Wednesday, May 14, 2014

130.අපේ වෙසක් සැරසිල්ල සහ කොත්තමල්ලි වතුර දානය



අපි කවුරු කවුරුත්  තුංදොර හීලෑ කරගෙන බොහොම හික්මීමෙන් මේ වෙසක් සතියෙ කාලය ගතකල යුතුයි නේද කියල මට හිතුනෙ වෙසක් ගැන පෝස්ටුවක් ලියන්නට පටන් ගනිද්දීමයි,ලියන කියන දේ පවා පිං අයිතිවෙන තිබෙන පිං වර්ධනය වෙන දෙයක් වියයුතුමයි කියල  අපි සියල්ලන්ම තරයේ අධිෂ්ඨාන කරගම්මු, අපේ රවිතුමන් ඉතාම අගනා වටිනා ආදර්ශමත් කතාවක් ලියමින් එවැනි බණ කතා මාලාවක ආරම්භය අපට ලබාදීල තිබීම ගැන මට අප්‍රමාණ සතුටුයි,ඉතිං මගෙත් වෙසක් අත්දැකීම් කීපයක් ඔබ සියලු දෙනාගේ සිත් පහන් කරවීම සහ ධර්ම සංවේගය ඇතිකිරීම පිණිස ලියන්නට මට කල්පනාවුනා... 

අපි පොඩි කොල්ලො කාලෙ කරපු වෙසක් සැරසිල්ලක් ගැන මම කලින් ලියල තියෙනව ඊට පස්සෙ හැම අවුරුද්දකම වෙසක් කාලෙදී අපි කට්ටිය එකතුවෙලා හංදියෙ මොකක් හරි වෙසක් සැරසිල්ලක් ඇටෙව්වා, එක සැරයක් දැන් ඔය රාජලගේ කුලී ගේ තියෙන තැන ඒ කාලෙ තිබුණු අත්තිවාරම උඩ පිරිනිවන් මංචකය හැදුවා මට හොඳට මතකයි,ඔන්න ඔය විදියට අවුරුදු ගෙවී ගිහිං 1979 අවුරුද්දත් ලැබුවා...

78 අවුරුද්දෙ අපේ කොල්ලො කීප දෙනෙක් සයිකල් වලින් වෙසක් බලන්න ගියවෙලේ දිවුලපිටිය හරියෙ  හරි මරඳගහමුල  හරි හදල තිබ්බ සිරිපාද ආකෘතියක් බලල ඇවිත් තිබුණා, ඒක සිරිපාද කන්ද විදියටම හදල තිබ්බට හරියටම සිරිපාදෙ නගින විදියට නගින්න හදල තිබුනෙ නෑලු,ඉතිං ඔන්න ඔය අත්දැකීමත් හිතේ තියාගෙන ආපු අපේ කණ්ඩායම මේ සංකල්පයම තව ටිකක් දියුණු කරලා එක පැත්තකින් නැගල තව පැත්තකින් බැහැල යන විදියට සිරිපාදයක් අපටත් හදන්න බැරිද කියල දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා විතරක් නෙවෙයි සිරිපාදයක් හදමු කියල ප්‍රතිපත්තිමය තීරණයකට ඇවිත් ඒ ගැන ශක්‍යතා අධ්‍යයනයකුත් කළා, සාකච්ඡා  සහ අධ්‍යයනය සාර්ථක වුන නිසා ප්ලෑනක් ඇන්දා,පැලෑන මෙහෙමයි...

පොඩි මහින්දලගෙ කඩේ ඉස්සරහ පාර ලඟින් පඩිපෙළ පටන් අරං හේරත් අයියල ඒ දවස්වල පදිංචිවෙල හිටපු පොඩි මහින්දලගෙ කුලී ගේ ළඟ සීත ගඟුල හදල එතනින් කෙලින්ම ලොකු ගස් අල්ලල ටිකක් දුර දකුණටයි වමටයි ගෙනිහින් හා ඩේවිට්ලගෙ වත්තෙ ඉමේ තියෙන මහ පත කොහු අඹ ගහ මුදුනෙ සිරිපාද පත්මේ පිහිටෝල ඊට පස්සෙ ඇඩ්ඩිංලගෙ වත්තෙ ගස් උඩින් පහළට බැහිල්ල පටන් අරං ඩබල් ක්‍රිස්තියන්ගෙ කුලී ගෙයි  මිදුලෙන් ආපහු පාරට වැටෙනවා,ඔන්න ඔය පැලෑන කට්ටිය ඒකඡන්දයෙන් අනුමත කරගෙන නැකතක් බලල කිරිබත් කාල එහෙම  වැඩේ මුලිකය වෙච්ච නිළමෙගෙ ප්‍රධානත්වයෙන් සිරීපාදෙ ඉදිකරන්න වැඩ කටයුතු පටන් ගත්තා...

තව එකක් කියන්න තියෙනව වැඩේ පටන් ගත්තට මොකද මම තාම සීන් එකේ නෑ, වැඩ කරන තැනට ආව ගියාට වැඩකරන උන්ට බොන්න ගේන කහට තේ එක සිකරට් එක බිව්වට මුළු හදවතින්ම තවම මම වැඩේට සැට්වෙලා නෑ, සුපුරුදු විදියට රස්සාවට යනව එනව හවසට කොල්ලො වැඩකරන තැනට ගිහිං කයිය ගහගෙන ඉන්නව විතරයි,අමනාපෙකට අරියාදුවකට නෙවෙයි ඇත්තම කිව්වොත් කරන්න යන්නෙ මොකද්ද කියල කොටින්ම මට තේරුණේ නැති එකයි, හිතුවට හිතේ ඇඳගන්නත් බෑ, අනික් කාරණේ කිව්වහම මොකද ඒ දවස්වල මට ගෑනු ළමයෙක් එක්ක හුටපටේකුත් තිබුණා,ඒ නිසා මගේ දවසෙ වැඩි වෙලාවක් ගතවුනේ මල් කැඩීම සම්බන්ධ කටයුතුවලටයි...

වැඩ කරන්න එකතු පහද වෙලා ඉන්න කට්ටිය කම්මැලි නැතුව වැඩ කරගෙන යන නිසා සිරිපාද ආකෘතියෙ ඉදිකිරීම් කටයුතු දැන් පිමි පනිමින් ඉදිරියට යනවා,සංවිධාන කටයුතු සාකච්ඡා වෙන්නෙත් වැඩකරන ගමන්  ගහක් උඩ හරි අට්ටාලයක් උඩ හරි කට්ටිය එකතුවෙලයි,ඉතිං වෙසක් පෝයට සතියක් විතර තියැද්දි මුලික ඉදිකිරීම් වැඩටික අවසානකරල නිමාකිරීම හැඩවැඩ දැමීම ආදිය පටන්ගත්තා සිරිපතුලකුත් හදල ගහඋඩ පිහිටෙව්වා,එතනට කපුවෙක් තියන්නත් කතාවෙලා කපුව හැටියට මාලන්ලගෙ සීය හෙන්දිරික් ව තෝර ගත්තා,ඊළඟට කරන්න තිබුණු වැදගත්ම දේ නිවේදන සහ ප්‍රචාරක කටයුතු කරන්න කෙනෙක් සොයා ගැනීමයි,එල්ලෙ මැච් එනවුන්ස් කරලයි ගමේ පොඩි පොඩි නිවේදන කටයුතු කරලයි නිවේදකයෙක් හැටියට ගමේ ප්‍රසිද්ධ වෙලා හිටපු මාව ඒ තනතුරට ගහක් උඩ ඉඳල නිතරඟයෙන්ම තෝරගෙන තිබුණා,සිරිපාද ආකෘතිය පෙන්නන්න දවස් දෙකතුනක ඉඳල මම උඩ ඉස්පීකරයක් බැඳපු පියදාස මුදලාලිගෙ වෑන් එකේ ගම අවටපිට ගංවල හැම තැනම ප්‍රචාරයෙ ගියා...

