Replies
    1. නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
      කඳුලක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න …

      :D

      Delete
    2. "නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
      සිත් සේ විඳින්න නාලිනී එන්න.....

      Delete
    3. "තහනම් සෙවණේ ඉන්න
      තව මොහොතක් ඉඩ දෙන්න...."

      Delete
    4. එහෙනං අලුත් වචනත් ඉගෙනගෙන තියෙනවා සින්දු ඇනෝ.සන්තෝෂයි.

      Delete
  4. ආ හැලපේ කොහොමද

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹ කවුද කියල මම දන්නවැයි

      Delete
  5. තාමත් බ්ලොග් වල කියවන්න දෙයක් තියනවා කියලා හිතුනා..
    ස්තූතියි........
    +++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. හම්මපා හැලප උපාසක, මේකනම්.
    ඔය ටික කිව්වාම ඇතිනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මගෙ නම අතඇරල.

      Delete
  7. සමබර විදිහට ලියලා තියෙනවා හැලපයියෙ...

    අන්තිමේට බලනකොට, හාමුදුරුවරු කියන්නෙත් ඉතිං මනුස්සයොනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බං කියන්නෙ හාමුදුරුවරු උනාට රහත් වෙලා නෑනෙ.

      Delete
  8. මේ විදිහට ලියන්නේ බුද්දාගම් කාරයෝ විතරයි. අනික් ආගම්වල උන් තමන්ගේ පූජකයා කොච්චර වල් උනත් මේ විදිහට කාඩ් කුඩුකර ගන්නේ නෑ. උන්ගේ ආගමට ආදරේ ගවුරවේ නිසා. මේ කරලා තියෙන්නේ හපන් කමක් නෙවේ. උඩ බලාගෙන කෙල ගැහීමකි

    ReplyDelete
    Replies
    1. මෙතැන වී ඇත්තේ වැඩිහිටි දෙපලක ගේ ලිංගකි එක්වීමක්. ලිංගික අපරාධයක් නොවේ.

      අන් රටවල අන් ආගමික පූජකයින් ලිංගික අපරාධ කළ විට හිරෙන් තමයි නතර වෙන්නේ. ලංකාවේ සාදුලා දෙතුන් දෙනෙකුම පිටරටවලදී ලිංගික අපචාර කර හිරේ ගියා!

      Delete
    2. අ‍ෙපෙේ පන්ස‍ෙලෙේ හාමුදුරු‍ෙවෙො ආතල් ගන්න එක ගැනනං .‍ෙදෙ‍ෙගෙොල්‍ෙලෙොම කතා කරනව .ඒ උනාට පාසර්පල්ලි‍ෙයෙේ පාදර් ගන්න ආතල් ගැන ‍ෙනෙො කතා. දත් තියන බත් තියන එ‍ෙකෙක් බඩ පැලුනට මක් ‍ෙවෙනවද අප්පා ඒ උනාට

      Delete
    3. ඇනෝගෙ කතාව ඇත්තක් කියල මටත් හිතෙනව.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. meka wal paththareka kathawak wage kelayak nasanne kelema hahak kiyana kathawa eththa NGO salli walata athmaya pawa dena unta mewa sulu dewal mehema karanne buddagam karayo witharai anik un kawadawath thamange pujakaya nidi wadina ewa hoyanne ne a pujakayo hukan nethuwa nemei eth pujakayage waradata agamen paliganne ne a minissu helape uba gena kalakiruna

      Delete
    6. කතෝලිකයින් හා ඇන්ග්ලිකන් අය නම් තම පූජකයින්ගේ වැරදි සත්‍ය කතා ලෙස මෙන්ම ප්‍රබන්ධ ලෙසද ඕනෑතරම් ලියා ඇත. චිත්‍රපටිද සාදා ඇත.
      ඔවුන් බෞද්ධයන් මෙන් පූජකයින්ට වඳින්නෙ නැති නිසාත් ප්‍රකාශනයේ නිදහස මීට වඩා ඇති රටවල් නිසාත් පූජකයින් පමණක් නොව මෝසස්, ජේසුස්, අපෝස්ත්ල්වරුන් ගැන වුවත් ඕනෑ තරම් ඩර්ටි ජෝක්ස් වුවත් තිබේ

      Delete
    7. අන්තර්ජලයේ ඇති රිලිජස් ජෝක්ස් කියවා බලන්න.

      කීමට ඇත්තේ එපමණකි...

      Delete
    8. ප්‍රා ගෙ කතාව ඇත්ත. නමුත් මම කියන්නෙ ලංකාවෙ තත්වය . පාප් වහන්සේ ගැන ඕනෙ තරම් ජෝක් තියනව.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. ඔව් කම්මල ලංකාවෙ තත්වෙනම් සීරියස් තමයි. Free expression, tolerance බොහොම අඩුයි.
      කතෝලික හා අනෙකුත් ක්‍රිස්තියානි රටවල පෙන්නුව ඩාවින්චි කෝඩ් චිත්‍රපටිය තහනම්කරපු ප්‍රබුද්ද රටක්නෙ මේක. බුද්ධාගම ගැන වෙන මතයක් හරි පූජ්‍ය පක්ෂයේ වැරදි ගැන චිත්‍රපටියක් පෙන්නුවනම් කොහොමට තියෙයිද?
      දුක හිතෙන්නේ අතීතයේ දරදඬු අන්තවාදීව තිබුන කතෝලික රටවල් tolerant වෙනකොට tolerance මූලික කරගත් බුද්ධාගමේ අය තලේබාන් මුස්ලිම් ගාණට යන එක ගැන

      Delete
    11. මෙය සත්‍යය ඇසුරෙන් කල ප්‍රබන්ධයක්.අපේ ආගමයි කියල විවේචන නොකර හංගගෙන ඉන්න හොඳ නෑ.ඒකයි මගෙ අදහස.අනික දිගින් දිගටම මෙවැනි තත්වයන් අත්දකිනවට වඩා අපට හැකි විදියට මේ තතවයන්ට විරුද්ධව කතා කල යුතු බව මගෙ අදහසයි.

