Sunday, December 1, 2013

105.ඇඹුලෙ වගතුග ලොක්කයියා සහ තවත් කතා





අපි කාටත් කෑම බීම සම්බන්ධයෙන් විවිධාකාර සහ අපූර්ව ආශාවන් තිබෙනව කියන එක රහසක් නෙවෙයි.බොහෝ විට මේ ආශාවන් අතීත රස මතකයන් එක්ක බැඳී තිබෙන ඒවා වෙන්නට තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි,එක උදාහරණයකුත් කියලම ඉන්නං...

මම එක රටකදී නැවතිලා හිටපු හෝටලේ උදේ කෑමට තියල තිබුණු ජෑම් බඳුනෙන් ටිකක් පාන් පෙත්තක තවරගෙන කනකොට ජෑම් රසත් එක්ක මාව එක පාරටම දුර ඈත අතීතයකට ගහගෙන ගියා වගේ වුණා,ඒ ජෑම් වර්ගය මං පොඩිම කාලෙ රස විඳලා තිබ්බ ජෑම් වර්ගයක් නමුත් පසුකාලීනව ඒ ජෑම් ලංකාවට ගෙන්නුවේ නැති නිසා ඒ රසය හිතෙන් ගිලිහිලා ගියත් අවුරුදු ගණනාවකට පස්සෙ දැනුනු රසත් එක්ක මතකය අවදිවුනා.

ඒ වගේම සුවඳත් තවත් අතීත මතක අවදි කරන ප්‍රබල සාධකයක් කුඩාකාලයේ අපි විඳි සුවඳක් හෝ ගඳක් පසුකාලීනව වෙනත් කොහෙන් හෝ ආඝ්‍රාණය කරනකොට පැරණි මතකයන් අවදි වෙනවා,මම මේගැන නවකතාවකත් කියෙව්වා,ආතර් සී ක්ලාක්ගෙ ගැඹුරු මුහුද කතාවෙ ලින්සීඩ් ගන්ධය නිසා ෆ්රෑන්ක්ලීන්ට අභ්‍යවකාශ රෝගය හැදෙන ආකාරය විස්තරවෙලා තියෙනව.

අම්ම හදන කෑමවල සුවඳ එක්ක ගොඩක් දුර අතීතෙට යන්න පුළුවනි,මම පොඩි කාලෙ ඉස්කෝලේ නිවාඩු කාලවලට අපේ අම්මලාගේ ගමේ ඒ කියන්නෙ බෝතලේ යනවා, බෝතලේ ගමේ වැඩි හරියක් කට්ටිය කරන්නෙ වී ගොවිතැන... කුඹුරු වැඩ ඔක්කොම මම පරතෙරටම ඉගෙන ගත්තෙ බෝතලේ ගමේ කුඹුරුවලට බැහැලයි,වෙල් වැඩ කරද්දී ගොවියන්ට උදේ ඇඹුලට වෙලට ගේන්නෙ කිරිබත් හෝ ඉඹුල් කිරිබත්...ඉඹුල් කිරිබත් වර්ග දෙකක් හදල ගේනව...එකක් මැදට පැණිපොල් දාපු ඉඹුල්, අනික මැදට තෙල් පෑදෙන්න හින්දවපු හාල්මැස්සන් දාපු ඉඹුල්, ඔය ඉඹුල් කිරිබත් ගෙඩිවලින් හමන සුවඳ මට මේ ලියද්දිත් මතකෙට එනවා...




කුඹුරට ඇඹුල ගෙනාපුවම ඒ කුඹුරෙ වැඩකරන අය විතරක් තනියම ඇඹුල කන්නෙ නෑ...අහල පහළ කුඹුරුවල වැඩ කරමින් ඉන්න ගොවියො ඔක්කොටොමත් කතා කරනව...

හා සීමොන් අයියෙ කහට ටිකක් බීල යන්න ආවනං...

සමහර වෙලාවට නියරෙන් වෙන ගමනක් යන අයත් හොඳට ඇඹුල සප්පායම් වෙලා යනව...

අපේ ගේ ඉස්සරහම වගේ ඔය චූටියලගේ වත්තෙ පොඩි කමතක් තිබුණා,ගෙට පහළ තිබුණු වෙල්යායේ ඔක්කොම කුඹුරුවල ගොයං කපල ඒ කමතෙ දාල පාගනව...අපි පොඩි උන් ටික කුඹුරු කපන දවස්වලට පදිංචිය ඔය කමතෙමයි, කොළ මඩවන මීම්මු පස්සෙ ටිකක් වෙලා දුවල හැති වැටුනම පිදුරු කන්දෙ පිනුං ගහනව... ඇඹුල ගෙනත් ලොකු අයට බෙදල පස්සෙ අපටත් කතාකරනව...

හා ඔය පොඩි අයත් ඇවිත් මෙහෙන් පේළියට වාඩිවෙන්න...

අපිත් දානෙ වළඳන්න යන හාමුදුරුවරු වගේ පේළියට වාඩිවුනාම අපටත් ඇඹුල බෙදාගෙන යනව...ගෙදරදී බෙල්ල මිරිකලවත් කවාගන්න බැරි කෑම ජාති අගේට ළමයින්ගෙ උගුරෙන් පල්ලෙහට යනව...අම්මල එහෙම දැක්කොත් කෑම දෙන අයටත් සැර දානව...

අම්මප මේ ළමයි නං...ගෙදර කන්න නැතුව වගේ ගියානෙ කමතට කන්න,ඔන්න ඔය කට්ටිය එලෝල දාපල්ල තව ඇඹුල බෙදන්නත් හිටිය...

අනේ හාමිනේ ඒ ළමයි ඔන්න ඔහෙ කාපුදෙන්,කමතෙන් කන්න ඒ ගොල්ලත් කැමති  නැතෑ...

හවසට අම්ම අපිව ගෙදර ඇදන් ඇවිත් ඇඟ හෝදනකොට නං අපි හූ කියල කෑ ගහනව පිදුරුවලට කැපිච්චි තැන්වල වතුර ගෑවෙනකොට ඉන්න බෑ දැවිල්ල...

හොඳ වැඩේ තව නටපල්ලකො පිදුරු ගොඩේ...

මොනවා කිව්වත් හරියන්නෙ නෑ පහුවදත් පිදුරු ගොඩේම තමා...

දවාලට ඇඹුල, අඟුලු කරෝල හොද්දක්,කොස් මැල්ලුම්,කැකිරි ඇඹුල,බැදපු මිරිස් එක්ක කුඹුරු හාලේ බත්,මේ ඇඹුල එක එක කාලෙට තියෙන එළවලු අනුව වෙනස් වෙනව...

දියලබු වෑන්ජනේ හදන්නෙ ආටෝප වෙන්න කැකුළු හාල් ටිකක් ගලේ අඹරල දාලයි...එතකොට පුහුල් මාළුව හොඳට උම්බලකඩ දාල රතට රතේ උයපුවම මස් ඉව්ව වගේ ගෑවිච්චි තැන කන්න පුළුවනි...මියන දළු,කැරන්  කොකු  ඔය කොයිකත් රසට උයල ගත්තම සෑහෙන්න බත් කන්න පුළුවනි...

කරෝල,තුනපහ දුරු මිරිස් වගේ දේවල් ඇරෙන්න ගමේ කිසි කෙනෙක් හාල්,එළවලු,අල බතල ආදී කිසිදෙයක් කඩෙන් ගත්තෙ නෑ ඒවා ගෙදර වත්තෙම වවාගෙන තිබුණා,තුන් වේලටම ගමේ අය බත් කෑවා මහ දෙයක් හදන්නෙ නෑ උදේට තම්බපු හාලේ බත් එක්ක පොල් සම්බෝලයක් හරි කිරි හොද්දක් හරි හදනවා...දවල්ට නං  බතට සමෝසමේ කොස් දෙල් කොළ මැල්ලුම් වගේ දෙයක් ඕනෑමයි...එතකොට කොස්දෙල් කියල ජාතියක් තිබුණා අහල තියනවද ඒවත් මැල්ලුමට හදනවා...අටුකොස්, දෙල් වේලපුව එහෙම වතුරෙ පොඟවල අරං හොඳට හිඳෙන්න උයල තෙම්පරාදුවක් දාල ගත්තම පැත්ත පළාතෙ ඉන්න බැරුව සුවඳයි...

මැල්ලුමක් නැතුව බත් ටික කාල වැඩක් නෑ...

පරණ අය ඕනෑතරම් ඔය විදියට කියනව මම අහල තියෙනව...රෑටත් ලා පැනිරසට හදන ගස්ලබු මැල්ලුමට කීරමින් කරෝල හොදි බොරේ යහමින් දාගෙන හිර කරල කොත ගහපු බත් පිඟානක් කාල දාන එක ගමේ කෙනෙකුට මහ වැඩක් නෙවෙයි...

බෝතලේ ගමේ ඒ කොණේ ඉඳන් අනික් කොණට විහිදුනු මහා විශාල වෙල්යායේ මැදින් තිබ්බ මහ නියරෙ දවසක් මම තනියම යද්දී මට දියබරියෙක් කෑවා,නියර මැද හිටපු දියබරියව මට පෑගුනාම ඌ වේදනාවට කට අඟල් හයක් විතර හෑයි ගාල ඇරල මගේ පිටිපතුල හැපුව, දත් පාරවල් වැදුණු තැනින් ලේ බින්දු දෙකකුත් ආව, ඇළෙන් කකුල හෝදගෙන මම වෙලට ගියා...

දියබරි ගැරඬි එහෙම කාපු කෙනාට  වෙන සර්පයෝ කන්නෙ නෑ කියල ගමේ කතාවක් තියෙනව, ඒ සර්ප වර්ග දෙක සර්ප කුලවලින් හීන කුලේ නිසා උන් කාපු කෙනාට අනික සර්පයො කට තියන්නේ නෑ කියලයි කතාව තියෙන්නෙ...කතාවෙ හැබෑ බොරුව මම දන්නෙ නෑ නමුත් මට නං තාම මේ වෙනකල් සර්පයෙක් කාල නෑ,සර්පයො මගේ කකුල් අස්සෙනුත් ඇදිල ගිහිං තියෙනව,දවසක්දා අපි කොල්ලො කට්ටිය බෝතලයක් ගන්න ඒ දවස්වල අපේ ගමේ හොර අරක්කු විකුණපු ලොක්කයියලගේ ගෙදරට ගියා,කුස්සිය පැත්තෙන් ගිහිං කතාකරපුවම...

මම වක්කරගෙන එනකං ඔහොම ඉන්නවල...