ඒ දවස්වල අපි ඉස්පීකර් කුලියට ගත්ත තැන කැසට් ප්ලේයර් තිබ්බෙ නෑ,ඉස්පීකර් කාරය රැකෝඩ් ප්ලේයර් එකයි තැටියි අරං ආවා,වාහනේ යන ගමන් සිංදු දාන්න බෑ ඉඳිකට්ට පනින නිසා වාහනේ නවත්තල ටිකක්වෙලා සිංදුව දානවා...

''වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා
වෙනසක් අපේ නැතේ එයා කියා මෙයා කියා ජකෝලියා කරෝලියා පොරෝලියා
ආයුබෝවන් ප්‍රදේශවාසී හිතවතුනි මේ ඔබ අමතන්නේ රන්තරු තරුණ සංගමෙයේ ප්‍රචාරක අංශයයි,රන්තරු තරුණ සංගමය විසින් ප්‍රථම වරට ඉදිකරන ලද මහා ශ්‍රීපාද ආකෘතිය මේ මස විසිතුන්වෙනිදාට යෙදෙන වෙසක් පොහෝදින සිට සතියක් පුරා ඔබට නැරඹීම සඳහා ප්‍රදර්ශනය කරන බව බුද්ධාලම්බනප් ප්‍රීතියෙන් යුතුව දන්වා සිටිමි...''

මම කියාගෙන යනකොට පොඩිඋන් එහෙම කොළ ඉල්ලගෙන වාහනේ ලඟට දුවගෙන එනවා,ඉතිං ඔන්න ඔය විදියට නියම සිරිපාදෙ තියෙන සීතගඟුල,සාමචෛත්‍යය,ගෙත්තම්පාන,මහගිරිදඹේ ආදී සියලුමඅංගයන් ඇතුළත්ව හදපු පසුකාලෙක රටපුරා ව්‍යාප්ත වුන සිරීපාද ආකෘතිය 79 අවුරුද්දෙ වෙසක් පෝය දවසෙ වැහි බීරුම් තිබුණු අඳුරු හැන්දෑවක හාපුරා කියල අපේගමේදි විවෘත වුනා,මහන්සිවෙලා හැදුවට මොකද වැඩේ සාර්ථක වෙයිද ටවුමෙ ඉඳල කිලෝමීටර් දෙකක් දුර තියන එච්චර ප්‍රසිද්ධියක් නැති අපේ ගමට  තොරණවල් සහ වෙන වෙන වෙසක් සැරසිලි පහුකරගෙන සෙනග එයිද කියන එක ගැන අපේ සිත් තුළ විශාල සැකයක් තිබුණා, කොහොම වුනත් වෙසක්දා  හැන්දෑවෙ බෙග් මාස්ටර්ගේ සිංදු පසුබිමෙන් වාදනය වෙද්දි අපේ සිරිපාද ආකෘතිය ප්‍රදර්ශනය ඇරඹුනා...

පොඩි මහින්දලගෙ වත්ත කෙළවරේ සිරීපාදෙ පඩිපෙළ පටන්ගන්න තැන අපි කාර්යාලය හදාගෙන තිබුණා,කාර්යාලයේ හිටියෙ ටිකට් දෙන සල්ලි ගන්න ගෑනු ළමයි දෙන්නයි කවියයි නිවේදන කටයුතු කරපු මමයි,ඉස්පීකර් ගෙනාපු එකයි ඌ නං කාර්යාලෙ හිටියෙ නෑ සෙනග එන්න ගත්තට පස්සෙ හැම තැනම රස්තියාදු ගගහ හිටිය මිසක,ටිකට් එකක් සත පණහයි කෙල්ලො දෙන්න ටිකට් දිදී සල්ලි ලාච්චුවට දාද්දි කවියා ආධාර දුන්නම කවි කියනව,කවියත් මරු පොරක් ඔන්න ඔය ගිරිඋල්ල පැත්තෙන් හොයාගත්තෙ ගම ලබ්බලලු ලබ්බල විජේ කියල හැබැයි ඉතිං හිටගෙන කවියෙක් නෙවෙයි නියම හිටිවන කවියෙක් ඕනෑම දේකට ඕනෑම නමකට කවිය දිව අග තියෙනවා,රෑ වෙන්න වෙන්න සෙනග හෝ ගාල ඇදෙන්න ගත්තා...

කවියා එක සීරුවට කවි කියනකොට අපේ ආධාර වට්ටියටත්  හිටු කියල සල්ලි වැටෙනවා,මට මතකයි එක අම්ම කෙනෙක් අපි වෙසක් සැරසිලි පටන් ගත්තු මුල් අවුරුද්දෙ ඉඳල හැම අවුරුද්දකම ඇවිත් ආධාර කරල කවියක් කියවගන්නවා,ආධාරෙ දෙන්නෙ මැරිච්ච සුවාමිපුරුසයට පිං පිණිසයි,සල්ලි දීල කවිය කියනකං එතනටම වෙලා බලාගෙන ඉන්නව,විස්තරේ ලියපු කොළ කෑල්ල විජෙය අතට දීපු ගමන්ම විජේ කවිය කියන්න පටන් ගන්නවා...

මෙන්න තවත් ආදාරයක්,මාලිගාතැන්නේ සිට පැමිණි කේ ඇස් මේරිනෝනා උපාසිකා මාතාව මියගිය තම පෙම්බර සැමියා වන ඇම් සියදෝරිස් මහතාට  පිං පිණිස රුපියල් පහක ආදාරයක් ලබාදී තිබෙනවා,මෙන්න අපේ කවි පැතුම...

සම්බුදු පහස ලද සිරිපද පියුම             කියා
නරඹන රිසිව අද මෙතනට පැමිණ     ගියා
බැතිබර සිතින් ආදාරය පුදන            නියා
නිවනින් සැනහේවී ආදර ඔබෙ      සැමියා

කාර්යාලෙ පුවක් කණුවකට හේත්තුවෙලා විජේ කියන කවිය සාවධානව අහගෙන ඉන්න ඒ අම්මගෙ මද සිනාවක් සහිත ශාන්ත මුහුණ ඊට අවුරුදු තිස්පහකට පස්සෙ මේ ලියන මොහෙතෙත් මට මැවිල පේනවා,කවිය ඉවරවුනාම අත්දෙක එකතු කරල සාදුකාරයක් දීල සැදැහැවෙන්  පිරුණු සිතින් යුතුව යන්න ගියා,,ඒ අම්ම කරන මේ වැඩේ මම ඊට පස්සෙත් අවුරුදු හත අටක් නොකඩවා නිරීක්ෂණය කළා...

සෙනග වැඩිනිසා පොලිසියෙනුත් රාළහාමිල දෙන්නෙක් එවල තිබුණා,එච්චර විශාල ජනතාවක් බලාපොරොත්තු වුනේ නැති නිසා  සංවිධායකයො වැඩකරන කාටවත් රෑට කෑම ලෑස්ති කරල තිබ්බෙ නෑ එක එක්කෙනා ගිහිං කාල ඒවි කියල බලාපොරොත්තු වුනා,අනික කෑම ලෑස්ති කරන්න මුදල් තිබුනෙත් නෑ සංගමේ අන්තිම සතේට යනකං හිඳිල හිටියෙ,නමුත් දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්, කිසිම කෙනෙකුට තමන් ඉන්න තැනින් හෙල්ලෙන්නවත් බැරි තත්වයකට පත්වෙලා,ඇතුල්වෙන තැන ඉඳල සිරීපාදෙ නැගල පාරට බහින තැන දක්වා එක දිගට සෙනග පිරිල ,අනික් කාරණේ නං සිරීපාදෙ නගින ජනතාවගෙ ආරක්ෂාව,නිළමෙ ඇතුළු කණ්ඩායමක්ම පඩිපෙළ සහ බැමි ගැන පරීක්ෂාවෙන් ටෝච් අතේ තියාගෙන සිරීපාදෙ යට සූදානම්ව හිටියා...

