අද බ්ලොග් අවකාශයෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක නයි ඇරීම,මටත් නයෙක් දෙන්නෙක් එලවන්න නොහිතුනාම නෙවෙයි ඒත් පස්සෙදී හිතුව ආයෙම වෙලාවක නයි අරින්න බැරියැ කියල...
ලියන්නං කියල හිටියට මේ කතාව ලියන්න දවසෙන් දවස පහුවුණා,ඒත් පහුගිය සතියෙ පොඩි දරුවොත් එක්ක අපූරු දවසක් ගතකළ නිසාත් අද මම පොඩි දරුවන් ගැන ලියන්න හිතුවා...
මේ දිනවල අපි ඉන්න ගොඩනැගිල්ලෙ පොඩි උන් සැට් එකක්ම ඉන්නව,නිවාඩු දිනවල එහෙම උදේට එකතුවෙන මේ පොඩි බට්ටෝ ටික දවස පුරාම ගොඩනැගිල්ලෙ තට්ටු හත පුරාම ඉහළ පහළ දුවමින් කෑගහන හඬ මුළු ගොඩනැගිල්ල පුරාම දෝංකාර දෙනවා...පඩිපෙළ දිගේ ඉහළ පහළ දුවන ගමන්ම හැම තට්ටුවකම ලිෆ්ට් එකේ බොත්තම් දෙකම ඔබන්න මේ අය අමතක කරන්නෙ නෑ...ලිෆ්ට් එකේ උඩට පහළට යන කෙනෙක් නගින්න බහින්න කිසි කෙනෙක් නැතුව ලිෆ්ට් එක හැම තට්ටුවෙම නවතින්නෙ ඇයි කියල බලන්න දොරෙන් ඔලුව එලියට දැම්මොත් සමහර වෙලාවට ඒ තට්ටුවෙ ඉන්න ඇම්ඩෙක්...
I press the button...
කියල ඉගිල්ලිලා දුවල යන වෙලාවලුත් තියෙනව,ඒ වෙලාවට නං හිනා යන්නෙ ඉබේටමයි... කොච්චර උනත් ඒ පුංචි ලෝකය කොතරම් සුන්දරද මේ අය අපිව ගෙනයන්නෙ අපේම අතීතයට නොවේද කියන එක නිතැතින්ම සිහියට නැගෙනවා...මට නං මේ ලෝකෙ තියෙන මිහිරිම සංගීතය පොඩි උන්ගෙ කෑගහිල්ලයි,පුංචි අයගේ ලෝකය රටවල් අනුව ජනවර්ග අනුව හෝ වෙනත් වෙනත් ප්‍රභේද අනුව කොහොමටවත් වෙන් කරන්නට බෑ...රතුගල කනිෂ්ට විද්‍යාලයෙත් බ්රසල්ස්හි තියෙන ප්‍රාථමික විදුහලකත් ස්ටොක්හෝම් හි විද්‍යාලයකත් විවේකය වෙලාවට ඇහෙන ළමා හඬ එකම එක සමානයි...ඒත් පොඩි උන් කෑගහන එකටත් කේන්ති ගන්න බැනවදින වැඩිහිටියො මට මුණගැහිල තියෙනව,නමුත් ඒක වෙනම කතාවක්...
මෙන්න මේ ළමා ලොවට අයත් වුනත් සාමාන්‍ය ආකාරයට ළමා ජීවිතය විඳින්න නොහැකි දරුවනුත් අතරින් පතර අපට මුණ නොගැහෙනවම නෙවෙයි...ඒ සෙමෙන් මනස වැඩෙන දරුවන්,තවත් කට්ටියක් ඉන්නව ඒ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්...මගේ ජීවිතයේදී විටින් විට මට මුණ ගැහුණු සහ නොමැකෙන මතක සටහන් මා සිත් තුල තබන්නට සමත් වුනු දරුවන් කීප දෙනෙක් පිලිබඳව මගේ මතකය අවදිවෙනවා...
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වුනත් තරුණ තරුණියන් බවට පත්වනවිට සාමාන්‍ය දරුවන්ට සේම ආදරය ලිංගිකත්වය ආදීඅවශ්යතාවන් ඇතිවන එක ඉතාම සාමාන්‍යයි,මස් ලේ වලින් නිර්මිත අයනෙ සාමාන්‍ය යව්වනයන්ට නං අර හිරූ කිව්ව වගේ නැට්ටට කිරි උනන කොට විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ෂණයක් ඇතිවෙනව...ඒක ඉතාම ස්වාභාවිකයි එහෙම නොවෙනවා නං සම ලිංගිකයන්ට ආකර්ෂණය වෙනව නං ඒක අස්වාභාවිකයි,අපට නං එවැනි ප්‍රශ්න ඇතිවෙලා නැහැ ඒ කාලෙදිම ඇන්ටිල අක්කල දිව්‍යාංගනාවෝ වගේ අපි දිහා බලල ඉතාම ආදරයෙන් යව්වනයේ පොපියන චමත්කාරය විඳගන්න උපරිම සහයෝගය මුළු ශරීරයෙන්ම ලබාදුන්න කියල කියන්නෙ ඒ අය කෙරෙහි ඇතිවෙන අප්‍රමාණ ආදර භක්තියත් සමගමයි...
හැබැයි ඔය සමලිංගිකයන්කෙරෙහි නං මට ඇත්තේ පිළිකුලක් සහ අජූවක්, ඇත්තටම කාන්තාව සහ පිරිමියා දෙවියන් විසින් මවා තියෙන්නෙ එකිනෙකාට හරියන ආකාරයටයි හරියටම කිව්වොත් ලිංගික අවයව එකනෙකට ගැලපෙන විදියටයි, එය තමයි ස්වභාව ධර්මය...ඉතිං ඒ ආකාරයට තියෙද්දී එක සමාන ලිංගික අවයවයන් ඇති දෙදෙනෙක් එක්වෙන්න හදනව කියන්නෙ ස්වභාව ධර්මයට විරුද්ධව යාමක් නොවෙයිද...
ඔන්න අපි බ්‍රසල්ස් වලින් එන්න කිට්ටුව දවසක් හැන්දෑවක මම හිතන්නෙ 2006 අවුරුද්දෙ අග වගේ මමයි පුතයි අපි ඇටම් එක බලල එමු කියල ට්රෑම් එකට නැගල හේසල් ගියා, බිරිඳ හිටියෙ නෑ ඒ දවස්වල ඇය ලංකාවට ගිහිං...අපි හේසල්වලට යද්දී වටින් ගොඩින් අඳුර පැතිරීගෙන එන හැන්දෑ සමය ලඟාවෙලා, ඒත් ඇටම් එකට යන පාර දෙපැත්තම විදුලි එළියෙන් ඒකාලෝක වෙලා තිබුණා...අපි පාර දිගේ ඇටම් එක පැත්තට යද්දී පාරෙ අනිත් පැත්තෙ හොඳට ඇඳ පැළඳගත්ත කණ්ඩායමක්ම බොහොම විනෝදයෙන් කෑ කෝ ගහමින් පිංතූර ගනිමින් ඉන්නව වඩාත් හොඳට බලපුවම මල් පොකුරක් ගත්ත ජෝඩුවකුත් ඉන්නව...
ඒ මොක්කුද පුතේ...
මම පුතාගෙන් ඇහුව...
ගේ කපල් එකක් තාත්තෙ මම හිතන්නෙ ගේ වෙඩින් එකක්...
පුතාට ඒ කාලෙ වයස එකොළහයි ඒත් එයාට ඒ දවස්වලත් ඔය ගැන හොඳ අවබෝධයක් තිබුණා...මගෙ අතේ ඒ වෙලාවෙ තිබුන පොඩි වීඩියෝ කැමරාවෙන් මම ඒ කණ්ඩායම වීඩියෝ කළා දැනටත් ඒ වීඩියෝ එක මගේ සී ඩී තැටි ගොඩේ ඇති...ඒ තමයි මම සමලිංගික විවාහයක් දැකපු පළමුවෙනි වතාව...
ඉතිං දැන් මම කියන්න ආපු දුක දිනා ජයගත් විශේෂ අවශ්‍යතා සහිත තරුණයා ගැන කතාව...මේ තරුණයා අපට මුණගැහෙන්නෙ මම වැලිසර ඉස්පිරිතාලෙ රාජකාරි කරපු සමයෙ මුලින්ම ඔහු ගැන විස්තරයක් කළයුතුයි මම ලියන විදිය විවේචනය කරන්න එපා මනුස්සයෙක් අවඥාවට ලක්කරනව කියල, මම මේ කියන කතාව තේරුම ගන්න මේ විස්තරය කල යුතුමයි...
ඔහුට අපි සැම්සන් කියමු වයස විසිගනන්වල මැද බාගෙ විතර...ජීවත්වුණේ රෝද පුටුවක,ඔහුගෙ අත්දෙක උරිස්සෙන් ඉවරයි කකුල් දෙක කලවෙන් ඉවරයි අඩියක විතර ශරීරයක් බෙල්ලක් නෑ ඔලුව විශාලයි කිව්වට තරහ වෙන්න එපා හරියටම කිව්වොත් විශාල ගෙම්බෙක් රෝද පුටුවක තිබ්බා වගේ තමයි...