කියල ගියා අපිව ගෙට ගත්තෙවත් නෑ,අපිත් ඉතිං එලියට වෙලා හිටියා,බෝතලෙත් අරං යන්න කකුල උස්සන කොට මගේ කකුල යට මොකෙක්ද දඟලනව දැනුනා,ඉක්මනට අහකට පැනල බලපුවම මැර බැහැපු යෝධ කුණකටුවෙකුගේ තුන්හුලස් ඔලුව උඩ මම අඩිය තියාගෙන ඉඳල තියෙන්නෙ,මට පෑගිලා සෑහෙන වෙලාවක් හිටපු කුණකටුවට නිකං කලන්තෙ හැදිල වගේ කොහෙටවත් ඇදෙන්න බැරුව ඉන්නකොට කොල්ලො ටික ලොකු ගලක් උගෙ ඔලුවට අත ඇරල ඌව ඉක්මනටම නිවන් යැව්වා...

එදා ඒ සතා කෑවානං එහෙම සෑහෙන කාලයක් දුක් විඳින්න වෙනව උගෙ සයිස් එකේ හැටියට,එතන පහළ ඇළ නිසා සීතලට සර්පයො හරියට ඇදෙනව...ඔන්න ඔයවාගේ අපූරු ආකාරයටත් මම සර්පයන්ගෙන් බේරිලා තියෙනව,ඒ වුණාට අපේ පෝටයට සර්පයො කන්නෙ හොයාගෙන ගිහිං...දවසක්දා අපි කට්ටිය කතාකරකර ඉද්දි පොඩි සර්පයෙක් මාපිලෙක්ද කොහෙද මගෙ කකුල් දෙක අස්සෙන් ඇදිල ගිහිං පෝටය පස්සෙ එලවන්න ගත්තා...පෝටය සර්පයාට බයේ ඔරේ රන්,මමනං හිතන්නෙ මට සර්පයො කෑවෙ නැත්තෙ දියබරිය කාපු නිසා කියලයි.

හැබැයි ඉතිං අපේ ගමේ අයට සර්පයො කෑවට කලබල වෙන්න දෙයක් නෑ,සර්ප වෙදමහත්තය වෙළෙන් එහා පැත්තෙ ඉන්නෙ,ලාල්ලගෙ තාත්ත උපසේන වෙද මහත්තය විෂ වෛද්‍ය ශිරෝමණී, ගමේ කවුරුවත් සර්පයො කාපුවම ඉස්පිරිතාලේ යන්නෙ නෑ ලාල්ලගෙ ගෙදරට එන්නෙ,ලෙඩා ආපුවම කාපු සර්පය දැකල අඳුනගෙන එහෙම නැත්නං වෙද මහත්තය ලෙඩාගෙ ස්වභාවයෙන් දූත ලක්ෂණ වලින් කාපු සර්පය මොකාද කියල හොයාගෙන බෙහෙත් කිරිල්ල පටන් ගන්නවා...

එහෙම වෙලාවට පොඩි පහේ සර්පයො නෙවෙයි ලෙඩාට කාල තියනව කියල වෙද මහත්තය කියන්නෙ,නයෙක් පොළගෙක් නැත්නං පොළොන් තෙලිස්සෙක් වගේ අධික විෂ සර්පයෙක්...පස්සෙ පස්සෙ මේ කතාවට යටින් පොඩිපහේ නයෙකුත් යන බව මට තේරුණා...ඒ වුණාට ඉතිං  අපි ඔව්ව හොයන්න යන එකේ තේරුමක් නෑ ලෙඩාට සනීප වෙනවනං එච්චරයිනෙ...කොච්චර උනත් වෙද මහත්තය ලඟට ගෙනාපු කිසිම ලෙඩෙකුට අසාධ්‍ය වුණේවත් මැරුනෙවත් නෑ...
ඇයි අර මාළු අල්ලන්න බෝක්කුවට බැහැපු කුමාරයගෙ ඔලුවට මඩේ හිටපු හුංගො වටවෙලා වැඩේ දුන්නම කුමාරයට බේත් කරලා බේරුවෙත් උපසේන වෙද  මහත්තයමනේ...

වෙද මහත්තයට වෛද්‍ය සහතික පොතකුත් දීල තිබුණා ඔය පොතෙන් වැඩිපුරම ප්‍රයෝජන ගත්තෙ මමයි,ගොඩක් වෙලාවට යාලුවන්ට උදව් කරන්න...නෝ පේ ගිහිං රස්සාවෙන් එලවන්න ඉන්න උන්ව මම එක්කං ඇවිත් සර්පයෙක් කෑව කියල මැඩිකල් එකක් අරං දෙනවා,උගෙ වැඩෙත් හරි වෙද මහත්තයටත් අතට ගාණක් හම්බවෙනව...

කසිප්පු විකුණන ලොක්කයිය රෙදි මෝලේ වැඩකලේ,ඔයයකා අසූවෙ ඉස්ට්‍රයික් කරල රස්සාව නැතුව ඉද්දි රස්සාව දෙන්න නං රජයේ රෝහලකින් වෛද්‍ය සහතිකයක් ගේන්න කීවලු...ඒ ගමන මිනිහ ඇවිත් මට කිව්ව 
අනේ ඔයාට පුලුවන්නං මට මේ වැඩේ කරලා දෙන්න කියල...ඒ දවස්වල මම සෞඛ්‍ය අමාත්‍යාංශයෙ වැඩකළේ...මහ රෝහලේ දන්න කරන අය ගොඩක් හිටපු නිසා කරදරයක් නැතුවම මම සහතිකේ අරං දුන්නා  

ලොක්ක මේ සහතිකේ ගිහිං දීපුවම ආපහු රස්සාව දීල,මනුස්සයට දැන් වැඩේ හරි ඉහළයි,අපේ ගෙදර ඇවිත් අම්මත් එක්ක මගේ ගැන මහ ලොකු වර්ණනාවකුත් කරල ගියා කියල අම්ම මගෙත් එක්ක කිව්ව...හැබැයි වැඩේ නොකෙරුනා නං එහෙම බනින්නෙ මාව බල්ලට දාල...

ඔය සූට් බූට් ගහගෙන රස්සාවට ගියාට ඕකට කරන්න පුළුවන් රෙද්දක් නෑ  හ්ම්ම්...

 ඊට අවුරුදු තිහකට විතර පස්සෙ අපේ මරණාධාර සමිතියෙ සාංඝීක දානෙ වෙලාවෙ දානෙ පිළිගන්වල එහෙම අපි කට්ටිය ලොක්කයියලගේ ගෙ පිටිපස්සෙ ඇළ අයිනෙ දරමඩුව ළඟ කෑමට පෙර පොඩ්ඩක් අනුමත වෙමින් හිටියා...දර මඩුවෙ වහලෙට ගිහිං තිබ්බ මැරිච්චි අල වැලක් දැකපු මට වැලේ හොඳ අලයක් ඇති කියල හිතුණා...

ලොක්ක ලේසියකට කෙනෙකුට යමක් දෙන මිනිහෙක් නෙවෙයිනෙ,කෝකටත් කියල මම අහල බැලුව...

ලොක්කයියෙ මේ අල වැල ගලෝල බලමුද ඕයි...

අපොයි ගලෝගන්න ඔය වැල විතරක් නෙවෙයි තියන ඔක්කොම අල වැල් ගලවගෙන යන්න...

ඒ මොකද ඕයි එච්චර...

ඇයි මට රස්සාව නැතිවුණු වෙලේ ඔයානෙ කිසි ආඩම්බරයක් නැතුව මැඩිකල් එක අරං දුන්නෙ වෙන එකෙකුට කියල ඔය වැඩේ කරගන්න ගියානං උන් කීයක් පගා කනවද...ඔයා කරපු උදව්ව මට හොඳට මතකයි...

හැත්තෑ ගණන්වල අපේ ගමට ලයිට් ආපු කාලෙ මුලින්ම වගේ ලොක්කයිය ගෙදරට ලයිට් ගත්ත,රස්සාවට අමතරව කරපු  කසිප්පු වෙළඳාම නිසා මිනිහට හොඳට සල්ලි තිබුණා, ලයිට් ගත්ත විතරක් නෙවෙයි දොරට බෙල් එකකුත් හයි කළා...හැබැයි ඔය බෙල් එක ගහන්න එළියෙන් හයිකරල තිබ්බේ නිකං සුවිච් එකක් ඔන් කරල බෙල් එක වැදුනට පස්සෙ ඕප් කරන්න ඕනෑ...අපි ඒ කාලෙ රෑ නමයයි තිහේ ෂෝ එක බලල මහ රෑ ජාමෙ එන ගමන් ලොක්කගෙ බෙල් එකේ ස්විච් එක දාල යන්න යනව...

ට්‍රීන් ට්‍රීන් ට්‍රීන්....

නොනැවතීම බෙල් එක වදිනකොට ලොක්ක මෙලෝ සිහියක් නැතුව ස්විච් එක දාපු උන්ගෙ මවුවරුන් සමරනවා...දොර ඇරල එලියට ඇවිත් ස්විච් එක ඕප් කරල ආයෙම බැන බැන යනව...අපිට ලොක්ක මරු බයිට් එක, ආයෙම චිත්‍රපටි බලල එනකොට කරන්නෙත් ඒ වැඩේමයි...ලොක්ක කීප දවසක් පොල්ලකුත් අරං හැංගිලා රැකල හිටියයි කියලත් ආරංචි වුණා...

බැල් එක ගහන වේස බල්ලන්ගෙ ඔළුකටු කුඩුවෙන්න දෙන්නෙ අහුවුණොත් එහෙම...

ඒ වුණාට වැඩේ හරිගියෙ නෑ ලොක්කට කවුරුවත් අල්ලගන්න බැරිවුණා...ලොක්ක ඉක්මනටම ඩබල් ස්විච් එකක් ගෙනත් බෙල් එකට හයි කළා...




137 comments:

  1. කමතේ අබුල කන එක නම් මමත් ආසම වැඩක් ඒ දවස් වල.අයි ගොයම් පාගන දවස් වලටත් ඔය වගේම ආතල් කාලයක් තමා.

    ReplyDelete
    Replies
    1. ගොයං වැඩට මාන්සි වෙන්නේ නැතුව ඇඹුල කන්න තියේනං ඊට වඩා ආතල්

      Delete
  2. එහෙනං හැලපේත් ටිකිරි ලියා ගේ බෝට්ටුවේ!