හදිසි සාකච්ඡාවක් කරල වැඩකරන අයට ඉන්න තැනටම කෑම සපයන්න ලෑස්ති කලා,පොලිසියෙ දෙන්නට(රවිගෙන් අවසරයි)කොත්තමල්ලි වතුර බෝතලයයි,කවියට කොත්තමල්ලි වතුර බෝතලයයි(නිවේදන කටයුතු කරල වේලිලා ඉන්න මටත් ඒකෙන්ම උගුර කට තෙමාගන්න පුළුවනි)ගෙන්නනත් ආධාර වට්ටියෙන් මම සල්ලි දුන්නා,නැත්නං සංවිධායකයින්ට කොත්තමල්ලි වතුර බීම සම්පූර්ණයෙන්ම තහනම්,ඒ කාලෙ වෙසක් පෝයට කොත්තමල්ලි වතුර කඩ වැහුවෙ නැතුව ඇති,නැහ්නං අපි ගෙන්නුවෙ කොහොමදැ, දැන්නං හරියට රෑ නමේ වෙනකොට වහනවනේද...

අපේ උනුත් නමේ වෙනකම්ම තටම තටම ඉඳල අන්තිම මොහොතෙ යන්නෙ කඩේ වහන්න ඔන්න මෙන්න කියලයි,ගමේ හත් දවසෙ හරි තුංමාසෙ අවුරුද්දෙ බණක් එහෙම තියෙනකොට අපේ කණ්ඩායමත් හැන්දෑ වෙද්දි ගිහිං කරන්න තියෙන යමකටත් උදව් කරල එහෙම හාමුදුරුවො වැඩියට පස්සෙ කොහෙ හරි ගේකට සැට්වෙලා කොත්තමල්ලි වතුර බෝතලේකට වටවෙනවා,ඔවුං ඕක ගන්න සල්ලි එකතුකරන්න පටන්ගන්නෙ නමේට දහයක් තියැද්දි ඉතිං අන්තිම මොහොතෙ පුක දාච්ච බල්ලො වගේ දුවපං අප්පා,කඩේ වහන්න කලින් යාගත්තෙ නැහ්නං නිහාල්ගෙන් වැඩි ගාණට බඩු ගන්න උනාම කොත්තමල්ලි වතුර බෝතල් දෙකක් ගන්න එකතු කරපු සල්ලිවලින් එක බෝතලයක් විතරයි  ගන්න වෙන්නෙ ...

දවසක්දා මම බණ ගෙදරක යද්දි ටිකක් රෑවුනා අටහමාරත් පහුවෙලා, කොල්ලො කස්ටිය හෝගාල වැඩ කොත්තමල්ලි බොන ගතියක් පේන්නවත් තිබුනෙ නැති නිසා  ගෙනත් තියලවත් ඇති කියල හිතාගෙන මම එකෙකුට කතාකළා...

හේමෙ මොකුත් කරන්නෙ එහෙම නැද්ද බං...

කරන්ඩ ඕනෑ...

ඉතිං සල්ලි  එකතුකලාද...

දන්නෙ නෑ...

දැන් වෙලාව කීයද බලපන්...

නමේට දහයයි...

ඉතිං කවදද බොන්න ඉන්නෙ හෙටද...

මූ මෝඩය වගේ මගෙ දිහා බලාගෙන ඉන්නව,බැන බැන ඉඳල වැඩක් නෑ වහාම ක්‍රියාත්මක විය යුතු වෙලාව ගනුදෙනු පස්සෙ බේරගන්න බැරියැ,වටපිට බලද්දී ත්‍රීවීල් එලවන තරංග කැරකි කැරකි ඉන්නව දැකල මම ඌට කතාකළා...

තරංග ටක් ගාල ත්‍රීවීල් එක අරං වරෙන්...

තරංගය ගියා ඒ අතරෙ මම කුවින්ටස්ටත් කතා කරගෙන ගේක පිළිකන්නෙ තිබ්බ හිස් බෝතල් දෙකකුත් හොයාගෙන,නැත්නං හිස් බෝතලේකට විස්ස ගානෙ ගන්නවනෙ තරංගයට හැකි ඉක්මනින් යන්න කියල ත්‍රී වීල් එකට ගොඩවුනා වේගෙන් ගියෙ පාලමෙන් එහා පැත්තෙ කඩේට යන්නයි,ඒක නමේ පහුවෙලත් විනාඩි පහක් හයක් ඇරල තියනවලු, ටවුමට කිලෝමීටර් දෙකයි තරංගය ඊ ගහේ වේගෙන් ගියාට රේල් පාර පහුකරගන්න හම්බවුනේ නෑ ගේට්ටුව වැහුනා,ඔය මගුල වැහුවම අඩුම තරමෙන් විනාඩි පහක්වත් වහල තියනවා...

දුවන්නයි තියෙන්නෙ...

තරංග කියනවා...

කුවින්ටස්,මෙන්න සල්ලි මේ බෝතල් දෙකත් අරං දුවල ගිහිං බෝතල් දෙකක් ගන්නවා,ගේට්ටුව ඇරියම අපි එතෙන්ට එන්නං...

ත්‍රී වීල් එකෙන් බැස්ස කුවින්ටස් එදා දුවපු දිවිල්ලට උසේන් බෝල්ට් හිටියනං නෝවෙයාර්,ඒ තරමට ඌ මුළු හදවතින්ම දිව්වා...

ගේට්ටුව ඇරියට පස්සෙ අපි දෙන්න ඉස්සරහට යනකොට මෙන්න කුවින්ට අපි ඉදිරියට එනවා,දරුවෙක් වඩාගෙන ඉන්නව වගේ බෝතල් දෙක දාපු කවරෙත් පපුවට තුරුල්  කරගෙන වෙසක් හඳට වඩා උගෙ මූණ එළියයි...

කුවින්ටස්වත් නග්ගගෙන ත්‍රීවීල් එකත් හරවගෙන ආපහු එද්දි කුවින්ටස් කොත්තමල්ලි වතුර බෝතල් ගත්ත හැටි විස්තරේ කියන්න ගත්තා...

මම දුවගෙන යනකොට කඩේ වහනව කවුළුවෙ එක ලෑල්ලයි වහන්න ඉතුරුවෙලා තිබුනෙ ඒ ලෑල්ල වහන්න නොදී මම අත දැම්මා...

අනේ මල්ලියෙ මං බෝගහටත් එහා ඉඳල දුවන් ආවෙ,කොත්තමල්ලි වතුර බෝතල් දෙකක් දියං බුදු මල්ලියෙ අම්මෝ පපුව ගැලවෙන්න එනව හැති...

කඩේ එකා අනුකම්පාවෙන් වගේ මගෙ දිහා බලං ඉඳල සල්ලි ගත්තා,ඒ අව් අස්සෙ තව එකෙක් මගෙ පිටිපස්සෙන් ඇවිත් මේං හිස් බෝතලයක් දික් කරනව...

නෑ නෑ දෙන්නෙ නෑ කඩේ වහල තියෙන්නෙ...

කඩේ පොර කෑ ගහනව මූ නිසා මටත් කෙළවෙන්න යන්නෙ,ඇයි යකෝ දෙන්නම පලයව් කියල මාවත් එලවගත්තොත් එහෙම...

යනවකො ඕයි යන මගුලක කඩේ වහල කියල පේන්නෙ නැද්ද...

මාත් ඌටම ගෝලු ගත්තම කඩේ එකා මගෙ බෝතල් දෙක දුන්නා,බෝතල් දෙකත් අරං එළියට බහින්න හම්බවුනේ නෑ...

මල්ලි රුපියල් දාහක් දෙන්නද බෝතල් දෙකට...

දෙන්න විදියක් නෑ  අයියෙ මේක මගෙ නෙවෙයි වෙන කෙනෙකුට ගත්ත එකක්...

