Sunday, August 16, 2015

මන්ත්‍රීන් තේරීමට උපදෙසක්.


අද ඡන්දය දවසයි.නිකං ඡන්දය නොව මහ චන්දයයි.මේ දවස්වල දේශපාලනය ඇරෙන්නට වෙන මොනවා ලිව්වත් හිට් වෙන්නෙ නෑ.ඒ තරමට උණුසුම්.ඒ වගේම අඩුවක් නැතිව දේශපාලන සටහන් ද ලියවෙනවා.යමක් ලියන්නට උවමනා උනත් මේ දවස් මම ලියන කතා ලියන්නට කාලය නොවෙයි කියල මට හිතෙනවා.තවත් දවස් ගණනක් යනතුරු මේ ඡන්ද උණුසුම තියේවි.හෙට ප්‍රතිපල පිටවුණාට පස්සෙන් පහු පශ්චාත් පරීක්ෂණ ආදිය සුපුරුදු විදියට බ්ලොග් අවකාශයේ සිදුවේවි.මේ මාසය අවසානයේ විතර ආපහු බ්ලොග් ලෝකය සාමාන්‍ය තත්ත්වයට පැමිනෙයි කියල මට හිතෙනවා.

ඉතිං මම දේශපාලන සටහනුත් නොලියන එකේ මොනවා ලියන්නට දැයි කල්පනා කරමින් ඉඳිද්දී බොහොම පැරණි කවි කීපයක් මට කියවන්නට ලැබුණා.මේ කවි කීපය අදට ගැලපේවි කියල මට හිතුන නිසා ඔබේ රස වින්දනය උදෙසා ඒ කවි කිහිපය ඉදිරිපත් කරන්නට මම හිතුවා.මේ කවි ලියා ඇත්තේ සිංහල සාහිත්‍යයේ පුරෝගාමී නවකතා කරුවෙකු වූ පියදාස සිරිසේන(1875 - 1946) මහතායි.කවිවල මාතෘකාව "මන්ත්‍රීන් තේරීමට උපදෙසක්" යන්නයි.1923 දී තරම් ඈත කාලයකදී ලියවුනත් මේ කවි කිහිපය අදටත් එකලෙසම ගැලපෙන බව කවි කියවද්දී අපට පෙනීයනවා.

මෝරණ සඳ ලෙසින් යස පල වන  දියත 
තාරණ තෙද විකුම් මහතුන්ගෙන්   දිමුත 
තෝරණ රජ මැතින් රජ සබයට    සමත 
තීරණ කරගනිව් මෙදවස සුදුසු      වෙත 

දනයත් උසස් කුලයත් සමග             පුවතර 
දැනුමත් ඉංග්‍රීසි ආදී සද                      සතර 
මෙමහත් රජ සෙබට පැමිණෙන්ට     ගරුතර 
නොමවෙත් සුදුසුකම් දැනගනු මැන     මිතුර 

දැනගත් සද සතර වියතුන් සෙව්                     සුහද
සත වෙත් කුළුණු යුතු සිය දිවි සෙ හැම             සඳ 
ගුණවත් මහතුමෝ රජ සබයට                       පබඳ 
පැමිණෙත් නම් යෙහෙකි අනිකෙක් නොවේ   හොඳ 

(කව් දහස,1923 )
සියලු දෙනාටම සුබ මහ මැතිවරණයක් වේවායි පතමි෴

40 comments:

  1. ෂඃ! අගේ ඇති කවි ටික. ඔතන සද සතර කියන්නේ ශබ්ද ශාස්ත්‍රය හෙවත් භාෂා ඥානය නේද? සද කියන එක ශබ්දය කියලා ගත්තොත්, ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, අද ඉන්න දෙස්පලුවන්ගේ සද්දේ තියනවා නියමෙට. අපරාදේ කියන්න බෑ.