    ReplyDelete
    Replies
    1. අපොයි කකා මම ලියද්දි ඔය කවිය නිකමටවත් මතක් උනේ නෑනෙ,මතක් උනානං ඒකත් ලියන්න තිබ්බා

      Delete
  3. අර පොලොං තෙලිස්සට අපරාදෙ ගල් පත බැවේ සද්දන්ත උඹෙ බරට කොහොමත් ඌ මැරිලා ඉන්ඩ ඇත්තේ

    ReplyDelete
    Replies
    1. තෙලිස්සෙක් නෙවෙයි අටං කුණක‍ටුවෙක්.. කුණක‍ටුවා විශ සර්පයෙක් නෙවෙයි..

      Delete
    2. පොළොන් තෙලිස්සා කුනකටුවා යනු එකම සතාට වහරන නමකි. විශ සහිත සතෙක්.

      Delete
    3. නෑ බං මැරිල හිටියෙ නෑ රබර් සේරෙප්පුවකටනෙ පෑගිලා හිටියෙ

      Delete
    4. @සරත්,
      කුණකටුවත් විෂ සහිත සර්පයෙක් කියල මේ මෑතකදී මම කොහෙහරි දැක්කා

      Delete
    5. @නලින්,
      මම නං නලින් ඔය කතාව ඇහුවමයි.

      Delete
  4. ඇඹුල ගැන කියනකොට මට මතක් වුණේ අඹ යාළුවෝ කතාවේ එන කොටසක්. ඒකේ ඇඹුල ගැන කියනකොට කටට කෙළ උනනවා. //දියබරි ගැරඬි එහෙම කාපු කෙනාට වෙන සර්පයෝ කන්නෙ නෑ කියල ගමේ කතාවක් තියෙනව, ඒ සර්ප වර්ග දෙක සර්ප කුලවලින් හීන කුලේ නිසා උන් කාපු කෙනාට අනික සර්පයො කට තියන්නේ නෑ කියලයි කතාව තියෙන්නෙ// මේ කතාව නං මාත් අහලා තියෙනවා. ඇත්ත ද දන්නේ නෑ :( ඇත්ත නං දියබරි ගැරඬියෙක් හොයා ගෙන ගිහින් කකුල දෙන්න වටිනවා!

    ReplyDelete
    Replies
    1. මෙතන දියබරි සහ ගැරඬි විය යුතුයි,ඒ වර්ග දෙකක් මට කොමාව දාන්න බැරිවෙලා.
      අඹ යාළුවො කතාවෙන් කියවෙන ප්‍රදේශයේ ඇඹුලට මුත්තෙට්ටුව කියලයි කිව්වෙ,එතකොට වෑදම කියලත් ඇඹුලට කිව්ව ඒ උඩරටද නැත්නං සබරගමුවෙද කියල මට හරියට හොදිසියක් නෑ,දකුණු පළාතෙ ඇඹුලට කියන නම මම දන්නෙ නෑ දන්නා කෙනෙක් ඉන්නවනං කියන්න.
      සර්පයො ගැන හරියට දන්නෙත් නැතුව සර්පයො කවාගන්න යන්න එපා.

      Delete
  5. මට අම්මාගෙ සුවඳ මතක්වෙන්නෙ සැවැන්දරා සුව‍ඳෙන්.. ඒත් දැන් ඉතින් කොහෙද සැවැන්දරා ? හිතෙන් තමයි විඳින්න වෙලාතියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඉස්සර පෙට්ටගම් අස්සේ තියෙන්නේ සැවැන්දරා මුල් ගුලියක්නේ..

      Delete
    2. ඔව් සරත් අපේ අම්මල රෙදි දාපු පෙට්ටගම් අල්මාරිවල ලොකු සැවන්දරා මුල් මිටියක් තියල තිබුණා ඔය නලින් කියනව වගේ.

      Delete
    3. //සැවැන්දරා//....සැවැන්න කියලත් කියනවද...!අපේ පැත්තෙ සැවැන්න මුල් කියලත් කියනව.

      Delete
  6. දියබරි ගැරඬි වගේ සත්තු කෑවම සතියක් විතර වෙනකල් ගොම පෑගෙන්න හොඳ නෑ.
    පොඩි සන්දියෙ මටත් දවසක් කරුවලේ සතෙක් පෑගුනා හදාගෙන යන අපේ ගෙයි ඉඳල. තාත්ත ටෝච් 1ක් ගෙනල්ල බැලින්නං තෙල් කරවැලා. කෑවනං සුං!

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ගොම පාගෙන්න හොද නැත්තේ ?

      Delete
    2. විශ වෙනවලු! අහල තියන විදියට නං කතාව ඇත්ත!

      Delete
    3. තෙල් කරවලා කෑවනං පුතෝ සොරිම තමා,අපට උඹේ කතා අහගන්න වෙන්නෙ ඒ ලෝකෙදි

      Delete
    4. @අපූස්,
      තුවාල තියෙනවනං කොහොමත් ගොම පෑගෙන්න හොඳ නෑ විෂබීජ ඇතුල්වෙනවා,පරිස්සමෙන්

      Delete
  7. මාත් ඔය ගැරඬි කතාව අහල තියෙනව. ගැරඬි කාල නැති උනාට මගේ කකුළ්දෙක අස්සෙනුත් නයෙක් ඇදිල ගිහිල්ල තියෙනව.

    ගම්වල තියෙන කෑම ගැනනං කතා කරල වැඩක් නෑ. ඒ වගේ කෑම කාපු හින්ද වෙන්නැති ඒ මිනිස්සු ලෙඩක් දුකක් නැතුව කාලයක් හොඳින් වැඩකරගෙන ජීවත් උනෙ.
    ඔය දෙල් අටුකොස් කියන ජාතිය ඉස්සර කිලෝ ගානට විකුණන්න තිබ්බත් මමනං දැං කාලෙකින් දැකල නෑ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න දන්න කරන නයෙක් වෙන්න ඇති නොවැ,එහෙම නයි ඉන්නව.අනේ බං මාත් අටුකොස්වත් දෙල් අටුකොස්වත් කාපු කාලයක් මතක නෑනෙ.

      Delete
    2. මම නම් දෙල් වේලලා ඒවා මේ ගිය සතියෙත් කෑවා. කුරුනෑගල පැත්තේ මගේ ක්ලයන් කෙනෙක් ගෙනත් දුන්නා.
      ඇයි ප්‍රසන්න වේරහැරින් හැරිලා පොඩ්ඩක් ගියාම අර කැලෑදෙල් ඕනේ තරම් තියෙන්නේ. අපි නම් ඉස්සර යනවා ඒවා කන්න.

      Delete
    3. දෙල්නං තියෙනව තමයි. ඒත් ඉස්සර ඒව කපල වේලල කඩවලට විකුණන්න ගේනව මිනිස්සු. දැං එහෙම තත්වයක් නෑනෙ.

      Delete
  8. අපරාදේ කියන්ට බෑ. හොඳ වට රවුමක්ම ගිහින් තියෙනවා. කෑම ජාති කියවලා කලන්තේ හැදෙන්ට එනකොටම සර්පයෝ. ඉකමණට කකුල් දෙකම උඩට අරගෙන කියෙව්වේ. ගේ ලඟ දියබරි පොන්ඩ් එකක්වත් හදන්ට පටන් ගන්ට කියලා අප්පච්චිට කියන්ට ඕනි. ලස්සණට තියෙයි.

    මම කාලා තියෙන්නේ මැද පොල් දාපු ඉඹුල් විතරයි. :(

    ReplyDelete
    Replies
    1. ආ මෙයත් ඇවිත් ඉන්නෙ,කොහෙද ගිහිල්ල හිටියෙ ඔන්න කෑම ගොඩක් අරං ආව ඔයාට ඇතිවෙන්න කන්න, මෙතන නැති කන්න ආසා දෙයක් තියෙනවනං කියන්න.
      පොන්ඩ් එකක් හදන්න එතකොට දියබරි එයි.

      Delete
  9. ඟැරඩි කෑවම වෙන සර්පයෝ නොකෑවට ඟැරඩිනම් ආයෙ කනවා. අපේ දුරින් නෑදෑ ආච්චි කෙනෙක් ඉන්නව මදි නොකියන්න තුන්පාරක්ම ඟැරඩි කෑවා.

    හප්පේ ඔය රෑට රෑට ගෙවල් වල බෙල් ගහලා දුවන එකට පරම්පරා ගානක ඉතිහාසයක් තියෙනවනෙ බලනකොට.

    ReplyDelete
    Replies
    1. ආච්චිට ගැරඬි සාපයක් ඇති ප්‍රියා,ගැරඬිම කන්න,
      එච්චර දුර ඉතිහාසයක් නෑ බෙල් ගහල දුවන එකට කොහොමත් ගම්වලට ලයිට් ආවයින් පස්සෙ පටන්ගත්ත මගුලක් නොවැ

      Delete
    2. අම්මට හුඩු බෙල ගහන කතාවේ කොමෙන්ට් කෑල්ල අමතක උනා නේ. ඒක වෙනම ලියන්නම්.

      Delete
    3. බෙල්නං මොනවද.. අපිකං ඉතිං උඩුපිල හන්දියේ දොස්තර මහත්තයව පොඩි වෙනසකටත් එක්ක සැලුන් එකේ බාබර් කොරලා... හැමදාම අපේ කෙස්ස කපලා මසාජ් එකක් දාලා දෙන එකේ නම්බුව තියන්නත් එක්කලා බාබර් අයියව දොස්තර කරපු එක වගේ සමාජ මට්ටම් අතර පොඩි සුහදතාවයක් වර්ධනය වෙන වැඩ තමා කලේ... ඒ ඇරුනම ඉතිං අතර මග තිබුන ගල් මෝලේ බෝඩ් එකත් දන්න කියන ගෑණු ළමයින්ගේ ගෙවල් ඉස්සරහා තැන්පත් කරන්නේ ඒ ඒ ළමයින්ට කරන සැබෑ උපහාරයක් හැටියට මිස වෙන අලුගුත්තේරු කොමකට එහෙම නෙවෙයි.. :D

      Delete
  10. කුණකටුවෙක් කාලා මාවත් සැරයක් ඔය වගේ ගමක වෙද මහත්තයෙක් ලඟට ගෙනිච්චා... මාරාන්තික නොවුණත් කුණකටුවාත් විෂ සහිත එකෙක්...

    ඔය සිද්ධිය අරභයා අපේ ගෙදර අය මාව අවුස්සන්න ඔය දැන් කකාට අපි කියනවා වගේ KK කියලා නමක් දාලා තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අපේ රූම් එකෙත් ඉස්සර හිටිය kk කෙනෙක්. ඒ මදිවට මූ අලි සයිස් නයි අරින්නෙ. මාස දෙකතුනකින් එන්ඩීටී ගියා.

      Delete
    2. කුණකටුවා කියන්නේ දැක්ක තැන හපනවා කියන එක නේද?