නිවාස යෝජනා ක්‍රමයෙ හෙවත් ඉස්කීම් එකේ ගෙදරක ජීවත්වුණු ඔහුගෙ මව කඳාන ඉස්පිරිතාලෙ හෙදියක්...මහබාගෙ හංදිය හොල්ලගෙන ගණන් ගෙනිච්චෙ මෙන්න මේ රෝද පුටුවේ හිටපු පුද්ගලයයි,රස්සාවට මහබාගෙ රිජ්වේ හෝල් එකේ බයිසිකල් මඩුව බලාගත්තා...හැමදාම හවසට කවුරුහරි ඔහුව තල්ලු කරගෙන හෝල් එකට එක්කරන් එනවා...රෝද පුටුව එළියට අරගෙන තල්ලු කරන්න කවුරුවත් නැතිවුනොත් ඔහු පාරෙ යන කෙනෙකුට හරි කතා කරනව...
ඒයි...මෙහෙ වරෙන් ඩෝ මේක තල්ලු කරපං...
ඉතිං අර මනුස්සය මූව තල්ලු කරගෙන මහබාගෙ රිජ්වේ හෝල් එකටම අරං යනව...ඉතිං ඔන්න ඔය ආකාරයට කාලය ගතවුණා...ශරීරයෙ යම් යම් අඩුපාඩු තිබුනට තරුණ වයසෙ ඔහුගෙ හෝමෝන ක්‍රියාකාරිත්වය ඉතාම සාමාන්‍ය ආකාරයට තිබෙන්නට ඇති නිසා තරුණ වයසට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ෂණය මේ තරුණයටත් නොඅඩුව තිබුණා...බොහොම වෙලාවට දවල් ෂෝ එක බලල යන කෙල්ලො සහ ජෝඩු දිහා ගිලින්න වගේ ඔහු බලාගෙන හිටිය මට මතකයි...ඒ විශාල ඇස් දෙකෙන් කටින් කියනවට වඩා දාහක් දේ කියවුණා...
ඒ මදිවට ඔහුට හිටිය සැට් එක හෙවත් බජාර් එක කෙල්ලො සහ ගෑනු ගැන කියන දේවල් වලින් කාන්තාවන් ඇසුරු කිරීමේ ඔහුගෙ අවශ්‍යතාව උපරිමයටම තීව්ර වුණා...මේ ගැන හිතල හිතල තවත් දරාගෙන ඉන්න බැරි තැනට පත්වුනාම සැම්සන් ඔහුට ඕනෑදේ කෙලින්ම කියල දැම්ම දවසෙ හිරෝෂිමාවට බෝම්බ ගැහුව වගේ වුණා...
මටත් ගෑනියෙක් ගෙනත් දීපල්ල...
දැන් මොනවා කරන්නද, අනික කියන්නෙත් සැට් එකේ ලීඩර්, පාතාලේ සොල්දාදුවා බෙල්ල කඩාගෙන හරි වැඩේ කරන්න එපායැ...
කොල්ලො සැට් එකම දැන් මූට ගෑනියෙක් හොයන්න පිස්සු බල්ලෝ වගේ එහෙ මෙහෙ දුවනව,ගල්උඩුපිට ගියා වැඩේ හරිගියෙ නෑ තොටුපොළ පාරෙ පොට් එකේ ඇන්ටි ලඟට ගිහිං ඇහුවා...ඒ ඇන්ටි ළඟ තමයි ලස්සනම කෙල්ලො සැට් එක ඉන්නෙ ඒත් හරිගියෙ නෑ, අන්තිමට නාගොඩ ජසින්ත අක්ක ලඟට ගියා...
උඹල ඔය කියන්නෙ අර හෝල් එකේ බූතය ගැන නේද, ඌ කොහොමද බං ගෑනියෙක්ව ගන්නෙ...
අනේ එහෙම කියන්න එපා අක්කෙ මේ වැඩේ කරන්නම ඕනෑ නැත්නං අපිට කනක් ඇහෙන්න නෑ බං...
හරි මං මොනවා හරි කරන්න බලන්නන්කො හැබැයි ගාන නං ටිකක් වැඩිවෙයි...නැත්නං කවුරුවත් එන්න කැමතිවෙන්නෙ නෑ ඌත් එක්ක බුදියගන්න...
ජසින්තක්ක කෙලින්ම කියල දැම්ම...
ගාන කීයක් ගියත් කමක් නෑ අක්කෙ වැඩේ කෙරෙනව නං ලොකු දෙයක්...
හරි එහෙනං රෑ වෙලා මේ පැත්තෙ වරෙල්ලකො කෙල්ලව එක්ක යන්න...
කට්ටිය ජසින්ත අක්කට ඇඩ්වාන්ස් එකකුත් දීල බොහොම සතුටින් යන්න ගියා...රෑ වෙද්දී ගියාම ජසින්ත අක්ක ටිකක් දෙගොඩහරි වයසෙ ගෑනු කෙනෙක් වෙනද ගන්න ගාන වගේ දෙගුණයකට පංගාර්තු කරලා දුන්නම කොල්ලො ටික මේ කාන්තාවත් එක්කගෙන මහබාගෙට ආවා...
රෑ නමයයි තිහේ ෂෝ එක පටන් ගත්තට පස්සෙ හෝල් එකට එහා පැත්තෙ වික්‍රමගෙ පාන් බේකරියෙ පිටි මෝලිය අල්ලන ලොකු මේසෙ උඩ මේ ඇඩල්ස් ඔන්ලි සීන් එක පටන් ගන්න සියල්ල සූදානම් කළා...
ගෑනු කෙනා මේසෙ උඩට නග්ගල අපේ වීරයවත් උඩින් තියපුවම හරියට ගෑනිගෙ ඇඟ උඩ කිලෝ දහයෙ නව පැතුම් සම්බ මිටියක් තිබ්බා වගේ මූ ඉන්නව...හෙල්ලිලි පෙරලිලි මොකුත් නෑ අත පය අඟල් හයකට වඩා දිග නෑනෙ...හැබැයි අර අවශ්‍යම කරන අවයවේ මොන ප්‍රමාණයට තිබුනද කියල නං අපට ආරංචි වුණේ නෑ...
දැන් මොකද කරන්නෙ මූ වහාම කොල්ලන්ට ඇතුලට කතාකළා...
යකෝ තොපි එළියට වෙලා මගුල් කොරනවද ඇවිත් ඉතුරු ටිකත් කරල දාපියව්...
කොල්ලොත් පැලෙන්න එන හිනාව ආයාසයෙන් තද කරගෙන දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලල ඉතුරු වැදගත්ම කොටසත් කරල දැම්මලු...
ඔන්න ඔය විදියට ශරීරයෙ මොන තරං අඩුපාඩුකම් තිබුනත් අධිෂ්ටානය තියෙනව නං අඩුපාඩුකම් ජයගන්න පුළුවන් කියන එක මේ විශේෂ අවශ්‍යතා සහිත තරුණයා අපූරුවට පෙන්වල දුන්නා...
හැබැයි පහුවදා එළිවෙද්දි සැම්සන්ගේ වික්‍රමය අකුරක් නෑර මුළු පළාතටම ආරංචිවෙලා තිබුණා...ඊට පස්සෙ මූ රෝද පුටුවෙ පාරෙ යනව දකින කාන්තාවො අතින් කට තද කරගෙන කැකිරි පලනවා...අපිනං මූ ලඟින් යද්දී අතින් පොඩි චලනයක් කරල පෙන්නුවම මූ ජීවිතේට අහල නැති කුණුකතා කිය කියා අපට බනිනව...ඒ බැන්න වගේද මූ අපට දීල තියෙන බයිට් එක මොන තරං ටේස්ටිද...
ලියාගෙන ආපු කතාව නොවැලක්විය හැකි හේතුවක් නිසා මගින් හැරිලා වෙන පැත්තකට ගියා...සෙමෙන් මනස වැඩෙන දරුවන් ගැන සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ගැන ආයෙම ලියන්නං...
kohoma hari uuu wade koragaththane. habai supiri athal eka aran thiyenne muge goloyo denna,
ReplyDeleteඒකනෙ තාරක අපරාදෙ අපිට ඔය සීන් එක මිස් වුනානෙ
Deleteඅර අපේ බාසාවේ එන “*කනවා“ සහ “*කෝනවා“ කියන වචන දෙකේ වෙනස් අරුත් දෙකක් තියෙන බව මනාව පැහැදිලි කරවන ලද සිද්ධියක් මේක... සැම්සන් “*කන“ කොට යාළුවෝ දෙන්නා “*කෝලා“ තියෙනවා... එතකොට ජසින්තා එවාපු උන්දැට “*කිලා“ සහ “*කවලා“ තියෙනවා...
ReplyDeleteමෙව්වා කිව්වා කියලා මගේ අර සද්ගුණවත් මෙව්වා එකට හානි පැමිණෙයිදෝ කියලත් බයයි බං අයියේ... :D
ලියද්දි බොහොම පරිස්සමෙන් මාරෙ,සද්ගුණවත් භාවයට අනිවාර්යයෙන්ම හානි වෙන්න පුළුවන්,සද්ගුණවත් කොහොම වෙතත් බාව බේරා ගත්තොත් මදැයි.
Deleteරියල්ම වචනාර්ථය පැහැදිලි කරන සීන් එකක් තමයි.
Deleteකමෙන්ට් එකට හිනාවෙලා මැරෙනවා :D
Deleteකනවා, කිලා, කෝලා, කා ගන්නවා...පට්ට ඈ..
