Sunday, November 10, 2013

101.මල් කළඹක්



අද නොවැම්බර් 11 වෙනිදා ඒ කියන්නෙ 11.11 විශේෂ දවසක් ,යුරෝපෙ නං නොවැම්බර් 11 ප්‍රසිද්ධ නිවාඩු දිනයක්...මම ඉස් ඉස්සෙල්ලම යුරෝපෙ රටකට ගියෙ නොවැම්බර් 10 වෙනිදාවක හවස, සීත කාලෙනෙ රෑ නිදාගෙන ඉඳල නැගිටින්න ගියාම එපාවුණත් වැඩට යන්න තියන නිසා කම්මැලි කමෙන්ම පහුවදා උදේ නැගිට්ටා...කිට මරාගෙන එහෙම යාලුව එනකං ඉද්දි මෙන්න පුල් කැෂුවල් ගහගෙන උදේට කන්නත් අරගෙන යාලුව ආවා...

ආ...මට ඊයෙ කියන්න අමතක වුණා අද නිවාඩුනෙ ...

අපරාදෙ ඊයෙ කිව්වනං අපි තව ටිකක් නිදාගන්නවනෙ...මට එහෙම හිතුනට කිව්වෙ නෑ...

මේ නිවාඩුව මොකක්ද කියල මම පස්සෙ හොයල බැලුවා...බැලින්නං යුද්දෙ සමාදාන වෙච්චි නිවාඩුව,  යුද්දෙ කිව්වෙ පළවෙනි ලෝක මහා සංග්‍රාමය, සමාදාන වෙලා තියෙන්නෙ 1918 නොවැම්බර් 11 වෙනිදා උදේ 11.11 ට.කතාව ඔන්න ඕකයි.

ලෝක යුද්ද සමාදාන වුනත් බ්ලොග් අවකාසෙ ඇතිවෙන යුද්ද කවද සමාදාන වේවිද කියල හිතාගන්න අමාරුයි...ඒ යුද්ද නං කිසි වැඩකට ඇති යුද්දත් නෙවෙයි යුද්දෙන් දිනුවය කියල ලැබෙන දේකුත් නෑනෙ...

මෙහෙම කියමුකො, අපි කවුරුත් බ්ලොග් ලියන්නෙ අතින් වියදම් කරගෙනනෙ...මොකද බ්ලොග් ලිව්වය කියල සතපහකවත් ආදායමක් ලැබෙන එකක්යැ...අපි කවුරු කවුරුත් තම තමන්ගෙ ආත්ම තෘප්තියට,හිත නිදහස් කරගන්න,යමක් අනික් අයට කියල දෙන්න  ආදී වශයෙන් විවිධාකාර හේතූන් නිසා බ්ලොග් ලියනව...ඒ වගේම මේ බ්ලොග් අවකාශය තුල විවිධාකාර දැනුමැති උගත් බුද්ධිමත් පිරිසකුත් ඉන්නව ඉතිං මොන තරං අපූරුවට සතුටින් සමාදානෙන් මේ වැඩේ කරගෙන යන්න පුළුවනිද...

දහසක් මල් පිපේවා කියල මාවෝ සේතුං කිව්වනෙ, පිපෙන පිපෙන මල පොඩිකරල හිරගෙවල්වල දැම්ම එක වෙනම කතාවක්, අන්න ඒ වගේ බ්ලොග් අවකාසෙත් දහසක් මල් පිපෙනව නං කොච්චර අපූරුද...

හරියටම කල්පනා කරල බැලුවොත් අපි මේ ගෝරි දාගන්න භාවිත කරන අවකාශය හෙවත් අපි අඩිය ගහගෙන ඉන්න තැනවත් අපේ නොවෙයිනෙ...අනුන් අපට දීල තියෙන තැනක ඉඳන් අපි ලියන්නෙ සහ ගෝරි දාගන්නෙ හරියට කුලී ගෙවල් පේළියක ඉන්න කට්ටිය රණ්ඩු වෙනව වගේනේද කියලත් මට නිකමට වගේ හිතෙනවා ...

අන්න ඒ නිසා පටු පරමාර්ථ වලින් දුරස්වෙලා කාටත් ප්‍රයෝජනවත් කාටත් රසවත් දැනුම දියුණුවෙන හිත ප්‍රීතියට පත්වෙන ආනන්දයෙන් ප්‍රඥාවට අපව ගෙනයන බ්ලොග් කලාවක් බිහිවේවා කියල හැලප කඩේට අවුරුද්දක් පිරෙන අද දවසෙ මම අවංකවම ප්‍රාර්ථනා කරනවා...

2012 නොවැම්බර් 11 වෙනිදා අලුතෙන් හදාගත්ත මගේ බ්ලොගයට පූර්විකාව කියන පෝස්ට් එක දමද්දී මගේ හිතේ මිශ්‍ර හැගීමක් තිබුණා, ඇත්තටම කිව්වොත් මෙවැනි තැනකට ඇතුල්වෙන්න මට හැකිවෙයිද කොයි ආකාරයට මාව පිළිගනීද මම ලියන ඒවට හිනාවෙයිද ආදී වශයෙන් හිතමින් ඊළඟ පෝස්ට් එක ලියන්න දෙසැම්බර් වෙන තුරුම කල්පනා කරමින් හිටියා...දෙසැම්බර්වල කතාවක් ලියල දාපුවම මා බලාපොරොත්තු නොවුණු විදියේ පිළිගැනීමක් බ්ලොග් ලෝකෙන් මට ලැබුනා...

දිරිගැන්වීම් අගය කිරීම් ප්‍රචාරය කිරීම් ආදිය නොඅඩුවම මට ලැබුනා...මුලදී මුලදී හිට්ස් කමෙන්ට්ස් අඩුයි තමයි ඒක කාටත් ස්වාභාවිකයි නොවැ, නමුත් පසුකාලීනව ඒ සියල්ල ඉතා හොඳ මට්ටමකට ළඟාවූ නිසාවෙන් බ්ලොගයට අවුරුද්දක් පිරෙන අද දවස වනවිට ඉතාම අපූරු මිතුරු මිතුරියන් පිරිසක් ඉන්න තෘප්තිමත් බ්ලොග්කරුවෙක් වෙන්න මට හැකියාව ලැබිල තියෙනව...