    ReplyDelete
    Replies
    1. විචා,

      මම හිතන්නෙ ඔය සද සතර කියන්නෙ ඡන්දස් ශාස්ත්‍රය කියන එකට. කොහොම වුණත් පියදාස සිරිසේන කවියෙක් නිසා කවි සතර දන්න එවුන් ප්‍රොමෝට් කොරල වගේ. හික්ස් !

      Delete
    2. හුටා.........ඡන්දස් ශාස්ත්‍රය කියලා ගන්නත් පුළුවන් තමයි. ඇත්තටම හොඳ කයියෝ ගොඩක් යැව්වොත් එහෙම පාර්ලිමේන්තුවට, කයි පද බඳියි, හිටු කියලා.

      Delete
    3. සද සතර කියන්නෙ ශබ්ද ශාස්ත්‍රය හෙවත් භාෂා ඥානය තමයි. ඡන්දස් ශාස්ත්‍රය කියනවා නම් සඳසතර වෙන්න ඕන. සඳලකර (= ඡන්දෝලංකාර) වගේ. විචාරකගේ අනුමානය හරි.

      Delete
    4. විචා,
      මෙච්චර කලක් සද්දෙ දාගෙන හිටපු උන් දැන්වත් සද්දෙ වහගෙන ඉඳීද බලමුකො.

      Delete
    5. ඇනෝ,කසුන්.
      විද්වත් අදගස් දැක්වීමට බොහොම ස්තූතියි.

      Delete
  2. හැලපෙ,
    ගුණවත් මහතුමෝ රජ සබයට                       පබඳ 
    පැමිණෙත් නම් යෙහෙකි අනිකෙක් නොවේ   හොඳ 
    මේ වගේ උන් මේ සැරේ ලිස්ට්වල ඉන්නවද? මොන දිස්ත්‍රික්කෙද ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. මෙදා සැරේ ගුණවත් උන් මොන දිස්ත්‍රික්කෙන් ඇවිත් ඉන්නවද කියල දැන් බලාගන්න පුළුවනි.

      Delete
  3. //ගුණවත් මහතුමෝ රජ සබයට පබඳ
    පැමිණෙත් නම් යෙහෙකි අනිකෙක් නොවේ හොඳ //
    බහුතර ලාංකිකයින්ගේ පැතුම මෙය වේවායි!....මමද ප්‍රාර්ථනා කරමි.

    ලාංකීය සිතුවිලි වල දැකලා අදයි මුලින් මේ පැත්තට ආවෙ...අපූරුයි කවි පංතිය

    ReplyDelete
    Replies
    1. අපි සැමගේ ප්‍රාර්ථනාවද එයමැයි.බොහොම ස්තූතියි සඳ වියමන්.

      Delete
  4. පස්ටයි හැලපයියේ........

    ReplyDelete
  5. ධනයත් සොරා කෑදේ මිස අන් කවර
    රතියත් කෙළී ගණනය කරමින් නිතර
    දෑතත් ලෙයින් නෑවී අඟලක් නෑර
    ගැහුවත් ගහන්නේ මුන්ටම නොවැ කතිර

    ReplyDelete
    Replies
    1. හොරුන්ට ඇරෙන්න වෙන කාට කතිර ගහන්නද.මධුවත් කියයි ඉතිං.

      Delete
  6. ගුණවත් මහතුමෝ රජ සබයට පබඳ
    පමුණන්නට ගහමු කතිරය අද සබඳ

    ReplyDelete
    Replies
    1. මිනීමරලා මාස ගානක් හිරේ තපින එකා උඩින්ම රජ සබේ.

      Delete
  7. මනරම් කයි පද...

    ජ ය වේ වා @@@

    ReplyDelete
  8. උඩ තියෙන පොටෝ එකේ නං හිටියේ "ගුණවත් මහතුමෝ" ලා. ඒ උනාට දැන් තියෙන තැනට එන වැඩිහරියක් "ගුණනැති ජරාතුමෝ" ලා! මෙදාපාර වත් බලමු.