Deleteඋදේ පාන්දරම මේක කියවද්දි කාලෙකට කලින් ළිහිණි ලියපු කතාවක් මතක් උනා... මානසිකව ටිකක් අඩුපාඩු තියෙන ගෑණු ළමයෙක්ව යාලු කරගෙන දූෂණය කරලා, යාලුවන්ටත් දුන්න කතාවක්.. එතනදි මට තිබ්බ ප්‍රශ්නෙ මානසික අඩුපාඩුකම් තිබ්බෙ ඒ ගෑණු ළමයටද නැත්තං අර බලු වැඩේ කරපු එකාටද කියන එක...
ReplyDeleteඕක ඇවිල්ල හෙන දිග කතාවක් හැලපයියෙ... මම කලින් දවසක ඔමාගෙ පෝස්ට් එකක කිව්ව මගේ මාම කෙනෙක්ගෙ පොඩි එකෙක් හිටිය කියල මානසික කේස් එකකුත් එකක්ම හාට් කේස් එකක් තියෙන කෙනෙක්.. මානසිකව පොඩි එකෙක් නිසා එයාගේ අවයව ගැන එයාට අවබෝධයක් තිබ්බෙ නැති නිසා එයාට මේ වගේ සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ උනේ නෑ... එයා අවුරුදු 18න් මැරුනා... ඒ වෙනකොටත් එයාට තිබ්බෙ අවුරදු 10 ළමයෙක්ගෙ මානසික තත්වෙ... හාට් කේස් එක නිසා ඇඟත් දුර්වලයි... එයා නිසා අපි ඕක ගැන කතා කළා දවසක්..
එක දවසක් අපි අංෙගාඩ මානසික රෝහලට ගියා කෙනෙක්ව බලන්න... ඒ වෙලාවෙ එතනදි මුහුණු දුන්න දේවල් එක්කත්, අහන්න ලැබුණු දේවල් එක්කත් ඇත්තටම ඒ වගේ අය “නොයිපදෙනවා නම් හොඳයි” කියන එක ඇත්තටම මට හිතුනා... එතන හිටිය ගෑණු කීපදෙනෙක්ගෙම කතා එකම වගේ... සල්ලි නිසා කසාද බැදලා පස්සෙ අංගොඩට ගෙනත් දාලා...
//සල්ලි නිසා කසාද බැදලා පස්සෙ අංගොඩට ගෙනත් දාලා...//
Deleteනියම කියමනක් හිරු...:D
නොයිපදෙනවා? අනික් පැත්ත හරවලා බලන්නද ලිව්වේ?
Deleteඅසූ ගණන්වලදී අංගොඩ බිල්ඩිමක් කඩා වැටුණම ඒකෙ ඉතුරුවෙලා හිටපු ලෙඩ්ඩු ටික කඳානේ ඉස්පිරිතාලෙට ගෙනැත් දැම්මම අපිත් බලන්න ගියා.කෙල්ලොයි ගෑනුයි ඒකෙ හිටියෙ අපට මක්කොරලවත් බේරෙන්න බැරුව ගියා,පස්සෙ මෙට්‍රන් කෙනෙක් ඇවිත් ''මේ ළමයි ඇවිත් මුංගේ පිස්සු ඩබල් කරනව යන්න යන්න මේ පැත්ත පළාතේ එන්න එපා'' කියල අපිව එලෝ ගත්තනේ.
Delete@පොඩ්ඩි,
Deleteසල්ලි නිසා ගොඩක් දේවල් ලැබෙනවපොඩ්ඩි,පිස්සුවත් එයින් එකක්
@ඇනෝ,
Deleteඅනික පැත්ත හරෝපුවම කොහොමද ඇනෝ
පිස්සු හැදෙන සද කිව්වලු.
ReplyDeleteහිනා වෙලා පනගියා.
ඔය වගේම හැබැයි අහිංසක මනුස්සයෙක් හිගා කෑව රෝද පුටුවේ ඉදන් කොච්චිකඩේ පල්ලිය ලග.
මූ නං හිඟා කනව නෙවෙයි හොඳට සල්ලි බාගෙ තිබ්බ එකෙක්.
Deleteහැලපයා පටන් අරන් තියෙන්නේ කොහෙන්ද නැවතිලා තියෙන්නේ කොහෙන්ද? :)
ReplyDeleteඒකනෙ පොඩ්ඩි මම කිව්වේ නොවැලක්විය හැකි හේතුවක් නිසා මගින් හැරෙන්න වුණා කියල
Deleteඑහෙම කෙනෙක් කොහොමද බජාර් එකේ චන්ඩියා වුනේ ?
ReplyDeleteමටත් ඔය ගැටලුව අවා.
Deleteමටත්
Deleteමටත් ඔය ප්‍රශ්නෙම තිබුන කොල්ලනේ මුලදී මුලදී,මම හිතන්නෙ ඌ ළඟ තිබුණු සල්ලිවලට අනික් අය සලකන්න ඇති කියල.
Deleteදැන් පලවෙනි කොමෙන්ටුව = හැලපෙගේ සැඟවූ නයා
ReplyDeleteහල්පේ ඉන්නේ තට්ටු හතක ගොඩ නැගිල්ලක, එකේ ලිෆ්ට් එකක් තියෙනවා ,හැලපේ බ්‍රසල්ස් ගිහින් තියෙනවා, ස්ටොක්හෝම් ගිහිල්ලත් තියෙනවා , හැලපයියා ගාව වීඩියෝ කැමරාවක් තියෙනවා.හැලපයියා ගල්උඩුපිට, තොටුපොළ පාරෙ පොට් එකේ ඇන්ටි ලඟට, නාගොඩ ජසින්ත අක්ක ලඟට ගිහින් බඩු ගහ.......අප්පට සිරි වැරදි කතාවකුත් කියවුනා ....!
ඔය වගේ හංගල නයෙක් යවන්නත් සෑහෙන දක්ෂතාවක් තියෙන්න ඕන. :D
Deleteඉවාන් මෙතනදී මට කකා කියපු කතාවක් මතක් වෙනවා,කෙනෙකුට එදිනෙදා ජීවිතයේ ඉතාම සාමාන්‍ය දේවල් තවත් කෙනෙකුට නයෙක් වෙන්න පුළුවනි.
Deleteමම දන්නව උඹ මේක ජෝක් එකට ලිව්වෙ කියල.නයි දැකල නැති උන්ට මේ නයි හොඳයි.
හැලපයියට තද වුනාද මම විහිලුවට කිව්වේ....හැබැයි මම දන්නා විදිහට ඔයාට මේවට තද වෙන්න විදිහක් නම් නෑ
Deleteනෑ බං මොනාට තද වෙන්නද,මම දන්නව උඹ විහිලුවට ලිව්වෙ කියල
Deleteහැට පැන්න නාකියෝ තාම හැදිලා නෑනේ ඒ කාළේ කොරපුවා මේ ආයිමත් ලියන්නේ..හිටහං මං උඹව අල්ලලා දෙන්න පොලෝසියේ නෝනෙට.
Deleteනලින් මල්ලි පොලෝසියේ නෝනා උඹත් එක්ක ඇරගත්තට මාත් එක්ක ෂේප්,අපිව හදන්න නං මකන්න වෙයි බං.
Deleteකොහෙද බං ඔය පොර හිටියේ , දැන් මේ පැත්ත පලාතේ එහෙම එකෙක් නැනේ
ReplyDeleteමම ඉස්පිරිතාලෙන් යද්දිත් ඌ හිටිය නමුත් පසු විපරමක් නං කරන්න බැරිවුණා, අඩි විස්ස පාර පැත්තෙ ගිය වෙලාවක ඒ පාරෙ ඉන්න පරණ අයගෙන් පොඩ්ඩක් අහල බලපන් මෙහෙම එකෙක් ඉස්සර හිටිය දැන් කෝ කියල,ෂුවර් එකටම වෙච්ච දේ කියයි.
Deleteමේ හැලපයියේ යාළුවො දෙන්නා ,ඔන්න් බලාගනිං මෙන්න මෙහෙමයි ඕක කරන්නේ කියලා පෙන්නුවේ නැද්ද දන්නේ නෑ නේද?
ReplyDeleteඑහෙම කලානං අරූට වහ කන්න තමා වෙන්නෙ නේද බං.
Deleteවහ කන්න වෙන්නේ මට නෙමේ නේද බං?
Deleteහැක හැක අරූ ......
Deleteඕකනෙ ඉවාන් මම දවසකුත් කිව්වේ,මුන් දාගන්න නං ඔල හැටියට අපට කෙනෙක්ව අපේ සභ්‍ය භාෂාවෙන් හඳුන්වන්නත් බැරුව යනව කියල
Deleteමටත් ගෑනියෙක් ගෙනැත් දියං යකො.. මාර බජාර් චන්ඩි.. හැක් හැක්...
ReplyDeleteකතාව ලොප් උන එක තමාඅවුල.. පොඩි ලමයි කැලේ අන්තිමට...
ආ උඹත් ආව නේද,පොඩි ළමයින්ගෙ කතාව ඊළඟට ලියනව බං,හදිස්සියට මගින් හැරෙන්න උනානේ.
Deleteමොකටද බොල පිච්ච සුවඳ විඳින්නද?
Deleteඅර අන්තීමටම කියලා තියෙන ටික මල් මසුරන්..