      Delete
    12. රසික,
      ඔව් ඔබේ කතාව හරි.එංගලන්තයේ ප්‍රධාන පෙළේ හාමුදුරු කෙනෙක් ;ළමා අපචාරයකට අවුරුදු ගානකට හිරේ ගියා.

      Delete
    13. අටං,
      මේ ගැන මම වරදක් කිව්වෙ නෑ වෙච්ච දේ වාර්තා කළා.වෙන ආගම්වල පූජකයන්ගෙනුත් මෙවැනි දේ සිද්ද වෙනවා කියල මම අහල තියෙනවා නමුත් ඒ ගැන ලියන්න මට අත්දැකීම් නෑ.

      Delete
    14. කම්මල,
      ඇනොගේ කතාව අත්තක් වෙන්න පුළුවනි.ඒ වගේම මගෙ කතාවත් ඇත්තක්,

      Delete
    15. ඇනෝ,
      ඔය එන් ජී ඕ කතා ඉතිං හැමතැනම පට්ට ගහන ඒවානේ.තමන්ට හරියන්නෙ නැති දෙයක් තියේනං ඒක එන් ජී ඕ සල්ලිවලට ලියපු එකක්.ඔහොම සල්ලි හම්බවෙනවා නං මොනා කරන්න බැරිද.

      Delete
    16. //ඔව් ඔබේ කතාව හරි.එංගලන්තයේ ප්‍රධාන පෙළේ හාමුදුරු කෙනෙක් ;ළමා අපචාරයකට අවුරුදු ගානකට හිරේ ගියා.//
      ඒ හාමුදුරුවො අපේ බාප්පගෙ ක්ලාස් මේට්. ගම්පහ ලැගුම්හල් දෙකක් තියනව එයාට ( හෝටල් )

      Delete
    17. //ඔව් ඔබේ කතාව හරි.එංගලන්තයේ ප්‍රධාන පෙළේ හාමුදුරු කෙනෙක් ;ළමා අපචාරයකට අවුරුදු ගානකට හිරේ ගියා.//
      ඒ හාමුදුරුවො අපේ බාප්පගෙ ක්ලාස් මේට්. ගම්පහ ලැගුම්හල් දෙකක් තියනව එයාට ( හෝටල් )

      Delete
    18. මම මේ එංගලන්තෙ හාදුරුවො ගැන කියන්න කට අරින්න හැදුවා විතරයි...ගම්පහ කෙනෙක් නිසා හාමුදුරුවො ගැන අවබෝධය හොඳයි. එයාගෙ මල්ලිට දාලා දුන්න ලැගුම් හල් තමයි ගම්පහ - ජාඇල පාරට Rooms කියන වචනය මුලින්ම ගෙනාවෙ. දැන් රූම්ස් දෙන පොට් වැහි වැහැලා..පන්ති යන එන කොල්ලො කෙල්ලො ඒවයෙ පිරිලා....ලැගුම්හල් හිමිකරුවගෙ පුතාලා දෙන්නා මම කාලයක් ලගින් ආශ්‍රය කලා. තවත් කිව හැකි දේ තිබේ...මොනවටද වැදගත්කමක් නැති එකෙක් ගැන කියන්න වචන නාස්ති කරන්නෙ...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේකනං පට්ට ඈ... ඔය වෙලාවෙ හාමුදුරුවො මොනව හරි සැර දෙයක් වළඳල හිටියනං එහෙම කොහෙම වෙයිද.

    දැං මේකට හැලපෙගෙ කිසිම සම්බන්ධයක් නෑ කියල අපි හිතාගන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. නෑ නේන්නං .. සිවුරු ඇරියට පස්සෙ ඒ සම්බන්ධකං ඥාව් වෙලා ගියා නෙවැ.. දත් ෂැට් එක දැම්මට පස්සෙ හැලපයියා කන්නෙම ගැට :D

      Delete
    2. තේරුනේ දැන් තමයි...

      Delete
    3. මොකද්ද බං මගෙ සම්බන්දෙ.

      Delete
    4. ///මොකද්ද බං මගෙ සම්බන්දෙ.///
      හැලපයියගේ දත් ඇන්ද හොඳට තිබ්බ කියලයි මතක...
      දාපු දත්ද කියල කවුද ඉතින් දන්නේ... හෙහ් හෙහ්...

      Delete
  11. //Tantric sex within Buddhism:

    Tantric sex is practiced by some advanced students of Vajrayāna Buddhism. This Buddhist tradition currently has perhaps 10 million adherents and two main sub-schools: Tibetan Buddhism is found in Bhutan, Southwestern China, Mongolia, Nepal, Northern India, Russia, and Tibet. Shingon Buddhism is found in Japan.

    One of the most important goals in Buddhism is to overcome desire. Vajrayanists feel that the best way to achieve this goal, and to work towards enlightenment, may be to experience desire "... fully and thereby drain it of every mystery." 3

    A sadhana is the path by which the sadhaka (practitioner) can attain enlightenment. One sadhana is restricted to experienced sadhakas and involves Tantric sex. The goal is spiritual growth towards enlightenment rather than sexual pleasure.

    This Buddhist tradition adopted the Hindu concept of energy centers in the human body. They are called chakras (wheels), and total eight in Vajrayāna. Author Kevin Trainor writes:


    "The goal of sadhanas is to move the energy released ... upward until it reaches the 'crown chakra" at the top of the head -- the seat of spiritual evolution -- and produces the experience of incomparable bliss, transformed consciousness and nirvana."

    Some sadhanas call for male and female partners to practice sexual yoga. In this act, the couple join as divine consorts to magnify and move the innate energy upward in both. Profane pleasure-seeking and orgasm represent failure, since union should deflect the sexual energy into the mystical channel of enlightenment." 4

    The practice is not without its dangers. Vajrayanists believe that breaking the rules -- perhaps by using sadhana techniques to achieve orgasm or by sharing the techniques to non-initiates -- can result in mental illness or trigger many cycles of rebirth in Hell.