උදව් කල අය, මුලදී දිරිදුන්න අය නම් වශයෙන් කියන්න හිතුනත් කාරණා දෙකක් නිසා එහෙම නොලියන්න මම තීරණය කළා...එකක් නම් ලැයිස්තුව දිග වීම, එතකොට මට වෙනත් දෙයක් ලියන්න වෙලාවක් නැතුව යනව ,අනික එක නමක් හෝ මග ඇරුණොත් ඒක ආපහු හදාගන්නට බැරි විශාල වරදක් වීම...

එහෙම පුද්ගල නම් තියෙන ලිපියක තමන්ගෙ නමත් ඇතුල්වෙලා තියෙනව දකින්න කවුරුත් කැමතියි ඒ පෘථග්ජන ස්වභාවය, ඉස්සෙල්ලම බලන්නෙ මගෙ නම තියනවද ඒ කොතනද කියලනෙ...පින්තූරයක් ගත්තොත් ඉස්සෙල්ලම බලන්නෙ ඒ පින්තූරෙ තමුන් ඉන්නෙ කොතනද කියල...

අපි ජීවත්වන්නෙ ඉතාම තදබල ආකාරයට මමත්වයෙන් පිරුණු ලෝකයක...ඩේල් කානගී ලියූ How to win friends and influence people කියන පොතේ තියෙන ආකාරයට ලෝකයේ වැඩිපුරම ලියවෙන කතාකරද්දි කියවෙන වචනය ''මම'' කියන වචනයයි.

මෙන්න මේ ''මම'' කියන ආයතනයට පහරක් එල්ලවෙද්දී මදිපුංචිකමක් වෙද්දි අපි ඉතා තදින් කිපෙනවා පළි ගන්නවා, වැඩිදුරටත් කිව්වොත් අනුන්ගෙ අහංකාරකමට පොලු පහර දෙන්න නොපැකිලව ඉදිරිපත්වන අපි තවත් කෙනෙක් අපේ අහංකාරකමට පොඩි කටුවකින් ඇන්නත් ඉතාම දරුණු විදියට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නට පෙළඹෙනවා...

ඒ මනුෂ්‍ය ස්වභාවයයි ලෙඩක් නොවෙයි, බ්ලොග් ලෝකෙටත් ඔය ධර්මතාව ඒ ආකාරයටම පොදුයි...අනිත් අයගේ බ්ලොග් රෝල්වල අපේ බ්ලොගය තියෙනව දකින්න අපි හරි ප්‍රියයි, තිබුනෙ නැත්නං පුංචි කණගාටුවක් ඇතිවෙනව...එහෙම තමයි,මනුෂ්‍යයින්ගේ විවිධවූ ක්‍රියාවන් අර්ථ දක්වන්නට හරිම දුෂ්කරයි...

ඉතිං මෙන්න මේ මමත්වය පිරුණු තැන අනෙකාගේ අහංකාරකමටත් නිසි තැන දෙමින් අපේ ලිවිල්ල ඉතාම සීරුවට කලයුතු වෙන නිසාවෙන්ම අවශ්‍යයෙන්ම කිවයුතු අයගෙ වුනත් නම් නොලියා ඉන්න මම කල්පනා කළා...ඒ ගැන මගේ ඒ හිතවතුන් මට සමාවෙතැයි මා විශ්වාස කරනවා...

ඉතිං වසරක් පිරෙන මේ දවසේ මගේ බ්ලොගය කියවූ,උදව්කළ,කමෙන්ට් කල හා විවිධාකාරයෙන් මට දිරිදුන් ඔබ සියලු දෙනාටම මා හිස නමා මල් කළඹක් දී මගේ අවංක ආදර ස්තූතිය පිළිගන්වනවා...

ඒ වගේම බ්ලොග්කරණයෙදී මට උදව්කළ ලඟින්ම සිටි විවේචකයන් දෙන්න වුනු බිරිඳ සහ පුතා මේ වෙනකොට මාත් එක්ක නැහැ, ඔවුන් දැනට මාස දෙකකට විතර උඩදී ලංකාවට ගියා, ළඟ නැතිවුනත් ඒ දෙන්නටත් මගේ ස්තූතිය පිරිනමනවා...

ඉතිං අවුරුද්දක් පිරුණු කතාව කියන්න ගිහිං ගොඩක් වටේ ගියා මොනව කරන්නද, සියලුම බ්ලොග් හිතවතුන්ට හිතවතියන්ට ජය පතමින් නවතින්නම්.

ප.ලි.අලුත් ඇඳුම නිර්මාණය කරදුන්නේ හිරු ඩිසයින්ස්.බ්ලොගේ නිකම්ම තියෙනව පාලුයි වගේ කියල ඇයම හිතල මේ අලුත් ඇඳුම හදල එව්වා.
හිරුට ගොඩක් ස්තූතියි.


127 comments:

  1. බලපං අවුරුද්දක් යන්න දින කීපයක් තියෙද්දි උබේ රෙදි ගලවලා අලුත් ඒවත් අන්දවලා.. කියන කියන විදිහට අදින්න යන්න එපා හැල-පයියේ !!

    සුභම සුභ වේවා.. !! දිගු කල් රැදේවා.. !!

    ජය !!

    ReplyDelete
    Replies
    1. මට එක වෙන්න අවුරුද්දක් ගියා බං :ඩී

      Delete
    2. ස්තූතියි සෑම්,
      මගේ රෙදි ගැලෙව්වා නේන්නං මේ ගොල්ලො,අවුරුද්දක් ගිහිං හරි නියම වෙලාවට එක උනානේ.

      Delete
  2. සුභ පැතුම් හැලපයියෝ... බ්ලොග් වලි.??. ඒවා කොහේද බං තියේනේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශ්,හැබෑටම ඒවා වලි නෙවෙයිනෙ

      Delete
  3. සුබ පැතුම් හැලප අයියේ...ජයෙන් ජය

    ReplyDelete
  4. දැන් මට හැලපයා ඉස්සල්ලා ඇඳගෙන හිටපු එක මතක නෑනේ. :D

    අවුරුද්දට සුබ පතනවා...තව දිගට මේ වගේ රසම රස හැලප බෙදලා දෙන්ට ධෛර්ය ලැබේවා!!!!