ReplyDeleteහැලපේ සමලිංගික තත්වයට පත් වෙන්න වෙනත් විද්‍යාත්මක හේතුත් අද සොයාගෙන තියෙනවා. මට නම් ඒකේ අවුලක් නෑ. නමුත් ළමා අපචාර නම් මම කිසි සේත් අනුමත කරන්නේ නෑ.
ළමා අපචාර නං කිසිකෙනෙක් මොනම ආකාරයකටවත් අනුමත කරන්නෙ නෑ,නමුත් සමලිංගිකයන් මට දිරවන්නෙ නෑ කියන එක තමයි මම කිව්වෙ.
Deleteදෙවියන් විසින් කාන්තාව සහ පිරිමියා මවා තියෙනවා කියලද හැලප අයිය විස්වාස කරන්නේ?
ReplyDeleteසමලිංගිකත්වය අස්වාභාවික කියල කිව්වා, එක අස්වාභාවික වගේම නරකයි කියන එකද ඔබගේ අදහස?
මම ඔය කතාවට කිව්වට දෙවියන් විසින් කාන්තාව සහ පිරිමියා මවා තියේ කියල මම කොහොමටවත් විශ්වාස කරන්නෙ නෑ.
Deleteඇත්තෙන්ම අස්වාභාවික වගේම නරකයි,මන්ද එය ස්වභාව ධර්මයට විරුද්ධව යාමක් නිසා,එමෙන්ම සමලිංගිකත්වය හේතුවෙන් සමාජ රෝග පතිරෙන්නටත් තියෙන ඉඩ අවකාශය වැඩියි.
අස්වාභාවිකත්වය ස්වයංක්‍රීයව නරක දෙයක් වෙන්නේ නැහැ. දැන් ස්වභාවය අනුව ඇස පෙනීම දුබල වූ කෙනෙක් අස්වාභාවික ලෙස කන්නාඩි පැළඳීම නරක නැහැනේ. .. ඒ කෙසේ වෙතත්, මගේ අදහස සමලිංගිකත්වය අස්වාභාවික නැති බවයි. සත්ත්ව ලෝකයේත් සමලිංගිකත්වය නිරීක්ෂණය කරලා තියනවා, ඉතින් එක අස්වාභාවික වෙන්න බැහැනේ. සමලිංගික වුනත් විෂමලිංගික වුනත් බාල අපරාධ කියන්නේ වෙනම සිද්ධියක්, බාල අපරාධ (සහ මහලු අපරාධ) හෙලා දැකිය යුතුයි.
Deleteඒක නෙවෙයි, ආතර් සී ක්ලාක් ගේ ගැඹුරු මුහුද ගැනත් කොමෙන්ට් එකක් දැක්ක, අපූරු පොත නේද? :)
බේකරියේ මෝලිය අල්ලන මෙසේ ඔය වගේ වැඩ වලටත් ගන්නවද? පස්සේ දවසේ පාන් වල රස වෙනස් වෙන්න් ඇති. හැලප අයියගේ නයා නම් නොපෙනෙන තරම් සියුම් නයෙක්
ReplyDeleteඔය මේසෙ බහුකාර්ය මේසයක් විශ්ව,නයා ගැන මම උඩින් ඉවාන්ට කියල ඇති.
Deleteඅර මාතලං වගේ තුවා කරකවන්නෙ නැතුව මිනිහම වැඩේ කරවගත්තනං ඒකත් ලොකු දෙයක්.
ReplyDeleteඊට පස්සෙ දවසෙ පාං කාපු ගෑණුන්ට බඩඋනා කියල ආරංචියක් එහෙම නැද්ද?
"පාං කාපු ගෑණුන්ට බඩඋනා කියල ආරංචියක් එහෙම නැද්ද" හැක හැක මාරු කතාව
Deleteඒකනෙ,මාතලන් තුවා කරකො කරකො බලං හිටියට මූ නං කොහොම හරි වැඩේ කරවගත්ත.ඔය බේකරියේ පාන් ඒ දවස්වල අපිත් කනව බං,හරි රසයි.
Deleteමමත් සමලිංගිකයන්ට විරුද්ධ යි. මොකද මේ ලෝකෙ ගැහැනිය සහ පිරිමියා කියලා දෙන්නෙක් ඉන්නේ ස්වභාව ධර්මයේ කැමැත්ත මත. එහෙම දේකට පිටින් යන එක වැරද යි. මගේ පෞද්ගලික අදහස නං අද ලෝකය ඉතාමත් වේගයෙන් පිරිහෙන්න හේතුව තමයි ස්වභාව ධර්මය ඉක්මවා යන්න උත්සාහ කිරීම. තාක්ෂණය, සිරිත් විරිත් ඒ හැම දේකින් ම මිනිසා උත්සාහ කරන්නේ ස්වභාව ධර්මය අබිබවා යන්න. ඒක කොහෙත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම වෙලාවේ ම උත්සාහ කරන්න ඕනේ අධ්‍යාත්මික දියුණුවත් එක්ක තාක්ෂණය සහ අනෙකුත් අංශ දියුණු කර ගන්න. කරන්න හුඟක් අමාරු වුණත් කරන්න පුළුවන් දෙයක් :)
ReplyDeleteහරියට හරි ධාරා,මම ඔබත් එක්ක සම්පූර්ණයෙන්ම එකඟයි.අපි නිතරම ස්වභාව ධර්මයත් සමග ජීවත්වෙන්න හිතනව මිසක ස්වභාව ධර්මය ඉක්මවා යන්න උත්සාහ කිරීම වැරදියි.එය භයානක ප්‍රතිපල ගෙනදෙන්නක්.
Delete//හැබැයි ඔය සමලිංගිකයන්කෙරෙහි නං මට ඇත්තේ පිළිකුලක් සහ අජූවක්,//
ReplyDeleteYou have homophobia... please consult your psychiatric ASAP
බොහොම ස්තූතියි ඇනෝ,ලෙඩේ සනීප කරගන්නවාට වඩා ලෙඩෙත් එක්ක ජීවත්වෙන්න මම කැමතියි.
Deletehttp://www.lunudehi.gossiplankanews.com/2013/12/iafgshdfo-mu-iu-sxsl-ujdyh.html
Deleteසමලිංගිකත්වයට මමත් විරුද්ධයි.උඩින් ධාරා නංගි කියලා තියෙන දේ එක්ක මමත් එකගයි. ස්වභාව ධර්මය අභිබවා යාම නිසා තමයි මේ ලස්සන ලෝකේ මේ තරම් කැත වෙලා තියන්නේ කියන එක මටත් හිතෙන දෙයක්.
ReplyDeleteහැලපයියා ඉතින් අර වික්‍රමගේ බේකරියේ පාන් එහෙම නියම රසට,පෝෂණයෙන් අනුනව තියෙන්න ඇති නේද...?.
අපොයි ඔව් මනෝජ්,ඒ බේකරියේ පාන් බොහොම රසයි.
Deleteමේ කතාව කියවද්දී මට හිනහව මැදින් උපන්නේ අනුකම්පාවක්. අතපය හොඳට තියෙන එකෙක් නම් ඔච්චර කටු කන්නේ නැහැනේ. කොහොම වෙතත් ඔහොම හරි අසරණයාගේ ආශාව ඉෂ්ට කල එක නම් හොඳයි.
ReplyDeleteකෝරලේ මහත්තයා
ඒක තමයි යාළුවො ටික කොහොම හරි වැඩේ කරලා දුන්නෙ කෝරලේ මහත්තයො
Deleteහැලපේ.. දැන් මේ පෝස්ට් එක ඇතුලෙම ලොජික් අවුලක් තියනවා. සම්මත ස්වභාවධර්මය අනුව ගැහැණිය සහ පිරිමියා තමයි ලිංගිකව එකිනෙකාට ආකර්ෂණය විය යුත්තේ. ඔන්න ඒකට පිටින් ගිහින් එක්කෝ පිරිමි දෙන්නෙක් හරි, ගැහැණු දෙන්නෙක් හරි එකිනෙකාට ලිංගිකව ආකර්ෂණය වෙනවා. දැන් උඹ කියනවා මේ වගේ එවුන් ගැන උඹට ඇත්තේ පිළිකුලක් කියලා. එතකොට ඔය සම්මත ස්වභාවධර්මයටම පිටින් බිහිවෙන අංගවිකල, මන්ද මානසික දරුවෝ දැක්කහම උඹට ඇතිවෙන්නේ මොන වගේ හැඟීමක්ද?
ReplyDeleteකාලෙකට කලින් (දැනට උනත්) මේ වගේ අය දැකීම පවා පිළිකුල් සහගත දෙයක් විදිහටයි ගොඩක් අය සැලකුවේ. නමුත් අද ලෝකයේ දියුණු රටවල් මේ වගේ අයට සපයලා තියන පහසුකම් නිසාම, ඔවුන් නිදහසේ ජීවත් වෙනවා, ඒ වගේම අර ඔවුන් දිහා බලන මානසිකත්වයත් වෙනස් කරලා. සමලිංගිකයන් කෙරෙහිත් ක්‍රියාත්මක විය යුත්තේ ඒකම නෙමෙයිද? මොකද ඔවුන් හිතලා බලලා සමලිංගිකයන් වෙලා නැහැනේ.
+++++++
Delete.