    Practitioner Shambhavi Sarasvati writes:


    "Authentic Tantrik practice ritualizes every aspect of life in order to place the sadhika (practitioner) in synch with the rhythms of nature. Tantra ritualizes your life from the moment you open your eyes in the morning, throughout your whole day, as you fall asleep, while you are sleeping, and until you open your eyes again the following day. You may practice sexual ritual. You may not. You do not have to do sexual yogas to practice Tantra. 5//

    ReplyDelete
    Replies
    1. බොලේ, බුදු පිළිමවලට නිග්‍රහ කරන කුරුමන්තරකාරයෝ ඉන්නේ එහේනේ.

      Delete
    2. විස්තරයට ස්තූතියි ප්‍රා.

      Delete
  12. හම්මප හැලපෙ උපාසකප්පු.. හොග් හොග්....
    ඔය වගේ දේවල් කොයිතරම් නම් පන්සල්, පල්ලි, පූජකාරාම ඇතුළෙ වෙනව ඇද්ද? ඒ මිනිස්සුත් ඉතින් මිනිස්සු නෙව. ලෝකයෙ වැඩිම ළමා අපචාර සිද්ද වෙලා තියෙන්නෙ කත‍ෝලික පල්ලි ඇතුළෙ කියලයි මං අහල තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි ඩිල්ශාන්.කවුරුත් කෙළෙස් නසපු අය නොවෙයි නොවැ.

      Delete
  13. ගංගාරාමෙ පොඩි හාමුදුරුවන්ට මං ටිකක් කැමති බොරු සීලයක් නොපෙන්වා විචිත්‍ර ධර්ම කථිකයෙක් නොවී, තමනුත් සොමියක් දාගෙන අනුන්ටත් සෑහෙන්න උදව් කරගෙන ඉන්න සමාජසේවකයෙක් නිසා. සමහරු කියනව මහණ නොවී හිටියනම් හොඳයි නේද කියල, ඇත්තකුත් තියනව. ඒත් ඒ මහණකමින් ජනප්‍රිය විහාරයක අධිපති කමින් හා තමන්ගෙ කනෙක්ශන්ස්වලින් මිනිස්සුන්ට සෑහෙන උදව්කරන කෙනෙක්. බොරු සීලෙකට හෝ දුප්පතෙකුට උදව්වක් නොකර පංසලේ රං වැට හා අනික් දේවල්ම හදන එකට හෝ රට ජාතිය ගලෝගන්න සිවුර උස්සන් යාමට වඩා හොඳ සමාජසේවකයෙක් වෙන එක හොඳයිනෙ

    ReplyDelete
    Replies
    1. ගම්වල ආතබුත වන කොල්ලන්ව ඇදන් ඇවිත් දෑතේ රස්සාවක් උගන්වන එකම ඇති පිනකට
      //බොරු සීලයක් නොපෙන්වා
      මතකද වංගියක් කාර්මික විද්‍යාලය ආණ්ඩුවට ගන්න ඇවිත් චන්දනයි පවිත්‍රායි කළු තෙල් නෑවා.

      Delete
    2. ඔව් ප්‍රා බොරු සිල් පෙන්නන්නෙ නැතුව තමන් සමාජ සේවයක් කරගෙන ඉන්නවා නං මොන තරං හොඳද.

      Delete
  14. // උන් වහන්සේ ආනන්දයෙහිද කෙළවර වන අමන්දානන්දයට පැමිණ //

    හැක්. උඹ තමා හැලපයියෙ දවසකටවත් මිනිහා :D ඕ යේස්
    මේ .… ඉතිං කියහංකො ඇයි සිවුරු ඇරල රට ගියෙ කියල ??

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ මචෝ ආනන්දේ ගාව අමානන්ද කියලා ගෙස්ට් එකක් වත් තියෙනවාද කියලා ...

      Delete
    2. ආනන්දයෙන් ප්‍රඥාවට :D

      Delete
    3. ඇයි ඉතිං දත් සෙට් එක දා ගන්න කලින්ම සිවුර ඇරියේ....

      Delete
    4. ආයෙ ඉතිං සල්ලි දීල දාගන්න දත් සැට් එකටත් කෙලෝගන්න ඕන නෑනෙ.

      Delete
    5. එතකොට විදානේ හිටියෙත් ඔය පන්සලේමද?

      Delete
    6. සිවුර පිටින් ඇවිත් රස්සාවල් කරන්න බෑනෙ පත්තරයො.බොට උන වැඩේමයි මටත් උනේ.

      Delete
  15. මෙව්ව ඉතිං ආයෙ කියන්නත් දේවල්ය.

    ReplyDelete
    Replies
    1. එහෙනං, ඕනෑ තරං අත්දකින්න තියෙනවනෙ නේද බං.

      Delete
  16. ‍‍‍මේ ‍‍ථේරවාදය නම් අ‍සෝකයා, යුද්‍‍දෙන් මට්ටු කරන්න බැරි නිසා ‍වෙන විදියකින් ලංකාව මට්ටුකරන්න ගහපු උගුලක්.

    ලංකා‍වේ හාන්දුරුවන්ට ජිම් යන එක අනිවාර්ය කරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. 1. +++++++++++++++++++++++++
      2. ම්හු... එතකොට වැඩ බෑ.

      Delete
    2. ථෙරවාදයෙන් උනේ මට්ටු වීමක්ද? හික්මීමක් ද? මර්ධනයක්ද? දමනයක්ද?

      Delete
    3. ජිම් ගියත් මේ ලෙඩට හරියාවි කියල හිතන්න බෑ මල්මි.

      Delete
  17. හැලපෙ උඹගේ ටැලන්ට් එක තියෙන්නේ මෙතන... උඹ වගේ උන් බොග දාන්නේ අපරාදේ... උඹ ඇතුලේ අජිත් තිලකසේනටත් එහා ගිය කෙටිකතා කාරයෙක් ඉන්නවා.. ඒත් උඹ ඌව එලියට ගන්නේ නෑ...

    ජීවිතේ අමතක නොවනා කෙටි කතාවක්...