    ඔය කියන වලි දිහා නොබලා හිටපුවාම ඒවා පේන්නේ නැතිලු.:)

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල ඇඳගෙන හිටපු එකෙයි අලුත් එකෙයි එච්චර වෙනසක් නෑ පොඩ්ඩියෙ.
      සුබ පැතුමට ස්තූතියි

      Delete
  5. මමත්වය ගැන කියපු ටික නම් සිරාම සිරා. අවුරුද්දේ සංවත්සරේට අපෙනුත් සුභ පැතුම්

    ReplyDelete
  6. මම නම් මගේම දෙයක් වත් සැලබෙරේට් කොරන්නේ නෑ.. සමහර උන් තමයි බලලා කියන්නේ පෝස්ට් මෙච්චරක් ලියලය, හිට්ස් මෙච්චරක් ඇවිල්ලය කියලා. ඒ වෙලාවට හිත පිනා යන්නේ නෑ කිව්වෝත් ඒක පට්ට බොරුවක්. එහෙනම් මම සෝවන් වෙලා ඉන්න එපාය.

    හැලපෙගේ මම අගය කරන දේ තමයි බොග නිතරම යාවත්කාලින කිරීම, අනික කොමෙන්ට්ස්ට් වලට රිප්ලයි ලබාදීම, පරිනත බව, නිවැරදි භාෂාව හ ලිවීම පිළිබඳ ලබාදන උපදෙස් හා ඒ පිලිබඳ ඇති උනන්දුව. එහෙම බැලුවම, හැපයා කියන්නේ ප්‍රවීන මට්ටමේ බොග දාන එකෙක්. මාධ්‍යකරණයේ ඇති අත්දැකීම ඊට පිටිවහලක්..

    මේ පෝස්ට් එකෙනුත් පෙන්වන්නේ.. හැලපයා තුල ඇති මිනිසත් කම හා ඒ පළපුරුද්ද මිස වෙන කිසිවක් නොවෙයි..

    ඕල් ද බෙස්ට් හැලපේ... සුපැතුම්..

    සුබ අනාගතයක්.......!!!

    ReplyDelete
    Replies
    1. හෑ සුබ අනාගතයක්...? මේ ඔරිජිනල් මාතලන්ද?

      Delete
    2. ගොඩක් ස්තූතියි මාතලන් කමෙන්ට් එකේ ඔක්කොමත් හරි අන්තිමට ලියල තියෙන එකත් හරි,අනේ මන්දා අර ඉවාන් කියනව වගේ මේ ඔබමද

      Delete
    3. ඒක ගන පිහිටවලා කරපු ඉස්තරන් සුභ පැතීමක්... පේනවනේ රඟ...

      Delete
  7. ලෙසටම කියල තියෙනවා පහුගිය දවස් වල විවිධ පුද්ගලයින්ගේ වැඩ අනුව ඔය කියන කුලී ගෙවල් කතාව මටත් හිතිලා තිබුනේ. කිසිම දෙයක් මේලෝකේ නිත්‍ය නැහැ. එහෙව් එකේ මොකට කෙලගන්නවද? කොහොම වුනත් හලපයියේ ඔයාගේ පොස්ට් වලින් 75% විතර කියවල තියෙනවා සමහර වෙලාවට ඉතින් කොමෙන්ට් කෙටෙන්නේ නැහැ ඔය ෆෝන් එකෙන් එහෙම ආවම. නමුත් මම විවිධත්වයක් හොයන බ්ලොග් කලාවේ රසපිරි තැනක් ලෙස මා මේ බ්ලොගය සලකනවා. අනෙක හුඟක් බ්ලොග් කාරයෝ වගේ නෙවෙයි ඔය නිතරම ලියනවා. මම දැන් අවුරුදු එකහමාරටම ලියල තියෙන්නේ 60 යි ඔයා අවුරුද්දට 100ත වැඩිය ලියල නිතරම කියවන්න දෙයක් තියෙන එක මම ආසයි. ඔබවැනි වියත් වැඩිහිටියෙක්ගේ අත්දැකීම් අපිත් එක්ක බෙදාහදා ගන්නවා කියන්නේ එක අතකින් අපේ වාසනාවක් හැලප කඩේ තවත් පොස්ට් 1000ක් පමණ ලියන්න වාසනාව ලැබේවා කියල මම මුළු හදවතින්ම ප්‍රර්ථනා කොරනවා.

    ReplyDelete
    Replies
    1. කෝරළේ මහත්තයට ගොඩක් ස්තූතියි,හැකි විදියට ඉදිරියටත් ලියන්නං

      Delete
  8. යකෝ මේ ගෑල්ලමයි ටික මොකද මේ සීයලාගේ බ්ලොග් මොඩිෆයි කොරලා දෙන්නේ ...? අරෙහෙ කෙන්ජි සීයාගේ බ්ලෝග ඔමායා රෝසපාට කොරලා, මෙන්න හැලප බෝග හිරු රෝසපාට කොරලා....

    හැලපයියේ .....ජය ජය ජයම වේවා. මම ඉතා සිතින් සුබ පතනවා .පොස්ටු සීයට හා අවුරුද්දක් පිරීමට .

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පස්සේ ඔය විදියට සලකයි. :D

      Delete
    2. බොහොම ස්තූතියි ඉවාන්,ඉවාන්ගෙ බ්ලොගෙත් පාට කරවල දෙන්නද

      Delete
    3. ඉවාන් උඹත් ඉක්මනට නාකි වෙයන්.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  9. මම බොහෝ කාලයක් හැලප කඩේ අතරින් පතර කියවූ කෙනෙක්. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි දැනටමත් දීර්ඝ ලෙස ලිපි පළකරන බ්ලොග් ගණනාවකම 'අනුගාමිකයෙක්' නිසාත්, දැනටමත් ඇබ්බැහියක් වී ඇති එම කියවීම එක්තරා දුරකට සීමා කලයුතු බව හැඟුන නිසාත්, දීර්ඝ, කොටස් වශයෙන් කතා ලියවෙන බ්ලොගයක අනුගාමිකයෙක් වෙන්න පොඩි චකිතයක් තිබ්බා.

    මම හිතන්නේ මම හැලපව 'කියෙව්වෙ' ඔබගේ කමෙන්ට්ස් තුලින් කියලා. නිවැරදි ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය සහ වැරදි තොරතුරු නිවැරදි කරන්න ඔබ ගන්නා උත්සාහය නිතරම දැක්කා. මා වරක් 'රොමේෂ් රත්නායක' ලෙස සඳහන් කල විට ඔබ එය 'රුමේෂ් රත්නායක' ලෙස නිවැරදි කරලා තිබුණා. ඉතින් කවදාවත් මට ඒ නම ආයෙත් වැරදෙන එකක් නෑ. තොරතුරු, ව්‍යාකරණ, අක්ෂර වින්‍යාසය ඉතා නිවැරදිව පවත්වාගෙන යාම ගැන බ්ලොග් අවකාශයේ තියෙන්නේ මිශ්‍ර හැඟීමක්. හැබැ‍යි මම නම් ඒ සම්බන්ධ ඔබගේ උත්සාහය ඉතාම ඉහළින් අගය කරනවා.