ඒ දවස්වල කොත්තමල්ලි වතුර බෝතලයක් රුපියල් තුන්සීයද තුන්සිය පණහද කොහෙද,බෝතල් දෙකත් අරං ජයග්‍රාහී ලීලාවෙන් අපි ආපහු ආවා,සල්ලි දෙන්න බඩු ගේන්න උනන්දුවක් නැතුවට මොකද බොන්න නං පොරවල් පෝලිමේ ආවා හොඳ උනුයි,අපතයොයි, හාල්පාරුවොයි ඔක්කොම, බෝතල් දෙක නෙවෙයි විස්සක් තිබ්බත් ගාණක් නැතුව බීල කට පිහදාගෙන යන්ඩ යයි,රාජ මට හැමදාම බනින්නෙ ඕකනෙ මිනිහ මරු කතාවක් කියනව මම නරි නාවනව කියල...

ඔයාගෙ වැඩේ ඉතිං නරි නාවන එකනෙ...

කට්ටිය එනකොට මං මොනා කරන්නද බොන්න එපා කියල එලවන්නයැ,ඔය වැඩේ ඉතිං කවදත් කොහෙත් තියෙන සදාකාලික ප්‍රශ්නයක්, සල්ලි දෙන්නෙ නෑ දුන්නොත් උපරිම රුපියල් පණහයි  වියදං කරන එකා වියදං කරනවා අනික් උන් හිනාවෙවී බීල යනවා ඔව්ව ඔහොම තමා,පිනට දුන්නය කියල හිත හදාගන්ඩයැ වස විස දුන්නට පිං සිද්ද වෙන රටක් තියනවෑ නේද.

සියල්ලන්ටම සතුට සමාදානය පිරි මෝහාන්ධකාරය දුරුවෙන සුබ වෙසඟක් වේවා!!!

107 comments:

  1. සිරිපාදෙ කතාව ඉවර නෑ වගේ කියලා හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඉවර නෑ ඉවර නෑ,පටන්ගත්ත විතරයි ඒ උනාට මේවා කොටස් දාන්න ගියාම බලන අය වැඩිපුර කැමති නෑ.ඊළඟ කොටස ලබන වෙසක් එකටවත් දාමු මොනව කරන්නද.

      Delete
  2. ඔය හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක් බුන්නට මොකවත් වෙන්නේ නෑ. මාත් එහෙමයි. දවල් කෑමට කලින් කාලක් ගහනවා. ඊට පස්සේ රෑට දානවා.

    හැබැයි දානේ ගෙවල්වල,බන්දුල ගෙවල් වල,පන්සල් වලට සම්බන්ධ වැඩ වලදී, වාහනයක් එලවන්න තියෙනකොට නං කීයටවත් බොන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හොඳා හොඳා එහෙම තමයි ප්‍රතිපත්තියක් තියෙන්න ඕනැලුනේ,අපට නැත්තෙත් ඕකමයි.

      Delete
  3. කොහොමත් අපේ පැත්තේ ඔය තොරණ , සිරිපාද ආකෘති එහෙම ටිකක් ප්‍රසිද්ධයි නොවැ! හැබැයි ගොඩ දවසකින් සිරිපාද ආකෘතියක් දැක්කේ නෑ

    ReplyDelete
    Replies
    1. අපි පටන් ගත්තට පස්සෙ රට වටේම ඔය ආකෘති හදන්න ගත්තා, අන්තිමට ගං උදාවට යනකං ගියානෙ.

      Delete
  4. වැඩි වැඩියෙන් කොත්තමල්ලි ලැබේබා පින්වත.....

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා පිංවත.

      Delete
  5. අයියෝ කොත්තමල්ලි! :D

    ReplyDelete
  6. සිරිපාදෙ පෙන්නත්දි වෙච්චි රස සිද්ධි අනිවාර්‍යෙන් ඇතිනෙ. කොත්තමල්ලි කතාත් එක්ක ඒවත් ලිවුවානම් තමා අපේ හිත් පහන් වෙන්නෙ. ;) ;)

    //වස විස දුන්නට පිං සිද්ද වෙන රටක් තියනවෑ නේද.// මෙන්න මේ කා‍රණය නොවේ නම් කොත්තමල්ලි දන්සලුත් දීලා. :D

    ReplyDelete
    Replies
    1. සිරීපාදෙ ඉස්සරහ අර ටිකට් කඩන/එනවුන්ස් කරන හට් එකේ වෙච්චි සීන් ටිකවත් ලීවොත් :D

      Delete
    2. දන්සල පිටිපස්සෙ හිමිහිට දෙනවා.. නැත්නන් දන්සල් අාතල් එක කැඩෙනවනේ.....

      Delete
    3. වෙච්ච සිද්දි නං අනන්තයි ප්‍රියෝ,එව්ව ඔක්කොම දාන්න ගියා නං දිග වැඩිවෙනව,කොටස් කරන්නත් බෑ එන වෙසක් එකටවත් ලියන්න බලමු.

      Delete
    4. පත්තරේ,හොඳම සොමිය තිබ්බේ ඒ හට් එකේ තමා.අපි කවි මඩු හිටං දැම්මා.

      Delete
    5. විදානේ,
      කොත්තමල්ලි දන්සැල නැගල ගියා යකෝ.පොරවල් හොයාගෙන එන්නෙ මීමැස්සෝ වගේ.

      Delete
  7. හප්පට බොල.. ආතල් කෝටියයි.. :D

    ඔය පරක්කු වෙලා බඩුගන්න සීන් එකනං හෙන කරුමයක් හැලපයියේ.. අපේ කාලෙ වෙද්දි නං පොට් ඇති පදං..
    අපි සෙට් කරං හිටියා රෙස්ට් හවුස් එකේ බාමන්..එල බුවා.. ඕන රෑක බඩු ෂුවර් .කලවං නෑ ඔරිජිනල් බඩු. හැබැයි 100ක් වැඩියි..හොඳටම ලාබයි.. අයියේ ගාපු ගමං  බඩු ගේට්ටුව ළඟ..ඉතුරුව නයිට් කඩේ තියනවා..ඒ නිසා අවුලක් නෑ.

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොත වෙනකං ලත වෙවී ඉන්න එක මහා වාතයක් බං,බොද්දි මදිවෙන එක වෙනම කතාවක්.අතේ මිටේ තියෙනව නං කලිම්ම ගෙනැත් දානව ඉන්න උනුත් වැඩිහරියක් වේලිලානේ මොකට කරදර කරනවද.

      Delete
  8. කොත්තමල්ලි බෝතලයක් ගේන්න කැළණියේ වරාගොඩ ඉඳලා වනවාසල පාරේ වත්තලට වෙනකන් බ්‍රේක් නැති ඉස්පෝට් සයිකල්, ටැන් ඉස්පීඩ් වල ගියපු සසර ගමන ගැන මතක් උනා ආයිබෝවන්ඩ. සමහර දවසට අපි නඩේම රෝද දෙකේ මංගල රථවල නැගලා, කොත්තමල්ලි පානයෙන් පැන් බෝතල් දෙකකුයි. අර ඇලකන්ද හන්දියේන් සුදු පාට පිරිත් පැන් කළයකුයි අරගෙන ප්‍රීතීපුරේට ගමන් කරනවා. ඒ යන ගමන් ඇසිලින් උපාසිකා මාතාවගේ පොල් අතු මන්දිරෙන් උඩුට උඩු වියන් පයට පා වඩ දාලා පිලියෙල් කරපු මැනියොක් හා සූකර දානයත් වඩම්මගෙන යන්නේ. අනේ ඉතින් හවස් වෙනකන් භාවනානුයෝගීව දවස ගත කරලා තමයි ආයෙත් සසර ගමන ට එක් වෙන්නේ.

    ප්‍රීතී වෙසක්...!!!