      Delete
    3. කුණකටුවා මාරාන්තික නොවුනට කාපුවම වේදනාව ඉවසන්න බැරිලු තිසර

      Delete
    4. @රාජ්,
      මොකද බං නයාට KK කියල නම දැම්මෙ,මුචලින්ද කිව්වනං හරිනේ.

      Delete
    5. @රංගි,
      දුටු තැන එලව එලවා හපාකන්නෙ පොළඟලු.

      Delete
    6. ape gam pradeshaye (bothale kittuwa) nithra dakinnata puluwan wisha sahitha sarpa wishehayak thamma oya kunakatuwa.putho kawoth aniwa sathi dekak thel beheth ganda wenawa idimuwai kakkumai nathiwenna.

      Delete
    7. මගෙත් කකුලේ ඉදිමුම තිබ්බා සතියකට වැඩිය. වේදනව කියන්නේ දෂ්ඨ කරලා ඊලඟ අඩිය තියනකොට වේදනාව ඉවසන්න බැරුව යනවා. එතනම මැරෙන්න යනවා වගේ දැනෙන්නේ. කුණකටුවා සහ පොළඟා පෙනුමෙන් සෑහෙන සමානයි. ඒ නිසා සර්පයා අඳුනා ගැනීම වැදගත්. බෝතලේ කියද්දි මට මතක් වුනේ, ඔය කුණකටුවා කාපු වෙලාවේ, බෝතලයක් බිඳලා අර දෂ්ඨ කරපු තැන තුවාල කරනවා සමහර පැති වල, විස සහිත ලේ යන්න කියලා. මගෙත් කකුල බෝතලයකින් තුවාල කරන්න හැදුවා, මම දුන්නෙම නෑ. සර්පයා කෑවා මදිවට බෝතලයකිනුත් කපා ගන්න....

      Delete
    8. @ තාරක,
      තාරක ඇයි සිංහල හදාගන්නෙ නැත්තෙ,එච්චර ලොකු වැඩක් නෙවෙයි.

      Delete
  11. අතීත චාරිකාවක් රැගෙන ගියාට බොහොම පින්. මම මේ කුඹුරු ආශ්‍රිත ජීවිතය ගත කලේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාබෝපිටිය කියන සුන්දර ගම්මානයේ සහ අද සම්පූර්ණයෙන් නාගරීකරණය වී කුඹුරු පුරන්වී ඇති මිරිහැල්ල කියන ගමේ. මම මගේ දරුවන්ව ඔවුන්ගේ කුඩා කාලයේදී මගේ බිරිඳගේ ගම වන දැදිගමට ගෙනගොස් මේ අත්දැකීම් බොහොම අල්ප වශයෙන් ලබාදුන්නා. කෙල්ලෝ දෙන්නෙක් නිසා උන් වැඩිය ඒ පැත්තට ඇදී ගියේ නැහැ.

    ලිපිය කියවන ගමන් අපේ ලේ උරුමය වූ ගැමි ආහාර වල රස සහ සුවඳ මනසෙන් විඳිමින් කෙලගිල්ලා. දැන් වුනත් හොඳ ඇඹුලක් ලැබුනොත් දෙකක් දාලා වන්නඩ පුළුවන් කුරුණි පෙට්ටියකින් එකක් විතර.

    ReplyDelete
    Replies
    1. කියන්නත් දුකයි විචාරක තුමා ඔය මම කියපු බෝතලේ ගමෙත් අපේ ගමෙත් තිබුණු සුන්දර කුඹුරු යායවල් සියල්ලම අද පුරන්වෙලා ගිහිං.එක අතකට ගොවියන්ට දොස් කියන්නත් බෑ කුඹුරක් කරල හාල් ගන්නවට වඩා කඩෙන් හාල් ගන්න එක දෙගුණයක් ලාබයි.මම මේ අත්දකීමෙන්මයි කියන්නෙ.

      Delete
    2. halape ayya kiyana kathawa aththa.habai apee thaththa thawamath kuburu tika amaruwen wada karanawa.hethuwa kochchara padu unath kubure karal tika pahigena eawa dakiddi hithata danene sathuta salli walata milakaranna barilu.ohomai apee thaththa kiyanne.

      Delete
    3. තාරක,මගේ කුඹුරත් මම පාඩු බලන්නෙ නැතුව රටෙන් පිටවෙනතුරුම වැඩකලා,අර ඔබේ පියා කිව්වා වගේ කරල්බරින් නැමුනු කුඹුරක් උදේ හවස දකිද්දී ලැබෙන සතුට ලබාගන්න,නැත්නං මුදල් අතින් බැලුවොත් මට හරිම පාඩුයි.

      Delete
  12. ඔය බෙල් එක ගහන වැඩේ නං අපි තාමත් කරනවා...
    ගෙට්ටුවේ හයි කරලා තියෙන බෙල් එක ගහලා දුවනවා...

    ReplyDelete
    Replies
    1. බලාගෙන කරපල්ලා,රැකල හිටියොත් එහෙම වදින්නෙ පොලු පාරවල්.

      Delete
  13. අපට ඔය අද්දැකීම් නැති වුණත් ඒව සොඳුරු බව මේ වගේ දේවල් කියවද්දි හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දිලිනි මෙවැනි අමතක නොවන සොඳුරු මතකයන් ඔබ වැනි අයත් සමග බෙදා හදා ගැනීමට ලැබීමත් සතුටක්.

      Delete
  14. ඔය පොඩි කාලේ කාපු බීපුවා මතකෙට එන එක මටත් තියෙනවා. බිස්කට් සුවඳ එහෙම හරියටම මතකයට එනවා කනේබු කියලා ජපන් හෙයාර් ලික්විඩ් එකකින්. ඒ බිස්කට් කාලා කිරි තේ බෝත්දී ඇහුන සින්දුවත් මතකයට එනවා. අපේ ඔෆිස් එක ගාවත් හිටියා ආයුර්වේද මෙඩිකල් දෙන ගොයියෙක්. මිනිහා මලහම ඔෆිස් වල එවුනුත් මලා වගේ තමයි. අර බෙල් සුවිච් මගඩිය මමත් කරා ලයිට් ගිය වෙලාවක. සුවිච් එක ඔබලා කොටු කෑල්ලක් ගැහුවා. ලයිට් ඇවිත් තියෙන්නේ නවයට විතර. හිතා ගන්න පුළුවන් නේ වුණ දේ. ඒ නම් කොල්ලෝ ටිකක් නැවතිලා හිටිය ක්වාටර්ස් එකක.

    ReplyDelete
    Replies
    1. මතකයන් හා සුවඳ අතර ඇත්තේ හරිම සමීප සම්බන්ධයක් සුදීක.බොහොමයක් වෙලාවට මමත් බිස්කට් සුවඳ එක්ක අතීතයට යනවා,ඉස්සර කාලෙ ඥාතියො ගෙදර එද්දි ගෙනාවෙම බිස්කට් පැකට් එකක්.ඔය බිස්කට් පැකට් එක අපි හවසට කඩලා කනවා,ඇත්තටම කිව්වොත් අම්ම අපට බෙදල දෙනවා ඒ වාගෙ රස බිස්කට් මට මෑත කාලෙකදී නං කන්න ලැබිල නෑ.

      Delete
  15. මේ අර සර්පයා පෑගිලා ඉදලා කකුල ගද්දි ඌ කෑවේ නැද්ද අනේ ? හරි පුදුමයි අම්බෝ ... අපේ අම්මලා දැන් ඇඹුල කියලා වෙලට උයන් යන් ඒවල එහෙම ඉස්ස්සර වගේ අමුතු රසක් දැනෙන්නේ නැහැ ,, කාලෙත් එක්ක ඒක වෙනස් මන් පොඩි කාලෙනම් අත්තම්මා උයන් යන්නේ මොනවද වලින් වියපු කුඩෙක දාගෙන අමුතු සුවදක් රසක් තිබ්බා ,, කෑම ගැන ආයේ ලියන්න වගේ හදන්නෙ මෙයා

    ReplyDelete
    Replies
    1. සර්පයගෙ ඔළුව මගේ කකුලට පෑගිලා ඌ මබ්බෝද වෙලයි හිටියෙ ඔමා, කන්න තියා ඌ මොකද උනේ කියල බලනකොටත් ඔලුවට ගල් පාර වැදිලා.
      අත්තම්ම පන් පෙට්ටියකට කෙහෙල් කොළ එලල ඒකට බත් දාගෙන යනකොට අපූරු සුවඳක් එනවා.

      Delete
  16. "කතාවෙ හැබෑ බොරුව මම දන්නෙ නෑ නමුත් මට නං තාම මේ වෙනකල් සර්පයෙක් කාල නෑ,සර්පයො මගේ කකුල් අස්සෙනුත් ඇදිල ගිහිං තියෙනව" ඉතින් හැලපයියේ ඔයාගේ කකුල් දෙක අස්සේ ඉන්න සර්පයා කන්නේ කොහොමත් ඔයාව නෙවෙයිනේ...:D

    ReplyDelete
    Replies
    1. ඒකා කන ඒව අහන්න උඹට ලැජ්ජ නැද්ද බං. අනික ඕව මෙතැන කිව්වෑකිද අක්කත් බලනවා මේක.

      Delete
    2. ඌ නං මහ දේවදත්ත සර්පයෙක් බං,කනකොට කනව කියන්නෙ ඉදිමෙන්නම,උඹටත් ඔය ටික කියාගන්න කට කොකියනව නේද බං.

      Delete
    3. @නලින්,
      අක්ක මේක බලපු ගමන් ඉවානයට හම්බවෙයි.

      Delete
    4. ඉවානයට හම්බ විල්ල කෙසේ වෙතත් සර්පයට නිවාඩු හම්බ වෙන්න නං පුළුවන් ටික දවසක් යනකල්... :D

      Delete
  17. ඉස්සර පන් පෙට්ටියේ කෙසෙල් කොළ යටට දාල ගේන සුවද දැනුන.

    ReplyDelete
    Replies
    1. එක තමයි මාත් කිව්වේ කෙන්ජි,බත උයනකොට රම්පෙ කොළ කෑලි දෙක තුනකුත් දාලයි තම්බන්නේ.

      Delete
  18. කුමාරයා, ලොක්කයියා හරියට නලින් අයියා, කකා වගේ අපි දැනගෙන ඉන්න දෙන්නෙක් වගේ නේ දෙවියනේ කියලා තියන්නේ.