    ඔබගේ ඉදිරි බ්ලොග් පෝස්ට් වල කමෙන්ට්ස් අතර හමුවෙමු. සුභ පැතුම්!!!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි තිසර,මගේ බොහොමයක් කතා දීර්ඝ වශයෙන් ලියවෙන්නේ නෑ,මේ මෑතක ඉඳල එක කතාව දිග වැඩිවන නිසා කොටස් දෙකක් හෝ තුනක් වශයෙන් පලකරන්න වුනා

      Delete
  10. මමත්වය ගැන හැලපෙ අයිය කියල තියෙන දේවල්නං සහතික ඇත්ත.
    ඔය වලි කියන ඒව ඔය මොලේ කුරුවල් විච්ච එක්කෙනෙක් දෙන්නෙක් ඉඳගෙන කරන දේවල්නෙ. ඒවට වැඩි පැවැත්මක් නෑ.

    හැලප ‍බ්ලොගය අවුරුද්දක් රසවත්ව පවත්වාගෙන ආවාට සුබ පැතුම් ! තව වසර ගණනාවක් ඉදිරියට මෙය පවත්වාගෙන යන්න හැකියාව, ශක්තිය ලැබේවා !

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි ප්‍රසන්න

      Delete
  11. හැලපෙගේ අවුරුද්දේ බබාට... මගෙන් උණුසුම් සුභ පැතුම්...!!!! :)
    ගොඩක් හොඳ අදහස් ටිකක් කියලා තියෙන්නේ...
    දිගටම ලියන්න ශක්තිය, ධෛර්ය ලැබේවා... !!!

    ReplyDelete
  12. හැලප බ්ලොග් අඩවියේ වර්ෂපූර්ණයට හදවතින්ම සුබ පතනවා...

    ReplyDelete
  13. අවුරුද්දට සුභ පැතුම් හැලප....
    තවත් දීර්ග කාලයක් අප සමග ඔබගේ රස බර තොරතුරු බෙදාගැනීමට ලැබේවා කියා හදවතින්ම පතමි..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි,
      බොහෝ කාලයක් ඔබේ රසවත් කමෙන්ට් ලැබේයැයි පතමි.

      Delete
  14. මගෙනුත් ඔබට සුභ පැතුම්!!

    ReplyDelete
  15. Wish you all the best Halapee,...You have the maturity which lacks in lot of blog writers... These values come in a price... Keep up the good work all the beast

    ReplyDelete
    Replies
    1. thank you very much for the comment ano

      Delete
    2. අන්තිමට උඹට බැනල නේද මේ යහ ඇනෝ බොට.. බීස්ට් කියලා.. හැක් හැක්..

      Delete
    3. ඔව් බං ඒ ඌට මාව පේන විදියනේ, මොනව කොරන්නද

      Delete
    4. දේශකයෝ බොට පොකිරිස්සෙක්ගේ වගේ ඇස් දෙකක්ද තියෙන්නේ?

      Delete
  16. ඔයගෙ බ්ලොග් අකෙ ඔක්කොම පොස්ට් මම කියවල තියෙනව, මෙක මගෙ 2 කොමෙන්ට් එක. (බත්තල ගුන්ඩුව පොත ගෙන තමඉ මම මුලින් කොමෙන්ට් කලේ

    ඔබගෙ හම පොස්ට් එකකම මට ජිවිතෙ ගෙන උකහ ගන්න පුලුව්බාන් විඩිහෙ පඩමක් සගවිලා වෙල තිබුන.
    මම හිතන්නෙ ඔබ ක්ශෙත්‍ර ගනනවක රෙකිය කර තිබෙන කෙනෙක් (කියමනක් තියෙනව විවිඩ රෑකියා 5ක් කිරිම PHD එකක් හා සමනය් කියලා )

    අනික ඔබෙ වයස. (මෙ වයසෙ අය බ්ලොග් ලියනව අඩුයි )

    ඔබ අත්දෙකිම් වලින් පිරිපුන් කෙනෙක්. එවා අපිට ගොඩක් ප්‍රයොජනවත් වේවි. ඩිගටම ලියන්න. ඔබට ගොඩක් ඉස්ත්තියි. මගෙ උනුසුම් සුබ පෑතුම්.

    - Gkasun

    ReplyDelete
    Replies
    1. කසුන් ඔබටත් ගොඩක් ස්තූතියි

      Delete
  17. last not the least.
    the uniqueness of your blog is that you’re not try to build a personality that you don’t have, like most other bloggers try to do
    - g kasun

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැවතත් කසුන්

      Delete
    2. හැලපෙ,
      මං හැමදාම කියවන බ්ලොග් එකක්. සැරින් සැරේ ඇවිත් බලනවා අළුත් පෝස්ට් දාලද කියලත්. :)
      හැලපෙ, මේක ලියල තියෙන්නෙ ටිකක් හිතේ අමාරුවෙන් වගේ. ඔහොම තමා, මල් වගේම, ගල් පාරවලුත්, උපේක්ශාවෙන් ඉවසන්න පුරුදු වෙයන් හැලපයියේ.

      ඔබ කියා තියෙන්නාසේ, මේ කවුරුත් බ්ලොග් ලියන්නෙ තමන්ගෙ කාළය ශ්‍රමය වැයකරලා. අපිට එව්වා කියවන්න ලැබෙන්නෙ නිකං. ඒකට හුඟක් පිං.

      ඇත්තටම දෑං බ්ලොග් අවකාශෙ හුඟක් හොඳයි, පහු ගිය සංදියෙ නොවැ බලන්න තිබුනෙ? චරිත ඝාතන, මඩ පෝස්ට්, කුණුහරුප, මොනවද නොතිබුනෙ? බ්ලොග් කීපයක් වැස්සුවත් එක්ක. එව්ව කලේ කව්ද කියලා බොහෝ දෙනෙක් දන්නවා. ඇත්තෙන්ම , ඒකෙන් වෙච්ච සෙතේ මොකක්ද? අපට කියවන්න තිබිච්ච බ්ලොග් කීපයක් නැතිවෙච්ච එක විතරයි.