    ReplyDelete
    Replies
    1. සසර කෙටිකර ගන්න අපි මොන දුකක් නං වින්දද,කොත්තමල්ලි වතුර බෝතල් පෙට්ටියකුයි දානෙට පාන්, කට්ලට් , මඤ්ඤොක්ක, ලුණුමිරිස් එහෙම ලෑස්ති කරගෙන අත්තනගලු ඔයේ තියෙන දේවීන් පැන්න ඇල්ලේ නාන්න ගිය කතාවකුත් තියෙනව.

      Delete
    2. උපාසක මහත්තුරු බලන්න මෙන්න පින්වතුන්. මෙවන් දාන මාන කරන්න හැමෝටම බෑ

      Delete
    3. අනේ වාසනාවන් මේ වගේ පිංකමකට සහභාගී වෙන්නත් කොයි තරම් වසනා මහිමයක් තියෙන්න ඕනෙද..?

      Delete
  9. අනේ ඉතිං කොත්තමල්ලි ඩිංගක් බොන්න ගියාම ඔය වැඩේනං හැමදාම වෙනවා... අන්තිමට නැට්ට ගිණිඅරං වගේ බෝතල් හොයනවා...
    අපේ ඩයල් එකක් ඉන්නවා අපිට හොරා බෝතලයක් දෙකක් ගෙනත් හංගං ඉන්නවා සල්ලි එකතුකරල ගේන එ්වා මදි උනාම අර බෝතල් දෙක අපිටම වැඩි මිලට විකුණලා එ්කෙනුත් බොනවා..

    මේක කියෙව්වම මට අද කොත්තමල්ලි බොන්න හිතුනා, හැන්දෑවට පන්සල පැත්තෙ යන්න ඔ්න හාන්දුරුවෝ බැහදකින්න...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ඌ නං නියම මොළේ ඇති පොරක් අප්පා,ගානකුත් සාක්කුවෙ දාගෙන බොනවා කියන්නෙ කොහොම මොලයක්ද.
      එහෙනං හාන්දුරුවෝ බැහැදකල කොත්තමල්ලි පානය කරල ඇවිත් කියහංකෝ .

      Delete
  10. හප්පේ කොත්තමල්ලි වෙනුවෙං කන කට්ටක්! හිනා යනව ඒත් මෙව්වට හිනාවෙන්නද කියල හිතාගන්න බෑ. කම්මුලේ අතක් තියාගත්ත මං. හප්පොච්චියේ!
    අර සිරිපාදේ රසවත් සිද්ධි අහන්න ආසයි, උඩ කීපදෙනෙකුත් කිව්ව වගේ.

    ReplyDelete
    Replies
    1. බිළාල මැතිණිය,රවී කියන්නෙ නං බිළාල යුවතිය කියල නොවැ.පළමුවෙන්ම ඔබව මගේ බ්ලොගයට ආදරයෙන් පිළිගන්නවා.
      මොනව කරන්නද අප්පා ඔව්ව ඔහොම තමයි අපි ගොන් වැඩ කරනවා ඔයාල හිනාවෙනවා.සිරීපාදෙ රසවත් සිද්දි නං අනන්තයි අප්‍රමාණයි ලියන්න ගියොත් දිග වැඩිවෙයි.

      Delete
    2. දිග වැඩි වුණාට කමක් නැහැ හැලපයියේ ඒ ටිකත් ලියපන්කෝ.

      Delete
  11. කොත්තමල්ලි සීන් එක නැඟල යනව වගේ...හෙහ්,හෙහ්, ඕකෙ ගහුරවේ අයිති වෙන් න ඕන මත්පැං කියල කියනවට වලියක් ඇද්ද මනේකා නෝන මහත්තයටයි ඕල්ටනේටර් ( ඕල්ටනේටර් නේද මචං වචනෙ? ) නමක් වසයෙන් කොත්තමල්ලි කියල යෝජනා කරපු තිසර මලයටයි

    ගං උදාවෙත් තිබ්බනෙ සිරීපාදයක්. ඒකෙ නං හැබැයි යන්ත්‍රානුසාරයෙන් බුදු හාමුදුරුවො එර්දියෙං වැඩම කරල සිරි පතුල පිහිටවනවත් පෙන්නනව හරියටම මධ්‍යම රාත්‍රී දොළහට. ආය මොනවද? සාදු! සාදු!! සාදු!!!!!... සාදු නාදයෙන් පලාතම එකනින්නාද වෙනව. උපාසිකාවො අඬනව ඉකි ගහමින්....... දෙයියම්පල්ල....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්.. ඇනෝ.. උඹ අහුවුනා... ;)

      Delete
    2. ගං උදාවට සිරීපාදෙ ගියෙත් අපි ඉස්සෙල්ලම කරලා ජනප්‍රිය වුනාට පස්සෙයි.එහෙ නං ඔව්ව කරන්න අපි කෑවා වගේ කට්ට කන්න ඕනෑ නෑ පේමදාස මහත්තයට කිව්ව නං බුදුහාමුදුරුවො නෙමෙයි සුද්දෝදන රජ්ජුරුවොයි මහාමයා දේවියයි උනත් ගෙන්නල දෙයි,මොකෝ පේමදාස මහත්තය එන්න කිව්වහම බෑ කියන්ඩයැ.

      Delete
    3. ඇනෝ,
      මොකද බං ඇදගෙන නාන්නෙ.

      Delete
  12. අනේ හැලප අයියේ ඔයාගේ මේ ලිපිය හරිම ලස්සනයි. කියවලා තේරුම් අරගන්න නම් ටිකක් විතර බර වැඩියි වගේ. මම ටික ටික කියෙව්වා. දැන් තමයි සම්පූර්ණ ලිපියම කියවලා ඉවර කලේ. ඒකයි අදහස් දාන්න ටිකක් පරක්කු වුනේ. වචනවලින් කියලා නිම කරන්න බැරි තරම් සුන්දරයි අයියේ ඔයාගේ අදහස් ටික නම් හරියට වටිනවා.
    අනික අයියේ ඔයා හරිම ලස්සනට මෙකේ විග්‍රහ කරලා තියෙනවා මානව සමාජයේ වෙසක් සැරසිලි කියන ආකල්පය ව්‍යාප්ත වීම පිලිබදව. මමත් සමාජ විද්‍යාව විශේෂවේදී උපාධියක් හදාරන කෙනෙක්. ඉතින් මටත් බොහෝම ප්‍රයෝජනවත් කරුණු රැසක් ඔයගේ මේ ලිපිය මඟින් මට දැන ගන්න ලැබුනා.

    ඉතිං අයියේ ඔයාගේ ලිපිය නම් හරිම රසවත්. ඒ වගේම හරිම ගැඹුරුයි. වෙසක් සැරසිලි ගැන මම දැක්ක උගත් බුද්ධිමත්ම හරවත්ම සංවාදය දැක්කේ ඔයාගේ මේ ලිපි මාලාව හරහා බව පවසන්නේ ඔයාව අනවශ්‍ය විදිහට මුරුංගා අත්තේ තියන්න නන් නෙවෙයි.

    ඔයාට ගොඩාක් ස්තූතියි අයියේ මේ වගේ රසවත් ලිපියක් ලිවිම ගැන.ආයෙත් දවසක මම බ්ලොග් එකට එන්නම්. ලස්සනට ලිපි ලියන්න තව තවත් හැකියව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ ආචාරිය පිස්ස ආයෙත් ගොඩ බැහැල.. පෝයට පිස්සුව තද වෙලාද කොහෙද

      Delete
    2. ඇනෝ @ 10.33 PM
      දුක්වෙන්න එපා මේ සතියෙන් පස්සෙ ඔය අමාරුව ඇරිල යයි.ඉර හැරෙන්න කලින් නාගන්න හොඳේ.

      Delete
    3. ඇනෝ පැටියෝ , ඔයාගේ නමේ අග හේවගේ දනමේ මුල සුජිත් ද, අහන්න ආසයි අපිටත් කියන්න, උදේ නැගිට්ට ගමන් නාන්න.