    ප.ලි.
    ඒ විදිය මරු ඈ

    ReplyDelete
    Replies
    1. ලොක්කයියා විතරයි නේද අලුත් පුමා,කුමාරයා අපිට මීට කලින් හම්බවෙලා තියෙනව මං හිතන්නෙ

      Delete
  19. හැලපයියේ,පැණිපොල් දාපු ඉඹුල් ගැන කියනකොටත් කටට කෙළවුනනවා.අපේ ඔෆිස් එකේ ඉන්න නංගියෙක් කිවා මේක පෙන්නුවම ඒයාලගේ ලොකු අම්මාත් මේවා හදනවය මටත් ගෙනත් දෙන්නම් කියලා.සර්පයෝ ගැන නම් මට තියන්නේ බයකට වඩා පිළිකුලක්.

    ReplyDelete
    Replies
    1. අන්න බලන්න මනෝජ් මල්ලි පින පලදුන්න හැටි.ඔය නංගි දැන් ලොකු අම්මට කෙඳිරි ගාලා කෙඳිරි ගාලා කොහොමහරි ඉඹුල් හදවාගෙන ඇවිත් දෙන්නෙ නැද්ද කියල බලන්නකො.
      මටත් වැඩිපුරම ඉඹුල් කිරිබත් හදල දුන්නෙ අපේ ලොකු අම්ම තමා මල්ලි,එහෙම රස ඉඹුල් කිරිබත් මට ඊට පස්සෙ කන්න ලැබිල නෑ,ලොකුඅම්ම අනූපහේ අවුරුද්දෙ මගේ ඇස් ඉස්සරහම ජීවිතෙන් සමුගත්තා.

      Delete
    2. @හැලපයියා
      - සිරාවට හැලපයියේ ඒ පින පල දුන්නොත් උඹවත් සිහිකරන්නම් මම ඉඹුල් කනකොට.

      @ පත්තර මල්ලි-කවුද බං ඉවර...?

      Delete
  20. ඉඹුල් කිරිබත් වර්ග දෙකක් තියෙනව කියලා ඇහුවෙත් අදයි. අසාධාරන ලෝකේ.
    මමත් පොඩි කාලේ මී හරක්ගෙන් ගොයම් පාගනවා දැකලා තියෙනවා. හරක් පස්සෙත් ගියා වගේ ලාවට මතකයි. ඒ මම හිතන්නේ උන්ට තනියම කන්න තේරෙන්නේ නෑ කියලා හිතල තණකොළ කවන්න. කොහෙද අපි පොඩි කාලෙම ඇග්‍රිමෙක් ද මොකක්ද මන්දා අටමගලයක් ආවයින් අපේ ගොයම් ෆන් එක සෑහෙන සීමා වුනා. ඉස්සර පිදුරු ගොඩවල් වලට යන්නත් බයයි කසනවටත් වඩා ඒවයෙ සර්පයෝ ඉන්න නිසා. එක පාරක් කාව හරි සර්පයෝ කාලා මොකක් හරි බයක් වෙලා තිබුනේ. ඒ වුනාට අපේ කිරි අම්මා නම් පිදුරු හතු ගේනවා උදේට උදේට ගිහින්... අම්මෝ ඒවයේ රහ.
    දැන් මම ඇඹුලක් කාලත් නෑ. ඉඹුල් කිරිබත් හාල් මැස්සෝ එක්ක කාලත් නෑ.
    දිය බරියා කියන්නේ දිය නයාගේම වර්ගයක් නේද? අපෝ ඉස්සර අපි නාද්දි උන් හැමතැනම. අපිව වතුරෙන් ගොඩට ගන්න ඕනේ නම් දිය නයෙක් කීව ගමන් අපි ගොඩ. ඒ වෙලාවට බලෙන් අල්ලගෙන පිහා දාලා ඇඳුම් අන්දවන එක තමයි වැඩිහිටියෝ කලේ. ඒක නෙමෙයි දැන් දිය නයි නෑ නේද? උන් ඉන්නවා නම් මම කීයටවත් ඇලවල් දොලවල් වල නාන්නේ නෑ. මට උන්ව හමු වෙලා නෑ නේ ළඟ කාලෙක. නැතුව මම වතුරේ නටන හැටියට අම්මෝහ්....
    මම හිතන්නේ සර්පයෝ නම් අපිව හපන්නේ බයට කියලා. මම උන්ට බය හින්දමද මන්දා උන් මාව තව වෙනකම් නම් හපලා නෑ. ඒ මොනවා වුනත් සර්පයෙක් හීනෙන්වත් දකින්න නම් මම ආස නෑ.

    ReplyDelete
    Replies
    1. හරකගෙන් ගොයං පාගන කොට අපට ලැබෙන රාජකාරිය තමා ගොං පස් අල්ලන එක...

      Delete
    2. ගොම පස් කියන්නේ ගෝම අයින් කරන එක නේද? ඒවා කරන්නේ පිරිමි ළමයිනේ. මට තිබුනා හරක්ව තණකොල කව්වන්න. ඒකට එයාලාව එක්කන් යන්න මට ලී කෝටුවකුත් හදලා දීලා තිබුනේ.

      Delete
    3. කිසිම අසාධාරණයක් නෑ රංගි,ඉඹුල් කිරිබත් තවම ලංකාවෙන් තුරන් වෙලා ගිහිල්ල නෑනෙ,ඇඹුලත් තාම කොහෙ කොහෙ හරි තියෙනව නැතිවෙලාම නෑ.හාල්මැස්සන්බොම්බයි ලූණුත් එක්ක තෙල් පෑදෙන්න හින්දවල හදන ඉඹුල් මට මෙහෙදිත් බිරිඳ හදල දෙනවා.
      දිය බරිය කියන්නෙ දිය නයාටම තමා දැනුත් අපේ ඇලේ නාන ලිඳේ එහෙම හරියට දියබරි ඉන්නව,උනුත් ඉන්නව අපිත් නානව කවුද උන්ව ගණන් ගන්නෙ.
      ගොන් පස් අල්ලනවා කියන්නෙ කොළේ පාගගෙන යන මී හරක්ට ගොම්බෙටි දාන්න ඕනැවෙලා නැට්ට උස්සනකොටම මැඩුවන් ටිකක් අරං ගසල ගසල මීමගෙ පශ්චාත් භාගයට අල්ලං ගොම්බෙට්ට වැටෙනකල් පස්සෙන් යන්න ඕනෑ,ඊට පස්සෙ ඒ ගොම්බෙට්ට කමතෙන් පිටට විසිකරලා ආපහු හරක් දක්කන්න ගන්නව,එකසැරේ මීම්මු දෙතුන් දෙනෙක් නැට්ට උස්සන්න ගත්තොත් පස්සෙන් යන එකාට සොරිම තමයි.මැඩුවන් ගොඩේ ගොම්බෙටි හැලෙන්න දුන්නොත් පළල පෙරලද්දී ගොවියො බනිනවා
      අගෙයි ළමයි ගොම්පස් අල්ලල තියෙන හැටිනං...
      තුං මං හංදිය පොතෙත් තියෙන්නෙ.

      Delete
    4. @නලින්,
      හරිනේද නලින් මම කියල දුන්න හැටි.

      Delete
    5. මෙන්න රංගිට දුක හිතෙන තවත් ආරංචියක්..ඉඹුල් කිරිබත් වර්ග තුනක් ඇත.. ඇයි කූනිස්සන් තෙල් දාලා හදන එක..ෂෙහ්.. ඒකනේ ඉඹුල... :D

      Delete
  21. කමත වටෙන් බොහොම සුන්දර අතීතෙකට අපව අරන් ගියා වගේ.... ඔය බොතලේ අන්නාසිවත්තට යටින් වෙල් යායේ අපිත් කරක් ගැහුවා කාලයක්. කිචියගේ ගෙදර තමා නවාතැන වුණේ. නැත්තං මහ පන්සල තමා.
    අර බෙල් වලට කරන කුප්පිදු වැඩේ නං අපිත් කරලා තියනවා සංගීත දාට. අපි කළේ ප්ලාස්ටර් එකක් අලවලා එන එක. එහෙමත් නැත්තං මල් පෝච්චි මාරු කරන එක . එව්වා මහ කැත වැඩ කියල හිතෙන්නේ දැන් තමා.
    ඒ වගේම තමා ඇඹුල ගැන ලියලා තියන විදියට තාමත් ඒ සුවද දැනෙනවා

    ReplyDelete
    Replies
    1. බෝතලේ මහ පන්සලෙත් ඔය වෙල්යායේත් මගේ අතීත මතක සටහන් රාශියක් රැඳිල තියනව නලින්.මතකද මැද ඇළෙන් එගොඩ වෙන්න දාල තියෙන ගල් ඒදන්ඩ.

      Delete
  22. පිදුරු ගොඩේ නැටිල්ලෙ රඟේ තියෙන්නෙ ඊට පස්සෙ ඇඟපත හෝදන්න ගියාම... හම්‌මෝ.... කොහොමත් වතුර සීතලයි, කම්මැලියි, අරකයි මේකයි කිය කිය නාන්න හොර එකා වෙච්ච මට කොහොමද කියලා හිතන්නකෝ... හි හි... ඒ උනාට ඊළඟ දවසෙත් යනවා ඉතිං පිදුරු ගොඩේ දඟලන්න... මායි අපේ මලයයි අපෙ බලු රාළයි.... වෙලට බහින්න, ගම වටේ රස්තියාදුවෙ යන්න අපි දෙන්නගෙ ෆ්‍රි කාඩ් එක බල්ල තමයි.. ෂේප් එකේ ඌව ලෙහනව... ඊට පස්සෙ උෟව හොයන්න යනවා කියලා අපි දෙන්න ගෙදරින් එළියට පනිනව... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කොහොම වෙතත් දැන් නං නාන්න කම්මැලිකම පොකට් එකට හොඳයි නේද හිරූ

      Delete
  23. "කුඩාකාලයේ අපි විඳි සුවඳක් හෝ ගඳක් පසුකාලීනව වෙනත් කොහෙන් හෝ ආඝ්‍රාණය කරනකොට පැරණි මතකයන් අවදි වෙනවා"

    පොත්වල සුවඳත් ඒ වගේ මතක තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රා ඇයි අලුත් පත්තරවල සුවඳ එයත් එසේමැයි,

      Delete
  24. ඉබුල් කිරිබත්! නොදොකින් විතරක් බොලාට බැරිද බන් පොස්ට් එකක් ලියන කොටවත් මේ වගේ ලේසියෙන් කන්න හම්බවෙන්නේ නැති කෑම වල නම් නොදා ලියන්න ..... දැන් ඉතින් දවස් ගානක් යනකම් ඉබුල් කිරිබත් මතක් කර කර කෙල ගිලින්න එපැයි........
    දැන් අලුත් බ්ලොග් ට්‍රෙන්ඩ් එක පොස්ට්වල නයි අරින එකද ආ ???