තිසර,ඔබේ තර්කය උඩ විශාල දුරක් යා හැකි සංවාදයක් ගොඩනගන්න පුළුවන් නමුත් කෙටියෙන් කිව්වොත් අංගවිකල හා මන්ද මානසික දරුවන්ද ස්වභාව ධර්මයේ කොටසක් බව මගේ විශ්වාසයයි.ඔවුන් මගේ ආදරයට හා අනුකම්පාවට හේතුවෙනවා.
Deleteසමලිංගිකයන් ගැන පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් කියවීම් තිබෙන්නට පුළුවනි,අපි සියල්ලන්ගේම මතය එකක් විය යුතු නැහැ,මම මෙතැනදී ලියා තිබෙන්නේ මගේ අදහසයි,ඔබේ අදහස ඊට වෙනස් වෙන්න පුළුවනි,ඔබේ අදහස කියන්නට ඔබට සම්පූර්ණ අයිතිය තිබෙනවා.
මැවිලා පේනවා. අර අක්කා කුණුහරප එහෙම කිව්වේ නැතිද ?
ReplyDeleteඅක්ක මොනා කිව්වද කියල ආරංචි වුණේ නෑ සුදීක,මම හිතන්නෙ අක්කත් හිනා කාගෙන ඉන්න ඇති.
Deleteසමලිංගික විවාහය පිළිබඳව ඔබ දරන මතය හා සාකල්‍යයෙන්ම එකඟ වෙනවා. මේ මිත්‍යාව දැන් ආගමක් වගේ අපේ සමාජය ගිලගනිමින් පවතිනවා. එහෙත් එහි සමාජ ව්‍යසන දුගඳ පැතිරෙනවා.
ReplyDeleteයම් තරමකින් හෝ මනස ක්‍රියාත්මක පුද්ගලයන්ගෙන් සෑහෙන පිරිසකට ලිංගික අවශ්‍යතාව තිබෙනවා. සමලිංගික අවශ්‍යතා කෙසේවෙතත් විරුද්ධ ලිංගික අවශ්‍යතා සඳහා යුක්තිගරුක සහ සාධාරණ මාර්ග සොයාදීම සමාජ සේවයක්.
ඔව් විචාරක තුමා,ලිංගිකත්වය ජීවිත අවශ්‍යතාවන්ට පිටිං තබා පාලනය කරන්නට යාම ඇත්තෙන්ම ව්‍යසනයක්.
Deleteබැලූ බැල්මට හාස්‍ය ගෙනදෙන කතාවක් වුනත් ආබාධිත මිනිසුන්ගේ ජීවිතයේ පැතිකඩක් ගැන කියවෙනවා.මේ කොමෙන්ටුව පලකරන මාද ආබාධිත පුද්ගලයෙක් නිසා හැලපෙගේ කථාව මගේ හිත සසල කළා.මගේ තත්වයේ සිටින එහෙත් විවාහ ජිවිත ගතකරන ආබාධිත පුද්ගලයන් මට හමුවී තිබෙනවා මෙන්ම ඔවුන්ගේ ලිංගික සබඳ තාවයන් ගැනත් මා සමඟ කියා තිබෙනවා.සාමාන්‍ය මිනිසුන්ට එවන් ලිංගික සබඳ තාවයන් අසම්පුර්ණ, අතෘප්තිමත් ඒවා ලෙසින් පෙනුනත් ඔවුන්ට නම් එවැනි අඩුවක් නැති බව මා සමඟ කියා තිබෙනවා.රෝද පුටුවක කල්ගතකරන යුධ හමුදා කපිතාන් ( එවකට ) වරයෙකුගේ බිරිඳක් මා හට පැවසුවේ ලෝකයට ඔවුන්ගේ ජීවිතය ගැටලුවක් වුවත් ඔවුන් දෙදෙනාට නම් එය ප්‍රශ්නයක් නොවෙන බවයි.ඒ කථාවන් එසේ වුනත් මා නම් විවාහ නොවුණු බව කියන්න ඕන. වෙඩි උණ්ඩ නැතිව යුද්ධයට යාම මෝඩකමක් බව මා දන්නවා.ලිංගික ආවේග නිසා මගේ ජීවිතයත් අසීරුවට ලක්වුන අවස්ථා තියෙනවා.ඒ සියල්ල අතීතයට අයත් දේවල්,කාලය විසින් මගේ ජීවිතය සංසුන් එකක් කරලා තියෙනවා.
ReplyDeleteඔබගෙ කතාව හරිම සංවේදීයි,මා හිතන ආකාරයට ඔබ යුද්ධය නිසා ආබාධිත තත්වයට පත්වූ කෙනෙක්,තවත් ආකාරයකට කීවොත් ඔබ රට නිසා ඔබේ විවාහය කැප කල කෙනෙක්.
Deleteඇත්තෙන්ම මෙවැනි කතා අහද්දී අපිත් ඉතාම අසරණ වෙනවා,ඔබ ජීවිතයේ තව පැත්තක් අපට නිරාවරණය කර පෙන්වනවා,දැන් ඔබ සියල්ල වටහාගෙන සංසුන් ජීවිතයක් ගතකරන බව අසන්නට ලැබීම සතුටට කරුණක්.නිතරම එන්න ඔබට ජය.
මා ආබාධිත වුනේ ඉතාම තරුණ වියේදියි.ආබාධිත වෙන්න පෙර තරමක් දුරට ගැහැණු ආකර්ෂණය තිබුනා යයි කීම නයි ඇරිල්ලක් නම් නෙවේ.අබාධිත වූ මුල් කාලේදී මා සිතුවේ ඒ ආකර්ෂණය තවමත් එසේමයි කියාය.නමුත් එය එසේ නොවන බවත් මා හට ලැබෙන්නේ අනුකම්පාව සහ කරුණාව බවත් එයට යම් පමණකට පිළිකුලත් කලවම් වී ඇති බවත් වටහා ගන්නට වසර කීපයක්ම ගත වුනි.මේ යථාව තේරුම් ගත පසු මට අයත්ව ඇති සීමාවන් තුල ජීවත් වීමේ හැකියාව ලැබුණි.මා සන්සුන් මිනිසෙකු වුවේ එලෙසය.නමුත් එතනට ලඟා වීමට පෙර මිනිසෙකු විසින් නොවිඳිය යුතු අවමන්, ගැරහුම් ලැබුවෙමි.අතිශය ශෝචනීය අත්දැකීම් ලැබුවෙමි.මා පරිනත මිනිසෙකු බවට පත්කළ මේ අත්දැකීම් මට ලබාදෙන්නට හේතුවූ අය කෙරෙහි මගේ සිතේ ඇත්තේ උපේක්ෂා සහගත සිතුවිලිය.
Deleteඔබලාත් එක්ක බලත්දී අපි ජීවත්වෙන්නේ මොනතරම් හීන ලෝක වලද කියල හිතෙනව සහෝදරයා. බිරිද දවස් තුන හතරක් අනික් පැත්ත හැරිලා නිදා ගත්තොත් අපිට හරිම අමාරුයි.
Deleteකෙනෙකුට ලේසියෙන් ලබන්න බැරි අත්දැකීම් ඇති ඔබගේ වටිනා ජීවිතයේ. ඒ අත්දැකීම් වලින් අපිවත් දැනුවත් කරන්න. ලියන්න ඔබගේ අත්දැකීම්. ඒවාගෙන් බොලොග් කියවන පිරිස හරි හිතන පතන විදිහ වෙනස් කර ගනීවි.
මුලින්ම හදාගමු ප්‍රොෆයිල් එකක්. ඒකෙන් අපිට ඔබව වෙන්කර හදුනාගැනීම පහසු වෙයි.
ඔබගේ අනාගත ජිවීතය පහසු එකක් වේවායි එක සිතින්ම පාර්ඨනා කරනව, සහෝදරයා...!
@ ඇනෝ සහෝදරයා..........මට උඹව තේරුම් ගන්න පුලුවන්.....මොනවා උනත් ෆිට් එකේ හිටපන්.....උඹත් අපේම එකෙක්.....කොටස් අඩුවුනත් උඹත් තවත් මනුස්සයෙක්.....උඹට ප්‍රීතිය! සතුට!! හා ජය!!!
Deleteඇනෝ මචං
Deleteමගෙත් හිත සසල කලා ඔබේ ලියවිල්ල, උපේක්ශාව කියන දෙයට විවරණයක් ලෙස ඔබේ ලියවිල්ල මට හැඟෙනවා..
ඇල්බන් අයිය කිව්ව වගේ හදාගමු ප්‍රොෆයිල් එකක් අපි.. ඊට පස්සෙ හැංගිලා ඉන්න එපා ඔබ අපට වඩා ඉදිරියයෙන් සිටිය යුතුයි . !!
ඇනෝ - ඔබත් මනුස්සයෙක්.. ඒ මනුස්සකම ඇතුලෙ තියන ශක්තිවන්තභාවය ඔබගේ අනිකුත් දුර්වලතා පරයනවා.. ඒකයි ඔබට සියල්ල උපේක්ශාවෙන් දරාගෙන ජිවත්වෙන්න පුලුවන්කම ලැබිල තියෙන්නෙ.. ඔබට ජය පතනවා සහෝදරයා!!