    ReplyDelete
    Replies
    1. මොන හත්තිලව්වද්ද මන්දා මට "දෝන කමලාවතී " මතක් උණා බං :D

      Delete
    2. /උඹ ඇතුලේ අජිත් තිලකසේනටත් එහා ගිය කෙටිකතා කාරයෙක් ඉන්නවා../

      අන්න හරි

      Delete
    3. yes ++++++++++++++++++++++++++++++++

      Delete
    4. ස්තුතියි මචෝ.කෙටිකතා කවි ලියන්න ප්‍රතිභාව තියෙන්න ඕනෑ.නමුත් මට එහෙම ප්‍රතිභාවක් නෑ බං.

      Delete
    5. මාතා දාන තරං උඩක උඹ නෑ බං. අවංකමයි.. හැක්

      Delete
  18. බොහොම අගේට ලියල නෙව..වැරදි වැඩ තමයි.. මේව කියනවාට බනින අයට මම කියන්නෙ බුද්ධ ධර්මය කියන්නෙ විවෘත්ත වෙන්න විවෘත්ත වෙන්න බබලන දෙයක්.වැරැද්ද හරි එලිවෙන්න ඕනෙ.. මෙව්ව කියවන පොඩි හාමුදුරුවොත් ඇති නෙ..
    නිසැකව අපාගත වන ලොඹු මහල්ලෙක් ගැන නිර්මාණාත්මකව සුපිරියට ලියපු හැලප අයියාට..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හැලපයියට ලොඹු මහල්ලා කීම ගැන අපගේ විරෝධය …!!!

      කැඳවුම්කරු
      - ගල් බලකාය -

      Delete
    2. දෙවනි පාර පන පිහුටුවාගන්න බැරි උනා කියන්නේ ඇයි දන් නෑ...හැක් හැක්...

      Delete
    3. ස්තුතියි ගස් ලබ්බ.ගොඩක් අයට ඔබට වගේ මැදහත් සිතින් බලන්නට බැරිවීම ගැන මට කනගාටුයි.

      Delete
  19. සාධු කියන්න පිංවතුනි, සා...දු කියන්න...


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අහන්න අමතක උනා කෝ එතකොට ලැප

      Delete
    2. විදානේ,
      ලැප නෙවෙයි බං තිබ්බෙ ලප.

      Delete
  20. හැලපයට ‍ෙකෙටි කතා ලියන්ඩ බැ කියපු %ති‍ෙගෙ පුතා වර උස්සල ‍ෙපෙොල‍ෙවෙ ගහන්ඩ

    ReplyDelete
    Replies
    1. කොහෙද බං ඔය ' ‍ෙපෙොල‍ෙවෙ' තියෙන්නෙ.

      Delete
    2. පහලොවට එහා පැත්තෙ. පරලොවට මෙහා පැත්තෙ.

      Delete
    3. හා හා කලබල කර ගන්න එපා බං.

      Delete
  21. මේ පෝස්ට් එකට කමෙන්ට් නොදාමි.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ කැමැත්ත.

      Delete
    2. හැලප අයියේ ඔය කම්මලයා කතෝලික උනාට හාමුදුරුවන්ට ගොඩක් ලැදි එකෙක්, ඒකයි මේ මාරු වෙලා යන්න හදන්නේ... හෙහ් හෙහ්

      Delete
    3. කම්මල කතෝලිකයෙක් කියල දැනුයි දැනගත්තෙ බං.

      Delete
  22. තෙලිජ්ජ ගැන පමනක් මම කියා යමි
    උගුඩුව වගෙ බීවොත් නම් ලොවෙත් නැති
    දනට පිනට ගන්නේ නම් අහන් සකි
    පදමට උණු කොට පැණි කර පුදනු නිති

    ReplyDelete
    Replies
    1. තෙලිජ්ජ බිව්වොත් බඩුම තමා, බඩ යනවා. පැහෙන්න ඇරලා රා කරලයි බොන්න ඕනේ...

      Delete
    2. නොපැහුණු රා බීවොත් බඩ යනවාමයි.පැහිච්ච රා ඕනැවට වඩා බිව්වොත් වමනෙ යනවා.පමණ දැන බොන්නට හුරුවිය යුතුයි.

      Delete
  23. පන්සලේම වයසට ගිය ඇබිත්තයෙක් ඔහොම උත්සාහයක් කොරලා අසාර්ථක වෙච්ච කතාවක් මතකයි. නම මතක නෑ.
    පව් උන්නාන්සෙලා. අර මල්මි හි කිව්වා වගේ ථෙරවාදය හින්දනෙ මේ හැම දුකක්ම.

    ReplyDelete
    Replies
    1. ඇබිත්තය අසාර්ථක උනේ සතතාභ්‍යාසය නැති නිසා වෙන්නට ඇති.

      Delete
  24. ටිකක් නෙමෙයි හොඳටම පරිසම් වෙයන් මචෝ මතකද අර ගප්පියා පෝය දවසෙ මිහිඳු හාමුදුරුවන් ඉන්න් සෙල්‍ෆියක කාටූන් එකක් දාල ඌව මරාගෙන කන්න හැදුව බුද්දාගමේ පොල්මහ්කාරයො?

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බං එක එක්කෙනා තර්ජනය කළා රිපෝට් කරනවා කිව්වා.බුද්දාගමට මෙපමණ ආදරේ අය ඉන්නවා කියල දැනගත්ත එකම මදැයි.

      Delete
  25. සංවේගයෙන් දැනුම් දෙන වගනම් ............

    මෙච්චර රහට මේක ලියපු උබත්....... කුණු රසයට ලොල්ව, දැඩි ආශාවකින් මේක කියවූ මමත්.... අපි දෙන්නම නවතින්නේ අපායේ තමා... :D

    ReplyDelete
    Replies
    1. Totally Agree, whether this is a fiction or true story, making readers mind corrupt is also a sin.

      Delete
    2. සහතික ඇත්ත. හැලපේ කියන උසස් රාජ්‍ය නිලධාරියා නිකම් සිංහල වැල කතා සයිට් එකේ ලියන බුවෙක් ගානට වැටුනා.

      Delete
    3. ඇනෝ සහ දිනේෂ්.
      මොනා කරන්නද බං.දෙන්න තුන්දෙනාම එකතුවෙලා සතුටින් අපායෙ යමු.