      මං හැමදාම කියවන බ්ලොග් එකක්. සැරින් සැරේ ඇවිත් බලනවා අළුත් පෝස්ට් දාලද කියලත්. :)
      හැලපෙ, මේක ලියල තියෙන්නෙ ටිකක් හිතේ අමාරුවෙන් වගේ. ඔහොම තමා, මල් වගේම, ගල් පාරවලුත්, උපේක්ශාවෙන් ඉවසන්න පුරුදු වෙයන් හැලපයියේ.

      ඔබ කියා තියෙන්නාසේ, මේ කවුරුත් බ්ලොග් ලියන්නෙ තමන්ගෙ කාළය ශ්‍රමය වැයකරලා. අපිට එව්වා කියවන්න ලැබෙන්නෙ නිකං. ඒකට හුඟක් පිං.

      ඇත්තටම දෑං බ්ලොග් අවකාශෙ හුඟක් හොඳයි, පහු ගිය සංදියෙ නොවැ බලන්න තිබුනෙ? චරිත ඝාතන, මඩ පෝස්ට්, කුණුහරුප, මොනවද නොතිබුනෙ? බ්ලොග් කීපයක් වැස්සුවත් එක්ක. එව්ව කලේ කව්ද කියලා බොහෝ දෙනෙක් දන්නවා. ඇත්තෙන්ම , ඒකෙන් වෙච්ච සෙතේ මොකක්ද? අපට කියවන්න තිබිච්ච බ්ලොග් කීපයක් නැතිවෙච්ච එක විතරයි.

      G Kasun,
      I only know Halape through this blog, Whether he is trying to build a personality that he don’t has, or not, I don't know. As a matter of fact, I don't care, What is important to me is, he gives us something worth to read. Let him write what he wants, as this is his cave,

      Delete
    3. ස්තූතියි ඇනෝ ඔබේ කමෙන්ටු දෙකම මා ඉතා අගය කරනවා,ඇත්තෙන්ම සිදුවුනේ කිසිම වැඩකට නැති දේවල්වලට මේ අය රණ්ඩු කිරීම ගැන ලිවීම පමණයි.මම ලියන ඕපාදූප කාලය වැයකර කියවන එකට ඔබලාට නැවතත් ස්තූතියි.

      Delete
  18. අවුරුද්දට සුබ පැතුම් ! හැලපෙ අයියෙ..
    සයිබර් අවකාශෙ වලි නම් ඉතින් මොනාද අප්පා..වැඩි කාලයක් දුවන්නෙ නෑ එව්වා..පැවැත්ම තාවකාලිකයි..එව්වා ගැන එච්චර නොහිතා ඕන් ඔහෙ ලියන්ඩ අයියා රහට !

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි වෙනී,එන විදියට ලියාගෙන යමු

      Delete
  19. මොකද්ද බං මේ කරදරේ?...සියට එකපාරක් සුබ පැතුව දැං අවුරුද්දයි කියල ආයම එකක්....විහිළුවට හොඳේ?..තද උනේ නෑනෙ නේද?

    හරි එහෙනං අවුරුද්දටත් සුබ පැතුම් ඔන්න!!!

    ReplyDelete
    Replies
    1. අනේ බං බලපංකො සීය ලියල අනිප්පැත්ත හැරෙන්න උනේ නෑ අවුරුද්දලු.
      සුබ පැතුමට ස්තූතියි

      Delete
  20. මට නම් මේ අවකාශය පුදුම සුන්දර ලෝකයක්.භය නැතිව කට ඇරලා කියන්න පුළුවන් 'මා වෙනස් කලේ ඔබයි' කියල.
    මම පුදුම සතුටක් විදිනවා.සින්දුවක් අහගෙන වෙනද වාහනේ යන ගමන් පාරේ යන කෑලි දිහා බලාගෙන ගියත්,දැන් බොගේ කොටපු කොමන්ට් මතක් කර කර හිනා වේවි යන්නෙ.
    මම ඔය ඇගිලි වලින් අකුරු කොරල සමහර අය සමග කොක්කක් දාගත්තත් හිතේ එක අකුරක්වත් නැහැ රැදිලා.
    මම නම් හිතන්නේ නැහැ මේ අවකාශයේ "සදාකාලික"තරහ කාරයෝ ඉන්නවා කියල.
    මට අර දරුවා බොග අටවල දුන්නට පස්සේ,සුදික මල්ලියා කට්ටියව අන්දලා ලියපු මල් මසුරන් ලිපියෙන්ම එක පේනවා.

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි කෙන්ජි,බ්ලොග් නිසා ඔබ සුන්දර ලෝකයකට යනවනං මටත් සතුටුයි.

      Delete
    2. කෙන්ජි.. සුදීක කියන්නෙ තවත් මුහුණ වගේම, හදවතත් "සුන්දර" මනුස්සයෙක්...පෞද්ගලික අත්දැකීම් තියෙන නිසයි දන්නේ..!

      Delete
    3. මෙතන කොටන්න මොනවත් හිතට එන්නේ නැති හැටි. සතුටු කඳුලක් විතරක් ආවා කියලා ලියන්නම්.

      Delete
  21. අවුරුද්දටයි සියවෙනි පෝස්ටුව පසු කලාටයි දෙකටම ඔන්න අපෙන් උණුසුම් සුභ පැතුම්!
    තවත් අවුරුදු ගනනාවක් තවත් පෝස්ට්ටු සිය දහස් ගනනක් ලිවීමට හැකිවේවා!

    අර මමත්වය ගැන කියපු ටික නම් මල් හතයි. :-)

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට ස්තූතියි ප්‍රියා

      Delete
  22. අවුරුද්දක් පිරීම නිමිත්තෙන් හැලපතුමාට මගෙනුත් උණුසුම් සුබ පැතුම්... ඉදිරි ගමනට ඔන්න මගෙනුත් මල් මිටක්....

    ඔබතුමාගේ දිරි ගැන්වීම් අලුත් අයට ලොකු අත්වැලක්.. ඒ හැම දේකටම හුඟක් ස්තූතියි..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි තුශානි,ඔබත් හැලප රස බලන්න හැමදාම එන කෙනෙක්නෙ

      Delete
  23. ඔබට මගෙන් සුබ පැතුම් ,, තව පෝස්ට් දහසක් ලියන්න ,,, ආදර්ශමත් වැඩිහිටියෙකු ලෙස හැමදාමත් අප සමග ඉන්න

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තූතියි ඔමා,හැකි තරං පෝස්ට් ලියන්නයි කල්පනාව

      Delete
  24. මම නම් හිට්ස් 50,000 විතරයි අනේ සැමරුවේ ... සල්ලි නැහැ උපන් දින පාර්ටිය දාන්න .. හෙමීට ශේප් එකේ මාරු වෙන්න හිතන් ඉන්නේ.. හිට්ස් ලක්ෂය වෙනකම් උන්නොත් දානවා පොඩි පාර්ටියක් ණයක් වෙලා හරි..

