අද ඡන්දය දවසයි.නිකං ඡන්දය නොව මහ චන්දයයි.මේ දවස්වල දේශපාලනය ඇරෙන්නට වෙන මොනවා ලිව්වත් හිට් වෙන්නෙ නෑ.ඒ තරමට උණුසුම්.ඒ වගේම අඩුවක් නැතිව දේශපාලන සටහන් ද ලියවෙනවා.යමක් ලියන්නට උවමනා උනත් මේ දවස් මම ලියන කතා ලියන්නට කාලය නොවෙයි කියල මට හිතෙනවා.තවත් දවස් ගණනක් යනතුරු මේ ඡන්ද උණුසුම තියේවි.හෙට ප්‍රතිපල පිටවුණාට පස්සෙන් පහු පශ්චාත් පරීක්ෂණ ආදිය සුපුරුදු විදියට බ්ලොග් අවකාශයේ සිදුවේවි.මේ මාසය අවසානයේ විතර ආපහු බ්ලොග් ලෝකය සාමාන්‍ය තත්ත්වයට පැමිනෙයි කියල මට හිතෙනවා.
ඉතිං මම දේශපාලන සටහනුත් නොලියන එකේ මොනවා ලියන්නට දැයි කල්පනා කරමින් ඉඳිද්දී බොහොම පැරණි කවි කීපයක් මට කියවන්නට ලැබුණා.මේ කවි කීපය අදට ගැලපේවි කියල මට හිතුන නිසා ඔබේ රස වින්දනය උදෙසා ඒ කවි කිහිපය ඉදිරිපත් කරන්නට මම හිතුවා.මේ කවි ලියා ඇත්තේ සිංහල සාහිත්‍යයේ පුරෝගාමී නවකතා කරුවෙකු වූ පියදාස සිරිසේන(1875 - 1946) මහතායි.කවිවල මාතෘකාව "මන්ත්‍රීන් තේරීමට උපදෙසක්" යන්නයි.1923 දී තරම් ඈත කාලයකදී ලියවුනත් මේ කවි කිහිපය අදටත් එකලෙසම ගැලපෙන බව කවි කියවද්දී අපට පෙනීයනවා.
තාරණ තෙද විකුම් මහතුන්ගෙන් දිමුත
තෝරණ රජ මැතින් රජ සබයට සමත
තීරණ කරගනිව් මෙදවස සුදුසු වෙත
දනයත් උසස් කුලයත් සමග පුවතර
දැනුමත් ඉංග්‍රීසි ආදී සද සතර
මෙමහත් රජ සෙබට පැමිණෙන්ට ගරුතර
නොමවෙත් සුදුසුකම් දැනගනු මැන මිතුර
දැනගත් සද සතර වියතුන් සෙව් සුහද
සත වෙත් කුළුණු යුතු සිය දිවි සෙ හැම සඳ
ගුණවත් මහතුමෝ රජ සබයට පබඳ
පැමිණෙත් නම් යෙහෙකි අනිකෙක් නොවේ හොඳ
(කව් දහස,1923 )
සියලු දෙනාටම සුබ මහ මැතිවරණයක් වේවායි පතමි෴
ෂඃ! අගේ ඇති කවි ටික. ඔතන සද සතර කියන්නේ ශබ්ද ශාස්ත්‍රය හෙවත් භාෂා ඥානය නේද? සද කියන එක ශබ්දය කියලා ගත්තොත්, ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, අද ඉන්න දෙස්පලුවන්ගේ සද්දේ තියනවා නියමෙට. අපරාදේ කියන්න බෑ.
ReplyDeleteවිචා,
Deleteමම හිතන්නෙ ඔය සද සතර කියන්නෙ ඡන්දස් ශාස්ත්‍රය කියන එකට. කොහොම වුණත් පියදාස සිරිසේන කවියෙක් නිසා කවි සතර දන්න එවුන් ප්‍රොමෝට් කොරල වගේ. හික්ස් !
හුටා.........ඡන්දස් ශාස්ත්‍රය කියලා ගන්නත් පුළුවන් තමයි. ඇත්තටම හොඳ කයියෝ ගොඩක් යැව්වොත් එහෙම පාර්ලිමේන්තුවට, කයි පද බඳියි, හිටු කියලා.
Deleteසද සතර කියන්නෙ ශබ්ද ශාස්ත්‍රය හෙවත් භාෂා ඥානය තමයි. ඡන්දස් ශාස්ත්‍රය කියනවා නම් සඳසතර වෙන්න ඕන. සඳලකර (= ඡන්දෝලංකාර) වගේ. විචාරකගේ අනුමානය හරි.
Deleteවිචා,
Deleteමෙච්චර කලක් සද්දෙ දාගෙන හිටපු උන් දැන්වත් සද්දෙ වහගෙන ඉඳීද බලමුකො.
ඇනෝ,කසුන්.
Deleteවිද්වත් අදගස් දැක්වීමට බොහොම ස්තූතියි.
හැලපෙ,
ReplyDeleteගුණවත් මහතුමෝ රජ සබයට පබඳ
පැමිණෙත් නම් යෙහෙකි අනිකෙක් නොවේ හොඳ
මේ වගේ උන් මේ සැරේ ලිස්ට්වල ඉන්නවද? මොන දිස්ත්‍රික්කෙද ඉන්නෙ?
මෙදා සැරේ ගුණවත් උන් මොන දිස්ත්‍රික්කෙන් ඇවිත් ඉන්නවද කියල දැන් බලාගන්න පුළුවනි.