      Delete
    4. ඇනෝ at 8.18 AM,
      ඔබට යමක් කිව යුතුයි.බ්ලොග් අවකාශයට ආවට පස්සෙ කවුරුත් බ්ලොග්කරුවො.තනතුරු නිලධාරිකම් ලොකු කම් ඒ මොකුත් බ්ලොග් වලට වලංගු නෑ.මම මේ දෙක පටලව ගන්නෙ නෑ.ඇනෝ ඔබත් පටලව ගන්න එපා.මම කරන්නෙ වැල කතා සයිට් එකක්ද නැද්ද කියන එක මගෙ බ්ලොග කියවන අය දන්නවා.මම ආපහු අඬබෙර ගහන්න අවශ්‍ය නෑ.

      Delete
  26. අම්මප ලොකු ආමුදුරුවනේ.. වැරදුන.. ඇලපායියේ.. (මගේ දත් තාම තියෙනවා අරිය..) උඹ පොඩි ආමුදුරුවන්ගේ කතා එහෙම මේ වගේ කියල අහුවෙනවා නොවෙයි.. ඇක ඇක ඇක....

    ReplyDelete
    Replies
    1. හම්මප ඇත්ත.උඹත් ඉන්නවා කියල මට හාංකවිසියක් මතක නැති උන හැටි.

      Delete
  27. අපිනම් පන්සල් ගියෙත් නෑ මේ වගේ එව්වා අහලත් නෑ. අපි බෝ පැල. හැලපෙ විතරක් දේවදත්ත.

    ReplyDelete
    Replies
    1. අන්න හරි විචා.කට්ටියම එකතුවෙලා පව්කාරයට ගල් ගහමු.

      Delete
  28. අම්මෝ හැලපේ හොද හෝටලයකින් කන්න සෙට් වෙන්න වගේ හදන්නේ. තව ටිකකින් බුධාගමේ අයිතිකාරයෝ ටික ඇවිත් හැලපේව ධර්මාණුකූලව නිවන් යවයි

    ReplyDelete
  29. හැලපයා,

    ඔබ ඇතුළු බුදු සසුන ගරහන්නන්ගේ දැනගැනීමට පහත ලිපිය කියවා බලන්න.

    සමරසේකර

    සසුන රැක්‌කොත් එහෙමයි
    සසුන නැසුවොත් මෙහෙමයි.

    භික්‍ෂුව මේ සටහන ලියන්නේ ලෞකික සම්මා දිට්‌ඨියේ අර්ථයන් ඔබට පැහැදිලිකර දීමටයි. ඒ තුළින් අනතුරුනුවනින් දැකලා ධර්ම මාර්ගය තුළ අප්‍රමාදීභාවය ඇතිකරගන්න. එක රැයකින් හුඟක්‌ දේවල් වෙනස්‌වෙලා යන්න පුළුවන්. විනාශවෙලා යන්න පුළුවන්a. කොසොල් රජතුමාගේ දරුවෙක්‌ වූ විරූඬක කුමාරයා ශාක්‍ය වංශය සමග ඇතිකරගත් වෛරයක්‌ නිසා ශාක්‍යවංශයෙන් පළිගන්න හමුදාසේනාවන් අරගෙන කිඹුල්වතට යනවා. මේ කාරණය දිවැසින් දැකලා බුදුරජාණන් වහන්සේ තමන් උපන් ශාක්‍යය වංශය කෙරෙහි කරුණාවෙන් විරූඬක කුමාරයා සේනාව සමග ගමන් කරන අතර මගට වැඩම කරලා මෛත්‍රී ආනිශංස පහදා දීලා විරූඬක කුමාරය සහ සේනාව ආපසු හරවා ඇරියා. නැවත කාලයක්‌ ගියාට පස්‌සේ විරූඩක කුමාරයට පරණ වෛරය මතක්‌වෙලා ශාක්‍ය වංශය විනාශකර දැමීමට සේනාව අරගෙන කිඹුල්වතට යනවා. දෙවැනි වරත් බුදුරජාණන් වහන්සේ අතරමගට වැඩමකරල කුමාරයාට ද්වේශයේ ආදීනව පහදල දීලා ආපසු හරවා යෑවුවා. නැවත කාලයක්‌ ගියාට පස්‌සේ වීරූඬක කුමාරයාට ශාඛ්‍ය වංශය කෙරෙහි පරණ වෛරය මතක්‌වෙලා සේනාව අරගෙන කිඹුල්වතට යනවා. තුන්වැනි වතාවේ බුදුරජාණන්වහන්සේ දිවැසින් බලනවා, දෙවතාවක්‌ම විරූඬක කුමාරයාට අවවාද කරලත් ඇයි මේ විදිහට ඔහු ශාක්‍ය වංශිකයන්ව සමූලඝාතනය කරන්නට යන්නේ කියලා. බුදුරජාණන්වහන්සේ දකිනවා ශාක්‍යයන්ගේ අතීත ප්‍රාණඝාත අකුසල කර්මයක්‌ විපාක දීමටයි සූදානම් වෙන්නේ කියලා. බුදුරජාණන්වහන්සේ හේතුඵල දැකලා තුන්වැනි වතාවේ විරූඬක කුමාරයා නවත්වන්න වැඩියේ නැහැ. විරූඬක කුමාරයා ද්වේශයෙන් මුළු ශාක්‍යවංශයම මරා විනාශකොට දැම්මා.

    බුදුරජාණන් වහන්සේ කාලය, දීපය, දේශය, කුලය, මව යන පස්‌මහ බැලුම් බලා උපන් ශාක්‍ය වංශයත්, බුදුරජාණ්‌වහන්සේ ජීවමානව සිටියදීම විනාශවී ගියානම් එතැන තමයි අප ඉගෙනගතයුතු ධර්මය. සියලු සංස්‌කාරයෝ අනිත්‍යයයි. එකම විසඳුම ධර්මමාර්ගය තුළ අප්‍රමාදීභාවයයි. අප්‍රමාදී නොවුවහොත් අපව විනාශවෙලා යාවී. ඒ දෙසටයි හේතුඵල ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ.

    භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙද්දී සශ්‍රික දිව්‍යතලයක ජීවත්වන දිව්‍යාංගනාවක්‌ අරමුණුවෙනවා. ඇය සුදෝ සුදු ප්‍රභාශ්වර දිව්‍යාංගනාවක්‌. සුදු පාට හැර වෙන වර්ණයක්‌ ඇගේ දිව්‍ය ශරීරයේ නැහැ. ඇය ප්‍රභාශ්වර සුදු දිලිසෙන වස්‌ත්‍රයකිනුයි සැරසී සිටින්නේ. එය හරියට මඟුල් දිනයට මනාලියන් අඳින දිගු සුදු ගවුමක්‌ වගෙයි. ඇගේ කෙස්‌ කළඹ දනහිසින් පහළට වැටී තිබෙනවා. ඒ කෙස්‌ කළඹ සිනිඳු, දිලිසෙන සුදෝ සුදු කෙස්‌ කළඹක්‌. හිසකෙස්‌වල කළු පැහැයක්‌ නැහැ. ඒත් ඒ කෙස්‌ කළඹේ කාන්තිය, ජීවය පිරිලා. ඇගේ ඇසේ කළු ඉංගිරියාවත් සුදු පැහැතියි. ඇසෙන් ආලෝකය පිටවෙනවා. එයත් සුදුපැහැතියි. ඇය හිරුරැස්‌ සේ දීප්තිමත්, සුදෙන් බබලන දිව්‍යාංගනාවක්‌. පංච කල්‍යාණියක්‌. ඒ දිව්‍යාංගනාව වෙන කව්රුත් නෙමෙයි විහාරමහා දේවියගේ දිව්‍ය උපතයි. ඇය මෙවන් අසිරියක්‌ ලබන්නේ ගැමුණු පුතාට සම්මා සම්බුද්ධ ශාසනය ආරක්‍ෂාකරගන්න දුන් ගුරුහරුකම් නිසාමයි. ආරක්‍ෂාකොටගත් සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය ජීවිතයට එකතුකොටගත් නිසාමයි. මේ මොහොතේ සශ්‍රික දිව්‍යථලයක දිව්‍ය සැප අත්විඳින දුටුගැමුණු දිව්‍ය කුමරු, විහාරමහා දේවී සුදෝසුදු දිව්‍යාංගනාව ඔබට පෙන්වන ආදර්ශය වන්නේ සියලු මනුෂ්‍යයන්ට මෛත්‍රිය කරුණාව දක්‌වමින්, ශාසනික අර්ථයන්ද රැකීමේ දක්‍ෂතාවය පිංවත් ඔබටද සශ්‍රික දිව්‍ය සැපයට හේතුවක්‌ වන බවයි. භික්‍ෂුව මේවා ඔබට සටහන් කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් ආරක්‍ෂා කරලා ඔබටත් සශ්‍රික දෙවියන් දිව්‍යාංගනාවන් අතරට යන්න කියලා ආරාධනා කරන්නයි. එසේ නොවී සම්මා සම්බුද්ධ ශාසනය යනු කුමක්‌ද යන්න හරිහැටි නොදන්නාකම හේතුවෙන්ම, පංච නීවරණයන්ට යටවීමෙන් හෝ අප අතින් උතුම් ශාසනික අර්ථයන් දුර්වල වීමට උපක්‍රම, ක්‍රමවේදයන් සකස්‌වුණොත් ඉන් ඔබට සිදුවන හානියත් සුළුපටු නැහැ. භික්‍ෂුවට මැවිලා පෙනෙනවා, මුළු ශරීර අභ්‍යන්තරයම පිච්චෙමින් මතුවෙන, ලොකු කලයක්‌ වැනි ගිනි ජාලාවක්‌, තම කිඹුල් කටක්‌ වැනි කටින් නිරතුරුවම පිටකරමින්, පිච්චීමේ මරණීය වේදනාව, සෑම තත්ත්පරයකදීම අත්විඳින දේවදත්ත නිරිසතා, නිරිදුක්‌ විඳින අවිචිමහා නිරයේ තව ඕනෑතරම් ඉඩකඩ ඉතිරිවී තිබෙනවාය කියන කාරණය.

    මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ ලිපි මාලිවෙනි.

    ReplyDelete
    Replies
    1. // AnonymousAugust 20, 2015 at 12:43 PM
      අම්මෝ හැලපේ හොද හෝටලයකින් කන්න සෙට් වෙන්න වගේ හදන්නේ. තව ටිකකින් බුධාගමේ අයිතිකාරයෝ ටික ඇවිත් හැලපේව ධර්මාණුකූලව නිවන් යවයි //

      කිව්ව වගේම ආවා බං. හෆොයි

      Delete
    2. කතාව නොකියවාම උඩින් පල්ලෙන් බලා මෙය බුදු දහමට අපහාසයක් කියා කියන්නේ කෙසේද කියන පැනය මගේ හිතටනම් ඇති වෙනවා . මේ දේවල් අද සමාජයේ බොහොම සුලබ දේවල්. මෙතැනදී හැලපයියා එයාකාර වාර්තාකරණයක් නොකර පාඨක රුචිය ඇතිවන කතාවක් ආකාරයෙන් මෙය දැක්වීමේ වරදක් දකින්නට පුලුවන්ද?