Deleteඅප්පට සිරි ..උත්සහ වන්තයා ජයගනී කියන්නේ ඔයවගේ එව්වට තමයි හැලපය්යේ
ReplyDelete,මමත් ඔය කිට්ටුව තමයි ඉන්නේ
අන්න එකයි මමත් කියන්නට උත්සාහකළේ,දැන් නං ඔය රිජ්වේ හෝල් එකත් නෑ වික්‍රමගෙ බෙකරියත් නෑ
Deleteඑතකොට සද්ද බද්ද එහෙම කොහොමද දන්නෙ නැහැ නේද හැලපෙ අයියෙ..
ReplyDeleteඅවම සද්ද බද්ද සහිතව වැඩේ වුණා කියල තමා ආරංචිය ලැබුනෙ කොල්ලො.අර එළියෙ හිටපු නොසන්ඩාල කොල්ලන්ගෙ කිචි කිචිය ඇරෙන්න.
DeleteAra golayo tika uuta dekak aenala paeththata karala kellata gema dunnathi ekai pudume.
ReplyDeleteපිස්සුද ප්‍රියා,ඌ ගෝඩ් ෆාදර් වගේ පොරක් කොල්ලො ඌට මාර බයයි,ඒක නෙවෙයි කෝ අද සිංහල
Deleteමට තියෙන ගැටලුව ඔය තත්වේ කෙනෙක් කොහොමද චන්ඩි පාර්ට් එකට හිටියේ කියන එකයි .. මිනිහගේ කවුරු හරි නෑයෙක් එහෙම හිටියද දන්නේ නැහැ මැරයෙක්,
DeleteAeththatama Chami matath thibba prashNayak oya.
Deleteඌ අහවල් ආකාරයට හංදියේ චණ්ඩියා උනාද කියන එකනං මම දන්නෙත් නෑ බන්ස්ල නමුත් මම ඌව දැනගන්නකොටත් හංදියේ චණ්ඩියා ඌ තමයි.
Deleteමැර නෑයොත් හිටියේ නෑ මම දන්න හැටියට චාමි.
මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. මොනව වුණත් මේ වගේ පුද්ගලයන් උපහාසයට, සිනහවට ලක් කරන්න එපා.
ReplyDeleteඇත්තෙන්ම නෑ දිලිනි,උපහාසයට ලක් කිරීමක් නොවෙයි,එතන සිදුවුණු දේ වාර්තා කිරීමක් පමණයි.නමුත් අවාසනාවකට මෙන් ඒ දිනවල ඔහු සියල්ලන්ගේම උපහාසයට ලක්වුණා.
Deleteඔන්න මාත් අවා මේ පැත්තට ...
ReplyDeleteකතාව නම් මල් 7යි ..හිනා වෙනවා වගෙම ගන්නට ලොකු දෙයක් තිබුනි ,අපේ ගම් වල ඕනෑ තරම් අබාධිත අයි සිටි ,ලංකා වේ සමස්ත තත්ත්වය ද එසේ ය 30 වසරක් යුද්ධය නිසා තරුණ අබධිත පිරිස් වැඩිය ..ඔවුන්ගේ මානසික මට්ටම ගැන නැවත සිත බැලිය යුතු ය ...
ඇත්තටම සහෝදරත් වෙනත්ම පැත්තකට අපව ගෙනයනවා,යුද්ධයෙන් ආබාධිත තරුණයන්ගේ කතාවත් ඉතාම සංවේදී වූවක් වියයුතුයි.
Deleteහැලපෙ අයිය ටිකක් සංකීර්ණ මාතෘකාවක් දිගෑරගෙන තියෙන්නෙ..Homo sex ද, Straight ද කියන කතන්දරේට වඩා මිනිස්සු Sex ජීවිතේට කොයිතරම් වැදගත් ද කියල හිතාන ඉන්නව ද කියන එකයි..වැදගත් සයිකෝසියාව කියල ලෙඩක් තියෙනව...බහුලව තියෙන්නෙ ගැහුණුන්ට...බහුතරයක් ලෙඩක් කියල පිළිගන්නෙත් නෑ...තියෙනවද කියල දන්නෙත් නෑ...මේකෙ ප්‍රධාන ලක්ෂණය නම් අසීමිත ලිංගික ආශාව..සමහරැ ඔය Multiple Orgasm කියන්නෙ...ඔය වගේ අයට...සුරාන්ත කීපයක් තියෙන ගැහැණු බහුතරයකට සයිකෝසියාව පොඩිඩක් හරි තියෙනව...
ReplyDeleteජෙමාත් කතාව අමුතු මානයකට ගෙනයනවා,කොච්චර උනත් මනුෂ්‍යයන්ට කෑම බීම වගේම ලිංගික ආශාවත් ඉතාම වැදගත් කියල පිලිගන්නව නං ඔය රෝගවලින් බහුතරයක් නිකම්ම සුවවෙයි.
Deleteෂා මාර ආදර්ශමත් කතාවක්.
ReplyDeleteඔව් ඔව් මම ලිව්වොත් ආදර්ශමත් කතාවක්ම තමයි.
Deleteසෑහෙන්න පිංකමක් උඹ කරගෙන තියෙන්නෙ. සමලිංගිකත්වය නං ඕන තරම් පට්ට ගහපු මාතෘකාවක් නෙව.
ReplyDeleteමොකක්ද බං පිංකම ,උඹ මට කාඩ් ගහන්න එපා මම එතන හිටියෙ නෑ,පහුවදා අහන්නට ලැබුණු දේ තමයි ලිව්වෙ.
Deleteසමලිංගිකයෝ ගැන නම් මට තියෙන්නේ සාමානය මිනිස්සු ගැන තියෙන හැගිමමයි.....(මට මාසය නම් මතක නෑ ස්වීඩනයේ තියනවා අවුරුද්දට එක පාරක් සමලිංගිකයන්ගේ පෙලපාලියක් විවිධ ක්ෂේත්‍ර වල ඉන්න සමලිංගික කපල් ඒ පෙල පාලියේ යනවා ගැහැණු අය නම් උඩ ඇදුම නැතුව පිරිමි ඇදුම් ඇදන් තමා යන්නේ...ඒ රටේ මිනිස්සුන්ට ඒක සාමානය දෙයක් ,අපේ නම් ඇහේ පොට ගියා හි..හි..හි...)..
ReplyDeleteඔය තරුණයගේ කතාවෙදි නම් මතක් උනේ ඉතාලියේ ඔහොම තරුණ,තරුණියන්ට ඒ ඒ අවශයතා සපුරා ගන්න එයාලගේ පවුලේ කට්ටියම මුදලට අයව ගෙනත් දෙනවා ..... ඊ ලග පාර ළමයිගේ කතාව ලියමුකෝ
අන්න ඉතාම වැදගත් වැඩක්,දැන් අපේ ලංකාවෙ නං ඔහොම අයට ලිංගික අවශයතා තියෙනව කියල හිතන්නේවත් නෑනෙ,ඉතාලියෙ අය මොන තරම් මානව භක්තියකින් වැඩ කරනවද,ඇත්තටම ප්‍රශංසනීයයි ශානු.
Deleteළමයිගෙ කතාව ආයෙම ලියන්නං.
හාස්‍යය මතුවෙයි කියලා හිතා ගෙන කියෙව්වත් මට නම් සැම්සන් ගැන මතු උනේ දුකක්. අපි විඳින සැප, සතුට විඳින්න නොහැකි උනත් ඔහුත් අපි වගේම මිනිසෙක්නෙ... සමලිංගිකත්වය ගත්තොත් මට මගේම ඒ ගැන මතයක් තිබුනත් එහෙම අය ගැන වෙනස්, අමුතු අජූව හැඟීමක් නම් නෑ.
ReplyDeleteඇත්තටම වෙනී එතන හුදෙක් ඇති හාස්‍යයට යටිං මහා ශෝකාන්තයක් දිවෙනවා,එය සැම්සන්ගේ පමණක් නොව එවන් තරුණයන් සියලුම දෙනාගේ කඳුළු කතාවයි.
Deleteඔවුන්ද මානුෂීය අවශ්‍යතා ඇති අය බව අමතක කොට ඔවුන් දෙස බැලීම සිදුවන විශාලම අපරාධයයි.
සම්බ මිටිය වගේ මොකටද උඩින් දපල තිබ්බේ.. ඒ වෙලාවෙ තිබ්බ තදියමේ හැටියට අස්සය ගෝන් ටික් ටික් මතක් වෙලා නැත්ද කොහෙද කස්ටියට :-)
ReplyDeleteමතක් උනාට අස්සය පැදගන්න බෑනෙ කැන්ඩියන්,
Deleteමේ කතාවෙන් මැනවින් වැටහෙනවා සංකූලතා ඇති හැම කෙනා තුළම ලිංගික ආසාවන් ඇති බව. ඒත් ඒ සුවල නොලැබ එවන් අය කෙතරම් නම් කම්පාවෙනවා ඇතිද? ඇත්තටම එවන් අය වෙනුවෙන් මෙවැනි අවස්ථාවක් උදාකර දීම දානයක් වනවා යැයි සිතේ. ඔන්න කරනවා නං වැඩ.
ReplyDeleteඇත්තටම නලින් ශාරීරික අඩුපාඩු තිබුණත් තරුණයින් වශයෙන් ඔවුන්ටත් ලිංගික ආශාවන් ඇතිවීම ඉතාම සාමාන්‍ය දෙයක් නේද.
Deleteඉතිං එහෙම බලනකොට අර යාළුවො ටික කරගෙන තියෙන්නෙ ලොකු පිංකමක්.