    අවුරුද්දට සුබ පැතුම් හැලප අය්යේ...!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහන්,ලක්ෂෙ දාට පාටියක් දාමු,ණයක් උනත් මොකද මේ දවස්වල ණය වෙලා දාන පාටි දිහා බැලුවම

      Delete
  25. හැලපෙට සුභපැතුම්. ඔබ වැනි පරිණත බ්ලොග්කරුවන් ඇත්තටම වටිනවා.

    ReplyDelete
  26. මං පරක්කුයිනේ බොලේ...

    Wish you all the best හැලපයියේ..... කියන්න තියෙන ටික කලින් පෝස්ට් එකේ කිව්වද කොහෙද...

    අනිත් සෙට් එකට,

    හෙඩිමක් නැති දුකට ඒකක් හදා දීම ඇරෙන්නට බ්‌ලොගේ රෝස පාට කිරීම සඳහා මගේ කිසිදු දායකත්වයක් නැති බව මෙයින් සහතික කරමි..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් හිරූ,ඔන්න බ්ලොගේ කහ පාට කළා

      Delete
    2. කෝ මගේ ටේබල් ෆෑන් එක ? දැන් මාස දෙකකටත් වැඩි අරන් ගිහින්..( ඇත්තම කිව්වොත් මමයි තියලා ආවේ )

      Delete
    3. ඒකට නං හෙන අපලයක් බං... මට ඒක හැමදාම අමතක වෙනවා... හිටු හිටු.... එවන්නං..

      Delete
    4. හිරුව ලස්සනට වැඩේ දීල...!ලස්සනයි පිලිවෙලයි.
      මටත් ඔයවගේ ලස්සන ඇදුමක් මහල දුන්න කෝ............අඳින්න බැරිඋනානෙ...!

      Delete
    5. මේකි බැනර් අදින්ඩ පුදුම ආසාවක් තියෙන්නේ , අර මගේ එකත් ඇදලා දුන්නේ මේකිම තමා , එය මලගෙවල්වල එව්වා එහෙම තියනවා නං මේකිටම දීහල්ලා ,

      Delete
  27. ඔක්කොටම ඉස්සෙල්ලා උඹට සුභ පැතුම්...මම මේ ලිපියේ අන්තර්ගතයට හරිම කැමතියි. බොහෝ අයට නැවත හිතන්න ඉඟි කරනවා.....පෞද්ගලිකව මම හැලපෙගේ නිහතමානිත්වය ඉතා ඉහලින් අගය කරනවා. එය ඔබේ වචන වල අකුරු වල මට දැනෙනවා......

    මේ බ්ලොග් එකේ තිබිච්ච රෝස රෝස රෝස ගතිය අද අඩුවෙලා.....මම කියන්නේ රෝස තොල් ගතිය තවත් අඩුවෙන්න ඕන කියලයි. මචෝ අදහසක් පමනයි

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි මචං,ඔන්න රෝස රෝස නැතිකළා දැන් හොඳද බලන්න.

      Delete
    2. දැන් නම් මචං සුපර්බ්....නියම පාටක් මටනම්....අර පැංචි ගතිය ගිහිල්ලා

      Delete
  28. සුභ පැතුම්! තවත් අවුරුද්දක් සාමයෙන් සතුටින් බ්ලොග් ලියන්න ලැබේවා!
    වලි නැති බ්ලොග හරියට කැන්ද කොලේ ඔතල නැති හැලප වගේ :-)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කැන්ඩියන්,ඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනව

      Delete
  29. ලග ලග උත්සව දෙකක් ඔට්ටු නෑ අප්පා...... ඔයාට පොඩ්ඩට කේන්ති යනවද හැලපයියේ ...... මට නිකන් එහෙම හිතුනා.... ඉතින් මම ගොඩක් වෙලාවට බැලුවම පොඩ්ඩක් තදවෙන ජාතියේ කොමෙන්ට් තමයි දාන්නේ ඔය හොදවයි දෙකක් මට කියයි කියලා හිතාගෙන ...... බලමු අව්රුද්දක් පිරෙන අදවත් එහෙම වෙයිද කියලා

    ReplyDelete
    Replies
    1. මොකටද තදවෙන්නේ රාළේ,එක ළඟ ආවෙ මගේ වැරද්දකින් නෙවෙයිනෙ බං.

      Delete
  30. වැඩි වැඩියෙන් හැලප හැදේවා.. කැන්ද කොල හිඟයක් කිසිදා නො ඒවා.. කැන්ද වනාන්තරයක් ලැබිලා හැලප කන්දක් නිමා කර අපට කවන්නට වාසනාව ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අමතක නොකර හැලප කන්නට එන්න ලැබේවා

      Delete
  31. මොකද හැලප මේ දැන් හරිම ලස්සනයි.
    ඉස්සෙල්ල මම කියන්න හදලත් මොකුත් කිව්වෙ නැහැ කළුවර ගතිය වැඩි නිසා..
    දැන් නම් හරිම කල එළියයි...
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. උඹට හදලා එව්ව එකවත් තාම දාගත්තෙ නෑ නේද ?

      Delete
    2. ස්තූතියි කෙන්ජි,සිරාගෙන් තවත් මොකුත් අහගන්නෙ නැතුව රෙද්ද ඇඳගනින්

      Delete
  32. පළමු බ්ලොග්වසරියට අක්මාවෙන්ම සුභ පතමි. හිත හොද බ්ලොග් කරුවන් අතර පෙරමුණේ සිටින හැලපයියාගෙන් අමුතුම ආරයේ කථා පෙළක් ඉදිරියට බලාපොරොත්තු වෙමි. සෑම කමෙන්ටුවකටම හැරෙන තැපෑලෙන් පිළිතුරු ලබාදීමේ පිළිවෙත මම ඉතා අගය කරමි...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. සිරා පුතා,හිත හොඳ බ්ලොග්කරුවන් අතර පෙරමුණේම සිටින කෙනෙක් නම් ඔබයි.මම ලියන්න ගත්ත මුල් අවදියෙ කිසිම කුහකකමකින් තොරව අතදුන්නා මට හොඳට මතකයි.ඒ ඔබට ලැබෙන කිසිම ප්‍රතිලාභයකින් තොරව හුදෙක් අලුත් බ්ලොග් කරුවෙක් හඳුන්වා දීමට පමණයි.ඔබ,අටම්,මාතලන් ත්‍රීමූර්තිය සේ මා පසුපසින් සිටියා,ඒ කල සියලුදෙයට මගේ හද පත්ලෙන් නැගෙන කෘතඥතාව මෙලෙස පිළිගන්න.
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි.