      උපුටා ගැනීම // ධර්මදේශනය - මහරහතුන් වැඩි මග ඔස්සේ රචනා කල " රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ"//
      " අනාගතයේ දිනක සිලත් භික්ෂුව කියන තැනැත්තා නැතිවී යනවා , එදාට සිලවත්ම තැනැත්තා හැටියට අපිට දක්නට ලැබෙන්නේ "කාසාය ඛණ්ටක " වරුන් , ඔවුන් අනෙක් ජනයාගෙන වෙන් කර හඳුනාගන්නට හැකි වෙන්නේ ඔවුන් පළඳින කහ පාට නූලක් නිසා . ඔව්න් අද දුසිරිත් යැයි සම්මත සියලු දුසිරිතයන්හි යෙදෙනවා . ඔවුන් මස් මාංශ අනුභාවයෙහි යෙදෙනවා, මත්වතුර පානය කරනවා , විවාහ වෙනවා වුනත් පරස්ත්‍රීන් සේවනය කරනවා , නමුත් ඒ වෙනකොට ඒ සමාජයේ සිටින සිල්වත්ම තැනත්ත වන්නේත් මේ " කාසාය ඛණ්ටකයි." ඒ නිසා ඔවුන්ගේ සිල්වත් භාවය ගැන ප්‍රශ්න නොකර තමන් කරන දානය සහ පුද පුජාවන් කෙරෙහි පමනක් අවධානය යොමු කරන්න // උපුටාගැනීම අවසන්.
      වත්මත් කාමසුඛල්ලිකානු යෝගී භික්ෂූන් යනු මේ කාසාය ඛණ්ටකලාගේ වත්මන් පුරුකයි. ඒ මෙබඳු දේවල් භෝ සුලභය. ඔබගේ අදහස ඒ දවල් වුනාට කමක් නෑ. ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුයි යන්නද? අපහාසයක් යනු නති දෙයක් මවාපා අභූත චෝදනා එල්ල කිරීඑමයි . සිදුවන දෙයක් පැවසීම අපහසයක් වන්නේ කෙසේද /

      මේ උපුටාගැනීම මේ පොස්ටුවෙන්.
      //"'ඒ අය උපාසක බෝට් ගහගෙන තුං තිස් පැයේම පන්සලේ නොහිටියත් ඉඳ හිට හෝ පන්සලට ආ වෙලාවට යන්නට පිටත්වී 'හාමුදුරුවනේ අඩුපාඩුවකට මේකත් තියාගත්ත නං'යි කියා ලොකු මුදලක් පුජා කරති.පංසලට සල්ලි දෙනවා කියා අඬබෙර ගසන්නේවත් ලොකු හාමුදුරුවන්ගේ සීලයේ අඩු පාඩු හොයන්නේවත් නැත."//
      එනයින් බලන කල බුද්ධාගමේ අයිතිකරයින්ට වඩා මේ කියන උපාසක මහතුන් බුද්ධ දර්ශනය තේරුම් ගත පිරිසක් බවයි මටනම් පෙනෙන්නේ.

      Delete
    3. විශිෂ්ටයි ඉවාන් !!!!!!

      +++++++++++++++++++++

      Delete
    4. ඉවාන්ගේ කතාව නම් ඇත්ත තමා. කාටවත් බුදු දහමට ගරහන්න බෑ. ගරහන්න අත්සාහ කරන කෙනාමයි ගැරහුමට ලක්වෙන්නෙ. මෙතන ගැරහුමයි අකුසලයයි පටලවාගෙන කියලයි මට හිතෙන්නෙ.

      අන් අයට කාමය රතිය රාග සිතිවිලි ඇවිස්සෙන ආකාරයට නරිතනයේ යෙදුනත්, ඇඳුම් පැලඳුම් ඇන්දත්, වචන හැසුරුවත්, ඒ අයට අකුසලයක් සිදුවෙනවාමයි. මේ පොස්ටුවේ එහෙම දෙයක් සිදුවෙනවාද කියන එක තීරණය කිරීම පාඨක ඔබ තම තමන්ගේ නැන පමණින් විමසා බැලිය යුතුයි.

      Delete
    5. සමරසේකර,
      //ඔබ ඇතුළු බුදු සසුන ගරහන්නන්ගේ දැනගැනීමට පහත ලිපිය කියවා බලන්න.//
      දැන් මම ඇතුළු ගරහන්නන් සසුනට ගරහල තියෙන්නෙ මොන ආකාරයකටද?මට පොඩ්ඩක් ඒ ස්ථාන නම් කරල පෙන්නන්න පුලුවනිද?
      සමරසේකර මම එකක් කියන්නං.සිවුරක් දැක්ක ගමන් රෙද්ද උස්සගෙන දුවගෙන එන්න කලින් කතාව සම්පූර්ණයෙන් කියවන්නට පුරුදු වෙන්න.තව මහගොඩක් දේ කියන්නට ඇතත් මගෙ වචන නාස්ති කර නොගෙන මෙතෙකින් ඉවරකරමි.

      Delete
  30. අන්න උපාසක මහත්තුරු.............

    ReplyDelete
    Replies
    1. කවුද කුරුට්ටො උපාසකයා.

      Delete
  31. ප‍තෝල COMMENT LOADING.
    PLEASE WAIT...

    ReplyDelete
    Replies
    1. තවම ලෝඩ් වෙනවා ඇති නේද බං.පතෝලේ දිගත් වැඩියිනෙ.

      Delete
  32. "උපාසකම්මේ, දෙනවනං ඉතිං ඕක තමයි දානේ. මහත්පල මහානිසංසයි. හැබැයි දෙන්න ඕනෑ හිතේ ශ්‍රද්ධාවෙන්." මතක හැටියට ජයසේන ජයකොඩිගේ පොතක වගේ තිබුනේ. පිච්චමලේද? කියවලා දශක තුනකටත් වැඩි නිසා හරියටම මතක නෑ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත නේන්නං.මහත්පල මහානිසංස දානයක්ම තමා.

      Delete
  33. මුකුත් කියන්න දෙයක් නෑ ...සාදු....
    ආයේ මොනවා හරි කුරුටු ගාන්න ආස හිතෙනවා මේ වගේ එවා කියවනකොට ..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, උඹත් දැන් ලියන්නෙ නෑ නේද.කම්මැලිකම අතඇරල ආයෙ මොන මොනව හරි ලිව්වනං නරකද.

      Delete
  34. රහ කර කර කියෙව්වා ...
    අර කියන්නැහේ මටත් අවීචියට යන්න වෙයිද මංදා ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම.අනික මේක කියෙව්වෙ නැතත් උඹ නවතින්නෙ අවීචියෙම තමා.