යකෝ ඒ වගේ එකෙක් චන්ඩියෙක් උනා කියන්නෙත්, සල්ලි තිබ්බත් කරන්න අමාරු වැඩක් නේ බොල. . . පුදුමයකුත් නැහැ ඌ ගැනියෙක් එක්ක ඉන්න හිතපු එකෙන් ම චන්ඩියෙක් වෙන එක ලේසි වෙන්නැති උට හෙහ් හෙහ් එහෙහ් . . .
ReplyDeleteඌට හිතන ඕනෑම දෙයක් කරව ගන්න පුළුවන් තරමට අන්තේවාසිකයන් හිටියනෙ බං,චන්ඩිකම කොයි කාලෙ ලැබුණද කියල මම දැනගන හිටියෙ නෑ හැබැයි මම දන්නා කාලෙ ඌ හංදියේ චණ්ඩියා.
Deleteබලාපන්කෝ ඉතිං!!!!!
ReplyDeleteමොනවද බං !!!
Deleteමොන අබාධ තත්ත්වයේ හිටියත් හැමෝම මිනිස්සුනේ නේද..?? හැමෝටම හැඟීම් තියෙනවා...
ReplyDeleteඒ මනුස්සයා චන්ඩි පාට් දාලා ඕන දේ කරගත්තත් තමන්ගේ ගැන අනුකම්පාවක් හිතෙනවා ඇති අනිවාර්යෙන්ම...
සමලිංගිකයන්ගේ හිත්වලත් තියෙන්නේ ආදරය නේද හැලපේ...??
ඔව් ඉතිං මොන ආබාධ තත්වයේ හිටියත් මනුෂ්‍ය හැඟීම් කාටත් පොදුයි නොවැ.අනික් අය දකිනකොට ආත්මානුකම්පාවක් නිතැතින්ම ඇතිවෙනව ඇති.
ReplyDeleteසමලිංගිකයන්ගෙ හිත්වල තියෙන්නෙ ආදරයද කෑදරයද කියල හරියටම කියන්න මම දන්නෙ නෑනෙ මට ඒ සබ්ජෙක්ට් එක අදාළ නැති නිසා.
කථාව නියමයි..අසංවර තැන් සංවර කරලා අපූරුවට කථාව ලියලා..බ්ලොග් අවකාශයෙ නයි අරින එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබුනෙ කාලෙකට ඉස්සරනෙ...දැන් ආයෙත් ඇවිල්ලද ?
ReplyDeleteස්තූතියි සිරා,දැන් ආපහු ටික ටික නයි පටෝනවා පේනව නේද.
Deleteසමලිංගිකයන් බෙදා ගන්නෙත් ආදරය හැලප මහත්තයෝ... කෙනෙක් වෙනුවෙන් ඇතිවන ආදරය...
ReplyDeleteඅනික එක එයාලගේ නිදහස... එත් එක අපේ මානසිකත්වයට ගැලපෙන්නේ නෑ
මෙහෙ ස්වීඩන් වල, යුරෝපා රටවල එයාල වෙනුවෙන් වෙනම කොච්චර වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවද.?
මෙතන කියවුන සැම්සන් ගෙන කියනවා නම් එයත් මනුස්සයෙක් හැගීම් දැනීම් තියන.... ඒ පුද්ගලයා ගැන ඇත්තෙන්ම ඇති උනේ දුකක්
සමලිංගිකත්වය ගැන කතා කරන්නවත් මට ප්‍රියක් නෑ නාලි,සමාන දෙන්නෙක් කොහොමද ආදර කතා කියන්නෙ වැළඳ ගන්නෙ මට තේරෙන්නේ නෑ.
Deleteඔව් සැම්සන් ගැන බැලුවමත් මොන අඩුපාඩුව තිබ්බත් එයත් මනුස්සයෙක් නමුත් එයා ගැන බලන ආකාරය වැරදියි,ඒක ඔබටවත් මටවත් වෙනස් කරන්න හැකිවේවි කියල මම හිතන්නෙ නෑ.
හැලප මහතාණනි මට මෙතන ආවෙ සුළු තාක්සනික ප්‍රස්නයක්: පුදුමයි මෙච්චර වෙලා එකෙක් වත් නාහපු එක.
Deleteඒ කාලෙ ඔය සේවා සපයන කාන්තාවන් ගෙ කොලිටි මදි කමද, එහෙමත් නැත්නම් ඒ කාලෙ ඔය කාන්තාවො කීයක් දුන්නත් මේ වගෙ දේවල් බොහොම "මිෂනාරි" සංයමයකින් විතරයි ද කෙරුවෙ - කොටින්ම ඒ ආපු අක්ක ආසාවකට වත් කඩෙන් ලෙලි පොල් අරන් පුරුදු කෙනෙක් නෙවෙයි ද?
බොහොම හොඳ ප්‍රශ්නයක් අගුණ මහතාණෙනි,ඇත්ත වශයෙන්ම අක්කට ඇති පළපුරුද්ද අනුව පොල්ලෙලි ගැසීම නොදන්නා කෙනෙක්ය කියල හිතන්න කොහොමකටවත් බෑ,නමුත් අක්ක බලන්නෙ මුදල් පමණයි නොවැ,ඇය දන්නව උනත් ඔය ගැන කියන්න යන්නෙ නෑ,ඔතනදි ක්‍රියාත්මක විය යුත්තේ සැම්සන්ගේ සහායකයිනුයි.නමුත් ඔවුන් නොදන්නා කමද නැත්නං අතපසු වීමක්ද දන්නෙ නෑ වැඩේ සිදුවෙලා තිබුනෙ නෑ.
Deleteඑහෙම නැතුව කාන්තාවන්ගෙ කොලිටිය ගැනවත් ඔවුන් මිෂනාරි සංයමයකින් හික්මී සම්ප්‍රදායික ඉරියව් අනුගමනය කිරීම ගැනවත් ප්‍රශ්නයක් පැන නොනගින බව ඔබට කියන්නට කැමතියි.
patta..
Deletethanks ano
ReplyDelete/ හැබැයි ඔය සමලිංගිකයන්කෙරෙහි නං මට ඇත්තේ පිළිකුලක් සහ අජූවක්, ඇත්තටම කාන්තාව සහ පිරිමියා දෙවියන් විසින් මවා තියෙන්නෙ එකිනෙකාට හරියන ආකාරයටයි හරියටම කිව්වොත් ලිංගික අවයව එකනෙකට ගැලපෙන විදියටයි, /
ReplyDeleteහෙහ්,හෙහ්, සමලිංගිකත්වය කොහොමද බං අස්වාභාවික වෙන්නෙ? ස්වාභාවික කියන්නෙ මොකක්ද? ස්වභාව ධර්මයෙන් නිර්මාණය වුනු නැත්නම් ස්වභාවයේ පවතින කියන එකනෙ. එතකොට සමලිංගිකත්වය ස්වභාවයේ පවතින දෙයක් නෙවෙයිද?
එතකොට දෙයියො හරියටම ගැලපෙන්න ගෑණු පිරිමි අවයව මැවුවනම් මොකටෙයි බං සමලිංගිකත්වයක් කියල එකක් ඒ දෙයියොම මැව්වෙ? ඒ කියන්නෙ සර්වබලධාරී සියල්ල දත් දෙයියන්ටත් වැරදුනාවත්ද? සමලිංගික දෙපාර්ශ්වයම මම අශ්‍රය කරල තියන නිසා මචං මම අත්දැකීමෙන්ම දන්නව බහුතරයක් සමලිංගික උදවිය බොහොම සුන්දර පිරිමි සහ ගැහැණු....මන්දා මම ආශ්‍රය කරපු හැමෝම නම් එහෙමයි...අවුලක් නෑ. සමලිංගිකත්වය පිළිකුල් කරන්ට උඹට සම්පූර්ණ අයීතිය තියනව. මම මේ මගේ අදහස කිව්ව විතරයි.
" පඩික්කංවලටම කෙළ ගහන්ට ඕන නෑ බං ඉඳහිටල ජනෙල් කූරු දෙක මැද්දෙං කෙළ ගහන්ටත් ඕන…"හෙහ්, හෙහ්, ( ඔය වාක්කිය තිබ්බෙ ෆිල්ම් එහෙක ..පුලුවන්නම් කියාපං මොකේද කියල? )
අනේ මන්දා බං ඔය සමලිංගික කේස් ඒකත් මහ පටලැවිල්ලක්.නානත්ත කායා නානත්ත සංඥා කිව්වලු.
ReplyDeleteඅර ෆිල්ම් එක මම බලල තියෙනව මතකයි,නම සහ කියන කෙනා මතක නෑ
@රවී...මොකක්ද බං ඒ ෆිල්ම් එක? නළුවාගේ නමත් එක්කම කියපන්.
Deleteහැලපේ සහ අරූ,
Deleteචිත්‍රපටය - මලට නො එන බඹරු,
අධ්‍යක්ෂණය - ෂෙල්ටන් පයාගල
රඟපෑම - ජෝ අබේවික්‍රම සහ සුවිනීතා ( අබේසේකර/කෝන්ගහගේ )
රවී........තෑන්ක්ස්.....දැන් මතක් වුනා....
Deleteමෙන්න මගේ එකතුව........ජෝ සහ අජිත් ජිනදාස සමලිංගිකයෝ ඔය ෆිල්ම් එකේ...ඒ දවස්වල සංවාදයට ලක්වෙච්ච ෆිල්ම් එකක්.