      Delete
    2. කල කී දෑ තවමත් මතකයි හැලපයියෙ...ඔබේ නිහතමානී කම ඔබටම ආභරණයක්...මේ මාවතේ අපි තවත් කාලයක් බ්ලොග් ලියමු...මේ බැදීම තව තවත් ශක්තිමත් වෙන්නට පතමි.

      Delete
  33. ඔබ වැනි කෘතහස්ත, අත්දැකීම් බහුල වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම "මනුස්සයෙක්" බොලොග් අවකාශයේ සිටීම සැබැවින්ම භාගයකි.

    සුබපැතුම්..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇල්බන් ඔබගෙ ප්‍රාර්ථනාවට.

      Delete
  34. සුබ පැතුම් අය්යෙ....ජයවේවා..! තව ඉස්සරහට යං..!

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට මුළු හදින්ම ස්තූතියි,වීයො ඇවිත් මොනවහරි කියල පලයන් බං,උඹල ඉස්සර මොන තරං උනන්දුවෙන් කමෙන්ට් කළාද,දැන් ඉන්නවද නැද්ද හොයන්න නෑ

      Delete
  35. ශැහ්..... මේක 100 වෙනි පොස්ට් එකත් කරන්න තිබ්බේ..... එහෙනම් මරේ මරු

    ReplyDelete
    Replies
    1. මුලදී මම හිතාගෙන හිටියෙ එහෙම තමයි උකුස්සෝ,නමුත් එහෙම කලානං බ්ලොග් පෝස්ට් දෙකක් අතර විශාල පරතරයක් ඇතිවන බව පෙනුනා,ඒ නිසා 100වෙනි පෝස්ටුව කලින්ම දැම්මා.

      Delete
  36. බ්ලොග් ලෝකේ මොඩ්ල් එකක් වෙච්ච අපෙ හැලප අයියට අපෙමෙවුව එකෙන්ම සුබ පතනව හරිය

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි දමිත්,මමත් දැනගෙන හිටියෙ නෑ මම මොඩ්ල් එකක් කියල ඔබ කියනතුරු.

      Delete
  37. හරි ඉක්මනට ඇඳුම් මාරු කරලා නොවැ.. :)

    ReplyDelete
    Replies
    1. එහෙනං... මොනවටද ආයෙ බල බලා ඉන්නෙ

      Delete
  38. warsha purnayata hada wathinma suba pathnwa halape aiyee.A wagema kalakata pera obe thanata para kiyuu 'Atam ayyatath' isthuthi karanawa.jaya wewa sahurdayanani.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට බොහොම ස්තූතියි තාරක

      Delete
  39. මගෙනුත් උණුසුම් සුභපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයිලාස්,කලින් නං නිතරම ආවා දැන් එන්නෙම නැත්තෙ ඇයි.

      Delete
    2. මාස දෙකකින් බ්ලොගට ගොඩවුනේ අද බන්.

      Delete
  40. හෘදයාංගම සුබ පැතුම් හැලපේ.

    උඹ විශේෂයෙන්ම ආදර්ශමත් කතා නොලිව්වත්, ඊසොප්ගේ උපමා කතා හරි බණ කතාවක් වගේ හරි අන්තිමට මෙන්න මේකයි මෝරල් එක කියලා යටින් ඉරි ඇඳලා හරි තද කලු අකුරින් ලියලා හරි පෙන්නන්න දෙයක් හරියටම කියන්න නැති වුනත්, බීම ගැන ලියන හන්දම උඹට බ්ලොග් එකේ ජංගිය මහලා දුන් හිරූ ඇතුලු අනිත් කාන්තා පාර්ෂව වලින් අනේක විධ අතවරවලට හිංසනයට ලක් වුනත් පරිභවයට ලක් වුනත්, වයසට නොගැලපෙන වැරදි ආදර්ශ දෙන, ඒවා සමාජගත කරන බ්ලොග් පෝස්ට් ලිවිල්ලටත්, පඳුරු තැලිල්ලටත්, කතාව කෑලි වලට කැඩිල්ලටත් ඇදිල්ලටත්, වැනි චෝදනා රාසියකට ඇනෝලගෙන් අනන්ත බැනුම් ඇහුවත්, උඹේ යාං හෑලි, වැල් වටාරම්, අගක් මුල නැති නන්දෙඩවිලි, සම්ප්‍රප්ප්‍රලාප කියවන්න මම හරිම ආසයි බං.

    මේක බොක්කෙන්ම ලියපු එකක් කියලා උඹට තේරෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මචං,උඹ මං ලියන දේ ආසාවෙන් කියවන බවත් දන්නව,නොවරදවාම එන බවත් දන්නව කමෙන්ට් කරන බවත් දන්නව.ආයෙමත් ස්තූතියි

      Delete
  41. පොස්ට් සියයට වගේම වර්ෂපූර්ණයටත් මගෙත් හද පිරි සුභපැතුම් හැලපයියේ.

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි මනෝජ්,ඔබ පහුගිය කාලෙ ආවෙ නැති නිසා මම බැලුවත් එක්ක

      Delete
  42. මදැයි මම 101 වෙනියට කමෙන්ට් එකක් දාන්න ආවා. එකත් හැලපෙම කාලා.

    //අනිත් අයගේ බ්ලොග් රෝල්වල අපේ බ්ලොගය තියෙනව දකින්න අපි හරි ප්‍රියයි, තිබුනෙ නැත්නං පුංචි කණගාටුවක් ඇතිවෙනව...//

    අනේ මගේ බ්ලොග් රෝලෙත් මේක අප්ඩේට් වෙන්නේ නෑ. ඒ නිසා බොහෝ ලිපි මට මග අරුණා. ඒත් හැල්පේත් එක්ක මම ඉන්නවා ලගින්ම.

    අවුරුද්දට වගේම ලිපි සීයටත් හදපිරි සුභාශිංසන පුද කරනවා !!!