    ReplyDelete
    Replies
    1. මෙදා පාරත් ඉතිං පරණ රැළම තමයි.

      Delete
  9. ඡන්දය දී ලැබුනේ කුමක්....................කියාපියව්
    කතිරය ගසා තැන තැන ඉඳ.................හඬාපියව්
    විලමැද ගෙඹි රෑනේ බක බක...............අසාපියව්
    ඡන්දය නොවේ උන් හට ගල්..............ගසාපියව්

    ReplyDelete
    Replies
    1. ඉවාං , ඒක නියම කයිය. +++++++++++++++++++++++++++

      Delete
    2. දැන් යහපාලනේ හින්දම හොඳයි නැත්නං උඹව වැඩමවන්නේ ධවල රතෙන්.

      Delete
  10. අනිවා විය යුත්තේ ඒයයි..............

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. "ගුණවත්" කියල කාටවත් චන්දෙ දීල නෑ මං නම් තාම කාටවත්.
    වැඩියෙන්ම "නුගුණවත්" එවුන්ට විරුද්ධව, උන් පරද්දන්න පුලුවන් එකෙකුට චන්දෙ දෙනව හැමදාම.
    එතකොට ඔය තරහ, අපේක්ෂා භංගත්වය, කල කිරීම ආදී අපේ චන්දදායකයින්ට චන්දෙන් පස්සෙ හැදෙන ලෙඩ අඩුයි

    ReplyDelete
    Replies
    1. නුගුණවත් භාවය අඩුම එකාට දුන්න නං හිතේ අමාරු නෑ.

      Delete
  13. දෙන්නට මනාපේ ගුණවත් මහතුන් නැති කලට
    දෙන්නද මනාපේ හැලපයියේ උඹට

    ReplyDelete
    Replies
    1. අපිට මනාප වෙන්නෙ උඹල වගේ අය පමණයි.

      Delete
  14. මම ෆේස් බුක් එකේ දැක්ක මැතිවරණ කොමසාරිස් තුමා අගමැති කරවමු කියල එකක් . මෙච්චර දවසකට හොඳයි කියල හිතුනු එකම මනුස්සය

    ReplyDelete
    Replies
    1. එහෙම කලානං එක අතකට හොඳා කියල හිතෙනවා අනික් අතට ඒ මනුස්සයාගේ විනාසේ.

      Delete
  15. අඩු ගානේ ඒ දවස්වල ආපු උන් මුන්ට වඩා කෝටි ප්‍රකෝටි ගුණයක් හොඳයි... සම හරක් උන්ගේ නම් අදත් රැව් දෙනවා... ඒත් දැන් ඉන්නේ මක්කුද...

    ReplyDelete
    Replies
    1. ආයෙ ඒ වගේ කාලයක් බලාපොරොත්තු වෙන්න බෑ බං.මිනිස්සුන්ගෙ හැටියට තමා පාලකයො.යකාගෙ හැටියටයි විමානෙ කිව්වලු.

      Delete
  16. ඔය කවි ටික අනුව නම් ඡන්දෙ දෙන්න වටින එකෙක් නෑ වගේ..... අනේ මන්දා කවදා ඔහොම කාලයක් ලැබෙයිද කියලා....

    ReplyDelete
    Replies
    1. මෙහෙම යද්දී කාලයක් ඒවි කියල හිතනවා.

      Delete
  17. තෝරල ගැහැව්වත් කතිරේ හොදට අද
    තේරිල තියෙන්නේ කවදත් කුනුම ගොඩ
    එකෙක් දෙකෙක් සිටියත් හොද ඒ අතර
    සතොසේ ලූණු තෝරනවා වගෙ සවස

    ReplyDelete
    Replies
    1. සුපිරි කවිය.දැන් ඔබ ලියන්නෙ නැතිවීම අපරාධයක්.

      Delete

ඔබේ අදහස්