Delete//ගුණවත් මහතුමෝ රජ සබයට පබඳ
ReplyDeleteපැමිණෙත් නම් යෙහෙකි අනිකෙක් නොවේ හොඳ //
බහුතර ලාංකිකයින්ගේ පැතුම මෙය වේවායි!....මමද ප්‍රාර්ථනා කරමි.
ලාංකීය සිතුවිලි වල දැකලා අදයි මුලින් මේ පැත්තට ආවෙ...අපූරුයි කවි පංතිය
අපි සැමගේ ප්‍රාර්ථනාවද එයමැයි.බොහොම ස්තූතියි සඳ වියමන්.
Deleteපස්ටයි හැලපයියේ........
ReplyDeleteස්තුතියි නලින්.
Deleteධනයත් සොරා කෑදේ මිස අන් කවර
ReplyDeleteරතියත් කෙළී ගණනය කරමින් නිතර
දෑතත් ලෙයින් නෑවී අඟලක් නෑර
ගැහුවත් ගහන්නේ මුන්ටම නොවැ කතිර
ඒ කවියත් මරේ මරු...!
Deleteහොරුන්ට ඇරෙන්න වෙන කාට කතිර ගහන්නද.මධුවත් කියයි ඉතිං.
Deleteගුණවත් මහතුමෝ රජ සබයට පබඳ
ReplyDeleteපමුණන්නට ගහමු කතිරය අද සබඳ
මිනීමරලා මාස ගානක් හිරේ තපින එකා උඩින්ම රජ සබේ.
Deleteමනරම් කයි පද...
ReplyDeleteජ ය වේ වා @@@
ස්තුතියි විදානේ.
Deleteඋඩ තියෙන පොටෝ එකේ නං හිටියේ "ගුණවත් මහතුමෝ" ලා. ඒ උනාට දැන් තියෙන තැනට එන වැඩිහරියක් "ගුණනැති ජරාතුමෝ" ලා! මෙදාපාර වත් බලමු.
ReplyDeleteමෙදා පාරත් ඉතිං පරණ රැළම තමයි.
Deleteඡන්දය දී ලැබුනේ කුමක්....................කියාපියව්
ReplyDeleteකතිරය ගසා තැන තැන ඉඳ.................හඬාපියව්
විලමැද ගෙඹි රෑනේ බක බක...............අසාපියව්
ඡන්දය නොවේ උන් හට ගල්..............ගසාපියව්
+++++++++++++++++++++++
Deleteඉවාං , ඒක නියම කයිය. +++++++++++++++++++++++++++
Deleteදැන් යහපාලනේ හින්දම හොඳයි නැත්නං උඹව වැඩමවන්නේ ධවල රතෙන්.
Deleteඅනිවා විය යුත්තේ ඒයයි..............
ReplyDeleteබලාගෙන ඉමු.
DeleteThis comment has been removed by the author.
ReplyDelete"ගුණවත්" කියල කාටවත් චන්දෙ දීල නෑ මං නම් තාම කාටවත්.
ReplyDeleteවැඩියෙන්ම "නුගුණවත්" එවුන්ට විරුද්ධව, උන් පරද්දන්න පුලුවන් එකෙකුට චන්දෙ දෙනව හැමදාම.
එතකොට ඔය තරහ, අපේක්ෂා භංගත්වය, කල කිරීම ආදී අපේ චන්දදායකයින්ට චන්දෙන් පස්සෙ හැදෙන ලෙඩ අඩුයි
නුගුණවත් භාවය අඩුම එකාට දුන්න නං හිතේ අමාරු නෑ.
Deleteදෙන්නට මනාපේ ගුණවත් මහතුන් නැති කලට
ReplyDeleteදෙන්නද මනාපේ හැලපයියේ උඹට
අපිට මනාප වෙන්නෙ උඹල වගේ අය පමණයි.
Deleteමම ෆේස් බුක් එකේ දැක්ක මැතිවරණ කොමසාරිස් තුමා අගමැති කරවමු කියල එකක් . මෙච්චර දවසකට හොඳයි කියල හිතුනු එකම මනුස්සය
ReplyDeleteඑහෙම කලානං එක අතකට හොඳා කියල හිතෙනවා අනික් අතට ඒ මනුස්සයාගේ විනාසේ.
Deleteඅඩු ගානේ ඒ දවස්වල ආපු උන් මුන්ට වඩා කෝටි ප්‍රකෝටි ගුණයක් හොඳයි... සම හරක් උන්ගේ නම් අදත් රැව් දෙනවා... ඒත් දැන් ඉන්නේ මක්කුද...
ReplyDeleteආයෙ ඒ වගේ කාලයක් බලාපොරොත්තු වෙන්න බෑ බං.මිනිස්සුන්ගෙ හැටියට තමා පාලකයො.යකාගෙ හැටියටයි විමානෙ කිව්වලු.
Deleteඔය කවි ටික අනුව නම් ඡන්දෙ දෙන්න වටින එකෙක් නෑ වගේ..... අනේ මන්දා කවදා ඔහොම කාලයක් ලැබෙයිද කියලා....
ReplyDeleteමෙහෙම යද්දී කාලයක් ඒවි කියල හිතනවා.
Deleteතෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
ReplyDeleteතේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
සතොසේ ලූණු තෝරනවා වගෙ සවස
සුපිරි කවිය.දැන් ඔබ ලියන්නෙ නැතිවීම අපරාධයක්.
Delete