    ඉදිරියේදී සිය ගණනින් පොස්ට් ලියන්න ශක්තිය දෛර්ය ලැබෙන්න කියලා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදීක,මම දන්නෙ නැහැනෙ ඔබ 101 වෙනියට එන්න හිටිය කියල බ්ලොග් රෝලේ ප්‍රශ්නය විසඳගන්න බලන්න.

      Delete
  43. අම්මටෂිරි...අවුරුද්දකුත් උනාද? සිරාවටම???

    නිකන් ඊයෙ පෙරේදා වගේ...!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජෝ,තෙරුනේවත් නෑ අවුරුද්දක් ගියානෙ.

      Delete
  44. සුබ පැතුම්!හැලපේ මාමේ

    ReplyDelete
    Replies
    1. පැමිණීම ගැනත් සුබ පැතුම ගැනත් ශානුට ගොඩක් ස්තූතියි.

      Delete
  45. බොලේ ඔය කිව්වම බැලුවේ මීට සති දෙහෙකට කලින් මගෙත් බ්ලොගේ අවුරුද්ද පිරිලා....කොහොමවුනත් මේ බ්ලොග් වලි නිසා මාත් මාස දෙකක් විතර බ්ලොග් එක අතැරලා දාලා හිටියේ.ඒක නිසා වටේ එක්කහු වෙලා හිටි පිරිස ගොඩක් ඈත වුනා.දැන් තමයි ආයෙත් ටික ටික එබිකං කොරන්නේ...එනිවේ...

    සුබම සුබ පැතුම් ...ලිපි ටිකක්නම් මට මග අරුනා.හිමින් සැරේ කියවන්නම්

    ReplyDelete
    Replies
    1. සුබ පැතුමට ස්තූතියි හසරැල්,බ්ලොග් වලි එච්චර ගණන් ගන්න දේවල් නෙවෙයිනෙ ගෙදර දෙන්නගෙ අඬ දබර වගේනෙ.

      Delete
  46. වේගයෙන් බ්ලොග් එක ලියාගන ලියාගන යන එකටනං මං මනාපයි අයියේ . හැබැයි වේගයෙන් කම්මුල් ඉදිම්මුවා ගන්ඩ නං එපා .

    තව අවුරුදු විස්සක්වත් අපිට මේක කියවන්ඩ ඕන

    ReplyDelete
    Replies
    1. පුළුවන් තරං කල් ලියන්නං,මේ ඉතිං මගෙ සාමාන්‍ය වේගයනේ.

      Delete
  47. මම බ්ලොග් කියවන්න පටන් අරගෙන දැන් මාසයකට වැඩි.අටම්පහුර තමයි මම පලමු වරට දැක්කේ.ඒ හරහා මම ගොඩක් බ්ලොග් වලට යොමුඋනා. මම ගොඩක්ම ආස උනේ මගේම භාෂාවෙන් කියවලා රසවිදින්න හිනාවෙන්න පුලුවන් නිසා. මට මේ රටේ සිංහල කාතාකරන්න අවස්ථාවක් නැහැ. ඒ මා සේවය කරන ස්ථානයෙත් අහලපහලත් සිංහලයෙකු මුනනොගැසුනු නිසාය.මේ බ්ලොග් කියවීම තුලින් මා සිතන්නේ ඔබලා මා සමග කතා කරන බවයි.
    සෑම පෝස්ට්ටුවක් අවසානයේ මිතුරන් විසින් දමන කොමෙන්ට් කියවා මා සිනාසුසෙමි. මේ බ්ලොග් ලෝකය මට මගේ පාසල සේ හැගේ. ඉගෙන ගැන්මට බොහෝදේත්, සිනාසීමට කාරනාත් ,මිතුරැ මිතුරියොත් සහ තවත් බොහෝදේ.
    මා ප්‍රියකරන එක් බ්ලොග් රචකයෙකු වූ හැලපයියාගේ බ්ලොගයට වසරක් පිරීම ගැන මා සතුටුවන අතර ඔබට තවතවත් හොදින් ලිවීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.

    ReplyDelete
    Replies
    1. සුබපැතුමට සතූතියි ප්‍රසන්න,අප නිසා ඔබ වැනි අය සතුටක් ලබනවානම් අපේ සතුටද එයමයි.

      Delete
  48. ඔබේ blog එකට වසරක පිරිම ගැන මෙන්ම ඔබ බොහෝ ලිපි ලිවිම ගැනද ම මගේ සුභ පැතුම් පිරිනමනවා. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබටත් මගේ ස්තූතිය පිරිනමනවා,හැකි හැම විටකම ලියන්නයි අදහස.

      Delete
  49. සුභපැතුම් හැලපෙ. උඹ අරූ වගේ අය බ්ලොග් අවකාශය ඇතුලෙ තිබුන එක විදියක හිස්තැනක් නැතිකලේ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රාජ්,බ්ලොග් අවකාශයෙ අපටත් පිළිගැනීමක් ලැබුන එක ගැනත් සතුටුයි.

      Delete
  50. අයියෝ මම පරක්කු වෙලා නෙව...
    සමාවෙන්ට ඕනා

    මමත් සුභ පතනවා හැලප තුමාට බ්ලොග් ලොව තව දිගු ගමනක් යන්නට ලැබේවා..! කියලා..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි රෙහානි,මම ඒත් බැලුව ප්‍රමාද මොකද කියල

      Delete
  51. This comment has been removed by the author.

    ReplyDelete
  52. මගේ උණුසුම් සුබ පැතුම්... :)
    ඉදිරියටත් උසස් ලෙස ලියන්නට ශක්තිය ධෛර්ය ලැබේවා...
    එත් ස්වීඩන් රටට නම් ඔය කියන නොවැම්බර් 11 වෙනිදට නිවාඩුවක් තිබුනේ නැනේ :(

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නාලි,
      ස්වීඩන් ස්කැන්ඩිනේවියන් රටක් නොවැ යුද්දෙට ගියෙත් නැද්ද කොහෙද නිවාඩු නැත්තෙ ඒකයි.

      Delete
  53. තාම අවුරුද්ද උනාට ලොකු ළමයෙක් වගේ ඇවිදිනවනේ . කතා ලියනවනේ.
    ඔන්න මගෙනුත් උණුසුම් සුබ පෑතුම් . තව තවත් සරුසාර කතා ලියන්නට විවේකය හා ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. එහෙනං,ඇයි ලොකු ළමයි කරන නරක වැඩ ඔක්කොමත් කරනවනෙ.
      සුබ පැතුමට ගොඩක් ස්තූතියි තිලකේ

      Delete

ඔබේ අදහස්