      Delete
  35. අර අංග ජාතෙට දාපු කවරේ පත්තර මල්ලි ගැනත් දීපු එකක් වෙන්ටැති. හැක

    ReplyDelete
    Replies
    1. ඔව්, මං පාවිචියක් නෑනෙ :D හැලපයියට දුන්න .හැක්

      Delete
    2. ඌ උපාසකම්ම බලන්න ගිය වෙලේ ඒ මනුස්සය ඉල්ලගත්තලු.

      Delete
  36. අඩේ හැලපයියේ පන්සලට අදායම් ඕනේ නම් සතර දේවාල දාන්න කියහන් පන්සලේ තව බණ මඩුව ටියුෂන් ගුරෙක්ට රෙන්ට් එකට දෙන්න කියහන්කෝ.තව පන්සල ඔය පාරක් අයිනේ නම් තියෙන්නේ ලොකු පිළිමයක් හදලා කැටයක් හයි කරන්න කියහන් සල්ලි වැටේ සින් සින් ගාලා හිටං.

    ReplyDelete
    Replies
    1. යකෝ මට පන්සලක් නෑ බොල.

      Delete
  37. ඩබ්ලිව් ජයසිරි ගේ සිරිදාස සහ වැඩිහිටියන්ගේ තවත් කතා කෙටි කතා පොත මතක් විය.

    ReplyDelete
    Replies
    1. ජයසිරිගේ පොත නං මගේ ලඟත් තියෙනවා.

      Delete
  38. ///බොහෝ අසීරුවෙන් ඇය විසින් සපයා ගන්නා ලද ආවරණයක් ඇය ලොකු හාමුදුරුවන්ගේ අංගජාතයෙහි පැළඳවූයේ මහත් බැති සිතින් වතාවතක යෙදෙන්නා සේ නොවේදැයි ලොකු හාමුදුරුවෝ සිතුහ.///

    හි හි නියමයි කථාව. මේකේ කුනුරසයක් නෑ හාන්දුරුවෝ කෑවා ,කසිප්පු බිවුවා ,,ගෑණු තියාගත්තා වගේ නරක වචන නෑ,, උන්නාන්සේ ගැන හරි ලස්සනට ලියලා තියෙනවා,, , ධර්මය ට ගරහනවයි කියාගෙන එන ඔය ඇනෝ කමෙන්ට් කාරයෝ ඇතුලේ තියෙන්නේ කුනුහිත්, පැහැදිළි ඉරිසියාව විතරයි , ජය

    ReplyDelete
    Replies
    1. කා ගැනවත් ද්වේෂයෙන් ලියපු කතාවක් නෙවෙයිනෙ ඔමා.ඒ නිසා බොහොම සීරුවට ලීවා.මෙතන ධර්මයට ගරහනවා කියල කියන්නෙ අර කිව්වා වගේ ඉරිසියාවට.ස්තූතියි.

      Delete
  39. නියමෙට ලියල තියෙනවා. අර මාතලන් කිව්වා වගේ දක්ෂ කෙටිකතාකරුවෙක් .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම්.මාතලන් බලාපොරොත්තු වෙන තැනට යන්නට මට තව ගොඩක් කල් යාවි මගෙහිතේ.

      Delete
  40. //දත් අත්‍යවශ්‍යමය.දත් නැති විදුරුමසින් සපන විට හරියට රබර් කෑල්ලකින් තදකරන්නාක් මෙනි.//

    හාමුදුරුවෝ දත් දොස්තරලා අඳුන්නන්නේ නෑලුද? :D:D

    ReplyDelete
    Replies
    1. හාමුදුරුවන්ට දත් දොස්තරල වැඩක් නෑ පොඩ්ඩි.අවශ්‍ය වෙන්නෙ දන්ත කාර්මිකයෙක්.

      Delete
  41. **කසිප්පු බාගය දුටු හාමුදුරුවෝ උඩට වැඩමකරවා බිම වැටුණහ.**
    මේ වගේ හාමුදුරුවරු වගේම උපාසකයොත් ඕනෙ තරම් අද සමාජයේ ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඒ ලෝක ස්වභාවය.
      ඔබ අලුත් මුහුණක්.සාදරයෙන් පිළිගන්නවා.

      Delete
  42. ඔය මොකක්හරි වැල ගෘප් එකක හාමුදුරු කෙනෙක් සම්බන්ධ වැලක් දාන්නද දාන්නද අහ අහ එකෙක් හිටියා. අපේ හැලප ගොය්යද මන්දා.

    ReplyDelete
  43. උඹත් එහෙනං මං වගේම පාපතරයෙක් උනා.. හැක්..

    ReplyDelete
    Replies
    1. උඹ තනිකරන එක හොඳ නෑ කියල හිතුනා.

      Delete
  44. කථාව ඉහළින්ම රස වින්දා...කාලයකට පස්සෙ හැලපයියා ලිව්ව බොහොම රස කථාව මේකයි කියලයි මගේ අදහස. මාසෙකට එකක්වත් මෙහෙම ප්‍රබන්ධ කථාවක් ලිව්වොත් නරකද...අපේ පැත්තෙත් ලොකුවට ගියා අපචාර සිද්ධියක් එක වතාවක්...ලොකු හාමුදුරුවො සහ පොඩි හාමුදුරුවරු ඒ ගැන පරීක්ෂණ කරපු පොලිස් පරීක්ෂකයට නිකංම කියවුනාලු මේක යකෝ ඇරිලි ජාලයක්නෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔය පන්සල් ඔස්සේ හොයාගෙන ගියොත් එහෙම ප්‍රබන්ධ වලටත් වඩා විශ්වාස කරන්නට බැරි කතා හමුවෙනවා සිරෝ.වැරැද්ද තියෙන්නෙ ඔය කතා එළිපිට සාකච්ඡා නොවීමයි.

      Delete
    2. අර ඇරිලා ජාලය ගැන කථාවට ගිය වෙලාවක අපේ පන්සලේ ලොක්කා කිව්වලු මේවා නම් සාමාන්‍ය දේවල් මෙතන වැරැද්ද මහා පරිමාණෙන් වෙච්ච එකයි කියලා...ඒ පිළිතුරෙන්ම පේනවනෙ මේක සුලභ තත්වයක් කියලා.

      Delete

ඔබේ අදහස්