    ReplyDelete
    Replies
    1. ඔන්න රාළයට හොඳ වැඩක් කරන්න ඉඹුල් කිරිබත් පින්තූරෙකුත් දැම්ම,ගිහිං බලපන්.
      මේ දවස්වල බ්ලොග් ට්‍රෙන්ඩ් එක නයි තමා

      Delete
  25. ඔය අසුවෙ වැඩවර්ජනය වෙලාවෙ ඔකට සෙට්වෙච්ච බර ගානක් සර්පයො කාල තිබිල සර්පවෙද මහත්තුරුන්ගෙන් මැඩිකොල් ගෙනාවලු නෙද?

    ReplyDelete
    Replies
    1. මොනවද මේ කියන්නෙ දමිත් ඒ කාලෙ රටේ හිටපු සර්පයෝ ඔක්කොම එකතු වෙලා ඉස්ටයික් කාරයන්ට දෂ්ට කොලා නොවැ

      Delete
  26. අදත් කෑම සුවද දැනි දැනී කියෙව්වෙ හැලප.
    කලවම් පලා,ගොටුකොල,වැල් මුකුණුවැන්න,කොහිල පවා වත්තෙන් කපු ඒවා තමයි කෑවෙ පොඩි කාලේ.
    දිනපතා මැල්ලුම සීයාගේ කාලේ ඉදලම දවල් බතට අනිවා.
    ගොයම් කපන කාලෙට රජ මගුල්.ඔය පිදුරු ගොඩේ නටල හවසට ඇග හෝදවල බේබි පවුඩර් ගානවා ඇග පුරා.
    මම ආසම සුවදත් එක්ක පන් පෙට්ටිවල ගේන ඇඹුලයි,පෝයට සිල් ගත්තම දවල්ට එක එක ගෙවල් වලින් ගේන දානේ කන්නයි.
    මතකයන් අවදි කිරීම ගැන ඔබට තුති හැලප....!

    ReplyDelete
    Replies
    1. කෙන්ජිගේ කමෙන්ටුව දැක්කම තව තව කෑමවල රස මතක අවදිවුනා,මට පේන්නෙ මේ කතාවෙම දෙවෙනි කොටසකුත් ලියන්න වෙයි වගේ

      Delete
  27. ඉඹුල් කිරිබත් මතක් වෙනකොට තාම කටට කෙල උනනවා...ඇයි පුවක් කොලේ ඔතපු බත්..තෙල් දාපු පරිප්පුවයි, හින්දපු හාල්මැස්සොයි කිරිකොසුයි එක්ක!

    ReplyDelete
    Replies
    1. ඉඹුල් කිරි බත හදනනේ කොළපොතේ පට්ට් ඔතලා අඹරලා තමා.

      Delete
    2. අප්පට සිරි මාර මෙනු එකක් කැන්ඩියන් කියන්නෙ,කියවන කොටත් කට දිව තෙත් වෙනවා

      Delete
    3. @නලින්
      ලොකු අම්ම උදේ වැටුණු කොළපොතක් අහුලන් ඇවිත් පොත්ත ඇරල ගානට කපල හදා ගන්නව.පොල්තෙල් ටිකක් ගාල කිරිබත් ටිකක් අතුරලා ඒ උඩින් පනිපොල් තියල තව කිරිබත් ටිකක් ඒ උඩින් තියල කොලපොත දෙපැත්තට අඹරෝනවා,කොලපොත දිගැරියම ලස්සන ඉඹුල් ගෙඩියක් දෙපැත්තෙ පොඩි නැටි දෙකකුත් එක්ක,ඒ නැටි දෙකට මම හරි ආසයි.

      Delete
  28. මේ වැස්ස වෙලාවේ බඩගිනි හැදෙව්වා නේ ඉඹුල් ගැන මතක් කරලා!!!

    ReplyDelete
    Replies
    1. නාඩියගේ ජාත්‍යන්තර කැන්ටිමේ ඉඹුල් කිරිබත් නැතුවයැ

      Delete
  29. රෑ තිස්සෙ පින්නට තෙත් වෙච්ච පිදුරුවලින් එන සුවඳ..මාව ගෙනියන්නෙ ගොවි අතීතෙකට...අපි පහුගිය සෙනසුරාදත් නයි පැටියෙක් අල්ලුවා..අනේ ඌ අල්ලන්න දීපු සටනක්..පස්සෙ කලේකට ගිහින් දැම්මා..

    ReplyDelete
    Replies
    1. වැහි දෙක තුනකට පස්සෙ පිදුරු දිරන්න ගත්තම එක යායට පිදුරු හතු ගොන්නක් හැදෙන්නෙ පාවඩයක් දාල වගෙයි වෙනී.
      මේ අර ඇල්ලුවෙ නං ඇත්ත නයි පැටියෙක් නේද.

      Delete
    2. වෙනී අයිය අරින නයිංගෙ හැටියට ඕක ගණං ගන්න දෙයක් නෙමෙයි.

      Delete
  30. මේ ළඟදි අපේ රනිල් ලොක්කගේ ඔෆීස් කාමරේටත් මාපිලෙක්ද මොකෙක්ද ගෙනත් දාලා තිබුනා. මා පිලා නම් ආවේ මහින්ද මහත්තයා බලේට ආපු ගමන්ම වගේ. ඉස්සර වගේ කන්න හම්බ වෙන්නේ නෑ කියලා දැන ගත්තම මෙහෙට පැන්නා. ඩලසත් එක හේතුවක් උනා. මොකෝ මහින්ද අයියගෙ බොක්කක්නේ ඩලසා. හැබයි ඉතින් මාපිල්ලු තියා ඇනකොන්ඩලා දැම්මත් රනිල්ට ගේම දෙනවා බොරු. මම හිතන්නේ රනිල්ටත්, හැලපෙට වගේ දියබරියා කෙලලා ඇති. නයි කනවා කියලා හැලපෙත් පත නයි අරින්නේ. නයි කන්නේ නෑ. ද්ස්ට කොරනවා. ඒ ඇර නය්යි හාමිලා කොහොමත් කන්නේ නෑ. ගිලිනවා.

    අර නෙළුම් කොලේ බත් දුන්නේ. ඒ කාළේ කෙහෙල් ගහකට උනත් අත තියන්න අකමැති නිසා වෙන්න ඇති. පස්සෙ කාලෙක ඉලාස්ටික් පිඟන් වලට ගෙනත් බෙදුවා. කොහොම හරි ගෙවිලියෝ ඇඹුල අරන් එන වැඩේ නැවතෙන්න ඇත්තේ. වේස කොල්ලෝ ටිකිරි මැනිකෙලාට මගදි හදි කොරන්න පටන් ගත්ත නිසා වෙන්න ඇති. මේක රේප් පාරාදීසයක්නේ. දැන් නම් ඉටි කොලේ ඔතපු බත් මුලක් එනවා. මම ජීවීතේට ආස නැති දෙයක්. මම නම් කරන්නේ කාගේ හරි සයිකල් කට්ටක් ඉල්ලගෙන ගෙදර ගිහින් කාළා එනවා. සමහර උන් නම් ඇඹුල ගන්න කලින් පට්ට දවාලේ නැටුම් තෙල් ටිකකුත් ගහගන්නවා. ඇඟ පතට අමාරුයි කියලා. අනේ කාලේ වනවාසල කිව්වලු ලොක්කා.

    ReplyDelete
    Replies
    1. අපේ ඕන තරම් පොල් රා තිබුන නිසා බෝතල් 10 ක් 12 ක් දාන්න පුළුවන් ලනුවෙන් එල්ලන් යන ගස්මුට්ටි දෙකක් විතර යවනවා 10 විතර වෙද්දී.
      හවසට කට්ටියට ඇති පදම් රා වලින් පෙරාපු සුදුව.

      Delete
    2. අප්පොච්චියේ මාතලන්ට රනිලුයි මහින්ද මහත්තයයි නැතුව වචන හතරක් ලියාගන්න බැරි හැටි,ඔයා නං දෙක කියෙව්වෙ නැත්නං නින්ද යන්නෙත් නැතුව ඇති.ඉතුරු හරියට මම මොකුත් කියන්නෙ නෑ ඒ දේශපාලනේනෙ.
      අපේ ගමේ නං කමත්වලට ප්ලාස්ටික් පිඟන් ගෙනිච්චේ නෑ කෙහෙල් කොළ හරි කොළපත්වල හරි තමයි කෑම බෙදුවේ.ගෙවිලියෝ පෝලිමට ඇඹුල ඔලුවෙ තියාගෙන පස්ස නටව නටවා කුඹුරට ආවෙ චිත්‍රපටිවලයි ජේ ආර් ගෙ වප් මගුලෙයි විතරයි.නැත්නං අපේ අම්ම කියනව ''ගනිල්ල පුතේ ඔය හොදි මුට්ටියයි කෙහෙල් කොළ ටිකයි,තාත්තල මෙලහට බඩගින්නෙ ඇති අපි ඉක්මනට යන්"
      කියල පන් වලින් වියල කෙහෙල් කොළ අතුරපු බත් පෙට්ටිය ඔලුවට අරං අපිත් එක්ක අඩිය ඉක්මන් කරල හනි හනික කුඹුරට ගියා.
      ඉටි කොළේ ඔතපු බත් අපි කුඹුරට ගේන්න දෙන්නෙත් නෑ,නැටුම් තෙල් නං ඉතිං කෑමට පෙරා හොරෙන් හොරෙන් පාවිච්චි වුනා.මොකටද බොරු කියන්නෙ.

      Delete
  31. /////.රෑටත් ලා පැනිරසට හදන ගස්ලබු මැල්ලුමට කීරමින් කරෝල හොදි බොරේ යහමින් දාගෙන හිර කරල කොත ගහපු බත් පිඟානක් කාල දාන එක ගමේ කෙනෙකුට මහ වැඩක් නෙවෙයි...///////

    හැලපේ......ඔය ගස්ලබු මැල්ලුම තරම් ප්‍රිය කෑමක් මට තවත් නැහැ... මට අපේ හංවැල්ල මතක් වුනා...මේක කියවනකොට. මචෝ අපි උස මහත් වෙලා ලොකු රස්සාවල් කරන කාලේ කීරමින් වෙනුවට මස් හෙනල්ලා දෙනවා අම්මාට ...එයා ඕක කළුපාටට හදනවා....ගස්ලබු මැල්ලුමයි මසුයි බතුයි..පිස්සු ඩබල් වෙනවා බං මතක් වෙනකොට. උඹ තරම් රසට කෑම වරුනාව ලියන්න කෑම උයපු මටත් බැහැ.