      Delete
  13. කොත්තමල්ලි වතුර ටික රත්තරන් වටිනවා වගේ හෙක් හෙක්, කොත්තමල්ලි කිව්වම මන් මේ බැලුවේ සිරිපාදේ වඳින්න අපු ඇයට කොත්තම්ල්ලිත් දුන්නද කියලා, අපූරු අථීථ මතක සටහන්, හරිම සුන්දරයි. මෙන්න මගේ වෙසක් කතාව.
    නරක සමනලුන්ට තටු එන මී හරකුන්ගේ අන් මෝදුවෙන වෙසක් (18+)

    ReplyDelete
    Replies
    1. වඳින්න ආපු අයට දෙන්න තියා අපිත් දෙකක් ඇනගත්තේ බොහොම අමාරුවෙන්නෙ සොමියෝ.සොමියගේ කතාවත් කියවන්නං.

      Delete
  14. හලේ ඉතිං ...(කම්මුලට අත තබාගනිමින් කළකිරුනු හඬින්) ...මේ හැලපයලට යන්ට වෙනමම අපායක් හදන්න වෙයි. සංසාරං දුක්කේ...(හිස දෙපසට සලමින්) තුක්ප්.

    ReplyDelete
    Replies
    1. හලේ ඉතිං,දැන් වන වනා තමයි ඉන්න වෙන්නෙ.

      Delete
    2. හි හි .. ඒ වගේම අපිව හිනස්සනවට යන්න පොඩි දිව්‍යලෝකෙකුත් හදන්න ඕනේ ඉන්ටර්නෙට් තියෙන

      Delete
  15. හැලපෙල පොඩිකාලෙ වෙසක් සැරසිලි කියන්නෙ සුද්දගෙ කාලෙ වෙන්ටැ නේ.
    ඔනම පින් අතේ වැඩකදි කොත්තමල්ලි ටිකකුත් තියෙනවම තමයි නේ.
    ඔය අන්තිම මොහොතෙ දුවන එකයි සල්ලි නොදි බොන එකයි නම් මම හිතන්නෙ ලන්කාවෙ හැමතැනම තියෙන එකක්ද කොහෙද.අපෙත් එකෙක් හිටිය මු බොන්න ගියාම තියෙන හැම ජාතියෙන්ම බයිට් ගෙන්නනව.හරියට ලොඩ් පකිර් වගෙ.එත් බිල ආවම උපරිම දෙන්නෙ 500 යි.ඉතින් අනිත් එවුවො කාපන්කො කට්ට.

    ReplyDelete
    Replies
    1. වාසනාවන්තයෝ කියන්නෙ අන්න උන්ට.හොඳට බීල හොඳට කාල ඇඟට නොදැනී ෂේප් වෙනවා.

      Delete
  16. අර සිරීපා‍දෙ විස්ත‍රේ නියමයි බං. නැද්ද ගනිපු පින්තූර එ‍හෙම?

    ReplyDelete
    Replies
    1. අනේ මචං ඒ කාලෙ කැමරාවක් දකින්න ලැබුනෙත් යලට මහටනෙ.අනික දන්න කෙනෙකුට කියල පින්තූර ගන්න උනන්දුවක් තිබ්බෙත් නෑ.පින්තූර තිබ්බනං අපූරුයි කියල පස්සෙ කාලෙක කල්පනා වුනා.මොනා කරන්නද,අද වගේ කාලෙක නං දනී පින්තූර ගන්න හැටි.

      Delete
  17. උපාසක්ම්මා මියගිය සැමියාට පින් දෙන්න සල්ලි දී කවිය අසා සිටි විස්තරය කියවා මට නම් හරිම දුකක් දැණුනේ.

    ReplyDelete
    Replies
    1. කකා ඔවැනි විස්තර වලට තරමක් සංවේදී වෙනව කියල මම කලිනුත් දැක්කා.ඒ කියන්නෙ මම විස්තරේ කරපු හැටි සාර්ථක ඇති.

      Delete
  18. මේකට මොනවත් ලිවුවොත් මාත් අපායෙ තමයි.. ඒ හින්දා මෙහෙම ලියල මාරුවෙනවා මචෝ !

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... වරායෙ මහත්තුරු උදාගං වල ගහපු සිරීපාදෙ මතක්වෙලා වෙන්ටැ!!

      Delete
    2. ඇයි සරත් මොකුත් කියන්න බැරි තරමටම අත්දැකීම් තියෙනවද.

      Delete
    3. ඇත්තට ඉන්දික ඒ ගොල්ලත් පස්සෙ සිරීපාද ගොඩනඟන්න පටන් ගත්ත නේද.

      Delete
  19. ලස්සනයි. සිරීපාදේ ඉතිරි ටිකත් දාන්න. කිව්ව විදියටම කවියානම් එල. කොත්තමල්ලිගැන කතා නෑ. මම තාම පොඩියි.

    ReplyDelete
    Replies
    1. ඔයා පොඩි නං කොත්තමල්ලි පස්සෙ යන්න එපා ඉස්කෝලෙ වැඩක් කරගෙන ඉන්න.සිරීපාදෙ ඉතුරු ටික ලබන වෙසක් එකටවත් ලියන්නං.

      Delete
  20. කියවගෙන යනකොට ප්‍රශ්න ගොඩක් ඔලුවට ආවා. ඉස්සර දොරයි, පස්ස දොරයි තුන් දොරෙන් අනෙක් එක මොකක්ද?

    කොත්තමල්ලි ඒ දවස්වල බෝතල් ගනන් කඩවලින් දෙනවද?

    ඒ කාලේ වැඩියෙන් කැඩුවේ කොයි මල්ද දන්නේ නෑනේ?

    සිරීපාදේ නගින පෙදෙසේ සිතියමක් දැම්මානම් කොච්චර හොඳද කියලත් හිතුනා...:)

    ReplyDelete
    Replies
    1. පිංවතිය තුන්දොර යනු ඉස්සරහ දොර, පස්ස දොර හා තවත් දොරක් නොවේ. තුන්දොර නම් සිත, කය, වචනයයි. මෙම තිදොර සංවර කරගන්නා පුද්ගලයා නිතැනින්ම පවින් මිදුනෙකු වෙයි.

      Delete
    2. ඕල්ටනේටර් ඇනෝත් මේ ඇනොත් හැර තවත් ඇනෝලා සිටිද්ද?

      Delete
    3. තුන් දොර හික්මවාගන්න කියන්නෙ ගෑනු උදවියට නේද?සමහර බැදපු නැති ගෑනු අය ඉස්සරහ දොර හික්මවගන්නව වැඩ වැඩි වෙන නිසා.ඒත් අනික් දොරවල් දෙකෙන් වැඩ.බැදපු ගෑනු නම් දොරවල් තුනෙන්ම වැඩ.

      Delete
    4. අනේ කුපාඩි අැනෝ May 16, 2014 at 4:53 AM
      ඔය දොරවල්ය, කටයි, $කයි, #ත්තයි නේ.
      වසලයා, ගෑනු ලමයෙක්ට කෙලින් කියන එ්වද ඔය

      Delete
    5. පොඩ්ඩිට තුංදොර ගැන ලොකු විස්තරයක් ලැබිල තියෙන නිසා මමත් විස්තර කරන්න අවශ්‍ය නෑනෙ.
      කොත්තමල්ලි ඒ දවස්වල පමණක් නොව හැම දවස්වලම කඩවලින් දෙනවා.
      ඒ කාලෙ ආටිෆිෂල් මල් නොතිබුන නිසා අපි කැඩුවේම කැලෑ මල්.
      සිරීපාද පෙදෙසේ සිතියමක් දැම්ම නං ඉතා හොඳයි,නමුත් මට කොළවල සිතියන් අඳින්න තේරෙන්නෙ නෑ,පුලුවනන්නං විදානෙටවත් කියල එකක් අන්දල දාන්නං .

      Delete
    6. ඉන්දික,මේ ඉන්නෙත් ඒ ඇනෝමය.