මචං ඕක සම අධ්‍යක්ෂනයක්. අනිත් කෙනා චන්ද්‍රරත්න මාපිටිගම. ඕකේ අර අලුත් කෙල්ල ශිරානි කෞශල්‍යා හිටියේ දෙහිවල. ඔය ෆිල්ම් එකෙන් පස්සේ ඇමරිකාවටද කොහෙද ගියා. ඒ අම්මාව මම දන්නවා.
මේ ෆිල්ම් එක තාම තියෙනවා එකේ සහ යුටියුබ් එකේ. හොඳ ෆිල්ම් එක.
col3neg එකේ සහ යුටියුබ් එකේ
Deleteතැන්ක්ස් රවී,අරූ
Deleteඒ කාලෙ ඔය ෆිල්ම් එක හොඳට දිව්වා දැන් ශිරානි කෞශල්‍යා කොහෙද මචං
අන්නහරි ..හරියටම හරි අරූ, අජිත් ජිනදාස තමයි කොල්ලට හිටියෙ..මම මතක් කලාට මතක් උනේ නෑ..චන්ද්‍රරත්න මාපිටිගම තමයි සම අධ්‍යක්ෂණය...අර ජනෙල් කූරු අස්සෙන් කෙළ ගහන කතාව කියන්නෙ සුවිනීතා ද කොහෙද බං ජෝ නෙවෙයි ..ගෙදර පඩික්කම තියෙද්දි ජනෙල් කූරු අස්සෙං කෙළ ගහන පිරිමිත් ඉන්නවනෙ..ඔන්න ඔහොම කතාවක් මට මතක සුවිනීතා කියන්නෙ...:)
Deleteවැලිකතර මතකද? කොහොමද ඒකෙ සුවිනීතගෙ ඇක්ටිං....ඒ කාලෙ සුවිනීතා අබේසේකර..තිස්ස අබේසේකරගෙගෙ වයිෆ්…
තිස්සගෙ ජීවිත කතාව ලිව්ව අජිත් ගලප්පත්ති. පරණ වයිෆ්ලගෙ සහ දරුවන්ගෙ විස්තර තියෙන නිසා ඒක ප්‍රකාශයට පත්කරන එකට තිස්සගෙ වයිෆ් අසංකා මොණරවිල තහංචි දාලයි කියල මම දැක්ක නිව්ස් එකක් හෙහ්, හෙහ්,
ඒ කාලේම ඇමරිකා ගියා කියලා තමයි කිව්වේ....ඔය නිලිය ෆිල්ම්ස් දෙක තුනකයි හිටියේ....ඒවා හොඳ ෆිල්ම්ස්...මහගෙදර, දඩයම...
Deleteමචෝ.....මටත් මතක ඕක සුවිනීතා කියනවා වගේ.....මම හරිම කැමති නිලියක්...පස්සේ සරත් කෝංගහගේ බැන්දා....ඊට පස්සේ කිංස්ලි ලෝස්ව බැන්දා වගේ මතකයි. කිංස්ලි මතකයි නේ නාට්‍යකරු. ස්වීනිතාව මම මෑතකදි ටීවි ප්‍රොග්‍රෑම් එකක දැක්කා.
Deleteමුලිම්ම සුවිනීතා වීරසිංහ,ඊට පස්සෙ අබේසේකර ඊළඟට කෝන්ගහගේ 2001දි මට චෙන්නායි වලදී මුණ ගැහෙද්දි ඔය අරූ කියන්න වගේ කිංස්ලි ලෝස් එක්ක වෙන්න ඇති හැබැයි ලොකු පිරිමි දරුවො දෙන්නෙක් හිටියා සුවිනීතයි මමයි එදා පින්තූරෙකටත් පෙනී හිටියා
Deleteඑක පුතෙක් රූපවාහිනි මාධ්‍ය ආයතනයක වැඩසටහන් නිෂ්පාදක වරයෙක්.
Deleteඒ බේකරියෙ පාන් ඊට පස්සෙ "වෙරලු මල්" සුවද උනාලු....!
ReplyDeleteමළ කෙළියයි,ඇල්බනුත් ඒ පාන් කෑවද
Deleteහැලපේ....උඹේ සමලිංගිකයින් සමග මතයට මම එකඟ නැහැ....මචෝ මම හඳුණන ගේ කපල්ස් දෙක තුනක් ඉන්නවා......උන් පාඩුවේ ඉන්නවා මචං. කූල් බුවාලා....අපේ ෆ්ලැට් එකේ උඩ ඉන්නේ ලෙස්බියන් කපල් එකක්. එක්කෙනෙක් මගේ වයිෆ් එක්ක වැඩ. පිරිමි ගේ කපල් එකක උන්ගේ කාමරයක් කුලියට අරන් හිටියා මම බොහොම කාලෙකට පෙර.
ReplyDeleteසැම්සා පොරක්නේ බං.....ජීවිතයට අවශ්‍ය අඩුම කුඩුම සැප සනීප ලබාගෙන ඉන්නවා ඇර වෙන මොනවා කරන්නද බං.....උඹ දන්නවනේ යුරෝපයේ ආබාධිත අය...උන් සත්‍යයට ඒ ලෙස මුහුණ දෙනවා.
ඔහොම තමයි මචං ඒ උඹගෙ මතය මේ මගේ මතය.
Deleteමොන මිම්මෙන් බැලුවත් සැම්ස පොරක් තමයි,ඔහොම තිබිලත් ඌට අවශ්‍ය දේ කරගන්නවා කියන්නෙ ජීවිතේ විඳිනව කියන එකනෙ.
හල්පේ එක්ක 100%ක් එකඟයි ... මටත් ඔය ගේ කපල් පෙන්නන්න බෑ ...... ස්වභවධර්මයට පිටින් වැඩකරන ඒවායේත් සීමාවක් තියෙන්න ඕනා .... නැත්නම් විනාස වෙන්නේ අපි අපිමයි
ReplyDeleteඔව් බං ස්වභාව ධර්මයට පිටිං යන්න නරකයි.
Deleteමැවිල පේනව අනිත් උන් අල්ලල වැඩේ කෙරෙව්ව හැටි, හිනත් යනව ඒත් ඉතින් පව් මොනා උනත් අබාදිත මනුස්සයෙක්නෙ...
ReplyDeleteමොනා කරන්නද කොල්ලො,මූට හිනාවෙන්න ගියොත් අනික උන්ට මල පනිනවනෙ.
ReplyDeleteහිනා ගියා උනාට ඒ හිනාවත් එක්කම හිතට ආවෙ ලොකු කලකිරීමක් මං ගැනම.. ඒ අසරණ මනුස්සයා ඉන්න තැන මම හිටියනම් කියල හිතුනා.. දුකයි හැලපයියෙ මට නම් ..ඒ විදියට හරි එක දවසක් ඒ මනුසයට ඒ අත්දැකීම දුන්නු එකම එකතරා විදියකට පිනක් කියලයි මට හිතෙන්නෙ
ReplyDeleteකන්න බොන්න නැති කෙනෙකුට කන්න බොන්න දෙන එක දානයක් වගේ මෝල් අමාරුව තියෙන එකාට ඒක දීමත් දානයක් සමී මම දකින විදියට.නමුත් බහුතරයක් දෙනා ඔය සත්‍යය තේරුම් ගන්නෙ නැති එක කණගාටුවක්.
Deleteසහතික ඇත්ත හැලපේ++++++++++++++++++++++++++++++++++++
Deleteහැලපේ සහ අරූ,
Deleteමචං ඔය පිංකම කරගන්න අහල පහල බබලත්තුන්ට අවස්තාවක් ලබාදෙන එකත් ලොකුම පිංකමක්, හැබැයි ඒත් එක්කම තමංගෙ බාර්යාවටත් එහෙම පිං රැස් කරගන්න අවස්තාවක් දෙන්නත් ඕන..හෙහ්,හෙහ්,
කොහොමද අර ලතා අක්කද කාවද ගාවට ගිහිල්ල වැඩේ ඉවර වෙලා එහෙම " පින්වතිය ඔබ විසින් මේ කරගන්නට යෙදුනාවූ කුසල කර්මය මහත් ඵල මහානිසංස වෙයි. සයින් පීඩිත වූවකුට බත් හුලක් දුන්නා සේමය. පිපාසයෙන් පීඩිතවූවකුට දිය බිඳක් දුන්නා හා සමානය. එසේ හෙයින් ඔබට ඒ සියළු පින් අනුමෝදන් කරවමි, සුවපත් වේවා!!! "කියල ඔලුව කාරිය අතගාල යන්ට ලෑස්ති උනානම් එහෙම..
ඔය නාගන්න බැරි උදවියව එක්කන් ගිහිල්ලා නාවන්නේ...ඒ වගේ" මහ මෝල් කලන්ත දන්සල" වගේ එකක්. වියදම ගමේ සෙට් එකෙන්...කලන්තේත් හොඳ වෙනවා....අර අක්කලාත් ගානක් හොයාගන්නවා.....ඕකේ අනිත් පැත්තත් ඕනනම් කරතහැකි...ඒකට නම් වියදමක් යන්නේ නැහැ.
Deleteරවී,
Deleteජසින්ත අක්ක කියයි,"ඒ මොත්ත පාරවල් හරියන්නෙ නෑ මහත්තයො මගේ ගාන දීල කැපෙන්න" කියල