    මට ගමට යන්න ගමට යන්න
    කුරුළු පිහාටුවක් එවන්න
    පොඩි මල්ලි අතේ
    අනේ අම්මේ
    කුරුළු පිහාටුවක් එවන්න.....

    අමරසිරි පීරිස්/ කේමදාස මාස්ටර්/
    ලිව්වේ සමන් අතාවුදහෙට්ටිද? දන්න කෙනෙක් කියන්න

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රියතම ගීයක්.. රජ්ජුරවන්ගේ ඉස්කෝලේ එකෙක් ලියපු නිසාද දන්නේ නෑ මෙච්චර රහ... :)

      Delete
    2. රත්න ශ්‍රී විජේසිංහ

      Delete
    3. අම්මප මචං ගස්ලබු මැල්ලුම මගෙත් පලවෙනි කෑමක්,මම උඹගෙ කමෙන්ටුව කියෙව්වෙ කඳුළු අතරින්, මතක් වෙද්දි ඔක්කොම දාල ගමේ යන්න හිතෙනව,ගියත් වැඩක් නෑ බං අද ඒ අය කවුරුත් නෑනෙ, හිතට හරිම හිස්කමක් දැනෙනව මචං ඇයි ඒ.
      බලපු වෙලේම අමරසිරි පීරිස්ගෙ සිංදුව දාගෙන ඇහුව දුක දෝර ගලා ගියා බං.

      Delete
    4. @මාතා @ තිසර........රත්න ශ්‍රී බව දැන ගත්තා...බොහෝම ස්තූතියි!!!!!!!!!!

      Delete
  32. // කොළ මඩවන මීම්මු පස්සෙ ටිකක් වෙලා දුවල හැති වැටුනම පිදුරු කන්දෙ පිනුං ගහනව... ඇඹුල ගෙනත් ලොකු අයට බෙදල පස්සෙ අපටත් කතාකරනව...//කොච්චර සුන්දර මතකයක්ද...අපිට කුඹුරුත් එක්ක සම්බන්ධයක් තිබුණෙම නෑ පුංචි කාලේ වත් අදවත්...ඒ ගැන හුඟාක් දුක හිතෙනවා මේ වගේ පෝස්ටු කියවද්දි...අපිව හිතින් හරි ඒ වගේ තැන්වලට අරගෙන යන එකට ඔබ තුමාට පින්..

    මේ කියන කෑම ජාති ඔක්කොම කටට කෙළ උනවනවා,,... හරිම රස කෑම වේල් ටිකක්...කැරන් කොකු කියන්නේ බරු කොකුවලට වෙන්න ඇති...හරිම රසවත් කෑමක්...අපේ ගමෙන් ටිකක් උඩහට වෙන්න කැලේ තියනවා බරු කොකු...

    //.එතකොට කොස්දෙල් කියල ජාතියක් තිබුණා //

    අපි කියන්නෙ දෙල් කොස් කියලා...විස්වාස කරයිද මංදා මම දැනුත් දෙල් කොස් ඇට තම්බලා උණුවෙන් පොතු ඇර ඇර කන ගමන් මේ බැලුවේ ;)

    ReplyDelete
    Replies
    1. කොළ මඩවන එකවත් කුඹුරු වැඩ ගැනවත් අත්දැකීමක් නැති රෙහානි ගැන මට දුක හිතුනත් දෙල්කොස්/කොස්දෙල් ගැන දන්නව කිව්වහම සතුටක් ඇතිවුණා.
      බරු කොකු කියන්නෙත් බොහෝදුරට කැරන් කොකු වලට වෙන්න පුළුවනි.තෙල් දාල ගත්තම බොහොම රසයි.

      Delete
  33. මේක කියවපුවාම හිතත් පිරෙනවා බඩත් පිරෙනවා . සමහර සුවඳවලට පරණ මතක ඇවිස්සෙනවා තමයි . ඒත් බයස්කෝප් එකක් වගේ රස අතීතේ ආපහු එක පෙළට දිග ඇරෙන්නේ මේ වගේ රහට ලිව්වාම විතරයි.

    ReplyDelete
    Replies
    1. තිලකෙ,මමහිතන හැටියට මේ හුදෙක් මගෙ විතරක් නොව අපි බොහෝ දෙනෙකුගෙ අතීතය,අපි ඒ අතීතයට අතින් අල්ලල බදාගන්න තරං මනාපයි.මේ ගොඩක් දෙනාගෙ කමෙන්ට් වලින් මට තේරුණු ඒකම දේ මට වගේම අතීතකාමයක් අපි කාටත් තියෙනව කියන ඒකයි.

      Delete
  34. කුඹුරට ගෙනාපු ඇඹුල කන්න නම් අවස්ථාවක් ලැබිලා නෑ.

    පැණි පොල් මැදට දාපු ඉඹුල් කිරිබත් මමත් ආසම කෑමක් ...

    දියබරි, ගැරඬි එහෙම කාපු අයව වෙන සර්පයෝ කන්නෙ නෑ කියන කථාව අපේ සීයත් ඉස්සර කියනවා මට මතකයි..

    හැමදාම වගේ අදත් හරිම සුන්දර මතකයන් ගොඩක් ....

    ReplyDelete
    Replies
    1. හැකියාවක් තියේනං ඇඹුල කන්න අවස්තාවක් හොයාගන්න.මෙවැනි සුන්දර මතකයන් රාශියක් තියෙනව හැකි විදියට ලියන්නං.

      Delete
  35. පුංචි කාලේ එකම එක පාරක් කුඹුරක් අස්වද්දනවා,කොල මඩිනවා දැකලා තියෙනවා.ආණමඩුවේ වෙල් වගයක් තියනවා අපේ මාමණ්ඩිගේ දැන් නම් මිනිස්සු අදේට ගොවිතැන් කරනවා. ඇඹුලේ නම් මාරම රසක් තමා තියෙන්නේ කියද්දිත් කටට කෙල උනනවා.පෝස්ට් එකේ සුවදට මන් ගමේ වෙලවල් වල කරක් ගහලා ආවා........

    ReplyDelete
    Replies
    1. ශානුට දැන් මේ දේවල් මතකයක්ම පමණයි නේද,ඔබව ගමට ගෙනයන්න හැකිවුණු එක ගැන සතුටුයි.

      Delete
  36. මටනම් බෝතලේ ගිහින් කුඹුරු වැඩ කරන්න චෑන්ස් එකක් නොලැබුන තරම්.. එකම එක දවසක් ගොයම් කපන්න ගින් දෑ කැත්තට ඇගිල්ලක කපාගෙන උඩට ආවා. එදා එදායින් කුඹුරු වැඩ වානා. තාම තියනවා ඒ පැල්ලම ඇඟිල්ලෙ.

    ගෙවල් වල බෙල් ගහන එකනම් අපිත් කරලා තියනවා. ''

    මේ බෙල් කතාවක්. සමහර විට දන්නවත් ඇති. දවසක් පොරක් පාරෙ යනකොට පොඩි ළමයෙක් ඒ ළඟ ගෙදරක බෙල්ල් එක ගහන්න උඩ පැන පැන දගලනවලු. අනේ පවුනෙ කියලා මේ යකා ගිහින් බෙල්ල එක ගහලා දුන්නලු.

    " අන්කල් අන්කල් අපි දැන් දුවමු. මේ ගෙදර මනුස්සයා ආවොත් දැන් විනාසයි කියලා පොඩි එකා පණ කඩාගෙන දුවන්න ගත්තලු.

    මාවත් තාම සර්පයෙක්, බල්ල්ලෙක් එහෙම කාලනම් නෑ. හැබයි දවසක් පූසෙක්නම් ගෙටම ඇවිත් හපලා ගියා ඉන්ජෙක්ශන් ගහන්න.

    ReplyDelete
    Replies
    1. මම නං කුඹුරු වැඩ ඔක්කොම පුරුදු පුහුණු වුණේ බෝතලෙන් තමයි සෙන්නා,
      පූසො කෑවත් පිස්සු බලු විෂ සමහරවිට එන්න පුළුවනි.ඉන්ජෙක්ෂන් ගහන්නම වෙනවා.

      Delete
  37. අපිට ඉතින් කොහෙන්ද අයියේ මෙහෙම අත්දැකීම්.. ලිපියකින් තමයි ඉතින් කියවන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. තරුණ ළමයින්ට මෙවැනි අත්දැකීම් ලැබෙනවා දැන් හරිම අඩුයි දිනේෂ්,ඔබලා මෙවැනිදේ අගය කිරීම ගැන හරිම සතුටුයි.
      ඔබේ පළමු පැමිණීම(කමෙන්ටුව)මම හිතන්නෙ,මගේ බ්ලොගයට ඔබව සාදරයෙන් පිලිගන්නවා.

      Delete
  38. ඔය පිදුරු වලින් ඇග කසන අත්දැකීම නම් මමත් පුංචිම කාලෙ විදලා තියෙනවා...ඇගට වතුර ටිකක් වැටුනාම තමයි ඒ සොමිය ඉස්මතු වෙන්නෙ. හැලපයියා දැන් ලියන ලිපි වල පහුගිය කාලෙ තිබුනෙ නැති අලුත් රසයක් තියෙනවා. ඒ ගතියට මම මනාපයි...අපේ කිරි අම්මටත් වතාවක් ගැරඩියෙක් කෑවා...පොල්කටු ගෝනියක් අවුස්සන්න ගිහිල්ලා....ඉඹුල් කිරිබත් නම් කාපු කාලයක් මතක නෑ ගොයියො...

    ReplyDelete
    Replies
    1. අලුත් රසයක් පෙනෙන්නෙ හදිසියෙ ලියපු ලිපියක් නිසා වෙන්න ඇති සිරෝ,අගයකිරීමට ස්තූතියි.
      ඉඹුල් කිරිබත් හදන එක මහ වැඩක් නෙවෙයි බං,ලංකාවෙදි මුණගැහුණු වෙලාවක හදෝගෙන කමු.

      Delete
    2. ආ එහෙම හොදයි...කිතුල් රා සුට්ටකුත් ඕනෙ...

      Delete
  39. හරිම බඩගිනියි අනේ.... ගොඩාක් රසවත්.... :)

    ReplyDelete
    Replies
    1. ආ එහෙමද, ඉන්නකො කෑම ටිකක් ඔයාටත් දෙන්න

      Delete
  40. අපේ ගමෙත් ඉන්නව සර්ප වෙද මහත්තයෙක්.කියල වැඩක් නැහැ සුපිරි වැඩ කාරයෙක්..ගොයම් කපුවා දවසට අපිත් කරන්නෙ පිදුරු ගොඩේ පිස්සු නටන එක තමයි.එකෙක්ව පිදුරු වලින් වහල ඌට හිතේ හැටියට තලනව..ඒවගේ දේවල් දැන් පොඩි එවුන් කරනව දැකල තියා අහලවත් නැහැ..කාලය මැව් වෙනස අරුමේ.