      Delete
  21. ඇත්තටම අදමයි ඇහුවේ..... කොත්තමල්ලි වලට වෙනින් නමක්.......එකත් හොදයි.....අතීතයේ...... තිබු සංයමය......සිරිපාද වන්දනාවත් හොදයි........අන්තර් සබදතා වල වැදගත්කම.

    ReplyDelete
    Replies
    1. ඔව් කොත්තමල්ලි වලට කියන නං අපිම කියල දෙන්න ඕනෑ.

      Delete

  22. හැමට වාසනාවන්ත සිරි සුභ වෙසක් මංගල්ලයක් වේවා.මගේ බ්ලොග් එක පැත්තේත් ගොඩවැදිල යන්න එන්න

    ReplyDelete
    Replies
    1. හොඳයි ඔබටත් සුබ වෙසඟක් වේවා.

      Delete
  23. දැන් ඔය සිරිපාද කෙරුව්වාව කෙරෙන්නෑ නේද ? ප්‍රේමදාස මහත්තයා ඔය නාඩගම ජයටම කළා නේද ගම් උදා වල..

    ලංකාවේ බෞද්ධයෝ බහුතරයක් ඇවිල්ලා බොරු බෞද්ධයෝ කියලා පෙන්වන කතාවක් මේක.. තෙමගුල සමරණ දිනේවත් පන්සිල් ‍රැකගන්න බැරි බෞද්දයන්ට වැඩිය ගස් ගල් වලට වඳින මිත්‍යදෘෂ්ටිකයෝ හොඳා... නැද්ද ?

    ReplyDelete
    Replies
    1. දැන් නං නැහැලු,පේමදාස මහත්තයත් ඔව්ව ඉගෙන ගත්තෙ අපෙන් තමා.
      බෞද්ධයො විතරක් නෙවෙයි බෞද්ධයන්ට බුද්ධාගම කියල දෙන උනුත් තිරිසන්නු වගේ හැසිරෙන රටේ මිත්යාදෘෂ්ටිකයෝ කොච්චර අපූරුද.

      Delete
  24. මේ ගොල්ලන්ට හෙම්බිරිස්සාව හෙම හැදෙන්නෙ නැතුව ඇති මලාට ..කොත්තමල්ලිමනේ බොන්නෙ..

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ බින්දී ආසාවටවත් හෙම්බිරිස්සාවක් බඩේ අමාරුවක් එහෙම හැදෙන්නෙ නෑලු.

      Delete
  25. කොත්තමල්ලි බොන්ඩ තියෙන උනන්දුව වෙනින් දේවල්වලටත් තියේ නං ලංකාව සුපිරි තැනක තමයි ඈ...

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ දිනුක,ගෙදරදීම ලෙඩ සනීප කරගන්නවනං ඔයාලටත් කරදරයක් නෑනෙ නේද.

      Delete
  26. හැලපේ හොඳටම දන්නවා ඇති ඉස්සර ලංකා ගුවන් විදුලියේ (විශේෂයෙන් ස්වදේශීය සේවයේ) ආගමික වැඩසටහන් මෙහෙයවපු නිවේදකයකු හිටියා. අම්මපා එයාගේ විස්තර කථන අහගෙන ඉන්නකොට බැතිමත් ජනතාව සෝවාන් තත්වයට ගන්නවා. නමුත් ඒ අයියා කොත්තමල්ලි වතුරෙන් සන්තර්පණය වෙලා වැඩේ කරන බව දන්නේ බොහොම ටික දෙනයි.

    1986 දි විතර මම පිදුරුතලාගල රූපවාහිනිනී මධ්‍යස්ථානයේ ආරක්‍ෂාව භාරව හිටියා. වෙසක් දවසට කලින් දවසේ පැය දෙකක නිවාඩුවක් ඉල්ලුවා වෙසක් දවසේ කන්ද බැහැලා ඇවිත් පන්සල් ගිහින් ආපහු යන්න. ම්හු... අවසර දෙන්න බැහැ කිව්වා. වෙසක් දවසේ උදේම ලංකාවේ සුප්‍රසිද්ධ නිළියකගේ පුත්‍ර රත්නය ආවා හැනපියර් නමැති විශේෂ කොත්තමල්ලි වතුර බෝතල් දෙකක් සමග. ඉතින් පින්වත්නි ලංකාවේ උසම තැන ඉඳලා කොත්තමල්ලි වතුරෙන් සන්තර්පනයවී, මට පැය දෙකක් නිවාඩු දෙන්න බෑ කියපු මහ එකාගේ සනුහරේටම පුණ්‍යාණුමෝදනා කළා.

    ReplyDelete
    Replies
    1. ආන්න බලන්න පින්වතුනි සැදැහැවත් සුපෙක්ශාකාමි සුහච කිකරු ශ්‍රද්දා සම්මපන්න උපාසක තෙමේ තමන්ගෙ ආදරනීය ප්‍රධානතෙමේ වෙත දක්වන භක්තියා.සාදු සාදු සාආආආආආආආආආ

      Delete
    2. ශ්‍රද්ධා භක්තිය හැලෙන්න ටෝක් දෙන නිවේදකයන් වැඩි දෙනා කොත්තමල්ලි වතුරෙන් සන්තර්පනයවී කතාකරන බව දන්නෙ කීයෙන් කී දෙනාද විචාරකතුමා.
      පන්සල් යන්න නිවාඩු නොලැබුනාට දුකක් නෑ නිවන් යන්න ලැබුන නිසා නේද.

      Delete
  27. කොත්තමල්ලි වැඩි වැඩියෙන් ලැබේවා

    ReplyDelete
    Replies
    1. මේ වෙසක් සතියේ ඔබටත් එලෙසම ලැබේවා.

      Delete
  28. කොත්තමල්ලී වල අගේ ඊට කැමති ඈයෝම දනී කියලා තමයි කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දිනේෂ් මේ වගේ කවියක් අහල තියෙනවද,
      කොත්තමල්ලි වල අගයත්
      එහි ඇති මනා ගුණයත්
      බොන සුදනෝ මිසක්
      නොබොන අනුවණ දනෝ නොදනිත්

      Delete
  29. අපෝ ....මේ වෙසක් සතියෙ කොත්තමල්ලි වතුර ගැන මතක් කොරන්න නාකයි......
    හොද ගානක් එකතු වෙන්න ඇති මයෙ හිතේ......

    ReplyDelete
    Replies
    1. ගාණක් නං එකතුවුනා මචෝ.ඒ හරිය ආයෙ ලියන්න ඕනෑ.

      Delete
  30. මාත් ඇඹිලිපිටියෙ ගම් උදාවෙදි ගමයි ඔය වගේ සිරීපාදෙක නැග්ගෙ.
    ඔය කොත්තමල්ලි දන්සැල් වඳින්න එන එවුවොනං මහ එපාම කරපු සෙට් එකක් තමයි. අන්තිමට බෝතලේ ගෙනාපු එකාට වඩා බීල පැත්තක ඉන්න එවුවො.

    ReplyDelete
    Replies
    1. හැලපෙටත් සුබ වෙසඟක් වේවා !!

      Delete
    2. ඇඹිලිපිටියටත් අනෙක් හැම තැනටමත් යන්න ආරම්භය දුන්නෙ අපියි ප්‍රසන්න.ඔබටත් සුබ වෙසඟක් වේවා.

      Delete
  31. හපොයි.. කොත්තමල්ලි වතුර දානය කියලා දාලා තිබුනහම මම හිතුවේ දීපු දන්සලක් ගැනවත් විස්තර කියන්න යනවද කියලා ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තුශානි දීපු දන්සැලක් තමයි.හැබැයි හැමතැනම නැති එකක්.