    ReplyDelete
    Replies
    1. දැන් පිදුරු ගොඩවල්වත් නෑ ඔක්කොම් පිදුරු ටික කුඹුරෙම හලල එන නිසා.

      Delete
  41. / කුඹුරට ඇඹුල ගෙනාපුවම ඒ කුඹුරෙ වැඩකරන අය විතරක් තනියම ඇඹුල කන්නෙ නෑ...අහල පහළ කුඹුරුවල වැඩ කරමින් ඉන්න ගොවියො ඔක්කොටොමත් කතා කරනව… /

    ඉතිං බං ඔය විදිහට වැඩක් කොරන්ට කෝ වෙලාවක්?....:)

    ඔන්න මේ කුඹුරට ඇඹුල ගෙනාහම අහල පහල කුඹුරුවල වැඩ කරන ඔක්කොමලට එන්ට කියල කන්ට දෙනව. ඒ කුඹුරුවලටත් ආය ඇඹුල නොගෙනාවිය? එව්වට ගෙනාහම ආයම හැමෝටම කතා කරනව. එතනත් ගිහිල්ල කනව. ඊට අල්ලපු කුඹුරටත් එහෙමයි...හෙහ්, හෙහ්,

    උඩරට කියන්නෙ මුත්තෙට්ටුව...

    ReplyDelete
  42. ඒකත් හැබෑව,නෑ බං තමන්ට ගෙදරින් කන්න නොගෙනේවිය කියල දන්න අය තමා ඇවිත් කන්නෙ බොන්නෙ,අනික් අය,
    හා හා කමු කමු මම නැතුවට කමක් නෑ මටත් දැන් ගෙදරින් අරං ඒවි.
    ඔන්න ඔය වගේ කියල නිකං ඉන්නව.

    ReplyDelete
  43. @ හැලපේ.....මේ ගීතය වරක් අමරසිරි එක වැඩසටහනක විග්‍රහ කරනවා ඇයි සංගීතය සහ එහි කාර්මික තත්වය මෙ තරම් ඉක්මන් සහ ප්‍රතිවාදනයන් ගීතයට එකතු කලේ කියලා.....මේ තරුණයා ගමට යා ගන්න තියෙන හදිස්සිය මතු කරන්න මාස්ටර්ට සංගීතය තුලින් මතු කරන්න උවමනාවක් තිබුනාලු.....එදේ නිහඬව අහන විට ..තේරුම් ගන්න මට පුළුවන් වුනා.

    මචෝ...ඒ හදිසිය මටත් තියෙනවා....අපි වගකීම් සහ නිදහස කියන උදෘතයන් දෙකේ නිහඬ සිරකරුවන් නිසා , කඳුළු වලින් සෑහීමකට පත්වෙන්න සිද්ධවෙලා....

    දවසක හමුවෙමු
    හමුවී හිනැහෙමුමු
    හිනැහී වැලපෙමු
    අපි ආයේ.....

    තිසර....කවුද ලිව්වේ? කවුද මියුසික් කරේ..?

    ReplyDelete
  44. අයියෙ මරු පොටෝව..පෝස්ට් එකත් හරි..පොටෝවත් හරි.

    ReplyDelete
    Replies
    1. මම හිතුව වීය පොටෝවෙ වෙනසක් දකීවි කියල,දැන් මෙවැනි දේ බලන්න ලැබෙන්නෙ පින්තූර වලින් විතරයි.

      Delete
  45. ඔය බෙල් සීන් එක කාලෙන් කාලෙට අලුත් වෙලා අන්තිමේ ගෙදර තාප්පෙන් එහා පැත්තේ ගේට්ටු කණුවේ ගහන්න පටන් ගත්තනේ. අර ලයිට් එකකුත් පත්හු වෙන ස්විච් එකකුත් එක්කම. අපිත් කාලයක් ඔහොම එකකට වද දුන්නා. දවසක් ගෙදර අයිතිකාරයා බේරෙන්න බැරුව රෑ බෝඩ් එකක් ගහලා ස්විච් එකෙන් කරන්ට් ලීක් වෙනවා. අල්ලන්න එපා කරන්ට් වදිනව කියල. කවුදෝ එකෙක් යටින් ලියල කෝට්ටෙන් ස්විච් එක ඔබන්න කියල ලියල පොඩි කෝටු කෑල්ලකුත් තියලා ගිහිං. අන්තිමේ ස්විච් එක ගලවල දැම්ම

    ReplyDelete
    Replies
    1. ඔය බෙල් වගේ දේවල් එලි පහලියෙ හයි කරද්දී පොඩ්ඩක් හිතන්න ඕනෑනේ උකුස්සො මෙවැනි දෙයක් වේවි කියල,මොකද කොල්ලොත් ඔය වගේ දේවල් හොයා හොයානෙ ඉන්නෙ ෆන් එක ගන්න.

      Delete
  46. හැලපෙ අයිය කියන්න වගේ කුඹුරට බැහැල ගොයම් කයියකට සේට් වෙලා...ඇඹුල කන එකේ ආතල් එක දන්නෙ එහෙම කරපු උන්ම තමා...මම කොට එකා එක පාරක් පෝරැ ගාන්න බැස්ස ඉන ගාවටම එරැණ ඒත් ආසාවට කොහොම හරි ලියැද්දම පෝරැ ගෑව...අවුරැද්දකට විතර කලින් යාලුවෙකුගෙ ගොයම් කැපිල්ලකට අහුවුනා...පස්සෙ අපිට අලුත් හාල් බත් වලින්ම කෑමක් දුන්න උදව් කලාට...අලුත් හාල් බත් වල රහ ඉතින් මම හැලපෙ අයියට කියන්න ඕනෙ නෑනෙ..

    ReplyDelete
  47. අපි වගේ නෙවෙයි ජෙමෝ කුඹුරු වැඩ ගැන අත්දැකීම් නැති ගොඩක් දෙනා මේ කතාව රසවින්ද නිසා තවත් විස්තර ටිකක් ඉදිරියේදී ලියන්න හිතාගෙන ඉන්නව.
    ඔය උඹ කිව්වා වගේ වැපිරිල්ලකදී මමත් එරුනනෙ,කොහොම හරි වෙලට ලෑලි දාල ඒ උඩ නැගල තමයි වපුරගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඩෝසර් කුඹුරුවලට දැම්මම එරෙනවා තමා.. :D

      Delete
  48. ඇඹුල ගැන කියද්දි කටට කෙළත් ඉනුවා....හිත ඒ කාලෙට ගියත් එක්ක

    ReplyDelete
    Replies
    1. ඒ අත්දැකීම් ඇත්නං කට දිව තෙත් වන එක ස්වාභාවිකයි,මේ ඔබේ පළමු පැමිණීම මම හිතන්නෙ මගේ බ්ලොගයට සාදරයෙන් පිළිගන්නව.

      Delete
  49. මට නම් මොන හේතුවක් නිසා හෝ කුඹුරු ගැන අත්දැකීම් නෑ. ඒකට හේතුව අපිට කුඹුරු ඉඩම් අඟලකවත් හිමිකමක් නැතිවීම වෙන්නැති.

    කොහොම හරි මේ කෑම විස්තරේ ඇහුවාම මට හෙටම්,අ හිඟුරල කිරිකොස් හොයාගෙන හිහින් හරි කන්න හිතුනා.
    උඹ ලියලා තියෙන කෑම ජාති වෙනත් ඒවා වුනත් මට ආසා හිතුනේ ඕවට.

    ReplyDelete
    Replies
    1. උඹ ඔය කෑම ගැන කියල මාවත් හොල්මන් කරනව බං,කිසි ප්‍රශ්නයක් නැතුව හොයල කන්නත් දැන් පුලුවන්නෙ.
      හිඟුරල දරුපල ප්‍රමාදවෙන කාන්තාවන්ගෙ බඩ සීතල කරන්න උයල දෙනව කියල උඹ අහල තියනවද.මමත් හිඟුරල මාළුවට උයල කන්න හරිම මනාපයි හැබැයි අල සුද්ද කරන්න ගියාම අත කසනව ඉන්න බැරුව.

      Delete
  50. කුඹුරු කෙරුවාවවයි... ඇඹුල තෑමයි.. ඔය අනිත් අඩු වැඩියයි ටික අඩුවක් නැතිව කොරන්න හම්බ උන අවසාන පරම්පරාවට මං හිතන්නේ අපි අහු වෙන්නේ.. ඒ හින්දා ඒ ගැන හොඳට දන්නවා වගේම බොහෝම මිහිරි මතකයක් තාමත් හිතේ තියෙනවා... මං හිතන්නේ මං කීප විඩයක්ම ඔය කතා බ්ලොග් එකේ ලියලත් තියේ... කොහොම උනත් පහුගිය කාලේ අපේ පැතිවලත් කුඹුරු කෙරුවාව අඩු වෙමින් පැවතුනාට දැන් දැන් ආයෙම පුරන් කොටලා වගා කෙරෙනවා... හැබැයි ඉස්සර තිබුන කුඹුරු සංස්කෘතිය දැන් දකින්න අමාරුයි... ඒවා කාලෙත් එක්ක වෙනස් වෙනවා.. මී හරක් දාලා මැඩුවන් මඩින වැඩ දැන් නැහැ ආසාවකටවත් දකින්න.. ඇග්රිමෙක් වලින් පටන් ගත්තම “සුනාමි“ වලින්.. “භූතයින්“ ගෙන් වැඩේ අවසන් වෙන්නේ... ඇඹුල තියා මල බතවත් දැන් ඉස්සර වගේ නැහැ නෙව...

    ReplyDelete
  51. මාරේ මගේ හිතේ දුක තියෙන්නෙ ලාංකීය කුඹුරු සංස්කෘතියෙ ඉතාම වැදගත් අංගයක් වන කමත මෙන්න මේ සුනාමි සහ භූතයන්ට අසුවී නැතිවී යාමයි.කමත මුල් කරගෙන සිංහල සංස්කෘතිය මොන තරම් පෝෂණය වී ඇද්ද නමුත් දැන් කමත යනු නමක් පමණයි.

    ReplyDelete
  52. https://www.facebook.com/photo.php?fbid=797971306896295&set=a.101597996533633.3746.100000503006835&type=1&theater

    ReplyDelete

ඔබේ අදහස්