      Delete
  32. කොහොමද කොත්තමල්ලි උගුරක් බීලා තුන් සරණෙ කියා ගෙන සිරීපාදෙ යනකොට..ඔරිමජිනල් එකට නම් දැන් ගන්නෙම නෑ කොත්තමල්ලි වතුර බීපු අයව..මේ වගේ සෙකන්ඩ් හෑන්ඩ් ඒවා හැදුවොත් පුළුවන් වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. මේ වගේ ඒවට එහෙම අය අනන්තවත් එනව වෙනී,ඉස්සරනං අපි කොත්තමල්ලි ගහල ඔරිජිනල් එකෙත් ගියානෙ.

      Delete
  33. අපරාදෙ හැලපෙ පදුරු තලන්නෙ නැතිව සිරී පාදෙ ඉවර කරන්න තිබ්බ
    ඒක නෙවි කොහෙද මහා සිරිපාදයක් තියෙන්නෙ...?????
    අඩුම තරමෙ මහා බත් දංසල කියල තිබ්බට සහා බත් වත් මට හම්බෙල ා නෑ නෙව

    ReplyDelete
    Replies
    1. සිරීපාදෙ ඉවර කරන්න එකෙන් බෑ මහේෂ්.ඒ නිසා නිකං හිටියා.කොටස් දාන්න ගියත් මුන් කෙඳිරි ගානවනේ.
      ඇයි මහා බත් දන්සැල කියල බෝඩ් එකක් දැකල මට ඔය ලොකු ඇට බත් කන්න බෑ බං වෙන එකකට යමල්ල කියල එකෙක් කිව්වලු.

      Delete
  34. ඈ බං "තුංදොර හීලෑ කරගෙන" ඉන්නවා කියන්නේ මොකක්ද? මේ නොදන්න කමටයි අහන්නෙ... සිත කය වචනය ද එහෙම නැත්නං කටයි පුකයි ජුන්ඩයිද? :-)

    ReplyDelete
    Replies
    1. ලොකු වෙනසක් නෑ කැන්ඩියන් අයියෙ..

      ප්‍රතිඵලය සමානයි :D

      Delete
    2. තම තමන්ට කැමති ආකාරයට නිර්වචනය කරගත්තට මගෙන් වරදක් නෑ,ඔය පත්තරෙත් කියල තියෙන්නෙ.

      Delete
  35. සිරීපාදෙ කථාව මගින් වගේ නවත්තලා තියෙන්නෙ...ඒකෙ අදායම...ටිකට් කඩපු කොල්ලො දෙන්නා යහතින් ගෙදර ගියාද ? බැමි බුරුල් උනාද වගේ වැදගත් දේ මෙතැන කියවිලා නෑ....අපේ දන්සැල් කෙරුවාව අස්සෙ වෙච්ච මේ වගේ රසබර සිදුවීම් තියෙනවා...මමත් ඒවා ඉදිරියේදී ලියන්නම්....මගේ කාමරේ ගල් බෝතලයක් තියෙනවා දැන් මාසෙක ඉදන්...බොන්න එකෙක් නෑ නොවැ ඉතිං....

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම සිරා,කතාව බාගෙට නැවැත්තුවා,ආදායමත් ටිකට් කඩපු හුරතල් කෙල්ලො දෙන්නගෙ අඟර දඟරත් ගැන ලිව්වෙම නෑ.පස්සට ලියන්න තියාගත්තා.
      ගල් බෝතලේ තිබුනදෙන් ආපු කාලෙක බොන්න.

      Delete
  36. ඔය අන්තිම මොහොතේ කොත්තමල්ලි බෝතලයක් ගන්න ගිය හැටිත් මතක් වුණා මේක අස්සේ.:D
    වෙලාවට කොත්තමල්ලි වලට තිත තිබ්බේ නැත්තේ.නැතිනම් අර දැන් මතට තිතක් තියලා හදිසියකට අරක්කු බෝතලයක් හොයා ගන්නවත් බැහැ නොවැ හැලපයියේ.

    මේකේ අනෙක් කොටස ලියන්න තව අවුරුද්දක් ඉන්න ඕනේ නැහැ බං අයියේ ඔන්න ඔහේ අනික් ටිකත් ලියලා දාහන්.

    ReplyDelete
    Replies
    1. අනිත් ටික ලියන්න ගියානං නොසිතු විලසට කතාව දික්ගැස්සෙන්න තිබ්බ නිසා ඉස්සරහට ලියන්න තියාගත්තා මනෝජ්.

      Delete
  37. මේ දන්සලත් වැන්දා අම්මේ, යාලුවා බෝතල් දෙක තුරුල් කරන් ඉන්නවා දර්ශනේ හරි ලස්සනට මැවිලා පෙවුනා

    ReplyDelete
    Replies
    1. එච්චර සෙනෙහසින් අම්ම කෙනෙක් දරුවෙක් තුරුල් කරගෙන ඉන්නවවත් පෙම්වතෙක් පෙම්වතිය තුරුලු කරගෙන ඉන්නවවත් මම දැකල නං නෑ.

      Delete
  38. මෝහන්දකාරේ දුරුවෙන්නේ කොහොමද අප්පෙ මේ කොත්තමල්ලි වතුරත් එක්ක. ඒ කාලේ යාලුවොත් එක්ක රහට වෙසක් සමරලා තියෙනවා .රහට ලියලත් තියෙනවා මචන් .

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ බොහොම රහට වෙසක් සැමරුවා නොවැ තිලකෙ.බොහොම ස්තූතියි.

      Delete
  39. සක් අම්මප කතාව කියවන්න් එන්න හොඳටෝම පරක්කු වුනා , කොහොම හරි මට මතකයි අපි පොඩි කාලේ බදුල්ලේ නම් මොන පෝයටවත් ඔය කොත්තමල්ලි වතුර හිඟ වුනේ නෑ , ඉස්සර හිටිය පාර්ලිමේන්තු මන්ත්‍රී ගේ හෝටලේ කුස්සිය පැත්තෙන් සප්ලයි එක දෙනවා මුළු දිස්ත්රික්කෙටම , හලපයියා දන්නවත් ඇති , නම මෙතන කියන එක හොඳ වැඩක් නෙවෙයි, කොටින්ම පොලිසියෙනුත් ඇවිල්ලා බඩු ගෙනියන්නේ එතනින්

    ReplyDelete
    Replies
    1. අපොයි මොකද මට මතක නැත්තෙ,අපිත් උණ හෙම්බිරිස්සාව අමාරු තද උනාම ඕනෑ රෑක බේත් ගන්න එහෙටනෙ යන්නෙ බං.අනේ ඒ වගේ සුන්දර කාලයක්.

      Delete
  40. අපේ ගමේ කෙනෙක් අපි පොඩි කාලේ කොත්තමල්ලි දන්සැලක්ම දුන්නා. විනාඩි 15න් ඉවරයි. මොකද පෝලිමේ හිටිය අය මුලින් ෂොට් එකක් දාගෙන ගිහින් ආපහු පෝලිම පිටිපස්සෙන් හිට ගන්නවා. මම දන්නේ නෑ ඒ උන්නැහේට මොන වගේ තැනකට යන්න පුළුවන් වුණාද කියලා.

    ReplyDelete
    Replies
    1. මාරයි අප්පා ඔහොම දන්සැලක් ඇහුවමයි.විනාඩි 15 දෙන්න ලැබුන හොඳටම ඇති.මොනවද ඉතිං දන්සැල දුන්න කෙනා කෙලින්ම දිවිය ලෝකෙ ඇති ෂුවර් තමා.

      Delete
  41. දන්සල වහන වෙලාවේ මම ආවේ. උඩින්ම හිතුවේ ඇත්තම කොත්තමල්ලි වතුර දන්සලක් කියලා. ඔය ඕනම පොඩි පොඩි ආබාධයකට කොත්තමල්ලි වතුර ටිකක් නරකම නැහැ.

    ReplyDelete
    Replies
    1. නරකමත් නෑ මචං,අපරාදෙ උඹ කොත්තමල්ලි වතුර බොන්න බලාගෙන ආව මදැයි.

      Delete
  42. තවත් කොත්ත මල්ලි කතාවක් දාපන් අයියේ.

    ReplyDelete

ඔබේ අදහස්